පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, March 16, 2018

පොලිසියේ සිහිය මහජනයා ගැනද දේශපාලකයන් ගැනද


                  
        
                  දිගන ඇතිවූ ගැටුම දේශපාලන අන්තවාදී ප්‍රවණතාවයකි.එහෙත් රජය සහ ඇතැම් මාධ්‍ය මෙම සිදුවීම සිංහල අන්තවාදී ගැටුමක් ලෙසට හුවා දැක්වූහ.එම ප්‍රතිරූපයම ජාත්‍යන්තරයට නිකුත් කිරීමට වගබලා ගත්හ.අවසානයේ  දී යහපාලන රජය සැනසුම් සුසුම් හෙලුවාට සැක නැත.ඒ ඔවුන් ගේ අදක්ෂ අකාර්යක්ෂම හිරිකිත පාලනය පිළිබඳ තිබූ විරෝධය යම් තරමකින් යටපත් වූ බැවිනි.දහනව වන සංශෝධනය මගින් තොරතුරු දැන ගැනීම පිළිබඳ නීති  පැණවූ ආණ්ඩුව විසින්ම තොරතුරු වාරණය කරන්නට යෙදූහ.තොරතුරු පණතට යටත් ඇතැම් රාජ්‍ය ආයතන තොරතුරු නොදීමෙන් මග හැර යන පසුබිමක් ද මේ අතර නිර්මාණයව තිබේ.නමුත් මුස්ලිම් සහ දෙමළ අයට අවශ්‍ය තොරතුරු ඉක්මනින් ලැබේ.එවිට ස්වාධීන කොමිෂන් සභා කුමකටද.ඒවා ජාත්‍යන්තර ට්‍රෝජන් අශ්වයන් නොවේද.
          දිගන සිදුවීම් පාලනය කිරීමට අසමත් වූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ පොලිස්පති පූජිත ජයසුන්දර මේ වන විට ඉල්ලා අස්වීම කළ යුතුය.එහෙත් මේ සිදුවීම ජගත් තලයට පැතිරුණ කල්හි අගමැතිවරයාගේ ප්‍රතික්‍රියාව වූයේ කැබිනට් සංශෝධනයක් මගින් නීතිය සහ සාමය ඇමති ධූරය රංජිත් මද්දුම බණ්ඩාරට පැවරීමයි.එයින් ගම්‍ය වන්නේ ජනතාවට බය නැති අගමැති ජාත්‍යන්තරයට බය ඇති බව හොඳ හැටි පෙන්වීමයි.
       ලංකාවේ පොලිස් සේවය නිල වශයෙන් පිහිටුවනු ලබන්නේ 1865 පොලිස් ආඥා පණත බල ගැන්වීමත් සමගය. එම දෙපාර්තමේන්තුවට වසර එකසිය පණස් තුනක ආයුකාලයක් ගතව ඇති අතර අත්දැකීම් රාශියකින් එය ජව සම්පන්නව පවතී. පොලිස් (POLICE) නම් ආරක්ෂක සේවය බ්‍රිතාන්‍ය පාලනයේ දායාදයකි.එයට පෙර සිංහල රජ දවසද එවැනිව නීතිය සහ සාමය සුරකින ආරක්ෂක බල මුළුවක් පැවතුණි.එහෙත් බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව සැදුණු පොලිසිය ඉන් වෙනස් වේ.පොලිස් නම් වචනය විග්‍රහවන ප්‍රධාන අර්ථ හයක් පවතින බව පැවසෙයි. අචාර සම්පන්නබව( polite) කීකරුභාවය (obedient) රාජපාක්ෂික භාවය(loyalty) බුද්ධිමත්කම (intelligent) ප්‍රණාමය (curtsy) සහ කාර්යක්ෂමභාවයයි.(efficient)  පොලිටියා නම් ප්‍රංශ වචනයේ මූලික අර්ථ මේවා නොවන නමුත් බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය විසින් මෙම ආරක්ෂක හමුදාවට අවශ්‍ය ගෞරවය සහ වගකීම ලබා දීමේදී මෙවැනි අර්ථ ගැන්වීමක් කළ බව පැහැදිලිය.
      වසර එකසිය පණස් තුනක් පැරණි මෙම ආරක්ෂක සේවය ඔවුන් ගේම වචන වලින් ගැබ්වන අර්ථ දැක්වීම් අනුව කටයුතු කළ යුතුය.එයට හේතුව අතීත අත්දැකීම් රාශියකින් මෙන්ම විනයානුකූල පසුබිමක්ද එයට තිබෙන නිසයි. පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවා වසර සීයක් ගත වූ දවසේ ඔවුහු පොලිස් මහජන සම්බන්ධතා අංශයක්ද පිහිටවූහ.එසේම 1974 දී එතෙක් යටත් විජිත යුගයේ පැවති නිල ඇඳුම වෙනස් කොට පොලිස් නිළධාරීන්ට ගෞරවාන්විතව සේවය කිරීමට අවස්ථාව සලසා දුන්හ.පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට පැවරෙන මූලික රාජකාරි අතර කැරලි මර්ධනය විශේෂ වේ. එම දෙපාර්තමේන්තුවේ ආරම්භක අවස්ථාවට ආසන්නව එනම් 1858 දී සරදියෙල් ඇල්ලීමට ගිය අවස්ථාවේදී පොලිස් නිළධාරියෙකු මිය ගියේය.එසේම ආර්.ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාව සිටින විට  කොටි වෙනුවෙන් අවි ආයුධ සැපයීමේ ප්‍රතිඵලයක් ලෙසට  පොලිස් නිළධාරීන් 600 ක් ඝාතනය වූ බව සිහිපත් කළ යුතුය.අතීත පොලිස් සේවයේ අපකීර්තිමත්ම අවස්ථාව වන්නේ අටවන පොලිස්පති වශයෙන් පත්වූ හර්බට් ලෙයාඩ් ඩවුබිගින් මහතා ගේ සේවා කාලයයි.
       විසිවන සියවස මුල් භාගයේ ඇති වූ ජනතා උද්ඝෝෂණ විශේෂයෙන්ම කරත්ත කරුවන් ගේ වැඩ වර්ජනය ඉන්පසු අමද්‍යප ව්‍යාපාරයේ ජනතා ඒක රාශිවීම් ආදිය පාලන කිරීමට පොලිසිය යොදවනු ලැබූහ.ඒවායෙන් ලද අත්දැකීම් හිතකාරී නොවේ.විශේෂයෙන්ම 1870 දී පමණ කොළඹ පොලිස්පති කාර්යාලයට මුස්ලිම් කැලිකරුවන් විසින් පහර දීම නිසා වඩා විධිමත් ආරක්ෂක සේවයක් ඇති කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුවට වුවමනා විය. 1912 දී ප්‍රසිද්ධ සුරා පණත මගින් ඇතිවූ කැළඹීම රට පුරා ව්‍යාප්ත වත්ම ජන විරෝධතා මර්දනය කිරීම ද අවශ්‍ය විය. එසේම 1815 වසරේ ගිවිසුමකින් රට ඉංග්‍රීසීන්ට භාර දීම සිදු වීමෙන් වසර සියයක් ගත වීමද යෙදී තිබුණි. මේ නිසා රටේ ජාතික නිදහස වෙනුවෙන් ජාතික නායකයන් නව  මුහුණුවරකින් පැවති ආණ්ඩුවට එරෙහිව වීදි බැස සිටියහ. මෙම කැළඹීම් මර්දනය කිරීමට 1913 දී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඩවුබිගින් මහතා පත් කරන්නට යෙදුණහ.
        මේ වන විට 1907 දී  වලහගොඩ දේවාල පෙරහැරට ගම්පොල මරක්කල පල්ලියක් ඉදිරියෙන් යෑමේදී  දැමූ තහංචිය නිසා නොසන්සුන් තාවයක් ඇතිව තිබුණි.එම සිද්දිය උසාවියට යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මරක්කල පාර්ශවයට වාසිදායක තීන්දුවක් දීමෙන් බෞද්ධ ජනතාව කැළඹුණහ. උඩරට ගිවිසුම උල්ලංඝණය කරන ලදැයි ප්‍රකාශ විය. එසේම වෙසක් උත්සවය සඳහා දන්සැල් පැවැත්වීමට මහනුවර නාගරික කොමසාරිස් වරයා ගෙන්  අවසර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ කරනු ලැබිණ. එයට හේතුව දන්සැල් නිසා මුස්ලිම් කඩවලට පාඩු සිදුවන බවට ඔවුන් පැමිණිලි කිරීමයි. කෙසේ හේ වෙසක් උත්සව දිනය යෙදුණු මැයි පස් වනදා බෞද්ධ පෙරහරකට පහර දීම නිසා කෝලාහලයක් ඇති වී රට පුරා එය පැතිර ගියේය. රජය යුද්ධ නීතිය පණවා කැරලි කරුවන් පමණක් නොව එවකට නිදහස වෙනුවෙන් හඬ නැගූ සිංහල නාකයන්ද අත් අඩංගුවට ගත්හ. බොරු චෝදනා එල්ල කරමින් ආතර් වී දියෙස් වැනි ජන හිතෛෂී නායකයන් ද මරණීය දණ්ඩනයට යටත් කළහ. එසේම කොළම නගරාක්ෂක බලකායේ හෙන්රි පේද්‍රිස් තරුණයාට යුද්ධ අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර එම දඬුවම ක්‍රියාත්මක කළහ. මේ කෝලාහලය පිළිබඳව අගනා ග්‍රන්ථයක් රචනා කරන මෝර්නින් ලීඩර් පත්‍රයේ කර්තෘ ආමන්ඩ්ද සූසා මහතා කරන විවරණයේදී පැහැදිලි වන්නේ මෙම කෝලාහලයේදී පොලිසිය ක්‍රියාත්මක වූ අමනෝඥ භාවයයි.
         රාජ්‍ය මන්ත්‍රණ සභිකයකු වූ හැරී ක්‍රීසි මහතා ගේ වචනයක් එහි බහා තිබෙන්නේ මේසේය.මේ කලබල අව්සථාවේ දී පොලිස් හමුදාව  මෙහෙයවනු ලැබූවේ කනිෂ්ඨ නිළධාරීන් තිදෙනෙකු විසිනි. ජූනි 1 දින කොල්ල කරුවන් කොල්ල කමින් මිනිසුන් මරමින් කෝලාහල කරද්දී පොලිස් භටයෝ බැටන් පොලු පමණක් ගෙන වීදි සංචාරය කළහ.මිනිසුන් වීදි වල කොල්ල කද්දී ඔවුන් විසිරුවා නොහරින්නේ මක් නිසාදැයි පොලිස් භටයන්ගෙන් මා ඇසූ කල්හි ඔවුන් කීවේ ඒ සඳහා උපදෙස් ලැබී නැති බවයි.
     මෙම කෝලාහලය සම්බන්ධව කුරුණෑගල උසාවියේ පවරා තිබූ අංක 3649 දරණ නඩුව විභාග කළ ජී. ඩබ්. වුඩ්හවුස් මහතා මුස්ලිම් සිංහල දෙපක්ෂය සමගි කරලීමට බැරි වීම පිළිබඳව පොලීසිය හෙලා දැක්කේය .සමගි කරවීම වෙනුවට පොලිසිය කර තිබෙන්නේ නඩු යාමට දෙපක්ෂයම දිරි ගැන්වීමයයි ඔහු සඳහන් කළේය. 1915 දී බලවත් ජීවිත හානි වලට පසුබිම්  වූ මුස්ලිම් කෝලාහලයට ලංකා පොලිසියේ ප‍්‍රතිපත්තියෙහි පැහැදිලි දුර්වල කම හේතු වී ඇති බව ද හේ වැඩි දුරටත් ප‍්‍රකාශ කලේය.
        මෙම සිදු වීමෙන් දැන් වසර සියයක් ගතවී තිබේ. එයට පෙර 1983 වර්ෂයේ ඇතිවූ සිංහල දෙමළ ගැටුම ද මෙලෙසම පාලනය කිරීමට පොලිසිය අසමත් විය. සමාජ ජාලා නොතිබුණු එවැනි කාලයක වේගයෙන් ඕපාදූප හුවමාරු විය. රට ගිනි තැබීමට මෙන්ම මං කොල්ල කෑමට සැරසී සිටි පිරිසට පොලිසියේ ක්‍රියාකාරිත්වය මහත් පිටිවහලක් විය.2013 දී අලුත්ගම දර්ගා නගරයේ ඇතිවූ ගැටුමටද මූලික හේතුව වූයේ පොලිසිය නිසි පරිදි නීතිය සැමට පොදු ලෙස භාවිත නොකිරීමයි. මෙයින් පෙනී යන්නේ පොලිස් නම් මූලික වචනය අර්ථ ගැන්වෙන පරිදි මෙම දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සිහි එළවා නොසිටි බවයි. වසර සියයකට වැඩි කාලයක ඇතිවූ ජාතිවාදී ගැටුම් පිළිබඳ ඉතිහාසය හැදෑරීමට පොලිසිය උනන්දු වී නොමැත. එසේ වී නම් බුද්ධිමත්ව ආචාරශීලී කමින් යුතුව කාර්යක්ෂම සේවයක් ලබා දීමට හැකිව තිබුණි. සැබවින්ම මෙම සේවය තුළ ඉතිරිව පවතින්නේ රාජපාක්ෂික බව පමණකි. ඔවුහු පවතින රජය කුමක් වුවද එයට පක්ෂපාතීව තම මූලික වගකීම් අමතක කරමින් කටයුතු කර තිබේ. දිගන සිද්දියේදී විපතට පත් කුමාරසිරි මහතාගේ පවුලට  සහ ගම් වැසියන්ට අවශ්‍ය වූයේ රැකවරණයයි.ලෙන්ගතු කමින් දුක බෙදා ගැනීමට මූලික වීමයි. මළ ගෙයක් සිදු වූ විට සිංහල බෞද්ධයන් මේ මග අනුගමනය කරති. මහජන සම්බන්ධතා අංශයකින් ශක්තිමත්ව සිටින පොලිසියට එවැනි අවස්ථාවකදී විපතට පත්වූවන් සමග බෙදා ගැනීමට දුකක් නොතිබුණි. ඔවුහු දේශපාලකයන්ගේ කීම පිට සහ ඉහළ නිළධාරීන් සමග තිබෙන ගැටුම් මත රාජකාරිය මගහැර සිටියහ.මුස්ලිම් දේශපාලකයන් මැදිහත් වීම නිසා ඝතකයන්ට ලිහිල්ව නීති ක්‍රියාත්මක කළහ.මුස්ලිම් සහ දෙමළ පුද්ගලයන් සහ සිංහලයන් අතර ඇතිවන ගැටුමකදී මේ පොලිස් නිළධාරීන් වඩාත් පරිස්සම් වෙති. නීතිය ක්‍රියාත්මක කිරීමට ගොස් තමුන්ගේ පටි ගැලවේදැයි බියකින් පසුවෙති.පසුගිය කාලය පුරාවටම උතුරේ මහ ඇමති වරයා ශිවාජිලිංගම් මෙන්ම සම්බන්ධන්ද ජාතිවාදී  ප්‍රකාශ කරමින් සිංහල ජනතාව කුපිත කළහ. මියගිය කොටි සමරමින් රජයට සහ දකුණේ ජනතාවට ඔච්චම් කළහ. මේවාට එරෙහිව පොලිසියට නීතිය ක්‍රියාත්මක කළ නොහැකි විය.
      මෙම තත්ත්වය වඩාත් ඛේදනීය වන්නේ පොලිස් නිළධාරීන් දඩ බල්ලන්ගේ තත්ත්වයට ඇද දමා ඇති විටය. දේශපාලකයන්ගේ අවශ්‍යතා මත හැසිරවෙන ඔවුහු දයාව කරුණාව පැත්තකින් තබා මහජනයාට පීඩා කරති.ඒවා පිළිබඳ නිදර්ශන රාශියක් ඉදිරිපත් කළ හැකිය. එහෙත් මේ අතර අවංක කරුණාබරිත මහජනයාගේ හඬට කන්දෙන බොහෝ පිරිසක්ද සිටින බව අප අමතක නොකළ යුතුය. අවශ්‍ය වන්නේ එවැනි පිරිස් වැඩිකර ගැනීමය. එයට සරිලන මානසික පන්නරයක් ලබාදීමය. පොලිස් නිළධාරියෙකු කලුතර අභ්‍යාස විදුහලේ හෝ වෙනත් තැනක මූලික පුහුණුව ලබන විට රටේ ජාතික ඉතිහාසය ගැන අභිමානයකින් ඉගෙනිය යුතුය.තම මුතුන් මිත්තන් කල සටන් සහ එම යුධ උපක්‍රම දැන සිටිය යුතුය.එසේම කලාව සෞන්දර්ය රසාස්වාදය ගැනද සිත පුහුණු කළ යුතුය. කලකට ඉහත ගාල්ල මහින්ද විදුහලේ ළමා අපචාර සිද්දියේදී අත්අඩංගුවට ගත් වීඩියෝ කැසට් පට අතර  මැක්බත් චිත්‍රපටය ද විය. එම පරීක්ෂණය මෙහෙය වූ පොලිස් ස්ථානාධිපතිවරයා පුවත්පතකට කියා තිබුණේ මැක්බත් නම් අසභ්‍ය වීඩියෝ පටයක් හමු වූ බවයි.
         වර්තමානය වන විට පොලිස් කොමිෂන් සභාවක් බල ගන්වා තිබේ.දේශපාලකයන්ගෙන් ස්වාධීන වීමට මෙම සේවයට හොඳටම අවස්ථාව ඇත. එසේම සිය මූලික වචන වල අර්ථය නිති සිහිකරමින් රාජපාක්ෂිකභාවයට එහා යන යහපත් මහජන ආරක්ෂක සේවයක් බිහිකරලීම මගින් නවීන සංකීර්ණ සමාජය විනය ගරුක සංස්ථාවක් බවට පත් කර ගැනීමට අවස්ථාවක් සැලසේ. එයට මේ කාලය බව සිහිපත් කළ මනාය

