දින පණහක කෙටි ආණ්ඩුවක් අවසන් කොට දැන්
තවත් නව ආණ්ඩුවක් පත්ව තිබේ. මේ කාලය තුළ රටේ තිබූ අස්ථාවර බව කාහටත් ප්‍රශ්නයක්
විය. නමුත් ආණ්ඩුවක අවිනිශ්චිත බව තිබුණද රාජ්‍යයක් තිබෙන බව ජනතාව අවබෝධ කරගත්හ. එනම් රජයේ නිළධාරීන් සිය රාජකාරි කටයුතු වල
අඛණ්ඩව යෙදීමෙන් රටේ වියවුල් ඇති නොවීමට මග පාදනු ලැබීය.පාර්ලිමේන්තු සම්ප්‍රදාය
මගින් රට කාබාසිනියා කරන ආකාරය පළමු වරට සංවාදයට ලක් විය.කෙසේ වෙතත් දැන් පත්ව
පැමිණි නව රජයේ අගමැති දිව්රුම් දෙන අවස්ථාවේදී ජනපතිවරයා යම් ඓතිහාසික ප්‍රකාශකනයක
යෙදුණි. එවැනි ප්‍රකාශනයක යෙදීමට මේ යුගයේ
සිටි කිසිම ජනපතිවරයෙකු සමත් නොවූ බව අවංකව කිව යුතුය. ව්‍යවස්ථාදායකය විධාකය සහ
අධිකරණ යන බල තුලනය යටතේ ඇති වූ ගැටළුව මැනවින් විග්‍රහ කොට සැකසුණු එම ප්‍රකශනයෙන්
ජනතාවට හංගන්නට දෙයක් තිබුණේ නැත. පක්ෂ විපක්ෂ සියළු දෙනාගේම හෙලුව ඉන් ප්‍රදර්ශනය
විය. නිදහස ලැබී වසර හැත්තෑවක් ඉක්ම ගොස තිබෙන මේ යුගයේ රට ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝග
මෙනවාදැයි මෙම කතාවෙන් හොඳින් ගම්‍ය වේ යැයි සිතමි. සිංහල ජනතාව දෙකට බෙදී සිටීමත්
හරි හෝ වැරදි කුමක් වුවත් පක්ෂයේ මතය පිළිගෙන කටයුතු කිරීමත් නිසා රටේ සුලුතරය
බොරදියේ මාලු බාන බව ජනතාවට ඒත්තු ගොස් ඇත. මේ සඳහා එකම විකල්පය මහ මැතිවරණය බවට
ජනපතිවරයා නැවතත් ඒත්තු ගන්වා තිබේ. මන්ත්‍රී වරුන් 225 දෙනාගේ බලයට හෝ අධිකරණ
විනිසුරුවන් ගේ ප්‍රමාණයට වඩා ජනතාව විසින් දෙන තීරණය වැදගත් බව මෙහිදී දැඩිව
ඒත්තු ගැන්විණ. නමුත් පාර්ලිමේන්තු ක්‍රමය මහ මැතිවරණය වැනි දෙයකින් පමණක් මෙම
අභියෝග වලට මුහුණ දීමට හැකි වේ දැයි යම් ප්‍රශ්ණයක් මතුව තිබේ. පසු ගිය කාලයේ දී
පාර්ලිමේන්තුව සහ අධිකරණය හැසිරුණු ආකාරයත් විදේශ තානාපතිවරුන් හැසිරුණු ආකාරයත්
දෙස බලන කල්හි රටේ ස්වාධීනත්වය ගැන බරපතල ලෙසට කල්පනා කරලීමේ අවස්ථාව දැන් පැමිණ
තිබෙන බව පෙන්වා දිය යුතුය.
