පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, July 30, 2016

රනිල් කේලමාගේ ගජබින්න රටක් අනතුරේ හෙළයි

                                 

                   ලංකා රාජ්‍යයේ දේශපාලනය අද ඉතාමත් බැරෑරුම් තත්ත්වකට පත්ව ඇත. සිංහල දේශපාලකයන් සියල්ල දෙමළ ජනතාවගේ අත පල්ලනේ වැටීමත් ඔවුන්ගේ දෙමළ නිජ භූමිය පිළිගැනීමත් නිසා ඉන්දීය පදයට නැටවෙන රූකඩ බවට පත් වී තිබේ. මාරුවෙන් මාරුවට බලය ලබා ගනිමින් දෙමළ අභිලාෂයන් සංතර්පණය කරදීම ලංකා දේශපාලනයේ පිළිවෙත වට පත්ව ඇත. 1951 වර්ෂයේ දී අපගේ රාජකීය කොඩියට පටි දෙකක් ගසා බෙදුම්වාදය ආරම්භ කළ බව කවුරුත් අමතක කර තිබේ. දිගින් දිගටම සිදු වූ මේ බෙදීම් හමුවේ සිංහල අධිකාරිය අහිමි කිරීමේ කුමන්ත්‍රණය යථාර්තයක් බවට පත් කරමින් ඇත. ඊට එක් හේතුවක් වන්නේ නව යටත් විජිත වාදය විසින් ලංකාව සිය අභිමතාර්ථ සාධනයයෙහි යොදා ගැනීමයි. ඉන්දීය සාගරයේ වැදගත් සථානයක් වන ලංකාව තුළ ඇමරිකන් ගැති පාලනයක් තිබීම ඔවුන්ට වාසි සහගතය.ඉන්දියාව සිය බල ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කරගැනීමට ලංකාවේ සවාධීනත්වයට ඉඩ තබන්නේ නැත. ඊට එක් හේතුවක් වන්නේ ලංකාවේ සියළුම රාජ්‍ය නායකයන් මතවාදීව ඔවුන් ඉදිරියේ දණ නැමීමයි.
        මහින්ද රාජපක්ෂ රජය ජන කැමැත්තෙන් පෙරළා රනිල් වික්‍රමසිංහ බලයට පත් වන්නේ මෛත්‍රී රූකඩය ඉදිරියේ තබමිනි. රනිල් වික්‍රමසිංහ කවදත් බෙදුම්වාදයට පක්ෂය. ඊට හේතුව ඔහුගේ සන්තානයේ ඇති බටහිර ගැති බවයි. තමන්ගේ සවාමීවරුන් වන ඉංග්‍රීසීන්  ඉදිරියේ ඉංග්‍රිසි කාරයෙකු ලෙසට පෙනී සිටිමින් ලංකාව ඔවුන්ගේ වෙළදපළක් බවට පත් කිරීම සඳහාද දෙවනුව තම බල පරාසය ආරක්ෂා කර ගැනීමට ඉන්දීය වුවමනාවන් සඳහා  පෙනී සිටීමද දැක්විය හැකිය.කොටි ත්‍රස්තවාදය ඉදිරියේ දණින් වැටුණු රනිල් වික්‍රමසිංහ නොර්වේ සාම නියෝජියන් ගේ ඉල්ලීම පිට අභ්‍යන්තර ස්වයං පාලනයක් සඳහා ප්‍රභකරන් සමග සාම ගිවිසුමක්ද අත්සන් කලේය. නමුත් වැඩි කලක් යන්නට මත්තෙන් රනිල් වික්‍රමසිංහ රජය බිඳවැටුණෙන් මහින්ද රාජපක්ෂ රජය විසින් කොටි ත්‍රස්තවාදය අවසන් වශයෙන්ම පරාජය කරනු ලැබිණි. මේ යුද්ධය ආරම්භ වූ කාලවකවානුවේදී රනිල් වික්‍රමසිංහයන්  එවකට සිටි ඇමරිකන තානාපති රොබට් ඕ  බ්ලෙක් සහ තවත් තානාපතිවරුන් හමුවේ රටට එරෙහි ප්‍රකාශ රාශියක්ම කර ඇත. මේවා රහස් වාර්තා ලෙසට කේබල් මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පිටත් කර ඇත. රනිල් වික්‍රමසිංහ යුද්ධය ගැන කියූ කේලමක් ඒ ආකාරයෙන්ම විකිලීස් වෙබ් අඩවියේ ඇතුලත් කර තිබේ. මෙම ප්‍රකාශනයෙන් කියවෙන්නේ යුද්ධමය විසඳුමක් ඉදිරිපත් වුවහොත්  40000 ක් පමණ අතිරේක වශයෙන් මිය යා හැකි බවයි. wickremesinghe predicted that the government would pursue a military solution in the north. He estimated that fighting could cause as many as 40,000 additional deaths and large numbers of new internally displaced persons.( 2008-01-14 ) මේ කේලම උපයෝගී කොට ගෙන ශ්‍රීලංකාවට එරෙහි යුධ අපරාධ ගොනු කර ඇති අතර රට බේරා ගත් රණ විරුවන් සිරගත කරමින් ඇත.ඉදිරියේදී විදෙස් විනිසුරුවන් ඉදිරියේ අපගේ රණවිරුවන්ගේ ඉරණම විසඳෙන්නේද රනිල් වික්‍රමසිංහයන්ගේ පාවා දීම හේතුවෙනි.
