පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, April 30, 2017

මෝදි ගේ වෙසක් මුහුණ සහ යහපාලනයේ බකමුහුණ

                          

                ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙසක් සමයට ලංකාවට පැමිණෙන බව ද රාජ්‍යතාන්ත්‍රිකව ගනුදනු කීපයක් සිද්දවන බවද දැනට වාර්තා වී තිබේ. බුදුන් වහන්සේ උතුම් තෙමගුල සිහිපත් කරන වෙසක් දිනය බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් වන අතර එම දිනය ලංකාවේ නිවාඩු දිනයකි. බෞද්ධ කොඩිය ජාත්‍යන්තරව පිළිගනු ලැබ පවතින අතර  වෙසක් දිනය නිවාඩු දිනයක් වශයෙන්  එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් පිළිගනු ලැබ ඇත.ඒ 1999 දී හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඉදිරිපත් කල යෝජනාවක් අනුවයි. මේ වන විට වියට්නාමය තායිලන්තය චීනය ටිබෙටය ලාඕසය ඉන්දුනීසියාව බංගලිදේශය නේපාලය ආදී රටවල් වෙසක් පොහෝ දින නිවාඩු දිනයක් ලෙසට සලකයි.ඉන්දියාවේ එය පොදුවේ පූර්නිමා වෛශාඛ්‍ය ආදී නම් වලින් හඳුන්වති. වෙසක් දිනය සමරන බෞද්ධයන් රාශියක් ඉන්දීය ප්‍රාන්ත වල ජීවත් වේ. නරේන්ද්‍ර මෝදි ඉන්දීය බෞද්ධ ජනතාව වෙනුවෙන් එම දිනය රජයේ නිල උත්සව දිනයක් කරන්නේද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
       යහපාලන රජය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ රජයේ ඉල්ලීම මත ත්‍රිකුණාමල තෙල් ටැංකි  සම්පූර්ණයෙන්ම බදු දීමට සූදානම්ය. තෙල් සංස්ථා සේවකයන්ගේ වර්ජනය නිසා මේ තීරණය මදක් ආපස්සට ගෙන ඇති නමුත් අග්‍රාමාත්‍ය වරයා ඉන්දියාවට ගොස් අත්සන් කල අවබෝධතා ගිවිසුම් මගින් මේ පොරොන්දු කඩකර තිබේ.ඒ අනුව ඔහු ආපසු පැමිණි පසු විට මෙම තීරණ උපක්‍රමශීලිව වෙනත් වංගුවකින් තහවුරු කරන්නට ඉඩ ඇත.මේ අතර ඉක්ටා ගිවිසුම සහ උතුර සහ නැගෙනහිරට බලය බෙදන නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම පිළිබඳවද තීරණයන්ද ගැනීමට ඉඩ තිබේ. එසේ වූ විට නරේන්ද්‍ර මෝදී ගේ වෙසක් මුහුණ ගැලවෙන්නට කාරණා යෙදෙනු ඇත..
       පැරණි දඹදිව සහ පැරණි ලංකාව අතර තිබූ අවිච්ඡින්න බැඳීම ඇතැම් විට ඵලදායී රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධයක් විය.ඇතැම්විට එය බලහත්කාරී විය. ආක්‍රමණශීලි විය. නමුත් වඩා උපක්‍රමශීලි රජවරු  තමන්ගේ අනන්‍යතාවයන්ද ආරක්ෂා කරගනිමින් භාරතීය පාලකයන් ගෙන් ශක්තිය ලබා ගැනීමට සමත්වූහ.උතුරු ඉන්දියාවේ මෝගල් පාලකයන් විසින් ආක්‍රමණශීලීව රටේ විවිධ පළාත් තම පාලන බලයට යටපත් කරගන්නා විටද ඉස්ලාම් ආගම රාජ්‍ය ආගම බවට පත් කරගත් විටද ලක් රජවරු බුද්ධ ශාසනයත් රටත් ජාතියත් සතු ස්වාධීනත්වය  දිවිපුදා ආරක්ෂා කර ගත්හ.   බුදුන් වහන්සේ උපන් රට සහ බුදු දහම සමග බැඳුණු නොයෙකුත් සිහිවටන පවතින රටක් ලෙස වර්තමාන ඉන්දියාව දෙස සිංහල බෞද්ධයන්ගේ දෘෂ්ටිය බොහෝ මට සිලිටිය. දඹදිව වන්දනාව යනු ජීවිතයේ එක් වරක් හෝ යෑමට පුල පුලා සිටින ගමනකි. වර්ෂයකට ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් මෙම වන්දනාවට එක් වෙයි. නමුත් බිහාර් ප්‍රාන්තය ඇතුලු බොහෝ සිද්ධස්ථාන සහිත ස්ථානයන් තුළ බෞද්ධයන් වෙනුවෙන් සලසා ඇති පහසුකම් ඉතා අවමය. සංකස්ස නුවර වැනි අගනා ස්ථානයකට යන ගමන් මාර්ගය ඉතා අබලන්ය. මේවා පිළිසකර කරවීමට ඉන්දීය රජයට අවශ්‍යතාවයක් ඇතැයි නොසිතේ. සංකස්ස පූජ්‍ය ස්ථානය ද තවමත් හින්දූන් ගේ ආධිපත්‍යට යටත් වී ඇත. එය වසර කීපයකට පමණ ඉහතදී  කඩා වැටී කැලෑවට යට වී ඇත. එය බෞද්ධයින්ගේ ස්ථානයක් වට පත් කර ගැනීමට කතා කිරීමට දැන් නොහැකිය. ධර්මපාල තුමා ගත් මග ගැන්මට වර්තමාන සිංහලයින් බිය වෙති.. කි.මී. 800 ක්  එක දිගට අධිවේගී මාර්ග වල හා ග්‍රාමීය පාරවල් වල යනෙන විය ගිමන් නිවා ගන්නට ස්ථානයක් වැසිකිලි පද්ධතියක් සකස් කරලීමට අවශ්‍ය තාවයක් ඉන්දීය රජයට නොමැත. අපගේ කාන්තාවන්ට පවා එම ගමන් වලදී වැසිකිලි යාමට සිදු වී ඇත්තේ පාරවල් අයිනේ ළඳු කැලෑවලය. සමහරක් විට ඉන්දියාවේ අතිශය දිළිඳු පීඩිත පන්තියට මෙන් අපට සලකා මුදල් පමණක් ලබා ගැනීමේ චේතනාව ඔවුන්ට ඇතැයි මොහොතකට සිතේ.       කපිල වස්තු  ප්‍රදේශයේ  යම් කිසි වපසරියක් ඉන්දියාවටද අයත්ය. එම ස්ථානයෙන් ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින්නේ නවදිල්ලියේ කෞතුකාගාරයේය. එහෙත් ඒවා නැරඹීම හා වන්දනාවට ඉඩ හසර ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටය. හෝටල් කරුවන් සහ වන්දනා තැරැව්කරුවන්ගේ ග්‍රහණයෙන් එපිට පූජනීය වන්දනාවකට යෙදීමට ඉඩ සැලසෙන්නේ ඉතාමත් අතලොස්සකට පමණකි.

