පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, February 23, 2022

ස්වාධීන රාජ්‍යයක් ලෙසට ලංකාවේ නිදහස යථාර්තයක් ද

 

 

 

                                


      1948 පෙබරවාරි 04 වන දිනය අපට සුවිශේෂී දිනයකි.බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදීම සඳහා ලංකාවට ඩොමීනියන් තත්වයක් ප්‍රධානය කෙරුණේ එදිනය. එදින සිට මේ දක්වා වසර හැත්තෑ හතරක කාලයක් ගත වී තිබේ. ලංකාවේ නිදහස් දිනය ලෙසින් අද සැලකෙනුයේ මේ දිනයයි.මේ නිදහස ලබා ගැනීම පිණිස පැමිණි දිගු ගමනක් විය. බ්‍රිතාන්‍ය පාලකයන් හට ගිවිසුමකින් ලංකාව භාර දෙන ලද්දේ 1815 දීය.නමුත් ලංකාවට නිදහස ලැබ දෙන්නේ ඒ ගිවිසුම පදනම් කරගෙන නොවේ. ඒ වෙනුවට 1947 නොවැම්බර් මස 11 දින සකස් කරන ලද අවසාන ගිවිසුම් කීපයක් විය.ලංකා නිදහස් පනත ලංකා නිදහස් රාජ්‍ය පනත ආරක්ෂක ගිවිසුම ආදී වැදගත් ලියවිලි කීපයක් මේ ගිවිසුම් වලට පදනම් විය.ඒ අනුව බ්‍රිතාන්‍ය රජුට යටත් ආණ්ඩුකාරවරයෙකු පත් කරනු ලැබීය.හෙතෙම  ඉන්පසු බ්‍රිතාන්‍ය මහ රැජිනියගේ නියෝජිතයා වශයෙන් පෙනී සිටියද ව්‍යවස්ථානුකූලව ස්වාධීන පාලකයෙකු බවට පත් විය. මෙය අපට ලැබුණු ස්වාධීනත්වයේ ^Indipendence )සාරාංශයයි.

         1815 දී එවකට සිටි ලංකාවේ රජ පවුල ඉන්දියාවට පිටුවහල් කරන ලද්දේ දෙමළ වර්ගයාට ලංකාව පාලනය කිරීමට තිබෙන අයිතිය අහිමි කරමිනි.උඩරට ගිවිසුමේ දෙවන වගන්තියේ ඒ බව දක්වා තිබේ.අප දන්නා පරිදි 1739  සිට 1815 දක්වා ලංකාවේ රාජ්‍යත්වයට පත් වූයේ නායක්කර් වඩුග පාලකයන්ය.යටකී ලෙස දෙමළ වර්ගයා ලෙස සඳහන් කරන ලද්දේ මේ වඩුග පෙළපත සහ අවශේෂ පිරිසයි.එහෙත් අනාදිමත් කාලයක සිට ලංකාව පාලනය කරනු ලැබූ ලම්බකර්ණ හෝ ටිකා රජ පෙලපත් වලට  ලංකාවේ බලය ලබා ගැනීමේ අයිතිය එහිදී අහිමි කර නැත. නමුත් අපට නිදහස ලැබීම සඳහා කරන ලද සාකච්ඡා වලදී ලංකාවේ සැබෑ රජ පෙළපත් තවදුරටත් ජීවමානව නැතැයි යන්න මෙරට නියෝජිතයන් විසින් දක්වා තිබීම බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සැලකිල්ලට ගෙන තිබේ. මෙරට රජ පෙළපත් ඒ වන විට බ්‍රිතාන්‍ය පාලකයන් ගේ මර්දන කාරී ස්වභාවය මත ලංකාවේ විවිධ පළාත් වල සැඟවී සිට ඇත.ඔවුන් ඉදිරිපත් වූයේ නම් ඇතැම් විට නිදහස යටතේ ලංකාවේ පාලනය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි. ඒ අනුව නිදහස් ලංකාවේ පාලනය භාර දීම පිණිස සේනානායක පරපුර සූදානම් කරන ලද අතර 1948 නිදහස ලබන දිනයේ දී සිංහල රජුගේ සිංහාසනය  සහ රාජකීය කොඩිය ඉහළින් තබා ඊට පහළින් බ්‍රිතාන්‍ය රැජින අසුන් ගෙන නිදහස ප්‍රදානය කරන ලද්දේය..

