දළදා වහන්සේ මුල්වරට වැඩම කලා යැයි ජන
ප්‍රවාදගත නයාරු ලංකාතොට අසල ගුරුකන්ද රජමහ විහාරයට පසුගියදා ටී.එන්.ඒ. දේශපාලන
අංශයෙන් බලහත්කාරකමක් සිදු විය. ගුරුකන්ද රජ මහ විහාරයේ වර්තමාන විහාරාධිපති කොළඹ
මේධාලංකාර හිමියන් ගේ මූලිකත්වයෙන් එහි බුදු පිළිම වහන්සේ නමක් ප්‍රතිෂ්ඨාපනය වීම
ඊට හේතුවයි.දුරුතු මස තෛයිපොංගල් දිනයේ දී පන්සලට කඩා වැදුණු හිටපු උතුරු පළාත්
සභා මන්ත්‍රී රවිහරන් ඇතුළු සියයක පමණ කණ්ඩායමක් ස්වාමීන් වහන්සේට සහ එහි දායකයන්ට
බැණ තර්ජනය කරමින් බලහත්කාරයෙන් පන්සල් භූමිය තුළ මඩුවක් අටවා පොංගල් කිරිබත් උයා
පන්සල් භූමියේ කෝවිලකට අත්තිවාරම් දමන්නට උත්සාහ දරා ඇත.මෙම සිද්දියෙන් පසු එතැනට
කඩා වැදුණු ටී.එන්.ඒ. සංවිධානයේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ද ආලම්පීල් කෝකිලායි පල්ලි
වල පූජකයන්ද චාල්ස් නම් පූජකයාද එක්ව පන්සලට තිබෙන අයිතිය ගැන මේධාලංකාර හිමියන්
ගෙන විමසා ඇති බව වාර්තා වේ. මෙම සිදු වීම අතරතුර උතුරේ ගංවතුරෙන් අනාථ වූ දෙමළ
ජනතාවට සහනාධාර ලබා දීමට පැමිණි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු බෞද්ධ
උපාසක උපාසික කණ්ඩායමක්ද උදෑසන ආහාර ගැනීමට මෙහි ළගා වී තිබේ.මෙම කණ්ඩායම සමග එක්ව
පැමිණි මවුබිම මාධ්‍ය වේදී සපුමල් ජයසේන මහතාද එහි විය. විහාරස්ථානයේ සිදු වූ
බලහත්කාරකම් ඔවුන් ඇස් පනාපිට දුටු අතර වහාම එහි අසල තිබෙන හමුදා කඳවුරේ අණදෙන
නිළධාරීන් මැදිහත්ව මෙම කණ්ඩායම එතනින් ඉවත් කළ බවටද මාධ්‍යෙව්දීන්ට ඡායාරූප ගැනීමට පවා ඉඩ නොදුන්
බවටද වාර්තා වේ.
මෙවැනි සිදු වීමක් දකුණේ සිදු වූවා නම්
රජයේ මැති ඇමතිවරු බොහෝ දෙනෙකු එම සිදු වීමට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීමට
පැකිලෙන්නේ නැත. එසේම පොලිසිය වහාම මැදිහත්ව ගැටුමට මැදිහත් වූවන් අත් අඩංගුවට
ගැනීමට උසාවි නියෝග ගනී. නැතිනම් තහනම් නියෝග ගැනීමට පමා නොවේ. කූරගල උද්ඝෝෂණය
මාවනැල්ල උද්ඝෝෂණය අවස්ථාවලදී පොලිසිය ගත් ක්ෂණික ක්‍රියාමාර්ග රාශියක් ගැන වාර්තා
ඇත. දිගන ඇති වූ ගිනි තැබීම් සහ කොලාහලයේ දී අමිත් වීරසිංහ ඇතුළු පිරිස අත් අඩංගුවට
පත් වන්නේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පණත යටතේ ජාතිවාදය ඇවිස්සීමේ වරදකටයි.
