පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, July 4, 2019

මුස්ලිම් අන්තවාදයෙන් තවමත් බැටකන කූරගල


                                   

              ඓතිහාසික කූරගල සේනාසනය ගැන දැන් නැවතත් කතාබහක් ඇතිවී තිබේ.කූරගල පර්වත මුදුනේ ඇති මාරජී චෛත්‍ය අලෝක කරලීමට සහ ගමන් මාර්ගය ආලෝක කරලීමට දුන් පුරාවිද්‍යා අවසරය සංස්කෘතික අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් අවලංගු කර ඇත.මෙයට හේතුව විදුලි බල අමාත්‍ය රවි කරුණානායක සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර තිබෙන ගැටුම බව දැන ගන්නට ඇත.     කූරගල නොහොත් කුහරේගල පර්වතය සපරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ මැද කෝරළයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන්නකි. මෙම පර්වතය තරණය කොට එහි තිබෙන හිටුවන්ගල හෝ කුහරගල ශිඛර මතට නගින්නෙකුට ලංකාවේ තිබෙන රමණීයම දර්ශණයක් දක්නට හැකිවෙයි. දුටු මතින්ම සිත් සතන් පොබයන බැවින් දුරාතීතයේ සිටම මෙම  ස්ථානයට ජනී ජනයා ඇළුම් කොට ඇත.              
       දහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේ දී 1716 වර්ෂයේ දී කූරගල ඇතුළු තන්ජම ප‍්‍රදේශය වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේ ට පරිපාලනය පිණිස පවරා දී තිබුණි. ඉංග‍්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්තෝබර් 07 වන දා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය.මේ කාලයෙන් පසු රත්නපුර බදුල්ල මහා මාර්ගය ඉඳිවී බළන්ගොඩ කඩමණ්ඩිය දියුණු වෙමින් පැවතුණි. ඉංග්‍රීසීන් ගෙන් ඉඩම් බදු ගත් මුස්ලිම් වරු වෙළෙඳ ව්‍යාපාර වල බලය අත් පත් කර ගෙන සිටියහ. දුම්කළ නැට්ටට බුලත් විඩට පවා ගම්මුන්ගේ ඉඩ කඩම් මේ ව්‍යාපාරිකයින් ලබා ගත් බව සඳහන්ය.  මේ අවදියේ මහවලතැන්න රටේ මහතා පදිංචිව සිටියේ මහවලතැන්න වලවිවේය. ඒ ඉංග‍්‍රීසි ආණ්ඩුවේ තානාන්තරයක් දරමිනි.    නිතර නිතර රත්නපුර කච්චේරියට යාමිඊම් කළ යුතුව තිබූ අතර රටේ මහතා ගෙන් පසූ දිසාපති වූ ඔහුගේ බෑනා වූ රත්වත්තේ දිශාවට බළන්ගොඩ නගරයෙන් ලැගුම් පළක් අවශ්‍ය විය.    මරික්කාර් නම් මුස්ලිම් වෙළෙන්දෙකු සතුව තිබූ මනරම් භූමි භාගයක් රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගේ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශි‍්‍රත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි.
       මුස්ලිම් වෙළෙන්දන් දහඅට වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස් කංසා වෙළෙඳාම හා දඩමස් වෙළෙඳාම ජයටම කරගෙන යමින් සිටි බව අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් පවසයි.     1922 වන විට මුස්ලිම් ජනයා කූරගල ගල්ගෙවල් වල ස්ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදෑනිවරු මේ ප‍්‍රදේශයේ සැරිසරන කල්හි මුස්ලිම් වරු ගල්ලෙන් වල තිබූ බුදු පිළිම හා සිරිපතුල් කඩා බිද දමමින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය. මේ පිලිබඳ එමි. ජී. බ‍්‍රාහ්මණහාමි නමැති ආරච්චි වරයා ඉහළට රපෝර්තු කලේය. එහි    ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි.එම ප‍්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්වා ඇත්තේ මෙලෙසය.          
