පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, March 13, 2014

ආගමික සංහිඳියාවට තිබෙන බාධක කවරේ ද


                                 

                                             


           ලංකාවේ වාසය කරන විවිධ ජන කොටස් වල විශ්වාසයන් නොහොත් ආගම්  පදනම් කොට ගෙන පසුගිය කාලයේ දී නොයෙකුත් ගැටුම් ඇති වී යයි ඇතැම් අය පවසති. මේ නිසා ජාත්‍යන්තර වශයෙන් ද චෝදනා එල්ල වන්නට පටන් ගෙන ඇත. මෙලෙස එවැනි ගැටුමක් පවතින්නේ යයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ද විශ්වාස කරන බව පෙනේ. එහෙයින් දකුණු ආසියානු ප්‍රතිපත්ති හා පර්යේෂණ කේන්ද්‍රය නම් ජාත්‍යන්තර සංවිධානයක ආධාරයෙන් මේ සම්බන්ධව ඇය යම් පියවරක් තැබීමට සූදානම් වන බව දැන ගන්නට හැකිය. පසුගිය දා රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ ඇය ඒ සදහා සාකච්ඡා කළ බව මාධ්‍ය වල වාර්තා විය.

          වර්තමාන සමාජයේ ආගමික ගැටුමක්  පවතින්නේ යයි සලකන පිරිස මෙයට මූලික හේතුව සිංහල බෞද්ධයන්ගේ කලහකාරී හැසිරීම් යයි ප්‍රකාශ කරති. මෙය සත්‍යයක් නොවේ. වචනයේ අර්ථයෙන්ම ගතහොත් ආගමික සංහිඳියාවක් ඇතිවිය යුතුවන්නේ කිතුනු ඉස්ලාම් සහ හින්දු භක්තිකයන් අතරය. එය එසේ නොවන්නේ බහුතර සිංහල බෞද්ධයන්ගේ උරුමය ඔවුන් විසින් නොපිළිගන්නා බැවිනි. කිතුනු ඉස්ලාම් හින්දු ආදී ආගමික ජන කණ්ඩායම් බිහිව ඇත්තේ ඉතිහාසයේ යුග ගණනාවක විකාශනයෙනි.ඒවා ඒ ඒ සංස්කෘතීන්ට සාපේක්ෂකව ආගම් වශයෙන් සලකනු ලැබේ. ඇදහිලිවන්තයන් ගෙන් සැදුම් ලත් එවැනි ආගම් වල සුලු පිරිසක් ලංකාවේ ද ජීවත් වෙති. එහෙත් බෞද්ධ ධර්මය ආගමක් නොවේ. බෞද්ධ සංස්කෘතියට ඇදහිලි එකතුව ඇත්තේ හින්දු සම්ප්‍රදායෙනි. ඒ නිසා ඇතැම් අය සමස්ත බෞද්ධ ජනතාවද ආගමික ජන කණ්ඩාමයකට ඇතුලත් කරති.

          ප්‍රභාකරන් ඇතුලු කොටි සංවිධානය උතුරු හා නැගෙනහිර පළාත් වල කරන ලද ත්‍රස්ත ක්‍රියා වෙසෙසින්ම අරන්තලාවේ භික්ෂු ඝාතනය ශ්‍රී දළදා මාළිගාවට බොම්බ තැබීම සහ රට පුරාවටම කරන ලද සංහාරයන් ආගමික සංහිඳියාව බිඳ දැමීමට කරන ලද ක්‍රියා වෙති. ඔවුහු යථොක්ත ප්‍රදේශවල පැවති සිංහල ශිෂ්ඨාචාරය පිළිනෙගනිති. ඒ නිසාම එහි තිබෙන බෞද්ධ පූජනීය ස්ථාන වල කෝවිල් සහ පල්ලි ඉඳිකරමින් ජාත්‍යන්තරයට පෙන්වන්නට උත්සාහ ගෙන ඇත්තේ ස්වකීය නිජබිම සිංහලයන් විසින් ආක්‍රමණය කර ඇති බවයි. 1812 වැනි ඈත කලයක පටන් යාපන අර්ධද්වීපයේ කරන ලද ඇමරිකන් මිෂනාරි කටයතු නිසා එම ප්‍රදේශය දැන් සලකන්නේ දෙමල කතෝලික ප්‍රදේශයක් විලසටය. ඒ බැව් අන්තර්ජාලයේ පවතින ඇතැම් තොරතුරු අනුව සනාථ වේ. ඒ අනුව වර්තමාන නැවත පදිංචි කිරීම්වලදී පවා සිංහල බෞද්ධයන්ට යාපනයේ තැනක් ලැබී නොමැත.එහි තිබූ සිංහලයන්ගේ සින්නක්කර ඉඩම් කොටි මහ විරු පවුල්වලට ලබා දී ඇත. උතුරේ  පැවති පසුගිය යුද්ධ සමයේ දී කතෝලික පල්ලි රාශියකට ගුවනින් බෝම්බ දැමූ බව අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කර ඇත. සත්‍යය නම් යුධ හමුදාවට පහර දීමට මේ ස්ථාන වල කොටි කඳවුරු පිහිටුවාගෙන සිටි බවයි. හමුදාව යුධ අපරාධ කළ බවට රායප්පු ජෝශප් පියතුමා පවසන්නේ මේ සාධක පදනම් කර ගෙනයි. මෙවැනි වසල ක්‍රියාවලින් සැබවින්ම ආගමික සංහිඳියාවක් ඇතිවේද.