        

Monday, March 12, 2018

උගුල් වලට විහින් අහුවන ඒකාබද්ධය


                                      
                 හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පනවා තිබියදී මෙන්ම රටපුරා ජාතිවාදී ගිනිදැල් මතුව තිබෙන අවස්ථාවේදී බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයකින් සම්මත කිරීම සිදුව තිබේ. ජනතාවගේ ඇස් වලට ජාතිවාදී ගිනි දැල් පෙන්නා ඒ අතරේ සමාජ ජාලා වාරණයක්ද ඇති කරමින් කරන ලද මේ කූඨ කුමන්ත්‍රණයට අගමැති කතානායක විදේශ ඇමති ඇතුළු යහපාලන රජයේ මන්ත්‍රී වරුන් පනස් දෙදෙනෙකුද අයත්ය. රථවාහන අනතුරක් නිසා ඇතිවූ කෝලාහලයක් පොලිසිය මගින් මැඩ පැවැත්වීමට මූලික පියවර නොගැනීම මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියාවකට අනුබල දෙන්නක් විය.මේ වන විට කෝලාහලය ජාතිවාදී ප්‍රශ්ණයක් බවට පත් කරගත්තේ යැයි කියන මහසෝන් බලකායේ නායකයා ඇතුළු කීප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.නමුත් තම දේශපාලන හයිය භාවිත කරමින් සමාජයේ දුර්මත පතුරුවාලූ මුස්ලිම් ඇමතිවරු සහ එක් සිංහල ඇමතිවරයෙකු තවමත් සිංහල බෞද්ධ සමාජය ගර්හාවට ලක් කරමින් සිටී.
          බලහත්කාරයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ සම්මුතියට ඉන්දියාව පවා මෙතෙක් අත්සන් තබා නොමැත. . 2015 දෙසැම්බර් මස 10 දින බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සම්මුතියට( International conventional for the protection of all persons enforced disappearances ) හිටපු විදේශ ඇමති මංගල සමරවීර මහතා  අත්සන් තබනුයේ ආමාත්‍ය මණ්ඩලය පවා දැනුම්වත් නොකරමිනි. මෙයට හේතුව ඔහු ජිනීවා මානව හිමිකම් කොමසාරිස් විසින් ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවලියට සම අනුග්‍රය දැක්වීමයි. එයද කර තිබෙන්නේ සමස්ත පාර්ලිමේන්තුව නොමග යවමිනි.තිස් වසරක් පැවති ජන ඝාතක කොටි පහර දීම් මර්දනය කොට රටට සාමය උදාකර දීමට 2009 දී රජය සහ ත්‍රිවිධ හමුදාව සමත් විය. නමුත් එයින් පසු මෙරටට පැමිණි බෑන් කී මූන්  එවකට පැවති රජය සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් යුද්ධයෙන් පසුව ප්‍රතිසන්ධානය ඇති කරන බවට වගවීමක් සඳහා රජය මැදිහත් වන්නේ යැයි ප්‍රකාශයට පත් කලේය. එවකට රජයේ ඇමතිවරයෙකුව සිටි සිටි මහින්ද සමරසිංහ මහතා බ්‍රසීලයේ පැවති මානව හිමිකම් සමුලුවකදී එකඟ වී ඇති කාරණා ද මෙහිදී සිහිපත් කළ යුතුය.
      2015 වසරේ මහින්ද රාජපක්ෂ රජය පරාජයට පත් වීමෙන් පසු නව රජයේ ක්‍රියාකාරිත්වය තුළ දක්නට ලැබුණේ ඉක්මන් කඩිනම් වශයෙන් ලෝක පොලිස් කාරයා හෙවත් මානව හිමිකම් ආයතනයට සවන් දීමයි. ඇතැම් විට මහින්ද රජය පෙරළීම පිණිස ලබා දුන් සහයට පොලිස් කාරයාගෙන් කොන්දේසි ඉදිරිපත් කිරීමක් සිදු කලා විය හැකිය. කෙසේ වෙතත් යහපාලන රජය සංහිඳියා පිළිවෙත නමින් නව වැඩ පිළිවෙලකට අවතීර්ණ විය. ඒ සඳහා විශේෂ යාන්ත්‍රණයක් පිහිටුවීමටද කටයුතු කළහ.ඒ මහින්ද රාජපක්ෂ රජය විසින් පිහිටුවා ලීමට කටයුතු නොකළ යාන්ත්‍රණයයි. එය ආරම්භ වූයේ 2015 දෙසැම්බර් 18 දිනදීය. සංහිඳියා කාර්ය සාධක බලකායක් පිහිටුවීමෙන් එම කටයුතු ආරම්භ විය.   රජය විසින්  සංහිඳියාව යන වදන ඉංගිරිසියෙන් දක්වා තිබෙන්නේ(Reconciliation) යනුවෙනි.මෙම ඉංග්‍රීසි වචනයට පසුගිය රජය  ප්‍රතිසන්ධානය යනුවෙන් අර්ථ ගන්වා සිටියහ. නමුත් ප්‍රතිසංධානය සහ සංහිඳියාව අතර සමාන කමක් නොමැත. ජාතීන් අතර ගැටුම් වලක්වා ගැනීම තේමා කොට වර්තමාන සංහිඳියාව ක්‍රියාත්මක වෙයි.( coexsistions) යන වචනයෙන් එය ප්‍රකාශ වෙයි.එකට එක් කිරීම යන අර්ථය එහි වෙයි.රීකොන්සිලේෂන් යන වචනය සමගි සන්ධානය යනුවෙන් අර්ථ ගැන්විය හැකිය. සමගි සන්ධානය කණ්ඩායම් දෙකක් අතර හෝ රටවල් දෙකක් අතර ඇති වන එකඟතාවයකට සමාන වේ.ප්‍රතිසන්ධානය යනු කෙසේ වෙතත් සිංහල ජනතාවට වඩා සමීප සංහිඳියාව වැනි වචනයක් යොදා ගෙන මෙම වැඩපිළිවෙල අර්ථවත් කිරිමට යහපාලනයට උපදෙස් ලැබුණා විය හැකිය.කෙසේ නමුත් පසුගිය දා රජය විසින් අතුරුදහන් තැනැත්තන් සඳහා කාර්යාලය පිහිටුවන ලද්දේ ලෝක පොලිස් කාරයාට වන වගවීම වඩාත් හොඳින් සහතික කරනු සඳහාය
                  මෙම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කරන ලදේ මෙම කාර්යාල පණතට පසුබිම් වූ ගිවිසුමයි. සමාන්‍යයෙන් ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කරන ලද පසු  අපරානුමතිය සඳහා රජයේ ආමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම කළ යුතුය.රජය එය සිදු කලේ නැත. ඒ වෙනුවට පණතක් මගින් කෙලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කර ඇත. එය නීත්‍යානුකූල නැත.මේ තත්ත්වය මගින් පැහැදිලි වන්නේ ලෝක පොලිස් කාරයාට වගවීමට තිබෙන කඩිනමයි. මේ තත්ත්වය තුළ රටේ ව්‍යවස්ථාව ඉක්මවා යන කාර්යාලයක් ස්ථාපිත කරලීමට යහපාලන රජයට හැකියාව ලැබී තිබේ. මේ ක්‍රියාවලිය මෙතැනින් නොනවතී. ඊළඟ අවස්ථාව නම් සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීමයි. ඒ සඳහාද දැනට උතුර සහ නැගෙනහිර ප්‍රදේශ වලින් සාක්ෂි එකතු කරනු ලැබ ඇත.එසේ සාක්ෂි එකතු කළ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ම කාර්යාලයේ කොමසාරිස් වරුන් ලෙස නම් කර තිබේ.( නිමල්කා ප්‍රනාන්දු සහ මීරාක් රහීම් ) මේ කාර්යාලයත් කොමිසමත් විසින් එකතු කරන ලද තොරතුරු මත පදනම්ව දඬුවම් දීමේ ක්‍රියාවලිය තීරණය කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවීම ඊළඟ කාරණයයි. සතර වෙනුව වින්දිතයන්ට සහන සැලසීම සඳහා පිහිටු වන ආයතනයයි. එහිදී එල්.ටී.ටී.. සාමාජිකයන්ටද අතුරුදහන් වූ ගණයේ ලා වන්දි ගෙවීම සිදු කරනු ඇත.
             යුද්ධය ආරම්භ වූ කාලවකවානුවේදී රනිල් වික්‍රමසිංහයන්  එවකට සිටි ඇමරිකන් තානාපති රොබට් ඕ  බ්ලෙක් සහ තවත් තානාපතිවරුන් හමුවේ රටට එරෙහි ප්‍රකාශ රාශියක්ම කර ඇත. මේවා රහස් වාර්තා ලෙසට කේබල් මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පිටත් කර ඇති බව එම විකිලිස් වෙබ් අඩවි වල සඳහන්ව ඇත. රනිල් වික්‍රමසිංහ මහතා යුද්ධය ගැන කියූ කේලමක් ඒ ආකාරයෙන්ම විකිලීස් වෙබ් අඩවියේ ඇතුලත් කර තිබේ. මෙම ප්‍රකාශනයෙන් කියවෙන්නේ යුද්ධමය විසඳුමක් ඉදිරිපත් වුවහොත්  40000 ක් පමණ අතිරේක වශයෙන් මිය යා හැකි බවයි. wickremesinghe predicted that the government would pursue a military solution in the north. He estimated that fighting could cause as many as 40,000 additional deaths and large numbers of new internally displaced persons.( 2008-01-14 ) මේ ප්‍රකාශය යථාර්ථයක් බවට ගෙන  ශ්‍රීලංකාවට එරෙහි යුධ අපරාධ ගොනු කර ඇති  ආකාරය වර්තමානයේදී අපට පැහැදිලි වේ.2015 ජිනීවා මානව හිමිකම් සමුළුවේදී විදේශ ඇමති මංගල සමරවීර මානව හිමිකම් කොමසාරිස් ගේ වාර්තාවට සම අනුග්‍රහය දක්වමින් එකඟත්වය පළ කර සිටින්නේ 2008 වැනි කාලයක සිට ඇති කරගත් තත්ත්වයන් පදනම් කරගෙනයි.ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් රණ විරුවන් හට බොරු චෝදනා ගොනුකරමින් සිරගත කිරීමද මෙහි එක් ක්‍රියාදාමයකි.ඉදිරියේදී විදෙස් විනිසුරුවන් ඉදිරියේ අපගේ රණවිරුවන්ගේ ඉරණම විසඳෙන්නේද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ පාවා දීම හේතුවෙනි.
