පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, April 27, 2019

මිනී කපුටන් ගේ දේශපාලනයට විදෙස් ආධාර හිමි වේ


                          
      බුද්ධි අංශ විසින් තොරතුරු වාර්තා කර තිබියදීත් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට ආණ්ඩුව අසමත් විය.යම්කිසි ප්‍රහාරයක් දියත්වන බව සැක කළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෙන් ප්‍රකාශ විය. බළලා මල්ලෙන් එළියට පැමිණ ඇත. අවුරුදු සමයේ  දී සියලු දෙන නිවාඩු ගත කරද්දී දේශපාලකයන් පිටරට සහ නුවර එළියේ සවාරි ගසද්දී මෙමවිනාශය සැලසුම් කළ ඔත්තු සේවාවන් ක්‍රියාත්මක වූහ. බදු බරින් මිරිකී ආර්ථික වශයෙන් බෙලහීන වී දේශපාලන මංකොල්ල කෑම් දැක දැක කිසිවක් කරගත නොහුණු ජනතාව ඉදිරියේ සිය නගුට දෙපරන්ද අස්සේ ගසා ගත් වුන් මේ විනාශය සිදුවන්නට ඉඩදී බලා සිටියහ. මරාගෙන මැරෙන බෝම්බ එල්ල කරන ලද්දේ දේව මෙහෙයන්ට සාභාගි වූ අහිංසක ජනතාවටයි.විනාශයෙන් පසු කාදිනල් තුමා ගේ ප්‍රකාශයෙන් ගම්‍ය වූයේ මෙහි පිටිපස තිබෙන ජගත් ගුමන්ත්‍රණය එතුමා දැන සිටි ආකාරයයි. ප්‍රහාරයෙන් දවස් කීපයක් ඉක්ම යන්නටද ප්‍රථම එකිනෙකාට දොස් පවරා ගත් දේශපාලන මිනී කාක්කන් සිය ගොදුරු ඉව කරමින් දිව ගියහ. රජයේ අනුමැතිය නොලත්  කැබිනට්ටුවේ පවා සාකච්ඡා නොකළ ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතියට ඩෙලර් මිලියන හාරසිය අසූවක මුදලක් ලැබෙන්නේ මේ අතරය.ප්‍රහාරයේ අරමුණ පැහැදිලිය. මේ ව්‍යාපෘතිය හරහා ලංකාවේ ඉඩම් මංකොල්ල කෑමට වරපත්‍රයක් අගමැතිවරාය විසින් දී තිබේ.
      අප්‍රියෙල් 21 වන දින කතෝලික පල්ලි වලට සහ මුල් පෙලේ හෝටල් වලට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ සපිරිස්ථාන් සිහිනයේ තවත් දිගුවකි. වත්මන් එක්සත් ජාතික පක්ෂය එක් පැත්තකින් ඇමරිකාව ඇතුළු බටහිර අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් දක්වන අතර අනෙක් පැත්තකින් මුස්ලිම් අන්තවාදීන් සතුටු කරලීමට සියලු වරප්‍රසාද ලබාදීම සිදු කරනු ලබයි. එක්සත් ජාතිකපක්ෂයේ හිටපු ලේකම් වරයා වූයේ කබීර්හසීම්ය. ඔහු සිංහල පාසලකට ගිය සිංහල බසින් ඉගෙන ගත් මුස්ලිම් ජන නායකයෙකි.  ඔහුට ලැබෙන වැඩිතර චන්ද සිංහලයන්ගෙනි. සිංහල පාසල් වල ඉගෙන ගත් සාමකාමී මුස්ලිම් ප්‍රජාව යටපත් කරලමින් අන්තවාදීන් මද්‍රසා පාසල් හරහා වර්තමානයේ හතු පිපෙන්නා මෙන් බිහිව තිබෙන්නේ කබීර් හසීම් බද්යුදීන් වැනි ජන නායකයන් ගේ ආශීර්වාදය හරහාය. මොවුහු එකිනෙක සම්බන්ධ කමක් දක්වති. ඥාතිත්වයක්ද ඇත. රටේ හොර ජාවාරම් කරන ගමන් සුද්දවන්තයන් ලෙසට පෙනී සිටිමින් දේශපාලනය කරති. වයඹ පළාතේ ඉඩම් අල්ලා ගනිමින් ජන ව්‍යාප්තිය සිදු කරන බද්යුදීන් ගේ කාර්යය ට සමගාමීව මුජිබර් රහුමාන් එම්.