පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, February 1, 2018

නිදහස දිනු රට මරු වාසේ - ඇඩ්වඩ් කුමරුට පරකාසේ

                         

       ලංකා රාජ්‍යය නොහොත් සිංහලේ රටවල් බ්‍රිතාන්‍ය රජුට පවරා වසර දෙසීයක් ඉක්ම ගිය වත්මන් කාලවකවානුවේ 2018 පෙබරවාර් 04  සැමරෙන්නේ සැත්තෑවන නිදහස් දිනයයි.1948 දී ලංකාවට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ප්‍රධානය කරමන් ඒ යටතේ පාලනය වීමට සීමා සහිත නිදහසක් ලැබ දෙනු ලබන්නේ තව දුරටත් ආණ්ඩුකාරවරයා හරහා බ්‍රිතාන්‍ය රැජිනට පක්ෂපාතිත්වය තබා ගනිමිනි. මේ නිසා පෙබරවාරි 04 වන දා නිදහස සැමරීම යනු බ්‍රිතාන්‍යට තිබෙන ගැතිකම් ප්‍රදර්ශනය කරමින් කරන උත්සවයකි. ඉංග්‍රීසි බසින් සර් යන්න අමතනු ලබන්නේ යටහත් භාවය දැක්වීමටයි. තමා වහලෙකු බවට දැක්වීමටයි( Slave I Remain). එලෙස 1972 වසර දක්වාම අප මෙම යටහත් බව ප්‍රදර්ශනය කරමින් තුති පුදා දක්වා ඇත. නමුත් 1972 ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කරමින් මෙම ගමන් මග වෙනස් කිරීමකට ලක් කෙරිණ. එය වත්මන් ඉතිහාසයේ සන්ධිස්ථානයක් විය.
        නිදහස යන්නෙන් ගම්‍ය වන්නේ දේශපාලනික ආර්ථික සංස්කෘතික ස්වාධීනත්වයයි.1815 වන තෙක් අප ස්වාධීන ජාතියක්ව සිටියේ යටහත් භාවයට නොපැමිණි නිසා නොව යටත් වීමට එරෙහිව දිගින් දිගටම අරගල කරමින් නිදහස දිනාගෙන ජීවත්වූ බැවිනි.අප ඉතිහාසය පුරා සටන් වලින් පිරී පැවතියේ එහෙයිනි.ඒ සටන් අතර තුර රටේ සංස්කෘතියත් ජාතියත් සතු ශක්තිය ඉඳහිට දුබල වුවත් යළිත් දිනෙන් දින වර්ධනය කර ගනිමින්  වඩා ශක්තිමත් ලෙසට අභියෝග වලට මුහුණ දීමට පන්නරය සකසා ගත් බව පෙනේ. හත් වන සියවසෙන් පසු අනුරාධපුර යුගයේ දශක කීපය තුළ රාජ්‍යත්වයත් බුද්ධ ශාසනයත් තුළ තිබූ බැඳීම නව ආරකින් වර්ධනය කරගත් අයුරු විමසීමෙන් ඒ බැව් පසක් කර ගත හැකිය. 1815 වසර වන විට අපට සිංහල රජෙක් නොසිටියහ. අඛණ්ඩ මහාවංශ රාජාවලියක් මගින් පාලනය වූ රටක් විදේශීය වඩුග රාජවංශයකට නතු වීම ස්වාධීනත්වය අහිමි වීමක් නොවුණද ක්‍රමයෙන් එතැනට ප්‍රවේශ වීමක් විය.වඩුගයන් බෞද්ධයන් නුවූහ.නමුත් වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් ගේ අවවාද අනුශාසනා පරිදි බුදු සසුන ආරක්ෂා කිරීමට කටයුතු කළහ. එහෙත් දළදා වහන්සේ රැකගත් දන්ත හේමමාලා පරපුර වඩුගයන් විසින් එම තනතුරු වලින් පහත හෙලූහ.එම නිසා රටට ලැබූ ආශීර්වාදය ක්‍රමයෙන් හීනව ගියේය.නාථ දෙවියන්ට දළදා වහන්සේට තිබූ ගෞරවය පිටියේ දෙවියන්ට හිමි විය.රදළ වරු තනතුරු වලට කුළල් කා ගැනීම නිසා විදෙස් ඔත්තු කරුවන්ට රජවාසලට ඇතුල් වීමට ඉඩ ප්‍රස්ථා ලැබුණි. සිංහලත්වය ආරක්ෂා කර ගැනීමට  පෙළ ගැසුණ වුන් රජුට විරුද්ධව විදෙස් පිළ ගැනීම නිසා මෙතෙක් උඩරටට ඇතුළු වීමට සතුරන්ට තිබූ බාධක ඉවත් විය. මෙම සිද්දිය 2015 වසරට ද ආදේශ ආදේශ කළ හැකි යයි සිතේ.
