පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, August 23, 2019

සම්බන්ධන් සහ සුමන්තිරන්ගේ පුරවැසිකම අහෝසි කළ හැකිද


                      
     වත්මන් ව්‍යවස්ථාවේ හැටියට මන්ත්‍රීධූරයක් දරන තැනැත්තෙකු තමන්ගේ රටේ පමණක් පුරවැසියෙකු විය යුතුය.ගීතා කුමාරසිංහ මහත්මියට සිය ධූරය අහිමි වූයේ මේ ව්‍යවස්ථාපිත තත්ත්වය නිසාවෙනි.දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඇමරිකන් පුරවැසි භාවය ගැන බොහෝ දෙන ප්‍රශ්ණ කරමින් සිටී.ඔහු එය ඉවත් කරගත් බව දන්වා සිටියද සමාජ මාධ්‍ය ජාලා තුළ සාකච්ඡා වන්නේ වෙනත් කරුණකි.
        පුරවැසියා (Citizen) යන්න කතාබහ වන්නේ පුරාණ ග්‍රීක පෞර රාජ්‍යය තුළයි. ඔවුන්ගේ දේශපාලන මණ්ඩලය තුළ සිටින්නන් ග්‍රීක පුරවැසියන් ලෙසට හැඳින්වූහ.එය දේශපාලන පීළිබඳ බෞතීස්ම නැන්වීමක් බඳු විය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් සංවර්ධනය වීමේ දී මෙම පුරවැසි අයිතිය පිළීබඳ සකච්ඡෘ වෙමින් තහවුරු වූ ආකාරය අපට ඉතිහාසයෙන් උගත හැකිය.ලංකාවේ දී පුරවැසි භාවය පීළිබඳ පළමුවරට නීතිමය ලෙසට කතා බහ වන්නේ 1948 වර්ෂයේ දීය. 1815 වසරේ  බ්‍රිතාන්‍ය අධිරාජයාට ලංකාව ගිවිසුමකින් භාරදුන් පසුව එංගලන්ත කීරීටයට යටත් පාලනයක් මෙහි විය. ඒ නිසා ලංකාව තුළ වාසය කරන සියලු දෙන එංගලන්ත කොළණීයකට අයත් පුරවැසියන් බවට පත් විය. නමුත් 1948 දී අපට  දේශපාලන නිදහස ප්‍රදානය කරන කල්හි මෙරට වාසය කරන සියලුම ජන කොටස් වල අයිතිය සුරැකීමට යම් නීතිමය ලියවිල්ලක් අවශ්‍ය විය. එම නිසා 1948 අංක 18 දරන පුරවැසි පනතකින් එය නීතිගත කරන ලදී. මෙම පනතේ පැහැදිලිව සඳහන් කරන කල එක කාරණයක් වෙයි.පියා සීයා හෝ මුත්තා පරම්පරාගතව ලංකාවේ ජීවත්ව සිටීයේ නම් ඔහුට පාරම්පරික පුරවැසි බව හිමිවන බවයි. යම් අයෙකු ගේ පියා හෝ සීයා පමණක් මේ රට පදිංචි කරුවන් ලෙසට සිටි අවස්ථාවකදී ඔහුට ලියාපදිංචි පුරවැසි භාවය හිමිකර දීමටද මෙම පනතින් විධි විධාන සැලැස්වීය. මේ අනුව මෙතනදී සිදු වූයේ 1815 න් පසු ලංකාවේ පදිංචි කරන ලද දෙමළ සහ මුස්ලිම් ජන කොටස් වලටද ලංකාවේ නව රජයේ පුරවැසි කම ලියාපදිංචියෙන් හිමි වීමයි.ඒ  අනුව ඉන්දියාවේ සිට පැමිණී අරුණාචලම් පවුල විග්නේශ්වරන් පවුල පසුව ගල් ඔය සංවර්ධන මණ්ඩලයේ ගබඩා පාලක වශයෙන් පැමිණී රාජවරෝදියන්ට ඔහු ගේ පුතණුවන් වන ආර්.සම්බන්ධන්ට මෙන්ම සුමන්තිරන් ගේ පරම්පරාවටත් ලියාපදිංචි පුරවැසි කම හිමි වීමයි. තොන්ඩමාන් මහතාට පුරවැසි කම් ලබා දුන්නේ සිරිමා රජයයි.මෙම පනතේ  ලංකාවේ පාරම්පරිකව ජීවත්ව සිටි ජනතාව ගැන සඳහනක් තිබුණද එම පුරවැසි පනතේ කිසිම තැනක ඔවුන්ගේ අයිතීන් උරුමයන් ගැන සාකච්ඡා කර නැත. එම පනත ගෙන ආයේ බ්‍රිතාන්‍යයන් නොවේ. නිදහස ලබාගෙන ආණ්ඩු බලය හිමිකරගත් මෙරට පාලකයන්ය.
             1950 1955 වර්ෂ වලදී මෙම පනත නැවත සංශෝධනයට බඳුන් විය.ඉන්දු පකිස්ථාන් පුරවැසියන් පිළීබඳ නීති රීති එහි අඩංගු වී තිබුණි. ලංකාවට ගෙන ආ ඉන්දියානු වතු කම්කරුවන් පුරවැසි බව ගැන යලිත් 1962 වර්ෂයේ දී සාකච්චා වූ අතර 1978 දී ඇති කළ ව්‍යවස්ථාවේ  පස්වන පරිඡේදය තුළ පුරවැසි භාවය පිළිබඳ වැදගත් කරුණු රැසක් අඩංගු කිරීමට කටයුතු කර ඇත. ඒ ව්‍යවස්ථාව අනුව 1948 අංක 18 ප්‍රතිපාදනය වෙනස් කර එහි 26(2) වගන්තිය යටතේ සියලුම පුරවැසියන් මෙසේ එක සමාන කර ඇත.එනම් පුරවැසි තත්ත්වය අත්පත් කරගනු ලැබූ ආකාරය එනම් පරම්පරාවෙන්ද නැතහොත් ලියාපදිංචියෙන්ද යනු සලකා කවර වූ හෝ කාර්යයක් සඳහා ශ්‍රි ලංකාවේ පුරවැසියන් වෙසෙසා නොදැක්විය යුතුය යන්න සඳහන් කර තිබේ..ඉන් පසු උඩරට වතු වල පදිංචි දහස් ගණනක දෙමළ කම්කරුවන්ට  දිවුරුම් පෙත්සමක් මගින් ලියාපදිංචිය මගින් පුරවැසි බව හිමි කර ගැනීමේ අවස්ථාව හිමි විය.1978 ව්‍යවස්ථාවේ කළ අනෙක් ප්‍රතිපාදනය නම් එහි 91 වගන්තිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකම් දැරීම සඳහා වන නියමයට ලංකාවේ පුරවැසි කම් අනිවාර්යය කිරීමයි.
      මේ අනුව 1948 සිට වසර හතළික් දක්වා කාලය තුළ ලංකාවේ ජීවත්වන ඓතිහාසික පුද්ගලයන් වන සිංහලයන් ගේ භූමිපුත්‍රය අයිතිය පුරවැසි කමෙන් වසා දැමීමේ ඛේදවාචකය පීළිබඳ යම් චිත්‍රයක් මවා ගත හැකි වෙයි.දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ චන්ද කුට්ටියට ඇතැම් විට කප්පමට වහල් වී සිංහල දේශපාලඥයන් කළ කුපාඩිකම් මෙලෙස හෙළිදරව් කළ හැකිය. අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ දිවිත්ව පුරවැසිභාවය ගැන බොහෝ දෙනෙකු කතා කරති. එය මහා වැරැද්දක් ලෙසට ඉස්මතු කොට ඔහුට කිසිසේත්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට තර්ක ඉදිරිපත් කරති.නමුත් 1948 අංක 18 දරන පනතේ පැහැදිලිව යම් කිසිවෙකු ගේ පුරවැසි කම අහෝසි වන ආකාරය දක්වා තිබේ. එනම් රාජ්‍යයට ද්‍රෝහී වීම රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම ආදී කරුණු ප්‍රමුඛ වෙයි. නමුත් ස්ව කැමැත්තෙන් පුද්ගලයෙකුට තමන්ගේ පුරවැසි කම අහක් කොට ගෙන යෑමටද එහි ඉඩ ප්‍රස්ථා ලබා දී තිබේ.. මෙම ප්‍රතිපාදන දෙක ඇරුණු කොට දිවිත්ව පුරවැසි බව ලබන තැනැත්තෙකුට මේ රටේ අයිතිවාසිකම් අහුරන වගන්තියක් එහි නොවේ.මෙය වූයේ කෙලෙසකද
       2015 වසරේ යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසු දිග හැරෙන විදේශ න්‍යාය පත්‍රය යටතේ බලය බෙදීම ස්වයං පාලනය ලබා දීම මිය ගිය කොටිවන්ට වන්දි ගෙවීම ලංකාවේ ඉඩම් විදේශිකයන්ට පැවරීම වැනි බරපතල කාරණා රැසක් අන්තර්ගතව තිපබුණි. ඒවා සුමට ලෙසට ක්‍රියාත්මක කරලීමට නම් විරුද්ධ පකෂය අකර්මණ්‍ය කළ යුතුය. යහපාලන ආණ්ඩුව සිය ධූර කාලය සම්පූර්ණයෙන් ගත කළ යුතුය.  ඒ නිසාම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දහනව වන සංශෝධනය හොර පාරෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීව පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට කටයුතු කළහ. මෙම සංශෝධනය කරලීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීව බරපතල ලෙස වැරදි කීපයක් සිදු කර තිබේ. ජනමත විචාරණයකට යා යුතු ඇතැම්  වගන්ති අමු අමුවේ වෙනස් කර හිතූ මනාපයේ තමන්ට අවශ්‍ය න්‍යයා පත්‍රයට සරිලන වගන්ති ඇතුලත් කර තිබේ. එයින් එක් වගන්තියක් වන්නේ මන්ත්‍රීවරයෙකු හෝ ජනාධිපතිවරයෙකුට අපේක්ෂකත්වය ලබා ගැනීමට නොහැකි වන කොන්දේසියයි. එනම් 91 වගන්තියේ සඳහන් ලංකාවේ පුරවැසි භාවය නොමැති කෙනෙකු යන වචනය වෙනස් කොට වෙනත් රටක පුරවැසියෙක් වන  ශ්‍රී ලංකා පුරවැසියෙක් යන්න ආදේශ කිරීමයි.
    සැබවින්ම මෙය මගින් 1948 අංක 18 දරණ මූලික පනත උල්ලංඝණය කර ඇති අතර මානව හිමිකම් සම්බන්ධ ඡෙදයේ ඇතැම් වගන්තිද උල්ලංඝණය කර තිබේ. උපතින් පරම්පරාවෙන් ඉතිහාසයක් හිමි  ගීතා කුමාරසිංහට සහ ගෝඨාභාය රාජපක්ෂ මහතාට අපේක්ෂක සුදුසුකම් අහිමි වන්නේ ඒ නිසාය.කණගාටුව වන්නේ සිංහලයන් වශයෙන් තමන්ගේ අයිතිය අහිමි කර ඇති බව ඔවුන් දෙදෙනාද නොදැනීමයි.නමුත් ලියාපදිංචි කිරීමෙන් පුරවැසි බව හිමි වූ රටට එරෙහි යුධ වැදුණු කුමන්ත්‍රණය කළ ආර්.සම්බන්ධන් සුමන්තිරන් විග්නේශවරන් විජයකලා වැන පුද්ලයන්ද රිෂාඩ් බද්යුදීන් හිස් බුල්ලා වැනි ත්‍රස්තවාදයට අනුබල දෙන පුද්ගලයන්ගේද පුරවැසි කම් හොඳින්ම ආරකෂා වේ. දහනව වන සංශෝධනය සම්මත කර ගැනීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සහාය පළ කළ බව කවුරුත් දනිති.  බරක් පතලක් නොමැතිව කළ මේ ගොන්කම් නිසා අද ඔවුන්ද අමාරුවේ වැටී සිටිති.අමාරුවේ වැටී සිටිතත් තමන් ඇතුලු සිංහල ජනතාව වැටී සිටින අගාධාය ගැන ඔවුහු නොදනිති. සමස්ත සිංහලජාතියටම මේ පුරවැසි පනත් වලින් සහ ව්‍යවසථා සංශෝධන වලින් බලවත් අසාධාරණයක් වී තිබෙන බව කියන්නට  ඔවුන්ටද හයියක් නැත.එසේ කියන්නට ශක්තියක් ලැබේ නම් රටට ද්‍රෝහී වන සම්බන්ධන් සුමන් තිරන් මෙන්ම රිෂාඩ් බද්යුදීන්  ලාගේ පුරවැසි කම අහෝසි කිරීම එතරම් ප්‍රශ්ණයක් නොවේ.


Thursday, August 15, 2019

කාලය විසින් නිර්දේශිත පාලකයෙකු ගෙන් බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද


                 
             මෙම ලිපිය සමග ඇති සිතියම හොඳින් නිරීක්ෂණය කළහොත් වටහා ගැනීමට හැකි වන්නේ ලංකාවේ පළාත් කීපයක බෞද්ධ ජනගහනය ඉක්මවා වෙනත් ආගමිකයන්  ඉදිරියට පැමිණ ඇති ආකාරයයි. මේ සිතියම පළ වී තිබෙන්නේ 1915 වර්ෂයේ ජන ලේඛන කොමසාරිස් ඊ.බී.ඩෙන්හැම් ගේ පාලන වාර්තාව තුළයි.1815 වසරේ ලංකාවේ දේශපාලන බලය බ්‍රිතාන්‍ය කිරීටයට පවරා දීමෙන් පසු සියක් වසරක් තුළ ඔවුන් කළ කී හරිය මෙම සිතියමින් පැහැදිලිවේ. මෙතෙක් සංක්‍රමණිකයන් වශයෙන් සිටි දෙමළ මුස්ලිම් වර්ගයන්ට පුරවැසි කම දීම.ඔවුන් පාලනය කරලීමට නව නීති සැකසීම ඔවුන් වෙනුවෙන් භූමිය වෙන් කිරීම ආදී ක්‍රියාන්විතයන් එහි වෙයි. දැන් 2015 වසර ගෙවී ගොස් අවසන්ය. 1915 සිට තවත් වසර සියයක් ඉක්ම ගොසින්ය.අද මෙවැනි සිතියමක් සකස් කළහොත් සිංහල බෞද්ධ ජනගහනය ඉක්මවා ගිය පළාත් ගැන හොඳින් අවබෝධ කර ගතහැකි වනවා නොඅනුමානය.විශේෂයෙන්ම 2012 ජන සංගණන වාර්තාව තුළම මෙය පැහැදිලි කර ගත හැකිය. කාලය විසින් නාව පාලකයෙකු පිළිබඳ බලාපොරොත්තුවක් අප තුළ ජනිත කර තිබෙන්නේ මෙවැනි පසුබිමක් තුළය.

