පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, June 29, 2014

මුස්ලිම් කෝලාහලයන්ට පදනම් වූ හේතු නොසලකා හැරීම


                         


            පසුගියදා දර්ගා නගරයේ ඇති වූ ගැටුම පිළිබඳව විමර්ශනය කරන්නෙකුට නිතැතින්ම සිහිපත් වන්නේ  විසිවන සියවස මුල් භාගයේ දී ඇති වූ සිංහල මරක්කල කෝලාහලයයි. ඉන් වසර සියයක් ගතවූ විටද එම ස්වරූපයෙන්ම සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිවීම සැබවින්ම අවාසනාවන්ත තත්ත්වයකි. එම කෝලාහලයන්ට තුඩු දුන් හේතු නොසලකා හැරීම මීට පසුබිම් වන බව පැහැදිලිය.

             ඊ.බී. ඩෙන්හැම් නැමැති බ්‍රිතාන්‍ය සිවිල් සේවා නිලධාරියා එක්දහස් නවසිය එකොළහ වසරේ පවත්වන ලද ජන සංගණනය පිළිබඳව වැදගත් වාර්තාවක් විසින් පළකර ඇත.    මෙම වාර්තාව ප‍්‍රසිද්ධියට පත්ව   2014 වසරට වසර එකසිය දෙකක් ගත වෙයි. මෙහි අඩංගු ඇතැම් කරුණු අතර ලංකාවේ මුස්ලිම් ජනතාව අරභයා තබා ඇති සංඛ්‍යා ලේඛන වර්තමානයට ඉතා වැදගත් වෙයි.

                   ලංකාවේ ජීවත් වෙන මුස්ලිම් ජනතාව එක් පිරිසක් නොවේ . ඔවුහූ එකම ලබ්ධියක සිටියද ජන වර්ග වශයෙන් විවිධය. ඩෙන්හැම් මහතා දක්වන පරිදි ලාංකික මුස්ලිම් ජන කණ්ඩායම් නොහොත් අරාබි මුස්ලිම් ප්‍රජාව සිංහල රජවරුන්ගෙන් රාජකාරි ලැබ මෙහි පදිංචි වූවන්ය. පෘතුගීසීන්ගෙන් හිරිහැරයට පාත‍්‍රව සිටි දකුණු ඉන්දීය මරක්කලයින් ඉන් ගලවා ගැනීම් වස් නැගෙනහිර  පළාතේ ඉඩම් ලබා දී රාජකාරියට යටත්ව සංස්කාතියට එකතු වන ලෙසට පොරොන්දුවක් ද ලබා දී පදිංචි කරන ලද්දන් ද   මීට අයත්ය.    1911 වන විට ඔවුන් ගේ ජන සංඛ්‍යාව 2,33,901 ක් විය. ඊට අමතරව මුහුදු බඩ මුස්ලිම් ප්‍රජාව ගණනින් 32,724ක් විය. මේ ජන වර්ගය උපතින් දෙමළ ගෝත‍්‍ර වලට අයත් වන අතර දකුණු ඉන්දියාවේ සහ ලංකාව අතර පුවක් සහ රෙදිපිළි වෙළදාමේ නියුක්තව සිටියහ. හම්බන් නම් යාත‍්‍රා විශේෂයක් භාවිතා කිරීම නිසා හම්බයෝ යන පොදු නමින් ඔවුන් හැඳින්වීය.

          මේ මුස්ලිම් ජන කොටස් වලට අමතරව මැලේ ජන වර්ගයද මුස්ලිම් ප‍්‍රජාවට අයත්ය.එසේම බටහිර ඉන්දියාවෙන් පැමිණි බෝරා වෙළෙන්දන්ද උගස් බඩු ගැනීමේ නියුක්තව සිටි අවකන් නොහොත් ඇෆ්ගන් වරු ද මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය කරයි. ඔවුහූ වැඩි වශයෙන් කොළඹ කේන්ද්‍ර කරගෙන ජීවත් වූ බව සඳහන් කර ඇත.

         ලංකා ව්‍යවස්ථාදායක සභාවේ සිංහල නියෝජිතයාව සිටි එස්. සී. ඔබේසේකර මහතා කෘෂිකර්ම බැංකු කමිටුව ඉදිරියේ දී තිබෙන සාක්ෂියකදී මෙම මුස්ලිම් ප‍්‍රජාව ගැන සඳහන් කර ඇත්තේ මෙසේය . සාමාන්‍යයෙන් ඔවුහු නිතරම අමුත්තන්ය. මිනිසුන්ට නිතරම හිරිහැර කරන්නන්ය. ඔවුන්ට මුදල් ටිකක් තිබේ. සාමාන්‍ය රට වැසියා ට එපමණකවත් නොමැති හෙයින් ඔවුහු අන්තිමේ දී රට වැසියාගේ ඉඩම් හිමියෝ වෙති. මෙහිදී එක් නිදර්ශනයක් පමණක් ඉදිරිපත් කරමි. එක්කෙනෙක් වී බුසලකින් ( බුසලක මිළ 1.50 කි.) රුපියල් දෙදාහක් පමණ ඉඩම් උපයා ගත්තේය. වී බුසල් දෙකක මිළ රපියල් දෙකයි පණහ දක්වා වැඩි කළේය. අන්තිමට රටේ මහත්තයා එය ගලවා ගත්තේ රපියල් දෙකයි පණහක් ගෙවීමෙනි.