        ඉන්දියාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ රාජේන්ද්‍ර ප්‍රසාද් මහතා 1959 දී පමණ  ලංකාවට පැමිණියේය.ඒ විද්‍යාලංකාර විශ්ව විදයාලයේ මංගල තෑගි ප්‍රදාන උත්සවයටයි. ඒ අවස්ථාවේ එතුමා ඉත් ගැඹුරින් දෙරට අතර සම්බන්ධය පිළිබඳ සටහන් කර තිබේ. තමා විද්‍යාලංකාරයට අමුත්තකු නොවන බව කී ඉන්දීය රාෂ්ට්‍රපති තුමා මීට අවුරුදු බොහෝ ගණනකට පෙර තමා මෙහි පැමිණ සාහිත්‍ය දර්ශනවාදය සහ ඉතිහාසය පිළිබඳ විශාරද සේවයක් කිරීමෙන් මුළුමහත් ඉන්දියාව පුරා පතළ කීර්තියක් ලැබ සිටි රාහුල සංකෘත්‍යාන පඬිතුමාණන් සමග විසූ බැව් පැවසුවේය. ඉන්දීය සහ විදේශීය ශිෂ්‍යයන් විසින් බුද්ධාගම හදාරනු ලබන නාලන්දාවේ පාලි විද්‍යාතනයේ කටයුතු කරන විද්‍යාලංකාර ආදී ශිෂ්‍යයකු වන ජගදීශ කාශ්‍යප ස්වමීන් වහන්සේ ගැනද ශ්‍රී රාජේන්ද්‍ර ප්‍රසාද් සඳහන් කෙළේය. අප අතර ඇති සාගරයක් ඔබ්බේ පිහිටි ඉන්දීයාවේ වැසියන් වන අපි විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් කෙරෙන වැඩත් එහි වර්ධනයත් ගැන දැඩි සැලකිල්ල යොමු කරන්නෙමු යයිද හින්දු ධර්මය සහ බුද්ධාගම එකිනෙකට අසම්බන්ධ යයි හෝ ප්‍රතිවිරුද්ධ යයි හෝ අප නොසලකන බැවින් අපේ මේ උනන්දුව සැබවින්ම අවංක එකක් යයිද එදා පවසා ඇත.  බුද්ධාගම පිළිබඳ මහජන ප්‍රසාදයක් මෑත කාලය තුළ ඉන්දියාව පුරා ඇති වී යයි කී එතුමා බුදුන් වහන්සේ ගේ මහා පරිනිර්වාණයෙන් 2500  යේ බුද්ධ ජයන්ති මහොත්සවය කෙරෙහි දැක්වුණු උද්‍යොගයත් පැරණි නාලන්දාව පිහිටි තැන බෞද්ධ ශාස්ත්‍රායතන පිහිටුවීමෙනුත් විවිධ විශ්ව විද්‍යාලයන් බුද්ධාගම කෙරෙහි දක්වන උනන්දුවෙනුත් ඒ බැව් පැහැදිලි වන්නේ යයි කීය. බුද්ධාගම හැදෑරිය හැකි අගනා විශ්ව විද්‍යාලයක් ඉන්දියාවේ ඇතද ඉන්දීය ශිෂ්‍යයන් විද්‍යාලකාරයට පැමිණ මේ විශ්ව විද්‍යාලයේ ජීවය උරා ගන්නවා පමණක් නෙව ලංකාවේ ශිෂ්‍යයන්ද භාරතීය මධ්‍යස්ථානයන්හි සිප්සතර හදාරනු දැක්මට කැමැත්තෙමි යැයි එතුමා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
      එදා බුද්ධගයා නඩුවෙන් ධර්මපාල තුමා පැරදුණු පසු එය බේරා දුන්නේද ඉන්දියාවේ ප්‍රථම ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් තුමාය.එහෙත් වත්මන් ඉන්දීය ජනාධිපතිවරයා ලංකාවට පැමිණෙන්නේ රට දෙකඩ කිරීමට අවශ්‍ය පිඹුරු පත් සමගින්ය. ඔහු වෙසක් මුහුණක්ද පැළඳගෙන පැමිණෙන බැවින් ලංකාවේ ජනතාව අතරින් බහුතරයක් ඔහුට ගරුසත්කාර පවත්වනු ඇත. ඇතැම් විට මහා සංඝරත්නයද මුල්ව එය සිදු කරනු ඇත. නමුත් තිත්ත ඇත්ත නම් ඔහු උතුර සහ නැගෙනහිර සඳහා සවයං පාලනයක් ලබා දෙනු පිණිස සහ මධ්‍යම කඳුකරයේ දෙමළ ජනතාවට වෙනත් සවයංපාලනයකට යෑම සඳහා පාර කැපීමට උත්සාහ කරනු ඇති බවයි. වත්මන් යහපාලන රජයේ නව කඳුකර ගම්මාන අමාත්‍යංශය යනු මේ ඉන්දීය වුවමනාව පිණිස සැදුම් ලද්දකි.එසේ හෙයින් මෝදී ගේ වෙසක් මුහුණ යනු වෙස්මුහුණක් බව පෙන්වා දිය යුතුය. වත්මන් යහපාලන රජය සිංහල බෞද්ධයන් වෙනුවෙන් කිසිවක් කර නැත. අන්තවාදීන් විසින් රටේ බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය කරන විට යහපාලනය මුනිවත රකී.විදේශයන්හි ස්වාමීන් වහන්සේලා ලංකාවට අධ්‍යාපන කටයුතු සඳහා පැමිණෙන විට අය කරනු ලබන වීසා ගාස්තුවද මේ වන විට වැඩි කර තිබේ.පිරිත් දේශනා විකාශනය කරන විහාරස්ථාන වලට සහ අලි ඇතුන් ළඟ තබා ගන්නා හිමිවරුන්ට යහපාලනයේ අදිසි හස්තයන්ගෙන් නඩු පවරන කල්හි ජාත්‍යන්තරයට පෙනෙන්නට වෙසක් උත්සවයක් සැමරීම බොරු ප්‍රදර්ශනයකි.නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය තුමාගේ දේශපාලන කාරණා වෙසක් උත්සවය හා මුසු කිරීමද බලවත් වැරැද්දකි. විශේෂයෙන්ම මෝදි මැති තුමා මහානායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසීමට යන බැවින් මේ වෙස් මුහුණ ගැලවීමට කටයුතු සැලසේ නම් වඩා යහපත්ය. නමුත් දෙරට අතර තිබෙන  යහපත් බෞද්ධ සබන්ධය සහ රජ්‍යතාන්ත්‍රික බාවය ඉස්මතු කර පෙන්වා දෙරටේ අනන්‍යතාවය ට හානියක් සිදු නොවන පරිදි කටයුතු කළ යුතු බවට අනුශාසනනා කරවීම වඩාත් වැදගත් යයි සිතමි.



