පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, May 5, 2019

මුස්ලිම් නායකයන් ෂේප් කොට ත්‍රස්තවාදය පැරදවිය හැකිද


                           
          දේව මෙහෙයන්ට සාභාගි වූ අහිංසක ජනතාව ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයේ කඳුළු කතාව තවමත් අවසන් වී නොමැත.මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන ලද දේශපාලන සුනඛයන් සිය නගුට දෙපරන්ද අස්සේ සඟවා ගනිමින් එකිනෙකාට බුරමින් සිටින කාලකණ්නි හෝරාව ද  පසු කරමින් සිටිමු.මළ මිනී උඩින් සිය දේශපාලන අභිමතාර්ථයන් ඉෂ්ට කරගත හැකි බවට දැන සිටි මැති ඇමැත්තන් ගේ අභිප්‍රායන් සිය මුග්ධ වාග් කෝෂයෙන් එළියට ඇද බෑ ආරක්ෂක ලේකම් වරයා ජනතාව ඉදිරියේ නිරුවත් වෙද්දී ජාතික ආරක්ෂාව වෙනුවෙන් අන්තවාදී සංවිධාන තහනම් කිරීමට නීති නැතැයි පාරම්බෑ  අගමැති වරයා ගේ වර්තමාන න්‍යාය පත්‍රය ද කියවීමකට ලක් කරමු.
        මංගල සමරවීර හිටපු විදේශ ඇමැතිවරයා ජිනීවා මානව හිමිකම් කොමිසමට ගොස් එහි 30/1 යෝජනාවලියට සම අනුග්‍රහය දක්වන ලද්දේ ලක් රජයේ කැබිනට්ටුව පවා දැනුම්වත් නොකරමිනි.ඔහුට එවැනි බලයක් ලැබී තිබුණේ යහපාලන රජය පත් කරන්නට යෙදුණු ඇමරිකානු බ්‍රිතාන්‍ය විදෙස් ඔත්තු සේවාවන් ගේ පිහිටෙනි.මෙම යෝජනාවලියේ සඳහන් ප්‍රතිපාදන රාශියක් මේ වන විට යහපාලන රජය ඉටු කර තිබේ. පවත්නා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනස් කොට නව ප්‍රතිත්‍රස්ත පනතක් ගෙන ඒම තවත් ප්‍රතිපාදනයකි. එය දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති අතර විපක්ෂ මන්ත්‍රීවරු පොල් ගාමින් එය සම්මත කර ගැනීමට ඉඩ නොදෙන බව අගමැති කියයි. දැනට පවත්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙම ප්‍රති ත්‍රස්ත පනත යටතේ අහෝසි වන අතර ත්‍රස්තාවාදීන්ට පැණවෙන දඬුවම්ද ලිහිල් කෙරේ. නමුත් මහජන සංවිධන වල ක්‍රියාකාරිත්වය( වෘත්තීය සමිති ක්‍රියා සහ ජාතික සංවිධාන  විරෝධතා ) තහනම් කිරීමට යෝජනා එහි කෙරී ඇත. දෙමළ ත්‍රස්තවාදීනට ගැලවී යා හැකි මංද එහිදී විවර වන බව දැක්වේ.
       . බළලා මල්ලෙන් එළීයට පැමිණ තිබේ.බොම්බ ප්‍රහරයෙන් පසු අගමැති ගේ හැසිරීම නිරීක්ෂණය කරන කල්හි ඔහු මේ සියල්ල දැන සිටියාය කියන මතයට එන්නට හැකිය. මේ ව්‍යසනයෙන් සතියක් ගත වන්නටත් කලියෙන් විරෝධයට ලක් වූ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඇමරිකා ඒජන්සිය මගින් ලබා දෙන ඩොලර් මිලයන් 480 ක් ලබා ගන්නට උත්සාහ දැරීම පෙන්වා දිය හැකිය.මේ ආර්ථීක කොරිඩෝ ව්‍යාපෘතිය මගින් ලංකාවේ ඉඩම් රාශියක් ඇමරිකානු සමාගම් වලට අයත් වන ආකාරය මීට කලින්  පෙන්වා දී ඇත්තෙමි. ඒ අතර ඇමරිකානු බුද්ධි නිළධාරීන් ද ලංකාවට ගෙන්වා හමුදා වල කටයුතු වලට ඉහළින් සිටීමට ඔහු හදිසි වී ඇත.මෙම සැලසුම නේටෝ යුධ කඳවුරක් විය හැකි බවටද මත පළ වී තිබේ.
          ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනවවන සංශෝධනය ව්‍යවස්ථාමය උගුලක් බව ගෙවිඳු කුමාරතුංග මහතා පෙන්වා දී තිබේ.මේ උගුලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී වරුන් පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත් අසුකර ගැනීමට තරම් රනිල් වික්‍රමසිංහ සට කපට වී සිටියේය.චන්දය විමසන අවසාන මොහොතේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරුන්ට බල පෑම් කිරීමට  මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇත. එවිට ජානක බණ්ඩාර මහතා  පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගිය අතර සරත් වීරසේකර මහතා විරුද්ධව චන්දය පාවිච්චි කළ බව කාටත් නොරහසකි.මේ නිසා ව්‍යවස්ථාමය උගුල නිර්මාණය කළ සියලුම පුද්ගලයන් මේ ව්‍යසනයට වග කිව යුතු බව කිව යුතුය.පොලිස්පති තනතුරට නව පුද්ගලයෙකු පත් කිරීමට දරන ලද මහන්සිය සියලුම ජනතාවට පෙනී ගියේය. ඔක්තොබර් 26 වනදා පත්වූ මහින්ද ගේ ආණ්ඩුවට විරුද්ධව අරලිය ගහ මන්දිරයේ බලකොටුවට වී සිටි චම්පික රණවක ඇතුලු බොහෝ අය අද කට උත්තර නැතිව සිටී.ත්‍රස්තවාදය වැලැක්වීමේ න්‍යාය පත්‍ර වසර හතරක් තිස්සේ සඟවා සිටි ඔවුන් දැන් ජනතාව ඉදිරියේ රඟයි.මේ සියලු දෙන කෙතරම් ශෝක ප්‍රකාශ සිදු කළද ඇමරිකානු ඔත්තු සේවා සමග කුමන්ත්‍රණය කරමින් රට අගාධයට දැමූ අගමැතිවරයා බේරාගත්  කිසිවෙකුටත් ජනතාව සමාව නොදෙනු ඇතැයි සිතමි.
        වර්තමාන මුස්ලිම් ආක්‍රමණය 2005 වසරේ පමණ සිට ආරම්භ වන්නට ඇතැයි මත පළ වී තිබේ.කොටි සංවිධානය විසින් ක්‍රියාත්මක කළ සටන් උපක්‍රම පරිශිලනය කරමින් අවි ආයුධ ගැන නිරීක්ෂණය කරමින් විදේශීය අයි එස් සංවිධනය සමග පුහුණුව ලබමින් මේ අන්තවාදී සංවීධාන මතු වුණ බව දැක ගන්නට ලැබුණි. සංවීධාන ජාලය සෑදීම සහ කුරාණයේ ඉගැන්වෙන යම් යම් මූලධර්මවාදී අදහස් පදනම් කරගනිමින් හලාල් ආහාර ඉස්ලාම් බැංකු කරණය මද්‍රසා පාසල් ෂරියා විශ්ව විද්‍යාල ආදිය බිහිවන්නට විය මේ විදුහල් සංස්ථාගත කර ගැනීම පිණිස පාර්ලිමේන්තුව නියෝජනය කළ මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් බොහෝ දෙනෙකු උදව් උපාර කළ බව සත්‍යයකි. එසේම පැවති රජයේ මූලිකත්වයෙන් ආරම්බ කළ ආර්ථික වැඩ සටහන් වල උතුරේ ප්‍රමුඛයෙකු වු රිෂාඩ් බද්යුදීන් හට නිදහස්සේ  සිය අන්තවාදය පෝෂණය කර ලීමට කළ උදව් උපකාර කහටත් මතක ඇතැයි සිතමි.මේ නිසා පැවති රජය ට කිසිම ආකාරයකින් මේ ව්‍යසනයේ වගකීමෙන් මිදීමට ඉඩහසරක් නැත. මේ සියල්ල ක්‍රමානුකූල ලෙසට වැඩෙන්නට ඉඩ සැලසීමත් මුස්ලිම් නව නීති කාති උසාවි රාජ්‍ය ව්‍යුහය තුළ ශක්තිමත් ව යන්නට ඉඩ හැරීමත් නිසා ආක්‍රමණ ශීලී සංවිධාන නව ජවයකින් ඉදිරියට පැමිණි බව සිතන්නට හැකිය. 21 වන දා බෝම්බ පිපිරුණ අවස්ථාවේදී  කලුතර දිස්ත්‍රික්කයේ කුඩලිගම ගම්මානයේ පාළමක් විවෘත කරලීමට හිටපු බස්නාහිර පළාතේ මහ ඇමතිවරය පැමිණ සිටියේය. බෝම්බ පිපිරෙන අවස්ථාවේදී ඔවුන් සිටියේ විවෘත කිරීම අවසන් කොට තේ පානය කරමින්ය. සිද්දිය සැලවීමෙන් පසු හිටපු මහ ඇමතිවරයා දිගින් දිගටම පූජ්‍ය ඥාණසාර හිමියන්ට බැණ වදිමින් මේ ව්‍යසනයට උන්වහන්සේ වග කිව යුතු බව කියා සිට ඇත. සැබවින්ම පක්ෂ විපක්ෂ බොහෝදෙනෙකුගේ අදහස් මහ ඇමතිවරයාගේ අදහස් වලට සමානය. ඔවුහු ඥාණසාර හිමියන් කිවූ දේ ගණනකට නොගෙන අන්තවාදය පෝෂණය කරමින් තමන්ට ලැබෙන චන්ද කුට්ටියට ගිජුවෙමින් සිටියහ.