          බ්‍රිතාන්‍ය මහ රැජිනට යටත් ලංකාවේ ආග්‍රාණ්ඩුකාර වරයෙකු ගේ පාලනය සහ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට ගැති ව්‍යවස්ථාදායක් බිහිවන්නේ ඉන් පසුවයි. 1972 ව්‍යවස්ථාවෙන් මේ තත්වය යම් තරමකින් වෙනස් කරනු ලැබීය.ලංකාව ජනරජයක් බවට පත් විය.ජනාධිපතිවරයෙකු යටතේ ව්‍යවස්ථාදායකයක් සහ අධිකරණයක් පිහිටුවනු ලැබීය.බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි කරදෙන ලද්දේය.එහෙත් දළදා වහන්සේට වග කිව හැකි රාජ්‍ය තන්ත්‍රයක් බිහි නොවීය. 1815 දී ඉංග්‍රීසීන්ට අප භාරදෙන ලද්දේ සිංහලේ රටවල්ය.පරංගි ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන සමයන්හිදී එය සිලෝන් යනුවෙන් ව්‍යවහාර විය.මේ නාමය 1948 දී නැවතත් සිංහලේ හෝ සිංහලද්වීප යනුවෙන් යලි ස්ථාපිත විය යුතුව තිබුණි.නමුත් එය එසේ නොවීය.1972 ව්‍යවස්ථාව සකස් කළ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා විසින් සිලෝන් නැත්නම් සිංහලේ රාජ්‍යය ශ්‍රී ලංකා යනුවෙන් නම් කරන ලද්දේය.ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිලාශය මතයි.1978 ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී විධායක ජනපතිවරයෙකු බිහිකරනු ලැබූ අතර එම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනයේ දී ශ්‍රීලංකා යනු සිලෝන් බව පැහැදිලිව දක්වා ති‌බෙන බවද මෙහිදී මතක් කල යුතුය.

      1978ව්‍යවස්ථාව සකස් කිරීමෙන් පසු අවස්ථා විස්සකදී  සංශෝධන එක් කරතිබේ.වසර හතළිස් හතරක් තිස්සේ කරන ලද මේ සංශෝධන වලින් රටේ ඉදිරිගමනට ලැබුණු දායකත්වය කුමක්දැයි යම් ප්‍රශ්ණයක් පැණ නැගුනහොත් දීමට උත්තරයක් නැත. ඊට හේතුව මේ සංශෝධන සියල්ලම කරන ලද්දේ ඒ කාලය තුළ රටේ ඇතිවූ බෙදුම්වාදී බලවේගයන්හි මනදොළ පුරවා ලීම සඳහා බැවිනි.උදාහරණයක් වශයෙන් දහතුන් වන සංශෝධනය සහ දාසය වන සංශෝධන දැක්විය හැකිය.1796 දී ඉංග්‍රීසින් රට පාලනය කිරීම සඳහා අවතීර්ණ වීමේදී එවක මදුරාසි සමාගම් පාලනය ඊට හවුල් වී තිබුණි. උතුරේ බෙදුම්වාදයේ මූල බීජය ජනිතවන්නේ මදුරාසි පාලනය යටතේ ඇතිවූ සමින්දාර් ක්‍රමය නිසාවෙනි. 1948 නිදහස ලැබුණ පසු අතීතයෙන් ලබන ලද පාඩම් මධ්‍යයේ මේ බෙදුම්වාදය අවසන් කළ යුතුව තිබුණි. නමුත් එය සිදු නොවූයේ ඒ වන විටත් ලංකාව  බ්‍රිතාන්‍ය රැජිනගේ අණසක යටතේ තිබූ බැවිනි.බ්‍රිතාන්‍ය පාලනයට බෙදුම්වාදය අත්‍යවශ්‍ය සාධකයක් විය. විධායක ජනපතික්‍රමයක් පවත්වාගෙන ගියද ඉහතකී බෙදුම්වාදී සංශෝධන මගින් විධාකයේ බලය දුර්වල කොට ඇති බව අප පිළිගත යුතුය.ඒ අනුව නව ව්‍යවස්ථා සංශෝධනයකදී විධායක ජනපති ක්‍රමය විධායක අගමැතිවරයෙකු බවට පත් කිරීමෙන් ප්‍රශ්ණය තවදුරටත් ව්‍යාකූල වීම වැළැක්විය නොහැකිය.මන්ද වර්තමාන පක්ෂ ක්‍රමය තුළ ව්‍යවස්ථාදායකය ආක්‍රමණය කිරීමට බෙදුම්වාදී පුද්ගලයන්ට අවස්ථාව ලැබෙන බැවිනි.

