මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ප්‍රහාරය අහම්බයක් නොවන
බව දැන් සනාථ වී ඇත. තේරීම් කාරක සභාව විසින් ඉදිරියේ දී කුමන ආකාරයේ වාර්තාවක්
ඉදිරිපත් කළද මෙම ප්‍රහාරය පිටුපස ඇමරිකාව සිටින බවද ඒ සඳහා ලංකාවේ අගමැති ඇතුළු
දේශපාලන නායකයන් දැනුම්වත්ව සිටි බවද පැහැදිලිය.මෙම ප්‍රහාරයට පසුබිම් වූ වහාබ් ත්‍රස්තවාදය
ව්‍යාප්ත කරලීම ට සෘජුව චෝදනා එල්ල වූ අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් හිටපු ආණ්ඩුකාර
හිස්බුල්ලා හලීම් පමණක් නොව රවුෆ් හකීම්
ආදී මුස්ලිම් දේශපාලනඥයන් නිදොස් කොට නිදහස් කරලීමේ අගමැති මෙහෙයුම දැන්
ආරම්භ ව ඇත.යලි ඇමති ධූර භාර ගනිමින් එම සංඥාව සමාජයට මුදා හැර තිබේ.නමුත් පාස්කු ප්‍රහාරය දිගු කාලීන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්
යැයි සිංහල සමාජය තේරුම් ගෙන තිබෙන්නේද ..
ලංකාවේ
මුස්ලිම් ජනගහනය සියයට දහයකට ආසන්න කුඩා ප්‍රමාණයකි. එහෙත් වර්තමානය වන විට ඔවුහු
දේශපාලන වශයෙන් බලවත් පිරිසක්ව සිටිති. එසේම රටේ වානිජ මර්මස්ථානයන් අල්වාගෙන බල
ආධිපත්‍ය පතුරුවන පිරිසක් වී සිටිති. ඉංග්‍රීසීන් ගේ පිහිටෙන් ලංකාවේ පුත්තලම මඩකලපුව
ආදී තැන්වල පිහිටි ඔවුන් ගේ තාවකාලික ජනාවාස
වලට ස්ථීර ඉඩම් අයිතිය ලැබෙන්නට ආරම්භ වූයේ ඔවුහු වෙල්ලස්ස අරගලයට විරුද්ධව ඉංග්‍රීසීන්
ගේ පැත්ත ගෙන ක්‍රියා කළ හෙයිනි.මේ නිසා නැගෙනහිර මුස්ලිම් පාලකයෙක් පත් කර ගැනීම දක්වා එම තත්ත්වය දුර දිග
ගියේය.මෙම බල ආධිපත්‍ය පසු කාලයේ දී ඉහළ අධ්‍යාපනයට යොමු වූ මුස්ලිම් විද්වතුන්
විසින් ස්වකීය ග්‍රහණයට නතු කර ගත්තේය. සිද්දි ලෙබ්බේ ගේ ඉගැන්වීම මත දහනව වන සියවස අග භාගය වන විට
මුස්ලිම් මූලධර්මවාදයට පදනම වැටුණි.1926 වන විට මුස්ලිම් ජනයාට අවශ්‍ය ශරියා නීති
තහවුරු කරලීමට ඉංග්‍රීසි ආණ්ඩුව පියවර ගත්තේය. මේ අතර වාරයේ නැගෙනහිර දෙමළ
බෙදුම්වාදයට සමාන්තරව මුස්ලිම් දේශපාලනයද නැගී එන්නට ඉඩකඩ විවිර විය. එම්.එස්.
හමීඩ් එහි මූලාරම්භකයා වෙයි.ඔහු මඩකලපු හා කල්මුණේ පළමු දේශපාලන නියෝජිතයා වූ
මාකන්මාකර් මෙන්ම කොළඹ දෙශපාලන නායකයා වන ටී.බී.ජයාට හාත්පසින්ම වෙනස්ව මූලධර්මවාදයට
නතුව සිටියේය.ෆෙඩරල් පක්ෂය හා එක්ව දෙමළ කතා කරන මුස්ලිම් ජනයාට වෙනම පාලනයක් සඳහා
මතවාද ඉදිරිපත් කලේය.අවසානයේ එම්.එම්.මහමුද් ගේ මූලිකත්වයෙන් මූලධර්මවාදී ඉස්ලාම්
පෙරමුණ බිහි විය.එම තත්ත්වය මත 1970 වන විට සමගි පෙරමුණ ආණ්ඩුවට අභියෝගයක් ලෙසට
නින්දවුර් සහ පොතුවිල් ඔවුන් ට ජය ගැනීමට
හැකි විය. මෙයට සෘජුව උපකාර කලේ එක්සත් ජාතික පක්ෂයයි.