          ඇමරිකාව කේන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක වන විවිධ ක්‍රිස්තියානි මූලධර්මවාදී පිරිස් වල මූල්‍ය ආධාරයෙන් පසුගිය දශකයේ දී වේගයෙන්ම ලංකාව පුරා යාඥා මධ්‍යස්තාවන ඉඳි විය. විවිධ ආධාර උපකාර දෙමින් ඇතැම් විට රෝග සුව කරන මුවාවෙන් බෞද්ධයන් පමණක් නොව දෙමළ හින්දූන් ද ක්‍රිස්තියානි නිකායන් වලට බඳවා ගන්නා ලදහ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ පාලන සමයේ දී මේ වැඩ පිලිවෙල සීඝ්‍රෙයන් රටපුරාම ව්‍යාප්ත විය. සියයට සියයක්ම බෞද්ධ පිරිස් ජීවත්වන ගම්මාන වලට මෙන්ම ඇතැම් විට වැදි ජනතාව ජීවත් වන ගම්මාන වලටද ගිය මේ මූලධර්මවාදීන් නිසා ජන සමාජයේ විවිධ කැළඹීම් නිර්මාණය විය. රජයෙන් අවශ්‍ය යුක්තිය සිදු නොවන බැවින් කුපිත වූ පිරිස් මේ යාඥා මඩු විනාශ කළහ. ගරුතර සෝම ස්වාමීන් වහන්සේ අපවත් කරන ලද්දේ මෙලෙස බිහි කරන ලද ආගමික මූලධර්මවාදීන් ගේ කුමන්ත්‍රණයකිනි. බලහත්කාරයෙන් අන්‍යාගම්වලට හරවා ගැනීම නෛතිකව තහනම් කරන ලෙසට ගෙනා පණත් කෙටුම්පත පාර්ලිමේතවේදී පරාජයට පත් කරන ලද්දේ එය සාකච්ඡාවටද නොගනිමිනි. වර්තමාන ජනාධිපතිවරයා මෙම පණත් කෙටුම්පතට කිසිසේත්ම අනුග්‍රහයක් නොදැක්වීය. මේ නිසා ක්‍රිස්තියානි මූලධර්මවාදීන් සමග ජන සමාජයේ ඇතිවූ ගැටුම වුවමනාවෙන්ම ඇති කරන ලද්දක් ලෙසට පෙන්වා දිය හැකිය. එය පාලනය කිරීමට රජයට අවශ්‍යතාවයක් නොමැති බැවින් සංහිඳියාව නැති කිරීමට මුල් වූයේ කවුරුන්දැයි වටහා ගත හැකිය. දැන් මන්නාරමේ රදගුරුවරයා ගේ කේලම් නිසා රජයට එය පාරාවළල්ලක් වී ඇත.

         මෙරට ඉස්මතුව සිටින මුස්ලිම් දේශපාලනඥයන් නිසාවෙන්ද විශාල ප්‍රශ්ණයක් රටතුළ උද්ගතව ඇත. ඔවුහු තමන්ට පමණක් ආවේණික නෛතික බලයක් ගොඩ නගා ගන්නට උත්සාහ දරති. රටක නීතිය අභිබවා ඒසේ කළ විට අනෙකුත් ජන කොටස් සමග ගැටුම් ඇති වීම ස්වභාවිකය.හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වූ ආතාවුද සෙනෙවිරත්න මහතා විසින් රජයේ මුදුල් දශලක්ෂ තිස්අටක් වියදම් කොට  මුස්ලිම් නඩු ශාලා නොහොත් කාති උසාවි පිහිටුවීමට පියවර ගැනීම නිසා මුස්ලිම් ජනතාව සිතන්නේ තමන්ගේ නීතියට ඉහළින් කිසිවෙකුටත් යා නොහැකි බවයි. මේ තත්ත්වය තුළ දිනෙන් දින ක්‍රමක්‍රමයෙන් ඔවුහු මුස්ලිම් නීතය නොහොත් ශරියා නීතිය බලාත්මක කර ගැනීමට උත්සාහ ගනිමින් සිටී. ශරියා නීතිය ඉගැන්වීමට හා සංස්ථාගත කිරීමේ අදහසින් රිල්වා නියියාහ් විදුහල හා අබු හුරෛරාහ් විදුහල නමින් ආයතන දෙකක් පිහිටුවා තිබේ.එය සංස්ථාගත කළ ආකාරය 2013 අප්‍රියෙල් 19 ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇත. මෙය පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතිගත කර ඇත්තේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. තවුපීක් විසිනි.

