පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, August 11, 2021

එන්නත් බලහත්කාරය සමාජ දේශපාලන සුන්නතක ආරම්භයක් ද

 

 

 


                     

         කොරෝනා  වසංගත තත්වය යටතේ මේ වනවිට ලංකාවේ විශාල වශයෙන් අසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇත. පසුගිය සිංහල අවුරුද්දෙන් පසුව වේගයෙන් ව්‍යාප්ත වූ මේ තත්වය පාලනය කර ගැනීමට ආණ්ඩුව සමත් වී නැත.වසංගතය පාලනය කරලීමට තිබෙන එකම විසඳුම එන්නත් කර ගැනීම යයි ජනපති වරයා පුන පුනා පවසයි. පවතින තත්වයේ හැටියට ඉන් පලක් වී නැත. එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ද විශාල වශයෙන් ආසාදනයට ලක් වන බවට නිතිපතා වාර්තාවේ. එසේම මරණයට පත් වූ පිරිස් ගැනද වරින් වර වාර්තා වී ඇත.එන්නත් ලබා ගත් පුද්ගලයන් ගේ ශරීර තුළ ස්වයංව විවිධ ප්‍රභේද හට ගන්නා ආකාරයද නිරීක්ෂණය වී ඇතැයි මේ පිළිබඳව සමීක්ෂණයන් කළ වෛද්‍යවරු පවසයි. නමුත් මෙම තත්වය පිළි ගැනීමට ආණ්ඩුව මැළි වී තිබෙන අතර නිරෝධායන නීති පදනම් කොට ගෙන ජනතාව පීඩාවට පත් කීරීමද දිගින් දිගටම සිදු වේ. ඒ අතර එන්නත් නොගත් සියලු දෙන අනිවාර්යෙන්ම එන්නතකරණයට ලක් විය යුතු බවටද රජයේ ප්‍රකාශයකයන් පවසයි. එසේ සිදු නොවුණහොත් බස් රථ වල ගමන් කිරීමද රජයේ ආයතන වලට ඇතුල් වීමටද පළාත් අතර ගමන් කිරීමට අවසර නොදීමට නීති ගෙන එන බව ආණ්ඩුවේ නිවේදන වලින් දැක්වෙයි.මෙම තීරණය ආණ්ඩුවේ ස්වයං දේශපාලන තීරණයක්ද නැතහොත් විදෙස් බලපෑමකින් සිදු වූවක්දැයි ගැටළුවකි.

    කොරෝනා වෛරසය චීනයේ වූහාන් වල විද්‍යාගාරයක නිපදවීමක් බවට මේ වන විට තිබෙන සාක්ෂී විශාලය.ජෛව  අවි පිළිබඳ විද්‍යාඥයෙකු වූ ප්‍රැන්සිස් බොයිල් ඒ බව පවසා තිබේ. චීනයේ කරන ලද අත්හදා බැලීමකට ඇමරිකාවේ සී.ඩී.සී. හි ප්‍රධානියා වන ඇන්තනී පවුචි විසින් 2015 දී ඩොලර් මිලයන 3.7 ක්  ලබා දුන් බවද එම විද්‍යාගාරයෙන් එම වෛරසය මුදාහැර ඇති බවටද තිබෙන තොරතුරු ද මේ වන විට වේගයෙන් හුවමාරු වෙයි.කොරෝනා වෛරසය මර්දනයට අවශ්‍ය උපකරණ වලට පේටන්ට් බලපත්‍ර ලබා ගෙන තිබෙන්නේද  මීට වසර කීපයකට පෙර බව සැළ වෙයි.