      ඉංග්‍රීසීන් විසින් ලංකාවේ ආර්ථික මර්මස්ථාන සියල්ල උඩු යටි කුරු කරන ලද්දේය.මෙරට පාරම්පරික ගොවිතැන වැවීලි ආර්ථිකය මගින් පොඩිපට්ටම් කර ඇත.මුඩු බිම් පනත සහ ඉඩම් ආඥා පනත් මගින් මේ තත්වය උදා කර දී ඇත. නිදහසින් පසු බ්‍රිතාන්‍යයන් යටතේ තිබූ වැවිලි සමාගම් රජයට පවරා ගැනීම මත රාජ්‍ය ව්‍යවසායකත්වයක් බිහිවනු ඇතැයි බලාපොරොත්තු විය.නමුත් එය එසේ සිදු නොවීය.ඒ වෙනුවට වතු ආර්ථිකය ක්‍රමානුකූලව බිඳි වැටී ඇත.වැවිලි සමාගම් සිය ඉඩම් සශ්‍රීක කරන්නේ නැත.ඒ සමගම දෙමළ දේශපාලන නායකයන්ගේ බලයට නතුව සමාගම් සතු වත්කම් හීනවී යමින් ඇත.ඉඩම් කට්ටි කඩා වතු ප්‍රජාවට ඉඩම් ලබා දීම මගින් කඳුකරයේ බලය තවදුරටත් දෙමළ දේශපාලනඥයන් සතු වෙමින් තිබේ.අඹගමුව ප්‍රාදේශීය සභාව තුනට කැඩීම ඊට උදාහරණ දක්වයි. ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ පවරා ගන්නා ලද මෙරට නින්දගම් සහ වතු හිමියන් ගේ ඉඩ කඩම් වල අද තත්වය සලකා බලන කල්හි දැඩි සංවේගයක් දැනෙන බව කිව යුතුය.එම ඉඩම් දේශපාලන හිතවතුන්ට සහ විදේශීය සමාගම් වලට අතයට විකුණන ලද බව පැහැදිලිය.ඒ මගින් දේශීය ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉතාම පහළ අඩියකට වැටී තිබේ.

    නිදහස ලැබෙන විට රත්තරන් පවුම සහ වී බුසල එක සමාන වටිනාකමකින් යුක්තව තිබූ බව දක්වා ඇත. වසර හැත්තෑ හතරක් ගෙවී ගොස් ඇති සමයක රත්තරන් සංචිත වැඩි කර ගැනීමට රජය සමත් වී නොමැත. වසරක්ට හාල් මෙට්රික් ටොන් ලක්ෂ තිහක් පමණ නිෂ්පාදනය කරන අතර ඉන් පරිභෝජනය කරනු ලබනුයේ ලක්ෂ 24 ක් පමණි.එහෙත් කාෂීකර්මයේ දායකත්වය සීයයට හතක් ලෙසට තවමත් පෙන්වා දී තිබීම විමතියට කරුණකි.සහල් මිළ ද සීඝ්‍රයෙන් ඉහළ යෑම කිසිවෙකුට පාලනය කරගත නොහැකි තත්වයකට පත් වී තිබේ.රටක් වශයෙන් අද මුහුණ දී තිබෙන විදේශ සංචිත හිඟය විදේශ ණය බර බලශක්ති අර්බුදය ආහාර සුරක්ෂිතාවය බිඳ වැටීම ආදී සියල්ල තුලින් ගම්‍ය වන්නේ රාජ්‍ය කළමනාකාරිත්වයේ බංකොලොත් භාවයයි.සුද්දාට නැවත රට භෘර දීම වඩා පහසු ක්‍රමය යැයි විදේශ ගැත්තන් කල්පනා කරන බව පැහැදිලිය.සෘජුවම ඒ කටයුත්තට ජනතා සෘභාගීත්වය ගත නොහැකි බැවින් විවිධ උපක්‍රම යොදමින් විදේශ හස්තයන් විසින් ලංකාව පාලනය කරන තත්වයට ඇද දමා ඇත.

