පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Showing posts with label සිංහල වෙදකම. Show all posts
Showing posts with label සිංහල වෙදකම. Show all posts

Sunday, July 9, 2023

ඉන්දියානු ආක්‍රමණයේ තවත් පැතිකඩක් ආයුර්වේද පනතින් හෙළිවෙයි

 

 


                        

            දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා  ගේ අමාත්‍යංශයෙන් සකස්කරන ලද ආයුර්වේද සංශෝධන පනතක් පසුගිය ජූනි මස 12 වන දා ගැසට් පත්‍රයේ පළ කරතිබේ.එම පනත 2023/0705 වන දින  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඉතා ඉක්මනින් සම්මත කරගන්නා බව මේ වන විට දැනුම් දී තිබේ.මෙම පනතේ තිබෙන විවිධ පරස්පරතා සහ අඩුපාඩු පැහැදිලි කර දීමට අමාත්‍යවරයා හමු වීමට ගිය පාරම්පරික වෛද්‍යවරුනට සහ සිවිල් ක්‍රිකාරීන් කීප දෙනෙකුට ඔහු පවසා තිබෙන්නේ  ආයුර්වේද පනත සංශෝධනය කිරීම මගින් බාධාවක් නොමැතිව කංසා නීතිගත කිරීමට හැකි වන බවයි.කෙසේ වෙතත් මේ වන විට මෙම සංශෝධන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙමින් දේශීය වෛද්‍යවරු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

            ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් යටතේ පැවති ආණ්ඩු ක්‍රමයන්හි දේශීය වෙදකමට නිසි තැනක් අත් වූයේ නැත. ග්‍රාමීය වෛද්‍යාවරයා ඔවුන්ට වෙදරාළ විය.ඒයි වෙදරාළ මෙහෙට වරෙන් යයි ඇමතූ සුදු දිසාපතිවරු මෙන්ම සිංහල දිසාපතිවරුද  එකල වූහ. 1926 දී පමණ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී දේශීය වෙදකමට ලැබිය යුතු තැන පිළිබඳ කතාබහක් ඇති විය. ඒ අනුව බාලසිංහම් නම් මන්ත්‍රී වරයා යටතේ ස්වදේශ වෛද්‍ය උපදේශක සභාවක් පත් කරන ලදී. මෙම තත්ත්වය මත 1928 කෝට්ටේ පාරේ වෛද්‍ය විදුහලක්ද රෝහලක්ද බෙහෙත් සාදන ස්ථානයක්ද ඇති කරන්නට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු යෙදූහ. පසුව එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙම උපදේශක සභාවේ සභාපති වූවායින් පසුව 1937 ද පමණ කවිරාජ් දාස් ගුප්තා මහතා යටතේ කොමිෂන් සභාවත් පත් කර තිබේ. එසේම 1950 දී සිංහල වෙදකම පිළිබඳ පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවක් ඇති අතර රජය අද පිළිගනු ලබනුයේ 1947 වසරේ මුලු දුන් ආයුර්වේද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ය  මෙහි කොමිෂන් වාර්තාව අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුවක් පිහිටුවා වෛද්‍ය වරු ලියාපදිංචිය ඇරඹී දේශීය ආයුර්වේදය නව මුහුණු වරකින් ඉදිරියට පැමිණියේය.

         1956 ජයග්‍රහණයේ දී බණ්ඩාරනායක මහතා නැවතත් දෙශීය වෙදකමට අවශ්‍ය ස්ථානය ලබා දීමේ අභිප්‍රායෙන් සිටියද එතුමාගේ හදිසි අභාවයෙන් පසුව එය ඇණ හිටින. නමුත් 1960 බලයට පත් වූ සිරිමා බණ්ඩාරනායක රජය යටතේ ආයුර්වේද පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම පනත ඉදිරිපත් කරන ලද්දේ සෞඛ්‍ය ඇමති වෛද්‍ය ජේ. පී. ඔබේසේකර මහතා විසිනි.මෙම පනතේ දී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළට දේශීය වෙදකම ඇතුලත් කර වෛද්‍යවරුන්ට ලියාපදිංචිය ලබා දී ඇත. නමුත් දේශීය වෙදකම පිළිබඳ ග්‍රාමීය වෛද්‍යවරුන්ට තිබෙන පරිචය සහ පළපුරුද්ද මත තවමත් ආයුර්වේදයට වඩා ග්‍රාමීය වෛද්‍යවරුන් ගෙන් ජනතාවට සේවයක් සිදු වේ.ඒ නිසා 1961 ආයුර්වේද පනත වෙනස් විය යුතු යැයිද දේශීය වෛද්‍යවරුන්ගේ අනන්‍යතාවය සහතික කරන්නා වූ පනතක් සකස් කරගත යුතු යැයිද හඬක් වූ බැවින් රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ පාලන සමයේ දී ඒ සඳහා කමිටුවක් පත් කර පනත් කෙටුම්පතක් භාර දී ඇත. නමුත් මෙම පනත් කෙටුම්පත් ද සැළකිල්ලට නෙගෙන නව සංශෝධිත පනත ඉදිරිපත් කර ඇති බවද ග්‍රාමීය වෛද්‍යවරුන්ගෙන් හෝ සංරක්ෂණ සභා වලින් කිසිම යෝජනාවක් නොගෙනම යම් කිසි රහස්‍ය ක්‍රමවේදයකට සකස් කර ඇති බවද වෛද්‍යවරු චෝදනා කරති.          1961 පනතේ ආයුර්වේදය යන අර්ථනිරූපනයට සිද්ධ යුනානි දේශීය චිකිත්සා ක්‍රමවල වෛද්‍ය කර්මය හා ශල්‍ය කර්මයද ආසියාතික රටවල දේශීය වූද ඒ ඒ රටවල රජය මගින් පිළිගනු එසේ යැයි  පිළිගනු ලැබූද වෙනයම් වෛද්‍ය ක්‍රමයක්ද ඇතුළත් වෙයි යන්න අඩංගුය.

 

 

 මෙම සංශෝධිත පනතේ දී එම නාමය  කප්පාදු කර දේශීය චිකිත්සා ඖෂධ ප්‍රතිකාර යනුවෙන් ලඝු කර තිබේ. ඒ අනුව ඖෂධ ප්‍රතිකාර නොවන මැතිරීම් නූල් බැඳීම් ආදිය මෙන්ම විවිධ කෙම් ක්‍රමයන්ද ගෙඩි පැලීම් ආදී දේශීය ශල්‍ය කර්මද ඇතැම් විට නස්‍ය කර්මද තහනම් වන අතර එවැනි ප්‍රතිකාර කරනු ලබන දේශීය වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමට බලය ලබා දී තිබේ. එසේම ඔසු උයන් පවත්වාගෙන යෑමට පෞද්ගලික අංශයටටද ඉඩ ලබා දෙනු ලබන අතර අපනයනය සඳහා එම ඔසු භාවිතා කළ හැකි වේ. මෙම පනතේ සගවා තබා ඇති කාරණය නම් කංසා වගාව ප්‍රචලිත කිරිමයි. දේශීය වෛද්‍යවරුයෙකුට සිය වට්ටෝරුවකට අනුව කංසා පැලෑටියක් වගා කර ගැනීමට සහ යොදා ගැනීමට නීත්‍යනුකූල තත්වයක් මෙහිදී ඇති කර නොමැතිය. ඒ වෙනුවට ඔහුගේ සමස්ත ඔසු වගාවත් ලියාපදිංචි කරවීමට බල කර තිබේ.සැබවින්ම කංසා වගාකිරීමට දේශීය වෛද්‍යවරුන්ට අවසර ලබා ගත් හැක්කේ අන්තරායකර ඖෂධ පනත ට වගන්තියක් එකතු කිරීමෙන් පමණකි.මෙම පනතේ ප්‍රතිපාදන යටතේ විදේශික සමාගම් වලටද ඖෂධ වගාවට  අවස්ථාව හිමිවන අතර දැන ගන්නට තිබෙන අතර උතුරේ ඉඩම් ඩයස්පෝරාවට සහ  ඉන්දියානු සමාගම් වලට ලබා දී වැඩි දියුණ කරන ලද (හයිබ්‍රිඩ්) කංසා වගාව මගින් අපනයනය සඳහා පමණක් වගා කිරීමට දරන උත්සාහයක් ද ප්‍රකට වෙයි.වෙසෙසින්ම ඉන්දියානු ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙරට විවෘත කරලීමටද දේශීය වෙදකම සමතලා කොට උතුර සහ නැගෙනහිර පෙදෙස්වලද පසුව මුලු ලංකාවේමද ඉන්දියානු ආයුර්වේදය ප්‍රචලිත කිරීමේ වෑයමක්ද මෙහි වෙයි.දැනට ලංකාවේ වගා කරන කංසා මෙරටට ආවේණික පාරම්පරික පැලෑටියකි.අපනයනය සඳහා සැකසීමේ දී එවැනි පැලෑටි වලට දැනට වෙළෙඳ පළක් නැත. එබැවින් වැඩි දියුණු කරන ලද කංසා යොදා ගැනීමට උත්සාහ කරනවා විය හැකිය.අපනයනය මගින් ඩොලර් ඉපැයිය හැකියැයි අමාත්‍යවරයා සඳහන් කරනුයේ මෙකී අරමුණු පදනම් කොට ගෙනය. ජනපතිවරයා විසින් මෙම පනත පිළිබඳ දැඩි උනන්දුවක් දක්වා ඇත්තේ ෙපර කී පරිදි උතුර සහ නැගෙනහිර පෙදෙස් වල ඉඩම් ඩයස්පෝරාවට සහ විදේශික සමාගම් වලට ලබා දීමට මෙයින්  මග විවර වන බැවිනි.

        මෙරට සිංහල වෛද්‍යක්‍රමයට තිබෙන ඉතිහාසය අනුව විවිධ යුග වල නොයෙකුත් දැනුමින් පෝෂණය වෙමින් ඒ ඒ පළාත්වල ඔසු වර්ග භාවිත කරමින් සාර්ථක ප්‍රතිකාර ලබා දෙන පාරම්පරික වෛද්‍ය කමයක් පවත්වාගෙන යන පිරිසක් ඇති වූහ.වට්ටෝරු වෙදකම් යයි සමහරක් බටහිර වෛද්‍යවරුන් විසින් ගර්හාවට පත් කරන ලද්ද් මෙම පාරම්පරික වෙදකමයි. තමන්ගේ පළාතට ආවේණික ඖෂධ වර්ග භාවිතා කරන හෙයින් ද තමන් විසින්ම ඖෂධ නිෂ්පාදනයේ යෙදෙන හෙයින්ද මේ ප්‍රතිකාර ක්‍රම වල සාර්ථකත්වය ඒ වෛද්‍යවරුද ජනතාවද අත්දුටුවහ.එදා වෛද්‍යවරයා ප්‍රතිකාර කරන ලද්දේ බුලත් අතටය. මුදලට නොවේ.බෞද්ධ සාරධර්මයන්ගෙන් හැඩ ගැසුණු වෛද්‍ය  සම්ප්‍රදායට බුදුන් වහන්සේ විසින් දේශනා කළ අනු දැන වදාල ක්‍රමවේදයන්ද ඇතුළත්ව තිබේ.දැන් මෙම පනත මගින් සිංහල වෛද්‍ය සම්ප්‍රදායට අනුව සකස් වී තිබෙන මෙකී බොහෝ දේ ක්‍රමානුකූලව ශූන්‍ය කිරීමට උත්සාහ දරා තිබේ.එසේම සම්බාහන ශිල්පීන් සහ ශිල්පිනියන් යනුවෙන් මෙම පනතේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද යෙදීමද සැකයට තුඩු දෙන්නකි. වෙනත් කිසිම පනතක නැති මෙම විලාශය මෙයට ආදේශ කරන්නට ඇත්තේ සම්බාහන මුවාවෙන් ගණිකා වෘත්තිය නීතිගත කිරීමට දැයි සැකයක් උපදී.කොරෝනා සමයේ දී වීරයෙක් බවට පත්වුණු සිසිර ජයකොඩි අමාත්‍යවරයා ද්‍රෝහියෙකු කර ඔහු ලවා කොස් ඇට බෑවීම තුළින් එක ගලෙන් කුරුල්ලන් කීප දෙනෙකුම මරා ගැනීමේ වෑයමක් ද තිබෙන්නේ යැයි මෙහිදී  අප තේරුම් ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

Wednesday, December 1, 2021

බටහිර සෞඛ්‍ය ආධිපත්‍යකට ඉණිමං බඳින G M O A

 

 


                              

            ලංකාවේ සෞඛ්‍ය සේවයට ඉතා දීර්ඝ කාලීන ඉතිහාසයක්  ඇත. අනුරාධපුර සහ මිහින්තලේ නටබුන් ආශ්‍රිතව හමුවන පැරණි රෝහල් වලින් ඒ බැව් සනාථ කළ හැකිය. ඒවායේ කැණීම් වලින් සොයා ගත් සැත්කම් උපකරණ ඉතා විශිෂ්ඨය. සිංහඅඩුව යනුවෙන් හදුන්වන්නේ ඉන් එක් සැත්කම් උපකරණයකි. මේ පන්නයේ සැත්කම් උපකරණ රාශියක් වර්තමානය වන විට බටහිර රෝහල් වලදී සැත්කම් සඳහා භාවිතා කෙරේ.පුලතිසි රාවනා බුද්ධදාස වැනි මහ වෛද්‍යවරුනගේ විශ්මිත ප්‍රතිකාර සහිත ඉතිහාසයේ අපට හිමි වූ වෙසෙසි ස්ථානය කෝට්ටේ යුගය දක්වා දක්වාම නොනැසී පැවතුණි. කෝට්ටේ යුගයේ දී ලංකාවට පැමිණි එක් ඉතාලි කුමාරිකාවක් චර්ම රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව සුවපත්ව රජුගේ අවසරය පරිදි සිංහල වෛද්‍යවරු කණ්ඩායමක් ඉතාලිය වෙත රැගෙන ගිය බව ඉතාලි ජන ප්‍රවද වල සඳහන්ය. එම වෛද්‍යවරු රැගෙන ගිය උපකරණ සහ මැටි භාණ්ඩ නාපෝලි කෞතුකාගාරයේ අදටත් ප්‍රදර්ශනයට තබා ඇතැයි කියති.   යුරෝපීය ආක්‍රමණ හේතුවෙන් සිංහල රාජ්‍යය ක්‍රමයෙන් දුර්වල විය. නමුත් වසූරිය වසංගත අවස්ථාවන්හිදී පවා  උඩරට රජුගේ රාජකීය වෛද්‍යවරු වසංගතයට මුහුණ දුන් ආකාරය ඉතා ප්‍රබලය.   ඉංග්‍රීසීන්1815 දී රට භාර ගැනීමෙන් පසුව   ඇලොපති වෛද්‍යක්‍රමය මෙරට ප්‍රමුඛ වෛද්‍ය ක්‍රමය බවට පත් විය.විශේෂයෙන්ම බටහිර වෛද්‍ය අධ්‍යාපනය සඳහා යාපනයේ වෛද්‍ය විද්‍යාලයක් ඇති වීමද මනිපායි හිදී බටහිර රෝහලක් ඇතිවීමද අහුඹුවක් නොවේ. දේශීය වෛද්‍යවරු සතුව පැවති නොයෙකුත් ඖෂධ මේ කාලයේ තහනම් කරන ලදහ. කංසා තහනම හොඳ උදාහරණයකි. 1918 දී ඇති වූ ස්පාඤ්ඤ උණ නම් වසංගතයට ගැමියන් කීවේ බෙලෙක් උණ යයි කියාය. මේ බෙලෙක් උණට වෙදකම් කළ සිංහල වෙදනාවන් අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට තරම් අධිරාජ්‍යවාදීන් සැහැසි වූහ;

    බටහිර වෛද්‍යවරුන් සඳහා වෛද්‍ය සභාවක් පිහිටුවා ස්ථාපිත කරන ලද්දේ 1927 දීය. ලංකාවේ සෞඛ්‍ය ආධිපත්‍ය පැතිරවීමට  ඔවුන්ට නිල බලයක් ඉන් ලැබිණ.මේ කාලයේ දේශීය  වෛද්‍යවරුන් ගේ බලවත් අරගලයක ප්‍රතිඵලයක් වශයෙන් දේශීය වෛද්‍ය පනතක් ඉදිරිපත් කරලීමට1950 දී කෙටුම්පත් සැකසින.පාරම්පරික වෙදකම පදනම් කොට ගෙන  බිහිවූ වෛද්‍යවරු සදහා අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමද මෙහි අරමුණ විය.නමුත් 1947දී දාස් ගුප්තා මහතාගේ මූලිකත්වයෙන් පත් කරන ලද කොමිෂන් සභා නිර්දේශය වඩාත් පිළීගැනුමකට ලක්විය .එහි ප්‍රතිඵලයක් වශයෙන් 1961 දී ආයුර්වේද පනතක් සම්මත කරලීමට සිරිමා බණ්ඩාරනායක මැතිණියට හැකි විය. මේ පනත ගෙන ඒමට විරුද්ධකම් කරන ලද්දේ ද බටහිර වෛද්‍යවරුන්මය. එවකට පාර්ලිමේන්තුව නියෝජනය කල දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා සිංහල වෙදකම හෑල්ලු කොට කතා කරමින් මේ පනතට විරුද්ධව  කතා පැවැත්වීය.