     1948 දී බ්‍රිතාන්‍ය කිරීටයෙන් අප යම් තරමක් නිදහස් වී 1972 දී ස්වාධින ජනරජයක් බවට පත් වූ පසුවත් මේ සෝදා පාලුව නිමා වී නොමැති බව එයින් පෙනේ.. අද කොළඹ නගර සභා සීමාවේ සිංහල ජනගහනය සියයට විසිහතර දක්වා අඩු වී තිබේ.අම්පාර හා ත්‍රිකුණාමලය නොමැති නම් සමස්ත නැගෙනහිර පළාතම සිංහලයන්ට අහිමි වනවා ඇත.ඩී.එස්.ජෝන් දෙදෙනාගේ ජනපදකරණය තුළින් යම් ප්‍රගතියක් මෙම පළාත් වල අත් පත් කරගෙන තිබුණද මේ තත්ත්වය තව කෙතෙක් දුර රඳවා ගබා ගත හැකි දැයි අවිනිශ්චිතය.සිංහල  බෞද්ධ පළාතක් ලෙසට තිබූ උඩරට පළාතෙන් නුවර එළිය දිස්ත්‍රික්කයක් ලෙසට කඩා දෙමළ ජනගහනයට අවශ්‍ය පහසුකම් සලසවා පුරවැසි කම් ප්‍රදානය කර ඇත.අද එහි දේශපාලන තීරකයෝ ඔවුන් වෙති.
        පසුගියදා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු අන්තවාදී මුස්ලිම් දේශපාලනඥයන් ගේ ඉලක්ක පිළිබඳව සිංහල සමාජයට මනාව වැටහී යන්නට ඇතිවාට නිසැකය.විශේෂයෙන් රිෂාඩ් බද්යුදීන් හා හිස්බුල්ලා විසින් දියත් කරන ලද මුස්ලිම් ව්‍යාප්ත වාදය අද එක්සත්ජාතික පක්ෂයේ බල කඳුවුරුද ග්‍රහණය කරගැනීමට සමත්ව තිබේ.අනෙක් අතින් සුමන්තිරන්ලාගේ දෙමළ ජාතිවාදී බල ග්‍රහණය කොළඹ දේශපාලනය පමණක් නොව නිළධාරින් ඔස්සේද ක්‍රියාත්මක වෙමින් තිබේ.මෙ සියල්ල සාර්ථක ව ඉදිරියට ගෙන යෑමට අතහිත දෙන්නේ එදා බ්‍රිතාන්‍ය නම් අද ඇමරිකාවයි. ඔවුහු සිංහලයන් ශූන්‍ය කරලීමට අන්තිම තුරුම්පුවත් ගැසීමට කල් යල් බලමින් සිටී.
          සිංහලයන් මේ රටේ භූමිපුත්‍රයන් බව කියැවෙන්නේ එයට ඉතිහාසය නමැති ඔප්පුවක් තිබෙන බැවිනි. උතුරත් දකුණත් නැගෙනහිරත් බටහිරත්  තිබෙන ජීවමාන බෞද්ධ පුරාවස්තු අතර තිබෙන දාගැබ් කොරවක් ගල් බුදු පිළිම සහ සෙල් ලිපි වලින්  පමණක්ම සිංහල බෞද්ධ අයිතිය ලොවට හඬ ගා කිව හැකිය.වසර දෙසීයක් පමණ කාලයක සිට  මෙරටට පැමිණි සාක්‍රමණිකයන් වන දෙමළ සහ මුස්ලිම් ජන කොටස් විසින් මේ භූමිය අල්වා ගෙන සිංහලයන් ඉන් පළවා හැර දෙශපාලන බල ආධිපත්‍ය ඇති කරගෙන තිබේ.ඊනියා දෙමළ ප්‍රදේශ යනුවෙන් නම් කරමින් බණ්ඩාරනායක රජයේ සිංහල භාෂා පනතට සංශෝධන එක් කරමින් භූමිය පමණක් නොව උතුරේ භාෂා අයිතියද සිංහලයන් ගෙන් උදුරාගෙන තිබේ.අද වන විට උතුරේ තිබෙන බෞද්ධ පුරාවස්තු ඩෝසර කරමින් නිධන් වස්තු කොල්ල කමින් ඒ මත කෝවිල් ඉඳි කරගන්නට නීතියද අව භාවිත කරමින් පවතී.අවාසනාවකට වර්තමාන සංස්කෘතික ඇමතිවරයා යටතේ තිබෙන අමාත්‍යංශය මගින් උදාගම් හදන්නේ ද මේ පුරාවස්තු ඩෝසර කරමිනි.මේ අස්සේ සාෆි දොස්තර විසින් කළ ගර්භාෂ සංහාරය යටපත් කරලීමට දත් දොස්තරගේ සිට ඔවුන්ට රැකවල් දෙන යහපාලන කොන්දොස්තරලාගේ ද මහත්ම වෑයම වීතිබේ.නමුත් අර්ජුන් මහෙන්ද්‍රන් ලා  සහරාන් ලා සහ සාෆී ලාගේ කුමන්ත්‍රණය මෙහෙයවූ මහම ලොකු මොළ කරු මේ රටේ සිංහල බහුතර පක්ෂයක අසමසම නායකයෙකි.ව්‍යවස්ථා සම්පාදනය මගින් බෙදුම්වාදයට සුජාතබව දෙන්න වලිකන තක්කඩියෙකි.සුද්දා ලබා දුන් පක්ෂ දෙශපාලනය විසින් සිංහල ජනතාවට හිමිකර දුන් බරව කකුළ එයයි.
        දැන් මේ හොඳටම ඇති යැයි බොහෝ අයට සිතනවා නිසැකය.ඒ මන්ද පාර්ලිමේන්තුව ඇතුළු මුලු දේශපාලන ක්ෂේත්‍රයම ගන්දස්කාරයෙන් යුක්ත මීතොටමුල්ලක් වීමයි.කලකට පෙර කරුණාරත්න ජයසූරිය කතානායකට මහාසංඝ රත්නයෙන් සම්මාන  හිමි විය. .හඬින් චන්දය විමසා විශ්වාස භංගය ජයගත් කරු ජයසූරිය ඇමරිකන් තානාපති වරුන් ගේ ඕඩරයට නටන රූකඩයක් බව මේ කිසිවෙකුටත් අවබෝධ වී නැති ගානය.රනිල් ට විපක්ෂ නායකකමේ වත් එල්ලී සිටින්නට සිටින හොඳම අපේක්ෂකයා වන්නේ ඔහුයයි කල්පනාවක් මතුව තිබේ.දැන් සිංහල බෞද්ධ බහුතරය විකල්පයක් සොයමින් ඔල්වරසන් නගමින් සිටින කාල වාකවානුවයි.එදා කොටි ග්‍රහණය මැද්දේ යුදධය නිමා කරලීමට මහින්ද රාජපක්ෂ මහතාව ඉල්ලා සිටියේද ඒ ආකාරයෙනි. ඔහු යුද්ධය ශූර ලෙසට නිමා කලා පමණක් නොව ශක්තිමත් දේශපාලනයකට ඹුලාරම්භය ඇති කලේය( සයවන පරාක්‍රමබාහු යුගයෙන් පසු ). එහෙත් සිංහල බෞද්ධ අපේක්ෂාව ඉටු විණිද.ඒ අපේක්ෂාව මහින්ද සමග එකට සිට ඉටු කරනු ඇතැයි චම්පික රණවක කෙරෙහි මෙරට දේශප්‍රේමී සිංහලයන් දෑස් දල්වා බලා සිටියහ.අවසානයේ 2014 වන විට ඔහු මහින්ද අතහැර විජාතික කඳවුරට තුරුලු විය. ඒ යහපාලනය ලවා සිංහල අපේක්ෂාවන් දිනවීමට නොවේ. විජාතික පාලනයේ බලාපොරෙත්තු වඩාත් දක්ෂ අන්දමින් ඉටු කරලීමයි. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හරහා රට දෙකඩ කරවන ආරථික කොරිඩෝවේ දේශීය නියේජිතයා වන්නේ රනිල්ටත් වඩා චම්පික බවට අද තහවුරුවක් ලැබී තිබේ.1915 වැනි ඈත කාලයකදී ඩෙන්හැම් විසින් අපට පෙන්වා දුන් සත්‍යය එනම් සිංහලයා ක්‍රමයෙන් අන්‍ය ජන වර්ග වල දේශපාලනයෙන් කොටුවනවා යැයි යන සත්‍යය තෙරුම් ගෙන ඒ කටුක යථාර්ථය අභිබවමින් මොවුන්ට ඉදිරියට යන්නට බැරි වූයේ ඇයි.
         2019 වසර අග භාගයේ පවත් වාවිය යැයි විශ්වාස කරන ජනාධිපතිවරණයක්  ගැන සිහියෙන් එහි බලාපොරොත්තු දල්වා ගෙන අපේක්ෂකයන් තෝරන සිංහලයන්ට තමන්ගේ ඉරණම ගැන හන්කවිසියක් මතක් වී තිබේද. අපේක්ෂකයන් ගේ හොඳ  නරක දක්ෂතා ගැන අධිතක්සේරුවක සිටින සමාජයක් බැවින් සිංහල රට ගෙන යායුතු නිවරදි දිශානතිය ගැන තේරුමක් ගන්නට අවකාශයක් නොමැති බව පෙනේ.ගෝඪාභය රාජපක්ෂ ගේ ඇමරිකන් පුරවැසි බව ගැන කතා කරන පක්ෂවලට ලැදි සිංහලයන් ඔහුගේ භූමිපුත්‍ර අයිතිය ගැන කතා නොකරති.තමන් උපන් භූමිය වෙනුවෙන් තමන්ගේ ජාතිය වෙනුවෙන් ශාසනය වෙනුවෙන් වැඩ කරන්නා භූමිපුත්‍ර යෙකි.පෙර සඳහන් කළ පරිදිම ලංකාවේ හැම බිම් අඟලක්ම සිංහලයන් බහුතරයකගේ බලය ඇති තැන් බවට පත් විය යුතු බව ඉන් ගම්‍ය වේ.. මේ රටේ රණ විරුවන් දිවි පුදා හෝ ආබාධිත වී රට රැක ගත්තේ එවැනි අරමුණකින්ය.වසර දෙසීයක් තුළ සිංහල භූමි පුත්‍රයන්ට ස්වකීය මාතෘ භූමිය අහිමි කළ අණ පනත් රාශියක් ඇත. පළාත් සභා පනත වැනි බෙදුම්වාදී රේඛා ගැසූ පනත් ඇත. සහජීවනය හෝ සංහිඳියාව නාමයෙන් බෞද්ධ උරුමය සඳහා වැඩ කරන්නට සීමා පණවන අධිකරණමය නීති පද්ධතියක් ස්ථාපිතව තිබේ. මේවා ගැන සිහි බුද්ධියෙන් සිතන්නන් විරලය. සිතුවද එම සීමාවන් අතික්‍රමණය කරමින් සිංහල බෞද්ධ උරුමයන් ස්ථාපිත කරන්නට වෙහෙසෙන සත් පුරුෂයන් ද ඉතා විරලය.මෙම විරලතාවය නැති කොට ජාතිමාමකත්වයෙන් බහුලතාවය ඇති සිංහල ජනතාවක් රට තුළ ස්ථාපිත වුවහොත් ඉදිරියේ දී පත් වන නව ජනාධිපතිවරයාටද එසේ කරන්නට ශක්තියක් ලැබෙනවා නිසැකය.
           රටක් නැගිට්ටුවන්නට කළ යුත්තේ කුමක්දැයි ඇතිවන සංවාදයේ දී මෙරට ආර්ථික දිශානතිය මෙන්ම භූගොලීය සාධකයන්ද ඉතා වැදගත්ය. මේවාට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ සොබා දහමයි. සොබාදහමට ආශීර්වාද කරන සම්‍යක් දෘෂ්ඨික බලවේගයි. දළදා වහන්සේ මුල් කරගත් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියයි. දෙමළ මුස්ලිම් සාංක්‍රමණිකයන්ට එදා රජ දවසදී ඌලියම් බදු ගෙවා සිංහලයන් ගේ සම්පත් භුක්ති විඳීමට මෙන්ම වෙළෙඳාමටද ඉඩ හසර තිබුණි.මහනුවර රාජධානියට ලුණු සැපයීමේ බද්ද ඔවුන්ට පැවරුණේ ඒ නිසාය.ගම් වදින ත්‍රස්තවාදී දෙමළුන් අල්වා මාවටුතොටින් පළවා හැරිය යුතු බවට සෙල් ලිපි කීපයකම අණ පනත් පනවා තිබුණි.මෙරට වාසය කරන විදේශිකයන් සිංහල සංස්කෘතිය යටතේ සිටිය යුතු බවට කෙරෙන ආඥාවන් එයයි.අද වන වට සිංහලයා පක්ෂ තුළට කොටු කර දෙමළ මුස්ලිම් ජාතිකත්වයක් ඔසවා තබා සිංහලයාට පහරන්නේ සුද්දන් පස්සේ යන කැනහිල්ලුය.අපගේ පැරණී සිරිත රකින්නට පවත්වා ගෙන යෑමට යම් පාලකයෙකු උත්සාහ කන්නේ නම් ඔහුට නිතැතින්ම ආරක්ෂාව මෙන්ම පින් මහිමයද උදාවන බව අතීත මහාවංශ උදාහරණ වලින් පෙන්වා දිය හැකිය. දුටු ගැමුණු කුමරු රජ දවස දිවයිනේ නන් දෙසින් තඹ රිදී පහළ වූ හැටි මතක් කරනු මැනවි.දිගාමඬුල්ල සශ්‍රීක වූ හැටි මතක් කරනු මැනවි. කාවන්තිස්ස දුටු ගැමුණු කලා මෙන් ධාතුසේන රජු ඉටුකලාමෙන් මාන කුමරු කලා මෙන් මහා විජයබාහු මහා පරාක්‍රමබාහු ගේ ජයග්‍රහණයන් මෙන් දෙවන සහ සයවන පරාක්‍රමබාහු කාලයේ සතුරාට නිසි පරිදි මුහුණ දුන්නා මෙන් පළමුවන විමලධර්ම සූරිය වැනි අසම සමව කාලය විසින් නිර්දේශිත රජවරු කලදේ අදටත් වලංගුය.ඒ මග ගැන්මට දැන් කාලයයි.