Friday, April 21, 2017

පරිසර සංචරණයට බිලිදෙන ජාතික උරුමය

                                        

         පරිසර සංචරණය මුවාවෙන් සංචාරක හෝටලයකට ලබාගත් වන සංරක්ෂණ ඉඩමක පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් ඉහළ ගල්ලෙනක මීටර් දෙකහමාරක් පමණ දිග ඉපැරණි ලෙන් ලිපියක් ග්‍රයින්ඩරයක් මගින් මකා දමා එම වන සංරක්ෂණ ඉඩම සංචාරක සමාගමට අත්පත් කර ගැනීමට කරන ලද බොළඳ උත්සාහයක් පසුගියදා සීගිරිය කුඹුක්කඳන්වලින් වාර්තා විය.මෑත කාලයේදී වාර්තා වූ පුරාවස්තු හානි අතර මෙම සිද්දිය කිසිසේත්ම ලඝු කොට තැකිය නොහැකිය. ඊට හේතුව මෙම ලෙන් ලිපිය මේ වන තෙක්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිටපත් කර ගෙන නොතිබීමයි. ඒ අනුව මෙම ප්‍රදේශයේ ඉතිහාසයට ආලෝකය සැපයිය හැකි වැදගත් ශිලා ලේඛණයක් ජාතියට අහිමි විය.

