සී.ඩබ්.ඩබ්.කන්නන්ගර අධ්‍යාපන ක්‍රම
ආරම්භ වූයේ 1942 දී පමණය.1945 වසරේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වූවායින් පසු
ස්වභාෂා සහ ද්වි භාෂා පාසල් සියල්ලේම රජය මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් ආරම්භ විය
1962 දී පාසල් රජයට පවරා ගැනීමෙන් පසු එවකට තිබූ බෞද්ධ පාසල්ද පරම විඥානාර්ථ
පාසල්ද පල්ලි පාසල්ද රජයට ගෙන පොදු අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කරන ලදී.බ්‍රිතාන්‍ය
යුගයේ දී පාසල් පෙළ පොත් වල වූයේ එවකට යුරෝපයේ අනුදත් සෞඛ්‍ය පාඩමකි.පාසලේ දී
විසබීජ හා ප්‍රතිශක්තිය ගැන උගෙනීමට දරුවාට සිදු විය.ක්ෂුද්‍රජීවින් ගැන උගෙනීමට
සිදු විය.පිරිසිඳු කම ගැන උගෙනීමට සිදු විය.එහෙත් පාසලෙන් නිවසට ගිය දරුවා ගේ
පරිසරය වෙනස් විය. හේනේ කුඹුරේ කමතේ මහන්සි වී වැඩ කිරීමට සිදු විය.ඇඟ පතේ මඩද
ඇතැම් විට ගොම ද තැවරීම සාමාන්‍ය දෙයක් විය. කමතේ දී ගොම්පස් අල්ලන්නට යෙදුවේ
දරුවන්ය.මේ දෛනික වැඩ කන්දරාව නිසා පාසලේ උගත් දේ පාඩමට සීමා විය.විසබීජ යනු
හුදෙක් සංකල්පයක් පමණක් යැයි ඔවුන්
සිතන්නට ඇත.කන්නන්ගර මහතා ද මේවා දැන ගෙන ඉන්නට ඇත. ඔහු ප්‍රාථමික පාසල් වල
ළමුන්ට නියෝගයක් නිකුත් කළේය. මේ නියෝගය මත උදේට හබරල ගොට්ටකට ගොම රැගෙන එන්නටද
පසුව පාසල් ගෙවත්ත එළි පෙහෙළි කොට අල බතල මඤ්‌ෙඤාක්කා සිටුවන්නට සිදු
විය.ඉංග්‍රීසි ක්‍රමයට පණු බෙහෙත් ලබා දුනි.පණුවන් මැරීම ඉන් සිදු විය. නමුත් නිවසේ
දී දුන්නේ බටකිරිල්ල අග්ගලා සහ සුරන් විදුර ගුලියයි.එහිදි පණුවන් මැරීම නොකොට
පණුවන් හීන් කොට ගුද මාර්ගයෙන් ඉවත් කිරීම සිදු විය. දරුවා ගෙදරදී විසබීජ හරණයට වඩා විසබීජ සමනය උගෙන
ගත්තේ එසේය..වසරකට වරක් නිවසේදී සියලුම
දරුවන්ට විරේක බෙහෙත් දෙන ලදී.අරලු සෙනෙහකොළ තැඹිලි ගෙඩියේ ලා පින්නේ තබා උදේට
පෙවීමද ඇතැම් අයට අරලු බුලු නෙල්ලි තිරැස්සවාලු මුද්දරම්පලම් ආදී කෂායද සමහරක් විට
ඒ කෂායට එඬරු තෙල් දමා ලබා දීමෙන් විරේක ද කරන ලදී.මේ විරේකය නිසා බඩේ ආමය සමබර කර
ගන්නා ලද අතර සිරුරේ සොරොව් වල සිරවී තිබූ මළ කොටස් බැහැර කර ගන්නා ලදී.