        එකල මෙලෙස විශාල ඉඩම් ප‍්‍රමාණයක් විදේශීය මුස්ලිම් ප්‍රජාව සතු වූයේ මෙලෙස මුදල් ණයට දීමෙනි. දඹුල්ල ලේනව ප‍්‍රදේශයේ නිකවටවන නම් ගමක් වෙයි. මෙය දඹුලු විහාරයේ පිළිම වහන්සේලා වෙනුවෙන් පූජා කරන ලද්දකි. පිළිම වහන්සේගේ වැලමිට වෙනුවෙන් වැලමිටියාව ද නිකට වෙනුවෙන් නික වටවන ද පූජා කරන ලද බව කියති. යටත් විජිත යුගයේ දී මුදල් ගෙවා මෙම ගම රාජකාරියෙන් නිදහස් කර ගෙන ඇත. එම ගම් වාසී සිංහලයන් ට මුදල් නොතිබුණ අතර වෙළෙදාමේ යන මුස්ලිම් ජන කණ්ඩායම් මෙම ගම නැවතී තමන්ගේ තවලම් ලිහා ගස් වල බැඳ සිංහලයන් ගෙන් දර වතුර ඉල්ලා ගෙන උයා පිහා කා යන සිරිතක් තිබුණි. මුදල් නොමැති එක් රදළයෙකු මෙම මරක්කලයන්ගෙන් සල්ලි ණයට ගත්තේය. අවසානයේ ණය ගෙවා ගන්නට නොහැකි වූ රදළයා සිත් තැවුලෙන්ම ජිවිතක්ෂයට පත් විය. මුස්ලිම් වෙළෙන්දා මෙම රදළයාගේ ඉඩමත් ඔහුගේ භාර්යාවත් අත්පත් කර ගත්තේය.කන්තලේ අසල තඹලගමුවේ සිටි මරක්කලයන් සිංහලයන්ට නිතරම කරදරකාරී වූ පිරිසකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කල්පේ කෝරළයට යාබදව තිබූ  බැවින් නතරම පරංගියාවාඩිය හොරොව්පතාන වැනි ගම් වලට පැමිණීම ඔවුන් ගේ සිරිත විය. අස්වනු කපා පාගන්නා සමයේ දී මේ මරක්කලයන් සමූහ වශයෙන් ගම් වලට පැමිණෙන්නේ කරත්තද රැගෙනයි. පරංගියාවාඩිය පරදෙහියාකඩ වැනි ගම්වලට පැමිණ සිංහලයන්ට පහරදී ඔවුන් එළවා දමනු ලබන අතර අනතුරුව වී බිහි වල තිබෙන වී  කරත්ත වල පටවා ගෙන ආපසු තඹලගමුවටම යති.  සෑම වර්ෂයකම මෙලෙස වී අස්වැන්න කොල්ලකෑමේ නියුතු ව සිටි මරක්කලයන් ගෙන් බේරීමට බැරි වූ විට සිංහලයන් එක් රැස් වී කතිකා කොට  තීරණයකට එළඹියහ. ඒ අනුව ගමට පැමිණි එක් දිනයකදී ඔවුන් වටකොට පහරදී ඝාතනය කිරීම කරන ලද්දේ වෙන කළ හැකි අන් දෙයක් නොවුණු බැවිනි.

              එකල කෘෂිකර්ම බංකු කමිටුව ආරම්භ කරන ලද්දේ මෙම ණය උගුලෙන් ජනතාව බේරා ගැනීම සඳහාය. රොබට් චාර්මස් ආණ්ඩුකාරයාගේ මූලිකත්වයෙන් පිහිටුනු ලැබූ සමූපකාර ණය දෙන සමිති ද අසරණ ගම් වැසියන් හෙටිටි රාළලාගෙන් බේරා ගැනීමට පිහිටුවනු ලැබූ ඒවාය. ආමන්ඩ් ද සූසා මහතා  මෙම මුස්ලිම් ප්‍රජාව ගැන සඳහන් කරන්නේ මෙලෙසය .

        ඔවුහු බොහෝ විට අශීලාචාර විය. මෙය යුදෙව්වන් තුළ දක්නට නොලැබුණු ගතියකි. ඔවුන් ඉන්දියාවේ මුහුදු බඩ පෙදෙසකින් පැමිණියේ වස්තු තණහාව නිසාය. ඔවුන් මහමත්වරුන් හෙයින් භාර්යාවන් කැටුව නොපැමිණියහ. මෙම පිරිස ගම් වලට පැමිණ ආරම්භ කළ කඩ වල හැම දෙයක් ම ඇත. මෙහිදී ඔවුහු සිංහල බෞද්ධ තරුණියන් සමග හාදකම් පවත්වමින් එක්කෝ ඔවුන් දූෂණය කළහ. නැතහොත් මුසලිම් ආගමට හරවා ගෙන අනියම් බිරියන් හැටියට තබා ගත්හ.

            1912 දී ආරම්භ වී 1915 වර්ෂය දක්වා ඇදී ගිය මරක්කල කෝලාහලයට පසුබිම් වනුයේ  මුහුදු බඩ මුස්ලිම් වරු නොහොත් හම්බයන්ය. ඔවුහු මරක්කලයන් ලෙසටද හැඳින්වූහ. ලංකා විශ්ව විද්‍යාලීය  ඉතිහාසය නම් ග‍්‍රන්ථයේ දී කේ. එම්. ද. සිල්වා මහතා මේ මරක්කලයන් ගැන විග‍්‍රහ කරනුයේ මෙසේය.

              ඔවූහු ස්වකීය වෙළඳ ජාවාරම් ආරක්‍ෂා කර ගැනීම සඳහා දැඩි ලෙස ක‍්‍රියා කලාහු පමණක් නොව ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කර ගැනීම පිණිසද ස්වදේශික මුස්ලිම් වරුන්ට වඩා සාහසික ලෙස ක‍්‍රියා කළහ. මොවුන්ගේ මේ අවිනීත භාවය හා අනෙක් ආගමික ජන කොටස් සතුව පවත්නා සාම්ප‍්‍රදායික පූජා විධි හා සිරිත් විරිත් ගැන නොතැකීම නිසා මෙවැනි අවධියෙක (1915) එනම් බුදු සමයෙහි පුනරුදයක් ඇති වේගන ගිය කලෙක ඔවුහු සිංහල බෞද්ධයන් සමඟ බරපතල ගැටුමකට වහල් වූහ. වසර අටසීයක් පමණ පැරණි ගම්පළ වලහගොඩ දේවාලයේ පෙරහැරට මුල් වරට 1907 වසරේ දී මුස්ලිම් ජනතාවගෙන් බාධාවක් එල්ල විය. දේවාලයට නුදුරින් තිබෙන මුස්ලිම් පල්ලියට දෙපැත්තේ යාර සීයක් පමණ දුරින් කණු දෙකක් පිහිටුවා ඒ අතර තුර තූර්ය වාදනය තහනමි කරලීම මෙම බාධාවයි.

