ඉංග්රීසීන්
උඩරට ආක්රමණය කරන ලද්දේ 1803 දීය.එයට සාර්ථකව මුහුණු දීමට සමත් වූ කන්නසාමි හෙවත්
ශ්රී වික්රමසිංහ රජු මේ වන විට රජවාසල ආධිපත්ය ඉසිදූ රදළයන්ගේ බලය අඩු කරනු වස්
නොයෙකුත් උපාය යොදමින් සිටියේය.ඒ අතර නොයෙකුත් ඔත්තු කරුවන් මහනුවර සැරිසරමින්
සිටියහ.ඇහැලේපොල නිලමේ සපරගමුවේ කරන පාලනය
පිළිබඳව ද අසුභ පණිවුඩ ලැබෙමින් තිබිණ.ඇහැලේපොලට විරුද්ධව රජුට කේළාම් කියූ
නිලමේ වරුන් රජු ඔහු කෙරෙහි බිඳ වූහ.ඒ අතර නුවර වැව විශාලකොට බැඳවීම රජුගේ අදහසක්
විය.මේ සඳහා සත් කෝරලේ වැසියන් කැඳවීමට තීරණය කර තිබුණි. නමුත් මාස් කන්නය ආරම්භ
කර තිබූ අවස්ථාවක වප් මගුල කඩාකප්පල් කරගෙන සෙංකඩගලට පැමිණීම දුෂ්කර කටයුත්තක්
විය.එහෙත් රජුගේ ආඥාව පිට දිසාවේවරු සත් කෝරළ වැසියන් කැඳ වූහ. මේ අතර අවාසනාවන්ත
සිදු වීමක් ඇති විය. වැසියෙකු කිතුල් ගසකින් වැටී මරණයට පත් විය. මෙයින් කුපිත වූ
වැසියන් රාජකාරිය වර්ජනය කළහ. එයින් සිදු වූයේ එයට සාභාගි වූ වැසියන්ද දිසාවේ
වරුන් ද මරණයට පත් කිරීමයි.ඒ සමගම රජු තවත් තීරණයක් ගනු ලැබීය. එනම් නුවර වැව
හෙවත් කිරි මුහුද විශාල කිරීමට මල් වත්තේ පුෂ්පාරාමය ඉවත් කර ලීමයි.වැසියන් මරණයට
පත් කිරීම ඇති වූ කලබැගෑනිය පීළිබඳ මහානායක හිමියන් ඇතුලු මහා සංඝරත්නය නිශ්ශබ්දව
සිටියත් මල්වත්තේ පූජනීය බෝධින් වහන්සේ ඉපැරණි ළිඳ ආදිය ඉවත් කිරීමට තීරණය තිරීම
ඉවසුම් නොදෙන්නක් විය. ඒ නිසා සමස්ත මහා සංඝරත්නයම එයට විරුද්ධ විය. මෙයට
මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ වර්ෂ 1811 දක්වා මල්වත්තේ මහානායකව වැඩ සිටි මොරතොට
ධම්මක්ඛන්ධ මහා නායක හිමියන්ගේ සහෝදරයාගේ පුත්රයා වූ පරණාතල රතනපාල නමින් ශාසනයට
එළඹ ඒ වන විට අනුනායක පදවියට පත් ව සිටි පරණාතල හිමියන්ය.විරෝධතාව ජය ගත් නමුත්
වඩුග රාජු පරණාතල හිමියන් සමග බද්ධ වෛරයකට මුල පිරීය.
කාලය,ගතවුණි.රජු
අනුනායක හිමියන්,කොටු කරලීම,උදෙසා උපායක් යෙදීය.ඒ සඳහා උන්වහන්සේ ගේ,ආවාසය තිබෙන මැද පන්සලට කාන්තාවක් පිටත් කර යැවීය. ඒ අතර රජුට හිතවත්
බමුණෙකු ද පරණාතල හිමි හමුවට පිටත් කර
යැවීය. බමුණා ආවාසය වෙත ගොස් අනුනායක
හිමියන්ගෙන් පැන් බඳුනක් ඉල්වා සිටියේය.පරණාතල හිමියන් පැන් ගෙන ඒමට ළිද වෙත ට ගිය
අතර ඒ අතර කලින් ආවාසය වෙත පිටත් කර හැරි කාන්තාව ආවාසයෙන් එළියට පැමිණියේය. බමුණා
මෙය දුටුවේය.ඔහු ආපිට රජ වාසලට පැමිණ රජුට මේ පුවත සැළ කරන ලද්දේය.පසුදා උදෙන්ම රජ
වාසල කටුපුරුල්ලේ වරුන් මල්වත්තේ අනුනායක හිමියන් වැඩ විසූ දෙගල්දොරු පන්සලට
පැමිණියේය. රජු අණින් පරණාතල හිමියන්ට විරුද්ධව මහනඩුව කැඳවන බව සැළ කර සිටියේය.මේ බැව් ආරංචි වූ මල්වත්තේ
භික්ෂූන් වහන්සේලා උන් වහන්සේව වට කර ගත්තේය.තම පැවිදි සහෝදරයා වූ දුනුමාලේ ශීලවංශ
හිමියන් ඇමතූ නායක හිමියන් මේ තමන්ගේ අවසාන ගමන විය හැකි බවද පවසා කටුපුරුල්ලේ
වරුන් සමග රජ වාසලට පිටත් විය.