      මෙම වාර්තාවට අමතරව රනිල් වික්‍රමසිංහ වරින් වර විදේශ තානාපති නිළධාරීන් අභිමුවෙහිදී රටට එරෙහිව කළ ප්‍රකාශ රාශියක් මේ වෙබ් අඩවි වල සටහන්ව තිබේ. ඉන් එකක් නම් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීමට එක්සත් ජාතික පක්ෂය සහාය දෙන බවයි. මේ ප්‍රකාශන නිකුත් වන්නේ 2007 -2008 වසර ඇතුළතදීය. රටට සිංහල ජනතාවට එරෙහි ක්‍රමන්ත්‍රණය දියත් කිරීමට කෙතරම් කාලයක සිට ඔහුවලිකෑවේද යන්න මෙයින් තේරුම් ගත හැකිය.වර්තමානය වන විට ඔහු බලයට පත් වී තමන් විසින් ඇමරිකානු බලධාරීන් ඉදිරියේ පොරෙන්දු වූ සියළුම දේ ක්‍රියාත්මක කරලීම ආරම්භ කර ඇත. අතුරුදහන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීම සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම සහන සම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම සහ විදෙස් විනිසුරුවන් යටතේ අධිකරණයක් පිහිටුවීම යන කාරණා වලට 2015 වසරේදී රනිල් ආණ්ඩුව පොරොන්දුව ඇති බව සංහිඳියා කාර්යසාධක බලකාය විසින් නිකුත් කර ඇති පත්‍රිකා වල සඳහන් වෙයි.පාක්‍යසෝති සරවන මුත්තු ගේ ප්‍රධානත්වයෙන් ඇති විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් අච්චු ගස්සන සාම විමර්ශී නම් සඟරාවේ ද මේ බව පැහැදිලිව සටහන් වේ.මේ පොරොන්දු හොඳින් හෝ නරකින් ඉටු කිරීම රනිල් වික්‍රමසිංහයන්ගේ සාහසික බලාපොරොත්තුවයි.ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති පාද යාත්‍රාව නිසා රජය පෙරලේයැයි බියෙන් පසුවන නමුත් රට බෙදීමේ ක්‍රියාවලිය වන සංහිඳියා යාන්ත්‍රණය වේගවත්ව ඉදරියට යයි. සැමටම වඩා බියකරු ක්‍රියාන්විතය වන්නේ ආරක්ෂක අංශ අඩපණ කිරීමයි. ඒ සඳහා නව පණතක් ගෙන ඒමට රජය බලාපොරොත්තු වේ.ඉදිරියේදී ලංකා රාජ්‍ය හමුදාවේ කිසිම විරෝධයක් නොමැතිව රට ගිල ගැනීම ට අවශ්‍ය පසුබිම ඉන් තහවුරු වෙයි. මේ ද්‍රෝහී නායකයා නූතන දොන් ජුවන් ලෙසට නැවතත් ඉතිහාසයට එක්වනවා නොඅනුමානය.


Wednesday, July 13, 2016

සංහිඳියා හොරු ගොතන පට්ටපල් බොරු ජිනීවාවලට මරු

                         

               රටේ දේශපාලනය බොහෝ සෙයින් ව්‍යාකූලය. පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වැන්න. ජනතාවට හොරෙන් ජනතා ද්‍රෝහී බොහෝ දේ සම්මත කර ගැනීමට කැස කවමින් ඇත. නව ව්‍යවස්ථාව පිළිබඳව අවසාන විග්‍රහය අගමැතිවරයා සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය  සතුය. අනාගමික රාජ්‍යයක් කෙසේ වෙතත් කෑලි කීපයකට කඩා දමන රටක් සඳහා හොර ලියවිලි තැන තැන සාදමින් ඇත. ඒ අතර  යුද්ධයට සාභාගි වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට දඬුවම් දීම පිණිස ස්ථාපිත කරන දෙමුහුම් අධිකරණයට පිඹුරුපත් සැකසෙමින් පවතී. එලෙස නොකරන බවට රටේ නායකයා විසින් පැවසුවද එය කරන ආකාරය දැන ගැනීමට නම් උතුරු පලාතේ සිදු වන්නේ කුමක්දැයි සොයා බැලිය යුතුය.
          අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව සංහිඳියා ලේකම් කාර්යාලයක් පිහිටුවනු ලබන්නේ 2015 දෙසැම්බර් 18 දිනදීය.පාකියසෝති සරවනමුත්තු මහතා එහි ලේකම් වරයා වෙයි. මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මිය එහි සභාපතිනියයි. ගාමිණි වියන්ගොඩ විසාකා ධර්මදාස ශාන්තා අභිමානසිංහම් මහාචාර්ය චිත්‍රලේඛා මානගුරු කේ.ඩබ්.ජනරංජන දයා සෝමසුන්දරම් අචාර්ය ෆර්සානා හනීෆා මහාචාර්ය ශමිලා සරමරසිංහ සහ මීරාක් රහීම් එහි සෙසු සාමාජිකයන් වශයෙන් සිටිති. එහි කාර්ය භාරය වන්නේ සත්‍ය හා හුක්තිය ස්තාපනය කිරීම මානව හිමිකම් උල්ලංඝණය වගවීම් සහතික කිරීම යනාදියයි.එහි යට අරුත නම් දෙමල ජනතාව යුද්ධයේදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ සත්‍ය සෙවීමයි.විශේෂයෙන්ම යුද්ධය ආශ්‍රිතව මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ සත්‍යය සෙවීම විශේෂ වෙයි. මීට ප්‍රථම පරණගම කොමිසම මගින්ද එවැනි වාර්තාවක් සකස් කලද එය පිළිගන්නට දෙමල නාකයන් කැමති වූයේ නැත. මෙම ලේකම් කාර්යාලය මේ වන විට කොළඹ රැස්වීම් වාර කීපයක් පවත්වා ඇත. ඉන් පළමුවැන්න වන්නේ ආරක්ෂක ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අංශ දැනුවත් කිරීම උදෙසා පැවැත්වූ සම්මන්ත්‍රණයයි. හමුදා නිළධාරීන්ගෙන්ද සාක්ෂි විමසීමට නියමිත බව මෙහි සඳහන්ව තිබීම මීට හේතුවයි. මීට අමරතව ගිහි ආගමික නායකයන් දැනුවත් කිරිමටද 2016 ජූලි නව වනදා රැස්වීමක් පවත්වා තිබේ. ජමාත් ඉස්ලාම් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සභාව ජාතික ෂූරා සභාව සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමය සමස්ත ලංකා හින්දු සම්මේලනය  තරුණ බෞද්ධ සංගමය ජමාත්අත්සලාමාහ් සහ ක්‍රිස්තියානි ආයතනය පමණක් මෙයට සාභාගි කරවාගෙන ඇත.
        සංහිඳියා ලේකම් කාර්යාලය සිය ප්‍රවිචාරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම උදෙසා ප්‍රශ්ණ මාලාවක් ජනතාව වෙත ඉදිරිපත් කර තිබේ. එහි අන්තර්ජාල පෝර්මයක්ද තිබෙන අතර එහි 7ඒ වගන්තිය මගින් කියැවෙන්නේ සත්‍ය සෙවීමේ කෙමිසම සම්බන්ධ කටයුතු කුමන කාලසීමාවක් තුළ අවසාන කළ යුතුද යන්නයි. එසේම එහිම 7 බී වගන්තිය තුලින් අසන ප්‍රෂ්ණය නම් මෙම කමිටුවේ සේවය කළ යුත්තේ කවුරුන්ද යන්නයි.  7 සී මගින් අසන ප්‍රශ්ණය නම් ලැබෙන තොරතුර අනුව කුමක් සිදු කල යුතුද යන්නයි. 8 ඒ ප්‍රශ්ණය ඉතා වැදගත්ය. අධිකරණ යාන්ත්‍රණය ගැන එහිදී විමසයි. කුමන ආකාරයේ උල්ලංඝණය කිරීම් සම්බන්ධව කටයුතු කළ යුතු දැයි එහිදී විමසයි.එසේම එම අධිකරණයට සේවය කල යුත්තේ කවුරුද යන්න ඊළඟ ප්‍රශ්ණයයි. එසේම විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේද යන්න එහිදී විමසා තිබේ. 9 ඒ සිට 9 ඩී දක්වා අසන ප්‍රශ්ණ නම්  අතුරුදහන් වූවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවිය යුතුද මෙම ගැටළු සඳහා කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතුද එහි සේවය කළ යුත්තේ කවුරුන්ද ලැබෙන තොරතුරු අනුව කුමක් සිදු කළ යුතුද යන්නයි.11 වන වගන්තිය මගින් ප්‍රකාශ වන්නේ යුද්ධයේ මූලාරම්භයට මූලික වූ හේතු ආමන්ත්‍රණය කිරීමටත් ගැටුම් නැවත ඇති වීම වැලැක්වීමටත් රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග කෙලෙසක වියයුතුද යන්නයි.එසේම විවිධකාරයෙන් ප්‍රචන්ඩත්වය වැනි සිදුවීම්  රජය විසින් පිළිගැනීම සිහි කිරීම සහ සැමරීම සිදු කළ යුත්තේ කෙසේද මෙය සිදු කල යුත්තේ ජාතික වශයෙන්ද ජාත්‍යන්තර වශයෙන්ද යන්න විමසීමයි.