      වර්තමාන වසංගත තත්වය පැමිණි කල්හි ආණ්ඩුවේ ප්‍රධානීන්ට මතක් වූයේ 1897 දී ඉංග්‍රීසීන් ගෙනා නිරෝධායන පනතයි.බටහිර ක්‍රමය දියුණු අඩියක නොතිබූ ඒ වකවානුවේ ඔවුන්ට තිබූ එකම විකල්පය නම් විදෙස් වලින් පැමිණෙන දෙමළ වතු කම්කරුවන් කඳවුරු වල ගාල් කර නිරෝධායනය කිරීමයි. විශේෂයෙන්ම මන්නාරම අසල මේ කඳවුරු පිහිටා තිබුණි.නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනත යනුවෙන් මේ පනත සංශෝධනය වූ අතර ඊට පෙර වසූරිය සඳහා වන එන්නත් ආඥා පනතක්ද සම්මත කරගෙන තිබුණි. කෙසේ වෙතත් බටහිර වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් ඔවුන් ගේ ආධිපත්‍ය යටතේ පිහිටුවාගත් මේ පනත් වතමන් ආණ්ඩුවටද මතක් වූයේ තවමත් තිබෙන බටහිර ගැති මානසික තත්වය නිසා බව කිව යුතුය.

 

ඒ වන විට 2004 මුහුද ගොඩ ගැලීම නිසා ඇති වූ තත්වය සමනය කරලීමට සහ ඉදිරියේ ඇතිවන හදිසි අවස්ථා පාලනය කිරීමට අවශ්‍ය ව්‍යසන කළමනාකරණ පනතක් ද ගෙනවුත් තිබුණි.වසංගත වැළැක්වීමටද එහි ප්‍රතිපාදන තිබුණි. නමුත් ආණ්ඩුව ට අවශ්‍ය වූයේ එක් බලධාරියෙකු ගේ පාලනය යටතේ වසංගතය පාලනය කිරීමයි. මුලු රටම වසා වසංගතය පැතිරීම පාලනය කිරීම සිදු විය. එය ලෙහෙසියෙන් කළ හැකිය.නමුත් සිදු වූයේ ඒ නිසා රටේ ආර්ථිකය ලෙඩ වීමයි.රටේ රැකී රක්ෂා බිඳ වැටීමයි.

     කොරෝනාව පමණක් නොව සියලුම වසංගත තත්වයන් පාලනය කිරීමට සමත්කම් ඇති සිංහල වෛද්‍යවරුන් මේ රටේ සිටියහ.බුද්ධදාස රජතුමා වැනි දක්ෂ වෛද්‍යවරු වර්තමානයේ දක්නට නැත්තේ යටත් විජිත පාලනය නිසා සිංහල වෙදකම පිරිහීමේ ආරම්භය සිදු වූ නිසයි. නමුත් විසිවන සියවසේ ඉන්දියාවට පිටත්ව ගොස් වෛද්‍ය අධ්‍යපනය ලබා ආයුර්වේද වෛද්‍යවරු ලෙසට සේවය කිරීම ආරම්භ කළ පාරම්පරික වෙද දරුවන් නිසා නැවතත් රටේ සිංහල වෛදය ක්‍රමය තුළ පුනර්ජීවනයක් ඇති විය. ගම්පහ වෛද්‍යවරු මීට හොඳම උදාහරණයයි.සිංහල වෙදකමත් ආයුර්වේද වෙදකමත් මේ රට් මුල් බැස ගැනීම වළක්වන යටත් විජිත උපක්‍රම දෙකක් දැන් හඳුනාගත හැකිය.එකක් නම් මෙම දේශීය වෛද්‍ය විද්‍යාල විශ්ව විද්‍යාල පද්ධතියට එක් කර ගැනීමයි.ඉන් බිහිවන බහුතරයකට දේශප්‍රේමී හැඟීමක් නැත.මෙම විශ්ව විද්‍යාල වලින් පිටවන ආයුර්වේද වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය දැන සිටියද වඩා ගරු කරනුයේ බටහිර වෛදය ශාස්ත්‍රයටයි.වෙදනලාව ඔවුන්ට ආභරණයක් වී ඇත. නාඩි වෙදකම ප්‍රගුණ කරන්නේ නැත. අනෙක් ක්‍රමය නම් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය විසින් සිය නිල බලය භාවිතා කරමින් කරන අරියාදුවයි. වර්තමාන  වසංගතය සඳහා ඖෂද නිපදවූ ප්‍රතිකාර ලබා දිය හැකි දේශීය වෛද්‍යවරුන් හට කොවිඩ් ප්‍රතිකාර සඳහා මූලිකව අවසරයක් ලැබුණේ නැත. පසුව ආයුර්වේද රෝහල් වල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇරඹුනේ බටහිර වෛද්‍යවරුන් ගේ අධීක්ෂණය යටතේය.‍



    දැන් අලුත්ම තත්වය නම් එන්නත් සංකූලතා සඳහා ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන්ට වාරණයන් පනවා කරන හිරිහැරයයි. පසුගියාද අම්පාර නාමල් තලාව ශෛලබිම්බාරාම විහාරස්ථානයේ පවත්වන්නට යෙදුණු එවැනි වෛද්‍ය සායනයක් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වරයාගේ  පැමිණිල්ල පරිදි  පොලිසිය විසින් ලබා ගත් උසාවි නියෝගයකින් නවත්වා තිබේ. පසුව මේ සිද්දිය අලලා GMOA කණ්ඩායම විසින් නිකුත් කරන ලද නිවේදනයෙන් හැඟවෙන්නේ සිංහල වෛද්‍යවරුන්හට වෙදකම් කරගෙන යෑමට පවා ඔවුන්ගේ අවසරය අවශ්‍ය බවයි. ඒවැනි තත්වයක් නීතියේ නැත. 1961 ආයුර්වේද පනතින් සියලුම් බලතල දේශීය වෛද්‍යවරුන්ට ලබා දී තිබේ.2008 දී ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවාව ආරම්භ කිරීමේ දී ද මෙලෙසම විරෝධයක් GMOA කණ්ඩායම විසින් පවත්වා ඇත.( 2008 /12/01 දාතම යටතේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට යැවූ ලිපිය ) මෙවැනි  නිර්ලජ්ජිත ක්‍රියා වෛද්‍යවරුන්ට ඔබින්නේ නැත.රෝගීන් සුවපත් කිරීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණ විය යුතුය..එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් කල කෙණෙහිලි කම්  ඔවුන් ගත් මග ගිය බටහිර දොස්තරවරු ඇතුලු කලු සුද්දන් විසින් අනුගමනය කරමින් තිබේ.මේ කණ්ඩායමේ අරමුණ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පරිදි නැටවෙන සෞඛ්‍ය බලධාරිත්වයක් රට තුළ ඇති කිරීමයි.එන්නත් බලහත්කාරය එහි එක පියවරකි. දැනටමත් මෙකී දොස්තරලා සුඛෝපභෝගී ජීවිත ගත කරති.රෝගීන් ඇපයට තබා වැඩ වර්ජනය කර ඉහල වැටුප් ලබා ගනිති. මොවුන් මේ පහර දෙන්නේ සිංහලකමටය.රතකල්කයෙන් ලුණු කැඳ වතුරෙන් තැම්බුම් හොද්දෙන් පණවත් වුණු සිය ළමා කාලය ගැන මේ බටහිර ගැති දොස්තරාලාට මතක් කර දීමට අප සූදානම් බව අවසාන වශයෙන් දන්වා සිටිය යුතුය.

මතුගම සෙනෙවිරුවන්

Monday, September 13, 2021

රත කල්කය නොදී කෘතිම ප්‍රතිශක්තිය සඳහා එන්නත සෙවීම

 

                         




          සී.ඩබ්.ඩබ්.කන්නන්ගර අධ්‍යාපන ක්‍රම ආරම්භ වූයේ 1942 දී පමණය.1945 වසරේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වූවායින් පසු ස්වභාෂා සහ ද්වි භාෂා පාසල් සියල්ලේම රජය මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ විය 1962 දී පාසල් රජයට පවරා ගැනීමෙන් පසු එවකට තිබූ බෞද්ධ පාසල්ද පරම විඥානාර්ථ පාසල්ද පල්ලි පාසල්ද රජයට ගෙන පොදු අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කරන ලදී.බ්‍රිතාන්‍ය යුගයේ දී පාසල් පෙළ පොත් වල වූයේ එවකට යුරෝපයේ අනුදත් සෞඛ්‍ය පාඩමකි.පාසලේ දී විසබීජ හා ප්‍රතිශක්තිය ගැන උගෙනීමට දරුවාට සිදු විය.ක්ෂුද්‍රජීවින් ගැන උගෙනීමට සිදු විය.පිරිසිඳු කම ගැන උගෙනීමට සිදු විය.එහෙත් පාසලෙන් නිවසට ගිය දරුවා ගේ පරිසරය වෙනස් විය. හේනේ කුඹුරේ කමතේ මහන්සි වී වැඩ කිරීමට සිදු විය.ඇඟ පතේ මඩද ඇතැම් විට ගොම ද තැවරීම සාමාන්‍ය දෙයක් විය. කමතේ දී ගොම්පස් අල්ලන්නට යෙදුවේ දරුවන්ය.මේ දෛනික වැඩ කන්දරාව නිසා පාසලේ උගත් දේ පාඩමට සීමා විය.විසබීජ යනු හුදෙක් සංකල්පයක් පමණක් යැයි ඔවුන්  සිතන්නට ඇත.කන්නන්ගර මහතා ද මේවා දැන ගෙන ඉන්නට ඇත. ඔහු ප්‍රාථමික පාසල් වල ළමුන්ට නියෝගයක් නිකුත් කළේය. මේ නියෝගය මත උදේට හබරල ගොට්ටකට ගොම රැගෙන එන්නටද පසුව පාසල් ගෙවත්ත එළි පෙහෙළි කොට අල බතල මඤ්‌ෙඤාක්කා සිටුවන්නට   සිදු විය.ඉංග්‍රීසි ක්‍රමයට පණු බෙහෙත් ලබා දුනි.පණුවන් මැරීම ඉන් සිදු විය. නමුත් නිවසේ දී දුන්නේ බටකිරිල්ල අග්ගලා සහ සුරන් විදුර ගුලියයි.එහිදි පණුවන් මැරීම නොකොට පණුවන් හීන් කොට ගුද මාර්ගයෙන් ඉවත් කිරීම සිදු විය.  දරුවා ගෙදරදී විසබීජ හරණයට වඩා විසබීජ සමනය උගෙන ගත්තේ එසේය..වසරකට වරක් නිවසේදී  සියලුම දරුවන්ට විරේක බෙහෙත් දෙන ලදී.අරලු සෙනෙහකොළ තැඹිලි ගෙඩියේ ලා පින්නේ තබා උදේට පෙවීමද ඇතැම් අයට අරලු බුලු නෙල්ලි තිරැස්සවාලු මුද්දරම්පලම් ආදී කෂායද සමහරක් විට ඒ කෂායට එඬරු තෙල් දමා ලබා දීමෙන් විරේක ද කරන ලදී.මේ විරේකය නිසා බඩේ ආමය සමබර කර ගන්නා ලද අතර සිරුරේ සොරොව් වල සිරවී තිබූ මළ කොටස් බැහැර කර ගන්නා ලදී.

         දශක කීපයක් ගත වන විට විට මෙම නිවසේ සෞඛ්‍ය පිළීවෙත් වලට උපදෙස් දුන් ගමේ වෙද මහතාද නිවසේ සිටි මව් වරුන්ද වයොවෘද්ධ වී සිටියහ.මේ දැනුම ඉදිරියට ගෙන යෑමට  ලොකු මහත් වූ දරුවන්ට නොහැකි වූහ. ඔවුහු ඉගෙන ලොකු තනතුරු වලට පත් වී ගමේ දැනුම අමතක කළහ. ඒ අතර සෞඛ්‍ය පාඩමද වරින් වර වෙනස් විය.සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයක් බිහි විය. මව් කිරි සහ එළකිරි දීම ප්‍රවේශම් සහිත නොවේ යයි 1940 දශකයේ දී පත්තර වල දැන්වීම් පළ කරන ලද අතර ටින්කිරි විකුණා ගැනීමට උත්සාහ කරන ලදී. සෞඛ්‍ය අංශ ප්‍රබල වන විට මව්කිරි ඇරුණු කොට  මාස තුනක් පමණ වන තුරු ජලයවත් නොදිය යුතු යැයි නිර්දේශ කරන ලදී.බඩ විරේකය අවඥාවට ලක් කරන ලද අතර කැඳ බී පාසල් ඒමද උපහාසයට ලක් කරන ලදී.එසේම උපතේ පටන් දෙන රතකල්කය නොදිය යුතු යැයි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයන් පත්‍රිකා පවා පළ කරන ලදී. රත් කල්කය දුන්නේ මව් කුසේ සිටි දරුවා ස්වභාවික ලෝකයට පැමිණෙන විට එම පරිසරයට හුරු වීම පිණිස දෙන සරල ඖෂධයක් විලසිනි. ඉන් ලේ පිරිසිදු වී මෘදුව විරේචනය වී ශරීරය සැහැල්ලු වී ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරන ලදී.

 

 

 

 

 

ආමය සමබර කරන ලදී.රත කල්කයේ වට්ටෝරු දෙකක් විය. එකක බරට බරක් සහිඳ ලුණු විය. ඇතැම් වෛද්‍යවරු පවසන පරිදි විරේක පංගුව එය වන්නට ඇත. උපතෙන් දින කට පමණ පසුව මෙම රත් කල්කය දීම ආරම්භ කරන ලදී. නමුත් ඇතැම් වෛද්‍යවරු කියන පරිදි උපතෙන් දින දාහතරකට පමණ පසු දීම වඩාත් යෝග්‍ය වේ.එයට හේතුව පෙකණි වැල වෙන් කල පසු තවදුරටත් මවත් දරුවාත් අතර සංයෝගය තිබෙන බැවිනි.කෙසේ නමුත් රත කල්කය දෙන පළමු දිනයේ දී දෙහි දළු මිටක් තලා ඉස්ම තනකිරි සමගද දෙවනි දිනයේ දී සුදුළූනු උණු අළු පල්ලේ  දමා තම්බා තලා  ගත් ඉස්ම සමගද තෙවනි දිනයේ දී ළපටි ඉඟුරු කැබැල්ලක් රෙදි කඩක ගැට ගසා කඩ පිම්මේ තම්බා පොඩි කර මිරිකා ගත් යුෂයෙන් දීම ද කළ බව පැරණි පතපොතේ සඳහන්ය.ඉන්පසූ වසර දෙකහමාරක කාලයක් තුළ වරින් වර මේ රත කල්කය දුන් බව පැහැදිලිය.හෙම්බිරිස්සාවක් ඇති විට කොත්තමල්ලි වතුරෙන්ද ලේ ශුද්ධ කිරීමට වදමල් තැම්බූ වතුරෙන් ද මළ වියළී ඇත් නම් අරළු තැම්බූ වතුරෙන්ද දුන් බව පැරණියන් කියති.