සෑහෙන කලක් මේ පිරිසට ඇප නොමැතිව බන්ධනාගාර ගතකොට තිබූ ආකාරයද සිහිපත් වේ. එහෙත් ගුරුකන්ද
රජමහා විහාරයේ ඇති වූ ජාතිවාදී ගැටුම පොලිසිය විසින් දැක තිබෙන්නේ සාමය කඩ වීමේ
අවස්ථාවක් ලෙසටයි. මෙම ගැටුම සම්බන්ධව විහාරාධිපති ස්වාමීන් වහන්සේ ගෙන් කට උත්තර
ලබා ගත් මුලතිව් පොලිසිය බී වාර්තාවක් ගොනුකර දෙපාර්ශවයම 29 වනදා උසාවියට කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබේ. කෝලාහලයක්
සාමය කඩ වීමක් යනු සාමාන්‍ය යෙන් සමථ මණ්ඩලයක විසඳා ගැනීමට හැකි ප්‍රශ්ණයකි. එහෙත්
මුලතිව් ගුරුකන්ද විහාරයේ සිදු වූයේ එය නොවේ. බලහත්කාරයෙන් ඇතිකළ ජාතිවාදී සහ ආගම් වාදී ගැටුමකි.මේ සම්බන්ධව නීතිඥ නුවන්
බෙල්ලන්තුඩාව මහතා මුලතිව් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි
මහතා විමසීමේ දී ඔහු පවසා ඇත්තේ සිවිල් අයිතිවාසිකම් පණත යටතේ නඩු දැමීමට නම්
නීතිපති විමසිය යුතු බවයි.එහෙත් අප දන්නා පරිදි දිගන සිද්දියේ දී පොලිසිය විසින් නීතිපති විමසා නැත.
ජනවාරි මස 27 වන දින මෙම විහාරයේ අභිනව
පිළිමවහන්සේ නිරාවරණය කරලීමේ උත්සවය යෙදී තිබුණි. එම උත්සවයට අස්ගිරි පාරශවයේ මහානායක
අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක හිමියන්ට ද අනූනායක අති පූජ්‍ය වෙඩරුවේ උපාලි නා
හිමියන්ටද ලේඛකාධිකාරී අති පූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමියන්ටද ඇරයුම් කර තිබුණි.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඒ අතර
වහා ක්‍රියාත්මක වෙමින් ජනවාරි 29 වනදාට වන කැඳවීම අවලංගු කරමින් 24 වනදා උසාවියට
කැඳවිය හැකි වන පරිදි මෝසමක් ගොනු කරගෙන තිබේ.
මෙම ක්‍රියාන්විතයේ අරමුණ වන්නට
ඇත්තේ පිළිම වහන් සේ නිරාවරණය කරලීමේ උත්සවයට තහනම් නියෝග ගැනීමයි. පොලිසියද
ටී.එන්.ඒ. මන්ත්‍රී වරුන්ට චෝදාන ගොනු නොකරම සාමය කඩවීමේ බී වාර්තාව ඉදිරිපත්
කරන්නේ මෙවැනි තත්ත්වකට මග හදන්නටයි. මීට පෙරද මුලතිව් කුරුඳු මලේ පුරාවිද්‍යා
ස්ථානයට ගිය පුරාවිද්‍යා කණ්ඩායමකට සහ සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ ශාන්තබෝධි හිමියන්ට
මුලතිව් පොලිසිය විසින් උසාවිය මගින් තහනම් නියෝග ගෙන තිබුණි.එම සිද්දියට ද මුල්
වූයේ රවිහරන් මන්ත්‍රීවරයාමය.ඔහු ස්වාමීන් වහන්සේට බාධාකරමින් ජාතිවාදී ලෙසට
හැසිරී තිබුණි. කෙසේ වෙතත් 27 වනදාට යෙදී තිබුණු පිළිම වහන්සේ නිරාවරණය
කිරීමේ උත්සවය වහා වෙනස් කොට මෙම මස විසිතුන්
වන දිනට එම උත්සවය ගනිමින් අස්ගිරි පාර්ශවයේ
අනුනායක අති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නායක හිමියන් ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය
අතින් පිළිම වහන්සේ විවෘත කරන්නට යෙදුණු
බවද මෙහිදී සඳහන් කළ යුතුය..
