පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, June 30, 2021

කොරෝනා පනත සූම් අධීකරණ සහ විපතේ වැටෙන රාජ්‍ය ආරක්ෂාව

 

 


                      

         අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ජූනි මස 08 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කොරෝනා වෛරස රෝගය (කොවිඩ් 19)(තාවකාලික විධි විධාන )  නම් පනත් කෙටුම් පත මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වී ඇත. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් අදාළ විරෝධතාවය ඉදිරිපත් කර ඇති අතර මේ පිළිබඳ බරපතල සංවාදයක් මේ වන විට සමාජය තුළ හට ගැනී අත. කොරෝනා වසංගත හමුවේ අඩපණ වී ඇති නීතිමය කටයුතු පවත්වාගෙන යෑමට ගිවිසුම් පිළිබඳ ප්‍රශ්ණ නිරාකරණයට යන කරුණු  බලාත්මක කිරීම සඳහා සහ විකල්ප අධීකරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම මෙම පනතේ අරමුණයි.බැලූ බැල්මට තත්කාලීන වසංගත තත්වයට අදාල සරල පනතක් යැයි සිතුවද මෙහි යටින් දිවෙන නෛතික තත්වය ඉතා බරපතලය.

    කොටි ත්‍රස්තවාදයත් මුස්ලිම් අන්තවාදයත් මේ රටේ භෞමික අඛණ්ඩතාවයට බරපතල තර්ජනයක් එල්ල කිරීමට සමත් විය. යුධමය වශයෙන් කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කරනු ලැබූවද ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට පවතින මුල්‍යමය ශක්තිය මත තව දුරටත් ඊළාම් මතවාදය ක්‍රියාත්මක වෙයි. එයට අමතරව මුස්ලිම් අන්තවාදී ගිනි පුපුරු නැග පැමිණි හැටි පසුගිය පාස්තු ප්‍රහාරයෙන් දක්නට හැකි විය.උතුරු සහ නැගෙනහිර පෙදෙස් වෙන් කර ගැනීමට කරන ලද ඊළාම් සටන යුද්දයකින් පරාජයට පත් කරන ලද නමුත් ඊළාම් මතවාදය ජගත් තලයේ අවසන් කර ගැනීමට මේ වන තෙක් රජයට හැකි වී නොමැත.එයට හේතුව ඊළාම් මිත්‍යාවට පදනම් වූ ඊනියා දෙමළ නිජ බිම ප්‍රතික්ෂේප කරලීමට මෙරට බලධාරීන් අපොහොසත් වීමයි.මුස්ලිම් අන්තවාදය ද පෝෂණය කරලීමට මෙරට දේශපාලනඥයන් උදව් වූ හැටි අපට පාර්ලිමේන්තු ඉතිහාසයෙන්ම සොයා ගත හැකිය. අශ්රොෆ් මහතාගේ ඉල්ලීම මත මනාප චන්ද අනුපාතය සියයට 12 සිට සියයට 5 දක්වා අඩු කිරීම මෙහිදී දැක්විය හැකිය. අනතුරුව රජයේ විශේෂ ඇමතිකම් ප්‍රදානය කිරීමත් ඒ පිහිටෙන් ධනයෙන් ද බලයෙන්ද අනූනව ඉඩම් මං කොල්කෑම් මත්ද්‍රව්‍ය වෙළදොම් මෙන්ම විවිධ අන්තවාදී ආයතන සඳහා පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කර ගැනීමත් දැක්විය හැකිය. රවුෆ් හකීම් අධිකරණ ඇමතිවරයාගේ කාලයේ අයථා ලෙසට නීති විද්‍යාලයට බඳවා ගන්නා ලද මුස්ලිම් සිසුන් විශාල පිරිසක් සිටී. එසේම ඔහු විසින් නීති විද්‍යාලයේ අධ්‍යාපනයෙන් සිංහල මාධ්‍යය අහෝසි කරන ලද්දේය.හකීම් අමාත්‍යවරයාට වඩා වෙනස්මගක ගිය බද්යුදීන් අමත්‍යවරයා මන්නාරම් කලාපයේ කළ අනවසර පදිංචි කිරීම් මත මුස්ලිම් කොලණි පිහිටුවීමට සමත් විය. මේ ක්‍රියාකාරිත්වයේ අවසාන ප්‍රථිපලය බව පත් වූයේ පාස්තු ප්‍රහාරයයි.මේ මගින් නැගෙනහිර සහ වයඹ මුස්ලිම් කලාපයක් නිර්මාණය කර ගැනීමේ උත්සායක් තිබුණි.

      මෙවැනි අන්තවාදී  දේශපාලන පසුබිමකට දිය හැකි හොඳම පිළිතුර විශේෂ දෙමළ නීති සහ මුස්ලිම් නීති අහෝසි කොට දෙමළ සහ මුස්ලිම් ජනතාව මේ රටේ ජනතාවගේ කොටසක් බවට පත් කිරීමයි. එහෙත් ඒවැනි සාධාරණ පියවරකට යෑම වෙනුවට  නීතිය තුළ සමානව කටයුතු නොකරමින්  කල් මැරීම සහ ප්‍රශ්ණ යටපත් කිරීම වර්තමාන ආණ්ඩුවේද ප්‍රතිපත්තිය වී ඇත. වර්තමාන අධීකරණ ඇමති අලි සබ්‍රි කරළියට පැමිණෙන්නේ මෙවැනි තත්වයක් තුළය. වර්තමාන ආණ්ඩුව තනි සිංහල ආණ්ඩුවක් වශයෙන් ජනතා කැමැක්තෙන් ඉදිරියට පැමිණීයද දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්ට ආණ්ඩුව තුළ විශේෂයක් නොකළද අධිකරණ අමත්‍යංශය වැනි විශේෂිත අමාත්‍යංශයක් ජාතික ලැයිස්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතාට පවරා තිබේ..

 මේ පත් කිරීම පිළිබඳව මහා සංඝ රත්නයෙන් පවා විරෝධය එල්ල වුවද අධිකරණ අමාත්‍යංශය මුස්ලිම් කරණයෙන් බේරා ගැනීමට නොහැකි විය. මෙම ඇමතිවරයා හකීම් අමාත්‍යවරයා අනුගමනය කරමින් නීති විද්‍යාල ප්‍රවේශයට සිංහල හා දෙමළ භාෂාවෙන් ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව අහෝසි කරන ලද්දේය.ඒ අනුව මින් ඉදිරියට නීති විද්‍යාලයෙන් බිහි වනුයේ ඉංග්‍රීසි උගත් සිංහල බසින් අධිකරණය ඇමතිය නොහැකි නීතිඥයන්ය. ඒ මගින් සාමාන්‍ය ජනතාවට විය හැකි අසාධාරණය කුමක්දැයි පිළිබඳ සාකච්ඡාවක් නැත. මේ පුද්ගලයා ඉන් නොනැවතී විහාර දේවාලගම් පනතද විවේචනයට ලක් කරන ලද්දේය. එසේම කොරොනා රෝගයෙන් මරණයට පත් වූ මුස්ලිම් ජනතාව අදාහනය කිරීමට විරුද්ධව අරගලයක් කොට භූමදානයට අවස්ථාවක් ලබා ගත්තේය.ඒ මුස්ලිම් ජනතාව මෙරට විශේෂ පිරිසක් යැයි තව දුරටත් අවධාරණය කරමිනි.

   අලි සබ්‍රි අමාත්‍යවරයාගේ ඊලඟ තුරුම්පුව වී ඇත්තේ කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතයි. මේ පනතේ දක්වා තිබෙන්නේ මේ කොරෝනා වසංගත කාලය තුළ අධිකරණ කටයුතු පවත්වා ගෙ යෑමේදී සිදුවන අපහසුතා වැලැක්වීම වුවද එහි අර්ථ නීරූපණය තුල එනම් 12 වන වගන්තිය තුළ දක්වා තිබෙන දෙයින් රටේ නීතිය බලවත් කැළඹිමකට පත් වන බව කිව යුතුය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය කරමින් ඇතුල් කරන ලද මේ වගන්තිය තුළින් කොරොනා රෝගය පාලනය කිරීමට විදේශ නීති පවා(වෙනත්රටක වෙනත් දේශයක නීතියක් ) ගෙන ඒමට ප්‍රතිපාදන පණවා ඇත. මෙම විදේශි නීති යනුවෙන් අදහස් කරන්නේ කෙරෝනා සම්බන්ධ නීති යයි පැහැදිලිය. එහෙත් මෙම ප්‍රතිපාදනය සම්මත වුවහොත් අනාගතයේ දී පනත වෙනස් කොට තවත් නීතිද ආදේශ කළ හැකිය. අධිකරණ ඇමතිවරයා එහිදී අදහස් කරන්නේ කොරෝනා සම්බන්ධව විදෙස් රටවල දැනට අනුගමනය භූමදාන නිතිය සහ එන්නත් සම්බන්ධ නීති විය හැකිය. මැද පෙරදිග රටවලට බලපාන ශරියා නීතියද ඔහු අදහස් කරනවා යයි මොහොතකට සිතුවහොත් එයද විය හැකියි. නැතිනම් යුඅපරාධ විභාග කිරීමට අවශ්‍ය දෙමුහුම් අධිකරණයක් ස්ථාපිත කිරීමද අනාගතයේ සිදු විය හැකිය.පනත තුළ ඒ සඳහා පළමු පියවර තබා ඇත. විදේශ ඔත්තු සේවා වල අවශ්‍යතාවය ඉටුකරන පනතක් ලෙසට මෙය හඳුන්වාදීමට තවමත් සාක්ෂි ප්‍රමාණවත් නොවන නමුත් ඒ පිළිබඳ සැකය අපගේ සිත් තුළ පවතී. එම තත්වය තුළ ගෞරවනීය විනිසුරුවන් මේ පනතට අදාළව කුමන තීන්දුවක් දෙන්නේ දැයි   අපට කිව නොහැකිය. නමුත් සමාන්‍ය සෞඛ්‍ය නීතියක් යටතේ ව්‍යවස්ථාදායකය නොමග යවා ගෙන එන නීති රීති කුමක් දැයි ඇසීමට මහජනතාවට අයිතියක් ඇත.



    මෙම පනතේ අනෙක් බරපතල පැත්ත නම් විකල්ප අධිකරණ ක්‍රමයයි. වර්තමානයේ අධ්‍යාපනයට සම්මන්ත්‍රණ වලට පොදුවේ බහුලව යොදාගන්නා  ක්‍රමයක් වන මාර්ගගත ක්‍රමය (සූම් තාක්ෂණය හෝ ටීම් තාක්ෂණය ) යටතේ අධිකරණ කටයුතු පවත්වා ගෙන යෑම ඉන් අදහස් කෙරේ. 2021 /06/29 දින සිට එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කලින්ම සැලසුම් කර තිබුණි. සූම් සමාගම හෝ මයික්‍රොසොෆ්ට් සමාගම ඇමරිකාවේ ෆෙඩරල් නීතිය තුළ  ගිවිසගෙන ඇති ආයතනයන් වෙති. ඒවායේ කොන්දෙසි  ගැන අප නොදනිමු. එවැනි තත්වයක් තුළ ලංකාවේ අධිකරණයත් ඇමරිකාවේ දුරස්ථ සංනිවේදන ආයතනයත් එඟග වන්නේ කුමන ගිවිසුමකටදැයි අප නොදනිමු.මේ ගිවිසුම කුමක්දැයි නීතිඥ අරුණ උණවටුන මහතා තොරතුරු පනත යටතේ විමසා තිබේ.  සෑම සූම් සාකච්ඡාවක්ම ඉබේ පටිගත වන බැවින් අධිකරණයේ ගෞරවනීය බව මෙන්ම අතැම් විට රහස්‍ය බවද අවලංගු වී විවෘත ඩිජිටල් වේදිකාවක් නිර්මාණයය වන බව මෙහිදී පෙනේ.