           ලංකාවට සංචාරකයන් පැමිණීම තුළින් දේශීය ආර්ථිකයට ලැබෙන දායකත්වය  සුවිශේෂීය. වසර තිහක පමණ කාලයක් ආපස්සට සලකා බලන කල්හි විවෘත ආර්ථික ප්‍රතිපත්ති මත සංචාරක කර්මාන්තය බෙහෙවින් දියුණට පත් වී තිබේ. සංචාරකයා මෙරටට පැමිණෙන්නේ විවිධ අරමුණු ඔස්සේය. ලංකාව සුන්දර රටක් බැවින් සොබාව සේන්දර්ය විද ගැනීම වෙරළ ආශ්‍රිත පරිසර සුන්දරත්වය ආදිය ඔවුන්ගේ සිත් ගැනීමට හේතු වී තිබේ. මෙරට පවතින කැලෑ සහ වැව් ආශ්‍රිත පරිසරයද මෙ සඳහා දායක කර ගැනීමට සංචාරක කර්මාන්තයේ නියුතු බොහෝ දෙනා අද උනන්දු වී සිටිති.මීට කලකට ඉහත කණ්ඩලම වැව් තාවල්ලේ හෝටලයක් ගැසීම සිදු විය.එය පාරිසරික සංචාරක කර්මාන්තයේ මෑත කාලීන කඩයිමකි. නමුත් මෙම ව්‍යාපෘතියට එකල විශාල ජනතා විරෝධයක් එල්ල විය. වැවේ බැන්ද හෝටලය මගින් සිදු වන පරිසර විනාශය ගැන බරපතල සාකච්ඡාවක් එහිදී මතුවිය. නමුත් පාරිසරික අණ පණත් අනුව හෝටලයේ ප්‍රමිතිය සකස් කර ගැනීමෙන් පසු එම කඩයිම ජයග්‍රහණය කර ගැනීමට ඔවුනට පිළිවන් විය.මේ සිද්දිය ජනතා මතකයෙන් ඈත්වී දැන් පාරිසරක සංචාරක කර්මාන්තය විශාල වශයෙන් ලංකාව පුරා ප්‍රචලිත වී තිබේ. විශ්ෂයෙන්ම මුහුදු තීරය ආශ්‍රිතව ඉදි කරන විවෘත හෝටල් සංකීරණ නිසා සංචාරකයන්ගේ ආකර්ශණය වැඩිවී තිබේ.
          පාරිසරික සංචාරක කර්මාන්තයට අදාල හෝටල් අද බහුල වශයෙන් ඉඳි කරනු ලබන්නේ වැව් සහ පාරසරික සුන්දරත්වය පවතින අභය භූමි ආශ්‍රිතවයි. මෙවැනි තැන් වල ඉඳි කිරීම් සිදු වන කල්හි කළ යුතු පාරිසරික අගැයුම් මෙන්ම පුරාවිද්‍යා හානි අගැයුම් ගැන සැලකිල්ලක් නොමැතිව පසුගිය කාලයේ විශාල වශයෙන් වන හානි සහ පාරිසරික හානි සිදු කර තිබේ. යුද්ධයෙන් පසු  උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ කරන ලද ඉඩම් බදු දීම් වලදී ඉහත නීති රීති කිසිවක් අදාල කර ගෙන නැත. විශේෂයෙන්ම පාරිසරික කාබනික වගා ආදර්ශ පවත්වා ගෙන යෑමට කැමැති සමාගම් නිසා වන සංරක්ෂණ ඉඩම් පවා නීතියට පිටින් අත්පත් කර ගෙන ඇත. මෙහි නවතම නිදසුන වාර්තාවන්නේ දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල ගමේ මහකපුයාය වන රක්ෂිතය තුළයි.
          මහකපුයාය වැවට ආසන්න කලුදිය පොකුණ පුරාවිද්‍යා රක්ෂිතය ගැසට් කරනු ලබන්නේ 1935 දී පමණය.අක්කර 89 ක් ඊට අයත්ය. පූර්ව අනුරාධපුර යුගයට අයත් සුවිශේෂී සෙල් ලිපි රැසක් එහි පවතී. පසු කාලයේදී සීගිරි කාශ්‍යප කාලයට අයත් ආරාම සංකීර්ණ මෙම කඳුරයේ විවිධ තැන්වල දක්නට ලැබෙයි.සීගිරිය දක්වා දිවෙන මේ කලාපයේ විවිධ ගල් පර්වත ඇසුරු කරගෙන ඉඳි වී ඇති ලෙන් සංකීර්ණ ආරණ්‍ය මෙහි බහුලය. නුවර යුගයේදී(1681 දී ) මෙම පෙදෙස ආශ්‍රිත කුඹුක්කඳන්වල ගම්මානය මිල්ලවානේ රත්තරන් ගෙදර රදළයන්ට සන්නසකින් හිමි විය.වෙලන්ගොල්ල හීන්නෙන් කරඹවැල් යායේ වැට වැරැල්ලෙන් කෙරටිය ගලෙන් පන්හේනේ මහ මීගහෙන් රඹ වැවේ දිය ගිලුමෙන් මහ ගුරුළු හීන්නෙන් ගල් ටැඹෙන් දුන්නබිඳි වැවෙන් අකුරු කෙටූ ගලෙන් මහ කපුයායේ හීන්නට යනුවෙන් එම සන්නසේ කුඹුක්කඳන්වල හතරමායිම් දක්වා තිබේ. ඉංග්‍රීසීන් රට බාර ගත් පසු විශේෂයෙන්ම 1848 ජාතික විමුක්ති අරගලයෙන් පසුව සන්නසේ සඳහන් ඉඩ කඩම් කුඹුක්කඳන්වල ගම්වාසීන්ට අහිමි විය. පසුව 1966 සැප්තැම්බර් මස 16 දින ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මෙම ගම්මානයට අයත් ඉඩ කඩම් වලට අයිතිවාසිකම් කියන්නන්ට ඉදිරිපත් වීමට හැකි වන පරිදි ගැසට්ටුවක් නිකුත් කර ඇත. මේ අනුව ගමේ විවිධ පුද්ගලයන් එයට ඉදිරිපත් වූහ. නමුත් කාලයක් ගත වුවද එම කාර්යයන් සම්පූර්ණ වූ බවක් නොපෙණුනි. සැබවින්ම මෙම ගම්මනායේ ඉඩම් සංචාරක කර්මාන්තයට මංකොල්ලකෑමකට ලක් වීම ඇරඹෙන්නේ මෙතැන් සිටයි.