           ඉංග්‍රීසීන්ට රට භාර දෙන ලද්දේ ගිවිසුමකිනි.ශ්‍රී වික්‍රම රජුගේ තාඩන පීඩන නිසා ඝාතනයට ලක් වූ රදළයන් සියලු දෙන මෙම ගිවිසුමට අත්සන් කළහ.එංගලන්තයේ මහරජු බුදුසසුනත් චාරිත්‍ර වාරිත්‍රත් රැක ගනිවී යැයි ඔවුන් කල්පනා කළහ.ඉංග්‍රීසීන් ගේ න්‍යයා පත්‍රය එලෙස නොවීය.ඔවුහු සිංහල රදළ වරුන් රවටා තමන් ගේ ගමන ආරම්භ කළහ.මේ වන විට එංගලන්ත ඉතිහාසය කාර්මික විප්ලවයෙන් පෝෂණය වෙමින් තිබිණ. ඒ නිසා එලෙසම මේ රටද වෙනස් කිරීම ඔවුන්ට අවශ්‍ය විය. මේ ප්‍රතිසංස්කරණ නිසා කෝපයට පත් රදළයන් 1816 පමණ සිට ඉංග්‍රීසීන් ගෙන නැවත රට ලබ ගැනීම උදෙසා තැන තැන සංවිධානය වූහ. එහි අවසාන ප්‍රතිඵලය නම් වෙල්ලස්සෙන් ඇරඹුණු විමුක්ති අරගලයයි. මේ සටන පරාජය කිරීම ඉංග්‍රීසීන්ට ලෙහෙස පහසු නොවීය. ඉංග්‍රීසීන් සමග සිටි කැප්පෙටිපොළ දිශාව කැරලි කරුවන්ට එකතු වීම නිසා තවත් එය අසීරු විය. අවසානයේ පිළිගත හැකි සිංහල රජෙකු නොමැතිව සටනට නායකත්වය ගත් සිංහල සේනා පරාජය කරන ලද්දේ ඉංග්‍රීසීන් විසින් බරපතල අපරාධ රැසක් කරමිනි. වෙල්ලස්ස ගිනි තැබීම ගව මහිෂාධීන් මැරීම . එම ගව කුණු ළිං වලට දැමීම.ආදීවූ අපරාධ නිසා සාගතයෙන් පීඩාවට පත් සිංහල හමුදාව සහ නායකයන් අත්අඩංගුවට පත් විය.වෙළෙදාමේ ගිය හම්බයකුගේ ඔත්තුවක් නිසා පරවහගම වලව්වේදී අත්අඩංගුවට පත් කැප්පෙටිපොළ පසුව හිස ගසා දමනු ලැබීය. අනෙක් කැරලි කරුවන් මුරිසියට පිටිවහල් කළහ.
     1818 සිට 2018 දක්වා වසර දෙසීය  දෙස පරීක්ෂා කාරී ලෙස බලන කල්හි. ජාතියක් වශයෙන් සිංහලත්වය ආරක්ෂා කර ගැනීමට ජාතික ව්‍යාපාරයන් ආරම්භ කළද ඒවා වැඩිදුර ඵලවත් නොවීය.ඉංග්‍රීසීන් ගේ වේගවත් ප්‍රතිසංස්කරණ තුළ දුර්වල සිටි පිරිසකට ශක්තිමත්ව එදිරිව ගමනක් නොවීය. ශ්‍රීමත් අනගාරික ධර්මපාල වැනි ජාති හිතෛෂීන් විසින් මේ තත්ත්වය වරින් වර මතක් කර පෙන්වුවද ජනතාව ඔවුන් ගත් මග ගමන් කිරීමට මැළි කමක් දක්වා ඇත.සිය බස සිය දහම සිය දේශය යන හැඟුමට වඩා පර බස පර දේශය යන හැඟුම පෙර දැරිව අප කටයුතු කර තිබේ. එයට හේතුව ඉංග්‍රීසීන් ක්‍රමානුකූලව රටේ අධ්‍යපානය මගින් පාලන ප්‍රතිසංස්කරණ මගින් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් ජන මනස වෙනස් කිරීමයි.ලංකාව පළාත් සහ දිස්ත්‍රික්කයන්ට බෙදා දක්වා මුස්ලිම් සහ දෙමළ ජන වාර්ගිකයන්ට වැඩි තැනක් ලබා දීමෙන් ඉංග්‍රීසීන් බලාපොරොත්තු වන්නට අත්තේ සිංහලයන්  ගේ නැගිටීම් වළක්වාල ලීමටයි.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් පත් කරන ලද කොමිටියක් මගින් 1848 ජනතා නැගිටීමට හේතු කාරණා විමසුමකට ලක් කල අවස්ථාවේ මේ පළාත් බෙදීම ගැන සඳහන් ප්‍රකාශයක් මගින් අර්ථ ගැන්වෙන්නේ ඒ තත්ත්වයයි.මේ ප්‍රකාශය ලබා දී ඇත්තේබස්නාහිර පළාත් ඒජන්ත පී.ඊ. වුඩ්හවුස් මහතා විසිනි.