Sunday, August 4, 2019

බෙදුම්වාදයේ ගමන් මග ඔලුවිල් සිට සයින්දමරතු දක්වා


                                     
            මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ප්‍රහාරය අහම්බයක් නොවන බව දැන් සනාථ වී ඇත. තේරීම් කාරක සභාව විසින් ඉදිරියේ දී කුමන ආකාරයේ වාර්තාවක් ඉදිරිපත් කළද මෙම ප්‍රහාරය පිටුපස ඇමරිකාව සිටින බවද ඒ සඳහා ලංකාවේ අගමැති ඇතුළු දේශපාලන නායකයන් දැනුම්වත්ව සිටි බවද පැහැදිලිය.මෙම ප්‍රහාරයට පසුබිම් වූ වහාබ් ත්‍රස්තවාදය ව්‍යාප්ත කරලීම ට සෘජුව චෝදනා එල්ල වූ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා හලීම් පමණක් නොව රවුෆ් හකීම්  ආදී මුස්ලිම් දේශපාලනඥයන් නිදොස් කොට නිදහස් කරලීමේ අගමැති මෙහෙයුම දැන් ආරම්භ ව ඇත.යලි ඇමති ධූර භාර ගනිමින් එම සංඥාව සමාජයට මුදා හැර තිබේ.නමුත්  පාස්කු ප්‍රහාරය දිගු කාලීන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයි  සිංහල සමාජය තේරුම් ගෙන තිබෙන්නේද ..
         ලංකාවේ මුස්ලිම් ජනගහනය සියයට දහයකට ආසන්න කුඩා ප්‍රමාණයකි. එහෙත් වර්තමානය වන විට ඔවුහු දේශපාලන වශයෙන් බලවත් පිරිසක්ව සිටිති. එසේම රටේ වානිජ මර්මස්ථානයන් අල්වාගෙන බල ආධිපත්‍ය පතුරුවන පිරිසක් වී සිටිති. ඉංග්‍රීසීන් ගේ පිහිටෙන් ලංකාවේ පුත්තලම මඩකලපුව ආදී තැන්වල  පිහිටි ඔවුන් ගේ තාවකාලික ජනාවාස වලට ස්ථීර ඉඩම් අයිතිය ලැබෙන්නට ආරම්භ වූයේ ඔවුහු වෙල්ලස්ස අරගලයට විරුද්ධව ඉංග්‍රීසීන් ගේ පැත්ත ගෙන ක්‍රියා කළ හෙයිනි.මේ නිසා  නැගෙනහිර මුස්ලිම් පාලකයෙක්  පත් කර ගැනීම දක්වා එම තත්ත්වය දුර දිග ගියේය.මෙම බල ආධිපත්‍ය පසු කාලයේ දී ඉහළ අධ්‍යාපනයට යොමු වූ මුස්ලිම් විද්වතුන් විසින් ස්වකීය ග්‍රහණයට නතු කර ගත්තේය. සිද්දි ලෙබ්බේ  ගේ ඉගැන්වීම මත දහනව වන සියවස අග භාගය වන විට මුස්ලිම් මූලධර්මවාදයට පදනම වැටුණි.1926 වන විට මුස්ලිම් ජනයාට අවශ්‍ය ශරියා නීති තහවුරු කරලීමට ඉංග්‍රීසි ආණ්ඩුව පියවර ගත්තේය. මේ අතර වාරයේ නැගෙනහිර දෙමළ බෙදුම්වාදයට සමාන්තරව මුස්ලිම් දේශපාලනයද නැගී එන්නට ඉඩකඩ විවිර විය. එම්.එස්. හමීඩ් එහි මූලාරම්භකයා වෙයි.ඔහු මඩකලපු හා කල්මුණේ පළමු දේශපාලන නියෝජිතයා වූ මාකන්මාකර් මෙන්ම කොළඹ දෙශපාලන නායකයා වන ටී.බී.ජයාට හාත්පසින්ම වෙනස්ව මූලධර්මවාදයට නතුව සිටියේය.ෆෙඩරල් පක්ෂය හා එක්ව දෙමළ කතා කරන මුස්ලිම් ජනයාට වෙනම පාලනයක් සඳහා මතවාද ඉදිරිපත් කලේය.අවසානයේ එම්.එම්.මහමුද් ගේ මූලිකත්වයෙන් මූලධර්මවාදී ඉස්ලාම් පෙරමුණ බිහි විය.එම තත්ත්වය මත 1970 වන විට සමගි පෙරමුණ ආණ්ඩුවට අභියෝගයක් ලෙසට නින්දවුර් සහ  පොතුවිල් ඔවුන් ට ජය ගැනීමට හැකි විය. මෙයට සෘජුව උපකාර කලේ එක්සත් ජාතික පක්ෂයයි.
           අසූව දශකයේ කොටි සංවිධානය විසින් දෙමළ බෙදුම්වාදය පෝෂණය කරමින් ඊලාම් ව්‍යාපරය ක්‍රියාකරන අවස්ථාවේ දී නැගෙනහිර මුස්ලම් නායකයෙකුව සිටි අශ්රොෆ් මේ දෙමළ නායකයන් සමග බෙදුම්වාදයට හවුල්ව සිටියේ ප්‍රභාකරන්දෙමළ ඊලම අතහැරියද අශ්රොෆ් එය අත හරින්නේ නැති බවද කියා පාමිනි. අශ්රෝෆ් 1981 දී මුස්ලිම් කොන්ග්‍රසය බිහි කරනුයේ එහෙයිනි. ඔහු ප්‍රේමදාස ලවා මුස්ලිම් නියෝජිත සංඛ්‍යාව වැඩි කර ගැනීමට උපක්‍රම ස්ථාපනය කර ගත්තේය.දිස්ත්‍රික් චන්ද ප්‍රතිශතය සියයට පහ දක්වා අඩු කරගැනුණී.
       කොටි සංවිධානයෙන් මනාව ඉගෙනගත් අශ්රොෆ් සිය පක්ෂය ආරම්භයේ සිටම බෙදුම්වාදි මාවතේ ගමන් කරවීමට උත්සාහ දැරීය. එහි ප්‍රතිඵලය වූයේ මෙතෙක් ප්‍රධාන පක්ෂ සමග බැදී සිටි මුස්ලිම් නායකයන් ද සිය මතවාදයන් වෙනස් කර ගැනීමට පෙළඹවීමයි.මේ යුගයේ මුස්ලිම් ලෝකයේ ඇති වූ නව ප්‍රවණතාවන්ද මෙයට බලපාන්නට ඇතිවාට නිසැකය.අරාබියේ සේවය සදහා ලංකාවෙන් පිටත්ව යෑම එහි මුදල් මගින් නැගෙනහිර පළාත් පොහොසත් වීම. ආදී කාරණා සමග කොටි සංවිධනය පරාජයට පත් කිරීමත් සමග එම පළාතේ ඇති වූ දේශපාලන රික්තය මෙයට පසුබිම් වූයේය.2003 වර්ෂයේ දී ඔලුවිල් හි පැවැත්වූ මුස්ලිම් කොන්ග්‍රස් සම්මේලනයේ දී කරුණු පහක් සම්මත කර  ගැනීමට ඔවුහු සමත් විය. එහි පළමුවැන්න වූයේ නැගෙනහිර මුස්ලිම් ජනතාව අංග සම්පූර්ණ වෙනම ජාතියක් වශයෙන් පෙනී සිටිය යුතු බවයි. දෙවැන්න වූයේ උතුර සහ නැගෙනහිර දෙපලාත මුස්ලිම් ජනතාවගේ ඓතිහාසිකක නිජ බිම් වශයෙන් පිළිගත යුතු බවයි. තෙවැන්න වූයේ මේ මුස්ලිම් ජනයාට මුස්ලිම් තේසම් නමින්  වෙන්ව ජීවත් වීමට ස්වයං නිර්ණ අයිතිය ඇති බවයි.සිවු වැන්න නම් උතුරු සහ නැගෙනහිර දෙපලාත සියලු බහුතර මුස්ලිම් ප්‍ර දේශ එකට එක් කර මුස්ලිම් තේසම් නමින් මුස්ලිම් රාජ්‍ය පාලනයක් ඇතිවිය යුතු බවයි.අවසානයේ දී සඳහන් වන්නේ උතුර සහ නැගනහිර පළාත් වලින් පරිබාහිර ව ජීවත් වන මුස්ලිම් ජනයාද මේ මුස්ලිම් රාජ්‍යය පාලනයට යටත් විය යුතු බවයි.
       ගුවන් අනතුරකින් මිය ගියද අශ්රොෆ් ගේ බෙදුම්වාදී සිහිනයට අවශ්‍ය මතවාදී පන්නරය මුස්ලිම් දේශාපාලනය තුල ස්ථාපිත වූයේ එලෙසය. ඉන් පසු ඔවුහු එම අරමුණ ඉටු කර ගැනීම උදෙසා කළ හැකි හැම දෙයක්ම කළහ.ආර් ප්‍රේමදාස යුගය මේ මූලධර්මවාදීන්ට යහපත් කාලයක් විය. ලංකාවේ වානිජ භූමිය ඉස්ලාම්කරණය වන්නේ ප්‍රේමදාස පාලනයේ පිහිටෙනි.එසේම  මෙතෙක් කුඩා ඒකක වලට සීමා වී තිබූ ආරාබි පාසල් සංඛ්‍යාව වැඩි කර ගැනීම පෙර පාසල් සහ මුස්ලිම් පාසල් වැඩි කර ගැනීම මද්‍රසා නමින් හැඳුන්වූ පාසල් ස්ථාපිත කර ගැණිම  සහ මුස්ලිම් විශ්ව විද්‍යාල බිහි කර ගැනීමද සිදු විය. අවසානයේ සදහන් කරන ලද මුස්ලිම් විශ්ව විද්‍යාලයක් සඳහා හිස්බුල්ලා පෙළඹෙන්නේ අහම්බයක් ලෙසට නොවන බව මේ පසුබිමෙන් තෙරුම් ගත යුතුය. එසේම මුස්ලිම් ආගමික කටයුතු ආමාත්‍යංශයෙන් මද්‍රසා පාසල් 1600 වඩා ප්‍රමාණයක් ලියාපදිංචි කර ගැන්මට අවසර දී ඇත්තේ මේ මතවාදී ප්‍රවේශයන්ට යටවයි.අද ශරීය බැංකු ශරියා උසාවි නොහොත් කාති උසාවි වශයෙන්  සෑම අස්සක් මුල්ලක් නෑරම ක්‍රියාත්මක වන්නේ ඔලුවිල් ප්‍රකාශනයේ  සඳහන් මතවාදී කරුණු ඉලක්ක කොට ගෙනය.
         නැගෙනහිර පළාතේ ජනගහනය සඳහා මුස්ලිම් අය ආදේශ වන්නේ සෙනරත් රජුගේ ක්‍රියාකලාපය නිසා බවට තොරතුරු ඉතිහාසයේ ඇත. එහෙත් බහුතර මුස්ලිම් ජන කොටසක් නැගෙනහිර ව්‍යාප්තියක් දක්වන්නේ ඉංග්‍රීසීන්  ගේ උදව් ඇතිවයි. ඔවුහු 1766 ගිවිසුම නිසා සිංහල රජුට අහිමි වූ මුහුදු බඩ බිම් තීරු වල වෙළෙදාමට නැවතුණහ. ඉංග්‍රීසීන් ඔවුන්ට මුක්කුවාර් නීති පද්ධතිය යටතේ ඉඩම් ලබා දුන්හ. නමුත් දකුණේ විසූ සිංහලයන් ඔවන්ගේ ආර්ථික බලය වඩවා ගනිමින් නැව් මගින් දකුණේ සිට යාත්‍රා කරමින් මේ මුහුදු බඩ තීර වල නව ජනාවාස ඇති කර ගත්හ. එයට ප්‍රධාන හේතුව වූ‍යේ සිංහලයන් ගේ ඓතිහාසික සිද්ධස්ථාන රාශියක් මේ පෙදෙස් වල තිබීමයි. සේරුවිල දීඝ වාපිය ආදී තැන් සංවර්ධනය කර ගනිමින්  වෙළෙදාමද දියුණු කර ගත් ඔවුහු. පාරම්පරික සිංහලයන් සමග නව ශිෂ්ඨාචාරයකට අඩිතාලම දැමූහ. මහපාර වල් විවෘත වීමත් සමග වට වන්දනා වල යෙදෙමින් මේ ප්‍ර දේශ නැවත සශ්‍රීක කළහ.1981 වර්ෂය වන විට අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් හිරු කෝවිල් අක්කර පත්තුව යන ප්‍ර දේශ වල සැලකිය යුතු සිංහල ජනගහනයක් වර්ධනය වන්නේ එහෙයිනි. අම්පාර දිසත්‍රික්කයේ ගල්ඔය ජනපදය ආරම්භය නිසා සිංහල ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ ගියේය. නමුත් 1987 න් පසු ඇති වූ කොටි සංවිධාන ක්‍රියාකාරිත්වය මත නැගෙනහිර පළාතේ විසූ සිංහලයන්ට යලි උන්හිටි තැන් අහිමි විය.ඔවුන් නැවතත් දකුණට සහ පොලොන්නරුවට සංක්‍රමණය විය. මේ නිසා ජන හීන වූ නැගෙනහිර පලාතේ නව ව්‍යප්තියක් සලසා ගන්නට මුස්ලිම් බෙදුම්වාදයට අවස්ථාව හිමි විය. සිංහලයන් ගේ අතහැර දාගිය ඉඩම් වලට හොර ඔප්පු සෑදිම ආරම්භ කරන ලද්දේ නිළධාරීන් ගේද ආශිර්වාදය ඇතිවයි. එක ඉඩමක් මඩකලපු දිස්ත්‍රික්කයේ කොරළේපත්තු මිරාවෝඩේහි පිහිටි පොරුක්කම් මුම්මාරි කුඹුරයි. එය අක්කර 51 යී  රූඩ් 03 පර්චර්ස් 5 ක් තිබෙන පුණ්‍යදාස සිල්වා මහතාට අයත්ව තිබූවක්. නමුත් කලබල සමයේ අවතැන් වීමෙන් පසු මේ ඉඩම මීරා ලෙබ්බේ ආදම්බාවා නම් මුසල්මානයෙක් බද්දට ගෙන පසුව ව්‍යාජ ඔප්පුවක් සකස් කර ගෙන ඇත. 2007 වර්ෂයේ සිට මෙම ඉඩමේ අයිතිය පිණිස වාලච්චේන උසාවියේ නඩුවත් ඇත. එහෙත් එය ඇහෙන්නේ දෙමළෙනි.   අනෙක් ඉඩම මඩකලපු දිස්ත්‍රික්කයේ කොරළේපත්තුවේම පාලක්කාට්ටුවෙට්ටෙයි තියාවට්ටන්හි අක්කර 05 ක කුඹුරක්. 1955 වර්ෂයේ දී මඩකලපු කච්චේරිය මගින් අංක 4028 අංකය යටතේ එම්.බී.නිමල් සිල්වා මහතාට මෙම කුඹුර සඳහා බලපත්‍රයක් නිකුත් කර ඇති අතර ත්‍රස්ත කලබල වලින් පසුව අවතැන් වීම නිසා මේ ඉඩම අස්වැද්දීම තාවකාලිකව නතර කර තිබුණි. ඒ අතර 2008 වර්ෂයේ දී අහමදු ලෙබ්බේ හප්සා¸ මුහමදු අසනාර්¸ මුහමදු වසීම් සදක්කු ලෙබ්බේ¸ මුහමදු අහමදු අසනාර් සහ මුහමදු අසනාර් ෆාතුම්මා යන මුසල්මානුවන්ට යථොක්ත ඉඩම බලපත්‍රකින් යළි පවරා තිබේ.  මේ පුද්ගලයන්ට විරුද්ධව නඩුවක් ගොනු කිරීමට කටයුතු කල යුතු බවට පළාත් ඉඩම් කොමසාරිස් සිරිමෙවන් ධර්මසේන මහතා විසින්  ප්‍රාදේශීය ලේකම් වරයාට දන්වා ඇති නමුත්  එය මෙතෙක් සිදුවූ බවක් දැන ගන්නට නැත. මේ ආකාරයට වර්තමානය වන විට සමස්ත නැගෙනහිර පළාතම නතු කර ගනිමින් මුස්ලිම් ජන ව්‍යාප්තිය සිදුව තිබේ.ඒ ප්‍ර දේශ තුළ සිංහලයන්ට තැනක් නොමැතිවන්නේ එහෙයිනි. එරාවුර් නගර සභා කඩපලේ සිංහල කඩ නැවත විවෘත කරලීමට පසුගිය රජය සේම වර්තමාන රජය ද සිංහලයන්ට උදව් නොකරන්නේ මේ මුස්ලිම් බලය අභිබවා යා නොහැකි බැවිනි. ඔවුහු කල්මුණේට වෙනම පාලනයක් අද ඉල්වා සිටිති. සයින්දමරතු වල වෙනම සහකාර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයක් විවෘත ව තිබෙන්නේ එයට පාර කැපීමටයි.ඒවා පදනම් කරගෙන මරාගෙන මැරෙන බෝම්බ නොව මුලු රටම ආක්‍රමණය කළ හැකි බල කඳවුරක් බිහි කරලීමට බැරි කමක් නොමැත. මේ බල ආධිපත්‍යට ඉව අල්ලමින් ඇමරිකානු තානාපතිනිය වරින් වර එහි සංචාරය කළ බව අද රහසක් නොවේ. ඒ ප්‍ර දේශ ආයුධ වලින් සන්නද්ධ කරන ලද්දේ රහසේ ගොඩ බාන ලද ආයුධ වලින් දැයි අප තවමත් නොදනිමු. හිස්බුල්ලා මෙන්ම ආසාද් සාලි විසින් අද ප්‍රසිද්ධියේ සිංහල දේශපාලනයට තර්ජනය කරමින් සිටින්නේ මේ හයිය නිසාවෙනි.