අසූව දශකයේ කොටි සංවිධානය විසින් දෙමළ
බෙදුම්වාදය පෝෂණය කරමින් ඊලාම් ව්‍යාපරය ක්‍රියාකරන අවස්ථාවේ දී නැගෙනහිර මුස්ලම්
නායකයෙකුව සිටි අශ්රොෆ් මේ දෙමළ නායකයන් සමග බෙදුම්වාදයට හවුල්ව සිටියේ ප්‍රභාකරන්දෙමළ
ඊලම අතහැරියද අශ්රොෆ් එය අත හරින්නේ නැති බවද කියා පාමිනි. අශ්රෝෆ් 1981 දී
මුස්ලිම් කොන්ග්‍රසය බිහි කරනුයේ එහෙයිනි. ඔහු ප්‍රේමදාස ලවා මුස්ලිම් නියෝජිත
සංඛ්‍යාව වැඩි කර ගැනීමට උපක්‍රම ස්ථාපනය කර ගත්තේය.දිස්ත්‍රික් චන්ද ප්‍රතිශතය
සියයට පහ දක්වා අඩු කරගැනුණී.
කොටි
සංවිධානයෙන් මනාව ඉගෙනගත් අශ්රොෆ් සිය පක්ෂය ආරම්භයේ සිටම බෙදුම්වාදි මාවතේ ගමන්
කරවීමට උත්සාහ දැරීය. එහි ප්‍රතිඵලය වූයේ මෙතෙක් ප්‍රධාන පක්ෂ සමග බැදී සිටි
මුස්ලිම් නායකයන් ද සිය මතවාදයන් වෙනස් කර ගැනීමට පෙළඹවීමයි.මේ යුගයේ මුස්ලිම්
ලෝකයේ ඇති වූ නව ප්‍රවණතාවන්ද මෙයට බලපාන්නට ඇතිවාට නිසැකය.අරාබියේ සේවය සදහා
ලංකාවෙන් පිටත්ව යෑම එහි මුදල් මගින් නැගෙනහිර පළාත් පොහොසත් වීම. ආදී කාරණා සමග
කොටි සංවිධනය පරාජයට පත් කිරීමත් සමග එම පළාතේ ඇති වූ දේශපාලන රික්තය මෙයට පසුබිම්
වූයේය.2003 වර්ෂයේ දී ඔලුවිල් හි පැවැත්වූ මුස්ලිම් කොන්ග්‍රස් සම්මේලනයේ දී කරුණු
පහක් සම්මත කර ගැනීමට ඔවුහු සමත් විය. එහි
පළමුවැන්න වූයේ නැගෙනහිර මුස්ලිම් ජනතාව අංග සම්පූර්ණ වෙනම ජාතියක් වශයෙන් පෙනී
සිටිය යුතු බවයි. දෙවැන්න වූයේ උතුර සහ නැගෙනහිර දෙපලාත මුස්ලිම් ජනතාවගේ
ඓතිහාසිකක නිජ බිම් වශයෙන් පිළිගත යුතු බවයි. තෙවැන්න වූයේ මේ මුස්ලිම් ජනයාට
මුස්ලිම් තේසම් නමින් වෙන්ව ජීවත් වීමට
ස්වයං නිර්ණ අයිතිය ඇති බවයි.සිවු වැන්න නම් උතුරු සහ නැගෙනහිර දෙපලාත සියලු බහුතර
මුස්ලිම් ප්‍ර දේශ එකට එක් කර මුස්ලිම් තේසම් නමින් මුස්ලිම් රාජ්‍ය පාලනයක්
ඇතිවිය යුතු බවයි.අවසානයේ දී සඳහන් වන්නේ උතුර සහ නැගනහිර පළාත් වලින් පරිබාහිර ව
ජීවත් වන මුස්ලිම් ජනයාද මේ මුස්ලිම් රාජ්‍යය පාලනයට යටත් විය යුතු බවයි.
