පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, February 9, 2015

යහපාලනය තුළ හට ගැනෙන ස්වයං පාලන පිළිකාව


                             


 

                    විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියාදා ඉන්දියාවේ කරන ලද සංචාරයක් අතරතුරදී ජන වාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් වශයෙන් 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබේ. එසේම විදෙස් මාධ්‍යවේදීන් අමතා ඇති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබෙන්නේ යුද අපරාධ සම්බන්ධව  ජාත්‍යන්තරයට පිරමහින පරීක්ෂණයක් කරන බවයි. මේ ප්‍රකාශ දෙකින්ම කියැවෙන්නේ කුමක්ද. ලංකා දේශපාලය තුළ පසුගිය අඩ සියවස තුළ ඇතිවූ බෙදුම්වාදී ප්‍රවණාතාවයන් මර්දනය කරලීම පිනිස ගත් නිවට ක්‍රියාමාර්ගයන්හි ස්වභාවයයි. පළාත්සභා ක්‍රමය ඇතුළත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම තුළ ප්‍රකාශ වන්නේ උතුරු හා නැගෙනහිර සිටින ජනතාවට ස්වයං පාලනය කර ගෙන යෑමට ඉඩ දිය යුතු  බවයි. එයට ඉඩම් බලතල පොලිස් බලතල ආදිය ද ඇතුළත් විය යුතු බව පිළිගෙන තිබේ. උතුරට හා නැගෙනහිරට පමණක් මේ ක්‍රමය ක්‍රියාත්මක කල නොහැකි බැවින් එය සමස්ත පළාත් නවයටම ආදේශ කර තිබේ. පළාත්සභා ක්‍රමය ප්‍රභාකරන් ඇතුළුකොටි සංවිධානය පිළි නොගත්හ. ඒ වෙනුවට පූර්ණ සවයං පාලනයක් සඳහා තව දුරටත් ත්‍රස්ත ක්‍රියා කරමින් රජයට එරෙහිව ක්‍රියා කළහ. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ ආරක්ෂකහමුදා විසින් මේ ත්‍රස්තවාදී සංවිධානය යුධබිමේදී පරාජයට පත් කිරීමයි. මේ ක්‍රියාවලිය වැරදි බවත් ඒ මගින් ද්‍රවිඩ ජනතාවගේ මානව අයිතීන් කඩ කළ බවත් දැන් ජගත් සංවිධාන හඬ නගයි. එහෙත් රට පුරා ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු වන විට ඔවුහු කොටි සංවිධානයට එරෙහිව ප්‍රකාශ නිකුත් කළේ නැත.

        පසුගිය ජනාධිපතිවරණයේ දී  දෙමළජනතාවගෙන් විශාල පිරිසක් මහින්ද රජපක්ෂ මහතාට එරෙහිව චන්දය භාවිතා කළහ. ඒ මහින්ද ගේ රජය විසින් උතුරේ දෙමළ ජනතාව අරභයා විශාල සංවර්ධන වැඩ කොටසක් ඉටුකළ පසුබිමක් යටතේය. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නැවත  පදංචි කිරීම ඇතුළු සිවිල් වැඩ කටයුතු අති සාර්ථක ආකාරයෙන් ක්‍රියාත්මක කළ අතර  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් හෝ වෙනත් දෙපාර්තමේන්තුවකින් ඉටු නොවූ කාර්යක්ෂම සේවයක් සැලසූ බව අවිවාදිතය. උතුරු වැසියන් ගේ ඉඩම් සමාගම් වලට පවරා දීම ඇතැම් තැන්වල දේශපාලකයන්ගේ ගෝල බාලයන්ගේ සංචාරක හෝටල් ඉඳිකිරීම ආදී ක්‍රියා සිදු වුණද යුධ හමුදාවට පූර්ණ වශයෙන් චෝදනා කිරීම සුදුසු නොවේ. ඒ මන්ද දේශපාලකයන්ගේ නියොගයන්ට අවනතව ක්‍රියාකිරීම ඔවුන්ගේ වගකීම වූ නිසයි.කෙසේ වෙතත් උතුරේ  ජීවත් වන දෙමළ ජනතාව සිතන පතන ආකාරය තවම වෙනස් වී නොමැත. ඔවුන්ගේ නිජ බිම තුළ ශ්‍රී ලංකා යුධ හමුදාව බලයෙන්ම රැඳී සිටින්නේ යැයි කියති. මේ දේමළ ඊළාම් වාදීන් දශකපහක් පමණ තිස්සේ කැවූ ජාතිවාදී අදහසකි. මෙය සත්‍යයක් බව දෙමළ දේශපාලකයන් පිළිගනිති. දකුණේ සිටින දෙමළ ප්‍රජාවද පිළිගනිති. එසේම සිංහල දේශපාලකයන්ද පිළිගනිති. මේ නිසා මහින්ද රාජපක්ෂ පමණක් නොව පසුගිය කාලයේ රට ආණ්ඩු කළ දේශපාලකයන් සියල්ලම උතුරේ හා නැගෙනහිර සිංහලයන්ගේ අයිතිවාසිකිම් පිළිබඳ ප්‍රශ්ණය නොතකා හරින ලදහ.

        දහතුන් වන සියවසේ සිට පැවති ආර්ය චක්‍රවර්තී පාලනය මගින් ද්‍රවිඩ රාජ්‍යයක් උතුරේ පැවතුණා යැයි කියන මිත්‍යාව මේ සැම පිළිගැනීම මීට හේතුවයි. උතුරේ හා නැගෙනහිර ප්‍රදේශ වල වාසය කරන්නන් සහමුලින්ම ද්‍රවිඩයින් නොවේ . ඒ අතර සිංහලයින් වැද්දන් මුක්කුවාර් වරුන් ද සිටියහ. මේ නිසා ඉංග්‍රිසි ආණ්ඩුව තම බලය තහවුරු කරගත් පසු 1806 දී පමණ ලන්දේසීන් විසින් පැණවූ තේසවලාමෙයි නම් නීති රීති වලට අර්ථ කථන සැපයීම සිදු කරන ලදී. මේවා සිදු වූයේ ඔවුන් අතර තිබූ නඩු ආශ්‍රයෙනි. උදාහරණයක් වශයෙන් නිල්ලෙයිනාදන්ට එරෙහිව රාමස්ස්වාමි චෙටිටියාර් නඩුවේ දී බොන්සර් අගවිනිසුරු තේසවලාමෙයි හඳුන්වාදුන්නේ යාපන පළාතේ ද්‍රවිඩ පදිංචි කරුවන් ගේ පැරණි සිරිත් ලෙසිනි. මන්නාරමේ මඩකලපුවේ මෙන්ම දකුණේ ද සිටි ද්‍රවිඩයින්ට වෙනත් සිරිත් මෙන්ම රීතිත් තිබුණද උතුරු පළාතේ වාසය කරන සෑම ද්‍රවිඩයෙකුම තේසවලාමෙන් ආවරණය කරන බව මේ නඩු තීන්දු වලින් ප්‍රකාශ විය. නමුත් මධ්‍යම පළාතේ ජීවත් වන ඉන්දීය දෙමල වැසියෙකු මේ නීතියෙන් ආවරණය නොවන බවට තීන්දුවක් රජයට එරෙහිව පෙරුමාල් නම් නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් ව ඇත.( මෙසේ තිබියදීත් උතුරේ හා නැගෙනහිර ඇතැම් තැන්වල වතු දෙමළ ජනතාව පදිංචිකරවන ලදහ. මේවා කරන ලද්දේ රෙඩ්බානා සංවිධානය විසිනි.) ඇතැම් නඩු වලදී පෙළපත් මත වාසය ඔප්පු නොකළ හැකි යයි තීරණය කර ඇත. වුඩ්රෙන්ටන් නම් අග විනිසුරු වරයා මෙයට දුන් අර්ථ නිරූපණය අනුව උතුරු පළාතේ පදිංචියක් හෝ ස්ථීර නිවාසයක් ලබා ගැනීමත් වැදගත් බව ඔහු වේලුපිල්ලේ ට එරෙහිව සිව කාමි පිල්ලේ නඩුවේ දී කියා සිටියේය. මේ අනුව සිදු වූයේ සංක්‍රමණියන්ටද තමන්ට ස්ථීරව පැලපදියම් විය හැකි නීතිමය ආවරණයක් ලැබීමයි.මෙම නීතිය පුද්ගල නීතියක් ලෙසටද සලකනු ලැබූ අතර කොළඹ සිටි පුද්ගලයෙකුට යාපනයේ ඉඩම් තිබුණ අවස්ථාවකදී වුවද ඔහුට තේසවලාමේ අවරණය ලැබීමේ හිමි කම ඇති විය.

             දේපළ අයිතිය පැවරීම වැනි අවස්ථා මත උතුරේ පදිංචි ද්‍රවිඩයින්ට මේ නීති ආවරණය ලැබීම නිසා සිහලයින්ට සිදු වූයේ උතුරු පළතට ආගන්තුක වූ වෙළෙන්දන් බවට පත් වීමටයි.ඔවුන්ට ස්ථීරව යාපන පළාතෙන් ඉඩම් මිලදී ගත නොහැකි විය.  ඉංග්‍රීසි යුගයේ සිටම මූදුකර වැද්දන් ඇතුලු වැදි ජන වර්ගයා දෙමල භාෂවට හුරු කර සිටීම නිසා ඔවුන්ද ද්‍රවිඩයින් ලෙසට සැලකූ අතර තේසවලාමේ නීතියෙන් ඔවුන් ද ආවරණය විය. මේ නිසා උතුරු පළාත යනු ද්‍රවිඩ වාසභූමියක්ය යන මතය දීර්ඝකාලීනව තහවුරු විය.කොටි ත්‍රස්තවාදීන් ඇතුලු ඊලාම් අරමුණු සහිත බලවේග සියල්ල ඓතිහාසික ද්‍රවිඩ වාසභුමි නම් මිථ්‍යාවට පදනම් සකස් කර ගැනීමට අවශ්‍ය නීතිමය රාමුව මේ මලබාර් සිරිත් සංග්‍රහයෙන් ලබා ගත් බව පැහැදිලිය.

       උතුරේ සිටි සිංහලයන් පළවා හැරීම ආරම්භ වූයේ වික්‍රමසිංහආර්යන් රජු කලයේදී බව යාල්පාන වෛපමාලය ග්‍රන්ථය දක්වා ඇත. ඉන්දියාවෙන් ගෙනා ද්‍රවිඩයන් සහ සිංහල බෞද්ධයන් අතර වූ ගැටුමක් හේතුවෙන් පුංචිබණ්ඩා ඇතුළු සිංහල නායකයන් දාහත් දෙනෙකු ඝාතනය වී යැයි පැවසේ. යාපනය බෙහෝ දුරාතීතයේ  සිටම රාක්ෂ ගෝත්‍රිකයන් ගේ වාස භූමියක්ව තිබුණි.එය කෙවෙතස්ථලාභ යනුවෙන් හඳුන්වනලදී. ආනකොට්ටෙන් ලැබූ වෙළෙඳ මුද්‍රාව මත මේ කෙවෙත යන නාමය සටහන්ව පවතී. ඔවුහු නාගගෝත්‍රිකයන් සමග වෙළෙඳාම් කළහ.පසුව නාගයන් සහ කේරළයේ රාජ්‍ය පාලකයන් අතර වූ සම්බන්ධතාවය මත ඔවුන්ගේ බලය වර්ධනය විය. එකල යාපනය නාගද්වීපය නමින් පරසිදු විය. අටවන සියවසේ දී ලංකාවේ සිහසුන ද්‍රවිඩයන් උදුරා ගැනීම නිසා හතරවන කාශ්‍යප රජුගේ පුත් මාන කුමරු දකුණු ඉන්දියාව පාමුළ දූපත් අතර බලය තහවුරු කරගෙන පොරොත්තුව පසුවිය. වත්මන් ඩෙල්ෆ්ට් දූපතේ ඔහු විසින් ඉඳිකරන ලද බලකොටුව තවමත් දක්නට ඇත. පසුව පල්ලව රටට පැනගිය මාන කුමරු එහි වර්මන් රජවරුන්ට සේවය කරමින් සිට බලය ශක්තිමත් කර සිට සිහසුන යළි ලබා ගත්තේය. මේ මාන කුමරු ගේ පරම්පරාවේ ටික්කම උග්‍රසිංහ නම් කුමාරයෙකු යාපනයට පැමිණ සිය බලය තහවුරු කරගන්නේ නව වන සියවසේදීය. ඔහුගේ නමින්ම ටික්කම නම් රාජධානියක් බිහිවූ අතර අද ව්‍යවහාරයේ පවතින මානතිඩල් ටික්කම සෙංකණ්ඩි ආදී නම් ඒ ඉතිහාසයේ ශේෂයන්ය.