       කොවිඩ් මර්දනය සඳහා ඇමරිකාව නිපදවන එන්නත් තුනක් වෙයි. එකක් ෆයිසර්ය.දෙවැන්න ජොන්සන්ය.අනෙක මොඩර්නාය.මින් ෆයිසර් බයෝටෙක් නම් එන්නත  MRNA තාක්ෂණයෙන් නිපදවා ඇත.නමුත් මොඩර්නා එන්නතට 060606 යටතේ පේටන්ට් හිමි වී ඇත්තේ  S M 102  ලිපිඩ තාක්ෂණයෙන්  නිපදවීමෙනි. යම්කිසි ජල්ලි විශේෂයක් සහ නැනෝ කොටස් මෙහි අඩංගු බව එම සමාගම ප්‍රකාශ කර තිබේ. මෙම එන්නතේ නිර්මාණ කරුවා බිල් ගේට්ස්ය.ඔහු යටතේ පාලනය වන ඖෂධ සමාගම මගින් මෙම එන්නත නිපදවා ඇත්තේ කොරෝනාව මර්දනය කිරීමට එහා ගිය යටත් විජිතවාදී ආරමුණකින් බව විද්‍යාඥයන්ගේ මතයයි. ඩෙල්ටා ලැම්ඩා එප්සයිලන් ආදී වශයෙන් නොයෙකුත් ප්‍රභේද ලංකාවට පැමිණෙන්නට ඉඩ සලස්වා එන්නත ගැන බිය ඇති කර අවසානයේ ලිපිඩ ජල්ලිය  සහිත මොඩර්නා එන්නත ලබා ගැනීමට මානසික පසුබිම  සාදන ආකාරය නිරීක්ෂණය වන බව  විද්වතුන් පවසයි. එන්නත් නිසා ඇති වන විපර්යාසයන් පිළිබඳ වෛද්‍ය ගාමිණී අභය මහතා දක්වා ඇත්තේ මෙවැනි අදහසකි .    . RNA, DNA වෙනස් කරන එන්නත් කළ අයගේ ශරීරවල නොයෙකුත් ප්‍රභේද නිපදවෙන බව ඒඩ්ස් වෛරසයේ ව්‍යුහය සොයාගෙන නෝබල් ත්‍යාගය දිනාගත් ප්‍රංශ වෛරස පිළිබඳ විශේෂඥයා පවසා ඇත. 

මීට පෙර ඇති වූ වසංගතවල මෙතරම් ප්‍රභේද නොතිබුණ බව දන්නා කරුණකි. එක් ප්‍රභේදයකට දුන් එන්නත්වලින් තවත් ප්‍රභේදයක් පාලනය කළ නොහැකිය. RNA, DNA වෙනස් කරන එන්නත්වලින් ප්‍රතිශක්ති සෛලවලට දෙන උපදෙස අනුව, ඒ සෛල මුලදී නිපදවන්නේ ප්‍රතිදේහ නොව, වෛරසයේ ඇති ප්‍රෝටීනයි. ඒ නිසා එවැනි එන්නත් කළ අය වෛරස ප්‍රෝටීන කර්මාන්ත ශාලා බවට පත්වී ඇත. ප්‍රතිදේහ ජනක සෑදෙන්නේ පසුවය. තවද ඒ එන්නත් මගින් සෛලවලට දෙන පණිවිඩ අනුව සෛලය එහි සෑදෙන වෛරස ප්‍රෝටීනවලට පමණක් ප්‍රතිශක්ති නිපදවීමට යොමුකර ඇත. එවැනි අවස්ථාවක තවත් ඊට වැඩිය වෙනස් වෛරසයක් ඇතුළු වුවහොත් ඒ උපදෙස මාරු කිරීමට බැරිය. ප්‍රතිඵලය ඒ අයට අලුත් වෛරසය පහසුවෙන්ම වැළඳීමයි. ඒ නිසා එවැනි එන්නත් කර ගත් අය අලුත් වෛරසවලට දරුණු ලෙස ගොදුරු වීමය .RNA, DNA වෙනස් කරන එන්නත් ලබාගත් අයට අනෙකුත් වෛරසවලට මුහුණදීමේ නොහැකියාවට විද්‍යාඥයන් විසින් වෛරස ප්‍රතිශක්ති බැහැරවීම (Viral Immune Escape) යැයි කියනු ලැබේ. මෙය අලුත් දෙයකි. එවැනි දෙයක් සිදු වූයේ දීර්ඝ ලෙස නිසි පරීක්ෂණ නොකරන ලද මිනිස් සෛලවල ප්‍රධාන අණදෙනකරුවන් වන RNA, DNA වෙනස් කරන එන්නත් නිසාය.සම්පූර්ණයෙන්ම මරණ ලද වෛරස අඩංගු එන්නත්වල (Killed Vaccines) මේ ප්‍රශ්නය නැත. එන්නතේ ඇති මැරුණු වෛරසයට ප්‍රතිදේහ සැදීමට සෛල උත්තේජනය කරාට පසු වෙනත් අලුත් වෛරසයක් ශරීරයට ඇතුළු වුවහොත් ප්‍රතිශක්ති සෑදීමේ යන්ත්‍රණය (Immunity Producing Mechanism) යම් වෛරසකට පමණක් බලෙන් යොමු කර නැති නිසා අලුත් වෛරසයටද ප්‍රතිශක්ති නිපදවීම සාමාන්‍ය ලෙස සිදුවේ. ඒ නිසා අලුත් වෛරසය බෝ වීම අඩුවේ.(Lanka News Web )