          2013 වසර වන විට මෙම ඉඩම් හිමිකම් සඳහා ගම්මුන් තෝරාගෙන ඇති බවට කිසිවෙක් දැන නොසිටියහ.එහිදී ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම ඉඩම් සඳහා අතුරු සහතික නිකුත් කිරීම අරඹා තිබේ. එම ගමේ සේවය කල විශ්‍රාම ලත් ග්‍රාම සේවකවරයෙකු එය දැන සිටියේය. ඔහු ඉහළ නිළධාරින් සමග එකමුතුව මෙම ඉඩම් ගම්මුන් ගෙන් ඉතාමත් අඩු මිළකට මිලට ගත්තේය. එසේ මිලදී ගත් මහකපුයාය වැව ආශ්‍රිත ඉඩම් අක්කර හතළිස්හතක් සමාගමකට විකුණා දැමීමට මොවුන්ට හැකි විය. . ඊළඟ ඉඩම් කොල්ලය ඇරඹෙන්නේ වන සංරක්ෂණය සතු ඉඩම් වලට අත පෙවීමෙනි. මහකපුයාය වැව මෙම ඉහතකී කුඹුරු ඉඩම් වලට දියවර සපයන වැවයි. එය ගම සතුය. නමුත් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සමාගම් හිමියාට  මෙම වැව භාර කොට ඇත. වැවට උඩින් මහගල් තලාව සහිත වන හීන්නයි.සමාගම් විසින් මෙම වන ගහනයෙන් තවත් අක්කර 46ක්  පමණ කොටු කර ගෙන ඇත්තේද  අයථා ලෙසිනි.. මහ කපුයාය නම් පොදු වැව එයට යන ගම්සභා පාර පවා  අත් පත් කරගත් සමාගම ගම්මුන්ට එහි ඇතුල් විය නොහැකි වන පරිදි වැට ගසා ගෙන තිබේ.
       මේ ප්‍රශ්ණය එළියට පැමිණෙන්නේ ගමේ තරුණයෙකු වූ ඩබ් .ජී.වසන්ත ගේ ඉඩමක්ද කොටුකර  ගැනීමෙනි.අතුරු සහතික නිකුත් කරන කල්හි වසන්තගේ මවට අයිති උරුමය වෙනත් අයෙකුගේ නමට අතුරු සහතික සාදවා සමාගම් සතු කරන්නට ගත් උත්සාහය වසන්තට දැන ගනන්ට ලැබී ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවට දන්වා වෙනස් කර ගැනීමට වසන්තට හැකි විය. නමුත් වසන්තට ඉඩමට ඇතුල් වීමට සමාගම් ඉඩ නුදුන්හ.  සමාගම ඔහු වළක්වා  පොලිසිය යොදවා අත්අඩංගුවට ගෙන ඇත.  දැන් මේ සම්බන්ධව නඩුවක් පවතී. අවසානයේදී සිදු වූයේ කවුරුත් නොසිතූ සිදු වීමකි. වන සංරක්ෂණ සීමාවට අයත්ව තිබූ තලයායගල්ගේ තිබූ මීටර්  දෙකහමාරක් පමණ දිග ලෙන් ලිපියක් ග්‍රයින්ඩරයක් දමා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට යම් කිසි පිරිසක් උත්සාහ දැරීමයි. මේ විනාශ කාරී ප්‍රවේශය කල් තියා දැනගත් වසන්ත පොලිසියට පැමිණිලි කළද සීගිරි පොලිසිය එම පැමිණිලි විභාග නොකළහ.සෙල් ලිපියෙන් කියැවෙන ඉතිහාසය මකා දමා පුරාවිද්‍යා උරුමය අවසන් කිරීමට ඔවුන් සිතුවා විය හැකිය. නමුත් ඉතිහාසය විසින් ලබා දෙන සාක්ෂි සෑම තැනකම සැඟවී තිබෙන බව මේ මෝඩ මිනිසුන් නොදනී.
          පාරිසරික සංචාරක කර්මාන්තයත් එයින් ජනතාව වෙත කාන්දු කර ඇති දුෂ්ට ආකල්පයන් ද මේ සිද්දියෙන් මනාව හෙළිවී ඇත. විශාල ලෙස මුදල් ආයෝජනය කරන කවර හෝ සමාගමක්  උත්සාහ කරන්නේ තමන්ගේ අභිප්‍රායට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමටයි. ඉඩම් අවශ්‍ය නම් නීත්‍යානුකූල නොවන ලෙසට හෝ ඒවා ලබා ගෑනීම ට ඔවුහු කටයුතු කරති. විශේෂයෙන් සොබා සෞන්දර්යයෙන් පිරි පරිසර ස්ථාන සියල්ල ගොනු වී පවතින්නේ වන සංරක්ෂණ සතු ඉඩම් ආශ්‍රිතව බැවින් ඒවා දෙස ගිජු ලෙස බැල්ම හෙළමින් ලබා ගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කරති. ගමට එන පොහොසතුන්ට ගමේම පුද්ගලයන් සම්බන්ධ වන්නේ හුදෙක් වස්තු තණ්හාවෙනි. විවෘත ආර්ථික ප්‍රතිපත්ති කරණ කොට ඇතිවූ මුදල් පසුපස හඹායන මානසිකත්වය මෙහිදී ඉතාමත් නරකට යොදා ගෙන ඇත. ඉඩම් තැරැව්කරුවන් බිහිවන්නේ එලෙසය. මේ දුෂ්ට ධනවාදී ආකල්පයන් නිසා සීගිරිය වුවද දඹුල්ල වුවද විකිණීමට ඔවුන් පසුබට වන්නේ නැත. ළඟදී සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලේ දඹුල්ල ව්‍යාපෘතිය පිලිබඳ රැස්වීමකදී ඇමතිවරයා පවසා ඇත්තේ අවශ්‍ය නම් දඹුලු ගල පවා විකිණිය හැකි බවයි.පරිසර සංචරණය මුවාවෙන් කෙරෙන මේ ජඩකම් නීත්‍යානුකූල වන තෙක් ජනතාව බලාසිටින්නේ   ඇයිද යන්න ප්‍රශ්ණයක් ලෙසින් අප ඉදිරියේ පවතී.ඒ මෙවැනි අඳබාල ඇමතිවරුන්ට ජනතාවගෙන්ද වටිනාකම් හිමිව ඇති බැවිනි.



      

Saturday, April 1, 2017

සිංහලයන් ගොනාට ඇන්දූ මරිච්චකට්ටුවේ මරිසිය

                               
                                       