       මෙ ප්‍රවිචාරණ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇත. එම ප්‍රශ්ණ කිරීම ලංකාව පුරාම සිදු කරනබව ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ.මුළු දිවයිනටම අදාලව යම් යම් තැන්වල මෙම ප්‍රශ්ණ කිරීම් සිදු වුවද  දැනට යාපනය කිලිනොච්චි මන්නාරම ත්‍රිකුණාමලය වවුනියාව  මඩකලපුව වැනි උතුරු සහ නැගෙනහිර පළාත් වල තොරතුරු ගැනීමට වඩා උනන්දුවක් දක්වන බව පෙනේ. එයට හේතුව සංහිඳියා ලේකම් කාර්යාලය සිය ශ්‍රම බලය  උපරිම වශයෙන් යොදවන්නේ එම දිස්ත්‍රික්යන්ට පමණක් වීමයි.මෙහිදී ග්‍රාම නිළධාරි මට්ටමෙන් මෙම කරුණ සැලකා බැලේ.නමුත් මේ වන තෙක් අවතැන් වූ සිංහල ජනතාව ඔවුන්ගේ දේපළ හානිවීම් අතුරුදහන් වීම මෙන්ම පළවා හැරීම ගැන කිසිවෙක් ප්‍රශ්ණ කර නොමැත.එසේම ආරක්ෂක අංශ මූලිකව දැනුවත්කර ඇති නමුත් පහළ මට්ටමේ නිළධාරීන් මේ සබන්ධයෙන් යෙදවීම උත්තර ලබා ගැනීම හිතාමතාම පැහැර ඇති බව පෙනේ.
             ඉහත සඳහන් ප්‍රශ්ණ මාලාව අනුව උත්තර ලබා ගැනීමද මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලියේ අරමුණ වී ඇත. උදාහරණයක් වශයෙන් අධිකරණ යාන්ත්‍රණය ගැන අසන ප්‍රශ්ණයේදී මෙහි සේවය කල යුත්තේ කවුරුන්ද යනුවෙන් අසන විට එයට විශේෂ විනිසුරුවරුන් සභාගි කරගත යුතු යයි උත්තර ලබා දීමට ජනතාව පොළඹවනු ලබති. ඒ සඳහා මෙම ප්‍රශ්නාවලිය ජනතාව අතරට ගෙන යන නිළධාරීන්ට උපදෙස් සපයා ඇත.එසේම යුද්ධයේදී සිදුවූ අපරාධ සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි අසන විට. (සත්‍ය දැන ගැනීමද අපරාධ පිළිබඳ වගවීමද දඬුවම් දීමද හානිපූරණයද ) උත්තර ලබා දිය යුතු වන්නේ දඬුවම් දීම සහ හානි පූරණය යනුවෙනි. සංහිඳියා ලේකම් කාර්යාලයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ඇරුණු කොට මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලිය සඳහා දෙමළ ගෝලීය සංසදය විසින් මෙහෙයවන රාජ්‍ය නොවන සංවිධානද ඇමරිකානු ආධාර යටතේ ක්‍රියාත්මක ක්‍රිස්තියානි කණ්ඩායම්ද දෙමල ජාතික සංවිධානයද සාභාගි වී තිබේ. කතෝලික පූජක වරයෙකු වන එලීල් නැමැත්තා මෙහි ප්‍රධානයෙකි. ඔහු ඇතුලත් සංවිධානයට දිනකට ඩොලර් දෙසීයක මුදලක්ද දුරකතන සහ පරිඝණක ඇතුලත් පහසුකම් ලබා දී ඇත. ඔවුහු මෙම ප්‍රශ්ණ මාලාව රැගෛන ගමට යන අතර තමන්ට අවශ්‍ය උත්තර දෙමළ ජනතාවගෙන් ලබාගෙන සටහන් කර ගනී.මෙම ගැටළු සම්බන්ධයෙන් අභ්‍යන්තරයේ පැවති සම්මන්ත්‍රණ කීපයකදී ප්‍රශ්ණ කර ඇති නමුත් මනෝරි මුත්තෙට්ටුවගම මහත්මිය ඊට සාධාරණ පිළිතුරක් ලබා දී නොමැති බව සැලවෙයි. එක් අවස්ථාවක මානව හිමිකම් උල්ලංඝණය වීම පිළිබඳව දේශනයක් කරගෙන ගිය ඇය සූරියකන්දේ මිනීවලේ සිද්දිය නිදර්ශනයක් වශයෙන් පෙන්වා දී ඇත.  