වත්මන් ජනපති
මෛත්‍රීපාල සිරිසේන මහතා ලංකා පාර්ලිමේන්තුවේ 2018 වසරේ සැසිය අවසාන කර කල් තැබීම
ව්‍යවස්ථානුකූලව කර ඇති බව විද්වතුන් පෙන්වා දී තිබේ. පරිණත දේශපලනාඤයෙකු වූ
වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා මේ සම්බන්ධව දරන අදහස ඉතාමත් ම නිරවුල්ව ඉදිරිපත් කර
ඇත. ඒ මතය අපට ඉතා වැදගත් වෙයි.ජනාධිපතිවරයා මෙවැනි තීරණයකට එළඹියේ කුමන කාරණයක්
නිසාදැයි ඔහුගේ කතාවේ පැහැදිලි කරන්නට ද
යෙදුණි.රටට ජනතාවට අහිතකර ලෙස කටයුතු කිරීම ජනතාව පීඩාවට පත් කිරීම රටේ ඉඩම් හිමි
කම් අන්සන්තක කිරීම ආදී ක්‍රියා කාරිත්වයන් නිසා තම පරමාධිපත්‍ය බලය යෙදවීමට සිදු
වූ බව සිරිසේන ජනාධිපතාවරයා ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය. වසර තුනහමාරක් පමණ කාලයක්
තුළ මෙවැනි තත්ත්වයන් වර්ධනය වද්දී නිහඬව එම විනාශයන් දර ගෙන සිටීම පිළිබඳවද ඔහු
වගකිව යුතු නමුත් අවසාන වශයෙන් හෝ තම බලය අනුව ජනතාවගේ පැත්නේ හිතා බලා කටයුතු
කිරීම පැසසුම් කට යුතුය.අසාධ්‍ය රෝගියෙකු වෛද්‍යවරයෙකු වෙත පැමිණි විට චක්රල්ඛන වලින් හෝ යම් නීතියකින් වෙදකමකරන්නට බාධාවක්
ඇති විට ගන්නා තීරණය කුමක්ද. රෝගියා සුවපත් කරලීමට ක්ෂණිකව කටයුතු කිරීම නොවේද.
ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ඇති කළ
වෙස්ට්මිනිස්ටර් ආණ්ඩුක්රමය යටතේ ලංකා පාර්ලිමේන්තුව තුළ සිදු වූ බල පෙරළි කලබගෑනි
ඉතිහාසයේ ලියැවී තිබේ. ඇතැම් අවස්ථාවලදී අස්ථාවර ආණ්ඩු බිහි වීම දක්වා මේවා වර්ධනය
වූ බව පැහැදිලිය. නිදහස ලැබී මුල් කාලයේ තිබූ එක්සත් ජාතික පක්ෂයත් සමසමාජ පක්ෂයත්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර මේ බල හුවමාරුව සිදු වුවද ඒ ක්‍රමය තුළ ජාතිවාදී
අන්තවාදී සවරූපයක් ක්‍රියාත්මක නුවුණි. නමුත් අවාසනාවකට 1965 න් පසුව උඩරට වතු කම්කරුවන්ට
අනවශ්‍ය ආකාරයට පුරවැසි බලතල හිමිකර දීමත් ඒවා
දෙමළ දේශපාලනඥයන් කොල්ල කෑමත් නිසා ජාතිවාදය තුළින් බල දේශපාලන කේවල් කිරීම
ඇරඹුණි. මේ තත්ත්වය වඩාත් නරකට හැරුණේ මුස්ලිම් පක්ෂ පිහිටුවා ගනිමින් අන්තවාදයට
තල්ලු වී යෑමෙන්ය.මේ නිසා එදා ජේ.ආර්.ජයවර්ධන මහතා ඉතා කාල්පනාකාරීව කටයුතු කරමින්
ජනපති තනතුර රටේ ප්‍රධනතම ජනතා පරමාධිපත්‍ය බලය බවට පත් කරන ලද්දේය.ඒ මුළු රටේම
ජනතාවගේ චන්ද බලයෙන් පත් කරන්නෙකු වීමෙන්ය.
ජයවර්ධන
හිටපු ජනාධිපති වරයා 1977 වසරේ බලයට පත් වූ විගසම සිය ව්‍යවස්ථා සංශෝධනය රටට ඉදිරිපත්
කලේය.1966 වසරේ දී ඔහු මෙම අදහස ප්‍රථම වරට ඉදිරිපත් කොට ඇත්තේ එම වසරේ දෙසැම්බර්
මස 14 දි විද්‍යාභිවර්ධන සංගම් ශාලවේ පැවති රැස්වීමකදීය.මේ එහිදී ඔහු පළ කල
අදහසයි. විධායකය තෝරා ගැනෙන්නේ ජනතාව විසින් වන අතර එය ව්‍යවස්ථාදායකයට නියමිතව
ඇති කාලසීමාව මත රඳා පවතින්නේ නැත. එබඳු විධායකයක් ශක්තිමත් විධායකයක් වේ. එය නියමිත
කාලසීමාවක් සඳහා බලයට පත් කොට සිටින අතර ජනතාව තෝරා ගෙන ඇති විධායකයක රුචි
අරුචිකම්වලට යටත් වන්නේ නැත. එසේම ජනප්‍රිය නොවූවත් තම පාර්ලිමේන්තු කණ්ඩායමෙහි
අප්‍රසාදයට පත් වීමට බිය නැති නිසා අවස්ථාවට අවශ්‍ය පියවර ගැනීමට එය බිය නොවන්නේය.
