පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, May 13, 2014

සන්ධාන රජයේ කර ඇඹීමට සුදුසුම කාලයයි


                                     

           
         
                                         වර්තමාන ජාතික බලවේගයන්හි ක්‍රියාකාරිත්වයෙන් පැණ නැගුණු මහජන ඒකමිතිය නිසා ප්‍රභාකරන් මූලික කරගත් ඊලාම් මෙහෙයුම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධාන රජයට හැකි විය. වෙනත් කිසිම ජන නායකයෙකුට නොලැබුණු ජන වරමක් මහින්ද රාජපක්ෂ මහතාට හිමි වූයේ මේ උදාර කටයුත්තට නායකත්වය සැපයූ නිසයි. ලංකාව ඒකීය රටක් වශයෙන් පිළිගැනෙන කොන්දේසිය පමණක් එදා සන්ධාන රජය ඉදිරියේ තබන ලද බව කවුරුත් දන්නා කරුණකි. මේ කොන්දේසිය මත පළාත් සභාවන්ද කලකදී අහෝසි විය යුතුව තිබුණි. එහෙත් එය එසේ වූයේ නැත. ඊට හේතුව යුද්ධයෙන් පසුව උතුරු හා නැගෙනහිර පෙදෙස් වල සිදු කරන ලද අත්තොනෝමතික දේශපාලන ක්‍රියාකලාපයයි. වර්ෂ 1818 සිටම සිංහල ජනතාවට සිදු වූ ඓතිහාසික අසාධාරණයන් එමට ය. එහෙත් ඒ කිසිවක් නොසලකා සන්ධාන රජය බලයට පත් කිරීමට කැපවූ සිංහලයන්ට ප්‍රමුඛත්වය නොදී නැවත දෙමළ මුස්ලිම් ජන කොටස් වලට පමණක් මුල් තැන ලබා දීම නිසා පළාත් සභා අහෝසි කිරීම වෙනුවට ඊලාම් මතවාදය පෝෂණය කරන උතුරු පළාත් සභාවක් ස්ථාපිත විය.මෙම පියවරට තල්ලුවීමට සන්ධාන රජයේ තකතීරුකම් රාශියක් ඉවහල් වූ බව පිළිගන්නට සිදුව ඇත. වර්තමානය වන විට උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේශ්වරන් මහතා ලක්රජයද ඉක්මවා යමින් ජාත්‍යන්තර ප්‍රජාව වෙත නැඹුරුව සිය ඊලාම් බෙදුම්වාදය ක්‍රියාත්මක කරන තැනකට තල්ලු වී තිබෙන්නේ මේ රජයේ අමන මරිකම් හේතු කොට ගෙනයි.

           ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව ඓතිහාසික වශයෙන් ක්‍රමයෙන් බෙලහීන කරනු ලැබූ පිරිසකි. ඔවුනට එරෙහිව බ්‍රිතාන්‍යයන් විසින් වරින් වර දෙමල මුස්ලිම් ජන කොටස් යොදවා ගත්   බවට සාක්ෂි ඇත. එසේම ක්‍රිස්තියානි අභිලාශයන් උදෙසා බෞද්ධයන්ගේ උරුම හිමිකම් විනාශකරන ලද ආකාරය ඉතිහාසයෙන්ම සොයා ගත හැකි ය. 1948 වර්ෂයේදී නිදහස ලැබීමෙන් පසුව මෙම ඓතිහාසික වැරදි නිවරදි කරන රජයක් කෙරෙහි මෙරට වැසි බහුතර සිංහල ජනතාව අපේක්ෂාවෙන් පසු වූහ. 1956 දී බණ්ඩාරනායක රජය කෙරෙහි යම් කිසි විශ්වාසයක් තැබූවේ යම් සේ ද සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගේ රජය කෙරෙහිද එවන් විශ්වාසයක් විය. කොටි පැරදවීමට ක්‍රියාකළ මහින්ද රාජපක්ෂ මහතාගේ රජය කෙරෙහි ද පවතින විශ්වාසය තවමත් සහමුලින්ම අවසන් වී නොමැත. එහෙත් මේ කිසිවක් නොසලකන තත්ත්වයකට අද රජය පත්ව තිබේ.

