උතුරේ කොටි ත‍්‍රස්තවාදීන් ගේ සහ දෙමළ ජන නායකයින් ගේ ප‍්‍රධාන ඉල්ලීමක් වන බලය බෙදීම හෙවත් ස්වයං පාලනය සඳහා අවශ්‍ය නීතිමය රාමුව ලංකාව කෙරෙහි බලහත්කාරයෙන් පටවන ලද්දකි.ඉන්දු ලංකා ගිවිසුම හරහා ද පසුව කොටි සමග ඇති කර ගත් එකඟතාවය පදනම් කොට ගෙන ද සාමය සඳහා බලය බෙදීම නම් වූ විසඳුම් පෙන්වා දෙන ලද්දේය. නමුත් කොටි දිගින් දිගටම ජන ඝාතක ක‍්‍රියා වල යෙදීම නිසා ද දකුණේ ජන ජීවිතය අඩාල වීම නිසාද කොටි පරජය කරලීමේ සටනකට යාමට රජයට සිදු විය. මේ තීරණය ගැනීමට ප‍්‍රථම අවසාන මොහොතේ පවා රජය උත්සාහ කළේ මාවිල් ආරු සොරොව්ව සාකච්ඡා මගින් විවර කර ගනිමින් බලය බෙදා හැරීමේ තීරණයකට අවතීර්ණ වීමටය. නමුත් ජාතික බල වේගයන්හි ඉදිරිපත් වීම මත කොටින්ට එදිරිව යුද්ධයකට යා නොහැකි තත්වයක් රජයට ඇති විය. ත‍්‍රිවිධ හමුදා නිළධාරීන්ගේ උපදෙස්ද ඊට බලපෑවේය.
ත‍්‍රස්තවාදයට එරෙහි සටන හමුදාව විසින් ජයග‍්‍රහණය කරන ලද්දේ වෙනත් කිසිම රටකට නොමැති ජන ප‍්‍රසාදයක් සහ බලයක් ඇති කරවමිනි. එහෙත් බලය පිළිබඳව නිවරදි තක්සේරුවක් රජයට තිබූ බවක් නොපෙණුනි. රජය සමග එකතු වූ ජාතික බලවේගයන්හි එකම ඉල්ලීම වූයේ ඒකීය රාජ්‍යය රැක ගැනීමට කටයුතු කරන ලෙසය. බලය යොදා ගත යුත්තේ ඒ සඳහාය. නමුත් බලය යොදා ගත්තේ විරුද්ධ වාදීන් මර්දනය කිරීම පිණිස පමණි.
උතුර හා නැගෙනහිර ප‍්‍රදේශ සැලකිය යුත්තේ ඒකීය රාජ්‍යයක කොටසක් ලෙසටය. නමුත් එම පළාත් වල පරිපාලනය ක්‍රියාත්මක වනුයේ දකුණට වඩා හාත්පසින් වෙනස් ආකාරයටයි. එහි ප‍්‍රධාන භාෂාව දෙමල වන අතර රජයේ ත්‍රෛයි භාෂා සංකල්පය එහිදී කිසිසේත්ම පණ ගන්වා නැත. රජයේ නාම පුවරු වලදී පමණක් භාෂා තුනෙන්ම දැන්වීම් සටහන් වන නමුදු සිංහල භාෂාවට ඇත්තේ දෙවනි තැනයි. 1981 ජන සංගණනයේ දී යාපනයේ සිංහලයින් 4615 ක් ද මන්නාරමේ 8710 ක් ද මඩ කලපුවේ 10646 ක් ද ත‍්‍රිකුණාමලයේ 86341 ක් ද විය. 1953 වසරේ දී යාපනයේ 4724 ක් ද මඩකලපුවේ 17751 ක් ද සිටි බව මතක් කළ යුතුය.යාපනය හා කිලිනොච්චියේ වත්මන් සිංහල ජතගහනය 844 ක් බව සංගණනයෙන් තහවුරු වී ඇත.අතීත සිංහලයින් පරිහරණය කළ ඉඩම් ද රාශියක් තිබුණි. එහෙත් උතුරේ දේශපාලකයින් සහ රජයේ නිළධාරීන් මේ පිරිසට නැවත පදිංචි වීමට ඉඩ පහසුකම් සලසන්නේ නැත. තේසවලාමේ නීතිය තවමත් ක‍්‍රියාත්මකය. දකුණෙන් විශාල වන්දනා කරුවන් රැසක් දිනපතාම මේ ප‍්‍රදේශ වලට යනෙන අතර ඔවුන් හට විශ‍්‍රාම ශාල පහසුකම් සැලසීමට හෝ රජය මෙතෙක් පියවර ගෙන නොමැත. අතීතයේ දී නම් බෞද්ධ සැදැහැවතුන් ගේ නොමසුරු සහයෝගයෙන් මෙවැනි දේ සිදු විය.
