පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, April 28, 2013

උතුරු පළාත අන් සන්තක කිරීමට රජය සූදානම් ද

                                     

      විදුලි බිල නැන්වීම රජයේ පොදු වුවමනාවක් බවට පත් කරන ලද්දේ කවුරුන් විසින් දැයි යන්න දැන් පැහැදිලි වී තිබේ. පවිත්‍රා වන්නි ආරච්චි මැතිනියගේ කතාවට අලගු තියන්නට ගිය කෙහෙළිය රඹුක් වැල්ල මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශය මගින් එය තවත් තහවුරුව ඇත. මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා මෙහි පිටුපස සෘජුව සිටින බව පැහැදිලිය. මේ අවස්ථාවේ මේ විදුලි කලබගෑනිය ඇති කිරීමේ චේතනාව බෙහෙවින් බරපතලය. ජනතාව තුල රජය කෙරෙහි තිබෙන අප්‍රසාදය වඩාත් තිව්ර කිරීම ඔහුගේ අරමුණයි. ඒ අතර උතුරේ පළාත් සභා චන්දය පැවැත්වීමටද සූදනම් වන අතර ජාතික බලවේග පාර්ශවයෙන් රජය ට තිබෙන විරෝධතා වෙනත් පැත්තකට හැරවීමද මෙයින් බලාපොරොත්තු වනවා විය හැකිය. මෙම උපක්‍රමයන් පිටුපස රජයේ ප්‍රබල ඇමතිවරයෙකු සිටින බවද තහවුරුව තිබේ. ඔහුගේ සැලසුම් අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද නොසිතූ ලෙසට අප්‍රසාදයට පත් ව ඇත.
     කොටි ත්‍රස්තවාදය වසර තිහක් පුරාවට ඇදී ගියේ තනිකරම දේශපාලකයින් ගේ වරදක් නිසාම නොවේ. ඊට නිළධාරින්ද වගකිව යුතු විය. ඔවුහු රට ආර්ථික අස්ථාවර භාවයට පත් කිරීමට නිතරම විදේශික බලවේග සමග් එක්වූ  බව පැහැදිලිය.කුමන රජයක් බලයට පත් වුවද මේ නිළධාරි පන්තිය තමන්ගේ ස්ථාවරයේ සිටිමින් පවත්නා රජය අපහසුතාවට පත් කරන්ට කටයුතු කළහ.යුද්ධය ජය ගැනීමේ අවස්ථාවේ දී සෘජු තීරණ නොගත්තා නම් මේ නිළධාරි වුවමනාව මත සටන පරාජයට පත් වන්නට ඉඩ කඩ තිබුණී.  මෙවර රුපියල බාල්දු කිරීමෙන් ඇතිව තිබෙන ආර්ථික කඩාවැටීම නිසා රජය ගැලවිය නොහැකි ණය බරක පටලවා ඇත.මේ නිසා ඉන්දියාවටද ඇමරිකාවටද අවශ්‍ය පරිදි උතුරු පළාත මෙහෙයවීමට දැන් රජය සූදානම්ය. එය එසේ කළහොත් ඇති වන තත්වය බෙහෙවින්ම භයානකය.
             උතුරු පලාත ඓතිහාසික බෙදීමක් නොවේ. එය ව්‍යාජ බෙදීමකින් වෙන් කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. ලන්දේසින් බලය හැර යන විට දී ඒ ප්‍රදේශයේ පදිංචි කරවන ලද බහුතර දෙමල ජනගහනයට අවශ්‍ය නීති රීති පවා සකස් කර තිබුණි. වගාවට සහ නොයෙකුත් සේවාවන් සඳහා ඉන්දියාවෙන් ආනයනය කර ලද දෙමල වහලුන් ගේ සංඛ්‍යාව ඉතා විශාල විය. මොවුහු වරින් වර ඉන්දියාවට සංක්‍රමණය වීම වැලැක් වීම පිණිස තේසවලාමෙයි නම්  නීතියක් සංග්‍රහ කරන ලද්දේ ලන්දේසීන්  විසිනි. මේ නීතිය ඒ යුගයේ හැටියට ඉති ප්‍රබල වූවුක් විය.සිය සිවිල් ප්‍රශ්ණ වලට සහන ලබා ගැනීම පිණිස පළාතේ පුද්ගලයින් අනුගමනය කළ යාපා පටුනේ පැරණි සිරිත් විරිත් හා රීති එක් රැස් කිරීමට ක්‍රි.ව. 1706 වර්ෂයේ දී සයිමන්ස් ආන්ඩුකාරයා විසින් අයිසැක් නම් පුද්ගලයාට පැවරීමෙන් පසුව මලබාරයෙන් සංක්‍රමණය වූ දෙමල වැසියන්ට අදාලව තේසවලාමෙයි නම් නීතිය සංග්‍රහ වී ඇත. මෙම නීතිය යාපනයේ වැසියන්ට පමණක් පළමුව අදාල වූ නමුත් දෙවනුව යාපනයේ මඩකලපුවේ මලබාර්වරුන්ගේ නීතිය ලෙසද ද්‍රවිඩ දේශ නීතිය ලෙසද විකාශනය විය.
