කාලයක් නිහඬව සිටි සී.වී. විග්නේශ්වරන්
මහතා මෑතකදී සිය කටහඬ අවදි කර තිබෙනු දුටුවෙමි.එහෙත් ඔහු ඉතාමත් ඉක්මනින් යළි නිහඩ
විය. ඊට හේතුව ඔහු කරන ජාතිවෘදි ප්‍රකාශ සම්බන්ධව පොලසිපතිට පැමිණිලි කිරීමයි..
උතුරේ මහ ඇමතිව සිටි සමයේ දී විද්‍යුත් මාධයයන්ට පුවත් සපයන පුද්ගලයෙකු ලෙසින් ප්‍රකට
සිටි එතුමා කොළඹ මල්පාරේ සිට නැවතත් අරුම
පුදුම මතිමතාන්තරයක් දක්වා තිබුණි .ඔහුගේ ජීවිත කාලයේ වැඩිමනත්ව කොළඹ සිට සිංහලයන්
සමග එකට වැඩ කර තිබුණද මහින්ද රාජපක්ෂයන්ගේ තෙරීම මත මහ ඇමති වූ දා පටන් ඔහුගේ ප්‍රකාශයන්
අතර සිංහල ජනතාවට එරෙහි වෛරී ප්‍රකාශ බහුල විය.මේ කතා සාමාන්‍ය දෙමළ ජනතාවට එල්ල
කොට කියන්නක් නොවේ.ඔහු නියෝජනය කරන දෙමළ වෙල්ලාලර් කණ්ඩායම් එල්ල කොට කියන්නක් බව
පැහැදිලි වේ. උතුරේ චන්දයකදී වෙනත් නියෝජනයක් නොමැති බැවින් දෙමළ ජනතාව විසින්
තමන්ව තෝරා පත් කර ගන්නා බව ඔහු දනී.නමුත් ඒ අතර තවත් දෙමළ දේශපාලනඥයන් අතරින්
ඔහුට කැපී පෙනෙන්නට අවශ්‍ය වී තිබේ.රනිල් වික්‍රමසිංහ මහතා විසින් යාපනයේ පැවති
තෛපොංගල් උත්සවයේ දී සහ නිදහස් දින කතාවේ දී දක්වා සිටි 13 වන සංශෝධනය සපුරා
බලාත්මක කරලීම තේමා කර ගනිමින් ඔහුගේ ප්‍රකාශය
නිකුත්ව තිබුණි. ඒ අතර ඔහු ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක්ද මහානායක ස්වාමීන් වහන්සේලා
වෙත නිකුත් කර තිබුණි.දෙමළ දේශයක් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන විග්නේශ්වරන්
අනෙකුත් නීතිඥවරුන් මෙන්ම ඉංග්‍රීසිය මව් බස කර ගත්තෙකි.
විග්නේශ්වරන් විසින් මෑතකදී තවත් ප්‍රකාශයක්
කරතිබේ.සිංහල ජනයා පැවත පැමිණෙන්නේ දෙමළ ජනයා ගෙන් බව ඔහු එක හෙළා කියාපායි.එයට
සාධක වශයෙන් ඔහු ඊනියා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ගැන දක්වා ඇත.ජාන ඉංජිනේරු විද්‍යාවේ
දියුණු ව සමග ලෝකයේ මෑත කාලීනව ජන වර්ගයන්හි ජාන සම්මිශ්‍රණය පිළිබඳව පර්යේෂණ
රාශියක් සිදු කර තිබේ.එම පර්යේෂණයන්හි මූලික පදනම වන්නේ ජාන මගින් හඳුනා ගැනීමේ ක්‍රම
දියුණු කිරීම පොදු මානව වර්ගයක් බිහි කිරීමට අවශ්‍ය ජාන හුවමාරුව සිදු කිරීම මෙන්ම
රෝගයන් සදහා නවීන ජාන ප්‍රතිකාර හඳුන්වා දීමත්ය.රට රටවල් වල පවත්වා ගෙන යනු ලබන
විශ්ව විද්‍යාලයන්හි කරන මේ පර්යේෂණයන් සඳහා ඇමරිකාව ප්රමුඛ බලවත් අයතනයන්හි මූල්‍ය
අනුග්‍රහය ලැබේ.එවිට ඒ දත්ත ඔවුන් සන්තක වන නිසා මේ පර්යේෂණයන් විවිධ ක්ෂේත්රයන්
අරභයා සිදු වෙයි. උදාහරණයක් වශයෙන් කොරෝනා
එන්නත පිළිබඳව කළ පර්යේසණ දැක්විය හැකියි.ලංකාවේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ
විද්වතුන්ටද එවැනි අරමුදල් ලැබී තිබුණි.