    පැරණියන් ගේ සෞඛය පිළීවෙත මෙසේ වුවද හැටේ දශකයේ දී පාසල් රජයට පවරා ගත් පසු ඇති වූ පරිවර්තනයේ දී පාසල් අධ්‍යාපනය තුළ දේශීය දැනුමට වටිනාකමක් හිමි නොවීය. හැත්තෑව දශකයෙන් පසු බිහි වූ දරුවන්ට රත කල්කය ගැනීමේ වාසනාව අහිමි කරන ලදී.බටහිර වෛද්‍යවරු තමන් සමීපයට පැමිණෙන පිරිසට උපදෙස් දෙන ලද්දේ රත කල්කය නොගන්නා ලෙසටය.ගලේ අඹරා දෙන රත් කල්කයට ගල් කුඩු එකතු වන්නේ යැයි ද ඒ නිසා රතකල්කය ගැනීම හානිකර විය හැකි යැයිද වරක් එක් වෛද්‍යවරයෙකු මා සමග පැවසීය. එවිට මා ආපිට ඔහුගෙන් විමසූයේ ඔබ ලුනු මිරිස් ආහාරයට ගන්නවාද යන්නයි.සැබවින්ම නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ගිය පිරිසගේ අනුකාරකත්වය සහ පරස්පරය අපට සැම විටම දක්නට ලැබුණි.මේ නිසා වසර දහස් ගණනක් තිස්සේ අත් දුටු සෞඛ්‍ය පිළීවෙත් බැහැර වීමේ ප්‍රතිඵලය නම් ජනතාව තුල බෝ නොවන රෝග වැඩි වැඩියෙන් ප්‍රචලිත වීමයි.

    හැටේ දශකයේ දරුවන් අද තම දිවිමගේ අඩ සියවස පසු කරමින් සිටී.කොරෝනා වලින් වැඩිමනත්ව පීඩාවට පත් වන්නේ මොවුන්ය.කුඩා කළ සිරුරේ ශක්තිය අවදි කර නොගත් ඔවුහු දියවැඩියාව හෘද රෝග අම්ල පිත්තය මේදය බහුල වීම ආදී රෝග වලින් පෙළෙති. ඔවුන්ගේ දරුවන්ද එසේය.ළමා දියවැඩියාව බහුලව ප්‍රචලිත වී තිබේ.මෙයට වැරදි ආහාර රටාවද එක් හේතුවකි.වල්මත් වූ මේ පිරිස එන්නත් පස්සේ දිවීම පුදුමයට කරුණක් නොවේ.වර්තමාන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයද එන්නත් ගැනීමේ අවශ්‍යතාවය මතු කරන්නේ දේශීය වෙදකමට කිසිම ඉඩක් නොතබමිනි. පාසල් වියේ දරුවන්ටද එන්නත් නිර්දේශ කිරීමට තරම් මේ වෛද්‍යරු අපරික්ෂාකරී වී සිටින්නේ අනුකාරක අධ්‍යාපනයේ තරම අපට පෙන්වමිනි.ඔවුන් පවසන පරිදි විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන් යනු පෙර සඳහන් කළ බෝ වන රෝග බහුල දරුවන්ය.එන්නත දීමෙන් සිදු වන්නේ මේ දරුවන් තව දුරටත් අනතුරේ වැටීමයි.මන්ද ඔවුන්ගේ ස්වභාවිත ප්‍රතිශක්තිය තව දුරටත් හීන වන බැවිනි.කාලයක් තිස්සේ අපගේ අනාගත පරපුර අනතුරේ හෙළා දැන් කව දුරටත් ඒ පරපුර විනාශ කිරීමේ කුමන්ත්‍රණයක ඔවුන් නියැලී සිටින්නේ දැයි අපට බරපතල සැකයක් ඇතිවේ.

මතුගම සෙනෙවිරුවන්

 

 

 

Tuesday, June 1, 2021

එන්නත් විෂ වුවහොත් විෂ ඉවත් කිරීමට ක්‍රමවේදයක් තිබේද

 





        වත්මන් වසංගත තත්වය නිර්මාණය කළ කොරෝනා වෛරසය ට එරෙහිව මිනිස් සිරුර තුළ ප්‍රතිදේහ නිර්මාණය කරලීම උදෙසා මේ වන විට ලෝකයේ ප්‍රමුඛ ඖෂධ සමාගම් එන්නත් වර්ග හතක් පමණ නිෂ්පාදනය කර තිබේ.මෙම එන්නත් සියල්ල එක සමාන යයි අප සිතුවද ඒවායේ හඳුන්වා දීම් අනුව සමාන නැත. ලංකාව තුළ පළමු වරට අත්හදා බැලූ ඔක්ස්ෆඩ් එන්නතත් ෆයිසර් එන්නතත් සමාන නැත.ෆයිසර් හෝ ස්පුට්නික් එන්නත් එකිනෙකට සමාන නැත. නමුත් සියල්ලම සමාන වන එක් තැනක් තිබේ.  එනම් මේවා නිපදවා තිබෙන්නේ (M RNA )මැසෙන්ජර් රයිබො නියුක්ලික් අම්ල තාක්ෂණය මගිනි.ජානමය ප්‍රෝටීන් කොටස් මිනිස් සිරුරේ සෛල තුළට හුවමාරු කිරීම(Transduction is the process by which foreign DNA is introduced into a cell by a virus or viral vector. ) මෙහි ක්‍රමවේදයයි.මේ හුවමාරුවන් ජනිත නව තත්වය මත අදාල වෛරසය නොහොත් කොරෝනාව හඳුනාගන පාලනය කළ හැකි ප්‍රතිදේහයක් නිපදවේ. සයිනොපාම් එන්නත ඒ සියල්ලට වෙනස්ය.එය සාම්ප්‍රදායික එන්නත් වලට සමානය.නමුත් මේ එන්නත තුළින් සමස්ත ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් නොකරයි.ඒ වෙනුවට එන්නත විසින් ඇති කරනු ලැබූ ප්‍රතිදේහය ප්‍රමුඛ වී අනෙකුත් රෝග සඳහා ඇතිකරන ක්ෂමතාවය උදාසීන    කරනු ලබයි.

    කොරොනාව යනු ගෝලීය දේශපාලන න්‍යාය පත්‍රයට අනුව නිර්මාණය කරන ලද ජෛව අවියක් යයි කියති..ඇමරිකාවේ සෞඛ්‍ය අංශයේ ඉහළම තනතුරක් හොබවන දොස්තරවරයෙකු වන  ඇන්තනී පවුචි ඇතුළු බලධාරීන් ගේ මෙහෙයවීම මත  චීනයේ වූහාන් හි පිහිටි වෛරස් පිළිබඳ විද්‍යායතනයකදී  කරන ලද මේ අත් හදා බැලීම මත මෙම වෛරසය ජෛව අවියක් ලෙසට සමාජයට නිකුත් වී තිබේ. ඇමරිකානු රජය මෙම පර්යේෂණයට අවශ්‍ය මුදල් වූහාන් වෙත නිකුත් කරනු ලබනුයේ මාර්ස් සහ සාර්ස් යන වෛරස පිළිබඳ යම් විමර්ශනයක් කිරීමට යැයි ප්‍රකාශ වී ඇත. ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ සෙනෙට්  සභික පෝල් මහතා  ඇන්තනී පවුචි ගෙන් ප්‍රශ්ණ අසන විට ඔහුට ඒ බැව්  පිළිගන්නට සිදු වූ ආකාරය අපට වීඩියෝවක් මගින් දැකගන්නට හැකිය.ඇමරිකාව තුළ ජාන තාක්ෂණ පර්යේෂණ තහනම්ය. විශේෂයෙන් මානව පිටපත් සඳහා වන පරියේෂණ තහනම්ය. ඇමරිකාව ඒ සඳහා භාවිතා කරන්නේ චීනයයි.කොරොනා වෛරසයද එයට අදාල එන්නතද නිපදවීම සිදු වන්නේ මේ පසුබිම මත යැයි නිදහස් මත දරණ ලෝක ප්‍රකට විද්‍යාඥයන් පවසති.මෙම වෛරසය සමාජයට මුදා හැරීමෙන් පසු ලෝක ජනගහනයෙන් මිලියන අසූපහක් මරණයට පත් විය යුතු බවට ඔවුහු ගණන් බලා තිබුණි..එම ඇස්තමේන්තුව අනුව මරණ සිදු නොවුණද කොරෝනාව වේගයෙන් බොහෝ රටවල පැතිරුණි.ලංකාවේ නගරබද ජනගහනය ආක්‍රමණය කළ මෙම වෛරසය බොහෝ දෙනෙකුගේ සිරුර තුළ අන්තර්ගතව තිබෙන බව සොයාගෙන ඇත. එහෙත් ඉන් මරණීය තත්වයට පත් කර තිබෙන්නේ සියයට 0.005 ක ප්‍රමාණයකි.1914 -1920 දක්වා කාලයේ ද ලංකාවේ ප්‍රචලිත වූ ස්පාඤ්ඤ උණ නම් ප්‍රතිශ්‍යා උණ වසංගතය  විසින් ද මෙලෙසම මරණ වාර්තා කර තිබුණි. එහෙත් ඒ මරණ වැඩි කොටස නාගරික ජනගහනය තුළ සහ ලංකාවට ආනයනය කළ දෙමළ වතු කම්කරුවන් ආශ්‍රිතව සිදු වී තිබුණි.

    මිනිස් සිරුර නොයෙකුත් සෛල වලින් සෑදී තිබෙන්නකි.ඒ අතර සිරුර ඇසුරු කොට ක්‍රියාකරන බැක්ටීරියා වර්ග ද දහස් ගණනක් පවතී.ඒවා අනොන්‍ය සහ ජීවනයෙන් ශරීරය තුළ ජීවත් වේ.ආහාර ජීර්ණ ක්‍රයාවලියේ දී සහ ජීවන රටාවේ විවිධ අවස්ථාවන්හිදී මේ බැක්ටීරියා වර්ග ඉස්මතු වේ.නවීන විද්‍යාවේ දී සිම්බයෝසිස් යනුවෙන් දක්වන්නේ මෙයයි.සිරුරේ ජීව තුලනය සිදු කරන මේ ජීවීන් අනවශ්‍ය අන්දමින් විනාශයට පත් වුවහොත් ඇතිවන තත්වය ඔවුන් හඳුන්වන්නේ ඩිස්බයෝසිස් යනුවෙනි.

           ලෝකයේ පැරණි සමාජය තුළ තිබුණු අල්ප වූ පහසුකම් මැද ශරීර තුලනය හොඳින් සිදු වුණි.නමුත් කාර්මික විප්ලව‌යත් සමග ඇති වූ සමුද්‍ර ගවේශන තුළ යාත්‍රිකයන් නොහඳුනන රෝග වලින් පෙළෙන්නට පටන් ගත්හ. බැරි බැරි රෝගය ඉන් එකකි.නමුත් පෙරදිග ලෝකයේ පැවති සාම්ප්‍රදායික ජීවන රටාව තුළ මෙවැනි අසමතුලිතතාවයක් නිර්මාණය වීමට තිබෙන අවස්ථාවන් අවම විය.ස්වයං පෝෂිත අර්ථ ක්‍රමය දේශීය වෙද හෙදකම් සියල්ල තුළ මනුෂ්‍යයා සොබාදහමේ කොටසක් බවට පත්ව තිබුණි. විසබීජ දුහුවිලි ආදී දේ මගින් මනුෂ්‍යාට බලපෑමක් ඇති නොකරන ලද්දේ මේ නිසාය.උදාහරණයකට ගතහොත් ගෙදර මුලු තැන්ගෙය කලු දුමෙන් වැසුණූ දැලි බැඳුණු අපවිත්‍ර තැනක් ලෙසට නූතනයන් සැලකූහ. එහෙත් එවැනි තැනක සිදු වුණු ආහාර කල් තබා ගැනීමේ ක්‍රියාවලිය විස්මිත විය. වර්ෂයකට වතාවක් ලිප සුද්ද කොට ගොම මැටි ගෑ පොළව අවට පරිසරය තුළ පෙර දැක්වූ සිමිබයෝසිස් සංකල්පය තිබුණි.ගමේ ඇත්තන් ගේ පැටි පස් පරාණය නම් කුකුළා ගවයා බල්ලා බළලා සහ නිවසේ දරුවන් ද සිටියහ. ඔවුහු වැඩුණේ එකටය.ගොම අතපත නොගෑ බලු ගූ හෝ බලල්ගූ හෝ කුකුල් ගූ නොතැවරුණු දරුවෙක් සොයා ගැන්ම උගහට විය. හේනේ කුඹුරේ කමතේ මැඩුවන් උඩ දඟලන දරුවකු අද කාලයේ නම් අසනීප වන්නට ඉඩ තිබේ.ගැමි දරුවන්ට ඉසෙන් බහින් ලෙඩක් නොතිබුණි. දණක් හෝ ඉනක් මඩේ එරී වැඩකරන ගොවියෙකු ගේ දෙපා ඔස්සේ දිය කූඩැල්ලන් නැගී ලේ උරා බොති. කෙළ බිඳක් ගා කූඩලු මුව බුරුල් කර ගැනීම කරති.ඇතැම් විට පත්තෑයන් කකුළ් දිගේ ගමන් කරති. ගොවීන් කලබල වන්නේ නැත. මඩ කොටන විට කුණ කටුවෙක් පොලොන් තෙලිස්සෙක් දියනයෙක් මතුවන අවස්ථා නැත්තේ නොවේ.උන් ගොවියාට දෂ්ඨ කරන්නේ නැත. ගොයම් කපන විට යම් විදයකින් සර්ප දෂ්ටයක් සිදු වුවහොත් එසැණ විස උරා දමා පරිසරයේ තිබෙන කොළ කීපයක් තලා පොඩි කර දෂ්ට මුඛයේ තබති.අමාශය තුළ අසූ කුලයක පණුවන් සිටිතැයි ගැමියන් විශ්වාස කළහ.කොළ කැඳ කෝප්පයක් බී නැවත ජලය පාලන කරන්නේ කැඳ ප්‍රිය නොකරන පණුවන්ට යැයි පැරණි මාතාවන් කරන ප්‍රකාශය හුදෙක් ගැමි කතාවක් නොවේ.

           බටහිර ලෝකයේ කාර්මික පිබිදීමත් සමග ඇති වූ පරිවර්තනය තුළ මනුෂ්‍යා සොබාදහමෙන් ඉවත් විය. ඇලොපති වෛද්‍යක්‍රමය බිහි වීමත් සමග ක්ෂණික ප්‍රතිකාර විධි වර්ධනය විය. මිනිස් සිරුරට ඇතුලත් වන මේ ඖෂධ වර්ග වලින් සිමිබයෝසිස් තත්වය නොහොත් අනොන්‍ය සමතුලිතතාවය  වෙනස් කර තිබේ. රෝගයට පහර දෙන ඖෂධය බැක්ටීරියාවටද පහර දේ. මේ නිසා ඇති වුණු තත්වය බියකරුය.. මෙම තත්වය ඇතැම් බටහිර විද්‍යාඥයන් අවබෝධ කර ගෙන ඇත.ඔවුහු සමස්ත සංකල්පයම අවබෝධ කරගෙන නැති නමුත් මෙම ඩිස්බයෝසිස් තත්වයට මුහුණ දීමට හැකි නව ඖෂධ නිර්මාණය කරමින් සිටිති.සිරුර තුලනය කරන කොටිසෝල් හෝමෝනය නිපදවීම ඉන් එක අදියරකි.මෙවැනි තත්වයක් ඇති නමුදු ඖෂධ වෙළෙඳාම තුළ ලාභය උපරිම කර ගැනීමේ චේතනාව දැඩි ලෙස ඉදිරියට පැමිණ තිබේ.මේ නිසා ලෝකයේ ලෙඩ වෙළෙඳපල වර්ධනය කරලීමත් ඖෂධ විකුණා ලාභ තර ගැනීමත් දිගින් දිගටම සිදු වෙමින් පවතී.