 ලංකාව වැනි ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතු   අන්තර්ජාලය හරහා ඇමරිකාවේ රහස් ඔත්තු සේවා වලට යෑමේ බරපතල අවධානමක් මෙහි තිබේ.යුධ අපරාධ හෝ මානව හිමිකම් නඩු එහිදී විශේෂිතය. මීට වසර ගණනාවකට පෙර ඇමරිකාව ඉන්දියාවේ න්‍යෂ්ටික පිපිරීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා ස්ථානගත කළ ආකාරය මෙහිදී සිහිපත් කළ යුතුය. දැන් එවැනි ඔත්තු බැලීමකට තිබෙන සරලම ක්‍රමය දුරස්ථ සංන්වේදන ක්‍රමයයි. මේ තාක්ෂණය මගින් ලෝකයේ විවිධ තැන්වල පවතින  සියලුම් දැනුම් මෙන්ම රහස්ද ක්ෂණයකින් උකහා ගත හැකිය.මෙම මාර්ගගත අධිකරණ ක්‍රමයේ තිබෙන අනෙක් භයානක තත්වය නම් විත්තිකරුවකුගේ සාක්ෂිය විකෘති කිරීම වෙනත් පුද්ගලයෙකු යෙදවීම වැනි  දූෂණයන් සිදු කිරීමට අවස්ථාව සැලසීමයි. එම නිසා කොරෝනා පනත හරහා සිදු වන ව්‍යවස්ථාමය උල්ලංඝණය වීම මෙන්ම ජාතික ආරක්ෂාවට වන තර්ජනය පිළිබඳව ද අපට සුළුවෙන් තැකිය නොහැකිය.

 මතුගම සෙනෙවිරුවන් 

Thursday, June 24, 2021

සිංහල බස ඉවත් කොට ඉංග්‍රිසිය රජ කිරීම කිනම් සරදමක් ද

 

 

 


                              

                     1815 මාර්තු 02 වන දින අත්සන් කරන ලද සිංහලේ ගිවිසුම සිංහලබසින් සහ ඉංග්‍රීසියෙන් සකස් කරන ලද්දකි.1591 දී පරංගීන් සමග අත්සන් කරන ලද නල්ලූර් ගිවිසුමද සිංහල බසින් සකස් කරන ලද්දක් බව පැවසේ. අනාදිමත් කාලයක පටන් මේ රටේ ප්‍රධාන භාෂාව වශයෙන් සිංහල බස පැවතී ඇති බවට සාක්ෂි එමටය. නමුත් මහනුවර යුගයේ අවසාන කාලය වන විට එවකට සිටි නායක්කර  රජුන් රජ වාසලේ කටයුතු සඳහා සිංහල බසට අමතරව තෙලිඟු බසද යොදා ගෙන තිබේ. විශේෂයෙන්ම ඔවුනොවුන් කතාබහේ දී තෙලිඟු බස යොදා ගත් බව පැහැදිලිය.සිංහල රජ පරපුර අවසන් වනුයේ වීර පරාක්‍රම නාරෙන්ද්‍රසිංහ අවදියේ දීය.උනම්බුවේ බණ්ඩාරට රජකම නොදී මදුරෙයි බිසවගේ සහෝදරයාට රජ කම ලබා දෙන්නට සංඝරාජ හිමියන් පවා එකඟ වන්නට ඇත්තේ ඔවුන්ට තිබූ මුදල් බලය නිසා වන්නට පුලුවනි.සංඝරාජ හිමි ඇසුරේ අකුරු ශාස්ත්‍රය හැදෑරූ නායක්කර කුමරුට රජකම ලබා දීමෙන් උපසම්පදාව ගෙන එන්නට පිටිවහලක් ලැබෙනු ඇතැයි උන්වහන්සේ තවදුරටත් සිතන්නට ඇත. කෙසේ වෙතත් එද සිටි භික්ෂූන් වහන්සේලා සිංහල කමත් බුද්ධ ශාසනයත් ඒකට හැදී වැඩෙන බව විශ්වාස නොකළ බව පැහැදිලිය.ඒ නිසා සිංහල ජාතිය අනතුරේ වැටුණු අතර අවසානයේ සිංහල සිංහාසනය පරසතුරන් අතට පත් විය. ඉන් පසු ඉංග්‍රීසි බස රජ බස වූ අතර රජයේ සියලු කටයුතු ලියකියවිලි පවත්වා ගෙන යනු ලැබූවේ ඉංග්‍රීසි බසිනි.මේ නිසා බහුතර සිංහලයන්ට උසස් නිලතල වලට පත් වීමේ අවහිරකම් ඇති විය. මේ නිසා නිලමේ වරු ඇතුලු රදළයන් ගේ දරුවන් හට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්ථාව ලබා ගැනීම කළ යුතු විය. අරක්කු රේන්දය හා මිනිරන් වෙළදොම නිසා අලුත පොහෙසත් වූ ධනපති පන්තියක් මේ අවදියේ දී ප්‍රභූත්වය ලබමින් සිටියහ.ඔවුහු නොපැකිලව සිය දරුවන් එංගලන්තයට යවා බැරිස්ටර් ආදී විභාග වලට ඉදිරිපත් කොට ඉංග්‍රීසි උගතුන් බවට පත් කළහ. ඉංග්‍රීස බස රජ වූයේ එලෙසයි.

         ලංකාවට නිදහස ලබන කල්හි සියවස් ගණනාවක සිට ලෝකයේ කීර්තිමත් භාෂාවක් බවට පත් ව තිබූ සිංහල බස කුස්සියේ බාසාව වී තිබුණි. ආලින්දයේ දී සිංහලයන් පවා කතා කලේ ඉංග්‍රීසි බසිනි. පොහොසත් සාහිත්‍යයක් ලෙන්ගතු වාග් විලාශයත් අමතක කරමින් කඨෝර ඉංග්‍රිසී බසින් කටයුතු කිරිම කාටත් ප්‍රියමානාප විය.1948 දී නිදහස ලැබීමෙන් පසු නිදහස පිළිබඳ අදහස් වැඩි වැඩියෙන් කුළු ගැන්වෙමින් ඉල්පෙමින් තිබූ කාල වකාවානුවක සිංහලබස රජ බස කරමු යැයි යෝජනාවක් ඉදිරිපත් විය.ඒ ජේ.ආර්. ජයවර්ධන කැළණිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙනි.නමුත් මේ අදහස ක්‍රියාවට නැගීමට හැකිවූයේ 1956 දී බණ්ඩාරනායක මහතා මහජන එක්සත් පෙරමුණ හරහා බලයට පත් වීමෙන් පසුවයි.බණ්ඩාරනායක මහතා රාජ්‍ය භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නිසා මෙරට දේශප්‍රේමීන් ගේ සිත් තුල මහත් බලාපොරොත්තුවක් දැල්විණ.නමුත් දෙවනුව ඉදිරිපත් කල දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත නිසා එක රටක් තුළ නීති දෙකක් ක්‍රියාත්මකවීමට අවශ්‍ය පසුබිම සකස් වුණි.

     බණ්ඩාරනායක ඝාතයෙන් පසුව එතුමාගේ භාර්යාව වූ සිරිමාවෝ මැතිණියට ලැබුණු ජන ප්‍රසාදය මත බලයට පත්වීමට හැකි වූ අතර 1961 ජනවාරි මාසයේ සිට බණ්ඩාරනායක මහතාගේ රාජ්‍ය භාෂා පණත ක්‍රියාත්මක වීමට කටයුතු සැලැස්විණ.එපමණක් ද නොව උසාවි වල සිංහල බසින් කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සලස්වන පනතක්ද එහිදී සම්මත විය. මේ සම්බන්ධව එවකට අධිකරණ අමාත්‍යවරයාව සිටි සෑම් පී.සී.ප්‍රනාන්දු මහතා 1961 ජනවාරි මාසයේ දී කොළඹ ගුවන් විදුලියේ කළ කතාව මෙසේ දක්වන්නට හැකිය.

   ' අද දින 1961 ජනවාරි මස 1 වන දා ලංකා ඉතිහාසයේ නව යුගයක් උදා විය.අද සිට මේ රටේ රාජ්‍ය භාෂාව නැවත වරක් සිංහල භාෂාව වෙනවා. අවුරුදු 400 කට පමණ ආසන්න කාලයක්  මේ රට පරදේශක්කාරයන් ගේ අත් අඩංගුවට යට වී තුබූ කාලයේ අපේ විදෙශීය ස්වාමිවරු පමණක් නොව මේ රටේ යම් යම් කොට්ඨාශ ද සිංහල භාෂාවට දී තිබුනේ සැලකිය යුතු ස්ථානයක් නොවේ.අපේ භාෂාව යලිත් නියම ස්ථානයට නගා ලීමට ඉදිරිපත් වූවන්ගේ විරුද්ධවාදී කම් නොතකා අපේ නැසී ගිය අග්‍රාමාතය ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ දී 1956 ප්‍රකාශයක් කරමින් 1961 ජනවාරි 01 වන දා සිට සිංහල භාෂාව යලිත් මේ රටේ එකම රාජ්‍ය භාෂාව බව ප්‍රකාශ කර සිටියා. පසුගිය අවුරුදු 4 ක කාලය තුළ අප විශ්වාස කලේ මෙය සිහිනයක්ය කළ නොහැක්කක් බවත්ය. මේ තරම් පෞරාණික වූත් මෙවැනි ප්‍රෞඩ වූත් භාෂාවකට ඔවුන් සමච්චල් කලා.පමණක් නොව එය සහමුලින්ම නැතිවී යෑමට ඉඩ ඇති විය. අද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව විසින් සිංහල භාෂාව රාජ්‍ය භාෂෘව කර ඊට නිසි ස්ථානය දී තිබෙනවා. මීට අවුරුදු 2000 කට පෙර මෙම ලක්ෂණ භාෂාව අපේ එවකට සිටි තානාපතීන් විසින් ඈත ග්‍රීසියේද රෝම අධිරාජ්‍යයේ රාජ සභාවේ ද චීන අධිරාජ්‍යයේ රාජ සභා වලද කතා කල බව අපට සිහි වන විට අපට මේ භාෂාවට යළිත් පෙර තුබූ ස්ථානය ලැබීම ගැන ප්‍රීතිවිය නොහැකිද.

      ඊයේ මහජන මන්ත්‍රීමණ්ඩලයේ ඉතිහාස ගතවන සැසියකින් පසු මේ ආණ්ඩුවේ භාෂා ප්‍රතිපත්තිය තව පියවරක් ගනිමින් උසාවි වල සිංහල භාෂාවේ පාවිච්චිය සඳහා උසාවි භාෂා පනත සම්මත කරන ලදී. මේ පනත මේ සතියේ උත්තර මන්ත්‍රී මණ්ඩලයටද ඉදිරිපත් කරනවා ඇත. මේ පනත අනුව අගමැතිණිය සමග සාකච්ඡා කර අධිකරණ ඇමති තුමාට උසාවියක සිංහල භාෂාවෙන් වැඩ කළ යුතුයි තීරණය කිරීමට බලයක් තිබෙනවා. එම තීරණ ගන්නා විට එම උසාවියට සිංහලෙන් වැඩ කිරීමට කොපමණ දුරට පුළුවන් දැයි ඇමතිවරයා සලකා බලනු ඇත.මේ අවස්ථාවේ ද්‍රවිඩ භාෂා කතා කරන මගේ මිත්‍රයන්ට විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් වල වසන අයට අධිකරණ ඇමතිවරයා වශයෙන් මා විසින් සත්‍ය ලෙස කියන්ට කැමතියි මේ පනත ක්‍රියාවේ යෙදෙන විට මගෙන් ඔවුන්ට කිසිම හානියක් හෝ අමාරු කමක් සිද්ද නොවන බව.අපේ නැසීගිය අගමැතිතුමා අපේ ද්‍රවිඩ සහෝදරයින්ට රාජකාරියේ දී ඔවුන්ගේ භාෂාව සාධාරණ ලෙස පාවිච්චි කිරීමට ඉඩ ප්‍රස්ථාව දීමට ඉතාමත් කරුණවෙන් අදහස් කර සිටි බව කවුරුත් දන්නවා ඇති. එතුමගේ ප්‍රධානත්වයෙන් 1958 අවුරුද්දේ දී පාර්ලිමේන්තුව මගින් දෙමළ භාෂා විධිවිධාන පනතක් නීතිගත කරන්නට යොදුනා.

