පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, August 23, 2019

සම්බන්ධන් සහ සුමන්තිරන්ගේ පුරවැසිකම අහෝසි කළ හැකිද


                      
     වත්මන් ව්‍යවස්ථාවේ හැටියට මන්ත්‍රීධූරයක් දරන තැනැත්තෙකු තමන්ගේ රටේ පමණක් පුරවැසියෙකු විය යුතුය.ගීතා කුමාරසිංහ මහත්මියට සිය ධූරය අහිමි වූයේ මේ ව්‍යවස්ථාපිත තත්ත්වය නිසාවෙනි.දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඇමරිකන් පුරවැසි භාවය ගැන බොහෝ දෙන ප්‍රශ්ණ කරමින් සිටී.ඔහු එය ඉවත් කරගත් බව දන්වා සිටියද සමාජ මාධ්‍ය ජාලා තුළ සාකච්ඡා වන්නේ වෙනත් කරුණකි.
        පුරවැසියා (Citizen) යන්න කතාබහ වන්නේ පුරාණ ග්‍රීක පෞර රාජ්‍යය තුළයි. ඔවුන්ගේ දේශපාලන මණ්ඩලය තුළ සිටින්නන් ග්‍රීක පුරවැසියන් ලෙසට හැඳින්වූහ.එය දේශපාලන පීළිබඳ බෞතීස්ම නැන්වීමක් බඳු විය. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයන් සංවර්ධනය වීමේ දී මෙම පුරවැසි අයිතිය පිළීබඳ සකච්ඡෘ වෙමින් තහවුරු වූ ආකාරය අපට ඉතිහාසයෙන් උගත හැකිය.ලංකාවේ දී පුරවැසි භාවය පීළිබඳ පළමුවරට නීතිමය ලෙසට කතා බහ වන්නේ 1948 වර්ෂයේ දීය. 1815 වසරේ  බ්‍රිතාන්‍ය අධිරාජයාට ලංකාව ගිවිසුමකින් භාරදුන් පසුව එංගලන්ත කීරීටයට යටත් පාලනයක් මෙහි විය. ඒ නිසා ලංකාව තුළ වාසය කරන සියලු දෙන එංගලන්ත කොළණීයකට අයත් පුරවැසියන් බවට පත් විය. නමුත් 1948 දී අපට  දේශපාලන නිදහස ප්‍රදානය කරන කල්හි මෙරට වාසය කරන සියලුම ජන කොටස් වල අයිතිය සුරැකීමට යම් නීතිමය ලියවිල්ලක් අවශ්‍ය විය. එම නිසා 1948 අංක 18 දරන පුරවැසි පනතකින් එය නීතිගත කරන ලදී. මෙම පනතේ පැහැදිලිව සඳහන් කරන කල එක කාරණයක් වෙයි.පියා සීයා හෝ මුත්තා පරම්පරාගතව ලංකාවේ ජීවත්ව සිටීයේ නම් ඔහුට පාරම්පරික පුරවැසි බව හිමිවන බවයි. යම් අයෙකු ගේ පියා හෝ සීයා පමණක් මේ රට පදිංචි කරුවන් ලෙසට සිටි අවස්ථාවකදී ඔහුට ලියාපදිංචි පුරවැසි භාවය හිමිකර දීමටද මෙම පනතින් විධි විධාන සැලැස්වීය. මේ අනුව මෙතනදී සිදු වූයේ 1815 න් පසු ලංකාවේ පදිංචි කරන ලද දෙමළ සහ මුස්ලිම් ජන කොටස් වලටද ලංකාවේ නව රජයේ පුරවැසි කම ලියාපදිංචියෙන් හිමි වීමයි.ඒ  අනුව ඉන්දියාවේ සිට පැමිණී අරුණාචලම් පවුල විග්නේශ්වරන් පවුල පසුව ගල් ඔය සංවර්ධන මණ්ඩලයේ ගබඩා පාලක වශයෙන් පැමිණී රාජවරෝදියන්ට ඔහු ගේ පුතණුවන් වන ආර්.සම්බන්ධන්ට මෙන්ම සුමන්තිරන් ගේ පරම්පරාවටත් ලියාපදිංචි පුරවැසි කම හිමි වීමයි. තොන්ඩමාන් මහතාට පුරවැසි කම් ලබා දුන්නේ සිරිමා රජයයි.මෙම පනතේ  ලංකාවේ පාරම්පරිකව ජීවත්ව සිටි ජනතාව ගැන සඳහනක් තිබුණද එම පුරවැසි පනතේ කිසිම තැනක ඔවුන්ගේ අයිතීන් උරුමයන් ගැන සාකච්ඡා කර නැත. එම පනත ගෙන ආයේ බ්‍රිතාන්‍යයන් නොවේ. නිදහස ලබාගෙන ආණ්ඩු බලය හිමිකරගත් මෙරට පාලකයන්ය.