     2019 දී මෙම වසංගතය පැමිණීමට වසර හතරකට පෙර නෙදර්ලන්ත රාජ්‍ය සංවිධානයක් සමග එක්වූ විද්‍යාඥයෙකු කොරෝනා සඳහා වන පර්යේෂණ  සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ඇත.එසේම ලෝක ප්‍රකට එන්නත් නිපදවන්නෙකු වන බිල් ගේස්ට් 2018 ඔක්තෝබර්  මාස‌යේ දී නිවියෝර්ක් නගරයේ ඉවෙන්ට් 201 නමින් සමුලුවක් පවත්වා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ ඉදිරියේ දී ලෝකයම වෙලා ගන්නා වසංගතයක් පැමිණෙන අතර ඉන් මිලියන 30ක් පමණ මිය යන බවයි. ඔහුගේ අවසාන අපේක්ෂාව වී ඇත්තේ තම සමාගමට ලාභ ගෙන දිය හැකි හොඳම නිෂ්පාදනය වැක්සීනය බවයි. ඒ සඳහා සූදනම් වීම අත්‍යවශ්‍ය බවද ඔහු දක්වා තිබේ. රොකපෙලර් පදනම 1913 දී පිහිටවූ ඇමරිකාවේ ප්‍රබල සමාගමකි.තෙල් නිසා බලවත් වූ සමාගමකි.මෙම පදනම ලෝකයේ නොයකුත් ව්‍යාපෘති සඳහා මුදල් යොදවා තිබේ.ලෝක සෞඛ්‍ය කොමිසමට ඔවුහු මුදල් යෙදවූහ.  දෙවන ලෝක යුදධයෙන් පසුව හරිත විප්ලව ක්‍රියාදාමය ආරම්භයට මුදල් යෙදවූ සමාගමක් ලෙසට ද මෙය හැඳින්වේ.. රසායනික පොහොර වලින් සහ පලිබෝධ නාශක  වලින්  සහ අභිජනන බීජ වලින් ආසියාව මෙහෙයවීමට සැලසූම් කරන ලද්දේ මේ පදනම ඇතුලු ඇමරිකාවේ දවැන්තයන් විසිනි. චීනයේ මහජන සෞඛ්‍ය කටයුතු වලටද මෙම පදනම මුදල් යොදවා තිබේ..2010 දී මෙම පදනම අනාගතය සඳහා කෙටුම්පත නමින් ලියවිල්ලක් නිකුත් කර ඇත. එහි සඳහන්ව ඇත්තේ 2020 දී ඇති වන වසංගතයක් සඳහා සූදානම් වීමේ අවශ්‍යතාවයයි. අනතුරුව වසංගතයෙන් පසුව තවත් ලියවිල්ලක් නිකුත් කරන මෙම පදනම නව පාලන පද්ධති බිහි කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරයි.ඔවුහු අවධානය කරන්නේ එන්නත මගින් මෙම පාලන පද්ධති සම්පූර්ණ කරගත හැකි බවයි. සෑම පුද්ගලයෙකුටම ඩිජිටල් හැඳුනුම් පතක් ලබා දිය යුතු බවත් වැක්සීනය මගින් එම සම්බන්ධීකරණය ඇති කර ගත හැකි ආකාරයද දක්වා තිබේ.මොඩර්නා එන්නත පිළිබඳ තාක්ෂණය විශේෂ වන්නේ මෙය සඳහා යැයි විද්‍යාඥයන් පවසති.