     මේ පනත යටතේ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනයාට ඔවුන්ගේ භාෂාවෙන්ම අධ්‍යාපනය ලබා ගැනීම පමණක් නොව රජය සමග කටයුතු වලදීද ඔවුන්ගේම භාෂාව පාවිච්චි කිරීමට ඉඩදී තිබෙනවා. මෙය විශේෂයෙන්ම උතුරටත් නැගෙනහිරටත් බලපානවාය. ඔවුන්ගේ භාෂාවෙන් ඉගෙනීම ලැබීම ඔවුන්ට රජයේ සේවයට බැඳීමට කිසිම අවසරයක් නැති බවටද සත්‍යකි. නමුත් අපි විශ්වාස කරනවා අන් භාෂාවකින් ඉගෙනීම ලත් අය සාධාරණ කාල සීමා වක් ඇතුළත දී සිංහල භාෂා ප්‍රවීනත්වයක් ලබා ගනීවිය කියා. මීට දින ස්වල්පයකට කලින් මේ ආණ්ඩුව නොයෙක් කරුණු සලකා බලා සකස් කරනු ලැබූ ක්‍රමයකට අනුව ආණ්ඩුවේ සියලු සේවකයන් ආදී හෝ නවක හෝ වේවා නියම කරන ලද කාල සීමාවක් තුළදී රාජ්‍ය භාෂාවේ ප්‍රවීනත්වය ඇති කරගත යුතුයි.

 අපේ නැති වී ගිය සංස්කෘතික උරුමය නැවත නගා දීමට අප විසින් ගන්නා මේ වෑයම ඉතා මිත්‍රත්වයෙන් සුහදතාවයෙනුත් යුක්තව රජයේ මේ භාෂා ප්‍රතිපත්තිය පිළිගන්නා ලෙස ආණ්ඩුව වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිගන්නා ලක්ෂ සංඛ්‍යාත ජනයා වෙනුවෙනුත් ද්‍රවිඩ ජාතික සහෝදරයන්ගෙන් මම උදක්ම ඉල්ලා සිටිනවා. මේ ආණ්ඩුවේ අදහස රටේ නොයෙක් ජාතීන් අතර සමගිය වැඩි දියුණු කිරීමයි. ඒ සමගිය මහජනයාගෙන්ම ඇතිවිය යුත්තක්. මේ කාරණාව හැම දෙනාම විසින්ම සිත්.තබා ගතහොත් මේ රටේ ජාතීන් අතර සමගිය සඳහා ගත් වටිනා පියවරක් වනවා ඇත.'(ශ්‍රී ලංකා සඟරාව -ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව )

      1961 ජනවාරි පළමුවන දා සිට සිංහලය රටේ රාජ්‍ය භාෂාව කොට එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කොට රාජ්‍ය භාෂාවෙන් අධ්‍යාපන පෙල පොත් පවා සම්පාදනය කළ නමුත් 1977 පත් වූ ජේ.ආර්.ජයවර්ධන රජය මගින් ඇති කරන ලද විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මත සිංහල රජ බසෙහි වටිනාකම් ක්‍රමයෙන් අහෝසි කරන ලදහ. එවකට අධිකරණ ඇමති වරයාව සිටි කේ.ඩබ්. දේවනායගම් මහතා විශේෂ පනතක් ගෙනවුත් ඉහළ උසාවි වල අධීකරණ කටයුතු යලි ඉංග්‍රීසි බසින් හැසිරවීමට අවස්ථාව සලසා දුන්නේය. මේ කාලයේ රජයේ නීති විද්‍යාලයට ඇතුලත් වන සිසුන්ට සිහල හා දෙමළ මාධය වලින් ඉගෙනීමට පහසුකම් ලැබී තිබුණි. රවුෆ් හකීම් අධිකරණ අමාත්‍යවරයාගේ කාලයේ දී එම වරප්‍රසාදය අහෝසි කොට මුස්ලිම් සිසුන්ට ප්‍රමුඛතාවය ලබා දී තිබේ. අනතුරුව වර්තමාන අධිකරණ ඇමති අලි සබ්‍රි විසින් කරන ලද යෝජනාවක් පරිදි නීති විඝායට සිංහල හා දෙමළ බසින් ඉදිරිපත් වීමට තිබුණු වරප්‍රසාදයද ඉවත් කර තිබේ. මේ කටයුතු මෙලෙස සිදු වෙන විට උතුර සහ නැගෙනහිර පළාත්වල සියලුම අධිකරණ කටයුතු දෙමළ බසින් පැවැත්වේ. සිංහල පරිවර්තනයක් පවා ලබා ගත නොහැකිය. පසුගිය කාලයේ නැගෙනහිර පුරාවස්තු විනාශයන් සම්බන්ධව පැවති නඩු විභාග වලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිළධාරීන් පවා අපහසුතාවයට පත් වී තිබුණේ මෙම තනි දෙමළ ප්‍රතිපත්තිය නිසාවෙනි. 1961 දී බණ්ඩාරනායක රජය බාලපොරොත්තු වූ සමගිය සංහිදියාව වෙනුවට දෙමල ජාතිවාදය සහ මුස්ලිම් අන්තවාදය ක්‍රමානුකූලව හිස ඔසවා තිබෙන බව පෙනේ. දැන් සිංහල පමණක් නොව දෙමළද පසෙකට කරමින් ඉංග්‍රීසි බස රජ කරවීම අලුත් වටයකින් ජයටම සිදු වෙයි.වර්තමාන අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මෑතකදී කළ ප්‍රකාශයකින් ඒ බැව් තහවුරු වී තිබේ. බාලංශයේ සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධයාපනය ලබා දීමට පාසල් ඇති කරන බව ඔහු දක්වා ඇත.මේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැන්වෙනුයේ දැනට ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපනය ලැබා කොවිඩ් වසංගතය නිසා මුදල් ගෙවා අධයාපනය ලැබීමට නොහැකි වන සිසුන්ට මූලික පහසුකමක් සලසා නොමිලේ ඉගෙන ගැනීමටයි.

   සිංහල බස සිංහලයන්ගේ ආත්මීය භාෂාවයි. කුඩා කාලයේ සිට හසුරුවන එහි ලෙන්ගතු වදන් තුළින් සිංහලයන්ගේ ආත්ම විශ්වාසය කරුණාව මෛත්‍රිය පමණක් නොව කුසලතාවයද පිළිබිඹු කරයි. පාලි භාෂාව බුද්ධ ධර්මයේ ඉගැන්වීම් පිළිබඳව ප්‍රකාශ කළ හැකි හොඳම බස වන අතර සිංහල බසින් එය තේරුම් කර ගැනීම ට අවශ්‍ය අටුවා ටීකා ද ලියැවීම විශේෂිතය. සිංහල බුද්ධාගම යනුවෙන් අප හඳුන්වන විශේෂිතය තුළ මේ අන්‍යතාවය දක්නට හැකිය.ආචාර්ය සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා නිදහස් අධයාපනය බිහිකරමින් ගම්වල දූ දරුවන්ට සිය කුසලතාවය පෙන්වන්නට අවස්ථාව සලසා දුන්නේ මේ කරුණු සලකා බැලීමෙනි. එවැනි තත්වයක් තුළ පවතින සිංහල භාෂා ව්‍යවහාරය අඩපණ කිරීමට වර්තමානයේ පිඹුරුපත් සැකසීම සිංහලයාට මේ රටේ තිබෙන අයිතිය විනාශ කිරීමකි.

මතුගම සෙනෙවිරුවන්

 

Sunday, June 20, 2021

චීන සිංහල රජ පවුල සහ ගැටබරු දෙවියන් ගැන අප්‍රකට තොරතුරු

 

 

 

 


                         

          හයවන පරාක්‍රමබාහු රජු ලංකාව එක සේසත් කොට කෝට්ටේ රාජධානිය මුල් කොට වසර පණස් හතරක් රාජ්‍යත්වයේ සිටි බව ඉතිහාස මූලාශ්‍ර වල සඳහන්ය..ඔහුගේ මව වූයේ ගිරිවංශික  සුනේත්‍රා දේවියයි.ගම්පළ වීරබාහුත් සමග සටන් කොට පැරදී චෝල දේශයට පලා ගිය ලැමණි වීර අලකේශ්වර ඇයගේ ස්වාමියා වෙයි.ගිරිවංශික සම්බන්ධය නිසා ලම්භකර්ණයන්ද මේ යුගයේ අලකේශ්වර නාමය ගත්හ. මේ අලකේශ්වර පරපුර නොහොත් අලගක්කෝනාර පරපුර ලංකාවේ ආරම්භ වන්නේ දසවැනි ශතවර්ෂයේ දී පමණි. දෙවනි කාශ්‍යප රජු ගේ පුත් මාන කුමරුගේ දරු පරපුර වත්මන් කේරළයේ නොහොත් අතීත පල්ලව දේශයේ රජ පරපුර සමග කටයුතු කොට නැවත ලංකාවට පැමිණීමත් සමග  ප්‍රභූ පවුලක් ලෙසට  අලකේශ්වර පරපුර නැවතත් මතු වූ බව කිව යුතුයි. ගිරිවංශික අලකේශ්වර පරපුර  බලයෙන්ද ධනයෙන්ද අග තැන්පත්ව වණිග්වංශ ශිඛාමණී යනුවෙන් විරුද නාමයක්ද දරා ඇත.

     දළදා වැඩමවූ දාඨාවංශික කීරවැල්ල පරපුරේ සුප්‍රකට කුමාරිකාවක් වන ස්වර්ණ මාණික්‍යා කුමරිය සයවන පරාක්‍රමබාහු රජුගේ අග බිසවයි. මේ අගබිසව  නොබෝ කාලයකින්  දැඩි සේ ගිලන් වන අතර බිසවට අසාධ්‍ය බව දැන ගෙන රජු ප්‍රතිකාර පිණිස ඉන්දියාවෙන් බමුණන් ගෙන්වා යාග හෝම කොටත් සනීප නොවන  බව තේරුම් ගෙන මවුකිරි වලින් සමන්විත බෙහෙත් ඔරුවක දමා ප්‍රතිකාර කළ බව සඳහන්ය. නමුත් අවාසනාවකට මේ බිසව ඉතා ඉක්මනින්ම මිය ගියේය. අග බිසව මිය යද්දී රජුට සිටියේ  ලෝකනාථා උලකුඩය දේවිය නමින් වූ දුවණියක් පමණි. පුතෙක් හිටියේ නැත. කීරවැල්ලේ කුමරියගේ නැගණියගේ දරුවන් වන සපුමල් කුමරුත් අම්බුළුගල කුමරුත් රජ වාසලේ ඇති දැඩි වන්නේ රජුගේ පුත් තනතුරේ තබාගෙනය.

      කලක් ගත වුණ අතර රජු නැවතත් කුමරියක් ගැන ආශාවෙන් පසු වූයේ තමන්ගෙන් පසු රාජ්‍ය උරුමයට පුත්‍රයෙකු නැති නිසාවෙනි.රන්මැණිකේ කීරවැල්ලට තවත් නැගණියක් සිටි අතර ඇය දිවි ගෙවූයේ පස්යොදුන් කෝරලයේ බව මූලාශ්‍ර දක්වයි. මධුරා නොහොත් මිහිරි නමින් හැඳින්වූ මේ  කුමරිය  නිසි වයසට පත්වූ පසු රජ වාසලට කැටුව විත් සිය බිසව බවට පත් කරගත් බවට  සාක්ෂී කීපයක් පවතී  රජුත් මේ කුමරියත් කෙළි දෙලෙන් ගත කළ තැන් එමට වෙයි. එකක් නම් ඇතුල් කෝට්ටේ රන්පොකුණයි. වර්තමානයේ මේ තැන් කඩා  ගෙවල් සාදා ඇත.අනෙක් ස්ථානය නම් වත්මන් ආනන්ද ශාස්ත්‍රාල භූමියේ තිබෙන භූගත කුටියයි. කෙසේ වුවත් මිහිරි දේවිය රජුගෙන් ඈත් කරන්නට තරම් සමත් බලයක් සයවන පරාක්‍රමබාහු රජුගේ කෝලිය වංශික බිසව නිසා  රජ වාසලේ ඇති විය. මිහිරි දේවියට දරුවෙක් ලැබෙන්නට සිටි මොහොතේ ඇයට මාළිගයෙන් පිටමං වන්නට සිදු වූයේ මේ  කුමන්ත්‍රණ යේ ප්‍රතිඵලයක් ලෙසටයි.