      මෙම වාර්තාවට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා වරින් වර විදේශ තානාපති නිළධාරීන් අභිමුවෙහිදී රටට එරෙහිව කළ ප්‍රකාශ රාශියක් මේ වෙබ් අඩවි වල සටහන්ව තිබේ. ඉන් එකක් නම් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීමට එක්සත් ජාතික පක්ෂය සහාය දෙන බවයි. මේ ප්‍රකාශන නිකුත් වන්නේ 2007 -2008 වසර ඇතුළතදීය. රටට සිංහල ජනතාවට එරෙහි ක්‍රමන්ත්‍රණය දියත් කිරීමට කෙතරම් කාලයක සිට ඔහු වලිකෑවේද යන්න මෙයින් තේරුම් ගත හැකිය.වර්තමානය වන විට ඔහු බලයට පත් වී තමන් විසින් ඇමරිකානු බලධාරීන් ඉදිරියේ පොරෙන්දු වූ සියළුම දේ ක්‍රියාත්මක කරලීම සිදු කරමින් තිබේ. අතුරුදහන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීම පිළිබඳ පණත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ ඇස්වසා සම්මත කරගන්නා ලද්දේ මේ න්‍යාය පත්‍රය සම්පූර්ණ කරලීමේ අදියරක් වශයෙනි.අග්‍රාමාත්‍ය කාර්යාලය මූලික කරගෙන පාක්‍ය සෝති සරවණමුත්තු මහතා ලේකම් වශයෙන් පත්කොට සංහිඳියා බලකායක් පිහිටුවන ලද්දේ මෙයට අවශ්‍ය මතවාදී වාර්තාව සකස් කරලීමටයි. සංහිඳියාව උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාව යනුවෙන් දැන් එය නිකුත්ව ඇත.(2016 නොවැම්බර් )එහි විසිතුන් වන  විසිහතරවන සහ විසිපස්වන නිර්දේශ බලන්න.
        (23) ස්වාධීනත්වය හැකියාව ප්‍රවීණත්වය හා විනිවදභාවය සඳහා වන අවශ්‍යතාවය ජාත්‍යන්තර විනිශ්චයකරුවන් අභිචෝදකයන් විමර්ශකයන් හා අධිකරණ යාන්ත්‍රණයේ අනෙකුත් කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවය තහවුරු කරයි. උතුරේ හා දකුණේ දෙමළ ජාතිකයන්ගේ ඉතා විශාල බහුතරයක් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටින අතරම මෙම යාන්ත්‍රණය තුළ දෙමළ භාෂාව කතා කරන පුද්ගලයන් පැවැතීමේ වැදගත්කමද අවධාරණය කරයි. මෙම යාන්ත්‍රණය ශ්‍රී ලංකාවේ බහුජන හා බහු ආගම් ස්වභාවය පූර්ණ වශයෙන් දරන්නේ නම් ඒ පිළිබඳ විශිවාසය තහවුරු වන බවට කෙරෙන තර්කයත් සමග මෙම හයිබ්‍රිඩ් මාදිළිය නිසැක ලෙස එමෙන්ම ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තවත් ශක්තිමත් කෙරෙයි.(24) ප්‍රවිචාරන කාර්ය සාධක බලකාය විසින් නිර්දෙශ කරනුයේ දේශීය විනිශ්චයකරුවන් බහුතරයක් හා ප්‍රමාණවත් තරමේ ජාත්‍යන්තර විනිශ්චයකරුවන් ප්‍රමාණයකින් යුක්ත හයිබ්‍රිඩ් අධිකරණයකි.(25 ) අධිකරණ යාන්ත්‍රණයේ ප්‍රධානතම අධිකරණ කටයුත්ත වන්නේ යුධ අපරාධ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා ජාත්‍යන්තර ව්‍යවහාර නීතිය උල්ලංඝනය අභිචෝදනය කිරීමයි. වධදීම ලිංගික ප්‍රඩන්ඩත්වය ඝාතන රොහල් වලට බෝම්බ දැමීම ඖෂධ හා ආහාර සැපයීම ප්‍රතික්ෂේප කිරීම වැනි සිතා මතාම සිවිල් ජනතාව ඉලක්ක කිරීම තහනම් ආයුධ භාවිතා කිරීම හමුදාමය ක්‍රියාකරුවන්ට භාරවූ පුද්ගලයන් අතුරුදහන් වීම බලහත්කාරයෙන් සිවිල් වැසියන් පළවා හැරීම හා දරුවන් බලහත්කාරයෙන් බඳවා ගැනීම යනාදිය විමර්ශනයට  ලක් කළ යුතුය .
      පෙර සඳහන් කළ පරිදි මහින්ද රාජපක්ෂ සමයේදී සිදු කළ වගවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම යහපාලන රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග රාශියකි.පළමුව දහනව වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කරනු ලැබූහ. එයින් බලාපොරොත්තු වූයේ අගමැති වරයාට රජය හැසිරවීමේ බලතල ලබාගැනීමයි.එය ප්‍රජාතන්තුවාදී ලක්ෂණයක් බව පෙන්නුම් කරමින් කළ ප්‍රතිසංස්කරණ ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා පවා දැන නොසිටි බව පෙනේ. එහි විපාකය නම් කෙතරම් විරෝධයක් තිබුණද වර්තාමානය වන විට රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට නොහැකිවීමයි. කෙසේ වෙතත් මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරන විට සරත් වීරසේකර මහතා ඇරුණු කොට කිසිකෙනෙකුත් ඊට විරුද්ධ නොවීය.එම සංශෝධනයේ භයානක බව පෙනෙන්නට තිබුණද එක්සත් ජනතා සන්ධානයේ මන්ත්‍රී වරු එම උගුලට පා තැබූහ. දෙවනුව පළත් පාලන මැතිවරණ සංශෝධන ඉදිරිපත් කරන කල්හි කාන්තා නියෝජනය නම් බරවා පාදය ගැන දැනුම්වත් වීමක් ඒකාබද්ධ විපක්ෂයට නොවීය. එසේම ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය විසින් සකස් කරන ලද වාර්තාව අනුව යෝජිත වූ හැත්තෑව තිහ  පදනම වෙනස් කරමින් හැට හතළිහ පදනම ගැනීමේදී පවා ප්‍රමාණවත් විරෝධයක් එල්ල නොවීය.අඹගමු ප්‍රා දේශීය සභාව තුනකට කැඩීමෙන් පසු එයට විරුද්ධව ගොනු කළ නඩුවට ඉදිරිපත් වීමට සිටි. මනෝහර ද සිල්වා මහතාට ඒකාබද්ධ විපක්ෂයෙන් බලපෑම් එල්ල වූ බව අපි දනිමු.කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය මුලා කර අවස්ථා කීපයකදී යහපාලන රජයේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙ යෑමට හැකිවිය. අවසානයේදී  මෙම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කළ පරිදිම අතුරුදහන් වූවන් සම්බන්ධ ජාත්‍යන්තර පණතද සම්මත කර ගෙන තිබේ. මෙම පණත න්‍යාය පුස්තකයේ තිබෙන බව ඒකාබද්ධය දැන සිටියහ. නමුත් දිනේශ් ගුණවර්ධන මහතා එයට ප්‍රබල විරෝධයක් එල්ල කීරීමට පසුබට වීය.එවිට ඒකාබද්ධයේ දහනව දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටියදී මෙම පණත සම්මත වූ බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ මහතා පවා එහි නොසිටියහ.එයින් ගම්‍යා වන්නේ එකාබද්ධය දිගින් දිගටම යහපාලන රජයේ උගුල් වලට වැටෙමින් රට අනතුරේ හෙළා ඇති බවය. පසුගිය පළාත් පාලන චන්දයේදී අතිමහත් බහුතරයක් පොහොට්ටුවට චන්දය භාවිත කලේ රජයේ නොමනා හිරිකිත පාලනයට විරෝධය දැක්වීමටයි. එහෙත් එම ජන මතය නිවරදි දිශාවට ගෙන යමින් රටට ජාතියට එරෙහි අභියෝග ජය ගැනීමට සරිලන දේශපාලන පරිණත භාවයක් ඒකාබද්ධය ප්‍රදර්ශනය නොකරන බව කණගාටුවෙන් යුතුව කිව යුතුය.පසුගියදා ඇතිවූ ජාතිවාදී සිද්ධි වල එක් හේතුවක් වූයේ  ජනතාවගේ කෝපය පිට කිරීමට අවස්ථාව සැලසීමයි. .ඒකාබද්ධයේ  ඉදිරි බලාපොරොත්තුව ඉදිරි වසර දෙක තුළ යහපාලන රජය පිරිහීමෙන් පසුව බලය ඇල්ලීමයි.එය සිදු විය හැකි නමුත් අබාධිත වූ රටක් විදේශ මැදිහත් වීමෙන් ස්වාධින බව අහිමි කරගත් රටක පාලනය භාර ගැනීමෙන් විශේෂයෙන් නව ව්‍යවස්ථාවක් හරහා කැබලි කරන රටක් භාර ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක් දැයි කල්පනා කිරීමට ඒකාබද්ධයේ නායකයන්  නිහතමානී විය යුතුය.