මෙහිදී යාපනයේ පිහිටුවා තිබෙන ඉන්දීය කොන්සල් කාර්යාලය නිරන්තරයෙන් හරහට සිටී. උතුරේ සිංහලයින් මැදිහත්ව සිදු වන ඕනෑම ක‍්‍රියාවලියක් නැවැත්වීමට මේ පිරිසට හැකිය. ඇතැමි විට හමුදාව අතින් සහ පොලීසිය අතින් කෙරෙන පරිපාලනය නැවැත්වීමට ද මේ අය පෙළඹේ උතුරේ දූපතක පිහිටා තිබූ නාවික හමුදා කඳවුරක් මේ ළඟකදී ඉවත් කරන ලද්දේ එක දිනක් ඇතුලතය. මෙය අවාසනාවන්ත තත්වයකි. ලංකාවේ දෙමළ ජනතාව අතරින් බහුතරයක් ජීවත් වන්නේ උතුර සහ නැගෙනහිර පළාත් වලය. මේ ප‍්‍රදේශය පූර්ව ඓතිහාසික යුගයේ දී කෙවෙතස්ථ පදියම ලෙසට ද ඉන්පසු නාග ද්වීපය ලෙසට ද ව්‍යවහාරයේ තිබුණි. මහාචාර්ය රාජ් සෝමදේව විසින් නිවරදි ලෙස කියවන ලද ආනකෝට්ටේ ලෝහ මුද්‍රාවෙන් මෙම පළමු ව්‍යවහාරය තහවුරු වෙයි.( 2005 ජූනි 05 ඉරිදා දිවයින) දෙවැන්න වල්ලිපුරම් රන්පත් ඉරුවේ තිබෙන නකදිව යන්නෙන් හෙළි වෙයි. ක‍්‍රි.පූ. අටවන සියවසේ සිට විජයා ගමනය දක්වා කාලය තුලදී මේ ප‍්‍රදේශ සමස්ත සිංහල රාජධානියේ කොටසක් බවට පත් විය. ඒ තත්වය තුල යක්ෂ ගෝත‍්‍රිකයින් මෙන්ම නාග ගෝත‍්‍රිකයින් ද සිංහල ජාතියට එකතු වූහ. කාලිංග මාඝ චන්ද්‍ර බානු ආක‍්‍රමණ සහ දොලොස් වන ශත වර්ෂයෙන් පසු උතුරේ ඇති වූ විදේශ ආර්ය පාලනය නිසා එහි සිටි සිංහල ජනතාව ක‍්‍රමයෙන් දකුණට සංක‍්‍රමණය විය. එහි රැඳී සිටි පිරිස ද කලක් යන විට විදේශිකයින් ගේ අත වැසියන් බවට පත් වූහ. දෙමළ බස එහි වානිජ ව්‍යවහාරය වූ බැවින් සිංහල අය තුලින් ද සිංහල භාවිතය තුරන් ව ගියේය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ගේ ආගමනයෙන් පසුව උතුර යටත් වී එහි සිටි සියළු ජන කොටස් දෙමළ ගණයේ ලා සලකන්නට පෙළඹුණි. ඒ අතර දුම් කළ වගාවට ද වී වගාවට ද මලබාරයෙන් ගෙනා ලන්දේසි කොම්පඤ්ඤයේ වහලුන් පිරිස නිසා ( ලංකාවේ ලන්දේසි බලය-අරසරත්නම් ) දෙමළ මලබාර් ජනගහනය වර්ධනය විය. ඉංග‍්‍රීසීන් විසින් දෙමළ ජන ගහන අනුපාතය සිය ලේඛන වල ඇතුලත් කර තිබෙන්නේ දිවයිනේ අනෙක් පළාත් වල තිබූ පොදු ව්‍යවහාරය නොසලකා හරිමිනි. පෙර ලංකාව ඒකීය රටක් ව පැවතුණ බව ද විදේශීය ආක‍්‍රමණ නිසා එම ඒකීය බාවය බිඳී ගිය බව ද වූ යථාර්ථය ඉතිහාසයට පමණක් සීමා විය. පෙර ලංකාවට පැමිණි දෙමළ යවන ජාවක විදෙස් ජනයින් ගෙන් ඇතැමෙක් මෙහි පදිංචිව සිංහල සංස්කෘතියට එකතුව කටයුතු කළ ආකාරය ඉතිහාසයෙන් අපට දත හැකිය. එම ස්භාවික සූත‍්‍රය යුරෝපීය පාලන සමයෙන් පසු ක‍්‍රියාත්මක නොවීම ද්‍රවිඩකරණයට මූලික හේතුවයි.
මෙලෙස ද්‍රවිඩකරණයට පත් ප‍්‍රදේශ තමන්ගේ ප‍්‍රාන්තයක් ලෙසට සැලකීම ඉන්දියාවේ වත්මන් වුවමනාවයි. මේ ප‍්‍රදේශ දෙමළ අයගේ පමණක් නිජ භුමි නොවන බවට රට තුල කතිකාවතක් ගොඩ නැගී තිබුණද එය ජාත්‍යන්තරව සංනිවේදනය කරලීමට රජය අසමත් වී ඇත. එයට හේතුව බහුතරයක් දේශපාලකයින් සහ නිළධාරීන් දෙමළ පාළාත් නම් ව්‍යුහය පිළිගන්නා බැවිනි. ඊට අමතරව මේ රටේ නිළධාරි තන්ත‍්‍රය විදේශ වලින් නිරන්තරයෙන් පඩි කෑම අනෙක් හේතුවයි. ලෝක බංකුව වේවා ආසියානු සංවර්ධන බැංකුව වේවා ඒ ආයතන තුල වැජඹෙන ලාංකීය නිළධාරීන් කටයුතු කරන්නේ රටට හිතවත් ආකාරයට නොවේ. දැන් කලක පටන් ඉන්දීය ගැති නිළධාරීන් පිරිසක් ද ඉන්දීය වුවමනාවන් ඉටුකර දීමට සැදී පැහැදී සිටිති. සීපා ගිවිසුම හා ඉන් පසු පස පැමිණි වෙළෙඳ ගිවිසුම් සකස් කර ඉන්දියාවට වාසි දායක ලෙසට සියල්ල පිළිවෙල කර දීමට මේ පිරිසට හැකියාව හා බලය හිමි කර දී තිබේ. එසේම වමේ දේශපාලකයින්ද ජවිපෙ කැරලි කණ්ඩායම් ද අඩු වැඩි වශයෙන් ඉන්දියාවෙන් යැපෙන්නන් වෙති. ඉන්දීය රහස් ඔත්තු සේවා විසින් මේවා සූක්ෂම ලෙසට කළමණාකරණයට ලක්කරති.
