පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, November 23, 2022

ජල බහිරවයින්ගේ ජල හිමිකම් පනත යලිත් කරළියට ජල සම්පත මහා වැව් ඉඳි කොට දී කුඩා වැව් ද පෝෂණය කතක කර ලීමට ඉඩ පහසුකම් සැලසූ අතර ජනතාව එම උරුමයන් තමන් ගේ පණ සේ ආරක්ෂා කළහ. වැව් නඩත්තු කරලීමට ගමේ පැවති එකමුතුවද වැව් ගැන දත් දැනුමැත්තන්ගේ අත්දැකුම්ද ඉතා වැදගත් විය. බ්රිමතාන්යව පාලකයන් විසින් මෙම වැව් කඩා බිඳ දැමීමත් රාජකාරිය තහනම් කිරීම නිසා ඇතිවූ සෝදා පාලුව නිසාත් වැව් වල පාලනය මුලුමනින්ම බිඳ වැටුණි. එහි ප්ර්තිඵලය වූයේ මහා ජල ගැලුම් වලින් වැව් කැඩී බිඳී විනාශව යෑමයි.වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ බ්රිඵතාන්යමයයන් විසින් කරන ලද ඒ වැරැද්ද නිවරදි කිරීමටයි. නමුත් වැව් ගැන වැවේ සොරෙව්ව ගැන නොදත් ඉංජිනේරුවන් නිසා වැවේ පුරාණ ස්වරූපයට වූ විනාශය අති මහත්ය.කෙසේ වෙතත් වර්තමානය වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව බල ගන්වන පනතට අමතරව මහවැලි අධිකාරි පනත ජල සම්පත් පනත ආදී පනත් වලින් ආවරණය වෙමින් මේ රටේ ජලය බෙදා හැරීම සහ නීතිරීති ක්රිලයාත්මක වෙයි. රටේ දේශපාලන අධිකාරිය ක්රියයාත්මක කරන රජයයන් අළුතින් පත් වූ සෑම අවස්ථාවකදීම ජලය පිළිබදව ප්රරතිපත්ති අලුත් වටයකින් ඉදිරිපත් කර තිබේ. මේ ප්ර්තිපත්ති සම්පාදනයේදී ලංකාවේ විද්යාවඥයන් ගේ අදහස් සෘජුවම භාවිතා කර නැත. ඒ වෙනුවට විදේශ වල අත්දැකීම් සංවර්ධන ක්රියයාදාමයන් ආදිය සැලකිල්ලට ගෙන සකස් කරන ලද සංකල්ප මත එම ප්රවතිපත්ති සකස් කර තිබේ.ලංකාවේ රජය ආසියානු සංවර්ධන බැංකුව සමග 2000 වසරේ දී ලෝන් ශ්රීස 1575 යනුවෙන් ගිවිසුමකට එළඹීම නිසා කැබිනට් අනුමැතිය සහිතව ජාතික ජල සම්පත් කවුන්සලයක් පිහිටුවීමට අනුමැතිය හිමි විය.මෙම යෝජනාවට අනුමැකිය හිමි වූයේ 2000 මාර්තු මාසයේදීය. මුල් වරට ජල හිමිකම් බලපත්රස සංකල්පය මෙහිදී ඉදිරිපත් විය.නමුත් ඇතිවූ මහජන විරෝධය හේතුවෙන් එය ක්රි යාවට නැගීම අසීරු විය. පසුව ජලය විකිණීම සඳහා ප්රේතිපත්තිමය වශයෙන් එකඟව විදේශ මුදල් ලබා ගත් නිළධාරීන් ගේ පෙළඹවීම මත 2004 වසරේදී ද මෙම ක්රිපයාවලිය නව මුහුණවරකින් එළියට පැමිණියේය.එවක ඉදිරිපත් වූ රට පෙරට ප්රදතිපත්ති ප්රවකාශනයේ නැති දෙයක් ක්රිියාත්මක කිරීම සඳහා ක්රිණයාත්මක සැලැස්ම නමින් වූ තවත් පත්රි කාවක් මුද්රලණය විය. එහි සඳහන් වූයේ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව ආරම්භ කරන ලද ජාතික ජල කළමනාකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කර ක්රි‍යාත්මක කෙරේ යන්නයි. අංක 1349/3 සහ 12.07.2004 දිනැති රට පෙරට ප්රිතිපත්තිය අනුව අහෝසි කිරීමට පොරොන්දු වූ අන්තර්වාර ජල සම්පත් අධිකාරිය අහෝසි නොකර එවක තිබූ ගංගාධාර හා මහවැලි සංවර්ධන හා රජරට සංවර්ධන අමාත්යං ශය යටතේ පිහිටුවීමට යෝජනා කර ගන්නාලදී. එහිදී බලාපොරොත්තු වූයේ ජල සම්පත් කළමනාකරණ සභාව හා ජාතික ජල සම්පත් කළමණාකරන අධිකාරිය පිහිටුවීමයි.එවක සිටි නිළධාරීන් බොහොමයක්ම ජාත්යසන්තර වාරි කළමනාකරණ ආයතනවලට සෘජුවම බැඳී සිටි හෙයින් මේ ප්රිතිපත්ති සකස් කිරීමට විදේශගත ධනය කෙතරම් යෙදවන්නට ඇත්දැයි සිතා ගත හැකිය. මෙහි අරමුණ වූයේ ජල දූෂණය කළමනාකරණය කර ගැනීම පිණිස සියළුම ගංගා ද්රෝගණි ආවරණ කරමින් අධිකාරියක් පිහිටුවීමයි.නමුත් මේ ක්රැමය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අහෝසී වී යෑමේ තර්ජනය මතුව ආ හෙයින් වෘත්තීය සමිති විසි නවයක් පෙරමුණු ගෙන ඉදිරි පත්වූ එම යෝජනාව පරාජය කරන ලදී.මෙවැනි ප්රයතිපත්ති ගණනාවක්ම 2008 වසරේ 2014 වසරේ සහ 2019 වසරේ ඉදිරිපත් කර තිබේ.නුමුත් ඒ අරමුණූ පරාජයට පත් විය.එයට හේතුවූයේ මේ ප්රරතිපත්තීන් තුළ පැහැදිලිව රටේ ජල අයිතිය අන්සතු කිරීමට දරණ ලද වෑයමයි. . වාර ගණනාවකදී මෙලෙස පරාජයට පත් කරන ලද ජල සම්පත් අධීකාරිය පිහිටුවීමේ යෝජනාව දැන් නැවතත් කරළියට පැමිණ තිබේ.මේ සම්බන්ධව වන ජල සම්පත් ප්රාතිපත්තිමය කොටුම්පතක් සකස් කර 2021 සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කර තිබෙන්නේ රටේ වාරිමාර්ග ක්ෂේත්ර යන්හි සිටි දැනට විශ්රා ම ගැන්වී සිටින විද්වතුන්ගේ සාභාගිත්වයෙනි.මෙයට සෘජුව සම්බන්ධීකරණය ලබා දෙන්නේ ලංකා ජලනී නම් රාජ්යට නොවන සංවිධානය බව ආරංචි මාර්ග දක්වයි.. මෙහි නිරතව සිටින බොහෝ ඉංජිනේරුවන් ජාත්යාන්තර වාරි කළමනාකරණ ආයතනය සමග කාලයක් තිස්සේ බැඳී සිටින රටේ ජල සම්පත් විකිණිම සදහා සෑම විටම මැදිහත් වූ පිරිසකි. එහි සිටින ඇතැමුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු අධ්ය‍ක්ෂ වරුන්ය.ඔවුන් විසින් සකස් කරන ලද මේ නව ප්රසතිපත්ති කෙටුම් පත රනිල් වික්රේමසිංහ රජය යටතේ කැබිනට්ටුවට ඉදිරිපත් කරලීමට දැන් සියලුම කටයුතු සූදානම් කර තිබේ යැයි දැන ගන්නට තිබේ..මෙම කෙටුම්පනතේ තිබෙන භයානක ප්රටවේශයන් දෙකක් පිළිබඳ මේ අවස්ථාවේ දී මතක් කළ යුතුය. එකක් නම් ගංගා දෑලේ ජීවත්වන ජනතාව සතු ජල හිමිකම් බලපත්රගය අන්සතු කිරීමට නැතිනම් විකිණිමට හැකියාව ලැබීමයි.මහවැලි අධිකාරිය සතු ඉඩම් බලතල ප්රාිදේශිය ලේකම් වරුන්ට පවාරා ( විධිමත් සැලැස්මකින් තොරව ) බෙදුම්වාදී න්යසයා පත්ර යට අවශ්යා පසුබිම සකස් කරලීමට අයවැය යෝජනාවක් ඉදිරිපත් කර ඇති මොහොතක නිදහස් කරන ලද ඉඩම් වල සිටින ගොවියන් තමන්ට හිමිවන ජල හිමිකම්ද අන්සතු නොකර සිටීවි යැයි කියන්නට නොහැකිය.එසේම මහාපරිමාණ ජල පාරි‌භෝකියන් ලෙසට සැලකෙන විශාල සමාගම් ගැනද මෙම කෙටුම්පතේ සඳහන්ව තිබෙන්නේ සුළු ජල අයිතිය රකින්නට නම් සමාගම් වල ජල අයිතියද පාලනය කළ යුතු බවයි. මෙයින් හැඟවෙන්නේ විශාල සමාගම් වලට පවරන්ට නියමිත ජල කළමනාකරණය පිළිබඳ පණිවුඩයයි. අනෙක් භයානක කරුණ නම් ගංගාද්රෝාණියක තිබෙන ජල හිමිකම් සම්බන්ධ යම් ගැටුමක් නිරාකරණය කිරීමට ගැටුම් නිරාකරණ ආයතනයක් පිහිටුවීමට යෝජනා කිරීමයි. මේ කියන්නේ මහවැලි ගඟට බව පැහැදිලිය. එය ආරම්භ වනුයේ මධ්යහම කඳුකරයෙනි. එහි දැන් ඉන්දීය බෙදුම්වාදී වුවමනාව මත වතු දෙමළ දේශපාලන නායකයන් ගේ කඳවුරක් බවට පත්ව තිබේ. මහවැලි ගඟ අවසාන වශයෙන් මුහුදට එක්වන්නේ ත්රියකුණාමලයෙනි. එහිද ඩයස්පෝරා බලය ස්ථාපිත කරන්නට වත්මන් ආණ්ඩුව කැස කවමින් ඇත. අතරමගදී ජලය පරිහරණය කරනු ලබන්නේ මෙරට පාර්ම්පරික ගොවි ජනතාවයි.මේ පාර්ශවයන් අතර ගැටුම් කාරී වාතාවරණයක් ඇති කරනුයේ බෙදුම්වාදී වුවමනාවන් සඳහාය.එවිට ජල හිමිකම් සම්බන්ධව ගැටුම් ඇති වීම සුලභ දෙයක් වනු ඇත. ලංකා ජලනී නම් සංවිධානය මේ ඩයස්පෝරාවේ බළල් අතක්ද යන පැනය මතුවන්නේ මේ කරුණු නිසාය. ජල පරිහරණය සහ කළමනාකරණය උදෙසා සිය ඉතිහාසයේ යුගණනාවකම අත්දැකීම් හිමි රටක් වශයෙන් ලෝකයේ කීර්තියක් දිනා සිටියද වර්තමානය වන විට මෙම දැනුම යොදා නොගැනෙන තරම්ය. ඒ වෙනුවට විදේශ ආධාර මුදල් මත යැපෙන නිළධාරීන් සහ දේශපාලනඥයන් විදේශ රටක ක්රියයාත්මක කරන ලද ජල කළමනාකරණ මූලධර්ම ලංකාවට ආදේශ කරයි. 1985 වැනි ඈතකාලයකදී පිහිටවූ ජාත්යින්තර වාරි කළමණාකරණ ආයතනය මත යෑපීම ආරම්භ වූ දා පටන්ම එය එසේ වෙයි. දැනට රටේ වාරි ජලය සහ පානීය ජලය පාලනය කරන ආයතන වසා දමා එක් අයතනයක් තුළටද ඒ ආයතන තුළ තවත් අනු ආයතන බිහි කිරීමට කරනු ලබන තැත අපි දකින්නේ විශ්රා ම ගොස් සිටින විශ්රාඈම යන්නට සිටින නිළධාරීන්ට තවත් රැකියාවකට යෑමට මග පාදා දීමකි.එසේම එක් අයනයකින් සි

 

                           

                ජල සම්පත මෙරට ජාතික උරුමයකි. පැරණි රජවරුන් විසින් මහා වැව් ඉඳි කොට දී කුඩා වැව් ද පෝෂණය කරමින් රට සශ්‍රීක කර ලීමට ඉඩ පහසුකම් සැලසූ අතර ජනතාව එම උරුමයන් තමන් ගේ පණ සේ ආරක්ෂා කළහ. වැව් නඩත්තු කරලීමට ගමේ පැවති එකමුතුවද වැව් ගැන දත් දැනුමැත්තන්ගේ අත්දැකුම්ද ඉතා වැදගත් විය. බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙම වැව් කඩා බිඳ දැමීමත් රාජකාරිය තහනම් කිරීම නිසා ඇතිවූ සෝදා පාලුව නිසාත් වැව් වල පාලනය මුලුමනින්ම බිඳ වැටුණි. එහි ප්‍රතිඵලය වූයේ මහා ජල ගැලුම් වලින් වැව් කැඩී බිඳී විනාශව යෑමයි.වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ බ්‍රිතාන්‍යයයන් විසින් කරන ලද ඒ වැරැද්ද  නිවරදි කිරීමටයි. නමුත් වැව් ගැන වැවේ සොරෙව්ව ගැන නොදත් ඉංජිනේරුවන් නිසා වැවේ පුරාණ ස්වරූපයට වූ විනාශය අති මහත්ය.කෙසේ වෙතත් වර්තමානය වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව බල ගන්වන පනතට අමතරව මහවැලි අධිකාරි පනත ජල සම්පත් පනත ආදී පනත් වලින් ආවරණය වෙමින් මේ රටේ ජලය බෙදා හැරීම සහ නීතිරීති ක්‍රියාත්මක වෙයි.