           1912 දී නුවර දිසාපති වරයාව සිටි ජී. ඒ. සැක්සටන් මහතා සිංහල බෞද්ධයන් ගේ මෙම පෙරහැර පැවැත්වීමට බාධා වන පරිදි නීතියක් සම්මත කලේ මෙකී මරක්කල ජනතාවගේ ඉල්ලීම පරිදිය. ගම්පළ වලහගොඩ ඓතිහාසික දේවාලය ආසන්නයේ පිහිටා තිබූ මේ මරක්කල පල්ලිය ඉදිරිපසින් තූර්ය වාදන නොමැතිව පෙරහැර ගමන් කළ යුතු යැයි යන නියෝගය පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේදී ස්ථීර විය. ඉන් පසු උද්දාමයට පත් යටකී මරක්කලයන් දිවයිනේ විවිධ පෙදෙස් වල  පැවති උත්සව කඩා කප්පල් කිරීමට ඉංග‍්‍රීසි ආණ්ඩුවේ සහය ලබා ගත්හ.

           1915 මැයි මස 5 වන දාට යෙදී තිබූ වෙසක් උත්සවය සඳහා මහනුවර පැවති බැති ගී කරත්ත පෙරහැර කඩාකප්පල් කිරීම නිදසුනකි. බෞද්ධයන් මේ අවස්ථාවේදී දන්සල් පැවැත්වීම නිසා මුස්ලිම් කඩවල වෙළදාම නැති වී යන්නේ යැයි යන අදහස නගර සභාවේ නිළධාරීන් වෙත ඒත්තු ගැන්වීමට මුස්ලිම් නායකයන් උත්සාහ කළහ. මේ නිසා දන්සැල් පැවැත්වීමට නගර සභාවෙන් නිසි අවසරය නොලැබුණි. එසේම පොලීසිය විසින් කරත්ත පෙරහැරට බාධා කිරීම නිසා ඇති වූ කලබලය මහත් නොසන්සුන් තාවයක් බවට පත් විය. යුද්ධ නීතිය යටතේ දවස් සියයක් නම් ග‍්‍රන්ථය සකස් කළ ආමන්ඞ්ද සූසා මහතා 1915 මරක්කල කෝළාහලයට හේතු දක්වන්නේ බි‍්‍රතාන්‍ය රජයේ සහ නිලධාරීන්ගේ ඔලමොට්ටල කම් ගෙනහැර දැක්වීමෙනි.

               එහිදී කුරුණෑගල උසාවියේ පවරා තිබූ අංක 3649 දරණ නඩුව විභාග කළ ජී. ඩබ්. වුඩ්හවුස් මහතා මුස්ලිම් සිංහල දෙපක්ෂය සමගි කරලීමට බැරි වීම පිළිබඳව පොලීසිය හෙලා දැක්කේය .සමගි කරවීම වෙනුවට පොලිසිය කර තිබෙන්නේ නඩු යාමට දෙපක්ෂයම දිරි ගැන්වීමයයි ඔහු සඳහන් කළේය. 1915 දී බලවත් ජීවිත හානි වලට පසුබිම්  වූ මුස්ලිම් කෝලාහලයට ලංකා පොලිසියේ ප‍්‍රතිපත්තියෙහි පැහැදිලි දුර්වල කම හේතු වී ඇති බව ද හේ වැඩි දුරටත් ප‍්‍රකාශ කලේය.

             බෞද්ධයන් ගැටුම් වැලැක්වීමට උත්සාහ කරද්දීත් ඔවුන්ගේ අවංක භාවය පැහැදිලිව පෙනෙන්ට තිබියදීත් මුසලිම් අය ඕනෑකමින් පීඩාකාරී වූහ. බෞද්ධයනට පාඩමක් උගන්වන අටියෙන් පෙරහැරට විරුද්ධව මුස්ලිම් ජන කණ්ඩායම් පල්ලි ළගට රැස්වූහ. මෙම ගොඩනැගිල්ල පාඨශාලාවක් විනා පූජනීය ස්ථානයක් නොවන බව අවංකවම විශ්වාශ කළ බෞද්ධයන් ඔවුනට අභියෝගයක් වශයෙන් නොව සාමාන්‍ය පිළිවෙලකට අනුව ඒම ස්ථානය පසුකර ගියහ. මුස්ලිම් අය ඉල්ලා සිටි කෙණෙහිම ඔවුහු තූර්ය වාදනය නැවැත්වූහ. එහෙත් මුස්ලිම් ජනයා පෙරහැර විසිරුවා හැරීමට දැඩිව තීරණය කර ගෙන සිටි හෙයින් ඔවුහු පෙරහැර ට ගල්වලින් ගැසූහ. සමහරෙකුට පහර දුන්හ. පිළිමයට මඩ ගැසූහ.( යුද්ධ නීතිය යටතේ දවස් සියයක්)

          ජෝන් ඇන්ඩරසර්න් මහතා ආණ්ඩුකාරවරයා වශයෙන් පත්වී පැමිණි අලුතම ඔහු කළ කාර්යය නම් ගම්පළට ගොස් වලහගොඩ දේවාලයේ පෙරහැර සම්බන්ධ ප‍්‍රශ්ණය සමථයකට පත් කිරීමට උත්සාහ දැරීමයි. බෞද්ධයන් ගේ පුරාණ චාරිත‍්‍ර පැවැත්වීමට බාධා නොකරන ලෙසටත් ඔවුන්ගේ හැඟීම් අවිස්සෙන අයුරින් ක‍්‍රියා නොකරන ලෙසටත් මුස්ලිම් ප්‍රජාවගෙන් පොරොන්දුවක් ගත්හ. නමුත් 1915 වන විට තත්ත්වය බරපතල වී කෝලාහලයක් බවට ගැටුම පරිවර්තනය වූයේ ය. ඒ තත්ත්වය තුළ අප තේරුම්කර ගත යුත්තේ විදේශීය මූලයක් සහිත ජන කොටසකට අනවශ්‍ය ආකාරයකට වටිනාකම් ලබා දීමෙන් අසරණ ව සිටින සවදේශික ජන කොට්ඨාසය පීඩාවට පත් වන බවය.