         උතුරේ හා නැගෙනහිර ප්‍රදේශ වල වාසය කරන්නන් සහමුලින්ම ද්‍රවිඩයින් නොවේ . ඒ අතර සිංහලයින් වැද්දන් මුක්කුවාර් වරුන් ද සිටියහ. මේ නිසා ඉංග්‍රිසි ආණ්ඩුව තම බලය තහවුරු කරගත් පසු 1806 දී පමණ මේ නීති රීති වලට අර්ථ කථන සැපයීම සිදු කරන ලදී. මේවා සිදු වූයේ ඔවුන් අතර තිබූ නඩු ආශ්‍ර යෙනි. උදහරණයක් වශයෙන් නිල්ලෙයිනාදන්ට එරෙහිව රාමස්ස්වාමි චෙටිටියාර් නඩුවේ දී බොන්සර් අගවිනිසුරු තේසවලාමෙයි හඳුන්වාදුන්නේ යාපන පළාතේ ද්‍රවිඩ පදිංචි කරුවන් ගේ පැරණි සිරිත් ලෙසිනි. මන්නාරමේ මඩකලපුවේ මෙන්ම දකුණේ ද සිටි ද්‍රවිඩයින්ට වෙනත් සිරිත් මෙන්ම රීතිත් තිබුණද උතුරු පළාතේ වාසය කරන සෑම ද්‍රවඩයෙකුම තේසවලාමෙන් ආවරණය කරන බව මේ නඩු තීන්දු වලින් ප්‍රකාශ විය. නමුත් මධ්‍යම පළාතේ ජීවත් වන ඉන්දීය දෙමල වැසියෙකු මේ නීතියෙන් ආවරණය නොවන බවට තීන්දුවක් රජයට එරෙහිව පෙරුමාල් නම් නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් ව ඇත. ඇතැම් නඩු වලදී පෙළපත් මත වාසය ඔප්පු නොකළ හැකි යයි තීරණය කර ඇත. වුඩ්රෙන්ටන් නම් අග විනිසුරු වරයා මෙයට දුන් අර්ථ නිරූපණය අනුව උතුරු පළාතේ පදිංචියක් හෝ ස්ථීර නිවාසයක් ලබා ගැනීමත් වැදගත් බව ඔහු වේලුපිල්ලේ ට එරෙහිව සිව කාමි පිල්ලේ නඩුවේ දී කියා සිටියේය. මේ අනුව සිදු වූයේ සංක්‍රමණියන්ටද තමන්ට ස්ථීරව පැලපදියම් විය හැකි නීතිමය ආවරණයක් ලැබීමයි.මෙම නීතිය පුද්ගල නීතියක් ලෙසටද සලකනු ලැබූ අතර කොළඹ සිටි පුද්ගලයෙකුට යාපනයේ ඉඩම් තිබුණ අවස්ථාවකදී වුවද ඔහුට තේසවලාමේ අවරණය ලැබීමේ හිමි කම ඇති විය.
             දේපළ අයිතිය පවරීම වැනි අවස්ථා මත උතුරේ පදිංචි ද්‍රවිඩයින්ට මේ නීති ආවරණය ලැබීම නිසා සිහලයින්ට සිදු වූයේ උතුරු පළතට ආගන්තුක වූ වෙළෙන්දන් බවට පත් වීමටයි.ඔවුන්ට ස්ථීරව යාපන පළාතෙන් ඉඩම් මිලදී ගත නොහැකි විය.  ඉංග්‍රීසි යුගයේ සිටම මූදුකර වැද්දන් ඇතුලු වැදි ජන වර්ගයා දෙමල භාෂවට හුරු කර සිටීම නිසා ඔවුන්ද ද්‍රවිඩයින් ලෙසට සැලකූ අතර තේසවලාමේ නීතියෙන් ඔවුන් ද ආවරණය විය. මේ නිසා උතුරු පළාත යනු ද්‍රවිඩ වාසභූමියක්ය යන මතය දීර්ඝකාලීනව තහවුරු විය.කොටි ත්‍රස්තවාදීන් ඇතුලු ඊලාම් අරමුණු සහිත බලවේග සියල්ල ඓතිහාසික ද්‍රවිඩ වාසභුමි නම් මිථ්‍යාවට පදනම් සකස් කර ගැනීමට අවශ්‍ය නීතිමය රාමුව මේ මලබාර් සිරිත් සංග්‍රහයෙන් ලබා ගත් බව පැහැදිලිය.
         ප්‍රභාකරන් පරාජයට පත් කොට ත්‍රස්තවාදය අවසන් කළද ඊළාම අරමුණු වෙනස් කරන්නට තවමත් හැකිව නොමැත. ඊට හේතුව මෙම ඉලක්කයන් සහිත විශාල දෙමළ ජාතිවාදීන් පිරිසක් විදේශගතව ජීවත්ව සිටීමයි. ඔවුහු ඊලම පිහිටුවා එක්සත් ජාතින්ගේ සංවිධානයේ 194 වන රට බවට පත් කිරීමට දැනටමත් පිඹුරු පත් සකසා තිබේ.ඔවුන්ගේ රට බෙදන අරමුණු සමග ඇමරිකාව සහ ඉන්දියාවේ දේශපාලන අවශ්‍යතාවයන් ගැලපී යාම නිසා යුද්ධයෙන් පසුවද රට බෙදීමේ තත්වයකට තල්ලුවෙමින් පවතී. උතුරේ පළාත් සභාව පැවැත්වීම ට රජය ට බල කර සිටින්නේ මේ නිසාය. රට ආර්ථික වශයෙන් බංකොලෙත් තත්වයකට පත්කොට මේ තත්වය උදාකර ගැනීම ලෙහෙසි බැවින් රජයේ නිළධාරි තන්ත්‍රය බිලී බාගෙන තිබෙන බව පෙනී යයි. උතුරු වසන්තය නමින් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙල යටතේ සංවර්ධන වැඩ කටයුතු වලදී නිළධාරීන්ට සෘජුව උපදෙස් ලැබී ඇත්තේ මේ ප්‍රදේශ දෙමළ පළාතක් ලෙසට සැලකිය යුතු බවයි. එහිදී දෙමල භාෂාවට  මුල් තැන ලැබේ. නාම පුවරු වල පවා එම ප්‍රතිපත්තිය පෙන්නුම් කරයි.