            සිංහල ජනතාව සතු උරුම හිමිකම් වලට පාළු ගෙයි වළන් බිඳින්නන් ලෙසට පහරදීම සාමාන්‍ය දෙයක් බවට පත් ඇත. ඒ සඳහා අවශ්‍ය තනතුරු වාසුදේව නානායක්කාර රවුෆ්හකීම් ඩිලාන් පෙරේරා දි.මු.ජයරත්න රාජිත් සේනාරත්න වැනි දේශපාලන නායකයන්ට ලබා දී තිබේ.මෙවර වෙසක් උත්සව සමයේ දී ගම්පළ සහීරා විදුහලේ කළ වෙසක් සැරසිලි ඉවත් කිරීමට එහි විදුහල්පතිවරයා කටයුතු කර තිබුණි. එයට විරෝධය පෑ ප්‍රදේශයේ සිංහල ජනතාවට එරෙහිව කටයුතු කර තිබුණේ බුද්ධ ශසන ඇමති දි.මු.ජයරත්න මහතායි. මේ ආකාරයට සිංහල භාෂාව අවලංගු කාසියක් බවට පත් කිරීමට ද ක්‍රියාත්මක වෙමින් ඇත. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රීත්වය සිංහල දරුවන්ට උගන්වන අතර ඉංග්‍රීසි බස ප්‍රධාන රාජ්‍ය භාෂාව බවට පත් කිරීමද දෙමළ හා ඉංග්‍රීසි  භාෂා පමණක් දෙමළ ළමුන්ට ඉගැන්වීමෙන් තව දුරටත් සිංහල භාෂාව උතරු හා නැගෙනහිර පළාත් වලින් ඉවත් කිරීමට කටයුතු කිරීමද ක්‍රමානුකූලව සිදු වේ. බෞද්ධ හිමිකම් අවසන් කළ හැකිවන මුස්ලිම් නීති ස්ථාපිත කිරීම අන්‍යාගමීකරණය සිදුකිරීම සිංහල ජනතාව සතුව තිබූ උතුරු පළාතේ ඉඩ කඩම් නීත්‍යනුකූල ලෙසටම දෙමළ ජනතාවට ලබා දීම. මේ අතරින් කීපයකි.

          සිංහල ජනතාවගේ ප්‍රෞඩ ඉතිහාසය හා සිද්ධස්ථාන ක්‍රමානුකූලව වැනසීම සඳහා ක්‍රියාකිරීමද මේ අතර වෙයි.  එවැනි ස්ථාන ගල් වලවල් සඳහා බදු දීම සංචාරයකයන් සඳහා අවශ්‍ය දුරචාරය නීති ගතකිරීම සන්ධාන රජය නොදැන කරනවා වන්නට බැරි ය.ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නට බවද වළන් කද බිඳීමටද මේ ගොනා වැඩි කලක් ගත නොකරන බවද අප සිහියට ගත යුතු ය. ඔවුන්ගේ ඉලක්කය සිංහල සංස්කෘතිය හා උරුමයයි. එදා බ්‍රිතාන්‍යයන්ටද කළ නොහැකි වූ මේ විනාශය කළු සුද්දන් වන වර්තමාන පාලකයන් අගේට කරනවා බලා ඇමරිකාව ඇතුළු බටහිර බලවතුන් සතුටු වන බව කිව යුතු ය.         බටහිරට අවශ්‍ය ලෙසට දිගේලි කරන ලද මෙම වෘෂභයා හීලෑ කර නොගතහොත් අපගේ විනාශය සිදු වීමට වැඩි කලක් ගත නොවනු ඇත. ඒ සඳහා සුදුසුම කාලය එළඹෙන ජනාධිපතිවරණයයි. විපක්ෂයෙන් සැලකිය යුතු චරිතයක් ඉදිරිපත්වීම ප්‍රශ්ණයක්ව පවතින අවස්ථාවක වුවද උතුරේ විග්නේශවරන් නමැති චරිතය ප්‍රබල තත්ත්වයක තිබෙන බව අප අමතක නොකල යුතු ය. එසේ හෙයින් ජාතික බලවේගයන්ට අවශ්‍ය ආකාරයට සන්ධාන රජය නම්මවා ගැනීමට මේ සුදුසුම කාලය බව පෙන්වා දිය හැකි ය.  ඒ පිණිස පහත සඳහන් කොන්දේසි ඉටු කරවා ගත යුතු ය. අවම වශයෙන්වත් එසේ නොකළහොත් සිංහල ජාතික ව්‍යාපාරයට යළි නැගිටිය නොහැකි වන ලෙසට මේ වෘෂභයා පහර දෙනවා නිසැක ය. එ නිසා මේ වෘෂභයාගේ කර ඇඹීම පිණිස මෙම යෝජනා  ජනතාව ඉදිරියේ තබා එයට වටිනාකමක් එක් කළ යුතු යයි සිතමි.