                ලංකාවේ ජාතික වන උයන් අතර මුල් තැනක් හිමිවන විල්පත්තු අභය භූමි සීමාවේ තිබෙන මරිච්චකඩ්ඩු කල්ලාරු වනන්තරයෙන් අක්කර 1080 ක ප්‍රමාණයක් හෙළි පෙහෙලි කර නැවත පදිංචි කිරීම් වලට දුන් පුවත වාර්තාවන්නේ 2014 වසරේදීය.මෙම ඉඩම් ලබාදීම කරනු ලැබ ඇත්තේ මරිච්චකඩ්ඩුව සිලාවතුර ආදී තැන් වලින් අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ අරමුණිනි. දැන ගන්නට තිබෙන පරිදි  උතුරු වසන්තය තේමා කොට ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීම මත ගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුව සිටි රිෂාඩ් බද්යුදීන් මහතා මෙම මුස්ලිම් ජනතාව පදිංචි කොට තිබේ. මරිච්චකට්ටුව වනාහි බෙහෙවින් සංවේදී පරිසර කලාපයකි. එසේම පැරණි ඓතිහාසික හා පුරවිද්‍යාත්මක නටබුන් පැතිර පවත්නා විල්ලුවලින් ගහන තෙත්බිම් ප්‍රෙද්ශයකි. රාවනාගේ පරපුරේ කෙනෙකු වූ මරිච නම් නරපතියා මෙන්ම කනශ නම් රජ කෙනෙකු මේ පෙදෙස පාලනය කර ඇත.පැරණි මංගන නගරය  මෙහි මුල්ලි කුලම් ආසන්නයේ පසට යටව තිබෙන බව පුරාවිද්‍යාඥයන් ගේ මතයයි. ඒ අනුව සලකා බැලිය හැක්කේ පූර්ව ඓතිහාසික යුගයේ පටන් විල්පත්තු අවට භූමි භාගය නොහොත් පැරණි උරුවේලාව කෙතරම් වැදගත්ද යන්නයි.
        නැවත පදිංචි කිරීම සඳහා පදනම් විය යුත්තේ යුද්ධයෙන් අවතැන් වූ ජනතාවයි.වසර තිහක් තිස්සේ ඇති වූ කලබල වලදී සිංහල මුස්ලිම් සහ දෙමළ යන ජන කොටස් සියල්ල අවතැන් විය.අනාථ කඳවුරු වල කාලයක්ම ගතකරන්නට ඔවුනට සිදු විය.එහෙත් සිංහල ජනතාව අවතැන් විම ආරම්භ වන්නේ විසිවන සියවසේ අසූව දශකයේ සිට නොවේ. එය දහ අට වන සියවස තෙක්ම ඇදී යන ප්‍රශ්ණයකි. ලන්දේසීන් විසින් ඉන්දියාවේ සිට ගෙනා මලබාර් වහලුන් උතුරේ පදිංචි කිරීමත් සිංහල බෞද්ධයන්ගේ විහාරස්ථාන කඩා රෙපරමාදු දේවස්ථාන ඉඳි කිරීමත් යන කාරණා නිසා සිංහලයන් ක්‍රමයෙන් උතුරෙන් අවතැන් වීම පටන් ගත්හ.මන්නාරම් දිස්ත්‍රික්කයේ තත්ත්වයද එසේය. එම පෙදෙසේ පවතින පුරා වස්තු දෙස බලන කල්හි අතීතයේ කෙතරම් විශාල සිංහල ජනගහනයක් වාසය කරන්නට ඇත්දැයි කල්පනා කළ හැකිය. මන්නාරම් දිස්ත්‍රික්යේ සිංහල ජනගහනය 1981 දී 8683 ක් වූ බව සටහන්ව ඇත. . කොටි ත්‍රස්තවාදය පැතිරී ගිය සමයේදී අනාථ කඳවුරු වලට ගාල් වූ සිංහලයන් 847 දෙනෙකු නැවත සිය මුල්බිම් අතර වන මුරුන්කන් වලට පැමිණියද ඒ වන විටද ඔවුන් ගේ ඉඩම් පැහැරගෙන තිබුණි. එවකට නැවත පදිංචි කිරීම් අමාත්‍ය වරුන්ව සිටි මෙල්රෝයි ප්‍රනාන්දු සහ බද්යුදීන් යන අමාත්‍ය  දෙපළටම සිය අභියාචනා ඉදිරිපත් කළද ප්‍රතිඵලයක් අත් නුවුණි. මුස්ලිම් අවතැන් වූවන් සඳහා ඉඩම් ලබා දීම ආරම්භ වන්නේ මේ කාලවකවානුවේදීය. එහිදී සිංහල ජන සමාජය වෙතින් එන විරෝධය මැඩපැවැත්වීමට මුරුන්කන් සිමෙන්ති සංස්ථාව අසල නාරිකාඩු භූමියෙන් යම් කිසි කොටසක් ලබාදීමට යුධ හමුදාව යොදවා ගනු ලැබිණ. එහෙත් මේ පිරිසට නිවාස පහසුකම්  සහ ඉඩම් ඔප්පු කිසිවක් මේ තාක් ලැබී නොමැත
         1981 දී මෙහි සිටි මුස්ලිම් ජන ප්‍රමාණය 27717 කි. දෙමළ ජන ප්‍රමාණය 54424 කි.  වසර තිහක කාලයකදී මේ ජන කොටස් තුනම යම්කිසි වර්ධනයක් දැක්විය යුතුය. එහෙත් කොටි ත්‍රස්ත කලබල නිසා විශේෂයෙන්ම සිංහල ජනතාවට උන්හිටි තැන් අහිමි විය.ඔවුන් ගේ ජනගහනය 2012  වර්ෂය වන විට 2305 දක්වා පහළ බැස තිබුණි.එසේ වූවිට අවතැන් වූවන් පදිංචි කිරීමේදී යම්කිසි විධිමත් ක්‍රමයකට එය කළ යුතුව තිබුණි. නමුත් සිදු වූයේ දෙමළ ජනතාවට සහ මුස්ලිම් ජනතාවට පමණක් මුල් තැන් ලැබීමයි. මන්නාරම් දිස්ත්‍රික්යේ වාසය කළ දෙමළ ක්‍රිස්තියානි ජන කොටස් වලට එහිදී විශේෂ අවස්ථාවක් හිමි විය.
           පසුගිය රජයේ කර්මාන්ත හා වානිජ කටයුතු ඇමති රිෂාඩ් බද්යුදීන් මහතා ගේ මැදිහත් වීම මත මුස්ලිම් ජන කොටස් නැවත පදිංචි කිරීම ආරම්භ කොට ඇත්තේ  කටාර් රාජ්‍යයේ නායක ශෙයික්  අහමඩ් බින් ජාසිම් සහ ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා  අතර ඇතිවූ සම්මුතියකට අනුවයි. ඒ අනුව  කටාර් ජනාධිපති අනුග්‍රහය දක්වන බින් ජාසිම් අරමුදලෙන් මෙයට මුදල් ලැබුණි. විල්පත්තු උතුරු සීමාවට වන්නට පිහිටා තිබෙන මරිච්චකඩ්ඩු කල්ලාරු වනාන්තරයෙන් මේ සඳහා ඉඩම් ලබා දී තිබේ.             2013 වසරේ දී මන්නාරම දිස්ත්‍රික්  ලේකම් වරයාට ලිපියක් යවන වන සංරක්ෂණ ජනරාල් කේ.පී. ආරියදාස මහතා මුස්ලිම් අවතැන් වූවන් ගැන සඳහන්කරයි. කුලන් කුලම් සම්බදාමුසලිකාඩු පණ්ඩාර වෙල්ලි පුදවේලි  මුසලි  පුන්නච්චි කුලම් මරිච්චිකට්ටි යන තැන් වල සිට අවතැන් වූවන් සඳහා  මරිච්චකඩ්ඩු සිලාවතුර මර්ගයේ කි.මී. 23-29 අතර මග දෙපසේ මීටර් 250 ක පළල බිම් තීරුවක් නිදහස් කළ යුතු බව එහිදී සඳහන් කර ඇත.එසේම  අකාති මුරුප්පු පිච්චායි වන්නියා කුලම් වෙප්පන් කුලම් යන ස්ථාන වලින් අවතැන් වූවන් සඳහාද පිච්චායි වනන්නියාකුලම් නම් ස්ථානයෙන්ද විඩතලතිව් හි අනාථ වූවන් සඳහා එම ස්ථානයට යාබද මඩු රක්ෂිතයෙන්ද ඉඩම් ලබා දෙන මෙන් මෙහිදී ඉල්වා ඇත. ඒ අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ මුසලි කොට්ඨාශයට අයත් අක්කර 1080 ක් නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