දෙමල ජනතාව සමූල ඝාතන ක්‍රියාවලියට මෙය නිදර්ශනයක් බව මෙම කතාව දෙමලබසට පරිවර්තනය කල පුද්ගලයා මෙහිදී පවසා තිබේ. තවත් වතාවකදී සිංහල අයගේ අතුරුදහන් වීම් ඝාතනය ගැන ප්‍රශ්ණ කිරීමේදී ඇය දුන් පිළිතුර වූයේ මානව හිමිකම් කඩකල හමුදාවට දඬුවම් දීම අනිවාර්ය බවත් එලෙසම දැනට ප්‍රභාකරන් ජීවතුන් අතර නොමැති බැවින් ජීවත්ව සිටින කරුණා සහ පිල්ලෙයන් වැනි පෙර කොටි සාමාජකයන්ට ඒ සඳහා දඬුවම් දියයුතු බවය.
          වර්තමාන රජයේ බෙදුම්වාදී නාටකයේ තවත් ජවනීකා කීපයක් පමණි මෙය. පාර්ලිමේන්තුවට පණත් කීපයක් එකවර ගෙනවුත් ජනතාව මංමුලා කිරීම මගින් මේ ප්‍රශ්ණය යටපත් කිරීමට රජයට උපදෙස් ලැබී ඇත. එසේම එක් පැත්තකින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන කතා කිරීමද අනෙක් පැත්තෙන් සත්‍ය සෙවීම සහ අධිකරණ යාන්ත්‍රණය ගැන කතා කිරීමටද තවත් පැත්තකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීම පිණිස සිරගත කිරීමද අඛණ්ඩව සිදු වේ.ජනධිපතිවරයා සිය පෞද්ගලික මතයන් විහාරස්ථාන වලදී එළිදක්වන අතර දිවයින පුවත්පත විවේචනය කොට කියා ඇත්තේ මෙවැනි අසත්‍ය දේ ප්‍රකාශ කරමින් ජනතාව මංමුලා නොකරන ලෙසටයි. ප්‍රශ්ණය ඇත්තේ මෙවැනි අවස්ථාවකදී දැනුවත්ව සිටින කිසිම බෞද්ධ ආගමික නායකයෙකු නොසීටීමයි. කෙසේ වෙතත් ඉදිරි ජනමත විචාරණයකට සූදනම් වීම රජයේ අදහසබව පෙනේ. විදෙස් ගත දෙමල ප්‍රජාවට චන්දය භාවිත කිරිමට සැලැස්වීම උතුරු නැගෙනහිර දෙමල ජනතාවගෙන් එකතු කරන සාක්ෂි ජිනීවා වෙත යැවීම මගින් මේ ජනමත විචරණයේ දී ජයග්‍රහණය කිරීම රජයේ බලාපොරොත්තුව වී තිබේ. ලබන සැත්තැම්බරයේදී සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කරන බව විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. ඒ වන විට ප්‍රවිචාරණ ක්‍රියාවලිය අවසන් ව වාර්තාව රජයට භාර දීමට  නියමිතය. ඒ අනුව වැඩි පිරිසක් විදෙස් විනිසුරුවන් ගෙන් සමන්විත අධිකරණයක් සහ සත්‍ය සෙවීමේ කොමිසමක් ඇති කිරීමට එකඟ බව ප්‍රකාශ කරනවා ඇත. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියේද සිදු වූයේ මෙයයි.මීට අමතරව යුද්ධයට අමතරව  රටතුල සිදුවූ ගැටුම් පිලිබඳව සහ මානව හිමිකම් උල්ලංඝණය වීම් ගැනද විමසීමට ජනතාවගෙන් උත්තර ලබා ගනිමින් තිබේ. ඉහත සඳහන් කල මුස්ලිම් සහ දෙමල ක්‍රිස්තියානි සංවිධාන වෙත භාර දී ඇත්තේ එයයි. ඒ අනුව රට පුරා ඉඳිකළ අනවසර යාඥා මඩු ඉවත් කරගැනීමට ජාතික බලවේග විසින් ගත් ක්‍රියාමාර්ග මෙන්ම අළුත්ගම දර්ගා නගරයේ සිදු වූ ගැටුමට අදාල සිංහල සංවිධානයන්ට විරුද්ධවද සාක්ෂි සටහන් කරනවා ඇත.