මෑත කාලයේ දී සිංහල ජාන සම්භවයත් එම ජාන
ඉන්දීය ජන වර්ගයා සහ වෙනත් ආසියානු රටවල් අතර තිබෙන සම්බන්ධයත් සෙවීමට විවිධාකාර
පර්යේෂණ රාශියක් සිදු කර තිබේ. ඉන්දීය ජාන ඉංජිනේරුවකු වූ රෝයි චවුද්රි 1985 දී
කළ පර්යේෂණයකදී ඔහු සඳහන් කර තිබෙන්නේ බෙංගාලි ජනතාවට වඩා දකුණු ඉන්දීය ද්‍රවිඩ ජන
වර්ගයන්ට සිංහල ජනයාගේ සම්බන්ධයක් තිබෙන
ආකාරයයි.. ඉන්පසු ගෞතම් ක්ෂත්රියා 1995 දී කළ පර්යේෂණයද එබන්දකි. ඔහු දක්වා ඇත්තේ
දකුණු ඉන්දීය සම්මිශ්‍රණය සියයට හැට නවයක්ද බෙංගාලි සම්භවය සියයට 25 ක් ද වන බවයි. 1976 දී ක්‍රික් නම් විද්‍යාඥයෙකු කළ
පර්යේෂණයකදී දක්වා ඇත්තේ සිංහල ජනයා කේරළ වර්ගයාට තිබෙන සම්බන්ධයක් පිළිබඳවයි.අනතුරුව
2014 වසරේ දීද මෙවැනිම ජාන පර්යේෂණයක් සිදු කර තිබේ. ලංකාවේ ජීවත්වන ලංකා දෙමළ
ඉන්දියානු දෙමළ මුස්ලිම් යන පිරිස සමග
සිංහලයාගේ සබඳතාවය සෙවීම මෙහි අරමුණ වී තිබේ.
විද්‍යාවේ දියුණුව සඳහා මෙම පර්යේෂණ සිදු කිරීම ඵලදායී වුවද මෙහි යටි
අරමුණ වන්නේ වෙනත් කරුණකි. වසර දහස් ගණනක් තිස්සේ අවිච්ඡින්නව පැවතෙන සිංහල
ජනතාවගේ අභිමානය සහ සංස්කෘතික අනන්‍යතාවය මානසික වශයෙන් දිය කර හැරීම මෙකී අරමුණු
අතර තිබෙනවා විය යුතුයි..තමන් ශුද්ධ වූ ජන වර්ගයක් නොව විදේශිකයන් සමග සම්බන්ධව
පැවතෙන්නක් වූ බව විද්‍යාත්මකව පැහැදිලි කිරීම නිසා මේ අභිමානය දිය කර හැරේ.විද්‍යාවෙන්
පැහැදිලි කළහොත් ඕනෑම බොරුවක් සමාජ ගත කිරීම වර්තමානයේ දී ඉතා ලෙහෙසිය පහසුය.
විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ පාරම්පරික වාස භූමි ලෙසට කලක පටන්
කරන ප්‍රකාශ සමග දෙමළ ජනයාට සිංහලයා සමග තිබෙන සම්බන්ධය දිග හැරීම මත මේ ප්‍රදේශ
වලට තිබෙන අයිතිය තහවුරු කර දිය හැකි බව මේ පර්යේෂණයන්ට මුදල් දෙන පිරිස දනී.
විග්නේශ්වරන් ගේ ප්‍රකාශයේ සත්‍යතාවය සැගවී පවතින්නේ මෙවැනි පසුබිමක් මත බව කිව මනාය.
2021 දී කොළම විශ්ව විද්‍යාලීය ජින්ටෙක්
ආයතනය විසින් ද මෙවැනිම ජාන පර්යේෂණයක් සිදු කර තිබේ.කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය
ගයනි ගල්හේන ජින්ටෙක් ආයතනයේ නදීක පෙරේරා සහ විවෘත විශ්ව විද්‍යලයේ මහාචාර්ය ගයා
රණවක යන තිදෙන විසින් පුද්ගලයන් 838 දෙනෙකු ගේ ජාන දත්ත පදනම් කරන ලද විශ්ලේෂණයේ
දී නිගමන වශයෙන් ප්‍රකාශ කොට තිබෙන්නේ සිංහලයාගේ ජාන සම්මිශ්‍රණය තුළට ලංකා දෙමළ
යනුවෙන් හඳුන්වන පිරිස සහ මුස්ලිම් පිරිසකගේ ජාන වඩා සමීප බවයි.නමුත් මේ
පර්යේෂණයන්ට ලංකාවේ ෙඑතිහාසික තත්වයන් යොදා ගත් බවට සාධක නැත.
ලංකාවේ
ඉතිහාසය තුළ ප්රාග් ෙඑතිහාසික තත්වයක් සහ ෙඑතිහාසික තත්වයක් විද්‍යාමාන වේ. ප්රාග්
ෙඑතිහාසික තත්වය ජන ප්‍රවාද ගත තොරතුරු අනුව රාවණා ඇතුළු යක්ෂ රාක්ෂ නාග ජන
වර්ගයන්ගෙන් සමන්විතය.මොවුන් පොදුවේ අසුරයන් වශයෙන් හැදින්වෙයි.අසුරයන් දකුණු
ඉන්දියාවේ ද බහුලව වාසය කළ බව රාම රාවණා පුවත ඇසුරෙන් දත හැකිය.ෙඑතිහාසික යුගයේ
දී විජයාගමනයටත් ප්‍රථම උතුරු ඉන්දියාවේ සිට පැමිණ ක්ෂත්රියන් ලංකාවේ පාලනබලය ලබා
ගත් බවද පසුව ශ්‍රී මහා බෝධිය සමග පැමිණි කුල දහ අටක ජනයා ලංකාවේ පදිංචි කළ බවද
වංශ කතා පැහැදිලි කර දෙයි. ඉන්පසු ගජබා රාජ්‍ය සමයේ දී ඉන්දියාවේ සිට විසිහතරදහසක්
ජනයා ලංකාවට ගෙනා බවද දැක්වේ. ලංකාවේ පැරණි කුල ක්‍රමය අනුව බ්‍රාහ්මණ වෛශ්‍ය ගොවි
සහ ක්ෂුද්‍ර යන කුලකයන් ගත් විට බ්‍රාහ්මණ සහ වෛශ්‍ය වැඩි පිරිස උතුරු ඉන්දීය ක්ෂත්රියන්
වෙති.ගොවි කුල ජනයා පැරණි යක්ෂ රාක්ෂ නාග ජන වර්ගයන්ට අයත් අතර අනෙකුත් ජන වර්ගයන්
සේවා කුල වශයෙන් දකුණු ඉන්දියාවෙන් සහ උතුරු ඉන්දියාවෙන් පැමිණි පිරිස වෙති. මෙම
තත්වය මත ලංකාවේ ජාන සම්භවය ඉතාමත් සංකීර්ණ තලයක පවතී සිංහලයාගේ වර්ණ දේහ කෙතරම්
කාලයක් සිට මෙලෙස සම්මිශ්‍රණය වූවා දැයි සිතීම අතිශයින් උගහටය. නමුත් ෙඑතිහාසික
යුගයේ සිටම ඉන්දීය මහ ද්වීපයෙන් වෙන් වූ
පොදු අනන්‍යතාවයකින් යුක්ත පොදු භාෂාවක් කතා කරන සංස්කෘතියක් ඔවුන් ඇති කර ගෙන
තිබේ. මෙම සස්කෘතිය තුළට අවශෝෂණය වන්නෝ දෙමළ වේවා මුස්ලිම් වේවා චීනුන් හෝ ජපනුන් වේවා යුරෝපීයන් වේවා කාලයත්
සමග සිංහලයන් බවට පත් වී තිබුණි.
