දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි
මහතා ගේ අමාත්‍යංශයෙන් සකස්කරන ලද
ආයුර්වේද සංශෝධන පනතක් පසුගිය ජූනි මස 12 වන දා ගැසට් පත්‍රයේ පළ කරතිබේ.එම පනත
2023/0705 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කර ඇති අතර ඉතා ඉක්මනින් සම්මත කරගන්නා බව මේ වන විට දැනුම් දී තිබේ.මෙම පනතේ
තිබෙන විවිධ පරස්පරතා සහ අඩුපාඩු පැහැදිලි කර දීමට අමාත්‍යවරයා හමු වීමට ගිය පාරම්පරික
වෛද්‍යවරුනට සහ සිවිල් ක්‍රිකාරීන් කීප දෙනෙකුට ඔහු පවසා තිබෙන්නේ ආයුර්වේද පනත සංශෝධනය කිරීම මගින් බාධාවක්
නොමැතිව කංසා නීතිගත කිරීමට හැකි වන බවයි.කෙසේ වෙතත් මේ වන විට මෙම සංශෝධන පනත
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙමින් දේශීය වෛද්‍යවරු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට
පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ලන්දේසීන් සහ ඉංග්‍රීසීන්
යටතේ පැවති ආණ්ඩු ක්‍රමයන්හි දේශීය වෙදකමට නිසි තැනක් අත් වූයේ නැත. ග්‍රාමීය වෛද්‍යාවරයා
ඔවුන්ට වෙදරාළ විය.ඒයි වෙදරාළ මෙහෙට වරෙන් යයි ඇමතූ සුදු දිසාපතිවරු මෙන්ම සිංහල
දිසාපතිවරුද එකල වූහ. 1926 දී පමණ රාජ්‍ය
මන්ත්‍රණ සභාවේ දී දේශීය වෙදකමට ලැබිය යුතු තැන පිළිබඳ කතාබහක් ඇති විය. ඒ අනුව
බාලසිංහම් නම් මන්ත්‍රී වරයා යටතේ ස්වදේශ වෛද්‍ය උපදේශක සභාවක් පත් කරන ලදී. මෙම
තත්ත්වය මත 1928 කෝට්ටේ පාරේ වෛද්‍ය විදුහලක්ද රෝහලක්ද බෙහෙත් සාදන ස්ථානයක්ද ඇති
කරන්නට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු යෙදූහ. පසුව එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙම
උපදේශක සභාවේ සභාපති වූවායින් පසුව 1937 ද පමණ කවිරාජ් දාස් ගුප්තා මහතා යටතේ
කොමිෂන් සභාවත් පත් කර තිබේ. එසේම 1950 දී සිංහල වෙදකම පිළිබඳ පැවැත්වූ කොමිෂන්
සභා වාර්තාවක් ඇති අතර රජය අද පිළිගනු ලබනුයේ 1947 වසරේ මුලු දුන් ආයුර්වේද
කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ය මෙහි
කොමිෂන් වාර්තාව අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුවක් පිහිටුවා වෛද්‍ය වරු ලියාපදිංචිය
ඇරඹී දේශීය ආයුර්වේදය නව මුහුණු වරකින් ඉදිරියට පැමිණියේය.