 ලෝක ප්‍රකට බිල් ගේට්ස් වර්තමාන එන්නත පිටිපස සිටින බව දැන් හෙළිවී තිබේ. කුමන නමකින් ලෝකයේ කුමන ස්ථානයක නිපදවුවද කොවිඩ් එන්නත යනු ජෛව පාලකයකි. ලෝකයේ ජන ගහනය පාලනය කිරීමට සහ ලාභය උපරිම කරලීමට තැනූවකි. ගාල්ල කරාපිටියේ රෝහලේ සේවය කළ එක්තරා රසායනාගාර ශිල්පියෙකුට යම් ලිංගික බෙලහීනතාවයක් තිබුණි.ඔහු බටහිර ප්‍රතිකාර කොට බැරිවුණු තැන ගත් සිංහල වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවපත් විය. මෑතකදී ඔහුට සෞඛ්‍ය සේවකයෙකු ලෙසට එන්නත ලබා ගැනීමට සිදු විය. සිදු වූයේ කුමක්ද යලිත් ඔහු පෙරකී රෝග තත්වයට ගොදුරු වීමයි. මෙයින් අපට පැහැදිලි වන්නේ 18 ත් 55 ත් අතර ජනගහනයට වැඩි බරක් යොදා මේ එන්නත විදීමේ අරමුණයි.ඔක්ස්ෆඩ් එන්නත ලබා ගැනීම නිසා ලාකාවේ මරණ රාශියක් සිදු වූබවට වාර්තා විය. ලෝකයේ  ලක්ෂයකට 700 කට වඩා මේ එන්නතින් මරණයට පත් වී තිබේ. ඒ සියල්ල සිදු වී තිබෙන්නේ ලේකැටි ගැසීමෙනි.සයිනොපාම් හෝ ෆයිසර් හෝ අනෙක් එන්නත් වලින් සිදුවන ප්‍රදාහ තත්වයන් තවම හඳුනාගෙන නැත.

    කෙසේ වෙතත් ලංකාවේ මාධ්‍ය සහ රජය එක්ව කරන බිය ගැන්වීම් නිසා ජනතාව එන්නත ගැනීමට දැන් පොරකමින් සිටිති. මෑත බිහිවූ කොවිඩ් තුන්වන රැල්ල ආණ්ඩුව විසින් නිරිමාණය කරන ලද්දකි. යුක්‍රේන හෝ ඉන්දීය සංචාරයකයන් ලංකාවට ගෙන්වා සමාජය වෙත වෛරසය මුදා හැරීම මේ ක්‍රියාවලියයි. අනතුරුව දෙවන රැල්ලට වඩා වේගයෙන් රෝගය පැතිරීමත් නිව්මෝනියා තත්වය වර්ධනය වීමත් නිසා ජනතාව බියට පත් විය දැන් පොලිම් ගැසී එන්නත් විද ගන්නේ මේ මරබිය නිසයි. කෙසේ වෙතත් මේ එන්නත් නිසා යම් රෝග තත්වයක් ඇති වුවහොත් එසේත් නැතිනම් වඳ භාවය ඇති වුවහොත් එයට ලක් රජය වග කියන්නේ නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය වග කියන්නේ ද නැත. වග නොකියන බවට ගිවිසුම් ද අත්සන් කරගෙන තිබේ. එන්නත් විද ගන්නාද ලියවිල්ලකට අත්සන් කරයි. එසේ නම් සිංහල අපට බේරුමක් නැත්තේද. ඇතැම් විට තිබිය හැකිය. ඒ සිංහල ආහාර විහරණ පිළිපැදීමෙනි.හීනටි හාල් කැඳ කොළ කැඳ බෙහෙත් කැඳ පරිහරණය කිරීමෙනි.යම් විදියකින් වඳ බව ඇති කිරීමට මේ එන්නත උපයෝගී වුවහොත් එම ගැටළුව නිරාකරණය කර ගැනීමට රසායන හා වාජීකරණ ක්‍රම සිංහල වෙදකමේ ඇත.එසේ නම් අර්බුදයක් ලෙසට සමාජය තුළ මෙය මතුවන දිනක අවශ්‍ය බේත් සූදානම් කර ගැනීමටද සිංහල වෛද්‍යවරුන්ට සිදු වනු ඇත. එවිට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගේ හෝ හමුදාපකි ගේ හෝ සෞඛ්‍ය ඇමති ගේ ආඥාව ජනතාව විසින් තුට්ටුවකට මායිම් නොකරුනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

      

Sunday, April 4, 2021

තෙල් වර්ග පිරිසිඳු කිරීම පිළිබඳ පාරම්පරික දැනුම

 



              ආහාරයට ලබා ගන්නා තෙල් වර්ග රාශියක් පිළිබඳ පාරම්පරික සූප ශාස්ත්‍ර ක්‍රමයන්හි දක්නට ලැබේ. ඒඅතර මී තෙල් තලතෙල් අබ තෙල් එළඟි තෙල් මෙන්ම පොල් තෙල් ප්‍රධාන වේ.මීගස් බහුල රජරට ප්‍රදේශයන්හි මී තෙල් සහ තල තෙල්ද පොල් ගස් බහුල පහත රට ප්‍රදේශයන්හි පොල් තෙලද භාවිතා වී ඇති බව පැහැදිලිය පස්ගෝ රස අතරට ගැනෙන එළඟි තෙල් දිවයින පුරාම ජනතාව අතර ආහාර සංස්කරණයේ දී මෙන්ම ඖෂධ සංයෝජනයේ දී ද භාවිතා වී ඇත. ගිතෙල් සහ දුන්තෙල් යනුවෙන් එහි ප්‍රභේද දෙකකි.ගිතෙල එළගවයාගේ කිරි වලින් ලබා ගන්නා අතර දුන්තෙල මී ගවයාගේ කිරි ලබා ගනී.මීතෙල් සහ තල තෙල සිඳ ගත්තේ පැහැ භාවිතයෙනි. වෙළෙඳාම සඳහා සෙක්කුව මගින් සිඳ ගනු ලැබිණ.පොල් තෙල සකස් කර ගත් ක්‍රම අතර අත් තෙල් සිඳ ගැනීම ගෘහස්ථවද සෙක්කුවෙන් හිඳ ගැනීම නාගරික පොදු භාවිතයටද සිදු කරනු ලැබිණ.අත්තෙල මෙන්ම සෙක්කු තෙලද ඉතාමත් පිරිසිඳු විය.රත් වීම අවම බැවින් තෙලේ පවතික පෝෂක කොටස් හානි නොවිණ.

          මී තෙල් සිඳ ගැනීමට මී ඇට කොටා කුල්ලෙන් පොලා ගත යුතු විය.පසුව වන්ඩුවේ තම්බා ගනී. අනතුරුව පැහැ භාවිතා කොට ලී දඬු දෙකක් ආධාරයෙන් තෙල් සිඳ ගැනීම කරති.මී තෙල ආහාරයට යොදා ගැනීමට ප්‍රථම  තෙල ලිප තබා බත් ගුලියක් එකතු කර නැවත සිඳ ගැනීමට ගෘහිණියන් උත්සාහ කර තිබේ. මෙවිට තෙලේ පවතින අමු ගතියත් යම් විස ගතියක් තිබේ නම් එයත් ඉවත් වේ. තෙල් භාවිතය ගැන මහනුවර රජ ගෙදර සූප ශාස්ත්‍ර නම් ග්‍රන්ථයේ 97 කවියේ මෙලෙස සඳහන් වේ.

සේවන කළහොත් තලතෙල -වා සෙම් සමනය වෙයි බල

වා පිත් දෙක නාස ගිතෙල -මී පිත් සෙම් නසාලු බල

( තලතෙල සේවනය කළහොත් බලවඩයි. වා සෙම් සමනය වේ.ගිතෙල් වා පිත් දෙක නසයි.මී තෙල් පිත සෙම් දෙක නසාලයි. )

පොල් බහුල පෙදෙස් වල පොල් තෙල් ආහාරයට එක්කර ගැනීම පුරුද්දකි.සාමාන්‍ය පොල් ගෙඩි පහකින්  තෙල් බෝතලයක් පමණ සින්ඳවා ගත හැකිය.ගෘහිණියන් නිවසේදීම අත්තෙල් සාදා ගනිති.සිංහල අවුරුද්ද ලංවෙත්ම පොල් ගෙඩි පහළොවක පමණ තෙල් සිඳ ගන්නේ රස කැවිලි සාදා ගැනීමට ඒවා උපයෝගී වන බැවිනි.ගා ගත් පොල් පළමුව තම්බා හොඳින් මිරිකා ගැනීම පළමු පියවරයි.දෙවනුව ඉතිරි වූ පොල් රොඩු වට ජලය එක් කොට නැවත කිරි මිරිකා ගනිති.ඉන්පසු පොල් හොඳින් තම්බා ගැනීම කරති.අනතුරුව විවෘත අප්පල්ලයක බහා තෙල් සිඳ ගැනීම ආරම්භ කරති. යම් වේලාවක් ගත වූ විට තෙල් පෑදීමට පටන් ගන්නා අතර කිරි කොටස යටට ගමන් ගනී.අප්පල්ලයේ මතු වූ තෙල හැන්දකින් ඉවත් කරගන්නා අතර අවසානයේ ඉතිරි වූ කිරි සහිත තෙල මත්තේ හිල් සහිත පොල් කටුවක්  ගිල්වති. එහිදී කිරි කොටස පොල් කටුවට පැමිණෙන අතර තෙල් කොටස වෙන්වේ.කිරි කොටස කිරි කැඳ සඳහා භාවිතවේ.කිරිපණු අමාරුව සමනයට ඉතා ප්‍රත්‍යක්ෂ වේ.

සිඳ ගත් තෙල් නැවත අප්පල්ලයක බහා පදමට කකාරා ගන්නා අතර එහිදී තෙලේ අමු ගතිය ඉවත් වේ. අතැම් ගෘහිණියන් තෙල රත්කරන විට කරපිංචා එකතු කරති.මීතෙල සකස් කරන විට යොදා ගන්නා බත් ගුලියද යොදා ගන්නා ගෘහිණීයන් සිටිති. ඒසේම බුලත්කොළ දමා සිඳ ගැනීමද කරති.මෙලෙස සිඳ ගත් තෙල මුඩු වන්නේ නැත.පොල් තෙල් ආහාරය සඳහා භාවිත කරන්නේ බැදුම් කාරකයක් වශයෙනි. බැදීමෙන් ආහාරයට රසයක් එකතුවන අතර කල් තබා ගැනීමටද හැකිවේ. පොල් තෙල් වලින් බැදීමෙන් රුධිරය කැටි ගැසීම වළක්වන අතර වකුගඩු සහ මුත්‍ර රෝග වලක්වාලයි. පොල් තෙල් වල කාබනික අයඩින් ප්‍රතිශතයක් ඇති නිසා ගල ගණ්ඩය සෑදීමේ ප්‍රතිශතය අවම කරයි. ආමාශයේ සහ අන්ත්‍ර වල තුවාළ සුව කිරීමේ හැකියාවක් පවතී. සමේ පවතින දිලීර විනාශ කරලීමටද එයට හැකිය. මල බද්ධයද වළක්වන අතර මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි. මේ නිසා පොල් තෙල් ස්වල්පයකින් තෙමේපරාදු කර ගත් ලූණු කරපිංචා සමග ව්‍යංඡනය රසවත් කරගැනීමට උත්සාහ ගනී.පිරිසිඳු පොල් තෙල් ලබා ගත හැක්තේ පිරිසිදු කොප්පරා වලින් පමණකි. නිවසේ අත් තෙල් සාදා ගැනීමද සෙක්කුවෙන් තෙල් ගැනීමද විද්‍යාත්මකය. එහිදී විටමින් වර්ග හිඳී යන්නේ නැත.

තෙල් වර්ග  මූර්චජනය -

ගිතෙල අබතෙල තලතෙල මී තෙල මෙන්ම පොල් තෙලද ඖෂධ පිණිස බහුලව යොදා ගනී. තැඹිලි තෙල හිස ගෑමට යොදා ගනී.මෙවැනි තෙල් වර්ග මුඩු බවට පත් වීම සුදුසු නැත. ඖෂධ පිණිස යොදා ගන්නා බැවින් ඒවායේ අමු ගතිය මග හරවා ගත යුතුය. මේ නිසා තෙල් මූර්ජා කිරීමක් සිදු කරන බව දේශීය වෛද්‍ය ග්‍රන්ථ වල දක්වා තිබේ.තලතෙල් මූර්චජනයේ දී පළමුව කළ යුත්තේ තෙල කල්දේරමක බහා  මදගින්නේ පෙණ රහිත වන තුරු හැඳි ගෑමයි.ඉන්පසු වැල්මදට කහ කලාඳුරු අල අවරිය නෙල්ලි බුලු අරලු වැටකේ මුල් නුග අරලු ඉරිවේරිය ආදිය එක් කොට තෙල නැවත සින්දවා ගත යුතුය. මෙහිදී වැල් මදට තෙල මෙන් භාගයක්ද සෙසු ද්‍රව්‍ය වැල් මදට ප්‍රමාණයෙන් කාලක්ද එක් කර ගැනීම නියමයයි.

අබතෙල් මූර්චජනයේ දිද පලමුව තෙලේ පෙණ පහව යනතෙක් උණුකර නෙල්ලි කහ කලාඳුරු ඉරිවේරිය සැවන්දරා බුලු කලන් 03බගින් ද වැල් මදට කලන් දෙකක් ද යොදා සින්දවා ගත යූතුය ගිතෙල නැත්නම් එළඟි තෙල් මූර්චජනය විශේෂිතය.ගිතෙල සාදා ගන්නේ එළදෙනුන් ගෙන් ලැබෙන කිරි උණුකිරීමේදී මතුවන යොදය භාවිතා කරමිනි. අවශ්‍ය පමණට යොදය එක්කාසු කරගත් පසු එය ලිප තබා මත ගාන කල්හි තෙල වෙන් වේ.තෙල වෙන්වූ පසු ඉතිරි කොටස මෝරුය එයද ඔෂධ පිණිස යොදා ගනී.ගිතෙල හා දුන්තෙල ගෘහස්ථ පරිභෝජනයට යොදා ගන්නා අතර එහිදී  මුරුංගා කොළ එකතු කර සින්ඳවා ගනී.   අත්තික්කා ගෙඩි මාලුව සකස් කරන කල්හි ගිතෙල බෙහෙවින් ප්‍රයෝජනවත්ය.ඖෂධ පිණිස ගැනීමේ දී අරලු බුලු නෙල්ලි කළාඳුරු වියළි කහ පලම බැගින්ගෙන චූර්ණ කර ඇඹුල් දොඩම් යුෂින් අඹරා දමා ඊටම ජලය නැලි අටක්ද බහා පෙර කී අයුරින්ම සිඳ ගැනීම නියමයයි.

  තෙල් මුඩු වීම සිදු වන්නේ තෙල් වලට ගැනෙන අමුද්‍රව්‍ය මත පුස් බැඳීමෙනි.විශේෂයෙන්ම කොප්පරා නිසි පරිදි වේලා නොගතහොත් ඇපලොටොක්සීන් නම් රසායනිකය ඇතිවේ.මේවා ආහාරයට මෙන්ම ඖෂධයටද විස කාරකය.පාරම්පරිකව තෙල් සිඳ ගත් ආකාරයට මෙන්ම මූර්ජා විදි වලින් මේ මුඩු ගතියත් අමු ගතියත් විස ගතියත්  මග හැරේ.එය අපගේ ආහාර සංස්කෘතිය සතු විශිෂ්ට දැනුම් සම්භාරයෙන් අල්ප මාත්‍රයකි.