         රටේ දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක කරන රජයයන් අළුතින් පත් වූ සෑම අවස්ථාවකදීම ජලය පිළිබදව ප්‍රතිපත්ති අලුත් වටයකින් ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ලංකාවේ විද්‍යාඥයන් ගේ අදහස් සෘජුවම භාවිතා කර නැත. ඒ වෙනුවට විදේශ වල අත්දැකීම් සංවර්ධන ක්‍රියාදාමයන් ආදිය සැලකිල්ලට ගෙන සකස් කරන ලද සංකල්ප මත එම ප්‍රතිපත්ති සකස් කර තිබේ.ලංකාවේ රජය ආසියානු සංවර්ධන බැංකුව  සමග 2000 වසරේ දී ලෝන් ශ්‍රී  1575 යනුවෙන් ගිවිසුමකට එළඹීම නිසා  කැබිනට් අනුමැතිය සහිතව ජාතික ජල සම්පත් කවුන්සලයක් පිහිටුවීමට අනුමැතිය හිමි විය.මෙම යෝජනාවට අනුමැකිය හිමි වූයේ 2000 මාර්තු මාසයේදීය. මුල් වරට ජල හිමිකම් බලපත්‍ර සංකල්පය මෙහිදී ඉදිරිපත් විය.නමුත් ඇතිවූ මහජන විරෝධය හේතුවෙන් එය ක්‍රියාවට නැගීම අසීරු විය. පසුව ජලය විකිණීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟව විදේශ මුදල් ලබා ගත් නිළධාරීන් ගේ පෙළඹවීම මත 2004 වසරේදී ද මෙම ක්‍රියාවලිය නව මුහුණවරකින් එළියට පැමිණියේය.එවක ඉදිරිපත් වූ රට පෙරට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති දෙයක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක සැලැස්ම නමින් වූ තවත් පත්‍රිකාවක් මුද්‍රණය විය. එහි සඳහන් වූයේ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව ආරම්භ කරන ලද ජාතික ජල කළමනාකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කර ක්‍රියාත්මක කෙරේ යන්නයි. අංක 1349/3 සහ 12.07.2004 දිනැති රට පෙරට ප්‍රතිපත්තිය අනුව අහෝසි කිරීමට පොරොන්දු වූ අන්තර්වාර ජල සම්පත් අධිකාරිය අහෝසි නොකර එවක තිබූ ගංගාධාර හා මහවැලි සංවර්ධන හා රජරට සංවර්ධන අමාත්‍යංශය යටතේ පිහිටුවීමට යෝජනා කර ගන්නාලදී.  එහිදී බලාපොරොත්තු වූයේ ජල සම්පත් කළමනාකරණ සභාව හා ජාතික ජල සම්පත් කළමණාකරන අධිකාරිය පිහිටුවීමයි.එවක සිටි නිළධාරීන් බොහොමයක්ම ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනවලට සෘජුවම බැඳී සිටි හෙයින් මේ ප්‍රතිපත්ති සකස් කිරීමට විදේශගත ධනය කෙතරම් යෙදවන්නට ඇත්දැයි සිතා ගත හැකිය. මෙහි අරමුණ වූයේ ජල දූෂණය කළමනාකරණය කර ගැනීම පිණිස සියළුම ගංගා ද්‍රෝණි ආවරණ කරමින් අධිකාරියක් පිහිටුවීමයි.නමුත් මේ ක්‍රමය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අහෝසී වී යෑමේ තර්ජනය මතුව ආ හෙයින් වෘත්තීය සමිති විසි නවයක් පෙරමුණු ගෙන ඉදිරි පත්වූ එම යෝජනාව පරාජය කරන ලදී.මෙවැනි ප්‍රතිපත්ති ගණනාවක්ම 2008  වසරේ 2014 වසරේ සහ 2019 වසරේ ඉදිරිපත් කර තිබේ.නුමුත් ඒ අරමුණූ පරාජයට පත් විය.එයට හේතුවූයේ මේ ප්‍රතිපත්තීන් තුළ පැහැදිලිව රටේ ජල අයිතිය අන්සතු කිරීමට දරණ ලද වෑයමයි. .  

    වාර ගණනාවකදී මෙලෙස පරාජයට පත් කරන ලද ජල සම්පත් අධීකාරිය පිහිටුවීමේ යෝජනාව දැන් නැවතත් කරළියට පැමිණ තිබේ.මේ සම්බන්ධව වන ජල සම්පත් ප්‍රතිපත්තිමය කොටුම්පතක් සකස් කර 2021 සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කර තිබෙන්නේ රටේ වාරිමාර්ග ක්ෂේත්‍රයන්හි සිටි දැනට විශ්‍රාම ගැන්වී සිටින විද්වතුන්ගේ සාභාගිත්වයෙනි.මෙයට සෘජුව සම්බන්ධීකරණය ලබා දෙන්නේ ලංකා ජලනී නම් රාජ්‍ය නොවන සංවිධානය බව ආරංචි මාර්ග දක්වයි.. මෙහි නිරතව සිටින බොහෝ ඉංජිනේරුවන් ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනය සමග කාලයක් තිස්සේ බැඳී සිටින රටේ ජල සම්පත් විකිණිම සදහා සෑම විටම මැදිහත් වූ පිරිසකි. එහි සිටින ඇතැමුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වරුන්ය.ඔවුන් විසින් සකස් කරන ලද මේ නව ප්‍රතිපත්ති කෙටුම් පත රනිල් වික්‍රමසිංහ රජය යටතේ කැබිනට්ටුවට ඉදිරිපත් කරලීමට දැන් සියලුම කටයුතු සූදානම් කර තිබේ යැයි දැන ගන්නට තිබේ..මෙම කෙටුම්පනතේ තිබෙන භයානක ප්‍රවේශයන් දෙකක් පිළිබඳ මේ අවස්ථාවේ දී මතක් කළ යුතුය. එකක් නම් ගංගා දෑලේ ජීවත්වන ජනතාව සතු ජල හිමිකම් බලපත්‍රය අන්සතු කිරීමට නැතිනම් විකිණිමට හැකියාව ලැබීමයි.මහවැලි අධිකාරිය සතු ඉඩම් බලතල ප්‍රාදේශිය ලේකම් වරුන්ට පවාරා ( විධිමත් සැලැස්මකින් තොරව ) බෙදුම්වාදී න්‍යයා පත්‍රයට අවශ්‍ය පසුබිම සකස් කරලීමට අයවැය යෝජනාවක් ඉදිරිපත් කර ඇති මොහොතක නිදහස් කරන ලද ඉඩම් වල සිටින ගොවියන් තමන්ට හිමිවන ජල හිමිකම්ද අන්සතු නොකර සිටීවි යැයි  කියන්නට නොහැකිය.එසේම මහාපරිමාණ ජල පාරි‌භෝකියන් ලෙසට සැලකෙන විශාල සමාගම් ගැනද මෙම කෙටුම්පතේ සඳහන්ව තිබෙන්නේ සුළු ජල අයිතිය රකින්නට නම් සමාගම් වල ජල අයිතියද පාලනය කළ යුතු බවයි. මෙයින් හැඟවෙන්නේ විශාල සමාගම් වලට පවරන්ට නියමිත ජල කළමනාකරණය පිළිබඳ පණිවුඩයයි. අනෙක් භයානක කරුණ නම් ගංගාද්‍රෝණියක තිබෙන ජල හිමිකම් සම්බන්ධ යම් ගැටුමක් නිරාකරණය කිරීමට ගැටුම් නිරාකරණ ආයතනයක් පිහිටුවීමට යෝජනා කිරීමයි. මේ කියන්නේ මහවැලි ගඟට බව පැහැදිලිය. එය ආරම්භ වනුයේ මධ්‍යම කඳුකරයෙනි. එහි දැන් ඉන්දීය බෙදුම්වාදී වුවමනාව මත වතු දෙමළ දේශපාලන නායකයන් ගේ කඳවුරක් බවට පත්ව තිබේ. මහවැලි ගඟ අවසාන වශයෙන්  මුහුදට එක්වන්නේ ත්‍රිකුණාමලයෙනි. එහිද ඩයස්පෝරා බලය ස්ථාපිත කරන්නට වත්මන් ආණ්ඩුව කැස කවමින් ඇත. අතරමගදී ජලය පරිහරණය කරනු ලබන්නේ මෙරට පාර්ම්පරික ගොවි ජනතාවයි.මේ පාර්ශවයන් අතර ගැටුම් කාරී වාතාවරණයක් ඇති කරනුයේ බෙදුම්වාදී වුවමනාවන් සඳහාය.එවිට ජල හිමිකම් සම්බන්ධව ගැටුම් ඇති වීම සුලභ දෙයක් වනු ඇත. ලංකා ජලනී නම් සංවිධානය මේ ඩයස්පෝරාවේ බළල් අතක්ද යන පැනය මතුවන්නේ මේ කරුණු නිසාය.

            ජල පරිහරණය සහ කළමනාකරණය උදෙසා සිය ඉතිහාසයේ යුගණනාවකම අත්දැකීම් හිමි රටක් වශයෙන්  ලෝකයේ කීර්තියක් දිනා සිටියද වර්තමානය වන විට මෙම දැනුම යොදා නොගැනෙන තරම්ය. ඒ වෙනුවට විදේශ ආධාර මුදල් මත යැපෙන නිළධාරීන් සහ දේශපාලනඥයන් විදේශ රටක ක්‍රියාත්මක කරන ලද ජල කළමනාකරණ මූලධර්ම ලංකාවට ආදේශ කරයි. 1985 වැනි ඈතකාලයකදී පිහිටවූ ජාත්‍යන්තර වාරි කළමණාකරණ ආයතනය  මත යෑපීම ආරම්භ වූ දා පටන්ම එය එසේ වෙයි. දැනට රටේ වාරි ජලය සහ පානීය ජලය පාලනය කරන ආයතන වසා දමා එක් අයතනයක් තුළටද ඒ ආයතන තුළ තවත් අනු ආයතන බිහි කිරීමට කරනු ලබන තැත අපි දකින්නේ විශ්‍රාම ගොස් සිටින විශ්‍රාම යන්නට සිටින නිළධාරීන්ට තවත් රැකියාවකට යෑමට මග පාදා දීමකි.එසේම එක් අයනයකින් සියල්ල හසුරුවන කල්හි ගෙඩිය පිටින් විකිණීමට තිබෙන වුවමනාව ප්‍රබලව මතුවන බවද මෙහිදී සඳහන් කළ යුතුය.

මතුගම සෙනෙවිරුවන්

 

 

Friday, November 11, 2022

ලංකාවේ චෞර රාජ්‍යය තුළ එක් හෙරකගේ කතාවක්

 


                  රත්නපුරයේ සිට පාණදුර දක්වා ධාවනය වන පුද්ගලික බස් රථයක ගමන් ගන්නා විට මුහුණ දුන් අත්දැකීමක් මෙලෙස විස්තර කර සිටිමි.මේ බස් රථයේ මගීන් සිටියේ කීප දෙනෙකි.මදක් දුර ධාවනය වන විට බසයට නැග ගත් තරුණයෙකු මා අසල හිස්ව තිබෙන අසුනේ වාඩි විය. හීන් වැසි පොද ඇද හැලෙන බව කවුළුවෙන් බැලූ විට පෙනේ.කවුළු වීදුරුව මදක් වසා මා අසළ වාඩි වූ තරුණයා දෙස බැලූවෙමි. ටී ෂර්ටයකින් සැරසුණු ඔහු ගේ පෙනුම දුක්මුසු යයි මට හැඟුණි.සුපුරුදු ලෙස කවුළුවෙන් පිටත බලමින් සිටින අතර ඔහු තම කටහඬ  අවදි කලේ වැස්සේ චුරු චුරුව ගැන කණස්සල්ලෙනි. වැස්ස නිසා රැකියාවට නිතිපතා යෑම අසීරු බවත් වැඩ පාඩු වෙන බවත් ඔහු කියා ගෙන ගියේය .නිහඬව ඔහුට සවන් දුන්නෙමි. මගෙන් අනුබලයක් නැතත් ඔහු දිගටම කතා කරයි.වඩා දුක්මුසුව කතාව ඇරඹුවේ මද වේලාවක් මේ අතුරු කතා දිගහැරීමෙන් පසුවය. ඔහුට වූ ඇබැද්දියක් ඔහු විස්තර කරයි. රත්නපුරයේ සිට හොරණ නගරයට ඔහු ගමන් කරමින් සිටී. ඒ මන්දැයි මම නොදනිමි. ඔහු එයද විස්තර කරන්නට පටන් ගත්තේය.

   මේ තරුණයාගේ නම මම නොදනිමි සාගර යනනාමයෙන් දැක්වුවහොත් ඔහු පෙදරේරුවෙකි. නැතිනම් මේසන් කෙනෙකි.පැල්මඩුල්ල අසල පනාවැන්න ඔහුගේ ගමයි.මහ මාවත අසල නිවස තනාගෙන බිරිඳත් දරුවන් දෙදෙනාත් සමග දිවි ගෙවන  මේ තරුණායා නිතිපතා සිය රැකියාවට පිටත්ව යයි. විවිධ ඉඳිකිරීම් වැඩබිම් වල වැඩ ලැබෙන ආකාරයට සේවය කරයි. වැස්සොත් රැකියාව නැත. කොරෝනා කාලයේ ඔහුට මෙන්ම සියලුම පෙදරේරුවන්ට රැකියාව අහිමි වුණි.ඉන්ධන හිඟය පැමිණි විට ප්‍රවාහන පහසුකම් දුර්වල වීම නිසා වැඩ බිම් වසා දැමුණි. ඒ කාලයේ දිවි රැක ගත්තේ විවිධ පුද්ගලයන්ගෙන් ලැබුණු ආධාර උපකාර නිසාවෙනි.ඒ අතරවාරයේ මහ ගංවතරුකට නිවසද කඩා වැටුණි.මීට දින කීපයකට ප්‍රථම සිය ඉදි කිරීම් වැඩබිමෙන් මාසික වේතනය අතට ලැබුණි. දිනකට තුන්දහස ගණනේ අතට ලැබුණු පඩියෙන් විවිධ කාර්යන් කළ යුතු විය.සිය දුවණියගේ සපත්තු දෙක ගැලවී තිබෙන බව ඔහුට මතක් විය. සපත්තු දෙකක් ගැනීම පිණිස පාණදුර නගරයට පැමිණීම ඔහුගේ බලාපොරොත්තුව විය.බස් රථයේ මදක් දුර ගමන් කරන විට වයස්ගත කාන්තාවක් ඔහුගේ අසුන ළඟින් වාඩි විය. ටික දුරක් ගමන් කරන විට මේ කාන්තාව තම අසරණ කම කියා පා මුදලක් බලාපොරොත්තු විය. සාගර රුපියල් දෙසීයක් ඇය අත තැබීය.

    ඊට පෙර දිනයේ දවස පුරාවටම මහන්සි වී සිටි  සාගර  ට ටික වේලාවකින් නිදිමත ඇති විය. මුදල් සහිත බෑගය ඔහුගේ ඔඩොක්කුවේය. හොරණ ආසන්නය දක්වාම ඔහුට දැඩිව නින්ද ගිය අතර ක්ෂණිකව අවදි වූයේ මගියෙකුගේ උස් හඬින් කල ඇමතීමකිනි.කලවා මත තිබූ බෑගය විවෘත කර තිබුණි. මුදල් මිටි අතුරුදහන් වී ඇත. ඔහු කලබල වී වට පිට බැලීය.පෙර සඳහන් කළ කාන්තාව ඉදිරි දොර ළඟ බැසීමට සූදානම් වනු දකින්නට ලැබුණි. සාගර වහා නැගිට පිටිපස දොරින් බැස අර කාන්තාව පසුපස හඹා ගියේය. හොරණ නගරයේ ත්‍රි රෝද රියැදුරන්ද සමග එකතු වූ සාගර මේ කාන්තාව අල්වා ගත්තේ වැඩි වෙහෙසක් නොගෙනය. ඇය වහා පොලිසියට භාර දුන් අතර තම පඩිපත මේ කාන්තව හොරා ගත් බව පැවසීය. නෝට්ටු වල තිබූ පන්දාහේ කොළ කීපය ඔහුට හොඳට මතක තිබුණි. මේ බැව් කියා කැට තැබූ සාගර කාන්තාවගේ සොරකම ගැන සහතික විය. නුමුත් කාන්තාව මේ බැව් පිළි නොගත් අතර ඇය ඉංග්‍රීසි භාෂාවෙන් පොලිස් නිළධාරීන් අමතමින් නිදොස් වන්නට තැත් කළේය.අවසානයේ ඇයගේ පසුම්බිය විවෘත කළ විට සාගර කිවූ පරිදිම පන්දාහේ කොළ පහක් සහ දාහේ කොළ තුනක් දක්නට ලැබුණි.

