පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, January 27, 2019

ඔරුමිත්ත නාඩු පොලිසිය වැඩ අරඹයි


                         
         දළදා වහන්සේ මුල්වරට වැඩම කලා යැයි ජන ප්‍රවාදගත නයාරු ලංකාතොට අසල ගුරුකන්ද රජමහ විහාරයට පසුගියදා ටී.එන්.ඒ. දේශපාලන අංශයෙන් බලහත්කාරකමක් සිදු විය. ගුරුකන්ද රජ මහ විහාරයේ වර්තමාන විහාරාධිපති කොළඹ මේධාලංකාර හිමියන් ගේ මූලිකත්වයෙන් එහි බුදු පිළිම වහන්සේ නමක් ප්‍රතිෂ්ඨාපනය වීම ඊට හේතුවයි.දුරුතු මස තෛයිපොංගල් දිනයේ දී පන්සලට කඩා වැදුණු හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රවිහරන් ඇතුළු සියයක පමණ කණ්ඩායමක් ස්වාමීන් වහන්සේට සහ එහි දායකයන්ට බැණ තර්ජනය කරමින් බලහත්කාරයෙන් පන්සල් භූමිය තුළ මඩුවක් අටවා පොංගල් කිරිබත් උයා පන්සල් භූමියේ කෝවිලකට අත්තිවාරම් දමන්නට උත්සාහ දරා ඇත.මෙම සිද්දියෙන් පසු එතැනට කඩා වැදුණු ටී.එන්.ඒ. සංවිධානයේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ද ආලම්පීල් කෝකිලායි පල්ලි වල පූජකයන්ද චාල්ස් නම් පූජකයාද එක්ව පන්සලට තිබෙන අයිතිය ගැන මේධාලංකාර හිමියන් ගෙන විමසා ඇති බව වාර්තා වේ. මෙම සිදු වීම අතරතුර උතුරේ ගංවතුරෙන් අනාථ වූ දෙමළ ජනතාවට සහනාධාර ලබා දීමට පැමිණි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු බෞද්ධ උපාසක උපාසික කණ්ඩායමක්ද උදෑසන ආහාර ගැනීමට මෙහි ළගා වී තිබේ.මෙම කණ්ඩායම සමග එක්ව පැමිණි මවුබිම මාධ්‍ය වේදී සපුමල් ජයසේන මහතාද එහි විය. විහාරස්ථානයේ සිදු වූ බලහත්කාරකම් ඔවුන් ඇස් පනාපිට දුටු අතර වහාම එහි අසල තිබෙන හමුදා කඳවුරේ අණදෙන නිළධාරීන් මැදිහත්ව මෙම කණ්ඩායම එතනින් ඉවත් කළ බවටද  මාධ්‍යෙව්දීන්ට ඡායාරූප ගැනීමට පවා ඉඩ නොදුන් බවටද වාර්තා වේ.
       මෙවැනි සිදු වීමක් දකුණේ සිදු වූවා නම් රජයේ මැති ඇමතිවරු බොහෝ දෙනෙකු එම සිදු වීමට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීමට පැකිලෙන්නේ නැත. එසේම පොලිසිය වහාම මැදිහත්ව ගැටුමට මැදිහත් වූවන් අත් අඩංගුවට ගැනීමට උසාවි නියෝග ගනී. නැතිනම් තහනම් නියෝග ගැනීමට පමා නොවේ. කූරගල උද්ඝෝෂණය මාවනැල්ල උද්ඝෝෂණය අවස්ථාවලදී පොලිසිය ගත් ක්ෂණික ක්‍රියාමාර්ග රාශියක් ගැන වාර්තා ඇත. දිගන ඇති වූ ගිනි තැබීම් සහ කොලාහලයේ දී අමිත් වීරසිංහ ඇතුළු පිරිස අත් අඩංගුවට පත් වන්නේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පණත යටතේ ජාතිවාදය ඇවිස්සීමේ වරදකටයි. සෑහෙන කලක් මේ පිරිසට ඇප නොමැතිව බන්ධනාගාර ගතකොට තිබූ ආකාරයද සිහිපත් වේ. එහෙත් ගුරුකන්ද රජමහා විහාරයේ ඇති වූ ජාතිවාදී ගැටුම පොලිසිය විසින් දැක තිබෙන්නේ සාමය කඩ වීමේ අවස්ථාවක් ලෙසටයි. මෙම ගැටුම සම්බන්ධව විහාරාධිපති ස්වාමීන් වහන්සේ ගෙන් කට උත්තර ලබා ගත් මුලතිව් පොලිසිය බී වාර්තාවක් ගොනුකර දෙපාර්ශවයම 29 වනදා උසාවියට  කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබේ. කෝලාහලයක් සාමය කඩ වීමක් යනු සාමාන්‍ය යෙන් සමථ මණ්ඩලයක විසඳා ගැනීමට හැකි ප්‍රශ්ණයකි. එහෙත් මුලතිව් ගුරුකන්ද විහාරයේ සිදු වූයේ එය නොවේ. බලහත්කාරයෙන් ඇතිකළ ජාතිවාදී  සහ ආගම් වාදී ගැටුමකි.මේ සම්බන්ධව නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා මුලතිව් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතා විමසීමේ දී ඔහු පවසා ඇත්තේ සිවිල් අයිතිවාසිකම් පණත යටතේ නඩු දැමීමට නම් නීතිපති විමසිය යුතු බවයි.එහෙත් අප දන්නා පරිදි දිගන සිද්දියේ දී පොලිසිය  විසින් නීතිපති විමසා නැත.
        ජනවාරි මස 27 වන දින මෙම විහාරයේ අභිනව පිළිමවහන්සේ නිරාවරණය කරලීමේ උත්සවය යෙදී තිබුණි. එම උත්සවයට අස්ගිරි පාරශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක හිමියන්ට ද අනූනායක අති පූජ්‍ය වෙඩරුවේ උපාලි නා හිමියන්ටද ලේඛකාධිකාරී අති පූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමියන්ටද ඇරයුම් කර තිබුණි. දෙමළ ජාතික සන්ධානයේ  මන්ත්‍රීවරුන් ඒ අතර වහා ක්‍රියාත්මක වෙමින් ජනවාරි 29 වනදාට වන කැඳවීම අවලංගු කරමින් 24 වනදා උසාවියට කැඳවිය හැකි වන පරිදි මෝසමක් ගොනු කරගෙන තිබේ.    මෙම ක්‍රියාන්විතයේ අරමුණ වන්නට ඇත්තේ පිළිම වහන් සේ නිරාවරණය කරලීමේ උත්සවයට තහනම් නියෝග ගැනීමයි. පොලිසියද ටී.එන්.ඒ. මන්ත්‍රී වරුන්ට චෝදාන ගොනු නොකරම සාමය කඩවීමේ බී වාර්තාව ඉදිරිපත් කරන්නේ මෙවැනි තත්ත්වකට මග හදන්නටයි. මීට පෙරද මුලතිව් කුරුඳු මලේ පුරාවිද්‍යා ස්ථානයට ගිය පුරාවිද්‍යා කණ්ඩායමකට සහ සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ ශාන්තබෝධි හිමියන්ට මුලතිව් පොලිසිය විසින් උසාවිය මගින් තහනම් නියෝග ගෙන තිබුණි.එම සිද්දියට ද මුල් වූයේ රවිහරන් මන්ත්‍රීවරයාමය.ඔහු ස්වාමීන් වහන්සේට බාධාකරමින් ජාතිවාදී ලෙසට හැසිරී තිබුණි. කෙසේ වෙතත් 27 වනදාට යෙදී තිබුණු පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ  උත්සවය වහා වෙනස් කොට මෙම මස විසිතුන් වන දිනට එම උත්සවය ගනිමින්  අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නායක හිමියන් ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය අතින්  පිළිම වහන්සේ විවෘත කරන්නට යෙදුණු බවද මෙහිදී සඳහන් කළ යුතුය..
        යෝජිත නව ව්‍යවස්ථාව සඳහා සකස්ව තිබෙන පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරපිත් කරන ලද ව්‍යවස්ථා කොටුම්පතේ නීතිය සහ සාමය කොටසේ 254 වගන්තිය ප්‍රකාරව පළාත් බද පොලීසියක් සහ ජාතික පොලිසියක් නිර්මාණය වේ. එවිට  පළාත් නමයකට පොලිසි කොටස් නවයක්ද අග නගරයට එක් පොලිසියක්ද වශයෙන් කොටස් දහයකට කැඩෙනු ඇත. ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ඒකීය රට  ඔරුමිත්ත නාඩුවක් වශයෙන් නම්කර ඇත . පොලිසි දහයක් නිර්මාණය වන විට ඔරුමිත්තනාඩුව ට පිළි ගැනීමක් සහ නීතිමය වටිනාකමක් හිමිවේ.දැන් මුලතිවු ගුරුකන්ද විහාරයේ ඇති වූ සිද්දිය පොලිසිය මගින් කළමනාකරණය කරන්නේ රටේ මූලික නීතියට පටහැනිව පළාත් බද පොලිසීයක් ලෙසටයි. පොලිසියට අණ දෙන්නේද උපදෙස් දෙන්නේද නීතිය අතට ගෙන කටයුතු කරන්නේද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී වරුන්ය. පූජ්‍ය අගුලුගල්ලේජිනානන්ද හිමියන් විසින්කොළඹ පොලිස් මූලස්ථානයේ මේ සම්බන්ධව  ගොනුකළ පැමිණිල්ලද කොළඹ ජාතික පොලිසිය  විසින් මේ වනතුරුම විභාගයට ගෙන නොමැත.එහෙයින් ව්‍යවස්ථා ලියවිල්ල සම්මත කර ගැනීමට ද ප්‍රථම මේ ක්‍රියාත්මක වන්නේ උතුරේ පළාත් බද පොලිස් නීතිය බව පැහැදිලිව කිව හැකි වී තිබේ.
         පොලිසිය බිහි වන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව ඔවුන්ගේ තිඹිරි ගෙයක බැවින් එහි හැඩය වටිනාකම් සහ සම්ප්‍රදායයන්  කෙරෙහි දේශීයත්වයක් අතැයි පවසන්නට නොහැකිය. පොලිස්  නම් ඉංග්‍රීසි වචනය සකස් වීමට ගැනෙන මුල් අකුරු වල වගන්ති අරුත අනුව එහි මහාර්ඝ වැදගත්කමක් තිබුණද  යටත් විජිත සමයේ සිටම පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය දෙස බලන කල්හි එම ආයතනයේ මූලික අරමුණු වලින් ඉවත් වී දේශපාලන පක්ෂපාතීත්තවය උදෙසාම ක්‍රියාත්මක වී ඇති බව පෙන්වා දිය හැකිය. දැන් එහි ජාතික වටිනාකමද අහෝසි වී වර්ගවාදී පළාත් බද පොලිසියක් තත්ත්වයට වැටී තිබේ. යහපාලන රජයේ ව්‍යවස්ථාමය විප්ලවය මගින් අරමුණු කරගන්නේ මෙවැනි වර්ගවාදී පෙරළියක් නම් මුලු රටටම පළාත් බද පාතාලයන් ගේ පිහිට පමණක් ඉතුරු වන බව පැවසිය යුතුයි.