1956 ජයග්‍රහණයේ දී බණ්ඩාරනායක මහතා
නැවතත් දෙශීය වෙදකමට අවශ්‍ය ස්ථානය ලබා දීමේ අභිප්‍රායෙන් සිටියද එතුමාගේ හදිසි
අභාවයෙන් පසුව එය ඇණ හිටින. නමුත් 1960 බලයට පත් වූ සිරිමා බණ්ඩාරනායක රජය යටතේ
ආයුර්වේද පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම පනත ඉදිරිපත් කරන ලද්දේ සෞඛ්‍ය
ඇමති වෛද්‍ය ජේ. පී. ඔබේසේකර මහතා විසිනි.මෙම පනතේ දී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළට
දේශීය වෙදකම ඇතුලත් කර වෛද්‍යවරුන්ට ලියාපදිංචිය ලබා දී ඇත. නමුත් දේශීය වෙදකම
පිළිබඳ ග්‍රාමීය වෛද්‍යවරුන්ට තිබෙන පරිචය සහ පළපුරුද්ද මත තවමත් ආයුර්වේදයට වඩා
ග්‍රාමීය වෛද්‍යවරුන් ගෙන් ජනතාවට සේවයක් සිදු වේ.ඒ නිසා 1961 ආයුර්වේද පනත වෙනස්
විය යුතු යැයිද දේශීය වෛද්‍යවරුන්ගේ අනන්‍යතාවය සහතික කරන්නා වූ පනතක් සකස් කරගත
යුතු යැයිද හඬක් වූ බැවින් රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ පාලන සමයේ දී ඒ
සඳහා කමිටුවක් පත් කර පනත් කෙටුම්පතක් භාර දී ඇත. නමුත් මෙම පනත් කෙටුම්පත් ද
සැළකිල්ලට නෙගෙන නව සංශෝධිත පනත ඉදිරිපත් කර ඇති බවද ග්‍රාමීය වෛද්‍යවරුන්ගෙන් හෝ
සංරක්ෂණ සභා වලින් කිසිම යෝජනාවක් නොගෙනම යම් කිසි රහස්‍ය ක්‍රමවේදයකට සකස් කර ඇති
බවද වෛද්‍යවරු චෝදනා කරති. 1961 පනතේ ආයුර්වේදය යන අර්ථනිරූපනයට
සිද්ධ යුනානි දේශීය චිකිත්සා ක්‍රමවල වෛද්‍ය කර්මය හා ශල්‍ය කර්මයද ආසියාතික රටවල
දේශීය වූද ඒ ඒ රටවල රජය මගින් පිළිගනු එසේ යැයි
පිළිගනු ලැබූද වෙනයම් වෛද්‍ය ක්‍රමයක්ද ඇතුළත් වෙයි යන්න අඩංගුය.
මෙම සංශෝධිත පනතේ දී එම නාමය කප්පාදු කර දේශීය චිකිත්සා ඖෂධ ප්‍රතිකාර
යනුවෙන් ලඝු කර තිබේ. ඒ අනුව ඖෂධ ප්‍රතිකාර නොවන මැතිරීම් නූල් බැඳීම් ආදිය මෙන්ම
විවිධ කෙම් ක්‍රමයන්ද ගෙඩි පැලීම් ආදී දේශීය ශල්‍ය කර්මද ඇතැම් විට නස්‍ය කර්මද තහනම්
වන අතර එවැනි ප්‍රතිකාර කරනු ලබන දේශීය වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමට බලය ලබා දී
තිබේ. එසේම ඔසු උයන් පවත්වාගෙන යෑමට පෞද්ගලික අංශයටටද ඉඩ ලබා දෙනු ලබන අතර අපනයනය
සඳහා එම ඔසු භාවිතා කළ හැකි වේ. මෙම පනතේ සගවා තබා ඇති කාරණය නම් කංසා වගාව ප්‍රචලිත
කිරිමයි. දේශීය වෛද්‍යවරුයෙකුට සිය වට්ටෝරුවකට අනුව කංසා පැලෑටියක් වගා කර ගැනීමට
සහ යොදා ගැනීමට නීත්‍යනුකූල තත්වයක් මෙහිදී ඇති කර නොමැතිය. ඒ වෙනුවට ඔහුගේ සමස්ත ඔසු
වගාවත් ලියාපදිංචි කරවීමට බල කර තිබේ.සැබවින්ම කංසා වගාකිරීමට දේශීය වෛද්‍යවරුන්ට
අවසර ලබා ගත් හැක්කේ අන්තරායකර ඖෂධ පනත ට වගන්තියක් එකතු කිරීමෙන් පමණකි.මෙම පනතේ
