මහ බැංකුවේ භාණ්ඩාගාර
බිල්පත් අරභයා කරන ලද වංචා සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව දැන්
නිකුත්ව ඇත.එහි අන්තර්ගතය තුළින් පැහැදිලි වන්නේ විශාල වංචාවක් සිදුව පවතින බවයි. නමුත් මෙම කරුණු සම්බන්ධයෙන්
ජනාධිපතිවරාය කළ ප්‍රකාශයේ පරමාර්ථය වී තිබුණේ මෙම වංචාවට අගමැතිවරයා ගේ සම්බන්ධයක් නොමැති බව
දැක්වීමටයි.2016 දී මෙම වංචාව ගැන රැස්කළ කෝප් කමිටු වාර්තාව නිකුත් වීමට තිබියදී
ද ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැර අගමැතිවරයා එම චෝදනාවෙන් ගලවා ගත්
ආකාරය කවුරුත් දනී. එම කරුණු ඔහු විසින් ඊට පසු මාධ්‍ය වලටද ප්‍රකාශ කොට තිබුණි .මේ
වන විට පාර්ලිමේන්තුවට පවා මෙම වාර්තාව ඉදිරිපත් නොකර මගහරිනු ලබන්නේ සත්‍ය
වශයෙන්ම අගමැතිවරයා වංචාවට සම්බන්ධ බැවින් යැයි පැහැදිලිය. මේ අනුව මෙම කොමිෂමෙන්
පසු චූදිතයන් අත්අඩංගුවට ගැනීම සහ මුදල් අය කර ගැනීම සිදු විය හැකි දැයි සැකයක්
පවතී.
ලංකාවට නිදහස ලැබීමටත් ප්‍රථම 1833 දී පත්
කරන ලද කෝල්බෘක් කැමරන් කොමිෂන් සභාව මගින් අතීතයේදී තිබූ රාජ්‍ය ක්‍රමය සහ ඉඩම්
භුක්ති ක්‍රම සියල්ල කණපිට හැරවෙන පරිදි නිර්දේශ ඉදිරිපත් කරන ලදී.ඉන්පසු 1948 දී ලංකාවට නිදහස ලබා දීමෙන් අනතුරුව පත්
වූ රජයයන් විසින් විශේෂ කරුණු අරභයා පත් කරන ලද කමිටු මෙන්ම කොමිෂන් සභා ද රාශියක්ද
විය.කොමිෂන් සභා ගණනින් පණහකට ආසන්න විය.කාරක සභා ද රාශියක් විය. එයින් පළමු වැන්න
1948 දී පත් කරන ලද කොඩි කාරක සභාවයි. ලංකාවට අවශ්‍ය ජාතික කොඩිය කුමක්දැයි එහිදී
තීරණ කරන ලදී. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ජෝන් කොතලාවල ජේ.ආර් ජයවර්ධන ලලිත
රාජපක්ෂ ටී.බී.ජයා සෙනරත් පරණවිතාන ජී.ජි. පොන්නම්බලම් සහ එස් නඩේසන් යන අය සාභාගි
වූ මෙම කමිටුව මගින් සිංහල රජකීය කොඩිය විකෘති කොට පටි දෙකක් ගැසීමට නිර්දේශ කල බව
1951 දී නිකුත් කළ එම වාර්තාව කියැවූ කවුරුත් දනිති.