Tuesday, January 8, 2019

කිතුල් මලක කඳුළ ගන්න පාරම්පරික ක්‍රම


                                       
        කඳුකරයේ මනාළිය වශයෙන් හඳුන්වන කිතුල් ගස සිංහල ජනතාව සතු මහඟු සම්පතකි. ලංකාවේකඳුකරය ආශ්‍රිතව බහුල වශයෙන් ඉබේ හටගන්නා බැවින් කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව සතු ප්‍රධාන ආර්ථික භෝගයක් බවටද පත් වී තිබේ.කුඩා තේ වතු වගාව ව්‍යාප්ත වීඹට ප්‍රථම ඔවුහු තමන් ගේ සියලු ජීවන ක්‍රියාකාරකම් සඳහා මුදල් උපයා සපයා ගෙන ඇත්තේ මෙයිනි. කිතුල් ගහකින් දෑවැදි තුනක් දිය හැකි බව කට වහරට කියන්නේ එහෙයිනි. කිතුල් මල් කපා කඳුළ වෑස්සෙන විට ඒවා එකතු කර ගැනීම මෙහි පිළිවෙලියි.  මල කැපීමට නියමිත ශාස්ත්‍රයක් පවතින අතර නම්බුකාර ගහක් ලෙසට සැලකුම් ලබන කිතුලෙන් කඳුළු නොහොත් තෙලිදිය ලබා ගැනීමට නම් ඒ ශාස්ත්‍ර යෙන් නිසි පරිදි වැඩ ගැන්මත් ගහට කීකරුව ගෞරවයෙන් කටයුතු කළ යුතු ආකාරයත් මේ පාරම්පරික ශිල්පීන් දැන සිටින්නට ඇත.
      කිතුල් ගහේ ප්‍රභේද කීපයක් ඇති බව කියැවෙයි. ගෑනු පිරිම් ප්‍රභේදය ඉන් එකකි. ඒ අනුව තෙලිදිය ලබා ගැනීමට සමත් වඩාත් හොඳ ප්‍රභේදය ලෙසට සැලකෙන්නේ පිරිමි ප්‍රභේදයයි. අගින් හීන් කඳ මැදින්  නොහොත් බණ්ඩියෙන් මහත් වූ ගෑනු ප්‍රභේදය ලෙහෙසියෙන් හඳුනා ගත හැකිය..පිරිමි කිතුල මුලින් මැදින් අගෙන් එක පමණය. සීරුවෙන් උසයයි.කිතුල් වැවෙන කදුකරයේ වනය අස්සසෙන් මතුවී එන පිරිමි ගස් අපට දැක ගත හැකිය.ඒවා වාඩාත් සුදුසු වන්නේ වනයේ සාරවත් ව වැඩී සූර්යා ලෝය සොයා ඉහළට ගිය බැවිනි.කහට කිතුල නම් තෙලිදිය ගැන්මට අසීරු කහට රසයක් ගන්නා තොලිදිය වෑසේසෙන කිතුලයි.ඒවා මදින්නන් මලට බෙහෙත් නොතබා පුළුස්සා ගනිමිනි.. එවිට වැඩි කාලයක් අස්වැන්න ලබා ගත නොහැකිය. පැණි ප්‍රමාණයද ලැබෙන්නේ අඩුවෙනි.කටු කිතුල් සහ කුරු කිතුල් නම් වූ තවත් ප්‍ර භේද දෙකක් පවතී. ඒවායින් තෙලිදිය ලබා ගැනීම දැනට නොකරති.එසේම ලංකාවේ කිතුල් වගා කිරීමක් දක්නට නැතිය. නමුත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කිතුල් පැළ ප්‍රචාරණය කිරීමේ වැඩ සටහනක් අරඹා තිබේ. ඉදිරි අනාගතයේ ආරථික වතාවක් ලෙසට එය ඉහළට ඔසවා තැබීමට නම් එවැනි ප්‍රචාරණයක් අත්‍යවශ්‍ය වේ.
        තෙලිදිය ලබා ගැනීමට යොදා ගන්නේ කිතුල් මලයි. මල කැපීම පිණිස ගහ දිගේ ඉහළට නැග ගත යුතුය.මේ මාර්ගය පහසු කර ගැනීම පිණිස මල් මදින්නන් විසින් කිතුල් ගස හැර සා ගනී. කිතුල් ගස හැර ගසා ගැනීමට භාවිතා කරන ප්‍රධාන රිටි වර්ගය වනයෙන් සොයා ගන්නා හැඩවක ලීයයි. ඊට අමතරව ගොඩපර වන මී වන ඉදල වල් ලියන් ලියන් සහ තෙලන් වැනි ලී වර්ග  භාවිතා කෙරේ.මුදුන් මලේ සිට බතලේ මල දක්වා(එකිනෙකට පසු එන මල් තුනක්) මාස තුනක් කාලයක් ගත වන බැවින් ශක්තිමත්ව දිරාපත් නොවී තබා ගැන්මට නම් මේ ලී වර්ග භාවිතා කල යුතුය. උණ ගස් බහුලව යොදා නොගන්නේ දීර්ඝ කාලයකට ඒවා ඔරොත්තු නොදෙන බැවිනි.මේ ගසේ හැර වෙලීම සිදු කරන්නේ පට්ටික්කා වැල් කොරස වැල් මාබණ්ඩා වැල් කිරිඳි වැල් කළු බඹර සුදු බඹර වෙනි වැල් සහ කලවැල් වලිනි.වෙළෙඳ පලේ මිළදී ගන්නට තිබෙන කොහු ලණු වලට වඩා ඒවා විශ්වාස කළ හැකි බව මදින්නන්ගේ මතයයි. කිතුල් ගස් හැර දැමීමේ දී චන්ද්‍ර මාස ක්‍රමය අනුව ගැනෙන පුර ජලවක දිනය යොදා ගන්නා බව ඉතා අහම්බෙන් දැන ගන්නට ලැබුණේ රක්වානේ මදින්නෙකුගෙනි.
        කිතුල් මල කැපීමේදී ආරම්භයේ දී මල් කිනිත්ත විවර කර කොළ පැහැ වන්නට අරිති. ඉන්පසු ගසට ළන්ව පවතින පුරුක ඇර ඉතිරි පුරුක් ඉති ගැටේ දක්වා ගලවා සුඹුල ගා දමා ගලකින් තලා පදම් කරති.මලේ කිරි පුරක නොහොත් පැණි පුරුකට බෙහෙත් තබන්නේ අනතුරුවයි.මෙයින් පසු මලට ඔලොම්බුව නමින් ආධාරකයක් සවි කර ගනිති. මල දෘඩව තබා ගැනමට එය උපකාරී වේ. දින තුනක් තිස්සේ  මල පදම් කර ගනිති.ඉන් පසු මල කැපීම ආරම්භ කරනුයේ යහපත් හෝරාවකිනි.එසේම වඩදිය වේලාවටයි.මේ කාලය උදේ අට පමණ වන විට උදාවන බව ඔවුන් ගේ මතයයි.  මල කපන පිහිය කලින් සූදානම් කර තබා ගැනීමද කළ යුතුය. මල් කපන පිහි පණ පොවන්නේ මඩ වතුරෙන් නොවේ. පොල් තෙල් වලිනි. කම්මල් කරුවා ළඟට යන විට පොල්තෙල් කොලපුවක් රැගෙන යෑම සිරිතයි. පණ පෙවූ පිහිය සෑම කැපීමකදීම මුවහත් තබා ගත යැතුය. ඒ සඳහා වල්ලා හෝ මිල්ල ලීයක් භාවිතා කරන අතර තිරිවානා කුඩු යොදමින් මුවහත් තැබීම කරගනිති. මුදුන් මල කපන අවස්ථාවකදී කහ ලුණු සහ පොල් තෙල් ගෙන පුරුකේ සුඹුල හැර මුලු මලේම ගෑම කරති. මුදුන් මල ළපටි බැවින් ඒය ප්‍ර වේශමින් කළ යුතුය.   
       කිතුල් මදින්නන් බෙහෙත් වට්ටෝරු කීපයක් භාවිතා කරති. ප්‍රදේශ වල විවිධත්වය අනුව රා හෝ මීරා අවශ්‍යතාවය මත මෙන්ම කිතුල් ගසේ මලේ ස්වභාවය අනුවත් එසේ කරති. ඉන් කීපයක් මෙසේ සඳහන් කළ හැකිය.1/ කොල්ලන් කොළ අළු සහ විටට කන හුණු පදමක් 2/ කොල්ලන් කොළ වියන් දුඹුළු ලුණු දියර අළු සහ ඇඹුල් ඉස්ම 3/ කොච්චි ගම්මිරිස් රතු ලූණු හීන් දුරු සහ ලුණු ටිකක් 4/ කෙටල අල සුද්ද කොට පෙති කපා පොල් කිරෙන් තම්බා අඹරා තැබීම.මෙලෙස භාවිතා වන වට්ටෝරු රැසක් පවතින අතර ඒ ඒ පළාත්වල සම්පත් අනුව ඒවා තීරණය වේ. බෙහෙත් තැවරීමෙන් පසු කිතුල් කොළයක තබා බාඳුරා වලින් බැඳීම කරති. බෙහෙත් යොදීමෙන් කෙරෙන්නේ මලේ අභ්‍යන්තරය් තිබෙන සිදුරු පාදා ගැනීමයි.දින තුනක් පමණ කල් ගත වූ පසු තෙලිදිය කඳුළ වෑස්සීමට පටන් ගන්නේ මෙලෙස මල හොඳින් පදම් වූ පසුවයි.ඇතැම් අය බැටරි කුඩු ආදිය මල් බෙහෙත් ලෙස භාවිතා කළද ගසේපැවැත්මට එය හානිකරය.බැටරිකුඩු වල රසායනික ද්‍රව්‍ය  නිසා මලට රත් කුරමිණයෙක්(මානෙලා) ආකර්ශනය වන අතර ඌ විසින් දමන බිත්තර වලින් පණුවන් හට ගනී. එයින් මල විනාශයට පත් වීමට තිබෙන ඉඩකඩ බෙහෝය.ඇතැම් කඳුකර පළාත්වල මල කැපීම පිණිස ආරම්භයේ දීම ඔලොම්බුව දමා සම්පූරණ පුරුකේම කොපු ඉවත් කර ගනිති. ඉන් පසු උදයට දහවලට කපා හවසට සම්පූර්ණ කොපුවම වැල් වලින් වෙලා දමති. ඉන්පසු උදෙට නැවතත් කපා හවසට වෙලා දමති . මේ ක්‍රමයට මල පදම් කරගත්තද වැසි කාලයට මෙවැනි පදම් කරගැනීම වලින් මල ඇරීමට තිබෙන ඉඩකඩ වැඩි වන බව අසන්නට හැකිය.දෙසැම්බරයේ සිට අප්‍රියෙල් මස පහළෙව දක්වා කාලය ( බක් මසේ අවසානය දක්වා) කිතුල් මල් කැපීමට හොඳම කාලයයි. තෙල් ගෑමේ අවුරුද්දෙන් පසු එළඹෙන කාලය අධික වර්ෂාවට බර බැවින් මල පදම් කර ගැනීම ලේසි නැත.ඒ නිසා තෙලි දිය ගැනීමට ඇතැම් විට ඉඩ නොලැබේ.මහ රා දමන්නට පෙළඹෙන්නේ එවැනි අවස්ථාවලදීය.
       සාමාන්‍ය යෙන් කිතුල් ගසක මල් පහළොවක් පමණ හට ගනිති.මුදුන්මල සහ දෙවනි මල වන ඉපියාව කැපීමෙන් අත් හරින්නේ ඒවායේ ඇට මගින් කිතුල් පරාම්පරාව ප්‍රචාරණය වන බැවිනි. තෙවනි මලේ නොහොත් බතලේ සිට කැපීම ආරම්භ කරන්නට පැරණි මල් මදින්නන් උත්සාහ දරන අනෙක් කාරණය ලෙස සළකන්නේ මුදුන් මලේ වඩුකම හරියට නොකෙරුණහොත් ගසෙන් වැඩක් ගත නොහැති තත්ත්වයට පත් වන බැවිනි.කිතුල් ගස පීදෙන්නට වසර පහලොවක් පමණ කල් ගත වන අතර වසර පහක් පමණ මල් මැදීම සඳහා ප්‍රයෝජනයට ගත හැකිය. කිතුල් මලේ වඩුකම අවුල්කරන්නා වන්නේ රිලවාය. ඌ මදින්නන් පස්සේ රහසේ වැටී මදින්නා ඉවත් වූ පසු ගස් මුට්ටියත් කොලපුත් ඇද දමා යකා නටති. ඇතැම් රිලවුන් රා බී දවස තිස්සේ අනෙක් රිලවුන් සමග කෑ කොස්සන් ගසමින් රණ්ඩුවන හැටි දකින්නට හැකිය.මල් මදින්නන්ට නීතියෙන් කිසිම පිසරණක් නැත. රා බොතල් දෙකක් ළඟ තබා ගැනීමටත් ගස් තුනක් කපා ගැනීමටත් අවසරය හිමව තිබුණද සුරාබදු අංශ සහ පොලිසිය තමන්ට වාරිකව අවශ්‍ය නඩු සදහා මල් මදින්නන් කොටු කර ගනිති.ඇතැම් විට නූගත් කම නිසා රවට්ටා කොල වලට අත්සන් ලබා ගෙන නඩු දමති. තරුණ පරපුර මල් මදින්නට නොඑළඹෙන්නේ මේ දුෂ්කරතා ඔවුන් දන්නා බැවිනි. මේ නිසා අගනා කර්මාන්තයක් ඉදිරි කාලයේ දී අතුරුදහන් වීමට තිබෙන ඉඩකඩ බොහෝ වේ.
      


