පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, May 9, 2018

විජිතපුර ගැමුණු අඩවිය කෙලෙසූ පාපතරයන් කවුරුද


                                 

           ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පූගොල්ලෑව(පුලියන්කුලම) 516 ග්‍රාම නිළධාරි වසමේ බැලුම්ගල අවට පැතිර තිබූ පධාන ඝර සංකීර්ණයක් ඇතුළු ඉපැරණි නටබුන් රාශියක් ඩෝසරයකට අසුවී කල විනාශය  මෑතකදී වාර්තා වූ තවත් ජාතික උරුම සංහාරයක කොටසකි.නැගෙනහිර මොට්ටාගල හිරුකෝවිල් මෙන්ම සාම්පූර් දාගැබ ඩෝසර් කිරීම දක්වා පැතිර යන මේ ඛේදවාචකයන් ට වග කිව යුත්තන් සිටී. නමුත් දඹුල්ලේ කලු දිය පොකුණ සෙල් ලිපිය ග්‍රයින්ඩර කළ අපරාධකාරයන් මෙන්ම මොවුහුද පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශයෙන් බලපෑමක් නොවී නිදැල්ලේ හැසිරෙති.වනජිවී වන සංරක්ෂණ මෙන්ම ප්‍රා දේශීය ලේකම් වරුද අතයට කරන ගනුදෙනු වලින් ඉඩම් අන්සන්තක කරද්දී සෙල්ලිපි පධානඝර ඉතිරි වේයැයි සිතන්නටවත් නොහැකිය.
        අනුරාධපුර යටත් කොට ගත් එළාරගේ විජිතපුර බලකොටුව පිහිටි ස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධ ප්‍ර  දේශයක් කලාවැව ආශ්‍ර යෙන් දැකිය හැකිය. කලාවැව ඉස්මත්තේ උස්ව නැගී සිට අපරිමිත දායාවෙන් කරුණාවෙන් ලෝසතුන් දෙස බලන අවුකන බුදු රුව මෙන්ම මේ සිදු වීම් දෙස අපට උපේක්ෂාවෙන් බැලිය හැකිය.සංහිඳියාව සඳහා මදක් ඉවසිය යුතුයයි ද ජාතිවාදී ගැටුම් වලට නොයා යුතු යැයිද රජය පුන පුනා පවසන බැවින් එවැනි උපේක්ෂාවක් අවශ්‍ය බව මේ මොහොතේදී වුව රජයේ මාධ්‍ය ප්‍රකාශකයන් වදාරනු දැක බල ගත හැකිය. කෙසේ වෙතත් දිනෙන් දින අප මුතුන් මිත්තන් විසින් ගොඩනැගූ උදාර සංස්කෘතික වටිනාකම් විනාශ මුඛයට යෑම නවත්වාගන්නට අපට නොහැකිව තිබේ.
       ඉපලෝගම හිරිපිටියාගම අසන්නයේ පවතින මෙම පැරණි ස්ථානයට විජිත පුර බැලුම්ගල යයිද බලකොටු අඩවියක් යයිද ගැමියන් කියිති. 1998 වර්ෂයේදී මෙම නටබුන් පරීක්ෂා කොට පුරාවිද්‍යා ගවේෂකයන් සකස් කල වාර්තාවක් නිසා මෙම ස්ථානය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙසට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව පවතින ගම්පිඹුරු වල සටහන් විය. මේ වාර්තාකරණයෙන් පසු දැන් වසර විස්සක් ගතව තිබේ. සාමාන්‍ය යෙන් එවැනි වාර්තාවකින් පසු එම ස්ථානය මැනුම් කොට භූමිය වෙන් කොට තබා ගැසට් මගින් රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම අනුමත ක්‍රම වේදයයි. ඒහෙත් වසර විස්සක් ගතව තිබියදීත් එම ක්‍රියාව සිදුව නොමැත.ඒ අතර පහුගිය කාලය පුරාවටම මෙම ස්ථානයට නිධන් හාරන්නන් ගෙන් අතවර සිදු විය.ඒ අතර ප්‍රාදේශීය දේශපාලනඥයන් ග්‍රාම නිළධාරීන් මෙන්ම ඉහළ ගණයේ දෙශපාලඥයන්ද  සිටි බව නොරහසකි. එහෙත් ගම්මුන් මෙම ස්ථානයේ හේනක් පවා කොටන්නට බිය වූහ. එයට හේතුව හාස්කම් සපිරි භූමියක් වීමයි. දුටු ගැමුණු රජු මෙහි බැලුම් ගල අවට අංගම් සටන් මඩුවක් පවත්වා ගෙන ගිය බවද පසු කාලයේදී  මෙම භූමිය විශේෂයෙන්ම දෙමළ සතුරන් ගෙන් ආරක්ෂාව පතා මානෑවට වැදුණ මහානාම රජු දවසදී  මෙහි පධාන ඝර සහිත ආරණ්‍ය සේනාසනයක් ඉඳි වූ බවද තතු දන්නෝ කියති.ඒ අනුව අවදි කීපයක වැදගත් ඉපැරණි ඉතිහාසයක් මෙහි සැඟව පවතින අකාරය තේරුම් ගත හැකිය. නමුත් මෙම ඉතිහාසය ගොඩ ගැනීමට නම් එය ජාතික රුධිරයේ කොටසක් බවට පත් කර ලීමට නම් පුරාවිද්‍යාඥයන් අතින් ඒවා කැණීමකට ලක් කොට තහවුරු කිරීම් වලට ලක් කොට ශාස්ත්‍රීය අවසානයක් දැකිය යුතු වෙයි.එහෙත් අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සමස්ත ජාතික උරුමයට වග කියන ආයතන පත්ව ඇති ශෝචනීය තත්ත්වයන් නිසා එවැනි වැදගත් පියවරකට පා තැබීම සිහිනයක් බවට පත්ව තිබේ.