එස්. තව්ෆීක් වැනි මන්ත්‍රී වරු හිස්බුල්ලා වැනි ඇමතිවරු තම තමන්ට අයත් කාර්යයන් කරති. ෆයිස්ර් මුස්තාපා ගේ ක්‍රියාවලිය තවත් එකකි. නමුත් මේ සියල්ල ප්‍රශ්නයකදී එකට එක් වෙති. මහින්ද රාජපක්ෂ රජය කාලයේ රජයේ ඉඩමක් ෂරියා විශ්ව විද්‍යාලයකට ලබා දීම සිදු විය. මෙය මද්‍රසා පාසල් මෙන්ම රටටම පිළිලයක් බව දැන් පිළිගන්නට සිදුව තිබේ මුස්ලිම් ප්‍රජාව නිසා ජීවත් වූ  අනෙක් ඇමතිවරයා වූයේ හිටපු අගමැති දි.මු. ජයරත්නයි. මේ ඇමතිවරයා රටපුරා තිබෙන මුස්ලිම් පල්ලි නඩත්තු කරලීමට හා ඉඳිකිරීමට රජයේ මුදල් ලබා දුන්නේය.  ඒ ආගමික කටයුතු අමාත්‍යංශය හරහාය. පසුගිය කාලයේ දඹුල්ල අනුරාධපුරය ආදී බෞද්ධ පුරවරයන්හි අටවා තිබූ මුස්ලිම් යාඥා මඩු ඉවත් කිරීමට බෞද්ධයින් හඬ නගද්දී රජය හා ඇමති වරු මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් ව කතා කළහ. අතයට මුස්ලිම් වරුන් ගෙන් මුදල් අල්ලස් ලබා ගන්නා නිළධාරීන් ගැනද යමක් කිව යුතුය. නැගෙනහිර පළාතේ සිංහලයින් සතුවූ ඉඩම් වල ඔප්පු වෙනස් කොට හොර ඔප්පු සහතික කරලීමට ගන්නා ලද අල්ලස ප්‍රමාණය නිශ්චිත නැත.
.        .එසේම ලංකාවේ බැංකු පද්ධතියට මුස්ලිම් බැංකු කරණය ඇතුළත් කර තිබේ. 2013 /04/19 ගැසට් පත්‍ර යේ පළ කරන ලද අරාබි විදුහල් ස්ථිපිත කිරීම ගැනත් යමක් කිව යුතුය. මේ යෝජනාවන් ඉදිරිපත් කරන ලද්දේ එවකට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන එම්.එස්. තවුෆීක් ( රිල්වානියියාහ් සහ අබු හුරෛරාහ් ආරාබි විදුහල් ) සහ එස්.බී. ෂාරුක් (මර්කස් සකාෆතුල් ඉස්ලාමියා ) යන දෙදෙන විසිනි. මෙහි අරමුණ ලෙසින් සඳහන් වූයේ ෂරියා නීතිය ට අදාල දේව ධර්මවාදීන් බිහිකිරීමයි.එලෙසම මුස්ලිම් කාන්තාවන් අදින නිකාබ් සහ බුර්කා ඇඳුම සමාජගත වූයේ ද මේ වහාබ් අන්තවාදයේ ප්‍රතිඵලක් වශයෙනි. කොළඹ පමණක් නොව ඈත ගම් දනව් කරාද වේගයෙන් පැතිර ගිය මේ වසංගතය රජයේ ආයතන වලටද කරදරයක් විය. එම නිසාම 2018 වසරේ කොලොන්නාව ප්‍රා දේශීය ලේකම්වරයාව සිටි සුගත් සිසිර කුමාර මහතාට අමිහිරි අත්දැකීමකට මුහුණ දීමට සිදු විය. සම්පූර්ණයෙන්ම මුහුණ වසාගත් මුස්ලිම් කාන්තාවන්ට කාර්යාලයට ඇතුලු වීමට ඉඩ නොදීම නිසා පළාතේ මන්ත්‍රී මරික්කාර් මහතා ගෙන් ඔහුට පීඩා විඳින්නට සිදු විය. අවසානයේ ඔහුට ස්ථාන මාරුවක්ද ලැබුණි. මේ බුර්කා ඇඳුම ගැන නීතිඥ ප්‍රසාදිනී මුදුන් කොටුව මහත්මිය විසින් පොලිස්පතිට කරන ලද පැමිණිල්ලකට පොලිස් නීති කොට්ඨාශ යේ පොලිස් අධීකාරී ඩබ්.ජේ.එන්.සේනාරත්න මහතාගෙන් පිළිතුරු ලැබී තිබුණේ මාස හයක් කල් ගතවූ පසුවයි.බුර්කාව තහනම් කරලීමට නීතියක් නොමැති බව ඔහුගේ පිළිතුරයි. දැන් බුර්කාව ගැන හදිසියේ කාහටත් මතක් වී තිබේ. අපරාධකරුවන් මේ ඇඳුම අස්සේ සැඟව සිටීම මීට හේතුවයි.