Tuesday, December 18, 2018

යහපාලන හෙඩ්මාස්ටර් සහ තානාපති පාස්ටර්


                                     
                දින පණහක කෙටි ආණ්ඩුවක් අවසන් කොට දැන් තවත් නව ආණ්ඩුවක් පත්ව තිබේ. මේ කාලය තුළ රටේ තිබූ අස්ථාවර බව කාහටත් ප්‍රශ්නයක් විය. නමුත් ආණ්ඩුවක අවිනිශ්චිත බව තිබුණද රාජ්‍යයක් තිබෙන බව ජනතාව අවබෝධ කරගත්හ.  එනම් රජයේ නිළධාරීන් සිය රාජකාරි කටයුතු වල අඛණ්ඩව යෙදීමෙන් රටේ වියවුල් ඇති නොවීමට මග පාදනු ලැබීය.පාර්ලිමේන්තු සම්ප්‍රදාය මගින් රට කාබාසිනියා කරන ආකාරය පළමු වරට සංවාදයට ලක් විය.කෙසේ වෙතත් දැන් පත්ව පැමිණි නව රජයේ අගමැති දිව්රුම් දෙන අවස්ථාවේදී ජනපතිවරයා යම් ඓතිහාසික ප්‍රකාශකනයක යෙදුණි.  එවැනි ප්‍රකාශනයක යෙදීමට මේ යුගයේ සිටි කිසිම ජනපතිවරයෙකු සමත් නොවූ බව අවංකව කිව යුතුය. ව්‍යවස්ථාදායකය විධාකය සහ අධිකරණ යන බල තුලනය යටතේ ඇති වූ ගැටළුව මැනවින් විග්‍රහ කොට සැකසුණු එම ප්‍රකශනයෙන් ජනතාවට හංගන්නට දෙයක් තිබුණේ නැත. පක්ෂ විපක්ෂ සියළු දෙනාගේම හෙලුව ඉන් ප්‍රදර්ශනය විය. නිදහස ලැබී වසර හැත්තෑවක් ඉක්ම ගොස තිබෙන මේ යුගයේ රට ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝග මෙනවාදැයි මෙම කතාවෙන් හොඳින් ගම්‍ය වේ යැයි සිතමි. සිංහල ජනතාව දෙකට බෙදී සිටීමත් හරි හෝ වැරදි කුමක් වුවත් පක්ෂයේ මතය පිළිගෙන කටයුතු කිරීමත් නිසා රටේ සුලුතරය බොරදියේ මාලු බාන බව ජනතාවට ඒත්තු ගොස් ඇත. මේ සඳහා එකම විකල්පය මහ මැතිවරණය බවට ජනපතිවරයා නැවතත් ඒත්තු ගන්වා තිබේ. මන්ත්‍රී වරුන් 225 දෙනාගේ බලයට හෝ අධිකරණ විනිසුරුවන් ගේ ප්‍රමාණයට වඩා ජනතාව විසින් දෙන තීරණය වැදගත් බව මෙහිදී දැඩිව ඒත්තු ගැන්විණ. නමුත් පාර්ලිමේන්තු ක්‍රමය මහ මැතිවරණය වැනි දෙයකින් පමණක් මෙම අභියෝග වලට මුහුණ දීමට හැකි වේ දැයි යම් ප්‍රශ්ණයක් මතුව තිබේ. පසු ගිය කාලයේ දී පාර්ලිමේන්තුව සහ අධිකරණය හැසිරුණු ආකාරයත් විදේශ තානාපතිවරුන් හැසිරුණු ආකාරයත් දෙස බලන කල්හි රටේ ස්වාධීනත්වය ගැන බරපතල ලෙසට කල්පනා කරලීමේ අවස්ථාව දැන් පැමිණ තිබෙන බව පෙන්වා දිය යුතුය.
          යහපාලන රජය පත්ව වසර තුනහමාරක් ගත වූ අවස්ථාව වන විට එම රජය කුමක්දැයි බහුතර ජනතාව හොඳින් දැන ගත්හ.එම නිසා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව කෙරෙහි වූ අප්‍රසාදය විශාල වශයෙන් පළ කරන්නට ඔවුන් නොපැකිලුණහ. මේ වාසිය උකහා ගනු ලැබූයේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයයි. ඔවුහු ද පසුගිය කාලයේ සටන් වල නිමග්න ව සිටියද යහපාලන රජයේ යම් තීරණාත්මක වැරදි තීරණයන් හිදී එක්කෝ නිශ්ශබ්දව සිටියහ. නැතහොත් සහාය දුන්හ. රණවිරුවන්ට විරුද්ධව ජාත්‍යන්තර පනත් සම්මත කරන කල්හි වැඩි බරක් නොයොදා නිහඩව සිටීම නිසා විශාල හානියක් අද සිදු වී තිබේ. දහනව වන ව්‍යවස්ථා සංශෝධන සිදු කරන අවස්ථාවේ දී සරත් වීරසේකර මහතා හැර අනෙක් සියළු දෙනම එයට පක්ෂව චන්දය භාවිතා කළහ. ස්වාධීන කොමිෂන් සභා තොරතුරු දැන ගැනීමේ පනත ආදී කරුණු වල සාධාරණත්වය උදෙසා මේ කැමැත්ත ප්‍රකාශ කළ බව ඒත්තු ගැන්විණ. එහෙත් ඒ එල්ලය පිට දමා 1978 ව්‍යවස්ථාව විකෘති කරලීමට ගත් උත්සාහය පරාජය කිරීමට ඔවුන්ට නොහැකි විය. ජනමත විචාරණයකට ගොසින් කළ යුතු සංශෝධන පවා ඇති කරන්නට ගත් වෑයම සහ ආණ්ඩුවේ ප්‍රෝඩාතන්ත්‍රවාදය අද වන විට කවුරුත් තේරුම්  ඇත.මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය විශාල උගුලක පැටළුණ බව පැහැදිලිය . අද වන විට ව්‍යවස්ථා දායක සභාවේ තත්ත්වයත් පළාත් සභා සීමා නීරණ වල විකෘතියක්ද ඇති බව පැවසීමට ඔවුන්ට සිදුව තිබේ. අගමැති වරයා මුළු පාර්ලිමෙන්තුවම එක මිටට ගෙන නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අර අදින කල්හි ඒ උගුලටද ඔවුන් අසුවුණ හැටි අපට හොඳ හැටි මතකය. මේ නිසා ඔවුන් කළ වැරදි බූමරංගයක් ලෙසට ඔවුන් කරා පැමිණීම ගැන පුදුමය පළ කළ යුතු නැත.
         ජනාධිපතිවරයා වර්තමාන අගමැතිවරයා ඉදිරියේ කළ සමස්ත ප්‍රකාශයේ හරය නම්  යහපාලන සංකල්ප අමු අමුවේ උල්ලංඝණය කරමින් හිතුවක් කාර ලෙසට කටයුතු කිරීමට අගමැති උත්සාහ කළ බවයි.. ඇතැම් විට ජනපතිවරයාගේ බලතලද භාවිතා කළ බව පැවසීම මුසාවක් නොවේ. එසේම මේ රටේ තිබෙන ශක්තිමත් සංස්කෘතික සම්ප්‍රදායන්ට පහර ගැසීමට චේතනාන්විතව කළ සියළු දේ ජනපතිවරයා හොඳින් දැන සිටි බව කතාවෙන් පැහැදිලි විය.එහෙත් ඔහු මෙම කතාවේ දී නොකියන්ට පරිස්සම් වූ එක කාරණයක් විය. එය නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවසථාවක් ඉදිරිපත් කොට උතුර සහ නැගෙනහිරට ස්වයංපාලනයක් ලබා දීමට කරන ලද වෑයමයි. මෙම කාරණය පසුගිය වසර තුන පුරාවටම ලංකාවේ ජාතික බලවේග මගින් ජනතාව ඉදිරියේ සාකච්ඡාවට බඳුන් කළහ. එම ව්‍යවස්ථා යෝජනා  මහජන අදහස් වාර්තා අතුරු කමිටු වාර්තා සියල්ල විශාලේෂණයකළ ඔවුහු ඉතා පැහැදිලිව රට ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ   විදේශ න්‍යාය පත්‍රයට සහ දෙමළ ඩයස්පෝරාවේ පදයට ආණ්ඩුව නටන බවයි. . දෙමළ ඩයම්පොරාව විසින් මුදුල් දී මිළට ගන්නා ලද මෙරට මන්ත්‍රී වරු නිළධාරීන් ගැන මේ කාලයේ දී හොඳින් හොළිදරව් විය.සිංගප්පූරුවට ගොසින් රෝ සංවිධානයෙන් මුදල් ගත ඇමැතිවරු ගැනද සවිස්තර වාර්තා තවමත් හොළිදරව් නොවී පවතී. මංගල සමරවීර මහතා විසින් සම එකඟතාවය දක්වා අත්සන් කළ ජිනීවා 30/1 යෝජනාව නිසා මෙරට රණ විරුවන්ට එරෙහිව යුධ අපරාධ ගොනු කිරීමට විශාල ඉඩකඩක් විවිර විය. රණ විරුවන් සිර ගත කෙරුණි. උතුර සහ නැගෙනහිර තිබෙන හමුදා කඳවුරු අනවශ්‍ය ආකාරයට ඉවත් කෙරුණි. පුරාවිද්‍යා සිද්ධස්ථාන ඩෝසර කෙරුණි. උතුර නැගෙනහිර ප්‍රදේශ වල අවතැන් වූ සිංහලයන්ට ඉඩම් නොලැබුණි. මේ සියළ කරුණු යහපාලන හෙඩ්මාස්ටර් නොදන්නවා නොවේ. ඔහු ඒවාට නියඬව සිටි බවද සියල්ල දැන ගත්තේ පත්තරෙන් බවටද ප්‍රකාශ වුණි.විජයකලා වැනි මන්ත්‍රීවරියන් හුරතල් කිරීම දක්වා මෙම නාඩගම දිග හැරුණි.එවැනි තත්ත්වයක් දක්වා යහපාලන සංහිඳියාව රෝල් වී ගියද මේ අතේ රෝල වර්තමාන අගමැතිවරයාට එල්ල කරන කාල බෝම්මබයක් බවට පත් කරන්නට ජනපතිවරයා උත්සාහ ගත් බව පෙනේ.
      වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ චේතනාන්විතවම සිංහල සංස්කෘතියට වෛරකරන්නෙකි. ඔහු දොන් ජුවන් කෙනෙකු බවට චම්පික ඇමතිවරයාගෙන්ම වරක් බෞතීස්ම ලැබූවෙකි. එසේම ඔහු ඔස්ලෝ සම්මුතිය පිළිගන්නෙකි. ඒ වෙනුවෙන් වැඩ කරන්නෙකි. ඔහු ජනතාවට එකක් කියා සංහිඳියාව උදෙසා වෙන දෙයක් කරන පුද්ගලයෙකු නොවේ. තානාපතිවරුන් විදේශ ඇමැති වරුන් ඔහු පසු පස්සේ පැමිණ ඔහුට අත දෙන්නේ පස්සෙන් සිටින්නේ බටහිරයන්ට අවශ්‍ය දේ ඔහු කරන බැවිනි. එහි විවාදයක් නැත. එහෙත් ජනපතිවරයා සිය සැර වදන් වලින් නොකියන දේ නම් මේ රට බෙදීම පිළිබඳ තිබෙන සැබෑ සත්‍යයයි. පසුගියදා ජාතික සංවිධාන කීපයක නියෝජිතයන් ඔහු හමු වීමට ගොස් ඇති අවස්ථාවේදී මෙම ප්‍රශ්ණය ඉස්මතු කරණු ලැබිණ. එහිදී ඔහු පවසා ඇත්තේ දෙමළ ජනතාවට යම් ප්‍රශ්ණයක් ඇති බැවින් යමක් ඔවුන්ට ලැබිය යුතු බවයි. එසේම පසුගිය කාලය පුරාවටම දෙමළ ජනතාවට සිංහලයන් ගේ හිරිහැර සිදු වූ බවද ඔහු පවසා තිබේ. මේවා අමූලික මුසාවන්ය. උතුර නැගනහිර සැබෑ ඉතිහාසය ගැන ඇති වූ සංවාදයට දැන් දශක තුනක් ගත්ව තිබේ. දෙමළ අභිලාශය ඊලාම් සංකල්ප පට්ට ගසා තිබේ. එසේ තිබියදීත් බොරු සංහිඳියාව වෙනුවෙන් දෙමළ අභිලාශ කතා කරන්නා වංචනිකයෙකි. මේ ප්‍රකාශ තුළ යම් දෙශපාලන අවශ්‍යතා තිබුණද ඒ මගින් ජාතික අභිලාශ දුර්වල කරණු නොහේ. එම නිසා අදට අවශ්‍යව තිබෙන්නේ ජාතික නායකයෙකු මිස දේශපාලන පක්ෂ නායකයෙකු( හෙඩ් මාස්ටර් කෙනෙකු) නොවන බව ජනතාව ඉදිරියේ පසක් කළ යුතුය. . එම තත්ත්වය මත දේශපාලන හෙඩ්මාස්ටර් වරයෙකු වේවැල අතට ගෙන  කළ ප්‍රකාශය ගැන අප එතරම් උදම් ඇනිය යුතු නොවේ. සිංහලයා පරාජයට පත් වන්නේ උගුල් වලට වැටීමෙනි. එසේත් නැතිනම් නිදා වැටීමෙනි. ඉදිරියේදී හෙඩ් මාස්ටර් යටතේ තානාපති පාස්ටර් යම් තරමකින් දමනය වනු ඇත. එහෙත් නූතන අරිට්ට කී වෙණ්ඩු ගේ දෙමළ සන්ධානයත් රතු අලි පැටව් නාමධාරී ලිබරල් පැංචන් රැළත් දත් විලිස්සාගෙන උගුල් අදින්නට මාන බලමින් සිටින බව තේරුම් ගත යුතුය.එහිදී මාස්ටර් සහ පාස්ටර් ගේ අඩු තැන් මැනවින් වටහා ගෙන කටයුතු නොකළහොත් ජාතික බලවේග නැවතත් පරාජයට පත් වනවා නිසැකය..


