එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය දිනයේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති තුමා
කළ ප්‍රකාශය මෙම මාතෘකාවට අදාළ වෙයි.සමාජයේ ඕනෑම අයෙකුට හරි හම්බ කර ගැනීමට එජාප
රජයක් යටතේ විවෘත ආර්ථික ක්‍රමය ඇති කළ බවද වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පොහොසතෙකු
බවට පත්ව තිබෙන්නේ ඒ බල මහිමයෙන් යැයි එහිදී අවධාරණය විය.අමාත්‍යවරයාගේ වත්කම් ප්‍රකාශ
ගෙන බලනකල්හි නම් එම ප්‍රකාශය වර්තමාන
තරුණ තරුණයන්ට එකවර තේරුම් ගත නොහැකි වනු ඇත.මන්ද හැත්තෑව දශකයේ හඳුන්වාදෙන ලද
විවෘත වෙළඳ පළ ක්‍රමය මේ වන විට ලංකාවේ සමාජය ගිලගෙන අවසන් බැවිනි.
විවාත
වෙළෙඳ පළ ක්‍රමයේ පරාමාර්ථය නම් ආර්ථිකය නිදහස් කරන ලද පරිසරයක ලාභ ඉපැයීමට පසුබිම
සකස් කිරීමයි. විදෙස් ආයෝජන වැඩි වැඩියෙන් ලබා ගැනීමෙන් රටේ විදෙස් සංචිත ප්‍රමාණය
ඉහළ දමා ගැනීමයි.එයට සීමා මායිම් නැත. වෙළෙඳ පළ ආර්ථිකයට ගැලපෙන ලෙසට නවීන
කළමනාකරණ විධි, තාක්ෂණය, යටිතල පහසුකම් සියල්ල මේ වන විට දියුණුවට පත්ව තිබේ.
විවිධ ආහාර සහ ජන ජීවිතයට අවශ්‍ය වන බොහෝ පාරිභෝගික ද්‍රව්‍යයන් රසායනිකව නව
මානයකින් නිර්මාණය කරලීමට ද මේ පසුබිමේ උත්සාහ කර තිබේ.උදාහරණයක් වශයෙන් කෘතිම
රසකාරක දැක්විය හැකිය.අජිනෝමෝටෝ වල සිට
අයිස් නම් මත්ද්‍රව්‍ය දක්වා මේ රසායනික කර්මාන්තයන් දියුණට පත්ව තිබේ.ඒවා ගෙන්වා
නොයෙකුත් කර්මාන්ත සඳහා යොදා ගැනීමට රටේ නීතියෙන් ඇතැම් විට බාධාවක් නැත. තහනම් කළ
කෘෂීරසායන පසුගිය කාලේ ගෙන්වා බෙදා හැර තිබෙන්නේ ද තහනම් නොකළ ඒවායේ ආසනික් වැනි
තහනම් දේ අඩංගු වූ බව හෙළි වූයේ ද මෙම තත්වයන් යටතේය.ඇතැම් වර්ග බහාලුම් අස්සේ
වෙනත් ද්‍රව්‍යයන් සමග කලවම් කොට ගෙන්වන රසායන ද්‍රව්‍යයන්ද තිබෙන බව මෑතකදී
තහවුරු විය.හිටපු ඇමතිවරුන්ගේ සහ වත්මන් ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රකාශ වලින් සනාථ වන්නේ
අඩු වැඩි වශයෙන් මේ වීවෘත ආර්ථික ක්‍රමයෙන් ඔවුන් ඉහළම ඵල ප්‍රයෝජන ලබා ගෙන ඇති
බවයි.
