පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, April 27, 2012

දඹුල්ලේ පල්ලියේ පැටිකිරිය මෙහෙමයි

                                              
           ඓතිහාසික රන්ගිරි දඹුලු විහාරස්ථානය ඇතුලත් ප්‍රදේශය පූජා භූමියක් ලෙසට සංවර්ධනය  කිරීමේ බලාපාරොත්තුව  දිගුකාලයක සිට පැවතෙන්නකි. මේ මගින් වන්දනා කරුවන්ට  මෙන්ම භික්ෂූන් වහණ්සේලා උදෙසා ද අගනා කේනද්‍රස්ථානයක් බිහිවෙයි. සම්බුද්ධත්ව ජයන්තිය නොහොත් බුද්ධත්වයට පත් වීමෙන් වසර දෙදහස් හයසීයක් ගත වන මොහොතක මෙම කර්තව්‍යය රජයේ පුමඛතම යුතුකමක් බවට පත් විය යුතුව ඇත.
      ඓතිහාසික මාතලේ නිදහස් සටනට නායකත්වය දුන් රන්ගිරි දඹුල්ල ඉතිහාසයේ මහා පීඩනයන්ට ගොදුරු වූ පුණය භූමියකි. ඉංග්‍රීසීන් විහාරස්ථානයේ ඉඩ කඩම් රාජසන්තක කොට රජයේ කැලෑ බවට පත් කළහ. මෑතකදී සංවර්ධනය කළ අන්‍යාගමික දේවස්ථානයක් නිසා මේ පුණ්‍ය භුමිය මෙන්ම එම විහාරස්ථානයේ කැපකරු දායක පිරිස ද මහත් කැලඹීමට පත්විය. පූජා භුමිය වෙන් කිරීමේ දී සළකුණු කරන ලද ඉඩම් වලින් කොටසක් යළිත් නගර සංවර්ධනය සඳහා පවරා ගැනීමක් සිදු වී තිබේ. එයට හේතුව දඹුල්ල ලංකාවේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් වීමයි. රාජකාරියට යටත් ඉඩ කඩම් සහිත මේ භූමිය එලෙස රජයට පැවරීමේ දී එයට හිලවු වශයෙන් ඉඩ කඩම් ප්‍රදානයක් ද සිදු වී නොමැත. පෙර රජ වරුන්ගේ නම් සිරිත එයයි. ශ්‍රී ජයවර්ධන පුර සරසවියට ඉඩ කඩම් ලබා ගැනීමේ දී පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙනට අයත් ඉඩම් ද ලබා ගන්නට සිදු විය .එයට හිලව්වට වෙනත් ස්ථානයකින් ඉඩම් ප්‍රදානය කෙරුණි. නමුත් මෙහිදී සිදු  වූයේ අනෙකකි.  පවරා ගන්නට යෙදුණු ඉඩම් නොයෙකුත් දේශපාලන හිතවත්කම් වලට දේශපාලන පන්දම් කාරයින්ට බෙදා දෙන්නට කටයුතු කෙරිණි. මේ මහා කැලඹීම ඇති වීමේ මූලික හේතුව එයයි.
        වත්මන් දඹුල්ල නගරය මෙලෙස දියුණට පත් වූයේ අසූව දශකයේ දී එහි පැවැත්වූණූ ගම් උදා ව්‍යපාරය නිසාවෙනි. විහාරස්ථනය අවට කඩ අටක් තානායමක් පොලිස් ස්ථානයක් වැනි ස්ථීර ගොඩනැගිලි කීපයක් පිහිටා තිබූ බව 1961 මිනුම්දෝරු සිතියම දක්වයි. ඉන්පසු ක්‍රමයෙන්  දඹුල්ල නගරය කුරුණෑගල හන්දියට සංක්‍රමණය විය. මහවැලි ව්‍යාපාරයේ ප්‍රතිලාභ නිසා ගොවීන් ඉතා ඉක්මනින් දියුණට පත් විය. මිරස් රට ලූණූ මෙන්ම එළවුළුද ඔවුන්ට වාසනාව ගෙනා පාරිභෝගික භාණ්ඩයන් විය. නමුත් ඒ සමගම මේ ප්‍රදේශයේ පාරම්පරික ගොවීන්ට අවාසනාවද නොඅඩුව ලැබුණි. මේ ප්‍රදේශයේ තිබූ කුඩා වැව් රාශියක් උලුප්පා ඩෝසර කරන ලද අතර පාරම්පරික ගම් බිම් අහිමි වූ සිංහලයින්ට නැවතත් ඉඩම් කට්ටි මැන වෙන්කර දෙන ලදහ.අන්‍ය ජන වර්ග මේ ප්‍රදේශයේ නොසිටි නමුත් ඔවුන්ට ද මේ භූමිය තුල ඉඩම් වෙන් කර දෙන ලද්දේ ජන වර්ග අනුපාතයට අනුවයි. මඩාටුගම කැකිරාවට ආසන්නයේ තිබෙන ගම්මානයකි. එහි මහ වැව ගබඩා වැවක් ලෙස ඉතිරි කර තබන ලදහ. එසේම එහි ගම්මානයේ ඉඩම් මුස්ලිම් ජන කොටසටද බෙදා දෙන ලදහ. කවදත් සහන ශීලී පිරිසක් වූ සිංහලයින් තමන්ගේ පාරම් පරික ඉඩම් මේ අන්‍ය ජාතිකයින් සමග බෙදා හදා ගන්නට කිසිම අකමැත්තක් නොදැක්වූහ.
       ඓතිහාසික රන්ගිරි දඹුලු විහාරස්ථානයට ඉඩ කඩම් පූජා කරන ලද්දේ වලගම්බා රජු දවස සිටය.බුදු පිළිම වහණ්සේ ගේ හිසට නිකටට මෙන්ම වැලමිටටද මෙසේ ඉඩ කඩම් ප්‍රදානය කර දී ඇත. නිකවටවන යනු නිකටට පූජා කරන ලද ගමකි. වැලමිටියාව යනු වැලමිටට පූජා කර න ලද ගමකි. බඩ ගමුව හා පාදෙණිය ද එලෙසම ප්‍රසිද්ධය. මෙලෙස නිකටට පූජා කරන ලද නිකවටවන කලක් සිංහල බෞදධයින් ගේ පරවේණියක් විය. එහි මුල් නම නිකපටුනයි. මුගලන් රජු කළ ඔහුගේ සෙනපතියන්ගේ නින්දගමක් විය. මේ ඓතිහාසික පුරාණ  ගම්මානයන් එකල වෙළෙදාමෙන් සම්බන්ධකර න ලද්දේ නැගෙනහිර මුස්ලිම් වෙළෙන්දන් විසිනි. සෙනරත් රජු ගේ රාජ්‍ය කාලයේ දී පරංගීන්ගෙන් ගැහැට ලත් මේ වානිජයින් රජු ගේ අනුග්‍රහය මත කන්ද උඩරටට ඇතුලු වී සිංහලයින්ට රෙදිපිළි ලුණු ආදී ය වෙළෙදාම් කළහ. එක් මුස්ලිම් තවලමක් මේ නිකවටවන ගමේ නවාතැන් ගැනීමේ සිරිතක් විය. පෙර කී සෙන්පතියන්ගේ පරපුරකින් පැවත එන ගම්ප්‍රදානියෙකු ජීවත් වූ මේ ගම්මානයේ ඔහුගේ කරුණාව ලැබ යටකී වෙළෙන්දා ඔහුගේ නිවස අසලම සියඹලා ගසයට සිය තවලම ලිහා දමා විවේක ගැනීමේ පුරුද්දක් විය. කාලයාගේ ඇවෑමෙන්  ගම් ප්‍රධානියා හදිසියේ මරු වසඟයට පත් විය. දරුවන් නෙමැති ඔහුට සිටියේ සිය ආදරණීය බිරින්දෑ පමණි.  ගම්පති ගේ මරණයෙන් පසුව ඔහුගේ නිවසට පැමිණි මුස්ලිම් වෙළෙන්දා  ගම්පති නිවස උකසට සින්න වී ඇති බව කියා පෑවේය. මේ කිසිවක් නොදත් අසරණ භාවයට පත් ගම්පති වැන්දඹුව මේ ඉඩම වෙළෙන්දාට සින්න වන්නට ඉඩදී පිටමං විය. අවසානයේ දී මුස්ලිම් වෙළෙන්දා කපටි කමින් මේ ගැහැනිය ද රවටා ගෙන තම භාර්යාව බවට පත් කර ගත්තේය. එම පුරාණ ඉඩම අදත් හඳුන්වන්නේ කේනිවත්ත(ගෑනි වත්ත) යනුවෙනි.වර්තමානය වන විට මෙහි සිංහල ගමක් නැත. ඇත්තේ මුස්ලිම් ගම්මානයකි. එහි සිටි සිංහල පිරිස් එම ගමෙන් පිටව ගොස් ලේනව අසල පදිංචි විය. විහාර රාජකාරියද නැවතුණි. 1966 සැප්තැම්බර් මස 16 දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය අනුව ලේනව  කුඹුක්කඳන්වල  පාරම්පරික ඉඩම් ද ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පණත යටතේ රාජ සන්තක කර ඇති බව මෙහි සඳහන් කළ යුතුය. පාරම්පරික සිංහල ජනතාව කාලයක් තිස්සේම මෙලෙස මහත් සේ පීඩාවට පත් වෙමින් සිටී.
        රන්ගිරි දඹුල්ල විහාරස්ථානය අවට තිබෙන සියලුම ඉඩම් පමණක් නොව හේවිසි හඬක් ඇසෙන මානයේ තිබෙන සිලුම ඉඩම් පූජාකරන ලද්දේ විය. වාර්ෂිකව මේ රාජකාරි ඉඩම් වල ඉන්නවුන් ඉටුකළ යුත් රාජකාරි විය.තල මල් පිපෙන කාලයට තල මල් පූජා කිරීමද තල අස්වැන්නෙන් විශාල තල බෝල සාදා පූජා කිරීම ද විය. විසිවන සියවසේ මැද භාගයේ කොළඹ වන්දනා කරුවන් නිරන්තරයෙන් දඹුල්ලට ඇදෙන්නට වන්හ. ඔවුන් වෙනුවෙන් දඹුල්ලේ විහාරය ආසන්නයේ කඩපිල් ඉඳි විය. විහාරස්ථානයේ නායක හිමියන් ගේ අවසරය පරිදි සිංහල දෙමළ පමණක් නොව මුස්ලිම් වරුද මෙහි වෙළෙදාම් කලේ පැරණි සම්බන්ධකම් මතය. මඩකලපුවේ සිට පැමිණි උහුමදුන් ලෙබ්බේ නම් පුද්ගලයෙකු මෙලෙස විහාර හන්දියේ සිල්ලර කඩයක හිමිකාරයෙකු විය. නායක හාමුදුරුවන්ට පින්සෙන්ඩු වී මේ කඩය ලබා ගත් අතර හැටේ දශකයේ මේ කඩය ජයටම තිබූ බව පැරණියන්ට මතකය. නමුත් කලක දී ඔහු ගේ මරණයෙන් පසුව මේ කඩය අභාවයට ගියේය. ඥාතීන් ආපසු මඩලපුවටම ගියහ. නමුත් හැත්තෑව දශකයෙන් පසුව නැවතත් අකුරණින් පැමිණි මුස්ලිම් වරු මේ ස්ථානය නැවතත් අල්ලා ගෙන වෙළෙදාම් කර ගෙන ගියහ. ඔවුන්ගේ ආගමික වතාවත් සඳහා ද මේ ස්ථානයේ කුඩා යාඥා මඩුවක් පැවති බව පැරණියන් පවසති.
      අසූව දශකයේ ගම් උදාව පැවැත්වූ පසු දඹුල්ල දියුණුවිය. මහවැලි පෙදෙස් වලින් ලැබෙන අස්වැන්න මෙන්ම නෙයෙකුත් වෙළෙඳ බඩු සඳහා දඹුල්ල විවෘත විය. ඒ නිසා කුරුණෑගල හන්දියට නගරය විතැන් විය. 1981 දී පූජාභූමි සංවරධන සැලැස්මක් ද ක්‍රියාත්මක වූ අතර විහාර ආසන්නයේ තිබූ සිංහල වෙළෙඳ ස්ථාන සියල්ල ඉවත් කරන ලදී. නමුත් අකුරණ මුස්ලිම් වරුන් ගේ කඩ ඉවත් නොකරන ලදී.  ගලේ වෙල පුවක් පිටිය ආදී පෙදෙස් වල් සිටි මුස්ලිම් වරුන්ට සිංහල අයට වඩා සලකන ලදහ. ආර්ථික මධ්‍යස්ථානයේ ද කඩ ඔවුන් වෙත බහුලව ප්‍රදානය කෙරුණි.
      සියවස් තුනක පමණ සිට මෙලෙස දඹුල්ලේ සිංහල බෞදධයින් ගේ අයිතිවාසිම් ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වන ආකාරය මේ සිදු වීම් මාලාවෙන් තේරුම් ගත හැකිය. අන්‍ය ජාතීන් ගේ ආගමික නිදහස වෙනුවෙන් තමන්ගේ උරුමය නැති කර ගත් පිරිසක් බවට අද සිංහල බෞද්ධයින් පත්ව ඇත. දඹුල්ලේ පමණක් නොව පොතුවිල් මූදූ මහා විහාරය කූරගල අනුරාධපුර මහ මෙවුනා උයන ආදී සෑම ස්ථානයකින් ම වාර්තා වන්නේ මේ තත්වයයි. නමුත් මෙහිදී වුවත් සිංහලයින්ගේ සහනශීළීත්වය ඉස්මතු වෙයි. ඉවත් කරන යාඥාමඩුව සාදා දෙන්නට මුදල් පවා දෙන්නට කරුණාව පහළ වෙන තරමට අපගේ නායක ස්වාමීන්වහණ්සේලා පරිත්‍යාගශීළී වෙති. එහෙත් මේ සම්බුද්ධ ජයන්ති වර්ෂයේ රජයේ පාර්ශවයෙන් ඉටු කර ගත යුතු බෙහෝ දේවල් ගැන උන්වහණ්සේලාට කල්පනාවක් නැත. උතුර සහ නැගෙනහිර බොහෝ සිද්ධස්ථාන තිබුණත් ඒවා තවමත් අනාරක්ෂිතය. පුරා වස්තු නිධන් වස්තු මංකොල්ල කෑමේ නිරත වන්නන් සිංහල බෞද්ධ උරුමයන් ද හිතාමතාම වනසති.
       මේ තත්වය සැලකිල්ලට ගෙන රජය උනන්දු කර ප්‍රශ්ණ සමහන් කර ගැනීම සඳහා මැදිහත් වන සිංහල දේශපාලනඥයින් ඉතා විරලය. සිංහල බෞද්ධයින් ගේ චන්ද වලින් බලයට පත්ව ඔවුන්ටම අකෘතඥ වන මේ පිරිස රටට ශාපයක් වී අහවරය. සිංහල දෙමළ මුස්ලිම් කිතුණූ සමගිය යනු ජාතියක් වශයෙන් නිවරදිව එකතු වීමයි. එහිදී ප්‍රධාන සංරචකය විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියයි. එයට හානි නොවන පරිදි ජීවත් වීමට අන්‍ය ජාතිකයින් පෙළ ගැස්විය යුතුය. සිංහල පාර්ශවයෙන් කරුණාව ලැබ පවත්වා ගෙන ගිය දඹුල්ලේ යාඥාමඩුව ගැනද තත්වය එසේමය. එසේ නොවුණහොත් සිංහල බෞද්ධයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට එන පිරිස කිසිවෙකුටත් වළක්වාලිය නොහැකිවන බවද සැලකිය යුතුය.
                                                                                                                                                                                

