පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, May 20, 2023

කිලිනොච්චි බෞද්ධ ස්මාරකය අභිබවා කෝවිලක් මතුවූයේ කෙලෙසකද

 

 


                  

             උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශිවනගර් නමින් හඳුන්වනු ලබන  ප්‍රදේශයේ ඌරතිපුරම් ගම්මානයේ කෝවිලක් අසබඩ කරන ලද පරීක්ෂණයකදී සිරිපතුල්ගලක් ආදී බෞද්ධ නටබුන් සොයා ගනු ලැබූ බව  මහාචාර්ය පද්මනාදන් මහතා මාධයයට ප්‍රකාශ කරතිබුණි. මේ පුවත පසුගියදා දිවයින පුවත් පතේ පළ ව තිබුණි.නමුත් මෙම ස්ථානයේ ඉතිහාසය පිළිබඳ විමසිල්ලෙන් සිටි  අපට නම් ඒ පුවතේ අලුත් දෙයක් තිබුණේ නැත. වර්තමානයේ ශිවනගර් යනුවෙන් හඳුන්වන ග්‍රාමයේ පැරණි වැවක් අසල තිබී 1956 දී නශ්ඨාවශේෂ රාශියක් හඳුනාගන්නට යෙදුණු ආකාරය පැරණි පුරාවිදු වාර්තා වල දැක්වෙයි. .ඒ අනුව එම පෙදෙස රජයේ ඉඩමක් ලෙසට සිතියම් වලට ඇතුලත් කර ඇත.1958 දී  පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි පී.ඊ.පී. දැරණියගල මහතාගේ පාලන වාර්තාවේ එම කටයුත්ත දක්වා ඇත්තේ මෙසේය.

     'උතුරු පළාතේ උරතිරපුරම් ජනපදයේ තිබෙන දාගැබක් විනාශ කොට ඇති බවට වාර්තා වී තිබේ.උරතිරපුරම් වැව දක්වා මාර්ගයක් තැනවීමේදී කරන ලද සමතලා කිරීම් වලදී මෙම දාගැබ හඳුනාගන්නට යෙදී ඇත.පාර කැපීම වහාම නවත්වන ලදී.දාගැබ අසල ගල්කණු කීපයක්ද හඳුනාගන්නට යෙදී ඇත.නව කෝවිලක් මෙම නටබුන් අසලම දැනට ඉඳි කරමින් ඇත(A modern kovil is under conatruction ).කොවිලේ ගෙඩනැගිල්ල සඳහා අත්තිවාරම් කැපීමේ දී සිංහ හිස සහිත මැටි භාණ්ඩ කීපයක්  සහ පැරණි කාසි හමුව තිබේ.මෙම ස්ථානයේ දේවාලයක් ද තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.' මෙම නටබුන් හඳුනාගන්නට යෙදුණද ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් බවට ගැසට් කරනු ලබන්නේ 2016 වසරේ දීය(අංක 1960/ 2016-03-24 ).ඒ වන විට ප්‍රදේශය ශිවනගර් ලෙසට නාමකරණය වී ඇති හෙයින් එම නමින්ම ගැසට්ටුවට ඇතුලත් වී තිබේ.