ගුවන් අනතුරකින් මිය ගියද අශ්රොෆ් ගේ
බෙදුම්වාදී සිහිනයට අවශ්‍ය මතවාදී පන්නරය මුස්ලිම් දේශාපාලනය තුල ස්ථාපිත වූයේ
එලෙසය. ඉන් පසු ඔවුහු එම අරමුණ ඉටු කර ගැනීම උදෙසා කළ හැකි හැම දෙයක්ම කළහ.ආර් ප්‍රේමදාස
යුගය මේ මූලධර්මවාදීන්ට යහපත් කාලයක් විය. ලංකාවේ වානිජ භූමිය ඉස්ලාම්කරණය වන්නේ
ප්‍රේමදාස පාලනයේ පිහිටෙනි.එසේම මෙතෙක්
කුඩා ඒකක වලට සීමා වී තිබූ ආරාබි පාසල් සංඛ්‍යාව වැඩි කර ගැනීම පෙර පාසල් සහ
මුස්ලිම් පාසල් වැඩි කර ගැනීම මද්‍රසා නමින් හැඳුන්වූ පාසල් ස්ථාපිත කර ගැණිම සහ මුස්ලිම් විශ්ව විද්‍යාල බිහි කර ගැනීමද සිදු
විය. අවසානයේ සදහන් කරන ලද මුස්ලිම් විශ්ව විද්‍යාලයක් සඳහා හිස්බුල්ලා පෙළඹෙන්නේ
අහම්බයක් ලෙසට නොවන බව මේ පසුබිමෙන් තෙරුම් ගත යුතුය. එසේම මුස්ලිම් ආගමික කටයුතු
ආමාත්‍යංශයෙන් මද්‍රසා පාසල් 1600 වඩා ප්‍රමාණයක් ලියාපදිංචි කර ගැන්මට අවසර දී
ඇත්තේ මේ මතවාදී ප්‍රවේශයන්ට යටවයි.අද ශරීය බැංකු ශරියා උසාවි නොහොත් කාති උසාවි
වශයෙන් සෑම අස්සක් මුල්ලක් නෑරම ක්‍රියාත්මක
වන්නේ ඔලුවිල් ප්‍රකාශනයේ සඳහන් මතවාදී
කරුණු ඉලක්ක කොට ගෙනය.
නැගෙනහිර පළාතේ ජනගහනය සඳහා මුස්ලිම් අය ආදේශ වන්නේ සෙනරත් රජුගේ ක්‍රියාකලාපය
නිසා බවට තොරතුරු ඉතිහාසයේ ඇත. එහෙත් බහුතර මුස්ලිම් ජන කොටසක් නැගෙනහිර ව්‍යාප්තියක්
දක්වන්නේ ඉංග්‍රීසීන් ගේ උදව් ඇතිවයි.
ඔවුහු 1766 ගිවිසුම නිසා සිංහල රජුට අහිමි වූ මුහුදු බඩ බිම් තීරු වල වෙළෙදාමට
නැවතුණහ. ඉංග්‍රීසීන් ඔවුන්ට මුක්කුවාර් නීති පද්ධතිය යටතේ ඉඩම් ලබා දුන්හ. නමුත්
දකුණේ විසූ සිංහලයන් ඔවන්ගේ ආර්ථික බලය වඩවා ගනිමින් නැව් මගින් දකුණේ සිට යාත්‍රා
කරමින් මේ මුහුදු බඩ තීර වල නව ජනාවාස ඇති කර ගත්හ. එයට ප්‍රධාන හේතුව වූයේ සිංහලයන්
ගේ ඓතිහාසික සිද්ධස්ථාන රාශියක් මේ පෙදෙස් වල තිබීමයි. සේරුවිල දීඝ වාපිය ආදී තැන්
සංවර්ධනය කර ගනිමින් වෙළෙදාමද දියුණු කර
ගත් ඔවුහු. පාරම්පරික සිංහලයන් සමග නව ශිෂ්ඨාචාරයකට අඩිතාලම දැමූහ. මහපාර වල්
විවෘත වීමත් සමග වට වන්දනා වල යෙදෙමින් මේ ප්‍ර දේශ නැවත සශ්‍රීක කළහ.1981 වර්ෂය
වන විට අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් හිරු කෝවිල් අක්කර පත්තුව යන ප්‍ර දේශ වල
සැලකිය යුතු සිංහල ජනගහනයක් වර්ධනය වන්නේ එහෙයිනි. අම්පාර දිසත්‍රික්කයේ ගල්ඔය
ජනපදය ආරම්භය නිසා සිංහල ජනගහනය සීඝ්‍රයෙන් ඉහළ ගියේය. නමුත් 1987 න් පසු ඇති වූ
කොටි සංවිධාන ක්‍රියාකාරිත්වය මත නැගෙනහිර පළාතේ විසූ සිංහලයන්ට යලි උන්හිටි තැන්
අහිමි විය.ඔවුන් නැවතත් දකුණට සහ පොලොන්නරුවට සංක්‍රමණය විය. මේ නිසා ජන හීන වූ
නැගෙනහිර පලාතේ නව ව්‍යප්තියක් සලසා ගන්නට මුස්ලිම් බෙදුම්වාදයට අවස්ථාව හිමි විය.