 ‘ කල්තොට ආරචිචි නමටයි..... අලි මස්තාන් විසින් කූරගල අළුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කල බව රපෝර්තු කරනු. ’
      වර්ෂ 1972 වර්ෂයේ දී අක්කර 52 යි රූඩ් 2යි පර්චරස් 19 ක භූමි භාගයක් පුරාවිද්‍යා රකෂිතයක් ලෙසට ගැසට් කර ප්‍රකාශයට පත්කරන ලද්දේ බෞද්ධ ගිහි පැවිදි විශාල පිරිසකගේ ඉල්ලීම පරිදිය.මේ වන විට මෙම ස්ථානය ආක්‍රමණය කොට පදිංදි වී සිටි මුස්ලිම් පිරස ගණනින් අටකි. 1958 වර්ෂයේ සිට මහනුවර තෙල් දෙණියෙන් පැමිණි මීරා සයිබු අබ්දුල් කාදර් 1963 වර්ෂයේ දී බිබිල කොටබෝවෙන් පැමිණි සයිබු මොහොම්මදු ඉස්මයිල් බාවා  වර්ෂ 1972 දී පැමිණි අහබ්දීන් ෂලා උද්දීන් එරාවුර් පුන්නකුඩා වලින් පැමිණි කාසිම් මෙහොමඩ් කාදර් බාවා 1973 දී පූජකවරයෙකු ලෙසට දකුණු කලුතර සිට පැමිණ උන් මෛදීත් පාත් මාසන් ජෙලාල්දීන් පුත්තලමෙන් පැමිණි හමීඩ් හජ්ජියාර් ආදීන් කූරගල පවත්වාගෙන ගිය අනවසර ගොඩනැගිලි ඉවත් කළ යුතු බවට එවකට සිටි පුරාවිදෘය කොමසාරිස් රාජා ද සිල්වා මහතා නියෝග කොට ඇත්තේ 1973 මැයි 22 දිනදීය. නමුත් එම නියෝග ක්‍රියාත්මක වූයේ නැත. ඒ වෙනුවට වරින් වර මියගිය මුස්ලිම් ජනයාගේ මෘත දේහයන් මෙම ස්ථානයෙහි වළදමන්නට කටයුතු කර ඇත. ඇතැම් විට මෙම මිනී ගෙනෙන ලද්දේ පිටස්තර ප්‍රදේශ වලිනි.මෙම මිනී ඉවත් කරන ලෙසට වරින් වර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නියෝග නිකුත් කර තිබේ.නමුත් ඒවා ඵල රහිත වී තිබේ.    
         වර්ෂ 1977 වර්ෂයේ  දී බළන්ගොඩ මන්ත්‍රීවරයා ලෙසට පත් වූ එල්.එම්. එල් අබුසාලි මහතා ගේ දේශපාලන බලපුලුවන්කාරකම් මධ්‍යයේ ඔවුන්ගේ අනවසර ඉඳි කිරීම් විශාල වශයෙන් වර්ධනය විය .පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානයේ ඉඳි කරන ලද දැන්වීම් පුවරුවේ නාමය වන ක්‍රි.පූ. දෙවන සියවසට අයත් බෞද්ධාරාමයක අවශේෂයන් නම් වගන්තියේ බෞද්ධාරාම යන කොටස පවා මකා දැමීමට තරම් ඔවුන් සැහැසි විය. මේ සම්බන්ධව වරින් වර පුරා විද්‍යා බලධාරීන් බලපෑම් කර ඇත.අනවසර ඉඳි කිරීම් සහ විකෘති කිරීම් වලට එරෙහිව  නීතිය ඉදිරියටද ගොස් ඇත. එහිදී අබුසාලි මහකා විසින් නීතිය ක්‍රියාත්මක කරලීමට එරෙහිව කටයුතු කර ඇති බවට සාක්ෂි බොහෝය මෙම මුස්ලිම් අන්තවාදය නිසා කූරගල ප්‍රධන සෙල් ලිපිය පවතින ගල්ගෙය තුළ පිහිට මුස්ලිම් පල්ලියට අමතරව අනෙක් ගල්ලෙන් වල ඔවුන් ගේ කුස්සියක් තවත් ගල්ලෙනක නවාතැන් පොළක් මෙන්ම මුස්ලිම් වන්දනා කරුවන්ට ගොඩනැගිලි  සහ වෙළද ව්‍යාපර රාශියක් වර්ධනය වුණි.මුස්ලිම් අන්තවාදීන් විසින් අරාබි අකුරු ලියමින් සායම් තවරමින් බෞද්ධ ඉතිහාසය විකෘති කරන විට වග කිව යුත්තන් නිහඩව සිටියහ. නමුත් එලෙස කලක් සිටිට නොහැකි විය. 1971  සැප්තැම්බර් 25 වන දාතමින් බළන්ගොඩ ප්‍රාදේශීය ආදායම් පාලක නිළධාරී තැන වන පී.ජී. රත්නායක මහතා රත්නපුර දිසාපති වරයාට දන්වා යවන ලද්දේ මේ තත්ත්ව මත ආගමික ගැටුම් ඇති විය හැකි බවයි.