        උරතිපුරම් ආසන්නයේ එයට උතුරින් කලපුව ආසන්නයේ සපුමල් කුමරු ගේ ගමන් මාළිගාවක් පිහිටා තිබී ඇත.සපුමල් කුමරු ආර්ය චක්‍රවර්තී රජුන් පරාජයට පත් කිරීම පිණිස යාපනය දෙසට ගමන් කරන ලද්දේ මන්නාරම් මුහුදු තීරයට සාපේක්ෂ පුනරීන් මාර්ගයෙනි. යපනය කලපුවෙන් එගොඩ වී කොඩිකාමම් දක්වා සතුරන් හඹා ගොස් අත්අඩංගුවට පත් කරගෙන ඇත.ඉන්පසු මේ සතුරු ඈඳුත්ත   කෝට්ටේ අග රජු වෙත  ඉදිරිපත් කළ බව ඉතිහාසයේ දක්වයි. මේ ජයග්‍රහණය ලබා ගැනීමට ප්‍රථම පුනරීන් පෙදෙසේ පැවති පැරණි කතරගම දේවාලයක් වන්දනාමනා කර ඇත.වරින් වර උතුරට එල්ල වූ පාණ්ඩ්‍ය ආක්‍රමණ වලින් පසුවද කාලිංග මාඝ ආක්‍රමණ වලින් පසුවද මෙම පෙදෙසේ දේව ඇදහිලි ජනප්‍රිය වී තිබුණි. නමුත් උරතිරපුරම් හි පවතින සිරිපතුල් ගල අපට කියාපාන්නේ ස්තූපයේ පැරණි බවයි.නැගෙනිහිර පළාතේ කන්නියා සපුමල් ගස්කඩ ආදී තැන් වලදී හමුවන ස්තූප වට කොට සිරිපතුල්ගල් තැබීම සිදු කර ඇති බව පැහැදිලිය.ක්‍රි.පූ. සියවස් වල සිට පොලොන්නරු යුගය දක්වා කාලය තුළ වැඩී ගිය බෞද්ධ ශිෂ්ඨාචාරයක් මෙහි පැවති බවට සාක්ෂි තිබේ.



     තිස්ස නම් බෞද්ධ උපාසකයෙකු නාගද්වීපයේ බොහෝ භික්ෂූන් වහන්සේලා සිටී යැයි අසා  පුනරීන් සිට යාපන කලපුවෙන් එගොඩ මෙගොඩ ගිය සැදැහැවතුන් වෙනුවෙන් යාත්‍රා සේවයක් කළ බව ඉතිහාසයේ දැක්වේ. ඒ නිසාම ඔහු ආරියගාල තිස්ස නමින් හැඳින්විණ. යාපා පටුනේ දී පැවැත්වූ මහණ උපසම්පදා කර්මයක් ගැන කෝට්ටේ යුගයේ දී සඳහන්ව ඇතැයි පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් දක්වයි.ඉරණමඩු වැවෙන් පෝෂණය වන සශ්‍රීක වෙල්යායන්ගෙන් සමන් විත මෙම පෙදෙස පැරණි බෞද්ධ ජනපදයකි. මන්නාරම් පැරණි මාර්ගය දෙපස විශාල බෞද්ධ සමාරක රැසක් හමුවන්නේ ඒ නිසාය. උරතිපුරම් විහාරයද එවැනිම වූ වැදගත් සිද්ධස්ථානයකි පරංගින් විසින් යාපන පෙදෙස අත්පත් කර ගැනීමත් කන්ද උඩරට සිංහල පාලනයෙන් ගිලිහී යෑමත් හේතු කොට ගෙන කිලිනොච්චිය නොහොත් වන්නි පෙදෙස ජන ශූන්‍ය වුණි. පසුව ලන්දේසීන් විසින් සිය වහල් සේවය සඳහා ගෙන්වා ගන්නා ලද මලබාර් වහලුන් මේ පෙදෙසේ පදිංචි කරන්නට යෙදුණි. අද අපට දක්නට ලැබෙන දෙමළ ජනගහනය මෙකී වහල් පූර්වගාමීන් ගෙන් පැවතෙන්නවුන්ය.