        යහපාලන රජය බලයට පත්වූ වහාම පැරණි ජාතික උරුමයන් අමාත්‍යංශය අහෝසි කොට මෙම ආයතන සියල්ල අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධ කොට සංස්කෘතික විෂය වෙන්ව ගැසට්  කරන ලදී.පුරාවිද්‍යා විෂාය භාර අමාත්‍යවරයා බවට පත් කරන ලද්දේ අකිල විරාජ කාරියවසම් මහතාය. ඔහුගේ ක්‍රියාකාලපය පිළිබඳ හොඳම නිදසුන දඹුල්ල රජ මහා විහාරයේ ප්‍රවේශ පත් සිද්දියේදී පැහැදිලි විය. ඉතාමත් හිතුවක්කාර ලෙස කටයුතු කරමින් සංඝයා වහන්සේලාට පවා අවමන් කරමින් දඹුල්ල විහාරය පවරා ගනිමියි උදම් ඇනූ අමාත්‍යරයා හොස්ස බිම ඇණ ගත්තේ අස්ගිරි මහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේලා ගේ අභීත ඉදිරිපත් වීමෙනි. ඇමතිවරයා එහිදී මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පවතින ආයතන වල මෙන්ම පුරා විද්‍යා ස්ථාන වලින් මුදල් අය කිරීමේ බලය තමන් යටතට ගැනීමට වෑයම් කලේය. කෙසේ වෙතත් අවසානයේ දී ඔහු සිය මැතිවරණ කොට්ඨාශයේ තමන්ගේ චන්ද දායකයන් 1600 ක් පමණ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ රැකියාවට බඳවා ගත්තේය. වර්ෂයකට රුපියල් දශලක්ෂ 3600 ක් පමණ ආදායමක් ලබන මෙම අරමුදල ට ඔවුන්ට වැටුප්  ගෙවීම ප්‍රශ්ණයක් නොවේ . නමුත් ඒ අරමුදලෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දෙන්නේ ඉතාමත් සොච්චමකි. එනම් සියයට විසි පහකි.එයද භක්ෂණය කිරීම පිණිස මෑතකදී මෙම බඳවා ගත් හිතවතුන් පුරවිද්‍යා ස්ථානවලට අනුයුක්ත කර තිබේ. ඔවුහු බෞද්ධ වන්දාන කරුවන් ගේ හැඳුනුම්පත් පවා පරීක්ෂා කරමින් ඇමතිබලය පෙන්නූ ආකාරයක් පසුගියදා කූරගලින් වාර්තා විය. කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්මෙන්තුවත් මධ්‍යම සංස්කෘතික අරමුදලත් අද පත්ව තිබෙන්නේ තමන්ගේ හිතවතුන්ට රැකියා දෙන ස්ථානයක් ලෙසටයි. ඒ අතර යහපාලන රජයේ කුණු හෝදන්නට කැපවුණු පූජ්‍ය දඹර අමිල හිමියන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයෙකු(ශාස්ත්‍රීය) ලෙසට බඳවා ගැනීමටද මේ දිනවල බල අරගලයක් නිර්මාණයව තිබේ. මේ බල අරගල අස්සේ පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීමට බලධාරීන්ට ඉස්පාසුවක් ඇතැයි සිතිය නොහැකිය. එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව සිටින අවංක නිළධාරීන්ද උදාසීන තත්ත්වයකට ඇද දමා ඇත්තේ මේ දෙශපාලන අරමුණු ක්‍රියාත්මක වීමෙනි.