මින් අනතුරුව 1958 දී පත් කල බුද්ධ ශාසන
කොමිෂන් සභාව දැක්විය හැකිය.මෙම විෂයට මුලින්ම තොරතුරු පරීක්ෂණ සභාවක් පත් කරන
ලද්දේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසිනි.පසුව
එම වාර්තාවේ නිර්දේශ තවදුරටත් විමර්ශනය කරලීම පිණිස අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක
විසින් කොමිෂන් සභාවක් ද පත් කරන ලදී. එම වාර්තාව නිකුත් කරන ලද්දේ 1959 වසරේදීය. බුද්ධ ශාසනය අරභයා නිර්දේශ රාශියක් එහි ඇතුලත්
විය. එයින් ප්‍රකාශ වූ සත්‍යය ක්‍රියාවට නැගීමට බණ්ඩාරනායක රජය සහ ඉක්බිතිව පත් වූ
රජයයන් කටයුතු නොකළහ. කෙසේ වෙතත් සිරිමා බණ්ඩාරනායක රජය යටතේ උඩරට ගැමි
පුනරුත්ථාපන කොමිෂන් සභාව පත් කරන ලදී. එහි නිර්දේශ මත යම් කිසි ප්‍රමාණයකින්
සිරිමා ශාස්ත්‍රී ගිවිසුම ක්‍රියාත්මක විය. නමුත් කෝපි වගාවට තේ වගාවට යටවූ උඩරට
කඳුකරයේ ඉඩම් වලින් කොටසක් හෝ නැවත සිංහලයන්ට ලබා ගැණීමට හැකි වූයේ නුවර එළිය මහජන
මන්ත්‍රීවරයාව සිටි විලියම් ප්‍රනාන්දු මහතා ගේ ඉදිරිපත් වීමෙනි.එසේම ලංකාවේ ගම්
නම් පිලිබඳ සෙයා බැලීමට සිරිමා බණ්ඩාරනාය මහත්මිය යටතේ 1962 දී පත් කරන ලද කමිටුවට
ඒ.එම්.එස්.පෙරේරා නන්දදේව විජේසේකර සී.ඊ.ගොඩකුඹුර මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද එම් ශ්‍රී කාන්තා
සහ පීසී.ඒ.පී. ද සිල්වා යන අය ඇතුලත් වූ අතර එයට වැඩි වශයෙන් සාක්ෂි සපයා ඇත්තේ
දෙමළ මුස්ලිම් ජනතාවයි.සිංහල පිරිස සාක්ෂි සැපයීමේදී කුල පදනමින් නම් කරන ලද ගම්
පමණක් වෙනස් කිරීමට ඉල්ලීම් ලැබුණ අතර මුස්ලිම් අය කම්මල්පිටිය නම් ග්‍රාමය ජෙෆ්රි
ටවුන් ලෙසට නම් කිරීම සඳහා ප්‍රථම වරට අවසර ඉල්වන ලදහ. නමුත් සිංහලයන් කිසිවෙක්
උතුරු නැගෙනහිර පවතින ඓතිහාසික නාමයන්හි විකෘතිය නිවරදි කර ගැනීමට උනන්දුවක් නොදැක්වූ බව කිව යුතුය.
1964
වර්ෂයේ දී පත් කරන ලද පෙළපත් වලට අදාල පුරවැසිකම් දීම පිළබඳ කමිටුවේ(Report
of the Committee Citizenship by Descent )
සාමාජිකයන් වූයේ ඩී.සී.ආර්. ගුණවර්ධන එම්.
එස්. අලිෆ් සහ ඊ.ආර්.එස්.ආර්.කුමාරස්වාමි යන තිදෙනය. මේ යුගයේදී කොමිටි හෝ කොමිෂන්
පත් කිරීමේදී සිංහල දෙමළ සහ මුස්ලිම් යන කොටස් තුනම නියෝජනය වන පරිදි සාමාජිකයන්
පත් කරලීම සිදු විය. මේ කමිටුවේ නිර්දේශ මත ඉන්දීය දෙමළ පෙළපත් වලටද මරක්කල ජන
කොටස් වලටද පුරවැසි කම් දීමට පමණක් නොව චන්ද බලය හිමිකර දීමටද නිර්දේශ විය. එහෙත්
එම කමිටුවේ සිටි සිංහල නියෝජිතයා අතින් සිංහලයන්ට සාපේක්ෂකව කිසිම ප්‍රකාශයක්
සිදුව නොමැත. පුර වැසි කම් දීමේදී විදේශිකයන් විසින් පිළිපැදිය යුතු දේශීය ආචාර
ධර්ම හෝ ස්වභාවකරණයට ලක්වීමට පැනවිය යුතු නීති රීති කිසිවක් එහි අන්තර්ගත නොවුණි.
