පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, June 27, 2018

දෙමළ ජාතිවාදී කපුටන්ට ගොදුරක් වූ මන්නාරම් මිනී වල


                              

        කොටි ත්‍රස්තවාදයත් මනුෂ්‍ය ඝාතනත් ආරම්භ වූයේ යාපන නගරාධිපති වරයා වූ දොරේ අප්පා ඝාතනය කරමිනි.ඉන්පසු  1984 වර්ෂයේදී ඩොලර් ෆාම් වලට එල්ල කරන ලද ප්‍රහාරයකින් අහිසංක සිවිල් වැසියන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.එය පළමු සමූහ ඝාතනය විය.කොටි ත්‍රස්ත ප්‍රහාර වලින් වැඩිම පිරිසක් ඝාතනය වූයේ ශ්‍රී මහා බෝධිය වෙත එල්ල කරන ලද ප්‍රහාරයෙනි ඊට අමතරව කොටුව මධ්‍යම බස් නැවතුම් පොළ සහ කාත්තන් කුඩි වලදීද සියයකට අධික සංඛ්‍යාවක්  සිවිල් වැසියන් මරණයට පත් විය.දිගින් දිගටම කරන ලද මනුෂ්‍ය ඝාතන  වැලැක්වීම උදෙසා 2009 වසරේදී ශ්‍රී ලංකා හමුදාවන් විසින් කොටි ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කර රටේ සාමය උදාකරන ලදී.ඒ ප්‍රභාකරන් විසින් පුදුකුඩිඉරිප්පුවේ දී මිනිස් පළිහක් ලෙසට භාවිත කළ දෙමළ වැසියන් ද  වැඩි පිරිසක් බේරා ගනිමිනි.දැන් මේ වීරෝධාර හමුදාව අතින් දෙමළ වැසියන් අරභයා යුධ අපරාධ සිදු වූ බව ප්‍රකාශ කරමින් ජගත් තලයේ විශාල ගාල ගෝට්ටියක් දෙමළ ජාතිවාදීන් විසින් කරගෙන යනු ලැබේ. මේ කැණහිල් හඬට එකතුවුණු රනිල් සිරිසේන යහපාලන ආණ්ඩුව සිංහල හමුදවට විරුද්ධව තිබෙන යුධ අපරාධ චෝදනා පිළිගෙන ඇත. එපමණක් නොව දෙමළ ජනතාව 40000 ක් ඝාතනය කළ බවට ප්‍රකාශ කරමින් මේ ජාතිවාදීන් නගන අඳෝනාව තහවුරු කරමින් මේ පිරිස ගැන සෙවීමට අතුරුදහන් වූවන් සඳහා කාර්යාලයක්ද පිහිටුවා තිබේ.ඔවුන්ගේ අළුත්ම තුරුම්පුව නම් මේ ඊනියා අපරාධ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් කොටි පවුල් වලට වන්දි ලබා ගැනීමයි. ඒ සඳහා ලක් රජයේම ඇමතිවරයෙකු වූ ස්වමිනාදන් මහතා පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කරන ලදී.මෙයට සමගාමීව මෙකී ජතිවාදී කපුටන් ගේ අලුත්ම වෑයම නම් මන්නාරමෙන් මතුව තිබෙන සමූහ මිනී වලෙන් මතුව එන අපරාධය යුධ හමුදාවට බැර කිරීමට උත්සාහ දැරීමයි.
             මෙම මිනී වල සොයා ගන්නා ලද්දේ මන්නාරම උසාවිය අසල පිහිටි පැරණි ස.තො.ස. ගොඩනැගිල්ලක් කඩා පස් ඉවත් කිරීමේදීය.පසුව මන්නාරම් මහේස්ත්‍රත්වරයාගේ නියෝගය පරිදි වෝහාරික පුරා විද්‍යාව පිළිබඳ කීර්තිමත් පුරා විද්‍යඥයෙකු වූ මහචාර්ය රාජ් සෝමදේව මහතා වෙත මෙම මිනී වලේ කැණීම සහ ගවේශණය භාර කර තිබේ. මැයි 28 වන දින ආරම්භ වූ කැණීමට මේ වන විට දින  විසිඅටක් ගතව තිබේ.මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසන පරිදි මෙම ඇට සැකිලි වර්ග කීපයකි. කැබලි කරන ලද පුද්ගල මළ සිරුරු අස්ථි කොටස් පමණක් දක්නට ඇති මළ සිරුරු සහ පූර්ණ වශයෙන් දක්නට තිබෙන මළ සිරුරු මේ කොටස් තනයි. මේ සියල්ලම ගැණ බැලූ විට මළ සිරුර තිහක් පමණ දැනට හඳුනා ගෙන ඇති බවද හෙළි වී ඇත. එසේම මළ සිරුරු දෙකක අත් වල පැළඳි සත්ව ඇට කටු වලින් තනන ලද මුදු දෙකක්ද වීදුරු පබළු කීපයක්ද ඕලන්ද සමයට අයත් භාජනයක කොටසක්ද මළ කෑ යකඩ කොටස් කීපයක්ද දැනට මතු කර ගෙන ඇති බව පැවසෙයි.  මෙම ඇට සැකිලි පිළිබඳ ස්ථීර නිගමනයක් දැනට නොපවතින අතර ඉදිරි සති දෙක තුළ මෙම ඇට සැකිලි ගොඩ ගෙන සුරක්ෂිතව තැන්පත් කර පුරාවිද්‍යාඥයන් ගේද සහාය ඇතිව කාල නිර්ණයකොට අවසාන වාර්තාවක් ලබා දීමට බලාපොරෙත්තු වන බව මෙම ස්ථානය භාරව සිටින මන්නාරම් අධිකරණ වෛද්‍ය නිළධාරී ඩබ්.ආර්.එම්.රාජපක්ෂ මහතා  පවසයි.
           අන්තර්ජාලයේ මෙන්ම දෙමළ පුවත් පත් වල ඉංග්‍රීසි පුවත් පත් වල පළව තිබූ වර්තා කියවා බැලූ කල්හි විද්‍යාඥයන් ගේ නිගමන වලටද කලියෙන්  දෙමළ ජාතිවාදීන් විසින් මේ මිනී වලේ වගකීම යුධහමුදාව වෙත භාර දී තිබෙන බව අපට පෙනී ගියේය. ඒ අනුව එම ස්ථානයට ගොස් ඒවා නිරීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය විය.අපගේ නිරීක්ෂණයට අනුව මෙම ඇට සැකිලි වලින් පෙන්නුම් කරනුයේ කපා කොටා මරා දමා ඇති පුද්ගලයන්ය.කිසිම වෙඩි තැබීමක් මේ පුද්ගලයන්ට එල්ල කොට නැත. මෙම මළ සිරුරු අතර ස්ත්‍රීන් සහ පුරුෂයන් මෙන්ම කුඩා දරුවන්ද සිටින බව පෙනී යයි. ඇතැම් හිස් කබල් වල තිබෙන ළපටි බව අපගේ ඇස් මානයට හසු විණ. රත් පැහැයට හුරු ලබු ගෙඩි මෙන් දිස් වූ සමස්ත හිස් කබල් සියල්ලම තුළින් අපට දැනෙන සංවේගය කාහටත් පොදුවේ දැනෙනු ඇත. එහෙත් මෙම ස්ථානයට පැමිණි දෙමළ මාධ්‍ය වේදීන් ගේ උත්සාහය වූයේ හමුදාව විසින් මෙම ඝාතනයන් කළ බවට සාක්ෂි ඇත්දැයි විමසීමයි. ඒවා එක එල්ලේ අසන ලද ප්‍රශ්ණ නොවුවවද එහි සිටි ආගමික සහජීවනය පිළිබඳ රජ්‍ය නොවන සංවිධානයක මාධ්‍ය  අංශය විසින් අසන්නට යෙදුණු ප්‍රශ්ණ වලින් ඒ බැව් ගම්‍ය වුණි. මේ පුද්ගලයන් දිනපතා මෙහි පැමිණෙති. දියණු මාධ්‍ය උපකරණ භාවිතා කරමින් එම සැණින් අන්තර්ජාලය ඔස්සේ තම සංවිධාන මෙන්ම ද්‍රවිඩ මාධ්‍ය ආවරණය කරති. මේ අවස්ථාවේදී ජිනීවා මානව හිමිකම් සමුළුවට සමාගාමීව සිදු කරන සම්මන්ත්‍රණ වලට සහායක් වශයෙන් මේ ප්‍රකාශයන් කෙරෙන ආකාරය පැහැදිලි වෙයි.

           දෙමල එක්සත් විමුක්ති පෙරමුණේ සිටි දෙමළ ජාතිවාදීන්ගෙන් පෝෂණය ලත් දෙමළ තරුණයන් විසින් දෙමළ විමුක්ති කොටි සංවිධානය ආරම්භ කල පසුව ඉන් ගැලවී ගිය කීප දෙනෙකු විසින් ටෙලෝ ඊ.පී.ආර්.එල්.එෆ්. ඊ.පී.ඩී.පී. ප්ලොට් වැනි සංවිධාන පිහිටුවා ගත්හ.මේ සංවිධාන වල සියලුම කාඩරයන්ට අවි පුහුණව ලබා දෙන ලද්දේ දකුණ ඉන්දීය ප්‍ර දේශ වලදීය. ඉන්දීය රජයේ ඔත්තු සේවා වල සම්පූර්ණ ආශීර්වාදයෙන් සිදු වුණු මෙම කටයුත්ත තුළ පසු කලකදී මේ සංවිධාන එකිනෙක ඇණ කොටා ගත්හ.1986 මැය 07 වනදා ටෙලෝ සාමාජිකයන් 350 දෙනෙකු එල්.ටී.ටී.ය විසින් ඝාතනය කිරීමෙන් පසු මේ ගැටුම තවත් උග්‍ර විය.මේ සංවිධාන සෘජුව හෝ වක්‍රව ඉන්දීය රහස් ඔත්තු සේවා විසින් නඩත්තු කරන ලද්දේ විය.ඊ.පී.ඩී.පී. වැනි සංවිධාන එක්සත් ජාතික පක්ෂය විසින් හදා වඩා ගත්තවුන් විය. කෙසේ වෙතත් අසූව දශකයේදී ප්ලොට් සංවිධානය සතු වධකාගාර 14ක වවුනියාව අවට තිබෙන බවට වාර්තා වූයේ ප්ලොට් නායකයෙකු වූ මාණික්කදාසන් ගේ ක්‍රියා කලාපය නිසාවෙනි. මේ සියළු දෙමළ සංවිධාන මුල් කාලයේදී කලේ වාර්ගික සංහාරයයි. ඔවුහු සිංහල ගම්මානයන්ට පැන ජනතාව කැති ගෑහ. මුස්ලිම් ගම්මාන වලට පැන ජනතාව කැති ගෑහ.ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ පසුව ඒ සංහාරය වේගවත් විය. සිංහල සහ මුස්ලිම් ජනතාව උතුරු සහ නැගනෙහිර සහ මන්නාරම් ප්‍ර දේශ වලින් පලවා හරින ලදහ. මන්නාරම් ප්‍ර දේශයෙන් වාර්තා වන පළමු සමූහ ඝාතනය විල්පත්තුව අවටිනි. දෙවනුව මඩු පල්ලිය අසලිනි.මේ අය අතර කතෝලික වන්දනා කරුවන්ද විය. කොටි සංවිධනයේ  විවිධ කල්ලි විසින් මන්නාරමේ සිලාවතුර කොක්කු පඩයාන් මරිච්චකට්ටු මුරන්ක්න් වැනි තැන්වල පදිංචි ව සිටි සිංහල මුස්ලිම් අය වෙත භීතිය එල්ල කළහ.1981 ජන සංගණනය අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ සිටි  සම්පූර්ණ සිංහල ජනගහනය අටදහස ඉක්මවයි. මන්නාරම් නගරයේ පමණක් පන්සිය පනස් හතක්ද මන්නාරම අවට පන්දහසක් පමණද සිංහලයන් ජීවත්ව සිට ඇත. වර්තමාන මාතොට රජ මහ විහාරය ඔවුන් ගේ ප්‍රධාන පූජ්‍ය ස්ථානයයි.මේ පිරිසෙන් වැඩි තරමක් එම ප්‍ර දේශ වලින් පළවා හරින ලදහ. ඇතැමෙක්  ආගිය අතක් නැත. මුස්ලිම් ජනතාවද මෙලෙසම පළවා හරින ලදහ.
    මන්නාරමේ සමූහ මිනිවල යයි කියැවෙන ස්ථානයෙහි ස.තො.ස. ගොඩනැගිල්ලක් පිහිටා තිබුණද කලින් කොටි සංවිධානයට සම්බන්ධ අතුරු සංවිධානයක කාර්යාලයකි. ප්‍ර දේශයේ ජනතාව පවසන පරිදි එහිද වධකාගාරයක් පවත්වා ගෙන ගොස් තිබේ. එසේ නම් මේ මතු වන්නේ කිනම් පිරිසකගේ යුධ අපරාධයන්දැයි ප්‍රශ්ණ කරන්නට අපට අවස්ථාව ලැබී තිබේ.  මෙම මිනී වලෙන් ලැබුණු ඕලන්ද සමයට අයත් භාජන කොටස් සහ වීදුරු පබළු වලින් සනාථ වන එක් සත්‍යක් ඇත.එනම් මෙම මිනී වල පිරවීම සඳහා වැලි හෝ පස් සපයා ගන්නට ඇත්තේ මාන්තායි වරාය අසල භූමියකින් බවයි.එසේ නම් මන්නාරම අවට සිටි සිංහල සහ මුස්ලිම් ජනගහනයත් ඔවුන් පදිංචිව සිටි ප්‍ර දේශත් පිළිබඳව සොයා බැලීම මේ පරීක්ෂණයට ඉතා අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සැලකෙන බවයි.  කාල නිර්ණයෙන්  පසු ඝාතන අවස්ථාව හඳුනාගත හැකි වුවද ඝාතනයට ලක් වූවන් කවුරුන්දැයි තේරුම් ගත හැක්කේ එවැනි සමාජ ගවේශණයකිනි.එම නිසා මෙම සමූහ මිනී වලෙන් මතුවන සත්‍යය තුළින් ජිනීවා පච වේදිකාව දෙදරිය හැකි බව අප පෙන්වා දිය යුතුය. එසේම මන්නාරම් වැනි ප්‍ර දේශ වල මිනී වලවල් හරන්නේ නම් තිරුකෝවිල් වල ඝාතනය වූ පොලිස් භටයන් ගැනද සෙවීමට අපට අවස්ථාව ලැබී ඇත. කෙසේ වෙතත් අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ මිනීවලවල් ගොඩගනිමින් ලක් වාසීන් ගේ සිත් පෑරීමට වඩා රටේ ජනතාවගේ සිත් සුවපත් කිරීමට රජය පැහැදිලිවම මැදිහත් විය යුතු බවයි. නියඟයෙන් ගං වතුරෙන් අන්ත දිළි ඳු කමින් පීඩාවට පත්ව සිටින රටේ සමස්ත ජනගහනයට තිබෙන ප්‍රශ්ණ මීනී වලවල් නොවේ.රජය තේරුම් ගත යුත්තේ එම සත්‍යයි.


