ඇමරිකන්
ආධාර වලින් රටක් හසුරුවන්නට පිළිවන් බව අප දැන ගත්තෙ තෙල් ජනසතුව වෙලාවෙ ඔවුන්
ජාත්‍යන්තරව කල බලපෑමෙන්.නමුත් ඒ වන විට සෝවියට් දේශය සමග ඇති කර ගත්ත එකඟතාවය මත
ලංකාවට තෙල් ලැබුණ.ඛනිජ තෙල් සංස්ථාවත් පිහිටුවන්නට හැකිවුණා.ඇමරිකානු ආධාර අපට ලැබෙන්නට
පටන් ගත්තෙ පණහේ දශකයේ දී.1954 දී ඇමරිකන් ජනාධිපති අයිසන්හවර් විසින් සකස් කළ P L 480 නම් නිතියක් යටතේ මේ ආධාර ලැබෙන්නට ආරම්භ වුණා.මේ වැඩ සටහන යටතේ 1958 දි
විතර ලංකාවට කිරි පිටි ලැබෙන්නට පටන් ගත්තා. ලංකාවෙ ළමුන් මන්ද පෝෂණයෙන් පෙළෙන බවට
කළ පූර්ව නිගමන මතයි මේ කාරණය සිද්ද වුණේ.ඒ එක්කම ඇමරිකන් ආධාර යටතේ ඇදිහැස නමින්
යුත් බිස්කට් පාසල් වලට බෙදා හැරිය.
මේ කාලයේදී
බිස්කට් ලංකාවෙ එතරම් ජනප්‍රිය වුණේ නෑ.1939 දී ආරම්භ වූ විලියම් බිස්කට් කර්මාන්ත
ශාලාවත් 1954 දී ආරම්භ වූ මැලිබන් බිස්කට් ව්‍යාපාරයත් නිසා ක්‍රමයෙන් බිස්කට්
නැතිනම් විස්කෝතු ජනතාව අතට ගියා.ලංකාවෙ
මිනිසුන්ගෙන් බහුතරයක් කෑවෙ බත් කුරහන් මෙනේරි වගේ ආහාර.මේ ආහාර සංස්කෘතිය වෙනස්
කරන්නට. ඇමරිකාවට අවශ්‍ය වුණා. සාමය සඳහා ආහාර යයි කියමින් ඇමරිකන් ආධාර වැඩසටහනක්
වශයෙන් 1958 දි විතර පාසල් වලට කිරි ලබා දෙන්නට ආරම්භ වූ විට දරුවන් එයට මනාපයක්
දක්වා නැහැ. රබර් කිරි වගේ දුගඳක් හැමීම ඊට හේතුවයි.ඒ කිරි ලබා දුන් විට ඉවත ට
විසික් කොට දැමීම නිසා විදුහල්පතිවරයා වේවැල අතට ගත්තා.කොහොම වුණත් ඒ ආධාරය අසාර්ථක
වුණා. ඊළඟට විලියම් බිස්කට් අයිතිකරු ඊට මැදිහත්ව ඇමරිකන් ආධාර වැඩසටහනක් වන කෙයාර්
එක සමගින් අධි පෝෂණ ගුණයෙන් යුත් විස්කෝතුවක් නිෂ්පාදනය කලා.ඒකට කිව්වෙ ඇදිහැස
කියගයි. ඇමරිකන් ආධාර සැමට සමසේ කියන එකේ කෙටි වදන තමයි ඒක .මේ විස්කෝතු
ළමුන් අතර හොඟක් ජනප්‍රිය වුණා.1988 දක්වාම එම වැඩ සටහන ක්‍රියාත්මක වුණා.
විස්කෝතු බනිස් පාන් වගේ තිරිඟු පිටි ආහාර ජනතාව අතරට ගියේ එහෙමයි.ඇදිහැස කිරිබීපු
විස්කෝතු කාපු පරපුර මේ වන විට ලෙඩ වෙලා. දියවැඩියාව ප්‍රෙෂර් හාදයාබාධ වලින් ලෙඩ
වෙලා. පසුගිය කාලෙ කොරෝනා වලින් මියගිය බොහෝ පිරිසක් එලෙස ලෙඩ වුණ අය බව සිතන්නට
පිළිවන්.ඇමරිකන් ආධාර වැඩසටහන වන පී.එල්.480 නිසා තවමත් තිරිඟු පිටි සහාධාරය ක්‍රියාත්මකයි.දැන්
චූන් පාන් නැතිව අපේ ජනතාවට උදේ වේල පිරිමහගන්න අමාරුයි.කිරිපිටි නැතිව හූල්ල
හූල්ල පෝලිම් වල ලගින පිරිස අප්‍රමාණයි.දෙමළ මුස්ලිම් අයට මේ ප්‍රශ්ණ
අඩුයි.ඔවුන්ගෙ ජනගහනය වැඩිවෙනව.සිංහල ජාතිය ක්‍රමයෙන් අඩුවෙලා යනව.
දැන් ඇමරිකන් ආධාර වලින් යැපෙන ලෝක සෞඛ්‍ය
සංවිධානය හරහා ලංකාවට එන්නත් එනව.ඇමරිකාව මැදිහත් වීමෙන් හැදුව වෛරසයකට ඒ අයම
එන්නත් හැදීම පුදුමයට කරුණක් නොවෙයි. ඒ මොකද වර්තමාන වෙළෙඳ මාෆියාවෙ හැටි එහෙම
නිසා.ඉතින් ෆයිසර් මොඩර්නා එන්නත් දැන් ලංකාවට නොමිලේම දෙනව . ඒ වැඩ පිළිවෙල ප්‍රමෝට්
කරන දොස්තරලට දේශපාලනඥයන්ට ආයතන ප්‍රධානීන්ට හොඳට සලකන බව ආරංචියි. පාසල් පටන්
ගත්තම ඒ දරුවන්ට එන්නත් දෙන්න වැඩ පිළිවෙලක් හදල ඉවරයි.1960 දි වගේ විදුහල්පතිතුමා
වේවැල අතට ගන්න ලෑස්ති පිටයි ඉන්නෙ. ඒත් මේ සැරේ ඒක ලේසි වෙන්නෙ නෑ.ළමුන්ට තරවටු
කළහොත් මුල් ගුරුතුමාටත් නීතියෙන් තරවටු කරන්න රටේ සංවිධාන දැන් පෙළ ගැහිලා කියල
ආරංචියි.
පිටි කිරි බීම පසුව හුරු වුණු දෙයක් තමයි. නමුත් මට තියෙන ගැටළුව, එයිට කලින් අපේ රටේ උදවිය එළකිරි බිව්වනෙ. දැන් එළකිරි ටිකක් හොයාගන්න තැනක් නෑනෙ, අපි පොඩිකාලෙ දි වගේ...
ReplyDeleteඩ්රැකී එළකිරි නං හොයාගන්න පුළුවං! ඒත් මව් කිරි පොඩ්ඩක් තමයි හොයාගන්න විදියක්ම නැත්තේ!? (එළකිරි හොයා ගත්තත්; අපි ගන්න දවසට ඉස්සරින්දා වැස්සි ඇළ ගාව ගැටගහලා ඉඳලා ඌ බඩ පිරෙන්න වතුර බීපු දවසක්!)
ReplyDeleteඇදිහැස - ඇමරිකන් දීමනා හැමටම සමසේ