    

    මෙම ගැටළුව පොලිසියේම බේරා ගන්නට සාගරට අවශ්‍ය විය. නුමුත් පොලිසිය එයට ඉඩ නොදුණි.උසාවියට දැමිය යුතු බව දක්වා ස්වල්ප වේලාවකින් මේ කාන්තාව උසාවිය වෙත කැඳවා ගෙන ගියේය. විනිසුරු තුමා නඩු අසා ඇය වැරදි කාරිය කරමින් තීන්දුව දුන් අතර සාගර ගේ ඉල්ලීම නිසා ඇප පිට නිදහස් කිරීමට ඉඩ දුනි. මුදල් සාගරට යලි ලබා දීමට අණ කලේය. ඇබැද්දිය දෙගුණ තෙගුණ වූයේ ඉන් පසුවය. මෙම කාන්තාව සාගරගේ බෑගයේ තිබුණු හැඳුනුම්පතද රියදුරු බලපතද රැගෙන තිබුණි. මුදල් ගෙන බැසීමෙන් පසු ඒ හැඳුනුම්පත් දෙකම වීසි කර තිබුණි.පොලිසිය කීවේ හැඳුනුම්පත ඉදිරිපත් කොට මුදල් ලබා ගත හැකි බවයි. නුමුත් හැඳුනුම් පත නැත. විදෙශ ගමන් බලපත වහා ඔහුට සිහි විය. එහි කොපියක් වට්ස්ඇප් හරහා ගෙන්වා දීම ප්‍රමණවත් දැයි ඔහු විමසීය. පොලිසියේ මහත්වරුන් ඒ කීම භාරගත්තේ නැත. විදේශ ගමන් බලපත්‍රය අතට රැගෙන ගෙන ඒමට නම් ඔහු නැවත ගමට යා යුතුය. ගමට යෑමට හෝ නැවත පැමිණීමට මුදල් නැත. දිනක් දෙකක් වැඩ කළහොත් මුදල් ලබා ගත හැකිය. පොලිසියේ රාළහාමිලාගේ දෙනෙත් වලින් කියැවුණේ සැලකීමක් අවශ්‍ය  බවයි. හිඟන්නාගේ පාත්‍රයට හෙණ ගැසුවා සේ සාගර අසරණ වී සිටියේය.බලවත් වේදනාවෙන් යුතුව ඔහු පොලිසියෙන් පිට වූයේ දින කීපයකින් නැවත පැමිණෙන බව දක්වමිනි. කුමක් කරන්නද දුවගේ සපත්තු දෙක ඔහුට සිහි විය පඩිපත රැගෙන ගෙදර එන සැමියා ගැන සිහි කරමින් බලා සිටින බිරිඳ ඔහුට සිහි විය. දින කීපයක් වැඩ කොට මුදල් ලබා ගත හැකි වුවත් ගෙදර කෑම වියදමට සහ රැකියාවට පිටත් ව ගිය පසු දෛනික කෑම වියදමට ඒවා ප්‍රමාණවත් නැත. දරුවන් ගේ ටියුෂන් ගාස්තු තවත් ගැටළුවක්ය.පාසලේ දී කල් මරමින් සිටින ගරුවරිය ළමුන්ට තමන්ගේ සවස පන්තියට පැමිණෙන ලෙස බල කරන හැටි ඔහුට මතකයට ආයේය.සිතේ දුක තවත් දැඩි විය නොදැනීම ඔහුට ඉකි ගැසුණි.

           දින කීපයක්ම වෙහෙස මහන්සි වී අන්තිම දිනයේ රෑ එළි වෙන තුරු ගොඩ නැගිල්ලක ඉහළ මහලේ කාන්ක්‍රීට් තට්ටුවක් නිම කොට උදේ පාන්දර ඉසිඹුවක් ලබා බැංකුවට ගොස් බිරිඳ ගේ කණ කර කීපයක්ද උගසට තබා ගත් මුදල ගෙන රත්නපුර සිට පාණදුර බසයට නැගි විටයි ඔහු මට මුණ ගැසුණේ. මේ කතාව ශ්‍රවණය කළ කල්හි මෙතෙක් නිෂ්ශබ්දව සිටි නමුත් කටහඩ අවදි කරන්නට සිදු විය. අප දෙදෙන මේ ගැටළුවට හේතු කතා කරමින් හොරණ දෙසට පැමිණුනේ රාජ්‍ය යන්ත්‍රණය තුළ පවතින මේ බරපතල දෝෂ නිවැරදි නොකරන්නේ ඇයි ද යන්න සාකච්ඡා කරමිනි.සියලුම දේ ඩිජිටල් කළ ලෝකයක හැඳුනුම්පතක අන්තර්ජාලය හරහා ළඟා කර ගැනීමට පොලිසිය ඉඩ නොදෙයි.ඒ කිසිවක් නොමැතිව මුදල් ලබා ගැනීමට කප්පමක්ද බලාපොරොත්තු වෙයි.

   හොරණ උසාවිය ළගින් බැස උසාවියෙන් ලියුමක් රැගෙන සාගර පොලිසියට යා යුතු විය.වැඩපලෙන් පිටත්ව ටී ෂර්ටයක් ඇද ගෙන පැමිණි බැවින් උසාවි ගේට්ටුවෙන් ඇතුලට නොගනී. ඒ ගැටළුවද ඔහු මට කීවේය. ඉතින් ඔහු කොලරය සහිත කමිසයක් අලුතෙන් මිලට ගත යුතුය.මේ ගමන පිටත් වීමට පෙර දිනයේ පොලිසියේ රාළහාමි කෙනෙක් ඔහුට කතා කර ඇත. වහාපැමිණ මුදල් රැගෙන යන්නටයි ප්‍රකාශ කර ඇත. ඒ සමගම තමන්ටද සළකන ලෙස වාචිකව පැවසූ බව සාගර කියයි. අසරණ වු පුද්ගලයෙකු ගෙන්ද කප්පම් ඉල්ලන පොලිසියේ මහත්වරු සිටින  ශ්‍රී ලංකාව සැබවින්ම චෞර රාජ්‍යයක් නොවේද.

   සාගරගේ කතාවත් සමග තවත් සිද්දි දෙකක් මෙහි ලියා තබමි. එකක් සමූපකාරයක සිදු වූ දෙයකි.ජනතාව  සමූපකාර බැංකු වල සිය කණකර උගස් තබන අතර ඇතැම් ඒවා කලකදී සින්න වෙයි. අවසානයේ සියලුම් බැංකු කරන ලෙසම ඒ රත්තරන් වෙන්දේසීයේ විකුණන අතර මුදල් සමූපකාර අරමුදලට ලැබේ.

 දිවයිනේ නම ගිය සමූපකාරයක රන්පවුම් තිස් දෙකක් සින්න වී තිබුණි. සුපුරුදු පරිදි මේ රත්තරන් වෙන්දෙසි කෙරුණි.රන් පවුම වර්තමානය වන විට ඒක් ලක්ෂ හතළිස් දාහ ඉක්මවා යන අතර මේ රන් භාණ්ඩ වෙන්දෙසි කරන ලදුයේ පවුම හැත්තෑහතරදහස බැගිනි.අඩු තක්ස්රුවකින් රන්භාණ්ඩ වෙන්දේසි කළ සමූපකාරයට  ලක්ෂ දොළහක ණය තුරුස්ද තිබේ. ඒ ණය තුරුස් වලින් කොටසක් හෝ ගෙවා දමා ගන්නට තිබූ අවස්ථාව මග හැර නිළධාරීන්ගේ සාක්කු වලට මුදල් ලැබෙන පරිදි කළ ගණු දෙනුව සාර්ථක වී ඇත. ජනතාව විසින් පාලනය කරන සමූපකාර වල තත්වය එයයි. චෞර රාජ්‍යය කෙතරම් ශක්තිමත් වී තිබේද.

        ඊ ළඟ සිද්දිය සොරකමක් ගැන නොවේ. උතුරු පළාතේ උසාවියක  සිදු වීමකි. ‌ෙඑතිහාසික කුරුන්දි විහාරයේ සංරක්ෂණ කටයුතු නවත්වන ලෙසට එනම් දාගැබේ හතරැස් කොටුවේ ඉඳි කිරීම් නවත්වන ලෙසට මුලතිවු මහොස්ත්‍රාත් අධිකරණය පසුගිය දා වාරණයක් නිකුත් කරතිබුණි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කීප දෙනෙකු සහ අන්තවාදීන් පිරිසක් කුරුන්දි විහාර භූමියට පැමිණ උද්ඝෝෂණයක නිරත වූයෙන් මුලතිවු පොලිසිය මෙම වාරණය ගෙන තිබුණි. පසුව ඔක්තොබර් 1 3 දින මුලතිවු උසාවියට ගිය නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව ප්‍රේමසිරි පොරේරා සහ නීතිඥ ටිරොන් සිල්වා යන මහත්වරුන් මුලතිවු මහේස්ත්‍රාත් වරයාට කරණු පැහැදිලි කිරීමට උත්සාහ දැරීය. මේ අවස්ථවේ දී තමන් ගේ උසාවියේ භාෂා පරිවර්තකයන් නොමැති බැවින් දෙමළ බාෂාවෙන් පමණක් කරුණු ඉදිරිපත් කළ යුතු බවට ප්‍රකාශ විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන සංශෝධනය අනුව උතුර සහ නැගනහිර පළාත් වල අධිකරණ බස දෙමළ වෙයි. නුමුත් සිංහල බසින් සහ ඉංග්‍රසි බසින් පර්වර්තන ලබා දිය යූතුය. කිලෝමීටර් තුන් හාරසීයක් මග ගෙවා මුලතිවු උසාවියට පැමිණ කරුණු  කියන්නට ඉඩ නොලැබුණු නීතිඥ මහතුන් සිය උසාවි වල අඩු ලුහුඩුකම්  කියන්නට ඉදිරිපත් වන්නේ නැත. නුමුත් රටේ ප්‍රධාන රාජ්‍ය භාෂාව වන සිංහල බසින් හෝ ජගත් භාෂාවක් වන ඉංග්‍රීසි බසින් රටේ තවත් පළාතක කතා කළ නොහැකිය.ඒ තරමටම සිංහලයා අසරණ වී තිබේ.ඒ සමගම ඉංග්‍රීසියෙන් කතා කරන කාන්තාවක් හොරකමේ යෙදෙයි.රටේ වැඩිපුරම හොරකමට සහ වංචාවට පෙළඹී සිටින්නේ ඉංග්‍රීසි කතා කරන පංතියේ අයයි.ඒ අපගේ චෞර රාජ්‍යයේ හැටිය. චෞර රාජ්‍යක් නිර්මාණය කලේ දේශපාලනඥයන් බව සැබෑය. එහෙත් ඒ රාජ්‍යය නඩත්තු කරනුයේ ජනතාව සහ නිළධාරීන් විසින් බව ලියා තැබිය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

 

 

Sunday, October 16, 2022

උතුර සහ නැගෙනහිර උසාවි වල සිංහලත් බෑ. ඉංග්‍රීසිත් බෑ.

 

                            


           කුරුන්දි අට්ඨ කථාව රචනා කිරීමට මුල් වූ පුදබිම වශයෙන් සැළකෙන  කුරුන්දාවශෝක විහාරය නැවත  පිළිසකර කරන ‌ෙඑතිහාසික අවස්ථාව සියවස් ගණනාවකට පසු නැවත එළඹ තිබේ. බෞද්ධාලෝක පදනම විසින් මූල්‍ය අනුග්‍රහය ලබා දෙමින් යලි සංරක්ෂණය කරනු ලබන මෙම විහාරය ඛල්ලාට නගාග රජු දවසදී ඉඳි කරන ලද්දක් බව පැවසේ.ප්‍රදේශයේ පවතිත කුරුන්දි පාෂාණය නොහොත් කබොක් යොදා ගෙන තැනූ විශාලතම පද්මාකාර ස්ථූපය හමුවන්නේ මේ ස්ථානයෙනි.එසේම මෙහි පවතින පැරණි පිළිමගෙයත් අනෙකුත් ගොඩනැගිල්ත තැනීමේ දී බහුලව මෙම පාෂාණය යොදා ගෙන තිබේ.මෙරට ගාහ නිර්ාණ ශිල්පයේ අද්විතීය අවස්ථාවක් ලෙසට මෙම නිර්මාණය හඳුන්වා දිය හැකිය.1980 වර්ෂයේ දී රාජ්‍ය සේවා එක්සත් බෞද්ධ සමිති සම්මේලනය  විසින් මෙම විහාරය නැවත පිළිසකර කිරීමට උත්සාහ දැරූවද විවිධ හේතු නිසා එය කළ නොහැකි වී තිබේ.1981 දී මෙම ස්ථානයේ  ත්‍රිශූලයක් ගසා කුඩා මඩුවක් තනමින් කොවිලක් ගොඩ නැන්වීමට දෙමළ පිරිස් උත්සාහ දරා තිබේ.ඔවුන්ගේ මතය වී ඇත්තේ අතීතයේ දී මෙහි ශිව කෝවිලක් තිබූ බවයි.2018 වර්ෂයේ දී මෙම ස්ථානයට පැමිණි පූජය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිළධාරීන්ද සම්බන්ධ කොට ගෙන ස්ථූපය නැවත කැණීම් කොට පාදා ගැනීම ආරම්භ කරන ලදී.මෙහිදී මෙම උත්සාහ කඩාකප්පල් කිරීමට මැදිහත් වූ ප්‍රදේශයේ දේශපාලඥයන් පූජ්‍ය ගල්ගමුවේ ශන්තබෝධි හිමියන්ට සහ පුරාවිද්‍යා නිළධාරීන්ට ඒරෙහිව  මුලතිවු උසාවිය මගින් වාරණ නියෝගයක් ලබා ගත්හ.එම නඩුව 2018 වර්ෂයේ දී පැවති අතර නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ඉදිරිපත්ව වාරණ නියෝගය ඉවත් කර ගැනීමට කටයුතු කර තිබුණි.

     මුලතිවු නාගචෝල රක්ෂිතයේ පිහිටා තිබෙන කුරුන්දි විහාරය පිහිටි භූමිය වර්ෂ 1933 දී මැනීමට ලක් කොට පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ භූමියට අක්කර 83  ක් අයත්ය.ඒ භූමිය තුළ පද්මාකාර ස්ථූපය ප්‍රතිමා ගෘහය පෝය ගෙය සහ බෝධි ඝරය ඇතුළුව විශාල නටබුන් ප්‍රමාණයක් අයත් බව පුරාවිද්‍යා වාර්තා වලින් පැහැදිලි වේ.මෙහිදී කැණීමට ලක් කරන ලද්දේ ස්ථූපය සහ ප්‍රතිමා ගෘහයයි. අනුරාධපුර යුගයේ ලක්ෂණ සියල්ල කැටිකර ගත් මෙහි ගෘහ නිර්මාණ හීල්පය කබොක් පාෂාණයන්ට ආවේණිකව දියුණු වී ඇති බව පෙනේ.ස්ථූපයේ තුන් මහල් පේසාව වේදිකාව ආදී සියල්ල කැටයම් කොට බොරදම් උලුප්පා තිබෙන්නේ කබොක් වලිනි. ඊට අමතරව කලු ගල් සහ කිරිගරුඬ ගල් යොදා ගෙන ඇත. ප්‍රතිමා ගෘහය කැණීමෙන් පසු බුදු පිළිම බෝධි සත්ව ප්‍රතිමා විචිත්‍ර සඳකඩ පහන් ලැබී තිබේ.අටවන සියවසට අයත් මේ නිර්මාණයන් මගින් ඉස්මතු කරනුයේ එවක පැවති බෞද්ධ ප්‍රබෝධය ට මූලිකව වර්ධනය වූ සම්ප්‍රදායකි. අවස්ථා කීපයකදී කුරුන්දි විහාරය සංවර්ධන වී ඇති බව මෙම කැණීම් වලින් පාදා ගත් කොටස් වලින් පැහැදිලි වේ.කුරුන්දි විහාරය අවට භූමිය මෙන්ම කුරුන්දි වැව අවට ප්‍රදේශය තුළ කරන ලද ගවේශන වල ප්‍රතිඵල වශයෙන් සෙල් ලිපියක් ටැම් ලිපියක්  මෙන්ම අක්කර තුන්සීයක පමණ ප්‍රදේශයක් පැතිර පවතින නටබුන් රාශියක් දක්නට ලැබී තිබේ.

     බෞද්ධාලෝක පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් කුරුන්දි විහාරය නැවත ගොඩ නැනවීමට අවශ්‍ය මූලික සැලැස්ම සකස් වූයේ උරුම කළමනාකරණ ව්‍යාපෘතියක් වශයෙනි. උතුරු පළාතට පැමිණෙන සංචාරකයන් විශේෂයෙන්ම බෞද්ධ වන්දනා කරුවන් එල්ල කරගෙන සකස් කළ මේ සැලැස්ම අනුව ස්ථානයේ කැණීම් කටයුතු සහ සංරක්ෂණ කටයුතු සිදු වෙයි.