Thursday, June 21, 2018

බන්ධනාගාර පණත තිබෙන්නේ ව්‍යවස්ථාවට ඉහළින් ද


                                    
          සිර භාරයට නියම කරන ලද පුද්ගලයෙකු අරභයා කටයුතු කළ යුතු ආකාරය බන්ධනාගාර පණතේ සඳහන්ව තිබෙන බැවින් සිරගතව සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ද එම පණතේ විධිවිධාන අනුව සිරකරු ඇඳුම ඇඟලා ගත යුතු බව අධිකරණ ඇමති තලතා අතුකෝරළ මහත්මිය කෝට්ටේ සංඝ සභාවට දන්වා යවා ඇත. ඒ අතර නීතිඥ සංගමයේ සභාපති වරයාද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ දැනටමත් ස්වාමීන් වහන්සේලා  පහලොස් නමක් පමණ  සහ අන්‍යාගමික පූජකයන් කීප දෙනෙකුද බන්ධනාගාර ගතව සිටින අතර ඔවුන් සියල්ලම සිරකරුවෙකුට නියම ඇඳුම ඇද සිටින බැවින් එය ප්‍රශ්ණයක් කර නොගත යුතු බවයි.
           ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය වෙන්ව තිබෙන්නේ බුද්ධ ශාසනය තිබෙන පිළි ගැනුම ප්‍රකාශ කිරීමටයි.බුද්ධ ශාසනය යන වචනය බුද්ධ ශාසන කොමිසන් වාර්තාවේ පැහැදිලිව නිර්වචනය කර ඇත.  එසේ නම් මහණ උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේ නමක සම්බන්ධව රජයට තිබෙන වගකීම ඉතා වැදගත් අවස්ථාවකි. ස්වාමීන් වහන්සේලා උපසම්පදාව ලබා එය ප්‍රකශයට පත් කරන අවස්ථාවලදී මෙන්ම මහනායක හිමියන්ට අක්ත පත්‍ර පිළිගන්වන අවස්ථාවන්හිදී ජනාධිපති අගමැති මෙන්ම ඇමතිවරුද ඊට පූර්ණ අනුග්‍රය දක්වමින් කටයුතු කරන්නේ ව්‍යවසථාව අනුව මෙන්ම පෙර සිරිත ද අනුගමනය කරමිනි.මේ පෙර සිරිත නම් කුමක්ද. එය පැහැදිලිවම අනුරාධපුරයේ රජ කළ ශ්‍රේෂ්ඨ පස් වන කසුප් රජු විසින් ජේතවනය අසල ගල් පුවරුවක කොටා ව්‍යවස්ථා ගන්වා තිබෙන ආඥාවකි. එම ව්‍යවස්ථා ලිපියේ 28 29 සහ 30 යන වගන්ති වල සඳහන් පරිදි සංඝාය වහන්සේලා යම් වරදක් කර ඇති විටකදී  සංඝ සභාව රැස් කොට ඒ නඩුව විචාරා ගත යුතුය.නොබැරි අවස්ථාවකදී පමණක් නිළදරුවන් ද මැදිහත්ව සංඝයා වහන්සේ සමග එම ප්‍රශ්ණය සමථයකට පත් කරගත යුතුය..බලහත්කාරයෙන් සංඝයා වහන්සේලා ගේ ස්ථාන වලට වැදීම ඉඩ කඩම් අත්පත් කිරීම ආදිය නොකළ යුතු බව එහි පැහැදිලිව දක්වා ඇත්තේය. මේ පෙර සිරිත ඉංග්‍රීසීන් සමග ගැසූ 1815 ගිවිසුමේ පස් වන වගන්තියට ද ඇතුලත්  කොට ඇත. එසේම ඒ අනුව යමින් 1972 ජනරජ ව්‍යවස්ථාවේ පටන් වර්තමාන ව්‍යවස්ථාවටද ඇතුලත් කර තිබේ.එය අද  රජය පිළිගන්නා මූලික නීතියක්  උත්තරීතර නීතියක් බවට පත්ව ඇත.
          මෙවැනි තත්ත්වයක් යටතේ බන්ධනාගාර පණත  හෝ රජය විසින් නිකුත් කරන ලද වෙන යම් හෝ පණතක් මගින් නිකුත් කරන ආඥාවකදී භික්ෂුන් අරභයා හෝ සඝ සන්තක දේ පිලිබඳව හෝ  තීරණ ගැනීමේ දී අනුගමනය කළ යුතු වන්නේ කෙසේද යන්න පූර්වා දර්ශ සපයා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය මගින් කියැවෙන දේ තවත් තැනකදී එනම් මූලික් අයිතිවාසිකම් නීති යටතේ පවතින ප්‍රතිපාදන වලින් යම් අන්දමකට හෑල්ලු කොට තිබුණද රජය හෝ මැති ඇමැතිවරු හෝ නිළධාරින් හෝ අනුගමනය කළ යුත්තේ මූලික නීතිය සහ පෙර සිරිතයි.එසේ නම් 1948 න් පසු පෙර සිරිතට අනුව රටට ගැලපෙන නීති පද්ධතියක් සකස් කර ගැනීමට නොහැකිව තිබෙන්නේ ඇයිද යන ප්‍රශ්ණය මතු වේ.
          නිදහසින් පසු සිංහල ජනතාව විසින් පත් කර ලැබූ නියෝජිතයන් රාශියක් මෙරට පාලනය කළහ. එමෙන්ම සිංහල උරුමය සහ ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා සහ ගිහි නියෝජිතයන් පාර්ලිමේන්තුවට තේරී පත් වූහ.රටේ මූලික නීතිය අනුව නීති සංග්‍රහ කිරීම රෙගුලාසි පැණවීමේ ප්‍රතිපත්තිමය තීරණ ගත හැක්කේ ඔවුන්ටය. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ ප්‍රතිපාදනයන්ද 125 වන වගන්තිය ප්‍රකාරව හිමිව ඇත්තේය.1948 ට පෙර සිටම මෙරට වාසය කරන මුස්ලිම් සහ දෙමළ අය වෙනුවෙන් මේ මන්ත්‍රණ සභා නියෝජිතයන් විසින් නීති අණ පණත් සම්මත කළහ. 1806 දී ආරම්භ කළ මුස්ලිම් විවාහ හා දේපළ නීතිය මේ වන විට කාති උසාවි පිහිටුවීම දක්වා විකාශනය ව තිබෙන්නේ ඒ අනුවයි. එසේම වර්තමාන බැංකු කටයුතු වලදී මුස්ලිම් ශරියා නීතිය අනුව ඉස්ලාම් බැංකු කරණයක්ද ස්ථාපිත කර තිබේ. එහෙත් මෙම ජන වර්ග කෙරෙහි රටේ මූලික නීතියක් ස්ථාපිත වී නොමැත.ලංකාවේ වැඩි පිරිසක් නියෝජනය කරන සිංහල බෞද්ධයා ආවරණ කරමින් මූලික නීතියක් ව්‍යවස්ථා ගැන්වී තිබුණද මේ මැති ඇමතිවරු රෝම ලන්දේසි නීති පොතේ පෙර සිරිත බල ගන්වා ලීමට උත්සාහයක් ගෙන නොමැති බව කණගාටුවෙන් යුතුව කිව යුතුය. පසුගිය කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උත්සාහ දරණ ලද කතිකාවත් පණත මේ පෙර සිරිත අනුව සැකසූවක් නොවේ. සංඝ සංස්ථාව රෝම ලන්දේසි නීතියට යටත් කිරීම එහි මූලික අරමුණ විය. සංඝාධිකරණ පණත වුව සකස් විය යුත්තේ පෙර සිරිත ව්‍යවස්ථාව අනුව මිස වර්තමාන නීතියේ හර පද්ධතියට යටත්ව නොවේ.
        මෙවැනි තත්ත්වයක් යටතේ තලතා අතුකෝරළ මහත්මිය නගන තර්කය කුමක්දැයි නැවත විමසිය යුතුය. පූජ්‍ය ඥාණසාර හිමියන් හට  දණ්ඩ නීති සංග්‍රහයේ 346 සහ 486 වගන්ති වල දැක්වෙන සාපරාධී බිය ගැන්වීම  යන ප්‍රතිපාදන අනුව දඬුවම් දී තිබේ.මෙම දඬුවම ලබා දීමට බලවත් වුවමනාවක් රජය පැත්තෙන් තිබූ බව පැහැදිලිය.ඇපෑල අවස්ථාවේදී නීතිපති නිළධාරියෙකු නොපැමිණීමෙන් ඒ බව සනාථ වේ.  එතැනින් එහාට එම පාර්ශවය බලාපොරොත්තු වන්නේ උන්වහන්සේ ගේ සිවුරු ගලවා සංඝ සංස්ථාවට නිග්‍රහ කිරීමයි. එය දැන් සිදු වී ඇත. එය සාධාරණී කරණයට ඇමතිනිය උත්සාහ කරන්නේ සමස්ත එක්සත් ජාති පක්ෂයම එම මතයේ සිටින බැවිනි. එසේම සිංහල බෞදධයන් වෙනුවෙන් කිසිවක්ම නෙකරන නීතිඥ සංගමය සහ එහි ගරු සභාපති වරයා පූජකයන් සහ සංඝයා වහන්සේ සම කර තබයි. පූජ්‍ය පූජක පක්ෂය යනු දෙකක් බව මේ අය නොදනිති. මහණ උපසම්පදා ලද භික්ෂූන් වහන්සේ අරභයා සංඝයා වහන්සේ විසින් රැස්ව විචාරා විමසිය යුතු මෙන්ම නිවන් මාර්ගය උදෙසා තිබෙන පලිබෝධ අත්හැරීම පිලිබඳ අවවාද රාශියක් උන්වහන්සේලා අනුගමනය කරන බව  මේ අය නොදනිති. නැතහොත් ඒවා දැන ගැනීමට උනන්දුවක් නොදක්වති.නිවන් මාර්ගයට පිළිපන් භික්ෂුන් වහන්සේලා ගේ වැරදි නිවරදි කරනු ලබන්නේ ඒ සංස්ථාවේ විනය නීති වලට අනුකූලවයි. එය පුනරුත්ථාපනය කරලීමකි. හැකිතරම් නිවන් මගට පිළිපන් පුදගලයා ආරක්ෂා කිරිම එහි බලාපොරොත්තුවයි. එම නිසා නීතිය ඉදිරියට පමුණුවනු ලැබූ යම් භික්ෂූන් වහන්සේ නමකට දඬුවම් පැමිණ වීමට ප්‍රථම අදාල සංඝ සභාවට දැනුම් දීම උසාවියේ වගකීම විය යුතුය. බන්ධනාගාර ගත කළ යුත්තේද මහණ කම හළ යුත්තේ ද එම සංඝ සභාවේ තීරණයට අනුවයි. එය මේ රටේ ව්‍යවස්ථාවට මෙන්ම පෙර සිරිතටද හිස නැමීමක් වන්නේය.
      තලතා අතුකෝරළ ඇමති තුමියද නීතිඥ සංගමෙයේ සභාපති වරයාද මේ ප්‍රශ්ණය අරභාය ප්‍රකාශයක් කිරීමට ප්‍රථම බුද්ධ ශාසනයට අදාල කාරණා කාරණා ගැන මහාසංඝ රත්නය හමු වී අවවාද අනුශාසනා ලැබ ගත යුතු වන්නේ එහෙයිනි. එසේම සංඝ සංස්ථාව තමන්ගේ දේශපාලන අවශ්‍යතා සඳහා භාවිතා නොකොට භික්ෂූන් වහන්සේලා දේශපාලන අතකොළු බවට පත් නොකර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම කරට ගත යුතුය. මෙය විපක්ෂයට ද හොඳ පණිවිඩයකි. රාමසාන් සමයේ පල්ලි වලට රිංගා ගෙරි මස් අනුභව කර භික්ෂූන් වහන්සේලාට අපහාස කරන අතැමුන් හටද හොඳ පණිවිඩයකි.