Tuesday, April 3, 2012

ජාකික සමගියට ජාතික අලුත් අවුරුද්ද

                                    
       මෙවර අළුත් අවුරුදු දිනය 2012  අප‍්‍රියෙල් මස 13 දිනයට යෙදෙන අතර එදින සවස් වරුවේ අදාළ නැකත් යෙදී තිබේ. එයට හේතුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය සිදුවන්නේ පස්වරු 07.20 ට බැවිනි. එහිදී ඉදිරිපත් කර තිබෙන නැකත් අතර වැදගත්ම නැකත් කීපයක් යෙදී තිබේ. ඉන් පළමුවැන්න ආහාර පිසීමයි. අපි‍්‍රියෙල් 13 දිනයේ පස්වරු 12.56 ට පළමු සියලු වැඩ අහවර කොට පුණ්‍ය කටයුතු වල යෙදෙන ජනතාව ආහාර පිසීම ආරම්භ කරන්නේ පස්වරු 07.42 ට යෙදෙන සුභ මොහොතෙනි. එසේ නම් එම නැකත හා වේලාව ජාතියටම එකසේ වැදගත්ය. අලුත් ලිපක් සකස් කර නැවුම් මුට්ටියක කිරිබතක් පිළියෙල කර ගැනීම සමස්ත ජාතියම එකම මොහොතක සිදු කිරීම වෙනත් කිසිම රටක සිදු නොවන ඒකමතික කාර්යයකි.
    ජාතික නිෂ්පාදනයක් රටේ සිදුවුවද එය නිවැරදිව පරිභෝජනය කිරීමේ කලාව ප‍්‍රගුණ කොට එය ජාතියේ අභිවෘද්ධිය සඳහා යෙදීමේ අවස්ථාව මෙන්ම අප‍්‍රියෙල් 13 පස්වරු 10.28 යෙදෙන සුභ මොහොතින් වැඩ ඇල්ලීමත් ආහාර අනුභවය හා ගනුදෙනු කිරීමත් අවුරුදු චාරිත‍්‍ර අතර ඉතා වැදගත් සිදුවීම් වේ.
   මෙවර නැකැත් යෙදි තිබෙන්නේ පස් වරුවේ වුවද ආහාර අනුභවය නිවැරදි ආකාරයට කිරීම ජාතියේ පෝෂණයට හේතු වෙයි. මෙවර ගිතෙල් හා හකුරු මිශ‍්‍ර කිරිබතක් ආහාරයට ගැනීම නිර්දේශිතය. ගිතෙල් මගින් ශරීරය සෞම්‍ය භාවයට පත් කරන අතර ජීවනීය ගුණාංග ලබා දෙයි. කිතුල් හකුරු මගින් ක්‍ෂණිකව ශරීරය බල ගන්වයි. චතුමධුර නම් ශක්ති ජනක ලේහයේ ප‍්‍රධාන කොටස් දෙකක් වන මේ ආහාර කිරි බතට එක් වන විටදී ඇතිවන ශක්තිය අප නිවැරදිව තේරුම් ගත යුතුය.එසේම ඉදිරි වර්ෂය තුල මෙම ආහාර සුලභ කර ගැනීම ට අවශ්‍ය වන සැලසුම් ද මේ සමගම ඇති කර ගන්නේ නම් එය ජාතියේ අභිවෘද්ධියට හේතු වේ. අවාසනාවකට දිවි නැගුම වැනි වැඩ සටහන් වලදී මෙවැනි අරමුණු වලට ප්‍රමුඛත්වය දී නොමැත.
       ආහාර අනුභවයට ප‍්‍රථම යෙදී තිබෙන වැඩ ඇල්ලීම මගින් සංකේතවත් වන්නේ සමස්ත ජාතියම එකම අවස්ථාවක ජාතික නිෂ්පාදනය ආරම්භ කිරීමේ සිරිතයි. කිරි ඇති ගසකට කෙටීමෙන් වැඩ ඇල්ලීම ආරම්භ කළ යුතු අතර අල ලබා දිය හැකි පැළයක් හිටුවීම ද මෙහිදී වැදගත් වෙයි. මෙයට හේතුව 13 වන දින අපර භාග 04.26 ට සිංහ කරණය අවසාන වීමයි ඉන් අනතුරුව ලබන ඌරු කරණය වඩාත් ගැලපෙන්නේ අල වර්ග සිටු වීමටයි. නමුත් වල් ඌරන් ගේ හානි තිබෙන පළාත් වලදී එය සුදුසු නොවන බව ද මතක් කළ යුතුය. ජාතික නිෂ්පාදන වර්ෂයක් පිළිබඳ හැඟීමක් ජාතිය කෙරෙහිම ආරෝපණය කිරීමෙන් ඇතිවන ප‍්‍රබෝධය මෙහිදී ඉස්මතු වන බව කල්පනා කළ යුතුය.
    ගනුදෙනු කිරීමෙන් මුදල් හුවමාරුව සදහා අවස්ථාවක් යෙදෙන අතර ළිඳ සමග ගනුදෙනු කිරීම එහිදී ඉතා වැදගත් වේ. ජලය නොමැතිව ජීවත් වීමට කිසිවෙකුට නොහැකිය. ජලය ලබා දෙන ළිඳ පිරිසිඳු කොට ගැනීම  අවුරුද්දට පළමු කළයුතු දෙයකි. පිරිසිඳු ජලය ලබා ගැනීමට උල්පත් පාදා ගැනීම එහි අරමුණයි. ගනුදෙනු කරන අවස්ථාවේ දී ළිඳ වෙතට ගොස් කෘතඥතා පූර්වක හැඟීමෙන් නමස්කාර කිරීමත් ජලය නැවුම් භාජනයක  බහා සුරැකිව කබා ගැනීමත් සිංහල බෞද්ධයින් අනුගමනය කළ සද් කාර්යයකි.
     මුදල් ගනුදෙනු කිරීම වත්මන් සමාජයේ ප‍්‍රධාන කටයුත්තක් වුවද මුදල් මෙන්ම භාණ්ඩ හුවමාරුවද කළ හැක්කකි. වෙසෙසින්ම ආහාර නිෂ්පදනයට දායක විය හැකි වන පරිදි වී ගොවිතැනට අදාළ වන බිත්තර වී මල්ලක් හුවමාරු කර ගැනීමට හැකිනම් එය කෙතරම් අගේ කළ යුතු කාර්යයක් ද. එහිදී විවිධ වර්ගයේ වී ප‍්‍රභේද එයට යොදා ගත හැකිය. හිස තෙල් ගෑමේ චාරිත‍්‍රයද ඉතා වැදගත්ය. ඒ මගින් ජනතාවගේ සෞඛ්‍ය පැවැත්ම උදෙසා වටිනාකමක් ලබා දෙයි.      මෙම අලුත් අවුරුදු චාරිත‍්‍ර නිවැරදිව සහ අර්ථාන්විතව කිරීමට වත්මන් ජනතාව දැනුවත් කිරීම යුගයේ අවශ්‍යතාවයක් ලෙසට දකිමි. එයට හේතුව වසර තිහක භීෂණ සමයෙකින් පසුව රටට සාමය උදාව තිබීමයි.
දෙමළ හා සිංහල ජනතාව අතර විරසකයක් නොමැති වුවද ත‍්‍රස්තවාදීන් හා විදේශීය බලවේග විසින් එවැනි විරසකයක් නිර්මාණය කර තිබීම මගින් අද මේ ජන වර්ගයන්ට ප‍්‍රධාන ජාතික ප‍්‍රවාහයට එක් වීමට අවස්ථාව ලබා දී නොමැත. ජාතිය භේද භින්න කිරීම සඳහා මෙලෙස දෙමළ මුස්ලම් ජනතාව ප‍්‍රධාන ජාතික ප‍්‍රවාහයෙන් ඈත් කර තැබීම යටත් විජිත යුගයේ සිටම සිදු වී තිබෙන බව පැහැදිළිය.
      බි‍්‍රතාන්‍යයන් 1885 නිවාඩු දින පණත මගින් අප‍්‍රියෙල් 11 , අප්‍රියෙල් 28 , සැප් 17 සහ දෙසැ 25 නිවාඩු දිනයන් ලෙසට ප‍්‍රකාශයට පත් කළහ. එය සිදුවූයේ සිංහල බෞද්ධයින් සැනසීම සදහා වෙසක් නිවාඩුව ඇති කළ පසුවයි. නමුත් මෙයින් සිත් අමාරුවට පත් පොන්නම්බලම් රාමනාදන් මහතා හින්දූන්ට ද නිවාඩු දිනයක් අවශ්‍ය බව ව්‍යවස්ථාදායක සභාවේ දී කියා සිටියේය. නිරන්තරයෙන්ම ලංකාවේ සුළු ජන වර්ග සැනසීම සඳහා ක‍්‍රියා කළ ඉංගී‍්‍රසි ආණ්ඩුව නැවතත් 1885 දෙසැම්බර් මස නව නිවාඩු දින පණතක් ඉදිරිපත් කරන ලදී. එහිදී නිල නොලත් මන්ත‍්‍රී ලිච්මන් යෝජනා කර සිටියේ අප‍්‍රියෙල් 28 බෞද්ධයින්ට ද අපි‍්‍රයෙල් 11 හින්දූන්ටද නිවාඩු දින වශයෙන් වෙන් කර දෙන ලෙසටයි. අලුත් අවුරුද්ද පිළිබඳව ඉංගී‍්‍රසි රජයේ දැක්ම එලෙස වූ අතර නිවාඩු දින පණතද සම්මත වුණි.