             1950 1955 වර්ෂ වලදී මෙම පනත නැවත සංශෝධනයට බඳුන් විය.ඉන්දු පකිස්ථාන් පුරවැසියන් පිළීබඳ නීති රීති එහි අඩංගු වී තිබුණි. ලංකාවට ගෙන ආ ඉන්දියානු වතු කම්කරුවන් පුරවැසි බව ගැන යලිත් 1962 වර්ෂයේ දී සාකච්චා වූ අතර 1978 දී ඇති කළ ව්‍යවස්ථාවේ  පස්වන පරිඡේදය තුළ පුරවැසි භාවය පිළිබඳ වැදගත් කරුණු රැසක් අඩංගු කිරීමට කටයුතු කර ඇත. ඒ ව්‍යවස්ථාව අනුව 1948 අංක 18 ප්‍රතිපාදනය වෙනස් කර එහි 26(2) වගන්තිය යටතේ සියලුම පුරවැසියන් මෙසේ එක සමාන කර ඇත.එනම් පුරවැසි තත්ත්වය අත්පත් කරගනු ලැබූ ආකාරය එනම් පරම්පරාවෙන්ද නැතහොත් ලියාපදිංචියෙන්ද යනු සලකා කවර වූ හෝ කාර්යයක් සඳහා ශ්‍රි ලංකාවේ පුරවැසියන් වෙසෙසා නොදැක්විය යුතුය යන්න සඳහන් කර තිබේ..ඉන් පසු උඩරට වතු වල පදිංචි දහස් ගණනක දෙමළ කම්කරුවන්ට  දිවුරුම් පෙත්සමක් මගින් ලියාපදිංචිය මගින් පුරවැසි බව හිමි කර ගැනීමේ අවස්ථාව හිමි විය.1978 ව්‍යවස්ථාවේ කළ අනෙක් ප්‍රතිපාදනය නම් එහි 91 වගන්තිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකම් දැරීම සඳහා වන නියමයට ලංකාවේ පුරවැසි කම් අනිවාර්යය කිරීමයි.
      මේ අනුව 1948 සිට වසර හතළික් දක්වා කාලය තුළ ලංකාවේ ජීවත්වන ඓතිහාසික පුද්ගලයන් වන සිංහලයන් ගේ භූමිපුත්‍රය අයිතිය පුරවැසි කමෙන් වසා දැමීමේ ඛේදවාචකය පීළිබඳ යම් චිත්‍රයක් මවා ගත හැකි වෙයි.දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ චන්ද කුට්ටියට ඇතැම් විට කප්පමට වහල් වී සිංහල දේශපාලඥයන් කළ කුපාඩිකම් මෙලෙස හෙළිදරව් කළ හැකිය. අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ දිවිත්ව පුරවැසිභාවය ගැන බොහෝ දෙනෙකු කතා කරති. එය මහා වැරැද්දක් ලෙසට ඉස්මතු කොට ඔහුට කිසිසේත්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට තර්ක ඉදිරිපත් කරති.නමුත් 1948 අංක 18 දරන පනතේ පැහැදිලිව යම් කිසිවෙකු ගේ පුරවැසි කම අහෝසි වන ආකාරය දක්වා තිබේ. එනම් රාජ්‍යයට ද්‍රෝහී වීම රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම ආදී කරුණු ප්‍රමුඛ වෙයි. නමුත් ස්ව කැමැත්තෙන් පුද්ගලයෙකුට තමන්ගේ පුරවැසි කම අහක් කොට ගෙන යෑමටද එහි ඉඩ ප්‍රස්ථා ලබා දී තිබේ.. මෙම ප්‍රතිපාදන දෙක ඇරුණු කොට දිවිත්ව පුරවැසි බව ලබන තැනැත්තෙකුට මේ රටේ අයිතිවාසිකම් අහුරන වගන්තියක් එහි නොවේ.මෙය වූයේ කෙලෙසකද