Sunday, June 3, 2018

ජාතික භාෂා ඇමතිගේ බෙදුම්වාදී මනෝ ව්‍යාධිය


                              
           ජනතා විමුක්ති පෙරමුණට ඇති තදියම නම් විධායකය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය ගැනීමයි. නිසි අධ්‍යාපනයක් නොමැති සල්ලි වලට විකිණෙන අල්ලසට නැමෙන හෘද සාක්ෂියක් නැති මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව වත්මන් අගමැති ගේ අත් අඩංගුවේ පවතින බව කවුරුත් දනී.එවැනි ව්‍යුහයකට රටේ විධායකය භාර දීමෙන් ඇති වන අස්ථාවරත්වයෙන් ප්‍රයෝජන ගැනීමට නැතිනම් බොර දියේ මාලු බෑමට ජ.වි.පෙ .සැරසෙනවා විය හැකිය.මේ කලබගෑනි අස්සේ ජාතික භාෂා ඇමති ගෙන්ද ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක් කරළියට එන බවට ඉඟි පළ වෙයි. මේ ඇමතිවරයාට පමණක් නොව යහපාලනයට උපදෙස් සැපයූ චන්ද්‍රිකා මැතිණියටත් තිබෙන ලොකුම හිස රදය නම් 1956 වසරේදී සිංහලය  රාජ්‍ය භාෂාව කිරීමයි.
          පණස් හයේ විප්ලවය නමින් සිදු වුණු ජනතා ජයග්‍රහණය 1948 න් පසු නොලද නිදහස යම් කිසි මට්ටමකින් තහවුරු කර ගැනීමකි. වසර දෙදහස් පන්සීයක ඉතිහාසය තුළ ඓතිහාසික භාෂාවක් වූ සිංහල භාෂාව රටේ ප්‍රමුඛතම භාෂාව බවට පත් කර ගැනීමට සිංහල ජනතාවට තිබූ අභිලාශය ට ප්‍රජාතන්ත්‍රවාදී වේදිකාව මත බරපතල වටිනාකමක් හිමි විය. මේ  ජයග්‍රණය නිසා සිංහල බස යොදා ගනිමින් ඉගෙන ඉහළ ගිය රාජ්‍ය තනතුරු වලට ගිය උගතුන් සංඛ්‍යාව සුලු පටු නැත. ගමේ අහිංසක ගොවියාගේ කම්කරුවාගේ දරුවාටද විශ්ව විද්‍යාල වරම් ලැබූවේ මේ ජයග්‍රහණය නිසාවෙනි.මේ රටේ ජනගහනයෙන් සියයට නමයක් පමණ වූ දෙමළ ජනතාවට විශේෂයෙන්ම දෙමළ නායකයන්ට එතෙක් ඉංග්‍රීසි ආන්ඩුවෙන් ලැබී තිබූ වරප්‍රසාද අඩුවන බව දැන ගත් කල්හි ඔවුහු මේ රජ බස් පණතට විරොධය පෑහ. වාහන වල ශ්‍රී අකුරට තාර ගෑහ.සත්‍යග්‍රහ කළහ. රජයේ ඉහළ තනතුරු වලට පත් වීමට තිබූ විශේෂ වරප්‍රසාද ඔවුන්ට අඩු වුණ බව සැබෑය. විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමේදී ලැබූ අවස්ථා අඩු වූ බව හැබෑය. නමුත් ඔවුහු ද රටේ පුර වැසියන් ලෙසට කල්පනා කලා නම් විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු විය යුතුවා නොවේ. මේ සුලු තරඟය විශාල රණ්ඩුවක් බවට පෙරලා ජාතිවාදය කුළු ගන්වා උතුර වෙන් කරලීමට කැස කවා රටම ලේ විලක් කලේ වරප්‍රසාද අහිමි වූ දෙමළ නායකයන් අතලොස්සකගේ අභිලාශයන් ඉටු කරගැන්මටයි.
        අද වන විට ඔඩු දුවා ඇති දෙමළ ජාතිවාදයට මුල මෙයයි. රටක් වශයෙන් අපේ ඉදිරිගමන ආපස්සට ඇද දැමූ මේ දෙමළ ජාතිවාදය අපේ සිංහල නාකයන්ටද රට ඇවිස්සීමට හොඳ මාතෘකාවක් විය.දෙමළ සුලු තරයේ චන්ද සඳහා විශේෂ වටිනාකමක් දී සිංහල දෙමළ භේදයට  පිදුරු දැමූවේ ඔවුහුය. අද එය මුස්ලිම් අන්තවාදය වර්ධනය වීම දක්වා ඔඩු දුවා තිබේ. දැන් මනෝ ගනේෂන් ජාතික භාෂා ඇමති තප්පුලන්නේ 1956 දී දෙමළ භාෂව රාජ්‍ය භාෂාව නොකිරීමේ වරද සිංහල ජනතාව පිට පටවමිනි. නමුත් බණ්ඩාරනායක මහතා දෙමළ භාෂාවට සාධාරණ තැනක් දීම සඳහා පණතක් ගෙනවුත් උතුරු නගනෙහිර ප්‍රධාන භාෂාව (පරිපාලන )දෙමළ බවට පත් කළ හැටි ඔහුට අමතකය. ඉන්පසු ඩඩ්ලි සේනානායක මහතා එය තවත් තහවුරු කරමින් 1965 දී උතුරු නැගනහිර පළාත්වල සිංහල භාෂාවට හිමි තැන නැති කොට දෙමළ චන්ද ලබා ගැන්මට  කප්පම් දුන් හැටි (කියවන්න රට බෙදුණු හැටි සහ යුග පෙරළියක් සටහන්) අපට මතක් වේ. මේ වරප්‍රසාද ගත්තේ ජාතිවාදයෙන් මිස සංහිඳියාවෙන් නොව්. දෙමළ භාෂාවට ද ස්වභාෂාවක් වශයෙන් නිසි තැන හිමි විය යුතු යයි ද එය ස්වයං තීරණ අයිතිය මත පදනම්ව වෙනම දෙමළ රාජ්‍යක ප‍්‍රධාන භාෂාව විය යුතු යයි ද 1949 දී බිහිවූ චෙල්වනායගම් මහතාගේ දෙමළ රාජ්‍ය පක්ෂයේ(ෆෙඩරල් පක්ෂය ) මතවාදය වූ බවද මෙහිදී මතක් කළ යුතුය.
       මනෝ ගනේෂන් ජාති භාෂා ඇමතිවරයා ගේ අභිලාශයද මෙය බව නිසැකය.දැනටමත් දෙමළ බසට රටේ පිළිගැනීමක් හිමිව පවතින අවස්ථාවක(ජාති භාෂාවක් වශයෙන්) ඔහු ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එම වුවමනාව කරළියට ගෙන එන්නේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අනුවය. ඔහු යටතේ තිබෙන ජාතික භාෂා අමාත්‍යංශයේ  ප්‍රධාන වගකීම 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පණතේ පරමාර්ථ ඉටු කිරීමයි. එම පණතේ  අංක හත දහ අට සිට විසිපහ දක්වා ප්‍රතිපාදන වල පැහැදිලිව සඳහන් වන්නේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වීමේදී  ගත යුතු ක්‍රියාමාර්ග ගැනයි.නමුත් එම අමාත්‍යංශය එවැනි ප්‍රතිප්තියක ට මුල්ව ක්‍රියා නොකරන බව තිබෙන නිදසුන් බොහෝය.
       ලංකාවේ දරුවන්ගේ විභාග කටයුතු වලදී අධ්‍යාපන අමාත්‍යංශය දැරිය යුත්තේ පොදු මතයකි.යම් ලකුණු මට්ටමක් නිර්දේශ කරන විට එය සැමට සාධාරණ ලෙසට ස්ථාපිත කල යුතුය. නමුත් පහ වසර ශිෂ්‍යත්ව විභාග කඩයිම් ලකුණු ප්‍රකාශයට පත් කරන විට එය එසේ සිදුව නැත. එහි සිංහල මාධ්‍ය ලකුණු වෙනමත් දෙමළ මාධ්‍ය ලකුණු වෙනමත් විෂමතාවයක් සහිතව ප්‍රකාශයටපත් කොට තිබේ. එයට අමතරව මන්නාරම මඩකලපුව කිලිනොච්චිය යාපනය සහ මුලතිවු යන් දිස්ත්‍රික්කයන්හි සිංහල ලකුණු කිසි සේත්ම් ප්‍රකාශයට පත් කොට නැත. මෙම ගැටළුව දැනට වර්ෂ පහක පමණ සිට එකලෙස ක්‍රියාත්මක වෙයි.මෙවැනි විෂමතාවයක් ඇති කිරීමට පදනම් වූ හේතුව විමසා කීප වරක්ම අධ්‍යාපන අමාත්‍යංශයට අප කරුණු ඉදිරිපත් කළෙමු.අවසාන වශයෙන් වර්තමාන අධ්‍යාපන ලේකම් තුමගෙන් එය ප්‍රශ්ණ කොට ලිපියක් ඉදිරිපත් කළෙමු. එහෙත් එම විමසීම් වලට කිසිම පිළිතුරක් ලබා දීමට අධ්‍යපන අමාත්‍යංශයේ වර්තමාන ලේකම්වරයා කටයුතු කර නොමැත. පසුව තොරතුර දැන ගැනීමේ පණත යටතේ නීතීඥ ප්‍රසාදීනී මුදුන් කොටුව මහත්මිය ගේ නමින් කරන ලද ඉල්ලීමට අද වන තුරු එම අමාත්‍යංශයේ තොරතුරු දැන ගැනීමේ ඒකකය විසින් පිළිතුරු ලබා දී නොමැත.
       අපගේ ඊළඟ පියවර වූයේ තොරතුරු දැන ගැනීමේ පණත යටතේ ජාතික භාෂා අමාත්‍යංශයට මෙම ගැටළුව පිළිබඳ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමයි. මෙම ලිපියට එම කොමිෂන් සභාවෙන් 2017/12/06 දරන දාතම යටතේ නීතිඥ ප්‍රසාදිනී මුදුන්කොටුව මහත්මියට ලැබුණු පිළිතුර මෙසේය.
1/ භාෂාව සම්බන්ධ ප්‍රතිපාදනයන් ඇතුලත් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 6 වන පරිඡෙදයේය. මෙම පරිඡෙදයේ ඇතුලත් 18 සිට විසිපහ දක්වා ව්‍යවස්ථාවලින් දැක්වෙන භාෂාව සම්බන්ධ ප්‍රතිපාදනයන් නියාමනය කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යයි.ඔබ විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු අයදුම්පත්‍ර යෙන් විමසා ඇති පරිදි ශිෂ්‍යත්ව විභාගයේ සිංහල සහ දෙමළ මාධ්‍ය ලකුණු අතර විෂමතාවයක් පැවතීම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය නොහැක.
2/ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ යාපනය කිලිනොච්චිය මන්නාරම හා මඩකලුපුව යන දිස්ත්‍රික්ක තුනේ ලකුණ මට්ටම සිංහලයෙන් ලබා නොදීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධ තොරතුරු මෙම කොමිෂන් සභාව සතුව නොමැත.එහෙත් එමගින් රාජ්‍ය භාෂා ප්‍රතිපතතිය උල්ලංඝනය වීමක් සිදු ඇත.එබැවින් මේ සම්බන්ධයෙන් 1991 අංක 18 දරණ රජ්‍ය භාෂා කොමිෂන සභා පනත  ප්‍රකාරව විභාල දෙපාර්තමේන්තුව වෙතින් විමර්ශනයක් සිදු කරන බව දන්වමි.
      මෙම විමර්ශනයෙන් පසුව නැවත 2018/03/07 දාතම යටතේ නීතිඥ ප්‍රසාදිනී මුදුන්කොටුව වෙත එවන ලද ලිපියේ සඳහන් කරුණු මෙසේය.
1/ කිලිනොච්චිය යාපනය හා මඩකලුපුව යන දිස්ත්‍රික්ක වලින් පාසල් වලට සිසුන් තෝරා ගැනීමට ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සඳහා පවැත්වෙන විභාගය සඳහා සිංහල මාධ්‍ය යෙන් කිසිම අයදුම්කරුවෙකු පෙනීසිටියේ නැති බව සහ ඒ අනුව එම දිස්ත්‍රික්ක වලට සිංහල මාධ්‍ය යෙන් ලකුණු මට්ටම තීරණය කිරිමට හැකියාවක් නොමැති බව.
     ප්‍රශ්ණය පැහැදිලිව අසන විට අසා ඇති මූලික කරුනු වලින් කීපයක් හලා රජ්‍ය භාෂා කොමිෂන් සභාව උත්තර දෙන හැටි මෙසේය. කඩයිම් ලකුණ වලට තිබෙන විෂමතාවය  ඇති වීමට  හේතුවූ ප්‍රතිපත්ති ය ගැන කිසිම සඳහනක් නොකරන ඔවුන් දිස්ත්‍රික්ක හතරෙන් මුලතිවු දිස්ත්‍රික්කය හලා අනෙක් දිස්ත්‍රික්ක වල සිංහල ළමුන් නැති බව පවසා තොරතුරු ලබා දීම සම්පූරණ නො කරයි. මන්නාරම මඩකලපුව යාපනය යන දිස්ත්‍රික් වල තිබූ සිංහල පාසල් සියල්ල ත්‍රස්තවාදී සටනේදී විනාශ කරන ලද අතර එම ඉඩම් පවා කොටි සංවිධානයේ සාමාජිකයන්ට බෙදා දී ඇත. එම පාසල් නැවත ගොඩ නන්වා නොමැත. මුලතිවු දිස්ත්‍රික්කයේ සිංහල බහුතරයක්  ජීවත් වන අතර උත්තර දීමෙන් මග හැර ඇත්තේ එම දිස්ත්‍රික්යේ දරුවන්ට  පාසල්  තිබෙන බැවින්ය.
        සැබවින්ම මෙම ප්‍රශ්ණයෙන් පැහැදිලි වන්නේ අසාධාරණ කම් සිදුව තිබෙන්නේ පැහැදිලව සිංහලයන්ට බවයි. උතුරු සහ නැගනෙහිර පළාත් වල වෙසෙන සිංහලයන් පළවා හැර ඔවුන් ජීවත් වූ ඉඩම් කොල්ල කන ලද අතර ඉතිරිව සිටින පිරිසටද මෙවැනි අකටයුතුකම් කරමින් සිංහලය් බහුතරයක් වෙසෙන  තැන් වලට පලා යන ආකාරයට කටයුතු සිදු කරමින් ඇත.රාජය භාෂා කොමිෂන් සභා වේ පණත අනුව එහි 18 වනවගන්තියේ (අ) ඡේදයෙහි සඳහන් පරිදි යම් රාජ්‍ය භාෂාවක තරාතිරම පිලිගැනීම සිදුනෙවන බව හෝ පිළිගැනීම සිදු වී නොමැතිබව යන පැමිණිල්ල විභාග කිරීමට එම කොමිෂන්  සභාව බැඳී ඇත. නමුත් අප විසින් කරන ලද පැමිණිල්ල මත විභාගයක්ද නොපවත්වා තොරතුරුද වසන් කරමින් රජ්‍ය භාෂා කොමිෂන් සභාව කර ඇත්තේ බරපතල වරදකි. ජාතික භාෂා ඇමතිවරයා තම විෂයයන් මගහරිමින් දෙමළ අභිලාශය පමණක් එනම් වෙනම රාජ්‍යක් සඳහා වෙනම භාෂවක් ඇති කරගැනීම පිණිස පමණක් කටයුතු කිරීමට තැත් දැරීම සත්‍යයක් බවට වෙනත් උදාහරණයක් අවශ්‍ය නැත.මේ දෙමළ නායකයන් ගේ මනෝ ව්‍යාධිය ඉතා ඉක්මනින් සමනය නොකළහොත් රටම නැවතත් ලේ වලක් බවට පත් වීම වළක්වා ලිය නොහැකිය.
     