අද අප මුහුණ පා සිටින්නාක් වැනි බරපතළ ප්‍රශ්ණයන්ට මුහුණ පාන අප වැනි සංවර්ධනය
වෙමින් පවතින රටකට අත්‍යන්තයෙන්ම අවශ්‍යව ඇති බව මගේ විශ්වාසයයි. මේ යෝජනාව
ඊට අවුරුද්දකට පසු ඔහු සාකච්ඡාවට ගත් කල
ඩඩ්ලි සේනානායක මහතා ඊට විරුද්ධ විය. නමුත් ආර්.ප්‍රේමදාස මහතා එම යෝජනාව ස්ථීර කළ
බව පැවසේ. ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතාද සමගි පෙරමුණ කණ්ඩායම මෙහෙයවමින් ඊට
විරුද්ධ විය.
1978 ව්‍යවස්ථාවට
ජනාධිපති තනතුරු පිළිබඳ ඉදිරිපත් කළ අදහස අද අර්ථයෙන් ගත් කල්හි ඉතා කාලෝචිත බව
දැන් පසක් වනු නිසැකය. ඊට හේතුව වන්නේ පසුගිය වසර තුනහමාර තුළ සිදු වූ ක්‍රියාදාමයන්
සිහිපත් කරන විටය. රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ගේ බලතල සියතට ගෙන ඉතා අත්තනොමතික
ලෙසට හැසිරුණු ආකාරය ජනපතිවරයාගේ කතාවෙන්ද පැහැදිලි විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ
ඒකායන අරමුණ වූයේ දෙමළ ජාතිවාදය ට ආවඩමින් තම බටහිර හාම්පුතුන් සතුටු කිරීමයි.
දේශීය කර්මාන්ත ගොවිතැන සංස්කෘතිය පිළිබද ඔහු කිසිම තැකීමක් නොකළේය. බ්‍රිතාන්‍ය
පාලනසමයෙන් පසු ඉතා වෙහෙස මහන්සියෙන් ගොඩ නගාගෙන තිබූ දේශීය කර්මාන්ත ඇද වට්ටවීම
පිණීස ඔහු හිතා මතා කටයුතු කළේය.මහා සංඝ රත්නය සිරගත කොට කුමන්ත්‍රණ මගින්
මුස්ලිම් අන්තවාදයට සහ දෙමළ ජාතිවාදයට සිංහල ජාතික ව්‍යාපාරයේ ක්‍රියාධරයන් තල්ලු
කොට අත් අඩංගුවට ගැනීම නිතිපතා සිදු විය. දහනව වන ව්‍යවස්ථා සංශෝධනය රනිල් ගේ
වුවමනාවට ඉංග්‍රීසීයෙන් පිටපත් කර පවතින ව්‍යවස්ථාවට රිංගවන ලද්දේ කිසිම ප්රජාතන්ත්රවාදී
නීතියක් හෝ පාර්ලිමේන්තු සම්ප්රදායයක් අනුගමනය නොකරමිනි.2014 වසරේදී පූජ්‍ය
අතුරලියේ රතන හිමියන් සංවිධානය කළ පිවිතුරු හෙටක් සමුලුවේදී ජනපති අගමැති ව්‍යවස්ථා
සන්ධානය යනුවෙන් ලියැවිල්ලක් රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබීය. දනවයට
මුල් වූයේ මේ ලැයැවිල්ල බවට සැක නැත. එය බටහිර තානාපති කාර්යාලයකින් හෝ වෙනත්
ඔත්තු සංවිධානයකින් කෙටුම්පත් කරවූවක් බවට ඉතා පැහැදිලිය.
පැවති යහපාලන ආණ්ඩුව කාන්තා නියෝජනය ඉදිරියට
දමමින් පළාත් සභා කොට්ඨාස ක්‍රමයට සියයට පණහේ ප්‍රතිශතය ඇතුලත් කරන ලද්දේ
විද්වතුන් ගෙ මත වලට කන් නොදෙමිනි.කාරක සභා අවස්ථාවන්හිදි කරන ලද ව්‍යවස්ථා විරෝධී
එක් කිරීම් වලින් අද වන විට භයානක ප්‍රතිඵල ලැබී ඇත.උතුර සහ නැගෙනහිර පැවති
පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන දෙමළ ජාතිවාදී මන්ත්‍රීවරුන්ට පැවති ආණ්ඩුව උඩ ගෙඩි
දුන්නේය.රනිල් වික්‍රමසිංහ ගේ හිතවත් රාජ්‍ය
නොවන සංවිධාන නඩයට මේ රටේ මර්මස්ථාන සියල්ල ආක්‍රමණය කරලීමට ඉඩ ලබා දුන්නේ ජනතා
විරෝධයද නොතකමිනි. රාජ්‍ය ලේඛනාගාරය පුරාවිද්‍යාව වැනි අතිශයින් වැදගත් ආයතන තුළට
නෝර්වේ කුලී කරුවන් රිංගවා ජාතික උරුමයන් කොල්ල කෑමට ආශීර්වාද ලබා දුන් අතර මේ
පීළීබඳව ජනතාව වෙතට කිසිම සන්නිවේදනයක්
ඇති නොවීමට මාධ්‍ය වාරණයක්ද ඇති කළේය..