Wednesday, December 5, 2018

ඌව වෙල්ලස්ස සටනේ පාඩම් මගින් මේ පෙරළිය කියැවිය හැකිද


                         
        ඉංග්‍රීසීන් විසින් පිහිටුවන ලද අධිකරණ පද්ධතිය නමැති ගහලයා භාවිතා කොට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ශීර්ෂය ඡේදනය කර ඇත. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි ගත් මෙම අධිකරණ තීරණය රටේ ඉරණම කෙරෙහි බරපතල අන්දමින් විශාල අභියෝගයක් එල්ල කොට තිබේ.එක් පැත්තකින් රට දේශපාලන වශයෙන් අස්ථාවරය. තවත් පැත්තකින් ආර්ථික වශයෙන් බිංදුවට වැටී තිබේ.අනෙක් පැත්තකින් රට බෙදීමේ බලවේග සියල්ල සිය සූක්ෂම ඥානයෙන් එක මිටට ගන්නට සුමන්තිරන් නම් ඒජන්තයා සමත් ව සිටී. අහෝ අපගේ ලංකා මාතාව අතිශයින් දුක් වන කාලයක් නැවතත් උදාවූයේ කෙලෙසකද.මේ ගැන තේරුම් ගන්නට තිබෙන හොඳම ඉතිහාස සාක්ෂිය 1818 ජාතික විමුක්ති අරගලයයි.අප රටේ දේශපාලන අධිකාරිය වසර දෙසීයක් තිස්සේ එම අරගලයේ සුවිශේෂී සිදුවීම් අධ්‍යනය නොකර අන්ධයන් සේ කටයුතු කිරීමේ විපාක අපගේ කරමත කඩා වැටී තිබෙනවා නොවේද.
       එක් දහස් අටසිය දාහත වර්ෂයේ  දී ඉංග්‍රීසීන්ට විරුද්ධව සිංහලයන් විසින් ආරම්බ කරන ලද ජාතික විමුක්ති   අරගලයට හේතු වූයේ 1815 වසරේදී අත්සන් කරන ලද සිංහලේ බ්‍රිතාන්‍ය ගිවිසුම ඉංග්‍රීසීන් විසින් ඒකපාක්ෂිකව කඩ කිරීමයි.වඩුග රජෙකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් ගේ ක්‍රෑර පාලනයට එරෙහිව නැගී සිටි ඇහැලේපොළ නිලමේ ඉංග්‍රීසින් වෙතට පැන ගොස් කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසට උඩරට ස්වාධීන කාලපය තමන් සන්තක කර ගැනීමට ඉංග්‍රීසීන් විවිධ කුමන්ත්‍රණ දියත් කළහ. සපරගමුව භාරව පැමිණි ඇහැලේපොළ මහ අදිකාරම ප්‍රබල රදළ පරපුරකින් පැවත එන එසේම සුවිශේෂී   ඥාති  බලයක් ‍ගොඩනගා ගෙන සිටියෙකි. රජ වාසලේ පළමුවන අධිකාරම වූ පිළිමතලව්වේ මෙන්ම දෙවන අධිකාරම වූ ඇහැලේපොළද රජුට යටි සිතින් ද්වේශ කලේය.ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් කන්නසාමි ගේ රාජ්‍ය පාලනය ලංකාවේ අතිශයින්ම තීරණාත්මක අවදියක් බවට පත් වන්නේ පිළිමතලව්වේ මහ අදිකාරම් විසින් මේ රජු සහ පාලනය තම සියතට ගැනීමේ කූඨ උපක්‍රමයක යෙදී සිටි බැවින්ය.තරුණ කන්නසාමි මේ බැව් මුලින් දැන නොසිටියද පසුව සිය ආධිපත්‍ය තහවුරු කරගැනීම පිණිස රදළවරුන් ගේ බලය අඩු කරලීමට පියවර ගත්තේය.වඩුග පාලනය පිළබඳව නොසතුටෙන් සිටි භික්ෂූන් වහන්සේලා මේ අවදියේදී කළ කුමන්ත්‍රණ ගැනද ඉතිහාසයේ සඳහන්ය. සංඝරාජ හිමියන් භික්ෂු සමාජය කෙරෙහි ඇති කරන ලද බලපෑම නිසා ඒ වන විට උපසම්පදා භික්ෂූන් රාශියක් ලංකාවේ තැන තැන ශක්තිමත් වෙමින් සිටියහ. රජු මේ බැව් දුටුවේය. සිය වඩුග  නෑ පිරිස් වලට රජ වාසලේ ඉහළතනතුරු ප්‍රධානය කළ ඔහු ඉන්දියාවේදී අහිමි වූ නායක්කර් පාලනය ලංකාවේ පිහිටුවීමට අවශ්‍ය පසුබිම සකසමින් සිටියේය.
                 ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහාසනප්‍රාප්ත වූයේ 1798 දීය. ඒ වන විට රජ වාසල අරක්ගෙන සිටි නායක්කර් වඩුගයන් ජාතික ආර්ථිකයේ කොඳු නාරටිය අත්පත් කර ගෙන උන්හ.ආනයන අපනයන වෙළෙඳාම සහමුලින්ම වඩුගයන් කීප දෙනෙකු අතර විය. රදළවරුන්ට අල්ලස් දීමෙන්ද වැදගත් ඨානාන්තර පිරිනැමීමෙන්ද තම අණසකට ගැනීම නිසා සිංහල නිලමේලා බලවත් වුවද කළ හැකි කිසි දෙයක් නොවීය. ආන්ද්‍ර බස රජ වාසලේ ප්‍රධාන බස බවට පත් විය. සිංහල නිළමේලා වුවද සිය මුද්‍රාව තැබූවේ ආන්ද්‍ර අක්ෂර වලිනි.පිළමතලව්වේ අධිකාරම විසින් කන්නසාමි සිංහාසනයේ තැබෙව්වේ මේ තර්ජනයන්ට මුහුණ දීම පිණිසය. තමන්ට ගැති රූකඩ රජෙකු මගින් සිය අභිප්‍රායන් ඉටු කර ගැනීම එහි බලාපොරොත්තුව විය. ඒ සඳහා ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහය ලබා ගැනීමට ඔහු ක්‍රියාකලේ 1800 දී පමණය. පිලිමතලව්වේ ගේ අනුග්‍රය ගැන සැලකිලිමත් වූ ඉංග්‍රීසීහු කලින් සකසන ලද ගිවිසුමක් ද අතැතිව කනකමය මංජුසාවක් සහ අශ්ව රථයක් ඇතුළු පඬුරු රැගෙන 1800 මාර්තු 2 දා කොළඹන් පිටත් විය. ගිවිසුම මෙසේය. රජු ගේ ආරක්ෂාව පිණිස කොළඹ ආණ්ඩුකාරයාගේ මෙහෙයවීමෙන් හත්සීයක පමණ ඉංග්‍රීසි හමුදාවක් උඩරට නැවැත්වීම. මේ පිරිසගේ වියදම සිංහලගේ රජු විසින් දැරිය යුතුවීම.අවශ්‍යතාව මත  ඉදිරියේ දී එම සෙබළු ප්‍රමාණය වැඩිකිරීම ආදි වශයෙන් විය. වගන්ති නවයකින් සමන්විත මේ ගිවිසුමට රජු එකඟ නොවීය. මේ ගිවිසුම රැගෙන උඩරටට පැමිණි සෙන්පතියා වූයේ මැක්ඩොවල්ය.  මේ ගිවිසුම අසාර්ථක වූවායින්  පසු 1803 දී නෝර්ත් අණුඩුකාරයාගේ ඇණවීමෙන් මැක්ඩොවල් උඩරට ආක්‍රමණය කලේය. සෙන්කඩගලට පැමිණි විට ශ්‍රී වික්‍රම හෝ කිසිවෙක් එහි නොවූයෙන් මුත්තුසාමි එහි රජ කොට ගිවිසුම පරිදි ආරක්ෂාව සැපයීමට ඉංග්‍රීසි ආණ්ඩුව එකඟවිය. ඒ සමගම කොළඹ සිට ත්‍රිකුණාමලය තෙක් මාවතක් ඉඳිකරනු වස් බිම් තීරුවක් දීමටද සත් කෝරළයේ පලනය ඉංග්‍රීසීන් වෙත පවරා දීමද කළ යුතු විය. නමුත් පිලිමතලව්වේගේ හමුදාව නුවරට පැමිණි ඉංග්‍රීසින් පළවා හැරියෙන් ගිවිසුම ඵල රහිත විය.
         මුත්තුසාමි සමග පසුබසිමින් සිටි මැක්ඩොවල් සෙනවි මේ අතරවාරයේ පිලිමතලව්වේ සමග ගිවිසුමක් ඇතිකර ගත්තේය. රජු නෙරපා හැර පිළමතලව්වේට රට භාරවන පරිදි මේ ගිවිසුම සකස් විය.  මීගස්තැන්නේ අදිකාරමත්  මුත්තුසාමිත් මැක්ඩොවල් සෙනවියාත්  මේ ගිවිසුමට අත්සන් කළ බව පැවසේ. මේ තුන් හවුල් ගිවිසුම අනුව කලින් මුත්තුසාමි සමග වූ එකඟතා අළුත්කර ගන්නටත් මුත්තුසාමි වෙනුවෙන්  උතුම් වූ කුමාරයා යන නමින් සිංහලේරටවල් පාලනය පිලිමතලව්වේට ලබාදීමටත් ඉංග්‍රීසීන් ගෙන් පතාග 30000 ක් ලබා යාපනයේ සිට රජ කිරීමටත් එකඟතාවය විය. මෙම ගිවිසුමෙන් පසු හමුදා භට පිරිසක් මහනුවර නවත්වා මැක්ඩොවල් කොළඹ බලා පිටත් විය. එහෙත් සැඟවී සිට ශ්‍රී වික්‍රම රජුගේ දසදහසකට වැඩිතර සෙනග ඉංග්‍රීසීන් වටලා ඔවුන් සමූලඝාතනය කොට මහනුවර යළි අල්වාගෙන පිළමතලව්වේ සහ මුත්තුසාමි ඇතුළු රාජ ද්‍රෝහීනට දඬුවම් ලබා දුන්නේය.
                 ඇහැලේපොළ  මහ අධිකාරම සපරගමුවට යැවෙන්නේ ඔහුට විරුද්ධව රජුට ගතු කියූ පිලමතලව්වේ ගේ මෙහෙයවීමෙනි.මේ අතරවාරයේ අධිකාරම් නිලයට තෙවැන්නෙකුද පත් විය. ඒ මොල්ලිගොඩයි.රජුගේ අරමුණ වූයේ රදළයන් ගේ බලය ක්‍රමයෙන් අඩු කරලීම බව පෙනේ.කෙසේ වුවත් සපරගමුවට වන් මහ නිලමේ එහි වැව් අමුණු සදවා වෙල් අස්වද්දවා රජයට ලැබෙන ආදායම තර කලෙන් රාජ ප්‍රසාදයද ජනතා ප්‍රසාදයද දිනා ගත්තේය. මෙයට ඉරිසියා කළ මහනුවර නිලමේලා ඇහැලේපොළට විරුද්ධවරජුට ගතු කීහ. රජු විසින් පිළමතලව්වේ මැරවූයේ 1811 වර්ෂයේ මාර්තු 26 වනදාය. ඉන්පසු මහ අදිකාරම් ධුරයට පත්වූයේ ඇහැලේපොළය. නමුත් පෙර කී කුමන්ත්‍රණ මධ්‍යයේ  සපරගමුව කරමින් සිටි ඇහැලේපොළ බිඳ වීමට මොල්ලිගොඩ විසින් එවන ලද ලිපියක් හේතු වී යැයි පැවසේ. රජු ඇහැලේපොළ කැඳවූයේ වෙනත් කරුණකටය. එහෙත්  වෙනත් ලිපියක් මගින් ඔහුට දැනුම් දී තිබුණේ රජු උදහස් වී ඇති බවත් නුවර නොපැමිණිය යුතු බවත්ය. එම නිසා රජු කෝප විය. ඇහැලේපොළ ඉංග්‍රීසීන් වෙතට පැණ යන්නේ යැයි රජුට කේලාම් බස් පැවසිණ. මේ වන විටද ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා සමග ඇහැලේපොළ සම්බන්ධකම් පවත්වමින් සිටියේය.  කල හැකි දෙයක් නොවූ කළ කළුගඟදිගේ අඟුලක් මගින් පහළට ආ ඇහැලේපොළ පාණදුරයට පැමිණ ඉංග්‍රීසි හමුදාවේ සහායෙන් කොළඹ කොටුවට සැපත් වී ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා සම්මුඛ විය. කන්නසාමි පැන්නවීමට ඉංග්‍රීසින් සමග ඇති කර ගත් ගිවිසුම ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ එතැන් සිටයි.
        වඩුග රජෙකු වූ ශ්‍රී වික්‍රම සිංහල සම්ප්‍රදාය ඉක්මවා දශරාජ ධර්මය කඩකොට රට පාලනය කළ තැනැත්තෙකි. සියවස් ගණනාවක් තිස්සේ රාජඅභිෂේකයේදී ලක් රජවරු නාථ දෙවියන් ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ දැහැමි පාලකයෙක් වන බවට සපථ කරමින්ය. නමුත් උද්දච්ච පුද්ගලයෙකු වූ ශ්‍රී වික්‍රම රාජ සිංහ නාථ දේවල භූමියෙන් නාථ දේවාලය ඉවත් කිරීමට පවා සැලසුම් කලේය. ඒ යුගයේදී නාථ දෙවියන් වෙනුවට පිටියේ දෙවියන් බලවත්ව සිටියේ යයි සැලකෙන්නේඒ නිසාය. කෙසේ වෙතත් එක දිගට රදළවරු සමග ඇති වූ විරසකයන් නිසා 1815 වර්ෂයට ආසන්න කාල වකවානුවේදී ඝාතන රැසක් සිදු විය. අවසාන වශයෙන් ඇහැලේ පෙළ නිළමේ ගේ භාර්යාව කුමාරිහාමි සහ දරුවන් විනාශ කිරීමට අණදී ඒය මහත් අභිරුචියෙන් බලා සිටි ආකාරය ඉතිහාසයේ සඳහන්ය. මෙයට හේතුව නම් ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා උඩරට රාජධානිය සියතට ගැනීම පිණිස කළ මෙහෙයුමයි. මෙහිදී රදළවරුන්ට හා රජුට උසස් වර්ගයේ මධ්‍යසාර ගෙන්වා පිළිගන්වා සිහිවිකල් තත්ත්වයට පත් කළ ආකාරය සඳහන්ය.මහාචාර්ය තෙන්නකෝන් වමලානන්ද මහතා ජෝන් ඩොයිලි ගැන සඳහන් කරන්නේ මෙසේය.
       ඩොයිලි අවික්ෂප්තව සන්සුන්ව හා ජයග්‍රහණය පිළිබඳව අධිෂ්ඨානයෙන් යුතුව තම උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන වේදිකාවක් නිර්මාණය කළේය. මේ දේශපාලන වේදිකාවේ ප්‍රධාන නළුවෝ නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රොබට් බ්‍රවුන්රිග් ඇහැලේපොල මහ නිළමේ මොල්ලිගොඩ මහ නිළමේ ජේම්ස් සදර්ලන්ඩ් එඩ්වඩ් ගිෆර්ඩ් කොබ්බෑකඩුව මල්වත්තේ මහානායක හිමියන් අස්ගිරි විහාරයේ යටවත්තේ මහානායක හිමියන් දුනුවිල දිසාවේ කපුලියද්දේ දෙවෙනි අදිකාරම් තම්බි මුදියන්සේ මැලේ මුහන්දිරම් ඉලංගකෝන් මුදලි සේරම් මුදලි හා තල්ගම උන්නාන්සේ වූහ. මේ හැම දෙන ඩොයිලි ගැසූ තාලයට නැටූහ. මේ සියලු දෙනාගේ නිසැක භක්තිය හා විශ්වාසය දිනාගත් අතරම ඔවුන්ගේ ප්‍රකාශනයන්හි සත්‍යාසත්‍ය භාවය වගවිභාගකරන ක්‍රමයද ඩොයිලි සතු විය.
         ඩොයිල් අවසාන වශයෙන් තම අභිමතාර්ථ සාධනයෙහි යොදා ගත් ඇහැලේපොළ මහ නිලමේ දක්ෂ ප්‍රාදේශීය පාලකයෙක් වශයෙන් අවංකව රජුට සේවය කළ තැනැත්තෙකි. එහෙත් අවසාන කාලයේදී රදළවරුන්ගේ උසිගැන්වීම් මත රජු ඔහු හා විරසක වුණි. ඉන්පසු ඔහුට ඕනෑ වූයේ රජු පාවා දී ඉංග්‍රීසින් ගේ සහායෙන් සිහසුන් ගැනීමයි. මෙහි මුල් අදියර සාර්ථක ලෙස ක්‍රියාත්මක වුවද ඉංග්‍රීසින් සිය අභිලාෂය මත සිංහල ජාතික බලවේගය යටපත් කර ගත්තේය. සිංහල බෞද්ධයන්ට ඉතිරිවූයේ උඩරට ගිවිසුමේ පස්වන වග වගන්තිය පමණකි. නූතන ඩොයිලිලා එක්නැලිගොඩලා එක්ව මේ පසවන් වගන්තියෙන් කියැවෙන රටේ  ශාසනික උරුමය ඉවත් කර රට අනාගමික කරන්නටද කෑලී කෑලි වලට කඩා දක්වන්නටද කැසකවති. සිරිසේන ජනාධිපතිවරයා තාවකාලිකව හෝ පරාජයට පත් කරන ලද්දේ මේ පියවරයි. එහෙත් එම පියවර ආපස්සට හැරවීමට විදෙස් බලවේග සියල්ල ඒකාරාශී වී ඇත.රනිල් බලවත්ය.1817-18 සටනේ රජු වූ දොරේසාමි මෙන් ජනාධිපතිවරයා දුර්වල කර තිබේ. දැන් වන විට නූතන කැප්පෙටිපොළ දේශපාලනික වශයෙන් ඝාතනය කර තිබේ. එහෙත් ජනතාවගේ ආදාරයට පත් මහින්ද රාජපක්ෂ ඝාතනයට ලක්ව නොමැත. ඔහු නැවතත් ජයග්‍රහණය කරා යන්නේ මහා මැතිවරණයකින්ම පමණි. නූතන නිදහස් අරගලයේ නව ආරම්භය මේ මගින් සනිටුහන් කරවීමට සිතින් කයින් මෙන්ම අධ්‍යත්මික වශයෙන්ද කැප වීම අප සැමගේ යුතුකමයි.