      සපුමල් කුමරුගේ යාපන ගමනය නිසා මේ පෙදෙසේ පැවති දේවාල සංස්කෘතිය තව දුරටත් වැඩි දියුණු වී තිබේ. මේ කාලයේ දී බුද්ධ මන්දිරය අසළ විෂ්ණු කතරගම වැනි දේවාල සකස් කිරීම බෞද්ධ සංස්කෘතියට අයත්ය. උරතිපුරම් හි පැවති බෞද්ධ ස්මාරකය අසලින් ලැබුනු පුරාවස්තු කීපයක් අදටත් කෝවිල සන්තකව පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වයි. 1958 කාලයේ පටන් උරතිපුරම් දාගැබ විනාශ වන්නට කටයුතු යෙදුණු බවට පුරාවිද්‍යා වාර්තා දක්නට ඇත. මෑත කාලයේ දාගැබ පවතින රජයේ ඉඩම දීමනා පත්‍රයක් මගින් කෝවිලට පවරා දී ඇත.උතුරු පළාතේ පවතින දැනට ශේෂව දක්නට ලැබෙන පුරාවස්තු අතර උරතිරපුරම් දාගැබ සහ නශ්ඨාවශේෂ ඉතා වැදගත් බැවින් ඒවා ආරක්ෂා කර ගැනීමේ අදිටනින් උතුරු පළාත් පුරාවිද්‍යා කාර්යාලය රජයට යෝජනාවක් ඉදිරිපත් කරනු ලබන්නේ 2020 වසරේ දීය. ඒ අනුව 2021 මාර්තු මාසයේ දී දාගැබ සංරක්ෂණ කටයුතු ආරම්භ කරලීමට කැණීම් කණ්ඩායම් පිටත් කර යැවිණ. නමුත් ‌කෝවිල් පාලක මණ්ඩලය මෙයට විරෝධය දක්වන ලද බැවින් දෙපාර්තමේන්තුවට කැණීම නතර කරන්නට සිදු විය. ඒ සම්බන්ධව කිලිනොච්චි පොලිසියට පැමිණිලි කොට ඇති අතර එම ඉල්ලීම දැනට උසාවියට ඉදිරිපත් කර තිබේ.

      මේ රටේ විවිධ ස්ථානයන්හි විවිධ පුරාවස්තු දක්නට ලැබේ. බොහෝ පුරාවස්තු බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව පවතින අතර ඒ වායේ යම් කැණීමක් හෝ අලුත් වැඩියාවක් කරන කල්හි එයට විරුද්ධව යෑමක් නැත. ඒ ස්ථානවල වැඩ වසන ස්වාමීන් වහන්සේලා ගේ සහයෝගයෙන් එම කැණීම් කරගෙන යනු ලබයි.නමුත් උතුරු සහ කැගෙනහිර පළාත් වල සිංහල නීතියක් බල පැවැත්වෙන්නේ නැත. යම් පැමිණිල්ලක් පුද්ගලයෙකුට විරුද්ධව ඉදිරිපත් කළද ආණ්ඩුවේ නිළධාරීන්ට එරෙහිව ඉදිරිපත් කළද උසාවි වල තීන්දු ලබා දෙන්නේ දෙමළ පාර්ශවයට වාසි සහගත වන ආකාරයෙනි.නෙදුන්කේනි වසමේ වඩුන්නාගල නැතහොත් වෙඩිකිරිනාමලේ බෞද්ධ ලෙන් සංකීරණය මත පැවති දාගැබ  පොලිසිය බලා සිටියදීම  විනාශ කර ඇත.ඒ මත දැන් ශිව ලිංගයක් තබා ඇත.

           උරතිපුරම් කෝවිලට ඉතිහාසයක් නැත. එහි ඉතිහාසයට දෙමළ සම්භවයක් තිබෙන බව ඔප්පු කිරීම ට උතුරේ විශ්ව විද්‍යාල වල මහාචාර්යවරුන් උත්සාහ කරනවා විය හැකිය.උතුරේ සිටි එක් මහාචාර්යවරයෙකු යාපන කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බෞද්ධ නටබුන් හින්දු නටබුන් ලෙස වර්ග කිරීමකට උත්සාහ ගත් බව අපට සැළව තිබේ.මහාචාර්ය පද්මනානන් මහතා ද උත්සාහ ගන්නට ඇත්තේ උරතිරපුරම් කෝවිලට දෙමළ ඉතිහාසයක් සදන්නටයි.එපමණක් නොව මෙම බෞද්ධ පුරාවස්තු දාගැබ අසලින් ඉවත් කර යාපන කෞතුකාගාරයට ගෙන යා යුතු බවටද ඔහු යෝජනා කරයි.නමුත්   මෙවෙර එම විකෘති කිරීම කළ  නොහැකි වුණි.ඊට හේතුව වත්මන් කෝවිලේ තිබී බෞද්ධ පුරාවස්තු හමුවීමයි. අනුරාධපුර යුගයට අයත් ඌරතිපුරම් දාගැබ සහ පිළීමගෙයි ඉතිහාසය විකෘති කිරීමට ඔහුට නොහැකිය. මෙහි තිබූ සිරිපතුල මගින් බෞද්ධ ස්මාරකයේ සැබෑ තත්වය ඉස්මතු වී පෙනේ . දැන් ඔවුන් සංවිධානය වී වර්ෂ 3000 ක් පැරණි කෝවිලක් මෙහි තිබුණේ යැයි ප්‍රකාශ කරති. කෝවිල් පාලක සභාවද අන්තවාදී දෙමළ දේශපාලනඥයන්ද එකතු වී උද්ඝෝෂණ සංවිධාන කරති. ඒ නැති ඉතිහාසයකට පලිප්පු දමන්නටයි. සඳුන්රුක කෙතරම් ගල ගෑවත් සුවඳ මිස ගඳක් නැත. උතුර සහ නැගෙනහිර පළාතේ කැලෑ පීරමින් සෙවුවත් වර්ෂ 150ට වඩා පැරණි කෝවිලක් හමුවන්නේ නැත. බෑලූ සෑම අතකම දක්කට තිබෙන්නේ බෞද්ධ නටබුන්ය.