Wednesday, May 9, 2018

විජිතපුර ගැමුණු අඩවිය කෙලෙසූ පාපතරයන් කවුරුද


                                 

           ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පූගොල්ලෑව(පුලියන්කුලම) 516 ග්‍රාම නිළධාරි වසමේ බැලුම්ගල අවට පැතිර තිබූ පධාන ඝර සංකීර්ණයක් ඇතුළු ඉපැරණි නටබුන් රාශියක් ඩෝසරයකට අසුවී කල විනාශය  මෑතකදී වාර්තා වූ තවත් ජාතික උරුම සංහාරයක කොටසකි.නැගෙනහිර මොට්ටාගල හිරුකෝවිල් මෙන්ම සාම්පූර් දාගැබ ඩෝසර් කිරීම දක්වා පැතිර යන මේ ඛේදවාචකයන් ට වග කිව යුත්තන් සිටී. නමුත් දඹුල්ලේ කලු දිය පොකුණ සෙල් ලිපිය ග්‍රයින්ඩර කළ අපරාධකාරයන් මෙන්ම මොවුහුද පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශයෙන් බලපෑමක් නොවී නිදැල්ලේ හැසිරෙති.වනජිවී වන සංරක්ෂණ මෙන්ම ප්‍රා දේශීය ලේකම් වරුද අතයට කරන ගනුදෙනු වලින් ඉඩම් අන්සන්තක කරද්දී සෙල්ලිපි පධානඝර ඉතිරි වේයැයි සිතන්නටවත් නොහැකිය.
        අනුරාධපුර යටත් කොට ගත් එළාරගේ විජිතපුර බලකොටුව පිහිටි ස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධ ප්‍ර  දේශයක් කලාවැව ආශ්‍ර යෙන් දැකිය හැකිය. කලාවැව ඉස්මත්තේ උස්ව නැගී සිට අපරිමිත දායාවෙන් කරුණාවෙන් ලෝසතුන් දෙස බලන අවුකන බුදු රුව මෙන්ම මේ සිදු වීම් දෙස අපට උපේක්ෂාවෙන් බැලිය හැකිය.සංහිඳියාව සඳහා මදක් ඉවසිය යුතුයයි ද ජාතිවාදී ගැටුම් වලට නොයා යුතු යැයිද රජය පුන පුනා පවසන බැවින් එවැනි උපේක්ෂාවක් අවශ්‍ය බව මේ මොහොතේදී වුව රජයේ මාධ්‍ය ප්‍රකාශකයන් වදාරනු දැක බල ගත හැකිය. කෙසේ වෙතත් දිනෙන් දින අප මුතුන් මිත්තන් විසින් ගොඩනැගූ උදාර සංස්කෘතික වටිනාකම් විනාශ මුඛයට යෑම නවත්වාගන්නට අපට නොහැකිව තිබේ.
       ඉපලෝගම හිරිපිටියාගම අසන්නයේ පවතින මෙම පැරණි ස්ථානයට විජිත පුර බැලුම්ගල යයිද බලකොටු අඩවියක් යයිද ගැමියන් කියිති. 1998 වර්ෂයේදී මෙම නටබුන් පරීක්ෂා කොට පුරාවිද්‍යා ගවේෂකයන් සකස් කල වාර්තාවක් නිසා මෙම ස්ථානය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙසට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව පවතින ගම්පිඹුරු වල සටහන් විය. මේ වාර්තාකරණයෙන් පසු දැන් වසර විස්සක් ගතව තිබේ. සාමාන්‍ය යෙන් එවැනි වාර්තාවකින් පසු එම ස්ථානය මැනුම් කොට භූමිය වෙන් කොට තබා ගැසට් මගින් රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම අනුමත ක්‍රම වේදයයි. ඒහෙත් වසර විස්සක් ගතව තිබියදීත් එම ක්‍රියාව සිදුව නොමැත.ඒ අතර පහුගිය කාලය පුරාවටම මෙම ස්ථානයට නිධන් හාරන්නන් ගෙන් අතවර සිදු විය.ඒ අතර ප්‍රාදේශීය දේශපාලනඥයන් ග්‍රාම නිළධාරීන් මෙන්ම ඉහළ ගණයේ දෙශපාලඥයන්ද  සිටි බව නොරහසකි. එහෙත් ගම්මුන් මෙම ස්ථානයේ හේනක් පවා කොටන්නට බිය වූහ. එයට හේතුව හාස්කම් සපිරි භූමියක් වීමයි. දුටු ගැමුණු රජු මෙහි බැලුම් ගල අවට අංගම් සටන් මඩුවක් පවත්වා ගෙන ගිය බවද පසු කාලයේදී  මෙම භූමිය විශේෂයෙන්ම දෙමළ සතුරන් ගෙන් ආරක්ෂාව පතා මානෑවට වැදුණ මහානාම රජු දවසදී  මෙහි පධාන ඝර සහිත ආරණ්‍ය සේනාසනයක් ඉඳි වූ බවද තතු දන්නෝ කියති.ඒ අනුව අවදි කීපයක වැදගත් ඉපැරණි ඉතිහාසයක් මෙහි සැඟව පවතින අකාරය තේරුම් ගත හැකිය. නමුත් මෙම ඉතිහාසය ගොඩ ගැනීමට නම් එය ජාතික රුධිරයේ කොටසක් බවට පත් කර ලීමට නම් පුරාවිද්‍යාඥයන් අතින් ඒවා කැණීමකට ලක් කොට තහවුරු කිරීම් වලට ලක් කොට ශාස්ත්‍රීය අවසානයක් දැකිය යුතු වෙයි.එහෙත් අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සමස්ත ජාතික උරුමයට වග කියන ආයතන පත්ව ඇති ශෝචනීය තත්ත්වයන් නිසා එවැනි වැදගත් පියවරකට පා තැබීම සිහිනයක් බවට පත්ව තිබේ.