        එයට වහා ක්‍රියා කාරී වූ දිසාපතිවරයා මෙම තත්ත්වය සමහන් කරලනු වස් එවකට සිටි සංස්කෘතික අමාත්‍යවරයා ගේ මැදිහත් වීමෙන් යුතුව  සියලුම දෙනාගේ සාභාගිත්වයෙන් සාකච්ඡාවක් පවත්වන ලදී.1971 ජූනි මස 03 වන දින පැවැත්වූ එම රැස්වීමේදී තීරණ තුනක් ගන්නා ලද අතර මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත් කරනුයේ ඒ අනුවයි.එසේම අනවසර ඉඳිකිරීම් තහනම් කළ යුතු බවටද පුරාවිද්‍යා ගවේශණයන් නිසි පරිදි සිදු කළ යුතු බවටද තීරණ ගෙන ඇත. එහෙත් දිගින් දිගටම අබුසාලි මන්ත්‍රීවරයා විසින් තමන්ගේ හිතූ මනාපයට දෆ්තර්ජෙයිලාන් නමින් පල්ලිය පවත්වාගෙන යමින් වන්දනා කාලයට තව ඝාතනය විශාල වශයෙන් සිදු කරමින් කරන ලද අනීතික කටයුතු කිසිවකුට නවත්වාලිය නොහැකි විය. අවසානයේ දී  හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ගන්නා ලද තීරණයක් මත මුස්ලිම් පක්ෂය කූරගලින් ඉවත් කරලීමටත් ඒ සඳහා ඒ අසල පර්වත පාමුල ඉඩම් කොටස් කීපයක් පවරා දීමට එකඟත්වය ඇති කරගන්නා ලදී. 1990 මාර්තු මස 25 වනදා තිස් අවුරුදු බදු ගිවිසුමක් මගින් මෙම ඉඩම් කොටස් පවරා දී තිබේ. අනතුරුව සිදු වූයේ අබුසාලි මහතාගේ මැදිහත් වීම මත මඩකලපුව එරාවුර් වැනි ප්‍ර දේශ වලින් මුස්ලිම් ජනයා ගෙන වුත් කූරගල නව මුස්ලිම් ජනපදයේ පදිංචි කරලීමයි. එහෙත් ඔවුහු ගිවිසුම ප්‍රකාරව කූරගල සේනාසන භූමියෙන් ඉවත් නොවූහ.
