එළඹෙන වසරේ සිට පාසලේ හය වසරේ සිට සර්ව
ආගමික මොඩියුලයක් ක්‍රියාත්මක කරන බවට අගමැතිනිය ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර ඇත.
එනම් සෑම දරුවෙකුටම සියළුම ආගම් පිළිබඳ උගැන්වීමක් ලබා දීමයි.මෙය මහ බරපතල ප්‍රකාශයකි.
ලන්දේසි පල්ලිකුඩම් අධ්‍යාපන ක්‍රමයත් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා සහ
ට්විස්ල්ටන් පූජක තුමාගේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයත් ආදර්ශයට ගෙන උඩටගත්
සැලසුම්සහගත න්‍යාය පත්‍රයකි.
පරංගි
අධිපත්‍ය යටතේ ලංකාවේ මුහුදු බඩ පළාත් විදේශ පාලනයට නතු වූ පසු එම පෙදෙස්වල තිබූ පන්සල් අධ්‍යාපන ආයතන
අභාවයට පත් විය. කෝට්ටේ නැතක් පිරිමින් ද ගැහැණුන්ද ක්‍රිස්තියානිය වැළඳ ගැනීම
නිසා ඔවුන්ගේ ඉදිරි පරම්පරාවට බයිබලය අනිවාර්ය විය. පරංගින්ගෙන් බලය උදුරාගත් ලන්දේසීන් ගේ රෙපරමාදු අධ්‍යාපන ප්‍රතිපත්තිය
අනුව පල්ලි කුඩම් නමින් හඳුන්වන පාසල් රැසක් බිහි විය. ඒවායේ විවාහ උප්පැන්න මරණ
ලියාපදිංචි කරන ලදහ.ළමුන්ට ආගමික අධ්‍යාපනය ලබාදෙන ලදී.බ්‍රිතාන්‍ය පාලන සමය එළඹෙන
තෙක් මේ පාසල් විසින් සමාජය හසුරුවනු ලැබූහ. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින්
වෙස්ලියන් ,බැප්ටිස් සහ ඇන්ග්ලිකන් මිෂනාරීන්ට
ආගම පතුරුවා හැරීම පිණිස අවස්ථාව ලබා දෙනු ලැබූ අතර ඒ අනුව පල්ලි පාසල් කොළඹ යාපනේ
ඇතූලු බොහෝ ප්‍රදේශ වල ආරම්භ විය.නමුත්
දොඩන්දූවේ පියරත්න තිස්ස නා හිමියන් ගේ ආරාධානයෙන් කර්නල් ඔල්කට් තුමාගේ සම්ප්‍රාප්තියත්
සමග නැවත බෞද්ධ පාසල් පුනර්ජීවනයක් ඇති විය. ඒ නිසා මිෂනාරි අධ්‍යාපනය විසින්
බලාපොරොත්තුවන ලද අරමුණ සාර්ථකව ඉටු කරගනු නෙහැකි විය. අනතුරුව 1945 න් පසු ලංකාවේ
නිදහස් අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමග සංවර්ධනය වූ සියලුම බෞද්ධ පාසල් ජාතික පාසල් පද්ධතියට ඇතුළත් වීමෙන් ඇතිවූ ප්‍රගමනය කවුරුත් අත් විඳින්නට ඇති බව නිසැකය.1962
දී බෞද්ධ පාසල් සහ මිෂනාරි පාසල් රජයට පවරා ගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ පාසල් ක්‍රමයක්
රට තුළ ක්‍රියාත්මක විය.මේ ඒකාබද්ධ පාසල් පද්ධතිය නැවත මිෂනාරි ග්‍රහණයට ගැනීම
පිණිස මේ වන තුරුත් දරණ උත්සාහයන් රැසක් ඇත.වර්තමානයේ සිදු වන්නේ එයට ක්‍රමානුකූලව
රාජ්‍ය අනුග්‍රහය හිමි වීමයි.