         ජීවිත දහස් ගණනාවක් පූජා කර නිදහස් කර ගත් රට මේ ආකාරයට බෙදී වෙන් වී යාමට ඉඩ හැරීම බෙහෙවින්ම ඛේදජනකය.මුල සිටම උතුරේ අවතැන්ව සිටි සිංහලයින් පදිංචි කරවීමට රජය දැක් වූ උදාසීනත්වය නිසා රායප්පු ජෝශෆ් වැනි කතෝලික පූජක වරුන්ද අද තමන්ට අවශ්‍ය පරිදි ඊලාම් අරමුණු වෙත යාමට උත්සාහ ගනී. මේ අවස්ථාවේ දී පළාත් සභා හරහා රට බෙදුණ හොත් ආපසු එය නැවත හැරවීම බෙහෙවින්ම දුෂ්කර විය හැකිය. උතුරු පළාතේ බලය පිහිටවිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැමති  දේශපාලන සංවිධානය බවට ජනතාව අතර මතයක් ඇති කොට සමස්ත සිංහල බෞද්ධ උරුමය යටපත් කිරීම රජයේ වත්මන් අරමුණයි. තේසවලාමෙයි නීති මුස්ලිම් නීති ආදි රටට නොගැලපෙන නීති තබා ගෙන පක්ෂවාදී අරමුණින්  රට පාවා දීමට සැරසෙන රජය  දිවි පරදුවට තැබූ අභීත රණවිරුවන් ගේ බලාපොරොත්තු  සුන් කරන බව පෙන්වා දිය හැකිය.
                                                                        

Monday, April 15, 2013

රායප්පු ජෝශෆ් ගේ කුමන්ත්‍රණය සඵල වේවිද

                                  

        1981 සිට 2001 වසර දක්වා  මන්නාරම් දිසත්‍රික්කයේ සිංහලයින් 8170 දෙනෙකු  අවතැන් ව සිටියහ.නමුත් මේ වන විට එහි නැවත පදිංචි කරවා තිබෙන්නේ 847 දෙනෙක් පමණකි. මුරුංගන් ප්‍රදේශයේ අවතැන්ව සිටි සිංහල පවුල් දාසයක් තම ගම් බිම් වලට යලි පැමිණෙද්දී ඔවුන්ගේ ඉඩම් වල දෙමල ජනතාව පදිංචි කරවා තිබුණි. ඔවුන්ගේ පූජා භූමිය වන කේ.කේ.කුලම් හි රජමහා විහාරය දෙමල ජනතාවගේ කෙසෙල් කොටුවකට යටව තිබුණි. තම ඉඩම් පිලිබඳව අයිතිවාසිකම් ප්‍රාදේශීය ලේකම් වරයාට ඉදිරිපත් කළද සහනයක් නොලැබුණි. නැවත පදිංචි කිරීමේ ඇමත්වරුන්ව සිටි මෙල්රෝයි ප්‍රනාන්දු හා රිෂාඩ් බද්යුදින්  යන දෙදෙනාගෙන් ද ඊට ප්‍රතිචාරයක් නොලැබුණි. අවසානයේ ඔවුන් මුරුංගන් වල සිමෙන්ති සංස්ථාවට අයත් නරිකාඩු බිම් කොටසේ තාවකාලිකව ගෙවල් කීපයක් සවි කර ගත්හ. මෙයට ප්‍රදේශයේ රජයේ නිලධාරීන් සියල්ලන්ගෙන්ම විරෝධය එල්ල වූ අතර පසුව යුධ හමුදාවේ විකුම් ලියනගේ මහතාගේ මැදිහත් වීම මත එම ප්‍රශ්ණය විසඳීමට ඉහළ නිළධාරීන් යොමු කරවන ලදහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් එහි ප්‍රජාශාලාවක් සෑදවීම සඳහා ප්‍රතිපාදන වෙන්කෙරුණු අතර එම ශාලාව විවෘත කිරීමේ උත්සවය  පසුගිය අප්‍රියෙල් 11 දින නරිකාඩු හිදී ජනාධිපති උපදේශක පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් සිදු විය.මන්නාරටේ කොටි ත්‍රස්තවාදය පිලිබඳවත් අගරදගුරු රායප්පු ජෝශෆ් ලංකාවට එරෙහිව වර්තමානයේ කටයුතු කරන ද්‍රෝහී ආකාරය පිළිබඳවත් මෙම උත්සව සභාවේ දී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කළ ප්‍රකාශය නිසා මෙහි සිටි කොටි හිතවාදි නිළධාරීන් කලබල වූ අන්දම අප නිරීක්ෂණය කලෙමු. ඔවුහු එම උත්සවය වර්ජනය කොට පිටව යන්නටද උත්සාහ කළහ.