රනිල් වික්‍රමසිංහ යනු වඳ පීදුණු කෙසෙල් ගසක් වැනියෙකි. එවැනි පුද්ගලයෙකු
නායකත්වය දෙන රජයක් ප්‍රදේශයක් හෝ
පවුලක් සශ්‍රීක නොවන බව පසුගිය කාල වකවානුවේ
ඔප්පු කර තිබේ. රජරට වසර තුනහමාරක් තිස්සේ බරපතල නියඟයට මුහුණ පෑහ.රජයේ ආර්ථිකය
කඩා වැටීම සිදු වූයේ ඉඳ හිට නොවේ. දිනපතාම මේ කඩා වැටීම මගින් සුළු ව්‍යාපාරයක්වත්
හරිහැටි ක්‍රියාත්මක කරලීමට අසීරු විය.මේ නිසා ඇතිවූ අර්බුදය අස්ථාවරත්වය
ජනාධිපතිවරයා දකින්නට ඇත. නමුත් දෙවරක්ම රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කළ
පුද්ගලයෙකු වශයෙන් ඔහු නැවත වරක් පසුතැවිලි නොවන්නට හිතා ගන්නට ඇත.. එහෙත් ජ.වි.පෙ.
ලවා ජනපති බලතල කප්පාදු කරවීමට තැත් කළ පසුව සහ ඝාතන කුමන්ත්රණයේ තොරතුරු හෙළි
වූ පසු කවදුරටත් මෛත්‍රීපාල මහතාට පිළිසරණක්
නොවුණු බැව් පැහැදිලිය. ක්ෂණිකව කේන්ති යන
පහරදෙන පුද්ගලයෙකු ලෙසට මහින්ද රාජපක්ෂ මහතා ප්රකටය. එහෙත් කෙනෙක් පසු පස්සේ ගොස් දිගින්
දිගටම කුමන්ත්‍රණ මගින් පහර දීමේ පුරුද්දක් ඔහුට නොමැති බව සිරිසේන මහතා දනී. එම නිසා ඔහු අවසාන වශයෙන්
මහින්ද අගමැති කොට පාර්ලිමේන්තුවේ වාර අවසාන කළේය.
මෙලෙස නොකලා නම් රනිල් වික්‍රමසිංහ මහාතාගේ
පීඩාකාරි පාලනය තුළ ඉතා ඉක්මනින් රට තුළ කැරැල්ලක් මතු වීම වළක්වන්නට නොහැකි වනු
ඇත. එවිට ආරක්ෂක අංශ ලවා මේ කැරලි කරුවන් මර්දනය කිරීමට ආණ්ඩුවට සිදුවේ . රට බෙදන
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවද එවිට සම්මත කර ගත හැකිය.මේ කැරලි වලින් සිද්ද වන්නට ගිය
ජීවිත හානි සියල්ල වැලකී ජනපති ගේ බලතල මත මේ බල පෙරළිය සිදු වීම දෙවියන්ගේ බැල්මක්
ලැබීමක් බව කිව යුතුය. වර්ෂ 1592 වර්ෂයේදී බල පෙරළියකින් කොනප්පු බණ්ඩාර උඩරට සිංහාසනය
අල්වා ගෙන පරංගින්ට විරුද්ධව සෙංකඩගල නව පාලනය ආරම්භ කිරීම මෙහිදී මට මතක් වේ.
එහීදීද ජනතාව හානියට පත් වූයේ නැත සිදු වූයේ කීප දෙනෙක් මිය යෑම පමණකි. ඉතින් රනිල්
වික්‍රමසිංහ මහතා ඇද වැටීම මේ රටේ සංස්කාතිය අගයන ජාතික අනන්‍යතාවයන් අගයන සියලු
දෙන ගේ සැනසීමට හේතුවකි . නමුත් මේ රටේ සවාධීනත්වයත් ඇති කළ හැක්කේ මේ බල
පෙරළියෙන් පසුව යන්න අපගේ වැටහීමයි.එයට ඉතා ඉක්මනින් මැතිවරණයකට යා යුතුය. දළදා වහන්සේට වග කියන ප්‍රඥාවන්ත නායකයෙකු
බිහිකළ හැක්කේ ඉදිරි අස්ථාවර තත්ත්වයන්
සමහන් වූ විටය.එහෙත් ජාතික ව්‍යාපාරය නැවතත් නිද්‍රාශීලී වුවහොත් සතුරා යළි හිස
එසැවීම සිදු විය හැකි බව ද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.
No comments:
Post a Comment