පළාත් සභා වලට ඉඩම් හා පොලිස් බලතල ලබා දීමෙන් ස්වයං පාලනයකට දොර විවර වන බවද අනතුරුව ඉන්දීය ගැති වෙනමම පළාතක් හෝ ප‍්‍රාන්තයක් ලෙසට එය පාලනය කළ හැකි බවට තක්සේරුවක් තිබේ. හිටපු ඉන්දීය අගමැති වරයෙකු වන නේරු ගේ පවා එවැනි අදහසක් පිහිටා තිබුණි. දැනටමත් ලංකාවේ අනෙකුත් පළාත්සභා තුල ක‍්‍රියාත්මක වන බලය ඉක්මවා යන ක‍්‍රියාකාරකම් කවුරුත් හොඳින් දනිති. ඒවායේ පළාත් මහ ඇමතිවරුන් ගේ අත්තනෝමතික පාලනයන් සහ රාජ්‍ය දේපළ අනිසි පරිහරණයන් රටකට ඔරොත්තු නොදෙන තරම්ය. ඊනියා දෙමළ පළාත් වල මේවා ක‍්‍රියාත්මක වන්නට පටන් ගත් විට තත්වය තවත් දරුණු වෙනවා නිසැකය. වෙසෙසින්ම පොලිස් බලතල මත පළාත් ත‍්‍රස්තවාදයක් ඉන්දීය ආශිර්වාදයෙන්ම ඇති වනවා නිසැකය.
මේ සමගම උතුරේ ක‍්‍රියාත්මක නව ක‍්‍රිසතියානිකරණය ගැන ද කිව යුතුය. පැරණි පුරාවිද්‍යා ස්ථානයන් ආශි‍්‍රතව විහාරස්ථාන ඇති කිරීමට සිංහලයින්ට ඉඩ නොදෙන අතර ඇමෙරිකන් ගැති දේව සභාවලට ඒ සඳහා ඕනෑ තරම් ඉඩ කඩ විවරව ඇත. දැනටමත් කුරුස ගසා ඉඩම් ද වෙන්කර ගෙන ඇත. ඒ 9 මාර්ගයේ මාන් කුලම් වල සිට පල්ලි විසි පහක් පමණ දක්නට ලැබෙන බව කිව යුතුය. බලය බෙදා ගැනීමේ වුවමනාව සහ යටි අරමුණු මෙයින් හොඳ හැටි පිළිබිඹු වේ.ජිනීවා උගුල ඇටවීහ පිණිස පල්ලියේ පූජක තුමන්ලා දරන ලද දායකත්වය මෑතකදී හොඳින්ම පෙන්නුම් විය. රජය මේ පුදගලයින්ට අවනත් වී සිටී.
රජය හා ජාතික බල වේග එක මතයකට පැමිණියේ ඒකීය රාජ්‍යයක් ඇති කරලීමේ පොරොන්දුව මතය. යුද්ධයට නායකත්වය ලබා දී වත්මන් ජනාධිපතිවරයා එය ඉටුකර ඇත. දැන් ඇත්තේ එම ඒකීය ජාතික රාජ්‍යය තුල සියලු ජන වර්ග අතර එක්සත් බාවය ඇති කරලීමයි. එහිදී මේ රටේ භුමි පුත‍්‍රයින් වන සිංහලයින් වෙනුවෙන් කළ යුතු යුතුකම් රාශියක් රජයට ඉතිරි වී තිබේ. වෙසෙසින්ම බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශේෂි යුතුකම් කොටසක් ඉටුකළ යුතුව ඇත. තමන්ගේ රට තුල සාමයෙන් විසීමටද දේශිය සංස්කෘතිය හා බද්ධ වීමටද අනෙකුත් ජන වර්ගයන්ට අවස්ථාව සලසා දිය යුතුය. එහිදී ඔවුන්ගේ ඉන්දීය ගැති මානසිකත්වය ඉවත් කිරීමටද කටයුතු කිරීම සඳහා ද වැඩ පිළිවෙලක් තිබිය යුතු යයි සිතමි. එසේ නොවුණහොත් එක් පැත්තකින් උතුරේ දෙමළ නායකයින් ගේ උසි ගැන්වීම මත දෙමළ ජනතාව නැවතත් රජයට එරෙහිව ඉදිරියට පැමිණීම නොවැලැක්විය හැකිය. එසේම ජාතික බල වේග රජයෙන් ඈත් වී කලකින් උදා වූ ස්වර්ණමය අවස්ථාව විනාශ වී යනු නියතය.
2012 -03-11 දිවමිණ
2012 -03-11 දිවමිණ
No comments:
Post a Comment