Sunday, July 28, 2019

යාපනයේ තිස්ස විහාරය සතු ඉඩම් දෙමළ ජනතාවට දීමේ සැලැස්මක්


                       

            දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේ දී ශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ උතුරේ දඹකොළ පටුනට පැමිණි යාත්‍රාවකිනි. රජු මේ දර්ශනය දැක ප්‍රීතියෙන් මත්ව කරවටක් මුහුදට බැස ශ්‍රී මහා බෝධි ශාඛාව තම දෝතට ගත් ආකාරය වංශ කතා වල විචිත්‍රවත්ව සඳහන් වෙයි. මෙම ශ්‍රී මහා බෝධින් වහන්සේ රැගෙන පැමිණි සංඝ මිත්තා තෙරණින් වහන්සේ සහ සොලොස් කුල පිරිවර තුන් දිනක් දඹකොළ පටුනේ ගත කර පසුව අනුරාධපුරයට ගමන් ආරම්භ කළ අතර දඹකොළ පටුනට නැගෙනහිර දෙසීන් වූ ස්ථානයක කඳවුරු ලා පෙරවරු දානය වැළඳූ ආකාරය පිළිබඳ සිංහල බෝධිවංශය දක්වා ඇත. එහි සඳහන් වන්නේ මෙසේය.
       දශබලධාරී වූ බුදු රජාණන් වහන්සේගේ සිනිඳු වූ ඔජාවත් වූ රශ්මිමාලා විහිදුවන්නා වූ මහා බෝධින් වහන්සේ වේදැයි ප්‍රසන්න වූ සිත් ඇතිව මහා බෝධින් වහන්සේ ඔසවා මුදුන් මස්තකයෙහි පිහිටුවා මිනිසත් බව ලැබීම සඵලය යි සිතමින් බෝධිගුප්ත කුමාරයන් ප්‍රධාන කොට ඇති සොලොස් ජාති සම්පන්න කුලයන් හා සමග හිසින්  ගෙනවුත් ගොඩ නැගී සමුද්‍ර තිරයෙහි සිත්කලු මණ්ඩපයට වඩා සියලු ලංකාද්වීපයෙහි රාජ්‍ය යෙන් මහා බෝධින් වහන්සේට පූජා කොට  සොලොස් කුලයන්ගේ අතට රාජ්‍යය හැර තුමූ දෙරටුපාල තනතුරෙහි සිට තුන් දවසක් මුළුල්ලෙහි අනේක ප්‍රකාර වූ පූජා කරවූහ. ඉක්බිත්තෙන් දවසෙක සරහා පිළියෙල කරන ලද රථයක් මත්තෙහි තබා මහත් වූ පූජා සත්කාර කෙරෙමින් නැගෙනහිර තිස්ස විහාරය පිහිටන්නා වූ ස්ථානයට ගෙනවුත් සංඝයා වහන්සේට පෙරවරු වළඳවා මිහිඳු තෙරුන් වහන්සේ විසින් වදාරණ ලද ඒ ස්ථානයෙහි සර්වඥයන් වහන්සේ විසින් කලාවූ නයින් ගේ දමනය අසා බුදුන් විසින් වැඩ හිඳීම ආදියෙන් ප්‍රයෝජන ලැබූ ස්ථානයන්හි දාගැබ් ආදියෙන් සත්කාර කරමි යි සළකුණු කරවා එතැනින් ගෙනවුත් තිවක්ක බ්‍රාහ්මණයාගේ ගම්දොර තබා පූජා කොට මෙසේ ඒ ඒ තන්හි පූජා කෙරෙමින් ..
      බෝධී වංශයේ දක්වා ඇති පරිදි දඹකොළ පටුනේ එක් විහාරයක්ද නැගෙනහිර දෙසින් තිස්ස විහාරයද ප්‍රාචීන විහාරයද යනුවෙන් යාපන අර්ධද්වීපයේ විහාරස්ථාන තුනක් කරවා ඇත.යාපන අර්ධ ද්වීපය  නොහොත් ත්‍රී භූමිය රාම නම් කුමාරයෙකුට පැවරූ ආකාරය  බුද්ධ රාජාවලියේ ද සඳහන්ව  ඇත. මේ කියන තිස්ස විහාරය අද පිහිටා තිබෙන්නේ කන්කසන්තුරේ නමින් හඳුන්වන  දුම්රිය ස්ථානයට යාබද පෙදෙසෙහිය.  තයියඩ්ඩි  යනුවෙන් මේ පෙදෙස වර්තමාන සිතියම් හි දක්වා තිබේ. සිංහල රජ දවසෙන් පසුව උතුරේ පරංගි ආධිපත්‍යත් ලන්දේසි සහ ඉංග්‍රීසි ආධීපත්‍යත් නිසා එහි විසූ සිංහලයන්ට නරක දසාවක් උදාවිය. ඔවුහු තම උතුරු භූමි උරුමය අතහැර වන්නියට සහ උතුර මැද පළාත්වලට සංක්‍රමණය වූහ. නැතහොත් උඩරට ඥාතීන් සොයා ගියහ. හිරිගල් බහුල ශුෂ්ක පෙදෙසක් වන මේ පෙදෙසේ  ඇතැම් තැන් වල ගොවිතැන්ද කළ හැකිය. කුඩා කුඩා විල් සහිත වැලිගමුව නම් රටක් ගැන කඩයිම් පොතේ දක්වන විස්තර අනුව එහි සිංහලයන් රාශියක් දිවි ගෙවූ හැටි අනාවරණය වෙයි. මේ වැලිගමු රට ඕලන්ද සිතියම් වල එලෙසම දක්නට ලැබුණත් පසුකාලීන ඉංග්‍රීසි සිතියම් වලට වලිකාමම් යනුවෙන් බිඳී  දක්වා ඇත්තේය.
      කන්කසන්තුරේ තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොටසේ තිබෙන තිස්ස විහාරය නැවත සංවර්ධනයට බඳුන් වන්නේ නවසිය හතළිත දශකයේ දීය. සේරුවිල නාගදීපය වැනි වෙහෙර විහාර සොයා දකුණේ සිට පැමිණි යතිවරයන් වහන්සේලා යළිත් මේ රටේ බෞද්ධ උරුමය ගොඩ නැගීමේ උත්සුක වූහ.මේ කියන තිස්ස විහාරයද සොයා පැමිණ කළුතර උතුරේ ශීලාධාර හිමියන් සහ කලුතර පඤ්ඤානන්ද හිමියන් බෝධීන් වහන්සේලා පිහිටා සිටි මේ පුදබිම අනාවරණය කර ගත්හ.. පැරණී තිස්ස විහාර භූමියේ කුටියක දුෂ්කරව වැඩ හිදිමින් නැවත තිස්ස විහාරය ගොඩ නැන්වීමට ක්‍රියාකළහ. 1954 දී මුල් වරට වෙසක් උත්සවයක් පවත්වමින් සිංහලයන් ගේ ශක්තිය ගෙන හැර පෑහ.මේ කාලයේ කන්කසන්තුරේ පිහිටි තිස්ස විහාරයට සමීප ඉඩමක සින්නක්කර  අයිතිය ඒබ්‍රහම් පෙරේරා නම් වූ සැදැහැවතෙකු විසින් ශිලාධාර හිමියන්ට පවරා දී ඇත. 1946 දී ලියන ලද එම ඔප්පුවේ පැහැදිලිව තිස්ස විහාරය යන නාමය සටහන්ව තිබේ.තිස්ස විහාරය 1956 වර්ෂයේ මිනුම්දෝරු සිතියම් වලට එක් වන්නේ මේ අන්දමටයි. මේ සිතියම් වල අක්කර 15 ක පමණ වපසරියක් පුරා ඉඩ කඩම් මේ පුදබිමට අයත් ව තිබූ සැටි  හෙළි වෙයි. එහි ස්ථූප සළකුණ දක්වා මිනුම්දෝරු  අංශ වලින් ලකුණු කර තිබෙන්නේ මේ බෞද්ධ උරුමයයි. තවද බෝධීන් වහන්සේල සතර නමක් පමණ ඉතා සරුවට මෙහි වැඩ සිට ඇත.