            මිහිරි බිසව තමන්ගේ ඥාතීන් ජීවත්වන රයිගම අසල කෙසෙල් හේනාවට එන ගමනේදී සතුරන් ඇයට වස දෙන්නට තැත් කළහ. වත්මන් හොරණ බැල්ලපිටියේදී කුමරිය මරණයට පත්කිරීමට වස යෙදූ කිරි ආහාර සකස් කොට තිබුණි. නමුත් මේ බැව් දැන ගත් නන්දා නම් දාසියක් මිහිරි දේවියට එම ආහාර නොදී තමන් අනුභව කොට මිය යන අතර පසුව බැල්ලක් වී ඉපද වස දෙන්නට තැත් කළ පිරිස සපා කෑ බව ප්‍රවාද ගතය. බැල්ලපිටිය වූයේ එලෙසයි.

මේ තත්වය නිසා මිහිරි දේවිය කෙසෙල් හේනාවෙත් නොනැවතී.පස්යොදුන් කෝරළයේ ගිරි දුර්ග අතර සැඟවී සිට සිය කුළු ඳුල් දරුවා ප්‍රසූත කර ඇත.ඒ 1433 දී පමණය.දරුවා ලොකු මහත් වුණ පසු  පිරිමි දරුවෙකු ඉපදුණ බවට රජුට ආරංචි විය. මේ ඉපැදුණු කුමරා තමයි.සුදුමල් බණ්ඩාර නොහොත් ශ්‍රී වර්ධන. දඹදෙණියේ ශ්‍රී වර්ධන ප්‍රතිරාජ අමාත්‍ය වරයාද මේ පරපුරේ බැවින් මේ දරුවාටත් ඒ නම ලැබුණු බව දැක්වේ. ලොකු මහත් කරගත් දරුවාට රජු ප්‍රභූරාජ පදවිය නොහොත් ප්‍රතිරාජ පදවිය පිරිනමන අතර පස්යොදුන් කෝරළය පාලනය කිරීමටද අවසර ලබා දී ඇත. මේ කාලයේ යාපනයේ ආර්ය චක්‍රවර්තී වරුන්ට විරුද්ධව සටන් වැදීමට සපුමල් කුමරු පිටත්ව යන අතර මේ ගමනට ශ්‍රී වර්ධන කුමරුත් එක් වුණි.ඒ ඔහුට වසර දාසයක් පිරී තිබෙන මොහොතේදීය.යන්නට ප්‍රථම  කඩුව කොපුවෙන් ගෙන මහ පොළවේ ඇන සිය මවු ඉදිරියේ සපථ කලේ මේ කවිය කියා බව ප්‍රවාද ගතය.

දහසක් පටුනු ගම්  දිනු මහ බාහු පැරකුම් - යාපා පටුන ගෙන දෙමි සිරිවඩන පුතුය මම්

       හස්ති ලතා තීර්ථය නොහොත්  පස්යොදුන්කෝරලයේ අත්වැල් තොට ආසන්නයේ මිරිහාන කන්දෙන් අල්වා ගත් ගිරි නම් හස්තියා පෙරටු කොට ගත් සිරිවඩ්ඩන කුමරුත් සපුමල් කුමරුත් මේ සටන ජය ගත්හ. සපුමල් කුමරුට සේනානායක සපුමල් කියාත් ශ්‍රී වර්ධනයන්ට සමරවීර කියාත් රජ්ජුරුවන් ගෙන් තාන්න මාන්න ලැබුණු අතර යුධ ජයග්‍රහණය සමරා ගංගොඩවිල පෙදෙසේ විජයාරාමය නමින් වෙහෙරක් කරවූ බවද පැවසෙයි.ශ්‍රී සංඝබෝධි රඝුනාථ මාපා යනුවෙන් නල්ලූර් කෝවිල් සෙල්ලිපියේ දැක්වෙන්නේ ද මෙතුමාය.

      සපුමල් කුමරු සහ ශ්‍රී වර්ධන කුමරු විවාහ වූයේ එකම පවුලකිනි ඒ කීරවැල් රාජවංශික පවුලකිනි. ලොකු මැණිකා(කලුමැණිකා ) සහ ධන මැණිකා(රත්නාවලී) නම් වූ කුමරියන් බව දැක්වෙයි.1459 දී ශ්‍රී වර්ධන කුමරු චීනය බලා දූත ගමනක යෙදෙන අතර   එහි ස්වල්ප කාලක් දිවි ගෙවමින් සිට චීන ගුවැන්ෂි රජුගේ පර්සියානු බිසවගේ දියණිය සමග විවාහ වූ බව පැවසෙයි.චීනයේ ෂී රාජ පරපූර (ශ්‍රී ) ඇරඹෙන්නේ එතැන් සිටය.ඉන්පසු සයවන පරාක්‍රමබාහු රජු මියයෑමෙන් පසු ආපසු ලංකාවට පැමිණි බව පැහැදිලිය..      සයවන පරාක්‍රමබාහු රජු මිය යෑමෙන් පසු සපුමල් කුමරු උලකුඩය දේවියගේ පුත් දෙවන ජයවීර පරාජයට පත්කර සයවන බුවනෙකබා නමින් රජ විය. ශ්‍රී වර්ධන කුමරු ප්‍රතිරාජ පදිවිය දරමින් පස්යොදුන් කෝරළය පාලනය කළේය. නමුත් මේ කාලයේ රටට එරෙහිව තිබූ මුක්කර බලය නිසා රජු උතුරේ කරවයන්ට සහ ද්‍රවිඩ වෙළෙඳ ශ්‍රේණි වලට තොටමුණු පාලනය කරන්න බලතල දුන් බව දැක්වෙයි. ශ්‍රී වර්ධන කුමරු රටට එරෙහිව තිබෙන මේ විජාතික බලය ගැන කළ කිරී රජුට කරුණු සැළ කළත් පලක් වූයේ නැත. පසුව තොටගමුවේ රාහුල හිමි මහන්තේ ඒකානායක කූරගම ඉමියා සමග එක් වී  පස්යොදුන කළුගඟ  සිට වලවේ ගඟ තෙක් රජුට විරුද්ධව කැරලි ගැසුමට ශ්‍රී වර්ධන කුමරු සමත් වන්නේ යැයි  රාජාවලිය දක්වා ඇත.සිංහල සංගේදම නැතිනම් සිංහල පෙරළිය නමින් මේ කැරැල්ල හඳුන්වා දී ඇත. මේ සටනින් ශ්‍රී වර්ධන කුමරු පරාජයට පත් වී දඟ ගෙයි ලන බවද දැක්වේ.   පසුකාලයේදී රජු තමන්ගේ පුත්‍රයා රැක බලා ගැනීම පිණිස ශ්‍රී වර්ධන කුමරු පත්කොට නිදහස් කළ බවද දැක්වෙයි.ධන මැණිකා නොහොත් රත්නාවලී බිසව තම පුත්‍රයා සමග කෙටි කලක් රාජ්‍ය විචාල අතර මේ කාලයේ දී ඇති ඔරුවල සන්නසේ සඳහන්ව ඇත්තේ ශ්‍රී පරාක්‍රමබාහු වශයෙනි.ශ්‍රී යනු ශ්‍රී වර්ධන යන්නයි.

 පස්යොදුන් කෝරලයේ ගණේ උඩ පවතින සෙල් ලිපියකද මේ ශ්‍රී අකුර පැහැදිලිව දැක්වෙයි.  අම්බුළුගල කුමරු මෙම පත්වීමට එරෙහි වන අතර සපුමල් ගේ පුත්‍රයා මරා රජ වූ බව රාජාවලියේ දැක්වෙයි.මෙම සටනේදී ශ්‍රී වර්ධන කුමරු අම්බුළුගල කුමරුට එරෙහිව සටන් වදින අතර කැළණියේ හීන් කෙන්ද වෙලේදී වැටෙනවා කියල තමයි රාජාවලිය වැනි මූලාශ්‍ර වල දක්වා ඇත්තේ. ඒත් ඔහු මිය ගියේ නැත.   නැවත චීනයට පිටත්ව ගිය ශ්‍රී වර්ධන කුමරු චීන රජ පවුලේ ආශිර්වාදයත් සමග තනතුරු දරමින් ජීවත් වී  එහිදී මිය ගිය බව චීන රාජ සභා වාර්තා දක්වා තිබේ.  වර්තමාන චීන රජ පවුලේ (ෂී)ආරම්භය සනිටුන් වන්නේ මේ කැකුලන්දොළ ශ්‍රී වර්ධන ප්‍රතිරාජයාගෙන්..චීන මූලාශ්‍ර අනුව මේ කුමරු හැඳින්වෙන්නේ කොලිශංසල ෂිලි-පචිලාජ (කැකුළන්දොළ ශ්‍රී ප්‍රතිරාජ ) වශයෙන්.සුදු මල් බණ්ඩාර නොහොත් ශ්‍රී වර්ධන කුමරු ද පසුකාලයේ දේවත්වයට පත් වී තිබේ.

       චීන කොමියුනිස්ට් පක්ෂය බලයට පත් වූ පසු රජපවුලේ කොටසක් තායිවානයට ගොස් ඇත.ෂ ලේපා යනුවෙන් තායිවානයේ සිටින කුමරු ඒ පරපුරේ කෙනෙක්. තවත් කොටසක් චීනයේ නවතිනවා. පසුගිය කාලය තුළ කීප වරක්ම ලංකාවට පැමිණි සූ ෂී යෙන් ඉ කුමරිය අයත්වන්නේ චීනයේ ජීවත් වූ රජපවුලේ කෙනෙක් විදියටයි.     ශ්‍රී වර්ධන කුමරුට දරුවන් තිදෙනයි. එයින් එක්කෙනෙක් තමයි. ගැටබරු දෙවියන් ලෙසට වර්තමානයේ පිදුම් ලබන දේව රජ්ජුරු බණ්ඩාර.මේ කුමරු බස්නාහිර රජ්ජුරු බණ්ඩාර යනුවෙන්ද හැඳින්වේ.තම පියා චීනයට ගිය පසු පවතින රජයට විරුද්ධව නැතිනම් අටවන වීරපරාක්‍රමබාහුට විරුද්ධව දෙවනි සිංහල සංගය කළ බවට රජ්ජුරු බණ්ඩාර යාදින්නේ මෙලෙස සඳහන්ව ඇත.

     'පස්වාන් දහසකට මතු බුදුවන දේවයන් වහන්ස පළමුවෙන් අවසරයි දෙවනුවත් අවසරයි. තෙවනුවත් අවසරයි. මා අතින් මේ මුන් අතින්  සිදු වුන දැන වැරදි නොදැන වැරදි දහසක් වරදට එක වාරෙට දහස් වාරයක් සමා අවසරයි දේවයන් වහන්ස. ඔබ වහන්සේ සිංහල රාජාවලියේ රාජ කුමාර පන්නේ ගෙවා ගැටවර වියට එළඹ  රාජ තේජසින් බැබලී බැබළී දිලිසි දිලිසී  රන් ඔටුන්න හිස පළන්දාන රන් දුන්න සලිත කරගෙන රන් හීය සලිත කරවාගෙන දරුණු රීරි යක්ෂයා ඇතුලු  යක්ෂ යක්ෂනියන් දහස් ගණනක්  වහල් මෙහෙවරට අරගෙන ගිනිගත් සැඩ හිරු සේ ගිනි ජාලාවක් පරිද්දෙන් සතුරන් මැදට පැන ගෙන හඩ ගහන තරමට හාමුදුරුවනේ අහස ගුගුරුවා ජය ඝෝෂා කරමින් කුළු ගවයන්  පිරිස් මැදට ලා ගෙන රණ මොණරුන් රණ ඉත්තෑවුන් පන්ති ගෙන්වාලා ඉටි හොරේ හත් පොළකට කඩාපුපුරුවාලා  කලුගල් කෝට්ට දහ අටක් කඩා ඉහිරුවාලා පරසතුරන්ට පහර පිට පහර දී දී හිස් ලූ ලූ අත ලුහු බන්දවා  සිංහල සංගයෙන් ජයගෙන හතුරු උන දිය ගන්නා ළිඳේ  කළු පණුවන් ලවා  ගොන්ගල් කන්දේ අකාලයේ සී සානවා දැක ගවයත් නගුලත් මිනිහත්  ගල් වෙන්න වරම් දී  අයුක්තියට අසාධාරණයට එරෙහි  වෙලා  මහත් වූ තේජානුභාවයෙන් වැඩ සිටි බව සැබෑ වී නම් සත්‍යවාදී  වී නම් දින නැති නඩු නැති දේවයන් වහන්ස සමා අවසරයි.