මෙම සියළු කටයුතු අවසානයේ චූදිතයන්හට දඩුවම් දීම පිණිස පවතින රජය මෙහෙයවීමට මානව හිමිකම් ජාත්‍යන්තරය උත්සාහ දරනවා ඇත.මෙහිදී ඒකාබද්ධ විපක්ෂය ඇතුළු රජයට එරෙහි බලවේග කුමක් කරන්නේද යන්න ජනතාවට ප්‍රශ්ණයකි. ඔවුහු උතුර සහ නැගෙනහිර සිදුවන දේ ගැන උනන්දුවක් නොදක්වති. දෙමල සහ මුස්ලිම් ජනතාවගේ චන්දය ඉදිරියේදී අත්‍යවශ්‍ය බැවින් මේ ක්‍රියාවලිය ගැන දැනුම්වත්ව සිටියද මත ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිති. එම නිසා මේ බෙදුම්වාදී ක්‍රියාවලිය ආපසු හැරවීම පිණිස සියළු වගකීම් අසරණ සිංහල ජනතාව වෙතට පැවරී තිබේ. ඉතිහාසයේ සිංහලයන් සිය ස්වාධීනත්වය අහිමි කරගත්තේ රැවටීමෙන් පමණකි. රැවටීමෙන් පසු නැගී සිටීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් රටත් ජාතියත් සම්බුද්ධ ශසනයත් ආරක්ෂා කරගත් බව අප නැවත නැවත සිහිපත් කර ගත යුතු වෙයි.



Saturday, July 2, 2016

දේශපාලන පඹයා සහ පඹයාගේ දේශපාලනය

                                        
                 සකලයන් නැතිනම් කුරුල්ලන්ගෙන් කෙත්වතු ආරක්ෂා කරගන්නට පැරණි ගොවියන් තමන්ගේ කුඹුරේ පඹයෙක් සිටවූ බව අසා ඇත්තෙමු. කෙතේ ගොඩගසා ඇති පිදුරු වලින් පුරවන ලද මේ පඹයාට මුළුතැන් ගෙයින් ඉවත් කළ හැලියක් ඔළුවක් වෙයි. ඒ නිසා මේ පඹයාට හැලිකටා නමින් ද ව්‍යවහාරයක් වෙයි. පඹයා ගේ කාර්යය කෙත රැකීමයි. ගොවියා සැම විටම කෙතේ නොසිටින බැවින් මේ අජීවී පඹයා ට නියම කරන ලද රාජකාරිය අකුරටම සිදු විය යුතුය. පැරණි ගොවියන් පඹයා සිටුවන්නේ නැකතකිනි. එම සුභ මුහුර්තය නිසා පඹයාට ගොවියාගේ ප්‍රාණය පිහිටුවයි. පඹයා අතපය වනමින් හෝ අත්පුඩි සලමින් කෑගසමින් සිය රාජකාරිය නොකරන්නෙකි. නිසොල්මනේ කෙත මැද සිටින විට සකලයන් පඹයාට බිය වී වෙනත් අතකට පියාසර කරති. ගොවිපළක පඹයා හිටුවා තබන්නේ කාරණා දෙකක් ඉටු කර ගැනීමටයි. ඉන් එකක් නම් පක්ෂින් ඇතුළු සකලයින් බියට පත් කිරීමයි.අනෙක නම් පඹයා තුළින් ගොවිපළ ආරෝපණය කිරීමයි. ගොවිපලේ මිනිසුන් සිටින අවස්ථාවලදී සාමාන්‍යයෙන් ගිරවුන් සහ රංචු ගැසී එන කුරුල්ලන් ලන් නොවෙති. ගොවියාගේ ජීවමාන ප්‍රතිරූපය පිහිටුවා ලීම මෙහි අර්ථය වශයෙන් දැක්විය හැකිය. එහිදී මිනිසා ගේ කුයිල නැතිනම් ගන්ධය ගොවිපලේ ඇති කළ  යුතුය.  හැලි කටා යනු මිනිසා ගේ ස්වරූපය ගත් රූකඩයකි.