        මන්නාරම් දිස්ත්‍රික්කය කොටි ත්‍රස්තයින්ට එදා ඉතා වැදගත් ප්‍රදේශයක් විය. ඉන්දියාවත් සමග සමීප සබඳතාවයක් පැවැත්විම පිණිස එහි කඳවුරු බැඳගත් ඔවුහු දෙමළ ජනතාව විශාල වශයෙන් එහි පදිංචි කළහ.  කොටි සමග ඉතා හිතවත්ව කටයුතු කළ එම ප්‍රදේශයේ අගරදගුරු රායප්පු ජෝශෆ් කොටින්ට අවශ්‍ය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කොට දුන්හ. මරදමඩු ප්‍රදේශය කොටින්ට ඉතා වැදගත් කලාපයක්  වූ අතර එහි සිටි සිංහල ජනතාව ඊට බාධකයක් බැවින් කිසිවෙකුටත් එහි රැඳී සිටීමට ඉඩ නුදුන්හ. මරද මඩුව ඔවුන් ගේ ත්‍රස්තවාදී බංකරයක් බවට පත් කරමින් ශ්‍රී ලංකා හමුදාවට ප්‍රහාර එල්ල කළහ.
       තලේ මන්නාරම හරහා ලංකාවට ආනයනය කළ දකුණු ඉන්දීය දෙමළ කම්කරුවන් ගේ ප්‍රධාන නවාතැනක් වූ මන්නාරම පෙර රජ දවස ඉතා සශ්‍රීක පෙදෙසක් විය. වසභ රජු මල්වතු ඔය ආසන්නයේ පැරණි මංගණ නගර සීමාවේ මන්ගුණු නම් වැවක් කළ බව ඉතිහාසයේ විස්තර වෙයි. මෙය වර්තමාන යෝධවැව විය හැකි යයි ප්‍රකාශ වේ. මේ මංගණ නගරය වත්මන් මුරුංගන් බව පැහැදිලිය. ධාතුසේන රජු මල්වතු ඔය හරස් කොට අමුණක් බඳවා මානා මාතුක වැව නම් මහා වැවකට ජලය ගෙන ගියා යැයි කියැවේ. මංගණ වැව මේ යුගයේ දී මෙලෙස නාමකරණය වී විශාල කරවූ බව පැහැදිලිය. මල්වතු ඔය හරහා බැඳණු තේක්කම නම් මහා අමුණ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ විශිෂ්ඨ නිර්මාණයකි. මෙවැනි විශාල වාරි මාර්ගයන් ඉඳි කිරීමට  අවශ්‍ය වන විශාල සිංහල ජනගහනයක් මේ ප්‍රදේශයේ වසන්නට ඇතැයි  ද කල්පනා කල හැකිය.
 
        පෘතුගීසින්ට මන්නාරම වැදගත් වූයේ ඔවුන් ගේ වැදගත් බල කොටුවක් මෙහි බැඳ වූ බැවිනි. මේ ප්‍රදේශයේ ජනතාව ක්‍රිස්තියානි දහමට හරවා ගත් ප්‍රැන්සිසි ක්ෂේවියර් ගේ ව්‍යාපාරය ඇරඹුනේ මේ පරංගි සමය තුලදීය. නමුත් ලන්දේසින් කතෝලික ආගම වැළඳගත් ජනතාව පීඩාවට පත් කරමින් ඔවුන් ගේ රෙපරමාදු ආගම ප්‍රචලිත කළහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මන්නනාරමේ සිටි කතෝලික ජනතාව කන්ද උඩරට රජුගේ උදව් උපකාර ඇතිව  මන්නාරමට නුදුරින් පදිංචි කරවන ලදහ. මේ පිළිබඳව ලියූ අගනා වාර්තාවක් ඊ.බී. ඩෙන්හැම් මහතා සිය සිලෝන් ඇට් ද සෙන්සස් ඔෆ් 1911 ග්‍රන්ථයේ අතුලත් කර ඇත. ඩෙන්හැම් මහතා එකල යාපනයේ බිෂොප් වරයාගේ වාර්තාවකින් උපුටා දක්වන තොරතුරු වලින් හෙළි වන්නේ මඩු ප්‍රදේශයේ සැබෑ ඉතිහාසයයි. එහි මෙසේ සඳහන් වෙයි.
        මඩු වන්දනා කරුවන් ගේ මුල්ම ජනාවාසය මන්නාරමයි. එහි විශාල කතෝලික දේවස්ථානයක් ඉඳිවිය. 1670 දී ලන්දේසින් එම පල්ලිය රැස්විම් ශාලාවක් බවට පරිවර්තනය කොට ආගම ඇදහීම  තහනම් කරන ලදී. අනාථ වූ කතෝලික ජනතාව එම ස්ථානයෙන් ඉවත්ව කන්ද උඩරට රජුගේ රැකවරණය සලසා ගැනීමට වන්නියට පැමිණියහ. මේ අතරින් පවුල් විස්සක් පමණ පිරිසක් මන්නාරම ආසන්නයේ වනයේ මරුත මඩු නම් ස්ථානයේ ලැගුම් ගත්හ. මේ වන විට මේ ස්ථානයේ රජුගේ මඩිගෙයක් විය. ඉන්පසු යාපනයේ සිට පැමිණී. හත්සීයක් පමණ කතෝලික පිරිසක් සහ පූජක වරු සත් දෙනෙකු මෙම ස්ථානයට පැමිණියහ. මඩු අසල ඔවුන්ගේ අනාථ කඳවුර විය.   මෙහි බෞද්ධයන් හා හින්දූන් වන්දනාමාන කරන පත්තිනි දේවාලයක් ද පැවති අතර එය උපුටා දමා 1876 දී පමණ  මෙහි කතෝලික පල්ලියක් ඉඳි කළ බව පැවසේ.මඩු වාර්ෂික මංගල්ලය ආරම්භ කරන ලද්දේ 1870 දීය.