දහඅට
වන සියවසේ සහ දහනව වන සියවසේ මිෂනාරි ක්‍රමය විසින් දැඩි ලෙස බෞද්ධ ඉගැන්වීම් වලට
සහ සංස්කෘතියට පහර දෙනු ලැබූහ. පානදුරාවාදය අවස්ථාවේ දී පූජ්‍ය මිගෙට්ටුවත්තේ
ගුණානන්ද හිමියන් විසින් මතවාදීව පරාජයට පත් කරන ලද්දේ ඒ මිෂනාරි වෑයමයි. ලංකාවේ
පවතින බෞද්ධ සංස්කෘතිය නිදහස් මතධාරී ආර්ථික ක්‍රියාකාරම් වලට බලවත් බාධාවකි. සාර්
ධර්ම මත සීමාවන් තබාගෙන මිනුම් දඬු තබාගෙන සිටින සමාප්‍රදායික ජනතාව ඉන් නිදහස් කර ගැනීම මේ නව මිෂනාරීන් ගේ
අරමුණයි. ජාතික අභිමානය ,ජාතික සිරිත් විරිත් තව දුරටත් පවත්වන්නට ඉඩ දීමෙන් ඒ න්‍යාය
පත්‍රය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරගනු නොහැකිය. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසස්කරණ
මුවාවෙන් ඒ සැලසුම දැන් උඩට ගෙන තිබේ.
කොරියාව
බෞද්ධ රටකි. අසූව දශකයේ දී ඇති කරන ලද ප්‍රතිසංස්කරණ වලින් පසුව අද එහි බෞද්ධ
ජනගහනය සියයට විසිහතකි.කොරියාවේ බහුතරයක් තරුණ තරුණියන් ආගමක් නැති ලෙසට
හැසිරෙති.එවිට ආර්ථීක හයියක් තිබෙන ආගමික සංස්ථාවන්හි ජනප්‍රිය උපක්‍රමයන් මගින්
විශේෂයෙන්ම නවීන සන්නිවේදන උපක්‍රමයන් මගින් ඒ නිරාගමික කොටස් තමන් වෙත ආකර්ශණය කර
ගනිති.කොරියාවේ බෞද්ධ නොවන ජනගහනය වැඩිවී ඇත්තේ ඒ ක්‍රමයෙනි.
ලංකාවේ
බෞද්ධ ජනතාවට ද මේ ඉරණම අත් කර දීමට පළමු බෙදීම් ඇති කළ යුතුය. සිද්ධාර්ථ
ගෞතමයන්ගේ උප්පත්තිය ලංකාවේ දී සිදු වී යැයි පවසන අමු කෙප්පය ඇත්තක් ලෙසට ප්‍රවර්ධන
කරනු ලැබීමෙන් මේ බෙදීම ඇති කර තිබේ. අනෙක ධර්ම විකෘතියයි.ඒ සංකල්ප මත ඇති වූ ව්‍යාප්තිය
වසංගතයක් මෙන් ඔඩු දුවා ඇත. ඒ මත දරණ වෙනම නිකායක් බිහි කිරීම
ද ආරම්භ කර තිබේ.ඉතින් බෞද්ධ සමාජය දෙකඩ කිරීම මගින් ශක්තිමත් සම්ප්‍රදයක් දුර්වල කර
තිබේ.වර්තමාන ආණ්ඩුව තුළ සිටින ප්‍රබලතම චරිතයක් වන්නේ අගමැතිනියයි. ඇයට අධ්‍යාපනය
භාර දී තිබේ.කන්නන්ගර ශ්‍රී මතාණන් විසින් ආරම්භ කරන ලද නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයේ
පවතින වර්තමාන වීකෘතිය මත අඩුපාඩු රැසක් ඇති බව සැබෑය. එහෙත් රටට ගැලපෙන අධ්‍යාපන
ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කරගත හැකි වන්නේ නවසිය තිස් ගණන් වල දැමූ පදනම තුළ සිට
ගෙනය.1944 දී නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුව තුළ විවාද කරන අතර මිෂනාරි පාසල් වල උගෙන ගන්නා ළමුන් ගැන පී .ද .එස්. කුලරත්න මහතා මෙලෙස කියා ඇත. 'ඔවුහු
කිසිම ආගමක් නැතිව පාසලෙන් අස්වෙති.ඔවුන්ගේ ආගම විනාශ කර ඇති අතර ඒ වෙනුවට වෙනත්
ආගමක් ඔවුනට නැත.එබඳු මිනිසුන් ඉතා භයානකය.ඔවුන් අවිනිශ්චිත තත්වයක පසුවන අතර ඔවුන්ගේ ආගම බොහෝ විට තීරණය කරනු ලබන්නේ විවාහ වන
අවස්ථාවේ දීය.එම ක්‍රිස්තියානි පන්තිය ඉස්ත්‍රියානි යනුවෙන් හැඳින්වේ.ඔවුන්ගේ ආගම
භාරයාව මත රඳා පවතී.'