         මේ තත්ත්වය මෙසේ වුවද පණස් ගණන් වල අග භාගයේදී ඇතිවූ දෙමළ කෝලාහල නිසා සිංහලයන්ට උතුරේ විසීම කළ නොහැකි විය. තයිඩ්ඩි දකුණ යනුවෙන් හඳුන්වන  වලිකාමම් උතුරේ දිසාපති කොට්ඨාශයේ සිංහල කලඩ්ඩි( කයිඩ්ඩි විය හැකිය ) නොහොත් උලුතන් කලඩ්ඩි යනුවෙන් වෙන් කොට ගත් තිස්ස විහාරය අවට සිටි සිංහලයන්ද යාපනයේ  බේකරි කරමින් වෙලෙඳ ව්‍යාපාර කරමින් සිටි බොහෝ දෙනෙකුට එහි විසීම අන්තරාදායක විය. මේ නිසා තිස්ස විහාරයේ ස්වාමීන් වහන්සේද නැවත සිය මුල් විහාරය වන   කලුතර සුමිත්‍රාරාමයට වැඩම කළහ. 1959 සිට  ඇරඹුණු කාල වකවානුවේදී නැවත මේ විහාරස්ථානයට ආලෝකයක් ඇති නොවීය. එහෙත් 1971 වර්ෂයේ ඇඳි මිනුම්දෝරු සිතියම් වලද මේ විහාරය තිබූ බවට පැහැදිලිව සළකුණු වී තිබේ.එම සිතියම් වල විහාරස්ථානය ඇරණු කොට සිංහල කලඩ්ඩි නම් ඉඩමේ වෙනත් ඉදි කිරීමක් නොවිණ. එහෙත්  1983 න් පසු යලි දෙමළ කොටි ව්‍යාපරය ඇරඹීමත් යාපනයේ විසූ හය දහසකට ආසන්න සිංහලයන්ට කිසිසේතම් හිතකර නොවීය. 1971 වන විට කන්කසන්තුරේ වලිකාමම් උතුර පෙදෙස් පමණක් සිංහලයන් 453 දෙනෙකු ජීවත්ව සිට ඇත.තිස්ස විහාරය ද කඩා බිඳ දමන ලද අතර එහි ළිඳ පමණක් ඉතුරු විය.කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරම්භ කළ පසු එහි සිංහලයන් දහසකට අධික ප්‍රමාණයක් එහි සේවය කළහ. එසේම යාපනයේ ඉස්පිරිතාල පාර කස්තූරියා පාර ස්ටැන්ලි පාර ආදී නම් වලින් හදුන්වන ස්ථාන වල දකුණෙන් ගිය සිංහලයන්ගේ වාසස්ථාන එමට  විය. මේ සියලු සෙනග 1987 න් පසු යලි දකුණට අවතැන් වන්නේ ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වීම නිසාවෙනි.
         2009 වරෂයේ  යුද්ධය අවසන් වීමත් සමගම යලි නැවත පදිංචි කිරීම ඇරඹිණ.  දෙමළ ජනතාවත් මුස්ලිම් ජනතාවත් යලි පදිංචි කිරීම ඉක්මන් වුවද සිංහලයන් පදිංචි කිරීමේ කිසිම බලාපොරෙත්තුවක් තිබූ බවත් නොපෙණුනි. එම නිසා යාපනයේ විසූ සිංහල  පවුල් 150 ක් පමණ යාපනයේ දුම්රිය ස්ථානයේ ලැගුම් ගෙන කළ අරගලය නිසා ඔවුන්ට නාවකුක්ලියෙන් පසුකාලයෙකදී ඉඩම් හිමි විය. එයටද දෙමළ ජාතික සන්ධානයෙන් අපමණ හිරිහැර වූ බව අප දනිමු.එසේම කන්කසන්තුරේ තිස්ස විහාරය අවට සිටි සිංහලයන්හටද කිසිම ලෙසකින් යලි ඉඩම් නොලැබිණ. තිස්ස විහාරය පෙදෙස යාපනයේ ආඥා පති යටතේ හමුදා කඳවුරක් ලෙසට පැවති අතර 1987 න් පසු තිස්ස විහාරයට අයත් සිංහල කලඩ්ඩි නම් ඉඩමේ  දෙමළ ජනතාවට පදිංචි කරවීමට දිසාපති වරුන් ඔප්පු හදා දී තිබුණි.  1956 සිට පැහැදිලිව විහාරස්ථානය සතු ඉඩමක් ලෙස පැවති භූමිය බලෙන් අද අත්පත් කරගන්නට ඇතැම් දෙමළ පිරිස් උත්සාහ කරනුයේ මේ හොර ඔප්පු බලපත්‍ර පෙන්වමිනි.නමුත් කලුතර පඤ්ඤානන්ද හිමියන් ගේ ශිෂ්‍ය පූජ්‍ය පාතකඩ විමලඥාණ හිමියන්  යුද්ධයෙන් පසු කන්කසන්තුරේට ගොස් පළමුව විහාරයේ තිබූ ළිඳ හඳුනාගෙන භූමිය නිශ්චිත කොට ගෙන අනතුරුව තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් වරයා හමු වී සිතියම් වල සඳහන් සිංහල කලඩ්ඩි භූමිය ඉල්ලා සිටියද ඔප්පු ඉදිරිපත් කළ අයට පමණක් ඉඩම් දෙන බව පවසා තිබුණි. නමුත් දෙමළ පිරිස් සිංහලයන් සිටි භූමි වල පදිංචි කරවන්නේ ඔප්පු හදා දීමෙනි.

       මෑතක සිට පලාලි ගුවන් තොටේ සිට සෘජු ගුවන් ගමන් ඉන්දියාවට පිටත් වෙයි. එසේම එම ගුවන් කඳවුරට යාබද ඉඩම් වල කර්මාන්ත පුරයක් ඇරඹීමට දෙමළ ජාතික සන්ධානය උත්සාහ කරයි. බොහෝ විට ඒවා ඉන්දියාව හෝ ඇමරිකාව සම්බන්ධ සථාන බවට පත් වෙනු ඇත. මෑතකදී ඇමරිකානු නියෝජිතයන් දෙදෛනෙකු මේ ස්ථාන පරීක්ෂාවට පැමිණි බවට මාධ්‍ය වර්තා පළ විය. ඒ තත්වය තුළ තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම් කොටසේ සිංහලයන් පදිංචි කරවීම ඔවුන් රුස්සන්නේ නැති බවට සැකයක් නැත.දෙමළ ජාතික සන්ධානයේ බල කිරීම මත කන්කසන්තුරේ නාවික කඳවුරද ඉවත් කිරීමට අගමැතිවරයා පොරොන්දු වී ඇති බවට මාධ්‍ය වාර්තා පලවුණි. ඇමරිකාන න්‍යාය පත්‍ර ඉන්දියානු  න්‍යාය පත්‍ර ඔස්සේ දුවන දෙමළ සහ සිංහල දේශපාලඥයන් නිසා උතුරේ සහ දකුණේ සංහිඳියාව බිද වැටෙනෙ ආකාරයට මෙය හොඳ නිදසුනකි. දෙමළ කොටි ව්‍යාපාරයට (පුලිය පාදෙයි) කලින් යාපනයේ සහ නැගෙනහිර පෙදෙස් වල සිංහලයන් සමග දෙමළ ජනතාව සතුටින් ජීවත් වූහ. ලංකා භූමිය සිංහලයන් ගේ බව මේ ඉන්දියානු දෙමළ වැසියන් දනී. ඉංග්‍රීසී නීතිය යටතේ ඉඩම්  ඔප්පු ලැබී යාපනයේ සින්නක්කර ඉඩම් අයිතිය හිමිව ජීවත් වන බවත් ඔවුන් දනී. එසේ තිබියදීත් කෝවිලට පන්සලට ගිය දෙමල ජනතාවත් සිංහල ජනතාවත් බිඳුවන්ට කටයුතු සලස්වන්නේ ලංකාවේ ඇමරිකානු නියෝජිතයන් සහ ඉන්දියානු නියෝජිතයන්  ලෙසට කටයුතු කරන  රනිල් වික්‍රමසිංහ සම්බන්ධන් සුමන්තිරන් රාජිත සේනාරත්න  වැන්නවුන්ය. යාපනයේ තිස්ස විහාරයේ ඉඩකඩම් පිළිබඳ පැහැදිලි සාකෂි තිබියදීත් තෙලිප්පලෙයි ප්‍රාදේශිය ලේකම් ශ්‍රී වාසී මේ ප්‍රශ්ණය දිගින් දිගටම ඇද ගෙන යන්නේ ඒ නිසාය.
        කන්කසන්තුරේ හමුදා කඳවුර ඉවත් කරලීමට ප්‍රථම උතුරේ හිටපු හමුදා ආඥාපති දර්ශන හෙට්ටිආරච්චි මහතා ගේ නායකත්වයෙන් යලි තිස්ස විහාරය සෑදිමට මුල් ගල් තැබිණ. තිස්ස විහාරයට හිමි භූමියේ සළකුණු වන බෝධීන් වහන්සේලා අතරින් එක් බෝධියක් කපා ගිනි තබා විනාශ කර තිබුණද අනෙක් බෝධීන් වහන්සේලා නිරුපද්‍රිතව තිබේ. එම තැන් වෙන් කොට පූජ්‍ය පාතකඩ විමලඥාණ හිමියන් එහි වැඩ සිටුවාලීමට ගත් වෙහෙස  දැන් පළ දරමින් ඇත. දකුණේ මහා සංළ රත්නය සමගින්  බෞද්ධ ජනතාව පිරිත් කරමින් දුම්රියේ කන්කසන්තුරේට වැඩම කරන ලද්දේ මේ ප්‍රබෝධය නිසාවෙනි. කෙසේ වෙතත් දේවානම් පියතිස්ස රජු විසින් උතුරේ ඇති කළ බෞද්ධ රාජ්‍යය වෝහාරික තිස්ස මෙන්ම කණිෂ්ඨ තිස්ස රජවරුන් විසින්  වැඩි දියුණු කරන ලද බව අප දනිමු. එය අවිඡින්නව ඉදිරියට ගෙන යා හැක්කේ වර්තමානයේ අප ඉදිරියේ තිබෙන බෞද්ධ උරුමය රැක ගතහොත් පමණකි. එයට මේ කාලයයි

Tuesday, July 23, 2019

මහජන බැංකුවට ලෙඩක් දැමීම -මුදල් ඇමති ගේ අවමංගල වැඩක්


                        