 

ගරා වැටුණු ස්ථූපය යලි පිළිසකර කිරීමේ දී කබොක් සපායා ගැනීම සඳහා කීප වරක් උත්සාහ කරන ලද අතර අවසානයේ පැරණි කබොක් වල ට සමපාත වන ලෙසට අලුතින් කපා ගන්නා ලද කබොක් ගල් බැහැරින් ගෙන ඒමට කටයුතු කරතිබේ.ස්ථූපයේ කැණීම් කටයුතු අවසාන වූවායින් පසුව සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලද අතර වේදිකාව සහ තුන් මහල් පේසාව ගොඩනැන්වීම ක්‍රමානුකූලව සිදු කරන ලදී. මෙහි වැදගත්ම අවසථාව උදා වූයේ ගර්භයේ ධාතු නිදාන උත්සවයයි.ස්ථූපයක ධාතු නිදන කිරීම බෞද්ධයන්ට ඉතා වැදගත් අවස්ථාවකි.ථූප වංශයට අනුව මහා ථූපයේ ධාතු නිදානය මොනවට වර්ණනාකර තිබේ.ඒ සම්ප්‍රදාය අනුගමනය කරමින් කුරුන්දි විහාරයේ ධාතු නිදාන අවස්ථාව උදා වූයේ 2022 පොසොන් මාසයේ දීය.එවකට බුද්ධ ශාසන විශය දැරූ මහින්ද රජපක්ෂ මහතා ගේ පූර්ණ අනුමැතිය සහිතව බුද්ධ ශාසන ලේකම් කපිල ගුණවර්ධන මහතා  සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත ධාතු නිදාන උළෙල පැවැත්වීඹට කටයුතු යොදා තිබුණි. අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නායක හිමියන් සහ අමරපුර නිකායේ උත්තරීතර මහානායක පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි හිමියන්ද මේ උත්සවයට වැඩම කොට තිබුණි.ලංකාවේ නන් දෙසින් පැමිණි බෞද්ධ සැදැහැවතුන් කුරුන්දි විහාරය දැක වන්දනා කර ගැනීමේ අටියෙන් පැමිණෙමින් සිට ඇත. අවාසනාවක මහිම මේ උත්කර්ෂවත් අවසථාවේ එතැනට කඩා වැදුණු උතුරු පළාතේ හිටපු දේහපාලඥයන් පිරිසක් සහ කිලිනොච්චිය යාපනය සහ විවිධ ප්‍රදේශ වලින් කැඳවා ගත් රජ්‍ය නොවන සංවිධාන නියෝජිත පිරිසක් පැමිණ මේ උත්සවය කඩාකප්පල් කිරීමට උද්ඝෝෂණයක් ආරම්භ කරන ලදී.මේ පිළිබද බුද්ධි වර්තා තිබුණද මුලතිවු පොලසිය නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. දෙමළ දේශපානඥයන් ගේ කලහකාරී හැසිරීම පාලනය කිරීමට නීතියේ පිහිට ලැබුණේ නැත. අවසානයේ සිදු වූයේ පුරාවිද්‍යා භාර අමාතය විධුර වික්‍රමනායක මහත්ගේ නියෝගයෙන් උත්සවය පැවැත්වීම නතර කිරීමයි. මේ නිසා අපහසුතාවයට පත් වූයේ බෞද්ධ මහජනතාව පමණක් නොව උත්තරීතර මහානා හිමියන්  දෙපළයි.

   මෙම  සිද්ධිය සිදු වීමෙන් පසු පොලිසිය යලි උසාවි ය වෙත පැමිණ වාරණ නියෝගයක් ලබා ගන්නා ලදී. මෙම වාරණය තුල මුලතිවු අධිකරණය විසින් දෙන ලද නියෝගය මෙරට පුරාවිද්‍යා කටයුතු වලට එරෙහිව දෙන ලද  තීන්දුවකි.පුරවස්තු ආඥාපනත බලගතු පනතක් වන අතර එයට අභියෝග කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධීකරණයෙන් පමණකි.සංරක්ෂණ කටයුතු නවතා ඉඳි කිරීම ඉවත් කිරීමට එහිදී නියෝග ලැබී තිබුණි. මෙම නියොග්‍යන් හි අයොග්‍ය තාවයය සලකා බැලූ  නීතිපති දෙපාර්තමේන්තුව එම වාරණ නියෝගය ඉවත් කර ගැනීමට මැදිහත් විය. පසුව නැවත සංරක්ෂණ කටයුතු ආරම්භ වූ අතර ගර්භය අවසාන කිරීමෙන් පසුව හතරැස් කොටුවේ වැඩකටයුතු ආරම්භ විය.මෙම ඉඳි කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අංශයේ පූර්ණ සැලැස්ම අනුව ආරම්භ වූ නමුත් එයට විරෝධය පෑ යටකී දෙශපලනඥයන් නැවත කුරුන්දි විහාරයට පැමිණෙන්නේ එක් තීරණාත්මක අවස්ථාවකයි. එනම් මේ වන විට කුරුන්දි විහාරය සම්බන්ධව ශ්‍රේශ්ඨාධිකරණයේ පවතින නඩුවට අදාලව මැනීම් කටයුතු සිදු කිරීමට මිනිම්දෝරු දෙපාර්තමේන්තුව මෙහි පැමිණි විටදීය. මේ මැනුමට පොලිසිය ආරක්ෂාව ලබා දිය යුතු වුවද කිසිම පොලිස් නිළධාරියෙකු එහි පැමිණියේ නැත. නුමුත් දේශපාලනඥයන් ගේ මැදිහත් වීම මත සිදු වූ උද්ඝෝෂණ වලින් පසුව පැමිණි ඔවුහු නැවත උසාවියට කරුණු ඉදිරිපත් කර සංරක්ෂණ කටයුතු නතර කිරීමට නියෝග ලබා ගත්හ.මෙම වාරණ නියෝග ඉවත් කර ගැනීමම සඳහා 2022 ඔක්තොබර් 13 දින මුලතිවු උසාවියේ දී කරුණු ඉදිරිපත් කිරීමට කෙළම සිට නීතඥ නුවන් බෙල්ලන්තුඩාව නීතිඥ ප්‍රෙමසිරි පෙරේරා සහ නීතිඥ ටිරොන් සිල්වා යන මහත්වරු පැමිණියහ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුමා සහ දෙපාර්තමෙන්තුවේ නීති නිළධාරී රෝහණ කාරියවසම් මහතාද මේ නඩුව වෙනුවෙන් ඉදිරිපත් වී සිටියහ ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ද පැමිණ සිටියහ.

     


 උසාවිය වෙත නඩුව කැඳ වූ අවස්ථාවේ දී කොළම සිට පැමණී නීතිඤවරුන් සිංහල බසින් සහ ඉංග්‍රීසි බසින් කරුණූ ඉදිර්පත් කිරීමට සැරසුනද මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ උතුරු පළතේ අධිකරණ භාෂාව දෙමළ බැවින් වෙනත් භාෂාවකින් කතා කිරීමට අවස්ථාවක් නොමැති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වන සංශෝධනය අනුව උතුර සහ නැගෙනහිර පලත්වල පරිපාලන භාෂාව දෙමළ බවට පත් වූ අතර සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් පරිවර්තන ලබා දීමට කටයුතු කළ යුතු විය.. නමුත් අවාසනාවකට පරිවර්තන ලබා දීම  මුලතිවු අධිකරණයෙන් නොකෙරිණ.මේ නිසා කුරින්දි විහාරයේ සංරක්ෂණ කටයුතු සිදු කරන ලද පාර්ශවයට බලවත් අගතියක් සිදු වූ අතර නඩුවේ අසාධාරණ බව එනම් පුරාවස්තු ආඥ පනත අනුව පහළ උසාවියක මේ කරුණු සලකා බැලීමට නොහැකි බව කියා පෑමට නොහැකි විය.මෙහිදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා සහ ඔහුගේ නීති නිළධාරියාද නීතිපති දෙපාර්තමේනුත නිළධාරීන්ද උත්සහ දරනු ලැබූවේ සාධාරණය ඉටු කර ගැනීමට නොව අධිකරණයේ අනුකම්පාව ලබා ගැනීමටයි.යම් කිසා ආකාරයකින් ඉදිරි සංරක්ෂණ කටයුතු වලදීද විශේෂයෙන්ම ප්‍රතිමා ගෘහය නැවත ගොඩ නැන්වීමේදී යලි උද්ඝෝෂණය කරමින් කලබලයක් ඇති කළහොත් නොවැරදීම යලිත් උසාවියෙන් වාරණය ලැබෙනවා සහතිකය.සැබවින්ම වාරණ ලබා ගත යුත්තේ කලහකාරී ලෙස හැසිරෙන දේශපාලඥයන්ට මිස සංරක්ෂන කටයුතු කරන නිළධාරීන්ට නොවේ.පුරාවිද්‍යා නීලධාරීන්ට තර්ජනය කරමින් බිය වද්දමින් නීතය අතට ගෙන ක්‍රියාකරන මේ පිරිස් වලට එරෙහිව මේ වන තෙක් මුලතිවු පොලිසිය නීතිමය ක්‍රියා මාර්ග ගෙන නැත. උතුරේ ක්‍රියාත්මක දෙමළ අන්තවාදයට මේ සියලු නීති රීති යට වී ඇත.

මතුගම සෙනෙවිරුවන්.

      

Sunday, October 9, 2022

එල්ලෝරයේ කයිලාස් මෙන් වූ ලංකාවේ මිහිරි යහන

 

 

 


                          

           ඉන්දියාවේ පිහිටි කයිලාස් මන්දිරය යනු සංචාරකයන් ගේ සිත් දිනා ගත් පුදුම වාස්තු නිර්මාණයකි. එල්ලෝර් වල පිහිටා තිබෙන මෙම පූජ්‍ය ස්ථානය තනි කලු ගලෙන් කොටවා තිබෙන්නකි.පිහිටි ගලේ ම නෙලන ලද එයින් මතු කර ගන්නා ලද එවැනි නිර්මාණයන් ලෝකයේ ඇතොත් ඒ අතලොස්සකි. නැති තරම්ය. මෙම නිර්මාණය කළ කලාකරුවන් පිරිස ගොඩනැගිල්ල කෙතරම් සූක්ෂම අන්දමින් ගලේ කොටවා මතු කරවා ගෙන ඇත්දැයි සිතන විට එය ලෝකයේ පුදුම අතරට එක්වන බව නොරහසකි.මේ වාස්තු නිර්මාණයට ලෝකයේ ලැබෙන පිළි ගැනීම ද පිළිබඳ අටුවා අවශ්‍ය  නැත. දිනපතා එහි ඇදෙන සංචාරකයන් නිසා කයිලාස මන්දිරය සෑම අතකින්ම ඉන්දීය ආර්ථිකයට ඉතා වැදගත් තැනකි.මෙහි පූජනීය වටිනාකම අනුව හින්දු බැතිමතුන් වන්දනාවේ පැමිණෙන බව සැබෑවකි. නමුත් එහ විශේෂය නම් විදෙස් සංචාරයකයන් විසින් දක්වන ආකර්ශණයයි.

         ඉන්දියාවේ මෙන්ම ලංකාවේ වාස්තු නිර්මාණයන්ද අපට රටට ආවේණික වෙයි.කුඩා රටක් වුවද එහි භූමියට සාපේක්ෂකව පිහිටා තිබෙන පුරාණ ගොඩනැගිලි සංඛ්‍යාව අති මහත්ය. විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පුදේශ වල පිහිටා තිබෙන වාස්තු නිර්මාණයන් බහුතරයක් බෞද්ධ ස්මාරකයන් වෙති.කාලයේ වැලි තලාවට යට වී නොයෙකුත් ව්‍යාකූලත්වයන්ට අසුවී  විනාශ මුඛ්‍යට ඇද දමා ඇති මෙම බෞද්ධ ස්මාරකයන් රැක ගැනීමේ වැඩ පිළිවෙලක් වර්තමානයේ කිසිම ආණ්ඩුවකට තිබූණේ නැත. ජාතික උරුම විෂය භාර දේශපාලනඥයන් සහ නිළධාරීන් මේ වාස්තු නිර්මාණ පිලිබඳ දක්වන නොසැලකිල්ල සහ උදාසීනත්වය ඇදහිය නොහැකි තරම්ය. විශේෂයෙන්ම පුරාවිද්‍යා විෂය භාර අධ්‍යක්ෂ ජනරාල් වරයා මේ රටේ පවතින බෞද්ධ ස්මාරකයන් පිළිබඳ දක්වන පසුගාමී අදහස් කුරුඳු විහාර සිද්දියෙන් ඉල්පී පෙනුණි.

    මෙම පූර්විකාව ඉදිරිපත් කිරීමට හේතුව ඉන්දියාවේ කයිලාස් මන්දිරය හා සමාත පුරාණ ස්මාරකයක් වර්තමානයේ දී පත් වී තිබෙන ශෝචනීය ඉරණම දක්වන්නටයි. එය පිහිටා තිබෙන්නේ උතුර හෝ නැගනහිර හෝ උතුරු මැද පළාතක නොවේ. ලංකාවේ අගනුවර වන කොළඹ සමීපයේය.එසේම කොළඹ කෝට්ටේ ප්‍රසිද්ධ පාසලක ගෙමිදුලේය. මේ නිසාම මේ වාස්තු නිර්මාණය පිළිබඳ දක්වන උනන්දුව ඉතාමත් අල්ප බව කිව යුතුය.කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය යනු මුල් යුගයේ බිහි කරන ලද ප්‍රමුඛ පෙලේ බෞද්ධ පාසලකි. එකල සියලුම බෞද්ධ පාසල් ආරම්භ කරන්නට යෙදී ඇත්තේ විහාරස්ථාන ආශ්‍රිතවයි. විහාරගමේ ඉඩකඩම් වල සුලුවට පටන් ගත් පාසල් ගොඩනැගිලි පසු කාලයේ රජයේ අධ්‍යපන ප්‍රතිපත්තිය අනුව රජයට අයත් විය.කෝට්ටේ රජ මහා විහාරයේ පැරණි පොහෝ සීමාව පිහිටි ප්‍රදේශයේ ආරම්භ කරන ලද මෙම පාසල එලෙසම අද රජයේ පාසලකි.මෙමපාසල ඉදිරිපිට කාලයක් තිස්සේ කොළ රොඩු වලින් පිරුණු කසල බැහැර කළ ස්ථානයක් විය. ඒතැන යම් උමගක ද්වාරයක් වැනි විවරයක් ඉහළට එසවී තිබුණි.කෝට්ටේ රාජධානි සමයේ දී පිටකෝට්ටේ සිට කොට්ටේ ඇතුල් නුවරට ගමන් කිරීමට සමත් උමග පිහිටියේ මෙතැන බවට  ප්‍රවාදයක් විය. නුමුත් ඒ අදහස මේ වන විට වෙනස් වී තිබේ. 2014 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානයේ කරන ලද කැණීම් නිසා මතු කරගත් නශ්ඨාවශේෂ  මගින් ලංකාවේ පවතින එකම භූගත බෞද්ධ ස්මාරකය පිළිබඳ තතු හෙළිදරව් වී තිබේ.

 


 

   

       මෙම කැණීම මගින් භූගත කුටියක් සහ කුඩා ප්‍රමාණයේ තුන්මහල් පේසාව සහිත ස්ථූපයක් මත කර ගෙ ඇත.ස්ථූපයේ විෂ්කම්භය මීටර් 4.50 කි.මෙම ස්ථූපයට වහලක් සවි කර ඇති බව පෙනෙන්නේ. කුඩා ප්‍රමාණයේ උලු කැට රාශියක් ඒ අවටින් හමුවන බැවිනි. ඊට අමතරව වහලේ කණු රැඳවීමට අවශ්‍ය සිදුරු කීපයක් පේසාවට ඉහළින් පෙනෙන්නට තිබේ. භූගත කුටිය ට ප්‍රවිශ්ඨ වීමට ඇත්තේ ඒකම දොරටුවකි.දොරටුව ඉදිරියෙන් කබොක් බිත්තියේ කවුළුවකි. මේ කවුළුව භාවිතා කර තිබෙන්නේ පහන් දැල්වීමටයි. පහනෙන් නිකුත් වන ආලෝකය කුටිය තුළට වැටීමට සලස්වා ඇත. කුටිය තුළ මැද සරල කැටයම් සිහිත කබොක් කණුවකි. එක් පුද්ගලයෙකුට පහසුවෙන් එහි විසිය හැකි වන පරිදි කුටිය නිමවා තිබේ. මෙහි විශේෂය නම් එල්ලෝරයේ කයිලාස් ගොඩනැගිල්ලේ ඇති අන්දමටම තනිකබොක් පොළවේ කුටියත් ස්ථූපයත් මතු කරගෙන තිබීමයි. මෙවැනි නිර්මාණයක් එනම් කබොක් වලින්  නිර්මාණය කරන ලද ස්ථූපයක් ලෝකයේ කොහේවත් දක්නට නොමැති බව කිව යුතුය.2014 -16 දක්වා කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරියේෂණ නිළධාරීන් වන ලක්මාලී වීරසිංහ සහ සේනක චන්ද්‍රකුමාර ඇතුළු පිරිස විසින් මතු කරගත් මෙහි සැබෑ ස්වභාවය තුළ ජල ටැංකියක්ද මෙම භූගත කුටියට බසින පඩිපෙළක්ද හඳුනාගෙන ඇත.  චීන පෝසලෙන් භාණ්ඩ සහ විවිධ වර්ගයේ රතුකහ මැටි බඳුන්  මෝස්තර සහිත උලු කැට කැබලි සියල්ල මගින් මෙහි ඉතිහාසය විචිත්‍රවත් කිරීමට සාක්ෂි සපයයි.