Wednesday, March 7, 2018

තෙල්දෙණියේ ගින්නට තෙල් දැමීමෙන් සිදු වූයේ කුමක්ද


                                 
                                               
              තෙල් දෙණිය දිගන ආදී නගර තුළ ජාතිවාදී ගින්නක් ඇවිලී ඇත.මුලින් ඇඳිරි නීතියත් පසුව මේ වන විට හදිසිනීතියත් ප්‍රකාශයට පත් වී තිබේ.  පසුගිය සති කීපය තුළ ජාතිවාදී ක්‍රියාවන් කීපයක් වාර්තා වන්නේ අම්පාර සහ මහනුවර අවට ප්‍රදේශ වලින් පමණි.අම්පාර සිද්දිය අහඹු වෙන් පැණ නැගුණක්  වුවද එයට සමාන සිදු වීම් රාශියක් වරින් වර රට පුර වාර්තා වී තිබේ.තෙල්දෙණිය දිගන ප්‍රදේශය තුළ සිදු වූ රථවාහන අනතුරකින් පසු  ඇතිවූ ගැටුම එක් අතකින් නාට්‍යයකට සමාන කළ හැකිය. ලොරි රථයක් පසුපසට ගැනීමේදී ත්‍රි රෝද රථයක පැති කණ්ණාඩියක ගැටී  සිදු වූ අනතුර ගොඩින් බේරා ගැනීමට ගත් උත්සාහයේදී ත්‍රි රෝද රථයේ සිටි තරුණයන් සතර  දෙන එයට එකඟත්වය පළ නොකොට පසුව මග රැක සිට ලොරි රථ රියැදුරුට පහර දීම නිසා මේ විපත සිදු වී ඇත. පසුව අත්අඩංගුවට පත් මුස්ලිම් තරුණයන් ඇප මත නිදහස් කිරීමට උත්සාහ ගැනීමේදී  කුපිත වූ ජනතාව ඒකරාශි වී ඇත. තෙල් දෙණියේ ගින්න ඇවිලෙන්නේ මේ අන්දමටයි.
        මෙවැනි සිදුවීමකදී නීති ප්‍රකාරව අගතියට පත් පාර්ශවය කෝපයට පත් වීම ස්වභාවිකය.තම කෝපය පිට කිරීමට පෙළපාලි යෑම රංචු ගැසීම වාර්තා වන්නේ සිංහල ජන සමාජයෙන් පමණක් නොවේ. යාපනය විද්‍යා සසුවිය ඝාතනයෙන් පසුවද මෙලෙස සිදු විය. එවිට පොලිසිය කළ යුත්තේ උද්ඝෝෂකයන් පාලනය කරමින් ගැටුම් ඇති නොවීමට වගබලා ගැනීමය. අවශ්‍ය නම් හමුදාව කැඳවා තත්ත්වය පාලනය කිරීමටද පිළිවන. එහෙත් දිගන සිද්දියේදී යම් කලබලයක් ඇතිවේ යැයි දැනුම් දී තිබියදීත් පොලිස් ඇඳිරි නීතිය නොයොදා නිවෙස් වලට වී සිටින්න යැයි පොලිසිය කියා ඇත. විශාල පිරිසක් එක්රොක්ව දිගන දෙසට ඇදෙන කල්හි පොලිසිය පැත්ත පළාතක ආවේ නැත. එම ජන ගඟ පාලනය කරගැනීමට හමුදාව කැඳෙව්වේ ද නැත. අවසානයේදී කුපිත වූ පිරිස් අතින් දේපල විනාශ විය.මුහුණ වසා ගත් පිටස්තර පුද්ගලයන්ද මේ පිරිසට එක්ව විනාශය දරුණු කරුනු ලැබීය. එනම් දේපල වලට ගිනි තබනු ලැබීය.මේ බරපතල විනාශයෙන් පසුව ඇඳිරි නීතිය පනවනු ලැබු අතර දැන් හදිසි නීතියද පනවා තිබේ.
       2014 වසරේ අළුත්ගම දර්ගානගරයේ දී ඇතිවූ ගැටුමට මූල හේතුව වූයේ පතිරාජගොඩ විහාරයේ ස්වාමීන් වහන්සේ නමක් ගමන් ගත් වෑන් රථයක් හරස් කර උන්වහන්සේට අඩන්තේට්ටම් කිරීමට මුස්ලිම් තරුණයන් කීප දෙනෙකු උත්සාහ දැරීමෙනි. එයට පෙර විහාරස්ථානය ඉදිරිපිට හරක් ඔලුවක් තබා නොසන්සුන් කමක් ඇති කර තිබුණි. එවිට පොලිසිය කලේ කුමක්ද. අත්අඩංගුවට පත් සැක කරුවන් නිදහස් කිරීමයි.හරක් ඔලු දැමූ අය පිළිබඳ නොසොයා ප්‍රශ්ණය යටපත් කිරීමයි. මේ නිසා කුපිත වූ ජනතාව ඒකරාශි කොට අළුත්ගම නගරයේ ජන රැලියක් පැවැත්වීඹට කටයුතු කරන ලද්දේ චම්පික රණවක ඇමතිවරයා ගේ මෙහෙයවීමෙනි. මෙම ජන රැලියේ දී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පොලිසිය දැඩි ලෙස විවේචනය කරනු ලැබූ අතර පැවති රජයටද එම විවේචන එල්ල විය. ජන රැලිය අවසන් වූ පසු පිරිස විසිර යන්නට පෙර දර්ගා නගරය ආසන්නයේ පොලිස් සහ හමුදා බලඇණි නවත්වා සිටි අතර එහි වූ මුස්ලිම් පල්ලියක විශාල පිරිසක්ද රැස්ව සිටියහ. නමුත් පොලිසිය මෙම පිරිස විසුරුවා හැරීමට උත්සාහ නොකළහ. රැස්වීමෙන් පසු පතිරාජගොඩ විහාරයේ ස්වාමීන් වහන්සේලා ඇරලවීම පිණිස ඥණසාර හිමියන් දර්ගානගරය හරහා ගමන් කිරීම ආරම්භ කරන විට එය වැලැක්වීමට ද පොලිසිය කටයුතු නොයෙදූහ.මෙයින් පසු සිදු වූයේ දර්ගා නගරයේ තට්ටු ගොඩනැගිල්ලක සිටි පිරිසක් නගරය හරහා යන පිරිසට ගල් වලින් ගැසීමය.එයට සමාන්තරව පතිරාජගොඩ විහාරස්ථානය අවට තිබෙන සිංහල ගෙවල් පහකටද පහර දෙනු ලැබිණ.ඉන්පසු ඒවාට ගිනි තැබිණ. මෙයින් කලබලයට පත් වූ ගම් වාසීන් වැටේ වටේ තිබූ ඉනි කෑලි පොලු කැති රැගෙන ගොස් නගරයේ වෙළෙඳ සල් වලට පහර දෙන්නට විය.අවසානයේ දී මේ සියලු පහර හ ගිනිතැබීම්  ඥණසාර හිමියන් වෙත පවරා ගැටුමේ ස්වභාවය රජයට එරෙහි කලකිරවීමක් බවට පත් කර ගත්හ.මෙම සිදු වීමෙන් පසු කුපිත වූ පිරිස් හාත්පස ගම්වල ද විනාශකාරීව හැසිරුණු අතර එම විනාශයන් වන්නට ඉඩදී පොලිසිය නිහඬවම බලා සිටියහ.
       අළුත්ගම සිද්දියත් තෙල්දෙණිය සිද්දියත් අතර සමාන කම් රාශියක් ඇත. මේ ස්ථාන දෙකෙහිදීම ගැටුම් වළක්වාලීමට පොලිසිය කටයුතු නොකළ අතර කුමන්ත්‍රණකාරී පිරිස් වලට අවශ්‍ය විනාශ කාරී පරිසරයක් නිර්මාණය කොට දෙන ලදී.මෙයින්  දර්ගානගරයේ සිද්දියෙන් බලාපොරෙත්තු වූයේ පැවති රජය අපහසුතාවයට පත් කිරීමයි. විදේශ ගතව සිටි මහින්ද රජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු කෙලින්ම පමුණුවන ලද්දේ ගැටුම සිදු වූ ස්ථානයටයි.එය රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එහිදී ඔවුහු  එතුමාව පතිරාජගොඩ ට කැටුව නොයා විනාශකර දමන ලද මුස්ලිම් පල්ලියකට කැඳවා ගෙන යෑමෙන් සිංහල පිරිස අතර තව තවත් කළ කිරීම වර්ධනය කරන ලද.බස්නාහිර පළාතේ විශාල පිරිසක් එදා 2015 ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට චන්දය භාවිත නොකලේ මෙම කලකීරීම් නිසාවෙනි.
      තෙල් දෙණිය ප්‍රශ්ණය පැණ නැගුණු අවස්ථාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශාල අපකීර්තියට ලක්ව පළත් පලාන මැතිවරණයෙන්ද පරාජයට පත්ව රජය අස්ථාවරව තිබෙන මොහොතකි. නුගේගොඩ ඒකාබද්ධ විපක්ෂයේ මහා ජනරැලියට සියල්ල සූදානම්ව පැවතිණ.රජයට අවශ්‍ය වූයේ කෙසේ හෝ විශ්වාස භංගය පරජයට පත් කිරීමයි. ඒ සඳහා මන්ත්‍රී වරුන්ට ඩයස් පොරාව හරහා කෝටි ගණන් මුදල්ද සූදානම් කර තිබූ බවට වාර්තා විය. කෙසේ වෙතත් අහම්බෙන් මතුවූ දිගන සිද්දයෙන් පසුව ( ලොරි රථ රියදුර ඝාතනය වන්නේ දින කීපයක් ගත වීමෙනි) ජනතාව කුපිත කර පාරට බැස්සවීමට පරිසරය සදන්නේ පොලිසිය විසිනි. නීතිය හා සාමය අමාත්‍යංශය මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා සතුව පැවතීම මෙහිදී සැලකිල්ලට ගත යුතුය.අවසානයේ සියළු විනාශයන් අවසන් වීමෙන් පසුව හදිසි නීතිය මුලු රට පුරාවටම පැණ වෙන්නේ එම නිතියට අදාල නොයෙකුත් බරපතල කොන්දේසි සිහිපත් කරවමිනි.
          මේ වන විට 2015 යහපාලන රජය පත් කරලීමේ මූලික අභිප්‍රායන් රාශියක් ඉෂ්ට සිද්ද වී ඇත. එනම් අතුරුදහන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීමට අනුමැතිය ලැබී කොටි ඒජ්තයන්ගේ සාමාජිකත්වයෙන් එය පිහිටුවීම.ජිනීවා වලදී යුධ අපරාධ චෝදනා වලට මංගල සමරවීර විදේශ ඇමිතවරයා සම අනුග්‍රහය දැක්වීම. හමුදා සාමාජිකයන් අත්අඩංගුවට පත් කිරීම. ඇතැමුන්ට දඬුවම් පමුණුවීම . සාලාව අවි ආයුධ ගබඩාව පුපුරුවා හැරීම.තෝරා ගත්  භික්ෂුන් වහන්සේලා විශෘල ගණනක් සිරගෙයි ලැවීම. සංහිඳියා ලේකම් කාර්යාලයක් බිහි කර ඒ මගින් රජයේ සියලුම ආයතනවල ප්‍රකෘති තත්ත්වයන් විකෘති කිරීම. ආදිය දැක්විය හැකිය.උතුර සහ නැගෙනහිර සඳහා ස්වයං පාලනයක් ලබා දීමට යොජිත නව ව්‍යවස්ථාවක් ගෙන ඒම මෙම අරමුණු අතර මුල් තැනේ තිබුණද ජනතා විරෝධය හමු වේ එය තවමත් ප්‍රමාදය. එසේම විදේශ ඇමති විසින් 2015 දෙසැම්බර් මස අත්සන් කරන ලද බලහත්කාරයෙන් අතුරුදහන් වූවන් සඳහා වන ජාත්‍යන්තර සම්මුතිය ලංකා පාර්ලිමේන්තුව තුළ සම්මත කරලීමද තවමත් සිදු කර නොමැත. ඉන්දියාවේ ආර්ථික ආධිපත්‍යට ලංකාව නතු කරලීමට අවශ්‍ය එට්කා ගිවිසුමද තවමත් අත්සන් කර නොමැත්තේ ජනතා විරෝධය හමුවේදීය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මෙම ජනතා විරෝධය ඉතා ඉහළ අන්දමින් ප්‍රකාශයට පත් විය.
       ඇමරිකාව ඇතුළු බටහිර බලවේග වල රූකඩයක් බවට පත්ව සිටින යහපාලන රජය රැක ගැනීමට තනාපතිවරු නිරන්තරයෙන් උපදෙස් දේ. රනිල් වික්‍රමසිංහ මහතා අසීරුවට පත් වූ මේ මෙහොතේ ඔහුව ඉවත් කොකරන ලෙසට ඇමරිකන් තානාපති සහ ඉන්දීය තානාපති ජනාධිපතිවරයාට මහත් සේ බලකර ඇත. ඒ ඔවුන්ගේ රට බෙදීමේ න්‍යාය පත්‍රය සම්පූර්ණ කිරීම ඉතිරිව ඇති නිසාය. සැබවින්ම පොහොට්ටුව විශාල ජයග්‍රහණයක් ලබා තිබුණද එම ජයග්‍රහණය ජාතික ජයග්‍රහණයක් බවට පත් කරලීමට ඔවුන්ට න්‍යාය පත්‍රයක් තිබුණේ නැත. එම නිසා හුදකලාව ඇති වූ ජතිවාදී ගැටුම තම වාසියට හරවා ගැනීමට රජයට පිළීවන් විය. එයින් සිදු වූයේ පහර කෑ සිංහල ජනතාව තව තවත් අසරණ බාවයට පත් වීමයි. එදා දර්ගානගරයේ ගැටුම සිදු වී දිනක් ගතවීමට ප්‍රථම මුස්ලිම් මානව හිමිකම් කණ්ඩායමක් එම ප්‍ර දේශයට පැමිණියහ. ඔවුහු වාර්තාවක් සකස් කොට එය ජාත්‍යන්තරයට ඉදිරිපත් කළහ.කැඩූ කඩවලට වන්දි මුද්ල්ද රක්ෂන මුදල්ද ඔවුනට ලැබිණ. වර්තමානය වන විට මේ අවස්ථාවේ පැවැත්වෙන ජිනීවා සමුලුවට ලංකාවට එරෙහි වන්නට ඕනෑ තරම් කාරණා  ගොඩ ගැසී තිබේ. සුලුතරයට එරෙහිව බහුතරය අන්තවාදී ලෙස කටයුත කර ඇති බව මේ වන විටත් ප්‍රකාශ වී අවසන්ය.රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කතාවේදී ඒ බැව් හොඳින් පැහැදිලි විය.
      සුලු ජන වර්ග පදනම් කර ගත් ජාතිවාදයට දහනම වන සියවසේ මුල් භාගයේ සිට පොහොර දමන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසිනි. මුස්ලිම් දේපළ හා විවාහ නීතිය. තේසවලාමේ නීතිය ආදිය සඳහා නව අණ පනත් ඇති කරමින් නැති වරප්‍රසාද එම ජන වර්ග වලට ලබා දෙමින් සිංහල ජනතාවට එරෙහිව එම පිරිස් උසිගැන්වීම වරින් වර කළහ. 1915 මුස්ලිම් කෝලාහලය ඉන් එක අවස්ථාවකි.එහිදී එවකට නිදහස වෙනුවෙන් සටන් කළ සිංහල නායකයන් සියලු දෙන අත් අඩංගුවට පත් විය.දැන් යහපාලන රජයේ ද බලාපොරොත්තුව පවතින්නේ සුලු ජන වර්ග උසිගන්වා ඔවුන් ලවා සිංහල ජනයා ප්‍ර කෝප කර ජාතිවාදී ගැටුම් අවුලුවා හදිසි නීතිය මගින් සිංහල නායකයන් භික්ෂූන් වහන්සේලා අත් අඩංගුවට ගැනීමට පරිසරයක් සකස් කිරීමයි. එම තත්ත්වය අප මැනවින්ම අවබෝධ කර ගත යුත්තේ මෙවැනි ගැටුම් වලට මැදිවූ අයට ඇප පවා ලබා නොදෙන බැවිනි.අවසානයේ රට බෙදන ව්‍යවස්ථාව සම්මත කර ෆෙඩරල් පාලනක් ලබා දී එට්කා ගිවිසුම අත්සන් කොට රටේ ආර්ථිකය ඉන්දියාවට භාරදීම සිදු වනු ඇත.මෙවැනි අවාසනාවන්ත සිද්දියක් ඇති වීම වලක්වාගත හැක්කේ සියලුම දෙන සබුද්දිකව සිතමින් දේශපාලන පරිණත භාවයෙන් කටයුතු කළහොත් පමණකි. විහේෂයෙන්ම ජනතා ජයග්‍රහණයෙන් උන්මාද ව සිටින ශ්‍රී ලංකා පෙදු ජන පෙරමුණට ඒ පිළිබඳ විශාල වගකීමක් පැවරී තිබෙන බවද මතක් කළ යුතුය.