             දිවංගත ටී.බී.ඉලන්ගරත්න මහතා විසින් නියෝජත මන්ත්‍රී මණ්ඩලයට 1961 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද අංක 29 දරණ පනතකින් මහජන බැංකුව ස්ථාපිත වී තිබේ.සමූපාකාර ෆෙඩරල් බැංකුව මහජන බැංකුව වශයෙන් පරිවර්තනය කොට රුපියල් පණහේ කොටස් 120000 කින් සමන්විත මුල් මුදල වන හැට ලක්ෂයක් යොදා එම බැංකුව ශක්තිමත් කරනු  ලැබිණ. මේ කොටස් වලින් හරි අඩක් රජය ලබා ගත් අතර ඉතිරි කොටස් මුදල සපිරීමට දිවයිනේ සියලුම සමූපාකාර සමිති දායක වී තිබේ. මෙම බැංකුව  සමූපාකාර සමිති මගින් සංවිධානය කරන ලද මජනතාව හා රජය එක්ව කරන ව්‍යාපාරයක් බැවින් මුල් මුදල වශයෙන් පුද්ගලික මුදල් යෙදවීමට ඉඩක් නොමැති විය. එම තත්ත්වය මහජන බැංකු පනතේ 13 වන ප්‍රතිපාදනයේ සඳහන්ව ඇත්තේ මෙසේය. සමූපාකර සමිතියක් හෝ නිල තත්වය අනුව භාණ්ඩාගාරයේ ලේකම් නොවන තැනැත්තෙකුට බැංකුවේ කිසිම කොටස් කරුවෙකු විසින් තම කොටස් නොවිකිණිය යුතුය.ඇත්ත වශයෙන්ම මහජන බැංකු පනතින් මෙම සීමාව යොදා ඇත්තේ කුමන් හේතුවක් මත දැයි පැහැදිල කර ගත යුතුය.
       මහජන බැංකුව පිහිටුවන ලැබූ කාල වකවානුවේ මෙරට ක්‍රියාත්මක වූයේ වානිජ බැංකු රාශියකි. මෙම බැංකු විසින් විදේශ වෙළඳාමට අවශ්‍ය මුදල් සැපයීම වැඩි වශයෙන් සිදු කරනු ලැබූ අතර ලංකා බැංකුවද ඒ මග අනුගමනය කරමින් සිටියහ. මේ රටේ සමස්ත ජනතාවගේන් බහුතරයක් ගම්බද ගොවි ජනතාව වූ අතර ඔවුහු හෙට්ටීන්ට සහ හම්බයන්ට ණය කාරයන් වී සිටියහ. ග්‍රාමීය බැංකු සමූපාකාර සමිති ක්‍රියාත්මක වීම සිදු වුණද ගම්බද ගොවිතැනට අවශ්‍ය ණය නිකුත් කරනු ලැබූවේද සීමා සහිතවමය. මේ නිසා සිරිමා බණ්ඩාරනායක රජයේ ජනහිතකාමී වැඩ පිළවෙලක් වශයෙන් එවකට වානිජ වෙළඳ කටයුතු  ආහාර සහ නැව් කටයුතු ඇමති වූ ඉලංගරත්න මහතා විසින් ඉදිරිපත් කොට සම්මත කර ගන්නා ලද මහජන බැංකු පනත සුවිශේෂි වෙයි.එහිදී කරන ලද අරමුණු අතර තිබූ වෙසෙසි ඉලක්ක කීපයක් මෙලෙස වෙයි.
        මහජන බැංකුවේ ශාඛා මගින් දැනට ඇති සමුපාකාර බැංකු ඇතුළු සමූපාකාර සමිති සිය ණය දීමේ ඒජන්සි වශයෙන් යොදා ගැනීමටද මහජන බැංකු පනතේ විධි විධාන සලසා ඇත. ගොඩනැගිලි තැනීම හා අලුත් වැඩියා කිරීම සඳහා සමූපාකාර සමිති වලට හා අනුමත සමිති වලට ද පුද්ගලික අයටද කෙටි මධ්‍ය හා දීර්ඝ කාලීන අත්තිකාරම් මුදල් බැංකුවට දිය හැකිය. සමූපාකාර සමිති හා පුද්ගලික අයවලුන්ගේ යහපත සඳහා බඩු උකස් ගැනීමේද බැංකුව යෙදෙනවා ඇත. කුඩා වශයෙන් ගොවිතැන් කරන්නන් ද කම්කරුවන්ද යනාදී අයවලුන් අයුතු ලාභ ලබන පුද්ගලික උකස් බඩු ගන්නන්ගෙන් මුදවා ගැනීමට මෙය ප්‍රථම පියවර වෙයි.එසේම සමූපාකාර ව්‍යාපාරයට මුදල් සැපයීම සඳහා මෙය කාර්යක්ෂම ආයතනයක් වෙනවා ඇත.ඒ අතරම ගම්බද පෙදෙස් වල බැංකු ව්‍යාපාරයද ගොවිතැන් සඳහා ණය මුදල් දීමද සංවර්ධනය කිරීම සඳහා මහජන බැංකුව ණය මුදල් දීමේ විශෙෂ්වයක් දරන ආයතනයක් බවට පත් වෙනවා ඇත.මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූයේ වින්සන්ට් සුබසිංහ මහතාය.ඔහු යටතේ ප්‍රධාන විධායක නිළධාරි වශයෙන් බඳවා ගනු ලැබූවේ සෙලමන්ස් නම් මහතෙකි.ඔහු මහජන බැංකුවේ ජනහිතකාමී අරමුණට බාධාවක් විය.එම නිසා පසුව ඩොනල්ඩ් කන්නන්ගර නම් මහතෙකු පත් කර නැවත අපේක්ෂිත අරමුණට යෑමට උත්සාහ දරා තිබේ.
     මේ වන විට මහජන බැංකුව රට පුරා ශාඛා738 ක්  පිහිටුවා ඉතා සාර්ථක ලෙසට බැංකු කටයුතු කරන පූර්ණ රාජ්‍ය භාරය උසුලන මූල්‍ය ආයතනයක් වේ.වසර පණස්  අටක් පුරා මහජන බැංකුව දිවයිනේ මහජනතාවට කරන ලද සේවය අති මහත්ය. නවීන තාකෂණයත් ලෝකයේ නව ආර්ථික ප්‍රවණතා ඉදිරියේ බැංකුව නවීකරණය වෙමින් තිබුණද එයින් ලබා දුන් සේවාවන් ගේ කිසිදු අඩුවක් වී නොමැත. සිංහල ජාතික වැඩ පිළිවෙලක අංගයක් වශයෙන් මහජන බැංකුව යනුවෙන් විශාල අකුරු පුවරුවක් සමග ඇරඹි මේ ආයතනයේ නම අද සිංහල බසින් කුඩාවට ලියා ඉංග්‍රීසි බස මුල් තැනෙ ලා සැලකූවද රජයේ වැටුප් ගෙවීම වශ්‍රාම වැටුප්  ගෙවීම. උකස් ගැනීම සමූපාකාර සමිති වලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම වැනි සෑම දෙයක්ම තවමත් නොපිරිහෙලා  ඉටු කරයි. එසේම බැංකුව විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට වාර්ෂිකව බිලියන පහක් වැනි විශාල මුදලක් බැර කරන අතර අමරතව බදු වශයෙන්ද විහෘල මුදලක් ගෙවනු ලබන බව සැලකිය යුතුය.මහජන බැංකුව ලංකා බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු මගින් පසුගිය වර්ෂය තුළ ලාභංශ හා බදු වශයෙන් බිලියන පණහකට වැඩි මුදලක් ගෙවා ඇති බවට සැළ වෙයි.
      මෙවැනි ලාභ ලබන තත්ත්වයක් තුළ මහජන බැංකුව සතු වත්කම වැඩි කරනු වස් කොටස් මුදල් එක්කාසු කර ගැනීමටත් ණය නිකුත් කරලීමේ සීමාව වැඩි කරලීමටත් බැංකු පණත සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.දැනට ණය නිකුත් කරලීම සිදු වන්නේ රජය අනුමත කරන සීමාවන්ට යටත්වය. නමුත් සංශෝධයෙන් බලාපොරෙත්තු වන්නේ මෙම සීමාවන් ඉක්මවා ණය නිකුත් කොට බැංකුවේ ප්‍රාග් ධනය වැඩි කර ගැනීමටයි. මෙහි තිබෙන අවදානම නම් යම් ණය ගැනුම හිමියෙක් වස්තු භංගත්වයට පත් වූ කල්හි එම මුදල කොටසක් වශයෙන් බැංකුව තුළ තැන්පත් වූවහොත් ඇති වන විලම්බෑසියයි. පනතේ දහතුන් වන වගන්තිය ප්‍රකාරව කොටස් මුදල් හිමිවිය යුත්තේ කාහටදැයි පැහැදිලව දක්වා තිබෙන පරාසයක එසේ සිදු වීම ඉතා භයානකය.
       වර්තමාන මුදල් ඇමතිවරයා විශ්වාස කළ හැකි පුද්ගලයෙකු නොවේ. ඔහු ජිනීවා 30/1 යෝජනාවලියට සම අනුග්‍රහකත්වය දැක්වූ දේශ ද්‍රෝහියෙකි. විදේශ ඇමතිකම බල්ලාට දාමා මුදල් ඇමතිකම රැගෙන කරන නෙයියාඩගම් පිළිබද අපට බලවත් සැකයක් හට ගනී. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සඳහා විශාල වශයෙන් මුදල් නිකුත් කරමින් පවතී.එය කොතනින් නවතීදැයි කිව නොහැකිය. 2000 වර්ෂයේ සිටම මහජන බැංකුව ප්‍රති ව්‍යුහගත කිරීමේ සැලැස්මක් පිළිබඳ ඉඟි පළ විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු වූ සාකච්ඡාව මත 2002 ජූනි මාසයේ දී එවකට සිටි රජය දිළිඳු භාවය අඩු කිරීම සඳහා උපාය මාර්ගයන් වර්ධනය සමග සම්බන්ධ කිරීම යනුවෙන් වාර්තාවක් පළ කළේය. මේ කාලයේ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට ගොස් එහි ජනාධිපති ජෝර්ජ් බුෂ් සහ සහ ලෝක බැංකු සභාපති ජේම්ස් වුල්ෆන්සන් හමු විය. එසේ යෑමට පෙර ජනාධිපතිනි චන්ද්‍රිකා සමග පැය නවයක් සාකච්චාවකද නිරත වූ බවට වාර්තා පළ විය. කෙසේ වෙතත් අමාත්‍ය ජී.එල් . පීරිස් කියා සිට ඇත්තේ පනත් 36ක් කඩිනමින් අගොස්තු සැප්තැම්බර්  මාස වලදී සම්මත කරගන්නා බවයි. මේ පනත් අතර බැංකු මුදා ගැනීමේ පනත යනුවෙන් පනතක් ද විය. මජන බැංකුව කොටස් තුනකට කැඩීමක් ගැන ඒ කාලයේ කතා බහ වූයේ මේ පනත් කෙටුම්පත් වල හරය ජනතාවට විවර වූ නිසාය.
    ඇමරිකාවේ සංවර්ධන සමුලුව මගින් දෙන ණය සඳහා කොන්දෙසි වශයෙන් මේ පනත් 36 සම්මත කළ යුතු බවට තිබූ බල පෑම එකල පහව ගියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව කඩා වැටීම නිසාවෙනි. නමුත් මේ න්‍යාය පත්‍රය නැවතත් මහින්ද රාජපක්ෂ රජය කාලයේ කරළියට පැමිණියේ. මේ වාර්තා සැකසීමට සම්බන්ධ නිළධාරීන් එලෙසම බලයේ සිටි බැවිනි. කෙසේ වෙතත් ජනතා විරෝධය නිසා මහින්ද රජය මහජන බැංකුවට අත තැබීමට බිය විය.දැන් නැවතත් මෙම න්‍යාය පත්‍ර කොටස් වරින් වර කෙටුම්පත් වහයෙන් ඉදිරියට පැමිණෙයි.2002 වර්ෂයටත් වඩා භයානක ඇමරිකානු මැදිහත් වීමක් අභිමුවේ අද රට පවතියි. ඇමරිකානු තානාපතිනිය ලක් රජයට මෙන්ම රටේ සිවිල් පරිපාලනයට කරන මානසික බලපෑම සුලු පටු නෙවේ. මේ තත්ත්වය තුළ මහජන බැංකු පනත සංශෝධනය මගින් අපේක්ෂිත නව සැලැස්ම කැබිනට් මණ්ඩලයෙන් සම්මත කර ඇත. පසුගියදා මෙම කෙටුම් පත සම්බන්ධව ආණ්ඩුව මාධ්‍ය නිවේදන කීපයක් නිකුත් කලේය. එහි සඳහන් වන ආකාරයට කොටස්මිලට ගැනීම් සඳහා වන දහතුන්වන ප්‍රතිපාදනය අයින් නොකෙරේ. එහෙත් පාර්ලිමෙන්තු කාරක සභා අවස්ථාවල දී ප්‍රජාතන්ත්‍ර විරෝධිව පනත් කෙටුම්පත් වෙනස් කරන ආණ්ඩුවක් ගැන විශ්වාසය තැබිය හැකි නොවේ. මහජන බැංකුව පිහිටවූයේ සාමන්‍ය මහජනතාවගේ සල්ලි වලිනි. දුකසේ හරි හම්බ කරගත් ඒ ධනයට සැබෑ වටිනාකමක් ලබා දීමට එවකට පැවති සිරිමා රජයට අවශ්‍ය විය. අද ඒ අරමුණු මත මහජන බැංකුව ගමන් නොකිරීම ප්‍රශ්නයක් වුවද රජය සතු වානිජ බැංකුවක් වශයෙන් කරන සේවය ලඝු කර දැමීමද කළ නොහැකිය. එම නිසා මුදල් ඇමති ඇතුළු රනිල් ගේ රජයේ අවමංගල වැඩ තව දුරටත් වළක්වාලීම  පිණිස දැනුම්වත් වීම මේ අවස්ථාවේ දී කළ යුතුමය.