     රන් දොරවෙසෙනා  රන් ඔටුණු හිස දරාපු  වීර වික්‍රමාන්විත සිද්ධ නෙළුගල බස්නාහිර  රජ්ජුරු බණ්ඩාර  පාත හාමුදුරුවනේ  ඔබ වහන්සේ රාජ චන්ද්‍ර පරවේණියට ඌරු මුත්තට මාළිගා තැන්නේ පුරාන රාජ මාළිගාවට එළමන්දෙණියේ රාජකීය ගබඩාගමට  ගැටබරුවට සිත්තම් ගල්ලෙනට දම්මුල්ලට ගල් ඇටුඹේ පුරාණ දේවාලයට  රන්මල් කන්දට  පොළතුගොඩ දේවායට  දෙවිනුවරට කළුතර පස්යොදුනට පළි මඩම් ගණ කෝවිල් පණස් එකකට යහතින්  දිවැස් කරුණා හෙලා  වදාරණ හාන්දුරුනේ

 අද වැනි දවසේ  මේ පුරාණ දේව මාළිගාවට දිවැස් කරුණා හෙලා  වදාරණ ප්‍රස්තාවට මා කීවා නාහා අරින්නෙපා රජ්ජුරුබණ්ඩාර හාන්දුනේ පිට කන් හෙලන්න එපා  දෙවියන් සසර උපන්දා  සිට අද වන තුරා  අප රැස් කළ පිනුත් අරගෙන ( කාරණාව ) පාලොස්වක පායන පුන් සඳ මඩල වගේසෞම්‍ය ගුණයෙන් අග තැන්පත් වෙමින් ද රෝග උවදුරු  වදුරු වසංගත නසනා ජීවක කෝමාර භච්ච නම් වෛද්‍යවරයා මෙන්මද පිනට පිහිට වෙනවැයි පින් ගන්නවැයි රැකී රක්ෂා බත බුලත ගොවිතැන් බත් සරුසාර  කරදෙනවැයි හතුරන්ට අච්චු දී  මකාලනවැයි රෝග උවදුරු දුරු කොට දෙනවැයි පවුල් පෙළවාසියම ආරක්ෂා කර දෙනවයි  ඔබ කීර්ති පස්වාන් දහසකට ආයුබො වේවා ආයු බෝ වේවා. '

    බස්නාහිර රජ්ජු බණ්ඩාර දෙවියන්ට පින් අනුමෝදන්  කිරීම සඳහා පුරාණයේ පටන් භාවිතා වූ ගාථාවක්ද මෙසේ සඳහන් කළ හැකිය.

ආධිත්‍ය වංශ  අතිජාත  ගුණාතිරේකෝ - රාජාති පුත්‍ර සිරිවර්ධන නාමධාරී

බණ්ඩාර රජ්ජුරු මහත් බල තේජවන්තෝ -පුඤ්ඤානුමෝදතු මහත් ඵල වර්ධනාය.

ශ්‍රීවර්ධන කුමරුගේ දරු පරම්පරාව නොහොත් දේව රජ්ජුරු බණ්ඩාරයන් ගේ පරම්පරාව මාතර දීගල වලව්වේ ජීවත් ව සිට ඇත.වැඩිමහල් පුත්‍රයා වන මහ රජ්ජුරු බණ්ඩාර යන් ගේ පරම්පරාව අගලවත්තේ ලියනගෙදර ජීවත්ව සිට ඇත.මේ පිරිසගෙන් පැවත පැමිණී අය පසුව කෝට්ටේ රාජධානියට නැවත පැමිණ වර්තමානය දක්වාම දිවි ගෙවන අතර මෙම ලිපියට අදලළ වැදගත්ම තොරතුරු ලැබෙන්නේ වසන්ත සිරිවර්ධන මහතාගේ දීගල පුරාණය නම් කෘතියෙන් බව කිව යුතුයි.

මතුගම සෙනෙවිරුවන්

 

 

Monday, June 14, 2021

අවුරුදු සීයකට පෙර වසංගත අත්දැකීමක් සෙල්ලිපියකින් හෙළිවෙයි

 



        වසංගත පැතිරීම පිළිබඳ තොරතුරු රාශියක් ලෝක ඉතිහාසය තුළ සටහන් වී ඇත. විශේෂයෙන්ම වසූරිය වංසගතය ලෝකයම පීඩාවට පත් කළ ආකාරය පුදුම  සහගතය. දූපතක් වශයෙන් ලෝක ගෝලයේ දක්නට තිබෙන ලංකාවට මෙවැනි වසංගතය පැමිණෙනුයේ සංක්‍රමණ නිසාවෙනි.විශේෂයෙන්ම වෙළෙඳාම හරහා පැමිණෙන නාවිකයන් මෙන්ම සෙබළුන් නිසා මේ රෝග තත්වයන් ලංකාව පුරා පැතිරුණු අවස්ථාවන් තිබේ. පරංගි(ෆිරංගි යනු විදේශික යන අර්ථය දෙන්නකි) එවැනි රෝගයකි. කොළරාවද ඉන්දියාවේ සිට මෙරටට පැමිණි කල්ලතෝනින් නිසා ඇති වූවකි. දාහත්වන සියවසේ පමණ සිටම වසූරිය මන්නාරම අවට පැතිරී පසුව උඩරට රාජධානියද ආක්‍රමණය කරන ලද්දේය.මහාමාරිය  පැතිරීමද මෙලෙසම සිදු විය.මෙයට ශත වර්ෂයකට පෙර ඉතාමත් දරුණු අන්දමින් පැතිර යන ලද්දේ ස්පාඤ්ඤ උණ නමින් හඳුන්වන ලද දරුණු ප්‍රතිශ්‍යා උණ රෝගයකි.මහාමාරිය රෝගය නිසා ඇති වූ කලු මරණ ඛේදවාචකය ක්‍රි.ව. 165 සිට ආරම්භ ව වර්ෂ 1855 දක්වා වරින් වර සිදු වී තිබේ. ස්පාඤ්ඤ උණ වසංගතය ප්‍රථමයෙන්ම ආරම්භ වූයේ ඇමරිකාවේ දීය. පසුව එය ලෝකය පුරා පැතිර ගොස් දශලක්ෂ පන්සීයකට වඩා පිරිසක් මරුමුවට පත් කර තිබේ. මෙය  1918 දී  පමණ ලොව පුරා දශලක්ෂ 10 ක පමණ ජනතාවක් මරණයට පත් කර තිබේ.

        යටත්විජිත සමයේ මුල් වරට වතු වැවිලි උදෙසා කම්කරුවන් මෙරටට ප්‍රවාහනය කරන ලද්දේ 1845 වර්ෂයේ දීය.කෝපි වගාව සඳහා ඉඩම් නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කරන ලද්දේ කොල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ වලින් අනතුරුව 1837 වර්ෂයේ සිටය.වතු කම්කරුවන් ඉන්දියාවේ තන්ජෝර් මදුරාසිය මදුරෙයි වැනි ප්‍රදේශ වල සිට තුත්තකුඩිය හරහා කි.මී.270 ක් මග ගෙවා මුහුදු මගින් තලේමන්නාරමට ප්‍රවාහනය කරන ලදහ.පසුව මදුරාසියේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ මණ්ඩපම් සිට කි.මී.32 ක් ගෙවා තලේමන්නාරමට ප්‍රවාහනය කරන ලදහ.මෙම මාර්ගය ආරම්භ කරන ලද්දේ 1914 පෙබරවාරි 24 දිනදීය.

        19 වන සියවසේ අග භාගයේ සිට පැණ නගින ලද විවිධ වසංගත තත්වයන් යටතේ බ්‍රිතාන්‍ය රජය සංක්‍රමණිකයන් සඳහා නිරෝධායන නීති සකස් කළහ.ඉන්දියාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට අනුව සකස් කල නිරෝධායන නීති මත දකුණු ඉන්දියාවේ මණ්ඩපම් සහ තකපාරයි යන කඳවුරු ඇති කළහ.මේවා හරහා පැමිණි සංක්‍රමණිකයන් තලේ මන්නාරමට පැමිණියහ. . අනතුරුව මන්නාරමේ සිට දඹුල්ලටත් නුවර ප්‍රදේශයටත් දුම්රිය මගින් කොළඹ සහ කළුතරටත් ගෙන එන ලදහ.1919 වර්ෂය වන විට කලුතරට ප්‍රවාහනය කරන ලද කම්කරුවන් සංඛ්‍යාව 6468 දෙනෙකු විය.කලුගඟ හරහා දුම්රිය පාළම 1912 දී සාදා නිම කළ පසු දුම්රිය කළුතරට සේන්දු වීම වැඩි වූ බව පෙනේ.  වර්ෂ 1842 සිට වර්ෂ 1922 දක්වා යටත් විජිත ආණ්ඩුවේ වසංගත කමිටුවේ වාර්තා පරිශීලනය කරන්නෙකුට මෙරටට පැමිණි සංක්‍රමණිකයන් ගේ සංඛයාව ගැන අදහසක් ලබා ගත හැකිය.කොළරාව පිළිබඳ සංඛ්‍යාලේඛන අඛණ්ඩව තබා ගෙන ඇත. වසූරිය පිළිබඳ ලේඛන වලින් පැහැදිලි වනුයේ 1886 දී කළ එන්නත් කරණයෙන් පසුව යම් පාලනයක් ඇති වුවද යලි එය වැඩිවූ ආකාරයයි. 1897 දී නිරෝධායන ආඥා පනත සම්මත කර ගනු ලබනුයේ මේ තත්වය පාලනය කර ගැනීම පිණිසය. විශේෂයෙන්ම විදසේ සංක්‍රමණිකයන් නිසා ඇති වී තිබූ සෞඛ්‍ය අර්බුදය විසඳීම ලෙහෙසි පහසු නොවීය..ප්‍රමාණවත් තරම් සෞඛ්‍ය පහසුකම් සැපයීම ආණ්ඩුවට අමාරු කාරණයක් විය.



 විදෙස් වලින් පැමිණෙන්නන් රාගම කඳවුරේ  නිරෝධායන මධ්‍යස්ථාන වල නවත්වා පසුව වතු වලට කැටුව යන ලදහ.මේ ගමන් මහත් දුෂ්කර තත්වයන් යටතේ සිදු විය.දුම්රිය ගමනාන්තවලට පැමිණෙන විට බොහෝ පිරිසක් රෝගී වී සිටියහ. බ්‍රිතාන්‍ය රජයට අවශ්‍ය වූයේ කම්කරුවන් මිස නිරෝගී මිනිසුන් නොවේ.රෝගී වූ කම්කරුවන් පිදුරු ඇතිරූ කරත්ත වල පටවා ප්‍රවාහනය කරන ලද. ඔවුන්ට කිසිම සෞඛ්‍ය පහසුකමක් නොවීය. ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ පළමුවන දෙමළ මන්ත්‍රීවරයා මේ කටයුතු කීප වතාවක්ම විවේචනය කර තිබේ.කෙසේ වෙතත් යටත් විජිත ලේකම්ගේ පිළිතුර වූයේ රෝගීන් ගෙන යන සේවකයන් සියල්ල එන්නත් කර ඇති බවයි.එන්නත මේ රෝග වලට විසඳුම වූයේ නැත. වසූරිය යම් තරමකින් පාලනය කරන ලද නමුත් වර්තමානයේ H1N1 යනුවෙන් හඳුන්වන ස්පාඤ්ඤ උණ මර්දනය කර ගැනීම ලෙහෙසි නොවීය. 1914 සිට 1919 දක්වා කාලය තුල මිය ගිය සංඛ්‍යාව ඉතා විශාල විය. 1918 දී රෝගීන් 1474 ක් වාර්තා වී ඇති අතර .. මරණ සිදු වී ඇත්තේ 420 කි.  1919 දී අසාදිතයන් 7786 ක් වාර්තා විය ඉන් රොගීන් 587 ක් මිය ගොස් තිබුණි. බස්නාහිර පළාතෙන් 214 ක්ද මධ්‍යම පළාතේ 62 ක්ද උතුරු පළාතේ 01 ක්  දකුණින් 08 දෙනෙකුද නැගෙනහිර පළාතෙන් 13 දෙනෙකුද උතුර සහ බටහිර පළාතෙන් 64 දෙනෙකුද උතුර මැදින් 05 ක්ද සබරගමුවෙන් 41 ක්ද ඌව පළාතෙන් 14 ක් වශයෙන්ද ඒ මරණ වාර්තා වී ඇත.   