01/ සියලුම ජන කොටස් සඳහා එකම නීතියකින් කටයුතු කිරීම. එහිදී මුස්ලිම් නීති හා තේසවලාමෙයි නීති අහෝසි විය යුතු ය.

02/අන්‍යාගමීකරණ පණත සම්මත කිරීම.

03/ ගව ඝාතනය තහනම් කිරීම.

04/ ජන අනුපාතය අනුව උතුරු සහ නැගෙනහිර පළාත් වල සිංහලයන් පදිංචි කිරීම.

05/ ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ නියෝජනය සහිත උත්තරීතර උපදේශක සභාවක් පත් කිරීම.

06/ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීම. පාර්ලිමේන්තුවට වගකියන දශරාජධර්මය රකින තනතුරක් බවට පත් කිරීම. බුද්ධශාසනයේ පැවැත්ම හා අරක්ෂාව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ වගකීමක් බවට පත් කිරීම.

07/ බුද්ධශාසනයෙහි ප්‍රමුඛතාවය පිළිබඳ ප්‍රතිපාදන ව්‍යවස්ථා ගත කිරීම.

08/ රීගේනින් ශ්‍රීලංකා ප්‍රතිපත්ති වලින් ඉවත් වීම.

09/ වසරක් ඇතුළත පළාත්සභා ව්‍යුහය අහෝසි කර ප්‍රාදේශීය සභාවලට බලය පැවරීම.

10/ වසර තුනක් ඇතුළත කෘෂිරසායන වස විස ඉවත් කොට පාරිසරික කෘෂිකර්මය ස්ථාපිත. කිරීම.

           සිංහලයන්ට සිදුවූ ඓතිහාසික අසාධාරණයන් ඉවත් කිරීමට  මෙම යෝජනා  සර්ව සම්පූර්ණ නොවේ. එහෙත් මුලින් ටිකක් ඉන්පසුව තවත් ටිකක් යන දෙමළ ජාතිවාදයේ උපක්‍රම ආදර්ශයට ගෙන දැනට පසු පස්සට තබන පය ඉදිරියටම තබමින් සිංහලබෞද්ධ උරුමයට නැවතත්  වටිනාකමක් එක් කර ගත යුතු ය. 2015 වසරට රටේ ස්වාධීනත්වය අහිමි වී වසර දෙසීයක් සපිරෙයි. මේ ගමන එම ස්වාධීනත්වය නැවත ලබා දීම සඳහා වූ මුලපිරීමකි.