      1818 න් පසුව ඉන්දියාවේ පාලකයින් වන ඉංග්‍රීසින් අනුගමනය කළ බදු ප්‍රතිප්තිය හේතු කොට ගෙන දකුණු ඉන්දියාවේ දෙමල ජනතාව බෙහෙවින් පීඩාවට පත් වූහ. සියලුම ඉඩම් සමාගම සතු බවට ප්‍රකාශ කිරීම නිසා  විශාල ජනතාවක් සිය ගොවිබිම් වලින් නෙරපන ලදහ. මේ අවදිය වන විට ලංකාවේ කෝපි වැවිල්ලට ආර්ථික ශක්තිමත් භාවයක් ලබා දී ම පිණිස ඉංග්‍රීසින් කටයුතු කළ අවදියයි. ඉංග්‍රීසි ජාතික  නිළධාරියෙකු වූ එස්.සී. බ්‍රයිඩ්. සිය කෝපි වත්ත වන බ්ලැක් ෆොරස්ට් හි කොන්දොස්තර වශයෙන් සිටි පිය පාර්ශවයෙන් දෙමළ වාර්ගිකයෙකු වූ පුද්ගලයෙකු ඉන්දියාවට පිටත් කර හරින ලද්දේ දෙමල කුලී කරුවන් රැගෙන පැමිණීමටයි. මේ අනුව ප්‍රථම වරට කුලි කරුවන් 14 දෙනෙකු ධනුස්කොඩියේ සිට තලේ මන්නාරමට පැමිණියහ. ඉන්පසු 1839 වන විට කුලීකරුවන් 2432 ක් ලංකාවට පැමිණ සිටියහ. ඔවුහු තලේ මන්නාරමේ සිට උලිපන්කුලම මුරුන්ගන් වන්නන්කල්දි චෙඩ්ඩිකුලම මාන්කුලම ඉරම්පායිකුලම මැදවච්චිය හරහා දඹුල්ලටත් ඉන්පසුව මාතලේ හරහා නුවර ගම්පළ නුවරඑළියටත් පොල්ගහවෙල්හරහා කොළඹටත්  ප්‍රවාහනය කරන ලදහ.  මන්නාරමේ ද මන්නාරමේ සිට මැදච්චිය හා වවුනියාවේ ද බහුතර දෙමළ ජනගහනයක් ඇති  වීමට මේ කරුණු හේතු සාධක විය.
      1953  දී මන්නාරමේ සිංහල බෞද්ධ ජනගහනය 1316 කි. එවිට දෙමල ජනගහනය 22422 වී තිබුණි. නමුත් ඉස්ලාමිකයින් සිටියේ නව දෙනෙකු පමණකි.1981 වන විට මන්නාරමේ සිංහල බෞද්ධයින්3224 ක් බවට වර්ධනය වී සිටි අතර දෙමළ ජනගහනය 28500 ක් බවට පත් ව සිටියහ. එසේම මුස්ලිම් වරු 30079 දක්වා වර්ධනය ව සිටියහ. 1911 කාල වකවානුවේ රෝමානු කතෝලිකයින් 50% ක ප්‍රමාණයක් මන්නාරමේ සිටි බව පැහැදිලිය. 1981 දී එම ජනගහනය 44003 කි. වර්තමානය වන විට බෞද්ධ ජනහනය හා හින්දු ජනගහනය අඩු වෙමින් කතෝලිකයින් ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙසට වැඩි වර්ධනය වෙමින් ඇත. ඒ අතර මුස්ලිම් ඇමති වරුන්ගේ සහායෙන් මුස්ලිම් ජනතාව මන්නාරම්  යෝධ වැව රක්සිතය හෙලි පෙහෙලි කරමින් අනවසරයෙන් පදිංචි වෙමින් ඇත.
        රායප්පු ජෝශෆ් අගරදගුරුවරයා නිල උත්සව වලදී මේ ප්‍රදේශය හඳුන්වන්නේ රෝමයේ කොටසක් ලෙසටයි.එය තවත් තහවුරු වන ලෙසට ඔහුගේ බලපෑම නිසා මේ පළාතේ ප්‍රධාන රජයේ නිලධාරීන් සියල්ල කතෝලික විය යුතු යයි නිල නොවන අණක් ද පැනවී ඇත.පසුගිය දා කතෝලික පූජක වරුන් 131 දෙනෙකු ගේ අත්සන් සහිතව පෙත්සමක් රායප්පු ජෝශෆ් ගේ මෙහෙයවීමෙන්  ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කළ බවට වාර්තා වුණි. නමුත් සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා කැඳවා බෞද්ධ ක්‍රියාකාරකම් ගැන අවවාද කරන බුද්ධි අංශ මේ රායප්පු ජෝශෆ් ට විරුද්ධව කිසිවක් කළ බවක් මෙතෙක් දැන ගන්නට නොමැත.