Wednesday, February 14, 2018

වෙට්ටු දාන ආණ්ඩුව සහ රට්ටු නොදත් පොහොට්ටුව

                             
        තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම පිණිස දෙමළ ජාතික සන්ධානය සමග එකතු වීම සිදු විය හැකි යයි අනාවැකි පළ වෙමින් ඇත.මැතිවරණ සමයේ එකිනෙකට බැණ ගනිමින් විවේචනයක් යෙදුණද එම රංගනයෙන් ඉවත් වෙමින් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමට කැමැත්තෙන් සිටී.දොන් ජුවන් ධර්මපාල මෙන් අද ඔහු තනිවී ඇත.ඒ අතර විදෙස් තානාපතිවරුන් මැදිහත්ව සභාග ආණ්ඩුව එලෙසම තබා ගැනීමට කේවට්ට උපදෙස් දෙමින් සිටී. මේ වෙට්ටු සියල්ල බලය රැක ගැනීමටයි.පළාත් පාලන මැතිවරණයේ දී දිස්ත්‍රික්ක දහනවයක් ජයග්‍රණය කරමින් පොහොට්ටුව ලකුණින් තරඟ කළ පොදුජන පෙරමුණ සටහන් කළ බලය නිසා පාර්ලිමේන්තුව රැක ගනිමින් ඉදිරියට යෑම රනිල් වික්‍රමසිංහ මහතාගේ බලාපොරොත්තුව  බවට පත් වෙමින් ඇත.මේ වෙට්ටුව කුමක් සඳහා දැයි අවබෝධ කරගැනීම ඉතා වටනේය.
         2015 යහපාලන රජය බිහිකර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියට දමා තරඟ කරගැන්ම අත්‍යවශ්‍ය විය. ජනප්‍රිය නායකයෙකු නොවූ රනිල් මේ උපක්‍රමය යොදන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ බලය තහවුරු කර ගැනීම උදෙසාය. බලාපොරොත්තු වූ පරිදිම ජනාධිපතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් යනුවෙන් සභාගයක් පිහිටුවා සුළුතර බලයකින් රනිල් අගමැති බවට පත් විය. එය වඩාත් තහවුරු කරගැනීමට දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන ලද්දේය. ජනාධිපතිවරයාගේ බලතල අඩුකරනු ලැබූ අතර පාර්ලිමේන්තුව විසිරුවා හැරීම තීරණ ගැනීම ආදී කරුණු අගමැතිවරයාට පවරා ගැනීම සිදු විය. මේ නිසා ජනාධිපතිවරයා අගමැති ගේ සිරකරුවකු බවට පත් වීම වළක්වලිය නොහැකි විය. ව්‍යවස්ථාදායක සභාව හරහා පත් කරන ලද ඇතැම් පත්වීම මෙන්ම මහ බැංකු ප්‍රධානියාගේ පත්වීමද අගමැතිවරයාට අවශ්‍ය පරිදි සිදු කිරීමට ඉඩ දී නිහඬව බලා සිටීමට සිරිසේන මහතාට සිදු විය. භාණ්ඩාගර බිල්පත් අරභායා මහා වංචාවක් සිදු කරන ලද්දේ මේ නීත්‍යානුකූල නොවන පත්වීම හරහාය.එතනදී අගමැති වරයාගේ අණට ඉහළින් කිසිවක් ක්‍රියාත්මක නොවුණි. රට බෙදෙන ව්‍යස්ථා සංශෝධන ගෙන ඒ මේදී රණවිරුවන් මෙන්ම භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට පත් කිරීමේදී  අගමැතිවරයා තම හිතුවක්කාර පිළිවෙතෙහි සිටියේය.ජිනීවා යෝජනා සඳහා සම අනුග්‍රහය දකවමින් ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ කළ බවට ලක් රජය පිළිගන්නා ලද්දේ අගමැතිවරයා මෙන්ම මංගල සමරවීර ඇමතිවරයා ගේ හිතුවක්කාර ක්‍රියාකලාපය නිසාවෙනි.
        මේ අතර උතුරේ මහ ඇමති විග්නේශ්වරන් සිය ජාතිවාදී ප්‍රකාශ මගින් දෙමළ ජනතාව කුලප්පු කරන ලද්දේය. ශිවජිලිංගම් සමබන්ධන් ඇතුළු නායකයන් සිටි උග්‍ර ජාතිවාදී මත ගෙන හැර දක්වමින් සිංහල ජනතාව වෙත වෛරය පතුරුවා හරින ලද්දේය. උතුරේ හමුදා කඳවුරු එකින් එක ඉවත් කරන ලද අතර සාලාව අවි ගබඩාව පුපුරුවා හැරීමකට ලක් කෙරිණ.සංහිඳියාව සඳහා යයි කියමින් දෙමළ බසින් ජාතික ගීය කීම ඇතුළු රටේ නීතියට එරෙහි සියළු කාරණා සිදු කරන ලදී. රිෂාඩ් බද්යුදීන්ට විරුද්ධව නැගුණු ජනතා හඩ යටපත් කරන ලදී. ඒ වෙනුවට නිරපරාදේ රණ විරුවන් බිල්ලට දෙමින් අතුරුදහන් වූවන් සඳහා කාර්යාල පණතක් හොර පාරෙන් සම්මත කරගෙන ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට යා යුතු ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවද නොමග යවමින් සංශෝධනයට ලක් කොට ඇත. මේ සඳහා දිගින් දිගටම මැතිවරණය කල් දැමුණු අතර ජනතා හඩට කන් නොදෙමින් එට්කා ගිවිසුම බලාත්මක කරලීමට රජය ක්‍රියා කරමින් තිබේ. එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රමුඛ අරමුණ වී තිබෙන්නේ උතුර සහ නැගෙනහිර  දෙපළාත එක් කරමින් සන්ධීය පාලන ක්‍රමයක් දෙමළ දේශපාලනඥයන්ට ලබා දීමයි. යහපාලන රජය පිහිටුවීම පිණිස උදව් උපකාර කළ විදෙස් බලවේග සතුටු කිරීම මෙහි බලාපොරෙත්තුවයි. සිරිසේන මහතා කැමැත්තෙන් හො අකමැත්තෙන් මෙයට එකඟ කරවාගෙන තිබෙන්නේ ඔහු ජනපති පුටුවේ බැඳ තබා ඇති බැවිනි.
       කෙසේ හෝ 2018 පෙබරවාරි 11 වනදා පළාත් පාලන මැතිවරණය පවත්වන ලද්දේ වසර තුනකට ආසන්න කාලයක් කල් මරමිනි. මේ කාලය තුළ කෙතරම් දේශපාලන පළිගැනීම මත සිංහල ජනතාව පීඩනයට පත් වුවුද ඔවුහු වීදි නොබැස්සහ. උතුරේ මහඇමතිවරයා  ගේ කුපිත කිරීම් මධ්‍යයේ වුවද ඉතාමත් සාමකාමීව මේ කාලය ගත කර තිබේ. වරක් දෙවරක් නොව කීප වරක්ම ජාතිවාදී කෝලාහල අවුළුවා සිංහල ජනතාව මහපාරට බැස්සවීමට රජය උත්සාහ කරනු දක්නට ලැබුණි. එය සාර්ථක නොවිණි. කෙසේ හො මේ වසර තුන සිංහල ජනතාව පිට පීඩනය මුදා හැරීමට කටයුතු කරන ලද්දේ අප්‍රකටවයි. එහෙත් මහින්ද රජාපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මිදී පොහොට්ටුව නමැති පක්ෂයෙන් තනිව තරඟ කිරීමට තීරණය ගත් විට ජනතාව ඔහු වෙත රොද බඳිමින් එහි ජයග්‍රණය වෙනුවෙන් කැප කළහ. එහි ප්‍රතිඵලය අද අප ඉදිරියේ දක්නට තිබේ.මෙතෙක් තම හදවතේ කැකෑරෙමින් පැවති කෝපය කලකිරීම මැතිවරණය හරහා ප්‍රකාශ කරමින් සිංහල ජනතාව විශිෂ්ඨ දේශපාලන පරිචයක් ප්‍රදර්ශනය කොට ඇත.
            රට්ටු කිසිවෙක් තවමත් පොහොට්ටුව ගැන නොදනී. එහි සභාපතිවරයා සහ ලේකම් වරයා ගැනවත් ඇතැම් විට නොදනී. එහෙත් එම කණ්ඩායම විදෙස් ගැති යහපාලන රජය පරාජය කරලීමට ඉදිරිපත් වූ ජාතික බලවේගයක් ලෙසට ජනතාව හඳුනාගෙන ඇත. එහි නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා දරණ බවද ඔවුහු දනී. එම නිසා පොහොට්ටුවේ ව්‍යවස්ථාව කුමක් වුවත් මේ අවස්ථාවේ දී දුෂ්ඨ බලවේගය බිම දැමිය හැකි හොඳම ප්‍රතිමල්ලවයා පොහොට්ටුව තුළින් මතුවන බව ජනතාව විශ්වාස කළහ. පොහොට්ටුවේ නාම යෝජනා ඇතැම් තන්හි ප්‍රතික්ෂේප වද්දී වෙනත් ලකුණකින් තරඟ කළ ස්වාධීන කණ්ඩායමකට පවා ජනතාව විසින් චන්දය දෙන ලද්දේ මේ හේතුව නිසාවෙනි. කෙසේ වෙතත් ජාතිකත්ව සමගියෙන් යුතුව 2010 දී ප්‍රකාශ කලා සේම මේ අවස්ථාවේදීද එම හැසිරීම මතවාදීව මනාව ඉදිරියට දමා තිබේ.එහෙත් එම ජන මතයට හිස නමා ඒ අනුව වැඩ කිරීමට පොහොට්ටුවේ පිරිස සූදානම් දැයි තවම සැකයක් තිබේ. මෙම පළාත් පාලන මැතිවරණය පවත්වන ලද්දේ කඩිමුඩියේ සම්මත කරගත් සීමා නිරණ පණත් සහ කමිටු වල නිර්දේශ අනුවයි. එහිදී සියයට තිහේ නියෝජනය වෙනුවට සියයට හතළිහ නියෝජනය සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයට සහ ෆයිසර් මුස්තාපා කණ්ඩායමට  මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටත් අවශ්‍යව තිබුණි. එයට ප්‍රබල විරෝධයක් ඒකාබද්ධ විපක්ෂයෙන්ද එල්ල නොවුණි. එහි ප්‍රතිඵලය දැන් දක්නට ලැබේ.පොහොට්ටුව විසින් ජයග්‍රහණය අත්පත් කරගන්නා ලද ඇතැම් පළාත් පාලන ආයතන වල බලය මනාප ලැයිස්තු මන්ත්‍රී වරුන් හරහා ඩැහැ ගැනීමට එ.ජා.ප.ය උතසාහ කරමින් ඇත. විශේෂයෙන්ම නුවරඑළි දිස්ත්‍රික්කයේ  කුකුළා ඉදිරියෙන් ඇති නිසා කුකුළාට එකතු වී එම පළාත් පාලන අයතනයන්හි බලය පිහිටුවීමට පොහොට්ටුව තීරණය කර තිබේ. ඒ අනුව හැටන් නගරයේ පෙළපාලි යමින් සිටි තොන්ඩමන් මන්ත්‍රීවරයාට එකුතු වී සී.බී.රත්නායක මන්ත්‍රී වරයා දැක්වූ රංගනය පොහොට්ටුවේ ජන මතයට හිස නැමීමක් නොවේ.එහෙත් කුකුළාට දක්වන සෙනෙහස බුලත් කොළයට දක්වා රට තුළ ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමට තවමත් උත්සාහයක් ගෙන නැත.
   යහපාලන රජය විසින් ගෙන එන ලද පළාත් පාලන පණතේ සංශෝධන මගින් පරාජයට පත් වූ පක්ෂ වලට වඩා වැඩි නියෝජනයක් ලබා ගැන්මට අවස්ථාව සලසා දී තිබේ. එම තත්ත්වය මත ජය ග්‍රහණය කරන ලද ඇතැම් පාළන ආයතන වල බලය මුදල් වීසි කර ලබා ගැන්මට පරාජිතයන්ට හැකියාව ලැබී ඇත. මෙම ක්‍රමය මගින් අමු අමුවේම ජන වරම කොල්ල කනු ලබති. මේ ක්‍රමය අගයමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද නිවේදනයක් නිකුත් කර තිබීම මගින් හැඟවෙන්නේ රජය මැතිවරණ කොමිසම ආදී සියලුම පාර්ශව එක් කරගෙන මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී තීරණ ගත් බවයි. අඹගමුව ප්‍රාදේශිය සභාව තුනකට කැඩීමේ නියෝගය ලබා ගෙන තිබෙන්නේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයයි. සීමා නිර්ණ කමිටුවේ තීරණයක් නොවන බැවින් එයද නීත්‍යානුකූල නැත. එහෙත් එයට විරුද්ධව පැනවූ නඩුව විසි කර තිබේ. කෙසේ වෙතත් මේ සියළු නීති විරෝධි ක්‍රියා ආපස්සට හරවා නිවැරදි කරලිය හැක්කේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දුෂ්ඨ බලවේග මේ පාලනයෙන් ඉවත් කර ජනමතයට එකඟ ජාතික බලවේගයක් පත් කර ගැනීමෙන් පමණකි.කොනප්පු බණ්ඩාර එදා යමසිංහ බණ්ඩාර ප්‍රමුඛ විදෙස් බලවේග පරාජයට පත් කරන ලද්දේ උඩරට භික්ෂූන් වහන්සේලා මුල් කරගත ජාතික බලවේග සමග එක්වීමෙනි.මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවට ජනතා පූජාසනයේ පිපෙන්නට වරම් ලැබෙන්නේ එවැනි ක්‍රියාවකිනි.


Thursday, February 1, 2018

නිදහස දිනු රට මරු වාසේ - ඇඩ්වඩ් කුමරුට පරකාසේ

                         