      මෙයින් පසුව අප‍්‍රියෙල් 11 දිනය සිංහල හා හින්දු අළුත් අවුරුද්ද යනුවෙන් භාවිතා කරන්නට විය. මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ එම වසරේදී පළවූ ඈපා පංචාඬග ලිතේ අවුරුදු දිනය සඳහන් වූ ආකාරයයි. විශේෂණ  පදයක් නොමැතිව එය අළුත් අවුරුදු දිනය වශයෙන් නිවැරදිව සටහන් වී තිබුණි. අමුතුවෙන් සිංහල යනුවෙන් විශේෂණ පදයක් යෙදීම එකළ අවශ්‍ය නොවීය. එයට හේතුව මේ ජාතික උත්සවය සිංහලයින්ගේ උත්සවයක් ලෙසට චිරාත් කාලයක් භාවිතා වීමයි. මෙම ව්‍යවහාරය 1915 වර්ෂය පසු වෙන තුරුම  ඈපා ලිතේ පැවති බව පෙනේ. 1915 මුස්ලිම් සිංහල කෝලාහලයෙන් පසුව එය වෙනස් වී සිංහල අළුත් අවුරුද්ද යනුවෙන් සටහන් කරන්නට ඈපා  ලිත උත්සාහ කොට ඇති බව පෙනේ. මේ වන විට සිංහලයින් ගේ අයිතිවාසිකම් එකින් එක  සීමා කිරීමට ඉංගී‍්‍රසි ආණ්ඩුව උත්සාහ කිරීමේ ප‍්‍රථිඵලයක් වශයෙන් සිංහල ජාතික ව්‍යාපාරය ශක්තිමත් වීම මෙයට හේතුව වන්නට පිළිවන.
     1948 දී අප නිදහස ලබා ගත් නමුත් දේශීය ව්‍යවහාරයන් හා චාරිත‍්‍ර පිළිබඳව බහුතරයකට වැටහීමක් නොවුණි. සිංහල ජනතාව සුපුරුදු ලෙසට අවුරුදු උත්සවය පැවැත් වූ අතර  දෙමළ ජනතාව ඉන්දියාවේ පිළිවෙලට තෛපොන්ගල් සහ දීපවාලී උත්සවයන් පැවැත්වූහ. සූර්යයා ගේ ගමන අනුව දිවා රාතී‍්‍ර වශයෙන් අවුරුද්ද බෙදාගෙන බ‍්‍රහ්ම සංකල්පය ක‍්‍රියාත්මක කිරීම හින්දු සම්ප‍්‍රදාය විය. එහෙත් ලන්දේසි යුගයේ සිට මෙරට පදංචි කරන ලද දෙමළ ජනතාව  අප‍්‍රියෙල් මාසයේ 11 දිනය අවුරුද්දේ සතරවන මාසය ලෙසින් සලකා සිත්තර පුන්නාඩු යනුවෙන් වසන්ත උත්සවයක් පැවැත්වූහ. එයට රාජ්‍ය අනුග‍්‍රහය ලැබුනේ උඩරට නායක්කර් යුගයේදීය. එය කිසි ලෙසකින් වත් සිංහල අලුත් අවුරුදු උත්සවයට සමාන කළ නොහැකිය. චාරිත‍්‍ර සමූහයකින් සමන්විත එම උත්සවයට  ජාතික පරමාර්ථ කිසිවක් නොවීය.
     1983 ජූලි කලබල වලින් පසුව රජය සිංහල හා හින්දු ව්‍යවහාරය වෙනස් කොට 1984 සිට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනුවෙන් නව ව්‍යවහාරයක් හඳුන්වා දෙන ලදී. ඒ සුපුරුදු ලෙසටම දෙමළ ජනතාව සනසා චන්දය ලබා ගැනීමටයි. ඒ අවස්ථාව වන විට දෙමළ ජාතිවාදය ඉස්මතුව   රට දෙකඩ       කිරීමේ
ත‍්‍රස්තවාදය ඇරඹී තිබුණි. දේශපාලන යෝජනාවලියක් ඉදිරිපත්ව උතුර හා නැගෙනහිර ප‍්‍රදේශ වලට වෙනම පාලනයක් දීමට එකඟතාවයක් ද ඇතිවී තිබුණි. සිංහල හා දෙමළ ව්‍යවහාරය අළුත් අවුරුද්ද සඳහා යොදන ලද්දේ මේ ජාතිවාදී මතය තහවුරුකරලීම සඳහාය.
.          වත්මන් ජනාධිපතිවරයා ඇතුලු ති‍්‍රවිධ හමුදාව විසින් සියලු දෙනාගේ ආශීර්වාද ඇතිව ත‍්‍රස්තවාදය පරාජයට පත්කොට රට එකසේසත් කිරීමෙන් දැන් තෙවර්ෂයක් පමණ ගෙවී ඇත. ජනාධිපතිවරයාගේ එකම අරමුණ වී ඇත්තේ සියලුම ජන වර්ග එක ධජයක් යටතට ගෙන රට සැබෑ ලෙසටම එක්සත් කිරීමයි. මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ඇමති වරයාව සිටි අවදියේ ඔහු අප‍්‍රසිද්ධව පුන පුනා කී කාරණා දෙකක් විය. එකක් නම් ජාතික කොඩියේ ජන වර්ග නියෝජනය කරන පටි දෙක ඉවත් කළ යුතුබවයි. අනෙක නම් අළුත් අවුරුදු දිනය ඇතුලු එම සතිය ජාතික උත්සව සතියක් ලෙසට නම් කළ යුතු බවයි. යුද්ධය අවසන් කොට ජනාධිපති වරයා කළ මුල්ම ප‍්‍රකාශයෙන්ද පැහැදිළි වූයේ මෙරට තවදුරටත් සුළු ජන වර්ග යයි කිසිවෙක් නොසිටිය යුතු බවයි. එහෙත් ඔහුගේ අභිලාෂයන් මෙතෙක් ඉටු වී නොමැති බව පැහැදිළිය.
     අළුත් අවුරුදු උත්සවය ඇරඹෙන්නේ බක් මාසයේ වෙසෙසි අවස්ථාවකදීය. එහෙත් එය හුදෙක් වසන්ත උත්සවයක් නොවේ. එබැවින් එය බක් මහ උළෙල යනුවෙන් හැඳින්වීම නිවැරදි නොවේ. සූර්යයා හෙළ රාශියට නොහොත් මේෂ රාශියට සංක‍්‍රමණය වීමෙන් අවුරුදු චාරිත‍්‍ර ආරම්භ වුවද අවුරුදු උත්සවය සූර්ය මංගල්‍යයක් පමණක් ද නොවේ. එය වසර දහස් ගණනක් තිස්සේ විවිධ චාරිත‍්‍ර මත   සංවර්ධනය වූ  ජාතික උත්සවයක් වී අවසන්ය. ජාතික නිෂ්පාදනයන් පිළිබඳ අභිලාෂයන් ද නිවැරදි පරිභෝජනය ඇති කරවන හුරුපුරුදු මෙන්ම සෞඛ්‍ය සංරක්ෂණය හා බැඳි සාර ධර්ම මෙහිදී පුරුෂාර්ථ ලෙසට ඉස්මතු වේ.
      ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත්ව ගිය පසු ජනවාරි පළමු වැනිදා අවුරුදු දිනයක් ලෙසට යොදා ගැනීම ද අපගේ ජාතික උත්සවය හෑල්ලු කිරීමක් විය. ජනේරුව යුරොපයේ ක‍්‍රිස්තියානි සංස්කෘතියෙන් ඔප් නැන්වුනු උත්සවයෙකි. ලංකාවාසීන් තවමත් මෙම උත්සවයට අනුගත වීමට දරන වෑයමෙන් පැහැදිළි වනුයේ අපගේ යටත් විජිත මනසයි. බක් මාසයේ යෙදෙන අවුරුදු උත්සවය වසන්ත සැණකෙළියක් ලෙසට ලඝු කිරීමට වර්ථමානයෙහි දරන උත්සාහය විසින් මේ ජනේරුව අවුරුදු දිනයක් ලෙසට තව තවත් තහවුරු වීමක් සිදුවෙයි. මේ රටේ සිටින බහුතරයක් වෙළෙද ප‍්‍රජාවට අවශ්‍ය වනුයේ එය ස්ථීර කර ගැනීමයි. අවුරුදු උත්සවය හුදෙක් භෝජන සංග‍්‍රහයක් පමණක් වුවහොත් තමන්ගේ බඩු භාණඩ විකුණා ගැනීමේ අවස්ථාවන් වැඩි වැඩියෙන් මතුවේ. මේ තත්වය විශාල සංස්කෘතික පරිහාණියකට හේතුවක් වන බව කිව යුතුය.
    අළුත්අවුරුදු දිනය ජාතික උත්සවයක් වීමට නමි මේ රටේ ජීවත් වන සියලුම ජනතාව එයට එක්වියයුතු වෙයි. මෙම අවුරුදු උත්සවයෙහි එයට බාධාවක් පැන නොනගී. දෙමළ ජනතාවට මෙන්ම මුස්ලිම් ජනතාවට ද මේ ජාතික නිෂ්පාදනය පිළිබඳ උත්සවයේ දී එක අරමුණකින් දායක විය හැකිය. කතෝලිකජනතාවටද එසේමය. පුණ්‍ය කාලය තුල තම තමන්ගේ ආගමික කටයුතු කිරීමෙන් අනතුරුව මේ ජාතික කාර්යයට එක්විය හැකිය. ගෝනියකට පොල් එකතු කරනවා මෙන් ජාතිය එක්සත් කිරීමට වෑයම් කරලීමට වඩා මේ සූත‍්‍රය ඉතා ප‍්‍රායෝගික වනු ඇත.  ඉදිරි අළුත් අවුරුදු උත්සවය මගින්ම මේ සද් කාර්යය දියත් කිරීමට හැකි නම් එය ජාතියේ ඉදිරි ගමනට ඉතා වැදගත් වනු නිසැකය.