       පුරාවිද්‍යාත්මක වශයෙන් මෙම නිර්මාණයේ වැදගත් කම අගය කළ නොහැකිය. නමුත් මෙහි ඉතිහාසය සොයන්නෙකුට මෙයින් මතු කරගත හැක්කේ වටිනා අපූරු කතාවකි. කෝට්ටේ සයවන පරාක්‍රමබාහු රජුට දාඨාවංශ රන්මැණිකේ කීරවැල්ල නම් අග බිසවක් විය. ඇය ගර්භනී අවස්ථාවේ දී මතු වූ අසාධ්‍ය රෝගයක් විය. ඉන්දියාවෙන් බමුණන් පවා ගෙන්වා ප්‍රතිකාර කලද අසනීපය සුව අතට ආවේ නැත. කෙසේ වෙතත් ඇය අවසානයේ මිය යන විට රජුට දරුවකු නොවීය. මෙම රන් මැණිකේ බිසවට බාල තවත් නැගණියක් විය ඇය නමින් මධුරා නොහොත් මිහිරි කුමරිය විය. රජුත් ඇයත් අතර විශාල වයස් පරතරයක් තිබුණද දරුවන් හැදීමේ වුවමනාව නිසා මිහිරි දේවිය විවාහ කර ගැනීමට රජුට සිදු විය. මේ විවාහය නිසා ලෝකනාථා දේවිය සහ චන්ද්‍රවතී නම් දියණියන් දෙදෙනෙකු බිහි විය. චන්ද්‍රවතී කුමරිය බාල වියේ දීම මිය ගියේය. ඒ අතර මිහිරි දේවියට තවත් දරු සම්පතක් ඇති වන බව නැකත් කරුවන් ප්‍රකාශ කළ අතර ඒ දරුවා පිරිමි දරුවකු බවටද අනාවැකියක් විය.මේ පිළිබඳ රජු ප්‍රීතියට පත් වුවද මිහිරි දේවියගේ එක් දියණියක් බාල වියේදීම මිය ගිය බැවින් යම් පරිස්සමක් අවශ්‍ය බව රජු කල්පනා කළේය. මීළඟ රාජ්‍ය උරුමය මේ බිහිවන පුත්‍රයාට මත පවතින බැවින් වඩාත් පරිස්සම් කළ යුතු විය. ඒ සමයේ විදේශීය ද්‍රවිඩ බලපෑම් දැඩිව එල්ල වූ සමයකි.මේ නිසා රජු ගේ අනු දැනුම ඇතිව මිහිරි දේවිය සඟවා තබා දරුවා බිහි කර ගැනීමට උපක්‍රමයක් යෙදිය යුතු විය. ඈත පළාතකට ගෙන ගොස් ආරක්ෂා කළ හැකි වුවද එයටද කාලය හරස් විය. ඒ නිසා රාජධානියේ විවිධ තැන් වල සිටි  කබොක් වඩුවන් ගෙන්වා ගත් රජු භූගත කුටියක් නිමවන ලෙසට අණ කලේය.මිහිරි දේවිය කීරවැල්ලේ කුමරියකි. දළදා වහන්සේ ගේ උරුමය ඇයට තිබේ. මේ නිසා භූගත කුටිය අසලම දළදා වහන්සේ තැන්පත් කිරීමට හැකි ස්ථූපයක් තනවන ලෙසටද රජුගේ අණ විය. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අසල මේ නිර්මාණය බිහි වූයේ  එලෙසයි. මිහිරි දේවිය මෙම කුටියේ වාසය කරමින් නිති දළදා වන්දනයද කරමින් සුවසේ දරුවා බිහි කලේය.මේ දරුවාට නම් තබන ලද්දේ ශ්‍රී වර්ධන යනුවෙනි.කැකුළන්දොල ශ්‍රීවර්ධන ප්‍රතිරාජ යනුවෙන් රාජාවලියේ දක්වා තිබෙන්නේ මේ කුමරු ගැනයි.එතැන් සිට මිහිරි දේවිය වාසය කළ මේ කුටියට මිහිරිලෙන යන නාමය යෙදුණේය.පසුව මිරිහාන නාමය භින්න වී ආවේ මේ මිහිරි යහන නිසාය.

ලංකාවේ වාස්තු නිර්මාණ සම්ප්‍රදායට අයත් මේ අගනා කබොක් ස්මාරකය වර්තමානය වන විට පුරාවිද්‍යා සංරක්ෂණයෙන් බැහැරව හුදකලාව පවතී. පාසල ඉදිරිපිට තිබෙන බැවින්  පිටස්තර පුද්ගලයන් හට මෙය නැරඹීමට අවස්ථාවක් නැත. මෙම ස්මාරකය ට ඉහළින් පියස්සක් තැනීම පුරාවිද්‍යාවේ කාර්ය භාරයයි. නමුත් ඒයට වැය කළ යුතු ධනස්කන්ධය සුලු පටු නොවේ. පුරාවිද්‍යා සංරක්ෂණයට අද වන විට වැය කරන මුදල් ප්‍රමාණයන් ඉතාමත් අල්ප වෙති. ඒ නිසා ලෝකයේ නන් දෙස විසිරී සිටින බෞද්ධ පිරිස් මෙම අගනා නිර්මාණය රැක ගැනීමට උනන්දු විය යුතු යැයි සිතමි.මන්ද රටේ ආර්ථිකය  නැන්වීමට සංචාරකයන් අද්දවා ගැනීම අනිවාර්ය බැවිනි.

මතුගම සෙනෙවිරුවන්

         

         

Sunday, September 25, 2022

ලයිට් ඇමති ගේ ටියුබ් ලයිට් සහ මහ නා හිමිවරුන්ගෙන් රතු ලයිට්

 

 

 

           

          ලයිට් දාන්න ගිහින් දැන් සර්වාංයටම කරන්ට් වැදිලා ඉවරයි.හැටේ දශකය වන විට අපි පාඩම් කලේ ලාම්පු එළියෙන් ගෙදරට වයර් ඇදලා ලයිට් ආවම කවුරුත් සතුටු වුණා. මහවැලි ව්‍යාපාරය යටතේ නව විදුලි බලාගාර හැදිලා රට පුරාම විදුලි රැහැන් ඇදිලා එන කොට අපි තවත් සතුටු වුණා.අපේ දරුවන් ලාම්පු කුප්පියෙන් පාඩම් කරලා නිදහස් අධ්‍යාපනයෙන් නොමිල්ම ඉගෙනගෙන විශ්ව විද්‍යාලයට ගිහින් විදුලි ඉංජිනේරුවන් වෙලා රටෙම් විදුලි බල අවශ්‍යතාවය සපුරාවි කියල අපට තිබුණේ ලොකු බලාපොරොත්තුවක්.රටේ බල ශක්ති ක්ෂේත්‍රය ජනසතු කරලා ඉන් ලැබෙන ලාභයෙන් තෙල් පිරිපහදුවකුත් හැදුවේ හැටේ දශකයේ දි. අපි ස්වාධීන රාජ්‍යයක් විදියට ආඩම්බරයෙන් හිස ඔසවා ගෙන එන විට ඒකට බටහිර රටවල් ඉරිසියා කලා නොයෙකුත් ඔත්තු කරුවන් රටට එවලා නොයෙතුක් සැලසුම් හදලා නායකයන් ඇන්දුවේ කොහොමද කියලා අපි දැන් දන්නවා.හැබැයි ඔවුන් ඇන්දිලා ඔටුණු දාගත්ත වගමෙ අතයට කොමිස් ගහලා ධනවතුන් වුණා.ජනතාව දුප්පතුන් බවට පත් වෙන්නට පටන් ගත්තා.අර නිදහස් අධ්‍යාපනයෙන් ඉහළ  ගිය විදු ලි ඉංජිනේරු මහත්වරු සමග මේ නායකයන් එකතු වෙලා ගහපු ගැහිලි සහ ගැට දැන් තමයි අපිට තේරෙන්නේ.ඇඟ පුරාම කරන්ට් වදින කොට මේ යථාර්ථය පැහැදිලි වන්නට පටන් ගන්නවා.

    ලංකාවෙ ජල විදුලි බලා ගාර මත යැපෙන ප්‍රතිශතය ඉක්මවා ඩීසල් බලාගාර මත යැපෙන්නට පටන් ගැනීම ඛෙදවාචකයක්. අඩු මිලට ජල විදුලිය නිපදවෙව්වත් අවුරුද්දට දෙපාරක් විතර ජලාශ පිරිල ඉතිරිල ගියත් මාසයක් යන විට ජල විදුලිය මගින් විදුලිය නිපදවීමට බැරි වෙනවා. මේකට ගොඩක් හේතු තිබුණත් වැදගත්ම හේතුවක් හොයා ගත්තෙ මෑතකදී. ජලාශ ජලයෙන් පිරුනම නඩත්තුවට කියල ජලය ඇරලා දානවා. මේක පුරුද්දක් විදියට කරනවා.පසුගිය දවස් වල ඉංජිනේරුවන් කීපදෙනෙක් මේ වැරැද්ද කරලා අහුවුණා.ඔවුන්ට කරපු දඬුවමක් ගැනනම් අහන්නට ලැබුනේ නැහැ. ඉදිරි අවුරද්ද තුළ තාප බලා ගාර වලින් කොච්චර විදුලිය මිලදී ගන්නවද කියලා මේ විදුලි ඉංජ්නේරුවො කලින් ගණනය කරනවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය විදියට යාන්ත්‍රණය සකස් කර ගන්නවා.ඉතින් අසීමිත ලෙසට විදුලි බල මණ්ඩලය පාඩු විඳිනන්ට ගන්නවා. මේ සෙල්ලම පටන් අරන් තියෙන්නේ අනූව දශකයේ මුල් කාලයේ වගේ .අපි ලොකු බලාපොරොත්තු තියල නිදහස් අධ්‍යාපනයෙන් ඉහලට ඔසවා තැබූ දරුවන් අද ලොකු පුටුවල ඉන්නවා.තමන් සැප විඳින ගමන්  විදුලි බිල ජනතාව මත පටවා ඒ අය විශ්‍රාම ගිය පසු පිටරට යනවා.වත්මන් ලයිට් ඇමති මේ බැව් දන්නවා හිටපු ගමන් විදුලි ඉංජිනේරුවන්ට බැණලා ටියුබ් ලයිට් වගේ අදහස් කියන්නේ ඒකයි. මේ අක්‍රමිකතාවන් මැඩ ලන්න  නිශ්චිත වැඩපිළිවෙලක් නෑ.

               විදුලි බිල ජනතාව මත පටවා අලාභය නැති කරන්නට හදන මණ්ඩලය තමන්ගේ ණය පියවන්නට විකල්ප වලට යෑමට උක්සාහ දරන්නේ නෑ. ජලාශ වල පිරෙන ජලය දවල් කාලයට ඉහළට අරන් රාත්‍රී කාලයට මුදා හරින වැඩ පිළිවෙලකට යන්න පිලීවන්. රට පුරාම තියෙන වීදි ලාම්පු සහ නාගරික වෙළඳ දැන්වීම් වල එළිය නිවා දමා තවත් විදියකට විදිලිය ඉතිරි කරගන්නට පිළිවන් .සූර්ය පැනල සවි කිරීමත් ලොකු දෙයක් කියලා හිතනවා ඇති. ඒක ලේසි දෙයක් නොවයි. අවම වශයෙන් සූර්ය පැනල සවි කරලා  නිවසකට ලයිට් දෙන්න ලක්ෂ දහයක් වත් යනවා.ඒ සියලු දේ රටින් ගෙන්වන්නට වෙනවා. ලංකාවේ එකලස් කිරීම වාසි දායක වුණත් බැටරි වගේ දේවල් ලංකාවේ හැදීමට පුලුවන් වුනත් සූර්ය කෝෂ වලින් ලංකාවෙ විදුලි බල ප්‍රශ්ණය එක පාරට විසඳන්නට බැහැ.

 

තවත් විකල්ප රාශියකට යන්න වෙනවා.ඇමති ගේ ටියුබ් ලයිට් කතා නිසා නිශ්චිත දිහාවකට ජනතාව තල්ලු වන්නේ නැහැ. ඒ වගේම ඔහු වැරදි මත රාශියක් ප්‍රචාරය කරනවා. මේ රටේ සම්ප්‍රදායට පහර දීමට ඔහු ගන්නා උත්සාහ තුළින් මතක් වන්නේ හිටපු ඇමති මංගල සමරවීර . ඒ පුද්ගලයා සමරිසි පිළවෙත් අගය කරමින් බෝගස් පවා කපන්නට උනන්දු වුනා. දෙමල බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටියා.වත්මන් ලයිට් ඇමති දැන් පන්සල් වල විදුලි බිල අහස උසට නන්වලා පණ්ඩිත කතා කියමින් ජනතාවත් කෝප ගන්වනවා.

    ලංකාවෙ විහාරස්ථාන තිස්දාහක් විතර තිබෙනවා.විදුලිය ලැබෙන්නට කලින් මේ ස්ථාන එළිය කලේ තෙල් පහන් වලින්.උත්ත්සව අවස්ථා වලදී කොප්පරා පහන් වලින්.පෙර රජ වරු විහාරස්ථාන  ආලොකමත් කරන්නට රාජකාරි ක්‍රමයක් ස්ථාපිත කලා.පන්සලේ උත්සව අවස්ථා වලදී කොප්පරා පහන් පත්තු කිරීමට හෝ තෙල් පහන් පත්තු කිරීමට වෙන් වූ පිරිසක් හිටියා. මේ රාජකාරිය සඳහා ගම් බිම් පවරලා අසලින් පදිංචි කලා.බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පෙර රජ දරුවන් ගේ සිරිතක්. දළදා මාළිගාව ශ්‍රී මහා බෝධිය කතරගම කිරි වෙහෙර මෙවැනි වැදගත් සිද්ධස්ථාන ආලෝකමත් කිරීමට විශේෂ වැඩ පිළිවෙලක් තිබුණා.මේ පෙර සිරිත කඩ කලා නම් යම් කෙනෙක් නිරයට යනවා කියන බය ඇති කරලයි තිබුණේ.අස්ගිරි ගෙඩිගේ මහා විහාරයට තෙල් පහන් ලබා දීමට තිබුණු තෙල් පංගුව සතු ඉඩකඩම් වල තමයි අද මහනුවර මීනක්කම් මුස්ලිම් පල්ලිය හදල තියෙන්නේ.ඔවුන් අස්ගිරි ගෙඩිගේ විහාරයට  අද ලබා දෙන තෙල් ප්‍රමාණයක් නෑ. මේ සිරිත් ඉංග්‍රීසීන් විසින් කඩ කරන්නටට පටන් ගත්තා. අනතුරුව 1948 න් පස්සේ මේ රට භාර ගත් කලු සුද්දන් ටික කිසිම වග විභාගයක් නැතිව සසුනට තලන්නට පටන් ගත්තා.වත්මන් ලයිට් ඇමතිට  මහා නායක හිමියන් රතු එලියක් දල්වා ඇත්තේ මේ ටික කියන්නයි. හැබැයි අපේ නායක හාමුදුරුවරු මේ ගැන තේරුම් බේරුම් ඇතිව කියන්නේ නෑ. දේශපාලඥයන් ආවම පිරිත් නූල් ගැට ගහන වේලාවට මේවා කියන්නට අවශ්‍යයි. රටේ මුර දේවතාවුන් කියන්නේ නිකමට නොවෙයි. ඒ වගේම පන්සල් වලින් රටට අදාර්ශයක් දෙන තරමට හොඳයි.පන්සල් ගොඩ නැගිලි සැලසුම් කිරීමේ දී ස්වභාවික වාතාශ්‍රය එන පරිදි ආලෝකය ලබෙන පිළිවෙලට සැලසුම් කළහොත් වායු සමීකරණ දාන්න අවශ්‍ය වන්නේ නෑ.වායු සමීකරණ නඩත්තු කරන්න සූර්ය පැනල වලින් නොහැකියි.ලයිට් ඇමති ගේ සිහිනය සූර්ය පැනල සවි කිරීම වුවත් අන්තිමට ඒ කොන්ත්‍රාත්තුව යන්නෙ අදානි සමගාමටයි. අපි එක වර සල්ලි බැඳල මේ කොම්පැණි වල වහලුන් බවට පත් වනවා. ඒ නිසා බල ශක්ති ස්වාධිපත්‍ය ගැන තරයේ හිතේ තබා ගෙන විදුලිය කළ කළමනාකරණය කිරීම අපේ වග කීමක්.ටියුබ් ලයිට් පත්තු කරන  ඇමතිලා එක්ක මේ වැඩේ කරන එක ලෙහෙසි පහසු නෑ.