        මාන කුමරුගේ දරු පරපුර කේරළයේ බලය තහවුරු කරගනිමින් අලකඊශ්වර නමින් පරසිදු විය. ඔවුහු ද්‍රවිඩබලයට මුහුණ දෙමින් යාපනයේ ද දකුණේ දෙවුන්දර තුඩුවේද ආධිපත්‍ය දැරූහ. නමුත් පසු කාලයේදී චෝල ආක්‍රමණටන්ට මුහුණ දීමට නොහැකිව මේ ආධිපත්‍ය ගිලිහී ගිය බව පෙනේ.නිශ්ශංක අලකේශ්වර ශ්‍රී ජයවර්ධනපුර බලකොටුව තනන්නේමේ විදේශඅක්‍රුමණයන්ට මුහුණ දීමටයි. කෙසේ වෙතත් වික්‍රමසිංහආර්යයන් කාලයේදී ඇතිවූ ගැටුම යනු ද්‍රවිඩයන්ගේ බලය ක්‍රමයෙන් පැතිරී යන අවස්ථාවකි. මේ ද්‍රවිඩයන් මන්නාරම අවට සේතුව පාලනය කරමින් මුතු වෙළෙඳාමද සියතට ගත්හ. පසුව පහලොස් වන සියවසේ දී සපුමල් කුමරු විසින් වන්නියේ උතරු කොණේ පිහිටි. නෙල්ලිඌර් ප්‍රදේශය අත්පත් කරගෙන ද්‍රවිඩයන් මර්දනය කරන අතර එහි බලකොටු සහ දේවාල සාදා ඇත.පසුව වඩමාරච්චි තෙන්මාරච්චි සහ පච්චලේ පල්ලෙයි යන තැන් අත්පත් කර ගත් සපුමල් කුමරු කෝට්ටේ නගරයට යටත් ප්‍රදේශයක් බවට උතුර නැවතත් පත්කළ බව ඉතිහාසයෙන් පෙනේ. මේ සම්පූර්ණ කාලය තුළම ද්‍රවිඩපාලනයක් උතුරේ නොතිබූ අතර මාන කුමරුගේ පරම්පරාවේ ටික්කම උග්‍රසිංහගෙන් පැවත එන පිරිස් සහ ගංගා බ්‍රාහ්මණ පෙළපත් අතර ඇතිවූ විවාහයෙන් ජනිත ආර්ය චක්‍රවර්තී වරු යාපනය පාලනය කළහ. පරංගීන් ගේ පාලන සමයේදී මේ ආර්ය චක්‍රවර්තී බලය ශූන්‍ය වෙයි. සංකිලි මැරුම් කන අතර යාපන රජ පෙළපත වන්නියට පැනවිත් පසුව මාතලේපදිංචිව දිවි ගලවාගත් බව ජනප්‍රවාද ගත සාක්ෂිවලින් පැහැදිලි කළහැකිය.

      ලන්දේසි සමයේදී ඉන්දියාවෙන් ආනයනය කළ වහලුන් යාපනයේ හා වන්නියේ පදිංචි කළහ. ඔවුන්ට ඇතිකළ නීති සංග්‍රහය තේසවලාමෙයි වෙයි. යාපනයේ ඉතිරිව සිටි සිංහලයන් සහ වැද්දන් ක්‍රමයෙන් ද්‍රවිඩීකරණය වූ අතර ඉංග්‍රීසීන් ගේ යුගයේදී නැවත වෙළෙඳාම  බේකරි කර්මාන්තය සදහා සිංහලයන් උතුරට යන් තෙක්ම සිංහල ජනගහනය ව්‍යාප්ත නොවීය. කොටි ත්‍රස්තක්‍රියා නිසාවෙන් නැවතත් අවතැන් වූ සිංහලයන් උතුරෙන් බැහැරවූහ. ඒ ප්‍රමාණය 45000 ක් පමණ වෙයි. මේ ද්‍රවීඩිකරණය පිළිගත් අය අද ද්‍රවිඩ ඊළමට අවශ්‍ය මතවාද සකස්කරන අතර සිංහලයගේඋරුමය පසෙකලා දෙමළ ක්‍රිස්තියානි රජ්‍යයක් ඇතිකිරීමට ස්වයංපාලනයක් යෝජනා කරති. ද්‍රවිඩ නිජබිම් මිත්‍යාව සහ බෙදුම්වාදය අප පරාජයට පත් කළ යුත්තේ යුගගණනාවක්තුළදීම යාපනයේ ද්‍රවිඩරාජ්‍යයක් නොතිබූ බැවිනි. මහාචාර්ය විමල විජේසූරිය අභය ආර්යිංහ යන විද්වතුන් ඇරුණු කොට විශ්ව විද්‍යාල උගතුන් මේ ද්‍රවිඩ නිජබිම් මිත්‍යාවට පහුර නුදුන්හ. ඒ වෙනුවට දෙමළ බෙදුම්වාදයට අවශ්‍ය මතවාද සකස් කරමින් පෞද්ගලික වාසි සලසා ගත්හ.වාමාංශිකපක්ෂ ස්ව්‍යංනිර්ණ අයිතියක් ගැන කතාකරන්නේ බොරු ද්‍රවිඩ නිජබිමක්  මතපදනම්වයි. දකුණේ සිටින කිසිම සිංහල දේශපාලකයෙකුට මේ බෙදුම් වාදය නීතිගතකිරීමට අවසරය ඉතිහාසය විසින් පවරා දී නොමැති බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.එය රනිල් වික්‍රමසිංහයන්ටද මෛත්‍රීපාල සිරිසේන මහතාටද පොදු බව කිව යුතුය.


 

       

Wednesday, January 28, 2015

බෞද්ධයන්ගේ සිත් රිදවූ කූරගල වාරණය


                                   

 

          මේ වන විට නව රජයක් පත්ව ඇත. ගතවූ කාලය මාසයකටත් අඩු නමුත් සැලකිය යුතු වෙනස්කම් කීපයක් ඉටුකරන්නට සමත්ව ඇත. ගෙවී ඇති යන්ත්‍ර කොටස් නැවත අළුතින් පුරුද්දා නව සායම් වලින් ඔපවත් කරන ලද වාහනයක් ලෙසට මේ නව රාජ්‍ය වාහනය පාරට දමා ඇත. එහෙත් මේ වාහනය යන්නේ කොතනටදැයි කිසිවෙක් ප්‍රශ්න නොකරන්නේය. එට හේතුව නව වාහනයකින් නව ගමනක් යෑම ආහ්ලාද ජනක සිදු වීමක් බැවිනි. යන්නේ යහ පාලනය නමැති අරමුණකින් බැවින් එය තවත්ආශ්වාද ජනකය. කෙසේ වෙතත් මේ යහ පාලනය තුළ සිදු නොවිය යුතු බොහෝ දේ සිදු වෙමින් තිබේ. එකක් නම් මුස්ලිම් මූලධර්මවාදීන් ගේ යලි නැගිටීමයි.මේ සඳහා ආසන්නතම උදාහරණය වාර්තා වන්නේ කූරගලිනි. එම ඓතිහාසික සිද්ධස්ථානයට ප්‍රවිශ්ට වීම තහනම් කරමින් භික්ෂූන් වහන්සේ නමකට හා උන්වහන්සේ ගේ අනුගාමිකයන්ට විරුද්ධව උසාවි වාරණයක් ගැනීම එම සිද්දියයි.

         කූරගල ඓතිහාසික සිද්ධස්ථානය ප්‍රාග් මානවයාගේ විශේෂ ජනාවාසයකි. එසේම බුද්ධ කාලයේ සිට ක්‍රමිකව විකාශනය වූ බෞද්ධ ගල්ලෙන් තපෝවනයකි. මේ උතුම් භූමිය යටත් විජිත සමයේදී වනගතව තිබියදී ඒ ස්ථානයට ඇතුලු වී සිය මඩු කූඩාරම් ඉදි කරමින් 1930 න් පසුව මුස්ලිම් දේවාස්ථානයක් ස්ථාපිත විය. පසුගිය වසර අනූදෙක තුළදී මේ මුස්ලිම් ආක්‍රමණය නිසා බෞද්ධ ආරාමයෙහි පැවති බුදු පිළිම සඳකඩ පහන් හා සිරි පතුල්  පොඩිපට්ටම් වූ බව ඉතිහාසයේ සටහන්ව ඇත. 1971 දී මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට නම් කරන ලදී.නමුත් එයට සමගාමීව මුස්ලිම් අනවසර ඉඳි කිරීම් වර්ධනය වූයේ හිටපු බළන්ගොඩ මන්ත්‍රී අබුසාලි මහතාගේ මැදිහත් වීමෙනි. පසුගිය කාලයේදී මේ ආක්‍රමණයට එරෙහිව  බෞද්ධ සංවිධාන කල මැදිහත් වීමද නීති මාර්ගයෙන් ක්‍රියාකිරීමද නිසා අනවසර ඉඳි කිරීම් 19ක් ඉවත් කල යුතු බවට පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. ඒ අනුව පසුගිය කාලයේදී එම ඉඳි කිරීම් වලින් සියයට අනූපහක් පමණ ඉවත් කලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ මුස්ලිම්ජන ඇඟෑලිකම් නිසා ප්‍රධාන පල්ලිය සහ සොහොන් ඉවත් කිරීමට පුරාවිද්‍යාවට නොහැකි විය. කෙසේ වෙතත් නැවත බෞද්ධ වන්දනාමාන කටයුතු ආරම්භ කර ගැනීමටත් සංචාරයකයන්ට අවශ්‍ය නිස්කලංක පරිසරය එහි ඇති වීමත් හේතු කොට ගෙන කූරගල චිර ප්‍රසිද්ධ විය. වසර දසදහසක් පැරණි මානව ඇට සැකිල්ලක් මේ ස්ථානයෙන් හමු වීම නිසා කූරගල ජාත්‍යන්තර ලෙසටද අද ප්‍රසිද්ධියට පත්ව තිබේ.

             කූරගල ඓතිහාසිකත්වය සුරක්ෂිත කිරීමට කැපවූ බොහෝ බෞද්ධ සංවිධාන වෙයි. ජාතික බලවේග විසින්ද මේ කාර්යයට දක්වනලද දායකත්වය විශාලය. නව රජය පත්වීමත් එහි වැඩි බරක් එක්සත් ජාතික පක්ෂයට හිමි වීමත් නිසා නැවතත් ඔවුන්ට හිතවත් මුස්ලිම් පිරිසට නව ජවයක් ලැබුණා සේය.ජන අනුපාතයටත් වැඩිමනත්ව මුස්ලිම් ඇමතිවරු පත්කර ගන්නාලද්දේ එබැවින් විය හැකිය. කෙසේ වෙතත්  අපගේ දැඩි අවධානයට යොමු වන්නේ නීත්‍යානුකූලව බෞද්ධයන්ට හිමිවිය යුතුව තිබෙන කූරගල ඓතිහාසික සිද්ධස්ථානය යලිත් මුස්ලිම් අන්තවාදීන් ගේ ග්‍රහණයට අසු කිරීම සඳහා නීතිය අවභාවිතා කළ ආකාරයයි.