Wednesday, May 7, 2014

1818 විමුක්ති අරගලය පරාජය වූයේ මරක්කල ඔත්තුකරුවන් නිසාවෙන් ද


                


                 මොනරවිල කැප්පෙටිපළ අදිකාරම්තුමා ඉංග්‍රීසීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූවේ එක්දහස් අටසිය දහඅටේ ඔක්තෝබර මස විසිඅට වන දා සත් කෝරළයේ පරවහගම වලව්වේදී ය. ඒ උඩරට කැරැල්ලට නායකත්වය දෙමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව යාම නිසාවෙනි. 1815 වසරේ දී ඉංග්‍රීසි කිරීටයට රට භාරදුන් සිංහල රදළවරු පුරාණ සම්ප්‍රදායය අනුව ආණ්ඩුව පවතී යයි සිතූහ. නමුත් එය එසේ සිදු නොවී ය. දිනෙන් දින නිලමේ වරුන්ගේ බලතල අඩු වන්නට විය. එසේම බුද්ධශාසනයට හිමිව තිබූ ස්ථානය ක්‍රමයෙන් දුර්වල වන්නට විය. මෙයින් කෝපයට පත් භික්ෂූන් වහන්සේලා එක් වී නිලමේ වරුන් සංවිධානය කොට ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව රහසිගතව රැස් වූහ. මොනරවිල කැප්පෙටිපොළ අදිකාරම් තුමා ඒ වන විට ඉංග්‍රීසි ආණ්ඩුවට පක්ෂපාතීව සිට කැරැල්ල මඩින්නට පැමිණියද පසුව තම රට ජාතිය වෙනුවෙන් මේ අරගලයට නායකත්වය ලබා දුන්නේ ය.  ජාතියේ විමුක්තිය වෙනුවෙන් ඉදිරියට පැමිණි දේශප්‍රේමී ජනතාව ගේ මතය නිවරදි යයි කැප්පෙටිපොළ  අදිකාරම් තුමාද විශ්වාස කළ බව පෙනේ. 1817 දී ඇරඹි මේ උඩරට කැරැල්ල සැබවින්ම   කැරැල්ලක් නොව ජාතික විමුක්ති අරගලයක්ම වන්නේ මේ නිසා ය.

           බලගතු ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ඇති කළ කැරැල්ලක් ලෙසට පෙණුනද මේ අරගලය සන්සිඳවීම ලෙහෙසි පහසු නොවී ය. ඊට ප්‍රබල හේතුවක් වූයේ කැප්පෙටිපොළ අදිකාරම් තුමා ගත් නායකත්වයයි. එහිදී භාවිතා කළ යුද්ධ උපක්‍රම ආදිය නිසා ඉංග්‍රීසි ආණ්ඩුව බියට පත් විය. ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් නිකුත් කළ ආඥා පත්‍ර වල මේ බව සඳහන්ව ඇත. සිංහල නායකයන් මැනවින් සංවිධානය වී අවි ආයුධ තනමින් යුද්ධයට මුහුණ දුන් ආකාරය ගැන සඳහන් කරන විලියම් ඔනීල් නම් නිලධාරියා දක්වන මේ අදහසින් ඒ බැව් තහවුරු වෙයි.´ අද පස්වරු තුනට පමණ පිලිමතලව්වේ සහ කැප්පෙටිපොළ අල්ලා ගත්බව ඔබ තුමන්ට සැළ කල හැකි වීම ප්‍රීතියකි. අද අලුයම හතරට පමණ පුලියන්කුලමෙන් පිටත්ව ගම් හතරක් ඉක්ම ගමන් කිරීමෙන් පසු ගස් රුප්පාවක වූ ඔවුන්ගේ මුරපොල හමු විය.ඉන් පසු මම මුලු භට පිරිස සමග හැකි තරම් නිශ්ශබ්දව කුඹුරු හරහා ගොස් අප උත්සාහයේ පරමාර්ථය ඉෂට කරගත් බව කීමට කැමැත්තෙමි. ඔවුන්ගේ අනුචරයෝ හැම දෙන ම විශිෂ්ට යුද්ධායුධ කම්මල් විස්සක් හා යුද්ධොපකරණ රාශියක් හැරදමා පළා ගියෝය.මේ යුද්ධොපකරණ විනාශ කරනු ලැබේ. කුඩා ගෙන්දගම් මල්ලක් හා යුද්ධායුධ මම ගෙන එන්නෙමි. කැප්පෙටිපොළ පිළිමතලව්වේට එක් වූයේ අද් උදේ බවත් දුම්බරින් පිටත් වූයේ විසි දිනකට පෙර බවත් කියයි.`