        දැන් රටපුරා දැමූ හදිසි නීතිය යටතේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. එහෙත් මානව හිමිකම් දඬු අඬුවෙන් සිර කර සිටින  බැවින් ත්‍රස්තවාදීන් කොටුකර ගන්නා මෙහෙයුම ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මගින් රිසි පරිදි ඉටු වෙතැයි නොසිතිය යුතුය. ගම් පිටින් වටලමින් අතැම් මෙහෙයුම් ක්‍රියාත්මක කළද නිශ්චිත තොරතුරු නොමැතිව ඔවුහු ඒවා නොකරති. එම නිසා 2013  පමණ සිට සන්නද්ධව සිටින ත්‍රස්තවාදීන්ට  පැණ යන්නට සහ අවි ආයුධ සගවන්නට තිබෙන ඉඩකඩ බෝහෝ වෙති. පල්ලි වල කඩු ගබඩා කරගන්නට ඇත්තේ අවට කැලෑ කපන්නට යැයි හලීම් මුස්ලිම් ඇමතිවරයා කියයි.නමුත් ඔහු අන්තවාදී ඉගැන්වීම් සඳහා වන පාසල් 400 කට අනුමැතිය ලබා දී තිබේ.එසේම හිස්බුල්ලා මුජිබර් රහුමන්  වැනි මුස්ලිම් ඇමතිවරුන් ගේ කාර්ය මණ්ඩලය සතුව ඇති පුපුරණ ද්‍රව්‍ය ගැනද දැන් තොරතුරු හෙළිව තිබේ.ඒ අතර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මුස්ලිම් පාසල් සංවර්ධන අංශයක් පිහිටුවා ඇත්තේ කුමකට ද මෙතෙක් එහි කළ කාර්යය කුමක්දැයි සොයා බැලිය යුතුය. ලංකාවේ සිටින සියලුම මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් නොවේ . එහෙත් ඔවුන් සමස්ත සිංහලයන් ගෙන් වෙන්ව මූලධර්මවාදී පිරිසක් ලෙසට පසුගිය පනස්වසර තුළ වර්ධනය වී තිබේ.විශේෂයෙන්ම දාහත්වන සියවසේ සිට ලංකාවට පැමිණි ඉන්දීය මරක්කලයන් ගේ හැසිරීම දෙස බලන විට මේ බැව් තේරුම් ගත හැකිය. 1915 මුස්ලිම් කෝලාහලය අවස්ථාවේ දී ද නිහීන ලෙසට හැසිරී ඇත්තේ මොවුන්ය. යුද්ධ නීතිය යටතේ දවස් සීයක් නම් ග්‍රන්ථය රචනා කරන ආමන්ඩ් ද සූසා මහතා  මෙම මුස්ලිම් ප්‍රජාව ගැන සඳහන් කරන්නේ මෙලෙසය .
        ඔවුහු බොහෝ විට අශීලාචාර විය. මෙය යුදෙව්වන් තුළ දක්නට නොලැබුණු ගතියකි. ඔවුන් ඉන්දියාවේ මුහුදු බඩ පෙදෙසකින් පැමිණියේ වස්තු තණහාව නිසාය. ඔවුන් මහමත්වරුන් හෙයින් භාර්යාවන් කැටුව නොපැමිණියහ. මෙම පිරිස ගම් වලට පැමිණ ආරම්භ කළ කඩ වල හැම දෙයක් ම ඇත. මෙහිදී ඔවුහු සිංහල බෞද්ධ තරුණියන් සමග හාදකම් පවත්වමින් එක්කෝ ඔවුන් දූෂණය කළහ. නැතහොත් මුසලිම් ආගමට හරවා ගෙන අනියම් බිරියන් හැටියට තබා ගත්හ.
            1912 දී ආරම්භ වී 1915 වර්ෂය දක්වා ඇදී ගිය මරක්කල කෝලාහලයට පසුබිම් වනුයේ  මුහුදු බඩ මුස්ලිම් වරු නොහොත් හම්බයන්ය. ඔවුහු මරක්කලයන් ලෙසටද හැඳින්වූහ. ලංකා විශ්ව විද්‍යාලීය  ඉතිහාසය නම් ග‍්‍රන්ථයේ දී කේ. එම්. ද. සිල්වා මහතා මේ මරක්කලයන් ගැන විග‍්‍රහ කරනුයේ මෙසේය.