සිංහලයන් ගේ අතහැර දාගිය ඉඩම් වලට හොර ඔප්පු සෑදිම ආරම්භ කරන ලද්දේ නිළධාරීන් ගේද
ආශිර්වාදය ඇතිවයි. එක ඉඩමක් මඩකලපු දිස්ත්‍රික්කයේ කොරළේපත්තු මිරාවෝඩේහි
පිහිටි පොරුක්කම් මුම්මාරි කුඹුරයි. එය අක්කර 51 යී රූඩ් 03
පර්චර්ස් 5
ක් තිබෙන පුණ්‍යදාස සිල්වා
මහතාට අයත්ව තිබූවක්. නමුත් කලබල සමයේ අවතැන් වීමෙන් පසු මේ ඉඩම මීරා ලෙබ්බේ
ආදම්බාවා නම් මුසල්මානයෙක් බද්දට ගෙන පසුව ව්‍යාජ ඔප්පුවක් සකස් කර ගෙන ඇත.
2007 වර්ෂයේ සිට මෙම
ඉඩමේ අයිතිය පිණිස වාලච්චේන උසාවියේ නඩුවත් ඇත.
එහෙත් එය ඇහෙන්නේ දෙමළෙනි. අනෙක් ඉඩම
මඩකලපු දිස්ත්‍රික්කයේ කොරළේපත්තුවේම පාලක්කාට්ටුවෙට්ටෙයි තියාවට්ටන්හි අක්කර 05
ක කුඹුරක්.
1955 වර්ෂයේ දී
මඩකලපු කච්චේරිය මගින් අංක 4028 අංකය යටතේ එම්.බී.නිමල් සිල්වා මහතාට මෙම කුඹුර සඳහා බලපත්‍රයක් නිකුත් කර
ඇති අතර ත්‍රස්ත කලබල වලින් පසුව අවතැන් වීම නිසා මේ ඉඩම අස්වැද්දීම තාවකාලිකව නතර
කර තිබුණි. ඒ අතර 2008 වර්ෂයේ දී අහමදු ලෙබ්බේ හප්සා¸ මුහමදු අසනාර්¸ මුහමදු වසීම් සදක්කු ලෙබ්බේ¸ මුහමදු අහමදු අසනාර් සහ මුහමදු අසනාර් ෆාතුම්මා යන
මුසල්මානුවන්ට යථොක්ත ඉඩම බලපත්‍රකින් යළි පවරා තිබේ. මේ පුද්ගලයන්ට විරුද්ධව නඩුවක් ගොනු කිරීමට කටයුතු කල යුතු බවට
පළාත් ඉඩම් කොමසාරිස්
සිරිමෙවන් ධර්මසේන මහතා විසින් ප්‍රාදේශීය
ලේකම් වරයාට දන්වා ඇති නමුත් එය මෙතෙක්
සිදුවූ බවක් දැන ගන්නට නැත. මේ ආකාරයට වර්තමානය වන විට සමස්ත නැගෙනහිර පළාතම නතු කර
ගනිමින් මුස්ලිම් ජන ව්‍යාප්තිය සිදුව තිබේ.ඒ ප්‍ර දේශ තුළ සිංහලයන්ට තැනක් නොමැතිවන්නේ
එහෙයිනි. එරාවුර් නගර සභා කඩපලේ සිංහල කඩ නැවත විවෘත කරලීමට පසුගිය රජය සේම
වර්තමාන රජය ද සිංහලයන්ට උදව් නොකරන්නේ මේ මුස්ලිම් බලය අභිබවා යා නොහැකි බැවිනි.
ඔවුහු කල්මුණේට වෙනම පාලනයක් අද ඉල්වා සිටිති. සයින්දමරතු වල වෙනම සහකාර ප්‍රා
දේශීය ලේකම් කාර්යාලයක් විවෘත ව තිබෙන්නේ එයට පාර කැපීමටයි.ඒවා පදනම් කරගෙන මරාගෙන
මැරෙන බෝම්බ නොව මුලු රටම ආක්‍රමණය කළ හැකි බල කඳවුරක් බිහි කරලීමට බැරි කමක්
නොමැත. මේ බල ආධිපත්‍යට ඉව අල්ලමින් ඇමරිකානු තානාපතිනිය වරින් වර එහි සංචාරය කළ
බව අද රහසක් නොවේ. ඒ ප්‍ර දේශ ආයුධ වලින් සන්නද්ධ කරන ලද්දේ රහසේ ගොඩ බාන ලද ආයුධ
වලින් දැයි අප තවමත් නොදනිමු. හිස්බුල්ලා මෙන්ම ආසාද් සාලි විසින් අද ප්‍රසිද්ධියේ
සිංහල දේශපාලනයට තර්ජනය කරමින් සිටින්නේ මේ හයිය නිසාවෙනි.
No comments:
Post a Comment