දශක
කීපයක් ගත වන විට විට මෙම නිවසේ සෞඛ්‍ය පිළීවෙත් වලට උපදෙස් දුන් ගමේ වෙද මහතාද
නිවසේ සිටි මව් වරුන්ද වයොවෘද්ධ වී සිටියහ.මේ දැනුම ඉදිරියට ගෙන යෑමට ලොකු මහත් වූ දරුවන්ට නොහැකි වූහ. ඔවුහු ඉගෙන
ලොකු තනතුරු වලට පත් වී ගමේ දැනුම අමතක කළහ. ඒ අතර සෞඛ්‍ය පාඩමද වරින් වර වෙනස්
විය.සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයක් බිහි විය. මව් කිරි සහ එළකිරි දීම ප්‍රවේශම් සහිත
නොවේ යයි 1940 දශකයේ දී පත්තර වල දැන්වීම් පළ කරන ලද අතර ටින්කිරි විකුණා ගැනීමට
උත්සාහ කරන ලදී. සෞඛ්‍ය අංශ ප්‍රබල වන විට මව්කිරි ඇරුණු කොට මාස තුනක් පමණ වන තුරු ජලයවත් නොදිය යුතු යැයි
නිර්දේශ කරන ලදී.බඩ විරේකය අවඥාවට ලක් කරන ලද අතර කැඳ බී පාසල් ඒමද උපහාසයට ලක්
කරන ලදී.එසේම උපතේ පටන් දෙන රතකල්කය නොදිය යුතු යැයි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයන්
පත්‍රිකා පවා පළ කරන ලදී. රත් කල්කය දුන්නේ මව් කුසේ සිටි දරුවා ස්වභාවික ලෝකයට
පැමිණෙන විට එම පරිසරයට හුරු වීම පිණිස දෙන සරල ඖෂධයක් විලසිනි. ඉන් ලේ පිරිසිදු
වී මෘදුව විරේචනය වී ශරීරය සැහැල්ලු වී ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය
කරන ලදී.
ආමය
සමබර කරන ලදී.රත කල්කයේ වට්ටෝරු දෙකක් විය. එකක බරට බරක් සහිඳ ලුණු විය. ඇතැම්
වෛද්‍යවරු පවසන පරිදි විරේක පංගුව එය වන්නට ඇත. උපතෙන් දින කට පමණ පසුව මෙම රත්
කල්කය දීම ආරම්භ කරන ලදී. නමුත් ඇතැම් වෛද්‍යවරු කියන පරිදි උපතෙන් දින දාහතරකට
පමණ පසු දීම වඩාත් යෝග්‍ය වේ.එයට හේතුව පෙකණි වැල වෙන් කල පසු තවදුරටත් මවත්
දරුවාත් අතර සංයෝගය තිබෙන බැවිනි.කෙසේ නමුත් රත කල්කය දෙන පළමු දිනයේ දී දෙහි දළු මිටක්
තලා ඉස්ම තනකිරි සමගද දෙවනි දිනයේ දී සුදුළූනු උණු අළු පල්ලේ දමා තම්බා තලා
ගත් ඉස්ම සමගද තෙවනි දිනයේ දී ළපටි ඉඟුරු කැබැල්ලක් රෙදි කඩක ගැට ගසා කඩ
පිම්මේ තම්බා පොඩි කර මිරිකා ගත් යුෂයෙන් දීම ද කළ බව පැරණි පතපොතේ සඳහන්ය.ඉන්පසූ
වසර දෙකහමාරක කාලයක් තුළ වරින් වර මේ රත කල්කය දුන් බව පැහැදිලිය.හෙම්බිරිස්සාවක්
ඇති විට කොත්තමල්ලි වතුරෙන්ද ලේ ශුද්ධ කිරීමට වදමල් තැම්බූ වතුරෙන් ද මළ වියළී ඇත්
නම් අරළු තැම්බූ වතුරෙන්ද දුන් බව පැරණියන් කියති.