                                                                         


         

Friday, March 30, 2012

killing the Wewas to build reservoirs

By   mathugama seneviruwan

The government claims it has set aside just over one million rupees for development work in the irrigation sector. These include the Kiwul Oya reservoir in Welioya, Nakkala reservoir in Kumbakkan Oya, Morana Wewa in Mahiyanganaya, Pahala Malwathu Oya reservoir in Mannar, and Kalugal Oya reservoir in Ampara. The Chinese government has provided financial aid for some of these projects, while the Sri Lankan government expects to obtain financial aid and loans for the other projects.

The irrigation system in Sri Lanka has still not been completely reconstructed. The irrigation system in Rajarata, which suffered at the hands of foreign invaders for over 500 years, needs to be rebuilt exactly as it was. The irrigation system in Ruhuna and other provinces in the country are also in urgent need of repairs.

The Wewa is an indigenous creation. Legend has it that the local Raksha people possessed a book titled ‘Jala Bindu, Jala Pramana, and Jala Beethika’ which consisted of detailed techniques on Wewa construction. Another book titled ‘Jala Nandanaya’, which was in the possession of the late Chief Prelate of the Malwattha Chapter, Ven. Purijjila Saranankara Thera, is said to have gone missing after it was obtained by a British divisional secretary during colonial times. While we do not know much about the contents of these books, it is a fact that village elders still use some of the old techniques that were probably included in them to repair Wewas in their villages.

A Wewa cannot be likened to a lake filled with water. From the day it is constructed, it becomes a part of the local ecosystem. It facilitates an environment where animals on both land and water can live comfortably. It is also an environment where water based plants thrive. It has always helped bring a bountiful harvest to the farmers. After independence, governments made it a priority to rebuild these Wewas and also to establish new agricultural communities. This has been of great service to the country. Nevertheless, it has to be acknowledged that certain massive irrigation projects constructed without either knowing or deliberately ignoring ancient irrigation techniques have ended in failure. Even projects like the Mahaweli Rapid Development Scheme implemented without any knowledge of Wewa construction and the services they render to the environment. This has led to severe water shortages during droughts and wastage during the rainy season as sluice gates are opened to let out excess water which then flows into the sea.

It seems that politicians and officials who have been in charge of this country for the past few decades don’t know anything about the Wewa. The construction of large reservoirs, which serve both to generate electricity and facilitate agriculture, have made the Wewa become neglected in the villages. For example, many village Wewas in the Kala Oya region have been obliterated by the Mahaweli scheme, while many small Wewas that existed downstream from the Padaviya Wewa have been filled in. This results in much damage being sustained during the rainy season, while trees and plants are being destroyed during drought periods. In the end, a Wewa becomes just one physical object, rejected by all other ecosystems.

The sports minister recently made a statement in Parliament that he intended to build a sports city in the Meegaha Pandura, which would require the destruction of six Wewas in the area. This statement clearly illustrates the status afforded to the Wewa in the current political context.

It is sad to note that since the end of the war, authorities have decided to ignore people’s sentiments and gone ahead with irrigation plans that are both outdated and impractical. These include the Moragahakanda, Yan Oya, and Uma Oya projects. If one carries on building reservoirs under the Mahaweli scheme by destroying Wewas, it will cause severe and long term water shortages to animals in the area, as well as the people who will be settled under such schemes. The proposed Yan Oya reservoir is also to be built in a highly sensitive area. If the bund of this reservoir is built in the Pangurugaswewa area downstream from the Wahalkada Wewa, it will result in the destruction of 21 small and medium sized Wewas. It will also result in an agriculturally productive valley being completely flooded.

It is astounding that no one in charge has taken the time to think whether the Mahaweli scheme, plans for which were drawn up over 50 years ago, is actually practical today. There are also reports that the Wewa will also be used as seaplane landing sites for tourism. All these acts will make the Wewa obsolete, and will make it possible for international corporations to spread their tentacles further across our agricultural sector.
The nation 2012 - Feb 19