            සඳුදා දිනයක උතුරුසල නැකතින් සඳු සිටින ලග්නයෙන් හෝ කුජ සිටින ලග්නයෙන් ද සඳනැති අමාවක දිනයක හෝ කුජ දිනක පුෂ නැකත යෙදෙන සෙනසුරාදාවක ශනි සිටින ලග්නයෙන් ද පඹයා බැඳීම කරති. අවසානයේ දී පඹයා දිරාපත් වන තුරුම තිබෙන්නට හැරීම කරති. මෙහිදී උතුරුසල නැකත අයත් වන්නේ වායෝ භූතයට බව කිව යුතුය.සෙනසුරාදා දිනය ද වායෝ භූතයට අයත්ය.මෙහිදී පඹයා පිහිටවනු ලබන පුද්ගලයා අනුව මෙම භූත ලක්ෂණ ක්‍රියාත්මක වීමට පටන් ගනී. ලග්නයේ අඟහරු සිටින විට ඇතිවන තේජස් භාවය ද සඳු ඇති විටදී සිදු වන කාන්තියද එකලෙස මෙහිදී බල පැවැත්වේ. ශනි ලග්න භාවයේ සිටීම මගින් ද සතුරන් මැඩීමට ශක්තියක් ඇති වේ. මේ නිසා පඹයා නිකම්ම නිකම් රූකඩයක් නොව මිනිස් ගති ගුණ පිහිටුවා ලූ ප්‍රාණ කරන ලද වස්තුවක් විලස හැඳින්විය හැකිය. ඒ මගින් සකලයින් බය ගැන්වීම හෙවත් සිංහ වික්‍රමය පෙන්වීම  කරති.
             පඹයා ගේ මේ දේශපාලනය ගැන අද බොහෝ දෙනෙක් නොදනිති. ඒ නිසාම ඇතැම් මිනිසුන්හට පඹයෙක් යයි කියමින් ගර්හාවටද ලක් කරති.
            ලංකාවේ ජනාධිපති තනතුර රජෙක් හා සමාන කරන්නට ජෙ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපති තුමා කටයුතු කළහ. ලංකාවේ අනාගත පෞරුෂය කෙබඳු විය යුතු දැයි  ඔහු ගේ දේශපාලන ශෛලියෙන් ප්‍රකට වේ. අත්තනගල්ලේ චන්ද දායකයන්ගෙන් තොරා පත් කරගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලංකාවේ විධායක අගමැති වශයෙන් සිටීම නුසුදුසු  වනබව ජේ.ආර්.ගේ මතය විය. ඒ නිසා සියළුම රටවාසීන් ගේ චන්දයෙන් පත්වන්නා රටට රජෙක් හා සමානව කටයුතු කරනු ඇතැයි  බලාපොරොත්තු වක් ඔහු තුළ විය. සැබවින්ම ජේ.ආර්. ගේ පාලන සමයේදී එය එසේ විය.නමුත් දඩබ්බර ඉන්දියානු දේශපාලකයන්ගේ ගැටයකට අසුවූ  ඔහු ලංකාව සාදාකාලික දේශපාලන වහල්භාවයකට ඇද හෙළීය.වර්තමානය තුළ මේ ජනාධිපති තනතුර සතුව පවතින බලතල කප්පාදු කරන්නට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු යයි හඬක් නැගී ඇත. රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ දේශපාලන සිවිල් සංවිධාන මේ හඬ නැගීමට උත්සුක් වෙමින් ඇත. ඒ තත්ත්වය තුළ වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයාට යටත් වෙමින් ඔහු අනුව ක්‍රියාකරනු දක්නට ලැබේ. දෙමුහුන් අධිකරණයක් මෙරට තුළ ස්ථාපිත නොකරනු ඇතැයි ඔහු පවසන විට රජයේ විදේශ ඇමතිවරයා එය ප්‍රතික්ෂේප කරයි. බැංකු අධිපතිවරයා ගේ දූෂණ මත ඔහු ඉවත් කරලීමට ජනධිපතිවරයා ඉදිරිපත් වන විට අගමැතිවරයා මැදිහත්ව එය වළක්වයි.කෙත රැකීමට පඹයා කරන දේශපාලනය හෝ අවම තරමින් ඉටු කරලීමට නොහැකි වන තරමට අද රටේ ප්‍රධාන පුරවැසියා පත්ව තිබේ. එදා ජේ.ආර්. ජයවර්ධන මහතා බලාපොරොත්තු වූ ඒකීය රට රැක ගන්නට මේ තනතුරට තව දුරටත් නොහැකි බව ඔප්පු කර තිබේ. එසේ නම් ලංකාවේ අනාගතය කුමක්දැයි අප තේරුම් ගන්නේ කෙසේද.