            මේ සිද්දිය ඇරඹෙන්නේ කූරගලජෙයිලානි පල්ලියේ මුස්ලිම් භාරකාරත්වය විසින් සිය වාර්ෂික වන්දනා මාන සමය වශයෙන් 2015 -01 -21 සිට 2015-2-21 කාලය ප්‍රකාශ කිරීමත් සමගය. ගිය දෙසැම්බර් මාසයේදී සිංහල රාවය  විසින් සංවිධානය කරන ලද පූජ්‍ය ගංගොඩවිල සෝමහිමි පින්කම කූරගල දී පවත්වනලද අවස්ථාවේදී පොලිසිය විසින් ඊට බාධා කරන ලද්දේ ඉහළ නියෝගයකින්ය. ඒක්‍රමයම මෙහිදී අනුගමනය කරන ලදී. පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමි පුරාවිද්‍යා කාර්ය භාර නිළධාරිනිය  හිටපු පුරාවිද්‍යා රැකවල් කරු හීන් මහත්මයා සහ  එම්.ජී. විජේරත්න යන අයගෙන් ප්‍රකාශ  ලබා ගත් කල්තොට පොලිසිය බළන්ගොඩ උසාවියෙන් 2015- 01- 21 දින වාරණ නියෝගයක් ලබාගන්නා ලදී. ඒ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීමක් මත යයි පවසති. පූජ්‍ය යක්කල මුල්ලේ පවර හිමි ඇතුළු සිංහල රාවය සංවිධානයේ සාමාජිකයන්ට කූරගලට ඇතුළ වීම වලක්වාලමින් මෙම වාරණය ගෙන තිබුණි. නමුත් සිංහල රාවය සංවිධානයේ ප්‍රධාන සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගෙන් අප කළ විමසුමකදී පැහැදිලි වූයේ මේ ආසන්න කාලවකවානුව තුළදී කූරගල යෑම සඳහා කිසිම සැලසුමක් නොතිබූ බවයි. එම තොරතුර සමාජ ජාලා වෙබ් අඩවි තුළ ප්‍රචාරය වූ පුවතක් පමණක් බවයි.මෙයින් පැහැදිලි වන්නේ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීම මත කල්තොට පොලිසිය හිතාමතාම ස්වාමීන් වහන්සේලාට එරෙහිව නීතිය අතට ගත් ආකාරයයි.මෙහිදී අනාවරණය වන වැදගත්ම කාරණය වන්නේ බුදුගල පුරාවිද්‍යා සහකාර වසන්තා ඉන්ද්‍රානි මහත්මිය විසින් කල්තොට පොලිසියට කිසිදු ප්‍රකාශයක් ලබා නොතිබූ බවයි.ඇය පැහැදිලි කරන පරිදි කල්තොට පොලිස් ස්ථානාධිපති කේ.ඒ.පී. පෙරේරා දුරකතන ඇමතුමක් මගින් ප්‍රකාශයක් ඉල්ලා සිටි අතර පසුව පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් ඇය හමුවට එවා ඇත. මෙහිදී තම ආයතන ප්‍රධානියා වූ අධ්‍යක්ෂ ජනරාල් වරයාට කතා කල ඇය එවැනි ප්‍රකාශයක් ලබා දිය හැකි දැයි විමසා තිබේ. නමුත් එයට අවසරයක් අධ්‍යක්ෂක ජනරාල් වරයාගෙන් ලැබී නොමැත. ඒ අනුව ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. එවැනි තත්ත්වයක් මත උසාවිය හමුවේ සාවද්‍ය දැනුම්දීමක් සිදුව තිබේ.

         කූරගල අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවට මීට පෙර   පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් වරයාට නියෝගයක් නිකුත් කර තිබෙන්නේ එවකට සිටි බළන්ගොඩ මහේස්ත්‍රාත් වරියයි. ඒ අනුව ඉඳිකිරීම ඉවත් කිරීමට පියවර ගැනුණු අතර ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත 1990 දී මුස්ලිම් පිරිසට ලබා දුන් විකල්ප ඉඩම් වලට ඔවුන් යායුතු විය.මෙවර ඔවුන්ගේ උත්සවය වෙනුවෙන්2015 -01-12 දින අධ්‍යක්ෂක ජනරාල් වරයා ලබා දුන්අවසරය සහිත ලිඛිත ලියැවිල්ලේ මේ බව අවධාරනය කර තිබුණි.( 04/ කූරගල මුස්ලිම් දේවස්ථානයට විකල්ප ඉඩම් ලබාදී ඇති බැවින්ද එම විකල්ප ඉඩම් මෙම ස්ථානයට ආසන්නයේ පවතින බැවින්ද ලිපයේ සඳහන් අනෙකුත් අවශ්‍යතාවයන් පුරාවිද්‍යා රක්ෂිතය තුළ සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පෙනේ. )  එහෙත් ඔවුන්ගේ ප්‍රධාන පල්ලිය ඉවත් නොකෙරුණු අතර එය ඉවත් කිරීම සඳහා පසුගිය කාලයේදී වෑයම් කල නමුදු හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අත්හිටුවා ඇත.  කූරගල පුරාවිද්‍යා රක්ෂිතයෙන් පුරාවිද්‍යා නෂ්ඨාවශේෂ තිබෙන ගල්ලෙන ඇරුණු කොට අනෙක් කොටස් අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේලා වෙත පවරා දී ඇත. ඒ අනුව බෞද්ධයන්ට මෙහි ඇතුල් වීමටත් වන්දනා මාන කිරීමටත් කිසිදු බාධාවක් නැත. එසේ තිබියදී පොලිසිය විසින් උසාවිය ද නොමග යවමින් ගන්නා ලද වාරණය නීත්‍යානුකූල නොවේ. එය බෞද්ධයන් ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමකි. පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තේ පොලිසිය මෙහිදී මුස්ලිම් පාර්ශවය වෙනුවෙන් පක්ෂපාතීව කටයුතු කළ ආකාරයයි. මීට ඉහත කීප වාරයකදීම බෞද්ධයන්  සිය වන්දනා මානයට කූරගල තරණය කරද්දීද පොලිසි රාශියකින්ම කුළුපොළු සහිත හමුදාවන් ගෙනවුත් බියවැද්දූ ආකාරය අපට අමතක නොවේ. මෙහි යටි අරුත නම් බෞද්ධයන් මෙලේච්ඡයන් ලෙසට  ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට මුස්ලිම් අයට තිබෙන වුවමනාවට පොලිසිය අනියමින් සහයෝගය දැක්වීමයි.එසේම ඉදිරියේදී බෞද්ධයන්ට කූරගල තරණයට එරෙහිව ස්ථීර වාරණයක් ගැනීමේ බලාපොරොත්තුවක් තිබිය හැකිය.  දිගින් දිගටම මෙවැනි සිදු වීම් වාර්තා වීම සැබවින්ම බෞද්ධයන්ගේ සිත් රිදවන්නකි. යහපාලනයට මුවාවී යළිත් මුස්ලිම් අන්තවාදය හිස එසැවීමට ඉඩදුනහොත් එහි විපාක විදින්නට සිදුවන්නේ සමස්ත රටටයි. දේශපාලකයන් වරන් වර වෙනස් වෙමින් ආවා ගියාට රටේ හොඳ නම රැක ගැනීමට  නම් මෙවැනි කුමන්ත්‍රණයන් පරාජයට පත්කල යුතුමය.

Friday, January 16, 2015

The ‘Inconsistency’ Of Yan Oya

The ‘Inconsistency’ Of Yan Oya

By Nirmala Kannangara


               It has come to the public eye how the Government plans to allegedly ‘spend’ a staggering sum of Rs. 41.538 million on irrigating one hectare of paddy land under the proposed controversial Yan Oya reservoir project. In order to irrigate 650 hectares of new paddy lands, the Government is reportedly planning to spend Rs. 27 billion on the Yan Oya project.
The Ministry of Irrigation and Water Resources is boasting that under the proposed project 650 hectares of new paddy lands could be cultivated. However they do not reveal the fact that these 650 hectares of new paddy lands could be cultivated only after inundating 1,727 hectares of existing paddy lands, 2,235 hectares of agricultural lands, and 1,438 hectares of forest lands – nearly 5,400 hectares and 238 water bodies in total.
According to environmental organisations, this is yet another ‘project’ that costs billions of rupees of public money. However, it is yet to see if the people will be the beneficiaries or the higher officials of the Irrigation and Water Resources Ministry.
 
 For the Yan Oya diversion weir at Pamburugaswewa and to construct the reservoir to irrigate 650 hectares of new paddy lands and to solve the water issues faced in the North Central Province including Kebethigollewa, Padaviya, Welioya and Medawachchiya, the cost has been calculated as Rs. 27 billion. The proposed 2350m long main dam will be located 30km upstream of Yan Oya sea outfall at Pulmoddai. It is said that the reservoir of 169 million cubic metre capacity will be constructed by China CAMC Engineering Corporation. This contract has been signed in November 2011 without carrying out a feasibility study,” Convener, Heritage of Wetland Mathugama Seneviruwan said.


EFL letter to the CEA requesting a fresh EIA
According to Seneviruwan, 21 villages may go under water and more than 200 families in Horowpothana and Gomarankadawala who were once at the receiving ends of the LTTE attacks, might lose their properties under this controversial project.
“These people once suffered in the hands of LTTE terrorists and now they suffer because of this project. Although each family now own five to 10 acres of agriculture lands, the Irrigation Ministry has promised to give them only half an acre each when they are relocated in the Eastern Province. A vast area of archaeological areas dating back to Anuradhapua era will also go under water,” Seneviruwan added.
Seneviruwan further said how an Environmental Impact Assessment (EIA) has been carried out only after the contract was signed. He added that the EIA report gives contradictory data with number of fundamental and fatal flaws including non-assessment of many important areas. “The EIA has failed to address a number of critical environmental impacts. The only consistency of this report is the inconsistency. The data that has being presented in the report shows severe discrepancies and is unreliable and contradictory. The project proponent – the Irrigation Ministry has deliberately failed to assess many important areas and to address a number of critical environmental impacts. Therefore this EIA has to be rejected and a fresh EIA has to be carried out,” Seneviruwan said.
Meanwhile reliable sources from Archaeological Department who wished to remain anonymous said that it is questionable how the Central Environmental Authority (CEA) has approved the EIA, when the report clearly states that comprehensive archaeological and historical value assessments have not been conducted in the project area.

 This is extremely dangerous. If destruction is done even in a small portion of archaeological heritage site in the guise of development, the loss is immeasurable. Hence we urge the project proponent to carry out a proper Archaeological Impact Assessment (AIA) to find out what the negative impact would be. The importance of the archaeological value in the proposed Yan Oya reservoir project is inestimable.
“The Ritigala Mountain peak from where the Yan Oya originates, is of archaeological value. There are caves belonging to 2 BC and 3BC era and lots of pre-historic archaeological sites. the sources added.
 