මතුගම සෙනෙවිරුවන්


Sunday, April 26, 2020

කැස්ස හෙම්බිරිස්සාවට බිය විය යුතුද


                                             
            මෙලොව උපදින සෑම මනුෂ්‍යයෙකුම යම් කිසි ප්‍රකෘතියක් අනුව උප්පත්තිය ලබයි. මෙහිදී  සඳහන් ප්‍රකෘතිය යනු පංච මහා භුත තත්වයන් අනුව ජනිත ප්‍රකෘතියන්ය. ඒ අනුව කෙනෙක් සෙම් ප්‍රකෘතිකයෙක් බවටද තවකෙක් පිත් ප්‍රකෘතිකයෙකු බවටද ඇතැම් අය වාත ප්‍රකෘතිකයන් ලෙසටද නම් කළ හැකිය.සිංහල ජනතාව  මේ බැව්  දැන ගන්නේ කේන්ද්‍ර සටහනිනි. හඳහනේ ලියැවී තිබෙන මේ ස්වභාවය මේ රටේ කීයෙන් කීදෙනෙකු අධ්‍යනය කලාදැයි මම නොදනිමි. නමුත් ජ්‍යෙතිෂය පෙරදැරිව වෙදකම් කරන වෛද්‍යවරයෙකු නම් අදාළ රෝගියාගේ හඳහනද පරීක්ෂා කොට බලා ප්‍රතිකාර නියම කරලීම සිරිත වෙයි. වාත පිත්ත සහ සෙම යනුවෙන් පවතින මේ ප්‍රකෘතිය කෝප වීම නිසා දොස් කෝප තත්වයන් ජනිත වෙයි. මෙවැනි කෝප ලක්ෂණ ඇතිවූ කල්හි පුරුෂයෙකු ගේ නම් දකුණු අතේ නාඩිය පරීක්ෂා කිරීමෙන් ද කාන්තාවකගේ නම් වම් අතේ නාඩිය පරීක්ෂා කිරීමෙන් ද දැන ගත හැකිය. ඇතැම් විට වා සෙම් හෝ පිත් සෙම් රෝග ලක්ෂණද ජනිත වීම ස්වභාවිකය. පැරණි වෙද මහතුන් සියලු දෙන නාඩි ශාස්ත්‍රය ප්‍රගුණ කරනුයේ මේ දොස් කෝප තත්වය නිවරදිව විමසා බලා ප්‍රතිකාර නියම කරලීමටයි.එහෙත් අවාසනාවකට වර්තමාන ආයුර්වේද වෛද්‍යවරුන් පවා මේ ශාස්ත්‍රය ප්‍රගුණ කර නැත. ඒ වෙනුවට ඔවුන්ද බටහිර වෛද්‍යවරුන් මෙන් වෙද නලාව භාවිතා කරති. මෙයින් ගත හැකි සහාය අල්පය.
        සෙම කෝප වීම නිසා ශරීරයේ දියර ස්වභාවය වෙනස් වේ.සෙම්ප්‍රතිශ්‍යාව යනුවෙන් දක්වන්නේ එයයි. ඇතැම් විට නහයෙන් සොටු දියර ගැලීමට පටන් ගනී. වාත ප්‍රකෘතිකයෙකු නම් වාතය බලවත් වී සෙම නොයෙකුත් තැන් වල ට ගමන් කරමින් ඒ තැන් ආසාදනයට ලක් කරයි. උගුරේ වේදනාව හට ගන්නේ මෙවැනි විටකය. උගුරේ වියළී ගතිය මස් දලු ඉදිමීම රතුවීම ආදී කරුණු නිසා කැස්ස ඇති වීමට පටන් ගනී. සෙම්ප්‍රතිශ්‍යාවක්  ඇතැම් විට කෙනෙකුගෙන් බෝවන්නක් විය හැකිය. එවිට සෙම් කෝප වී පෙර සඳහන් කළ තත්වයම විවිධ අන්දමින් ඇති විය හැකිය.වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කොට පවතින දොස් කෝප තත්වයන් සලකා බලා ප්‍රතිකාර නියම කරයි.වාතය සහ සෙම සමබර වූ වහාම මේ හෙම්බිරිස්සාව හෝ එයින් හට ගන්නා උණ බැසයයි. තරුණ ජවරයකදී (උණකදී ) උපවාසය කොට ලුණු කැඳ ලබා දීමෙන්ම ආමය පැසවීම කොට රෝගියාට සුවය සලසා දිය හැකිය.නමුත් සෙමත් සමග  විශේෂයෙන්ම පිතත් සෙමත් සමග ඇතිවන සෙම් කෝප තත්වයකදී වමනය අතීසාරය ආහාර අරුචිය කැස්ස සහ උණ දරුණුවට ඇති වීමට තිබෙන අවස්ථා බොහෝය. වා පිත් සෙම් තුනම කෝප කර තත්වයකදී සන්නිපාත ලක්ෂණ පවා ඇති විය හැකිය.අතැම් පාරම්පරික වෙද පොත්වල කෝලේගාය යනුවෙන් දක්වා ඇත්තේ මෙවැනි අවස්ථාවන්ය.
       ගොවිතැනෙහි නියැලී සිටින ගොවියන් නිතර සෙම් රෝග වලට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ බොහෝය.සහජ පීනස් ලක්ෂණද එවැනි විටකදී මතු විය හැකිය.එවැනි අවස්ථාවලදී පැරණි ගොවීහු සෙම් කෝප වීම වාතය විමාර්ග ගත සහ ඇඟ පත රුදාව වළක්වා ගැනීමට තොටිල පොතු මුරුංගා පොතු අමු ඉඟුරු සහ සුදු ලූණූ අඩංගු ඖෂධයක් භාවිතා කළහ.එසේම  කුප්පමේනිය ඔළිඳ කොළ ඉඟුරු ඇඹුල් දොඩම් ආදිය ඇතුලත් ඖෂධයක් භාවිතා කළහ.සාමන්‍ය සෙම් කෝප අවස්ථාවලදී බුද්ධ රාජ කල්කය යොදා ගැනීම ගැමියන් ගේ ප්‍රශස්ථ ප්‍රතිකාර විදියක් විය.එහි අනුපාන වශයෙන් ගැනෙන ශාක ඔසු විවිධය.විශේෂයෙන්ම ආඩතෝඩ නික ඇඹුල් දොඩම් කිරි අඟුන දළුවල යුෂ අනුපාන සහිතව ගැනිණ.වා සෙම්  ප්‍රධාන ව හට ගැනෙන ස්වාශ  උණ සහ සන්නිපාත අවස්ථාවලදී  වලදී කුඹූරු දළු අමුඉඟුරු යකිනාරන් දළු යකවනස්ස දළු දෙහි දළු නික දළු සහ සුදු ළුනු යොදමින් කල්කය ලබා දුන්හ.මැදින් මාසය ගෙවී බක් මාසය උදාවන සමයේ දී වසංගත තත්වයන් ඇති වෙයි. එවිට සෙම කෝප වීම සිදු වෙයි.බෝවන රෝග පැතිරීම සිදු වෙයි.ඒ නිසා පත්තිනි මෑනියන්ට පුද සත්කාර කිරීමද ගම්මඩු නටා ආශිර්වාද සපයා ගැනීමද සිදු කළහ.විපත් රෝග උපත්‍රායාදී යස කීර්ති තේජසං පත්තිනි දේවි සමින්දා පාද පත්මා බි වන්දේ යනුවෙන් පත්තිනි මෑනියන් වන්දනා මාන කලේ එනිසාවෙනි.දෙයියන්ගේ ලෙඩ වැළඳුන කල්හි බෙලි කොළ කොහොඹ කොළ නික කොළ ආදීයෙන් තම්බා ගත් දියෙන් සේදීමද පැපිළිය කටුවැල්බටු තැම්බුම ලබා දීමත් සිදු විය.මේ අතර ශරීර ප්‍රතිශක්තිය ජනිත වන ආහාර ගැනීම අනිවාර්ය විය.ජනවාරි පෙබරවාරි කාලයේ ලබා ගන්නා ලද වැල් අල අස්වැන්න තුළින් සිරුර ශක්තිමත් කරන අතර බක් මාසයේ වට වැස්සත් සමග දලුලන විවිධ කොළ වර්ග ආහාරයට ගැනීමෙන් ශරීර ප්‍රතිශක්තිය තවදුරටත් වර්ධනය වේ.(නව දලු ඇඹුල )කුඹූරු වැඩ වල නිරත ගොවීන් සිංහල අවුරුද්දට ප්‍රථම වපුරා අවසන් කරනුයේ බක් මාසය තුළ මඩේ බැස වැඩ කිරීමෙන් ගවයන් සහ ගොවියන් දෙපිරිසම රෝගී වන බැවිනි.එසේම වන පළතුරු සියඹලා දන් සහ දිවුල්  ආහාරයට ගැනීමට රජරට ගැමියන් ට ලැබීමද මෙහිදී දැක්විය හැකි මහඟු නිදර්ශනයකි..
       සෙම් රෝග නැසීමට භාවිත වන ප්‍රධාන ඖෂධ අතර පාවට්ටා නොහොත් ආඩතෝඩා ප්‍රධානය. එයට වෛද්‍ය මාතා යයි ද කියති. පෙර දැක්වූ පරිදි මෙහි දලු අනුපානය සමග ඉඟුරු සුදු ලූනු සමග ගුලි කල්ක යෙදීම තුළින් සෙම නිසා ඇතිවන විවිධ සංකූලතා නැතිකරගත හැකිය. විශේෂයෙන්ම සෙම නිසා ඇති වූ උගුරේ ලෙඩ වලට පිළීයම් කර ගැනීම පිණීස කණ්ඩමාල කල්කය නමින් අගනා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වෛද්‍යවරුන් සකස් කරගෙන තිබුණී.උගුර ඉදිමීම උගුරේ ගෙඩි සෙම වියළීම නාසය ඇසිරීම ගිලීමට අපහසුව ගොළුවීම වැනි උත්සන්න අවස්ථාවලදී හිඟුරුපට ඉස්මෙන් කුකුරුමාන් ගෙඩි ඉස්මෙන් මෙන්ම දෙමට ගෙඩි ඉස්මෙන් කල්ක ලබා දීමෙන් අසීරු අවස්ථා මගහරවා ගනිති.අඩතෝඩා තිප්පිලි කුප්පමේනියා ඉඟුරු ඉරිවේරිය අරත්ත කලාඳුරු එලබටු යකිනාරන් කුඹූරු කරපිංචා ඔළීඳ වැල්මී නික යකිනාරන් යක වනස්ස සහ පිටවක්කා වැනි ඖෂධ ගෙවත්තේ වවා ගත හැකි අගනා ඔසු ශාක වෙති.අතැම් ශාක ඉබේ වැවෙන බව අප සිහිපත් කල යුතුය.මේ ඖෂධ මනා ලෙසට ප්‍රයෝග කර ගැන්මේ දැනුමක් අපගේ පැරණීයන්ට පිහිටා තිබුණි. එයට හේතුව ගමේ සිටි පාරම්පරික වෛද්‍යවරයා ගමේ ප්‍රධානියෙකු ද වීමයි. ඔහු දෙන උපදෙස් මත කටයුතු කිරීම සැම තැනකදීම දක්නට හැකි තත්වයක් විය. දෙයියන්ගේ ලෙඩක් හැදුණු විටදී එනිවෙස කිළීහරණයට ලක් කරන ලදී. ගමෙන් වෙන් කරන ලදී. නමුත් එම රොගීන් අරභයා ප්‍රතිකාර කිරීම ගමේ වෙදනාවන් ගේ උපදෙස් මත කිරීම සිදු විය
      කැස්ස හෙම්බිරිස්සාව දරුණූ රෝගයක් බවට පත් කරන්නට වර්තමාන නවීන සමාජය උත්සාහ කොට ඇත. වර්තමාන වසංගත තත්වය හමුවේ කිළිහරණය පැත්තකින් තබා නිරෝධානයට යොමු වී ඇත. සමාජ දුරස්ථකරණයට යොමු ව ඇත.කිළිහරණයට ඖෂධ ප්‍රතිකාරයන්ද ඇතුලත්ය එහෙත් නිරෝධානයට එය නැත. එහි දැක්වෙන්නේ මහජනතාව පාලනය කිරීමට අවශ්‍ය නීති රීති පමණකි.මෙය මහත්ම වූ දුක්ඛිත තත්වයකි. වසර දෙදහස් පන්සීයක් තිස්සේ අප වඩා ගත් පුරුෂාර්ථ පසෙක ලා රෝගයකට බිය වී ජන ජීවිතය අඩාල කර ගැනීම ඉතාම දුක්ඛිත තත්වයකි. නිදහස් අධ්‍යාපනයේ වැරදි සහගත ප්‍රවේශයක් මගින් ඇති කළ මොළ සේදීම නිසා අද වන විට දේශීය ඖෂධ ගැන දැන හැදිනීමක් ජනතාවට නැත. යට කියන ලද ඖෂධ වලින් ගෙදර වවා ගන්නේ ඉඟුරු පඳුරක් කහ පඳුරක්  සහ කරපිංචා ගහක්  පමණකි එයද කුලු බඩු වලට අවශ්‍ය බැවිනි. නමුත් අප‌ගේ මුතුන් මිත්තන් විසින් යටකී ඔසු වර්ග රාශියක්ම ගෙවත්තේ වගා කොට ගෙන තිබුණි.අවශ්‍ය අවස්ථාවක දලු මිටක් කඩාගෙන ගුලියක් දියකර දී ලෙඩක් සනීප කරගන්නට මනා හැකියාවක් ඔවුනට තිබුණි.නමුත් අද වන විට සුලු හෙම්බිරිස්සා තත්වයකදී වුවත් දොස්තරවරයෙකු චැනල් කොට රෝගියා පෙන්වීමේ මෝස්තරතයක් ඇති වීම කණගාටුදායකය. මේ වසංගත තත්වයට නිවරදිව මුහුණ දෙන්නට නොහැකි වී ඇත්තේ මෙවැනි නොදැනුවත්කම් බිය ගුලු කම් සහ පරගැතිකම් නිසාවෙනි.