     මෙරට ඉදිරි ගමනට තිබෙන බලවත්ම බාධකය පක්ෂ දේශපාලනය බව පැහැදිලිය. එක රටක් වශයෙන් නොපැවතීමද එක නීතියක් ක්‍රියාත්මක නොවීමද නිසා නොගැලපෙන රෝද මත දුවන වාහනයක් මෙන් එක තැන නැවතී තිබේ. ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට සමත් සම්පත් රැසක් තවමත් මහ පොළව යටය.ඒවා ඩැහැ ගැනීමට බලා සිටින විදෙශිකයන් ඉදිරියේ ජාතියක් වශයෙන් අප අසරණය. මෙරට පරිපාලනය හසුරුවන නිළධාරීන්ට ජාතික අභිමානයක් නොමැතිකම රට පිළිබඳ ගෞරවයක් නොමැතිකම සහ මෙරටට ආවේණික සිතුම් පැතුම් වලින් තොර වීම නිසා අනුකරණවාදී බහුතරයක් මගින් රටේ දියුණුව අඩාල කර තිබේ.නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය තුළ සිදු වූ විකෘතිතාවය මීට හේතු වශයෙන් දකිමි.වසර හැත්තෑ හතරකට පසු ආපසු හැරී බලන කල්හි අප දකින්නේ මෙයයි. රටේ උගතුන් බහුතරයක් රට හැර යෑම නිසා අනාගත ලංකාවට ඉතිරිවනුයේ කම්කරුවන් පිරිසක් පමණකි. ගොවියන් සිය ඉඩම් වලින් පන්නා දැමීමට සහ ඒ ඉඩම් විදෙස් සමාගම් සතු කරලීමට රනිල් වික්‍රමසිංහ ගෙනා රීගේනින් ශ්‍රී ලංකා වැඩ සටහන 2002 සිට විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක වෙමින් තිබේ.ඒ තත්වය මත වාර්ෂිකව නිදහස් දිනය සැමරීමද සැමරීමෙන් පසු නිදහස අමතක කර යලි වහල් භාවයේ ගැලීමද සිදු වෙමින් පවති. නමුත් අඳුරු අහසේ රිදී රේඛාවන් පහළ නොවෙනවා යැයි නොසිතිය යුතුය.තවමත් අප ජාතියක් වශයෙන් අසරණ වී නැත.ඒ සඳහා මාර්ග සොයා ගැනීමට හැකි අතලොස්සක් දෙනෙකු හෝ පුරුෂ වීර්යයෙන් නැගී සිටීම මෙන්ම ප්‍රඥාවන්තව වැඩ කිරීම ඊට සෑහේ යයි  කිව යුතුය.

මතුගම සෙනෙවිරුවන්

    

 

Friday, February 18, 2022

සෞඛ්‍ය ඇමතිගේ හිට්ලර් පන්නයේ ගැසට්ටුව සහ මානව හිමිකම්

 

 

                    