     ලාංකික ගෘහ සේවිකාවක් එකල සෞදි ආරාබියේදී  ඝාතනයට ලක් විය. එය ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට බිය ගෙන දෙන ක්‍රියාවක් නොවේ. අඩු වයස් කාර ළදැරියක් වීම පමණක් ඔවුන්ට ප්‍රශ්ණයක් විය. එම කාරණය  රජය විසින් අධිකරණයේදී ඉදිරිපත් නොකරන ලද බව ඉස්මතු කොට සැබෑ ගැටලුව යටපත් කරන ලදී. එනම් ෂරියා නීතිය යටතේ එවැනි දඬුවම් සමාන්‍ය දෙයක් වන ආකාරයයි.  ලංකාවේ මුස්ලිම් ජනතාව ශ්‍රී ලාංකිකයින් නොව මුස්ලිම් ජාතිය ලෙසට සැලකීම කාලයක සිට අනුගමනය කෙරෙන්නෙකි. සිංහල ජනතාවට නොලැබෙන වරප්‍රසාද රාශියක්ම ඔවුන් වෙත ප්‍රදානය කර ඇත. බහු භාර්යා සේවනය ඉන් එකකි. ඔවුන්ටම ආවේණික ක්වාසි අධිකරණ පවත්වා ගෙ යෑමට දැන් නීතියෙන් බලතල ලැබී තිබේ.  ෂරියා නීතිය ක්‍රියාත්මක කරන මේ අධිකරණ නැතහොත් නඩු ශාලා පණස් අටක් රටපුරා ඉඳිකර දීමට රුපියල් මිලියන තිස්අටක් ශ්‍රී ලංකා රජය වෙන් කරන ලද්දේ ඉතාමත් මෑතකදීය. ඒ හිටපු අධිකරණ අමාත්‍ය වරයෙකු  වූ ආතාවුද සෙනෙවිරත්න විසිනි. මේ ඇමතිවරයාගේ චන්ද කොට්ඨාශය වන මාවනැල්ල මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍යට යටත්ව ඇත. මෙයට හේතුව දේශපාලකයින් ඔවුන්ගෙන් යැපිමයි. දෙවනගල රජමහා විහාරයේ විහාරගමින් කොටසක් ආතාවුද ඇමතිවරයාගේ චක්ගෝලයෙකු ද වන මුස්ලිම් ජාතිකයෙකු විසින් අල්ලා ගෙන ගොඩනැගිලි සාදා ඇති අතර මේ ඉඩම් නිරවුල් කරලීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේනතුව කටයුතු කරලීමට ඉදිරිපත් වීමේ දී ඇමතිවරයා ඊට බාධා කළ බව කාහටත් මතක අතැයි සිතමි
      2012 දී පමණ එවකට පැවති රජය නබි නායක තුමන්ගේ උපන් දිනය වෙනුවෙන්  නිකුත් කළ නිවේදනය මගින් ප්‍රකාශ කරන ලද්දේ මුස්ලිම් ජන සමූහය විසින් නබි නායක ගේ ඉගැන්වීම් මගින්  සාමය හා ඉවසීම ප්‍රගුණ කරන බවයි. එය සම්පූරණ මුසාවකි. අන්‍ය ආගමිකයින් හා අන්‍ය ජාතිකයින් වෙනුවෙන් කුරාණය තුල මෛත්‍රී සහගත ප්‍රකාශ නොමැත. අවිශ්වාශ කරන්නවුන්ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කිරීම එහි ඉගැන්වීමයි.. . සියලු උපක්‍රමයන් යොදා අන්‍යාගමිකයන් කොටු කළ යුතු බවද. ඔවුන් ගැවසෙන තැන් වල සැංගිසිටීමට කටයුතු කිරීමද  මුස්ලිම් ප්‍රජාවගේ සිරිතයි.
           මේ තත්වය හමුවේ මුස්ලිම් දේශපාලකයින් ලංකාව සපිරිස්ථානයක් නොහොත් මුස්ලිම් රටක් බවට පත් කරලීමේ ශුද්ද වූ යුද්ධය අරඹා තිබේ. මෑතකදී හෙළි වූ හලාල් සහතිකය ලබා ගැනිමේ වැඩපිලිවෙලද  මෙහි අංගයකි. හලාල් යනු දෙවියන්ට කැපවූ ආහාර සඳහා යොදන නාමයයි. එය මුස්ලිම් වරුන්ට පමණක් නොව අන්‍ය ආගමිකයින්ටද බලෙන්ම පැටවීම මුස්ලිම් දේශපාලනයේ සවභාවයයි. ඒ මගින් අල්ලා  දෙවියන් විශ්වාශ නොකරන ජනතාව වෙතින් ලබා ගන්නා මුදල් සපිරිස්ථානය ගොඩ නැන්වීමේ ව්‍යපාරය සඳහාම යොදවන බව පැවසෙයි. වර්තමානය වන විට ඉතා පැරණී පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයද මුස්ලිම්  අන්තවාදීන් ඉදිරියේ හලාල් කරවා තිබේ.