එහි ප්‍රතිඵලය වූයේ වතු වගාවට ලංකාවට පැමිණි දෙමළ වතු කම්කරුවන් බහුතරයකට පුරවැසි
කම් ලැබීම සහ සිංහල දේශපාලනඥයන් හට එම චන්ද වලින් බලපෑම් කිරීමට සහ කේවල් කිරීමට
ඉඩ ලැබීමයි.අද පවතින උඩරට වතුකරයේ ඉන්දීය දෙමළ ප්‍රශ්ණය සහ දෙමළ දේශපාලනඥයන් ගේ
නැගී ඒම සිදුව පවතින්නේ සිංහලයන් ගේ දුර්වල කමින් උපරිම ප්‍රයෝජනය ලබමිනි.
සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ලංකාවේ
මැතිවරණයන්ට අදාලව පළමු සීමා නිර්ණ කොමිෂම 1953
සිට 1968 දක්වා ක්‍රියා කළහ.ඉන් අනතුරුව දෙවනි සීමා නිර්ණ කොමිසමේ වාර්තාව
1976 දී නිකුත් විය.එහි සාමාජිකයන් වූයේ නොයෙල් තිත්තවැල්ල සුබයිර් ෆාරුක් සහ
මානික්කම් සිවනාදන්ය.මෙහි නිර්දේශ අනුව ලංකාවේ පළාත් නවය තව දුරටත් මැතිවරණ
කොට්ඨාශ වලට වෙන්කරන ලදහ. නමුත් ඒවා සිදු කරන ලද්දේ දෙමළ මුස්ලිම් යන දෙපිරිසට
වාසි අත්වන පරිදිය.මැතිවරණ කොට්ඨාශයක ජනතාව 95000 කට සීමා කරන ලදහ. එහෙත් යාපනය හා
තදාසන්න දිස්ත්‍රික්කයන්හි මැතිවරණ සිතියම සකස් කරන ලද්දේ එම නිර්ණායක පදනම් කොට
නොවෙති.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය
කාලයේදී පත් කරන ලද බුද්ධ ශාසන කොමිෂන් වාර්තාව ද ඉතා වැදගත් ලියවිල්ලකි. එහි නිර්දේශයන්හි පොතුවිල් මුහුදු මහා විහාරය කූරගල ආදී සිද්ධස්ථානයන්
ට අත්ව ඇති ඉරණම විස්තර විය. එමෙන්ම බුද්ධ ශාසනයේ චිරස්ථිතිය අරභයා රජය විසින් කළ
යුතු ක්‍රියාකාරකම් රාශියක්ද නිර්දේශ විය.2008 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම සහ ඊට
සමගාමී කරුණු වලට පසුබිම සකස් කරන ලද්දේ
මෙම වාර්තාව විසිනි. නමුත් සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු යයි බැනර්
සහ දැන්වීම පුවරු ප්‍රදර්ශනය කිරීමට එය සීමා විය. රජ්‍ය ආයතන වල පිරිවෙන් වල කළ
යුතු වැඩ වලට වඩා ගොඩනැගිලි තැනීම සීඝ්‍ර විය.