ධනය ඉපැයීම
සහ ධනය අධිපති කොටගෙන සමාජය පාලනය කිරීම
අලුත් දෙයක් නොවේ. අතීතයේ දී එය ධන ධාන්‍ය ලෙසට හැඳින්වූහ.ධන්‍ය අස්වන්න වැඩි
වශයෙන් ගබඩා කර තබා ගන්නා ධනවතෙකු ලෙසට සලකුම් ලැබීය.එහෙත් පැරණි සිංහල සමාජයේ ධන්‍ය
අස්වැන්න පොලී කොට ඒ පොලියෙන් කඨින චීවර මාසයට අරියවංහ දේශනාව කරන භික්ෂූන්
වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුකම් සැපයීමට රජ අණක් විය.බිත්තර වී අටු ,පත්තායම් සහ වී
බිහි තිබෙන විහාරස්ථානයන්හි ධාන්‍ය ප්‍රමාණය රටේ ආහාර සුරක්ෂිතතාවයේ පදනම විය. එදා
ධනය උපයන්නාට සාර ධර්ම විය. ධනය සතර කොටසට බෙදා එකක් පරිභෝජනයට ද දෙකක් ආයෝජනයට ද
අවසන් කොටස ආපාදාවකට යොදා ගත යුතු යැයි කියැවෙන සිඟාල සූත්‍රයේ දේශනාව රජවරු
සිටුවරු සහ ජනතාව අනුගමනය කළහ. අයථා පිරිභෝජනය සාර ධර්මයන්ගෙන්ම පාලනයට ලක් කරන
ලද්දේය.වර්තමාන වෙළෙඳ පළ ක්‍රමය එසේ නොවේ.රටට සමාජයට නොගැලපෙන ඕනාම ද්‍රව්‍යයක්
නිෂ්පාදනය කිරීමට ද අලෙවි කිරීමට ද ලාභ ඉපැයීමට ද අවසර තිබේ. කුඩා දරුවන්ට හෝ
තරුණයන් ගේ ජීවිත විනාශ කරන මත් පෙති හෝ මත් ද්‍රව්‍ය කෘතිමව නිෂ්පාදනය කිරීම මේ
ක්‍රමය යටතේ අනුමතය. ඒ ඒ රටවල සංස්කෘතිය අනුව ඒවාට නීති පණවා තිබේ. මෙවැනි විෂ
රසායන නිෂ්පාදනයන් තහනම් කළ යුතු යැයි යෝජනාවක් මෙතෙක් මෙරට සිටි පාලකයෙක් කිසිම
අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කොට නැත.
විවෘත ආර්ථික
ක්‍රමය හඳුන්වා දුන් පුද්ගලයන් ඒ මගින් රටට වෙන විනාශය ගැන සැළකිලිමත් නොවූහ.ආනාගතය දැක අහිතකර දේ
පාලනය කිරීමට නීති පණවන්නට හදිසි නොවූහ. ඔවුනට අවශ්‍ය වූ එකම දෙය වැඩි වැඩියෙන්
විදේශ සංචිත වැඩි කර ගනිමින් රට පොහොසත් කිරීමයි.මුදල් සංසරණය වැඩි කිරීමයි.ඒ මග
අනුදත් ඇමතිවරු අයථා ක්‍රම වලින් හෝ සල්ලි මවන තහනම් ආයෝජන ක්‍රම වලින් මුදල්
ඉපැයීම ගැන පුදුම වන්නට දෙයක් නැත. සල්ලි දෙවියන්ගේ මල්ලි යැයි කියන්නේ මේ නිසාය.
මේ තත්වය තුළ තවත් බරපතල ක්‍රියාවලියක් සිදුව ඇත. ස්වයංපෝෂිත සමාජයක් වශයෙන්
තිබුණු රටක වෙලෙඳ පළ ක්‍රමය තුළ වැසියන් බහුතරයක් දුප්පතුන් බවට පත් වීමයි.ඔවුනට
ආහාර සුරක්ෂිතතාවයක් නැත. රටට ආහාර ස්වෛරීතාවයක් නැත. වෙළෙඳ පළ වහලුන් බවට පත් වීම
නිසා අයාථ පරිභෝජනය ඉහළ ගොස් තිබේ. තමන් උපයන ධාන්‍ය කොටසට සරිලන මිළක් ලැබෙන්නේ
නැත.මිළ ඉහළ යන්නේ නම් රටින් සහල්
ගෙන්වන්නේ යැයි ඇමතිවරු තර්ජනය කරනුයේ රටේ ස්වයංපෝෂිතභාවයත් විවෘත ආරථිකයත් අතර
ඇති කල යුතු සහ සම්බන්ධය ගැන ඔවුන් නොතකන බැවිනි.