           මිනිසුන් දහස් ගණනාවක් ගෑස් කාමර වල දමා ඝාතනයට අණදුන් ඇඩොල්ෆ් හිට්ලර් නමැති ජර්මන් ආඥාදායකයා ගේ තවත් කුරිරු මෙහෙයවීමක් වූයේ ඔහුගේ ජන ඝාතක පර්යේෂණයන්ට මිනිසුන් යොදා ගැනීමයි.මේ යුධ අපරාධ එකල ලෝකයේ සෑම දෙනෙකුම දැඩි ලෙස හෙළා දුටහ.යුද්ධය අවසන් වීමෙන් පසුව  නිවුරන්බර්ග් නුවර රැස්වූ ලෝක නායකයන් සම්මුතියක් සකස් කර ගත්හ.( Trials of War Criminals before the Nuremberg Military Tribunals under Control Council Law ) ඒ සම්මුතියේ අඩංගු වන කාරණා දහය අතර වැදගත් වනුයේ මානවයාගේ අනාගතය තුළ මානව නිදහස ගැන තහවුරු කර ගත් තීරණයන්ය.විශේෂයෙන්ම  සෞඛ්‍යමය කාරණා වලදී පර්යේෂණ සඳහා නියැදි වශයෙන් මානවයා භාවිතා නොකළ යුතු බවට ඒ සම්මුතියේ දැඩි ලෙසට දක්වා තිබේ.

          නිරෝගී බව පවක්වාගෙන යෑමට සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත්ය.ශිෂ්ඨාරවත් සෑම ජාතියක්ම තමන්ටම ආවේණීක වූ සෞඛ්‍ය පුරුදු සහ ප්‍රතිකාර අනුගමය කළ අතර ඒවා වසර දහස් ගණනාවක් තිස්සේ පරිණාමය වෙමින් ස්ථීර වූ පාරම්පරික ක්‍රමයන් ලෙසට පවත්වාගෙන පැමිණ ඇත. ලෝක සෞඛ්‍ය සංවීධානය විසින් මුලු ගැන්වූ එක් සමුලුවක් පවත්වන ලද්දේ චීනයේ බීජිං නගරයේ දීය. මෙම සමුලුවේ දී මෙම පාරම්පරික සෞඛ්‍ය පුරුදු  ප්‍රතිකාර වීධි සහ ඖෂධ පිළිබඳ සෑම දෙනෙකුම දැනුම්වත් වූහ. ඒ අනුව ඒ ක්‍රම පිළිගත යුතු යැයි බීජිං සම්මුතියේ සඳහන් කළහ. (Adopted by the WHO Congress on Traditional Medicine, Beijing, China, 8 November 2008 ) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුගමනය කරනු ලබන එක් සම්මුතියක් වශයෙන් මෙය පිළීගැනුමට ලක්ව තිබේ.

       වසර තිහක් පැවතී කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම් නවත්වා ලීමට ලක් රජය විවිධ අවස්ථා වලදී උත්සාහ දර ඇත. ඒ සෑම අවස්ථාවකදීම ඒ පියවරයන් ආපස්සට හැරවීමට සමත් වූයේ ජාත්‍යන්තරව ඇති වූ විවිධ බලපෑම් හේතු කොටගෙනය. අවසානයේ මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයා ගේ සමයේ දී ඒ සෑම අත්දැකීමක්ම පාඩමකට ගනිමින් නන්දි කඩාල් කලපුවේ දී කොටි සහමුලින්ම පරාජයට පත් කර ඒකීය රට ආරක්ෂා කරන ලද්දේ විදෙස් යුධ විශේෂඥයන් ගේ ක්‍රමයට නොවේ. වසර දෙදහස්පන්සීයක ඉතිහාසයේ මෙරට රණවිරුවන් විසින් අනුගමනය කරන ලද ඔවුන්ටම ආවේණික ක්‍රියාදාමයන් මගිනි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා මෑතකදී මේ බැව් හෙළි කරන ලද්දේය.සටන් පිළිබඳ තිබෙන දැනුමත් පාරම්පරික වෛද්‍ය ක්‍රම  පිළිබඳ දැනුමත් කෘෂීකර්මය පිළිබඳ ආවේණික දැනුම් සම්ප්‍රදායත් මෙරට සිංහලයන් ගේ ජාතික උරුමයන් වෙති.