Saturday, March 24, 2012

චෞර දේශපාලනය හා ලංකාවේ අනාගතය


                                                    තිස් වසරක යුද්ධය නිමා වී සාමය උදා වී ඇති මොහොතක රටට විරුද්ධව ජගත් මානව හිමිකම් සැසියේ දී සම්මත කර ගෙන ඇති යෝජනාව  අනුව ඉතා ඉක්මනින් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ රජය විසින් ඉටු කළ යුතුය. ඒ අනුව පළාත් සභා ව්‍යුහය ඉක්මවා යන බලය බෙදීමකට රජය ප්‍රවිශ්ඨ විය යුතුය. එසේ නොවුණහොත් ඊළග පියවරක දී රජයට එරෙහිව සමිබාධක පැනවීමට හෝ ආරක්ෂක මණ්ඩලය ඉදිරියේ යෝජනාවක් සම්මත කර ගැනීමට වුවද පිළිවන. මේ තත්වය සුලු වෙන් තැකිය හැකි නොවේ. මේ අවස්ථාවේ දී සිහිපත්වන්නේ දහනම වන සියවසේ මුල් භාගයේ දී උඩරට ඇති වුන දේශපාලන පරිසරයයි.  ශ්‍රී වික්‍රම රාජසිංහයන්  ජනතාවට එපාවන තරමට අප්‍රසාදයට පත්ව සිටියහ.  1912 දී සුද්දන්ට පහර පිට පහර දී උඩරටින් එළවා රට බේරා ගන්නට ඉදිරිපත්වූයේ ද මේ රජුය. නමුත් ඔහුගේ හිතුවක් කාරී කියා පිළිවෙත නිසා රදළයින් රජුගෙන්  ඈත් විය. නිරපරාදේ රදළයින් සහ භික්ෂූන් වහණ්සේලා ඝාතනය කරලීමට අණ දීම නිසා රජු කෙරෙහි වෛරයක් ජනිත විය. 1815 වසරෙ දී  මැද මහනුවර දී රජු අන්ත අසරණයෙකු ලෙසට ඉංග්‍රීසීන්ට කොටු වන්නේ මේ පසු බිම දිනෙන් දින වර්ධනය වී මෝරා යාමෙනි.
     වත්මන් ජනාධිපතිවරයා කොටින්ට එරෙහිව යුද්ධයට නායකත්වය දෙමින් බටහිර න්‍යය පත්‍රය පවා වෙනස් කළ පුද්ගලයෙකි. එවක ජනතාව සිටි ස්ථාවරත්වයට ඔහුට නිරායාසයෙන්ම පැමිණෙන්නට සිදු විය. ඔහු කළ විශිෂ්ඨතම සේවය නම් ජනතාව විසින් ( ජාතික බල වේග) ගොඩ නැන් වූ යුධ පෙරමුණ ශක්තිමත්ව ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යාමයි. නමුත් වසර තුනකට පසුව මේ ජයග්‍රාහී දේශපාලනය අවතීර්ණ වී ඇත්තේ කොතනකටදැයි සිතන විට නැවතත් මතක් වන්නේ 1912න් පසුව උඩරට රාජධානියේ ඇති වූ සිද්ධි සමූහයයි. වත්මන් ඇමති වරු නොහොත් රදළ වරු ක්‍රමයෙන් අන්ත දූෂිත තත්වයකට ඇද වැටී ඇත. ඔවුන් ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ මත් ද්‍රව්‍ය වෙළෙඳාමයි.. රජයේ කොන්ත්‍රාත් මෙන්ම විවිධ තනතුරු ද සිය හිතවතුන් සන්තකයේ තබා ගන්නා අතර අල්ලස් ගැනීම් කප්පම් ගැනීම් වශයෙන් විවිධ දූෂිත ක්‍රියා වල ද නියැලෙති. කහවත්තේ ද්වීත්ව ඝාතනයෙන් පසු මේ සියල්ල පැහැදිළි විය. රජයේ ඉහළ පුටුවල සිටින්නන් ගේ දූෂිත ක්‍රියා ආදර්ශයට ගන්නා ප්‍රාදේශීය දේශපාලකයින් නායකයින්ටත් වඩා හොඳට ඒ සියල්ල සංවර්ධනය කරති. ඒ අතර දේශපාලකයින්හට රජ වීමට තිබෙන ආශාව වඩාත් කැපී පෙනේ. කටු ගේ කඩා අසිපත් හා මුදු සොරකම් කිරීම භික්ෂූන් වහණ්සේලා ඝාතනය කොට අසිපත් සෙවීම උතුරු මැද පළාතේ පතස් පොකුණූ හාරමින් දාගැබ් බිඳවමින් ඔටුනු හා වෙනත් රාජ කකුධ භාන්ඩ සෙවීම දිනෙන් දින වර්ධනය වන අපරාධයන්ය.
      ලක් රාජාවලිය අභිමානවත් පරපුරක ඉතිහාසය ගෙන හැර දක්වන්නකි. එහි මිණි මුතු වැල් මෙන්ම බොරලු කැට ද හමුවෙයි. ලංකාව කුඩා දිවයිනක් වුවද එයට සරිලන ශිෂ්ඨාචාරයක් මෙන්ම ආර්ථික සමෘධියක් ද ළගා කර ගන්නට  රජ වරු සමත් ව සිටියහ. එකල ඉන්දියාව හා සහ සම්බන්ධව ගොඩ නගා ගත් ඥාති බැඳීම මේ සමෘද්ධියට එක් හේතුවක් විය. දඹදිව නෙහොත් ඉන්දියාවේ සූර්ය වංශයේ ශාඛාවක් ලෙසින් නමුත් වෙනම අනන්‍යතාවයකින් යුක්තව ගොඩනැගුණූ මහාවංශයක් මෙරටට හිමි විය. පසුකලක උභය කුලපාරිශුද්ධතාවය නැතිව  ගොස්  සුලුවංශයකින් ද රට පාලනය විය.  
    ලංකාවේ රාජ්‍ය පාලනයට පදනම් වූයේ දශ රාජ ධර්මයයි. මෙහි අවසන් රජතුමා සිංහලයෙකු නොවේ. ඔහු නායක්කර් වංශිකයෙකු විය. දාහත් වන සියවසෙන් පසුව ලක් රජාවලියේ  බිඳ වැටීම නිසා මෙලෛස වඩුගයින් බලයට පත් වුවද රාජකීය සම්ප්‍රදායන් ආරක්ෂා කරලීමට රජු ගිවිස සිටියහ.  උඩරට බ්‍රිතාන්‍යයන්ට යටත් වීමට පෙර ලන්දේසි ආණ්ඩකාරවරයෙකුව සිටි විලෙම්  ෆැල්ක් විසින් මහනුවර මල්වතු විහාරයට ඉදිරිපත් කරන ලද ප්‍රශ්ණ මාලාවකට මල්වතු විහාර සංඝසභාව විසින් 1769 වර්ෂයේ දී දෙන ලද පිළිතුරු ලංකාවේ රජ සිරිත් හා ලෝක චාරිත්‍ර නම් ග්‍රන්ථයේ ඇතුලත් ව ඇත.   මේ රජ සිරිත් අනුව ලංකාවේ රජ කෙනෙකු හිතුවක් කාර පාලකයෙකු නොවීමට බලපාන ප්‍රධාන කරුණු රැසක් පෙන්වා දී තිබේ. ඒ අතර දන්දීමය සිල් රැකීමය තෑගි දීමය සෘජු භාවය මැදහත් භාවය තපස් ඇති බවය ක්‍රෝධ නොකිරීමය හිංසා නොකිරීමය ක්ෂමා වීමය අවිරුද්ධ බවය යන දශ වැදෑරුම් සාරධර්මයන් වෙති. මේ අනුව රටක් පාලනය කරන්නා රටෙහි සුඛිත මුදිත භාවය කෙරෙහි සිත යොමුකරමින් කරන සේවය රට වැසියා අගය කළහ. ඔවුන් රජු දෙවියෙකු විලස අගයන්නේ එහෙයිනි. එසේම රජුගේ ධාර්මික පාලනයට නාථ දෙවියන් ගේ අවේශය ඉවහල් වන්නේ යයි මධ්‍ය කාලීන රාජ්‍ය සංස්ථාව දැඩි ලෙසට විශ්වාස කළහ. එම නිසා රජුගේ අභිශේක මංගල්ලය සිදුකරන ලද්දේද නාථ දෙවාලය ඉදරිපිටදීය .