 There are proto historic burial sites in Danduwakkadu, Gurugalhinna, Dickwewa, etc and several ruins of Buddhist temples belong to indeterminate periods found in this area. Even the monuments belong to Anuradhapura and Polonnaruwa period and many small tanks built by our great kings are in this area.
The existing Wahalkada tank was built by King Mahasen and later it was renovated by King Agbo. We fear that the small tanks that are of archaeological value would be inundated due to Yan Oya project,

When asked whether an AIA has been carried out by the project proponent, the sources confirmed it has not been carried out by professional Archaeologists.
“For the benefit of the project proponent this AIA has been carried out but it is not a proper evaluation,” he said.
Meanwhile it is learnt that when the EIA report was open to public comments, the Environmental Foundation Limited (EFL) has sent their comments to the CEA requesting to reject the EIA report and to get a new EIA done and if any other alternative is considered, a public hearing be conducted with the project proponent presenting the project and EIA.
“The proposed project would lead to significant environmental disturbances in the area. It will also cause irreversible and damaging changes to the natural dynamics of the area. Therefore, we requested the CEA to evaluate each component of the project in detail in relations to its environmental impacts and stop any and all activities that can lead to serious environmental consequences in the future. We also requested the CEA to introduce guidelines on obtaining resources for the project mainly with relation to quarries and sand,” sources from the EFL said.
According to the EIA report, the aim of the proposed project is mainly to increase the cropping intensity of paddy and to maximise the agricultural production of a number of failed irrigation projects – Padaviya and Wahalkada which is operating only 0.86 cropping intensity and to solve water problems in the NCP.
“When the existing 8752 hectares of paddy lands could be irrigated by the ancient Padaviya and Wahalkada Tanks one season per year, why cannot the Irrigation Ministry increase the capacity of these two tanks and facilitate the existing paddy lands to grow paddy during both Yala and Maha seasons instead of wasting public money? In such an event only 5% of the estimated cost of Rs. 27 billion will have to be spent. If the two tanks are renovated and increase the capacity, it can easily irrigate the proposed 650 hectares of new paddy lands as well,” said the sources.
According to the page 157 of the project summary report, 1696.76 hectares of existing paddy land will be inundated and a further 30.4 hectares will be lost to the left bank canal making a total loss of 1,727.16 hectares of paddy land in order to develop 650 hectares of new paddy lands.
The sources further said how the EIA gives contradictory data with number of fundamental and fatal flaws including non-assessment of many important areas and has failed to address a number of critical environmental impacts.
The sources further stated that the amount of land that will be irrigated under this project is confusing as the discrepancy in the figures given in the summary report is unacceptable.
On page 7 of the summary report, two contradicted figures are given on the developing areas under the left bank project. Although in one place it says the total area that will be developed under the left bank is 7590 hectares, on the same page it states that the existing and proposed new paddy lands to the amount of 4190 hectares (existing 3815ha and 375ha  new) would be developed under the left bank. In the same page it further reports that both left and right banks will feed a total command area of 6002 hectares.
“However page 15 states that the total benefitted area under both left and right banks would be 9402 hectares. This is much confusing. How can we expect such a large project to be carried out perfectly when the project proponent has failed to provide accurate facts and figures in the report? They should have taken maximum precautions that a realistic assessment of the project is done and the data used to make predictions are absolutely correct and does not contradict each other,” the sources claimed.
Meanwhile the sources further said that the mineral sand deposition on the Pulmoddai coast and the sea erosion due to lack of sand that may happen once the dam is built has not been assessed in the flawed EIA.
“The mineral sand deposition on the Pulmoddai coast has not been assessed but an insignificant opinion has been included. Although the EIA states that the major source of mineral sand in Pulmoddai originates from the Mahaweli river basin, Mahaweli river sand does not reach the coast but deposits in a marine trench in Koddiyar Bay. Hence once the Yan Oya dam is constructed, it will block the flowing minerals from Vijayan Rocks along Yan Oya and will have an adverse impact on the mineral sand resources in Pulmoddai.
“Therefore a proper study and an adverse impact assessment on this valuable natural resource of the country need to be carried out and any cost to it should be included in the cost benefit analysis of the project.
The EIA has not done such a study merely to show the economic feasibility of the project when in reality the cost of the loss of mineral sand deposits if the proposed project is implemented could be many times more than the benefits publicised in the project,” he alleged.
According to environmentalists, Yan Oya dam will also increase sea erosion of the coastal area due to lack of sand to replenish the beach. Meanwhile the environmentalists have urged the Irrigation and Water Resources Management Ministry to increase the distance of the demarcated reservoir reservation area from 100m to 5km. “The EIA report proposes to demarcate a 100m reservation area for the reservoir and canals which is inadequate. We want to get this distance increased to 5km to avoid siltation, illegal cultivation and water pollution from agro chemicals. The report further states that all trees above 30cm would be removed in the inundation area which is a thick dry zone evergreen forest.
“These 30cm trees’ are not matured but only saplings. Destruction of these 1,438 hectares of thick forest cannot be a benefit in any terms although under the cost benefit analysis, the value of the timber has been added as a benefit to the project. If the timber value is taken as a benefit then the cost of the lost ecological services by these trees is detriment,” the sources alleged. Meanwhile reliable sources from the Irrigation and Water Resources Ministry on condition of anonymity said that it is surprising how the Ministry officials remain silent when environmental organisations have urged to conduct a fresh cost- benefit analysis with adequate justification and an unbiased assessment of the economy viability of this project.
“They wanted the Irrigation Ministry to conduct a fresh cost- benefit analysis before approval is given to proceed with this project,” he added.
 

Monday, December 22, 2014

විජාතික බලවේග සහ ජාතික බලවේග අතර සටන කුමක් වේවිද


                         

 

          වත්මන් ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන බල අරගලය ගැන පැහැදිලි කරන මනා අවස්ථාවක් ලෙසට සැලකිය හැකිය. යටත් විජිත සමයට පෙරාතුව පවා මෙවැනි බල අරගල ලංකා දේශපාලන තලයේ දකින්ට තිබුණි.අපේ රට 1815 දී බ්‍රිතාන්‍යයන් සතු වූයේ එවැනි බල අරගලයක උච්චතම අවස්ථාවේදීය. න්‍යෂ්ටියේ සිදු වන මේ බල අරගලයන් සාමාන්‍ය දෙයක් වුවද රටක ඉදිරිගමන ඒ මගින් වළක්වාලන්නේ නම් ඒ පිළිබඳව සබුද්ධිතව කල්පනාකිරීම සැමගේ යුතුකමකි. යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතනවා මෙන්ම සමස්ත රටේ පැවැත්ම තීරණය කරන තීරණාත්මක සාධකයන් වඩා ඥානාන්විතව හසුරුවා ගැනීමට උත්සාහ දැරීම වටනේය.

             වත්මන් රජය කොටි  ත්‍රස්තවාදය පරාජයට පත්කොට සාමය ස්ථාපිත කරන ලද ආකාරය රට වැසි සියළු දෙන අනුමත කරන ලද්දකි. එහෙත් මේ කොටි ත්‍රස්තවාදය සහ ඊලාම් අරමුණින් රට බෙදීමට කරන ලද වෑයමට බොහෝ අයගේ විරුද්ධත්වය ප්‍රකාශ නොවුණි. ඊට හේතුව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමාජවාදී පක්ෂ තුළ සිටින ඇතැම් පිරිස් ඊලාම් අරමුණු අනුමත කිරීමයි. උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් තිබී යයි දෙමළ ජාතිවාදීන් විසින් පතුරුවන ලද මතවාදය මේ සැම පිළිගනිති. ඒ මතවාදයේ සත්‍යතාව ලොව පිළිගත් බැවින් ඔවුන් වෙත ස්වයංපාලනයක් දියයුතුය යන අදහසේ මේ බහුතරය සිටි බව නොරහසකි. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් වරුන් ගේ අත්පොතේ පවා මේ ඊලාම් අරමුණු සාධාරණ යයි සලකන කියමන් ඇතුලත්ව තිබේ. නමුත් ලංකාවේ බහුතර දෙනා මේ මතය පිළිනොගනිති. සිංහල දෙමල ජනයා දකුණේත් උතුරේත් එකට වාසය කරමින් වෙළ හෙළදාම් කරමින් ජීවත් විය යුතුය යන මතය අදහන ඔවුහු බෙදුම්වාදය කිසිලෙසකින්වත් අනුමත නොකරති.මෙහිදී විජාතික බලවේග නියෝජනය කරන ලද්දේ පෙරදී බේදුම් වාදය අනුමත කරන ලද පිරිසමයි. සාමාන්‍ය ජනතාව එහිදී ජාතික බලවේග නියෝජනය කළහ. එයට දේශපාලන නායකත්වය දුන් පිරිස ගෙන් ඇතෙමෙක් ජනතාවගේ මතයට කන්දී යුද්ධයට නායකත්වය දී කොටි සටන පරාජයට පත් කළහ.

     පශ්චාත් යුධ සමයේදී නැවත බෙදුම්වාදී අදහස මතු වී පැමිණියහ. ඒ නිසා උතුරේ හා නැගෙනහිර දී සිංහළයන් පදිංචි කිරීමට අවස්ථාවක් දුන්නේ නම් ඒ කලාතුරකිනි.දෙමළ ත්‍රස්තවාදය පරාජයට පත් කරන ලද හේතුව නිවැරදිව ජාත්‍යන්තර වශයෙන් සංනිවේදනය නොකර යුධ සමයේදී කරන ලද ක්‍රියාකාරකම් විමර්ශනයට  උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම පත් කළහ. ඒ මගින් සිදු වූයේ යම් වැරැද්දක් රජය අතින් සිදු විණි යැයි යන පණිවිඩයක් ලෝකයට පිටත් කර හැරීමයි.මේ තත්ත්වය විමර්ශනය කරන කල්හි අපට තේරුම් යන්නේ මේ අවස්ථාවේදී රජය විජාතික බලවේග  නියෝජනය කරන ලද ආකාරයයි.

         ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයන් හි සැලසුම් වලට සංකල්ප පැමිණෙන්නේ ද විදේශ වලිනි. ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුවේ අවශ්‍යතා මත පුහුණ කරන ලද නිළධාරීන් යළි ලංකාවට පැමිණි පසු ඒ අවශ්‍යතාවය ගෙඩි පිටින්ම ගෙන වාර්තාවන් සකස් කරති. 2002 වර්ෂයේ දී ඉදිරිපත් වූ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ සටහන එවැනි ක්‍රියාදාමයකි. එම වාර්තාව සකස් කිරීමට  නිළධාරීන් රාශියක් සාභාගි වන්නට ඇත. එහෙත් එය ඉදිරිපත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. වර්තමානයේදී වැඩියෙන්ම කතාබටහට ලක් වූ කැසිනෝ ක්‍රීඩා සහිත හෝටල් දෙක ඉදිකිරීම පිළිබඳව මූලික සංකල්පය මෙම වාර්තාවේ 208 වන පිටුවේ ඇත.(Permit 2 Five star hotels in Colombo to operate gaming facilities by auctioning licenses ) එසේම වර්තමානයේ කොළම නගරයේ සිදු වන සංවර්ධන ක්‍රියාදාමය විශේෂයෙන්ම යටත් විජිත ගොඩනැගිලි යලි ප්‍රතිසංස්කරණය ගතහොත්  එයද මේ වාර්තාවේ 208 පිටුවේ දක්වා දී තිබේ.( Transform Colombo city into an interesting tourism venue by restoration and conversion of historically important buildings into entertainment venues such as restoration of the Dutch hospital Art and cultural center project ) මෙම ව්‍යාපෘති වලට අනුමැතිය දී තිබෙන්නේ කොළඹ නගරය ආසියාවේ විනොදාත්මක නගරය බවට පත් කිරීමටයි. ඒ සඳහා ඕනෑම බදු සහනයක් දීමටද වාර්තාව නිර්දේශ කර තිබේ.  මේ සැලසුම් ගෙඩි පිටින්ම ලංකාවට ආදේශ කිරීම සිදු වී ඇති අතර දේශපාලකයන් මාරු වුනද මේ වාර්තා සකස් කල නිළිධාරීන් දිගින් දිගටම රජයේ රැඳී සිටිම නිසා අඛණ්ඩව ඒ සැලසුම් ක්‍රියාත්මක මට්ටමේ ඇත. වත්මන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉටු කරනු ලබන්නේ මේ ව්‍යාපෘති බව පෙනේ.