        යහපාලන රජය බලයට පත්වූ වහාම පැරණි ජාතික උරුමයන් අමාත්‍යංශය අහෝසි කොට මෙම ආයතන සියල්ල අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධ කොට සංස්කෘතික විෂය වෙන්ව ගැසට්  කරන ලදී.පුරාවිද්‍යා විෂාය භාර අමාත්‍යවරයා බවට පත් කරන ලද්දේ අකිල විරාජ කාරියවසම් මහතාය. ඔහුගේ ක්‍රියාකාලපය පිළිබඳ හොඳම නිදසුන දඹුල්ල රජ මහා විහාරයේ ප්‍රවේශ පත් සිද්දියේදී පැහැදිලි විය. ඉතාමත් හිතුවක්කාර ලෙස කටයුතු කරමින් සංඝයා වහන්සේලාට පවා අවමන් කරමින් දඹුල්ල විහාරය පවරා ගනිමියි උදම් ඇනූ අමාත්‍යරයා හොස්ස බිම ඇණ ගත්තේ අස්ගිරි මහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේලා ගේ අභීත ඉදිරිපත් වීමෙනි. ඇමතිවරයා එහිදී මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පවතින ආයතන වල මෙන්ම පුරා විද්‍යා ස්ථාන වලින් මුදල් අය කිරීමේ බලය තමන් යටතට ගැනීමට වෑයම් කලේය. කෙසේ වෙතත් අවසානයේ දී ඔහු සිය මැතිවරණ කොට්ඨාශයේ තමන්ගේ චන්ද දායකයන් 1600 ක් පමණ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ රැකියාවට බඳවා ගත්තේය. වර්ෂයකට රුපියල් දශලක්ෂ 3600 ක් පමණ ආදායමක් ලබන මෙම අරමුදල ට ඔවුන්ට වැටුප්  ගෙවීම ප්‍රශ්ණයක් නොවේ . නමුත් ඒ අරමුදලෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දෙන්නේ ඉතාමත් සොච්චමකි. එනම් සියයට විසි පහකි.එයද භක්ෂණය කිරීම පිණිස මෑතකදී මෙම බඳවා ගත් හිතවතුන් පුරවිද්‍යා ස්ථානවලට අනුයුක්ත කර තිබේ. ඔවුහු බෞද්ධ වන්දාන කරුවන් ගේ හැඳුනුම්පත් පවා පරීක්ෂා කරමින් ඇමතිබලය පෙන්නූ ආකාරයක් පසුගියදා කූරගලින් වාර්තා විය. කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්මෙන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලත් අද පත්ව තිබෙන්නේ තමන්ගේ හිතවතුන්ට රැකියා දෙන ස්ථානයක් ලෙසටයි. ඒ අතර යහපාලන රජයේ කුණු හෝදන්නට කැපවුණු පූජ්‍ය දඹර අමිල හිමියන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයෙකු(ශාස්ත්‍රීය) ලෙසට බඳවා ගැනීමටද මේ දිනවල බල අරගලයක් නිර්මාණයව තිබේ. මේ බල අරගල අස්සේ පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීමට බලධාරීන්ට ඉස්පාසුවක් ඇතැයි සිතිය නොහැකිය. එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව සිටින අවංක නිළධාරීන්ද උදාසීන තත්ත්වයකට ඇද දමා ඇත්තේ මේ දෙශපාලන අරමුණු ක්‍රියාත්මක වීමෙනි.
           දැන් පුරාවිද්‍යාව මෙන්ම සංස්කෘතික විෂයත් එක් අමත්‍යංශයකට පත් කොට විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා විෂය භාර පුද්ගලයා ලෙස නම් කළ  බව පසුගියදා ප්‍රකාශයට පත් විය. එහෙත් තව වෙනතුරු එම විෂයයන් ගැසට් කර නොමැත. පුරාවිද්‍යාව මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලත් අගමැති වරයා යටතේ තබා ගන්නට වළිකන බව වාර්තාවේ. ඒ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ රැස්වන විශාල මුදල් කන්දරාවට ලොබිනි. එවැනි වකවානුවක ඉපලෝගම විජිතපුර සිදුවූ මේ විනාශය සුළුවෙන් තැකිය හැකි නොවේ. මරක්කල ජනතාව ගේ යම් කිසි ප්‍රතිශතයක් ජීවත් වන ප්‍ර දේශයකට මුස්ලිම් බලධාරීන් පත් කිරීම මෑතකාලයේ දක්නට ලැබෙන සිදුවීමකි.හොරොව්පොතාන එක් උදාහරණයකි. එහිදී ලේකම් වරයාගේ අනුදැනුම යටතේ ඉඩම් නිදහස් කිරීම අනවසර කැලෑ කැපීම සිදු වේ. ජනාවාස ඉඳිවේ.ඉපලෝගමටත් සජිදාභානු පත්වීම අහඹුවක් විය නොහැකිය. ඇය යටතේ ගම් උදාවට ඉඩම් නිදහස් වන්නේ සියලු ජනවර්ගයන්ට වාසය පිණිස නිවාස තැනවීමටයි. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 518 හීනුක්වෑගම වසමේ ඉඩම් පිළිබඳ පුරාවිද්‍යා වාර්තාවක් ඉල්ලා සජිදා භානු මහත්මිය විසින්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නේ මෙයට ටික කාලයකට ප්‍රථමවයි.ඒ අතර නිවාස සංවර්ධන අධිකාරියත් ගම් උදා බලධාරීනුත් එකතු වී මෙම ඩෝසර කිරීම කොට මුල් ගලක්ද කබා ගොස් තිබෙන්නේ නිවාස ඇමතිවරයාගේ බලපෑම මතය යන නිගමනයට එන්නට සිදුව ඇත්තේය. ඒ ඉතා ඉක්මනින් මෙම ක්‍රියාවලිය සිදු වීමෙනි.දැන් ප්‍රාදේශීය ලේකම්ක වරියට ස්ථාන මාරුවක් ලැබී තිබේ.නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර කළමනාකාරියගේ වැඩ තහනම් කර තිබේ. ග්‍රාම නිළධාරිවරයාටද මාරුවීම ලැබී තිබේ. නමුත් රජයේ නිළධාරීන්ට එරෙහිව නඩු පැවරීමට ප්‍රථම විධිමත්ව කළ යුතු වැඩ කොටසක් පුරාවිද්‍යා නිළධාරීන් සතුව තිබේ. එයට කල් ගතවිය හැකිය.එම නිසා විනාශ වී ගිය මෙම ස්ථානයේ ඉතිරි කොටස්වත් මතු පරපුරට දායාද කර ලීමට වහාම මෙම ප්‍ර දේශ මැන ලකුණු කොට රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත් කළ යුතුය. මන්දගාමීව කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවත් අනෙකුත් ආයතනත් සක්‍රීය කොට මෙහෙයුමක් ලෙසට මෙය අවසන් කිරීමේ වගකීම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා සතුය.ඔහු සිය පුරාවිද්‍යා ආඥා පණත නිසි පරිදි ක්‍රියාවට නැන්විය යුතුය.අලස පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශය පණ ගන්වා දූෂිතයන් ඉවත් කරලීමටද කටයුතු කළ යුතුය.පුරාවිද්‍යාවට නොහැකි නම් මෙම ඓතිහාසික ස්ථාන මහා සංඝරත්නයට වහාම භාර දිය යුතු බවටද දැන්විය යුතුය. එසේ නැතහොත් සාම්පූර් දාගැබ ඩෝසර කිරීමේ සිද්දිය මෙන්ම මෙම සංහරයද ඉතා ඉක්මනින් ජනතාවගෙන් වසන් වී යා හැකිය.