    1540 සිට 1774 දක්වා කාලය තුලදී ඉන්දියාවේ ගෝමන්තක නෙහොත් ගෝව ප්‍රදේශයේ බලයේ සිටි පරංගින් ගේ  උදව්වෙන් ජෙසුයිට් නිකායේ පූජක වරු එහි සිට බෞද්ධයින් හා හින්දූන් කතෝලික ආගමට හරවන ලද්දේ විවිධ වධ හිංසාවන්ට ලක් කරමිනි. පණපිටින් පිලිස්සීමෙන් කියත් වලින් කැපිමෙන් හා උල සිටු වීමෙන් මෙලෙස මරණයට පත් කරන ලද්දවුන් ගණන 16202 ක් බව පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසයි. 1947 වර්ෂයේ දී ඉන්දියාව නිදහස  දිනා ගැනිමෙන්  පසුව ගෝව නැවත පවරා ගැනීමට නේරුට අවශ්‍ය විය. නමුත් එයට පෘතුගාල් රජය එකඟ නුවුණි. පසුව 1961 දෙසැම්බර් මාසයේ 19  දින  ශ්‍රි නේරු විසින් දියත් කරන ලද විජායි මෙහෙයුම යටතේ ගෝව ඉන්දියාවට යටත් කර ගන්නා ලද්දේය. මෙම අක්‍රමණයට එරෙහිව එක්සත් ජාතින් ගේ මණ්ඩලය රැස්වුණු අතර රුසියාව ඉන්දියාවට පක්ෂපාතීව නිෂේධ බලය යොදා ගනිමින් ඇමරිකානු යෝජනාව පරාජයට පත් කලේය. ඉන්දියාවේ ඒකීයත්වයට මේ තීන්දු තීරණ  බෙහෙවින්ම බලපා ඇති බව ප්‍රකට කරුණකි. අතීතය එසේ වුවත් ලංකාව කෙරෙහි ඉන්දියාවේ  වත්මන් ප්‍රතිපත්තිය අක්‍රමණශීලී වෙයි. රාමේශ්වරමත් මන්නාරමත් අතර නැවත නැව් සේවය ආරම්භ කොට මන්නාරම රදගුරු වරයාගේ සහායෙන් වෙනම දෙමළ ක්‍රිස්තියානි ප්‍රදේශයක් බවට  මන්නාරම පත් කර ගැනීමේ සැලසුම ඉන්දියාව සතුව ඇතැයි අපගේ විශ්වාසයයි. ජිනීවා වලදී ඉන්දියාවත් කොටි හිතවාදීන් සැමත් එක පෙළට සිට ගන්නේ එම අමුණිනි. රායප්පු ජෝශෆ් මොවන්ගේ සෘජු නියෝජියා වී ඇත. දැනටමත් රජයේ යටි උගුල් කරුවන් ගේ සහායෙන් මන්නාරම  රදගුරු වරයා නටන මේ නාඩගම එළි පිට රඟ දක්වන කාලය වැඩි ඈතක නොවේ. එතෙක් ඒ ගැන මුනිවත රැකීම හා සිංහලයින් ගේ බලය හීන කිරීම රජයේ පිළිවෙත වී ඇතැයි සිතමි.
                                   
    

Sunday, April 7, 2013

සිංහල පුවක් වලින් සිංහලයින්ට ලාභ නැතිද

                                            
 
      පූග ඵල නොහොත් පුවක් ලංකාවේ ජන ජීවිතය හා බැඳුණු බුලත් විටට ගැනෙන ප්‍රධාන අමු දුව්‍යයකි. නවීන පර්යේෂකයින් එහි යම් යම් දුර්ගුණයන් ඉස්මතුකර පෙන්වීමට උත්සාහ දැරූවද එහි භාවිතයේ තිබෙන විශේෂතා නිසා එය එක්තරා විදියකට ඖෂධයක් ලෙසටද කර්මාන්ත අමු ද්‍රව්‍යයක් ලෙසටද ප්‍රයෝජනයට ගනිති. කසට රසයෙන් යුතු පුවක් මදය මත් කාරකය.     සැබවින්ම බුලත් විට සැපිය යුත්තේ අලුයම සහ ආහාර අනුභවයෙන් පසුවය. බුලත් විටට ගැනෙන ප‍්‍රධාන ද්‍රව්‍යයන් වන පුවක් සහ හුණු මගින් මුඛයේ භාෂ්මික මාධ්‍යයන් ඇති කිරීමට සහාය ලබා දේ. මූකල පුවක් නැතහොත් රබ්බඩ පුවක් මගින් මුඛයේ පණු දොස් නසන අතර සෙම හා වාතය කිපී ඇත්නම් සමනය කරයි. මුඛයේ විරස ගතිය නැති කරලීමට ද එය උපකාරී වේ. දන්තාබාධයන් නැසීමට ද පුවක් වල කසට ගතිය උපකාරී වේ. ඇතැමුන් ගේ පරිභෝජනයට ගැනෙන ගොලෑ පුවක් වෙසෙසින්ම උණ හා පිපාසාව සංසිඳවන  ඖෂධයකි. පුවක් භාවිතයේ දී පැරණි ගැමියන් පුවක් මදය පිහියෙන් සූරා ඉවත් කලේ එහි මත් ගතිය ඇති කරන විසක් ඇති හෙයිනි. එසේම කුරුට්ට ද ඉවත් කිරීමට යෙදුනි. ඇතැම් පළාත් වල දී දැහැත් වට්ටියට ඇරුණු කොට පුවක් ගෙඩිය පළා සුද්ද කර තැබීම නොකරති. බුලත් හෙප්පුවේ ගිරය ඇති හෙයින් අවශ්‍ය කෙනෙකුට පුවක් ගෙඩිය පළා සුද්ද කොට විටට ගත හැකි වන ලෙසට එය තබා තිබුණි. මෙයට හේතුව කුඩා දරුවන් රෝගීන් ආදී බුලත් විට නොසැපිය යුතු යයි දක්වා ඇති පිරිස ගෙන් බුලත් පරිභෝජනය වළක්වාලනු පිණිසය. සිංහල පුවක් හම්බන් පුවක් රට පුවක් යයි භාවිතයේ තිබෙන වර්ග අතරින් සිංහල පුවක් විශේෂ වඩාත් සුදුසු අතර කරුංකා සහ මඩ පුවක් සෑදීමට ද ඒවා යෝග්‍ය වේ.