              තවුහීද් ජමාත් සංවිධානයේ නාකයෙකු බුදු රජාණන් වහන්සේට අපහාස කරමින් එකල ප්‍රකාශ නිකුත් කලේය. එසේම ජමිල් උලමා සංවීධානය මේ සියල්ල සම්බන්ධීකරනයට ලක් කරමින් මුස්ලිම් අන්තවාදය පෝෂණය කලේය. මේ බව එළිපිටම හඬනගා කිවූ යේ බෙදු බල සේනා සංවිධානය බව කාහටත් අමතක නැතැයි සිතමි.පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගේ හැසිරීම් පිළිබද ප්‍රශ්ණ කරමින් උන් වහන්සේට  බැණ අඬ ගැසුවා මිසක සිංහල ජන සමාජය මේ තොරතුරු ග්‍රහණය කර නොගත් බව කිව යුත්තේ කණගාටුවෙනි. පක්ෂ පාට කණ්නාඩි වලින් බලමින් සිංහල අන්තවාදයක්  ගැන කතා කළ මේ මෝඩ ජනතාව තමන් ඇතුලු සමස්ත සමාජය වෙලා ගනිමින් සිටින අන්තවාදී යක්ෂ සේනාව නුදුටුවහ. මේ නිර්වින්දනයේ ප්‍රතිඵල අද අත් දකින්නට  සිදුව තිබේ.මේ නිර්වනිදනය උපයෝගී කරගනිමින් හලාල් කරන ලද යූඑන්පී නායක රනිල් වික්‍රමසිංහ තවත් අංචියකට අර ඇඳ ඇත.. එනම් මුස්ලිම් අන්තවාදය දඩමීමා කරගෙන ඇමරිකන් හමුදාවන් බුද්ධි සේවාවන් රට තුළට කැන්දා ගැනීමයි. පාර්ලිමෙන්තුවේ දී සහ සරිව පාක්ෂික සමුලුවේ දී  ඔහු කළ ප්‍රකාශ වලින් ගම්‍ය වන්නේ එයයි. පසුගියදා කළ සුනඛ සොදිසි මෙහෙයුමකදී එක්තරා මුල් පොලේ හෝටලයක් කාමරයක ඇමරිකන් කාරයන්ගේ රහසිගත උපකරණ කීපයක් හමු වූ   බවට රාවයක් පැතිර ගියහ. මේ සිද්දිය සත්‍යක් වුවද නැතද එයින් ගම්‍ය වන්නේ මේ රටේ පක්ෂ විසින් කරන නිර්ලජ්ජිත  පාවා දීමයි. ජනතාවගේ මලමිනී උඩින් වුව තම බලය තහවුරු කර ගැනීමට ඔවුන් සූදනම් බවයි.
        ඉතිහාසයේ සඳහන් වන ආකාරයට කුරුණෑගල යුගයේ දී මේ මුස්ලිම් රංචුව තමන්ගේම මුස්ලිම් නායකයෙකු රජ  කිරීමට උත්සාහ කළහ.එය පරාජය විය.පසුව රයිගම සිට මුස්ලිම් පාලනයක් ආරම්භ කරලීමට උත්සාහ කළහ. චීන මැදිහත් වීමෙන් එයද පරාජයට පත් විය.ඉන්පසු ඉන්දීය මරක්කලයන් රට වටේ නාවික බලය අත්පත් කොට ගෙන සිංහල රජු පාලනය කරන්නට විය. පරංගින් ගේ පැමිණීමෙන් එයද ව්‍යර්ථ විය.එහෙත් රටේ සිංහල බෞද්ධ ජනගහනය ඉන් බලවත් ලෙස පීඩා වින්දහ. පරංගීහු සිංහලයන් මෙන්ම ඉන්දීය සංක්‍රමණිකයන් ක්‍රිස්තියානිකරණයට පත් කළ අතර සිංහල බෞද්ධ සහ කතෝලික ජනතාව අතර විරසකයක් ඇති කළහ. කේෂ්වියර් පූජකවරයා ගේ මෙහෙයවීමෙන් මන්නාරම් සිංහලයන් පරංගීන් අතින් ඝාතනය වූයේ එහෙයිනි.මුස්ලිම් බලපෑම් සිදු වූ බොහෝ අවස්ථාවලදී විදේශ මැදිහත් වීම් සිදුව ඇතිබව මෙයින් අපට ලැබෙන පණිවුඩයයි.
      .          
                             
         

No comments:

Post a Comment