Thursday, April 9, 2020

සිංහල වෙදකමට එරෙහි අනුකාරකයන් ගේ නැගීම


                                   
                 කොරෝනා වසංගත තත්වය තුළ වර්තමාන දේශපාලනය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක්ද කරන්නට හැකිව තිබේ. රුවන්වැලි මහා සෑය ඉදිරිපස දිව්රුම් දුන් ජනපතිවරයෙකු මෑත කාලීන දේශපාලනයේ දක්නට ලැබීමේ ආශ්වාදයෙන් සිටි මෙරට බහුතර ජනතාව බලාපොරොත්තු කඩ වේ දෝ යන බියකින් පසුවෙති.සිංහල බෞද්ධ චන්ද බහුතරය යනු පරම්පරා ගණණාවක සිට ශක්තිමත් වුණු සිංහල ජාතිකත්වයේ අපේක්ෂාවන්ය. තමන්ගේ ජීවන රටාව නිදහසේ කර ගෙන යෑමට සහ තමන්ගේ ජාතික උරුමය ආරක්ෂා කර ගනිමින් ඒ තුළ අනාගතය උදෙසා ශක්තිමත්ව නැගී සිටීම මේ අපේක්ෂා අභිලාශයන් අතර විය. රට පුරා වසංගතයක තත්වය ඇතිවන කල්හි වැඩි කලබලයක් නොමැතිව මේ බහුතරය නිවාස අඩස්සියට පත් වූහ. ඔවුහු යලි පාර්ලිමේන්තුව කැඳවන්නට හෝ මැතිවරණයක් විගැහින් තබන්නට උද්ඝෝෂණ නොකළහ.රටේ ජනනායකයාට දී තිබූ   විශාල ජනමතය කෙරෙහි ඔවුහු විශ්වාසය තැබූහ. විශේෂයෙන්ම තිස් වසරක යුද්ධයෙන් රට මුදවා ගත් හමුදාව කෙරෙහිද විශ්වාසය තැබූහ.
       රාජ ධම්මෝ ප්‍රජා රක්ඛා යනුවෙන් පැරණි පොත පතේ සඳහන්ව තිබෙන්නේ රජෙකුගේ නැතිනම් පාලකකයෙකු ගේ යුතුකම් පහදවා ලීම පිණිසය. රාජ ධර්මයෙහි හැසිරීම ලෙහෙසි පහසු නැත. මනා පුහුණුවක් දැඩි තීරණ ගැනීමේ හැකියාවක් සහ කාරුණික හදවතක් නොහොත් බෝසත් චර්යාවක් පාලකයෙකුට පිහිටා තිබිය යුතුය. චන්දයෙන් පත්වන බෙහෝ පාලකයන් හට මෙවැනි ගතිගුණ එකක් හෝ පිහිටන්නේ නම් කලාතුරකිනි. හේතුව එම පුද්ගලයා ප්‍රජා පාලනය පිළිබඳ මනා අන්තර්ඥානයකින් පුහුණුවූවකු නොවන බැවිනි. නමුත් වාසනා ගුණය හෝ පැවති දේශපාලන බලය මත පත්වන ජනප්‍රිය දේශපාලකයා සැබවින්ම ජනතාවගෙන් දුරස්තරව කටයුතු කිරීම ස්වභාවිකය.
          ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් අතර ආහාර සහ බෙහෙත් මුල් තැනේ ලා සැලකිය හැකිය. ආහාර නිපදවා ගනිමින් යම් ආනයනික ආහාර ද පරිභෝජනය කරලීම මේ රටේ ජීවන චර්යාව විය. නමුත් විවෘත ආර්ථිකයෙන් පසු ආහාර සුරක්ෂිතතාවය ගැන සැලකිල්ලක් යොමු නොකරමින් ආනයනික ආහාර ගැන පමණක් ප්‍රවර්ධනය කර තැබීමට රජය කටයුතු කළහ. ජනතාවගේ බඩ ගින්න නිවීම සඳහා හොඳම විකල්පය රටින් ආහාර ගෙන්වීම යැයි මේ දේශපාලකයන් කල්පනා කරන්නට ඇත. නමුත් පසුගිය කාලයේ දී ඇති වූ සුනාමිය ගං වතුර වැනි ආපදා සම්පන්න අවස්ථාවලදී ආහාර සුරක්ෂිතතාවයේ වටිනාකම යලි යලි මතක් කර දුන් බව පැවසිය යුතුය. එහෙත් ආණ්ඩු කරනවුන් මේ තත්වය තේරුම් නොගත්හ.එසේත් නැතිනම් රටින් ගෙන්වන භාණ්ඩ වලින් ලැබෙන කොමිස් මුදලට ගිජුව සිටියහ.වර්තමාන වංසගත තත්වය හමුවේ නැවත එම යථාර්තය දැඩිව පෙන්වා දෙමින් පවතී.
         නිරෝගීව ජීවත් වීම උදෙසා බෙහෙත් හේත් සපයා ගැනීමට නිදහස තිබිය යුතුය. තමන් රුචිකරන විශ්වාස කරන වෙද හෙදකම් ලබා ගැනීම හැකි විය යුතුය. සිංහල බහුතරය අතීතයේ පටන් ස්වභාවික වෙදකම් තුළින් තමන් ට වැළඳෙන ලෙඩ රෝග සුව කරගත් පිරිසක් විය.එයට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාවක් ගම්බදව ජීවත්වි සිටියහ. ලන්දේසීන් සහ ඉංග්‍රීසිහු මෙම ජීවන රටාව වෙනස් කළහ. ඔවුහු ඒ කාලයේ පැතිරුණු වසංගත රෝගීන් ගාල් කරලීම පිණිස රෝහල් සහ කඳවුරු තනා මේ රටට ආගන්තුක බෙහෙත් වර්ග ලබා දුන්හ. මැලේරියාවට ක්වීනීන් ලබා දීම උදාහරණයකට ගත හැකිය. නමුත් බෙහෝ රෝග වලට දිව්‍ය ඖෂධයක් වන ත්‍රයිලෝක විජය පත්‍ර නොහොත් කංසා පැළැටිය වගා කරලීම තහනම් කළහ. සිංහල වෙද මහත්වරුන් ගේ ග්‍රමීය නායකත්වය අහෝසි කරලීම පිණීස ගම්වල ඇපොතිකරිවරු පිටත් කර හැරියහ.එසේම පොලිස් කාරයන් මෙන් හැඳ පැළඳ ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නොහොත් සැන්ටිපෝට් වරු  සනීපාරක්ෂක නීතිය ක්‍රියාත්මක කරලීමට යෙදවූහ.වසංගත වලින් හෙම්බත්ව අසරණව සිටි ගැමියන් අතරට ක්‍රිස්තියානි මිෂනාරීන්ද පැමිණීම සුලභ දර්ශනයක් විය.
     එහෙත් මදක් අතීතයට ගොස් බලන කල්හි සිංහලයන් ගේ සෞඛ්‍ය පිළිවෙත් වල වටිනාකම අවබෝධ කරගත හැකිය. වසංගත ඔවුන් හැඳින්වූයේ අම්මාවරුන් ගේ ලෙඩ සහ දෙයියන් ගේ ලෙඩ වශයෙනි. මේ ලෙඩ වලින් මග හැරීමට පත්තිනි මෑනියන්ට මෙන්ම අවලොකිතේශවර නාථ දෙවියන්ට භාරහාර වූහ. ගම්මඩු දෙවොල් මඩු නැටූහ. මළ ගෙදරකට ගොස් පැමිණි විට නා පිරිසිදු වී ඒමට පොදු ළිඳක් වෙත ගියහ.කිළිහරණය උදෙසා විවිධ තහංචි අනුගමනය කළහ. ගමේ වෙදනා සහ පන්සලේ ස්වාමීන් වහන්සේ එකට එකතු වී වදකහ ඉඟුරු සුදුලූණු කොහොඹ කොළ වන්ඩුවේ තම්බා කොටා මිරිකා පෙරුන්කායම් අනුපාන කොට දමා (ගැබිණියන්ට මී පැණි) ගමේ සියලු දෙනට කෝප්ප කාල බැගින් බොන්නට සැලැස්වූහ.අම්මාවරුන්ගේ ලෙඩ සෑදී ඇති නිවෙස් වල කොහොඹ අත්තක් එල්ලා තැබූහ.අදටත් ඒ සිරිත් වලින් සමහරක්  ජන සමාජය අතර ජීවමානව පවතී. පැරණි සිංහල ගෙදරක වැසිකිලිය පිහිටා තිබූයේ නිවසට මදක් ඈතිනි.නිවස තුළම එය පිහිටා තිබුණහොත් වාස්තු දෝෂ ඇති වන බවද විශ්වාස කළහ.මේවා නූතන සමාජයට විහිලුවට කාරණයක් විය. ඒ උපහාසය නූතනයන් තුළට පැමිණෙන්නේ සුද්දන් ගේ අධ්‍යාපනය හරහා බව සිහිපත් කළ යුතුය.
      කොරෝනාව(Sars-Cov-2RNA) ලෝකයට අලුත් දෙයක් නොවන බව විද්‍යාඥයන් දනී. ඔවුහු තමන්ගේ බල අවශ්‍යතාවයන් පිණිස මෙම වෛරස නඩත්තු කරති. වසූරිය වසංගත කාරකය පවා තවමත් විද්‍යාගාර වල සුරක්ෂිතව පවතින බව දක්වා ඇත. වරින් වර විවිධ එන්නත් හඳුන්වා දෙමින් ලෝක සෞඛ්‍ය පිළිබඳ තීරණ ගැනීමේ ආධිපත්‍ය පැතිරවීම කරන අතර ගෝලීය තත්වයකට හැඩ ගැසීමේ හේතුවෙන් බෙහෝ රටවල් මේ සම්මුතීන් හට හිස නමති. නමුත් 2008 බීජිං නුවර දී මුලු දුන් සෞඛ්‍ය සමුලුවකදී ගත් තීරණ අතර වැදගත් එකඟතාවයක් විය. එනම් ඒ ඒ රටවල පවතින දේශීය වෙදකම් සෞඛ්‍ය සංරක්ෂණය සඳහා යොදා ගැනීමේ පහසුකම් ඇති කිරීමට පියවර ගත යුතු ආකාරයයි. චීනුන් මේ සම්මුතිය අකුරටම පිළීපදින අතර එහි රෝහල් වල දේශීය වෛද්‍ය ක්‍රම වලින් ප්‍රතිකාර ලබාගන්නන් හට පහසුකම් සලසා දීතිබේ.ඔවුන් වූහාන් වල කොරෝනා මර්දනයට මේ වෙදකම් මැනවින් දායක කරගත්හ.
    ලංකාවේ තත්වය මෙය නොවේ. හැට ගණන් වලින් පසුව මේ රටේ දක්ෂ වෙද පරම්පරාවන් අභාවයට ගියහ. 1950 දී සිංහල වෙදකම පිළිබඳ පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවක් ඇති අතර රජය අද පිළිගනු ලබනුයේ 1947 වසරේ මුලු දුන් ආයුර්වේද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ය. ඒ අනුව අද ආයුර්වේද රෝහල් වල වෙදකම් කරන්නේ වෛද්‍ය වරු නොවේ. දොස්තරලාය. නාඩි පරීක්ෂාව වෙනුවට ඔවුහු ලෙඩ නලාව භාවිත කරති. ටයිපටි පළඳිති. බටහිර වෛද්‍යවරු මෙන් සිවිල් බලය ලබා ගැනීමට සහ ධනය ඉපැයීම මූලික අරමුණ කොට ගනිති. දහනව වන සියවසේ වසූරිය හා මැලේරියා (කැලෑ උණ ) එන විට නව බෙහෙත් සොයා ගත් සිංහල වෙදපරම්පරාවේ දක්ෂතාවයන් මොවුන්ට නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශ කරන සියලුම දේ යහපත් යැයි පිළිගනිමින් තමන් සතුව තිබෙන අගනා මූල ධර්ම නොසලකා හරිති. අද කොරොනා සඳහා බෙහෙතක් නොමැතිව බටහිර වෙදකම් අසරණව සිටින අවස්ථාවක සාර්ථක ප්‍රතිකාර පන්තියක් ඉදිරිපත් කොට රෝගීන් සුවපත් කරලීමට මේ අනුකාරකයන් ඉදිරිපත් නොවෙති.ඒ වෙනුවට ටයිපටි පැළඳ ගත් බටහිර වෛද්‍ය නිළධාරී සංගමයේ අතැමුන් වාෂ්ප මුට්ටිය (වේදුව ) ගැන කතා කරති. නමුත් සිංහල ප්‍රතිකාර පන්තිය මත සිට පර්යේෂණ ඇරඹීමට  මැලිවෙති . සිංහල වෙදකම ගැන කතා නොකරන ඔවුහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ  මිනී වළලන ක්‍රමවේදය අනුමත කරති. මේ ලිපිය අවසන් කරලිමට ප්‍රථම මැදමුලනේ කතාවක් කිව යුතුව තිබේ. ඒ මෙසේය.
       පනස් ගණන්වල බණ්ඩාරනායක මහතා සමග විපක්ෂයට ගිය ඩී.ඒ.රාජපක්ෂ මහතා ‌ගේ පුතුන් සිවුදෙනෙක්ම ජනප්‍රිය ‌දේශපාලනඥයන් වූහ.‌ ‌දෙදෙනෙක්ම ජනාධිපති තනතුරුට පත් විය.‌මේ සහෝදරයන් සිවුදෙනා හැට ගණන් වලදී ‌කොළඹ විද්‍යාල වල ඉගෙනුම ලබන කළ සති අන්තවල ‌දී ඩී.ඒ.රාජපක්ෂ මහතා සමග මැදමුලනට පිටත්ව යන අතර මාතර ‌වෙද මහත්මයෙක් හමුවී යන බව පැවසේ. ‌මේ ‌වෙද මහත්මයා   කලු ‌වෙදමහත්මයා යන නමින් ප්‍රසිද්ධ විය.  රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග තිබෙන හිතවත් කම නිසා ඔහුගේ ළමුන් ‌හොඳට පරීක්ෂා කර ‌විරේක ‌බෙහෙත් කෂාය එහෙම නියම කරයි.සිංහල කමට සිංහල ආහාර වලින් ‌පෝෂිතව සිංහල ‌වෙදකමෙන් නිරෝගී වූ ළමුන් සිවු ‌දෙනෙකු එලෙස පසුකලකදී රටේ ‌දේශපාලනයෙහි මූලිකත්වය ගත්හ.
බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයට පැමිණි අවස්ථාවක ‌වෛද්‍යවරු ඉදිරපිට ‌මේ කතාව ප්‍රකාශ කරන ලද බව ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා දක්වා ඇත..කලු ‌වෙද මහත්මයගෙ තිත්ත ‌බේත් බිව්ව එක තිත්ත ‌වෙච්ච හැටියි ඔහු සඳහන් කලේ. අද ‌වෙන ‌කොට ‌මේ සහෝදරයන්ට සිංහල ‌වෙදකම තිත්ත ‌බේත් වගේ තිත්ත ‌වී ඇති බව පෙනේ.සිංහල කම ‌හොඳට ඇගේ තියෙන මහින්දට ‌මේ වටිනාකම් ඉඳහිට මතක් වුණත් ඒවා ස්ථාවර කරන්න ‌වෙහෙසෙන්නේ නැහැ.‌මේ ‌කොරෝනා කාලෙ වත් සිංහල ‌වෙදකම මතක් වුණොත් රටේ ‌රෝබිය දුරු කරගන්න පිළිවන් ‌වෙන බව නිසැකයි.නමුත් අනුරුද්ධ පාදෙණිය මහතා විශ්වාස කරන වාෂ්ප මුට්ටියට එහා ගොස් පැරණි වට්ටෝරු වලින් ප්‍රත්‍යක්ෂ බෙහෙතක් සොයා ගැනීම තුළින් පමණයි ඉදිරි වසංගත තත්වයන්ට පවා මුහුණ දීමට හැකිවන්නේ.දැනටමත් රට තොට පතල වෙද මහත්වරු කීප දෙනෙකුම එවැනි බෙහෙත් සාදා තිබේ. ඔවුන් කැඳවා සිංහල බෙහෙතට තැනක් ලබා දිය යුතුයි.