මතුගම සෙනෙවිරුවන්

Sunday, May 7, 2023

විග්නේශ්වරන් ගේ ජාන හුටපටය සහ නොදන්න දෙමළට ගොස් වරිගෙ නහ ගැනීම

 

 

 

           

         කාලයක් නිහඬව සිටි සී.වී. විග්නේශ්වරන් මහතා මෑතකදී සිය කටහඬ අවදි කර තිබෙනු දුටුවෙමි.එහෙත් ඔහු ඉතාමත් ඉක්මනින් යළි නිහඩ විය. ඊට හේතුව ඔහු කරන ජාතිවෘදි ප්‍රකාශ සම්බන්ධව පොලසිපතිට පැමිණිලි කිරීමයි.. උතුරේ මහ ඇමතිව සිටි සමයේ දී විද්‍යුත් මාධයයන්ට පුවත් සපයන පුද්ගලයෙකු ලෙසින් ප්‍රකට සිටි එතුමා  කොළඹ මල්පාරේ සිට නැවතත් අරුම පුදුම මතිමතාන්තරයක් දක්වා තිබුණි .ඔහුගේ ජීවිත කාලයේ වැඩිමනත්ව කොළඹ සිට සිංහලයන් සමග එකට වැඩ කර තිබුණද මහින්ද රාජපක්ෂයන්ගේ තෙරීම මත මහ ඇමති වූ දා පටන් ඔහුගේ ප්‍රකාශයන් අතර සිංහල ජනතාවට එරෙහි වෛරී ප්‍රකාශ බහුල විය.මේ කතා සාමාන්‍ය දෙමළ ජනතාවට එල්ල කොට කියන්නක් නොවේ.ඔහු නියෝජනය කරන දෙමළ වෙල්ලාලර් කණ්ඩායම් එල්ල කොට කියන්නක් බව පැහැදිලි වේ. උතුරේ චන්දයකදී වෙනත් නියෝජනයක් නොමැති බැවින් දෙමළ ජනතාව විසින් තමන්ව තෝරා පත් කර ගන්නා බව ඔහු දනී.නමුත් ඒ අතර තවත් දෙමළ දේශපාලනඥයන් අතරින් ඔහුට කැපී පෙනෙන්නට අවශ්‍ය වී තිබේ.රනිල් වික්‍රමසිංහ මහතා විසින් යාපනයේ පැවති තෛපොංගල් උත්සවයේ දී සහ නිදහස් දින කතාවේ දී දක්වා සිටි 13 වන සංශෝධනය සපුරා බලාත්මක කරලීම තේමා කර ගනිමින්  ඔහුගේ ප්‍රකාශය නිකුත්ව තිබුණි. ඒ අතර ඔහු ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක්ද මහානායක ස්වාමීන් වහන්සේලා වෙත නිකුත් කර තිබුණි.දෙමළ දේශයක් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන විග්නේශ්වරන් අනෙකුත් නීතිඥවරුන් මෙන්ම ඉංග්‍රීසිය මව් බස කර ගත්තෙකි.