       ලංකා රාජ්‍යය නොහොත් සිංහලේ රටවල් බ්‍රිතාන්‍ය රජුට පවරා වසර දෙසීයක් ඉක්ම ගිය වත්මන් කාලවකවානුවේ 2018 පෙබරවාර් 04  සැමරෙන්නේ සැත්තෑවන නිදහස් දිනයයි.1948 දී ලංකාවට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ප්‍රධානය කරමන් ඒ යටතේ පාලනය වීමට සීමා සහිත නිදහසක් ලැබ දෙනු ලබන්නේ තව දුරටත් ආණ්ඩුකාරවරයා හරහා බ්‍රිතාන්‍ය රැජිනට පක්ෂපාතිත්වය තබා ගනිමිනි. මේ නිසා පෙබරවාරි 04 වන දා නිදහස සැමරීම යනු බ්‍රිතාන්‍යට තිබෙන ගැතිකම් ප්‍රදර්ශනය කරමින් කරන උත්සවයකි. ඉංග්‍රීසි බසින් සර් යන්න අමතනු ලබන්නේ යටහත් භාවය දැක්වීමටයි. තමා වහලෙකු බවට දැක්වීමටයි( Slave I Remain). එලෙස 1972 වසර දක්වාම අප මෙම යටහත් බව ප්‍රදර්ශනය කරමින් තුති පුදා දක්වා ඇත. නමුත් 1972 ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කරමින් මෙම ගමන් මග වෙනස් කිරීමකට ලක් කෙරිණ. එය වත්මන් ඉතිහාසයේ සන්ධිස්ථානයක් විය.
        නිදහස යන්නෙන් ගම්‍ය වන්නේ දේශපාලනික ආර්ථික සංස්කෘතික ස්වාධීනත්වයයි.1815 වන තෙක් අප ස්වාධීන ජාතියක්ව සිටියේ යටහත් භාවයට නොපැමිණි නිසා නොව යටත් වීමට එරෙහිව දිගින් දිගටම අරගල කරමින් නිදහස දිනාගෙන ජීවත්වූ බැවිනි.අප ඉතිහාසය පුරා සටන් වලින් පිරී පැවතියේ එහෙයිනි.ඒ සටන් අතර තුර රටේ සංස්කෘතියත් ජාතියත් සතු ශක්තිය ඉඳහිට දුබල වුවත් යළිත් දිනෙන් දින වර්ධනය කර ගනිමින්  වඩා ශක්තිමත් ලෙසට අභියෝග වලට මුහුණ දීමට පන්නරය සකසා ගත් බව පෙනේ. හත් වන සියවසෙන් පසු අනුරාධපුර යුගයේ දශක කීපය තුළ රාජ්‍යත්වයත් බුද්ධ ශාසනයත් තුළ තිබූ බැඳීම නව ආරකින් වර්ධනය කරගත් අයුරු විමසීමෙන් ඒ බැව් පසක් කර ගත හැකිය. 1815 වසර වන විට අපට සිංහල රජෙක් නොසිටියහ. අඛණ්ඩ මහාවංශ රාජාවලියක් මගින් පාලනය වූ රටක් විදේශීය වඩුග රාජවංශයකට නතු වීම ස්වාධීනත්වය අහිමි වීමක් නොවුණද ක්‍රමයෙන් එතැනට ප්‍රවේශ වීමක් විය.වඩුගයන් බෞද්ධයන් නුවූහ.නමුත් වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් ගේ අවවාද අනුශාසනා පරිදි බුදු සසුන ආරක්ෂා කිරීමට කටයුතු කළහ. එහෙත් දළදා වහන්සේ රැකගත් දන්ත හේමමාලා පරපුර වඩුගයන් විසින් එම තනතුරු වලින් පහත හෙලූහ.එම නිසා රටට ලැබූ ආශීර්වාදය ක්‍රමයෙන් හීනව ගියේය.නාථ දෙවියන්ට දළදා වහන්සේට තිබූ ගෞරවය පිටියේ දෙවියන්ට හිමි විය.රදළ වරු තනතුරු වලට කුළල් කා ගැනීම නිසා විදෙස් ඔත්තු කරුවන්ට රජවාසලට ඇතුල් වීමට ඉඩ ප්‍රස්ථා ලැබුණි. සිංහලත්වය ආරක්ෂා කර ගැනීමට  පෙළ ගැසුණ වුන් රජුට විරුද්ධව විදෙස් පිළ ගැනීම නිසා මෙතෙක් උඩරටට ඇතුළු වීමට සතුරන්ට තිබූ බාධක ඉවත් විය. මෙම සිද්දිය 2015 වසරට ද ආදේශ ආදේශ කළ හැකි යයි සිතේ.
           ඉංග්‍රීසීන්ට රට භාර දෙන ලද්දේ ගිවිසුමකිනි.ශ්‍රී වික්‍රම රජුගේ තාඩන පීඩන නිසා ඝාතනයට ලක් වූ රදළයන් සියලු දෙන මෙම ගිවිසුමට අත්සන් කළහ.එංගලන්තයේ මහරජු බුදුසසුනත් චාරිත්‍ර වාරිත්‍රත් රැක ගනිවී යැයි ඔවුන් කල්පනා කළහ.ඉංග්‍රීසීන් ගේ න්‍යයා පත්‍රය එලෙස නොවීය.ඔවුහු සිංහල රදළ වරුන් රවටා තමන් ගේ ගමන ආරම්භ කළහ.මේ වන විට එංගලන්ත ඉතිහාසය කාර්මික විප්ලවයෙන් පෝෂණය වෙමින් තිබිණ. ඒ නිසා එලෙසම මේ රටද වෙනස් කිරීම ඔවුන්ට අවශ්‍ය විය. මේ ප්‍රතිසංස්කරණ නිසා කෝපයට පත් රදළයන් 1816 පමණ සිට ඉංග්‍රීසීන් ගෙන නැවත රට ලබ ගැනීම උදෙසා තැන තැන සංවිධානය වූහ. එහි අවසාන ප්‍රතිඵලය නම් වෙල්ලස්සෙන් ඇරඹුණු විමුක්ති අරගලයයි. මේ සටන පරාජය කිරීම ඉංග්‍රීසීන්ට ලෙහෙස පහසු නොවීය. ඉංග්‍රීසීන් සමග සිටි කැප්පෙටිපොළ දිශාව කැරලි කරුවන්ට එකතු වීම නිසා තවත් එය අසීරු විය. අවසානයේ පිළිගත හැකි සිංහල රජෙකු නොමැතිව සටනට නායකත්වය ගත් සිංහල සේනා පරාජය කරන ලද්දේ ඉංග්‍රීසීන් විසින් බරපතල අපරාධ රැසක් කරමිනි. වෙල්ලස්ස ගිනි තැබීම ගව මහිෂාධීන් මැරීම . එම ගව කුණු ළිං වලට දැමීම.ආදීවූ අපරාධ නිසා සාගතයෙන් පීඩාවට පත් සිංහල හමුදාව සහ නායකයන් අත්අඩංගුවට පත් විය.වෙළෙදාමේ ගිය හම්බයකුගේ ඔත්තුවක් නිසා පරවහගම වලව්වේදී අත්අඩංගුවට පත් කැප්පෙටිපොළ පසුව හිස ගසා දමනු ලැබීය. අනෙක් කැරලි කරුවන් මුරිසියට පිටිවහල් කළහ.
     1818 සිට 2018 දක්වා වසර දෙසීය  දෙස පරීක්ෂා කාරී ලෙස බලන කල්හි. ජාතියක් වශයෙන් සිංහලත්වය ආරක්ෂා කර ගැනීමට ජාතික ව්‍යාපාරයන් ආරම්භ කළද ඒවා වැඩිදුර ඵලවත් නොවීය.ඉංග්‍රීසීන් ගේ වේගවත් ප්‍රතිසංස්කරණ තුළ දුර්වල සිටි පිරිසකට ශක්තිමත්ව එදිරිව ගමනක් නොවීය. ශ්‍රීමත් අනගාරික ධර්මපාල වැනි ජාති හිතෛෂීන් විසින් මේ තත්ත්වය වරින් වර මතක් කර පෙන්වුවද ජනතාව ඔවුන් ගත් මග ගමන් කිරීමට මැළි කමක් දක්වා ඇත.සිය බස සිය දහම සිය දේශය යන හැඟුමට වඩා පර බස පර දේශය යන හැඟුම පෙර දැරිව අප කටයුතු කර තිබේ. එයට හේතුව ඉංග්‍රීසීන් ක්‍රමානුකූලව රටේ අධ්‍යපානය මගින් පාලන ප්‍රතිසංස්කරණ මගින් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් ජන මනස වෙනස් කිරීමයි.ලංකාව පළාත් සහ දිස්ත්‍රික්කයන්ට බෙදා දක්වා මුස්ලිම් සහ දෙමළ ජන වාර්ගිකයන්ට වැඩි තැනක් ලබා දීමෙන් ඉංග්‍රීසීන් බලාපොරොත්තු වන්නට අත්තේ සිංහලයන්  ගේ නැගිටීම් වළක්වාල ලීමටයි.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද කොමිටියක් මගින් 1848 ජනතා නැගිටීමට හේතු කාරණා විමසුමකට ලක් කල අවස්ථාවේ මේ පළාත් බෙදීම ගැන සඳහන් ප්‍රකාශයක් මගින් අර්ථ ගැන්වෙන්නේ ඒ තත්ත්වයයි.මේ ප්‍රකාශය ලබා දී ඇත්තේබස්නාහිර පළාත් ඒජන්ත පී.ඊ. වුඩ්හවුස් මහතා විසිනි.
      පළාත් කියන වචනය කොයිතරම් නොපැහැදිලි ලෙස භාවිතා කළා දැයි කිවහොත් කන්ද උඩරට පළාත්  වලට ඇතුලත් වන ප්‍රදේශ මොනවාද නැතිනම් දැන් මධ්‍යම පළාත කියන්නේ කොහොටද එසේත් නැතිනම් මේ කලබල තිබුණේ කොහේද කියා මේ කාරක සභාව හරියට දන්නවා ඇතැයි මමහිතන්නේ නැහැ.අප විසින් 1815 දී අත්පත් කරගන්නා ලද්දේ ඒ කන්ද උඩරට පළාතුයි.මේ පළාත් උතුරෙන් අනුරාධපුරය යනුවෙන් හැඳින්වෙන ස්ථානයෙන් එහාටත් දකුනෙන් බදුල්ලෙන් එහාටත් බස්නාහිරෙන් අවිස්සාවේල සිටත් නැගෙනහිරෙන් බදුල්ලෙන් එහාටත් පැතිරී යනව. 1833 දී ප්‍රධාන සාමාජිකයා වශයෙන් ශ්‍රීමත් විලියම් කෝලබෘක් සමග ලංකාවට පරීක්ෂණ කොමිෂන් සභාවක් එවනු ලැබීමෙන් පසුව කන්ද උඩරට පළාත් වෙනම ජාතියක් වශයෙන් බෙදා වෙන් කිරීම යෝග්‍ය බව මහ ආණ්ඩුව තීරණය කලා. ඒ නිසා ඔවුන් මුළු දිවයිනම පළාත් පහකට බෙදුවා. මුහුදු බඩ පළාත් සහ කන්ද උඩරට පළාත් විශාල පළාත් පහකට වෙන් කොට එක් එක් පළාතට  කන්ද උඩරට පළාත් වලින් කොටස බැගින් යා කලා.
         මේ පළාත් බෙදීම නිසා සිංහලයන් දුර්වල වූ බව අමතුවෙන් කිව යුතු නැත. පසුව මෙය පළාත් නවයකට බෙදුවා . උතුර සහ නැගෙනහිර යනුවෙන්  පළාත් වෙන්වන්නේ මේ බෙදීම් නිසයි.අද ඒවා ඊාලාම් සිතියමට ඇතුලත් වෙලා. සිංහලයන් නැවත නැගිටි සෑම අවස්ථාවකදීම නිහීන ලෙසට  මර්දනය කිරීමට උපයෝගී කරගත්තේ මේ බෙදීම සහ වාර්ගික පාලනයයි. සිංහලයන් ගේ අභිමානය රැකී තිබුණේ අංගම් ඉළන්ගම් සටන් සම්ප්‍රාදය තුළයි. එය තහනම් කල ඉංග්‍රීසීහු ඒ වෙනුවට බාලදක්ෂ ව්‍යාපාරය එතැනට ආදේශ කළහ. සිංහලයාගේ නිරෝගී කම රැඳී තිබුණේ සිංහල වෙදකම සතු සෞඛ්‍ය සංරක්ෂණ විධි හේතුවෙනි. සිංහල වෛද්‍ය වරයා සතු ශක්තිය මොට කර දැමනු ලැබූවේ කංසා වැනි පැලෑටි වැවීම තහනම් කරමිනි. අදටත් අවසරයක් නොමැතිව කංසා වවන ගොවීන් ගේ හේන් ගිනි තබනු ලැබේ.
         ඉංග්‍රීසීන් ගේ පොලිසිය සිංහලයන්ට තාඩන පීඩන එල්ල කළහ. 1915 වසරේ ඇතිවූ කෝලාහල සමයේදී නීති විරෝධී අත්අඩංගුවට ගැනීම ඝාතනයන්  රැසක් වාර්ත විය. මේ ඩවුබිගින් ගේ පොලිසීයේ ක්‍රියාදාමයයි. අදටත් එම පොලිස් සංස්කෘතිය වෙනස්ව නොමැත. ඔවුහු හරක් මස් වලට දැඩි ලෙස ගිජුව සිටිති. නගරයක හරක් මස කඩයකින් වැඩිම සන්තෝෂම් ප්‍රමාණයක් ලැබෙන්නේ පොලිසියටයි. මේ අල්ලස නිසා හරක් හොරකම සීඝ්‍රයෙන් වැඩිවී තිබේ. සිංහල ගොවියාට සත්ත්ව පාලනය කිරීමට අවස්ථාවක් නැතිවී තිබේ. මුස්ලිම් ජන වර්ගයන්ට හිමිවූ විශේෂ තැන නිසා අද ඔවුන් සිය බලය යොදමින් සිංහල දේශපාලනඥයන්ට කේවල් කරමින් සිටී. නීති විරෝධීව මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් ඉන් ලැබෙන මුදල් අල්ලසට යොදවමින් පාලකයන් පාලනය කරති. මෑතකදී විල්පත්තුව කැපීමේ සිද්දිය තුළ අපට දකින්ට ලැබුණේ එම ඛේදවාචකයයි. මුස්ලිම් ජන ප්‍රතිශතය ඉහළ යවමින් සිංහලයන් වඳ භාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයට සෞඛ්‍ය අංශද දායක වී ඇත.
        ඇඩ්වඩ් කුමරු ලංකාවට පැමිණෙන්නේ මෙවැනි කාලවකවානුවකයි.  මෙම නිදහස් දිනය  එක රටක් යන තේමාවෙන් හැඩගැන්වී  තිබේ. එක රටක් එක නීතියක් තිබෙන්නේ නම් කවුරුත් සතුටට පත් වනු ඇත. එහෙත් ලංකාව අද කැබලි වලට කැඩීමට නියමිත රාජ්‍යයකි. පැවති මහින්ද රජපක්ෂ රජය විසින් ඊලාම් අරමුණු කරගෙන ගිය කුරිරු යුද්ධය නවතනු ලැබීය. රටට සාමය උදාවුණි. මෙයට ඊර්ශ්‍යා කළ වත්මන් නායකයන් විදෙස් නියෝජිතයන්ට ගතු කීහ. 40000 ක් දෙමළ ජනතාව සමූලඝතනයට ලක් වී යැයි බොරු කීහ.( අද මේ අය බැඳුම්කරේ වංචව ගැන බබා රැඟුම් පායි.)මෙම කරුණු නිසා අද අප රටට යුධ අපරාධ චෝදනා එල්ල වී ඇත. ජනතාව බියෙන් සිටිති. යළිත් යුද්දයක් එසේත් නැතිනම් විදෙස් මැදිහත් වීමක් සිදු වේ යැය බියෙන් සිටිති. ඒ අතර රටේ සම්පත් කුණු කොල්ලයට විදේශිකයන්ට විකුණමින් සිටී. රටේ සංස්කෘතික කාරණා එකින් එක විසිරුවා හරිමින් සිටී. මේවා කරන්නේ චේතනාන්විතව බව අප වරක් නොව කීප වරක් ප්‍රකශ කර සිටියෙමු. බලය බලය උදෙසා මිස රටේ සුභ සිද්දීය සඳහා නොවන බව චම්පික රණවකෙ ඇමතිතුමා පවා ඔප්පු කර තිබේ. එවැනි විටක ජනතාව නිදහස ගැන සිතන්නේ කුමන ආකාරයටද මරුවා සමග වාසේ සිටින ඔවුනට පක්ෂ දේශපාලනය එපා වී ඇත. එහෙත් රටේ නායකයන් ඇඩ්වඩ් වැනි විදෙස් හාම්පුතුන් ගෙන්වා ගනිමින් තමන් ගේ වහල් භාවය ප්‍රදර්ශණය කරමින් ප්‍රකාශ කරමින් සිටී. සිංහල ජාතියේ නිදහස රැඳී තිබෙන්නේ දළදා වහන්සේ මූලික කරගත් මහා සම්මත දේශපාලන ක්‍රමයක් තුළ පමණි. එම ක්‍රමය නැවත ප්‍රතිෂ්ඨාපනයට දැන් කාලයයි.