        මොරගහකන්ද හා යාන් ඔය ජලාශ ව්‍යාපෘති දෙකම මුල් මහවැලි සැලැස්මේ අන්තර්ගත ව තිබුණකි. එම ජලාශ දෙකින් ලැබෙන ප්‍රතිඵලයන්හි යම්කිසි වාසිදායක තත්ත්වයක් තිබුණද නිළධාරීන් ඒවා ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇත්තේ කිසිම වෙනස් කමක් නොකරමිනි. ලංකාවේ පුරාණ වාරිමාර්ග පද්ධතිය හෝ දේශීය දැනුම හෝ සලකා බැලීම එහිදී සහමුලින්ම ප්‍රතික්ෂේප කර කිබුණි. ඒ වෙනුවට කොන්ත්‍රාත් ගන්නා සමාගම් සතුව පවතින යන්ත්‍ර සූත්‍ර ලංකාවේ දී භාවිත කිරීමටත් ලැබෙන ණය ඒවා මිලදී ගැනීමට යෙදවීමත් සිදු ව තිබේ. මාතර කොළඹ අධිවේග මාර්ගය ගැන සලකා බලුවහොත් එම ව්‍යපෘති යෝජනාවලිය ද ඉහතකී යළි පුබුදමු ශ්‍රී ලංකා  වාර්තාවේ 187 පිටුවේ අඩංගු වන්නකි. එහිදී කටුනායක කොළඹ කොට්ටාව අධිවේගය සඳහා ගණන් බලා තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 552 කි. ආසියානු මාර්ග ජාල පද්ධතියට සම්බන්ධ මේ සැලසුම් සකස්ව තිබෙන්නේ විදේශවලට අවශ්‍ය වෙළෙඳ වුවමනාවන් ඉෂ්ඨ කර ගැනීමටයි. ඒවා දිගූ කාලීණ යටත් විජිත වුවමනාවන් බව නොකිවමනාය.මෑතකදී ඇමෙරිකානු ඩෝල් සමාගමට කෙසෙල් වැවීම සඳහා සෝමාවතී රක්ෂිතයෙන් සහ තණමල්විලෙන් ඉඩම් ලබා දී තිබෙන අතර එම නිෂ්පාදන නිදහසේ මේ අධිවේග මාර්ග හරහා ප්‍රවාහනයටද සැලසුම් කර තිබේ.වර්තමානය වන විට මේ අධිවේග මාර්ගයන්හි එක් කිලෝමීටරයක් ඉඳි කිරීමට වැයවෙන මුදල් ඇස්තමේන්තු වල වටිනාකම දහදොළොස් ගුණයකින් ඉහළ දමා ගෙන ඇත. විජාතික වුවමනාවන් මත සැලසුම් සකස් වන්නට වන්නට පාදඩ ධනපතියන්ගේ හොද්ද බොර වන බව මෙයින් පැහැදිලිය. මේවා සැලසුම් කරන අය මෙන්ම ඒවාට මුදල් දෙන පිරිසද දන්නා එක් දෙයක් තිබේ. ඒ නම් ආසියාතික රටවලදී මේ මුදල් දේශපාලකයන් හා නිළධාරීන් විසින් ගසාකන බවයි. නමුත් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඒවා නැවැත්වීමට නොව තම අරමුණු හා ඉලක්ක සඳහා පාලකයන් මෙහෙයවීමයි. එහෙත් සීමාව ඉක්මවා යම් අයෙක් එම වංචාවල යෙදෙත් නම් එම පුද්ගලයා ඉවත් කිරීමට අවශ්‍ය කුමන්ත්‍රණය කිරීමටද ඔවුන් පසුබට වන්නේ නැත.

           වර්තමාන දේශපාලන තලයේ ප්‍රධාන පක්ෂ දෙක විජාතික හා ජාතික වශයෙන් වෙන්කර ගෙන තිබුණද මේ කොටස් දෙකේම විජාතික හා ජාතික යන අදහස් දෙකම සම්මිශ්‍රණයව තිබෙන බව කවුරුත් කල්පනා කරන්නේ නැත. ගොවි කම්කරු බලවේග විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කලද ඔවුන් බොහෝ දෙනෙකු  මත වාදීව සිටින්නේ විජාතික බලවේග සමග බව නොරහසිකි. එක්සත් ජාතික පක්ෂය සැලකෙන්නේ කොම්ප්‍රදෝරු ධනපති පන්තිය නියෝජනය කරන පක්ෂයක් ආකාරයටයි. ඉඩම් හිමි ධනපති පන්තිය හෝ කර්මාන්ත අයිති ධනපති පන්තිය අත තිබූ බලය අද ක්‍රමයෙන් වෙනත් පුද්ගලයන්ට මාරු වී තිබේ.ඇතැම් විට  ගොවි කම්කරු  පන්තිය තුළින් ඉහළට නැග නොයෙක් සටකපටකම් වලින් ධනය රැස්කරගෙන ධනවත් වූවන් බොහොමයක් අද සමාජයේ සිටිති. සූදුව සුරාව මෙන්ම මත්ද්‍රව්‍ය ගෙන්වා බෙදා හරින පාදඩ ධනපති පන්තියක් අද නිර්මාණයව තිබේ. ඔවුහු එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද නියෝජනය කරමින් සිටිති. වාමාංශික පක්ෂ වල බහුතරයක් පිරිසද මාක්සවාදය ගෙඩි පිටින්ම ලංකාවට ආදේශ කිරීමට උත්සාහ කරන මූලධර්මවාදීන් පිරිසකි. මාක්ස්වාදී අදහස් එලෙසම ලංකාවට ගැලපෙන්නේ නැත. මාක්ස්ගේ කියවීම ලංකාව වැනි බෞද්ධ රටකට ආදේශ කිරීමේදී යම් වැරදීම් සිදු වේ. එබැවින් ඔවුන් කල යුතුව තිබුණේ සමාජවාදී සංකල්ප ලංකාවට ගැලපෙන ආකාරයෙන් ආදේශ කරලීමයි. ඒහෙත් එය සිදු නොවීය.එහි ප්‍රතිඵලය වූයේ ඊලාම් මතවාදය සමග එක පෙළට සිට ගන්නට  පෙළඹවීමයි.ආචාර්ය වික්‍රමබාහු වැන්නන් එළිපිටම කොටි ත්‍රස්තවාදයට උඩ ගෙඩි දුන්හ. මේ නිසා මාක්ස්වාදී ව්‍යාපාරයද විජාතික බලවේගයක් ලෙසට හිතන්නට අපට සිදුව තිබේ.

               වත්මන් දේශපාලන ව්‍යාපාරය තුළ තිබෙන්නේ යම් පෞරුෂයන් ගෙඩනගා ගත් චරිත පමණකි. ඔවුහු පක්ෂ නියෝජනය කළද බලවේග නියෝජනය කරන්නේ නැත. එහෙත් ඇතැම් විට විජාතික බලවේග වල නියෝජිතයන් ලෙසට ක්‍රියාකරන අවස්ථා තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාද චන්ද්‍රිකා මැතිණියද එලෙස විජාතික බලවේග වල ඉත්තන් බවට පත්වූ අවස්ථා පසුගිය කාලයේදී දක්නට තිබුණි. 2002 වර්ෂයේ දී රනිල් ගේ රජය විසින් ගෙනා යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන නැවත ක්‍රියාත්මක කරලීමට තම රජය මෙහෙයවූ මහින්ද රාජපක්ෂ මහතාද ඒ අතින් විජාතික බලවේග වල නියෝජිතයෙක් ලෙසට ක්‍රියා කර තිබේ. නමුත් කොටි පැරදවීමේදී ඔහු ජාතික මතය පිලිගෙන එය ජයග්‍රහණය කරන්නට කැප වූ බවද අපට අමතක කළ නොහේ. සිංහල දේශපාලකයන් මෙලෙස ක්‍රියාකරන අතරවාරයේ මුස්ලිම් සහ දෙමළ නායකයන් තමන්ගේ ආගමින් හෝ මතවාදයෙන් උගන්වනු ලබන මූලධර්මවාදී අදහස් පෝෂණය කරමින් අරාබියේ හෝ තමිල්නාඩුවේ බලවේගවලට ලංකාව තුළ වැඩෙන්නට ඉඩ හැර ඇත. මුස්ලිම් හා දෙමල ජනයාට තමන් අදහන ආගම තුළ සිටගෙන සිංහල සංස්කෘතියට එක් වන්නට තිබෙන ඉඩ ප්‍රස්ථා ඉන් අහුරති. මේවාට උඩගෙඩි දෙන සිංහල දේශපාලකයන්ද මේ විජාතික බලවේගයන් නියෝජනය කරමින් මූලධර්මවාදය ස්ථාපිත කිරීමට කැමැත්තක් දැක්වූවන් වෙති. එලෙසින් කල්පනා කර බලන කල්හි ලංකාවේ පවතින්නේ විජාතික හා ජාතික බලවේග අතර සටනක් බව පැහැදිලිය.

         වත්මන් රජයට අභියෝග කළ හැකි කිසිවෙක් හෝ පක්ෂයක් නොසිටි බව ඒත්තු ගනිමින් සිටියදී හදිසියේම නොසිතූ ආකාරයෙන් විරුද්ධ බලවේගයක් ශක්තිමත් විය. දොස්පරොස් සහිත සන්ධානයට හොඳ හැටි බඩ එළිය යන්නට යස කෂායක් දී ඇති බව පැහැදිළිය.එහෙත් ප්‍රතිවාප සඳහා සහිඳලුණු වෙනුවට ජාපාල ඇට දමා දී තිබෙන බව පෙනෙන්ට තිබේ. එයින් සිදුව ඇත්තේ කුමක්ද පක්ෂ විපක්ෂ සැමට අතීසාරය ඇති වීමයි. එපමණක් නොව එහි සුවඳ ආග්‍රාණය කළ ජාතික ව්‍යාපාරයටද හොඳ හැටි බඩ එළිය ගොස් තිබේ. ජාතික වලවේග යටයමින් විජාතික බලවේගයන්හි අක්මුල් එළියට එන්නට පටන්ගෙන ඇත්තේ එහෙයිනි.  එහෙත් මේ වැදගත් කරුණ ලංකාවේ දේශපාලන වේදිකාවේ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට එකිනෙකාට මඩ ගසා ගැනීම සිදු වෙති. 1815 වසරේදී අප පරාජයට පත් වී නිදහස අහිමි ව ගියේ මෙලෙස විජාතික බලවේග වල කුමන්ත්‍රණයන් හිස ඔසවා එයට ජාතික බලවේග ගොදුරුකර ගැනීමෙනි. වසර 200 කට පසුව වුවද 2015 දී ඉතිහාසයේ ඒ අඳුරු රේඛා යළිත් මතු වෙන්නට පටන් ගන්නේ යයි සිතන්නට ඉඩතිබේ.  ප්‍රධාන අපේක්ෂකයන් අතරින් කවුරුන් දිණුවද ඔවුන් වෙලා ගෙන තිබෙන විජාතික මනස් ප්‍රතිසංස්කරණයකට බඳුන් නොවුවහොත් යළිත් අප රටට නිදහස අහිමිවන්නට තිබෙන ඉඩකඩ බොහෝ වෙතැයි කියන්නට සිදුව තිබේ.

         

Monday, December 8, 2014

ඇහැලේපොළ නාඩගම වෙතින් උගත යුතු පාඩම්


                              


 

               වසර දෙදහස් පන්සීයක කාලයක් සිංහල රාජ්‍ය බලය අරභයා කල සටන ඉතිහාසයේ ලියැවෙන්නේ රාජාවලියේ බල අරගලයක් ලෙසටය. මෙම බල අරගලය ඊට ආවේණික ශිල්ප ක්‍රමයන් ගෙන් සමන්විතය.  සිංහල රාජ්‍යය පවත්වා ගෙන යෑම අරමුණු කර ගනිමින් කළ මේ බල අරගලය ඇතැම් විට සතුරු පක්ෂයේ සිට කළ දෙයක් විය. ඇතැම් විට රජවරුන්ට එරෙහි කුමන්ත්‍රණයක් විය. 1815 වසරේදී මේ  ප්‍රයත්නයන් සියල්ල අසාර්ථක විය. එයට හේතු ගණනාවක් තිබුණද පරාජයේ සැබෑ හේතු නිර්මාණය වන්නට පටන් ගත්තේ බොහෝ කලකට ඉහතදී බව පැහැදිලි වෙයි. මෙවැනි සටන් විග්‍රහ කිරීමට අවශ්‍ය මිනුම් දඬු කුමක් වුවද එය අප රටට ආවේණික උපායශීලීත්වය පිළිබඳව පැහැදිලි කියවීමක් වෙයි.