යහපාලන රජය පත්ව වසර තුනහමාරක් ගත වූ
අවස්ථාව වන විට එම රජය කුමක්දැයි බහුතර ජනතාව හොඳින් දැන ගත්හ.එම නිසා පසුගිය
පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව කෙරෙහි වූ අප්‍රසාදය විශාල වශයෙන් පළ කරන්නට ඔවුන්
නොපැකිලුණහ. මේ වාසිය උකහා ගනු ලැබූයේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ
විපක්ෂයයි. ඔවුහු ද පසුගිය කාලයේ සටන් වල නිමග්න ව සිටියද යහපාලන රජයේ යම් තීරණාත්මක
වැරදි තීරණයන් හිදී එක්කෝ නිශ්ශබ්දව සිටියහ. නැතහොත් සහාය දුන්හ. රණවිරුවන්ට
විරුද්ධව ජාත්‍යන්තර පනත් සම්මත කරන කල්හි වැඩි බරක් නොයොදා නිහඩව සිටීම නිසා
විශාල හානියක් අද සිදු වී තිබේ. දහනව වන ව්‍යවස්ථා සංශෝධන සිදු කරන අවස්ථාවේ දී
සරත් වීරසේකර මහතා හැර අනෙක් සියළු දෙනම එයට පක්ෂව චන්දය භාවිතා කළහ. ස්වාධීන කොමිෂන්
සභා තොරතුරු දැන ගැනීමේ පනත ආදී කරුණු වල සාධාරණත්වය උදෙසා මේ කැමැත්ත ප්‍රකාශ කළ
බව ඒත්තු ගැන්විණ. එහෙත් ඒ එල්ලය පිට දමා 1978 ව්‍යවස්ථාව විකෘති කරලීමට ගත් උත්සාහය
පරාජය කිරීමට ඔවුන්ට නොහැකි විය. ජනමත විචාරණයකට ගොසින් කළ යුතු සංශෝධන පවා ඇති
කරන්නට ගත් වෑයම සහ ආණ්ඩුවේ ප්‍රෝඩාතන්ත්‍රවාදය අද වන විට කවුරුත් තේරුම් ඇත.මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය විශාල උගුලක
පැටළුණ බව පැහැදිලිය . අද වන විට ව්‍යවස්ථා දායක සභාවේ තත්ත්වයත් පළාත් සභා සීමා
නීරණ වල විකෘතියක්ද ඇති බව පැවසීමට ඔවුන්ට සිදුව තිබේ. අගමැති වරයා මුළු
පාර්ලිමෙන්තුවම එක මිටට ගෙන නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අර අදින කල්හි ඒ උගුලටද
ඔවුන් අසුවුණ හැටි අපට හොඳ හැටි මතකය. මේ නිසා ඔවුන් කළ වැරදි බූමරංගයක් ලෙසට
ඔවුන් කරා පැමිණීම ගැන පුදුමය පළ කළ යුතු නැත.
ජනාධිපතිවරයා වර්තමාන අගමැතිවරයා ඉදිරියේ
කළ සමස්ත ප්‍රකාශයේ හරය නම් යහපාලන සංකල්ප
අමු අමුවේ උල්ලංඝණය කරමින් හිතුවක් කාර ලෙසට කටයුතු කිරීමට අගමැති උත්සාහ කළ
බවයි.. ඇතැම් විට ජනපතිවරයාගේ බලතලද භාවිතා කළ බව පැවසීම මුසාවක් නොවේ. එසේම මේ
රටේ තිබෙන ශක්තිමත් සංස්කෘතික සම්ප්‍රදායන්ට පහර ගැසීමට චේතනාන්විතව කළ සියළු දේ
ජනපතිවරයා හොඳින් දැන සිටි බව කතාවෙන් පැහැදිලි විය.එහෙත් ඔහු මෙම කතාවේ දී නොකියන්ට
පරිස්සම් වූ එක කාරණයක් විය. එය නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවසථාවක් ඉදිරිපත් කොට උතුර
සහ නැගෙනහිරට ස්වයංපාලනයක් ලබා දීමට කරන ලද වෑයමයි. මෙම කාරණය පසුගිය වසර තුන
පුරාවටම ලංකාවේ ජාතික බලවේග මගින් ජනතාව ඉදිරියේ සාකච්ඡාවට බඳුන් කළහ. එම ව්‍යවස්ථා
යෝජනා මහජන අදහස් වාර්තා අතුරු කමිටු
වාර්තා සියල්ල විශාලේෂණයකළ ඔවුහු ඉතා පැහැදිලිව රට ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ විදේශ
න්‍යාය පත්‍රයට සහ දෙමළ ඩයස්පෝරාවේ පදයට ආණ්ඩුව නටන බවයි. . දෙමළ ඩයම්පොරාව විසින්
මුදුල් දී මිළට ගන්නා ලද මෙරට මන්ත්‍රී වරු නිළධාරීන් ගැන මේ කාලයේ දී හොඳින්
හොළිදරව් විය.සිංගප්පූරුවට ගොසින් රෝ සංවිධානයෙන් මුදල් ගත ඇමැතිවරු ගැනද සවිස්තර
වාර්තා තවමත් හොළිදරව් නොවී පවතී. මංගල සමරවීර මහතා විසින් සම එකඟතාවය දක්වා
අත්සන් කළ ජිනීවා 30/1 යෝජනාව නිසා මෙරට රණ විරුවන්ට එරෙහිව යුධ අපරාධ ගොනු කිරීමට
විශාල ඉඩකඩක් විවිර විය. රණ විරුවන් සිර ගත කෙරුණි. උතුර සහ නැගෙනහිර තිබෙන හමුදා
කඳවුරු අනවශ්‍ය ආකාරයට ඉවත් කෙරුණි. පුරාවිද්‍යා සිද්ධස්ථාන ඩෝසර කෙරුණි. උතුර
නැගෙනහිර ප්‍රදේශ වල අවතැන් වූ සිංහලයන්ට ඉඩම් නොලැබුණි. මේ සියළ කරුණු යහපාලන
හෙඩ්මාස්ටර් නොදන්නවා නොවේ. ඔහු ඒවාට නියඬව සිටි බවද සියල්ල දැන ගත්තේ පත්තරෙන් බවටද
ප්‍රකාශ වුණි.විජයකලා වැනි මන්ත්‍රීවරියන් හුරතල් කිරීම දක්වා මෙම නාඩගම දිග
හැරුණි.එවැනි තත්ත්වයක් දක්වා යහපාලන සංහිඳියාව රෝල් වී ගියද මේ අතේ රෝල වර්තමාන
අගමැතිවරයාට එල්ල කරන කාල බෝම්මබයක් බවට පත් කරන්නට ජනපතිවරයා උත්සාහ ගත් බව පෙනේ.
වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ
චේතනාන්විතවම සිංහල සංස්කෘතියට වෛරකරන්නෙකි. ඔහු දොන් ජුවන් කෙනෙකු බවට චම්පික ඇමතිවරයාගෙන්ම
වරක් බෞතීස්ම ලැබූවෙකි. එසේම ඔහු ඔස්ලෝ සම්මුතිය පිළිගන්නෙකි. ඒ වෙනුවෙන් වැඩ කරන්නෙකි.
ඔහු ජනතාවට එකක් කියා සංහිඳියාව උදෙසා වෙන දෙයක් කරන පුද්ගලයෙකු නොවේ. තානාපතිවරුන්
විදේශ ඇමැති වරුන් ඔහු පසු පස්සේ පැමිණ ඔහුට අත දෙන්නේ පස්සෙන් සිටින්නේ බටහිරයන්ට
අවශ්‍ය දේ ඔහු කරන බැවිනි. එහි විවාදයක් නැත. එහෙත් ජනපතිවරයා සිය සැර වදන් වලින්
නොකියන දේ නම් මේ රට බෙදීම පිළිබඳ තිබෙන සැබෑ සත්‍යයයි. පසුගියදා ජාතික සංවිධාන
කීපයක නියෝජිතයන් ඔහු හමු වීමට ගොස් ඇති අවස්ථාවේදී මෙම ප්‍රශ්ණය ඉස්මතු කරණු
ලැබිණ. එහිදී ඔහු පවසා ඇත්තේ දෙමළ ජනතාවට යම් ප්‍රශ්ණයක් ඇති බැවින් යමක් ඔවුන්ට
ලැබිය යුතු බවයි. එසේම පසුගිය කාලය පුරාවටම දෙමළ ජනතාවට සිංහලයන් ගේ හිරිහැර සිදු
වූ බවද ඔහු පවසා තිබේ. මේවා අමූලික මුසාවන්ය. උතුර නැගනහිර සැබෑ ඉතිහාසය ගැන ඇති
වූ සංවාදයට දැන් දශක තුනක් ගත්ව තිබේ. දෙමළ අභිලාශය ඊලාම් සංකල්ප පට්ට ගසා තිබේ.
එසේ තිබියදීත් බොරු සංහිඳියාව වෙනුවෙන් දෙමළ අභිලාශ කතා කරන්නා වංචනිකයෙකි. මේ ප්‍රකාශ
තුළ යම් දෙශපාලන අවශ්‍යතා තිබුණද ඒ මගින් ජාතික අභිලාශ දුර්වල කරණු නොහේ. එම නිසා
අදට අවශ්‍යව තිබෙන්නේ ජාතික නායකයෙකු මිස දේශපාලන පක්ෂ නායකයෙකු( හෙඩ් මාස්ටර්
කෙනෙකු) නොවන බව ජනතාව ඉදිරියේ පසක් කළ යුතුය. . එම තත්ත්වය මත දේශපාලන හෙඩ්මාස්ටර්
වරයෙකු වේවැල අතට ගෙන කළ ප්‍රකාශය ගැන අප
එතරම් උදම් ඇනිය යුතු නොවේ. සිංහලයා පරාජයට පත් වන්නේ උගුල් වලට වැටීමෙනි. එසේත්
නැතිනම් නිදා වැටීමෙනි. ඉදිරියේදී හෙඩ් මාස්ටර් යටතේ තානාපති පාස්ටර් යම් තරමකින්
දමනය වනු ඇත. එහෙත් නූතන අරිට්ට කී වෙණ්ඩු ගේ දෙමළ සන්ධානයත් රතු අලි පැටව්
නාමධාරී ලිබරල් පැංචන් රැළත් දත් විලිස්සාගෙන උගුල් අදින්නට මාන බලමින් සිටින බව
තේරුම් ගත යුතුය.එහිදී මාස්ටර් සහ පාස්ටර් ගේ අඩු තැන් මැනවින් වටහා ගෙන කටයුතු නොකළහොත්
ජාතික බලවේග නැවතත් පරාජයට පත් වනවා නිසැකය..