             කැප්පෙටිපොළ අල්ලා ගැනීමේ දී ජනතාවගේ සහාය අපේක්ෂා කර ඇත. එහෙත් සිංහල ජනතාවගෙන් ඊට අනුග්‍රහයක් ලැබී නොමැත. කැප්පෙටිපොළ සිටින තැනක් පිළිබඳව ඔත්තුවක් ලබා දුන් කෙනෙකුට ත්‍යාගයන් ලබා දීම ප්‍රකාශයට පත් කලෙන් ඒ මත බලාපොරොත්තු තැබීමට සිදු විය. මේ අවදියේ දී ඉන්දියානු මරක්කලයන්ට විශේෂ වර ප්‍රසාද අයත්ව තිබුණි. 1818 මාර්තු මස 02 දින රොබට් බ්‍රවුන්රිග් ආණුඩකාරවරයා වෙනුවෙන් ජෝ ලුසිනන් ලේකම්වරයා විසන් නිකුත් කරන ලද ආඥා පත්‍රය මගින් මේ වරප්‍රසාද පිරි නමා ඇත. බ්‍රිතාන්‍ය රජයට තිබෙන පක්ෂපාති කමට සහ ලැදියාවට ප්‍රති උපකාර වශයෙන් කන්ද උඩරට පළාත්වල සිටින මරක්කලයන්ට විශේෂයක් කොට සළකන ලද්දේ විය. උඩරට සිංහල ප්‍රධානීන් ගේ බලතල සීමාවෙන් ඔවුන් ඉවත් කර  මරක්කලයන් වෙනුවෙන් නීතිය ක්‍රියා කිරීම ඉංග්‍රීසි නිළධාරීන්ට පවරන ලදහ.මෙතෙක් මඩිගේ දෙපාර්තමේන්තුව යටතේ සිටි මොහොමදිය වරු ද මෙලෙස ඉංග්‍රීසි නිලධාරීන් ගේ බලතල සීමාවට පමණක් යටත් කරන ලදහ.

            ලන්දේසීන් විසින් රටින් පන්නා ගන්නට උත්සාහ කොට තිබූ මේ මරක්කල ජන සමූහය මුහුදු බඩ වෙළෙදාමෙන් වැඩි කොටසක් අත්පත් කර ගෙන් තිබුණි. පුත්තලම වැනි පෙදෙස් වල ඉඩකඩම්ද සන්තක කර ගෙන තිබුණි. නමුත් ඔවුන්ට ලන්දෙසීන් ගෙන් නම් විසුමක් නොවීය. එහෙත් වර්ෂ 1796 දී ඕලන්දයන්ට ලංකාව හැර දමා යෑමට කරුණු සිදු වූයෙන් මේ බල පෑම තවදුරුටත් කළ නොහැකි විය.

          ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරීන් චාටුවෙන් වසඟකරගත් මේ මරක්කලයන් ඔවුන්ගේ විශ්වාසය දින ගැන්මට වැඩි කලක් ගත නොකළේ ය. ඌව වෙල්ලස්ස මුහන්දිරම් තනතුරකට හජ්ජි නම් මරක්කලයෙකු පත් කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව ගත් තීරණය සිංහලයන් කුපිත කරවන්නක් විය. මේ හජ්ජි මුහන්දිරම් ලවා ඔත්තු බැලවීමටත් ඒව වාර්තා කරගැනීමටත් නිළධාරීන්ගේ බලාපොරොත්තුව විය. හජ්ජි එය අකුරටම ඉටු කළේ ය. නමුත් ඔහු වෙල්ලස්සේ පින්නවැල්ලේදී බූටෑවේ රටේ රාළට අසුවී සිරගතකරන ලද්දේ ය. හජ්ජි බේරාගන්නට ගිය බදුල්ලේ දිසාපති විල්සන් හටද මැරුම් කන්නට සිදු විය. මේ නිසා මරක්කල ජනතාව සිංහලයන්ට විරුද්ධව දිගින් දිගටම ක්‍රියා කළ බව පෙනී යයි. මණිබඩු කාරයෙකු ගේ වේශයෙන් ගම් වල සැරිසරමින් කැප්පෙටිපොළ සිටි දිශාවට ඉව අල්ලමින් ගිය එක් මරක්කල ඔත්තු කරුවකුට දිනක්  සත් කෝරළයේ පරවහගම වලව්වේ පැවති රාත්‍රී උත්සවයක් දැක ගන්නට හැකි විය. ඒය ශාන්ති කර්මයක් නොහොත් තොවිලයක් විය. මණිබඩු විකුණන මුවාවෙන් වලව්වට පිවිසෙන ලද නමුත්  වලව්වේ සිටි ගැහැනුන් ගෙන් ඔහුට විසුමක් නොවී ය.  මේනිසා සිදු වන්නේ කුමක්දැයි කියා බැලීමට මේ මරක්කලයා වලව්ව අසල කැලයක සැඟව බලා සිටියේ ය. පරවහගම වලව්වේ සිටි කුමාරිහාමි කැප්පෙටිපොළ අදිකාරම් තුමාට ඥාති සහෝදිරියක් වන මඩහපොළ වලව්වේ කුමරියක් විය.මේ ඔත්තකරු පරවහගම වලව්වට පැමිණියේ ද මේ නිසා ය.  සවස හයහමාරට පමණ කැළයෙන් මතු වූ කණ්ඩායමක් වලව්ව දෙසට පැමිණියේ ය. ඒ අතර රෝගාතුරව සිටි  පිළිමතලව්වේද කැප්පෙටිපොළ ද විය. මණිබඩු ටික පැත්තකින් තැබූ මරක්කලයා ඒ වන විට පුලියන්කුලමට ළඟාව සිටි ලෙෆ්ටිනට් ඔනීල් නම් ඉංග්‍රීසි නිළධාරියා හමුවට පැමිණ කාරණය සැළ කර සිටියේ ය.

                 යුද්ධය අසීරු වන බව කැප්පෙටිපොළ දැන සිටියේය එහෙත් තමන්ට හිතවත් ව සටනට එක්ව සිටින පිරිස අමාරුවේ දැමීමට හෙතෙම කල්පනා නොකළේ ය. ඒ නිසා රටේ විවිධ පළාත්වල ට ගොස් සටනට අවශ්‍ය සේනා සංවිධානය කර ගැනීමට ඔහු උත්සුක විය. ඒ අනුව සත් කෝරළේ මානෑවේ සිටි ඥාතීන් හමුවට ද ඔහු පැමිණියේ ය.එහි රජ ගම් මැද්ද හා මැද ගම්මැද්ද යනුවෙන් ගම් දෙකක් විය. මේඥාතීන් සිටියේ මැදගම්මැද්දේ ය. නමුත් කැප්පෙටිපොළ එහි පැමිණෙන විට ඉංග්‍රීසීන්ට මේ ඉව වැටුණි. කපිතාන් ජේ.ප්‍රෙසර් නම් නිළධාරියා භට සේනාවක් ගෙන මානෑව බලා පැමිණෙන බව කලියෙන්ම දැන ගත් නිසා මානෑවේ සිටි පිරිස පරවහගම වලව්ව තෙක් පසුබසින්නට තීරණය කළහ. කෙසේ වෙතත් මරක්කල වෙළෙන්දා එදා ඔත්තු සැපයීම නිවරදිව නොකලේ නම් කැප්පෙටිපොළ අල්ලා ගැනීම ලේසි නොවන්නට ඉඩ තිබුණි. මෙලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පක්ෂපාතීව ඔත්තු සැපයීම  නිසා 1820 දී මේ මරක්කලයන්ට හා උඩරට පළාත්වල සිටි මොහොමදිය වෙළෙන්දන්ට පුරවැසි කම ලබා දෙන්නටද ඉංග්‍රීසීන් කටයුතු කළහ. වර්තමාන මුස්ලිම් ව්‍යප්තියේ ඇරඹුම එතැනයි.