පැරණියන් ගේ සෞඛය පිළීවෙත මෙසේ වුවද හැටේ
දශකයේ දී පාසල් රජයට පවරා ගත් පසු ඇති වූ පරිවර්තනයේ දී පාසල් අධ්‍යාපනය තුළ දේශීය
දැනුමට වටිනාකමක් හිමි නොවීය. හැත්තෑව දශකයෙන් පසු බිහි වූ දරුවන්ට රත කල්කය
ගැනීමේ වාසනාව අහිමි කරන ලදී.බටහිර වෛද්‍යවරු තමන් සමීපයට පැමිණෙන පිරිසට උපදෙස්
දෙන ලද්දේ රත කල්කය නොගන්නා ලෙසටය.ගලේ අඹරා දෙන රත් කල්කයට ගල් කුඩු එකතු වන්නේ
යැයි ද ඒ නිසා රතකල්කය ගැනීම හානිකර විය හැකි යැයිද වරක් එක් වෛද්‍යවරයෙකු මා සමග
පැවසීය. එවිට මා ආපිට ඔහුගෙන් විමසූයේ ඔබ ලුනු මිරිස් ආහාරයට ගන්නවාද
යන්නයි.සැබවින්ම නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ගිය පිරිසගේ අනුකාරකත්වය සහ පරස්පරය අපට
සැම විටම දක්නට ලැබුණි.මේ නිසා වසර දහස් ගණනක් තිස්සේ අත් දුටු සෞඛ්‍ය පිළීවෙත්
බැහැර වීමේ ප්‍රතිඵලය නම් ජනතාව තුල බෝ නොවන රෝග වැඩි වැඩියෙන් ප්‍රචලිත වීමයි.
හැටේ දශකයේ දරුවන් අද තම දිවිමගේ අඩ සියවස
පසු කරමින් සිටී.කොරෝනා වලින් වැඩිමනත්ව පීඩාවට පත් වන්නේ මොවුන්ය.කුඩා කළ සිරුරේ
ශක්තිය අවදි කර නොගත් ඔවුහු දියවැඩියාව හෘද රෝග අම්ල පිත්තය මේදය බහුල වීම ආදී රෝග
වලින් පෙළෙති. ඔවුන්ගේ දරුවන්ද එසේය.ළමා දියවැඩියාව බහුලව ප්‍රචලිත වී තිබේ.මෙයට
වැරදි ආහාර රටාවද එක් හේතුවකි.වල්මත් වූ මේ පිරිස එන්නත් පස්සේ දිවීම පුදුමයට
කරුණක් නොවේ.වර්තමාන රජයේ වෛද්‍ය නිළධාරීන් ගේ සංගමයද එන්නත් ගැනීමේ අවශ්‍යතාවය
මතු කරන්නේ දේශීය වෙදකමට කිසිම ඉඩක් නොතබමිනි. පාසල් වියේ දරුවන්ටද එන්නත් නිර්දේශ
කිරීමට තරම් මේ වෛද්‍යරු අපරික්ෂාකරී වී සිටින්නේ අනුකාරක අධ්‍යාපනයේ තරම අපට
පෙන්වමිනි.ඔවුන් පවසන පරිදි විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන් යනු පෙර සඳහන් කළ බෝ වන
රෝග බහුල දරුවන්ය.එන්නත දීමෙන් සිදු වන්නේ මේ දරුවන් තව දුරටත් අනතුරේ
වැටීමයි.මන්ද ඔවුන්ගේ ස්වභාවිත ප්‍රතිශක්තිය තව දුරටත් හීන වන බැවිනි.කාලයක්
තිස්සේ අපගේ අනාගත පරපුර අනතුරේ හෙළා දැන් කව දුරටත් ඒ පරපුර විනාශ කිරීමේ කුමන්ත්‍රණයක
ඔවුන් නියැලී සිටින්නේ දැයි අපට බරපතල සැකයක් ඇතිවේ.
මතුගම
සෙනෙවිරුවන්
Veddu guru mushti ado mikaye gahagena hitiya...anika mahathtbyoo owa katha karala wadak wala yana vidiyata nassa gahanna oni..dan balanna basil mahattya kohomada...mr kohomada
ReplyDelete