   දේශීය ඖෂධ අතර පුවක් ඉහළින්ම සැලකෙන අතර දන්ත රෝග නැසීමට කෙරෙන මුඛ ශෝධන ක‍්‍රියා වලියේ දී පුවක් සහ පුවක් මුල් යන දෙවර්ගයම යොදා ගනී.    .බුලත් විටට ගැනෙන අනෙකුත් ද්‍රව්‍යයන් වන එනසාල් කරාබු නැටි ලතා කස්තුරි සාදික්කා අරලු ආදිය සමග පුවක් එක් වූ කල්හි එය බල ගතු ඖෂධයක් බවට පත් වේ. දෛනික ආහාර වේල් වලින් පසුවද ස්ත්‍රී සමාගමයෙහිද මේවා පරිහරණයට උපදෙස් ලබා දී තිබේ. මාංස ජනක ධාතු 4.9 ක් ද පිෂ්ඨ ධාතු 47.2 ක් ද  කැල්සියම් 50.0 ක් ද පොස්පරස් 130.0 ක් දයකඩ 1.5 ක් ද විටමින් බී 286.9 ක් ද විටමින් සී 416.2 ක් ද අඩංගු පුවක් බලගතු ඖෂධයක් බවට .තහවුරු කොට ඇත්තේ ඉන්දියානු පර්යේෂකයින් විසිනි.
             සිංහල පුවක් රට පුවක් හා හම්බන් පුවක් යන විශේෂ තුන ලංකාවේ දැනට වගා වේ. ඒවා වගා කරනවා නොව ගෙවතු වල සහ විවෘත ප්‍ර දේශ වල ඉබේ වැවෙන බව කිව යුතුය.මෑතකදි මේ වර්ගයන් ගේ විශේෂිත වරණයක් එකතු කොට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පුවක් පැළ බෙදා දීම කර ඇත. අතීතයේදී මේ පුවක් විශාල වශයෙන් ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කළහ. දකුණු ඉන්දියාවේ මලබාරය කොරමැන්ඩලය ආදී ප්‍රදේශ වල ජනයා මේවා බෙහෙවින්ම භාවිතයට ගනිති.මෙහි ආර්ථික වැදගත් කම වටහා ගත් මුස්ලිම් වානිජයින් විශේෂයෙන් දකුණු ඉන්දීය සම්භවයක් ඇති මුස්ලිම් වරු මෙම වෙළෙදාමේ ඒකාධිකාරයක් පවත්වා ගෙන ගියහ. ඔවුහු සම්පන් නම් කුඩා යාත්‍රා විශේෂ යොදා ගනිමින් ගැමියන්ට අවශ්‍ය රෙදි පිළිද සහල් වර්ගයන්  ද පටවා ගෙන ලංකාවට පැමිණ ගම්වලට ගොස් ඒවා හුවමාරු කොට පුවක් ලබා ගත්හ. මේ අතර අමු පුවක් මඩ පුවක් මෙන්ම කරුංකා ද විය. දාහත් වන සියවස වන විට ලංකාවෙන් මෙලෙස පුවක් අමුණු 40000 ක් පමණ ඉන්දියාවට ගෙන ගිය බව සංඛ්‍යා ලේඛන දක්වයි.     මෙම පුවක් අපනයනය සදහා යොදාගත් යාත්‍රා සම්පන් වූ බැවින් එම වෙළෙඳාමේ යෙදුනු මුස්ලිම් වරු හම්බයන් වූහ. එම යාත්‍රා මගින් ගොඩ බෑ සහල් සම්බා සහල් වූ පුවක් හම්බන් පුවක් විය.එසේම ඔවුන්ගේ ප්‍රධාන තොට බවට පත් වූයේ හම්බන් තොටයි. මේ ආකාරයට දේශිය ආර්ථිකයේ වැදගත්ම තීරුවක් පවත්වා ගෙන ගිය පුවක් වෙළෙදාම ක්‍රි.ව. 1658 වන විට ලන්දේසීන් ගේ ආධිපත්‍යට යටත් විය . ලන්දේසීහු මෙමගින් ලැබිය හැකි වාසි සලකා පුවක් එකතු කිරීම තමන් ගේ යටත් නිළධාරින්ට පවරා අපනයනය පිණිස තමන්ම යුහුසුලු වූහ. මේ නිසා පුවක් වල මිල ගණන් අඩු වූ අතර අපනයනය කරන ප්‍රමාණයද අඩු විය.නමුත් ලංකාවට ඉංග්‍රීසින් පැමිණෙන අවදිය වන විට මේ වෙළෙදාම සම්පූර්ණයෙන්ම ලන්දෙසින් සතු වූ අතර ගිල්ඩර් 19800000 ක් වූ ඔවුන්ගේ වාර්ෂික ආදායමෙන් ගිල්ඩර් 9000000 ක්  ඔවුන් ලබා ගෙන තිබුණේ පුවක් අපනයනයෙනි. මේ අවදියේ දී මේ වෙලෙදාමට මුස්ලිම් වරුන්ට කිසිසේත්ම මැදිහත් විය නොහැකි විය.මුස්ලිම් වානිජයින්ට ලංකාව තුල ඉඩ කඩම් ලබා ගැනීම තහනම් කෙරුණි. ගමන් බිමන් ද හැකිතාක් සීමා කරමින් නීති රීති පැනවුණි. නමුත් 1800 වර්ෂය පමණ වන විට ලංකාවේ මුහුදු බඩ පළාත් වල බලය ඉංග්‍රීසින් සතු වීමෙන් පසුව නැවතත් මේ ආර්ථිකය නිදහස් කළ බව පැවසේ. ඉංග්‍රීසින් මුස්ලිම් වරු තමන්ගේ වැඩ රාජකාරි වලට යොදා ගෙන සිංහලයින්ට විරුද්ධව කටයුතු කිරීමට පොලඹවා ලූහ.1818 ජාතික විමුක්ති සටනේ ප්‍රධානත්වය ගත් කැප්පෙටිපොල නිලමේ ගලේවෙල ආඬියාගල පෙදෙසේ පරවාගම වලව්වේ දී අත්අඩංගුවට පත් වූයේ මුස්ලිම් වෙලෙන්දෙකුගේ ඔත්තුවක් නිසාවෙනි.