රජු සිහසුන
අරා සිටියහ.මල්වත්තේ මහා නායකව සිටි කොබ්බෑකඩුවේ සිරිනිවාස හිමියන් ඇතුලු මහා
සංඝරත්නය ඉදිරි පසින් වැඩ සිටියහ.රජු ප්රථමයෙන් නඩුවේ අරමුණ රාජ සභාවට දක්වා සිට පරණාතල හිමියන්ට
විරුද්ධව සාක්ෂි දීමට බමුණා කැඳවන ලද්දේය. බමුණා ඇසින් දුටු දේ රජු ඉදිරියේ ප්රකාශ
කර සිටියේය.මෙම සාක්ෂිය හිස මුදුනින් පිළිගත් රජු පරණාතල හිමියන් විනය කඩකොට
තිබෙන්නේ යැයි ප්රකාශ කරන ලද්දේය.
මල්වත්තේ මහා නායක හිමියන් තම අනුනායක හිමියන්
කෙරෙහි ඉහළම ගෞරවයක් තබා තිබුණි. එහෙත් රජතුමාම බමුණාගේ සාක්ෂිය පිළිගෙන සිටින
බැවින් උන්වහන්සේට කුමක් කිව හැකිද? හිමිනම කෙරෙහි තිබූ විශ්වාසය තරමක් දෙදරුම් කෑවේය. එහෙත් රජතුමා තම බලය
ඉක්මවා කටයුතු කරන බවට කිසිදු සැකයක් නොවීය. රජතුමා නඩු තීන්දුව ප්රකාශ කරන
ලද්දේය.එනම් කුමාර හපුවේ දී පරණාතල හිමියන්ගේ හිස ගසා දැමිය යුතු බවට අණ කරන
ලද්දේය.
නඩුව,අවසාන කල පසු මල්වත්තේ මහානායක හිමියන් මෙසේ පැවසූහ,"මහරජාණෙනි, මහ වාසල චෝදනාවට ලක් වූ අනුනායක හිමියන්ගේ කුටියෙන්
කාන්තාවක් පිටතට යනු දුටුවේ නම්, උන්,වහන්සේට එරෙහිව ඇති සාක්ෂි ඇත්තෙන්ම ශක්තිමත් ය. එසේ
වුවද එම කාන්තාව එහි සිටියේ මන්දැයි දැන ගැනීම අවශ්ය වේ - සමහර විට යම් පැහැදිලි
කර ගැනීමකට පිවිසායා විය හැකිය. මාගම්
සෝලියක් වී,නම්, මෙම වරද පිළිබඳ චෝදනාව බුද්ධ නීතිය අනුව විනයට අනුව, භික්ෂු සංඝයා විසින් රැස්වීමකදී විභාග කළ යුතුය. එය චෝදනාවට ලක් වූ
පුද්ගලයාට නිසි ලෙස සැලකීමට පමණක් නොව, සංඝයාගේම යහපත
සඳහාද වේ. බ්රහ්මචර්යාවේ ප්රතිඥාව කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ භික්ෂූන්
පිළිබඳ සිද්ධීන් නොදන්නා ඒවා නොවේ. විනයෙහි එවැනි වරදවල් සඳහා දඬුවම් නියම කර ඇත.
වරදකරු වූ අය සංඝයාගෙන් නෙරපා හරිනු ලබන අතර, තමන්ව පෝෂණය
කර චීවර පිණ්ඩපාත දුන් මහජනතාව රැවටීම,පිළිබඳව වන්දි ගෙවීමක් ලෙස යම් ආකාරයක අපකීර්තියක් ඔහුට පැමිණේ. නමුත්
ශික්ෂා පදයක් කඩ කිරීම නිසා භික්ෂුවකට ජීවිතය අහිමි වූ බවක් කිසිදා සිදුවී නැත.