           දැන් පුරාවිද්‍යාව මෙන්ම සංස්කෘතික විෂයත් එක් අමත්‍යංශයකට පත් කොට විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා විෂය භාර පුද්ගලයා ලෙස නම් කළ  බව පසුගියදා ප්‍රකාශයට පත් විය. එහෙත් තව වෙනතුරු එම විෂයයන් ගැසට් කර නොමැත. පුරාවිද්‍යාව මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලත් අගමැති වරයා යටතේ තබා ගන්නට වළිකන බව වාර්තාවේ. ඒ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ රැස්වන විශාල මුදල් කන්දරාවට ලොබිනි. එවැනි වකවානුවක ඉපලෝගම විජිතපුර සිදුවූ මේ විනාශය සුළුවෙන් තැකිය හැකි නොවේ. මරක්කල ජනතාව ගේ යම් කිසි ප්‍රතිශතයක් ජීවත් වන ප්‍ර දේශයකට මුස්ලිම් බලධාරීන් පත් කිරීම මෑතකාලයේ දක්නට ලැබෙන සිදුවීමකි.හොරොව්පොතාන එක් උදාහරණයකි. එහිදී ලේකම් වරයාගේ අනුදැනුම යටතේ ඉඩම් නිදහස් කිරීම අනවසර කැලෑ කැපීම සිදු වේ. ජනාවාස ඉඳිවේ.ඉපලෝගමටත් සජිදාභානු පත්වීම අහඹුවක් විය නොහැකිය. ඇය යටතේ ගම් උදාවට ඉඩම් නිදහස් වන්නේ සියලු ජනවර්ගයන්ට වාසය පිණිස නිවාස තැනවීමටයි. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 518 හීනුක්වෑගම වසමේ ඉඩම් පිළිබඳ පුරාවිද්‍යා වාර්තාවක් ඉල්ලා සජිදා භානු මහත්මිය විසින්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්නේ මෙයට ටික කාලයකට ප්‍රථමවයි.ඒ අතර නිවාස සංවර්ධන අධිකාරියත් ගම් උදා බලධාරීනුත් එකතු වී මෙම ඩෝසර කිරීම කොට මුල් ගලක්ද කබා ගොස් තිබෙන්නේ නිවාස ඇමතිවරයාගේ බලපෑම මතය යන නිගමනයට එන්නට සිදුව ඇත්තේය. ඒ ඉතා ඉක්මනින් මෙම ක්‍රියාවලිය සිදු වීමෙනි.දැන් ප්‍රාදේශීය ලේකම්ක වරියට ස්ථාන මාරුවක් ලැබී තිබේ.නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර කළමනාකාරියගේ වැඩ තහනම් කර තිබේ. ග්‍රාම නිළධාරිවරයාටද මාරුවීම ලැබී තිබේ. නමුත් රජයේ නිළධාරීන්ට එරෙහිව නඩු පැවරීමට ප්‍රථම විධිමත්ව කළ යුතු වැඩ කොටසක් පුරාවිද්‍යා නිළධාරීන් සතුව තිබේ. එයට කල් ගතවිය හැකිය.එම නිසා විනාශ වී ගිය මෙම ස්ථානයේ ඉතිරි කොටස්වත් මතු පරපුරට දායාද කර ලීමට වහාම මෙම ප්‍ර දේශ මැන ලකුණු කොට රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත් කළ යුතුය. මන්දගාමීව කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවත් අනෙකුත් ආයතනත් සක්‍රීය කොට මෙහෙයුමක් ලෙසට මෙය අවසන් කිරීමේ වගකීම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා සතුය.ඔහු සිය පුරාවිද්‍යා ආඥා පණත නිසි පරිදි ක්‍රියාවට නැන්විය යුතුය.අලස පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාශය පණ ගන්වා දූෂිතයන් ඉවත් කරලීමටද කටයුතු කළ යුතුය.පුරාවිද්‍යාවට නොහැකි නම් මෙම ඓතිහාසික ස්ථාන මහා සංඝරත්නයට වහාම භාර දිය යුතු බවටද දැන්විය යුතුය. එසේ නැතහොත් සාම්පූර් දාගැබ ඩෝසර කිරීමේ සිද්දිය මෙන්ම මෙම සංහරයද ඉතා ඉක්මනින් ජනතාවගෙන් වසන් වී යා හැකිය.


No comments:

Post a Comment