     මුස්ලිම් ශරියා නීතියේ මූලධර්මය නම් මුස්ලිම් නොවන අය ක්‍රමානුකූලව මර්ධනය කිරීමට පියවරෙන් පියවර ඉදිරියට යාමයි.අධිකරණ අමාත්‍ය වරම ලබාගත් රවුප්හකීම් තම බලය යොදා ගනිමින් ඉටු කරමින් සිටින්නේ එයයි. පසුගියදා හෙළි දරව් වූ හලාල්කරණය තුළ මේ අරමුණු ඉටු කරගන්නේ කෙලෙසකදැයි බලමු. ඔවුහු පළමුව හලාල් ප්‍රමිතිය ජනප්‍රිය කරවති. දෙවනුව හලාල් නොවන භාණ්ඩ කොන් කර ඒවාටද හලාල් වීමට බල කරති. මෙහි අරමුණ මුස්ලිම්වරුන්ගේ මුදල් අන්‍ය අයඅතට පත්වීම වැලැක්වීමයි. එසේම හලාල්කරණය තුළින් මුස්ලිම් අයට රැකියා අවලස්ථා බහුලව ලබා දිය හැකිය. දැනටමත් මුස්ලිම් දරුවන්ට ජාත්‍යන්තර පාසල් හරහා ඉංග්‍රීසි දැනුම ලබා දීමෙන් එම ගමනට අවතීර්ණ වෙමින් ඇත. හලාල්කරණය ශක්තිමත් වූ විට මුස්ලිම් නොවන ව්‍යාපාර වලට බලපෑම් කරමින් ඒවා මුස්ලිම් කිරීමට යත්න දැරීමත් එසේ නැතහොත් කොටස් අත්පත් කර ගැනීමත් කරනු ඇත.  එවිට අයිතිකරුවාද මුස්ලිම් වීමට උත්සාහ කරයි. අවසානයේ මේ ක්‍රියාදාමයට විරුද්ධ වන්නන්ට දැඩි දඩුවම් ලබා දීමට නීති සැකසීම. පිහිටුවා ඇති කාති උසාවි ඒ සඳහා යොදා ගැනෙනවා ඇත. නීති විද්‍යාලයේ වැඩි ඉඩකඩක් මුස්ලිම් සිසුන්ට ලබා දෙන්නේ මෙකී අනාගත අරමුණු උදෙසාය. අවසානයේ සිංහල බෞද්ධයාගේ බෙල්ල දංගෙඩියට යනු නිසැකය.

          සිංහල බෞද්ධයන් ද මස් අනුභව කිරීම පුරුද්දක් වශයෙන් කළද වැඩි පිරිසක් හරක් මස් අනුභව නොකරති. ගවයා රටේ ගොවි ජනතාවගේ මිතුරෙකි. සහාය වන්නෙකි. එමනිසා ගවයා ඝාතනය කිරීමට ඔවුහු විරුද්ධ වෙති. නමුත් ගව ඝාතාකගාර පවත්වාගෙන යාමටද ගම්වලට බලෙන් පැන හරක් හොරකම් කිරීමටද ඒවා උසාවි වලට ඉදිරිපත් වූ විට අල්ලස් මගින් නිදහස් කර ගැනීමටද මුස්ලිම් අයට හැකියාව තිබේ. ඒ අතර ගව ඝාතනය නීත්‍යානුකූල  බව  ඉගැන්වීමට ඔවුහු රජයෙන් අනුමතිය ලබා ගෙන ඇත. අට වසර ඉස්ලාම් පොත කියවන විට මේ බව පසක් වේ.එහි මෙසේ සඳහන් වේ.

උළ්හිය්යා සහ අකීකා වෙනුවෙන් සතුන් කැපිය යුත්තේ ඉස්ලාමීය ශරියා නීතිය අනුවයි.මෙය දබ්හ් යනුවෙන්පවසනු ලැබේ.දබ්හ් කරන පිලිවෙල මෙසේය.ජීවින් සියල්ල අල්ලාහ් ගේ මැවීම වේ.අල්ලාහ් සතුන් මවා ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහාය. සතුන් දබ්හ් කිරීම එක්තරා දානමය ක්‍රියාවකි. සතුන් දබ්හ් කිරීමේ දී අප අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත ඉස්ලාමීය නීති රීති මගින් මනාව දක්වා ඇත.මේ ආකාරයට මුස්ලිම් දරුවන්ට කුඩා කාලයේ සිටම හරක් මස් අනුභව කිරීමට උගන්වති. බහුතර සිංහල බෞද්ධයන් පිරිසක් හා හින්දු භක්තිකයන් සිටින රටක මෙලෙස මූලධර්මවාදී ඉගැන්වීම් ප්‍රචලිත කළ විට ද අන් අයට නැති නීතිරීති අනුව කටයුතු කිරීමට පහසුකම් සැලසීම මගින්ද ඇතිවන ආගමික සංහිඳියාව කුමක්දැයි ආසියානු ප්‍රතිපත්ති හා පර්යේෂණ කේන්ද්‍රයේ වාර්තාවට ඇතුලත් වන්නේ නම් මැනවි.