          මේ තත්ත්වය ගැන දිගින් දිගටම කරන ලද පැමිණිලි නිසා  2006 වර්ෂයේ දී රැස්වූ බෞද්ධ විහාර දේවාලගම්වලට අදාල ගැටලු පරීක්ෂා කිරීමේ කොමිසමට කරුණු ප්‍රකාශ කිරීමටද බෞද්ධ පක්ෂයට සිදු විය. එසේම මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ පූජ්‍ය කොළොන්නේ ශාන්ත විජය ස්වාමීන් වහන්සේ මෙම ස්ථානයේ පවතින තත්ත්වයට පුරාවිදෘය දෙපාර්තමේන්තුව වගකිව යුතු බවට තහවුරු කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් සහ කොමිෂන් සභාවේ නිර්දේශ මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කූරගල පල්ලි භාරකාර මණ්ඩලයට විරුද්ධව බළන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරන ලදී. උසාවියේ තීරණය වූයේ එම අනවසර ඉඳි කිරීම් සියල්ල ඉවත් කොට ගැනීම කළ යුතු බවයි.  නමුත් මේ ඉඳි කිරීම් ඉවත් කරලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ශක්තියක් නොවුණි. එහිදී බෞද්ධ ජනතාව ගේ උද්ඝෝෂණයන් හි ප්‍රතිඵලයක් වශයෙන් එවකට ආරක්ෂක ලේකම් වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක්  එහි සංචාරය කරන ලදී. මේවා සියැසින් දැක බලාගත් ලේකම් වරයා එම ප්‍ර දේශයේ සිවිල් ආරක්ෂක බලකායක් ස්ථාපනය කොට මෙම අනවසර ඉඳි කිරීම් සියල්ල ඉවත් කරලීමට කටයුතු කරන ලදී. නමුත් අවාසනාවකට පොලිසිය විසින් ඇති කරන ලද අනවශ්‍ය ගැටුමක් නිසා මුස්ලිම් ජනතාවට හිරිහැර වේ යැයි යන බොරු භීතිය මවා අවසාන ඉඳි කිරීම වන මුස්ලිම් පල්ලිය සහ සොහොන් භුමි ඉවත් කරලීම නවතාලන්නට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන ලදී. දැන ගන්නට ඇති පරිදි එමඉල්ලීම සිදු කර ඇත්තේ බස්නාහිර පළෘත් එවකට හිටි ආණ්ඩුකාර අලෙවි මවුලානා විසිනි.
      අද වන විට මෙම ස්ථානය පුරා විද්‍යා බලධාරීන් ගේ නඩත්තුව යටතේ ඉතා මනරම් ආකාරයෙන් පත්වාගෙන යනු ලබන අතර පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමියන්ගේ උපදෙශකත්වය යටතේ අස්ගිරි මහා විහාරයේ විහාරසථානයකට අනුබද්ධව පුද පූජා කටයුතුද සිදු වේ.අස්ගිරි විහාරයේ ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සහ කූරගල සේනාසන භාර පූජ්‍ය ගලහ ධම්මජෝති ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට මේ වන විට සංස්කෘතික අමාත්‍යංශය විසින් විශාල මුදලක් කූරගල සංවර්ධනය පිණිස වෙන් කර තිබේ.මාර්ග ප්‍රතිසංස්කරණය  විදුලිය  ලබා දීම  පානීය ජල පහසුකම් සපයා දීම ආදී ඉලක්ක ඒ අතර වේ. එහෙත් ප්‍රශ්ණය වන්නේ මෙහි පවතින මුස්ලිම් අන්තවාදය සහ ආක්‍රමණය නතර කරලීමට  කිසිවකුට තවමත් නොහැකි වීමයි. කූරගලට උඩින් පවතින ශාස්ත්‍ර ලෙන නම් ස්ථානයේ ආයුධ සඟවා තිබූ බවට පසුගිය පාස්කු ප්‍රහාර සමයේ  දී රාවයක් පැතිරුණු නමුත් ආරක්ෂක අංශ ඒ පිළිබද උනන්දු වූයේ නොවේ. කූරගල මුස්ලිම් පල්ලිය පුරාවිද්‍යා භූමියෙන් ඉවත් නොකිරීම මත මුස්ලිම් වන්දනා සමයේ දී බෞද්ධ සැදැහැවතුන්ට විශාල බාධා එල්ල වේ. ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් බදු දුන් එක් ඉඩම් කොටසක කළ ගවේශණයෙන් ඉතා වැදගත් ගල් ආයුධ රාශියක් සොයා ගැනීමට මහාචාර්ය සෝමදේව මහතා සමත් විය. එහෙත් තව වෙනතුරු එම ඉඩම් කොටස පුරාවිද්‍යා රක්ෂිතයට එක් කර ගෙන නොමැත . මුස්ලිම් අන්තවාදයත් සිංහල නිළධාරීන්ගේ නිද්‍රාශීලිත්වයත් නිසා දිනෙන් දින ඓතිහාසික උරුමයන් විනාශ වන මොහොතක දේශපාලන නිඝන්ටයන් සිය බල අරගලයෙහි යෙදෙත්. මේ සඳහා පැරණිතම නිදර්ශනය කූරගල සිද්දියෙන් පැහැදිලි කළ හැකිය..



No comments:

Post a Comment