    බ්‍රිතාන්‍ය වැවිලි කරුවන් වෙත කුලී කරුවන් රැගෙන ගිය ප්‍රධානීන් හඳුන්වන ලද්දේ කංගානීන් යනුවෙනි කම්කරුවන්ගේ බ්‍රෝකර්ලා වශයෙන් ඔවුනට යමක් කළ හැකි විය.අතමිට මුදල්ද යහමින් ගැවසුණි. ඒ නිසා වැවිලි කරුවන්ට පසු තීරණ ගැනීමේ බලයද ඔවුනට හිමිවිය. පසු කාලීනව ඔවුහු පොට්ටනි ගැසූ මුදල් කාසි වලින් වතු පවා මිලදී ගත් ආකාරය නිරීක්ෂණය කළ හැකිය.කෙසේ වෙතත් ස්පාඤ්ඤ උණ සම්බන්ධව බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සංක්‍රමණික සහ නිරෝධායන වාර්තා සහ වසංගත කමිටුවේ වාර්තා වලට අමතරව සාක්ෂිකයක් කලුතර දිස්ත්‍රික්කයේ ඉද්දගොඩ පත්තුවේ ගීකියන කන්ද වතුයායේ දක්නට හැකිය.අපගේ පැරණි ඉතිහාසයේ ශිලා ලේඛන බහුලය.අනුරාධපුර අපර භාගය වන විට ශිලා ස්ථම්භ වල කොටන ලද ලිපි ද බහුල විය. ඒවා අත්තාණි කණු ලෙසට හැඳින්විය.මෙම සම්ප්‍රදාය අනුගමනය කරමින් සටහන් කරන ලද දෙමළ ටැම්ලිපියක් ගී කියන කන්ද වතුයායේ දක්නට හැකිය. එහි ගල් කණු දෙකකි. ඉන් එක කණුවක එක් පැත්තක ටැම්ලිපියක්ද අනෙක් පැත්තේ දික් අතට ලිපියක්ද කොටවා ඇත.මෙම ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලාලේඛන අංශය විසින් පසුගියදා පිටපත් කරන ලදී. මෙහි වර්ෂය සඳහන් කර ඇත්තේ 1918 යන්නයි.මෙහි ලියා ඇති දෙමළ පාඨයේ සිංහල අර්ථය මෙලෙස සඳහන් කළ හැකිය.

මාඩසාමි කන්කානි මනවි සිත්ති පෙරකලාවිහි දී අභාවයට පත් විය. ‍ ඇය වෙනුවෙන් තබන ලද අනුස්මරණ ස්ථම්භයයි.

ගී කියන කන්දේ වත්ත ආශ්‍රිතව වර්තමානය වන විටත් තිබෙන ජන ප්‍රවාදය නම් තලෙයි මන්නාරම සිට දුම්රියෙන් කළුතරටත් අනතුරුව හොරණ හරහා ගී කියන කන්දට වත්තටත් ප්‍රවාහනය කරන ලද වතු කම්කරුවන් ගෙන් බෝ වුණ වංසංගතය නිසා වත්තේ කන්ගානි වන මාඩසාමි ගේ භාර්යව ආභවප්‍රාප්ත වූ ආකාරයයි. මෙම වසංගතය  ගැන අවබෝධයක් නැති ඔවුහු ගල් කණු දෙකක් සිටුවා රෙදි කඩ වලින් ඔතන ලද මළ කඳ ගල් කණු මත තබා දෙවියන්ට යාඥා කර ඇත.ඉන්පසු ඒ අසලම ඇති සොහොනේ වල දමා තිබේ.මේ කාලයේ ගී කයන කන්ද අසල කුඩලිගම ගම්මානයේ ප්‍රසිද්ධ ගල වැඩ කරුවන් සිට ඇත. ගිරිකොළ විහාරස්ථානයේ සුප්‍රකට ගල් වැඩ කරන ලද්දේ ඒ ගල් වඩුවන් විසිනි.

මතුගම සෙනෙවිරුවන්

      

 

Monday, June 7, 2021

උතුර හෝ නැගෙනහිර දෙමළුන්ට අයිති නැත . ආණ්ඩුව එය පිළිගත යුතුය

 

 

                                                          ආනකෝට්ටේ මුද්‍රාව (කෙවෙත)       

                                        

                                  

             ඇමරිකාවේ කොන්ග්‍රස් සභික ඩෙබෝරා රෝස් නම් කාන්තාව ලංකාවට එරෙහිව සකස් කළ බරපතල ලියවිල්ලක් එහි කොන්ග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.කරුණු ගණනාවකින් සමන්විතව තිබුණද එම ලියැවිල්ලේ ප්‍රධාන වශයෙන් ඉස්මතු කරවන කාරණය නම් ලංකාවේ  උතුරුකරය ද්‍රවිඩ නිජභූමියක් බවයි. එම භූමිය ලංකා හමුදාවේ මිලිටලීකරණයට ලක්ව ඇතැයිද ඇය වැඩිදුරටත් චෝදනා කරයි. මෙම චෝදනා වල කිසිම අලුත් බවත් නොමැත. කොටි ත්‍රස්තවාදය පැවති සමයේ ද ඉන් පෙර තමිල් අරසු කච්චිය විසින් ගෙන ගිය මතවාද තුළද මෙම ප්‍රකාශ අඩංගු වී තිබුණි.නමුත් මේ අවස්ථාවේ දී සිදු වන්නේ මෙම ප්‍රකාශ ඇමරිකානු රජය විසින් පිළිගැනීමට උත්සාහ දැරීමයි.. ලංකාවේ ඉතිහාසය ගැන නොදන්නා ඇමරිකාව මෙම ප්‍රකාශ යම් විදියකින් පිළිගැනුමට ලක් කළහොත් පුදුමයට කරුණක් වන්නේ නැත. එහෙත් පුදුමය වන්නේ මේ තාක් පත් වූ ලංකාවේ කිසිම ආණ්ඩුවක් උතුර හෝ නැ‌ගෙනහිර දෙමළුන් ගේ නිජ බිමක් නොවන බවට කිසිම ප්‍රකාශයක් නොකිරීමයි.

        වර්තමාන උතුර  නාගද්වීපය ලෙසට හැඳින්වුණි. උත්තර පස්ස යනුවෙන් වංශකතාවල දැක්වේ. පාචීන පස්ස යනු නැගෙනහිරයි. කඩයිම් පොත් වලට අනුව නාගද්වීපය පමණක් නොව පාචීනපස්සයට අයත් කුරුඳු ගමු රට කනුකින්නියා රට කොටසර ගන්තලා රට මෙන්ම මඩුවල්ලියාරට මෙන්ම මන්නාරමද පිහිටි රටට අයත්ය. ත්‍රීසිංහලය නම් වූ පැරණි භූමියේ විශාලතම බිම්කඩ පිහිටි රට වෙයි. නාග ද්වීපය පිළිබඳව  සිංහලයන්ගේ පාරම්පරික භූමි අයිතිය කියාපන වැදගත්ම සාධකය වන්නේ යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ වල්ලිපුර ගමෙන් ලැබුණු රන් සන්නසයි. වසභ  රජු ගේ කාලයේ ඉසිගිරිය නම් ඇමතිවරයෙකු නකදිව නොහොත් නාග ද්වීපය පාලනය කළ බව පැහැදිලි සිංහල බ්‍රාහ්මී අක්ෂර වලින් එහි කොටවා තිබේ.ඊළඟට අපට හමු වන වැදගත්ම සාක්ෂිය යාපන විශ්ව විද්‍යාලීය පරියේෂණ කණ්ඩායමක් විසින් 1980 දශකයේ දී වඩමාරච්චි ප්‍රදේශයේ ආනකෝට්ටේ දී කරන ලද කැණීමකින් සොයා ගන්නා ලද අක්ෂර සහිත ලෝහ මුද්‍රාවයි. කෙවෙත යනුවෙන් සිංහල බ්‍රාහ්මී අක්ෂර තුනක් මෙහි කොටවා තිබෙන බව මහාචාර්ය රාජ සෝමදේව මහතා විසින් පෙන්වා දී ඇත.ඊට අමතරව කෙවෙත යන්නම පැහැදිලි කරවන සංකේත අක්ෂර තුනක් එම මුද්‍රාවේ ම දක්වා තිබේ යැයි සැක කල හැකිය..පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් දක්වන පරිදි මෙම සංකේත තුන පැරණි නාග ද්වීපයේ පාලනය ගෙනගිය කෙවෙතස්ථ නම් අධිපතියාගේ නාමය දක්වන්නකි.නමුත් මෙම මුද්‍රාව සොයාගත් මහාචාර්ය ඉන්ද්‍රපාලන් මෙම අකුරු තුන විග්‍රහ කර තිබෙන්නේ කොවෙටාන් යනුවෙනි.අද වන විට මෙම මුද්‍රාව ඔහු විසින් මදුරාසි විශ්ව විද්‍යාලය වෙත රහසේම පන්නා ගෙන ගොස් තිබෙන්නේ ද්‍රවිඩ නිජ භූමිය පිළිබඳ මිථ්‍යාව සනාථ කරවන සාක්ෂියක් ලෙසටයි.

       ඉන්දීය මහද්වීපයට ඉතා ආසන්නයේ තිබුණු බිම් කඩක් හෙයින් නාග ද්වීපය සියවස් ගණනාවක් සිට නිරන්තර විදේශ ආක්‍රමණ වලට ලක් විය. ඇතැම් විදේශ බලපෑම් නිසා මෙම බිම්කඩේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධයද ඉතා විශාලය. වර්තමාන කන්දරෝඩය නොහොත් පැරණි කදුරුගොඩ එවැනි ස්ථානයකි. ඉන්දුනීසියාව දක්වා පැතිරුණු බෞද්ධ ශිෂ්ඨාචාරයේ ආභාශය ලබමින් කදුරුගොඩ විහාරයේ සිට අපවත් වූ භික්ෂූන් වහන්සේලා සැට නමකගේ භෂ්මාවශේෂ තැන්පත් කොට කුඩා කුඩා ස්ථූප ගණනාවක් හිරිගලෙන් බඳවා තිබේ.

     මෙම වාස්තු නිර්මාණ බෝරෝබුදූර් සිහිකරන්නකි.කදුරුගොඩට අමරතරව යාපනයේ හුණුගම නොහොත් චුන්නාකම්වලින් ලැබුණු බුදු පිළිමයක්ද යාපනයේ කෞතුකාගාරයේ තැන්පත් කරතිබේ.එසේම යාපනයේ තුනුකායි නිලාවරෙයි මෙන්ම වල්ලි පුරම් ප්‍රදේශවලින්ද බුදු පිළිම ලැබී තිබේ.පෘතූගීසීන් ලංකාවට පැමිණෙන විට නාග ද්වීපයේ තිස්ස විහාරය දඹකොළ පටුන ඇතුලු බෞද්ධ විහාරස්ථාන රාශියක් තිබුණු බවට සාධක හමුවෙයි. පෘතුගීසීන් ගේ සහ ලන්දේසීන් ගේ ආගමික ආක්‍රමණ හමුවේ. මෙම විහාරස්ථාන බිමට සමතලා කිරිම ඇරඹුණි. එම විහාරස්ථාන කඩා ඒ අමුද්‍රව්‍ය භාවිතා කොට ලන්දේසි පල්ලි තැනවූ ආකාරය ලන්දේසි පූජකයෙකු වූ බල්දෙයස් සිය ග්‍රන්ථයේ දක්වා තිබේ.