  ජනපති උපදේශක ලලිත් වීරතුංග මහතා ද මෙය පුනරුච්චාරණය කරයි. වැක්සීනය අනිවාර්යයනේම ගත යුතු බවද ඉදිරියේ දී හැඳුනුම්පතක් නිකුත් කිරීම අරමුණ බවද දක්වා තිබේ.කොවිඩ් 19 යනු දේශපාලන අරමුණු සදහා නිර්මාණය කළ ව්‍යාජ වසංගතයක් බව මේ වන විට හෙළි වෙමින් පවතින වකවානුවක ලලිත් වීරතුංග ලා පමණක් නොව අපගේ අභීත රණවිරුවෙකු වූ ශවේන්ද්‍ර සිල්වා මහතාද පලිප්පු දමා ප්‍රකාශ කරන්නේ එන්නතින් තොර විසඳුමක් නොමැති බවයි.එසේම ලංකාවේ සෞඛ්‍ය පීළිබඳ ඇමති වරුන් තිදෙනෙකු සිටින බවද දේශීය වෛද්‍ය ඇමති ඊට අයත් නැති බවද ඔහු ව්‍යංගයෙන් පවසා සිටී.

     ලංකාවේ නව ජනාධිපතිවරයෙකු පත් කරලීමට හැට නව ලක්ෂයක ජනතාව උත්සුක වූයේ රට අධිරාජ්‍යවාදයෙන් බේරා ගැනීමටයි. විශේෂයෙනන්ම ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන් විසින් අල්ලේ නටවන ලංකාවක් සඳහා රනිල් වික්‍රමසිංහ පාලනයෙහි න්‍යාය පත්‍රය ඉදිරියට ඇදී යද්දී මෙරට ඉඩම් ඇමරිකානු සමාගම් වලට බිලි දීමට කැස කවද්දී ජනතාව එයට එදිරි වූහ.එම රජය පෙරලා සිංහල බෞද්ධ යන්ගේ බහුතර චන්දයෙන් දේශමාමක රජයක් පත් කරගත්හ.නමුත් දැන් ගෝඨභය රාජපක්ෂ කටයුතු කරන්නේ සිංහලයන් අවශ්‍ය නැති විදියකටය. සිංහලයන්ගේ අපේක්ෂා තුට්ටුවකට මායිම් නොකීරීම ඔහුගේ පුරුද්දක් බවට පත් වී තිබේ. සිංහල වෙදකම විසින් වසර දහස් ගණනක් තිස්සේ මෙරටේ සෞඛ්‍ය පිළිබඳ තීරණ ගනිමින් තිබියදී.ඔහුගේ කොවිඩ් මර්දන බලකායට එකදු දේශීය වෛද්‍යවරයෙකු යොදවා ගත්තේ නැත.නිරෝධායන නීති වෙනස් කොට දේශීය වෛද්‍යවරුන්ට කොවිඩ් සඳහා වෙදකම් කිරීමට අවසර ලබා දීම කළ යුතු යැයි ඉල්ලා සිටියද ඒ කිසිවකට කන්නුදුන්හ. අන්තිමේදී ආයුර්වේද රෝහල් වල ප්‍රතිකාර වලට පමණක් අවසර ලැබුණේ. බටහිර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට පත් කරමිනි.මේ වන විට එම රෝහල් වල ප්‍රතිකාර ලැබූ කිසිවෙකුත් මිය ගොස් නැත.සියලුම දෙන සුව වී නිවෙස් බලා ගොස් තිබේ.