    විග්නේශ්වරන් විසින් මෑතකදී තවත් ප්‍රකාශයක් කරතිබේ.සිංහල ජනයා පැවත පැමිණෙන්නේ දෙමළ ජනයා ගෙන් බව ඔහු එක හෙළා කියාපායි.එයට සාධක වශයෙන් ඔහු ඊනියා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ගැන දක්වා ඇත.ජාන ඉංජිනේරු විද්‍යාවේ දියුණු ව සමග ලෝකයේ මෑත කාලීනව ජන වර්ගයන්හි ජාන සම්මිශ්‍රණය පිළිබඳව පර්යේෂණ රාශියක් සිදු කර තිබේ.එම පර්යේෂණයන්හි මූලික පදනම වන්නේ ජාන මගින් හඳුනා ගැනීමේ ක්‍රම දියුණු කිරීම පොදු මානව වර්ගයක් බිහි කිරීමට අවශ්‍ය ජාන හුවමාරුව සිදු කිරීම මෙන්ම රෝගයන් සදහා නවීන ජාන ප්‍රතිකාර හඳුන්වා දීමත්ය.රට රටවල් වල පවත්වා ගෙන යනු ලබන විශ්ව විද්‍යාලයන්හි කරන මේ පර්යේෂණයන් සඳහා ඇමරිකාව ප්‍රමුඛ බලවත් අයතනයන්හි මූල්‍ය අනුග්‍රහය ලැබේ.එවිට ඒ දත්ත ඔවුන් සන්තක වන නිසා මේ පර්යේෂණයන් විවිධ ක්ෂේත්‍රයන් අරභයා සිදු වෙයි. උදාහරණයක්  වශයෙන් කොරෝනා එන්නත පිළිබඳව කළ පර්යේසණ දැක්විය හැකියි.ලංකාවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්වතුන්ටද එවැනි අරමුදල් ලැබී තිබුණි.

        මෑත කාලයේ දී සිංහල ජාන සම්භවයත් එම ජාන ඉන්දීය ජන වර්ගයා සහ වෙනත් ආසියානු රටවල් අතර තිබෙන සම්බන්ධයත් සෙවීමට විවිධාකාර පර්යේෂණ රාශියක් සිදු කර තිබේ. ඉන්දීය ජාන ඉංජිනේරුවකු වූ රෝයි චවුද්‍රි 1985 දී කළ පර්යේෂණයකදී ඔහු සඳහන් කර තිබෙන්නේ බෙංගාලි ජනතාවට වඩා දකුණු ඉන්දීය ද්‍රවිඩ ජන වර්ගයන්ට  සිංහල ජනයාගේ සම්බන්ධයක් තිබෙන ආකාරයයි.. ඉන්පසු ගෞතම් ක්ෂත්‍රියා 1995 දී කළ පර්යේෂණයද එබන්දකි. ඔහු දක්වා ඇත්තේ දකුණු ඉන්දීය සම්මිශ්‍රණය සියයට හැට නවයක්ද බෙංගාලි සම්භවය සියයට 25 ක් ද වන  බවයි. 1976 දී ක්‍රික් නම් විද්‍යාඥයෙකු කළ පර්යේෂණයකදී දක්වා ඇත්තේ සිංහල ජනයා කේරළ වර්ගයාට තිබෙන සම්බන්ධයක් පිළිබඳවයි.අනතුරුව 2014 වසරේ දීද මෙවැනිම ජාන පර්යේෂණයක් සිදු කර තිබේ. ලංකාවේ ජීවත්වන ලංකා දෙමළ ඉන්දියානු දෙමළ  මුස්ලිම් යන පිරිස සමග සිංහලයාගේ සබඳතාවය සෙවීම මෙහි අරමුණ වී තිබේ.