පාලකයා දශරාජධර්මයෙන් රට පාලනය නොකරන්නේනම් ඔහු නිරයට ගමන් කරන්නෙක් බව ප්‍රකාශ වී ඇත. මේනිසා රජවරු වුවද පවට බිය වූහ. එතුමන්ලා භික්ෂූන් වහණ්සේලා ගේ අවවාද අනුශාසනා අනුව රට පාලනය කළහ. ජන සම්මතවාදය නොමැති යුගයක පවා රටෙහි සාමය පැවතියේ ද රට දියුණූ වූයේ ද මෙලෙස රජකම පාලනයකට යටත් වූ බැවිනි. නමුත් මේ සම්ප්‍රදාය සැම විටම එක විලස ක්‍රියාත්මක වූයේ නැත. විවිධ සතුරු ආක්‍රමණ හමුවේ ඇති වූ බල පෑම් මධ්‍යයේ රට ආරාජික වූ විට බලවත් පාලකයෙකු ගේ නැගීම ඇති වීය මහා පරාක්‍රම බාහු විජය බාහු ආදීන් ගේ බල ප්‍රාප්තිය සිදුවූ යේ එලෙසය.ඔවුන් සියල්ලම රාජ වංශිකයින් බවට සහතිකයක්ද විය.
     රජ කෙනෙකුට කුමාරවරු කීපදෙනෙකු ඇත්නම් කෙසේද යන්න මල්වතු හිමියන් ගෙන් විමසූ විට උන්වහණ්සේ දුන් පිලිතුර මෙසේය. රාජ කුමාරවරුගෙන් ගෙන් වැඩි මහලු බාල පිළිවෙල රජ කමට නියමයක් නොවෙයි. රජ කමට නියමය නම් ගුණ නුවණ පින් ඇති බව ය. රජ්ජුරුවන් වහණ්සේ කෙනෙකු හැසිරෙන්ට ඕනෑ වූ අඥාවලුත් අද්ද යන වග විමසූ විට දුන් පිළතුර මෙසේය. රාජ්‍යස්‍ය මූලංඉන්ද්‍රියං ජයං කියා නීති ශාස්ත්‍රයෙහි මුලටම දැක්වූ හෙයින් රට ආණ්ඩු කිරීමට මුල් වූයේ පංචේන්ද්‍රියන් ජය ගැන්මය. පංචේන්ද්‍රිය නම් ඇසය කණය නාසය දිවය ඇඟය යන මේ පසයි. මොවුන් ගේ ජය ගැන්ම නම් ඇසින් දුටු අන් සතු ස්ත්‍රීන් ආදී වස්තුවටද කනින් අසන කේලාම් ආදී නපුරු තෙපුල් වලටද මෙකී දේට නො ඇල්මය. නොකීපීමය. නාසය දැනෙන ගන්ධයට ද දිවට දැනෙන රසයටද ඇඟට දැනෙන සැපයටද වඩාත්  නොඇලීමය. .
    මේ ආකාරයෙන් බලන කල්හි අසිපතක් හෝ වෙනත් රාජ කකුධ භාණ්ඩයක් ගෙන කෙනෙකුට රජ වන්නට  පුලුවන් නම් එය රජ්‍යයක විනාශයේ ආරම්භය වෙයි. වස්තු තණ්හාවෙන් සහ රාජ්‍ය ලෝභයෙන් සිටි සිරිනාග නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු ගැන සද්ධර්මාලංකාර කතා වස්තුවේ තිබේ. ඔහු රජ්‍යත්වය හා බලය ලබා ගැනීම පිණිස අනුරාධපුරයේ දකුණු දාගැබ බිඳවන්නට උත්සාහ කලේය. මේ දාගැබ ආරක්ෂා කරන හෙල්ලොලිය නම් ගමේ ප්‍රධානියා ද අවනත කරගන්නට උත්සාහ කලේය. නමුත් පවට තිබෙන බිය නිසා ඔහු ඊට අකමැති විය. මේ ප්‍රධානියා ඇතුලු පිරිස උල හිඳුවා මරණ ලද අතර සිරි නාග වෙනත් දාගැබ් රාශියක් බිඳවා  වස්තුව එක් රැස් කොට ජන බලය ද ගෙන රජ්‍ය  පැහැර ගත්තේය. නමුත් ඔහුට යහතින් සිටින්ට නොහැකි විය. අවසානයේ දී තමන් කළ අකුසල කර්මයන් පලදී තමන් විසින් තමන්ගේම   බඩ පලා ගෙන නිරයට ගියේය. එහි විපාකයන් සද්ධර්මාලංකාරයේ සඳහන්ව ඇත්තේ මෙසේය.
      යම් කිසිවෙක් බුදුන්ගේ උතුම් වූ ශාරීරික ධාතු පිහිටුවා බැඳි දාගැබක් බින්දේ නම් එසේ වූ පව් කළ තැනැත්තන් පාපිෂ්ඨ වූ සිරි නාගයන් පරිද්දෙන් ම අවීචි මහා නරකයේ උපදන්නේමය. තවද යම් කිසි වෙක් බුද්ධ රූපවල අත් පා කන්නසා සිඳ බිඳ නැසූයේ නම් එවැනියන් එපරිද්දෙන්ම මෙම ජාතියෙහි බෙහෝ දුක් විඳ නිරයේම උපදනේය. තවද යම් කිසි කෙනෙකුන් සංඝයා වහණ්සේට කිසියම් අපරාධයක් කලාහු වී නම් එසේවූ සත්වයෝ නරක තිර්‍ය්‍යයක් ප්‍රේත අසුර කාය යන සතර අපායෙහිම මහ දුක් විඳිනාහුමය.
     අපේ බණ පොත් වල මෙසේ අකුසලයෙහි අදීනවයන් පෙන්වා දදෙන ලද්දේ ජනතාව මෙන්ම රජවරු ද සාර ධර්මයන් කෙරෙහි පිහිටුවීමටය. ධාර්මිකව රට කරවීමට නම් රටේ පාලකයා මෙන්ම ඇමතිවරුද ආදර්ශමත් විය යුත්තේය. දැන් සිදු වන්නේ එහි අනෙක් පැත්තය. ඇමතිවරු සහ ප්‍රාදේශිය දේශපාලකයින් දූෂිත ක්‍රියා වල යෙදෙන විට එම පුද්ගලයන් ආරක්ෂා කර ගැනීමට රජය ඉදිරිපත් වේ. මෙහිදී රට වැසියා මෙය තේරුම් ගන්නේ තමන්ට ලැබුණු අවස්ථාවක් ලෙසටය. එවිට පවට බිය වීම පැත්තකින් තබා මංකොල්ල කෑම් වල හා විවිධ අපරාධ වල යෙදෙන්නට පෙළඹිමක් ඇති වේ. බොර දියේ මාලු බෑමට බලා සිටින විදෙස් බල වේගවලට ද මෙය හොඳ අවස්ථාවකි.  රජය ජාත්‍යන්තරයට ඇට වූ උගත් පාඩම් උගුලේ දැන් රජය ම හිරවී ඇත. ලංකාව බිත්තියට හේත්තුකර ඇත. දෙදහස් දොළහ වර්ෂය ද ගෙවී යමින් පවතී. විදේශ ආධිපත්‍ය නිසා රටට නිදහස අහිමි වී දෙදහස් පහළොව වසරට වසර දෙසීය සම්පූර්ණ වෙයි. නිදහස ද යටත් වීමද යන්න තෝරා ගැනීමට තිබෙන හොඳම අවස්ථාව මෙයයි.  
                                                                              