Friday, May 4, 2018

රජෙක් හිටිය රටක නායකයා අගමැති වෙන්න පුළුවන්ද


                       
                   මහා වංශය යනු අපගේ ලිඛිත ඉතිහාසයයි. එයට අමතරව දීප වංශය රාජාවලිය ආදී වංශ කතා තොරතුරු වලින්ද හෙළි කරන්නේ සිංහල ද්වීපය නොහොත් සිංහලේ හෙබ වූ රජෙක් රජ පරපුරක් සිටි බවයි. පූර්ව ඓතිහාසික යුගයේ රාවණා නමින් රජෙක්ද මෙරට ආණ්ඩු කල බව කියැවෙන බවද මෙහිදී සඳහන් කළ යුතුය. විල්පත්තු සෙල්ලිපි වල කනශ නම් රජෙක් ගැනද සඳහන්ය.  මෙම ඓතිහාසික තත්ත්වය ආසියාතික රටවල් අතරින් වෙනත් රටකට වඩා ඉහළින් සැලකෙන බවද මෙහිදී සටහන් කළ යුතුය.මෙරට රජවරුන් ගේ මූලික කාර්ය භාරය බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමයි. මාගේ වෑයම බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමයි යන්න දුටු ගැමුණු රජුගේ උදාන වාක්‍යකි.වසර පන්දහසක් කල් බුදු සසුන පවතින බැව් බෞද්ධයන් විශ්වාස කරන අතර පස්වාන් දහසකට බුදු වන්ඩ දේවයන් වහන්ස යනුවෙන් වැසියන් රජු ඉදිරියේ දනින් වැටෙන්නේ රජු බෝධිසත්වයෙකු මෙන් සැලකෙන බැවිනි .සත්වන අට වන සියවස් වල පටන් රාජ්‍යත්ව පිළිබඳ බෝධිසත්ව සංකල්පය තහවුරු වන අතර අවසාන රාජධානිය වන සෙංකඩගල මහනුවර පවතින නාථ දේවාලයේ රජුගේ අභිෂේකය සිදුව තිබෙන්නේ මේ හේතුවෙනි.එහිදී රාජ අභිධානය රජුට පළඳවන්නට ප්‍රථම නාථ දෙවියන් ගේ ශිර්ෂයේ පළඳවා යම් වේලාවක් තැබිය යුතු විය.රජු දේවත්වයට පත් වන බ ව එයින් කියැවෙයි.
        සිංහල රාජ්‍යත්වයට බලවත් ගෞරවයක් රට වැසියා තුළ තිබුණි. රජු ආරක්ෂා කර ගැනීමත් රජ පවුල සුරැකීමත් මතු රජවන කුමාරවරු රැක ගැනීමත් සෙන්පති වරුන් ගේ වකකීම විය. අනුරාධපුරය බිඳ වැටී රට ආරාජික වූ අවස්ථාවේදී සිංහල රජ පවුල වනගතව සිටියදී ඔවුන් පෝෂණය කරමින් රැකගත් රුහුණු දඩනායාක සිත්නරු බිම් බුදල්නාවන් ට දුන් වරප්‍රසාද ගැන මහා විජයබාහු සමයේ  පනා කඩුව තඹ සන්නසින් හෙළි වෙයි. එසේම කාලිංග මාඝ වැනි ආක්‍රමණ හමු වේ සිංහල රාජ පවුල රැක ගත් හැටි ඉතිහාසයේ සඳහන් වෙයි. එසේම දඹදෙණි යුගයේ වත්හිමි නම් කුමරු ඉස්ලම් ආගමට ගොස් රට අන්‍යාගමික වන අතර සැඟවී සිටි ඔටුන්න හිමි කුමරු අන්‍යාගමික පාලකයා බලයෙන් පහකර යලි රාජ්‍යත්වයට පත්ව රටත් දැයත් සසුනත් ආරක්ෂා කරගත් ආකාරය හෙළි වෙයි.මෙම තත්ත්වය එකළ ලෝකයේ විශේෂයෙන්ම රාජ්‍යත්ව තිබූ ආසියාතික රටවලට පොදු ලක්ෂණයක් විය. චීනය කොරියාව  වැනි රටවල පවා සිය රාජ වංශය රැක ගැනීම තිබූ ආරකෂාකාරී සංවිධාන ගැන අපට දැන් දැන ගත හැකි වන්නේ ඒ රටවල සිනමා කරුවන් විසින් නිර්මාණය කරනු ලබන ඓතිහාසික ටෙලි සිත්තම් වලිනි.
         සිංහල රජ පවුල බල රහිත තත්ත්වය පත් වීම ආරම්භ වන්නේ යුරෝපීයන් මෙරට ආගමනයත් සමගමය. නමුත් පරංගින් ඇසුරේ හැදී වැඩුණු කොනප්පු බණ්ඩාරයන් නැවත සිංහල බෞද්ධ රාජ්‍යත්වය ආරම්භ කරමින් සෙංකඩතල රාජධානිය ශක්තිමත් කරනු ලැබීය.නමුත් එයින් රජ පවුලේ ස්ථාවරත්වයක් ඇති නොවීය. එවකට දඹදිව තිබූ රාජ වංශයන් සියල්ල මුස්ලිම් ආක්‍රමණ හමු වේ බෙලහීනව යෑම නිසා සිංහල රජු රැක ගැනීම දුෂ්කර විය. රජ වරුන්ට බිසෝ වරුන් ලබා දුන් දන්ත හේමමාලා කීරවැල්ල රජකීය පරපුර 1617 කොන්ස්තන්තීනු සටනින් පසු වල් වෑදිම නිසා රජ පවුලට බිසෝ වරුන් සැපයීමට නැවත ඉන්දියාව දෙසට යොමු වන්න සිදු විය.මුස්ලිම් ආක්‍රමණය හමු වේ හින්දුත්වය රැක ගත් නායක් පෙළපතකින් කුමරියක් මෙරටට ගෙන එන්නේ මේ බලපෑමෙනි.මේ තත්ත්වය නිසා සිංහල රජ පෙළපත වෙනුවට නායක් රජ පෙළපතකට හිස නමන්නට අපට සිදු විය. මේ තේරීම පිටිපස සංඝරාජ ස්වාමීන් වහන්සේ සිටියහ. ඒ උපසම්පදාව නැවත ගෙන ඒමේ අභිප්‍රායෙනි. එහෙත්  උපසම්පදාව තහවුරු කළද අවසානයේ දී බුද්ධ ශාසනය  රැක ගැනීමට නායක්  පෙළපතට  හැකි නොවීය. රදළයන් රජු හා භේද භින්න වීම නිසා 1766 දී මුහුදු බඩ පෙදෙසින් ගව්වක ප්‍රමාණයක් ලන්දේසීනට ලියාදීමට ගිවිසුමක් ඇති කර ගත්හ.මේ සිංහලේ රාජ්‍යයයේ අවසානයේ ආරම්භයයි. මෙයට විරුද්ධව  තැන් තැන් වල  විසිර සිටි රජ පවුල් විසින්ම කැරැලක් ඇති කළද ඔවුහු ලන්දේසීන් ගේ ශක්තියෙන් උඩරට ආක්‍රමණය කළ නිසා භික්ෂූන් වහන්සේලාගෙන් සහ රදළයන්ගෙන් සහාය නොලැබී කැරැල්ල පහසුවෙන් පරාජයට පත් කර ගත හැකිවිය. නමුත් 1812 වන විට තත්ත්වය එසේ නොවීය. රජ වාසල තුළට වැදුණ කුමන්ත්‍රණ කරුවන් විසින් රජු බෙලහීන කරන ලදහ. රදළයන් බිලී බා ගැනීම ඇරඹී තිබුණි.මහ බ්‍රිතානය කිරීටයට රට භාර දෙන්නට ගිවිසුම් ගැසූ රදළයන් සිංහල රජ පවුල සහමුලින්ම ඉවත් කළහ. එතැන් සිට 1948 තෙක් ලංකාව ඉංග්‍රීසි කිරිටයට යටත්ව සිටි  අතර  පසුව  නිදහස යනුවෙන් ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් ප්‍රදානය කෙරුණි. එහි අරුත නම්  බ්‍රිතාන්‍ය රජු වෙනුවට නැවත සිංහල රජ පවුලට රට භාර නොදීමයි. එය භාර දෙන ලද්දේ බ්‍රිතාන්‍ය කිරීටයට සුවචව රජය කරවා ලිය හැකි අගමැති වරයෙකුටයි.
      1972 වර්ෂයේ ජනරජ ව්‍යවස්ථාව සකස් කර කල්හි. මේ වැරැද්ද නිවරදි කොට ගත හැකිව තිබුණි. නමුත් එය එසේ නොවුණි.තවදුරටත් බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයට යටත් ව කටයුතු කිරීමට සිංහල නායකයන්ට රිසි විය. මේ වන විට රටේ ඇති වූ අස්ථාවරත්වය ට මූලික හේතුව වූයේ උතුරේ පටන් ගැනුණු ත්‍රස්තවාදයයි. මෙයට විසදුම් සෙවීමට අගමැති ආණ්ඩුක්‍රමයකින් බැරි විය. ඒ වෙනුවට රටටම එක වර ආණ්ඩු කළ හැකි නායකයකු අවශ්‍ය විය. අත්තනග්ලේ මන්ත්‍රී වරියට මුලු රටම ආණ්ඩු කිරීමට වරමක් නොමැති බව ජේ.ආර්. ගේ අදහස විය. ජනතා පරමාධිපත්‍ය විධායකය සඳහා ගොඩ නැගීම ඔහු ගේ අභිප්‍රාය විය. ජයවර්ධන හිටපු ජනාධිපති වරයා 1977 වසරේ බලයට පත් වූ විගසම සිය ව්‍යවස්ථා සංශෝධනය රටට ඉදරිපත් කලේය.1966 වසරේ දී ඔහු මෙම අදහස ප්‍රථම වරට ඉදිරිපත් කොට ඇත්තේ එම වසරේ දෙසැම්බර් මස 14 දි විද්‍යාභිවර්ධන සංගම් ශාලවේ පැවති රැස්වීමකදීය.මේ එහිදී ඔහු පළ කල අදහසයි. විධායකය තෝරා ගැනෙන්නේ ජනතාව විසින් වන අතර එය ව්‍යවස්ථාදායකයට නියමිතව ඇති කාලසීමාව මත රඳා පවතින්නේ නැත. එබඳු විධායකයක් ශක්තිමත් විධායකයක් වේ. එය නියමිත කාලසීමාවක් සඳහා බලයට පත් කොට සිටින අතර ජනතාව තෝරා ගෙන ඇති විධායකයක රුචි අරුචිකම්වලට යටත් වන්නේ නැත. එසේම ජනප්‍රිය නොවූවත් තම පාර්ලිමේන්තු කණ්ඩායමෙහි අප්‍රසාදයට පත් වීමට බිය නැති නිසා අවස්ථාවට අවශ්‍ය පියවර ගැනීමට එය බිය නොවන්නේය. අද අප මුහුණ පා සිටින්නාක් වැනි බරපතළ ප්‍රශ්ණයන්ට මුහුණ පාන අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට අත්‍යන්තයෙන්ම අවශ්‍යව ඇති බව මගේ විශ්වාසයයි. මේ යෝජනාව ඊට  අවුරුද්දකට පසු ඔහු සාකච්ඡාවට ගත් කල ඩඩ්ලි සේනානායක මහතා ඊට විරුද්ධ විය. නමුත් ආර්.ප්‍රේමදාස මහතා එම යෝජනාව ස්ථීර කළ බව පැවසේ. ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතාද සමගි පෙරමුණ කණ්ඩායම මෙහෙයවමින් ඊට විරුද්ධ විය.
              ජයවර්ධන ජනාධිපතිවරයා 1978 මැයි 31 වන දින ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයේදී ඉතා වැදගත් දේශනයක් කරන ලදී. එහි සාරාංශය මෙසේය.      මම ඡන්දයෙන් තේරුණු පළමුවැනි විධායක ජනාධිපති රාජ්‍ය නායක හා ආණ්ඩු නායකයා මම වෙමි. එය ප්‍රබල පදවියක් වන අතර එහෙයින් වගකීම් සහිත පදවියක්ද වේ. මට පසුව අන්‍යනයන්ද මෙම පදවිය දරණු ඇති  බැවින් මගේ පදවි කාලයේදි අනුගමනය කිරීමට වටිනා පූර්වාදර්ශ සපයනු කැමැත්තෙමි. පළමුව මම නිරතුරුවම කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව තුළින් කටයුතු කරන්නෙමි. ඒ සමග පෙර පැවති ලෙස කිසිදු අඩු වීමකින් තොරව පාර්ලිමේන්තු ක්‍රමය සංරක්ෂණය කරන්නෙමි.  ජනාධිපතිවරයාගේ මිනිස්සු හා ගැහැනු යනුවෙන් හැඳින්වෙන පරිදි ජනාධිපතිවරයා කෙරේ බලපාන පුද්ගලයන් කණ්ඩායමක් ගොඩ නොනගමි.ඒ අනුව ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයක් හෝ ප්‍රබල නිළධාරි මණ්ඩලයක් පිහිටුවා ගත්තේ නැත.මේ අයුරින් බලන කල්හි ජේ.ආර්. ජනාධිපතිවරයාගේ දූරදර්ශී නුවණ තේරුම් ගත හැකිය.
          විධායක ජනපති ක්‍රමය ස්ථාපිතව 2018 වසරට වසර තිස්එකක් සම්පූර්ණ වෙයි.එහෙත් එහි නියම බලතල ප්‍ර යෝග කරගන්නට  දශක කීපයක් ඉකුත් විය. එය මැනවින් ප්‍ර යෝජනයට ගෙන කොටි ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
           යුද්ධය සංවිධානය කිරීම යුද්ධයට අණ දීම යුද්ධය පැවති කාල වකවානුවේ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීම වැනි අසීරු දෑ ජයගන්නට මහින්ද රාජපක්ෂ මහතා සමත් විය. ඔහුගේ චරිත ලක්ෂණ රජෙක් හා සමාන විය. එම නිසා යුද්ධයෙන් පසු ඔහුට මහරජානෝ යැයි නමක්ද ඇති විය.සැබවින්ම එම නම දැරීමට ඔහු සුදුසු වූයේ යුද්ධයේදී දැක්වූ සමත් නායකත්වය නිසාවෙනි. එහෙත් සිංහල රජ පවුල එහි ස්වභාවය දළදා වහන්සේ හා තිබෙන බැඳීම දශරාජ ධර්මය ආදී කිසිවක් ගැන හැඟිමක් මහින්ද මහතාට නොවීය. ඔහු වැඩ කලේ ඉවෙන් මෙනි. ඔහුගේ තීන්දු තීරණ ගැනීම් වලදී ඔහු විසින් පුරුදු පහුණු කල දෙශපාලන න්‍යයා ප්‍ර යෝජනවත් වූවා මිසක ඉතිහාසයෙන් උගත් පාඩම් ගැන හංකවිසියක් නොවීය. එම නිසා පශ්චාත් යුද්ධ කාලවකවානුවේදී මහින්ද රාජපක්ෂ මහතා අසාර්ථක විය.දූෂණ වංචා පිළිබඳ ඉස්මතු කිරීමට තැතනුවද  ඒවා නිදහස ලැබීමෙන් පසු සෑම අවදියකදීම සිදූවූ පොදු කරුණුය. අඩු වැඩිවීමක් සිදුවූවා පමණකි. නමුත් රට බලපාන බොහෝ තීරණ විශේෂයෙන් ශාසනික තීන්දු වලදී ඔහු දැක්වූ අසමත් කම් බොහෝ විය.එසේම දෙමළ ජාතිවාදය මවාදීව පාලනය කරගන්නටත් මුස්ලිම් අන්තවාදය නීතය මගින් පාලනය කරගැනීමටත් ඔහුට හැකිනොවූ බව සඳහන් කල යුතුය.
        කෙසේ වෙතත් රජෙක් රජ පවුලක් සිටි රටක මහජනතාවගේ සිත් සතන් තුළ පවතින පොදු හැඟීම නම් ශක්තිමත් රාජ්‍ය නායකත්වයක් අවශ්‍ය බවයි. එය අගමැතිට ලඝු කරගැනීමෙන් නැවතත් 1948 දක්වා රට පසු බැසීමට හේතුවක් බවට පත් වේ. ඉන්දියන් සාගරයේ කුඩා දූපතක් වන ලංකාව ඒකීය රටක් වශයෙන් ලොව ඉදිරියේ අභිමානයෙන් හිස එසවීමට නම් මේ නායකත්වය අවශ්‍ය බවට විවාදයක් නැත.විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමෙන් පළාත් සභා සහ මධ්‍යම රජය අතර තිබෙන බැඳීම ගිලිහේ.යම් විදියකින් පළාත් සභා අහෝසි කලද විධායක ජනපති ක්‍රමය සෑමදාටම තිබිය යුතු බවද පැවසිය යුතුය..

       