       කාලිංග මාඝ ආක්‍රමණය ලංකාවට සිදු වූයේ නිශ්ශංකමල්ල රජුගේ අභාවයෙන් පසුවය.ඒ පරපුරේ උරුමය පතා පැමිණි කුමාරවරු උතුරුකරය හරහා දිවයිනට කඩා වැදී රට අවුල් කළහ. කාලිංග මාඝ මෙන්ම චන්ද්‍රබානු ද එසේය. පසුව සිංහල රාජධානිය දුර්වල වී කුරුණැගල හරහා ගම්පළට පසුබසින කල්හි. උතුරේ මෙම පරපුර බලවත් විය.බ්‍රාහ්මණ සම්බන්ධයක් සහිතව පැමිණි මේ පිරිස ඉතිහාසයේ හඳුන්වා දී ඇත්තේ ආර්ය චක්‍රවර්තී වරු යනුවෙනි. මේ පරපුරේ රජවරු සිංහල අග රජුට එරෙහිව ස්වාධීන වන්නට ගත් උත්සාය පරාජයට පත් කරන ලද්දේ සපුමල් කුමරු විසිනි. සපුමල් කුමරු මේ රජ පවුලෙන් කුමරියක්ද ලබා ගත් අතර සයවන පරාක්‍රමබාහු රජුටද බිසවක් ආර්ය චක්‍රවර්තී වරුන්ගෙන් ලැබුණි.පසුව කුමාරසිංහ සහ විජේපාල යන කුමාරවරුන්ටද කුමරියන් ලාබා දී ඇත්තේ මේ පරපුරෙනි.1560 දී පළමුවන සංකිලි පරාජය කල පෘතූගීසීන් තෙන්මාරච්චි පෙදෙසේ බලය පිහිටුවාගත්හ. අනතුරුව වඩමාරච්චියේ තනිවුණු රජපවුල අභිබවා එවක සිටි රදළ පන්තිය නැගී ආ හෙයින් 1591 දී පරංගීන් සමග ගිවිසුමකට එළඹුණි. .  එය සකස් කර තිබුණේ සිංහල බසින් බව ප්‍රකටය. මෙයින් සිදු වූයේ දෙවනි සංකිලි ගෙන් මේ පරපුර අවසන් වීමයි. අවසානයේ යාපනයේ සිටි අවසන් පාලකයන් තම ග්‍රහණයට ගනිමින් පරංගීන් කළ සංහාරය නිසා යාපනයේ සිටි රජ පවුල සැඟවී වන්නියටත් පසුව මාතලයටත් පැන ගත් බවට තිබෙන සාක්ෂි රාශියකි..

       ලන්දේසීන් සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නිලමේ වරු අතර අත්සන් කරන ලද හඟුරන්කෙත ගිවිසුම නිසා 1766 න් පසු මුහුදේ සිට ගව්වක දුර ලන්දේසී පාලනයට අයත් විය. මේ නිසා යාපනය  ස්වාධීන විය. එහි සිටි සිංහල ජනතාව උඩරටට සේන්දු විය. අවසානයේ දුම්කළ වගාවටත් වෙනත් සේවා කුලී සඳහාත් දකුණු ඉන්දියාවේ සිටි වහලුන් වශයෙන් ගෙනා විවිධ ද්‍රවිඩ ජන වර්ගයා උතුරේ පදිංචි කරන ලදහ. අද දක්වා සිංහල ජනතාව යටපත් කොට යාපනයේ සහ නැගෙනහිර පළාත් වල බලය අල්වා ගෙන සිටින්නේ මේ විදේශික කම්කරුවන් යැයි කිව යුතුය.1819 දී මිෂනාරීන් ලංකාව දෙකට බෙදා උතුර දෙමළ ජනයාටත් දකුණ සිංහල ජනයාටත් අයත් යැයි සම්මත කරගත්හ.මිෂනාරීන් ගේ ක්‍රමයට අනුව පුද්ගලයන්ගේ වාසගම් වෙනස්කළහ. අනුරාධපුර පළාතේ ජීවත් වන සිංහළයන්ගේ වාසගම් වල පැරණි හුරුව පවා වෙනස් වන්නේ මේ නිසාය.

      බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු සිංහල ජනතාව නැවතත් උතුරට සේන්දු වී විවිධ ව්‍යාපාර කරමින් ජීවත් වූහ. 1981  ජන සංගණනය අනුව ඔවුන් ගණනින් හයදහසක් පමණ විය. වන්නි ප්‍රදේශයත් සමග ගතහොත් හතලිස්පන්දහසක් පමණ සිංහල පිරිසක් එහි ජීවත් වූහ. මන්නාරමේ පමණක් අටදහසකට වැඩිය. නමුත් 1987 දී කොටි ත්‍රස්තයවාදය විසින් සිංහලයන් සමූළඝාතනයට ගත් තැත නිසා අද වන විට මෙම ප්‍රදේශ වල දිවි ගෙවමින් සිටින්නේ ඉතාමත් සුලු සිංහලයන් පිරිසකි.

   කෙසේ වෙතත් නන්දි කඩාල් කලපුවේ දී ප්‍රභාකරන්ගේ පරාජයත් සමගම නැවත මේ සිංහල ජනගහනයට උතුරේ වාසභූමි ලබා ගැනීමට අයිතියක් තිබුණි..එවකට සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද ඉන්පසු පැවති ආණ්ඩුද කිසි විටක උතුර දෙමළ නිජ බිමික් නොවන බව ‌ ප්‍රකාශ නොකරති. සිංහලයන් ඉදිරියේ ව්‍යාජ ලෙසට යම් යම් ප්‍රකාශ කලද ජාත්‍යන්තර වශයෙන් එසේ කියන්නේ නැත. ජිනීවා මානව හිමිකම් සමුලුවේ දී මේ ‌ෙඑතිහාසික සත්‍යය කියාපෑමට කිසිවිටක රජය උනන්දු වී නැත.එසේම දෙමළ නිජබිම් මිත්‍යාව මත පදනම් වූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උඩ ඇති කළ පළාත් සභා දිගින් දිගටම පවත්වා ගෙන යෑමට ද උත්සුක වෙති.

      එවැනි තත්වයක් මත විදේශගතව සිටින ගෝලීය කොටි සංසදයේ ඊලාම්වාදී අදහස් වලට වටිනාකමක් ලැබීම පුදුමයට කරුණක් නොවේ.මේ කොටි නඩය විසින් නඩත්තු කරන කොන්ග්‍රස් සභිකයන් අතින් ඉහතකී යෝජනා කරළියට පැමිණෙන්නේ ඒ නිසාය.  වර්තමාන රජයද යුධ අපරාධ පිළිබඳ යෝජනාවන් ප්‍රතික්ෂේප කළද සිංහල ජනතාවගේ පාරම්පරික අයිතිය ජගත් තලයේ තහවුරු කරලන්නට උනන්දු වන්නේ නැත. කොටින්ම දෙමළ ජාතිවාදය ඊලාම්වාදය පරාජය කොට ලංකාවේ බෙදුම්වාදය අවසන් කර ගැනීමට පවතින රජයටද කිසිම උපාය මාර්ගික සැලැස්මක් නොමැති බව පැහැදිලිවම පෙනී යයි..

මතුගම සෙනෙවිරුවන්

 

Tuesday, June 1, 2021

එන්නත් විෂ වුවහොත් විෂ ඉවත් කිරීමට ක්‍රමවේදයක් තිබේද

 





        වත්මන් වසංගත තත්වය නිර්මාණය කළ කොරෝනා වෛරසය ට එරෙහිව මිනිස් සිරුර තුළ ප්‍රතිදේහ නිර්මාණය කරලීම උදෙසා මේ වන විට ලෝකයේ ප්‍රමුඛ ඖෂධ සමාගම් එන්නත් වර්ග හතක් පමණ නිෂ්පාදනය කර තිබේ.මෙම එන්නත් සියල්ල එක සමාන යයි අප සිතුවද ඒවායේ හඳුන්වා දීම් අනුව සමාන නැත. ලංකාව තුළ පළමු වරට අත්හදා බැලූ ඔක්ස්ෆඩ් එන්නතත් ෆයිසර් එන්නතත් සමාන නැත.ෆයිසර් හෝ ස්පුට්නික් එන්නත් එකිනෙකට සමාන නැත. නමුත් සියල්ලම සමාන වන එක් තැනක් තිබේ.  එනම් මේවා නිපදවා තිබෙන්නේ (M RNA )මැසෙන්ජර් රයිබො නියුක්ලික් අම්ල තාක්ෂණය මගිනි.ජානමය ප්‍රෝටීන් කොටස් මිනිස් සිරුරේ සෛල තුළට හුවමාරු කිරීම(Transduction is the process by which foreign DNA is introduced into a cell by a virus or viral vector. ) මෙහි ක්‍රමවේදයයි.මේ හුවමාරුවන් ජනිත නව තත්වය මත අදාල වෛරසය නොහොත් කොරෝනාව හඳුනාගන පාලනය කළ හැකි ප්‍රතිදේහයක් නිපදවේ. සයිනොපාම් එන්නත ඒ සියල්ලට වෙනස්ය.එය සාම්ප්‍රදායික එන්නත් වලට සමානය.නමුත් මේ එන්නත තුළින් සමස්ත ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් නොකරයි.ඒ වෙනුවට එන්නත විසින් ඇති කරනු ලැබූ ප්‍රතිදේහය ප්‍රමුඛ වී අනෙකුත් රෝග සඳහා ඇතිකරන ක්ෂමතාවය උදාසීන    කරනු ලබයි.

    කොරොනාව යනු ගෝලීය දේශපාලන න්‍යාය පත්‍රයට අනුව නිර්මාණය කරන ලද ජෛව අවියක් යයි කියති..ඇමරිකාවේ සෞඛ්‍ය අංශයේ ඉහළම තනතුරක් හොබවන දොස්තරවරයෙකු වන  ඇන්තනී පවුචි ඇතුළු බලධාරීන් ගේ මෙහෙයවීම මත  චීනයේ වූහාන් හි පිහිටි වෛරස් පිළිබඳ විද්‍යායතනයකදී  කරන ලද මේ අත් හදා බැලීම මත මෙම වෛරසය ජෛව අවියක් ලෙසට සමාජයට නිකුත් වී තිබේ. ඇමරිකානු රජය මෙම පර්යේෂණයට අවශ්‍ය මුදල් වූහාන් වෙත නිකුත් කරනු ලබනුයේ මාර්ස් සහ සාර්ස් යන වෛරස පිළිබඳ යම් විමර්ශනයක් කිරීමට යැයි ප්‍රකාශ වී ඇත. ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ සෙනෙට්  සභික පෝල් මහතා  ඇන්තනී පවුචි ගෙන් ප්‍රශ්ණ අසන විට ඔහුට ඒ බැව්  පිළිගන්නට සිදු වූ ආකාරය අපට වීඩියෝවක් මගින් දැකගන්නට හැකිය.ඇමරිකාව තුළ ජාන තාක්ෂණ පර්යේෂණ තහනම්ය. විශේෂයෙන් මානව පිටපත් සඳහා වන පරියේෂණ තහනම්ය. ඇමරිකාව ඒ සඳහා භාවිතා කරන්නේ චීනයයි.කොරොනා වෛරසයද එයට අදාල එන්නතද නිපදවීම සිදු වන්නේ මේ පසුබිම මත යැයි නිදහස් මත දරණ ලෝක ප්‍රකට විද්‍යාඥයන් පවසති.මෙම වෛරසය සමාජයට මුදා හැරීමෙන් පසු ලෝක ජනගහනයෙන් මිලියන අසූපහක් මරණයට පත් විය යුතු බවට ඔවුහු ගණන් බලා තිබුණි..එම ඇස්තමේන්තුව අනුව මරණ සිදු නොවුණද කොරෝනාව වේගයෙන් බොහෝ රටවල පැතිරුණි.ලංකාවේ නගරබද ජනගහනය ආක්‍රමණය කළ මෙම වෛරසය බොහෝ දෙනෙකුගේ සිරුර තුළ අන්තර්ගතව තිබෙන බව සොයාගෙන ඇත. එහෙත් ඉන් මරණීය තත්වයට පත් කර තිබෙන්නේ සියයට 0.005 ක ප්‍රමාණයකි.1914 -1920 දක්වා කාලයේ ද ලංකාවේ ප්‍රචලිත වූ ස්පාඤ්ඤ උණ නම් ප්‍රතිශ්‍යා උණ වසංගතය  විසින් ද මෙලෙසම මරණ වාර්තා කර තිබුණි. එහෙත් ඒ මරණ වැඩි කොටස නාගරික ජනගහනය තුළ සහ ලංකාවට ආනයනය කළ දෙමළ වතු කම්කරුවන් ආශ්‍රිතව සිදු වී තිබුණි.

