බත් ප්‍රධාන ආහාරය වශයෙන් ගන්නා ආසියාතික රටවල්
අතරින් ලංකාව ප්‍රමුඛ තැනක් හිමි කර ගෙන ඇත. වී පෑහීමෙන් සහල් ලැබෙන අතර සහල්
තැම්බීමෙන් බත් ලබා ගත හැකිය.මෙම ක්‍රියාවලියේ තිබෙන වෙහෙසකර බව පූජාවලියේ මැනවින්
දක්වා තිබේ.රතු කුරුට්ට සහිත සහල් ලැබෙන වී වර්ග බහුතරයක් අතීතයේ දී ගොවිබිම් වල
දක්නට ලැබුණි.සම්බා වර්ග තිබුණේ අතලොස්සකි.වෙහෙස වී වැඩ කරන ජනතාවට රතු කුරුට්ට
සහිත සහල ඉතා වැදගත් වු අතර එම බත් අනුභව කිරීමට විශේෂ රුචිකත්වයක්ද තිබුණි.විදේශ
ජයගත් මහා පරාක්‍රමබාහු රජු සිය සංග්‍රාමයන් දියත් කරන කල්හි සහල් පිටරට පැටවූ බව
ඉතිහාසයේ සඳහන්ය.ඒ සඳහාම වෙන්වුණු විශාල වැව් සහිත කෙත්යායන් නිර්මාණය කර ගැනීමටද
රජු සමත් විය. කුරහන් මෙනේරි තණ වැනි
කටුසර ධාන්‍ය වර්ග වලින්ද පස්ගෝරස වලින්ද ගොවියා
ස්වයංපෝෂිතව සිටි බැවින් එකල ජනතාව දුගී බවට පත් නොවීය.
බ්‍රිතාන්‍යයන්ට ලංකාව ගිවිසුමකින් ලබා
දුන් පසු ඇතිවූ අරගල වලින් පසු මෙම ස්වයංපෝෂිත බව නැති විය. වතු වැවිලි වලට ඉඩම්
යටවීමත් වැඩකළ හැකි පුරුෂයන් මරණයට පත් වීමත් වැව් කැඩී බිඳී යෑමත් සමග ජනතාව දුගී
භාවයට පත් විය.මෙම පරිවර්තනය ඉංග්‍රීසි ආණ්ඩුවටද බලපෑම් ඇති කලේය. ඒ නිසා වැව්
අලුත් වැඩියා කිරීමටත් ගොවිතැන නගා සිටුවීමට ජනපද ඇති කරලිමටත් ඔවුනට සිදු
විය.එහෙත් යලි පුනර්ජීවනය ලැබුණේ අතීත ගොවිතැන නොවේ.රසායනික පොහොර පලිබෝධ නාශක
සහිත යෙදවුම් කාෂිකර්මයයි. මේ නිසා නිෂ්පාදන වියදම වැඩිවුණු අතර නව අභිජනන බීජ
නිසා අස්වැන්න වැඩි කර ගැනිමටත් හැකි විය.අතීත රජවරු ගොවියාට අවශ්‍ය යටිතල පහසුකම
සකසා දුන් අතර ගොවිතැන දියුණු කරන ලද්දේ ගොවීන් විසින්මයි.කුඩා වැව් ඇළ මාර්ග
අලුත්වැඩියා කර ගැනීමටද ගොවියාට හැකි විය. එහෙත් විසිවන සියවසේ තත්වය එසේ
නොවේ.ගොවියාට මග පෙන්වීමට කෘෂිකර්ම නිළධාරීන් පිරිසක් බිහි වුණ අතර 1951 සිට ගොවීන්ට
සහනාධාර දීමට ද ආණ්ඩු පෙලඹුණි.නවසිය හැටේ දශකයේ දී ඇති වූ හරිත විප්ලව ක්‍රියාදමය
කලින් සැලසුම් කරලූවක් විය. රසායනික පොහොර පලිබෝධනාශක ආදිය සඳහා ආසියාතික රටවල
වෙළෙඳ පළක් සෑදීම මෙහි අරමුණ විය. වී අභිජනන ක්‍රියාවලියට අතදුන් ආහාර හා කෘෂීකර්ම
සංවිධානය හැට හැත්තෑව දශකයන්හි කල මැදිහත් වීම මත පැරණි ගොවියා රසායනික කෘෂිකර්මයට
පරිවර්තනය විය. මේ නිසා අස්වනු වැඩිවුණ නමුත් ලෙඩ රෝගද පැතිරුණී..පැරණි රතු සහල්
වෙනුවට සුදු සහල් රුචිකත්වය ප්‍රචලිත විය. සුදු සහල් සමග පාන් කෑමේ රුචිකත්වයද වර්ධනය
විය.
දැන් දශක හයක් පමණ ගතව ගොස් ඇත. වී නිෂ්පාදනය
වැඩිවී රට සහලින් ස්වයාංපෝෂිත වී ඇතද ගොවියාගේ ජීවිතය තවමත් කරදරකාරීය. වරක් පොලොන්නරු
ගොවීහු වී වලට මිලක් නොමැති බැවින් වස පානය කළහ.ඒ කාලයේ වී කිලෝවක් රුපියල්
දහකටවත් විකිණිය නොහැකි විය.අනතුරුව මෑත කාලයේ දී වී ගැණුම් මිල යම් තරමකින් වැඩි
වී තිබෙන නුමුත් ජීවන වියදම වැඩි වීමට සාපේක්ෂව
ගොවියා ගේ අතමිට සරු වන්නේ නැති බව පහත දැක්වෙන සංඛ්‍යලේඛන වලින් පැහැදලි
වේ.