       2015 වසරේ යහපාලන ආණ්ඩුව පත් වීමෙන් පසු දිග හැරෙන විදේශ න්‍යාය පත්‍රය යටතේ බලය බෙදීම ස්වයං පාලනය ලබා දීම මිය ගිය කොටිවන්ට වන්දි ගෙවීම ලංකාවේ ඉඩම් විදේශිකයන්ට පැවරීම වැනි බරපතල කාරණා රැසක් අන්තර්ගතව තිපබුණි. ඒවා සුමට ලෙසට ක්‍රියාත්මක කරලීමට නම් විරුද්ධ පකෂය අකර්මණ්‍ය කළ යුතුය. යහපාලන ආණ්ඩුව සිය ධූර කාලය සම්පූර්ණයෙන් ගත කළ යුතුය.  ඒ නිසාම රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව දහනව වන සංශෝධනය හොර පාරෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධීව පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට කටයුතු කළහ. මෙම සංශෝධනය කරලීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීව බරපතල ලෙස වැරදි කීපයක් සිදු කර තිබේ. ජනමත විචාරණයකට යා යුතු ඇතැම්  වගන්ති අමු අමුවේ වෙනස් කර හිතූ මනාපයේ තමන්ට අවශ්‍ය න්‍යයා පත්‍රයට සරිලන වගන්ති ඇතුලත් කර තිබේ. එයින් එක් වගන්තියක් වන්නේ මන්ත්‍රීවරයෙකු හෝ ජනාධිපතිවරයෙකුට අපේක්ෂකත්වය ලබා ගැනීමට නොහැකි වන කොන්දේසියයි. එනම් 91 වගන්තියේ සඳහන් ලංකාවේ පුරවැසි භාවය නොමැති කෙනෙකු යන වචනය වෙනස් කොට වෙනත් රටක පුරවැසියෙක් වන  ශ්‍රී ලංකා පුරවැසියෙක් යන්න ආදේශ කිරීමයි.
    සැබවින්ම මෙය මගින් 1948 අංක 18 දරණ මූලික පනත උල්ලංඝණය කර ඇති අතර මානව හිමිකම් සම්බන්ධ ඡෙදයේ ඇතැම් වගන්තිද උල්ලංඝණය කර තිබේ. උපතින් පරම්පරාවෙන් ඉතිහාසයක් හිමි  ගීතා කුමාරසිංහට සහ ගෝඨාභාය රාජපක්ෂ මහතාට අපේක්ෂක සුදුසුකම් අහිමි වන්නේ ඒ නිසාය.කණගාටුව වන්නේ සිංහලයන් වශයෙන් තමන්ගේ අයිතිය අහිමි කර ඇති බව ඔවුන් දෙදෙනාද නොදැනීමයි.නමුත් ලියාපදිංචි කිරීමෙන් පුරවැසි බව හිමි වූ රටට එරෙහි යුධ වැදුණු කුමන්ත්‍රණය කළ ආර්.සම්බන්ධන් සුමන්තිරන් විග්නේශවරන් විජයකලා වැන පුද්ලයන්ද රිෂාඩ් බද්යුදීන් හිස් බුල්ලා වැනි ත්‍රස්තවාදයට අනුබල දෙන පුද්ගලයන්ගේද පුරවැසි කම් හොඳින්ම ආරකෂා වේ. දහනව වන සංශෝධනය සම්මත කර ගැනීමට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සහාය පළ කළ බව කවුරුත් දනිති.  බරක් පතලක් නොමැතිව කළ මේ ගොන්කම් නිසා අද ඔවුන්ද අමාරුවේ වැටී සිටිති.අමාරුවේ වැටී සිටිතත් තමන් ඇතුලු සිංහල ජනතාව වැටී සිටින අගාධාය ගැන ඔවුහු නොදනිති. සමස්ත සිංහලජාතියටම මේ පුරවැසි පනත් වලින් සහ ව්‍යවසථා සංශෝධන වලින් බලවත් අසාධාරණයක් වී තිබෙන බව කියන්නට  ඔවුන්ටද හයියක් නැත.එසේ කියන්නට ශක්තියක් ලැබේ නම් රටට ද්‍රෝහී වන සම්බන්ධන් සුමන් තිරන් මෙන්ම රිෂාඩ් බද්යුදීන්  ලාගේ පුරවැසි කම අහෝසි කිරීම එතරම් ප්‍රශ්ණයක් නොවේ.


No comments:

Post a Comment