Thursday, November 22, 2018

සුද්දො දෙබානකින් කුඹුරක් මැඩවූ හැටි


                                   
         සිංහල ජාතියත් සංස්කෘතියත් විනාශ වන්නට ආරම්භ වුණේ එක්දහස් අටසිය පහළොවේ  මහනුවර මගුල්මඩුව ආසන්නයේ දී සිංහල කොඩිය බිම දමා ඉංග්‍රීසි කතිර කොඩිය  උස්සාපු මොහොතේ සිටයි.  සිංහල නිලමේවරු සමග අත්සන් කළ  ගිවිසුම කඩකරලා බුද්ධ ශාසනයටත් සිරිත් විරිත් වලටත් අපහාස වන විදියට කටයුතු කරන්නට ඉංග්‍රීසීන් කටයුතු  කරන බව දැනුණෙන් ජනතාව කෝප ගැන්වුණා. සිංහල රදළයන්ට අයත්ව තිබූ නිලතල මරක්කලයන්ට දෙන්න වූයෙන් තවත් කුපිත වෙලා රහසේ කතිකා වෙලා යුද්ධ සංවිධාන කරන්නට පටන් ගත්තා මේ කැරලි ඌව වෙල්ලස්ස දිශාවෙ බලවත් ආකාරයට පැතිර යන කොට ඒවා මැඩ පවත්වන්නට එවකට ඉංග්‍රීසි ආණ්ඩුවේ තානාන්තර දරාපු ඌවේ දිශාව වන මෙනරවිල කැප්පෙටිපොළට පැවරුවා. ඒත් රටත් ජාතියත් පිළිබඳ ශාද සාක්ෂිය අවදි කර ගත් කැප්පටිපොළ 1817 වසරේ නොවැම්බර් මාසයේදී සිය සේනාංක වල තිබූ අවි ආයුධ ආපසු භාරදීලා කැරලි කරුවන් ට එකතු වුණා. මෙම සිදුවීම ඓතිහාසිකයි. එතැන් පටන් සුදු අධිරාජ්‍ය වෙවුලවන්නට සමත් යුධ තාක්ෂණයක් විදුලි වේගයෙන් පැතිරෙන්නට පටන් ගත්තා. බ්‍රිතාන්‍ය යුධ නිළධාරීන් දන්න තරමක් උපක්‍රම යොදමින් රාජ ද්‍රොහීන් ලෙස නම් කරමින් දේපළ තහනම් කරමින් වෙල්ලස්ස ගිනි තබමින් සැහැසි ක්‍රියා කළත් කැප්පෙටිපොල නවත්වන්නට බැරි වුණා.මේ විමුක්ති අරගලය වසරකට ආසන්න කාලයක් ඇදී ගියත් එන්න එන්නම සිංහල හමුදා තුළ ශක්තිය වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. නමුත් කැප්පෙටිපොළ අතින් වැරැද්දක් වුණා. මෙතෙක් කර ගෙන පැමිණි ගරිල්ලා සටන් නවත්තලා ඔහු ඉංග්‍රීසින්ට මුහුණට මුහුණ ලා ප්‍රහර එල්ල කරන්නට පටන් ගත්තා. මේක තමන් සතු ශක්තිය පිළිබඳ කළ අධිතක්සේරුවක්. තුවක්කු කාල තුවක්කු වෙඩි බෙහෙත් ආදිය ප්‍රමාණවත් පරිදි නැතිවම කළ අනුවණ වැඩෙන් සිංහල හමුදාවට විශාල හානියක් සිදු වෙලා කැප්පෙටිපොළට පසු බසින්නට සිදු වුණා.ඔහු අසනීප වුණා. ඒ අස්සේ මරක්කල ඔත්තු කරුවන්  කැප්පෙටිපොල ගැන සෝදිසියෙන් හිටියා.මේ ඔත්තු වල ප්‍රතිඵලයක් විදියට ඉංග්‍රීසීන් සත් කෝරළේදී ඔහු අත් අඩංගුවට ගන්නවා. මේක තමයි 1817 ඓතිහාසික අරගලයේ ඛෙදවාචකයේ කතාන්තරය.
         මෙම අරගලයෙන් පස්සෙ වියරු වැටුණු ඉංග්‍රීසි ආණ්ඩුව උඩරට මුල් ගිවිසුම සංශෝධනය කරල ඔවුන්ට වාසිදායක වන ලෙස නව ආඥාවක් නිකුත් කලා.පස්සෙ කොල්බෘක් සහ කැමරන් කියන කොමසාරිස් වරු ලංකාවට ගෙනැල්ල රටේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සඳහා වාර්තාවක් සකස් කලා.මේ නිසා තමයි මුඩු බිම් පනත් මගින් රටේ සිංහලයා සතු ඉඩකඩම් මෙන්ම විහාරසන්තක දෙපළත් ඉංග්‍රීසි ආණ්ඩුව සතු වුණේ.ඒ වගේම සිංහලයන්ට දරන්නට බැරි බදු පැනෙව්වා. මේ බදු වලට විරුද්ධව 1848 දී මාතලෙන් කැරැල්ලක් ආවත් එයත් නිහීන ලෙසට මර්දනය කලා. සිංහලයන් තමන්ගේ කුඹුරු වතු පිටි කරගෙන හුදකලාව ජීවත් වන්නට පටන් ගත්තේ එතැන් සිටයි. සුද්දන් සමග එකතුවුණු රටේ රදළ පෙලැන්තිය ධන ලෝභයෙන් කටයුතු කරද්දී වතු ආශ්‍රීත ගම්වල අසරණ වුණ සිංහල ගැමියන් ගැන සොයා බලන්නට කිසිවෙක් හිටියේ නැහැ. මේ නිසා කුඹුරු වතු පිටි පාලු වුණා. වාර්මාර්ග වැව් අමුණු නොසලකා හැරියා. ගංවතුරාවට ඒවා කැඩී බිඳී ගියා. රටේ සම්පත් ඒ කියන්නේ මුතු සහ මිනිරන් නිධි සොයා ගෙන කළ මංකොල්ලයත් මේ සමගම ඇරඹුණා. ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූයේ ධනය විතරයි. ඒවා තම මව්රටට ගෙන ගියා.ඒ අස්සේ අසරණ ගැමියන්ගෙන් නව බද්දක් අය කරන්න තීරණය කලා. ඒ කට කියන්නේ ධාන්‍ය බද්ද කියලියි.1880 ආඥා පනතකින් තමයි. මේ නීතිය පැනෙව්වේ.ධාන්‍ය බදු එකතු කිරීමේ ක්‍රියාවලියට පළාතේ ආණ්ඩු ඒජන්තට සහාය වන්නට දිස්ත්‍රික් ඒජනත්ල පත් කලා. බස්නාහිර පලාතේ කළුතර දිසිත්‍රික්කයේ සහකාර ඒජන්ත වූයේ එච්.එච්. කැමරන් කියන සුද්ද බවයි ලියැවී තිබෙන්නේ. ඔහු තමයි තමන්ගේ නිළධාරීන් ලවා ධාන්‍ය බදු එකතු කලේ.
        කළුතර දිශාව ඒ කාලෙ හැඳින්වූයේ පස්දුන් කෝරළය කියලයි. ඉද්දගොඩ පත්තුව මහ පත්තුව ගඟ බඩ පත්තුව සහ වලල්ලාවිටි පත්තුව කියල ගම් දහයේ කොටස් නම් කලේ රජ කාලෙ ඉඳලමයි. සුද්දො මහ පත්තුව පැත්තේ ධාන්‍ය බදු එකතු කරන්නට ගියේ අස්සය පිටෙන් පාරවල් තිබුණේ නෑ. කැලෑ අස්සෙන් පාලම් නැති දිය පාරවල් තරණය කරමින් ගිය මේ ගමන් අතිශයින් දුෂ්කරයි. මහ පත්තුවේ හිටිය බොහෝ දෙනා කෝට්ටේ යුගයේ නිල තානාත්තර දැරූ පවුලේ උදවියයි. වීදිය බණ්ඩාර සෙනවියා පැලදි නුවර කරන කාලෙ සපරගමුවෙන් පැමිණි රණවීර කියල ප්‍රභූ පවුලක් මේ අතර හිටියා. වාසය බදුරලිය අසල කඹුරාවලයි. ගමේ ආරච්චි රණවීර පවුලක කෙනෙක්. ඔහු වැසියන්ගෙන් බදු එකතු කලේ නැහැ. සාම්ප්‍රදායිකව ගැමියන් ගෙන් ධාන්‍ය බද්දක් අය කලේ නෑ. ආරච්චි ට සලාරිස් ගෙව්වා විතරයි. ඒක රජයට අයත් නෑ. කන්න ගණනාවක් ගංවතුරෙන් පීඩාවට පත් වෙලා බත බුලත අහිමි වෙලා අසරණ වෙලා හිටිය ගැමියන්ට ධාන්‍ය වලින් බදු ගෙවන්න  විදියක් නෑ. ගෙදර තියෙන වී ටිකෙන් තමයි පවුල නඩත්තු කලේ. මේ නිසා දිසාපති ගේ අණින් ආරච්චිව අත්අඩංගුවට ගන්න සුද්දො සිවු දෙනෙක් අස්සය පිටින් මහපත්තුවේ කඹුරාවලට පිටත් වුණා.. ගම ආක්‍රමණය කරන්නට පැමිණියාම ගම්මුන් කුපිත වුණා. සුද්දො හතර දෙනා අල්ලලා ගස් බැන්දා. මේ අතර ආරච්චිට නෑකම් කිවූ රණවීර පවුලක ඉලන්දාරියෙක් හිටියා අගෝරිස් කියලා. ඔහු දිව ගිහිල්ලා බෙලි පට්ටා වලින් වියූ කඹයක් ගෙනල්ලා සුද්දො හතර දෙනා බාන් දෙකකට ගැලැත්තුවා. හරියට හරක් බාන් දෙකක් ගලත්තනාවා වගේ . ඒ දිනවල කුඹුරු මඩ වන කාලේ. දණක් ඉඟක් පමණ එරෙන කූඹුරක් මේ අසල තිබුණා. සුද්දො බාන් දෙක ඒකට දැම්මා .කෙවිටක් අරගෙන දක්කගෙන ගියා.වගුරේ ගමන් දන් නැති සුද්දො දෙබාන එරි එරී ඇදෙන හැටි  දැක්ක කොල්ලො කුරුට්ටො හූ හඬ තියලා කෑ ගහන්නට පටන් ගත්තා. මේ සංගෙදිය ආරංචි වෙච්චචි ආරච්චි විගැහින් දුවලා ඇවති මේ සුද්දන් බේරලා කුඹුරේ බුබුලට ගෙනවුත් දිය නා ගැනීමට පහසු කම් සලසලා ආපසු පිටත් කලා කියලයි කියන්නේ.
       සුද්දන්ට දඬුවම් දුන්නු අගෝරිස් සහ ඔහු ගේ සහොදරයන් දෙදෙනෙක් ගමෙන් පැන්නා. ඒකකෙනෙක් පයියාගලට ගියා අනෙකා නෑහින්නට ගියා ඊළඟට අගෝරිස් පුහාඹුගොඩ නැවතුණා. කියලා තමයි කියන්නේ ඔවුහු එතැන් සිට රණවීර නාමය සඟවා ගෙන කඹුරාවල කන්කානම් ගේ විදියට පෙනී සිටියා.  වර්තමානය වන විට මේ පවුල් වැඩි දියණූ වෙලා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් වෙල් විදානේ පොලිස් විදානේ කම් පවා ලබලා දියුණට පත් වලා තිබෙනවා. නමුත් එදා සුද්දන්ට මතක හිටින පාඩමක් ඉගැන්වූ අගෝරිස සහ සහෝදරයන් නම් පළාතේ අයට අමතක වෙලා.