    මිනිස් සිරුර නොයෙකුත් සෛල වලින් සෑදී තිබෙන්නකි.ඒ අතර සිරුර ඇසුරු කොට ක්‍රියාකරන බැක්ටීරියා වර්ග ද දහස් ගණනක් පවතී.ඒවා අනොන්‍ය සහ ජීවනයෙන් ශරීරය තුළ ජීවත් වේ.ආහාර ජීර්ණ ක්‍රයාවලියේ දී සහ ජීවන රටාවේ විවිධ අවස්ථාවන්හිදී මේ බැක්ටීරියා වර්ග ඉස්මතු වේ.නවීන විද්‍යාවේ දී සිම්බයෝසිස් යනුවෙන් දක්වන්නේ මෙයයි.සිරුරේ ජීව තුලනය සිදු කරන මේ ජීවීන් අනවශ්‍ය අන්දමින් විනාශයට පත් වුවහොත් ඇතිවන තත්වය ඔවුන් හඳුන්වන්නේ ඩිස්බයෝසිස් යනුවෙනි.

           ලෝකයේ පැරණි සමාජය තුළ තිබුණු අල්ප වූ පහසුකම් මැද ශරීර තුලනය හොඳින් සිදු වුණි.නමුත් කාර්මික විප්ලව‌යත් සමග ඇති වූ සමුද්‍ර ගවේශන තුළ යාත්‍රිකයන් නොහඳුනන රෝග වලින් පෙළෙන්නට පටන් ගත්හ. බැරි බැරි රෝගය ඉන් එකකි.නමුත් පෙරදිග ලෝකයේ පැවති සාම්ප්‍රදායික ජීවන රටාව තුළ මෙවැනි අසමතුලිතතාවයක් නිර්මාණය වීමට තිබෙන අවස්ථාවන් අවම විය.ස්වයං පෝෂිත අර්ථ ක්‍රමය දේශීය වෙද හෙදකම් සියල්ල තුළ මනුෂ්‍යයා සොබාදහමේ කොටසක් බවට පත්ව තිබුණි. විසබීජ දුහුවිලි ආදී දේ මගින් මනුෂ්‍යාට බලපෑමක් ඇති නොකරන ලද්දේ මේ නිසාය.උදාහරණයකට ගතහොත් ගෙදර මුලු තැන්ගෙය කලු දුමෙන් වැසුණූ දැලි බැඳුණු අපවිත්‍ර තැනක් ලෙසට නූතනයන් සැලකූහ. එහෙත් එවැනි තැනක සිදු වුණු ආහාර කල් තබා ගැනීමේ ක්‍රියාවලිය විස්මිත විය. වර්ෂයකට වතාවක් ලිප සුද්ද කොට ගොම මැටි ගෑ පොළව අවට පරිසරය තුළ පෙර දැක්වූ සිමිබයෝසිස් සංකල්පය තිබුණි.ගමේ ඇත්තන් ගේ පැටි පස් පරාණය නම් කුකුළා ගවයා බල්ලා බළලා සහ නිවසේ දරුවන් ද සිටියහ. ඔවුහු වැඩුණේ එකටය.ගොම අතපත නොගෑ බලු ගූ හෝ බලල්ගූ හෝ කුකුල් ගූ නොතැවරුණු දරුවෙක් සොයා ගැන්ම උගහට විය. හේනේ කුඹුරේ කමතේ මැඩුවන් උඩ දඟලන දරුවකු අද කාලයේ නම් අසනීප වන්නට ඉඩ තිබේ.ගැමි දරුවන්ට ඉසෙන් බහින් ලෙඩක් නොතිබුණි. දණක් හෝ ඉනක් මඩේ එරී වැඩකරන ගොවියෙකු ගේ දෙපා ඔස්සේ දිය කූඩැල්ලන් නැගී ලේ උරා බොති. කෙළ බිඳක් ගා කූඩලු මුව බුරුල් කර ගැනීම කරති.ඇතැම් විට පත්තෑයන් කකුළ් දිගේ ගමන් කරති. ගොවීන් කලබල වන්නේ නැත. මඩ කොටන විට කුණ කටුවෙක් පොලොන් තෙලිස්සෙක් දියනයෙක් මතුවන අවස්ථා නැත්තේ නොවේ.උන් ගොවියාට දෂ්ඨ කරන්නේ නැත. ගොයම් කපන විට යම් විදයකින් සර්ප දෂ්ටයක් සිදු වුවහොත් එසැණ විස උරා දමා පරිසරයේ තිබෙන කොළ කීපයක් තලා පොඩි කර දෂ්ට මුඛයේ තබති.අමාශය තුළ අසූ කුලයක පණුවන් සිටිතැයි ගැමියන් විශ්වාස කළහ.කොළ කැඳ කෝප්පයක් බී නැවත ජලය පාලන කරන්නේ කැඳ ප්‍රිය නොකරන පණුවන්ට යැයි පැරණි මාතාවන් කරන ප්‍රකාශය හුදෙක් ගැමි කතාවක් නොවේ.

           බටහිර ලෝකයේ කාර්මික පිබිදීමත් සමග ඇති වූ පරිවර්තනය තුළ මනුෂ්‍යා සොබාදහමෙන් ඉවත් විය. ඇලොපති වෛද්‍යක්‍රමය බිහි වීමත් සමග ක්ෂණික ප්‍රතිකාර විධි වර්ධනය විය. මිනිස් සිරුරට ඇතුලත් වන මේ ඖෂධ වර්ග වලින් සිමිබයෝසිස් තත්වය නොහොත් අනොන්‍ය සමතුලිතතාවය  වෙනස් කර තිබේ. රෝගයට පහර දෙන ඖෂධය බැක්ටීරියාවටද පහර දේ. මේ නිසා ඇති වුණු තත්වය බියකරුය.. මෙම තත්වය ඇතැම් බටහිර විද්‍යාඥයන් අවබෝධ කර ගෙන ඇත.ඔවුහු සමස්ත සංකල්පයම අවබෝධ කරගෙන නැති නමුත් මෙම ඩිස්බයෝසිස් තත්වයට මුහුණ දීමට හැකි නව ඖෂධ නිර්මාණය කරමින් සිටිති.සිරුර තුලනය කරන කොටිසෝල් හෝමෝනය නිපදවීම ඉන් එක අදියරකි.මෙවැනි තත්වයක් ඇති නමුදු ඖෂධ වෙළෙඳාම තුළ ලාභය උපරිම කර ගැනීමේ චේතනාව දැඩි ලෙස ඉදිරියට පැමිණ තිබේ.මේ නිසා ලෝකයේ ලෙඩ වෙළෙඳපල වර්ධනය කරලීමත් ඖෂධ විකුණා ලාභ තර ගැනීමත් දිගින් දිගටම සිදු වෙමින් පවතී.

 ලෝක ප්‍රකට බිල් ගේට්ස් වර්තමාන එන්නත පිටිපස සිටින බව දැන් හෙළිවී තිබේ. කුමන නමකින් ලෝකයේ කුමන ස්ථානයක නිපදවුවද කොවිඩ් එන්නත යනු ජෛව පාලකයකි. ලෝකයේ ජන ගහනය පාලනය කිරීමට සහ ලාභය උපරිම කරලීමට තැනූවකි. ගාල්ල කරාපිටියේ රෝහලේ සේවය කළ එක්තරා රසායනාගාර ශිල්පියෙකුට යම් ලිංගික බෙලහීනතාවයක් තිබුණි.ඔහු බටහිර ප්‍රතිකාර කොට බැරිවුණු තැන ගත් සිංහල වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවපත් විය. මෑතකදී ඔහුට සෞඛ්‍ය සේවකයෙකු ලෙසට එන්නත ලබා ගැනීමට සිදු විය. සිදු වූයේ කුමක්ද යලිත් ඔහු පෙරකී රෝග තත්වයට ගොදුරු වීමයි. මෙයින් අපට පැහැදිලි වන්නේ 18 ත් 55 ත් අතර ජනගහනයට වැඩි බරක් යොදා මේ එන්නත විදීමේ අරමුණයි.ඔක්ස්ෆඩ් එන්නත ලබා ගැනීම නිසා ලාකාවේ මරණ රාශියක් සිදු වූබවට වාර්තා විය. ලෝකයේ  ලක්ෂයකට 700 කට වඩා මේ එන්නතින් මරණයට පත් වී තිබේ. ඒ සියල්ල සිදු වී තිබෙන්නේ ලේකැටි ගැසීමෙනි.සයිනොපාම් හෝ ෆයිසර් හෝ අනෙක් එන්නත් වලින් සිදුවන ප්‍රදාහ තත්වයන් තවම හඳුනාගෙන නැත.

    කෙසේ වෙතත් ලංකාවේ මාධ්‍ය සහ රජය එක්ව කරන බිය ගැන්වීම් නිසා ජනතාව එන්නත ගැනීමට දැන් පොරකමින් සිටිති. මෑත බිහිවූ කොවිඩ් තුන්වන රැල්ල ආණ්ඩුව විසින් නිරිමාණය කරන ලද්දකි. යුක්‍රේන හෝ ඉන්දීය සංචාරයකයන් ලංකාවට ගෙන්වා සමාජය වෙත වෛරසය මුදා හැරීම මේ ක්‍රියාවලියයි. අනතුරුව දෙවන රැල්ලට වඩා වේගයෙන් රෝගය පැතිරීමත් නිව්මෝනියා තත්වය වර්ධනය වීමත් නිසා ජනතාව බියට පත් විය දැන් පොලිම් ගැසී එන්නත් විද ගන්නේ මේ මරබිය නිසයි. කෙසේ වෙතත් මේ එන්නත් නිසා යම් රෝග තත්වයක් ඇති වුවහොත් එසේත් නැතිනම් වඳ භාවය ඇති වුවහොත් එයට ලක් රජය වග කියන්නේ නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය වග කියන්නේ ද නැත. වග නොකියන බවට ගිවිසුම් ද අත්සන් කරගෙන තිබේ. එන්නත් විද ගන්නාද ලියවිල්ලකට අත්සන් කරයි. එසේ නම් සිංහල අපට බේරුමක් නැත්තේද. ඇතැම් විට තිබිය හැකිය. ඒ සිංහල ආහාර විහරණ පිළිපැදීමෙනි.හීනටි හාල් කැඳ කොළ කැඳ බෙහෙත් කැඳ පරිහරණය කිරීමෙනි.යම් විදියකින් වඳ බව ඇති කිරීමට මේ එන්නත උපයෝගී වුවහොත් එම ගැටළුව නිරාකරණය කර ගැනීමට රසායන හා වාජීකරණ ක්‍රම සිංහල වෙදකමේ ඇත.එසේ නම් අර්බුදයක් ලෙසට සමාජය තුළ මෙය මතුවන දිනක අවශ්‍ය බේත් සූදානම් කර ගැනීමටද සිංහල වෛද්‍යවරුන්ට සිදු වනු ඇත. එවිට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගේ හෝ හමුදාපකි ගේ හෝ සෞඛ්‍ය ඇමති ගේ ආඥාව ජනතාව විසින් තුට්ටුවකට මායිම් නොකරුනු ඇත.

මතුගම සෙනෙවිරුවන්