       මෙකියන ගම්වල ජීවත්ව සිටි මුස්ලිම් ජනතාව කොපමණ දැයි ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව  වාර්තා කරන්නේ මෙසේය.1816 වසරේ රජයේ ජන ගහන වාර්තාවල  මුස්ලිම් නමින් ජනතාවක් නැත. 1901 ද එසේමය.  මන්නාරමේ මුසලි උතුර සහ දකුණ යන තැන් වල සංක්‍රමණික මුවර්(මරක්කල) ජන පිරිසක් සිටි බව එම වාර්තා සඳහන් කරයි. 1901 සහ 1911 ජන  වාර්තා අනුවද මේ ජන කොටස් සංක්‍රමණිකයන්ය. දකුණු ඉන්දියාවේ සිට යාත්‍රා මගින් මන්නාරම් මුහුදු තීරයට පැමිණ කුදිරමලය ආසන්නයේ නවාතැන් ගැනීම හා  පසුව රට අභ්‍යන්තරයේ වෙළෙදාමේ යෙදීම මේ ජන වර්ග විසින් කර ඇති කාර්යයන්ය. මේ පිරිස 1946 සහ 1953 සංගණන වාර්තා වලින් ද  ඉන්දියානු හෝ ලංකා මුවර් යන ව්‍යවහාරයෙන් දක්වා ඇත.ඔවුහු ලංකා මුස්ලිම් යනුවෙන් හැඳින්වන්නට පටන් ගත්තේ 1971 න් පසුවයි.
        1901 වර්ෂයේ දී මුසලි කොට්ඨාශයට අයත් තම්පඩා මුසලිකාඩු පුතුවෙල්ලි මුසලි මාන්තාන් වේලි පණ්ඩාරවේලි ආකාතිමුරුප්පු සහ මරිච්චිකට්ටි යන ස්ථාන වල සිටි මුවර් ජනගහනය 870 ක් විය.එම කාලයේ මන්නාරමේ සම්පූර්ණ මුවර් ජනගහනය 13000 ක් පමණ විය.ඉන්පසු 1946 දී සිලාවතුර අකාති මුරුප්පු විඩතලතිව් මරිච්චිකට්ටි යන ස්ථාන ඇතුළු මන්නාරම සමස්ත  මුවර් ජනගහනය 10410 ක් පමණක් විය.1981 වන විට මෙම මුවර් ජනහනය මුස්ලිම් යනුවෙන් හඳුන්වා 27717 ක් ලෙසට ගණනය කර තිබුණි. යුද්ධයෙන් පසුව 2012 සංගණන වාර්තාව අනුව මන්නාරමේ සිටි මුස්ලිම් ජනගහනය 16436 ක් බවට පත් ව තිබුණි. එහිදී අවතැන් ජනගහනය 11281 කි.එවිට නැවත පදිංචි කිරීම් වලදී මේ ප්‍රමාණය සැලකිල්ලට ගත යුතුව තිබුණි. නමුත්   මරිච්චකඩ්ඩුවට ආසන්නයේ 23 වන කි.මී. කණුවේ සිට සිලාවතුර 29 කි.මී. කණුව දක්වා දුර ප්‍රමාණයක අක්කර 1080ක් එළිකොට මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට සාධාරණ හේතුවක් දක්වා නොමැත.මන්ද සමස්ත මන්නාරම් දිස්ත්‍රික්කයේම  අවතැන් වූ මුස්ලිම් ජනතාව දිවි ගෙවා ඇත්තේ එහි විවිධ ප්‍ර දේශ වල බැවිනි.මෙහිදී කර ඇත්තේ ආසන්න පුත්තලම් දිස්ත්‍රික්කයෙන්ද කල්කුඩා ප්‍රදේශයෙන්ද  මුස්ලිම් ජනතාව ගෙන්වා පදිංචි කිරීමකි. එසේම පරිසර හානි අගැයුම් වාර්තාවක් නොමැතිව රක්ෂිත වනාන්තර පද්ධතියක් හෙළි පෙහෙළි කොට විශාල වන විනාශයක්ද සිදු කිරීමකි.අවතැන් වූ ජනතාවගේ සැබෑ සංඛ්‍යා ලේඛන පරීක්ෂා නොකොට මෙහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මන්නාරම් දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිළධාරීන් විශාල වැරැද්දක් සිදු කර ඇත.
                         ආරම්භයේදී මේ ජනාවාසය තුළ සුන්නි මුස්ලිම්  පවුල් 1500 ක් පදිංචි කරන ලැබ ඇතැයි දැනගන්නට ඇත.එය ජාසිම් සිටි ලෙසට නම් කර ඇත. දෙවන අදියරේදී එය පවුල් 2000 ක් දක්වාද තෙවනි අදියරේදී පවුල් 20000 දක්වා ද ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබුණි. මෙලෙස ආරම්භ කළ පදිංචි කිරීම් කිසිවක් නැවත පදිංචි කිරීම් නොවේ. ඒවා නව පදිංචි කිරීම් ලෙසට පෙන්වා දිය යුතුය. මෙම නව පදිංචි කිරීම් මගින් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි වටහා ගත හැක්කේ මෙම ප්‍රදේශය සීමා වන කලාපය නිරීක්ෂණය කළහොත් පමණකි. මෙම පෙදෙස දකුණෙන් සහ නැගෙනහිරෙන් විල්පත්තුව අභය භූමියට වහංගු වී ඇත. බටහිර  කෙළවරක් නැති මහ මුහුදයි. උතුරෙන් සිලාවතුර මාර්ගයයි. දකුණෙන් නැවත වනාන්තරයයි.මෙම නිවාස තැනීමට ආධාර උපකාර ලබාදුන් අයතන දෙකකි . එකක් නම් කටාර් රාජ්‍යයේ බින් අහමඩ් සංවිධානයයි. අනෙක නම් ඔස්ට්‍රේලියන් ඒඩ් නම් ආයතනයයි. කටාරය යනු යූෂුෆ් අල් සර්දාවි නම් ඉස්ලාමීය නායකයාගේ මූලිකත්වයෙන් මතවාදීව පාලනය වන සුන්නි වහාබ්වාදය පතුරුවන රාජ්‍යයකි. මේ උපකාර මත ඉඳිකර ඇති ස්ථානයේ අවතැන් වූ පකිස්ථානුවන්ද පදිංචි කර ඇතැයි පැවසේ. එය බරපලත කරුණකි. එසේ නම් මේ පදිංචි කිරීම් වල සැලසුම නම් අනාගතයේදී රටේ ඉස්ලාම් අන්තවාදය පොෂණය කිරීම උදෙසා ආරක්ෂක කලාපයක් තැනවීම බව පැහැදිලිය. පැතිතුනකින් රටට වහංගුවී ඇති බැවින් එය බල කඳවුරකට සමානය. .  මේ තත්ත්වය තුළ මුස්ලිම් ජනගහන ව්‍යාප්තිය මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉහළ සිට පහළටම ගෙන යෑමට සම්පූර්ණ අනුග්‍රහය ලැබී ඇත. විඩතලතිව් සිට මරිච්ච කඩ්ඩුව දක්වා ක්‍රමානුකූලව පතුරුවා හැරීම එහි අභිප්‍රායයි. අනාගතයේදී  මුස්ලිම් අන්තවාදයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට මන්නාරම පත්වීමට ඇති ඉඩකඩ විශාල බව මේ අත්දැකීම් වලින් සනාථ වේ.