         
             


Thursday, November 8, 2018

දහනවය කිනම් ලියවිල්ලක ෆොටෝ කොපියක් ද


                                        
                  වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලංකා පාර්ලිමේන්තුවේ 2018 වසරේ සැසිය අවසාන කර කල් තැබීම ව්‍යවස්ථානුකූලව කර ඇති බව විද්වතුන් පෙන්වා දී තිබේ. පරිණත දේශපලනාඤයෙකු වූ වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා මේ සම්බන්ධව දරන අදහස ඉතාමත් ම නිරවුල්ව ඉදිරිපත් කර ඇත. ඒ මතය අපට ඉතා වැදගත් වෙයි.ජනාධිපතිවරයා මෙවැනි තීරණයකට එළඹියේ කුමන කාරණයක් නිසාදැයි ඔහුගේ කතාවේ  පැහැදිලි කරන්නට ද යෙදුණි.රටට ජනතාවට අහිතකර ලෙස කටයුතු කිරීම ජනතාව පීඩාවට පත් කිරීම රටේ ඉඩම් හිමි කම් අන්සන්තක කිරීම ආදී ක්‍රියා කාරිත්වයන් නිසා තම පරමාධිපත්‍ය බලය යෙදවීමට සිදු වූ බව සිරිසේන ජනාධිපතාවරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය. වසර තුනහමාරක් පමණ කාලයක් තුළ මෙවැනි තත්ත්වයන් වර්ධනය වද්දී නිහඬව එම විනාශයන් දර ගෙන සිටීම පිළිබඳවද ඔහු වගකිව යුතු නමුත් අවසාන වශයෙන් හෝ තම බලය අනුව ජනතාවගේ පැත්නේ හිතා බලා කටයුතු කිරීම පැසසුම් කට යුතුය.අසාධ්‍ය රෝගියෙකු වෛද්‍යවරයෙකු වෙත පැමිණි විට චක්‍රල්ඛන  වලින් හෝ යම් නීතියකින් වෙදකමකරන්නට බාධාවක් ඇති විට ගන්නා තීරණය කුමක්ද. රෝගියා සුවපත් කරලීමට ක්ෂණිකව කටයුතු කිරීම නොවේද.
    ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ඇති කළ වෙස්ට්මිනිස්ටර් ආණ්ඩුක්‍රමය යටතේ ලංකා පාර්ලිමේන්තුව තුළ සිදු වූ බල පෙරළි කලබගෑනි ඉතිහාසයේ ලියැවී තිබේ. ඇතැම් අවස්ථාවලදී අස්ථාවර ආණ්ඩු බිහි වීම දක්වා මේවා වර්ධනය වූ බව පැහැදිලිය. නිදහස ලැබී මුල් කාලයේ තිබූ එක්සත් ජාතික පක්ෂයත් සමසමාජ පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර මේ බල හුවමාරුව සිදු වුවද ඒ ක්‍රමය තුළ ජාතිවාදී අන්තවාදී සවරූපයක් ක්‍රියාත්මක නුවුණි. නමුත් අවාසනාවකට 1965 න් පසුව උඩරට වතු කම්කරුවන්ට අනවශ්‍ය ආකාරයට පුරවැසි බලතල හිමිකර දීමත් ඒවා  දෙමළ දේශපාලනඥයන් කොල්ල කෑමත් නිසා ජාතිවාදය තුළින් බල දේශපාලන කේවල් කිරීම ඇරඹුණි. මේ තත්ත්වය වඩාත් නරකට හැරුණේ මුස්ලිම් පක්ෂ පිහිටුවා ගනිමින් අන්තවාදයට තල්ලු වී යෑමෙන්ය.මේ නිසා එදා ජේ.ආර්.ජයවර්ධන මහතා ඉතා කාල්පනාකාරීව කටයුතු කරමින් ජනපති තනතුර රටේ ප්‍රධනතම ජනතා පරමාධිපත්‍ය බලය බවට පත් කරන ලද්දේය.ඒ මුළු රටේම ජනතාවගේ චන්ද බලයෙන් පත් කරන්නෙකු වීමෙන්ය.
         ජයවර්ධන හිටපු ජනාධිපති වරයා 1977 වසරේ බලයට පත් වූ විගසම සිය ව්‍යවස්ථා සංශෝධනය රටට ඉදිරිපත් කලේය.1966 වසරේ දී ඔහු මෙම අදහස ප්‍රථම වරට ඉදිරිපත් කොට ඇත්තේ එම වසරේ දෙසැම්බර් මස 14 දි විද්‍යාභිවර්ධන සංගම් ශාලවේ පැවති රැස්වීමකදීය.මේ එහිදී ඔහු පළ කල අදහසයි. විධායකය තෝරා ගැනෙන්නේ ජනතාව විසින් වන අතර එය ව්‍යවස්ථාදායකයට නියමිතව ඇති කාලසීමාව මත රඳා පවතින්නේ නැත. එබඳු විධායකයක් ශක්තිමත් විධායකයක් වේ. එය නියමිත කාලසීමාවක් සඳහා බලයට පත් කොට සිටින අතර ජනතාව තෝරා ගෙන ඇති විධායකයක රුචි අරුචිකම්වලට යටත් වන්නේ නැත. එසේම ජනප්‍රිය නොවූවත් තම පාර්ලිමේන්තු කණ්ඩායමෙහි අප්‍රසාදයට පත් වීමට බිය නැති නිසා අවස්ථාවට අවශ්‍ය පියවර ගැනීමට එය බිය නොවන්නේය. අද අප මුහුණ පා සිටින්නාක් වැනි බරපතළ ප්‍රශ්ණයන්ට මුහුණ පාන අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට අත්‍යන්තයෙන්ම අවශ්‍යව ඇති බව මගේ විශ්වාසයයි. මේ යෝජනාව ඊට  අවුරුද්දකට පසු ඔහු සාකච්ඡාවට ගත් කල ඩඩ්ලි සේනානායක මහතා ඊට විරුද්ධ විය. නමුත් ආර්.ප්‍රේමදාස මහතා එම යෝජනාව ස්ථීර කළ බව පැවසේ. ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතාද සමගි පෙරමුණ කණ්ඩායම මෙහෙයවමින් ඊට විරුද්ධ විය.
          1978 ව්‍යවස්ථාවට ජනාධිපති තනතුරු පිළිබඳ ඉදිරිපත් කළ අදහස අද අර්ථයෙන් ගත් කල්හි ඉතා කාලෝචිත බව දැන් පසක් වනු නිසැකය. ඊට හේතුව වන්නේ පසුගිය වසර තුනහමාර තුළ සිදු වූ ක්‍රියාදාමයන් සිහිපත් කරන විටය. රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ගේ බලතල සියතට ගෙන ඉතා අත්තනොමතික ලෙසට හැසිරුණු ආකාරය ජනපතිවරයාගේ කතාවෙන්ද පැහැදිලි විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒකායන අරමුණ වූයේ දෙමළ ජාතිවාදය ට ආවඩමින් තම බටහිර හාම්පුතුන් සතුටු කිරීමයි. දේශීය කර්මාන්ත ගොවිතැන සංස්කෘතිය පිළිබද ඔහු කිසිම තැකීමක් නොකළේය. බ්‍රිතාන්‍ය පාලනසමයෙන් පසු ඉතා වෙහෙස මහන්සියෙන් ගොඩ නගාගෙන තිබූ දේශීය කර්මාන්ත ඇද වට්ටවීම පිණීස ඔහු හිතා මතා කටයුතු කළේය.මහා සංඝ රත්නය සිරගත කොට කුමන්ත්‍රණ මගින් මුස්ලිම් අන්තවාදයට සහ දෙමළ ජාතිවාදයට සිංහල ජාතික ව්‍යාපාරයේ ක්‍රියාධරයන් තල්ලු කොට අත් අඩංගුවට ගැනීම නිතිපතා සිදු විය. දහනව වන ව්‍යවස්ථා සංශෝධනය රනිල් ගේ වුවමනාවට ඉංග්‍රීසීයෙන් පිටපත් කර පවතින ව්‍යවස්ථාවට රිංගවන ලද්දේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදී නීතියක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායයක් අනුගමනය නොකරමිනි.2014 වසරේදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සංවිධානය කළ පිවිතුරු හෙටක් සමුලුවේදී ජනපති අගමැති ව්‍යවස්ථා සන්ධානය යනුවෙන් ලියැවිල්ලක් රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබීය. දනවයට මුල් වූයේ මේ ලැයැවිල්ල බවට සැක නැත. එය බටහිර තානාපති කාර්යාලයකින් හෝ වෙනත් ඔත්තු සංවිධානයකින් කෙටුම්පත් කරවූවක් බවට ඉතා පැහැදිලිය.
   