           1981 වසරේදී පවත්වනු ලැබූ ජන සංගණනයේදී හෙළි වූ කරුණු අනුව සමස්ත මුස්ලිම් ජනගහනය සියයට 6.5 ක් වූ අතර 2001 දී එය සියයට 8.5 දක්වා වර්ධනය වී තිබුණු බවයි. ලංකාවේ දිස්ත‍්‍රික්ක අතරින් මුස්ලිම් ජනගහනයේ සීඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන්නේ පුත්තලම් දිස්ත‍්‍රික්කයේ ය. එය 1981-2001 වන විට සියයට 9.9 සිට 18.7 දක්වා වර්ධනය වී ඇත. කළුතර, ගම්පහ, නුවර, අනුරාධපුර, කෑගල්ල ආදී ප‍්‍රදේශ වල පිළිවෙලින් මේ ජනගහන වර්ධන වේගය දක්නට ඇත.ජන ගහන වර්ධන වේගයද සමග ලංකාවේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් බිහිබීමට පටන් ගෙන ඇත. තව්පික් ජමාත් වැනි සංවිධාන දහයක් පමණ මෙහි ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශයන්ද දැනුම්වත් වී ඇත. ඒ අතර සංචාරක වීසා රැගෙන ලංකාවට පැමිණි ඇති පකිස්තාන අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් සෑම මුස්ලිම් ජන කිටුවකටම යමින් එමින් ඔවුන් ගේ මූලධර්මවාදී දේශන පවත්වති. දර්ගානගරයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්තාවයට හේතුව මෙලෙස මූලධර්මවාදී ලෙසට බල ගැන්වුණු පිරිස් බව පැහැදිලිය. සිංහලයන් අවුස්සා කෝලාහලයකට මුල පිරීම කුමන්ත්‍රණකාරී ලෙසට ආරම්භ කළ බවක් එහිදී දක්නට තිබුණි. ආවේගශීලී ඇතැම් සිංහල කොටස් විසින් පහර දෙනු ලැබූ විනාශ කරන ලද දේපල පිළිබඳව ඔවුහු කඩිනම් වාරතාවක් සැකසූහ. එසේම දර්ගානගරයේ සිද්දියට පැය විසි හතරක් යන්නටද කලියෙන් මුස්ලිම් අය නියෝජනය කරනු ලබන මානව හිමිකම් නියෝජිත පිරිසක් පොලිස් ස්ථානයන්ට යැවීමටද කටයුතු කළහ.ඒ අනුව සිංහල දේපළ වලට හා වැලිපැන්නේ බුදු මැදුරට පහර දුන් මුස්ලිම් අන්තවාදීන් අත් අඩංගුවට පත් වීම වැළකුණි. මුස්ලිම් නායකයන්  ගේ මැදිහත් වීම මත සකස් කරන ලද වාර්තාව දැනටමත් අන්තර්ජාතික මානව හිමිකම් නියෝජිතයන් අතට පත්වී ඇතිවා නිසැකය. මෙහිදී පොලිසිය කලේ මෙම වාර්තාව සැකසීමට අවශ්‍ය පහසුකම් ලබා දීමයි. ඔවුන් හිතාමතාම සිංහල තරුණයන් වැඩි පිරිසක් අත් අඩංගුවට පත් කරන ලද්දේ ද මුස්ලිම් අය අත් අඩංගුවට පත් නොකිරීමට ක්‍රියා කලේද මේ වාර්තාවට අවශ්‍ය කරුණු පෙළගැස්වීමටයි. ඒ අතින් බලන කල්හි ශ්‍රී ලංකා පොලීසිය පවත්නා රජයට එරෙහිව කටයතු කර තිබේ.

            වසර සියයකට පසුවද නැවතත් සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය වන්නේ පාලකයන්ගේ හා පොලිස් නිළධාරීන්ගේ දුර්වලතාව නිසා බව දැන් පැහැදිලිය. මේ කිසිවෙක් සිංහල ජනතාව සතු පාරම්පරික අයිතියට ගරු නොකරති. රටේ එක් නීතියක් වෙනුවට ජාතිවාදී නීති මගින් ජනතාව බෙදා පාලනය කිරීමට සැලසුම් සකස් කරති. අගමික ගැටුම් නිර්මාණය වන්නේ මෙවැනි අමන තීන්දු තීරණයන් නිසාවෙනි. මුස්ලිම් ප‍්‍රජාව අතරද සාමකාමී සහජීවනයට කැමති පිරිසක්ද සිටියද  ආගමික සහජීවනය ඇතිනොවන්නේ සිංහල ජන සංස්කෘතියට ඇතුළත් කරගැනීමට තිබෙන එවැනි බාධාවන් නිසාවෙනි. දේශපාලන පක්ෂ වශයෙන් ද මෙම පිරිස තව තවත් ගෝත‍්‍රික කණ්ඩායම් බවට පත් වීමේ ප‍්‍රවණතාවයක් ද මෑත කාලීන ඉතිහාසය තුළ පෙන්වයි.ඒ මගින් ජාතිය එක්සත් වීමේ අවස්ථාවන් දුරස් ව යන අතර  මෙරට පාරම්පරික උරුමයන් ඇති සිංහලයින් ගේ අයිතිවාසිකම්  ද විනාශ වී යාමට හේතුවක් බවට පත් වී ඇත.  

Saturday, June 21, 2014

ආගමික ගැටුමක් හැදීමට අවශ්‍ය වන්නේ කා හටද


                                    

 

            සිංහල බෞද්ධයන් සතුව තිබෙන ඉවසීම මෛත්‍රිය කරුණාව ආදිය නිසාම ඔවුහු අද බෙහෙවින්ම පීඩාවට පත්ව සිටිති. ලෝකයේ සුළුතරයක් බැවින් මූල්ධර්මවාදී සංවිධාන විසින් ඔවුහු වටලෑමට යටත්ව සිටිති. පසුගිය කාලයේ දී ඇතිවූ ඊලාම් අක්‍රමණය පිටිපස සිටියේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ය. එම ආක්‍රමණය මර්දනය කිරීමට දේපළ  හා ජීවිත රාශියක් පූජා කිරීමට සිංහලයන්ට සිදු විය. යුධ හමුදාවට බැඳුණු සිංහල භටයන් විසිදහසක් පමණ යුද්ධයේදී මිය ගියේ මේ ආක්‍රමණය මර්දනය කිරීමටයි. එහෙත් මෙම ආක්‍රමණය ත්‍රස්තවාදයක් ලෙසට පමණක් දැකීම නිසා යළිත් එම ප්‍රශ්ණය විවිධ වේශයෙන් රට තුළ මතුව තිබේ. එකක් නම් දෙමළ ඩයස් පෝරාව විසින් ජාත්‍යන්තරය මත බලහත්කාරයෙන් පටවා ඇති ඊළාම් මතවාදය වෙතින් එන පිඩනයයි. අනෙක් නම් මුස්ලිම් මූලධර්මවාදීන් ගෙන් එන පීඩනයයි. පසුගිය පොසොන් පොහොය දින ධර්ගානගරයෙන් මතු වූයේ මුස්ලිම් මූලධර්මවාදීන් ගේ අක්‍රමණික ස්වභාවයයි.