ප්‍රතිපාදන යටතේ විදේශික සමාගම් වලටද ඖෂධ වගාවට අවස්ථාව හිමිවන අතර දැන ගන්නට තිබෙන අතර උතුරේ
ඉඩම් ඩයස්පෝරාවට සහ ඉන්දියානු සමාගම් වලට
ලබා දී වැඩි දියුණ කරන ලද (හයිබ්‍රිඩ්) කංසා වගාව මගින් අපනයනය සඳහා පමණක් වගා
කිරීමට දරන උත්සාහයක් ද ප්‍රකට වෙයි.වෙසෙසින්ම ඉන්දියානු ප්‍රතිකාර මධ්‍යස්ථාන
මෙරට විවෘත කරලීමටද දේශීය වෙදකම සමතලා කොට උතුර සහ නැගෙනහිර පෙදෙස්වලද පසුව මුලු
ලංකාවේමද ඉන්දියානු ආයුර්වේදය ප්‍රචලිත කිරීමේ වෑයමක්ද මෙහි වෙයි.දැනට ලංකාවේ වගා
කරන කංසා මෙරටට ආවේණික පාරම්පරික පැලෑටියකි.අපනයනය සඳහා සැකසීමේ දී එවැනි පැලෑටි
වලට දැනට වෙළෙඳ පළක් නැත. එබැවින් වැඩි දියුණු කරන ලද කංසා යොදා ගැනීමට උත්සාහ
කරනවා විය හැකිය.අපනයනය මගින් ඩොලර් ඉපැයිය හැකියැයි අමාත්‍යවරයා සඳහන් කරනුයේ
මෙකී අරමුණු පදනම් කොට ගෙනය. ජනපතිවරයා විසින් මෙම පනත පිළිබඳ දැඩි උනන්දුවක් දක්වා
ඇත්තේ ෙපර කී පරිදි උතුර සහ නැගෙනහිර පෙදෙස් වල ඉඩම් ඩයස්පෝරාවට සහ විදේශික සමාගම්
වලට ලබා දීමට මෙයින් මග විවර වන බැවිනි.
මෙරට සිංහල වෛද්‍යක්‍රමයට තිබෙන ඉතිහාසය
අනුව විවිධ යුග වල නොයෙකුත් දැනුමින් පෝෂණය වෙමින් ඒ ඒ පළාත්වල ඔසු වර්ග භාවිත කරමින්
සාර්ථක ප්‍රතිකාර ලබා දෙන පාරම්පරික වෛද්‍ය කමයක් පවත්වාගෙන යන පිරිසක් ඇති
වූහ.වට්ටෝරු වෙදකම් යයි සමහරක් බටහිර වෛද්‍යවරුන් විසින් ගර්හාවට පත් කරන ලද්ද්
මෙම පාරම්පරික වෙදකමයි. තමන්ගේ පළාතට ආවේණික ඖෂධ වර්ග භාවිතා කරන හෙයින් ද තමන් විසින්ම
ඖෂධ නිෂ්පාදනයේ යෙදෙන හෙයින්ද මේ ප්‍රතිකාර ක්‍රම වල සාර්ථකත්වය ඒ වෛද්‍යවරුද
ජනතාවද අත්දුටුවහ.එදා වෛද්‍යවරයා ප්‍රතිකාර කරන ලද්දේ බුලත් අතටය. මුදලට
නොවේ.බෞද්ධ සාරධර්මයන්ගෙන් හැඩ ගැසුණු වෛද්‍ය
සම්ප්‍රදායට බුදුන් වහන්සේ විසින් දේශනා කළ අනු දැන වදාල ක්‍රමවේදයන්ද
ඇතුළත්ව තිබේ.දැන් මෙම පනත මගින් සිංහල වෛද්‍ය සම්ප්‍රදායට අනුව සකස් වී තිබෙන
මෙකී බොහෝ දේ ක්‍රමානුකූලව ශූන්‍ය කිරීමට උත්සාහ දරා තිබේ.එසේම සම්බාහන ශිල්පීන්
සහ ශිල්පිනියන් යනුවෙන් මෙම පනතේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද යෙදීමද සැකයට තුඩු
දෙන්නකි. වෙනත් කිසිම පනතක නැති මෙම විලාශය මෙයට ආදේශ කරන්නට ඇත්තේ සම්බාහන
මුවාවෙන් ගණිකා වෘත්තිය නීතිගත කිරීමට දැයි සැකයක් උපදී.කොරෝනා සමයේ දී වීරයෙක් බවට
පත්වුණු සිසිර ජයකොඩි අමාත්‍යවරයා ද්‍රෝහියෙකු කර ඔහු ලවා කොස් ඇට බෑවීම තුළින් එක
ගලෙන් කුරුල්ලන් කීප දෙනෙකුම මරා ගැනීමේ වෑයමක් ද තිබෙන්නේ යැයි මෙහිදී අප තේරුම් ගත යුතුය.
මතුගම
සෙනෙවිරුවන්
No comments:
Post a Comment