      පළාත් කියන වචනය කොයිතරම් නොපැහැදිලි ලෙස භාවිතා කළා දැයි කිවහොත් කන්ද උඩරට පළාත්  වලට ඇතුලත් වන ප්‍රදේශ මොනවාද නැතිනම් දැන් මධ්‍යම පළාත කියන්නේ කොහොටද එසේත් නැතිනම් මේ කලබල තිබුණේ කොහේද කියා මේ කාරක සභාව හරියට දන්නවා ඇතැයි මමහිතන්නේ නැහැ.අප විසින් 1815 දී අත්පත් කරගන්නා ලද්දේ ඒ කන්ද උඩරට පළාතුයි.මේ පළාත් උතුරෙන් අනුරාධපුරය යනුවෙන් හැඳින්වෙන ස්ථානයෙන් එහාටත් දකුනෙන් බදුල්ලෙන් එහාටත් බස්නාහිරෙන් අවිස්සාවේල සිටත් නැගෙනහිරෙන් බදුල්ලෙන් එහාටත් පැතිරී යනව. 1833 දී ප්‍රධාන සාමාජිකයා වශයෙන් ශ්‍රීමත් විලියම් කෝලබෘක් සමග ලංකාවට පරීක්ෂණ කොමිෂන් සභාවක් එවනු ලැබීමෙන් පසුව කන්ද උඩරට පළාත් වෙනම ජාතියක් වශයෙන් බෙදා වෙන් කිරීම යෝග්‍ය බව මහ ආණ්ඩුව තීරණය කලා. ඒ නිසා ඔවුන් මුළු දිවයිනම පළාත් පහකට බෙදුවා. මුහුදු බඩ පළාත් සහ කන්ද උඩරට පළාත් විශාල පළාත් පහකට වෙන් කොට එක් එක් පළාතට  කන්ද උඩරට පළාත් වලින් කොටස බැගින් යා කලා.
         මේ පළාත් බෙදීම නිසා සිංහලයන් දුර්වල වූ බව අමතුවෙන් කිව යුතු නැත. පසුව මෙය පළාත් නවයකට බෙදුවා . උතුර සහ නැගෙනහිර යනුවෙන්  පළාත් වෙන්වන්නේ මේ බෙදීම් නිසයි.අද ඒවා ඊාලාම් සිතියමට ඇතුලත් වෙලා. සිංහලයන් නැවත නැගිටි සෑම අවස්ථාවකදීම නිහීන ලෙසට  මර්දනය කිරීමට උපයෝගී කරගත්තේ මේ බෙදීම සහ වාර්ගික පාලනයයි. සිංහලයන් ගේ අභිමානය රැකී තිබුණේ අංගම් ඉළන්ගම් සටන් සම්ප්‍රාදය තුළයි. එය තහනම් කල ඉංග්‍රීසීහු ඒ වෙනුවට බාලදක්ෂ ව්‍යාපාරය එතැනට ආදේශ කළහ. සිංහලයාගේ නිරෝගී කම රැඳී තිබුණේ සිංහල වෙදකම සතු සෞඛ්‍ය සංරක්ෂණ විධි හේතුවෙනි. සිංහල වෛද්‍ය වරයා සතු ශක්තිය මොට කර දැමනු ලැබූවේ කංසා වැනි පැලෑටි වැවීම තහනම් කරමිනි. අදටත් අවසරයක් නොමැතිව කංසා වවන ගොවීන් ගේ හේන් ගිනි තබනු ලැබේ.