         මීට වසර අනූනවයකට පළමු ගම්පළදී මතු වූ මුස්ලිම් මූලධර්මවාදයද එලෙසම රට තුළ ගිනිදැල් අවිලූවූයේය.සිංහල බෞද්ධයන් විසින් වාර්ෂිකව පැවැත්වු දන්සැල් නිසා මුස්ලිම් වෙළෙන්දන්ට වන හානිය මේ මූලධර්මවාදීන් විසින් එවක සිටි ඉංග්‍රීසි ආණ්ඩුවට ඉදිරිපත් කළහ. ඔවුන්ගේ පල්ලි ඉදිරියෙන් සිංහල බෞද්ධ පෙරහැර පැවත්වීමද බාධාවක් බව ප්‍රකාශ කළහ.  එවක ඉංග්‍රීසි ආණ්ඩුවේ පොලිස්පතිව සිටි ඩව්බිගින්  ඇතුළු පොලිස් හමුදාව මගින් දැඩි ලෙස සිංහලයන් මර්දනය කරමින් ඇතෙමෙක් යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවා ඝාතනය කළහ. මේ පුසුබිම යටතේ ඇතිවූ භීෂණය විසින් සිංහලයා සිය නිදහස් ව්‍යාපාර දෙසට තව තවත් තල්ලු කරන ලද බව ඉතිහාසය කියයි.

            අළුත්ගම ධර්ගා නගරය මුස්ලිම් අයගේ නගරයක් නොවේ. බෙන්තර ගඟේ තොටුපළ අසන්නයේ සිටි මුස්ලිම් වානිජයන් චීනවත්ත(චීන වෙලෙන්දන් ගැවසුණු තැන ) කාර්දියවත්ත(ගාර්දියවත්ත-security point ) අඹගහහන්දිය ආදී පෙදෙස් වලට කාලාන්තරයක් තිස්සේ පැතිරීමෙන් ඇතිවූ නගරයකි. මේ මුස්ලිම් අය තම ධන බලය නිසා කාලයක් තිස්සේ සිංහලයන් සතුව පැවැති දේපළ මිළදීගනිමින් මේ ව්‍යප්තිය සිදු කරන ලදහ. වර්තමානයේ දී පතිරාජගොඩ කුරුඳුවත්ත ආදී තැන්වල ඇති සිංහල ගම් වල හුදකලාව නිර්මාණය වන්නේ මේ ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් වශයෙනි. වසර සීයයක් ගත වන විට අද ධර්ගා නගරයේ සිංහලයෙකුට නිදහසේ තමන්ගේ ගමනක් පවා යෑමට නොහැකි තත්ත්වයක් උදාව ඇත.  කුරුදුවත්ත විහාරය ඉදිරිපසට ගවයෙකු ගෙනවුත්  මස් කර ගවයාගේ බෙල්ල සහ ශරීරයේ ඉතිරි කොටස් දමා යෑමට තරම් මුස්ලිම් අය සාහසික වූයේ මාසයකට පමණ ඉහතදීය. මේ පිළිබඳව අළුත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ල තව වෙනතුරු විභාගකර නොමැත. මේ අක්‍රමණය ඔඩු දීවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පොසොන් පොහෝ දා කුරුඳුවත්ත විහාරයේ පූජ්‍ය අයගම සමිත හිමියන්ට මුස්ලිම් මැරයන් විසි පහර දෙනු ලැබිණි. මුලින් මහ පාරේ දී ඇතිවූ ආරෝව සංසිඳුණු නමුත් පසුව පන්සලට වැඩමවන ස්වාමීන් වහන්සේ හඹා ගොස් පහර දීමට තරම් ඔවුහු සාහාසික වූ බව පැහැදිලිය.අළුත්ගම නගරයේ සිට කුරුඳුවත්ත විහාරයට යෑමට තිබෙන් මග වැටී ඇත්තේ ධර්ගානගරය හරහාය. අළුත්ගම බොදු සමුළුවෙන් පසුව උන්වහන්සේ  ඇරලවීමට ගිය දායකයන්ට හා රථ පෙළට චීන වත්ත පල්ලියේ සිටි මැරයන් පිරිස පහර දුන්හ. මවරලේ සුධම්ම ස්වාමීන් වහන්සේට සිහිසන් නැතිවන සේ පොල්කින් පහර දුන්හ.  එහෙත් පොලිසිය ක්‍රියාකලේ කිසිවක් නුදුටු ලෙසය.

         කාලයක සිට මුස්ලිම් ජන කොටස් මූලධර්මවාදී ලෙසට එක් රොක් ව සිටිති. ඔවුහු පල්ලි ආශ්‍රිතව අවි ආයුධ ද රැස් කරන බවට නොයෙකුත් සාක්ෂි ලැබී ඇත. පසුගිය දා ධර්ගා නගරයෙන් හමුවූ පෙට්රල් බෝම්බ 56 එක් උදාහරණයක් පමණි. නමුත් පොලිසිය උතසාහ දරන ලද්දේ මේ අවිආයුධ පෙන්වූ ස්වාමීන් වහන්සේ සමග ඡායාරූප ගත කෙට උන්වහන්සේට විරුද්ධව පැමිණිලි කරීමයි. නමුත් හමුදාවේ මැදිහත් වීම මත මේ නිහීන ක්‍රියාව වැලකී ගියේය. වැලිපැන්න බෞද්ධ මන්දිරයට පහරදීමට මුස්ලිම් අන්තවාදීන් පැමිණෙන විට පොලිසිය එතැන රැඳී සිට ඇත. නමුත් ඒ ක්‍රියාව නැවැත්වීමට පොලිසිය ක්‍රියා නොකළහ. ඔවුහු බෞද්ධ මන්දිරයට ද පහර දී සිංහල කඩ දාහතරකට පමණ ගිනි තබා ඇත.මුස්ලිම් අයට වෙනම ක්වාසි අධිකරණ විවාහ නීති ආදිය ගෙන ඒම නිසා සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයද පීඩිවට පත් සිටිති. ඔවුහු බෞද්ධ සංවිධාන වලට මේ දුක් ගැනවිලි රාශියක් යොමු කර ඇති බවද දැන ගන්නට ඇත.