      නිරෝගීමත් ජනතාවක් රටේ බිහිකරලීමටද මෙම ආවේණික ක්‍රමයන් දුරාතීතයේ සිට භාවිතා කර තිබේ.විශේෂයෙන්ම වසංගත වලින් මිදීම සඳහා ඉතිහාසයේ විවිධ කාලවකවානුවලදී අනුගමනය කරන ලද ක්‍රමවේද රැසක් පිළිබඳ තොරතුරු අදටත් ජීවමානය.වර්තමාන කොරෝනා වසංගත තත්වය හමුවේ සිංහල සහ ආයුර්වේද ප්‍රතිකාර මගින් සුවපත් බවට පැමිණි බොහෝ දෙනෙකු සිටිති.ආයුර්වේද රෝහල් වලට ඇතුලත් වූ රෝගීන් රැසකට සම්පූර්ණ සුවය අත් වූයේ අපගේ ප්‍රතිකාරයන්හි පවතින විධිමත් දාර්ශනික පසුබිම නිසාය.විශේෂයෙන්ම රෝගීන් විෂයෙහි දිය යුතු ආහාර වර්ග ගැන දේශීය ප්‍රතිකාර වලදී දැඩි ලෙස සැලකිලිමත් වේ.

පොදුවේ රජයේ රෝහල් වල ලබාදෙන තැඹිලි බිත්තර මස් ආදිය වෙනුවට සැහැල්ලු ලඝු ආහාර  සහ කැඳ ලබා දීමෙන් රෝගියා ඉක්මනින් සුවපත් කරන ආකාරය දේශීය වෛද්‍යවරුන් දනී.

    වත්මන් කොරෝනාව අමුතු වෛරසයක් නොවේ.එය ලෝකයේ පැවති දෙයකි.වෙනසකට වේ නම් වේගයෙන් පැතිරීම පමණකි.විද්‍යාඥයන්ගේ මැදිහත්වීම නිසා මේ වෙනස ඇති ව තිබෙන බව දැන් ලෝකයම දනී.මෙම වෛරසය ප්‍රථමයෙන්ම මුදා හරින ලද්දේ 2012 වසරේදීය. සවුදි අරාබියෙන්ය. මේ ගැන තෙරතුරු   ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  වාර්තා කර ඇත. ඒ අනුව ලංකාවේ වසංගත රෝග අංශ වලටද ඒ පුවත දැනුම් දී තිබේ.එවකට වසංගත රෝග අංශයේ ප්‍රධානී වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින ක්‍රියා කාරීන්ට නිකුත් කළ චක්‍ර ලේඛනයකින් ඒ බැව් සනාථ වේ.2015  ජූනි 28 දින නිකුත් කරන ලද ඒම ලියැවිල්ලේ රෝගයේ ස්වභාවය අතුරු ආබාධ සහ වසංගතයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු එහි විස්තරාත්මකව දක්වා තිබේ.

     2012 වැනි කාලයකදී මතු වූ මෙම වෛරසය කොවිඩි 19 යනුවෙන් නම් කරන ලද්දේ කුමක් නිසාදැයි දැන් පැහැදිලිය.2012 -15 දී මෙම වෛරසය ලොව පුරා පතුරුවා හැරීමට නොහැකි වූ නිසා ඒ වෛරසය තවත් වැඩි දියුණු කොට 2019 දී මුදාහල බව පැහැදිලිය.මෙහි අරමුණු අතර බොහෝ දේ තිබෙන්නට ඇත.යුධ අවියෙන් පාලනය කළ නොහැකි ලෝකය ඖෂධ මගින් පාලනය කර ගැනීමට සැලසුම් කිරීම මූලික සැලැස්ම යයි සිතමි. ඒ සඳහා ‌ෛවෙරසය මුදා හරින කාල වකවානුවේදීම එන්නත් වර්ග පී.සී.ආර්. කට්ටල ඇන්ටිජන් කට්ටල මුඛ වැසුම් අත්සේදුම් දියර සහ විවිධ උපකරණ නිෂ්පාදනය වි ඇත.2020 වන විට වෛරසය මතු වීමත් සමගම ඉතා ඉක්මනින් ලොව පුරා අලෙවි වන්නට පටන් ගැනුණේ කලින් සූදානම් කරන ලද ඖෂධ සහ උපකරණයන් බව පැහැදිලිය.වෛරසය සඳහා භාවිතා වන එන්නත ගැන සාකච්ඡා කරන කල්හි ඇමරිකාව වැනි රටක කාලයක සිට සෙම් රෝග සඳහා එන්නත් භාවිතා කරන ආකාරයයි. ඇමරිකාවේ පැරණි ශිෂ්ඨාචාරයන්හි පාරම්පරික වෛද්‍ය ක්‍රමයන් තිබුණද ඒව නොතකා හැර නූතන ඇලොපති වෛද්‍ය ක්‍රමය එකම වෛද්‍ය ක්‍රමය සේ සලකා සෞඛ්‍ය ආධිපත්‍යක් ස්ථාවර කර ඇති බව පැහැදිලිය. එයට ප්‍රමුඛ හේතුව ඖෂධ සමාගම් වල ලාභය මුල් තැනේ ලා සැලකෙන බැවිනි.එවිට නූතන වසංගත තත්වය ලොව පුරා මුදා හැරීමේ මූලික අරමුණ යළි තේරුම් ගැනීමට පහසුය .කෙසේ වෙතත් මේ වන විට සෑම රටකටම එන්නත් ලබා දී විශ්ව එන්නත් වෙළඳ පළක් බිහි කර ඇත.අවසානයේ එන්නත් අවසර පත්‍රයක්  ලබා දීම දක්වා එය පුළුල් කර ඇත.මෙම  පරිවර්තනය හරියට හරිත විප්ලව සමයේ දී කෘෂි රසායන ලොව පුරා බෙදා හැරීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය සිහිපත් කරයි.