     මෙහිදී අප තේරුම් ගත යුත්තේ ජනපතිවරයා නොදැනුවත්වම විදේශීය කුමන්ත්‍රණයකට හසුවී තිබේද යන්නයි. ටැන්සානියාවේ මුරුන්ඩි වල සහ හයිටි වල ජන නායකයින් ඝාතනය පත් වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවීධානයට අවශ්‍ය පරිදි ඒ රටවල කටයුතු කරලීමට ඉඩ නොදීම නිසාය.එ වැනි බයක් අපගේ ජනාධිපතිවරායාටද තිබෙනවා විය හැකිය.එසේත් නැතිනම් ඔහු කෙලින්ම ඇමරිකානු න්‍යාය පත්‍රයකට නතු වී කටයුතු කරනවාද විය හැකිය.එන්නත් අනිවාර්ය කිරීමද පොදු ආයතන වලට බස්රථ වලට කෝච්චි වලට ඇතුලු වීම වළක්වන නීති ගෙන ඒම ඇමරිකානු න්‍යාය පත්‍රයේ කොටසකි.එය චීනයද අනුමත කරනවා විය හැකිය.මානව හිමිකම් උල්ලංඝණය කරන මෙවැනි ගෝත්‍රිත නීති හිට්ලර් විසින් ද පනවන ලදී. ඔහු මනුෂ්‍යයන් යොදවා විවිධ විද්‍යා පර්යේෂණ කරන්නට උත්සාහ ගත්හ. ලෝක යුද්ධයෙන් පසුව නියුරන්බර්ග් කෝඩ් යනුවෙන් නීති සංග්‍රහයක් ඇති කර ලද්දේ මිනිසා ජෛව පර්යේෂණ සඳහා යොදවා ගැනීම වළක්වාලීමටයි.හරිහැටි පර්යේෂණ නොකරන ලද එන්නත්කරණය නිසා අද ලංකාවේ ජනතාව පර්යේෂණාගාර මීයන් බවට පත් වී සිටිති.කොවිඩ් වල ප්‍රභේදයන්ට එන්නත වැඩ කරන්නේ කෙසේදැයි සෙවීමට කොවිඩ් 19 තොරතුරු මධ්‍යස්ථානයක් පත් කරතිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධාර මගිනි.නියුර්න්බර්ග් නීති සංග්‍රහයද බීජිං ප්‍රඥප්තියද (දේශීය වෛද්‍යක්‍රම මගින් ලෙඩ සුව කර ගැනීම )ගෝඨාභය ආණ්ඩුව ගාණකට නොගන්නා බව පෙනේ.නමුත් මිය යන්නේ අසරණ මිනිසුන්ය.මෙරට සෞඛ්‍ය හැසිරවිය යුත්තේ දේශජ දැනුමකින් බව දැන්වත් පාලකයන් තේරුම් ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

Wednesday, August 4, 2021

බුලත් හුරුල්ල පැළවීමේ කථාව

 

                                       