       2007 වසරේ අවසන් කොට ඇති ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය අනුව මරිච්චකට්ටි සිට මාන්තොට දක්වා ප්‍රදේශය සංචාරක ප්‍රවර්ධන කලාපයක් ලෙසට නම් කර තිබේ.(34 සිතියම )වත්මන් ජනාධිපතිවරයා විසින් මරිච්චකට්ටි කල්ලාරු වනාන්තර කොටසක් පමණක් රක්ෂිත වනාන්තර බවට පත් කොට 2107 මාර්තු 28 දින ගැසට්ටුවක් නිකුත් කර තිබෙන්නේ මේ සංචාරක ප්‍රවර්ධන ප්‍රදේශය නිදහස් කරලීමටයි. පරිසර වේදීන් ගේ ඉල්ලීම වූයේ මේ වනාන්තර පෙදෙස විල්පත්තු ජාතික වනොද්‍යානයට එක් කළ යුතු බවයි. නමුත් එය සිදු නොවූයේ  සංචාරක කලාප සඳහා මේ ප්‍රදේශ විදේශිකයන්ට බදු දීම පිණිස යොදා ගැනීමට ඉලක්කයක් .තිබෙන බැවිනි. එවිට ඉන් සම්පූර්ණ ප්‍රතිලාභය අත් කරගන්නේ බද්යුදීන් ඇමතිවරයා විසින් පදිංචි කරන ලද මුස්ලිම් ජනතාවයි.දැන් නැවතත් මුස්ලිම් දේශපාලකයන්ගේ විරෝධය නිසා ගැසට්ටුව හකුළා ගෙන තිබේ. රජයට පරිසරයෙන් වැඩක් නැත.මුහුදට සමීප මෙවැනි ඉඩම් විදේශිකයන්ට පැවරීමෙන් අතයට ගන්නා ලාභය උපරිම කරගත හැකිය.අනෙක් අතට සිංහල චන්ද වලට වඩා මුස්ලිම් චන්ද සිතියම දිග හැර ගැනීම වඩා වාසිදායකය. අවතැන් වූ  7000 ක් පමණ වූ සිංහලයන් නැවත පදිංචි කරලීමට වන සංරක්ෂණයට හෝ රජයේ සිංහල ඇමතිවරුන්ට රුදාවක් නැත්තේ එබැවිනි.