 

 

 විද්‍යාවේ දියුණුව සඳහා  මෙම පර්යේෂණ සිදු කිරීම ඵලදායී වුවද මෙහි යටි අරමුණ වන්නේ වෙනත් කරුණකි. වසර දහස් ගණනක් තිස්සේ අවිච්ඡින්නව පැවතෙන සිංහල ජනතාවගේ අභිමානය සහ සංස්කෘතික අනන්‍යතාවය මානසික වශයෙන් දිය කර හැරීම මෙකී අරමුණු අතර තිබෙනවා විය යුතුයි..තමන් ශුද්ධ වූ ජන වර්ගයක් නොව විදේශිකයන් සමග සම්බන්ධව පැවතෙන්නක් වූ බව විද්‍යාත්මකව පැහැදිලි කිරීම නිසා මේ අභිමානය දිය කර හැරේ.විද්‍යාවෙන් පැහැදිලි කළහොත් ඕනෑම බොරුවක් සමාජ ගත කිරීම වර්තමානයේ දී ඉතා ලෙහෙසිය පහසුය. විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ පාරම්පරික වාස භූමි ලෙසට කලක පටන් කරන ප්‍රකාශ සමග දෙමළ ජනයාට සිංහලයා සමග තිබෙන සම්බන්ධය දිග හැරීම මත මේ ප්‍රදේශ වලට තිබෙන අයිතිය තහවුරු කර දිය හැකි බව මේ පර්යේෂණයන්ට මුදල් දෙන පිරිස දනී. විග්නේශ්වරන් ගේ ප්‍රකාශයේ සත්‍යතාවය සැගවී පවතින්නේ මෙවැනි පසුබිමක් මත  බව කිව මනාය.

    2021 දී කොළම විශ්ව විද්‍යාලීය ජින්ටෙක් ආයතනය විසින් ද මෙවැනිම ජාන පර්යේෂණයක් සිදු කර තිබේ.කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ගයනි ගල්හේන ජින්ටෙක් ආයතනයේ නදීක පෙරේරා සහ විවෘත විශ්ව විද්‍යලයේ මහාචාර්ය ගයා රණවක යන තිදෙන විසින් පුද්ගලයන් 838 දෙනෙකු ගේ ජාන දත්ත පදනම් කරන ලද විශ්ලේෂණයේ දී නිගමන වශයෙන් ප්‍රකාශ කොට තිබෙන්නේ සිංහලයාගේ ජාන සම්මිශ්‍රණය තුළට ලංකා දෙමළ යනුවෙන් හඳුන්වන පිරිස සහ මුස්ලිම් පිරිසකගේ ජාන වඩා සමීප බවයි.නමුත් මේ පර්යේෂණයන්ට ‌ලංකාවේ ‌ෙඑතිහාසික තත්වයන් යොදා ගත් බවට සාධක නැත.

      ලංකාවේ ඉතිහාසය තුළ ප්‍රාග් ‌ෙඑතිහාසික තත්වයක් සහ ‌ෙඑතිහාසික තත්වයක් විද්‍යාමාන වේ. ප්‍රාග් ‌ෙඑතිහාසික තත්වය ජන ප්‍රවාද ගත තොරතුරු අනුව රාවණා ඇතුළු යක්ෂ රාක්ෂ නාග ජන වර්ගයන්ගෙන් සමන්විතය.මොවුන් පොදුවේ අසුරයන් වශයෙන් හැදින්වෙයි.අසුරයන් දකුණු ඉන්දියාවේ ද බහුලව වාසය කළ බව රාම රාවණා පුවත ඇසුරෙන් දත හැකිය.‌ෙඑතිහාසික යුගයේ දී විජයාගමනයටත් ප්‍රථම උතුරු ඉන්දියාවේ සිට පැමිණ ක්ෂත්‍රියන් ලංකාවේ පාලනබලය ලබා ගත් බවද පසුව ශ්‍රී මහා බෝධිය සමග පැමිණි කුල දහ අටක ජනයා ලංකාවේ පදිංචි කළ බවද වංශ කතා පැහැදිලි කර දෙයි. ඉන්පසු ගජබා රාජ්‍ය සමයේ දී ඉන්දියාවේ සිට විසිහතරදහසක් ජනයා ලංකාවට ගෙනා බවද දැක්වේ. ලංකාවේ පැරණි කුල ක්‍රමය අනුව බ්‍රාහ්මණ වෛශ්‍ය ගොවි සහ ක්ෂුද්‍ර යන කුලකයන් ගත් විට බ්‍රාහ්මණ සහ වෛශ්‍ය වැඩි පිරිස උතුරු ඉන්දීය ක්ෂත්‍රියන් වෙති.ගොවි කුල ජනයා පැරණි යක්ෂ රාක්ෂ නාග ජන වර්ගයන්ට අයත් අතර අනෙකුත් ජන වර්ගයන් සේවා කුල වශයෙන් දකුණු ඉන්දියාවෙන් සහ උතුරු ඉන්දියාවෙන් පැමිණි පිරිස වෙති. මෙම තත්වය මත ලංකාවේ ජාන සම්භවය ඉතාමත් සංකීර්ණ තලයක පවතී සිංහලයාගේ වර්ණ දේහ කෙතරම් කාලයක් සිට මෙලෙස සම්මිශ්‍රණය වූවා දැයි සිතීම අතිශයින් උගහටය. නමුත් ‌ෙඑතිහාසික යුගයේ  සිටම ඉන්දීය මහ ද්වීපයෙන් වෙන් වූ පොදු අනන්‍යතාවයකින් යුක්ත පොදු භාෂාවක් කතා කරන සංස්කෘතියක් ඔවුන් ඇති කර ගෙන තිබේ. මෙම සස්කෘතිය තුළට අවශෝෂණය වන්නෝ දෙමළ වේවා මුස්ලිම් වේවා  චීනුන් හෝ ජපනුන් වේවා යුරෝපීයන් වේවා කාලයත් සමග සිංහලයන් බවට පත් වී තිබුණි.