Friday, January 26, 2018

බැඳුම්කර බබා තොත්තබබා සහ කොහොල්ලෑ බබා

                                  
         1951 වසරේ දී අචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතා මිනීමැරුම් නඩුවකට පෙනී සිටියේය. එම නඩුව එකල හැඳින්වූයේ සතාසිවම් නඩුව යනුවෙනි. හතළිහ දශකයේ බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මහාදේවන් සතාසිවම් මෙම නඩුවේ ප්‍රධාන චූදිතයා විය.ඔහුගේ බිරිඳ වූ පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිණිබිරිය වන පරිපූර්ණම් රාජනේද්‍ර මහත්මිය ඝතනයට සැකපිට ඔහු අත්අඩංගුවට පත් විය. නිවසේ මෙහෙකාර විලියම්ද සැකපිට අත්අඩංගුවට පත් විය.පසුව ඔහු රජයේ සාක්ෂි කරුවෙකු විය. දක්ෂ නීතිඥයෙකු වූ සිල්වා මහතා සහ මහාචාර්ය සිඩ්නි ස්මිත් යන දෙදෙන එක්ව තම විත්තිකාර පක්ෂය වෙනුවෙන්  උපරිම සේවය සලසමින් මිනී මරණ ලද්දේ සතාසිවම් නොවන බවට ඔප්පු කරන ලද්දේය.නමුත් මහජනතාව එය පිළිනොගත්හ. සතාසිවම් මහත්මියගේ ගෙල ළඟ තිබූ වංගෙඩිය විසින් එම මිනීමැරම කරන ලද්දේ යැයි ජනප්‍රවාදයක් ඇති විය.ඕනෑම දක්ෂ නීතිඥයෙකුට එලෙස කළ හැකිය.සත්‍යය යුක්තිය කෙසේ වුවත් තර්කයෙන් සහ කපටිකමින් ප්‍රශ්ණ මගහැර යා හැකි බව ලෝක ඉතිහාසයේ වරින් වර ඔප්පු කර පෙන්වා දී ඇත.වර්තමාන භාණ්ඩාගාර බිල්පත් වංචාවට අදාල කොමිෂම සහ එහි වාර්තාව මත දැන් වංචාව මෙහෙයවූ තැනැත්තන් නොව එයට සම්බන්ධ පාර්ශව කරුවන් වැරදිකරුවන් බවට පත් කර තිබේ.
         අර්ජුන් ඇලෝෂියස් ගේ සමාගම විසින් මහ භාණ්ඩාගර බිල්පත් මිළට ගැනීමේ දී කරන ලද සාපරාධී වංචාවට අනුබල දෙන ලද්දේ හිටපු බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් බව කොමිෂමේ දී හෙළි දරව් විය.සිංගප්පූරුවේ සිට විශාල ධන ව්‍යාපාර වල යෙදී සිටින තැනැත්තෙකු සහ ඔහුගේ බෑනා විසින් මෙවැනි වංචාවක් කරන ලද්දේ තමන්ගේ ව්‍යාපාර තර කර ගැනීමටද යන්න පිළිබඳ අපට දෙවරක් සිතන්නට සිදු වී ඇත.භාණ්ඩාගර බිල්පත් සඳහා බිලියන 12 ක ඇපකරයක් ඔවුන් විසින්  මහ බැංකුවේ තැන්පත් කර ඇතැයි අගමැතිවරයා පවසයි.එය රජයට ගැනීමෙන් මේ වංචාවෙන් සිදුවූ පාඩුව මගහරවා ගත හැකි බවද ඔහු  කියයි. එහෙත් පසුගිය වසර දෙකහමාරක කාලය තුලදී මෙම වංචාවෙන් හරි හම්බ කරගත් මුදල්  ආයෝජනය කරන ලද ව්‍යාපාර කුමක්දැයි කිසිම තැනක සඳහනක් නැත. අප දන්නා පරිදි ස්කාගාර ව්‍යාපර සහ මාධ්‍ය ව්‍යාපාර සඳහා එම මුදල් ආයෝජනය කර තිබේ.මෙහි බරපතලම කාරණය නම් මෙම වංචාවෙන් පසුව රාජ්‍ය ආර්ථිකයට එල්ල වූ ප්‍රහාරයයි.රාජ්‍ය ණය පොළිය වැඩිවී ඇත.සේවක අර්ථ සාධක අරමුදල් සහ බැංකු සහ රාජ්‍ය ආයතන අර්බුදයට පත් විය. එම බිඳවැටීම කිසිසේත්ම නැවත  ක්ෂණයකින් හරි ගස්සා ගත නොහැකිය.එම නිසා මෙය වංචාවකට එහා යන ආර්ථික ඝාතනයක් ලෙසට අර්ථ දැක්විය හැකිය.
       මට පෙනෙනා ආකාරයට බැඳුම්කර කොමිෂම මගින් මෙම වංචාවේ බරපතල කම වසා සැබෑ චූදිතයන් නිදහස කර හැරීමක් කර තිබෙන බවයි. අද අගමැතිවරයා මාධ්‍ය ඉදිරියේ බබා රැඟුම් පාන්නේ මේ නිසාය.2016 න් පසු මෙම වංචාවට අදාළව පැවති කෝප් කමිටුවේ සභාපති වරයා වූ සුනිල් හඳුන්නෙත්ති මහතා ද මෙහි වරද එනම් අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමේ වරද ජනපතිවරයාට පටවා තොත්ත බබෙකු වන්නට තැත් කරයි. ඔහු සභාපතිත්වය දැරූ කෝප් කමිටුව මගින් නිවරදිව මෙම කරුණ වාර්තා කලේ නම් කොමිෂමට කලින් චූදිතයන් හෙළි දරව් වනවා නිසැකය. නමුත් එලෙස නියම චූදිතයන් හෙළිවන්නට ඉඩ තිබුණු ඩිව් ගුණසේකර වාර්තාව එළියට යා නොදී ජනපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරියේය. එය කරන ලද්දේ බටහිර රටක උපදෙස් පිටයයි කතාවක් දැනට ප්‍රචාරය වී තිබේ.
    කෙසේ වෙතත් මෙම වංචාව හුදෙක් මුදල් හම්බ කර ගැනීමකට වඩා රටේ ආර්ථිකය බිඳ වැට්වීමකට කරන ලද කුමන්ත්‍රණයක් ලෙසට දැක්විය හැකිය.වංචාවෙන් හම්බ කරගත් මුදල් එක්සත් ජාතික පක්ෂයේ සුභ සිද්දිය සඳහා යෙදීම කලා දැයි පැහැදිලි නැති නමුත් 2015 ජනවාර් 08 න් පසු  මහින්ද රැල්ල  පැරදවීමට පෙළ ගැසුණු බලවේගය දිරිමත් කරලීමට මෙම මුදල් අනිවාර්යයෙන්ම යොදවා ගන්නට ඇත.ඒ නිසාම අගමැතිවරයා චූදිතයෙකු නොකර මෙම ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට ජනපතිවරයා උත්සාහ ගන්නට ඇත. දැන් අප සලකා බැලිය යුත්තේ මෙවැනි සිද්දියකින් පසුව වුවද අගමැතිවරයා බේරා ගෙන ජනපතිවරයා නිර්භයව චන්දය ට ඉදිරිපත් වන්නේ කුමන පදනමකින්ද යන්නයි.
           මෙම යහපාලන රජය බලයට පත් කිරීම හුදෙක් මහින්ද රජය පරදවා එක්සත් ජාතික පක්ෂය බලයට පත් කිරීමේ අරගලයක් නොවේ. මහින්ද රජයේ තිබූ වැරදි උළුප්පා ලමින් මහජනතාවගෙන් ලක්ෂ හයක පමණ කොටසක් හරවා ගනිමින් ජනාධිපතිවරණයෙන් ජයගත් සිරිසේන මහතා මේ ජයග්‍රහණය සඳහා උපයෝගී කරගත් ඩමියක් බව අද ඔප්පු කර ඇත. ඔහුට තනි තීරණ ගෙන කරන්නට කිසිවක් නැත.යහපාලන රජයේ වැරදි ප්‍රසිද්ධියේ විවේචන කරමින් දේශපාලන වේදිකාවල බෙරිහන් දෙන නමුත් කොහොල්ලෑ බබෙකු මෙන් යහපාලන රජය ආරක්ෂා කරමින් එහිම ඇලී සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට දමා මැතිවරණය ට තරඟ වැදුණද තරඟය අවසානයේ එක්සත් ජාතික පක්ෂය සමග නැවත සංධානයට යෑමේ ඉඩකට බොහෝ තිබේ. මෙයට හේතුව කුමක්ද.
      මෙරට තිස් වසරක් පැවති යුද්ධය නිමා කොට රටට සාමය උදා කරන ලද්දේ පැවති රජයයි.එයින් පසු රටේ ඒකීයත්වය පිලිබඳව බෙදුම්වාදීන් ප්‍රශ්ණ කලේ නැත.නමුත් ප්‍රභාකරන් ගේ දඩයම් වපසරිය තුළින් රට තම ආධිපත්‍යයට ගැනීමට මාන බලමින් සිටි ඇමරිකාව සහ ඉන්දියාව ඇතුළු රටවලට මෙම පියවර ඉතා තදින් රිදුණු කරුණක් විය. යුද්ධය පැවති කාල වකවානුවේදී ඉන්දියාවට මහින්ද විසින් දුන් පොරොන්දු කෙසේ වෙතත් ඒවා ඉටු වුණු බවක් පෙනෙන්නට නැත. නමුත් ත්‍රස්තවාදය අවසන් කිරීම වෙනුවෙන් සමස්ත රජයත් ත්‍රිවිධ හමුදාවත් කල කැපවීම කිසිවෙකුටත් අවතක්සේරු කල නොහැකිය. එවැනි වීරෝධාර පුද්ගලයන්ට මුක්තිය ලබා දුන් ආකාරය පනාකඩුව තඹසන්නස විමර්ශනය කරන්නෙකුට වටහා ගත හැකිය. නමුත් යහපාලන රජය පත් වූ පසු ජිනීවාවල දී ඇති කරගත් එකඟතාවය මත යුද්ධයේදී සක්‍රීය දායකත්වය දැක්වූ හමුදා සොල්දාදුවන්  හට හිරිහැර කොට සිපිරි ගෙට දමා ඇත.සාලාව අවි ගබඩාව පුපුරුව හරින ලද්දේ විදෙස් රටවල උපදෙස් මතය. අනතුරුව භික්ෂූන් වහන්සේලා සිරගත කොට බුද්ධ ශාසනයට කළ අවමානයන් නිමක් නැත. මේ කෙණෙහිලිකම් කිසිවෙකුටත් අමතක කළ නොහැකිය. ජිනීවා යෝජනා වලට එකඟවූවා සේම යුද අපරාධ සෙවීමට අතුරුදහන් වූවන් ගැන සෙවීමට කාර්යාල පණත් සම්මත කරගත්තේ රජය පාලනය කරන ලබන්නේ විදෙස් පාලකයන්  ගේ කීම අනුව බව සනාථ කරමිනි. 40000 ක් යුද්ධයේ දී මැරුණු බවට කේලාම් කීවේ කවුරුදැයි විකිලිස් වෙබ් අඩවිය පරීක්ෂා කරලීමෙන් දත හැකිය.දැන් ඔහු බබා රැඟුම්පායි. 2015 රජය පත් වූ අලුතම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කොට රට බෙදීම නොහොත් ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා යොජනාවලියක් සකස් විය. ඒ පිළිබඳ අතුරු වාර්තාවක්ද පාර්ලිමේන්තු ගත කර ඇත.
       වර්තමාන මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් වන විට මෙම අතුරු ව්‍යවස්ථා යොජනාවලිය මදකට පසෙකට කරමින් රජය නිහඬ වූයේ මහාවිහාරය සහ සමස්ත භික්ෂූන් වහන්සේලාගේ ද විරෝධය එයට එල්ල වීම නිසාවෙනි. නමුත් මෙම මැතිවරණය අවසන් වූ පසු මාර්තු මස එළඹෙන ජිනීවා සමුළුවට සමගාමීව නැවතත් මෙම ව්‍යවස්ථා වෙනස් කිරීම සිදු කිරීම ඔවුන් ගේ බලාපොරොත්තුවයි. පසුගිය තෛයිපොංගල් උත්සව දිනයේ දී එබැව් අගමැති වරයා ප්‍රකාශ කොට තිබේ.එම නිසා මෙම මැතිවරණය පළාත් පාලන මැතිවරණයකටත් වඩා ජනමත විචාරණයක් බවට පත් වෙමින් ඇත.බැඳුම්කර මගඩිය පිළිබඳ බොහෝ දේ කරළියට පැමිණෙන විට නාට්‍යමය රංගනයකට දායක වීමට රජයට සිදු ඇත්තේ මේ නිසයි. කෙසේ හෝ රජය ආරක්ෂා කර නොගතහොත්  ව්‍යවස්ථා යෝජනාවලිය සම්මත කර ගැනීමට නොලැබෙන බව සිරිසේන මහතාත් රනිල් වික්‍රමසිංහ මහතාත් දනී. තමුන් පැරදීමට වඩා විදෙස් හාම්පුතුන් ගේ නියෝග පිළිපැදීමට තිබෙන කැමැත්ත ඉන් ප්‍රකාශ වේ. සතාසිවම් නඩුවට පෙනී සිටි කොල්වින් ආර්. ද සිල්වා මහතා 1951 දී දෙහිවල මැතිවරණයෙන් ජනතාව විසින් පරාජයට පත් කරන ලද්දේ යම් සේද මේ යහපාලන රජය පරාජයට පත් කිරීම අත්‍යවශ්‍ය වේ.මුස්ලිම් සහ දෙමළ පක්ෂ සිය බලකොටු වලදී උපරිම ලෙසට මෙවර ලකුණ රැස් කිරීමේ යෙදෙන හෙයින් මැතිවරණයෙන් පසු රජයට එකතු වීමට හෝ සිය බලය ප්‍රදර්ශනය කරමින් අන්තවාදී ඉල්ලීම දිනා ගැනීමට උත්සාහ කරනු නිසැකය. මැතිවරණයට කලින් අගමැතිට බලපෑම් කරමින් කැබිනට් තීරණයක් මගින් අඹගමුව ප්‍රා දෙශීය සභාව තුනකට කඩා ගත්තේ එලෙසය. මේ භයානක තීරණාත්මක සමය තුළ සිහිබුද්ධියෙන් කටයුතු නොකළහොත් සිංහල ජාතිය සතු ශක්තිය විනාශ කිරීමේ කුමන්ත්‍රණ තව දුරටත් සිදු වනු නිසැකය.