         සපරගමුව භාරව පැමිණි ඇහැලේ පොළ මහ අදිකාරම ප්‍රබල රදළ පරපුරකින් පැවතඑන එසේම සුවිශේෂී   ඥාති  බලයක් ‍ගොඩනගා ගෙන සිටියෙකි. රජ වාසලේ පළමුවන අදකාරම වූ පිළිමතලව්වේ මෙන්ම දෙවන අදිකාරම වූ ඇහැලේපොළද රජුට යටි සිතින් ද්වේශ කලේය.ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් කන්නසාමි ගේ රාජ්‍ය පාලනය ලංකාවේ අතිශයින්ම තීරණාත්මක අවදියක් බවට පත් වන්නේ පිළිමතලව්වේ මහ අදිකාරම් විසින් මේ රජු සහ පාලනය තම සියතට ගැනීමේ කූඨ උපක්‍රමයක යෙදී සිටි බැවින්ය.තරුණ කන්නසාමි මේ බැව් මුලින් දැන නොසිටියද පසුව සිය ආධිපත්‍ය තහවුරු කරගැනීම පිණිස රදළවරුන් ගේ බලය අඩු කරලීමට පියවර ගත්තේය.වඩුග පාලනය පිළබඳව නොසතුටෙන් සිටි භික්ෂූන් වහන්සේලා මේ අවදියේදී කළකුමන්ත්‍රණ ගැනද ඉතිහාසයේ සඳහන්ය. සංඝරාජ හිමියන් භික්ෂු සමාජය කෙරෙහි ඇති කරන ලද බලපෑම නිසා ඒ වන විට උපසම්පදා භික්ෂූන් රාශියක් ලංකාවේ තැන තැන ශක්තිමත් වෙමින් සිටියහ. රජු මේ බැව් දුටුවේය. සිය වඩුග  නෑ පිරිස් වලට රජ වාසලේ ඉහළතනතුරු ප්‍රධානය කළ ඔහු ඉන්දියාවේදී අහිමි වූ නායක්කර් පාලනය ලංකාවේ පිහිටුවීමට අවශ්‍ය පසුබිම සකසමින් සිටියේය.

             ලංකාවේ ගොවිතැන් කරන කන්න දෙක වන යල සහ මහ කන්න වල දී ගොවීන් සිය කාර්යයේ නිරතව සිටින අතර ඒ කාලයේදී සාමාන්‍යයෙන් මහනුවර රාජකාරි සඳහා කැඳවීම පෙර සිරිත නොවීය.ශ්‍රී වික්‍රම මෙම සම්ප්‍රදාය බිඳ දමමින් සත්කෝරල් රදළවරුන් අණවා සාමාන්‍ය ජනතාව නුවරට ගෙන්වා ගත්තේ එකල ටිඟොලේ වෙල නමින් හැදින්වූ  මාළිගාව අසල තිබූ වෙල කණවා වැවක් සෑදීම පිණිසයි.මෙම නුවර වැව කැණීම මහා විහාරය අනුමත නොකලේය.එයට හේතුව රජු මල්වතු විහාරය නොහොත් පුෂ්පාරාමය එතනින් ඉවත්කර වෙනත් ස්ථානයකට ගෙන යෑමේ අදහසින් සිටි බව දැන ගත් පසුය. මේ විරෝධතා මධ්‍යයේ වැවේ කටයුතු ආරම්භ වූ අතර දිනක් ගම් වැසියකු කිතුල් ගසකින් වැටී  මිය යෑමෙන් තත්ත්වය තවත් බරපතල විය.රාජකාරියට පැමිණි වැසියන් සේවය ප්‍රතික්ෂේප කලේය.එයින් කෝපයට පත් වූ රජු නඩු කැඳවා තීන්දු දෙමින් රදළ වරු සහ වැසියන් ඝාතනයට අවසර දුන්නේය.ඉන්පසු ඔවුන් සැම බෝගම්බර වැව වටේ උල හිඳවූ අතර ඇතැමෙක්ගේ හිස ගසා දැමිණි.

           ටිඟුලේ වෙල කණවා කිරි මුහුද කිර්මාණය කිරීමට 1812 දී කන්නසාමි කළ නියෝගය නොතැකූ රදළ වරු ජීවිතක්ෂයට පත් වුවද මල්වත්තේ සහ අස්ගිරියේ මහ නාහිමි වරුන්ට කළ හැකි කිසි දෙයක් නොවීය. සේනා සම්මත වික්‍රමබාහු රජු විසින් සෙන්කඩගල ශ්‍රී වර්ධන පුර නගරය ගොඩනැගීමේ දී පිහිටුවන ලද මල්වත්තේ බෝධීන් වහන්සේ සහ දාගැබ ඉවත්කර කිරි මුහුද විශාලකොට මල්වත්තේ කොටස තණ තලාවක් බවට පත් කිරීමේ වුවමනාවක් රජුට විය. එහිදී නම් මහා විහාරයට මුණවත රැකීමට නොහැකි විය.රජුගේ යෝජනාව පරාජයට පත් කර මල්වතු අංගනය බේරා ගැනීමට හැකි වූයේ මහනායක් හිමිවරුන් සූක්ෂමව කටයුතු කළ බැවිනි.මේ විරෝධයට මුල් වූ  පුෂ්පාරාම විහාරයේ පරණාතල රතනපාල අනුනායක හිමියන් යම්කිසි වරදකට අස කරගැනීමට රජු සිතුවේ ඉදිරියේ දී උන්වහන්සේගෙන් පැහැදිලිවම විරෝධතා ව්‍යාපාරයක් එල්ලවන බව දත් බැවිනි. රාජාධිරාජසිංහ රජුගේ රාජගුරු වූ මොරතොට ධම්මක්ඛන්ධ මහනාහිමියන් ගේ සහෝදරයාගේ පුත්‍රයා වූ පරණාතල හිමි මොරතොට හිමියන් සෙවනේ භික්ෂු ශීලය වැඩූවෙන් ධර්මස්කන්ධය ගැන පමණක් නොව ගුප්ත විද්‍යාවන් කෙරෙහිද හසල දැනුමක් ඇති සුපේශල ශික්ෂාකාමී හිමි නමක් විය. පරණාතල අනුනාහිමියන් රාජ උදහසට ලක් වූයේ මෙලෙසයි.

         රජු මල්වත්තේ මැද පන්සලට තරුණියක් පිටත්කර හරින ලද්දේය. ඒ සමගම  රජුට හිතැති බමුණෙකුද පරණාතල හිමි අභිමුවට පිටත් කල බව පැවසේ. මල්වත්තේ විහාරයට පැමිණි බමුණා පරණාතල හිමියන්ගෙන් පැන් බඳුනක් ඉල්වා සිටියේය. පරණාතල හිමියන් පැන් ගෙන එන්නට පහළ ළිඳට ගිය අතරතුර පරණාතල හිමියන්ගේ කුටියෙන් මෑත්ව යන තරුණිය බමුණාට දකින්ට ලැබුණි. පරණාතල හිමියන්ගෙන් පැන් පවස නිවා ගත් බමුණා රජුට මේ කාරණය දැන්වීය. පසුදා උදෑසන කටුබුල්ලේ නිලමේලා කීප දෙනෙකු පන්සලට පැමිණියහ. පරණාතල හිමිට විරුද්ධව මහ නඩුව කැඳවා ඇති ව දැන ගත් භික්ෂූන් වහන්සේලා වහාම උන්වහන්සේ වටකරගත්හ. තත්කාලය බැලූ පරණාතල හිමි සිය ගෝල නම වන දුනුමාලේ ශීලවංශ හිමි කැඳවා  මෙය තමාගේ අවසාන ගමන විය හැකි වන බව පෙනෙන්නට තිබෙන හෙයින් කාරණා කාරණා බලාගෙන ඉවසිල්ලෙන් සිටිය යුතු බව පවසා ඇත. මහ නඩුවේදී බමුණාගේ සාක්ෂි ද විමසා පරණාතල හිමි විනය කඩ  කරන ලදැයි රජු කළ නිගමනයට අනුව හිස ගසා මරා දැමීමට අණ කෙරිණි. මෙහිදී මෙම තීරණයට විරුද්ධව ප්‍රකාශයක් කළ මල්වත්තේ මහ නාහිමියන් විනය නීතිරීති කඩ කරල ලද අවස්ථාවක් නම් ඒ බැව් විනිශ්චය කළ යුත්තේ සංඝසභාව වුවද මරා දැමීමට අණ කිරීම බෞද්ධවිනය නීති වලට එකඟ නොවන්නේ යැයි පවසා සිටියේය. නමුත් උන්වහන්සේ ගේ උපදෙස් පිළි නොගත් රජු පරණාතල හිමියන් වධකයන්ට භාර දිය යුතු බවට නියෝග කලේය.

              මල්වත්තේ මහ නාහිමියන් වචනයකදු ඉන්පසු කතා කලේ නැත. උන්වහන්සේ ගේ හිස පහතට නැමුණි. බොඳ වුණු ඇස් දෙකින් කඳුළු කැටයක් රූරා ගිය බව දුටුවේ භික්ෂූන් වහන්සේලා කීප දෙනෙකු පමණකි. පරණාතල හිමියන් ඉතා වේගවත්ව සිය කටහඩ අවදිකලේ මේ අවස්ථාවේ දීය.  නැත මහරජානෙනි ඔබට ගිහියන් පිළිබඳව නඩු විසඳන්නට හැකිය. මම භික්ෂුත්වයට පත්  බුද්ධ පුත්‍රයෙක්මි. මගේ නඩුව නාථ දෙවියන් ඉදිරියේ කිව යුතුය. මතු බුදු වන නාථ දෙවියන් ඉදිරියේ කිව යුතුය. කන්නසාමි මොහාතක් කල්පනා කලේය. පසුගිය වර්ෂ කීපය තුළ තමා අතින් ආගමික මෙහෙයක් සිදු නොවූ බව ඔහු මෙනෙහි කරන්නට ඇත.ඔහු ඉදිරියේ සිටි බලවේග වලට නායකත්වය දෙන ලද්දේ පිළිමතලව්වේ සහ පරණාතල හිමියන්ය.මේ වන විට පිළිමතලව්වේ ඝාතනය කර අවසන් කොට තිබුණි. පරණාතල හිමියන්ද ඝාතනය කිරීමටගත් තීරණය වෙනස් නොකිරීමට රජු තීරණය කලේය. වධක ස්ථානයට ගෙනයන අතර මග නාථ දේවාලය කරාද පරණාතල හිමියන් ගෙන යා යුතු බවට ඔහු නියෝග කලේය.

             නාථ දේවාල භූමියඉදිරියට සැපත් වූ පරණාතල හිමියන් එහි දිග්ගෙය පියමන් කර එළිපත්ත ඉදිරියට පැමිණ අත්දෙක ඔසවා මෙසේ හඬ නැගීය. දෙයියේ සාක්කි දෙයියෝ සාක්කි නාථ දෙවියනි දශරාජ ධර්මයෙන් යුතුව සතර අගතියෙන් තොරව සතර සංග්‍රහ දානය කරමින් සෑම තැනකදීම නරපතියෙකු සිහිපත් කල යුතු වන්නේ සත්‍ය යයි. චිරාත් කාලයක් තිස්සේ පැරණි රජ වරුන් ඒ සත්‍යය අනුගමනය කෙළෙහිය. ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වූ වීරෝධාර රණ විරුවන් මෙන්ම මවුබිමේ ජාති පුත්‍රයන් ඝාතනය කරද්දී මේ සම්ප්‍රදාය වැනසුණු  බව ඔබ නුදුටුවෙහිද. බීමතින් වැටුණු රජෙකුගේ වියරුව ඔබ නුදුටුවෙහිද. එහෙව් යුගයක බුද්ධ ශාසනය පන්දහසක් කල් පවතින්නේ යයි ඔබ වහන්සේ සිතන්නෙහිද. මේ ප්‍රකාශයෙන් පසු පරණාතල අනු නාහිමියන් සිය සිවුරු කඩ නාථ දේවලයේ එළිපත්ත අභිමුව එලා පූජා කොට අවසන් වරට දළදා මන්දිරය දෙස බලා කුමාර හපුව වධක ස්ථානය බලා පිය මැන්නේය. ඒ සේ නික්මෙන්නට කලියෙන් කිවු මේ වස් කවිය නිසාවෙන් රටට ශපයක් වූ ඒකාධිපතියෙකු ගේ සමුගැන්ම සිදු විණැයි පවසති.