දකුණු ඉන්දියාවේ තත්වය ඊට මදක් වෙනස්ය. ක්‍රි.පූ
. පස්වන සියවසේ සිට යවනයන් විසින් ආක්‍රමණය කිරීමෙන් පසු අප්‍රිකානු සම්භවයක්
සිහිත ද්‍රවිඩ කම්කරුවන් හෝ සෙබළුන් හෝ වහලුන් වශයෙන් කාවේරි ගංඝා නිම්නයේ පදිංචි
කරවන ලදහ.
යවනයන්ගේ බලය බිද වැටුණු පසු මෙකී ද්‍රවිඩ ජනයා
ධනයෙන් සහ බලයෙන් වැඩිතර වී දකුණූ ඉන්දීයාවේ විවිධ රාජ්‍යයන් බිහි කළහ. එවිට එහි
ජීවත්ව සිටි අසුර ජනයා නැතිනම් යක්ෂ රාක්ෂ ගෝත්‍ර සියල්ල ද්‍රවිඩීකරණය වූහ. ද්‍රවිඩ
ලෙසට අද හැඳින්වෙන්නේ භාෂා පවුලකි. දෙමළ තෙලිඟු
මලයාලි කන්නඩ ආදී වශයෙන් භාෂා පවුලකි. මෙම භාෂෘවන් කතා කරන ජනයා අද පොදුවේ
ද්‍රවිඩයන් ලෙසට හඳුන්වයි. දකුණු ඉන්දීය
මෑත කාලීන සංස්කෘතිය බිහි කිරලීමට විදෙස් වලින් පැමිණි ද්‍රවිඩ මූලයන්
වැදගත් වනුයේ එලෙසයි. හතරවන කාශ්‍යප රජුගෙ පුත්
මාන කුමරු කේරළයේ පල්ලව රාජ්‍යයට පැන ගොස් එහි රාජ්‍ය සභාවේ කාලයක් සේවය කොට නැවත ලංකාවට පැමිණ සිංහල රාජ්‍ය බලය නැවත
ලබා ගෙන මානවර්මන් අභිධානයෙන් රජකම් කළේය. ඔහු සමග කේරළයෙන් පැමිණි ජනී ජනයා මෙන්ම
ඔහුගේ පුත් පරම්පරාවේ පල්ලව දේශයේ සිටි අලකේශ්වර පරපුරද වරින් වර ලංකාවට පැමිණියහ.විද්‍යාඥ
ටික්කම මහින්ද කුමාර මහතාගේ පර්යේෂණ තොරතුරු වලින් මේ කරුණු පැහැදිලිවේ. ක්‍රික්
ගේ පර්යේෂණයන් අනුව අපට කේරළ සබැඳියාව ඇති වන්නේ මෙම පසුබිම තුළය.