    වර්තමාන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් 2022 ජනවාරි 25 දාතම යටතේ 2264/9 ගැසට් පත්‍රය නිකුත් කරන ලද්දේ ඇමරිකා මහද්වීපය තුළ සිදු කරන ලද මෙහෙයුම ලංකාවේ ස්ථාවර කරලීමට බව කිව යුතුය.එන්නත් නොගත් අයට පොදු ස්ථාන පොදු ප්‍රවාහනය ඒ ගැසට්ටුවෙන් තහනම් කර ඇත.මෙම ගැසට් පත්‍රය වලංගු වන්නේ 2022 අප්‍රියෙල් මස 30 වනදායින් පසුවය.එයටද විශේෂ හේතුවක් ඇත.මේ වන විට ආණ්ඩුව විසින් ගෙන්වා බෙදා හරින ලද එන්නත් වර්ග කීපයක්ම තිබෙන අතර අවසාන වරට ගෙන්වා ඇත්තේ ඇමරිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන එන්නත වර්ගයකි. එය බූෂ්ටරයක් ලෙසට හැඳින්වුවද එය එසේ නොවේ. එය තවත් එන්නත් මාත්‍රාවක් පමණකි.ආණ්ඩුව විසින් ගෙන යන ලද එන්නත් වැඩ පිළිවෙලේදී මරණ අඩු වූ බවද රෝගීන් සංඛ්‍යාව අඩු වූ බවද පැවසීම සත්‍යයක් නොවේ. එන්නත් වේගවත් කරන සැම විටම රෝගීන් සංඛ්‍යාවද වැඩි වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද වාර්තා වල ඒ බව දක්වා තිබේ.

  මීට හේතුව එන්නත් වලට අඩංගු කර තිබෙන්නේ අඩපණ නොකරන ලද වෛරසයක් හේතුවෙනි.කෙසේ වෙතත් මේ තුන් වන මාත්‍රාව මුදල් වියදම් කොට ලංකාවට ගෙනාවද විදගෙන තිබෙන්නේ සියයට තිහක් වැනි ප්‍රතිශයක් පමණි. පොදු ස්ථාන වලට ඇතුළු වීමට එන්නත් අවසර පත්‍රය අනිවාර්ය කිරීමට නීති සකස් වනවා යැයි ප්‍රකාශ කරමින් ජනතාව බිය ගැන්වුවද මෙවර එය සාර්ථක වූ යේ නැත.එයට හේතුව බහුල වශයෙන් අතුරු ආබාධ සහ මරණ වාර්තා වීමයි.ලේ කැටි ගැසීමෙන් සිදු වන මරණ හෘදයාබාධ අංශබාග හතිය කකුල් ඉදිමීම ඇඟට පණ නැතිවීම ඇසි අන්ධවීම යන රෝග ලක්ෂණ ගැන සමාජයෙන් අහන්නට ලැබෙන අතර මේවා එන්නත ගත් නිසායැයි සහතිකයක් දෙන්නට සෞඛ්‍ය අංශ මැළිවේ.නමුත් සත්‍ය තත්වය වසන් කර ඇති බව ජනතාව දනී. මේ අතර ගෙන්වන ලද එන්නත් තොගය කල් ඉකුත් වීමට ආසන්නය. ගෙනා තොගයෙන් ලැබෙන කොමිස් මුදල් කී දෙනෙක් අතට හුවමාරු වනවා දැයි අප දන්නේ නැත. මේ තත්වය මත අප්‍රියෙල් 30 දිනයක් තබා ගැසට්ටුවක් නිකුත් කරන ලද්දේ ජනතාව තවදුරටත් බිය ගන්වා එන්නතට පෙළඹවීමටයි.