සමත මතඟා කුල මතඟා - තුරිත තුරඟා සිත දජ      තුඟා

දරිත දරඟා කුල සිරි රඟා - මහිම හිමඟා මහ වාළුක ගඟා

                 ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහාසනප්‍රාප්ත වූයේ 1798 දීය. ඒ වන විට රජ වාසල අරක්ගෙන සිටි නායක්කර් වඩුගයන් ජාතික ආර්ථිකයේ කොඳු නාරටිය අත්පත් කර ගෙන උන්හ.ආනයන අපනයන වෙළෙඳාම සහමුලින්ම වඩුගයන් කීප දෙනෙකු අතර විය. රදළවරුන්ට අල්ලස් දීමෙන්ද වැදගත් ඨානාන්තර පිරිනැමීමෙන්ද තම අණසකට ගැනීම නිසා සිංහල නිලමේලා බලවත් වුවද කළ හැකි කිසි දෙයක් නොවීය. ආන්ද්‍ර බස රජ වාසලේ ප්‍රධාන බස බවට පත් විය. සිංහල නිළමේලා වුවද සිය මුද්‍රාව තැබූවේ ආන්ද්‍ර අක්ෂර වලිනි.පිළමතලව්වේ අදිකාරම විසින් කන්නසාමි සිංහාසනයේ තැබෙව්වේ මේ තර්ජනයන්ට මුහුණ දීම පිණිසය. තමන්ට ගැති රූකඩ රජෙකු මගින් සිය අභිප්‍රායන් ඉටු කර ගැනීම එහි බලාපොරොත්තුව විය. ඒ සඳහා ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහය ලබා ගැනීමට ඔහු ක්‍රියාකලේ 1800 දී පමණය. පිලිමතලව්වේ ගේ අනුග්‍රය ගැන සැලකිලිමත් වූ ඉංග්‍රීසීහු කලින් සකසන ලද ගිවිසුමක් ද අතැතිව කනකමය මංජුසාවක් සහ අශ්ව රථයක් ඇතුළු පඬුරු රැගෙන 1800 මාර්තු 2 දා කොළඹන් පිටත් විය. ගිවසුම මෙසේය. රජු ගේ ආරක්ෂාව පිණිස කොළඹ ආණුඩුකාරයාගේ මෙහෙයවීමෙන් හත්සීයක පමණ ඉංග්‍රීසි හමුදාවක් උඩරට නැවැත්වීම. මේ පිරිසගේ වියදම සිංහලගේ රජු විසින් දැරිය යුතුවීම.අවශ්‍යතාව මත  ඉදිරියේ දී එම සෙබළු ප්‍රමාණය වැඩිකිරීම ආදි වශයෙන් විය. වගන්ති නවයකින් සමන්විත මේ ගිවිසුමට රජු එකඟ නොවීය. මේ ගිවිසුම රැගෙන උඩරටට පැමිණි සෙන්පතියා වූයේ මැක්ඩොවල්ය.  මේ ගිවිසුම අසාර්ථක වූවායින්  පසු 1803 දී නෝර්ත් අණුඩුකාරයාගේ ඇණවීමෙන් මැක්ඩොවල් උඩරට ආක්‍රමණය කලේය. සෙන්කඩගලට පැමිණි විට ශ්‍රී වික්‍රම හෝ කිසිවෙක් එහි නොවූයෙන් මුත්තු සාමි එහි රජ කොට ගිවිසුම පරිදි ආරක්ෂාව සැපයීමට ඉංග්‍රීසි ආණ්ඩුව එකඟවිය. ඒ සමගම කොළඹ සිට ත්‍රිකුණාමලය තෙක් මාවතක් ඉඳිකරනු වස් බිම් තීරුවක් දීමටද සත් කෝරළයේ පලනය ඉංග්‍රීසීන් වෙත පවරා දීමද කළ යුතු විය. නමුත් පිලිමතලව්වේගේ හමුදාව නුවරට පැමිණි ඉංග්‍රීසින් පළවා හැරියෙන් ගිවිසුම ඵල රහිත විය.

         මුත්තුසාමි සමග පසුබසිමින් සිටි මැක්ඩොවල් සෙනවි මේ අතරවාරයේ පිලිමතලව්වේ සමග ගිවිසුමක් ඇතිකර ගත්තේය. රජු නෙරපා හැර පිළමතලව්වේට රට භාරවන පරිදි මේ ගිවිසුම සකස් විය.  මීගස්තැන්නේ අදිකාරමත්  මුත්තුසාමිත් මැක්ඩොවල් සෙනවියාත්  මේ ගිවිසුමට අත්සන් කළ බව පැවසේ. මේ තුන් හවුල් ගිවිසුම අනුව කලින් මුත්තුසාමි සමග වූ එකඟතා අළුත්කර ගන්නටත් මුත්තුසාමි වෙනුවෙන්  උතුම් වූ කුමාරයා යන නමින් සිංහලේරටවල් පාලනය පිලිමතලව්වේට ලබාදීමටත් ඉංග්‍රීසීන් ගෙන් පතාග 30000 ක් ලබා යාපනයේ සිට රජ කිරීමටත් එකඟතාවය විය. මෙම ගිවිසුමෙන් පසු හමුදා භට පිරිසක් මහනුවර නවත්වා මැක්ඩොවල් කොළඹ බලා පිටත් විය. එහෙත් සැඟවී සිට ශ්‍රී වික්‍රම රජුගේ දසදහසකට වැඩිතර සෙනග ඉංග්‍රීසීන් වටලා ඔවුන් සමූලඝාතනය කොට මහනුවර යළි අල්වාගෙන පිළමතලව්වේ සහ මුත්තුසාමි ඇතුළු රාජ ද්‍රොහීනට දඬුවම් ලබා දුන්නේය.

                 ඇහැලේපොළ  මහ අදිකාරම සපරගමුවට යැවෙන්නේ ඔහුට විරුද්ධව රජුට ගතු කියූ පිලමතලව්වේ ගේ මෙහෙයවීමෙනි.මේ අතරවාරයේ අදිකාම් නිලයට තෙවැන්නෙකුද පත් විය. ඒ මොල්ලිගොඩයි.රජුගේ අරමුණ වූයේ රදළයන් ගේ බලය ක්‍රමයෙන් අඩු කරලීම බව පෙනේ.කෙසේ වුවත් සපරගමුවට වන් මහ නිලමේ එහි වැව් අමුණු සදවා වෙල් අස්වද්දවා රජයට ලැබෙන ආදායම තර කලෙන් රාජ ප්‍රසාදයද ජනතා ප්‍රසාදයද දිනා ගත්තේය. මෙයට ඉරිසියා කළ මහනුවර නිලමේලා ඇහැලේපොළට විරුද්ධවරජුට ගතු කීහ. රජු විසින් පිළමතලව්වේ මැරවූයේ 1811 වර්ෂයේ මාර්තු 26 වනදාය. ඉන්පසු මහ අදිකාරම් ධුරයට පත්වූයේ ඇහැලේපොළය. නමුත් පෙර කී කුමන්ත්‍රණ මධ්‍යයේ  සපරගමුව කරමින් සිටි ඇහැලේපොළ බිඳ වීමට මොල්ලිගොඩ විසින් එවන ලද ලිපියක් හේතු වී යැයි පැවසේ. රජු ඇහැලේපොළ කැඳවූයේ වෙනත් කරුණකටය. එහෙත්  වෙනත් ලිපයක් මගින් ඔහුට දැනුම් දී තිබුණේ රජු උදහස් වී ඇති බවත් නුවර නොපැමිණිය යුතු බවත්ය. එම නිසා රජු කෝප විය. ඇහැලේපොළ ඉංග්‍රීසීන් වෙතට පැණ යන්නේ යැයි රජුට කේලාම් බස් පැවසින. මේ වන විටද ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා සමග ඇහැලේපොළ සම්බන්ධකම් පවත්වමින් සිටියේය.  කල හැකි දෙයක් නොවූ කළ කළුගඟදිගේ අඟුලක් මගින් පහළට ආ ඇහැලේපොළ පාණදුරයට පැමිණ ඉංග්‍රීසි හමුදාවේ සහායෙන් කොළඹ කොටුවට සැපත් වී ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා සම්මුඛ විය. කන්නසාමි පැන්නවීමට ඉංග්‍රීසින් සමග ඇති කර ගත් ගිවිසුම ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ එතැන් සිටයි.

                       වඩුග රජෙකු වූ ශ්‍රී වික්‍රම සිංහල සම්ප්‍රදාය ඉක්මවා දශරාජ ධර්මය කඩකොට රට පාලනය කළ තැනැත්තෙකි. සියවස් ගණනාවක් තිස්සේ රාජඅභිෂේකයේදී ලක් රජවරු නාථ දෙවියන් ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ දැහැමි පාලකයෙක් වන බවට සපථ කරමින්ය. නමුත් උද්දච්ච පුද්ගලයෙකු වූ ශ්‍රී වික්‍රම රාජ සිංහ නාථ දේවල භූමියෙන් නාථ දේවාලය ඉවත් කිරීමට පවා සැලසුම් කලේය. ඒ යුගයේදී නාථ දෙවියන් වෙනුවට පිටියේ දෙවියන් බලවත්ව සිටියේ යයි සැලකෙන්නේඒ නිසාය. කෙසේ වෙතත් එක දිගට රදළවරු සමග ඇති වූ විරසකයන් නිසා 1815 වර්ෂයට ආසන්න කාල වකවානුවේදී ඝාතන රැසක් සිදු විය. අවසාන වශයෙන් ඇහැලේ පෙළ නිළමේ ගේ භාර්යාව කුමාරිහාමි සහ දරුවන් විනාශ කිරීමට අණදී ඒය මහත් අභිරුචියෙන් බලා සිටි ආකාරය ඉතිහාසයේ සඳහන්ය. මෙයට හේතුව නම් ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා උඩරට රාජධානිය සියතට ගැනීම පිණිස කළ මෙහෙයුමයි. මෙහිදී රදළවරුන්ට හා රජුට උසස් වර්ගයේ මධ්‍යසාර ගෙන්වා පිළිගන්වා සිහිවිකල් තත්ත්වයට පත් කළ ආකාරය සඳහන්ය.මහාචාර්ය තෙන්නකෝන් වමලානන්ද මහතා ජෝන් ඩොයිලි ගැන සඳහන් කරන්නේ මෙසේය.

       ඩොයිලි අවික්ෂප්තව සන්සුන්ව හා ජයග්‍රහණය පිළිබඳව අධිෂ්ඨානයෙන් යුතුව තම උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන වේදිකාවක් නිර්මාණය කළේය. මේ දේශපාලන වේදිකාවේ ප්‍රධාන නළුවෝ නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රොබට් බ්‍රවුන්රිග් ඇහැලේපොල මහ නිළමේ මොල්ලිගොඩ මහ නිළමේ ජේම්ස් සදර්ලන්ඩ් එඩ්වඩ් ගිෆර්ඩ් කොබ්බෑකඩුව මල්වත්තේ මහානායක හිමියන් අස්ගිරි විහාරයේ යටවත්තේ මහානායක හිමියන් දුනුවිල දිසාවේ කපුලියද්දේ දෙවෙනි අදිකාරම් තම්බි මුදියන්සේ මැලේ මුහන්දිරම් ඉලංගකෝන් මුදලි සේරම් මුදලි හා තල්ගම උන්නාන්සේ වූහ. මේ හැම දෙන ඩොයිලි ගැසූ තාලයට නැටූහ. මේ සියලු දෙනාගේ නිසැක භක්තිය හා විශ්වාසය දිනාගත් අතරම ඔවුන්ගේ ප්‍රකාශනයන්හි සත්‍යාසත්‍ය භාවය වගවිභාගකරන ක්‍රමයද ඩොයිලි සතු විය.