Sunday, March 29, 2020

බෝවන ‌රෝග ගැන අතීත අත්දැකීම්


                                  
                පෘතුගීසීන් ලංකාවට පැමිණ සිංහල රාජධානිය තමන් සන්තක කර ගැනීමට යුද්ධ කරන කල්හි.ඒවාට ‌නොබියවම මුහුණ ‌දීමට අපේ මුතුන් මිත්තන්ට හැකිවුණා.මේ කාලෙ තමයි 1580 දී පමණ ලංකාවට වසූරිය බෝ වුණේ. මන්නාරම් කොටුවේ පරංගීන් ගේ රැකවරණය යටතේ සිටි කරලියද්දේ බණ්ඩාර සහ බිසව මේ වසූරිය රෝගය නිසා මිය ගිය බව ඉතිහාසයේ සඳහන්ය. ලංකාවෙ මුහුදු කරය විදේශිකයන් ‌ගේ ආධිපත්‍යට නතුවන්නට ඉඩ හැර සිංහල රජුන්ට උඩරට දුර්ග වල සිය රාජධානි පිහිටුවාගන්නට සිදු වූයේ රජ පවුල තුල ඇති වූ බල අරගල නිසාවෙනි.පසුව 1766 දී මුහුදේ සිට ගව්වක ප්‍රමාණයක් ලන්දේසි කොම්පඤ්ඤයට පවරා දීමට ගිවිසුම් ගැසීම නිසා ස්ථීරවම මුහුදුකරය අහිමි වුණා..‌මේ කාලෙදි රට ආර්ථික වශයෙන් ‌බොහොම දුර්වල වන්නට ආරම්භ වුණා.ලුණු ලේයාවල් වල තිබෙන ලුණු පවා උඩරටට ලැබුණේ නැහැ.තොතරම් දුෂ්කර තත්වයක් යටතේ වුවත් සිංහල රාජ්‍යය රැක ගත්තද විදේශිකයන් ගේ පැමිණීම වලක්වන්නට හැකිවූයේ නැත.  මේ කාලයේ මුහුදුකරයේ පළාත් වල ඉන්දියාවෙන් ජනයා ගෙනත් පදිංචි කරන ලද්දේ ලින්දේසීන් විසිනි. දකුණු ඉන්දියාවෙ මේ වෙන කොට වසූරිය රෝගය දරුණුවටයි තිබුණේ. මේ ලෙඩත් අරන් රෝගීන් ලංකාවට පැමිණියා.
     1697 දී පමණ දෙවන විමලධර්මසූරිය රජුට සිය මාළිගාව හැර යන්නට පවා සිදු වුණා.මේ යුගයේ මන්නාරමට ගෙනත් පදිංචි කරන ලද කේරළ වැසියන් නිසා නැවතත් වසූරිය උඩරට රාජධානියට පැතිරුණු බව විශ්වාස කළ හැකිය.වසූරිය පිටිපස්සෙන් පැමිණි ජුසේ වාස් නම් කොන්ගානි ජාතික ක්‍රිස්තියානි පූජකයෙකු උඩරට වැසියන් ක්‍රිස්තියානියට හරවා ගන්නට මේ රෝගය සුව කරන දේව මෙහෙයන් පවත්වනු ලැබූ බව දැක්වේ. ඔහුද ඒම රෝගයෙන් පීඩා විඳි නමුත් මිෂනාරි ව්‍යාපරය දිගින් දිගටම පවත්වාගෙන යමින් රෝගීන්ට උවටැන් කොට තිබෙ.මේ නිසා රජු ඔහුට විශේෂ වරප්‍රසාද ලබා දී තිබේ.
           වර්ෂ 1796 න් පසු ලන්දේසීන් සතු පළාත් ඉංග්‍රීසීන්  භාරගත් පසු විහාල වශයෙන් දකුණු ඉන්දියාවෙන් ජනයා ගෙනත් පදිංචි කරතිබේ.මේ ජනයා සමග වසූරිය සහ කොළරා වසංගත පැමිණි බවට වාර්තා රාශියක් ඇත.ඉන්පසු 1815 න් පසු උඩරට රාජධානියද ඉංග්‍රීසීන් ට භාරවුණි. අනතුරුව ඇති කළ ප්‍රතිසංස්කරණ නිසා රටේ සමාජය දුර්වල වී තිබේ. ‌සේවා සැපයීම අඩාල වුණි.‌මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වසූරිය ‌මෙන්ම මැලේරියාවත් වේගයෙන් ගම්වල පැතිරුණු බව දක්වා තිබෙනවා.මෙවැනි වසංගත දෙයියන්ගේ ලෙඩ වශයෙන් හඳුන්වා එම රෝගීන් සමාජයෙන් දුරස්තර කරලීමට ජනය පෙළඹුණා. කැලේ පැලක් සාදා රෝගියා ඒහි ගොස් තැබූ බවයි සඳහන් වන්නේ.
    1805 දී වසූරිය වසංගතය නැවතත් උග්‍ර වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහයන්ටත් මේ රෝගය වැළඳී තිබෙන බව සඳහන්ය. නමුත් රජුගේ වෙදනාවන් එයට ප්‍රතිකාර කොට ඔහු සුවපත් කර ඇත.ඒ කාලෙ ගම්වල සිංහල ‌වෙදකම ‌බොහොම සාර්ථකව ක්‍රියාත්මවුණා. ‌බෝ වන ‌රෝග ‌නොහොත් ‌දෙයියන්ගෙ ‌ලෙඩ පාලනය කරගන්න ‌වෙද මහත්වරු තමන් දන්න දැනුමින් අලුත් ඖෂධ ‌හොයා ගත්තා.ඉන් එක ඖෂධයක් තමයි දිව්‍ය රාජ ගුලිය. ‌මේ ගුලිය තමන්ගේ හිණ බැඳ යෑමෙන් ‌ලෙඩ ‌රෝග ‌බෝවන්නේ නෑ.‌ගෙයි උඩලිපතේ තැබීමෙන් නිවසට ‌‌රෝගය පැමිණීම වලක්වනවා. ගමේ හතර ‌කොණ ‌මේ ගුලිය වළ ලෑමෙන් ගමට පැමිණීම වළක්වනවා.මාතර පැත්තේ දෙවිනුවර රාජගුරු මුදියන්සේ රාළහාමි නම් වෛද්‍යවරයෙකු  ද්‍රව්‍ය ගුණ විඥාණය පිළිබඳ සිය දැනුම භාවිත කොට පීත කරෝසන ගුලිය නමින් ඖෂධයක් සාදා වසූරිය ලෙඩුන්ට ලබා දී තිබේ.මෙම ඖෂධයන්හි බෙහෙවින්ම රස බෙහෙත් අඩංගු බවයි පෙනෙන්නේ.රසදිය සාදිලිංගම් පාසානම් වගේ සැර බෙහෙත් සමග දේශීය ශාක ඔසු යොදා ගනිමින් කල පර්යේෂණ බොහොමයි.මේ ගුලි මීපැණියෙන් මෙන්ම විෂ්ණු ක්‍රාන්ති යුෂයෙන්ද අඹරනු ලැබුවා.මෙහි තිබෙන වැදගත් ම අංගය නම් ඔවුන් ගේ රෝග විනිශ්චයයි.
       දොස් දෙකින් ත්‍රිදෝෂයෙන් හා ආගන්තුක වශයෙන් වසූරිය නවයක් වූ බව දක්වා ඇත.උණ ගැනීමය. ලේ වැසීමය.ඇඟ වියළීමය.සන්ධි ඇරීමය ඇඟ ලොමු ඩැහැ ගැන්මය ඇසේ ඉසේ ලෙඩ ප්‍රතිශ්‍යා යන්න මෙහි පූර්වරූපයන් බව දක්වා තිබේ.වාතයෙන් වූ කල්හි  ඇඟ රුජා ද පිතින් වුව දාහ ඇති වී වහා පැසීමද කඵයෙන් නොහොත් සෙමෙන් වුව ඉක්මනින් පැසෙයි. කඩුචි සහිත වෙයි. මෙම අවස්ථාවන් සාද්‍ය වෙයි. සුව කල හැකිය. ත්‍රි දෝෂයෙන් වූ කල්හි බලවත් වේදනා ඇතිවෙයි. අසාධ්‍ය වෙන බවද දක්වා තිබේ.ආගන්තුක වූ කල්හි ත්‍රිදෝෂයෙන් වූ ලක්ෂණම ඇති වෙයි.සියලු වසූරිකාවට සෙම් පිත් විරේක කරවීමද ලේනහර විද ලේ හැරීමද වමන කරවීමද සිදු කළ යුතු යැයි දක්වා තිබේ.ඉන්පසු විවිධ කෂාය මගින් යටකී වසූරිකා ගුලි ලබා දීම කරති.එයින් කෂාය දෙකක් මෙසේය.
වැල්මී කොහොඹ පොතු කකාරා පෙවීම
ත්‍රස්තවාලු සුණු මී පැණියෙන් දී විරේක කිරීම
ඉ ගුරු තිප්පිලි කොහොඹ දුම්මැල්ල කොට්ටන් කොත්තමල්ලි නෙල්ලි කසාය කර මී පැණියෙන් දීමෙන් වසූරි අටක් ගූන දෙන බවද මෙම වට්ටෝරු වල දක්වා තිබේ.

          දහනව වන සියවසේ මුල් භාගයේ සිට ඇරඹි මෙවැනි උත්සාහයන් ඉංග්‍රීසි ආණ්ඩුව වුවමනාවෙන්ම වළක්වන ලද බවද සැළකිය යුතුය.ඒ යම් යම් තහංචි ඇති කිරීමෙන්. කංසා තහනම ඉන් එක් අවස්තාවක්..වර්ෂ 1798  එඩ්වඩ් ජෙනර් ගව වසූරිය ( සැර බාල කරන ලද චීන ගව වසූරිය වෛරසයක්) ලබා දීමෙන් රෝගියාට ප්‍රතිශක්තිකරණය ඇතිවීමේ අවස්තාවක් ලබා දෙන ලදී. 1886 දී ඉංග්‍රීසි ආණ්ඩුව ප්‍රතිශක්තිකරණ පනත මගින් සෑම දෙනෙකුටම ඒන්නත් ලබා දීමට නියෝග කර ඇත. ඉන් පසු 1949 දී ක්ෂය රෝග එන්නතද  1961 දී ගල පටල එන්නතද  1962 දී මුඛ පෝලියෝ එන්නතද 1963 දී නවජ දරුවන්ට බී.සී.ජී. ඒන්නත ආදී වශයෙන් ඒන්නත් රාශියක්ම හඳුන්වා දී ඇත. සරම්ප සහ රුබෙල්ලා වැනි රෝග සඳහා ද එන්නත් ලබා දීමෙන් මනුෂ්‍යා සදා සුරක්ෂිතයයි යන හැඟිමක් මේ මගින් ලෝකය පුරාවටම  ඇති කර තිබේ. ඇමරිකාවේ කරන ලද නොයෙකුත් අත්හදා බැලීම් නිසා ජානමය එන්නත් පවා අද නිෂ්පාදනය වෙයි. එම නිසා ඇමරිකාවේ චීනයේ සහ රුසියාවේ විද්‍යාගාර පැරණි වෛරස ක්ෂුද්‍ර ජීවින් ගබඩා කොට නෙයෙකුත් අත්හදා බැලීම් සිදු වෙයි. කෙරෝනා යනුවෙන් අද පිටවී ඇතිතේ එම විද්‍යාගාර වලින් නිකුත් වූවක්ය යන්න දැන් කතාබහට ලක් වී ඇත. කෙසේ වුවත් ඒ මගින් ලෝකයම අද අනතුරට පත් කොට තිබෙන්නේ එන්නත් මගින් ඇති කරන ලද ප්‍රතිශක්තිකරණය මිත්‍යාවක් ලෙස බැහැර කරලමිනි.
          ‌ජෙනර් ‌ගේ එන්නත ලංකාවේ මිනිසුන්ට විදින්නට පටන් ගෙන ඇත්තේ රජයේ නියෝග මගිනි. ඉන් පසු පාසලකට ඇතුල් වන විට එම එන්නත අනිවාර්ය කරන ලදී. අපේ සිරුරේ තිබෙන ස්වභාවික ප්‍රතිශක්තිකරණය කුමක්දැයි වැටහීමක් බටහිර සෞඛ්‍ය අංහ වලට නොමැති බව පසක් වී තිබේ.ත විවිධ රස කාරක කෘතිම ආහාර නිසා සීඝ්‍රයෙන් මේ ප්‍රතිශක්තිකරණය අහිමි වී යමින් පවතින බව නිසැකය.
නමුත් අදටත් එදා මෙන්ම අපේ සිංහල ‌වෙද මහත්වරු ‌මේ වන විටත් පාරම්පරික වට්ටෝරු වලින් නව ‌බෙහෙත් ‌මෙන්ම පැරණී ‌බෙහතේ අත්හදා බලමින් සිටින බව දැක්වේ. ඉන්  එක ප්‍රතිකාරයක් තමයි ඔසු වැරටිය යෙදීම.මින් ශ්වශන අපහසුතා මගහැරේ.නියුමෝනියා තත්වයන් පාලනය වේ. ජනාධිපති තුමාගේ කාර්ය සාධක බලකාය ‌මේ වෑයම් ඉදිරියට ‌ගෙන යෑම වලක්වන බව පෙනේ. ‌වෛද්‍ය නිළධාරි සංගමය ජාතික වාදීන් අතර ‌හොඳ මුහුණක් ‌පෙන්වමින් පරිපාලනයේ දී සිංහල කමට විරුද්ධව වැඩ කරමින් තිබේ..අපේ පාලකයන් අතීත අත්දැකීම් ගැන කියවා නැත.. කියවන්ට වුවමනාවක් ද නැත.  එම නිසා  හැමදාම කුමන්ත්‍රණ කරුවන්ගේ උගුල් වලට අහුවන බවඇත්තක්..ඉඟුරු කොත්තමල්ලි වලින් විෂ්ණු ක්‍රාන්තිය පත්පාඩගම් වලින් රටේම ජනතාව තුළ ප්‍රතිහක්තිකරණය ඇති කරන්නට හැකියි. ඒ සමගම කළ යුත්තේ හඳුනා ගත් රෝගීන් ඉතා ඉක්මනින් සුවපත් කරලීමයි. එයට දේශීය මෙන්ම බටහිර ප්‍රතිකාරද එකවර යෙදීමෙන් සාර්තක ප්‍රතිපල අත් කර ගත හැකිය. ජනතාව බලවත් සේ බියට පත් නොකර  මේ පියවරයන් වෙත යා යුතු වනවා නිසැකයි.