            කලින් දක්වා ඇති පරිදි පර්යේෂණාත්මක ක්‍රියාවන් සඳහා මානවයා යොදා ගැනීම ලෝක සම්මතය හැටියට නීති විරෝධී වෙයි.එන්නත තවමත් පර්යේෂණාත්මකව පවතී. මේ වන විට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින්  කොවිඩ් 19 සඳහා ගත් එන්නතෙන් ඇතිවූ අතුරු ආබාධ වලට වන්දි ගෙවීම ආරම්භ කර තිබේ.ඒ අතර කොවිඩ් 19 එන්නත විද ගැනීමෙන් පසු ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටෙන ආකාරය ගැන වැදගත් පර්යේෂණයක්ද බ්‍රිතාන්‍ය රජය විසින් කර වාර්තාවක් නිකුත් කර තිබේ.( The British government has spilled the beans about that fact that once you get double jabbed, you will never again be able to acquire full natural immunity against Covid variants - or possibly any virus. in its Week 42 “COVID-19 vaccine surveillance report,” the U.K. Health Security Agency admitted on page 23 that “N antibody levels appear to be lower in people who acquire infection following two doses of vaccination.” It goes on to explain that this antibody drop is basically permanent.)මෙවැනි යථාර්තයක් ලෝකය පුරාම දක්නට තිබුණද ලංකාවේ බහුතරයක් විශ්වාසය තබනුයේ විද්‍යුත් නාලිකා වල දක්වන ප්‍රචාරයන් පමණි. මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් හෝ ඇමරිකාවේ නියෝගය පිළීපැදීමෙන් හෝ පාලන අධිකාරිය මේ ක්‍රියාවට පෙළඹී තිබෙන බව පැහැදිලිය. මෙවැනි  මානව විරෝධී ක්‍රියාවන් සඳහා විශේෂ අධිකරණයක් පවත්වා දඬුවම් දීම අනිවාර්යෙන්ම කළ යුතුය. මානවයාගේ කැමැත්තකින් තොරව අතුරු ආබාධ හෝ මරණ ගැන නොදන්වා කටයුතු කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. එසේම බලවත් පාරම්පරික වෛද්‍ය ක්‍රමයක් තිබෙන රටක ඒ වෛද්‍ය ක්‍රමය නොසලකා හැර අධිපතිවාදී මානසිකත්වයකින් කටයුතු කිරීම නිසා මේ රටේ උරුමයට වී තිබෙන බලවත් හානිය ද තක්සේරු කළ නොහැකිය.ජනාධිපතිවරයා නිදහස් දිනයේ දී ප්‍රකාශ කරන ලද්දේ මානව අයිතිවාසිකම් සුරැකීමට නිරන්තරයෙන් රජය කටයුතු කරන බවයි. නමුත් සෞඛ්‍ය ඇමතිගේ ගැසට්ටුවෙන් හිට්ලර් අනුගමනය කර ඇති බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ඡේදයේ අඩංගු කරුණු සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කර ඇති ආකාරයද 1961 ආයුර්වේද පනත සාක්ෂි ආඥා පනත මැතිවරණ පනත අපරාධ නඩු විධාන සංග්‍රහය ආදි නීති නොසලකා තිබෙන බවද පෙන්වා දිය හැකිය.

මතුගම සෙනෙවිරුවන්