වී කිලෝවකකට අවම වශයෙන් දැනට ලැබෙන්නේ රුපියල් හැටදෙකකි.හැත්තෑවට සහ අසූවට ගන්නා සම්බා වර්ග ද ගතහොත් අක්කරයක් වැඩ කර ලබා ගන්නා අදායම මෙසේය.
අස්වැන්න
- අක්කරයට බුසල් 100 ( වී කිලෝ 2100 )
ගොවීනට
අතට ලැබෙන මුදල අංක 01 -රු.130200 ( 62 ×2100 )
අංක
02 -147000 (2100×70 )
අංක
03 -168000 (2100×80 )
අක්කරයක
නිෂ්පාදන වියදම - රු. 40000 -50000
කන්නයකට
ලාභය අංක 01 -90200 (මසක ආදායම -15033)
ලාභය
අංක 02 -107000 (මසක ආදායම -17833 )
ලාභය
අංක 03 -128000 (මසක ආදායම -21333)
දැඩි ලෙස වෙහෙස මහන්සි වී ගොවියෙකු විසින් ලබා
ගන්නා මෙම අදායම රජයේ කාර්යාලයක සේවය කරන සහායකයෙකුගේ ආදායමටද වඩා අඩුය.දරුවන්
ලොකු මහත් කර උගන්නවා පහසු ජීවිතයක් ගත කිරීමට මෙම ආදායම කොහෙත්ම ප්‍රමාණවත්
නැත.අස්වැන්න අඩු වුවහොත් නිෂ්පාදන වියදම වැඩි වුවහොත් මෙම ආදායමද පහළ බසී.වී මිළ
තවත් වැඩි කළහොත් පාරිභෝගිකයා මත බර පැටවෙයි. සහල් මිළ වැඩි වන නිසාය.එම තත්වය මත
ගොවියාගේ ආදායම වැඩි කිරීමට විකල්ප සොයායෑමට සිදු වේ. එකක් නම් වී නොව සහල්
විකිණීමට පෙළඹවීමයි. වී කිලෝ 2100 න් සහල් ලැබෙන්නේ සියයට හැට දෙකකි.එනම් කිලෝ
1302 කි. (පාරම්පරික වී නම් සියයට හැට
පහකි) සහල් කිලෝවක් 100-120 අතර ගණනකට අලෙවි කළද ගොවියාගේ ආදායම වැඩි වන්නේ ඉතා
සුළු වශයෙනි.ඊළඟ විකල්පය නම් සහල් වලින් පාන් ඇතුළු ආහාර ද්‍රව්‍ය නිපදවා අලෙවි
කිරීමයි.මේ සඳහා ක්‍රම දෙකක් ඇත. එකක් සහල් පිටි බවට පත් කිරීමෙන් ආහාර නිපදවීමයි..
දෙවැන්න සහල් පිටි ද්‍රවයක් බවට පත් කර පාන් සෑදීමයි.. ද්‍රවයක් බවට පත් කොට පාන්
හදන බේකරියක් බැලීමට වරක් ගාල්ලට ගියෙමි.එය සාර්ථක නිෂ්පාදනයක් බව ද පසක්
කළෙමි.නමුත් ගොවියා රැක ගැනීමට හෝ ජනතාවට පහසු ආහාර ජාලයක් රටපුරා ඇති කිරීමට සමත්
බලධාරීන් එකල දක්නට නොසිටියහ.
ගොවියාට තිබෙන ප්‍රබලතම අභියෝගය නිෂ්පාදන
මිළ දිනෙන් දින ඉහළ යෑමයි.රසායනික කෘෂීකර්මයට බැඳී දශක හයකින් පසු ඔවුහු එය වෙනස්
කරලීමට උත්සාහ කරන පිරිසටද වෛර කරති.නමුත් නිෂ්පාදන මිළ වැඩි වන්නේ රසායනික ද්‍රව්‍ය
සහ වෙනත් අමතර වියදම් නිසා බව කල්පනා නොකරති.නිෂ්පාදන මිළ අඩු කරලීමට තිබෙන එක
විකල්පයක් නම් ගොවීන් සාමූහිකත්වයට පෙළඹීමයි.ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර වලින් සී
සෑමට හූරු වූ කාලයක් බැවින් ගොවි කණ්ඩායාමකට එක් ට්‍රැක්ටරයක් තිබෙන්නේ නම් ඒ
යන්ත්‍රය හැසිරවීමට ගොවි සාමාජිකයෙකු ම යොදවා සිටී නම් කුඹුරු සැකසීමත් ගොයම් කපා පෑගීමත් යන
අවස්ථෘ දෙකම ජය ගත හැකිය.
මතුගම
සෙනෙවිරුවන්
අර චීනයෙන් ගේන බැක්ටීරියා සහිත පෝර ගැන මොකද කියන්නෙ.
ReplyDeleteගොවියාට දෙන්න පුළුවන් සුපිරිම සපෝර්ට් එක තමයි ගොවියෝ කැමති උනත් නැතත්; එක යායක ඉන්න සියළුම ගොයියෝ ටික එක් සමාගමක් යටතට ගෙන ඒම! මේක විවාදයට තුඩු දෙනවා වගේ පෙනුනාට සීයාගේ අක්කරේ පුත්තු අට දෙනා අතරේ බෙදිලා උනේ පුත්තු අතරේ ලියද්ද දෙක පැවරුනාවම් කිසි සේත්ම විද්‍යාත්මක හෝ අවිද්‍යාත්මක ගොවි තැනක් කරණ්නට බැරිය! මම මේ ලියන්නේ අත් දැකීමෙන්ය!
ReplyDelete