එවැනි දඬුවමක් බුදුදහමේ මූලධර්මවලට සම්පූර්ණයෙන්ම පටහැනිය. ලංකාවේ කිසිම භික්ෂුවක්
තමන්ගේම කැමැත්තෙන් අනුගමනය කිරීමට බැඳී සිටි පාරිශුද්ධ මාර්ගයේ නොරැඳී සිටීම නිසා
හිස ගසා දමා නැත."
මහානායක
හිමියන්ගේ වදන් එසේ වුවත් රජු තීරණය වෙනස් නොකලේය. පරණාතල හිමියන් ගේ චීවරය
ගැලවීමට භික්ෂූන්ට අණ කොට වධකයන් වෙත භාර දෙන ලෙසට පවසා සිටියේය. සභාව නිහඬ විය.
මහා නායක හිමියන් කුමක් කියාවිදැයි බලා සිටීමට රාජ සභිකයෝ විමසිලිමත් විය.
කෝපාවිෂ්ට රජතුමාද එසේම බලා සිටියේය. මහානායක හිමියන් එයට එකඟ නොවීය. ඉන්පසු මහානායක හිමි තවත් වචනයක්වත් කතා කළේ නැත.
උන්වහන්සේගේ හිස ඉදිරියට නැමී ගියේය; කඳුළක්
උන්වහන්සේගේ උකුල මතට වැටුණි.එය දුටුවේ වැඩසිටි මහා සංඝරත්නය පමණකි.ඒ අතර පරණාතල අනු නා හිමියන් නොසැලී සිටියේය.
උන්වහන්සේ සිය කටහඬ මෙසේ අවදි කලේය.
'නැත මහරජාණෙනි ඔබට ගිහියන් පිළිබඳව
නඩු අසන්නට හැකිය.මම භික්ෂුත්වයට පත් බුද්ධ පුත්ර යෙකි.මගේ නඩුව මා නාථ දෙවියන් ඉදිරියේ
කිව යුතුය.මතු බුදු වන නාථ දෙවියන් ඉදිරියේ කිව යුතුය.' කන්නසාමි මෙහොතක් කල්පනා කලේය.පසුගිය වර්ෂ කීපය
තුළ තමා අතින් ආගමික මෙහෙයක් සිදු නොවුණු බව ඔහුට කල්පනා විය.ඔහු ඉදිරියේ සිටි
විරුද්ධ සිංහල බලවේග වල නායකත්වය ගන්නා ලද්දේ පිළිමතලව්වේ සහ පරණාතල නා හිමියන්ය.කෙසේ
වෙතත් පරණාතල හිමියන් මරණයට පත් විය යුතු
බවට රජු දැඩි ලෙසට තීරණය කර තිබුණි.වධක ස්ථානයට ගෙන යන අතර මග නාථ දේවාලයට
උන්වහන්සේව රැගෙන යන ලෙසට ද අණ කලේය.
නාථ දේවාලය
ඉදිරිපිටට සැපත් වූ පරණාතල හිමියන් හඬනගා මෙසේ කීය.'දෙයියෝ සාක්කි !දෙයියෝ සාක්කි! නාථ දෙවියනි.දශරාජ ධර්මයෙන් යුතුව සතර අගතියෙන් තොරව සතර සංග්රහයන්
දත් නරපතියෙකු සෑම පැයකදීම සිහිපත් කළ යුතුතේ සත්යයයි.චිරාත් කාලයක් තිස්සේ පැරණි
රජවරුන් ඒ සත්යය අනුගමනය කෙළෙහිය.ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වන වීරෝදාර රණ විරුවන් මේ
ජාතිපුත්රයන් ඝාතනය කරද්දී මේ සම්ප්රදාය වැනසුණු බව නුදුටුවෙහි ද.බීමතින් වැටුණු
රජෙකුගේ වියරුව ඔබ නුදුටුවෙහි ද එවන් යුගයක බුද්ධ ශාසනය පන්දහසක් කළ් පවතින්නේ
යැයි ඔබ සිතන්නෙහි ද වැඩි කලක් ගත නොවේ මේ පීඩනයෙන් මිරිකී සිටින ජනතාව කැරලි ගසනු
ඇත.දෙවියනි ඔබ වහන්සේගේ ආශිර්වාදය මගේ මව්බිමට නොලැබෙන්නේ ඇයි.සාමණේර අවදියේ සිට
මම ධර්මයේ පිළිපැද සිටියෙමි.එය එක් දිනකට නොව මාගේ භික්ෂු ජීවිතයෙහිම එය පිළිපැද්දෙමි.නමුත්
දැන් මේ රජු මාගේ ජීවිතය නැසීමට අණ දී ඇත්තේය.විනය ධර්මය කඩකර අතැයි රජු කල්පනා
කරයි.නමුත් දෙවියනි මාගේ නිදොස් බව දන්නේ ඔබයි.නාථ දිව්යාරාජයාණෙනි. මාගේ
ජීවිතයෙහි සෑම කල්හිම ඔබ වෙත මල් පුදා පින් අනුමෝදන් කලෙමි.'