Monday, July 15, 2019

ඉඩම් හිමිකම් ඇමරිකාවට - සිකුරිටි කම්කරු රස්සා ජනතාවට


                         
               ගෙන ඒමට යෝජිත ඉඩම් පනත් වලින්  මෙරට ජනතාවට භූමියේ හිමිකම් ලැබෙන බව අගමැති වරයා පවසයි. මෙම අයිතිය වලක්වාලන්නට මෙරට සංවිධාන දෙකක් වැඩ කරන බවද ඒවාට නොරැවටී ජනතාවගේ ඉඩම් අයිතිය ලබා ගත යුතු බවද ඔහු  වැඩිදුරටත් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.මෙතෙක් කල් බලපත්‍ර හිමිව සිටි ස්වර්ණ භූමි සහ ජයභූමි ඔප්පු හිමිව සිටි ලංකාවාසී ජනතාවට සින්නක්කරවම ඔප්පු ලැබෙන්නේ යැයි කියන මේ ප්‍රකාශයෙහි සත්‍යතාවයක් තිබේද. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ඉඩම් විශේෂ විධි විධාන පනත යනුවෙන් හඳුන්වන පනත ට කැබිනට් අනුමැති හිමිව නැතිබවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා ඇත. එසේම මෙම ඉඩම් පනත ආණ්ඩුක්‍රම ව්‍යවසථාවට පටහැනි බවට අධිකරණයට පෙත්සම් කීපයක් ද ඉදිරිපත්ව තිබේ.එසේම ඉඩම් බැංකු පනත නමින් තවත් පනතක් ඉදිරිපත් කරලීමට  ද යෝජිතව තිබේ.
        වර්ෂ 1840 දී බ්‍රිතාන්‍යයන් විසින් ගෙන ආ අනවසර ඉඩම් ආඥා පනත මගින් සිංහල ජනතාව සතුව තිබූ උඩරට සහ පහතරට සාරවත් ඉඩම් අක්කර ලක්ෂ ගණනාවක් රජයට පවරාගත් හැටි අපට මේ අවස්ථාවේ දී මතකට නැගේ . යම් අයිතිවාසිකමක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ සෑම බිම් අඟලක්ම බ්‍රිතාන්‍යයන් අතපත් කරගෙන ඒවා හෙළි පෙහෙළි කොට කෝපි තේ සහ රබර් වවන්නට කටයුතු කළහ. මේ සඳහා 1897 අංක 01 මුඩුබිම් පනත ගෙන එන ලදී.ලංකාවේ වර්තමානයේ පවතින ඉඩම් පනත් වල මූලාරම්භය සනිටුහන් වන්නේ මේ පනත් වලින් සහ 1800 සිට නිකුත් කරන ලද ඉඩම් නිවේදන මගිනි.  1903 වර්ෂයේ දී ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටුවා 1931 අංක 20 පනත මගින් ප්‍රථම වරට ජනතාවට ඉඩම් ලබා දීමට කටයුතු සිදු කර ඇත. වර්තමානය වන විට මේ රටේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වන්නේ 1935 අංක 19 දරණ පනත සහ එහි සංශෝධන අවස්ථාවන්ය.
      එහෙත්  මෙම පනත් මගින් සැබෑ ලෙසටම එදා පැහර ගත් ඉඩම් වල අයිතිය සිංහලයන්ට ලැබී තිබෙන්නේ දැයි මොහොතක් කල්පනා කළ යුතුය. සැබෑ ලෙසටම එසේ ලැබී නොමැත. ඒ වෙනුවට ඉඩම් නිරවුල් කරලීමේ ආඥා පනත මගින් නින්දගම් ඉඩම් පරවේණී ඉඩම් ආදී සියල්ල රජයට පවරා ගැනිණ. මේ මෑත කාලයේ දී සංචාරක හෝටල් වලට අතයට විකුණා දමන්නට කටයුතු යෙදුණේ මෙලෙස පවරා ගත් ඉඩම්ය. එසේම විහාර දේවාලගම් සතුව පැවති ඉඩම් සෑහෙන ප්‍රමාණයක් මෙලෙස අන්සතු කර තිබෙන බව දකින්නට හැකිය. විශේෂයෙන්ම උතුරු පළාත උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල තිබෙන පැරණි සිද්ධස්ථාන සතු ඉඩම් ( දීඝවාපිය සෙරුවිල  මෙන්ම මුහුදු මහා විහාරය ) රාශියක් එක්කෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත ලෙසට වෙන්කර ගෙන ඇත. නැතිනම් ඉංග්‍රීසීන් විසින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඇත. කොළඹ දිස්ත්‍රික්කය ගතහොත් පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙනටත් කලුතර දිසුත්‍රික්කයේ විද්‍යාරත්න පිරිවෙනටත්  අදාල ඉඩම්  දෙකට මැද්දෙන් දෙබෑ වන ලෙසට මහපාරවල් දමා මේ ඉඩම් රජය සතු කරගෙන තිබේ.මෙවැනි අවාසානාවන්ත අසරණ තත්ත්වයකට සිංහල ජනතාව මෙන්ම බුද්ධ ශාසනයත් ඇද දමා තිබෙන්නේ ඉංග්‍රීසීන් ගේ ඉඩම් ප්‍රතිපත්තිය සහ වර්තමානයේ විශේෂයෙන්ම 1948 සිට ලංකාව පාලනය කළ දේශපාලඥයන් ගේ බටහිර ගැති ප්‍රතිපත්තිය නිසා බව නොකියා බැරිය. විවිධ සංවර්ධන ව්‍යාපාර මගින් නැවත ඉඩකඩම් ලැබුණද ඒ ලැබෙන්නේ  අක්කර පහක් වර්තමානයේ නම් හෙක්ටයාර් දෙකහමාරක වපසරියක් පමණි. මහවැලියට යටවුණු අක්කර පහ දහය ඉඩම් හිමිව තිබූ භූමිපුත්‍රයන් ගේ නව පරම්පරාව ඉඩම් නොමැතිව නගරයට සංක්‍රමණය වන්නේ එහෙයිනි.
        මෙවැනි පසුබිමක් මැද ඉඩම් විශේෂ විධි විධාන පනත නමින් නව පනතක් ගෙන ඒමට වර්තමාන රජයේ කැබිනට්ටුව පවා අවසර නොදී තිබෙන පසුබිමක  ප්‍රජාතන්ත්‍ර විරෝධීව ඒවා සම්මත කර ගන්නට උත්සාහ කරන්නේ ඇයිද යන්න විමසිය යුතුය. මෙම පනත් මගින් රජයේ ඉඩම් පදාන පත්‍ර මගින් ජනතාව සතු කර ඇති ඉඩම් වල පරම අයිතිය ප්‍රදානය කරලීමට නීති සැකසේ .  මෙම ඉඩම් ගොවි පන්තියේ ඉඩම් කියාද හඳුන්වා දී ඇත. ගොවි පන්තියේ ඉඩම් බෙදා දීමට කටයුතු කරන ලද්දේ ජනපද කරණයත් සමගිනි. ඔවුන් එම ඉඩම් අස්වැදදීමකින් තොරව විකුණා දැමීම නවත්වාලීමට දිසාපති ගේ අවසරය මත පමණක් තම පසු අයිතිය දරුවන්ට හිමිවන පැවරුමක් කරලන්නට මෙහිදී ඉඩක් ලබා දී ඇත. දැන් ජනපද වල ට දිගු අතීතයක් තිබේ. ඒවායේ දෙවනි හෝ තුන්වන පරම්පරාවන් ද  ඒවා භුක්ති විඳිති. වර්තමාන නාගරීකරණය මත ඒවායින් ඉවත් වීමටද ඉඩම් විකිණීමටද අවශ්‍යතාවය තරුණ පරම්පරාවට ඇත. එයට හේතුව මෑතකදී සිට ගොවිතැන දිගින් දිගටම අ‍ධෛර්ය කරලීමට රජය මගින් කටයුතු කරලීමයි. වී වලට නිසි මිලක් නොමැති වීම. අතර මැදියන් විසින් ගසා කෑම රසායනික වස විස මගින් ඉඩම් නිසරු වීම ජලය හිඟ වීම මෙන්ම වකුගඩු රෝග සහ වෙනත් මාරාන්තික රෝග නිසා ගොවිතැන අත් හැරීමේ ප්‍රවණතාවය සීදු වී තිබේ. බස්නාහිර පළාතේ කුරණෑගල දිසිත්‍රික්කයේ මහනුවර මාතලේ දිස්ත්‍රික්කවලද ඒ තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය වේ. මෙවැනි සුබිමක් තුළ ඉඩම් වල පරම අයිතිය ප්‍රදානය කරලීම පිළිබඳව විශ්ලේෂණාත්මකව සිතා බැලිය යුතුය.
        මේ අතර ඇමරිකාව විසින් වර්තමාන රජය සමග අත්සන් කලීමට යෝජිත සෝෆා සහ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් හරහා කොළඹ සිට ත්‍රිකුණාමලයටත් කොළඹ සිට හම්බන්තොටත් විශාල ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කරලීමේ අභිප්‍රායෙන් පසු වේ. මේ  කොරිඩෝව සදහා ඉඩම් ලබා ගැනීමට සිදු වන්නේ ජනතාවගෙනි. ඉඩම් වලින් නිදහස් වී නාගරීකරණයට ලොල් වන ගමේ තරුණයාට මෙය හොඳ අවස්ථාවකි. ඔහු තම පියාට ලැබුණු  ගොවි පන්තියේ ඉඩම් විකුණා දමනු ඇත. එවිට ගොවිතැනත් ඉඩමත් දෙකම මෙම භූමිපුත්‍රයන්ට  නැති වේ. මේ උප්පපරවැට්ටිය අලුත පැමිණී දෙයක් නොවේ. විහාරගම් දේවාලගම් ආඥ පනත ගෙනවුත් රජයේ මැදිහත් වීම එයට ඇති කල  ඉංග්‍රීසි ආණ්ඩුව 1870 අංක 04 සේවා භුක්ති ආඥා පනත හඳුන්වා දුන්හ. එය ඉදිරිපත් කරනු ලැබූවේ විහාරගම් වල ඉඩම් අස්වැද්දූ ගොවියන් ඉන් නිදහස් කරලීමටයි. ඉඩමෙන් නිදහස් වීමේ ප්‍රීතිය නිසා සුද්දන්ගේ මේ පනතට කිසිවෙක් විරුද්ධ නොවූහ. නමුත් අවසානයේ දී සිදු වූයේ දහස් ගණන් ඉඩම් කැලෑවට යට වීමයි. එසේම දළදා මාළිගය නාථ දේවාලය  මල්වතු අස්ගිරි මහා විහාරය සතු ඉඩකඩම් රාශියක් මුස්ලිම් ජනතාව විසින් බදු වශයෙන් ලබා ගෙන පසුව සින්නක්කරවම අයිති කර ගැනීමයි.සේවා භුක්තිකයන් ගේ මේ තත්ත්වය නිදහස් අධ්‍යාපන පනතින් පසු නිවරදි කිරීමට ඉඩ තිබුණු නමුත් එලෙස සිදු නොවුණි.
        ඉඩම් විශේෂ පනතේ මුල් කොටුම්පත් බිහි වන්නේ අද ඊයේ නොවේ 1996 වැනි ඈත කාලයකදී බව මතක් කළ යුතුය .1996 මාර්තු මාසයේ දී ලෝක බැංකුව විසින් ලංකා ආණ්ඩුව වෙත වැවිලි නොවන භෝග ක්ෂේත්‍රය සඳහා ප්‍රතිපත්ති විකල්ප නමින් නිර්දේශ වාර්තාවක් ඉදරිපත් කර තිබුණි.එම වාර්තාවේ අර්ථය වූයේ ලංකාවේ ගොවීන් කුඩා ඉඩම් කැබලි වල වී වගාව වැනි මිල අඩු භෝග වගා කරමින් සිටින අතර මිල වැඩි අපනයන භෝග කරා වහා මාරු විය යුතු බවත්ය. එයට සුදුසු පියවර වන්නේ ඉඩම් වෙළෙද පළ නිදහස් කිරීම යනුවෙන් එහි දක්වා තිබුණි.නිදහස් ඉඩම් වෙළෙඳ පළක් බිහි කරලනු වස් දැනට මෙම ඉඩම් විකිණීමට ඇති සියලු බාධක ඉවත් කළ යුතු බවට එහි කියා තිබුණී.ඉන්පසු පැවති කාල වකවානුවේ දී ලෝක බැංකුවේ විශේෂඥ කණ්ඩායමක් ජෙසිකා මොට් නම් කාන්තාවගේ නායකත්වය යටතේ ලංකාව තුළ සිටිමින් සැලසුම් සකස් කළහ. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාපතිනිය අවදියේ දී  රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ කාල වකවානුවේ දී ලෝක බැංකුව විසින් තම ණය කෙන්දේසි පිට මේ පනත් ගෙන ආ යුතු යැයි රජයට බලපෑම කළහ. එම කාලයේ දී පැවති සංවර්ධන සමුලුවෙන් පසුව  එම රජය යලි පුබුදමු ශ්‍රී ලංකා නමින් සැලැස්මක් සකස් කළහ. ශ්‍රී ලංකාවේ දිළිඳු භාවය අඩු කිරීම සඳහා උපාය මාර්ගයන් වර්ධනය කිරීම සමග සම්බන්ධ කිරීමව මෙහි අරමුණ බව එහි සඳහන් වෙයි. ඉඩම් හිමිකම් පනත මතුව ආයේ එලෙසිනි.කෙසේ වතත් එම අවදියේ දී එවැනි පනත් සම්මත කර ලීමට ආණ්ඩුවට නොහැකි විය.
     ඇමරිකානු ආධාර යටතේ කොටි ත්‍රස්ත ව්‍යාපාර ශක්තිමත් වූයේ මෙවැනි යටත් විජිත ප්‍රවණතාවයන් හි මූල බීජ වැපිරීමටයි. 2009 දී කොටි ව්‍යාපාරය අවසන් වූවායනි පසුව  ඇමරිකාවේ යටත් විජිත න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යෑම ප්‍රශ්ණයක්  විය. රට තුල දෙමළ ජාතිවාදය වැපිරීමට අවස්ථාව නැති වය. මහින්ද රජපක්ෂ රජය තුළ කෙතරම් අඩුපාඩු තිබුණද මේ දෙමළ ජාතිවාදය  විශේෂයෙන්ම දෙමළ දෙශපාලඥයන්ගේ ජාතිවාදය ඉස්මතු කරලීමට අවස්ථාව හීන විය. ඒ නිසා තමන්ගේ ඒජන්තයා වන රනිල් වික්‍රමසිංහ ලවා කළ කුමන්ත්‍රණයකින් පසු ඇමරිකා ඔත්තු සේවාවන් විසින් එම රජය පෙරළා දැමිණි. එසේම ජිනීවා වලදී බොරු යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරන ලද්දේ ද ඇමරිකාවයි.ඒ මගින් ලක් රජයේ අත කරකවා ඇමරිකන් අවශ්‍යතාව ඉෂ්ට සිද්ධ කරගැනීමට මාන බැලීය නමුත් දිනෙන් දින වර්ධනය වූ මහජන විරෝධය මත යහපාලන රජය අසාර්ථක අඩියට පත් වී තිබේ. ජනතාව වෙනසක් බලාපොරෙත්තු වෙමින් සිටී. සහරාන් වැනි මුස්ලිම් අන්තවාදීන් ලවා පාස්කු ප්‍රහාරය ඇමරිකාව විසින් සැලසුම් කරන්නට ඇත්තේ මේ නිසාය. එය සුලු සිද්දියකින් නිමා කරන්නට සැලසුම් කළද විශාල සිද්දියක් බවට පත් විය. වර්තමාන ඇමරිකන් තානාපතිනිය මේවාට සෘජුව සම්බන්ධ බවට තිබෙන කටකතා බොරුවක් වන්නට බැරිය.ඉතා සුලු සිද්දියක් බලාපොරොත්තු වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගේ කටින් පිටවූයේ මේ පසුබිම මත්තේය.මේ සියල්ලගේ ම අරමුණ වූයේ ඇමරිකන් නව යටත් විජිත කරණයට අවශ්‍ය පනත් කීපයක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමයි.ඒ සඳහා අද රජයේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව වක්‍ර ආකාරයෙන් සම්බන්ධ කර ගෙන තිබේ. එම ආයතනය හරහා ආර්ථික කොරිඩෝ න්‍යාය ගැසට් කරගන්නට සූදානම් වෙමින් පවතී.
      මේ අතර ඇමරිකන් හමුදාවලට ලක් පොලවේ රිසි ලෙස හැදිරීමට හැකි ඇක්සා නමින් ගිවිසුමත් පිලිබඳ අපට අසන්නට ලැබේ. එසේම ලංකාවේ විශ්‍රාමික හමුදා නිළධාරින්ට මෙන්ම ශක්තිමත් හොඳ තරුණයන්ට මේ ඇමරිකන් හමුදා මගින් කරන ඉඳි කිරීම් ව්‍යපෘති වල සිකුරිට සහ කම්කරු කම් ලබාදෙන්නටද අන්තර් ජාලය හරහා ඇප් එකක් විවෘත කර තිබේ.ඇමරිකන් ගාඩ් නමින් ඒ සඳහා සමාගමක්ද හෝර්ටන් පෙදෙසේ පිහිටුවා තිබෙන බව අන්තර්ජාලයේ දක්වා තිබේ. මෙයින් අපට පොනී යන්නේ මේ රට බියකුරු අගාධයකට ඇදගෙන යෑමට වර්තමාන පාලකයන් අවශ්‍ය සෑම දෙයක්ම කිරීමට පසුබට නොවන බවයි. මෙරට භූමිපුත්‍රයන්ට සැබෑ ලෙසටම ඉඩම් හිමිකම් තහවුරු කරලිය හැක්කේ වර්ෂ 1800 පමණ සිට පැවතගෙන පැමිණි යටත් විජිත පනත් විමර්ශනාත්මකව වෙනස් කරලීමෙන් පසුවයි. එසේ නොමැතිව ඇමරිකන් න්‍යාය පත්‍ර වලට මෙරට ඉඩම් වෙළෙඳ පළ සක්‍රීය කරලීමට ඉඩ හැරීම භයානක ප්‍රතිඵල ලබා දෙන්නකි.