    
පැවති යහපාලන ආණ්ඩුව කාන්තා නියෝජනය ඉදිරියට දමමින් පළාත් සභා කොට්ඨාස ක්‍රමයට සියයට පණහේ ප්‍රතිශතය ඇතුලත් කරන ලද්දේ විද්වතුන් ගෙ මත වලට කන් නොදෙමිනි.කාරක සභා අවස්ථාවන්හිදි කරන ලද ව්‍යවස්ථා විරෝධී එක් කිරීම් වලින් අද වන විට භයානක ප්‍රතිඵල ලැබී ඇත.උතුර සහ නැගෙනහිර පැවති පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන දෙමළ ජාතිවාදී මන්ත්‍රීවරුන්ට පැවති ආණ්ඩුව උඩ ගෙඩි දුන්නේය.රනිල් වික්‍රමසිංහ  ගේ හිතවත් රාජ්‍ය නොවන සංවිධාන නඩයට මේ රටේ මර්මස්ථාන සියල්ල ආක්‍රමණය කරලීමට ඉඩ ලබා දුන්නේ ජනතා විරෝධයද නොතකමිනි. රාජ්‍ය ලේඛනාගාරය පුරාවිද්‍යාව වැනි අතිශයින් වැදගත් ආයතන තුළට නෝර්වේ කුලී කරුවන් රිංගවා ජාතික උරුමයන් කොල්ල කෑමට ආශීර්වාද ලබා දුන් අතර මේ පීළීබඳව ජනතාව වෙතට  කිසිම සන්නිවේදනයක් ඇති නොවීමට මාධ්‍ය වාරණයක්ද ඇති කළේය..
        රනිල් වික්‍රමසිංහ යනු වඳ පීදුණු කෙසෙල් ගසක් වැනියෙකි. එවැනි පුද්ගලයෙකු නායකත්වය දෙන රජයක් ප්‍රදේශයක්  හෝ පවුලක්  සශ්‍රීක නොවන බව පසුගිය කාල වකවානුවේ ඔප්පු කර තිබේ. රජරට වසර තුනහමාරක් තිස්සේ බරපතල නියඟයට මුහුණ පෑහ.රජයේ ආර්ථිකය කඩා වැටීම සිදු වූයේ ඉඳ හිට නොවේ. දිනපතාම මේ කඩා වැටීම මගින් සුළු ව්‍යාපාරයක්වත් හරිහැටි ක්‍රියාත්මක කරලීමට අසීරු විය.මේ නිසා ඇතිවූ අර්බුදය අස්ථාවරත්වය ජනාධිපතිවරයා දකින්නට ඇත. නමුත් දෙවරක්ම රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කළ පුද්ගලයෙකු වශයෙන් ඔහු නැවත වරක්  පසුතැවිලි නොවන්නට හිතා ගන්නට ඇත.. එහෙත් ජ.වි.පෙ. ලවා ජනපති බලතල කප්පාදු කරවීමට තැත් කළ පසුව සහ ඝාතන කුමන්ත්‍රණයේ තොරතුරු හෙළි වූ  පසු කවදුරටත් මෛත්‍රීපාල මහතාට පිළිසරණක් නොවුණු බැව් පැහැදිලිය.  ක්ෂණිකව කේන්ති යන පහරදෙන පුද්ගලයෙකු ලෙසට මහින්ද රාජපක්ෂ මහතා  ප්‍රකටය. එහෙත් කෙනෙක් පසු පස්සේ ගොස් දිගින් දිගටම කුමන්ත්‍රණ මගින් පහර දීමේ පුරුද්දක් ඔහුට නොමැති බව  සිරිසේන මහතා දනී. එම නිසා ඔහු අවසාන වශයෙන් මහින්ද අගමැති කොට පාර්ලිමේන්තුවේ වාර අවසාන කළේය.
        මෙලෙස නොකලා නම් රනිල් වික්‍රමසිංහ මහාතාගේ පීඩාකාරි පාලනය තුළ ඉතා ඉක්මනින් රට තුළ කැරැල්ලක් මතු වීම වළක්වන්නට නොහැකි වනු ඇත. එවිට ආරක්ෂක අංශ ලවා මේ කැරලි කරුවන් මර්දනය කිරීමට ආණ්ඩුවට සිදුවේ . රට බෙදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවද එවිට සම්මත කර ගත හැකිය.මේ කැරලි වලින් සිද්ද වන්නට ගිය ජීවිත හානි සියල්ල වැලකී ජනපති ගේ බලතල මත මේ බල පෙරළිය සිදු වීම දෙවියන්ගේ බැල්මක් ලැබීමක් බව කිව යුතුය. වර්ෂ 1592 වර්ෂයේදී බල පෙරළියකින් කොනප්පු බණ්ඩාර උඩරට සිංහාසනය අල්වා ගෙන පරංගින්ට විරුද්ධව සෙංකඩගල නව පාලනය ආරම්භ කිරීම මෙහිදී මට මතක් වේ. එහීදීද ජනතාව හානියට පත් වූයේ නැත සිදු වූයේ කීප දෙනෙක් මිය යෑම පමණකි. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතා ඇද වැටීම මේ රටේ සංස්කාතිය අගයන ජාතික අනන්‍යතාවයන් අගයන සියලු දෙන ගේ සැනසීමට හේතුවකි . නමුත් මේ රටේ සවාධීනත්වයත් ඇති කළ හැක්කේ මේ බල පෙරළියෙන් පසුව යන්න අපගේ වැටහීමයි.එයට ඉතා ඉක්මනින් මැතිවරණයකට යා යුතුය.  දළදා වහන්සේට වග කියන ප්‍රඥාවන්ත නායකයෙකු බිහිකළ හැක්කේ  ඉදිරි අස්ථාවර තත්ත්වයන් සමහන් වූ විටය.එහෙත් ජාතික ව්‍යාපාරය නැවතත් නිද්‍රාශීලී වුවහොත් සතුරා යළි හිස එසැවීම සිදු විය හැකි බව ද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.