යෝජිත නව ව්‍යවස්ථාව සඳහා සකස්ව තිබෙන
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරපිත් කරන ලද ව්‍යවස්ථා කොටුම්පතේ නීතිය සහ සාමය කොටසේ
254 වගන්තිය ප්‍රකාරව පළාත් බද පොලීසියක් සහ ජාතික පොලිසියක් නිර්මාණය වේ. එවිට පළාත් නමයකට පොලිසි කොටස් නවයක්ද අග නගරයට එක්
පොලිසියක්ද වශයෙන් කොටස් දහයකට කැඩෙනු ඇත. ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ඒකීය රට ඔරුමිත්ත නාඩුවක් වශයෙන් නම්කර ඇත . පොලිසි
දහයක් නිර්මාණය වන විට ඔරුමිත්තනාඩුව ට පිළි ගැනීමක් සහ නීතිමය වටිනාකමක් හිමිවේ.දැන්
මුලතිවු ගුරුකන්ද විහාරයේ ඇති වූ සිද්දිය පොලිසිය මගින් කළමනාකරණය කරන්නේ රටේ
මූලික නීතියට පටහැනිව පළාත් බද පොලිසීයක් ලෙසටයි. පොලිසියට අණ දෙන්නේද උපදෙස්
දෙන්නේද නීතිය අතට ගෙන කටයුතු කරන්නේද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී වරුන්ය. පූජ්‍ය
අගුලුගල්ලේජිනානන්ද හිමියන් විසින්කොළඹ පොලිස් මූලස්ථානයේ මේ සම්බන්ධව ගොනුකළ පැමිණිල්ලද කොළඹ ජාතික පොලිසිය විසින් මේ වනතුරුම විභාගයට ගෙන නොමැත.එහෙයින් ව්‍යවස්ථා
ලියවිල්ල සම්මත කර ගැනීමට ද ප්‍රථම මේ ක්‍රියාත්මක වන්නේ උතුරේ පළාත් බද පොලිස්
නීතිය බව පැහැදිලිව කිව හැකි වී තිබේ.
පොලිසිය බිහි වන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය
අනුව ඔවුන්ගේ තිඹිරි ගෙයක බැවින් එහි හැඩය වටිනාකම් සහ සම්ප්‍රදායයන් කෙරෙහි දේශීයත්වයක් අතැයි පවසන්නට නොහැකිය.
පොලිස් නම් ඉංග්‍රීසි වචනය සකස් වීමට
ගැනෙන මුල් අකුරු වල වගන්ති අරුත අනුව එහි මහාර්ඝ වැදගත්කමක් තිබුණද යටත් විජිත සමයේ සිටම පොලිසිය ක්‍රියාත්මක වූ
ආකාරය දෙස බලන කල්හි එම ආයතනයේ මූලික අරමුණු වලින් ඉවත් වී දේශපාලන පක්ෂපාතීත්තවය
උදෙසාම ක්‍රියාත්මක වී ඇති බව පෙන්වා දිය හැකිය. දැන් එහි ජාතික වටිනාකමද අහෝසි වී
වර්ගවාදී පළාත් බද පොලිසියක් තත්ත්වයට වැටී තිබේ. යහපාලන රජයේ ව්‍යවස්ථාමය විප්ලවය
මගින් අරමුණු කරගන්නේ මෙවැනි වර්ගවාදී පෙරළියක් නම් මුලු රටටම පළාත් බද පාතාලයන්
ගේ පිහිට පමණක් ඉතුරු වන බව පැවසිය යුතුයි.
//the word police comes from Middle French police ('public order, administration, government'),[7] in turn from Latin politia,[8] which is the Latinisation of the Greek πολιτεία (politeia), "citizenship, administration, civil polity".[9]
ReplyDeleteThis is derived from πόλις (polis), "city".[10] //
https://en.wikipedia.org/wiki/Police