      ඉතා පැරණි සංස්කෘතියක් සහිත කොරියාව  සහ එහි දේශපාලනය ගැන ලක් වැසියන් බහුතරය තුළ වටහීමක් ලැබ ගන්නට රූපවාහිනය මගින් විකාශනය  වන ටෙලි නාටක මාලාව ඉවහල්ව ඇත. කොරියාවේ දේශපාලනය සමග බුදුසමය බද්ධවී තිබූ ආකාරය මෙන්ම පසුකාලීනව එහි ඇති වූ වෙනස්කම් කෙනෙකුට අධ්‍යනය කළ හැකිය. 1910 වසරේ දී කොරියාව ජපනුන්ට යටත් වීමෙන් පසු 1911 දී සිදු කළ ආගමික ප්‍රතිසංස්කරණ නීති මගින් ජපන් ඌරුවට බුදුදහම හැඩ ගැසුණු හැටි අපට පෙන්වා දී ඇත. 1961-1979 අතර කාලවකවානුවේදී පාක් ජුන් හී පාලකයා විසින් හඳුන්වා දෙන ලද ආගමික ප්‍රතිසංස්කරණ කොරියාවේ බුදුදහම පමණක් නොව දේශපාලනයද වෙනස් කර ඇත. 1980 වන විට චුන් ඩූහ්වාන් නම් ජනාධිපතිවරයා පත් විය. ඔහු ප්‍රොතෙස්තන්ත මෙතොදිස්ත යෙකු විය. ඔහු කොරියාවේ ආගමික සම්භවය සහමුලින්ම වෙනස්කලේය. විහාරස්ථාන සහමුලින්ම සංචාරක නිකේතන බවට පත් කිරීමට නීති සම්පාදනය විය. භික්ෂූන් පුන්රුත්ථාපන කඳවුරු වලට ගාල් කිරීම ඇරඹුණි. එම තත්ත්වය තුළ සියවස් ගණනක් තුළ කොරියානු ඉතිහාසයේ දක්නට තිබූ බෞද්ධ හැඩ ගැස්ම  මෙන්ම රාජ්‍ය මැදිහත් වීම ක්‍රමයෙන් අතුරුදහන් විය. අද වන විට එහි බෞද්ධ ජනගහනය සියයට විසිහතරක් දක්වා පහත් බැස ඇත. ක්‍රිස්තියානකරණය බරපතල අන්දමින් ක්‍රියාවට නැගෙමින් පවතී. ආගමක් නැති නූතනවාදීන් විසින් මෙහෙයවන බහුභාණ්ඩික සමාජයක් බවට කොරියාව පත් කර තිබේ.
       ලංකාවේ රාජ්‍ය පාලකයා ක්‍රිස්තියානි කිරීමට සහ ඔහු යුරෝපයේ යටත් පාලකයෙක් බවට පත් කර ගැනීමේ මෙහෙයුම ආරම්භ වන්නේ දාසය වන ශත වර්ෂයේ සිටයි. ධර්මපාල කුමරුගේ අනුරුවක් පෘතුගාලයට ගෙන ගොස් අභිෂේක කරනුයේ ඒ සඳහාය. එසේම වරින් වර යාපනයේ කුමාරවරුන්ද එලෙස බෞතීස්ම කොට පෘතුගාලයට යටත් පාලකයන් ලෙසට තබා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක ව තිබේ.එහෙත් වසර පන්සීයක කාලයේ දී එතෙක් මෙතෙක් මේ රට සහමුලින්ම අබෞද්ධ රටක් බවට පතකර ගැනීමට යටත් විජිතවාදීන්ට හැකියාව ලැබී නොමැත. වර්තමානය දෙස බලන කල්හිඉතිහාසයේ එවැනි අඳුරු කාලවකවානුවක් නැවත උදාව තිබෙන බව සක්සුදක් සේ පෙනේ. පඹයෙක් නොව රූකඩයක් බවට පත්ව තිබෙන ජනාධිපති තනතුර අව භාවිතා කරමින් රටේ ව්‍යවස්ථාව වෙනස් කොට එහි බුද්ධශාසනයට තිබෙන තැන අවලංගු කොට ඇමරිකාවට හෝ ඉන්දියාවට යටත්වූ ඔවුන් ගේ අණසක මගින් පාලනය කරන්නා වූ රටක් වශයෙන් පත් කිරීමට පියවර ගනිමින් ඇත. කොරියාවට අත්වූ ඉරණමට ක්‍රමයෙන්  ලංකාව පත් වන්නේ දැයි සිතා බැලිය යුතුය.බෞද්ධයන් මර්දනය කොට සංහිඳියාව නාමයෙන් යෙහෝවා යාඥාකරුවන්ට සහ මුස්ලිම් අන්තවාදීන්ට රට අත්පත් වීමට ඉඩ තැබීම රූකඩ දේශපාලනයේ නවතම ප්‍රයෝගය බවට පත් වී තිබේ. මෙම තත්ත්වය තේරුම් නොගෙන ඇති බව පැහැදිලි වන්නේ රට භයානක නිශ්ශබ්දතාවයකට පත්ව තිබීමෙනි.