මේ ආකාරයට කොමිෂන් සභා රාශියක් වරින් වර
නොයෙකුත් කරුණු විමර්ශනය කරලීමට පත් කරන ලද අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික
අයිතිවාසිකම් පරිඡේදය ආවරණය වන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවක් ද ස්ථාපනය කරන
ලදී. එම කොමිෂන් සභාවේ අරක්ගත් බහුතර පිරිස දෙමළ ජාතිවාදීන්ට හිතවත් නීතිඥයන් ගෙන්
සහ සභාපති වරුන් ගෙන් සමන්විත. විය. එම කොමිෂමට නීතිමය බලයක් ලබා දෙන ලද්දේ 2016 දී
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය. මානව හිමකම් කොමිෂන් සභාව මැතිවරණ කොමිෂන්
සභාව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පොලිස්
කොමිෂන් සභාව සහ සීමා නිර්ණ කොමිෂන් සභාව මෙලෙස නීතිය මගින් බලයක් පැරුණු ආයතන බවට
පත් විය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් වරයෙකු යටතේ
පාලනය වූ මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂම යටතට පත් කර එහි සභාපති වරයා ලෙස
හිටපු කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පත් කරන ලද්දේ යහපාලන ආණ්ඩුවයි. ඔහුගේ
හැසිරීම සහ වාග් විලාෂය ජනතාවගේ කුතුහලය අවුස්සන්ක් වුවද මැතිවරණ කොමිසම බලයට පත්ව සිටින රජයේ අතකොලුවක් ලෙස ක්‍රියා
කරයි. එයට උදාහරණ රාශියක් ඉදිරිපත් කළ හැකිය.රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පවතින්නේ
ජාතික සහජීවනය සංවාද සහ සහරාජ්‍ය භාෂා අමාත්‍යංශය යටතේය. එහි කාර්ය භාරයන් අතර
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මූලික වෙයි. නමුත් එම ආයතනය යාපනයේ සහ
මඩකලපුවේ වසන දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන මෙන්ම උඩරට වතුකරයේ ජනතාවගේ භාෂා අයිතිය
ගැන වැඩ කටයුතු කිරීමට මූලකත්වය ගෙන කටයුතු කරනවා ඇරුණු කොට සිංහල භාෂාව රජ්‍ය
භාෂවක් ලෙසට ශක්තිමත් කිරීමට අවස්ථාවක් නොදේ.එයට හේතුව එහි ප්‍රධාන අමාත්‍යවරයාව
සිට ජාතිවාදී ලෙස කටයුතු කරන මනෝ ගනේෂන් මහතාගේ ක්‍රියාකලාපයයි.
මෙම කොඹිෂන් සභාවන් අතර වඩාත්ම වැදගත්
කොමිෂන් සභාවක් ලෙස වර්තමාන සීමා නිර්ණ කොමිෂම හඳුන්වා දිය හැකිය. එහි සභාපති වරයා
වන්නේ කේ .තවලිංගම් මහතාය. දෙවැන්නා මහාචාර්ය හිස්බුල්ලා මහතාය. තෙවැන්නිය රනිල්
වික්‍රමසිංහ මහතා ගේ ඥාතියෙකු වන අනිලා ඩයස් බණ්ඩාරනායක මහත්මියයි. ඇය උතුර සහ
නැගනහිර දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වැඩ කළ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා
කාරිණයකි. තවලිංගම් මහතා මිනුම් දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලයේ ප්‍රභාකරන්
හිතවාදියෙකු විය. මහාචාර්ය හිස්බුල්ලා
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිටි විශ්‍රාමික මහාචාර්ය වරයෙකි. මුස්ලිම් අන්තවාදය
පෝෂණය කිරීමට ඔහුගෙන් දායකත්වය ලැබෙනවාට සැක නැත.දැනටමත් ඉදිරි පළාත් සභා
මැතිවරණයට අදාල මැතිවරණ කොට්ඨාශ තීරණය කිරීම ඔවුන් සතු කාර්ය භාරයයි.මෙම ලේඛකයා
එයට සාක්ෂි දීමට ගිය අවස්ථාවේදී එහි සාමාජිකයන් විසින් දිගින් දිගටම බාධාවන් එල්ල
කරන ලදී. ඒ මගින් මගින් ගම්‍ය වන්නේ සිංහලයන් ගේ යෝජනා වලට සවන් දීමට කැමැත්තක්
නොමැති බවයි. ඒ නයින් බලන කල්හි මෙ කොමිෂන් සියල්ල ක්‍රියාත්මක වන්නේ දෙමළ
ජාතිවාදි සහ මුස්ලිම් අන්තවාදී අන්තයක සිට බව පැහැදිලිය.ඒ අතර බැඳුම් කර
කොමිසමෙන් අගමැතිවරයා නිර්දෝෂ කිරීමට උත්සාහ දැරීම තුළ අපට තේරුම් යන්නේ මෙකී
අන්තවාදය භාවිතා කර රට කැබලි වලට කැඩීමට අගමැතිවරයා බලයේ සිටීම අත්‍යවශ්‍ය බවයි.
කොමිෂන් වාර්තාව පුස්සක් වන්නේ එම පසුබිම තුළයි.
No comments:
Post a Comment