ලංකා සමසමාජ
පක්ෂය බිහි වූයේ 1935 වැනි ඈත කාලයකදීය. 'සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියවු'
කියමින් වාමාංශික නායකයන් විසින් කම්කරු පන්තිය තම රැහේ දේශපාලන වැඩට යොදා
ගත්හ.එහිදී කම්කරු පන්තිය වෙනුවෙන් දිනා ගත් යම් යම් අයිතීන් තිබුණද කම්කරුවෙකු
ධනවතෙකු වීමට තිබෙන ඉඩකඩ අසුරා
තිබුණි.නිදහස් අධ්‍යාපනය නිසා යමෙක් රජයේ රැකියාවක හෝ පෞද්ගලික අංශයේ ඉහළ තනතුරකට
ගිය විට දී ඔහු පුද්ගලිකව ධනවතෙකු බවට පත් වෙයි. එහෙත් තමන් ට උප්පත්තිය ලබා දුන්
පන්තිය ඉහළට ඔසවා තබන්නට උත්සුක නොවෙයි.සැබවින්ම සියලු දෙනටම රජ විය නොහැකිය.
සියලු දෙනටම දෙස්තර හෝ ඉංජිනේරුවරුන් විය නොහැකිය.නමුත් තමන් පය ගසා සිටින ස්ථරය
තුළ මනා ජීවන තත්වයක් යටතේ වැජඹෙන්නට ඒ සෑම පුද්ගලයෙකුටම අයිතියක් තිබේ.ඒ හැකියාව
විවෘත ආර්ථික ක්‍රමය යටතේ වර්ධනය වුවද ඒ මගින් සිදු වූයේ මුදල් වීසි කරමින් ධනවත්
වීමටත් අයිස් වැනි මත්ද්‍රව්‍ය බෙදාහරිමින් ධනවත් වීමටත් ක්‍රිප්ටෝ කරන්සි, පිරමීඩ
වැනි තහනම් ආයෝජන කරමින් ධනවත් වීමට වැඩි ඉඩකඩක් ලබාදෙමිනි.එක්සත් ජාතික පක්ෂ
සමුළුවේ දී අවධාරණය කරනු ලැබූයේ මේ සඳහා විවෘත ආර්ථිකය ක්‍රමය තුළ ඉඩක් ලබා දී ඇති
බවයි.වර්තමාන අමාත්‍ය මණ්ඩලය ඒ මගින් දියුණු වූවද ජනතාව කල්පනා කළ යුතතේ වාමාංශික
නායකයන් ඇති කළ හිඟන මානසිකත්වයෙන් මිදී සාධාරණ ලෙසට යුක්ති සහගත ලෙසට ධනය ඉපැයීමට
උත්සාහ කිරීමයි.පුද්ගලයන් විසින් එලෙස ධනය උපයන කල්හි රටක් වශයෙන්ද පොහොසත් භාවයට
පත් වේ.රජය විසින් කළ යුත්තේ මේ ගමනට තිබෙන බාධක ඉවත් කිරීමයි.ඒ සඳහා බටහිර ආර්ථික
විද්‍යා සංකල්ප අපට අවශ්‍ය නැත.ඒ බැව් මේ ලිපියේ පෙර පෙන්වා දී ඇත.
මතුගම සෙනෙවිරුවන්
No comments:
Post a Comment