Wednesday, March 21, 2012

පළාබත්ගල පිරිවෙන ගැන කියැවෙන මැටි මුද්‍රිකාව

                                      
            ශ්‍රී පාද ස්ථානය සිංහල බෞද්ධ යින්ගේ ගෞරවාදරයට ත් වූ අතිශයින් වැදගත් සිද්ධස්ථානයකි. තුනුරුවන් ගේ ආඥාව ශ්‍රී ලංකා ද්වීපයේ පිහිටවීම පිළිබඳ සංකේතයක් ලෙසට ද මෙය සැලකේ. වේදේහ මාහිමියන් විසින් රචිත යයි සැලකෙන සමන්ත කූඨ වර්ණනා නම් පාලි ග්‍රන්ථයේ හත්සිය අසූ එක්වන පැදියේ පරිදි බුදු සිරි පතුල මැණික් ගලේ ඔබ්බන ලද්දකි. නැතහොත් තෙරපීමෙන් සළකුණූ කරන ලද්දකි. එහිදී එම පැදියේ දී මෙය සඳහන් කිරීමට ඛත්තිය මුදද්දිකාය යන වදන භාවිතා කොට ඇත.
    රාක්ෂ ගෝත්‍ර භාෂාවෙන් සළකුණට ව්‍යවහාර වන්නේ මක්කමාම යනුවෙනි. බුදුන් වහණ්සේ ප්‍රථම වරට ලංකාගමනයේ දී මාන් තොට වරායෙන් ගොඩ බැස කල්පිටියට නුදුරු තැනකදී සිරි පද සළකුණක් තබා( ඇත්තල මක්කම) පොම්පරිප්පුව අසළ වත්මන්  වැලිවෙහෙරේ දී ධර්ම දේශනා කළ බව යක්ෂ ගොත්‍රිකයින්ගේ අප්‍රකට තොරතුරු ග්‍රක්ථයේසඳහන් කර ඇත. මේ සිරිපද සලකුණ යටට එබී ගිය එකකි. ඉන්පසු ඒ හැඩයේ සළකුණු රාශියක් විල්පත්තුව අවට විහාරස්ථාන වලත් අනුරාධපුරය දක්වා විහාරස්ථාන වලත් හමුවන්නේ ඒ ආභාෂයෙන් යයි කියැවේ.
                 ශ්‍රී පාද ස්ථානයට පිවිසීම පිණිස වර්තමානෙය් මාර්ග රාශියක් තිබුණද ඒහි ප්‍රධානතම පිවිසුම් මාර්ගය ‍ලෙසට  සැලකෙන්නේ රජවරුන් විසින් භාවිතා කල ගිලීමලේ රජ මාවතයි. මෙම රජ මාවතතේ තිබෙන වැදගත්ම ස්ථානයන් දෙකකි. එකක් පළමුවන විජය බාහු රජු විසින් පිහිටුවාලන ලද ගිලීමලේ සෙල්ලිපිය පිහිටා තිබෙන ගිලීමලේ රජ මහා විහාර මාවතයි. අනෙක් ස්ථානය පලාබත්ගල වනවාස පිවිසුම් මාරගයයි. මෙයින් පළමු වැන්න වන ඉලුක් වත්ත අම්බලමෙන් පටන් ගත් ගිලීමලේ රජ මාවත අද අභාවයට ගොස් තිබුණද පළාබත්ගල සිට රජ මාවත නැවතත් සක්‍රීය තත්වයට පත් ව ඇත. වෙසෙසින්ම යුධ හමුදාවේ මූලිකත්වයෙන් එහි පඩි සකස් කොට තිබීම වන්දනා කරුවන්ට පහසුවක් වී තිබේ.
  පැරණි පළාබත්ගල වනවාසය වර්තමානයේ දකනට නොමැත. එහි අභිනව විහාරස්ථානයක් ඉඳිවී ඇත. මෙම වනවාසයේ ආරම්භය දඹදෙණි යුගයයි. පූජාවලියේ සඳහන් පරිදි දෙවනි පරාක්‍රමබාහු රජු ගේ අනුමැතිය පරිදි ප්‍රතිපත්ති ගරුක භික්ෂූණ් වහණ්සේලා කැඳවා ගම් වාසයෙන් දෙවිසි නමක් ද වනවාසයෙන් දෙවිසි නමක් ද තෝරා ගෙන පළාබත්ගල ප්‍රදේශයේ අභිනව පරිවේණස්ථානක්  ඉඳිකරවා ඇත. ගල්ලෙන් බහුල වට මාර්ගයක් ව පැවති ශ්‍රීපාද රජ මාවත අලි ඇතුන් ගේ වාසය නිසා පවනැල්ලේ සිට මෑතකදී වෙනස්ව ගමන් ගනී. එම නිසා පුරාණ වනවාසයට අයත් ගල්ලෙන් රාශියක් දැනට  ගමන් මාර්ගයෙන් බැහැරව පවතී. මේ ගල්ලෙන් අතීත රහතුන් වහණ්සේලා භාවනායෝගීව සිටි ස්ථාන වෙති.
       පළාබත්ගල වනවාසය මෙන්ම පළාබත් ගල පිරිවෙන ද එකල දසදෙස පූජිත විය. එයට හේතුව පළාබත් ගල ධර්ම කීර්ති පරම්පරාවයි. මෙම සඝ පරම්පරාවේ කීර්තිමත් යතිවරයින් සිවු දෙනෙකි. දිඹුලාගල දීපංකර ස්වාමීන්ද්‍රයන් වහණ්සේගේ අතවැසි පළාබත්ගල ධර්ම කීර්ති මහ නාහිමි ඉන් පළමු යතිවරයින් වහණ්සේය. යාපහුවේ වලස්ගල නෙහොත් අච්චගිරි සේනාසනයේ අධිපති තනතුරට පත් උන් වහණ්සේ  පළාබත් ගල නාමයෙන් ද ශාසනික සේවයෙන් ද ලෝ පූජිත විය. උන් වහණෟසේ ගේ අති ජාත ශිෂ්‍ය රත්නය වූ සීලවංශ ධම්මකීර්ති මහාසාමිවරයා ගම්පළ අවදියේ ගඩලාදෙණි විහාරයේ වැඩසිටියහ. ගඩලාදෙණියේ සද්ධර්මතිලන විහාරය කරවූයේ උන්වහණ්සේ විසිනි. පාරමී ශතකය ජනානුරාග චරිතය ආදී ග්‍රන්ථ රචනා කළ උන් වහණ්සේ සිරි ලක පතළ කීර්තිමත් පඬිවරයෙකු විය.
     සීලවංශ ධර්ම කීර්ති පරම්පරාවේ ඊළඟ පුරුක සද්ධර්මාලංකාර කතුවර දේවරක්ෂිත ජය බාහු ධම්මකිත්ති මහ නාහිමිය. වීරබාහු රජ විසින් රන ලද ශාසන ශෝධනයේ දී මුලසුන ගත්තේ උන් වහණ්සේය. උන් වහණ්සේ එකළ සඝ රජ ධූරය ද දැරීය.  කොට්ටේ ජයවර්ධන පුරයේ සයව‍න පරාක්‍රමබාහු සමයේ ඒ රජු ගේ අනුමැතියෙන් සද්ධර්ම රත්නාකරය රචනා කළ සිද්ධත්ථ ධම්මදින්නාචාර්ය විමල කිත්ති මහ නාහිමි ද පළාබත්ගල ධම්මකිත්ති පරම්පරාවට සම්බන්ධ බව මහාචාර්ය මැන්දිස් රෝහණ දීර මහතා සිය ලිපි වල පෙන්වා දී ඇත.
        ධර්මකීර්ති පරම්පරාවේ සියුලු ස්වාමීන් වහණ්සේලාට මුල් වූ තෙර නමක් ගැන මෙහිදී සදහන් කළ යුතුය. දෙවනි පරාක්‍රමබාහු අවදියේ මෙරටට වැඩම වූ තාඹුලිංගමු රට (තම්බරට්ඨ) ධම්මකිත්ති නාහිමි මේ මහා නායක හිමියන් වෙයි. තාඹුලිංගමුවේ නොහොත් තායිලන්තයේ වසන දොලොස් දහසක් භික්ෂූන් වහණ්සේලා අතරින් තේරස ධුතාංගාදී විදර්ශණා පුහුණු කල ධම්මකිත්ති හිමියන් යන එන මග දෙපස පෙරමග පියුම් පත් නැංගා යයි අසා උන්වහණ්සේට මහත් ගෞරවයෙන් වඩම්මවාගන අවුත්  එකළට අවශ්‍ය භික්ෂූන් වහණ්සේලා පුහුණු කිරීම උන් වහණ්සේට භාර දෙන්නට ඇති බව කල්පනා කළ හැකිය.