මතුගම සෙනෙවිරුවන්

 

Saturday, September 10, 2022

මිරිස් හිටවූ එරාවුර් ස්ථූපය යලි පිළිසකර වෙයි

 

 


 

                  

        රුහුණු මයා පිහිටි තුන්සිංහලේ රුහුණු රටට අයත් වත්මන් නැගෙනහිර පළාත අතීතයේ දී රෝහණයේ විවිධ රජවරුන් යටතේ පලානය විය.අනුරාධපුරය ද්‍රවිඩ අක්‍රමණ වලින් පීඩිත වන කල්හි සිංහල ජනතාවට එකම පිහිට සැලසූවේ රෝහණ රාජාවලියයි. විශේෂයෙන්ම කාවන්තිස්ස රජුගේ දූර දර්ශී ක්‍රියාකලාපය නිසා මේ ද්‍රවිඩ ආක්‍රමණයන්ට විරුද්ධව නැගී සිටින්නට තරම් සේනා බලයක් රෝහණයේ වර්ධනය විය. පසු කාලීනව ගැමුණු කුමරු විසින් රට එකසේසත් කරන්නට මුල් වූයේ කාවන්තිස්ස රජුගේ කල්පනාකාරී සේනා සංවිධානය හේතුවෙනි.අනුරාධපුරයේ ස්වර්ණමය යුගය ගෙවී යලි අඳුරු කාලපරිඡේදයක් ආරම්භ විය. චෝල පාණ්ඩ්‍ය  ආක්‍රමණ හේතුවෙන් සිංහල රාජාවලිය ඉතා දරුණු ලෙසට දුබල විය.මහා විජය බාහු රජු නෙහොත් කිත්ති කුමරු දීර්ඝ කාලීන සටන් පෙරමුණේ සිට මේ ද්‍රවිඩ බලය යලිත් දුර්වල කොට පො‌ළොන්නරුව කේන්ද්‍ර කොට සිය රාජධානිය ඇති කලේය.පොළොන්නරු අවදියේ දී රෝහණය යලි අවදිවන්නට විය.කොටසර නොහොත් වත්මන් ත්‍රිකුණාමලය පුලියන්දූව නැතහොත් වත්මන් මඩකලපුව එරාහුළුව නොහොත් වත්මන් එරාවුර් ආදී තැන්වල තිබූ අන්‍ය ජාතික බලය ක්‍රමයෙන් බිඳ වැටිණ.එම පෙදෙස් වල යලි බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය. සංඝාරාම ඉඳි වන්ට විය.

           මෙම ලිපියට පාදක වනුයේ ඒරාහුළු ජනපදයේ බෞද්ධ ප්‍රබෝධයයි.මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු වේ අභිෂේක ලබන්නට පෙර මෙම පෙදෙස මානාභරණ කුමරු යටතේ පාලනය විය.දළදා හා පාත්‍රා ධාතූන් වහන්සේලාද ඔහු සන්තක විය.සද්ධාතිස්ස රජු විසින් සශ්‍රීක කල දිගා මඩුල්ල මේ රාජධානියේ ශක්තිමත්ම ආර්ථික කලාපය විය. තෙවනි සියවසේ රජකල මහාසෙන් රජු විසින් මේ පෙදෙසේ තිබූ අන්‍යාගමික සිද්ධස්ථාන විනාශ කර දැමූ ආකාරය  වංශ කතා වල දැක් වෙයි. ගෝකණ්නය නොහොත් වතමන් ත්‍රිකුණාමලය කලන්ද සහ එරකාවිල්ල යන තන්හි පිහිටි බ්‍රාහ්මණ කෝවිල්  ඔහු විනාශ කර දැමූ බව මේ ඉතිහාස පුවතයි. ඒ සෑම තැනකම ඔහු විහාර තැනීය.මඩකලපුව අසල ඒරුවිලද තවත් ස්ථානයකි.ඒරාහුළුව නැතහොත් ඒරාවුර් අසලින් ඇතුල් වූ ලංකාධිකාරී කිත්ති ගේ මෙහෙයවීමෙන් යුතු  මහා පරාක්‍රමබාහු ගේ සේනා ගිවුලබ යන ස්ථානයේ එනම් දීඝවාපිය අසල කඳුවරු බැඳ මානාභරණ කුමරු පරාජයට පත් කරලීය.ඒරාහුළු දිශාභාගය රුහුණට  අයත් වැදගත් ස්ථානයකි. එයට හේතුව එහි පිහිටි ස්වභාවික වරායයි.ලංකාවේ එවැනි වරායන් රැසක් පිහිටා තිබුණි. නාවික යාත්‍රා මෙන්ම ධීවර යාත්‍රාද එහි නැන්ගුරම් ලමින් වානිජ කටයුතු වල යෙදිණ.      

. එරාවුර් අසන්නයේ දැනට විල්ලුතෝට්ටම යනුවෙන් හඳුන්වන බිම් කඩ එරාවුර් තොටුපළට සාජුව සම්බන්ධය.නාවිකයන් වරායේ සිට මේ විල්ලුවට කුඩා යාත්‍රා වලින් පැමිණියහ. එහි ජලයට යට නොවුණු උස් ගොඩැල්ලක ස්ථූපයක් දර්ශනය වෙයි. සුදෝ සුදුවන්ව බබළන මේ චෛත්‍ය ට පුද පූජා කිරීම ඔවුන් ගේ සිරිත විය. ඈත නවතා තිබෙන නාවිකා යාත්‍රා වලට මේ ස්ථූපය මග පෙන්වන සංකේතයක් විය.චෝල අක්‍රමණ සහ පසු කාලීනව ඇති වූ යුරෝපා ආක්‍රමණ නිසා මේ සිංහල ජනාවාස නැත්තටම නැතිව ගියේය.ලන්දේසි පාලන සමයේ අවසාන භාගය වන විට මේ පෙදෙස මහමදික ජනතාවගෙන් පිරී යන්නට විය.යටකී ස්ථූපය එහි අවට පිහිටා තිබෙන සංඝාරාමයේ විනාශය ආරම්භ වන්නේ ඒ යුගයේ දී. අද වන විට මේ ස්ථූපයත් සංඝාරාමයත් නටබුන් ‌ගොඩකි.

 


 

    පසුගිය කාලයේ මේ විහාරය පිටිහි සාරවත් විල්ලුව එරාවුර් ප්‍රාදේශීය ලේකම්වරයා විසින්  කොටස් කර  ද්‍රවිඩ ජනයාට බෙදා දෙනු ලැබිණ. ඔවුහු එහි විවිධ වගාවන් කළහ. ස්ථූපය ඩෝසර කොට මිරිස් වවන්ට උත්සාහ කළහ. මෙම විනාශකාරී සිදු වීම වළක්වාගත හැකි වූයේ නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධයන්ට මග පෙන්වන පූජ්‍ය  දිඹුලාගල දේවාලංකාර හිමියන් ගේ කැපවීඹ නිසාවෙනි. කෙසේ වෙතත් මේ වන විට උන්වහන්සේ ගේ මග පෙන්වීම යටතේ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථූපය සංරක්ෂණයට මුල් වී සිටී. ඊට අමතරව 1987 වර්ෂයේ දී විනාශ කරන ලද එරාවුර් අසල පිහිටි පුන්නකුඩා සිංහල ගම්මානය ද පිහිටුවා ඒ සිංහල බෞද්ධ ජනතාවගේ ළමුන්ට අධ්‍යාපනය ලැබ ගැනීමට එරාවුර් සිංහල විද්‍යාලයද නැවත ගොඩනන්වා තිබේ.

                විහාර තෝට්ටම යනුවෙන් සිතියම් වල දක්වා තිබෙන මේ ස්ථූපය ඇතුලත් සංඝරාම ප්‍රදේශය පිළිබද දැන් අප විමසා බලමු.කලින්ද දක්වන ලද පරිදි ජලයෙන් යටවූ විල්ලු පෙදෙසක පිහිට මේ සංඝාරාමයේ ප්‍රධානතම ස්මරාකය චෛත්‍ය බවට පත් වෙයි. විෂ්කම්භය අඩි තිහක් පමණ වන මේ චෙත්‍යය නිදන් හොරුන් ගේ ග්‍රහණයට ලක්ව විනාශයට පත් ව තිබේ.නැගෙනිහිර පළාත යලි ජනාවාස වන්නේ 1948 වසරෙන් පසුවයි. දකුණේ සිට නාවික යාත්‍රා වලින් පැමිණි සිංහල වෙළෙන්දන් එරාවුර්හි පදිංචි වි ඒවායේ පුරාණ ස්ථූපයන් ආසන්නයේ විහාරස්ථාන යලි ඉදි කළහ. සේරුවිල එවැනි තැනකි. එරහුළු වේ මේ චෛත්‍ය මළුවේ අනුරාධපුර යුගයට අයත් ගඩොලු විසිරී තිබේ.තද රතු පැහැති මැට්ටෙන් ශක්තිමත්ව තනන ලද ගඩොළු ගෙන ඒමට රාජකීය මැදිහත් වීමක් සිදුවූ බව ඒකාන්තය.ඒ අතරම කලු රක්ත මැටි බඳුන් දක්නට ලැබීමද විශේෂිතය.සඳකඩ පහන්  ‌ගොඩනැගිලි අත්තිවාරම් සහ පාදම් ගල් වලින් සමන් විත සමස්ත ප්‍රදේශයම අද වැලි වලින් වැසී තිබේ. මෙම ස්ථානය යලි ගවේශනයට ලක් වූයේ 2017 වසරේ දීය.ඉන්පසු අම්පාර පුරාවිදු කාර්යාලය මගින් සීමා කණු පිහිටුවන්නට යෙදුණේ ඉතා මෑත කාලයේ දීය. එයට හේතු වූයේ ප්‍රාදේහිය ලේකම් විසින් මෙම ස්ථානය කොටස් කර ජනතාවට දීම නිසා ඇති වූ හානිය වළක්වාලීමටයි.

      සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පිහිටුවා තිබෙන පුරාවිද්‍යා සංරක්ෂණ කමිටුවේ නියෝජිත පිරිසක් පසුගියදා මඩකලපුවේ එරාවුර්  පෙදෙසට පැමිණියේ මෙම සද් කටයුත්තට අත දීමටයි. මෙම ගමනට පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමි වෛද්‍ය චන්දික එපිට කඩුව මහතා මහාචාර්ය නිමල්ද සිල්වා මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය  අධ්‍යක්ෂක ප්‍රසන්න රත්නායක මහතා  සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාගිෂ්ට මහතා ඇතුළු පිරිසක් සාභාගි විය.සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සම්බන්ධීකරණය යටතේ සිදු වන මෙම සංරක්ෂණය නුදුරු දිනකදි ආරම්භ කර ගැනීම අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා ගැනීම මෙම ගමනේ බලාපොරොත්තුව විය. පුන්නකුඩා සිංහල ගම්මානයට ගොඩ වැදී එහි ජීවත්වන සිංහල බෞද්ධ ජනතාවගේ සුව දුක් විමසා ඔවුන් ගේ ආර්ථික තත්වය සොයා බැලීමද ඒරාවුර් සිංහල විද්‍යාලය සහ දේවාලංකාර පිරිවෙන ද දැක බල ගැනීමට බෞද්ධ සම්මේලනයේ නියෝජිත පිරිස  සමත් විය. 1987 වර්ෂයට පෙර එරාවුර් නගර මධ්‍යයේ පැවති කඩ පනස් දෙකක සිංහල වෙළඳ පළට ගොඩ වැදී එහි දැනට වෙළෙඳාමේ යෙදී සිටින එකම සිංහල ව්‍යාපාරික පවුල මුණ ගැසී ඔවුන් ගේ නීතිමය ප්‍රශ්ණ සාකච්ඡා කිරීමද මෙහිදී සිදු විය.

මතුගම සෙනෙවිරුවන්

Saturday, August 27, 2022

ඩොලර් නැතිව වෙළෙදාමේ ගිය දොඩන්දූ වෙළෙන්දෝ

 

 

 


                              

            පරෙවි තිසර සහ කෝකිල සංදේශ කව්‍යයන්හි සඳහන් උඩුගල්පිටිය නොහොත් දොඩන්දූව ප්‍රසිද්ධව පවතින කාරණා කීපයක්ම අපට වැදගත්ය. එනම් රාවණා යුගයේ සිට පැවතෙන කඳසුරිඳු හා බැඳි පුරාවෘත්තයන්ය. දෙවැන්න දොඩන්දූව ශෛලබ්ම්බාරාම පුරාණ විහාරයයි. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් මූලික අධ්‍යාපනය ලැබ තිබෙන්නේ මෙම විහාරස්ථාන සරස්වතී මණ්ඩප පිරිවෙනෙනි. අනෙක් වැදගත්ම කාරණය මෙම පිරිවෙන සමීපයේ පිහිටි ලෝ ප්‍රසිද්ධ වෙළෙඳ වරායයි.වර්ෂ 1836 දී එවකට දෙගල්ලේ විහාරය ලෙසින් ප්‍රකටව තිබූ වත්මන් ශෛලබිම්බාරාම විහාරයේ වැඩ සිටි කොග්ගල  ධම්මසාර නම් ස්වාමීන් වහන්සේ දෙඩන්දූ වරායෙන් නැව් නැගී බුරුමයට යන ගමනේදී දකුණු ඉන්දියාවේ කාවේරි ගඟ අසන්නයේ ස්ථාන කීපයකට ගමන් කරන කල්හි ගම් වැසියෙකු පවසා ඇත්තේ උන් වහන්සේ වැනි තාපසයෙකු කැලේ  වාසය කරන බවයි. උන්වහන්සේ එතැනට ගොස් බලන කල්හි ගලින් නෙලූ විශාල බුද්ධ ප්‍රතිමාවක් දැක ඇත. මෙයින් බලවත් සේ සතුටට පත් වූ ධම්මසාර හිමියන් ඒ ප්‍රතිමාව කෙසේ හෝ මුහුදු තොටුපළට ගෙන එන්නට උත්සාහ කර තිබේ. නමුත් ගම්වාසීන් ඊට අකමැති විය.පසුව ඉහළ පාලන අධිකාරියට කරුණු සැළ කර බුද්ධ ප්‍රතිමාවක් බව ඔප්පු කර පෙන්වා නැව් තොටුපළ අසලට ගෙනවුත් නැවේ නන්ගා ගෙන යලි දෙඩන්දූ වරායට පැමිණ ගම්වාසීන් ලවා පන්සල තෙක් ඇලක් කප්පවා ප්‍රතිමාව මිල්ලකොටන් උඩ විහාරයට වඩම්ම වා තිබේ  පසුව එවකට තිබූ කුඩා විහාරය විශාල කොට සාදවා නව විහාර ගෙයි මෙම ප්‍රතිමාව තැන්පත් කර තිබේ. එතැන් සිට මෙම විහාරස්තානය ශෛලබිම්මාරාමය යන නමින් ප්‍රසිද්ධයට පත් වී තිබේ.