     දකුණු ඉන්දියාවේ තත්වය ඊට මදක් වෙනස්ය. ක්‍රි.පූ . පස්වන සියවසේ සිට යවනයන් විසින් ආක්‍රමණය කිරීමෙන් පසු අප්‍රිකානු සම්භවයක් සිහිත ද්‍රවිඩ කම්කරුවන් හෝ සෙබළුන් හෝ වහලුන් වශයෙන් කාවේරි ගංඝා නිම්නයේ පදිංචි කරවන ලදහ.

 

 යවනයන්ගේ බලය බිද වැටුණු පසු මෙකී ද්‍රවිඩ ජනයා ධනයෙන් සහ බලයෙන් වැඩිතර වී දකුණූ ඉන්දීයාවේ විවිධ රාජ්‍යයන් බිහි කළහ. එවිට එහි ජීවත්ව සිටි අසුර ජනයා නැතිනම් යක්ෂ රාක්ෂ ගෝත්‍ර සියල්ල ද්‍රවිඩීකරණය වූහ. ද්‍රවිඩ ලෙසට අද හැඳින්වෙන්නේ භාෂා පවුලකි. දෙමළ තෙලිඟු  මලයාලි කන්නඩ ආදී වශයෙන් භාෂා පවුලකි. මෙම භාෂෘවන් කතා කරන ජනයා අද පොදුවේ ද්‍රවිඩයන් ලෙසට හඳුන්වයි. දකුණු ඉන්දීය  මෑත කාලීන සංස්කෘතිය බිහි කිරලීමට විදෙස් වලින් පැමිණි ද්‍රවිඩ මූලයන් වැදගත් වනුයේ එලෙසයි. හතරවන කාශ්‍යප රජුගෙ පුත්  මාන කුමරු කේරළයේ පල්ලව රාජ්‍යයට පැන ගොස් එහි රාජ්‍ය සභාවේ කාලයක් සේවය  කොට නැවත ලංකාවට පැමිණ සිංහල රාජ්‍ය බලය නැවත ලබා ගෙන මානවර්මන් අභිධානයෙන් රජකම් කළේය. ඔහු සමග කේරළයෙන් පැමිණි ජනී ජනයා මෙන්ම ඔහුගේ පුත් පරම්පරාවේ පල්ලව දේශයේ සිටි අලකේශ්වර පරපුරද වරින් වර ලංකාවට පැමිණියහ.විද්‍යාඥ ටික්කම මහින්ද කුමාර මහතාගේ පර්යේෂණ තොරතුරු වලින් මේ කරුණු පැහැදිලිවේ. ක්‍රික් ගේ පර්යේෂණයන් අනුව අපට කේරළ සබැඳියාව ඇති වන්නේ මෙම පසුබිම තුළය.