         ඉංග්‍රීසීන් ගේ පොලිසිය සිංහලයන්ට තාඩන පීඩන එල්ල කළහ. 1915 වසරේ ඇතිවූ කෝලාහල සමයේදී නීති විරෝධී අත්අඩංගුවට ගැනීම ඝාතනයන්  රැසක් වාර්ත විය. මේ ඩවුබිගින් ගේ පොලිසීයේ ක්‍රියාදාමයයි. අදටත් එම පොලිස් සංස්කෘතිය වෙනස්ව නොමැත. ඔවුහු හරක් මස් වලට දැඩි ලෙස ගිජුව සිටිති. නගරයක හරක් මස කඩයකින් වැඩිම සන්තෝෂම් ප්‍රමාණයක් ලැබෙන්නේ පොලිසියටයි. මේ අල්ලස නිසා හරක් හොරකම සීඝ්‍රයෙන් වැඩිවී තිබේ. සිංහල ගොවියාට සත්ත්ව පාලනය කිරීමට අවස්ථාවක් නැතිවී තිබේ. මුස්ලිම් ජන වර්ගයන්ට හිමිවූ විශේෂ තැන නිසා අද ඔවුන් සිය බලය යොදමින් සිංහල දේශපාලනඥයන්ට කේවල් කරමින් සිටී. නීති විරෝධීව මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් ඉන් ලැබෙන මුදල් අල්ලසට යොදවමින් පාලකයන් පාලනය කරති. මෑතකදී විල්පත්තුව කැපීමේ සිද්දිය තුළ අපට දකින්ට ලැබුණේ එම ඛේදවාචකයයි. මුස්ලිම් ජන ප්‍රතිශතය ඉහළ යවමින් සිංහලයන් වඳ භාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයට සෞඛ්‍ය අංශද දායක වී ඇත.
        ඇඩ්වඩ් කුමරු ලංකාවට පැමිණෙන්නේ මෙවැනි කාලවකවානුවකයි.  මෙම නිදහස් දිනය  එක රටක් යන තේමාවෙන් හැඩගැන්වී  තිබේ. එක රටක් එක නීතියක් තිබෙන්නේ නම් කවුරුත් සතුටට පත් වනු ඇත. එහෙත් ලංකාව අද කැබලි වලට කැඩීමට නියමිත රාජ්‍යයකි. පැවති මහින්ද රජපක්ෂ රජය විසින් ඊලාම් අරමුණු කරගෙන ගිය කුරිරු යුද්ධය නවතනු ලැබීය. රටට සාමය උදාවුණි. මෙයට ඊර්ශ්‍යා කළ වත්මන් නායකයන් විදෙස් නියෝජිතයන්ට ගතු කීහ. 40000 ක් දෙමළ ජනතාව සමූලඝතනයට ලක් වී යැයි බොරු කීහ.( අද මේ අය බැඳුම්කරේ වංචව ගැන බබා රැඟුම් පායි.)මෙම කරුණු නිසා අද අප රටට යුධ අපරාධ චෝදනා එල්ල වී ඇත. ජනතාව බියෙන් සිටිති. යළිත් යුද්දයක් එසේත් නැතිනම් විදෙස් මැදිහත් වීමක් සිදු වේ යැය බියෙන් සිටිති. ඒ අතර රටේ සම්පත් කුණු කොල්ලයට විදේශිකයන්ට විකුණමින් සිටී. රටේ සංස්කෘතික කාරණා එකින් එක විසිරුවා හරිමින් සිටී. මේවා කරන්නේ චේතනාන්විතව බව අප වරක් නොව කීප වරක් ප්‍රකශ කර සිටියෙමු. බලය බලය උදෙසා මිස රටේ සුභ සිද්දීය සඳහා නොවන බව චම්පික රණවකෙ ඇමතිතුමා පවා ඔප්පු කර තිබේ. එවැනි විටක ජනතාව නිදහස ගැන සිතන්නේ කුමන ආකාරයටද මරුවා සමග වාසේ සිටින ඔවුනට පක්ෂ දේශපාලනය එපා වී ඇත. එහෙත් රටේ නායකයන් ඇඩ්වඩ් වැනි විදෙස් හාම්පුතුන් ගෙන්වා ගනිමින් තමන් ගේ වහල් භාවය ප්‍රදර්ශණය කරමින් ප්‍රකාශ කරමින් සිටී. සිංහල ජාතියේ නිදහස රැඳී තිබෙන්නේ දළදා වහන්සේ මූලික කරගත් මහා සම්මත දේශපාලන ක්‍රමයක් තුළ පමණි. එම ක්‍රමය නැවත ප්‍රතිෂ්ඨාපනයට දැන් කාලයයි.


No comments:

Post a Comment