Thursday, February 2, 2017

රන් රිදී සෑදීම පිළිබඳ පාරම්පරික දැනුම

                                         
            ශ්‍රී ලංකාවේ කාන්තා ආභරණ නිෂ්පාදනයේ දී රත්තරන් සහ රිදී භාවිතා කිරීමේ පුරුද්ද ඉතාමත් දුරාතීතයට අයත්ය. එදත් අදත් රත්තරන් වල මිල ඉතා අධිකය. සියලුම භාණ්ඩ වලට වඩා එහි වටිනාකම ඉහළයයි සම්මතයක් පවතී. රන් භාණ්ඩ නිෂ්පාදනයේ දී රන් කරුවන්ගේ ශ්‍රේණිය මෙන්ම රිදී වැඩ කරුවන් ගේ ශ්‍රේණියද පුරාණයේ කොට්ටල් බද්දට අයත් විය. ඔවුහු අභරණ පට්ටලය නමින් වූ ශ්‍රේණියක වසමින් රජුට රදළවරුන්ට ආභරණ සෑදූහ. දැනුදු ඔවුන්ගේ ශේෂ ගම්වල දක්නට ලැබේ. ඒ අතර ප්‍රකට රිදී කැටයම් කරුවන් වූ නීලවල පරම්පරාව  අඟුල්මඩුව පරම්පරාව මෙන්ම අඹන්පොල රන් කරුවන් ගේ පරම්පරාවද ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතා දක්වති.
         රුවන් මැලි සෑය ගොඩ නගන අවදියේ දී  ඒ උතුම් කාර්යයේ ශ්‍රද්ධා භක්තිය නිසා රටේ විවිධ ප්‍රදේශ වලින් රන් රිදී මැණික් මතු වූ හැටි මහා වංශයේ ඇතුලත්ව තිබේ. නගරයෙන් ඊසාන දිග තුන් යොදුන් තන්හි ආචාරවිට්ටි නම් ගමෙහි නානාවිධ රත්තරන් පහල විය. එයින් ලොකුම ඒවා වියතක් පමණද කුඩා ඒවා අඟලක් පමණද විය. වරින් දකුණු දිග අම්බට්ටකොල නම් ජනපදයෙහි ලෙනක රිදී පහළ විය.පුරයෙන් නැගෙනහිර දිග සත් යොදුනකින් එපිට ගෙඟන් එතෙර පිහිටි තඹ විට නම් ගමෙහි තඹ ලෝහ පහළ විය. ලංකා පුරා වෘත්ත සහ කඩයිම් පොත් වල දක්නට ඇති පරිදි සතරක් රිදී ආකාර ගම්ද සොළසක් රන් ආකාර ගම්ද සියයක් රුවන් ආකරගම්ද ලංකාව පුරා තිබී ඇත.යටත් විජිත සමයෙන් පසු ප්‍රථම වරට ලංකාවේ ඛනිජ සම්පත් ගවේශණයට ආයතනයක් පිහිටුවන ලදහ. යකඩ රන් රිදී ආදී ලෝහ වර්ග මෙන්ම මැණික් ගැනද ඔවුහු ගවේශණය කළහ.විසිවන සියවසේ මුල් භාගයේදී ලංකාවට පැමිණී ජී.ජී.ඩික්සන් නම් රන් ආකර පිළිබඳ විශේෂඥයකු සහ ප්‍රකටගවේශකයෙකු වූ ආනන්ද කුමාරස්වාමී මහතා විසින් මෙම ඛනිජ සම්පත් ගැන වැදගත් වාර්තාවන් පළ කරනු ලැබ ඇත.
            රන් සහ රිදී මිශ‍්‍ර කොට රාජ්‍ය යෙහි මුදල් සඳහා කාසි නිපදවනු ලැබූහ. ඒවා කහවණු අඩ කහවණු සහ මසුරන් යන නමින් හඳුන්වන ලදහ.  පසු කාලයේදී තඹ මස්සටද මසුරන් යන නාමය භාවිත කොට ඇත. පළවන විජයබාහු රජු මේ තඹ මස්ස නිකුත් කිරීම අරඹන ලදී. බුදු පිළිම නෙලීම ආරම්භ කල පසු විවිධ ලෝහ වර්ගයන්ගෙන්ද ඒවා ඇඹීම සිදු කර තිබේ. තඹ සහ ලෝකඩ බුද්ධ ප‍්‍රතිමා රාශියක් ක‍්‍රි. ව. යෙන් පසු සියවස් වල හමු වෙය. ඒවා
අතර පැරණිතම බුදු පිළිමය( ක්‍රි.ව.358 -538) ගල් ගමුවෙන් හමු වී තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි .එම පර්යේෂනය සිදු කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශය මගිනි. මෙම හිටි බුදු පිළිමය රන්ආලේපිත ප‍්‍රතිමාවකි . පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශ යේ අනුෂා කස්තුරි ආරචිචි මෙනවිය පවසන පරිදි මෙම ආලේපන තාක්ෂණය  රත්තරන් වලට රසදිය එක් කිරීමයි . ඒ මගින් හොඳින් රන් ආලේපනය සිදු කර ඇත.
කටහඬ ඇති දෙන්න එක තරමට     ගන්න
සොඳදිය ගන්න මිතුරන් හට එක්     වන්න
බැට දෙන ඉන්න තුන් වෙලූමෙන් අඹරන්න 
තඹ සුණු ගින්න වෙයි මසුරන් දැන  ගන්න (මසුරන් )
     මෙම ජන කවියෙන් කියැවෙන්නේ රන් කරුවන් අතර තිබූ පාරම්පරික දැනුමයි. ඔවුහු මසුරන් මාත්තුව ගැන මතක තබා ගත්තේ කවියෙනි.
            අභයගිරි රන්කම්හල -   ක‍්‍රි . ව. අටවන සියවසට අයත් රන් සාදන කම්හලක් 1994 දී අභයගිරි විහාරය අසළ කළ  කැණීම්වලදි මතු විය. එහි උදුන් දොළසක් තිබී ඇත. මෙම ස්ථානයේ තිබී රන් පිණ්ඩ පහක් ලැබීම විශේෂයක් විය.            මෙම රන් පිණ්ඩ මත පිළිවෙලින් එක්සිය දෙකළන්දයි (102) එකුන් අනූවයි (89) අටාසූවයි (88) සහ එකානූවයි (91) යනුවෙන්  සඳහන්ව තිබුණි . මෙම රන් පිණ්ඩ පිළිවෙලින් බර ග‍්‍රෑම් 438 ක් 389 ක් 381 ක් 400 ක් සහ 370 ක් විය.            මෙම රන් පිණ්ඩ වලට අමතරව පුස්කොළ කම්බ රඳවනයක් මනරම් කැටයමින් යුතු රන් වලල්ලක් රන්මුදු සහ රන් කෙයුරක් හමු ව තිබුණි . රන් පිණ්ඩ සියල්ල ආභරණ සෑදීමට සූදානම් කරන ලද වත්මන් කැරට් විස්සට ආසන්න රත්තරන් යැයි මහාචාර්ය එස්. බී . හෙට්ටි ආරච්චි මහතා සහ මොහාන් අබේරත්න මහතා විසින් කළ පර්යේෂණ මගින් සනාථ ව ඇත. අවශ්‍ය අවස්ථාවලදී රන් පිණ්ඩ මකවා අවශ්‍ය භාණ්ඩ තැනීම සිදු වන්නට ඇත.
ගංගා වලින් රත්තරන් ගැරීම.
            රත්තරන් ගැරීම ගැන ආනන්ද කුමාරස්වාමි මහතා පවසන්නේ මෙලෙසය.මෙය සිංහලයින් විසින් ගඟ අදිනවා යනුවෙන් හඳුන්වති. මෙම ක‍්‍රමය උපයෝගී කරගෙන ගංඟා පතුලේ ඇති මැණීක්  ගරන අතර රන් එක්කාසු වී ඇති පරිසරයක් නම් ඔවුන් විසින් රත්තරන් ගැරීම ද කරනු ලැබේ. මේ සඳහා අඩුම වශයෙන් පුද්ගලයින් හයදෙනෙකු හෝ අට දෙනෙක් යොදා ගනිති. මේ සඳහා යොදා ගන්නා විශේෂ උදලූ ගරන උදැල්ල හා පෝරු උදැල්ල යනුවෙන් හැඳින්වේ. මේ උදලූ මිටි සැහැල්ලූ රිටි වලින් සමන්විත වන අතර කෙටි මිටකින් ආරම්භ කර ගෙඟහි වැලි තමාගේ පාදය අසල තැන්පත් කර ගනු ලැබේ. ගඟේ සැඩ පහරට බර අඩු වැලි ගසා ගෙන යන අතර බර මැණික් සහ බර වැලි පාදය අසල තැන්පත් වේ. ඉන්පසු පුද්ගලයින් එතැනම සිට උදලූ මිට රිටි බැඳ ක‍්‍රම ක‍්‍රමයෙන් දික් කරනු ලැබේ. මේ ක‍්‍රමයට සතියක් පමණ කාලයක් ගඟ පතුලේ ඇති වැලි අදිනු ලැබේ. ඉතිරි වී ඇති බර වැලි වන ඉල්මනයිට් සහ මොනසයිට් පොල් කටු මගින් එකුත කර නෑඹිලියකට දමා ගරා එහි රත්තරන් කැබලි ඇත්දැයි බලනු ලැබේ.
    රත්තරන් සෑදීම ගැන පාරම්පරික ක‍්‍රම අපට හමුවන්නේ රන් කරුවන්ගේ භාවිතයෙනි. ලංකාවේ දැනට හමුවන රත්තරන් ගැන පර්යේෂණයක් කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා අංශයේ එස.ඩබ්.නවරත්න සහ ජී.එන්.විජේරත්න යන දෙදෙනා පළ කළ (Gold in Stream Sediments Of  Sri lanka ) නම් ලිපියේ සඳහන් පරිදි ලබාගත් සාම්පල විශ්ලේෂණයේදී පැහැදිලි වී ඇත්තේ රන් 78.24 % රිදී 17.04 % තඹ 03.17 % යකඩ 0.97 % සහ මැන්ගනීස් 0.007 % වශයෙනි. එම මිශ්‍ර ලෝහය මකවා අවශ්‍ය පමණට මාත්තුව දමා රන් ආභරණ හෝ රිදී ආභරණ සෑදීමට රන් කරුවන් අතර තිබූ මේ පාරම්පරික දැනුම ඉවහල් විය. වර්තමානයේ රත්තරන් වල පිරිසිදු තාවය මනිනු ලබන්නේ කැරට් වලිනි. කැරට් 24 (100 %) කැරට් 22(91.7 % ) කැරට් 18 (75% ) කැරට්14 (58.3% ) කැරට් 12 (50%) සහ කැරට් 10 (41.7% ) යනුවෙන් පිරිසිදුතාවය වර්ග කරයි.නමුත් පාරම්පරික වශයෙන් එය වර්ග කරනු ලබන්නේ සය මාත්තු රත්තරන් සත් මාත්තු රත්තරන් අට මාත්තු රත්තරන් නව මාත්තු රත්තරන් සහ දස මාත්තු රත්තරන් වශයෙනි.ඒ සඳහා තිබූ පැරණි ජන කවියක් මෙසේය.
සුද්ද තඹෙන් සය කළඳක්     අර ගන්න 
සුද්ද රනින් එක් කළඳක්       අරගන්න
තිත්ත අඟුණ කොල මල් ඉස්මේ ලන්න
සත්ත මිටක් කළ රන් මය   අට වැන්න   ( අට මාත්තු රත‍්‍රං)
     මෙම කවියේ එන පරිදි රන්කරුවන් විවිධ ඖෂධීය ශාක වර්ගයන්ද මාත්තුව ගැනීමට භාවිතා කර ඇත.වත්මන් රන්කරුවන් මෙම දැනුම බහුලව භාවිතා නොකරන නමුදු ඔවුන් අතර මුඛ පරම්පරාගතව තිබූ වට්ටෝරු කීපයක් මෙසේ දක්වමි.
            රත්තරන් පෑස්සීම -  රන් පොඩි
            තඹ සහ රිදී දෙකට එක අනුපාතයට රුගෙන අවශ්‍ය තන්හි පෑස්සුමට යොදා ගැනේ පෑස්සීමේදී පුස්කර ( බෝරික් අම්ලය ) මදක් ආලේප කරනු ලැබේ.
            පලිප්පු දැමීම  -
            පලිප්පු දැමීම යනු ආභරණයක අමු රත්තරන් පෙනුම මකා දිස්නයක් ලබා දීමය . එම කටයුත්තේ දී පල්මාණික්කම් එක බරයි . මේස ලූණු එක බරයි . ගෙන එම දෙබරට වෙඩි ලූණු එක් බරක් දමා පල්පයක් සාදා  අභරණය සෑදීමෙන් පසු එය මතුපිට තවරා දහයියා අගුරේ පිලිස්සීම කරති.
            රත්තරන් සුද්ද කිරීමට -            අක්කපාන කොළ යුෂ කෝවේ දමා රත්තරන් මකවා ගැනීමෙන් සුද්ද රත්තරන් ලැබේ .
      අමු රත්තරන් කැරට් 22 කිරීමට රිදී සහ තඹ මංචාඩි 02 බැගින් එකතු කල යුතුය. කැරට් 20 ලබා ගැනීමට මංචාඩි 04 ක් එක් කල යුතුය . ඒ අද පිළිවෙලයි.          පාරම්පරික රන්කරුවන් සිය කටයුතු වලදී සාම්ප්‍රදායිකව යොදා ගත් උපකරණ කීපයකි.ඉන් පළමුව ගැනෙන්නේ දහයියා සහ පොල් කටු අඟුරු වලින් ගිනිකරන උදුනයි.කෝව මිනිරන් මැටි මිශ්‍රණයකින් සාදා ග. වැඩ අරඹන සෑම අවස්ථාවකදීම නැවත උදුන සුද්ද කොට දහයියා සහ අඟුරු පිරවීම ද කරති.ගල් බදින කටු දුනු කියත සිදුරු පත කිණිහරය කාන්දම කම්බි තලනය පොඩි වෙට්ටුව චීනචට්ටි ගල බටගහ තහඩු තලනය සහ  මුදු කැරැල්ල මේ උපකරණ අතර වේ.      දහයියා උදුන සාදා ගන්නේ එහි යටට පස් අළුදමා ඊට උඩින් දහයියා පොල් කටු අගුරු එලීමෙනි.රන් තහඩු තලා ගැනීමට තලන යන්ත‍්‍රයක් භාවිතා කරති . මෙලෙස තලා ගත් තහඩු මගින් සිහින් කම්බි සහ රන් නූල්  ලබා ගැනීමට සිදුරු පත නම් උපකරණය යොදා ගනී .
   රත්තරන් සෑදීමේ විවිධ ක්‍රම  පිළිබඳව ද මේ රන්කරුවන් ගේ සාහිත්‍යයට එක් වී තිබේ.එම දැනුම පුස්කොළ වල ලියා තබා ගෙන ඇත.දැනට අප අතර ශේෂ ව ඇත්තේ දහනමවන සියවසේ ලියැවී ඇති පුස්කොළ කීපයකි. මේවා වෛද්‍යවරුන් සතුව තිබී ඇතැයි දැක්විය හැකිය.දැනට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධන පුස්තකාලයේ තැන්පත්ව ඇති අංක 277070 දරණ සින්දූර ක්‍රමම් නම් පත් ඉරුව භෛෂජ කල්ප නම් වෙදපොතේ කොටසකි. එහි මෙසේ සඳහන් වේ.

n  සුදු පාසාණම් නුග කිරෙන් තුන් වරුවක් කුප්පමේනිය යුෂෙන් තුන් වරුවක්  නිමුතු යුෂෙන් තුන්වරුවක්ද අඹරා රොටි සේ තනා  තඹ තහඩුව උඩ තිබා අනික් තඹ තහඩුවකින් වසා දළුක් කිරි ගා සිලමාන් වෙලා දෙරියන් උස වැරටි පුටයක් දී තිස් පැයයි ගිය තැන ගෙන සුද්ද සුබල දහයට එකක් දී මකා ගනු තබක්කයි.යුෂයෙහි ඒ තබක්ක මකා කුප්පමේනිය යුෂයෙහි තුන් වරුවක් නිමුතු ඔසුයෙහි තුන් වරුවක් මකා වක් කර ලනු සුඬයි . රන් මිශ්‍ර කරනු පලිප්පු වේ.
   සිංහල පාරම්පරික වෙදකම වනාහි දේශීයව ප්‍රභින්න වූ ප්‍රතිකාර දැනුම මෙන්ම අසල්වැසි ඉන්දියාවේ සිද්ධ ආයුර්වේද යන වෛද්‍යක්‍රම මෙන්ම චීන පර්මපරික වෛද්‍යක්‍රමයන්ගෙන් සම්මිශ්‍රණව සැදුණකි.සින්දූර වෙදකම යනුවෙන් ප්‍රකටව පැවතියේ රන් රසදිය ආදී ලෝහ වර්ගයන් භාවිතා කොට කරන වෙදකමයි. ඒ මගින් ක්ෂණිකව ලෙඩ සුව කර ගත හැකි බව ඔවුහු දැන සිටියහ. රස වෙදකම නමින් ඇතැම් විට කියැවෙන්නේ එස රසදිය ප්‍රධනව කෙරෙන බැවිනි. රසරත්න සමුච්චය නම් ග්‍රන්ථයේ සඳහන් පරිදි රත්තරන් ධාරණය කිරීමෙන් සූර්යයා ආදී ග්‍රහයන්ගේ නිග්‍රහ වැලකේ. දීර්ඝායුෂ හා ආරෝග්‍ය ඇති වේ. සෞභාග්‍ය උදා වේ. භාග්‍යයට වසඟ වූ සම්පත් හා උත්සාහයද ලද හැකිය. ධෛර්ය වැඩී යෙයි. කාන්ති හීනතාව මෙන්ම ගල් දූවිලි ආදියේ සංසර්ගයෙන් ඇති වන දුර්භාග්‍ය ද විනාශ වේ. භූතදෝෂ ආදියද නිවාරණය වේ. සිංහල වෛද්‍යවරු මෙන්ම රන් කරුවන්ද අනුගමනය කරන්නට ඇත්තේ මෙම සින්දූරන් වෙදකමේ ආභෂයෙන් රත්තරන් රිදී රසදිය මෙන්ම ශාක වර්ග යොදාගෙන කරන වෙදකම හා කර්මාන්තයයි.  වර්ෂ 1853 දී ලියන ලද රාජපක්ෂ සමරකෝන් මුදියන්සේලාගේ කිරිහාමිගේ රිදී රත්‍රං සාදන පොත .නම් පුස්කොළ ග්‍රන්ථයක් මට හමු විය. එහි මෙසේ සඳහන්ය.
        නිදිකුම්බා කොළ කොට කෝවේ පල්ලට දමා ඊට උඩින් තඹ සුද්දකර දමා  ඊටත් උඩින් තුත්තනාගම් ටිකක් දමා ඒ පිට පළමු බෙහෙත් දමා මකා එළ ගොම වත් කරනු තනි රත්‍රං සෑදේ.
     රත්තරන් සහ රසදිය වල පරමාණුක ක්‍රමාංකයන් දැක්වෙන්නේ 79 සහ 80 වශයෙනි. ඒවා එක ළඟ ගුණ දක්වන ලෝහ වේ.පාරම්පරික රන් කරුවන් මේවා දැන සිටින්නට ඇත. ඔවුහු බෙහෙත් ශාඛ වර්ග භාවිතා කොට රසදියෙහි පරමාණුක ක්‍රමාංකාය වෙනස් කිරීමට තැත් කළහ. ඒ පිළිබඳ පර්යේෂණය කළහ. ඒවා සාර්ථක විය. එසේම විවිධ ශාක වර්ගයන්හි යුෂ භාවිතා කොට යම් යම් ප්‍රතික්‍රියාවන් ජනිත කළහ.බ්‍රිතාන්‍ය කෞතුකාගාරය පුස්කොළ පොත් අංක O R 6614  සඳහන් ලෙස එය මෙලෙස වෙයි. රසදිය කළන් එකයි සාදිලිංගම් කළන් එකයි තුත්තනාගම් කළන් එකයි රත්තරන් පාසානම් කළන් එකයි. මේ දේ කලූ අත්තන කොළ යුෂයෙන් අඹරා කෝවක දමා දහයියා වලින් දෙවරක් ගිනියම් කර ඉක්බිති හැර ගෙන තබා කළඳට මංචාඩි හතක බර දමා මකුනු.
         සිංහලයන්ගේ රසායන විද්‍යාව යනු මෙයයි.සොබාදහම කෙරෙහි බෙහෙවින් අනුගතව සිටි ඔවුහු බැහැරින් ලැබූ දැනුමද තමන්ගේ කෝවේ දමා මකවා ගත්හ. නමුත් යටත් විජිත සමයෙන් පසු විදෙස් වලින් ආනයනය කරන ලද නවීන විද්‍යාවන් අප මත බලෙන් පටවන ලදහ. නූතන රසායන විද්‍යාව (Chemistry )වශයෙන් එය අද අප අතර වැජඹෙයි.නමුත් බටහිර විද්‍යා දර්ශනය සහ දේශීය විදයා දර්ශනය අතර පරස්පරතාවයක් පවතින බවද මෙහිදී දැක්විය හැකිය.රන් කරුවන් ගේ පාරම්පරික වට්ටෝරු කියවා විශ්ලේෂණය කරන කල්හි. එය මැනවින් පසක් වෙයි.වර්තමානය වන විට රන් මාත්තුව ගැනීමට විදෙස් වලින ඇලෝයි මිශ්‍රණ ලංකාවට ගෙනඑයි. සැම විටම එය අපගේ ස්වාධීනතාවය නවතා ලන්නකි.එම නිසා රන්කරුවන් ගේ මෙම පාරම්පරික දැනුම පර්යෙෂණයට ලක් විය යුතුය. ඒ පදනමේ සිට ලංකාවේ රත්තරන් මගින් ශක්තිමත් වන ආර්ථිකයකට අපට යා හැකි යයි සිතමි.