       පළාබත් ගල වනවාසය හා පිරිවෙන ආරම්භ වූයේ මේ සඳහාය. කාලිංග මාඝයන්ගේ ආක්‍රමණයෙන් පසු රට වැල් වැදී ගිය කල්හි රටේ සංවර්ධනයද ජනයාගේ සාරධර්මයන් ද අභාවයට ගියේය. බුද්ධ ශාසනය පරහානියට පත් වූයේය. රජු ශාසනික සංවර්ධනය ගැන උනන්දුවක් නොදැක්වීය. මේ බව දත් මයුරපාද පරිවේණාධිපති බුද්දපුත්‍ර ස්ථවීරයන් වහණ්සේ පූජාවලිය රචනා කොට රජුට පිලිගැනවීය. එයින් සතුටටත් ප්‍රීතියටත් පත් රජු ශාසන ශෝධනයක් කොට සැදැහැවත් සිල්වත් මෙන්ම බහුශ්‍රැත භික්ෂූන් වහණ්සේලා පිරිසක් රටට දායක කරනු වස් පලාබත් ගල පිරිවෙන ආරම්භ නලේය. පලාබත්ගල පරිවේනස්ථානයේ සද්ධර්ම ආලෝක කදම්භය සියවස් ගණනාවක් පැවතියේ නිවරදිව එයට අඩිතාලමක් දැමූ බැවිනි.
    පලාබත්ගල පිරිවෙන සියවස් ගණනාවක් තුල ශාස්ත්‍රීය ආලෝකය පතුරුවාලමින් වැජඹුණද අනිත්‍ය යළිත් වරක් මෙනෙහි කරමින් ජරාවාසව ගියේය. බ්‍රිතාන්‍ය සමය වන විට එම ප්‍රදේශය වල් වැදී ඉඩකඩම් පවා අන් සන්තක වුණි. පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල හිමිපාණන් පළාබත්ගල කරන ලද ගවේශණයේ දී හෙළි වූයේ මේ පිරිවෙන් භූමිය තේවත්තකට යටව ඇති ආකාරයයි. එහි අයිතිකරු මෙහි තිබූ පුරා වස්තු සියල්ල එක් රැස් කොට වලක් කපා වල දැමූ බව පැරණියන් පවසති. ඉතිරී වී තිබූ ගල් කණු අභිනව විහාරස්ථානය සෑදීමට භාවිතා කර ඇති අතර ශ්‍රීපාද ගමන් මාර්ගයේ ද ගල් කණු කීපයක් ඉතිරිව ඇත්තේය. පිරිවෙන් භූමියේ තිබූ පතහ සහ ගොඩනැගිලි කිසිවක් ඉතිරි කර නොතබාම මේ කීර්තිමත් ස්ථානය පසින් යටවී තිබේ.
    ඉතිහාසය වෙනස් කළ හැකි දෙයක් නොවේ. වෙසෙසින්ම ප්‍රභාමත් ස්ථානයක් සැඟව ගොස් තිබුණද යලි මතු වෙයි. පලබත්ගල පැරණි පිරිවෙන් භූමියෙන් යලි හමු වූයේ පිරිවෙනේ අනන්‍යතාවය කියාපාන මැටි මුද්‍රිකාවකි.(SEAL) දෙමහල් පිරිවෙන විහාරස්ථානය මෙන්ම ඉන් විහිදුනු ශාස්ත්‍රාලෝකය සංකේතවත් කරන මෙම මුද්‍රිකාව සම්මුඛ වී තිබෙන්නේ පලාබත්ගල වාසය කරන ඩී.තිලකසිරි මහතාටය. යම් කිසි කටයුත්තක්  සඳහා එම භූමියෙන් රැගෙන ආ පස් අතර තිබී මේ වටිනා පුරා වස්තුව හමු වී ඇත.
      ලංකාවේ පැරණි පුරාවස්තු අතර මෙවැනි මුද්‍රිකා රාශියක් හමු වේ. වෙසෙසින්ම කාසි මුද්‍රණ ශිල්යේ දී මෙවැනි අච්චු භාවිතා කරලීමේ පුරුද්දක් තිබුණි. අනුරාධපුර අබය ගිරි කැණීමෙන් හමු වූ පුරා වස්තු අතර කාසි අච්චු රාශියෙකි. කාසි අච්චු තැනීමේ දී ප්‍රථමයෙන් මැටි අච්චු වල හෝ දැලි පොතු වල අච්චු මුද්‍රාව සකස්කර ගන්නේ යයි කියති. මැටි අච්චු වල සළකුණු ලබා ගන්නේ මුද්‍රාවක් එබ්බවීමෙනි. මෙරට භාවිත වූ පැරණි තම කාසි වර්ගය හස් එබූ කහපණයි. එයද මැටි මුද්‍රිකාවකින් සකස් කර ඇත. රජ වරුන් පාලන අධිකාරය පෙන්වීමටද මුද්‍රා තැබූහ.ආනකෝට්ටේ මුද්‍රාව ද එවැන්නකි. වෙසෙසින්ම මුදල් ගනුදෙනු වලදී එම මුද්‍රාව වැදගත්වෙයි. නාගරික සභ්‍යත්වය වැඩීම පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා තිස්සමහාරාමයේ කළ ගවේශණයේ දී හා කැණීම් වලින් හමු වී ඇති මුද්‍රා විශේෂය තුල සවස්තිකය සළකුණූ කර ඇත. අනුරාධපුර ගෙඩි ගේ කැණීම් වලදී ද මෙවැනිම මුද්‍රා විශේෂ හමු වේ.  පළාබත් ගල පැරණි පුරාවස්තු භූමියෙන් හමු වී ඇති මැටි මුද්‍රිකාව ද එසේමය. එම පිරිවෙනේ වැඩ සිටි භික්ෂූන්වහණ්සේලා සිය අධ්‍යාපනය අවසන් කර ගමන් ආරම්භ කරන අවස්ථාවේ දී දුන් උපාධිය සහතික කරවනු වස් මේ මුද්‍රිකාව භාවිතා කර ඇත. එහි මැද පවතින අලෝක වෘක්ෂයෙන් මේ උපාධිය සංකේතවත් කරන්නේ යයිසිතිය හැකිය. දෙපස තිබෙන සංකේත මගින් කියාපාන්නේ පිරිවෙන ආශ්‍රයේ පැවති  ගොඩනැගිලි වල වාස්තු විද්‍යා ස්වරූපයයි. සියුම් මැට්ටෙන් තනන ලද මෙම මුද්‍රිකාව නිසැකයෙන්ම දඹදෙණි අවධියට අයත්ය. මෙම මුද්‍රිකාව මගින් කඩදාසියක තල්පතක හො මැටි පුවරුවක හෝ තබන ලද මුද්‍රාව එදා එතනනින් පිටවූ ධම්ම කිත්ති පරම්පරාවේ භික්ෂූන් වහණ්සේලා  ගේ කිර්ති නාමය සනිටුහන් කරවන්නක් වන්නට ඇත.
      මැටි මද්‍රිකාව මගින් පළබත්ගල පිරිවෙනේ අනන්‍යතාවය හෙලි වුවද මේ ස්ථානය තවමත් පුරාවිද්‍යා භූමියක් බවට පත්ව නොමැත. මෑතකදී පළබත්ගල අබිනව විහාරස්ථානය අම්බලම හා ඒඅවට ප්‍රදේශය පූජා නගරයක් කරන සැලැස්මට පවා මේ වැදගත් පැරණි නටබුන් කලාපය අයත්කරගෙන නැත. එම නිසා මෙම ඓතිහාසික ස්ථානයේ වැදගත්කම සදහටම පසට යට වන්නට ඉඩ ඇත. පැරණි පළාබත්ගල පිරිවෙන යනු කුඩා ප්‍රදේශයක් නොව ශ්‍රී පාද වට මාර්ගයද අයත් ගල්ලෙන් ද සහිත විශාල ආරණ්‍ය සේනාසනයක් බව මෙහිදී මතක් කර දියු යුතුව තිබේ.