            ගජබා රජ්ජුරුවන්ගේ කාලයේ නීල මහා හෝධයා සමග දකුණු ඉන්දියාවට ගොහින් ලංකාවෙන් ගෙන ගිය සෙබළු දොළොස්දාහ වෙනුවට තවත් දොළොස්දහක් කැටුව ලංකාවට පැමිණි කථාව අනුව රටේ  තැන් තැන්වල ඒ අය පදිංචි කළා. පස්යොදුන් කෝරළයේ මහපත්තුවේ අගලවත්තට නුදුරුව තිබෙනවා ඔලීගේවත්ත කියල තැනක්. මේ කියන සොළින්ගෙන් පැවත එන්නන් එහි හිටිය කියලයි ජන ප්‍රවාදයේ එන්නේ. ඔය කියන කාලයේ පත්තිනි දේව වන්දනාව පිලිබඳ හැඟීම ජනතා සිත්සතන් තුළට කාන්දු වුණ බව ද ඇත්තයි. ඔය කියන්නේ ක්‍රි.වර්ෂයෙන් දෙවැන්නේ. බෙල්ලනත් අගලවත්තත් අතර තියන තෙලහිටියාව කියන හරියට පේනවා විශාලගල් කුලක්. එයට කියන්නේ උස්ගල කියලයි. මේ උස්ගල මුදුනේ තමයි පැරණි පත්තිනි දේවාලය පිහිටා තිබී තියෙන්නේ. රන් හළඹ මෙහි තැන්පත් කර තිබූ නිසා අදටත් රන්ගල කියලා කියනවා. මේ දේවාල පරම්පරාව හැඳින්වූයේ බෙන්තර මහාසාමි යනුවෙන්. බෙන්තර ගලතුරුමුල සිටලා මෙහිපැමිණි බවයි කියන්නේ. මේ පරම්පරාවේ දයාරත්න කියලා දැන උගත් පුද්ගලයෙක් හිටියා. මෙහි ඉතිහාසය ගැන ඔහු කියන්නේ මෙහෙමයි.

         බෙල්ලන කපු ගම පිහිටි දේවාල කන්ද බෙල්ලන හංදිය නොහොත් රංගෙදර හංදිය අසලයි. දේශීය ජන වහරේදී මේ මේ  කන්දේ උස්ගල මුදුනේ ලංකාවේ පැරණිම සුදුහුණු පිරියම් කල දේවාලය පිහිටා තිබූ බව අසා ඇත.මෙම දේවාල කන්දට බටහිර බෑවුමේ එම දේවාලය බැබළු බ්‍රහ්මචාරී දේව බැතිමතුන් විසූ දේව විමානය නොහොත් සඝගල ඇත.මේ ප්‍රදේශයේ කුඹුරු නම් අතර රාජ පුරන්දරගේ නාමය හමුවෙන්නේ සොළීන් සමග පැමිණි අය නිසයි. මෙම දේවාලයට  අන්ඇදි පිට්ටනියක්ද තිබී ඇත. මේ නිසා රාජ නියමයෙන් දේවාලය සඳහා වෙන්කර තිබූ ඉඩ කඩම් නිසා කපු ගම වූ බවයි කියැවෙන්නේ.

        මෙම දේවාලකන්ද අදටත් හාස්කම් පිරුණු තැනක්. හොඳට පේවී නොගියහොත් අතරමංකරනවා. මීට වසර හතරකට පෙර එවැනි සිද්දියක් වාර්තා වූ බව වත්මන් කපු මහතා පවසා සිටියා. දේවාල මඩුවට කෝටු කපන්නට රන්ගලට ගිය පිරිස අතරමංවෙලා ගාලක පැටලිලා ආපසු එන්නට බැරිව හිඳිද්දී ඔහුට හමු වෙලා තිබෙනවා.   මේ දේවාලය ආරම්භ වූ කාලය පිළිබඳ නිශ්චිතවම කිව නොහැකි වුවත් මීට වසර දෙසීයකට පමණ පෙරදී මෙහි සිටි බෙන්තර මහසාමිලාගේ අර්නෝලිස් පත්තිනි මහතා සිය තේවා කටයුතු කර තියෙන්නේ රන්ගල කන්ද මුදුනේ නොවෙයි. කුමන හෝ හේතුවක් නිසා දේවාල හළන් පහතට වඩම්මවලා කපුගම කියන ගම්මානයේ තැන්පත් කරලා තිබෙනවා. ඉතින් අර්නෝලිස් පත්තිනි හාමි ගේ කාලයේ සිදුවූ හාස්කම් දෙකක් ජනප්‍රවාදයට එක් වෙලා තියෙනවා.