කුලරත්න
මහාතගේ කතාව එදාට සාපේක්ෂව අපට තේරුම් ගත
හැතිය.එය වර්තමානයට ගැලපිය හැක්කේ වර්තමාන අගමැතිනියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්
පිළිබඳ කතා කරන කල්හිය.මේ වන විට අගමැතිනිය ප්‍රතාශ කර තිබෙන්නේ ලබන වසරේ සිට හය
වසරේ දී සර්වආගමික කරුණු අධ්‍යනය කිරිමට මොඩියුලයක් සකස් කර ඇති බවයි. එහෙත් මේ වන
තෙක් බුද්ධාගම පෙළපොත මුද්‍රණය කර නැත. කෝවිලෙත් 'පන්සලෙත්, පල්ලියේත් දැල්වෙන්නේ
එකම පහනක් ය යන කතාව ඉදිරි පත්කරන ලද්දේ ආර්.ප්‍රේමදාස යුගයේ දීය. එහෙත් ඉන් ගම්‍ය
වන සමාන කමක් ආගම් අතර නැත. බෞද්ධයා නිවන ප්‍රාර්ථනා කරමින් එහි උපාසක වත පුරමින්
සංසාරය කෙටි කරගැනීමට උත්සාහ කරයි. බෞද්ධ සංස්කෘතිය තුළ ඔහුට ඒ මග යන්නට පරිසරය සකස් කර දෙයි. නමුත් ක්‍රිස්තියානි
මුස්ලිම් වැනි ආගම් වල අය සංසාරයක් විශ්වාස නොකර අතර ලද ජීවිතය සැපවත් ලෙසට
ගතකිරීමේ ආශාවෙන් ගිහි සැප වර්ධනය කරගන්නන් වෙති. බෞද්ධ දෘෂ්ටියෙන් සංසාරය දික්
කරගන්නන් වෙති.මිථ්‍යාදෘෂ්ටි යේ එල්බ ගත් බෞද්ධයන්ද සිටින නමුත් බහුතර බෞද්ධයන්
සම්‍යදෘෂ්ටියේ පිහිටමින් නිවන අරමුණු
කරගෙන සිටිති. එවිට තරුණ වියට එළඹෙන දරුවෙකුට අනෙකුත් ආගම් පිලිබඳ කියා දෙන්නේ
මොනවාද. ඔවුන් ගේ සිරිත් විරිත් ද බයිබලය
ගැනද කුරානය ගැනද මට පෙනෙන ආකාරයට සර්ව ආගම් පිස්සුව ඔලුවට ගැසූ පසුව
කුලරත්න මහතා කියූ පරිදිම ඒ දරුවා වැඩිහිටියෙකු බවට පත් වීමෙන් පසු ආගමක් නැති
පුද්ගලයෙකු බවට පත් වේ. බුද්ධශාසනය බරපතල ලෙසට පරිහානියට පත්ව ඇති යුගයක සැප ඇති
තැන් වලට ඇදෙන්නට තරුණ සිත් කැමතිවන්නේ නම් එය පුදුමයට කරුණක් නොවනු ඇත. මෙහිදී
සිදු වන්නේ කොරියාවේ සිදූ වූ දෙයයි. එයට පාර කැපීම සඳහා අගමැතිනිය පමණක් නොව
දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කරමින් ළමුන්ට තරවටු කරන දෙමව්පියන් සහ ගරුවරුන් හිරගෙට
දක්කන්ට වළිකන පෝල්රජ් ඇමතිනියත් සට කපට අන්දමින් කටයුතු කරනු පෙනේ. අවාසනාව නම්
මේ සිදු වීම දිහා නොඇසූ කන් ඇතිව සිටීමයි. දෑසින් දුටුවත් අකර්මණ්‍යව සිටීමයි. මහා
නායන හිමි වරුන් පවා තමන්ගේ දෙපා මුළට ප්‍රශ්ණය පැමිණෙපතුරු බලා සිටින බව පෙනේ.
මතුගම සෙනෙවිරුවන්
No comments:
Post a Comment