Tuesday, April 10, 2018

කාන්තාවන් වඳ බවට පත් වන්නේ ඇයි


                                        
             මිනිසා ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි. ගැහැනිය සහ පිරිමියා වශයෙන් මිනිස් සමාජය ලිංගිකත්වය අනුව වෙන්ව පවතින්නේ මිනිස් වර්ගයා බෝ කිරීම සඳහා අවශ්‍ය මානසික සහ ජීව විද්‍යාත්මක පෙළඹවීම ඉටු කරණු පිණිසය. පුරුෂ ඩිම්බයක් සහ ස්ත්‍රී ඩිම්බයක් එකතු වීම සිදු වන්නේ මේ අපූරු ස්ත්‍රී පුරුෂ සම්බන්ධය මතය. ලෝකයේ සියලුම ස්වභාව ධර්ම ක්‍රියාවලියන් මෙන්ම මෙයටද පටන් ගැන්මක් නැත. අවසානයක්ද නැත. එහෙත් ක්‍රියාවලිය දිගටම සිදු වෙයි. ස්ත්‍රියක් ගැබ් ගැනීම  පිණිස සකස් වන පරිසරය සූදානම් කරන්නේ ස්ත්‍රීයගේ ජීව විධාත්මක චක්‍රය අනුවය. ස්ත්‍රිය තුළ දින 28 ක ආර්ථව චක්‍රයක් ක්‍රියාත්මක වෙයි. එනම් දින 28 කට වරක් ස්ත්‍රියගේ ඩිම්බ කෝෂයේ එක් ඩිම්බයක් පිටවීම සිදු වේ. ඒ අනුව ස්ත්‍රී මාසයක් නොහොත් චන්ද්‍ර මාසයකට සාපේක්ෂ කාලය තුළ ඇයට දින 14 ක සරු කාලයක් සහ දින 14 ක නිසරු කාලයක් ලබා දෙයි.ඇයගේ මානසික පෙළඹීම පවා සිදු වන්නේ මේ ක්‍රියාවලිය අනුවයි. එය චන්ද්‍රයාගේ හැසිරීමට අනුරූපය. කාන්තාව චන්ද්‍රයාට සම කර තිබෙන්නේද ඒ නිසාවෙනි.නමුත් චන්ද්‍රයාගේ ගමනට සාපේක්ෂකව මෙම අර්ථවය ක්‍රියාත්මක නොවේ. එහෙත් අනුරූපී වේ යැයි කිව හැකිය. කෙසේ වෙතත් මනුෂ්‍ය ප්‍රජාවේ බෝ වීම පිණිස පුරුෂයෙකු සහ කාන්තාව එක් වූ විට ස්ත්‍රිය විසින් පිට කරනු ලබන ඩිම්බය සහ පුරුෂ ඩිම්බය දරුමලෙහි තැන්පත්ව කළලයක් දක්වා වැඩීම සිදු කරයි.මනුෂ්‍යකු දරුවෙකු ලෙසින් බිහි කරලීමට පසුබිම සැකසෙන්නේ එලෙසයි.
          සිංහල ජන සමාජයේ වර්තමානයේ ජීවත් වන බොහෝ පවුල් වල අතීතය ගැන කල්පනා කොට බැලුවහොත් ඒ සෑම පරම්පරාවක්ම ළමුන් පස්දෙනෙකුට වඩා බිහි කර තිබේ. ඇතැම් පවුල්වල ළමුන් එකොලොස් දෙනෙකු පමණ සිටි අවස්ථා ඇත. ඉන් කීප දෙනෙකු ළමා වයසේම මිය යෑමද සාමාන්‍ය සිදු වීමකි.නමුත් අද වන විට ඒ සෑම පවුලකම ඊළඟ බෝවීම දරුවන් දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට සීමාව ඇත. අනූව දශකයෙන් පසු විවාහ වන පිරිසෙන්බොහෝ පිරිසකට දරුවන් නැත.මෙම සාඵල්‍යතා හීනවීම නිසා ජාතියක් වශයෙන් සිය වර්ධන වේගය ඉතා අවම මට්ටමකට වට්ටවාගෙන තිබේ. සිංහල ජන සමාජයෙන් බැහැර දෙමළ ජන සමාජයේද මෙලෙසම ඒ තරමට වර්ධන වේගයක් නැත. එහෙත් මුස්ලිම් ජන සමාජය තුළ මේ වේගය ඉතා ඉහළය. එයට එක් හේතුවක් වන්නේ ඔවුහු භාර්යාවන් කීප දෙනෙකු විවාහ කරගෑනීමයයි පෙන්වා දිය හැකිය. එසේම උපත් පාලන ක්‍රම වේද අනුගමනය කිරීමක්ද ඔවුන් තුළ නොමැත.නමුත් සිංහල ජන සමාජය තුල පවතින දැඩි උප්පති පාලනය  නිසා දරුවන් බිහිවීම වේගයෙන් සීමා වන  බව පෙන්වා දිය හැකිය. එය සිදු වන්නට ආරම්භ වූයේ1953  වර්ෂයේ දී පවුල් සංවිධාන සංගමය පිහිටුවාලීමෙනි.ඉන්පසු 1958 දි ලක් රජය ස්වීඩන් රජය සමග ඒකාබද්ධව නියමු ව්‍යාපෘතියක් ඇරඹීමෙන් පවුල් සංවිධාන ක්‍රියාවලිය රජයේ කටයුත්තක් බවට පත් කරවීය. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට හඳුන්වා දෙනු ලැබූ උපත් පාලන ක්‍රම දහයක් පමණ ඇත.කාන්තාවන් බහුල ලෙසටම භාවිත කරන වඳ  පෙති වර්ගය වන හෝමෝන සහිත ගිලින පෙත්ත (Oral Contraceptive Pills) මගින් සිදු කරනුයේ ස්ත්‍රී බීජ ඩිම්හරණය කිරීමයි.මෙම ගිලින පෙත්ත නිසා ශරීරයට ලැබෙන අමතර හෝමෝනයෙන් ස්ත්‍රී ශරීරය තුල පවතින ආහර ජීර්ණ ක්‍රියාවලිය පවා වේගවත් වෙයි.එහි ප්‍රතිඵලය නම් කාන්තාව ඉතා ඉක්මනින් ස්ථූලභාවයට පත් වීමයි. මෙම අධි පෝෂණ තත්ත්වය නිසා වයස හතළිහ ළං වන් කල්හි ඇය අධික රුධීර පීඩනයට සහ දියවැඩියාවට ගොදුරු වීම  වැළාක්විය නොහැකිය.ගිලින පෙති වලට අමතරව මෙම හෝමෝනයම එන්නත් කිරීමද සිදු වේ.ඒ අධික සාන්ද්‍රණයෙන් යුක්තවයි. ගිලින පෙති සහ එන්නත් විදේශ වෙළෙඳ පොළ තුළ අධික මිළ ගණනින් යුක්ත වුවත් එය ලංකාවේ ජනතාවට ලබා දේනනේ ඉතා අඩු මුදලකටය. එයින්ම වටහා ගත යුත්තේ දරුවන් ලැබීම පාලනය කිරීමට තිබෙන වුවමනාවයි.
      ගිලින පෙති සහ හෝමෝන එන්නතට අමතරව හම යට තැන්පත් කරන හෝමෝන වර්ගයක්ද ඇත. එසේම ලූපය දැමීම වාසෙක්තමී සැත්කම  එල්.ආර්.ටී.සහ පෙන පෙත්ත පවුල් සංවිධාන ක්‍රම අතර වඩාත් ජනප්‍රිය වේ.මේ අතරින් එල්.ආර්.ටී. සැත්කමටත් වසෙක්තමී සැත්කමටත් ජනතාවට මුදල් ලැබේ. එසේම වෛද්‍යවරයාටද මුදල් ලැබේ. මේවා මෙහෙය වන්නේ මාරියෝ ස්ටොප් වැනි රාජ්‍ය නොවන සංවිධාන වල දායකත්වයෙනි. ඔවුහු කාන්තාවන්ට ලකුණු දීමේ ක්‍රමවේදයක් ලබා දෙමින් ඔවුන් දිරගන්වමින් මෙම සැත්කම් ක්‍රියාවලිය ඉදිරයට ගෙන යති. එසේම මෑතකදී හඳුන්වා දුන් පසු ප්‍රසව ලූප භාවිතය (PPUD) නිසා දරුවන් බිහි කිරීමට සිටින මව් වරුන්ට විශාල අවදානමක් ඇති ව තිබේ. මෙම වැඩ සටහන් ආරම්භ කරන ලද්දේ 2014 වසරේ දීය. එවකට සිටි සෞඛ්‍ය ලේකම් වරයා විසින් නිකුත් කරන ලද චක්‍ර ලේඛනයන් මගින් වෛද්‍ය වරුන්ට දිරි දීමනා පවා ලබා දී තිබේ.මෙයට අමතරව කාන්තාවනට හඳුන්වා දෙනු ලබන පැය 72 ගිලින පෙත්ත ගැනද විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. එය උපත් පාලන පෙත්තක් නොවේ. නමුත් එය නිර්දෙශිතය.එය ගැබ් ගැනීම වළක්වන පෙත්තකි. එය ගැනීම නිසා සදා කාලයටම දරුවන් අහිමි වීමේ අවදානම මතුවෙයි. බොහෝ තරුණ මව් වරු විවාහයෙන් පසු රජකාරි ස්වභාවය මත හෝ විදේශ ගත වීම නිසා මෙම පෙති භාවිත කරති. නමුත් සිදු වන්නේ ඇය ක්‍රමානුකූලව වඳ භාවයට පත් වීමයි. මේ තත්ත්වය තුළ වුවමනාවෙන්ම ආහාරයට හෝ වෙනත් යමකට වඳ පෙත ඇතුල් කිරීම කළ යුතු නැත. රජය විසින්ම මෙම කටයුත්ත අගේට කරනු ලබයි. නමුත් සුරතල් මසුන් බෝ වීම වැළැක්වීමටත් වෙනත් සතුන් බෝ වීම වැළැක් වීමටත් භාවිතා කරන වඳ පෙත් වර්ගද තිබෙන බව කිව යුතුය.මූලධර්මවාදී ආගමික කල්ලි විසින් මේවා නීති විරෝධීව භාවිතා කරන්නේද යන්න ගැන සොයා බැලීම වහා කළ යුතුය.
       මේ තත්ත්වය මෙසේ වුවද කාන්තාවකගේ වඳ භාවයට හේතු වන ස්වභාවික හේතුද තිබූ බව පෙන්වා දිය යුතුය. විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ග්‍රන්ථ වල මෙන්ම ආයුර්වේදයේද මේ ගැන් විස්තරාත්මකව සඳහන් කරන්නේ මෙසේය. දරුවන් හට නොගැනීමට හේතු වශයෙන් ඔවුන් දක්වන හේතු කාරණා  හයක් තිබේ. ඉන් පළමු වැන්න ප්‍රමේහ රෝග තත්ත්වයයි.විසි වැදෑරුම් ප්‍ර මේහ රෝග මනුෂ්‍යාට හට ගන්නා අතර කාන්තාවක් තුළ ඒවා අසාමාන්‍ය ලෙස හට ගැනී ඇත්නම් දරුඵල හීන වේ. එහිදී එය දැන් ගන්නා සරල ක්‍රමයක්ද පෙන්වා දී තිබේ. එනම් ස්ත්‍රියක් හා පුරුෂයෙකු කායිකව එක් වීමේදී ස්ත්‍රිය ගේ හිස කකියා නම් එවැනි තත්ත්වයක් ඇති බවට නිරීක්ෂණය කළ හැකිය. දෙවැන්න නම් ශරීර ප්‍රකෘතියේ තිබෙන වාත ශක්තිය අසාමාන්‍ය ලෙස දරු ගැබෙහි පිහිටීමයි. එය දැනගන්නේ දෙදෙනා එක් වීමේදී යෝනි මාර්ගය ගැස්සීමෙන් යයි කියැවේ. තෙවැන්න නම් දරුමලෙහි මස් වැඩී තිබීමයි. එලෙස කාන්තාවකගේ අසාමාන්‍ය තත්ත්වයක් දැක ගත හැකි වන්නේ සංසර්ගයේදී ළය පැත්ත රිදී කකියා යන බව ඇය විසින් පැවසීමයි. සිවු වැන්න නම් දරුමලෙහි නහර වල විකෘතියයි. සංසර්ගයේදී එක පැහැර ළමැද සහ පියවුරු රිදෙන්ට පටන් ගනී නම් එවැනි රෝගී තත්ත්වයක් ඇයට හිමිය. පස් වැන්න නම් පණු රෝග වින් දරුමල පීඩාවට පත් වීමයි.ස්ත්‍රියගේ පපුව මුල රිදේ නම් එම රෝග තත්ත්වය ඉතා හොඳින් වටහා ගත හැකිය. සය වැන්න නම් යක්ෂ පිශාච ආදී උපද්‍රවයන්ය.යම් දුර්වල මනස් ඇති කාන්තාවන්ට මෙම රෝග තත්ත්වයන් ඇති විය හැතිය. එවිට සංසර්ගයේදී කලාන්ත මලාන්ත වී සිටී .කැරකිලි ඇති වේ. මේ වාට ඖෂධ ප්‍රතකා පුද පූජා බලි තොවිල් පවා එදා සමාජයේ තිබුණි. ඒම රෝගයන් දුරු කරගෙන දරුවන් බිහිකර ගැනීමට ඇයට වාසනවා හිමි වූයේ ඒ අකාරයටයි.ඉතින් වත්මන් සිංහල ජන සමාජයද නැවත් ශක්තිමත් කරගත හැක්කේ දරුවන් බිහිකර ගෑනීමට නොහැකි වන මෙම පලිබෝධකයන් හඳුනාගතහොත් පමණකි. එයට සෑම වෛද්‍යවර්යෙකුගේම සහාය අත්‍යවශ්‍ය වේ.

මෙම ලිපිය සැකසීමේ දී ජාතික පුනරුද ව්‍යාපාරය විසින් ප්‍රකාශිත අත් පත්‍රිකා උපයෝගී කර ගන්නා ලදී.

Saturday, March 24, 2018

සීමා නිර්ණයට මුවා වී පැතිරෙන ආණ්ඩුවේ ජාතිවාදය


                                     