          මෙවැනි තත්ත්වයක් උදා වූයේ ක්ෂණිකව නොවේ. අමාත්‍ය අශ්රෆ් මුස්ලිම් කොන්ග්‍රසය පිහිටුවා ඇති කරන ලද වර්ගවාදය ‍මෙහි ආරම්භයයි. දීඝවාපියේ කට්ටකාඩු ස්ථූපය ඩොසර්කිරීම තුළින් ලොවට පෙන්වූ මූලධර්මවාදය අද රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ මග පෙන්වීම යටතේ ආක්‍රමණයක් බවට පත් වෙමින් ඇත. වරාය අධිකරණය වැනි ප්‍රබල ආයතන වල මුස්ලිම් අන්තවාදීන් ස්ථාන ගත කිරීම මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ මුදල් වලින් ඇතැම් සිංහල ඇමතිවරුන් නඩත්තු කිරීම සිංහල ජන සමාජය සහ බෞද්ධ සංවිධාන තුළට සූක්ෂම අන්දමින් අන්තවාදීන්ගේ ඔත්තුකරුවන් ඇතුල් කිරීම මේ මූලධර්මවාදීන්ගේ අක්‍රමණික ස්වභාවයයි. ඒ තුළින් මුස්ලිම් අයගේ නීති විරෝධී ක්‍රියා අනුමත කරන මතයක්  දේශපාලන සමාජයෙහි ඇතිකර ඇත.මුස්ලිම් අයට විරුද්ධව ක්‍රියාකිරීමෙන් ජාත්‍යන්තර වශයෙන් මුස්ලිම් රටවලින් තෙල් නොලැබෙන බවටද උදව් උපකාර නොලැබෙන බවටද මතයක් සිංහල ජන සමාජයට කාන්දු කර ඇත.  මුස්ලිම් මූලධර්මාවාදීන්    විසින් ධර්ගානගරයේ සිද්දිය ඇති කරීමට හේතු වූයේද මේ තත්ත්වය තව දුරටත් තහවුරු කරලීම පිණිසයි. ප්‍රකෝප වූ සිංහලයන් විසින් කඩ කීපයක් ගිනි තැබීමෙන් පසු ඒ බව වහාම ජගත් මාධ්‍යජාලයන් ඔස්සේ ප්‍රකාශ කිරීමට මේ මූලධර්මවාදීන් ක්‍රියා කළහ. වැලිපැන්නේ දී කළ කඩ ගිනි තැබීමෙන් හානි වූයේ මුස්ලිම් අයට පමණක් යයි ඒත්තු ගැන්වීමට මානව හිමිකම් නීතිඥ තුන්පළක් වහාම එහි කැඳවූ ඔවුහු ඒ සිද්දිය ජාත්‍යන්තරයට වාර්තා කළහ. නෝලිමිට් වෙළෙඳ ව්‍යාපාර වල හදවත පවතින්නේ  කොළඹ වුවුද පානදුර නෝලිමිට් ආයතනයට ගිනි තබා ගෙන එයද සිංහලයන් විසින් කරන ලදැයි දැක්වීමට වහාම කටයුතු කළහ. මේ මුස්ලිම් වටලෑම ගැන බබා හුකුන් දක්වන ආණ්ඩුව පොලිස් නිළධාරින් යොදවා ඉතිරි නෝලිමිට් ශාඛා වලටද ආරක්ෂාව සැපයීමෙන් කලේ ජාත්‍යන්තරයට යෑමට අවශ්‍ය තවත් දෘෂ්‍ය කරුණු රාශියක් ලබා දීම පමණි.

     මේ ගැටුම් අවශ්‍ය වන්නේ කාහට දැයි තවමත් සිංහල ජන සමාජයේ බහුතරයක් තේරුම් ගෙන නොමැත. නවසිය පහළොවේ අත්දැකීම් ඔවුහු ඉතිහාසයට සීමා තොට තිබේ. දේශපාලන පොතේ මේ පිළිබඳ කිසිම හැදෑරීමක් නැත.මුස්ලිම් ගැටුමක් අවදි වූ විට ඒවා බෞද්ධ සංවිධාන වල ගිණුමට බැර කොට ප්‍රශ්ණය තාවකාලිකව වසා දැමීමෙන් මුස්ලිම් වැටලෑමට තව තවත් ශක්තීන් එකතු වී තිබේ.මුස්ලිම් මූධර්මවාදයේ අවසාන බලාපොරොත්තුව ලංකාව තවත් ඇෆ්ගිනස්ථානයක් කිරීමයි. ලංකාවේ දේශපාලකයන් මුදලට ගෙන රවටා පසුව ඔවුන් ඝාතනය කිරීම දක්වා මේ තත්ත්වය දුර දිග ගෙනයෑමේ බලාපොරෙත්තුවක් නොමැති විය නොහැකිය. වර්ෂ 1565 දී දකුණු ඉන්දියාවේ දී කලේ මේ ටිකයි. පෘතුගීසීන් ගෝව යටත් නොකරන්නට දකුණු ඉන්දියාවද ලංකාවද එදා මුස්ලිම් රටවල් වීමට හොඳටම ඉඩකඩ තිබුණි. යලිත් මේ මතුව තිබෙන්නේ ඒ මුස්ලිම් ආක්‍රමණය බව සක්සුදක් සේ පැහැදිලිය. එහි එක් පියවරක් වන ජාත්‍යන්තර වටලෑම ට අවශ්‍ය කරුණු රාශියක් ධර්ගා නගරයේ සිද්දිය විසින් ලබා දී තිබේ. වත්මන් රජය මේ භයානක අනතුර තෙරුම් ගෙන නොමැත. මුස්ලිම් දේශපාලනඥයන් හුරතල් කරන තරමට මේ වටලෑම සීඝ්‍රවන බව පැහැදිලිය. ඒ නිසා අප වහාම කළ යුත්තේ අන්තවාදී සංවිධාන වල නිරුවත හෙළිකිරීමට අවශ්‍ය මතවාදය සමාජය තුල නිර්මාණය කිරීමයි.

