පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, March 7, 2012

කතුවරයාගේ කෘති සත් වැන්න

ඉතිහාසය -----------                      සිංහල ජාතිය රැකුමට සිංහල රජ සිරිත

මුල් පළ කෙරුම -----                     1999 නොවැම්බර්

උපුටනය ------------                     1/ සිංහල රජ වංශයේ මූලාරම්භය
                                                      2/ සිංහල රාජ වංශයේ පැතිරියාව
                                                      3/සිංහල රාජ වංශයේ බිඳ වැටීම
                                                      4/සිංහල ජාතිය රැකුමට සිංහලරජ සිරිත

                                                      සිංහල ක්ෂත්‍රිය මන්ඩල වරිග සභාවේ පංච තන්ත්‍රය
                                                     * ආර්යයන්ගේ පැවැත්මේ සම්ප්‍රදායේ චාරිත්‍ර වාරිත්‍ර දිරියට පවත්වා ගෙන යාමට ක්ෂත්‍රියන්ගේ මෙතෙක් පැවත් ආ රාජකීයන් තුලින් වූ විවාහයන් ඉදිරියට පවත්වමින් ඒ අනුව පැවති උරුමය මත  වූ තනතුරු අදාල ක්ෂත්‍රීය පරපුරු වෙත පිරි නැමීම.
*එම තනතුරු හෙබවීමේ  චාරිත්‍ර වලදී ශිව විෂ්ණූ මහා බ්‍රහ්ම පැරණි දේව සම්ප්‍රදාය අභිබවා සිංහල ථෙරවාදී බෞද්ධ දර්ශණය නිර්මලව  ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දිය යුත්තේ මතු බුදු වීමට පාරමී ධර්ම සපුරන අවලොකිතේෂ්වර නාථ දෙවිඳුන් ඉදිරියේ දී සහ රාජකීයන් හා වන්නි වරු ඇතුලු රට කෝරලේ රදළ වරු ඉදිරිපිටදීය.
** වත්මන් ජනසම්මත වාදය(DEMOCRACY) සහ මෙකී රාජ වංශික පාලනය අතර සහජීවනයක් ඇති කිරීමේ පරමාර්ථ සාධනය සඳහා  උපයෝගී කර ගන්නා දර්ශණය කුමක් ද.
** වත්මන් පාලකයින් ගේ නිර්මාතෘ වරුන් වන චන්ද දායකයින්ට ජන සම්මත වාදී සංකල්පයන් ගැන අධ්‍යාපනයක් නොදෙන්නේ නම් එම ව්‍යුහය පරිහරණය කිරීමට ශක්තියක් නැති බව ඡන්ද දායකයිනටම හැඟී යන බව නූතන සත්‍යයයි. මේ නිසා අද සර්ව ජන චන්දය රටට ශාපයක් වී ඇත්තේය. දහකින් කෙනෙකු පාලකයෙකු වන්නේ ජන සම්මත විනාශ කර දමමිනි. නමුත් සූර්ය වංශික කුමාරයෙකුට හිස නැමීමේ සම්ප්‍රදාය නැවත බිහි කලහොත් ජන සම්මත වාදයට ද නව වටිනාකමක් හිමි කල හැකිය.


No comments:

Post a Comment