        බුද්ධ ප්‍රතිමාව විහාරස්ථානය කරා ගෙන ගිය රත්ගන් කලපුව අද නැත. අතීතයේ දී කුමාරකන්ද අසලින් සහ වර්තමාන පියරතන විද්‍යාලය අසලින් රත්ගම් කලපුවේ ජලය ගලා බැස ගියහ. දොඩන්ගෙඩියක  හැඩයකින් යුතු දූපතක් ඉතිරිකරමින් නිර්මාණය වූ මෝයවල් ගොඩ කර නවමෝයක් ඉඳි කල බ්‍රිතාන්‍ය පාලනය ගාලු කොළඹ  මහා මාර්ගය සාදවා ඇත.ඒ නිසා පැරණි දොඩන්දූ වරායේ විශාලත්වය සහ විචිත්‍රවත් දර්ශනය අද නොපෙනී ගොස් තිබේ. ඉංග්‍රීසි පාලන සමයට පෙරදී මේ පළාත් පාලනය කරන ලද්දේ ලන්දේසීන් විසිනි.එවකට මේ තොටුපල ස්වාධීන වරායක් ලෙසට භාවිතා කළ බවට සාධක හමු වන්නේ ලන්දේසි කාසි බොහෝ පැරණි නිවාස වලින් හමුවන බැවිනි.හත්වන සියවසෙන් පසුව පල්ලව දේශයත් ලංකාවත් අතර දැඩි සම්බන්ධයක් බිහි වූ බවට ඉතිහාස සාධක ඇත. දෙවනි කාශ්‍යප රජුගේ පුත් මානක කුමරු පල්ලව දේශයට පැන ගොස් එහි රාජ සභාවේ සේවය කොට පසුව විශාල හමුදාවක් සමග පැමිණ ද්‍රවිඩ සතුරන් පරාජයට පත් කර මානවර්මන් නම් අභිධානයෙන් යුක්තව ලංකා රාජාවලියට එකතු වී තිබේ. ඉන් පසුව ඔහුගේ දරුපරපුරේ කුමාරවරුන් කීප දෙනෙකුම පල්ලව දේශයේ වාසාය කරතිබේ.වනිග්වංශ සිඛාමණී අලකේශ්වර පරම්පරාව යනුවෙන් ඔවුන් හඳුන්වා තිබේ.පල්ලව දේශයත් ලංකාවත් අතර දැඩි වෙළෙඳ සබඳකම් ඇති වන්නේ මේ යුගයේ දීය. නාවික කටයුතු දියුණු වෙමින් වෙළෙඳ සමාගම් පවා ඇති වූ ආකාරය ඉතිහාසය පැහැදිලි කරයි. වත්මන් දොඩන්දූ වරාය සක්‍රීය වන්නේ මේ යුගයේදී බව පැහැදලිය. රන්කාසි මසුරන් ආදී මුදල් ඒකක වලින් ගනුදෙනු කල එකල වෙළෙඳ ප්‍රජාව පසුකාලයේ දී බලයෙන් ඉවත් වීම නිසා ද්‍රවිඩ සහ මුස්ලිම් වෙළෙඳ ආධිපත්‍යක් ඇති විය. මේ ආධිපත්‍ය විනාශ කර දමන ලද්දේ ලන්දේසීනි විසිනි.       

      උඩරට රාජධානිය ගිවිසුමකින් ඉංග්‍රීසීන් හට භාරදීමෙන් පසු එවකට ලන්දේසීන් විසින් භාවිත කළ රික්ස්ඩොලරය ඉවත් කර 1825 දී රන් පවුම හඳුන්වා දෙන ලදී. ඒ අනුව රන් පවුමක් රික්ස් ඩොලර් 1   ක් විය. ඉන්පසු 1836 වසරේ දී ඉන්දියානු රුපියල ලංකාවේ භාවිතයට හඳුන්වා දී ඇත. එයට හේතුව 1796 සිට 1798 දක්වා කාලය තුළ මදුරාසි නීතිය යටතේ සමින්දාර් පරිපාලනයක් බිහි කිරීමයි.එසේම පවුම් සිලිං සහ පැන්ස ආදී බ්‍රිතානය සම්මත මුදල් භාවිතයන්ද හදුන්වාදී ඇත.සිලිං දෙකක් රුපියලක් වශයෙනි.එසේම රුපියල් දහයක් පවුමක් ලෙසටද සැළකුණි.ඉන්පසු ලංකා බැංකුව 1844 දී පිහිටුවීමෙන් පසුව භාණ්ඩාගාර බිල්පත් සහ බැංකු විනිමය පත් නිකුත් කිරීම අරඹන ලදී.1869 දී ඉන්දියන් රුපියල සීමාවකින් තොර ටෙන්ඩර ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගත් අතර 1871 වන විට රුපියලක් යනු ශත 100 ක් බවට නිර්වචනය කර ඇත. ඉන්පසු ලංකා රුපියල නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර රුපියල යනු සිළිං 2 පැන්ස හයක් ලෙසට නිර්වනය කර තිබේ.දොඩන් දූ වෙලෙන්දන් එදා ගනුදෙනු කරන ලද්දේ ලන්දෙසි මුදල් එකක වලිනි. පසුව පවුම් සහ සිලිං වලට මාරු වුණ කල්හි වෙළෙඳාමේ වෙනසක් සිදු නොවීය.දෙඩන්දූ වරායත් දකුණු ඉන්දියාවේ කොචින් මල්පේ ඇතුලු වරායන් හතරක්   සමග සම්බන්ධකම් දියුණු පවුණු වී එහි සිට රටඋලු සහ ජාඩි පමණක් නොව චීන රෙදි පිළිද ආනයනය වන්නට විය. ජාඩි අසුරන ලද්දේ කිලෝ හාරසීයක් පමණ පැටවිය හැකි ලී පීප්ප තුළය.අදටත් ලංකාවේ පැරණි නිවසයන්හි කොචින් සිට ගෙන පැමිණි 1865  වර්ෂය කෙටූ කැලිකට් රටඋලු වර්ග දක්නට ඇත.දොඩන්දූ වරායේ ගැඹුරු මුහුදේ නැංගුරම්ලන නැව් වල පැටවූ පීප්ප ගොඩ දක්වා ප්‍රවාහනය කරන ලද්දේ පිලාඔරු යනුවෙනි හඳුන්වන ලද කුඩා ඔරු විශේෂ වලිනි. බදු අය කර ගැනීමට රේගු ගොඩනැගිල්ලක්ද නිළධාරියෙකුද විය.ලංකාවේ නිපදවූ කොහු ලණු කඹ පුවක් කරාබු නැටි කුරුඳු ගම්මිරිස් ඇත්දල භාණ්ඩ ඇතුළු වෙළෙඳ ද්‍රව්‍යයන් ඉන්දියාවට මෙන්ම බුරුමය තායිලන්තය ආදී රටවලට පැටවෙන්නට විය.පෙර සඳහන් කළ ආකාරයට දොඩන්දූවෙන් නැව් නැගී ගිය භික්ෂූන් වහන්සේ නමකට කාවේරිය අසල බුද්ධ ප්‍රතිමාව හමුවන්නේ මේ දියුණු නාවික කටයුතු නිසාවෙනි..



    දොඩන්දූ වරාය ප්‍රසිද්ධව පැවතියේ විදේශ වෙළඳම ගැන පමණක් නොවේ. දොඩන්දූ ධනවත් වෙළෙන්දෝ කොල්ලෑ සහිත නැව් වල පටවා ගත් පුවක් ජාඩි සහ රට උලු රැගෙන උතුරුකරයේ පේදුරුතුඩුව දක්වා යාත්‍රා කළහ.ජාඩි සාදන ලද්දේ කුම්බලා සාවාල ආදි මාලු වලිනි.මේ වෙළදාම නිසා පේදුරු තුඩුව මුතූර් කල්මුනේ හේරාඔරුව (එරාවුර්) පුලියන්දූව (මඩකලපුව ) අක්කරපත්තුව වැනි වෙළඳ නගරවල සිංහල ජනතාවගේ වෙළෙඳ සල් ආරම්භ විය ගාල්ලගේ උදාරිස් සිල්වා .සහ ගාල්ලගේ එලියස් අප්පු දොඩන්දූ වරායේ සිටි ප්‍රබල ධනවතුන්  විය. කල්මුනේ ආරම්භ වූ වෙළෙඳ සලේ සිට දොඩන්දූවට 1901 දී තැපැල් කළ ලියමනක හුරුල්ලන් මාලු පීප්ප ගැන සඳහන් කරතිබේ. එසේම දොඩන්දූවේ මෝදර පටුවත ගාමිණි ගාල්ලගේ මහතාගේ නිවසේ තිබී හමුවූ මුදල් ගනුදෙනු පොතක පිටුවක සඳහන් විස්තරයන් දකින විට එකල හුවමාරු වූ බඩු භාණ්ඩ ගැන තොරතුරු සොයා ගත හැකිය.සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයානන් වහන්සේ සොයා ගෙන එය ප්‍රතිසංස්කරණයට මුල්වූ පූජ්‍ය දඹගස්ආරේ මේධංකර නාහිමියන් මුතුර් වලට වැඩම කරන ලද්දේ දොඩන්දූ වරායෙනි.1987 දී ඇති වූ ත්‍රස්තවාදී කෝලාහලයන් ගෙන් පසුව පේදුරු තුඩුව දක්වා වූ ස්ථාන වල වෙළදාම කල සිංහලයන්ගේ කඩ වෙළෙදාම නැතිභංගස්ථාන විය.දොඩන්දූ වරායෙන් පිටත්ව ගිය අවසාන රුවල් නැව ගැන අපට තොරතුරු හමුවන්නේ 1930 වකවානුවේදීය. මෙම නැව  ලුණු පැටවීම සඳහා හම්බන්තොට ගිය යාත්‍රාවකි.

 එය කුණාටුවකට අසුවී   මුහුදු බත් වී තිබේ. එහි සිටි නැවියන් මාලදිවයින් යාත්‍රාවක් නිසා පණ බේරාගෙන මාස තුනකට පසුව ස්වකීය ගම්රටවල් බලා පැමිණි බව දැන ගන්නට ඇත.රට අභ්‍යන්තරයේ ගමනාගමනය දියුණු වීමත් සමග සහ සමස්ත වරායන් සියල්ල වරාය අධිකාරිය යටතට පත් වීමත් සමගම දොඩන්දූ වරායට තිබූ ප්‍රධානත්වය අහෝසි විය.පසුව දොඩන්දූව වෙළෙඳ වරාය ධීවර වරායක් බවට පත්විය. මේ කාලයේ ධීවරයන් දෙපිරිසක් අතර ඇති වූ කෝලාහල සන්සිඳ වීමට සමත් වූ ප්‍රභූවරයෙකු ගැනද සඳහන් ව තිබේ.ඩාර්ලිස් අබේවීර ගුණවර්ධන නමින් ඒ ප්‍රභූවරයා ප්‍රසිද්ධව සිට ඇත. දොඩන්දූ වරායේ නවතා තිබූ පැරණි නැවක ආකෘතියක් දැනට ගාල්ල සමුද්‍රීය කෞතුකාගාරයේ තැන්පත් කරතිබේ.

මතුගම සෙනෙවිරුවන්

        

 

Sunday, August 14, 2022

පලිබෝධ මර්ධනයට අදාල දේශීය දැනුම පිළිබඳ විමර්ශනයක්

 

 

 

                              


           

හැඳින්වීම -

        භෝග වගාවකට  පලිබෝධකයන් පැමිණීම සිදු වීම ස්වභාවික සංසිද්ධියකි. පරිසරයේ වෙසෙන විවිධ කෘමීන් සුහුඹුලන් ඇතැම් විට කරල් සහ ගෙඩි වල යුෂ උරා බොති.පත්‍ර වල ට පැමිණෙන පණුවන් ඩැහැ ගැනීමට පක්ෂීන් වගාවට එති. එවිට කරල් ගොදුරු කර ගැනීමද සිදු වේ. මේ නිසා වගාවේ පලිබෝධ යනු කෘමීන් පමණක් නොවන බව සිහිපත් කළ යුතුය.ගොවීන් විසින් මේ තත්වය වටහා ගන්නා අතර වගාව ආරක්ෂා කර ගැනීමට වගාව ආරම්භයේ සිටම විවිධ කෙම් පහන් භාවිතා කිරීමට පෙළඹෙති. කෙම් පහන් යන වචනය පොදුවේ දේශීය දැනුම තුළ පලිබෝධ මර්දනය හැඳින්වීමට යොදා ගැනේ.මේ පලිබෝධ මර්දනයේදී  ක්ෂේම කර්ම නොහොත් කෙම් මෙන්ම භෞතික උපක්‍රමයන්ද භාවිතා කිරීමට ගොවීන් සූදානම්ව සිටිති.  පලිබෝධ මර්දනය සඳහා පාරම්පරිකව යොදා ගත් අභිචාර විධි සහ භෞතික ක්‍රියා කාරකම් ලංකාවේ ජෛව විවිධත්වයට අනුව පළාතෙන් පළාතට වෙනස්  ව තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකිය.මෙම ලිපියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ කෙම්පහන් පිළිබඳ විවිධත්වය සහ එහි විද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳවයි.

 

ක්ෂේම කර්ම නොහොත් කෙම් ක්‍රමයන්හි යෝග්‍යතාවය -

 

වගාවක පලිබෝධයන් ලෙසට කෘමි සතුන් පැමිණෙන කල්හි විවිධ කෙම් ක්‍රම මගින් පාලනය  කිරීමට සිදු වේ. සතුන් ගේ මුඛ බැඳිම මගින් ගොවිපලෙන් පළවා හැරීම එක් ක්‍රමයකි. මෙයට උපයෝගී කර ගන්නේ මැතිරීම් ක්‍රමයන්ය.මැතිරීම යනු යම් විධිමත් ආකාරයකට ශබ්ද විද්‍යානුකූලව ගලපා ගත් වචන මාත්‍රා මුදා හැරීමකි.මුඛබැඳීම නම් ක්‍රමය එක්තරා විදියකින්  හිංසාකාරී වෙයි. වී වගාවට හානි කරන ගොයම් මැස්සා එහි ඉලක්කයයි. ගොයම් මැස්සෙකු අල්ලා ඇඹුල් දොඩම් ගෙඩියක අඩස්සි කර වක්කඩේ වැලලීම මගින් ද ගොයම් මැස්සන් තිදෙනකු කුඹුරේ තුන් පළකින් අල්ලා නමෝ කරක්කෙස්වාහං යනුවෙන් මතුරා  පිටත් කර හැරීම ද කළ විට අනෙක් මැස්සන් ගේ පැමිණිම අඩු වේ යයි විශ්වාසයක් ඇත. මේ සතුනට ආවේණික ගන්ධයක් පවතින අතර උන් අතරට මේ මැස්සන් ගේ පීඩාකාරී සංනිවේදනය ඇති කිරීම මෙහි උපක්‍රමය වෙයි.වගාවට හානි කරන රිලවෙකු හෝ වඳුරෙකු අල්ලා උගේ ඇඟ පුරා දැලි හෝ සායම් තවරා සුදු තිත් තබා ආපසු උන්ගේ ම රැළට පිටත් කර හැරීම ද එක් ක්‍රමයෙකි. මේවායේ ද යම් කිසි හිංසනයක් පවතී. සිංහල බෞද්ධ සමාජයක මෙවැනි දේ සිදු විණිදැයි සැකයක් ඇති වුණ ද ඉතිහාසයේ යුග ගණනාවක් ම විවිධ සංස්කෘතින් ගේ අභාෂයන් අප ලැබූ බවද  මෙහිදී මෙනෙහි කළ යුතුය.