Thursday, October 25, 2018

ඔරුමිත්තනාඩු වේ බුද්ධශාසන සංහාරය


                                             
         දෙදහස්නවය වසරේ කොටි ත්‍රස්ත සංවිධානය පරාජයට පත් කොට ජන ඝාතක යුද්ධය නිමා කළ පසු උතුරේ ජන ජීවිතය නැවත යාථා තත්ත්වයට පත් කරලීමට රජය විශාල මහන්සියක් ගන්නා ලද අතර මහා මාර්ග තනවා එම ප්‍රදේශ වල ජනතාවට අනෙක් ප්‍රදේශ සමග සම්බන්ධ වීමට ඉඩ හසර ලබා දුන්හ. මේ යටිතල පහසුකම් ඇති කිරීමට යුධ හමුදාව කළ කැපවීම ඉතා විශාලය.ජාති භේදයකින් තොරව ඔවුහු ගම්මාන ගොඩ නැගූ බව උතුරේ සිවිල් ජනතාව දනී.මේ ජනතාව යුද්ධය නිසා පීඩාවට පත් වූයේ කොටි ත්‍රස්තයන්ගේ බිහිසුණු ක්‍රියාමාර්ගයන් නිසාවෙනි. උතුරත් දකුණත් අඩු වැඩි වශයෙන් බියෙන් සැකයෙන් නොසිටි දිනක් එකල නොවුණු බව අපට මතක් වේ. රටේ රජයට විරුද්ධව සන්නද්ධ අවි ඔසවා ලූ මේ කණ්ඩායම දණ ගස්වා යුද්ධය නිමා කළ පසු කවුරුත් සැනසුම් සුසුම් හෙලූහ. අවසාන සටන පැවතී නන්දිකඩාල් කලපුවෙන් එගොඩ වී හමුදාව භාරයට පැමිණි සිවිල් ජනතාවද හමුදාවේ ආදරය සහ සැලකිල්ල ලබා ගනිමින් පුනරුත්ථාපනය වූහ. මෙවැනි මානුෂීය මෙහෙයුමක යෙදී සිටි හමුදාවට විරුද්ධව ගතු කියා ජාත්‍යන්තරය උසි ගන්වා  යුධ අපරාධ චෝදනා සකස්කර ලන්නට ඉඩ හසර ලබා දුන් නායකයන් අද රට පාලනය කරති. මේ පාලකයන් රජයට එරෙහිව යුධ වැදුණු කොටි පවුල් වෙනුවෙන් වන්දි ගෙවීමට හානිපූර්ණ පනතක්ද සම්මත කළහ. ඒ පනත දිනවන්නට රජයේ සිටි පනස්නව දෙනෙකු අත් ඉස්සූ බව දැන් හෙළි වී අවසන්ය.
         මෙම හානිපූර්ණ පනතේ කිසිම තැනක කොටින්ට වන්දි ගෙවීමක් ගැන සඳහන් නොවුණත් ප්‍රතිසන්ධානයට අදාල ලියවිල්ලේ ප්‍රකාර ව වින්දියන්ට වන්දි ගෙවීම ගැන දක්වා ඇත. මේ ප්‍රතිසංන්ධානය යනු මංගල සමරවීර විසින් ජිනීවා වලදී එකඟ වූ 30/1 යෝජනාවලියේ සඳහන් ක්‍රියාවලියයි.අනෙක නම් මීට පෙර සම්මත කළ අතුරුදහන් කාර්යාල පනතට අදාලව හෙළිවන පුද්ගලයන් වෙනුවෙන් වන්දි ගෙවීමයි. එවිට ත්‍රස්තවාදීන් සඳහා වන්දි ගෙවීම පිණිස මේ පනත ඉදිරිපත්ව ඇති බව පැහැදිලි වේ.මේ පනත පරාජයට පත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයට  පවා කිසිම වුවමනාවක් තිබූ බව නොපෙනේ. දහනවවන සංශෝධනයට සිය එකඟතාවය පළ කලා සේම හානි පූර්ණ පනතට එකඟ නොවී එහෙත් මග හැර ගොස් සම්මත වීමට ඉඩ හලේ කිනම් දේශපාලන සූදුවක් නිසාදැයි ජනතාව දැන් ක්‍රමයෙන් තේරුම් ගනිමින් සිටිති.
         යුද්ධ කාලයේ උතුරේ යම් නීතියක් ක්‍රියාත්මක වූයේ ප්‍රභාකරන් සිය එකාධිපතිත්වය ඔස්සේ සියල්ල පාලනය කළ බැවිනි. ඔවුහු අවි බලයෙන් වෙනම රටක් දිනාගන්නට තැත්කළහ. එම නිසා උතුරේ සහ නැගෙනහිර පෙදෙස් වල තිබූ පූජනීය ස්ථාන හෝ පුරාවස්තු හෝ විනාශය පත් නොවුණි. කල්ලඩි වැනි තැන්වල ඔවුහු කොටි සම්ප්‍රේෂණ කුළුණු පවා ඉඳි කොට තිබුණද එවා විනාශ නොකළහ. යුද්ධයෙන් පසු හමුදාව විසින් මහ කැලයෙන් වැසී තිබූ පුරාණ බෞද්ධ නටබුන් රාශියක් සොයා ගන්නට යෙදුණි. හමුදා කඳවුරුද ඒව අසල තිබූ බැවින් මෙම තැන්වල බුදු පිළිම පවා තැන්පත් කළහ. නමුත් යහපාලන රජය පත් වූ පසු රජය විසින්ම දෙමළ බෙදුම්වාදීනට පහසුකම් සැපයීම නිසා දකුණ සමග එක් වෙමින් තිබූ උතුර නැවතත් වෙන්කරලීමට පිඹුරු පත් සැකසූහ.උතුරේ මහ ඇමති වරින් වර කරන  ප්‍රකාශ මෙන්ම සිවාජිලිංගම් විජයකලා වැන්නවුන් විසින් නීතිය නොතකා කරන ලද ඇතැම් ක්‍රියා දෙස බලන කල්හි. දකුණේ සිංහලයාට නොමැති නීතියක් උතුරේ දැන් බල පැවැත්වෙයි.ඔවුන් ගේ දෙමළ නිජබිම තහවුරු කලීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට ඔවුහු පසුබට නොවෙන බව පෙනේ. ඔවුන් ගේ අලුත්ම සෙල්ලම පුරාවස්තු ඩෝසර කිරීමයි. මෙම ක්‍රියාදාමය පටන් ගත්තේ මුස්ලිම් අන්තවාදීන් අතිනි. ඒ 2014 දී පමණය.මොට්ටාගල හිරුකෝවිල් වැනි තැන්වල තිබූ ස්ථූපයන් ඔවුහු ඩෝසර කළහ.  කුඹුරු වලට සමතලා කළහ. හිරු කෝවිල් වල දාගැබ දෙපළු කරමින් ඩෝසරය ගමන් කරවූහ.මේවායින් සම්භ වූ පුරාවස්තු තවමත් නැගෙනහිර උසාවි වලගබඩා වල තිබෙන බව දැන ගන්නට ඇත.දැන් දෙමළ ජාතිවාදීන්ද මේ මග ගනිමින් පැරණි ස්ථූප විනාශ කරමින් බෞද්ධ අනන්‍යතාවය නැති කර දමමින් සිටී.ත්‍රිකුණාමලේ සාම්පූර් ස්ථූපය කඩා ඒ මත කෝවිලක් ඉඳි කරන්නට තැත්කළ පූජකවරයෙක් සහ ඩෝසර ක්‍රියා කරුවෙක් අත්අඩංගුවට පත් වූ අතර තවමත් එම ස්ථූපය යථා තත්ත්වයට පත් කරලීමට පුරාවිද්‍යාවට නොහැකිව තිබේ. කුරුන්දි අට්ඨ කතාව ලියූවායි සැලකෙන  කුරුඳුමලේ විහාරයට වැඩම කොට ආපසු එමින් සිටි හිමිනමකට විරුද්ධව ඔඩ්ඩුසුඩාන් පොලීසිය තහනම් නියෝගයක් ගනු ලබනුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යටිතල පහසුකම් සැපයීමට ඉදිරිපත් වීම නිසාවෙනි.මෙම මස විසිදෙවනි දා මුලතිවු අධිකරණය එම තහනම  ඉවත් කර ගත්හ. එහෙත් කිසිම ආගමකට අයත් පිරිස් මේ සංරක්ෂණයට සහාය කර නොගෙන පුරාවිද්‍යා කටයුතු කළ බවටද නියෝගයක් නිකුත් වී තිබේ. එයින් කියැවෙන්නේ කුමක්ද. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තියෙන් කියැවෙන දේ උතුරේ දී අවලංගු වන බවයි.
              බුද්ධ ශාසනය යන්නෙහි  අර්ථ දැක්වීමක් නව සිය පණස් හතේ බුද්ධශාසන කොමිෂන් සභා වාර්තාවේ සටහන් වී තිබේ..බෝධි වෘක්ෂ පෙති පිළිම ස්ථූපයන්ද එයට අයත්ය.උතුරේ පමණක් පැරණි බෞද්ධ සිද්ධස්ථාන දෙසීයකට අධික සංඛ්‍යාවක්  හඳුනා ගෙන තිබේ. එයට අමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ අසූවක්ද  මඩකලපු පළාත ගවේශණය කොට 2017 වසරේදී සම්පූර්ණ පුරාවස්තු 648 ක්  ද හඳුනාගෙන ඇත. ඉන් පන්සීයක් පමණ බෞද්ධ සිද්ධස්ථානයන්ය.මෙම ස්ථාන ගැසට් කිරීමට දෙපාර්තමේන්තුව ක්‍රම දෙකක් අනුගමනය කරති එකක් නම් ස්මාරක වශයෙන් ගැසට් කිරීමයි.අනෙක නම් රක්ෂිත වශයෙන් ගැසට් කිරීමයි. ස්මාරක වශයෙන් ගැසට් කිරීම සරල දෙයක් වුවද රක්ෂිත ගැසට් කිරීමට කල් ගත වේ. මීට වසරකට පමණ ප්‍රථම 2017 ඔක්තෝබර් මාසයේදී අධ්‍යාපන අමත්‍යංශය මගින් චක්‍ර ලෙඛණයක් නිකුත් කරමින් දන්වා සිට ඇත්තේ රක්ෂිත වශයෙන් පමණක් ගැසට් කරන ලෙසටයි. එම නිසා යටකී නැගෙනහිර පළාතේ ස්ථාන නීත්‍යානුකූල කරලීමට යම් බාධාවක් පැමිණ තිබෙන්නේ යයි දැන ගන්නට ඇත.2018 ඔක්තෝබර් මාසයේ   උතුරේ පුරාවස්තු සංහාරය නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් දෙනෛකු මුලතිවු බලා ගියහ.මේවා මාධ්‍ය මගින් ප්‍රකශ වූ පසු කලබලයට පත් සංස්කාතික ඇමතිවරයා 2018 ඔක්තෝබර් මස 10 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් නිකුත් කරමින් ඉතා නින්දිත කතාවක් සිදු කර තිබේ. එයින් ගම්‍ය වන්නේ මෙරටේ පුරාවස්තු වැඩිපුරම විනාශ කරන්නේ සිංහල ජනතාවව බවයි. අනුරාධපුර දිසත්‍රික්කයෙන් වැඩි පමණයක් පුවස්තු විනාශ සිදු වන බව ඔහු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබේ.
        ලංකාවේ දිස්ත්‍රික්ක විසිදෙකෙන් වැඩිමනත් විනාශයන් සිද වන්නේ රජරට බව සැබෑය. ඒ සියල්ල දේහපාලකයන් ගේ ග්‍රහණයට හසුව තිබන තැන්ය. එක් කාලයක් උතුරු මැද පළාතේ මහ ඇමතිවරයෙකු ව සිටි පුද්ගලයෙකු පොකුණු හාරන්නට කියා නිදන් හෑරූහ. තවත් බලවතෙක් යෝධ සංවර්ධන ව්‍යාපර වලට කියා ඉඩම් හෙළි පෙහෙළි කොට  මේ නිදන් හෑරූහ.ඊටත් පෙර එක් අගමැති පුතෙක්ද මේවා ජයටම කර ගෙන ගියිහ.මේ ආදර්ශය ගත් ජනතාවද මේ මග යමින් පැරණි ස්ථාන සොයමින් යකුළු පහර හෙළමින් බුදු පිළිම පවා  විනාශ කර තිබේ.වස්තු තණ්හාවත් මේවායේ ආදීනවත්( වේතරණී නරකයේ උපදින බව ) නොදත් ඔවුහු  බෞද්ධ ස්ථාන පවා කඩා විනාශ කළ බව සත්‍ය්‍යකි.එම නිසාම පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාසයක් පවා පිහිටුවීමට පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට සිදු විය.මුල් කාලයේදී එයින් යහපත් මෙහෙයක් සිදු වුවද පසුවන විට පොලිසියේ තිබෙන අල්ලස සහ පගාව මේවාටද බෝවිය. දඹුල්ලේ කලුදිය පොකුණ අසබඩ සෙල් ලිපියක් ග්‍රයින්ඩර් කළ පුද්ගලයන් පිලිබඳ සාධක තිබියදී පවා මාතලේ පුරාවස්තු අංශයන් අදාල පුද්ගලයන් අත් අඩංගුවට නොගත්තේ අල්ලස සහ පගාව නිසාවෙනි. මේ තත්ත්වය මෙසේ වුවත් උතුරේ සහ නැගෙනහිර දැන් සිදු වන්නේ මීට හාත් පසින් විරුද්ධ පැත්තකි. ඔවුහු නිදන් පස්සේ නොයති. එහෙත් බෞද්ධ ස්ථාන සොය සොයා ඒවායේ ත්‍රිසූල සවි කරමින් කෝවිල් ඇටවීමද ඇතැම  දාගැබ් ඩෝසර කරමින් ඒවායේ කුඹුරු කරවීමද ජයටම කරත්. පසුගියදා මන්ත්‍රී වරු දෙපල මුලතිවු පළාතේ දී මේවා සියැසින් දුටුවහ. යාන් ඔය දාගැබ ඩෝසර කරන ආකාරය සියැසින් දුටුවහ.ඉතින් විජේදාස රාජපක්ෂ ඇමති වරයාට නම් මේ ප්‍රකාශ ජාතිවාදය අවුස්සන සුලු ප්‍රකාශ වෙයි.මේ ඔහුගේ නින්දිත කතාවේ සාරාංශයයි.
     ගරු නියෝජ්‍ය කතා නායක තුමනි මේ කරුණු විශේෂයෙන්ම මේ ගරු සභාවට ඉදිරිපත් කරන්න තීරණය කලේ අපේ රටේ ඉතා වටිනා පුරාවස්තු සහ පුරාවිද්‍යා වටිනාකමක් තිබෙන ස්ථාන විනාශ වනවා කියා මේ දිනවල නිරන්තරයෙන්ම මාධ්‍ය වල විශාල ප්‍රචාරයක් ගෙනයන නිසයි. ඒවා ආගමික භේද ඇති කිරීමේ යටි අරමුණින් කරන බව සමහර මාධ්‍ය කරුණ ඉදිරිපත් කරනවා. ජාතීන් වශයෙන් යම් යම් මතභේද ඇති වන ආකාරයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.යාපනය විනාශ කිරීම් 01 මන්නාරම 03 කිලිනොචිචිය 03 මුලතිවු 05 අම්පාර 20 ත්‍රීකුණාමලය 24මඩකලපුව 06 .මේ අතින් ගත්තාම ගරු නියෝජ්‍ය කතා නායක තුමනි.බොහොම පැහැදිලි වශයෙන් තිබෙනවා. උතුරේ හෝ නැගෙනහිර සිදුවුණු යම් හුදකලා සිද්දියක් හෝදෙකක් අලලා විශාල වශයෙන් ජාතීන් අතර ඝට්ටන ඇති කරන්න ආගම් අතර ඝට්ටන ඇති කරන්න ජාතිවාදීන් හා ආගම් වාදීන් හදනවා.අන්තාවාදීන් ඉතා සුළු ප්‍රමාණයක් හැම තැනම සිටිනවා.
          ඇමතිවරයා තම ජාම් බේරා ගන්නට හදන්නේ උතුර ගැන නොකියා අනුරාධපුරයේ පුරාවස්තු විනාශ ය ගැන කියමිනි. එක්සත් ජාති පක්ෂයේ හිටපු නායකයෙකු වූ සිරිල් මැතිව් මහතා ගේ යුනෙස්කෝ වාර්තාව පවා ඇමතිවරයා කියාවා නැති බව මෙයින් පෙනේ. එදා සිටම  උතුරේ පුරාවස්තු විනාශ කර තිබෙන්නේ නිදන් සෙවීමේ අරමුණින් නොවේ ඒවා සියල්ල උතුම් බුද්ද ශාසනය අතු ගා දැමීම සඳහා කරන ලද ක්‍රියාවන් වෙති. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකාව ඔරුමිත්තනාඩුවක් ලෙසට නම් කර තිබේ.ඉංග්‍රීසි සිංහල දෙමළ පිටපත් තුනේම එසේය. ඔරුමිත්ත නාඩුව යනු ෆෙඩරල් රාජ්‍යයකි. එසේම ශ්‍රීංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිකරන්නේය. යන්න වෙනස් කොට ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිකරන්නේය යනුවෙන් වෙනස් කර තිබේ.පුරාවස්තු ඩෝසර කරමන් දැනටමත් මේ දෙමළ සහ මුස්ලිම් අන්තවාදීන් ඔරුමිත්තනාඩුව ගොඩනගමින් ඇත. ව්‍යවස්ථාව සම්මත වුවහොත් උතුරේ සහ නැගෙනහිර එකදු බෞද්ධ පුරාවස්තුවක් ඉතිරි නොවනු ඇත. ඒ වෙනුවට විකෘති කරන ලද ස්ථාන මත කෝවිල් සහ මුස්ලිම් පල්ලි ඉඳි වීම  සිදු වනු ඇත. ඔක්තෝබර් 23 වන දා එරාවුර් කදුරුවෙල පාරේ මයිලන්ඛාවලි වල තිබෙන බෝධීන් වහන්සේ නමක් යාන්ත්‍රික කියත් භාවිතා කරමින් කපා ඉවත් කරලීමට මුස්ලිම් අන්තවාදීන් කටයුතු කළ ආකාරයද අප දුටිමු.සංහිඳියාව පෙන්වා බුද්ධශාසනය සංහාරය කරන්නේ එලෙසයි