Thursday, July 4, 2019

මුස්ලිම් අන්තවාදයෙන් තවමත් බැටකන කූරගල


                                   

              ඓතිහාසික කූරගල සේනාසනය ගැන දැන් නැවතත් කතාබහක් ඇතිවී තිබේ.කූරගල පර්වත මුදුනේ ඇති මාරජී චෛත්‍ය අලෝක කරලීමට සහ ගමන් මාර්ගය ආලෝක කරලීමට දුන් පුරාවිද්‍යා අවසරය සංස්කෘතික අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවලංගු කර ඇත.මෙයට හේතුව විදුලි බල අමාත්‍ය රවි කරුණානායක සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර තිබෙන ගැටුම බව දැන ගන්නට ඇත.     කූරගල නොහොත් කුහරේගල පර්වතය සපරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ මැද කෝරළයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන්නකි. මෙම පර්වතය තරණය කොට එහි තිබෙන හිටුවන්ගල හෝ කුහරගල ශිඛර මතට නගින්නෙකුට ලංකාවේ තිබෙන රමණීයම දර්ශණයක් දක්නට හැකිවෙයි. දුටු මතින්ම සිත් සතන් පොබයන බැවින් දුරාතීතයේ සිටම මෙම  ස්ථානයට ජනී ජනයා ඇළුම් කොට ඇත.              
       දහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේ දී 1716 වර්ෂයේ දී කූරගල ඇතුළු තන්ජම ප‍්‍රදේශය වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේ ට පරිපාලනය පිණිස පවරා දී තිබුණි. ඉංග‍්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්තෝබර් 07 වන දා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය.මේ කාලයෙන් පසු රත්නපුර බදුල්ල මහා මාර්ගය ඉඳිවී බළන්ගොඩ කඩමණ්ඩිය දියුණු වෙමින් පැවතුණි. ඉංග්‍රීසීන් ගෙන් ඉඩම් බදු ගත් මුස්ලිම් වරු වෙළෙඳ ව්‍යාපාර වල බලය අත් පත් කර ගෙන සිටියහ. දුම්කළ නැට්ටට බුලත් විඩට පවා ගම්මුන්ගේ ඉඩ කඩම් මේ ව්‍යාපාරිකයින් ලබා ගත් බව සඳහන්ය.  මේ අවදියේ මහවලතැන්න රටේ මහතා පදිංචිව සිටියේ මහවලතැන්න වලවිවේය. ඒ ඉංග‍්‍රීසි ආණ්ඩුවේ තානාන්තරයක් දරමිනි.    නිතර නිතර රත්නපුර කච්චේරියට යාමිඊම් කළ යුතුව තිබූ අතර රටේ මහතා ගෙන් පසූ දිසාපති වූ ඔහුගේ බෑනා වූ රත්වත්තේ දිශාවට බළන්ගොඩ නගරයෙන් ලැගුම් පළක් අවශ්‍ය විය.    මරික්කාර් නම් මුස්ලිම් වෙළෙන්දෙකු සතුව තිබූ මනරම් භූමි භාගයක් රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගේ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශි‍්‍රත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි.
       මුස්ලිම් වෙළෙන්දන් දහඅට වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස් කංසා වෙළෙඳාම හා දඩමස් වෙළෙඳාම ජයටම කරගෙන යමින් සිටි බව අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් පවසයි. ‘    1922 වන විට මුස්ලිම් ජනයා කූරගල ගල්ගෙවල් වල ස්ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදෑනිවරු මේ ප‍්‍රදේශයේ සැරිසරන කල්හි මුස්ලිම් වරු ගල්ලෙන් වල තිබූ බුදු පිළිම හා සිරිපතුල් කඩා බිද දමමින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය. මේ පිලිබඳ එමි. ජී. බ‍්‍රාහ්මණහාමි නමැති ආරච්චි වරයා ඉහළට රපෝර්තු කලේය. එහි    ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි.එම ප‍්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්වා ඇත්තේ මෙලෙසය.          
 ‘ කල්තොට ආරචිචි නමටයි..... අලි මස්තාන් විසින් කූරගල අළුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කල බව රපෝර්තු කරනු. ’
      වර්ෂ 1972 වර්ෂයේ දී අක්කර 52 යි රූඩ් 2යි පර්චරස් 19 ක භූමි භාගයක් පුරාවිද්‍යා රකෂිතයක් ලෙසට ගැසට් කර ප්‍රකාශයට පත්කරන ලද්දේ බෞද්ධ ගිහි පැවිදි විශාල පිරිසකගේ ඉල්ලීම පරිදිය.මේ වන විට මෙම ස්ථානය ආක්‍රමණය කොට පදිංදි වී සිටි මුස්ලිම් පිරස ගණනින් අටකි. 1958 වර්ෂයේ සිට මහනුවර තෙල් දෙණියෙන් පැමිණි මීරා සයිබු අබ්දුල් කාදර් 1963 වර්ෂයේ දී බිබිල කොටබෝවෙන් පැමිණි සයිබු මොහොම්මදු ඉස්මයිල් බාවා  වර්ෂ 1972 දී පැමිණි අහබ්දීන් ෂලා උද්දීන් එරාවුර් පුන්නකුඩා වලින් පැමිණි කාසිම් මෙහොමඩ් කාදර් බාවා 1973 දී පූජකවරයෙකු ලෙසට දකුණු කලුතර සිට පැමිණ උන් මෛදීත් පාත් මාසන් ජෙලාල්දීන් පුත්තලමෙන් පැමිණි හමීඩ් හජ්ජියාර් ආදීන් කූරගල පවත්වාගෙන ගිය අනවසර ගොඩනැගිලි ඉවත් කළ යුතු බවට එවකට සිටි පුරාවිදෘය කොමසාරිස් රාජා ද සිල්වා මහතා නියෝග කොට ඇත්තේ 1973 මැයි 22 දිනදීය. නමුත් එම නියෝග ක්‍රියාත්මක වූයේ නැත. ඒ වෙනුවට වරින් වර මියගිය මුස්ලිම් ජනයාගේ මෘත දේහයන් මෙම ස්ථානයෙහි වළදමන්නට කටයුතු කර ඇත. ඇතැම් විට මෙම මිනී ගෙනෙන ලද්දේ පිටස්තර ප්‍රදේශ වලිනි.මෙම මිනී ඉවත් කරන ලෙසට වරින් වර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නියෝග නිකුත් කර තිබේ.නමුත් ඒවා ඵල රහිත වී තිබේ.    
         වර්ෂ 1977 වර්ෂයේ  දී බළන්ගොඩ මන්ත්‍රීවරයා ලෙසට පත් වූ එල්.එම්. එල් අබුසාලි මහතා ගේ දේශපාලන බලපුලුවන්කාරකම් මධ්‍යයේ ඔවුන්ගේ අනවසර ඉඳි කිරීම් විශාල වශයෙන් වර්ධනය විය .පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානයේ ඉඳි කරන ලද දැන්වීම් පුවරුවේ නාමය වන ක්‍රි.පූ. දෙවන සියවසට අයත් බෞද්ධාරාමයක අවශේෂයන් නම් වගන්තියේ බෞද්ධාරාම යන කොටස පවා මකා දැමීමට තරම් ඔවුන් සැහැසි විය. මේ සම්බන්ධව වරින් වර පුරා විද්‍යා බලධාරීන් බලපෑම් කර ඇත.අනවසර ඉඳි කිරීම් සහ විකෘති කිරීම් වලට එරෙහිව  නීතිය ඉදිරියටද ගොස් ඇත. එහිදී අබුසාලි මහකා විසින් නීතිය ක්‍රියාත්මක කරලීමට එරෙහිව කටයුතු කර ඇති බවට සාක්ෂි බොහෝය මෙම මුස්ලිම් අන්තවාදය නිසා කූරගල ප්‍රධන සෙල් ලිපිය පවතින ගල්ගෙය තුළ පිහිට මුස්ලිම් පල්ලියට අමතරව අනෙක් ගල්ලෙන් වල ඔවුන් ගේ කුස්සියක් තවත් ගල්ලෙනක නවාතැන් පොළක් මෙන්ම මුස්ලිම් වන්දනා කරුවන්ට ගොඩනැගිලි  සහ වෙළද ව්‍යාපර රාශියක් වර්ධනය වුණි.මුස්ලිම් අන්තවාදීන් විසින් අරාබි අකුරු ලියමින් සායම් තවරමින් බෞද්ධ ඉතිහාසය විකෘති කරන විට වග කිව යුත්තන් නිහඩව සිටියහ. නමුත් එලෙස කලක් සිටිට නොහැකි විය. 1971  සැප්තැම්බර් 25 වන දාතමින් බළන්ගොඩ ප්‍රාදේශීය ආදායම් පාලක නිළධාරී තැන වන පී.ජී. රත්නායක මහතා රත්නපුර දිසාපති වරයාට දන්වා යවන ලද්දේ මේ තත්ත්ව මත ආගමික ගැටුම් ඇති විය හැකි බවයි.

        එයට වහා ක්‍රියා කාරී වූ දිසාපතිවරයා මෙම තත්ත්වය සමහන් කරලනු වස් එවකට සිටි සංස්කෘතික අමාත්‍යවරයා ගේ මැදිහත් වීමෙන් යුතුව  සියලුම දෙනාගේ සාභාගිත්වයෙන් සාකච්ඡාවක් පවත්වන ලදී.1971 ජූනි මස 03 වන දින පැවැත්වූ එම රැස්වීමේදී තීරණ තුනක් ගන්නා ලද අතර මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත් කරනුයේ ඒ අනුවයි.එසේම අනවසර ඉඳිකිරීම් තහනම් කළ යුතු බවටද පුරාවිද්‍යා ගවේශණයන් නිසි පරිදි සිදු කළ යුතු බවටද තීරණ ගෙන ඇත. එහෙත් දිගින් දිගටම අබුසාලි මන්ත්‍රීවරයා විසින් තමන්ගේ හිතූ මනාපයට දෆ්තර්ජෙයිලාන් නමින් පල්ලිය පවත්වාගෙන යමින් වන්දනා කාලයට තව ඝාතනය විශාල වශයෙන් සිදු කරමින් කරන ලද අනීතික කටයුතු කිසිවකුට නවත්වාලිය නොහැකි විය. අවසානයේ දී  හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ගන්නා ලද තීරණයක් මත මුස්ලිම් පක්ෂය කූරගලින් ඉවත් කරලීමටත් ඒ සඳහා ඒ අසල පර්වත පාමුල ඉඩම් කොටස් කීපයක් පවරා දීමට එකඟත්වය ඇති කරගන්නා ලදී. 1990 මාර්තු මස 25 වනදා තිස් අවුරුදු බදු ගිවිසුමක් මගින් මෙම ඉඩම් කොටස් පවරා දී තිබේ. අනතුරුව සිදු වූයේ අබුසාලි මහතාගේ මැදිහත් වීම මත මඩකලපුව එරාවුර් වැනි ප්‍ර දේශ වලින් මුස්ලිම් ජනයා ගෙන වුත් කූරගල නව මුස්ලිම් ජනපදයේ පදිංචි කරලීමයි. එහෙත් ඔවුහු ගිවිසුම ප්‍රකාරව කූරගල සේනාසන භූමියෙන් ඉවත් නොවූහ.
          මේ තත්ත්වය ගැන දිගින් දිගටම කරන ලද පැමිණිලි නිසා  2006 වර්ෂයේ දී රැස්වූ බෞද්ධ විහාර දේවාලගම්වලට අදාල ගැටලු පරීක්ෂා කිරීමේ කොමිසමට කරුණු ප්‍රකාශ කිරීමටද බෞද්ධ පක්ෂයට සිදු විය. එසේම මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ පූජ්‍ය කොළොන්නේ ශාන්ත විජය ස්වාමීන් වහන්සේ මෙම ස්ථානයේ පවතින තත්ත්වයට පුරාවිදෘය දෙපාර්තමේන්තුව වගකිව යුතු බවට තහවුරු කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහ කොමිෂන් සභාවේ නිර්දේශ මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කූරගල පල්ලි භාරකාර මණ්ඩලයට විරුද්ධව බළන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරන ලදී. උසාවියේ තීරණය වූයේ එම අනවසර ඉඳි කිරීම් සියල්ල ඉවත් කොට ගැනීම කළ යුතු බවයි.  නමුත් මේ ඉඳි කිරීම් ඉවත් කරලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ශක්තියක් නොවුණි. එහිදී බෞද්ධ ජනතාව ගේ උද්ඝෝෂණයන් හි ප්‍රතිඵලයක් වශයෙන් එවකට ආරක්ෂක ලේකම් වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක්  එහි සංචාරය කරන ලදී. මේවා සියැසින් දැක බලාගත් ලේකම් වරයා එම ප්‍ර දේශයේ සිවිල් ආරක්ෂක බලකායක් ස්ථාපනය කොට මෙම අනවසර ඉඳි කිරීම් සියල්ල ඉවත් කරලීමට කටයුතු කරන ලදී. නමුත් අවාසනාවකට පොලිසිය විසින් ඇති කරන ලද අනවශ්‍ය ගැටුමක් නිසා මුස්ලිම් ජනතාවට හිරිහැර වේ යැයි යන බොරු භීතිය මවා අවසාන ඉඳි කිරීම වන මුස්ලිම් පල්ලිය සහ සොහොන් භුමි ඉවත් කරලීම නවතාලන්නට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන ලදී. දැන ගන්නට ඇති පරිදි එමඉල්ලීම සිදු කර ඇත්තේ බස්නාහිර පළෘත් එවකට හිටි ආණ්ඩුකාර අලෙවි මවුලානා විසිනි.
      අද වන විට මෙම ස්ථානය පුරා විද්‍යා බලධාරීන් ගේ නඩත්තුව යටතේ ඉතා මනරම් ආකාරයෙන් පත්වාගෙන යනු ලබන අතර පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමියන්ගේ උපදෙශකත්වය යටතේ අස්ගිරි මහා විහාරයේ විහාරසථානයකට අනුබද්ධව පුද පූජා කටයුතුද සිදු වේ.අස්ගිරි විහාරයේ ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සහ කූරගල සේනාසන භාර පූජ්‍ය ගලහ ධම්මජෝති ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට මේ වන විට සංස්කෘතික අමාත්‍යංශය විසින් විශාල මුදලක් කූරගල සංවර්ධනය පිණිස වෙන් කර තිබේ.මාර්ග ප්‍රතිසංස්කරණය  විදුලිය  ලබා දීම  පානීය ජල පහසුකම් සපයා දීම ආදී ඉලක්ක ඒ අතර වේ. එහෙත් ප්‍රශ්ණය වන්නේ මෙහි පවතින මුස්ලිම් අන්තවාදය සහ ආක්‍රමණය නතර කරලීමට  කිසිවකුට තවමත් නොහැකි වීමයි. කූරගලට උඩින් පවතින ශාස්ත්‍ර ලෙන නම් ස්ථානයේ ආයුධ සඟවා තිබූ බවට පසුගිය පාස්කු ප්‍රහාර සමයේ  දී රාවයක් පැතිරුණු නමුත් ආරක්ෂක අංශ ඒ පිළිබද උනන්දු වූයේ නොවේ. කූරගල මුස්ලිම් පල්ලිය පුරාවිද්‍යා භූමියෙන් ඉවත් නොකිරීම මත මුස්ලිම් වන්දනා සමයේ දී බෞද්ධ සැදැහැවතුන්ට විශාල බාධා එල්ල වේ. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් බදු දුන් එක් ඉඩම් කොටසක කළ ගවේශණයෙන් ඉතා වැදගත් ගල් ආයුධ රාශියක් සොයා ගැනීමට මහාචාර්ය සෝමදේව මහතා සමත් විය. එහෙත් තව වෙනතුරු එම ඉඩම් කොටස පුරාවිද්‍යා රක්ෂිතයට එක් කර ගෙන නොමැත . මුස්ලිම් අන්තවාදයත් සිංහල නිළධාරීන්ගේ නිද්‍රාශීලිත්වයත් නිසා දිනෙන් දින ඓතිහාසික උරුමයන් විනාශ වන මොහොතක දේශපාලන නිඝන්ටයන් සිය බල අරගලයෙහි යෙදෙත්. මේ සඳහා පැරණිතම නිදර්ශනය කූරගල සිද්දියෙන් පැහැදිලි කළ හැකිය..