   සිංහල සංස්කෘතියට සාපේක්ෂ මැතිරීම් ක්‍රම අතර තෙල් මතුරා බෝමලුවේ පහන් දැල්වීම පෙන්වා දිය හැකිය. බෝ මලුව පිරිසිඳු කර බෝධි පූජාවකට මෙන් අවශ්‍ය වතාවත් කර සිත එකඟකර ගෙන තම ගොවිපලේ නම සිහිකරමින් පහන් දල්වන අතර දී එක් පහනකට එළඟි තෙල් දමා එම පහනේ තෙලට නමෝ අත්තතිය භවවාතිය සිධ බුද්ධාතිය ඉටි මිටි ඒස්වාහං යනුවෙන් එකසිය අට වරක් මතුරමින් බෝධි වන්දනා ගාථාවන් ද කියමින් අවසාන වශයෙන් දෙවියන්ට පින්දී පැමිණීමෙන්  ගොයම් මැස්සන් කුඹුරෙන් ඉවත් කිරීමට හැකිය.

      කෙම් ක්‍රමයන්හිදී යන්ත්‍ර මන්ත්‍ර යන දෙවදනම භාවිතා වෙයි. මේ තුලින් කියැවෙන පණිවුඩය ගොවි ජනතාව තරම් වටහා ගත් පිරිසක් තවත් නොවීය. ඔවුහු සැම කටයුත්තකදීම මේ ශාස්ත්‍රයන් භාවිතා කළහ. වෙසෙසින්ම යන්ත්‍ර භාවිතයෙහි කෙළ පැමිණ සිටියහ.යන්ත්‍රය යනු තඹපත්‍රයක සටහන් කරගත් අක්ෂර ක්‍රමවේදයකි. යන්ත්‍රය සකස් කර ගන්නා විට ඒ සඳහා තල්පතක තඹ පතක පේ කර ගැනීම කළ යුතුය.පේ කර ගැනීම යනු පිරිසිඳු කර ගැනීමයි.නැතිනම්යම් කිල්ලක් හෝ ගුප්ත බලවේගයක ඇති බලපෑම අවම කර ගැනීමට සැලැස්වීමයි. යන්ත්‍රය තල්පතේ හෝ තඹ පතේ ඇඳ මල් බුලත් තටුවක තබා පේ කර ගැනීම සිරිතයි. සබ්බ පාපස්සඅකරණං ගාථාවෙන් මතුරන මේ යන්ත්‍රය ගොවිපලේ එල්ලා තැබීම ජනප්‍රිය ක්‍රමයෙකි.

 

 

 

මෙහි ලියා තිබෙන අක්ෂරයන්හි බලය ඇති වන්නේ කෙලෙසකදැයි විස්තර කරන පුරාණ දැනුම් සම්ප්‍රදාය දැන් අභාවයට ගොසිනි. එහෙත් මැතිරීමේ දී අත්දකින සත්‍යය මෙතනදීද වලංගුය. අවශ්‍ය වන්නේ යන්ත්‍රය නිවරදි ආකාරයට ජීවම් කර ගැනීම පමණකි.

      ඌරන් වැනි සතුන් ගොවිපළකට පැමිණීම වළක්වන පිණිස භාවිතා වූ සාර්ථක මන්ත්‍ර ක්‍රමයක් මෙහි සඳහන් කිරීම උචිතයයි සිතමි. එයට භාවිතා කරන්නේ දිවි කදුරු කෝටු අටකි. දිවි කදුරු ශාඛය සර්ප වෙදකමේ දී ඖෂධයක් විලස බහුල ලෙසට යොදා ගනී. දිවි කදුරු ගසකින් මේරීමට පත් වූ කෝටු අටක් කපා ගෙන පළමුවෙන් එය ජීවම් කර ගත යුතුය. ඒ සඳහා මල් බුලත් තටුවක් තනා අවශ්‍ය කළමනා සම්පූර්ණ කොට කදුරු කෝටු අට මල් බුලත් තටුවේ තබා සබ්බ පාපස්ස අකරණං යන ගාථාවෙන් දහස් වාරයක් ජීවම් කළ යුතුය. ඉන්පසු දිවි කරණ ඇති දිනයක (මෙම දිනය උදා වන්නේ සඳේ වක්‍ර වීම අනුවයි) ගොවිපළට ගොස් එහි අට කොනේ සිටු විය යුතුය. මෙය කළ යුත්තේ පාන්දර පමණ යෙදෙන වේලාවටයි. මෙය එක්තරා විදියක සීමා බැඳීමකි.දිවි කදුරු කෝටු ගැනීම දිවි කරණය යොදා ගැනීම ඌරා නමැති සතා විකර්ශණය කරන ක්‍රමයකි. දිවිකරණයෙන් වැට බැඳීමෙන්ද සතුන් ගෙන් ගොවිපළ ආරක්ෂා කර ගත හැකිය.

       ගොවිපළකට මීයන් ගෙන් කරදර හානි ඇති වටකදී මීයන් ගොදුරු කර ගන්නා සර්පයින් ගේ පැමිණිම ඇති කර ගත යුතුය. සර්පයින් අතරින් ගැරඬියන් ට වඩා නාගයා බලවත්ය. එහිදී මීයා ගොදුරු කරගන්නා නාගයා ගේ රූපයක් තඹ තහඩුවක ඇඳ එයට ගුරු දිනයක් උදාවෙන අවස්ථාව බලා ගුරු හෝරාවෙන් එම තඹ පත්‍ර හතර ගොවිපලේ වැලලීම කරති. මෙහිදී ගුරු හොරාවේ බලය ගැන තේරුම් ගත යුතුය. එය සතුන් ඇති කිරීමට යොදා ගන්නා හෝරාවකි. නාගයා ගෙවිපළට කැන්දන හෝරාවක් ද වේ. නමුත් මෙයින් මනුෂ්‍යාට හානියක් සිදු නොවේ.

    මීයන් කා දමන ගොයම් ගස් එකතු කොට සාදන ලද දරණුවක් මතට උතුරන බත් හැලියක් බෑමෙන් මීයන් ගේ උවදුරු වළකන අපූරු කෙමක් ඇත. එසේම අළුයම් හතරට පමණ නැගිට මී ගසක පොතු හතරක් උඩ සිට පහතට ගලවාලෙන  වංගෙඩිය යටට දමා තබා රාත්‍රි හතට පමණ එම පොතු තුඹුරට ගොස් තැබීම ද කරති. එසේම වංගොඩියේ කෙටූ වී සහල් කොට කිරිබතක් උයා දෙවියන්ට ඔප්පු කිරීමද කරති.මේ ක්‍රම දෙකේම පවතින්නේ මීයා පළවා හැරීමට කරන අහිංසක උපක්‍රමයන්ය.කපා සපා ගෙනවුත් තබා තිබූ ගොයම් ගස් කැබලි කෙරෙහි පවතින ආශාව මීයන්ගේ වුවද නැති වන්නේ නැත. ඒ මත ගිනි රශ්ණය ගෑවුණු බත් හැලිය දැවටීමෙන් මීයාට යම් සංජායනයක් ඇති විය යුතුය. බත බුද්ධ භෝගයකි.එයට හානි කරන මීයා දෙවියන්ගේ වාහනයකි. මේ කෙම මගින් මීයන් ඉවත් කිරීමට දෙවියන්ට ඉඟියක් ලබා දේ. එසේම මී ගසේ පොතු තබන්නේ වංගෙඩිය යටයි. වංගෙඩියේ නිතරම වී කොටනු ලබයි. එසේත් නැති නම් සහල් පිටි කරයි.මේ කෙම මගින්ද දෙවියන්ට යම් පණිවුඩයක් ලබා දෙයි.එය සංනිවේදකය කරනුයේ මී පොතු මගිනි.

     මීයා එළවීමේ භෞතික උපක්‍රමයක්ද ගොවියා සතුය. බළල් වසුරු වරා කිරි බළල් වලිගයේ ලොම් හිරියල් සමග අනා නියරවල් මත තැබීම ද හාල් මැස්සන් කුඩු කර ඒවා පොල් කුඩු වල මිශ්‍ර කර පිටි තරමට හීන් වන සේ කොටා ගත් ජාපාල ඇට( විෂ සහිත ඖෂධයක්)  මුසු කොට වියළා මීයන් එන මාර්ගයේ තැබීමද කරති.මෑත වකවානුවේ දී ව්‍යාප්ත වූ ගිනිසීරියා මල් සහ ටූනා මල් තැබීමද තවත් ක්‍රමයකි.     

 

පූජා විධි ඇතුලත් කෙම් ක්‍රම -

 

යන්ත්‍ර මන්ත්‍ර නොහොත් අභිචාර විධි වලට අමතරව ලංකාවේ ඇතැම් පළාත් වල පූජා චාරිත්‍ර සමග කෙම් ක්‍රමද අනුගමනය කරති.විවිධ වසංගතයන් ගොයමට වැළඳුන කල්හි විශේෂයෙන්ම මෙම ක්‍රම අනුගමනය කරති.එවැනි අවස්ථාවලදී ගොයම සහිත වෙල් යාය ප්‍රදේශීය දෙවිවරුන්ට භාර දීම කරති. පහන් පැළක් සකස් කර පහන් දල්වා දෙවියන්ට ආරාධනා කර ගොයම භාරදී පසුව අස්වනු කපා පාගා ගැනීමෙන් පසු කිරි උතුරුවා දානය දී භාරය නිදහස් කර ගැනීම සිරිතකි.

 

 

 

ගොඩවෙල්ලන් වැනි පණු උවදුරක්  දරුණු ලෙසට ඇති වූ විට උන් අල්ලා මුට්ටියක දමා රුහුණු කතරගම දේවාලයට ගොස් භාරදී පොර පොල් පිටියක් පැවැත්වීම කොට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම කරති.මෙම පූජා චාරිත්‍රයන්හි විද්‍යාත්මක ස්වභාවයන් සලකා බැලීමට නොහැකිය.නුමුත් ගොවි සමූහයක් විසින් කරන මෙවැනි ආයාචනා  ප්‍රත්‍යක්ෂ කෙම් ක්‍රමයන් ලෙසට දීර්ඝ කාලයක් තිස්සේ පැවත පැමිණ ඇත.

 

ශාකසාර සහ විවිධ ඖෂධ පදනම් කරගත් කෙම් ක්‍රම -

 

      පරිසරයේ දක්නට ලැබෙන විවිධ ඖෂධ පැලෑටි වල තිබෙන රසායනික සංයෝග කෘමි මර්දනයට ඉතා අගනා බව අත්දැකීමෙන්ම දීර්ඝ කාලයක් පසක් කරගෙන සිටි බව පෙනේ.කතුරු මුරුංගා කෙම පරගෙඩි කෙම දලුක්තැලීම කුකුරුමාන් කෙම නව නිල්ල කෙම ඒ අතරින් කීපයකි. කතුරු මුරුංගා කෙමෙ කරනු ලබන්නේ ගොයම පැළ අවදියේ දීය. ගොයම් කහ පැහැ ගැහී වර්ධනය බාල වන විට එයට හේතුව ගොවියා සොයා ගනී. කතුරු පණුවා නිසා ඇතිවන පණු රෝගය නිසා මෙලෙස සිදු වන බව ඔහු වටහා ගනී. මේ පණු උවදුරු මර්දනය කිරීමට වල් කතුරු මුරුංගා මුල් සපයා ගෙන කොටා යුෂ ගෙන ජලය මුසු කර ඉසීම මගින් රෝගය දුරුවන් වේ.

     දලුක් තැලීම සිදු කරනු ලබන්නේ පණු උවදුර මර්දනයටයි.ගොයම පැළපත අවදියේ දී පත්‍ර මත ඇතිවන සුදු කොළ පුල්ලි රෝගය මර්දනයට දලුක් පිති කපා ලියැද්දේ තැන තැන දැමීම කරති. දලුක් කිරි ජලයට මුසු වන අතර මෙම රෝගයට හේතු වන පණුවා මර්දනය වේ.ගොයමට අල කොළ රෝගය වැළඳුණ කල්හි නව නිල්ල නම් කෙම කළ යුතුය.මෙම කෙම කිරීම සඳහා නිල් පැහැ කෙළ නවයක් උණදඬුනවයක් ගොක් කොළ නවයක් සහ කෙසෙල් කොළයක් අවහ්‍ය වේ.මෙමඅතු නවය කපු මහතෙකු ගේ මාර්ගයෙන් ජීවම් කළ යුතුය. අනතුරුව කෙතේ ස්ථාන නවයක සිටුවිය යුතුය. සිවුරු කැබලි උපයෝගී කර ගත් පන්දම් මගින් කෘමි සතුන් ආකර්ෂණය කර ගැනීම ද පළවා හැරීම ද සිදු කරන ලදී.යන්ත්‍ර මන්ත්‍ර ආදී  අභිචාර විධි අනුගමනය කරන කල්හි වුවද යමිකිසි සමාන බවක් දක්නට ලැබුණද පළාතෙන් පළාතට අනුගමනය කරන ලද ක්‍රම වේද වෙනස් බව පෙනේ. පලිබෝධකයින් පමණක් නොව ඇතැම් විට යමි කිසි දිලීර හානියක්  ඇති වූ අවස්ථාවලදීද වගාව හානියට පත්වීම වලක්වා ගැනීමට  අභිචාර විධි අනුගමනය කර ඇත. මඩ ගොවිතැන පිළිබඳ සලකා බැළුවහොත් එයට හානි කරන පලිබෝධකයින් සිටින්නේ අතලොස්සකි. ගොයමට හිත මිතුරු සතුන් රාශියෙකි. කෘෂි රසායන යෙදීමෙන් මිතුරු සතුන් ද වැනසෙති. එම නිසා පලිබෝධකයින් පමණක් පලවා හැරීමට කරන ගොවිතැන සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක විධි ක්‍රමයක් බව පෙන්වා දිය යුතුය..

       පලිබෝධකයින් වගාවක සැරිසැරීම සිදු වන්නේ යම් කිසි කාලවකවානුවකදීය. උන්ගේ ජීවන රටාව තේරුම් ගැනීමෙන් මේ බව අවබෝධකට ගතහැකිය. ගොයම් මැස්සා පියාසර කරන සතෙකි. උන්ගේ බෝ වීම සඳහා කෙරෙන එක් වීම නිරීක්ෂණය කළහොත් මේ සතා පළවා හැරීම ට කෙරෙන විධි ක්‍රමය නිගමනය කළ හැකිය.පැරණියන් මණ්ඩේ ගැසීම නම් විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන ලද්දේ මේ එක් වීම ට බාධා කිරීමටයි.එය සවස් වරුවේ කරන ලද්දකි. විශාල වශයෙන් පැතිරෙන දුඹුරු පැළ කීඩෑවා ගේද බෝ වීම මෙලෙස වලක්වා ගත හැකි බව දශක කීපයකට ඉහතදී පවා ගොවියන් සිය ප්‍රඥාව මගින් තේරුම් ගත්හ. ඒ සඳහා ඔවුහු  වේගයෙන් සුළඟට සෙලවෙන පොල් අත්තක් යොදා ගන්නා ලදී . එහි එල්ලන ලද උදළු තැටිලි මේ සෙලවීමට ඝණ්ඨා හඬ නන්වයි. එය ද සාමාන්‍යයෙන් සතුන් එක්වීම සිදු වන සවස් කාලයේ අටවා තබන ලද්දකි. උදලු තැටිල්ලෙන් ප්‍රතිරාව නිසා ගොයම් මැස්සන් ගේ බෝවීම වැළැක්වෙයි. ඒ අතරවාරයේ චන්ද්‍රයාගේ ගමන කලුවර පක්ෂයට හැරේ. එවිට ක්‍රමානුකූලව මැසි උවදුර පාලනයට ලක් වේ.

මතුගම සෙනෙවිරුවන්

 

ආශ්‍රිත ග්‍රන්ථ - කෙතක මහිම කෙම් පහන් - පියසේන කහඳගමගේ -1995