Wednesday, June 4, 2014

මහින්දාගමනයට ප්‍රථම බෞද්ධ සංස්කෘතිය සපරගමුවෙන් මතුවන ලකුණු


                     


 

               මහාවංශ ටීකාව  කියන්නේ පාළි මහා වංශය ගැන ලියැවුණු වර්ණනාවක් අටුවාවක්. බුදුන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කොට මෙහි සිටි යක්ෂ ගෝත්‍රිකයන් දමනය කළ බවටත් සමන් දෙවියන්ගේ ආරාධනයෙන් මහගිර නොහොත් සමනල කන්දේ ශ්‍රීපාදය සලකුණු කළ බවටත් මේ ටීකාවේ ඇති සඳහන ඉතා වැදගත්. එහෙම නම් එය සත්‍යයක් නම් බුදුදහම අවශෝෂණය කරගත් සංස්කෘතියක් පැවතිය යුතුයි. මෙතෙක් කලක් මේ ගැන විවිධ මති මතාන්තර තිබුණු අතර විජයාගමනයට පෙර සිටියේ ශිෂ්ඨාචාරවත් නොවූ රකුසන් පිරිසක් බව විද්වතුන් අතර පිළිගැන්මකට ලක්ව තිබුණා. ඉතිහාසඥයන් මේ කතාන්තරය වෙනස් කිරීමකට ලක් කලේ නැත. පුරාවිද්‍යාඥයන් මේ ප්‍රවාදයන් සනාථ කිරීමට ගියේද නැත. එම නිසා එම අඳුරු අතීතයට හිමිකම් කීමට ඊළාම් වාදීන්ද පසුබට වූයේ නැති බව කිව යුතුයි.

            මහාචාර්ය රාජ සෝමදේව මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයාව සිටිමින් මේ මති මතාන්තර අධ්‍යනය කළ පුද්ගලයෙක්. ඔහු විසින් හල්දුම්මුල්ල ප්‍රදේශයේ රංචමඩම හුණුගලාගල වැනි ස්ථානයන්හි කළ කැණීම වල ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ  මානව ඉතිහාසය ක්‍රි.පූ. පන්දහස දක්වා ගෙන යන්නට දැන් හැකියාව ලැබී තිබෙන බව කිව හොත් එය නිවරදියි. හල්දුම්මුල්ලේ සිට පැතිර පවතින ලංකාවේ දක්ෂිණ වේදිකාව නොහොත් මලය කඳුකරයේ ආසනය මත පිහිටා තිබෙන කූරගලින්ද මේ හා සමාන තොරතුරු වාර්තාවන්නට පටන් ගත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 2012 වර්ෂයේ කරන ලද කැණීම් වල ප්‍රතිඵලයක් වශයෙන්. මහාචාර්ය නිමල් පෙරේරා මහාතා ගේ අධීක්ෂණය යටතේ කරන ලද එම කැණීම් වල දත්ත අනුව කූරගලින් හමු වූ ඇට සැකිලි ක්‍රි.පූ. 8000- 10000 දක්වා කාල වකාවානුකට අයත් යැයි දැන් හෙළි වී අවසන්. එහෙම නම් මේ මානවයා කවුරුද ඔවුන්ගේ සංස්කෘතිය කුමක්ද.

       රාජ් සෝමදේව මහතා කූරගල අවට බුදුගල දියවින්න හා කිරි මකුල්ගොල්ල ප්‍රදේශ වල විධිමත් ගවේෂණයක් ආරම්භ කරන්නේ මේ ප්‍රශ්ණයට පිළිතුරක් සෙවීමේ අටියෙන්.ලංකාවේ කඳුකර මානවයා ගත කළ කෘෂිකාර්මික ජීවිතය හා ඔවුන්ගේ යකඩ භාවිතය පිළිබඳව සාක්ෂි තහවුරුව තිබුණද සංස්කෘතික පැවැත්ම ගැන මුල් වරට ඉඟියක් ලැබෙන්නේ හුණුගලාගලින්. මේ සංස්කෘතික පැවතුම් ගැන අපගේ ජනප්‍රවාද ගත තොරතුරුද බොහොමයි. රාම රාවණ යුද්ධය  මෙන්ම සීතා ගුලි සීතා ලූණූ ගැන කියවෙන ජන ශ්‍රැති ජන ප්‍රවාද ආදී ඉතිහාස ගතසාක්ෂි තිබුණද  ඒවායේ පූර්වාපර සන්ධි ගලපා පුරා විද්‍යාව අනුව සහතික කිරීම පුරා විද්‍යාඥෙයකු ගේ කාර්ය භාරයක්. සම්පත් හිඟකමත් මූල්‍ය අනුග්‍රහයක් නොලැබීමත් නිසා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අකර්මණ්‍යව තිබෙන අවස්ථාවක පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මෙයට මැදිහත් වීමෙන් පෙනී යන්නේ අවශ්‍ය නම් වුවමනාව තිබේ නම් අදාළ අරමුණට යා හැකි බවයි. මේ ගවේෂණයේ දී මතු වූ වැදගත්ම සිද්ධි කීපයක් සටහන්කර තැබීම අතාගතයට ඉතා වැදගත් වේ යයි සිතමි. එයට හේතුව ජනතාව ගේ විඥානයත් ශාස්ත්‍රීය වෑයමත් අතර සහසම්බන්ධතාවයක් ඇති වීමයි.