              ඔවූහු ස්වකීය වෙළඳ ජාවාරම් ආරක්‍ෂා කර ගැනීම සඳහා දැඩි ලෙස ක‍්‍රියා කලාහු පමණක් නොව ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කර ගැනීම පිණිසද ස්වදේශික මුස්ලිම් වරුන්ට වඩා සාහසික ලෙස ක‍්‍රියා කළහ. මොවුන්ගේ මේ අවිනීත භාවය හා අනෙක් ආගමික ජන කොටස් සතුව පවත්නා සාම්ප‍්‍රදායික පූජා විධි හා සිරිත් විරිත් ගැන නොතැකීම නිසා මෙවැනි අවධියෙක (1915) එනම් බුදු සමයෙහි පුනරුදයක් ඇති වේගන ගිය කලෙක ඔවුහු සිංහල බෞද්ධයන් සමඟ බරපතල ගැටුමකට වහල් වූහ. අලුත්ගම නගරයේ පිණඩපාතයේ වැඩි භික්ෂූන් වහන්සේ නමකට 1915 දී පමණ මේ මුස්ලිම් අන්තවාදීන් පාපහර දුන්නේ 2013 වර්ෂයේ දී අලුත්ගම නගරයේ පැවති විරෝධතා රැළියකින් පසු දර්ගා නගරය හරහා ගමන් කළ ඥානසාර හිමි ඇතුලු පිරිසට පහරදුන්නේද මේ අන්තවාදීන්ය. සුදනා වන්නට තතනන රාජිත සේනාරත්න ඇමතිවරයා මේ අන්තවාදීන්ට රැකවරණයද ආගමික ගැටුම් ඇවිලීමට අවශ්‍ය කුමන්ත්‍රණයද සැලසුම් කළ බවට එදා තොරතුරු හෙළිවුණි.
    පැරණි රජ දවස මෙවැනි විදේශිකයන්ට ඌලියම් නම් බද්දක් පනවමින් ඔවුන් පාලනය කළහ.නැතහොත් සිංහල ජන සමාජයට ඇතුල් වීමට නීති රීති සකස් කළහ.ඉංග්‍රීසීන් මේ නීති පසෙකලමින් මුවර් නොහොත් මුස්ලිම් ප්‍රජාවට රිසිසේ වැඩෙන්නට ඉඩ හළහ.නිදහසෙන් පසු මේ පිරිසට චන්ද බලය දී වෙනමම වරප්‍රසාද දී චන්ද පොට්ටනි එකතු කර ගත්හ.වර්තමාන දේශපාලනයෙන් පත්වන සෑම ආණ්ඩුවකදීම මුස්ලිම් නායකයන් කියා ගන්නා ජාවාරම් කරුවන්ට හොඳම ඇමතිකම් දී ළඟින් තබා ගන්නේ  ඊළඟ චන්දය බලාගෙන මුස්ලිම් ජන කොටස් ෂේප් කර ගැනීමටයි.රිෂාඩ් බද්යුදීන් හිස්බුල්ලා හකීම් හලීම් වැන්නවුන් ගැන සිංහල සමාජයේ තිබෙන පිළිකුල් මතය නිර්මාණය වන්නේ එලෙසිනි.නමුත් තවත් ඉදිරියට යම් සිංහල දේශපාලකයෙක්  මේ මූලධර්මවාදීන් නඩත්තු කිරීමට උත්සාහ කරන්නේ නම් එයට පිළිතුරු සිංහල ජන සමාජයෙන් ලැබෙනවා නිසැකය.විශේෂයෙන්ම මුස්ලිම් ජන සමාජය යේ වරප්‍රසාද වන බුර්කා නිකාබ් ආගමික පාසල් සහ විශ්ව විද්‍යාල  හදිසි නීතිය මගින් තහනම් කරන අතර ඒවා සහමුලින්ම උපුටා දැමීමට මහජන නියෝජිතයන් විසින් යෝජනා සම්මත කර ගත යුතුය. එසේ නැතහොත් ත්‍රස්තවාදය යටපත් කර දැමූ පසු එම වරප්‍රසාද නැවතත් මතු විය හැකිය.එසේම රටේ පවතින අරාජික තත්ත්වය හමුවේ ශක්තිමත් රජයක් බිහිකර ගැනීමට ජනතාවට ඉඩ තැබිය යුතුය. භාරකාර රජයයන් බිහිකර ඇමරිකන් ජුන්ටාවන් ගොඩ නගා මේ සුන්දර රට විදේශිකයන් ගේ පොරපිටියක් බවට පත් කිරීමට ඉඩ නොතැබිය යුතුය.

       

No comments:

Post a Comment