      

         

Wednesday, January 17, 2018

කොමිෂන් සමග අවසන් වන මැසිවිල්ල -සිංහල අපට පමණයි මේ රැවටිල්ල

            

              මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් අරභයා කරන ලද වංචා සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව දැන් නිකුත්ව ඇත.එහි අන්තර්ගතය තුළින් පැහැදිලි වන්නේ විශාල වංචාවක්  සිදුව පවතින බවයි. නමුත් මෙම කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරාය කළ ප්‍රකාශයේ පරමාර්ථය වී තිබුණේ මෙම වංචාවට  අගමැතිවරයා ගේ සම්බන්ධයක් නොමැති බව දැක්වීමටයි.2016 දී මෙම වංචාව ගැන රැස්කළ කෝප් කමිටු වාර්තාව නිකුත් වීමට තිබියදී ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැර අගමැතිවරයා එම චෝදනාවෙන් ගලවා ගත් ආකාරය කවුරුත් දනී. එම කරුණු ඔහු විසින් ඊට පසු මාධ්‍ය වලටද ප්‍රකාශ කොට තිබුණි .මේ වන විට පාර්ලිමේන්තුවට පවා මෙම වාර්තාව ඉදිරිපත් නොකර මගහරිනු ලබන්නේ සත්‍ය වශයෙන්ම අගමැතිවරයා වංචාවට සම්බන්ධ බැවින් යැයි පැහැදිලිය. මේ අනුව මෙම කොමිෂමෙන් පසු චූදිතයන් අත්අඩංගුවට ගැනීම සහ මුදල් අය කර ගැනීම සිදු විය හැකි දැයි සැකයක් පවතී.
       ලංකාවට නිදහස ලැබීමටත් ප්‍රථම 1833 දී පත් කරන ලද කෝල්බෘක් කැමරන් කොමිෂන් සභාව මගින් අතීතයේදී තිබූ රාජ්‍ය ක්‍රමය සහ ඉඩම් භුක්ති ක්‍රම සියල්ල කණපිට හැරවෙන පරිදි නිර්දේශ ඉදිරිපත් කරන ලදී.ඉන්පසු  1948 දී ලංකාවට නිදහස ලබා දීමෙන් අනතුරුව පත් වූ රජයයන් විසින් විශේෂ කරුණු අරභයා පත් කරන ලද කමිටු මෙන්ම කොමිෂන් සභා ද රාශියක්ද විය.කොමිෂන් සභා ගණනින් පණහකට ආසන්න විය.කාරක සභා ද රාශියක් විය. එයින් පළමු වැන්න 1948 දී පත් කරන ලද කොඩි කාරක සභාවයි. ලංකාවට අවශ්‍ය ජාතික කොඩිය කුමක්දැයි එහිදී තීරණ කරන ලදී. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ජෝන් කොතලාවල ජේ.ආර් ජයවර්ධන ලලිත රාජපක්ෂ ටී.බී.ජයා සෙනරත් පරණවිතාන ජී.ජි. පොන්නම්බලම් සහ එස් නඩේසන් යන අය සාභාගි වූ මෙම කමිටුව මගින් සිංහල රජකීය කොඩිය විකෘති කොට පටි දෙකක් ගැසීමට නිර්දේශ කල බව 1951 දී නිකුත් කළ එම වාර්තාව කියැවූ කවුරුත් දනිති.
        මින් අනතුරුව 1958 දී පත් කල බුද්ධ ශාසන කොමිෂන් සභාව දැක්විය හැකිය.මෙම විෂයට මුලින්ම තොරතුරු පරීක්ෂණ සභාවක් පත් කරන ලද්දේ  සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසිනි.පසුව එම වාර්තාවේ නිර්දේශ තවදුරටත් විමර්ශනය කරලීම පිණිස අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක විසින් කොමිෂන් සභාවක් ද පත් කරන ලදී. එම වාර්තාව නිකුත් කරන ලද්දේ 1959 වසරේදීය.  බුද්ධ ශාසනය අරභයා නිර්දේශ රාශියක් එහි ඇතුලත් විය. එයින් ප්‍රකාශ වූ සත්‍යය ක්‍රියාවට නැගීමට බණ්ඩාරනායක රජය සහ ඉක්බිතිව පත් වූ රජයයන් කටයුතු නොකළහ. කෙසේ වෙතත් සිරිමා බණ්ඩාරනායක රජය යටතේ උඩරට ගැමි පුනරුත්ථාපන කොමිෂන් සභාව පත් කරන ලදී. එහි නිර්දේශ මත යම් කිසි ප්‍රමාණයකින් සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ක්‍රියාත්මක විය. නමුත් කෝපි වගාවට තේ වගාවට යටවූ උඩරට කඳුකරයේ ඉඩම් වලින් කොටසක් හෝ නැවත සිංහලයන්ට ලබා ගැණීමට හැකි වූයේ නුවර එළිය මහජන මන්ත්‍රීවරයාව සිටි විලියම් ප්‍රනාන්දු මහතා ගේ ඉදිරිපත් වීමෙනි.එසේම ලංකාවේ ගම් නම් පිලිබඳ සෙයා බැලීමට සිරිමා බණ්ඩාරනාය මහත්මිය යටතේ 1962 දී පත් කරන ලද කමිටුවට ඒ.එම්.එස්.පෙරේරා නන්දදේව විජේසේකර සී.ඊ.ගොඩකුඹුර  මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද එම් ශ්‍රී කාන්තා සහ පීසී.ඒ.පී. ද සිල්වා යන අය ඇතුලත් වූ අතර එයට වැඩි වශයෙන් සාක්ෂි සපයා ඇත්තේ දෙමළ මුස්ලිම් ජනතාවයි.සිංහල පිරිස සාක්ෂි සැපයීමේදී කුල පදනමින් නම් කරන ලද ගම් පමණක් වෙනස් කිරීමට ඉල්ලීම් ලැබුණ අතර මුස්ලිම් අය කම්මල්පිටිය නම් ග්‍රාමය ජෙෆ්රි ටවුන් ලෙසට නම් කිරීම සඳහා ප්‍රථම වරට අවසර ඉල්වන ලදහ. නමුත් සිංහලයන් කිසිවෙක් උතුරු නැගෙනහිර පවතින ඓතිහාසික නාමයන්හි විකෘතිය නිවරදි  කර ගැනීමට උනන්දුවක් නොදැක්වූ බව කිව යුතුය.
        1964 වර්ෂයේ දී පත් කරන ලද පෙළපත් වලට අදාල පුරවැසිකම් දීම පිළබඳ කමිටුවේ(Report of the Committee Citizenship by Descent ) සාමාජිකයන් වූයේ  ඩී.සී.ආර්. ගුණවර්ධන එම්. එස්. අලිෆ් සහ ඊ.ආර්.එස්.ආර්.කුමාරස්වාමි යන තිදෙනය. මේ යුගයේදී කොමිටි හෝ කොමිෂන් පත් කිරීමේදී සිංහල දෙමළ සහ මුස්ලිම් යන කොටස් තුනම නියෝජනය වන පරිදි සාමාජිකයන් පත් කරලීම සිදු විය. මේ කමිටුවේ නිර්දේශ මත ඉන්දීය දෙමළ පෙළපත් වලටද මරක්කල ජන කොටස් වලටද පුරවැසි කම් දීමට පමණක් නොව චන්ද බලය හිමිකර දීමටද නිර්දේශ විය. එහෙත් එම කමිටුවේ සිටි සිංහල නියෝජිතයා අතින් සිංහලයන්ට සාපේක්ෂකව කිසිම ප්‍රකාශයක් සිදුව නොමැත. පුර වැසි කම් දීමේදී විදේශිකයන් විසින් පිළිපැදිය යුතු දේශීය ආචාර ධර්ම හෝ ස්වභාවකරණයට ලක්වීමට පැනවිය යුතු නීති රීති කිසිවක් එහි අන්තර්ගත නොවුණි. එහි ප්‍රතිඵලය වූයේ වතු වගාවට ලංකාවට පැමිණි දෙමළ වතු කම්කරුවන් බහුතරයකට පුරවැසි කම් ලැබීම සහ සිංහල දේශපාලනඥයන් හට එම චන්ද වලින් බලපෑම් කිරීමට සහ කේවල් කිරීමට ඉඩ ලැබීමයි.අද පවතින උඩරට වතුකරයේ ඉන්දීය දෙමළ ප්‍රශ්ණය සහ දෙමළ දේශපාලනඥයන් ගේ නැගී ඒම සිදුව පවතින්නේ සිංහලයන් ගේ දුර්වල කමින් උපරිම ප්‍රයෝජනය ලබමිනි.
         සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ලංකාවේ මැතිවරණයන්ට අදාලව පළමු සීමා නිර්ණ කොමිෂම 1953  සිට 1968 දක්වා ක්‍රියා කළහ.ඉන් අනතුරුව දෙවනි සීමා නිර්ණ කොමිසමේ වාර්තාව 1976 දී නිකුත් විය.එහි සාමාජිකයන් වූයේ නොයෙල් තිත්තවැල්ල සුබයිර් ෆාරුක් සහ මානික්කම් සිවනාදන්ය.මෙහි නිර්දේශ අනුව ලංකාවේ පළාත් නවය තව දුරටත් මැතිවරණ කොට්ඨාශ වලට වෙන්කරන ලදහ. නමුත් ඒවා සිදු කරන ලද්දේ දෙමළ මුස්ලිම් යන දෙපිරිසට වාසි අත්වන පරිදිය.මැතිවරණ කොට්ඨාශයක ජනතාව 95000 කට සීමා කරන ලදහ. එහෙත් යාපනය හා තදාසන්න දිස්ත්‍රික්කයන්හි මැතිවරණ සිතියම සකස් කරන ලද්දේ එම නිර්ණායක පදනම් කොට නොවෙති.
       චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය කාලයේදී පත් කරන ලද බුද්ධ ශාසන කොමිෂන් වාර්තාව ද ඉතා වැදගත් ලියවිල්ලකි. එහි නිර්දේශයන්හි  පොතුවිල් මුහුදු මහා විහාරය කූරගල ආදී සිද්ධස්ථානයන් ට අත්ව ඇති ඉරණම විස්තර විය. එමෙන්ම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අරභයා රජය විසින් කළ යුතු ක්‍රියාකාරකම් රාශියක්ද නිර්දේශ විය.2008 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම සහ ඊට සමගාමී කරුණු වලට පසුබිම සකස් කරන  ලද්දේ මෙම වාර්තාව විසිනි. නමුත් සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු යයි බැනර් සහ දැන්වීම පුවරු ප්‍රදර්ශනය කිරීමට එය සීමා විය. රජ්‍ය ආයතන වල පිරිවෙන් වල කළ යුතු වැඩ වලට වඩා ගොඩනැගිලි තැනීම සීඝ්‍ර විය.
         මේ ආකාරයට කොමිෂන් සභා රාශියක් වරින් වර නොයෙකුත් කරුණු විමර්ශනය කරලීමට පත් කරන ලද අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිඡේදය ආවරණය වන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවක් ද ස්ථාපනය කරන ලදී. එම කොමිෂන් සභාවේ අරක්ගත් බහුතර පිරිස දෙමළ ජාතිවාදීන්ට හිතවත් නීතිඥයන් ගෙන් සහ සභාපති වරුන් ගෙන් සමන්විත. විය. එම කොමිෂමට නීතිමය බලයක් ලබා දෙන ලද්දේ 2016 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය. මානව හිමකම් කොමිෂන් සභාව මැතිවරණ කොමිෂන් සභාව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පොලිස් කොමිෂන් සභාව සහ සීමා නිර්ණ කොමිෂන් සභාව මෙලෙස නීතිය මගින් බලයක් පැරුණු ආයතන බවට පත් විය.
        මැතිවරණ කොමසාරිස් ජනරාල් වරයෙකු යටතේ පාලනය වූ මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂම යටතට පත් කර එහි සභාපති වරයා ලෙස හිටපු කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පත් කරන ලද්දේ යහපාලන ආණ්ඩුවයි. ඔහුගේ හැසිරීම සහ වාග් විලාෂය ජනතාවගේ කුතුහලය අවුස්සන්ක් වුවද මැතිවරණ කොමිසම  බලයට පත්ව සිටින රජයේ අතකොලුවක් ලෙස ක්‍රියා කරයි. එයට උදාහරණ රාශියක් ඉදිරිපත් කළ හැකිය.රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පවතින්නේ ජාතික සහජීවනය සංවාද සහ සහරාජ්‍ය භාෂා අමාත්‍යංශය යටතේය. එහි කාර්ය භාරයන් අතර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මූලික වෙයි. නමුත් එම ආයතනය යාපනයේ සහ මඩකලපුවේ වසන දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන මෙන්ම උඩරට වතුකරයේ ජනතාවගේ භාෂා අයිතිය ගැන වැඩ කටයුතු කිරීමට මූලකත්වය ගෙන කටයුතු කරනවා ඇරුණු කොට සිංහල භාෂාව රජ්‍ය භාෂවක් ලෙසට ශක්තිමත් කිරීමට අවස්ථාවක් නොදේ.එයට හේතුව එහි ප්‍රධාන අමාත්‍යවරයාව සිට ජාතිවාදී ලෙස කටයුතු කරන මනෝ ගනේෂන් මහතාගේ ක්‍රියාකලාපයයි.
         මෙම කොඹිෂන් සභාවන් අතර වඩාත්ම වැදගත් කොමිෂන් සභාවක් ලෙස වර්තමාන සීමා නිර්ණ කොමිෂම හඳුන්වා දිය හැකිය. එහි සභාපති වරයා වන්නේ කේ .තවලිංගම් මහතාය. දෙවැන්නා මහාචාර්ය හිස්බුල්ලා මහතාය. තෙවැන්නිය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඥාතියෙකු වන අනිලා ඩයස් බණ්ඩාරනායක මහත්මියයි. ඇය උතුර සහ නැගනහිර දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වැඩ කළ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා කාරිණයකි. තවලිංගම් මහතා මිනුම් දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලයේ ප්‍රභාකරන් හිතවාදියෙකු විය.  මහාචාර්ය හිස්බුල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිටි විශ්‍රාමික මහාචාර්ය වරයෙකි. මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමට ඔහුගෙන් දායකත්වය ලැබෙනවාට සැක නැත.දැනටමත් ඉදිරි පළාත් සභා මැතිවරණයට අදාල මැතිවරණ කොට්ඨාශ තීරණය කිරීම ඔවුන් සතු කාර්ය භාරයයි.මෙම ලේඛකයා එයට සාක්ෂි දීමට ගිය අවස්ථාවේදී එහි සාමාජිකයන් විසින් දිගින් දිගටම බාධාවන් එල්ල කරන ලදී. ඒ මගින් මගින් ගම්‍ය වන්නේ සිංහලයන් ගේ යෝජනා වලට සවන් දීමට කැමැත්තක් නොමැති බවයි. ඒ නයින් බලන කල්හි මෙ කොමිෂන් සියල්ල ක්‍රියාත්මක වන්නේ  දෙමළ  ජාතිවාදි සහ මුස්ලිම් අන්තවාදී අන්තයක සිට බව පැහැදිලිය.ඒ අතර බැඳුම් කර කොමිසමෙන් අගමැතිවරයා නිර්දෝෂ කිරීමට උත්සාහ දැරීම තුළ අපට තේරුම් යන්නේ මෙකී අන්තවාදය භාවිතා කර රට කැබලි වලට කැඩීමට අගමැතිවරයා බලයේ සිටීම අත්‍යවශ්‍ය බවයි. කොමිෂන් වාර්තාව පුස්සක් වන්නේ එම පසුබිම තුළයි.