           ඓතිහාසික කූරගල පාමුළින් තිබෙන්නේ බුදුගලයි. බුදුගල ට නුදුරින් බෙල්ලන්ගල රක්ෂිතයේ සිට ඇරඹෙන වන ගහනය කටුපත් ඔය දක්වාම විහිදෙන්නක්. එක් පසෙකින් වලවේ ගඟත් අනෙක් පසින් කටුපත් ඔයත් අතර මේ පෙදෙස තුළ  මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා  මහාචාර්ය ශිරාන් දැරණියගල මහතා මෙන්ම පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන්  වහන්සේ ඇතුළු විද්වතුන් විසින් කරන ලද ගවේෂණ වලින් සටහන්කර තිබුණේ අනුරාධපුරයට සමකාලීන බෞද්ධ ශිෂ්ඨාචාරයක් මෙහි පැතිර තිබූ බවයි. සෝමදේව මහතා මේ මූලාශ්‍ර පමණක් පරිහරණය කිරීමෙන් නොනැවතී මේ කඳු වැටි පන්තිය තුළ පවතින සෑම ගල් ලෙනක් ගැනම අවධානය යොමු කරමින් ඉතා දුෂ්කර  සොයා බැලීමක් කලා. ඇතැම් විට දියවින්නේ දිය ඉනි ඇල්ලේ මහා බෑවුම් තරණය කරමින්ද කිරි මකුල් ගොල්ලේ ගල්ලෙන්වල අඩි හැටක් පමණ එල්ලයේ පවතින සෙල් ලිපි පිටපත් කරමින්ද කරන ලද ගවේෂණය මගින් ලංකාවේ ඉතිහාස ගමන් මග යම් කිසි හැරවුම් ලක්ෂයකට පත් වන්නේ කෙසේ දැයි මී ළඟට සාකච්ඡා කරමු.

              සපරගමුවේ ලෙන්ලිපි ගැන පළමුවෙන් සටහන් වන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහාතා සංස්කරණය කරන ලද සෙල්ලිපි සංග්‍රහයේ පළමුවැනි වෙලුම තුළයි.  නමුත් ඒවායේ ඇතැම් ස්පර්ශලාංඡන ඉදිරිපත් වී තිබුනේ නැත. ඇතැම් ඒවා අසම්පූර්ණ ලෙසට සටහන් කර තිබුණි. රාජ් සෝමදේව මහතාගේ අරමුණ වූයේ ගල් ලෙන් වල පවතින සෑම ලිපියක්ම පිටපත් කරමින් එහි පිහිටීම ස්ථානීය අක්ෂාංස දේශාංස ආදිය නිවරදිව දැක්වීමයි. ඒ අනුව සෙල් ලිපි දහසයක් පමණ දැනට පිටපත් කොට අවසන්. මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිටපත් නොකළ බුදුගල ලිපියත් එහි වැදි චිත්‍රයත් ඊට ඇතුළත්. මේ ලිපි අතරින් දිය වින්නේ ලිපිය කලින් දක්වා තිබුණද සපර්ශ ලාංඡනයක් නොවීය.මෙහිදී  එය නිවරදිව සටහන් විය. එසේම  දියවින්නට නුදුරු කිරිමකුල්ගොල්ලේ සෙල් ලිපි හයක් පමණ පිටපත් කරන්නටද ඒවායේ නිවරදි මානයන් හෙළි කරගන්නට ද සමත් විය. කිරි මකුල්ගොල්ලේ ලෙන් ලිපි අතර ඉතා වැදගත් ලිපි කීපයක් වෙයි. අඩි හැටක් පමණ ඉහළින් කටාරම් කොටා ඇති බැවින් එහි තිබෙන ලිපිය දැක්මට ලැබෙන්නේ ආයාසයෙන් විමසුවහොත් පමණකි. ඉතා උස පර්වත භිත්තියේ තිබූ ලිපිය පිටපත් කරන්නට මේ කණ්ඩායමට දිනතුනක්  ගත විය. එයට හේතුව  පලංචි සවි කරලීමට දුෂකර වෙහෙසක් දැරීමට සිදු වීමයි. කෙසේ වෙතත් පලංචිය උඩ නැග අකුරු අතර තිබූ පෙඳ පාසි සුද්ද කරන විට අපූරු සටහනක් දක්නට හැකි විය. ඒ ප්‍රධාන ලිපියට අමතරව කෙටවූවක් විය. එහි සඳහන්ව තිබුණේ යගස යන නාමයයි. මෙවැනි අත්සනක් ලංකාවේ වෙනත් කිසිදු ලිපියක  මෙතෙක් දක්නට ලැබී නොමැත. මෙම අත්සන යක්ෂ ගෝත්‍රික නායකයෙකු ගේ විය හැකි යයි පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් පවසන බවද සටහන් කර තැබිය යුතුය.

        මේ සොයා ගැනීම ගැන සඳහන් කරන මහාචර්ය රාජ් සෝමදේව මහතා පවසන්නේ මෙයයි. මහින්දාගමනය සිදු වී රහතුන් වහන්සේලා උදෙසා ගල්ලෙන් පූජාව ඇරඹුණා යයි අප සිතන්නේ නම්  ගල්ලෙන් සකස් කිරීම පිළිබඳ තාක්ෂණය සපරගමුව වැනි ඈත පළාතකට පැතිරෙන්නට දිගු කලක් ගත විය යුතුයි. එහෙත්  මිහින්තලයේ  ගල්ලෙන් පූජාවන්ට නොදෙවනි ලෙසට සපරගමුවේ  කල්තොට නිම්නයේ දක්නට ලැබෙන ගල්ලෙන් පූජාවන් අප විස්මයට පත් කරවනවා. මෙහි ලිපි වල තිබෙන පුද්ගල නාම දුර්ලභයි.  කටාරම් කෙටවීමේ තාක්ෂණය වලවේ නිම්නයේ සිටි ජනතාව හොඳින් ප්‍රගුණ කර යොදා ගත්තක්. දියවින්න ගල්ගේ  තුළ කළ කැණිමකින් ගලින් කළ වළන් හමුවූ බව මීට කලින්  ආචාර්ය දැරණියගල මහතා සටහන් කර තිබෙනවා. යගස නම් අත්සන් නාමය ගැන ඉදිරියේ දී අපට හෙළිකරන්නට හැකිවේවි. මෙය නිසැකවම බුද්ධකාලය ට අයත් සංස්කෘතියක සුවිශේෂී පිහිටීමක් විය හැකියි. බුදුගල පවතින චිත්‍ර සටහන මෑතකදී කල්තොටින් හමුවූ පිළිමය මේ සංස්කෘතිය විදහා දක්වන්නක්.