    මෙලෙස මෙරට අනන්‍යතාවය ජාන සම්මිශ්‍රණයකින් සිදු වුවද මෙරට සංස්කෘතිය ගොඩ නැගීමට උතුරු ඉන්දීය ක්ෂත්‍රියන්  දක්වන ලද දායකත්වය සුවිශේෂී වෙයි. භාෂා පෝෂණය සිරිත් විරිත් බුද්ධ ශාසනය  සාර ධර්ම සියල්ල එම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙසට පවතී.පැරණි ස්වදේශිකයන් වූ යක්ෂ ගෝත්‍රයන්හි භාෂා ලක්ෂණ සහ චාරිත්‍ර ධර්මයන්ද මේ පොදු සංස්කෘතියට එක්වී තිබේ. ඒ නිසා අදටත් උතුර සහ නැගනහිර ප්‍රදේශ වල පමණක් බෞද්ධ ස්මාරකයන් 1500 කට වඩා අපට හඳුනාගන්නට ලැබී තිබේ.චෝල පාලන සමයේ ඉඳි කරන ලද බෞද්ධ ගොඩනැගිලි ඇරණූ කොට වෙන කිසිම ස්මාරකයක් ද්‍රවිඩ ජන වර්ගයා විසින් කර නැත. දෙමළ සෙල් ලිපි පවා උතුර සහ නැගෙනහිර පවතින්නේ ඉතාමත් සීමිත සංඛ්‍යාවකි. මහා පරාක්‍රමබාහු රජු විසින් කළ දෙමළ සෙලි ලිපියක් නාග ද්වීපයේ පවතී. එයද සිංහල රජුගේ ආඥාවක් ප්‍රදර්ශනය කර වූවකි. විග්නේශවරන් කියන ලෙසට ඔවුන්ට වසර 3000 ක් පැරණි ඉතිහාසයක් පැවතියේ නම් මේ ප්‍රදේශයන්හි භාෂාව දෙමළ විය යුතුය. ඉන්දීය අසුර ජනයා ද්‍රවීඩිකරණය වුවද ලංකාව එලෙස ද්‍රවීඩීකරණය කිරීම පහසු නොවූයේ සිංහල රජ වරුන් අභිමානයෙන් යුතුව මෙරටේ අනන්‍යතාවය වෙනුවෙන් සටන් වැදුණු නිසාය. අප පරාජයට පත් වූයේ යුරෝපීයන්ට පමණි. එයද රැවටීම නිසාය. ඉන්පසු මලබාරයෙන් දුම්කොළ වගාවට ගෙනෙන ලද වහලුන් නිසා ලංකාවේ දෙමළ ජනගහනයක්ද වෙළදාමට පැමිණි  දකණු ඉන්දීය මරක්කලයන් නිසා මුස්ලිම් ජනගහනයක්ද ඇති විය. විග්නේශ්වරන් සහ සම්බන්ධන්ද පැවතෙන්නේ මෙකී වහල් පරම්පරායෙන් බව ඔවුන් දත යුතුයි.  උතුර සහ නැගෙනහිර වීසූ සිංහලයන් පිරිසක්  ද ද්‍රවිඩීකරණය වූ යේ සිංහල පාලනයෙන් ඒ ප්‍රදේශ ගිලිහී ගිය බැවිනි. ඒ අතර වැද්දන් ද විය. නොදන්නා දෙමළට ගොස් වරිගෙ නහ ගැනීම යයි පාඨයක් ජන ප්‍රවාදයන්ට එක්වූ යේ මෙලෙස දෙමළ ඉස්කොල වලින් දෙමළ ඉගෙන දෙමළ වර්ගයා බවට පත් වූ සිංහලයන් නිසාය.කෙසේ වෙතත් ජාන පර්යේෂණයන් මගින් හෝ බලය බෙදීමෙන් හෝ මෙරට එකසේසත් කළ නොහැකිය.අතීතයේ සිටම පැවති ලෙසට සිංහල පොදු සංස්කෘතියකට අනෙකුත් ජන වර්ගයා එකතු වීමෙන් පමණක් සාර්ථක වේ .අතීත සූත්‍රයන් අදටත් වලංගුය.

මතුගම සෙනෙවිරුවන්