පරණාතල හිමියන්ගේ උස් හඬින් කරන දේශනාව මාළිගාවේ රජු අසා සිටියේය. වහාම වධක
ස්ථානයට උන්වහන්සේ රැගෙන යන ලෙසට නැවතත් අණ කරන ලද්දේය.පරණාතල හිමියන් සිය සිවුර
ගලවා නාථ දේවාලය එළි පත්තේ අතුරා එය දෙවියන්ට පූජා කළේය. උන්වහන්සේගේ මුවගට සිහින්
සිනාවක් නැගී තිබිණ.වධකයන් උන්වහන්සේ අසලට විත් දනින් වැටුණි.වද මල් පැළඳගෙන රතු
වස්ත්රයෙන් සැරසී සිටි වධකයන්ගේ ඇස් කඳුළෙන් තෙත් වන්නට ඇත.එහෙත් නා හිමියෝ ඉස්සර
වුණි.සිය බුලත් මල්ලෙන් විටක් ගෙන වධකයන් වෙතද පිළිගන්වා තමනුත් විටක් හපා රජ වාසල
දෙසට හැරී බුලත් කෙළ පහරක් ගැසීය. අනතුරුවකිල්ලෝටය ගෙන එය කරකවමින් මෙසේ කීය.
සමත මතඟා කුල
මාතඟා
තුරිත තුරඟා සිත,දජ තුඟා
දුරිත දුරඟා කුල,සිරි රඟා
මහිම හිමඟා මහ වාලුක ගඟා
මේ උන්වහන්සේගේ අවසන් වදන් කීපයයි. . උන් වහන්සේ ප්රකාශ
කළ පරිදි තවත් පුර පසලොස්වක සඳක් සෙංකඩගල මහනුවරට සිට නරඹන්නට මද කිපුණි ඇතෙකු බඳු
කන්නසාමිට නොලැබුණි.ඇහැලේ පොල කුමාරිහාමි ඇතුලු දරුවන්ට රජු විසින් කළ සාහසික
අපරාධය ඉවසුම් නොදුන් විට ඇහැලේපොල නිලමේ කොළඹ බ්රිතාන්ය ආණ්ඩුකාරවරයා හා එක්ව ඉංග්රීසි කිරීටයයට රට
පාවා දීමට කටයුතු කරන ලද්දේය.ලක් සිහසුන හිස් විය.රටේ පාලනය නොරටුන් අතට ගියේය
.ස්වාධීනත්වය,නැති,විය.මේ අප අදටත් විඳවන්නේ ඒ ශාපයෙන් ජනිත වූ අදමිටු
පාලනයේ විපාකයයි..
මහා,සංඝරත්නයේ විනය පිළිබඳ එදා රජුන්,ඉදිරියේ මහා
නායක හිමියන් කල ප්රකාශය අදටත්,වලංගුය.වඩුගයාට නීතියක්,නැත,යුක්තියක් නොවීය.මහා,සංඝ,රත්නයට,ගෞරවයක් නොවීය.වර්තමානයේ ද සමස්ත,භික්ෂූන්,වහන්සේලාටම අවමන්,කරන අභූත,චෝදනා,නගන පාලනයක් තිබෙන බව ප්රත්යක්ෂ වෙමින් විපාක දෙමින් පවතී. මතුබුදුවන නාථ දෙවියන් විසින් ශාසනය රකින පාලකයෙකු පත් වන
තුරුම ඒ ශාපය විපාකය ක්රියාත්මක වනු ඇති බව පැහැදිලිය.
මතුගම සෙනෙවිරුවන්