                    ලංකාවට සර්ව ජන චන්ද බලය ක්‍රියාත්මක කරලීමට නීතිමය තත්වයන් සහතික වූ පසු විවිධ අවස්ථාවලදී  මැතිවරණ කොට්ඨාශ වල සීමාවන් සළකුණු කිරීම සිදු කර තිබේ.එයට පෙර බ්‍රිතාන්‍යයන් සිය පරිපාලන පහසුව පිණිස දිස්ත්‍රික්ක ක්‍රමයත් උප දිසාපති ක්‍රමයත් ඇති කර සීමාවන්ද සලකුණ කළහ. පළාත් සභා පිළිබඳ පණත 1987 දී සම්මත කර තිබුණද එම මැතිවරණ ක්‍රමය ආරම්භයේ සිටම සමානුපාතික පදනමින් ක්‍රියාත්මක වූ බැවින් කොට්ඨාශ නිර්ණයක් සිදු වූ යේ නැත. 2018 පැවති පළාත් පාලන මැතිවරණයට අදාළව කේවල ක්‍රමයට සහ සමානුපාතික නියෝජනයට සරිලන ලෙස මැතිවරණ සංශෝධනයක් සිදු විය. ඒ අනුව 2014 වර්ෂයේදී ජයලත් රවි දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර සීමා නිර්ණ කටයුතු ආරම්භ කරන ලද අතර පසුව එම වාර්තාවද වෙනස් කොට නව කොට්ඨාශ ක්‍රමය ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කර නීති ගත කරන ලදී.පළාත් පාලන මැතිවරණය පවත්වන ලද්දේ ඒ අනුවයි. ඉන්පසු 2017 සැප්තැම්බර් මස පළාත් සභා සංශොධන පණත  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.  ඒ අනුව පළාත් සභා මැතිවරණයද කොට්ඨාශ ක්‍රමයට සහ සමානුපාතික ක්‍රමයට සිදු කරනු ලැබේ යැයි ප්‍රකාශයට පත් විය.
         මෙම තත්ත්වය උදා වීමට පෙර ඌව සපරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල ධූර කාලය අවසන් විය. එවිට එම මැතිවරණය පැවැත්වීම රජයේ වගකීම විය. එහෙත් ජනතා අප්‍රසාදය තුළ මැතිවරණයකට යෑම ප්‍රශ්ණයක් බවට පත් විය. රජයට අවශ්‍ය වූයේ කෙසේ හෝ මැතිවරණය කල් දමා ගැනීමයි. එම නිසා සියළුම පළාත් සභා එකම දිනයකදී පැවැත්විය යුතු බවට සංශෝධනයක් ඉදිරිපත් විය. පෙර සඳහන් කරන ලද්දේ එම සංශෝධන පණතයි. ජූලි මාසයේ මුල් වරට ඉදිරිපත් කර තිබූ අංක 195 පණතෙහි වූයේ වගන්ති දෙකක් පමණකි. එහි අංකය වෙනස් කරමින් මෙම පළත් සභා සංශෝධන පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එහිදී  ඒ කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හතලිස් තුන් දෙනෙකු එයට විරද්ධව චන්දය භාවිත කල අතරඑ.ජා.ප.ය ජ.වි.පේ.  දෙමළ ජාතික සන්ධානය හෙළ උරුමය ඇතුළු සියළු දෙන එකතුව 154 දෙනෙකු පක්ෂව චන්දය භාවිතා කළහ.
        2017 අංක 17 යනුවෙන් සඳහන් මෙම පණතෙහි මූලික අර්ථය නම් පළාත් සභා සියල්ල එකවර පැවැත්වීම වුවද එය යටතේ සීමා නිර්ණ කෙමිසමක් පත් කිරීමට බලය ලබා දෙන ලදී. සුදුසු කම් ලත් පුද්ගලයන් එම කොමිසමේ සාමාජිකයන් ලෙසට පත් කිරීම කළහැකි විය. කොමිසමේ බලතල තෙවැදෑරුම් වෙයි. පළමුව සඳහන් වන්නේ යම් කොට්ඨාශයක් තීරණය කිරීමේ දී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණයයි. එම පණතේ හතරවන වගන්තියේ පළමු ඡේදයේ එය මෙසේ සඳහන්ව තිබේ.යම් පරිපාලන දිස්ත්‍රික්කයක ජීවත් වන වැඩිතර ජනගහනය තුළ ජන වාර්ගික ආගමික  කණ්ඩායමක් විද්‍යාමාන වේ නම් ඔවුහු එක්සත්ව ගෞරවනීය ලෙසට වෙන්ව සලකා බැලීමට කැමැත්තක් ඇත්නම් එම කණ්ඩායමට ගැලපෙන සීමා නිර්ණයක් කළ යුතුය. දෙවැන්න නම් කොට්ඨාශයට යෝග්‍ය පරිදි ජනගහනය සංවිධානය කිරීමයි. තෙවැන්න නම් භුගෝලීය සහ සමාජ විද්‍යාත්මක පසුබිම සලකා බලා කොට්ඨාශ නිර්ණය කිරීමයි.
       නව කොට්ඨාශ නිර්ණයේ දී අතීතයේදී සලකා බලා ඇත්තේ ඉහත සඳහන් යෝජනා අතර තෙවැන්න ප්‍රමුඛත්වයට ගනිමිනි. එයට හේතුව ලංකාව තුළ එවැනි භූගෝලීය තත්ත්වයන් මනාව විද්‍යාමන වන බැවිනි.පැරණි පරිපාලන බෙදීම් වන කෝරළ පත්තු සහ රට යන සීමාවන් තුළ මෙම භූගෝලීය විෂමතා හඳුනාගන්නට හැකි විය. එහිදී එම ප්‍ර දේශයේ ජීවත් වන ජන ගහනය ප්‍රමුඛතාවට නොගැනේ.නමුත් ජීවත් වන ජනගහනයට සාපේක්ෂකව ජනතා නියෝජිතයන් ගණන තීරණය කිරීමට අවස්ථාවක් ලැබේ. විසිවන සියවසේ ඇති කළ  මුල් මැතිවරණ සීමා නිර්ණ සඳහා මෙම තර්කයන්  මැනවින් යොදා ගත්හ. නමුත් වර්තමාන පළත් සභා සීමා නිර්ණයේදී ප්‍රථම වරට ජාතිවාදීව සහ ගෝත්‍රවාදීව සීමා නිර්ණයට සහ ජනගහනයේ බෙදීමට ප්‍රමුඛතාවය හිමිව තිබේ. ජ.වි.පෙ.එ.ජා.ප.දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොන්ග්‍රසය ඇරුණු කොට මෙවැනි තත්ත්වයක් මෙරට ජීවත්වන බහුතර ජනතාව හෝ අනෙක් පාර්ලමේන්තු මන්ත්‍රී වරු ඉල්ලා නොසිටියහ. යම් ජන වර්ගයක් විශාල වශයෙන් වෙනම ඒකරාශි වී සිටී නම් එම ප්‍ර දේශය තුළ බහුආසනයක් ඇති කිරීමේ සම්ප්‍රදාය අතීතයේ සිටම පැවතියහ.නමුත් 2017 පළාත් සභා පණත යටතේ මෙවැනි යෝජනාවක් ඇතුල් කරන්නට ඇත්තේ ජන වාර්ගික වශයෙන් රට බෙදා වෙන්කිරීමට යහපාලන ආණ්ඩුවේ තිබෙන කැමැත්ත මතය. විශේෂයෙන්ම අගමැතිවරයාගේ තනි කැමැත්ත මතය. ඒ බැව් තහවුරු කරන තවත් වගන්තියක් මෙම පනතේ ඇත. එනම් එහි දොලොස්වන වගන්තිය ප්‍රකාරව සීමා නිර්ණ වාර්තාව යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ සම්මත නොවුණහොත් විවිධ ජන වර්ග නියෝජනය කරන සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුක්ත සමාලෝචන කොමිසමක් පත් කිරීමට අගමැතිවරයාට බලය දී තිබේ. එහි ප්‍රධානියා වන්නේ ද අගමැතිවරයාම වෙයි. එවිට සීමා නිර්ණ වාර්තාව නැවත සමාලෝචනය කිරීමෙන් යළි ඉහතකී ජනවාර්ගික බෙදීම යලි ඇති කරලීමට රජයට හැකියාව ලැබේ.මෙම තත්ත්වය ගොඩනැගීමට පසුබිම් වූ ප්‍රධානතම එකඟතාවය නම් සිංගප්පූරු ගිවිසුමයි.එම ගිවිසුම විශාල මුදල් කුට්ටි මත තීරණය වූවක් විය.
       මෙම සීමා නිර්ණ වාර්තාව සකස් කරලීමට පත් කර ඇත්තේ කවුරුද කියා මෙහිදී විමසා බැලිය යුතුය. එහි සභාපතිවරයා වන්නේ හිටපු මිනුම්දෝරු අධිකාරිවරයෙකු වන කේ.තවලිංගම් මහතාය. ඊළඟ ප්‍රධාන සාමාජිකාව අගමැතිවරයාගේ ඥාති වරියක වන අනිලා ඩයස් බණ්ඩාරනායක මහත්මියයි. තෙවැන්නා මහාචාර්ය හිස්බුල්ලා මහතාය. මේ තිදෙනාගෙන් දෙදෙනෙකු සෘජුවම කොටි බෙදුම්වාදය සඳහා දායකත්වය සැපයූවන්ය. තෙවැන්නා මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන ඇමතිවරයෙකුට උපදෙස් දෙනේනෙකි. ඔවුන් විසින් සකස් කරන ලද වාර්තාව  මෙම 22 දින පාර්ලිමෙන්තුවේ විවාදයටද ගැනීමටද නියමිත නමුත් මෙතෙක් එම වාර්තාව අන්තර්ජාලයෙහි පළ කර නොමැත..  ඒ නිසා මෙම වාර්තාවට විරෝධතා ඇතිවීම වුවමනාවෙන් වළක්වා තිබේ.
     මෙම වාර්තාවේ සඳහන් පරිදි කලුතර දිස්ත්‍රික්කයේ ආසන බෙදී යෑම ගැන සඳහන් කිරීමෙන් ආණ්ඩුවේ ජාතිවාදය සහ අන්තවාදය පැහැදිලි කරගත හැකිය. පළාත් සභා මන්ත්‍රී වරුන් එකොළොස් දෙනෙකුට සරිලන ලෙස මෙම සීමා නිර්ණය කළ යුතු වූ අතර අපගේ යෝජනාව වූයේ විශාල ආසනයක් වන අගලවත්ත  සහ  මතුගම දෙකට බෙදමින් තවත් ආසන දෙකක් නිර්මාණය කරන ලෙසටය. එහිදී භුගෝලීය වශයෙන් තිබෙන බාධක උදාහරණයක් වශයෙන් ගංගා ඇළදොළ ආදිය  සලැකිල්ලට ගනිමින් එය කළ යුතු බවට යෝජනා කළද සීමා නිර්ණ කොමිසම හිතුවක්කාර ලෙසට අගලවත්ත ආසනය සම්පූර්ණයෙන් ඉවත් කර කිසිම විද්‍යාත්මක හේතුවක් නොමැතිව වාද්දුව සහ මදුරාවල සහ වලල්ලාවිට නමින් ආසන තුනක් නිර්මාණය කර තිබේ. එසේම දොඩන්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලීය බල සීමාවේ තිබූ වසම් හතලිස් පහෙන් කීපයක් කඩා මතුගමට එක්කර බේරුවල ප්‍ර දේශීය ලේකම් කොට්ඨාශයෙන් සිංහල බහුතරය එනම් වසම් තිස්පහක් එක් කර වසම් හැට පහක් වන ලෙස දොඩන්ගොඩ නමින් ආසනයක් ඇති කර තිබේ.  දොඩන්ගොඩට ඉතාමත් සමීප තෙබුවන වඩුගම ආදී වසම් සියල්ල මතුගම කලාපයට එක් කර තිබෙන බව මෙහිදී සැලකිල්ලට ගත යුතුය.. මෙම සීමා නිර්ණය පරිදි බේරුවල යනු මුස්ලිම් චන්ද බහුතරයකින් ජයගත හැති ජාතිවාදී ආසනයක් බවට පත් කර තිබේ.බේරුවල සිටි බහුතර සිංහලයන් ඉවත් කර  මුස්ලිම් ජනගහනය ඉස්මතු කරවීම ඊට හේතුවයි.මීට අමතරව මහනුවර දිස්ත්‍රක්කයේ අකුරණ සහ පූජාපිටිය ආසන්නයේ පවතින සිංහල ජනගහනය පවතින වසම් වලට මුස්ලිම් බහුතරය එක් කරමින් තවත් ජාතිවාදී සීමා නිර්ණයක් කර තිබේ.නමුත් සිංහල ජනගහනය තිස්හයදාහකට අධිකව සිටින අඹගමුව ප්‍රා දේශීය ලේකම් බෙල පෙදෙසට ආසනයක් නොදී එම සිංහල ජනගහනය බහුතර දෙමල ජනගහනයක් සිටින මස් කෙළියට ඈඳා කර තිබෙන ජාතිවාදී විගඩමෙන් ගම්‍ය වන්නේ මෙම කොමිසමට සිංහල ජනතාවගෙන් පළි ගැනීමට තිබෙන ආශාවයි.
           මෙම කොමිසම කලුතර දිසත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි දිනය මහජන නියෝජිතයන්ට වසන්ව පැවති ඇතර සාක්ෂි දීම සුලු වශයෙන් සිදුවිය. එහි සාක්ෂි දීමට පැමිණි පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය තෙබුවන පියනන්ද හිමියන් සෘජුවම පනහට පණහේ ප්‍රතිශතයට විරොධය පෑ අතර  උන්වහන්සේ ගේ නාමය පවා වාර්තාවෙන් ඉවත් කර තිබේ. මේ ආකාරයෙන් බලන කල්හි ඉකාමත් ජාතිවාදී ලෙස පළාත් සභා සීමා නිරණ වාර්තාව සකස් කර තිබෙන බව පෙනේ.ජනතා විමුක්ති පෙරමුන මෙම පණත සම්මත කරලීමට සුවිශේෂී දායකත්වයක් සැපයූහ. ඒ මගින් ඔවුන්ගේද ජාතිවාදී ගෝත්‍රවාදී දේශපාලනය ඉස්මතු වූ බව පැවසිය යුතුය. මෙම ක්‍රමය මැතිවරණයක් පැවැත්වුවහොත් රටේ බෙදීම තවත උග්‍ර වන අතර පළාත් පාළන මැතිවරණයේ දී උදගත වූ තත්ත්වය දෙගුණ තෙගූණ වී බලවත් දෙශපාලන අර්බුදයක් බවට පත් වීමට ඉඩකඩ තිබේ.එම නිසා පණහට පණහේ ප්‍රතිශතය මෙන්ම ජාතිවාදී ලෙස සීමා නිර්ණය කළ හැකි වගන්ති සංශෝධනය කිරීමට මන්ත්‍රීවරුන්ට නුවණ පශළ විය යුතුය.විධායක ජනපති ක්‍රමය අහෝසි කරලීමට වඩා මෙම අර්බුද සමනය කර ගැනීම රටක් වශයෙන් අප සැමට සුභ දායක වෙයි.