මෙලෙස
මෙරට අනන්‍යතාවය ජාන සම්මිශ්‍රණයකින් සිදු වුවද මෙරට සංස්කෘතිය ගොඩ නැගීමට උතුරු
ඉන්දීය ක්ෂත්රියන් දක්වන ලද දායකත්වය
සුවිශේෂී වෙයි. භාෂා පෝෂණය සිරිත් විරිත් බුද්ධ ශාසනය සාර ධර්ම සියල්ල එම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙසට
පවතී.පැරණි ස්වදේශිකයන් වූ යක්ෂ ගෝත්‍රයන්හි භාෂා ලක්ෂණ සහ චාරිත්‍ර ධර්මයන්ද මේ
පොදු සංස්කෘතියට එක්වී තිබේ. ඒ නිසා අදටත් උතුර සහ නැගනහිර ප්‍රදේශ වල පමණක් බෞද්ධ
ස්මාරකයන් 1500 කට වඩා අපට හඳුනාගන්නට ලැබී තිබේ.චෝල පාලන සමයේ ඉඳි කරන ලද බෞද්ධ
ගොඩනැගිලි ඇරණූ කොට වෙන කිසිම ස්මාරකයක් ද්‍රවිඩ ජන වර්ගයා විසින් කර නැත. දෙමළ
සෙල් ලිපි පවා උතුර සහ නැගෙනහිර පවතින්නේ ඉතාමත් සීමිත සංඛ්‍යාවකි. මහා පරාක්‍රමබාහු
රජු විසින් කළ දෙමළ සෙලි ලිපියක් නාග ද්වීපයේ පවතී. එයද සිංහල රජුගේ ආඥාවක් ප්‍රදර්ශනය
කර වූවකි. විග්නේශවරන් කියන ලෙසට ඔවුන්ට වසර 3000 ක් පැරණි ඉතිහාසයක් පැවතියේ නම්
මේ ප්‍රදේශයන්හි භාෂාව දෙමළ විය යුතුය. ඉන්දීය අසුර ජනයා ද්‍රවීඩිකරණය වුවද ලංකාව
එලෙස ද්‍රවීඩීකරණය කිරීම පහසු නොවූයේ සිංහල රජ වරුන් අභිමානයෙන් යුතුව මෙරටේ අනන්‍යතාවය
වෙනුවෙන් සටන් වැදුණු නිසාය. අප පරාජයට පත් වූයේ යුරෝපීයන්ට පමණි. එයද රැවටීම
නිසාය. ඉන්පසු මලබාරයෙන් දුම්කොළ වගාවට ගෙනෙන ලද වහලුන් නිසා ලංකාවේ දෙමළ
ජනගහනයක්ද වෙළදාමට පැමිණි දකණු ඉන්දීය
මරක්කලයන් නිසා මුස්ලිම් ජනගහනයක්ද ඇති විය. විග්නේශ්වරන් සහ සම්බන්ධන්ද පැවතෙන්නේ
මෙකී වහල් පරම්පරායෙන් බව ඔවුන් දත යුතුයි.
උතුර සහ නැගෙනහිර වීසූ සිංහලයන් පිරිසක් ද ද්‍රවිඩීකරණය වූ යේ සිංහල පාලනයෙන් ඒ ප්‍රදේශ
ගිලිහී ගිය බැවිනි. ඒ අතර වැද්දන් ද විය. නොදන්නා දෙමළට ගොස් වරිගෙ නහ ගැනීම යයි
පාඨයක් ජන ප්රවාදයන්ට එක්වූ යේ මෙලෙස දෙමළ ඉස්කොල වලින් දෙමළ ඉගෙන දෙමළ වර්ගයා
බවට පත් වූ සිංහලයන් නිසාය.කෙසේ වෙතත් ජාන පර්යේෂණයන් මගින් හෝ බලය බෙදීමෙන් හෝ
මෙරට එකසේසත් කළ නොහැකිය.අතීතයේ සිටම පැවති ලෙසට සිංහල පොදු සංස්කෘතියකට අනෙකුත්
ජන වර්ගයා එකතු වීමෙන් පමණක් සාර්ථක වේ .අතීත සූත්‍රයන් අදටත් වලංගුය.
මතුගම
සෙනෙවිරුවන්
No comments:
Post a Comment