         දවසක් පත්තිනි හාමිට කියලා තේවාවක් කරගන්නට ගැමියෙක් එනවා. පත්තිනි හාමි නිතරම දේවාලයෙ සිටින්නේ නැහැ නොවැයි. ගැමියා බලා හිඳලා ගෙනා බුලත් හුරුල්ල දේවාලය කනප්පුව උඩ තියලා පල්ලම් බැස්සා. සවස් යාමයේ පත්තිනි හාමි ආපසු දේවාලයට පැමිණියා. පැමිණි පසු නිවසට නොයා කෙළින්ම යන්නේ දේවාලයටයි. මෙන්න අපූරු සිදු වීමක්. බුලත් හුරුල්ල පැළවෙලා. මේ පැළ වූ බුලත් වලින් හැදුණු පැළ රාශියක් දේවාලය වටේටම අදත් තිබෙනවා.ඉතින් එදායින් පස්සේ මේ දෙවාලය හුරුළු ගෙදර දේවාලය කියාලයි හැඳින්වෙන්නේ.

        අරනොලිස් පත්තිනි හාමි යහපත් පුද්ගලයෙක්. ඔහු දේවාල රාජකාරි වලට අමතරව ගොවිතැන් කලා. එළවුළු අල භෝග වැවීම මගින් ගෙදර දොරට අවශ්‍ය අඩුම කුඩුම සපායාගත්තා . අමුඩයකින් සැරසිලා කොරටුවේ හිටින පත්තිනි හාමි ඉදිරියේ දවසක් කත්කාරයෙක් පෙනී හිටියා. දුර බැහැරක ඉඳන් එන නිසා පත්තිනි හාමි ඇහුවා ගොයියෝ ඔය කදේ මොනවාදැයි කියලා. සිංහලයන් ගේ සිරිත ඒක නොවැ. ඉතින් කත් කාරයා ගත් කටටම කීවේ. කදේ තියෙන්නේ උඳු කියලයි. උන්නැහේ කිව්වේ කටට ආපු බොරුවක්. කදේ තිබුණේ හාල්. නෑගම් ආපු ගමනක්. ඉතින් මේ කත් කාරයා පත්තිනි හාමිඑක්ක තවත් කථාවට නොවැටී යන්නට ගියා. නෑ ගෙදර ගිහින් කද වහුම් ඇරලා ලිහන්න ලෑස්ති වෙනකොට අපූරු දෙයක් සිදු වෙලා තිබුණා. කත් කාරයා කිව්වා වගේම කතේ පුරෝලා තිබුනේ උඳු. ඉතින් ගෙදර උදවිය ඇහුව මගදි කවුරුත් මුණ ගැහුණද කියලා. අමුඩයකින් සැරසිලා  කොරටුවක වැඩ කරගෙන උන්නු ලොක්කෙක් මුණ ගැහුණා කියලා කිව්වා. ගෙදර අයට කාරණය තේරුණා. මේ හමු වෙලා තියෙන්නේ පත්තිනි හාමි බව දැන ගත්තා. විගැහින් ලෑස්ති වෙලා. අර ගොයියත් කැටුව දේවාලයට ගියා. ගිහින් පඬුරු ඔප්පු කරලා බුලත්දීලා කිව්වා වෙච්චි හරිය. පත්තිනි හාමි හිනැහිලා කීවා මෙහෙම. ආ ඕක ඔය හැටි ගණන් ගත්තේ මොකටදැයි. මට පණිවුඩයක් ඒව්වා නම් ඉවරයිනෙ.ඉතින් කට්ටිය ආපසු ගෙදරටම ආවා. ඇවිත් බැලින්නම් උඳු ටික ආයේ හාල් වෙලා. හුරුළු ගෙදර පත්තිනි දේවලයේ හාස්කම් අදටත් ඔහොම තමයි.

මතුගම සෙනෙවිරුවන්