        ඉන්දියාවේ කර්ණාටකය කේරලය ඇසෑමය තමිල් නාඩුව මහාරෂ්ඨ්‍රය අන්ද්‍රාව ත්‍රිපුරය මෙන්ම බෙංගාලයේ ද ලංකාවෙන් යවන පුවක් ජනප්‍රිය වෙයි. නමුත් එම ප්‍රදේශ වලද පුවක් ගස වැවේ. වේලන ලද පුවක් නොහොත් කරුංකා වල ටැනින් හා ගැලික් අම්ලය නම් රසායන ද්‍රව්‍යයන් අඩංගු වේ. මේවා හම් පදම් කිරීම සඳහා යොදා ගනිති. එසේම ආහාර වර්ණ කාරකයක්  ලෙසද යොදා ගනී. ඉන්දියාව මෙන්ම පකිස්තානය බුරුමය තායිවානය චීනය  වැනි රටවල් විශාල සංඛ්‍යාවක පුවක් භාවිතයට ගනිති. ඉන්දියාවේදී මෙය කර්මාන්ත අමු ද්‍රව්‍යයක් විලස මෙන්ම පන්පරා බාබුල් වැනි මත් කාරක ද්‍රව්‍යයක් ලෙසට ද නිමා කෙරේ. ඒවා වෙළෙඳ පලේ ඉතා ජනප්‍රිය වෙයි. නමුත් මේ මත් පුවක් ගැනීම සෞඛයට අහිතකර බව පෙන්වා දී ඇත. 2012 වර්ෂයේ දී අමු පුවක් කිලෝ ග්‍රෑම් 10650 ක් ඉන්දියාවට අපනයනය කර ඇත. එයින් ලැබුන ආදායම 22457256 කි. ඒ අනුව අමු පුවක් කි.ග්‍රෑ. 01 ක මිළ උපරිම වශයෙන් 245 කි. එසේම කරුංකා කි.ග්‍රෑ. 208000 ප්‍රමාණයක් ද ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කර ඇත. එයින් ලබා ඇති වාර්ෂික ආදායම 49055878 කි. කරුංකා කිලෝවක උපරිම මිළ සටහන් වන්නේ රුපියල් 261 ක් වශයෙනි.
       පුවක් වල අපනයන ආදායම සලකා බැලුවහොත් එය විශාල ප්‍රමාණයකි. කරුංකා පුවක් කිලෝව  රුපියල් 180 බැගින් රුපියල්37440000 ක ප්‍රමාණයක් ග්‍රාමිය ආර්ථීකයට එකතු වේ.අප දන්නා පරිදි ලන්දේසි යුගයේ සිටම මේ ආර්ථිකය පාලනය කරනු ලබන්නේ මුස්ලිම් වානිජයින්ය. ඔවුහු ගම් වල එකතු වන පුවක් කොළඹ ගෙනවුත් ඉන්දියාවට පටවා අධික ලාබ ලබති. ලංකාවේ පර්යේෂණායතන රාශියක් තිබුණද ඔවුහු මේ අගනා අමු ද්‍රව්‍ය පර්යේෂණයට ලක් කර නැත. පුවක් ලෙල්ල පුවක් කොලපත පුවක් කොළ මෙන්ම පුවක් ලීය ගැනද කරන ලද අගනා පර්යේෂණ රැසක් ඉන්දියාවේ දක්නට ඇත. ලංකාවේ ගලේවෙල ප්‍රදේශයේ කර්මාන්ත කරුවෙකු පමණක් මේ පුවක් කොළපතෙන් කරන ලද නිමැවුම අද ජාත්‍යන්තරයට පවා ගොස් තිබේ. නමුත් අපගේ විද්‍යාඥයින් මේ පුවක් ගැන කතා කරන්නේ ද්වේශයෙනි. එහි පිළිකා කාරක ඇතැයි කරන ලද පර්යේෂණයක් හුවා දක්වමින් පුවක් ආර්ථිකය විනාශ කරලීමට තමන්ගේ දායකත්වය දක්වති.ඉන්දියාව හා පකිසිථානය අපගේ ප්‍රධාන පුවක් අපනයන ඉසව්ව වුවද චීනය තායිවානය වැනි රටවල මෙය ඖෂධයක් වශයෙන් භාවිතා කරන බැවින් නව වෙළෙඳ ඉලක්ක සොයා යායුතු කාලය එළඹ ඇතැයි සිතමි. ඒ මගින් පාරම්පරික සිංහල ජනතාවට ආර්ථික ශක්තියක් බිහි කර දීමේ ප්‍රවේශය වඩා නිරවුල්  වනු ඇත.
 2013 අප්‍රියෙල් 01 ඉරුදින