         ඩොයිල් අවසාන වශයෙන් තම අභමතාර්ථ සාධනයෙහි යොදා ගත් ඇහැලේපොළ මහ නිලමේ දක්ෂ ප්‍රාදේශීය පාලකයෙක් වශයෙන් අවංකව රජුට සේවය කළ තැනැත්තෙකි. එහෙත් අවසාන කාලයේදී රදළවරුන්ගේ උසිගැන්වීම් මත රජු ඔහු හා විරසක වුණි. ඉන්පසු ඔහුට ඕනෑ වූයේ රජු පාවා දී ඉංග්‍රීසින් ගේ සහායෙන් සිහසුන් ගැනීමයි. මෙහි මුල් අදියර සාර්ථක ලෙස ක්‍රියාත්මක වුවද ඉංග්‍රීසින් සිය අභිලාෂය මත සිංහල ජාතික බලවේගය යටපත් කර ගත්තේය. සිංහල බෞද්ධයන්ට ඉතිරිවූයේ උඩරට ගිවිසුමේ පස්වන වග වගන්තිය පමණකි. එයද 1817 දී ඇරඹි ජාති විමුක්ති අරගලයෙන් පසු සංශෝධනය විය. අනතුරුව සියවසක් ඉක්ම ගිය පසු ලංකාවට නිදහස ලබා දීමෙන් පසු ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ 29 වන වගන්තිය මගින් සිංහල බෞද්ධයන් තිබූ අයිතිය සහමුලින්ම අහෝසි කරන ලද්දේය. මේ නිසා දේශපාලන උපායශීලිත්වය පිළබඳව අප සිතා බැලිය යුත්තේ ඉතා මැදිහත් සිතිනැයි කල්පනා කළ හැකිය. යම් කිසි විදියකින් වැරදීමක් වුවහොත් පුද්ගලයන්ගේ ජීවිත පමණක් නොව ජාතියේම නිදහස ද නැතිවන බව පෙනේ. අප ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගෙන නැවත නැවත අත්හදා බැලීම් කරන්නේ නම් සිංහල ජාතියේ මතුඉරණම කෙසේ පවතීදැයි සැකයක් මතුවේ.

Thursday, November 6, 2014

එරාවුර් හන්දියේ සිංහල අව නඩුව


                                          

 


                  1956 වර්ෂයේ දී  සිංහලය රාජ්‍ය භාෂාව කිරීමත් සමගම ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සාමාජියන් බෙහෙවින් කුපිත වූහ.ඔවුන් ගේ උසිගැන්වීම් මත එවකට වාහන වලට  හඳුන්වාදී තිබූ ශ්‍රී අකුරට තාර ගෑම ඇරඹුණි.මෙයට හේතු වූයේ 1945 සිට ජී.ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය මගින් දියත් කළ ජාතිවාදී දේශපාලනයයි. ඔවුහු සමතුලිත නියෝජනයක් ඉල්වමින් සෝල්බරි කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළහ. පණහට පණහක් සේ සිංහල හා දෙමළ ජනතාවට නියෝජනයක් අවශ්‍ය වන බව ඉන් පැවසෙයි. සොල්බරි කොමිසම මෙය පිළි නොගත් අතර ද්‍රවිඩ කොන්ග්‍රසයෙන් කැඩී ගිය පිරිසක් විසින් 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි නොහොත් දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවා ගත්හ. මෙම පක්ෂය ස්ථාපනය කිරීමේදී අනුමත කෙරුණු මූලික යෝජනාවේ මෙසේ සඳහන් වෙයි.

      ' ද්‍රවිඩයන්ට නීතියෙන්ම නිදහස හා ආත්ම ගෞරවය සහතික කිරීමේ හා සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳා ලීමේ එකම ක්‍රියාමාර්ගය වන්නේ රටේ ද්‍රවිඩ ජාතිය සඳහා ස්වයං පාලනය හා ස්වයං නිර්ණය කිරීම සහතික කරනු වස් ඔවුන්ට ඔවුන්ගේම ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ඉඩකඩ සලසා දීමයි.'

      ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ලෙස වන මෙම සංකල්පය එතැන් පටන් දිනෙන් දින වර්ධනය විය.1956 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම ඔවුන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් බඳු විය. චෙල්වනායගම් ගේ කණ්ඩායම තමන්ගේ අභිලාෂය පතා ඇති කළ කෝලාහලය මහා ව්‍යසනයක ආරම්භයක් විය. මෙහිදී සිංහල ව්‍යාපාරිකයන් ගේ වෙළෙඳ ස්ථාන කඩා පුළුස්සා  විනාශ කිරීම  සිදු වූ අතර ජන ඝාතනද සිදු විණි. මේ තත්ත්වය රජයට පාලනය කර ගැනීම ඉතා අසීරු විය.ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ ද තත්ත්වය එයින් වෙනස් නොවීය. සෙන්ගල්වාඩිය නොහොත් සෙන්කලාඩිවල කඩයක් දමා ගෙන සිටි මනිමෙල් සිල්වා නොහාත් උපාසක මහතා මේ අරගලයේදී ඝාතනය වූ සිංහලයෙකි. හැඩිදැඩි පුද්ගලයෙකු වූ ඔහු ප්‍රදේශයේ සියළු යුක්තිගරුක පුද්ගලයන්හට නිර්භීතව නයාකත්වය සැපයූ වෙකු විය. මේ තත්ත්වය තුළ කාලයක් තිස්සේ වෙළහෙළදාමේ යෙදී සිටි සිංහල ව්‍යපාරිකයන් තම ජීවිත ආරක්ෂාව පතා ගම් රටවල් බලා පැමිණියහ.

            ගාල්ලේ දොඩන්දූවේ උදේරිස් සිල්වා පුලියන්දූවට පැමිණියේ 1895 වර්ෂයේ දීය. ඔහු එහි සිල්ලර කඩයක් ආරම්භ කරනලද්දේ 1895 ජූනි මස පළමුවනදාය. රෙදි පිළි සීනි පුවක්  උම්බලකඩ ජාඩි තුනපහ කඩදාසි ඇතුළු බොහෝ ද්‍රව්‍යයන් වෙල හෙළඳාම් කරමින් ගම සමගද සම්බන්ධකම් පැවැත්වීය. ගාල්ලේ දොඩන්දූව එකල ප්‍රසිද්ධ නාවික වරායකි. එහි සිට ඉන්දියාව බලා යාත්‍රා කල යාත්‍රා ද්‍රෝණි නම් නෞකා මගින් ඉන්දියාවේ සිට ජාඩි  කැලිකට් රට උළු මාලදිවයිනේ සිට කරවල මෙන්ම බොන්දි අළුවා ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය රාශියක් ආනයනය කළහ.එසේම නැගෙනහිර පළාතෙන් දැව ලබා ගෙන දකුණට නැව් මගින් ප්‍රවාහනය කරන ලද අතර ඒ දැව භාවිතා කොට ගොඩනැගිලි තැනූ ඔවුහු නැව් තැනීම සඳහාද  ජාඩි පීප්ප නිෂ්පාදනය ද කළහ.ලන්දේසීන් ගේ කාලයේදී දිවයින වටා නිදහස් වෙළෙඳාම පැවති අතර මුස්ලිම් වෙළෙඳුන්ට දමා තිබූ තහංචි හේතුවෙන් සිංහලයන් හට තම පැරණි නාවික බලය යළි ගොඩනගා ගත හැකි විය.1702 වර්ෂයේ දාතම සහිතව ලිපියක් දැනට දොඩන්දූ නාවිකයන්ගේ වත්මන් පරපුරේ සාමාජිකයෙකු වූ ගාමිණි පටුවතවිතාන මහතා ළඟ තිබේ.සේරුවාවිල බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වූ දඹගස්ආරේ මේධංකර මහා යතිවරයාණන්වහන්සේද 1922 වර්ෂයේ දී ත්‍රිකුණාමල වරාය දක්වා ගමන් කලේ දොඩන්දූ නැව් මගිනි. ඒ යන අතර මග මඩකලපුවේ නැවතී එහි මංගලාරාමයද ස්ථාපිත කළ බව කියති. පානම පත්තුව අක්කරායි පත්තුව කරවාකු පත්තුව සමන්තුරේ පත්තුව මානමුනේ පත්තුව බින්තැන්න පත්තුව එරුවිල් පත්තුව එරාවුර් පත්තුව සහ වෑගම් පත්තුව යනුවෙන් පත්තු නවයකට බෙදා තිබුණු පැරණි මඩකලපු දිස්ත්‍රික්කය තුළ සිංහල වෙළෙද ප්‍රජාවට නායකත්ව ගැනීමට හැකි වූයේ ප්‍රබල නාවික බලයකට හිමිකම් කියමින් දකුණු පළාත සමග සෘජු සම්බන්ධතා පවත්වමින් එසේම ඉතා ශක්තිමත් බැඳිමකින් කටයුතු කළ බැවිනි.

            දොඩන්දූවේ සිට හම්බන්තොට වරායට ගමන්කරන දොඩන්දූවේ නැව් එහිදී ලුණු පටවා ගෙන නැගෙනහිර වෙරළට සේන්දු වෙති. එහිදී අක්කරපත්තුව කල්මුනේ කාරතිවු හරහා ත්‍රිතුණාමලයට වෙළෙඳ බඩු සපයන ඔවුහු අනතුරුව ලංකාවේ උතුරේ පේදුරුතුඩුව දක්වාම යාත්‍රා කොට අලෙවි කටයුතු කළ බව පැරණියන් පවසති. නැවතත් දකුණු දිග මුහුදු තීරය දිගේ මන්නාරම දක්වා ගොස් එහි මල්වාඩියේ  පදිංචිව වෙලෙ හෙළදාමෙන් දියුණු ව සිටියහ.දොඩන්දූවේ මේ වෙළඳ පරපුරු වල මහා බල කුණු කීපයක් එකල සිටියහ. ඒ අතරින් පළමු කී උදේරිස් සිල්වා ඔහුගේ පුත්‍රයා වන එලියස් අප්පු සහ මුණුපුරා වූ අමරදාසද විය. අමරදාස මහතා අවසන් වරට කඩයක් වත්වා ගෙන ගොස් තිබුණේ කාරතිවු වලයි. 1956 වර්ෂයේ දී ඇති වූ කලකෝලාහලයේ දී මේ කඩය පුලුස්සා දමන ලදී .එසේම සිංහලයන් පිරිස ලොරියක පටවා ගෙන ඝාතනය කිරීමට ගෙන යද්දී එයින් පැනගත් තිදෙනා අතර අමරදාසද වෙයි. එහිදී පොලිසියට කරන ලද පැමිණිල්ලෙන් ඵලක් නොවුණු අතර මඩකලපුවේ පොලිස් ස්ථානාධිපති ඔහුට ලිපියකින් දන්වා එවා ඇත්තේ මෙම අපරාධයට සැකකරුවෙකු නොමැති බවයි. මේ අවනඩුව ගැන එකල අරාක්ෂක අගමැති වරයාටද දැනුම් දෙන ලද්දේ නමුත් ප්‍රතිඵලයක් අත් නොවුණි. පසුව කෝලාහලය සන්සුන්වූ පසු නැවත ආපසු ගොස් කලවංචිකුඩිහි ව්‍යාපාර ආරම්භ කර  පවත්වා ගෙන ගොස් ඇත. අවසාන වශයෙන් ඔවුන්ට තම ව්‍යාපාරික ස්ථාන අතහැර යන්නට සිදු වූවේ 83 වර්ෂයේ ඇති වූ කලබල වලින් පසුවයි.

        ඩබ්.චාර්ලිස් සිල්වා ගාල්ලේ තල්පේ පදිංචි කරුවෙකි. ඔහු ද නාවික යාත්‍රා මගින් මඩකලපුවට සේන්දු වූවෙකි. ඒ නමසිය තිහේ දශකයේ දීය. එරාඌර් නොහොත් එරාවුර් හන්දියේ සින්න මුදලාලිගෙන් කඩයක් බදු ගත් චාර්ලිස් ද පෙර අය පරිද්දෙන්ම වෙළෙදාමෙන් දියුණු විය. මඩකලපුවට දුම්රිය මාර්ගය වැටෙන්නට පළමුව නාවික යාත්‍රා මගින් වෙළෙඳ බඩු ප්‍රවාහනය කර ගත්තද පසුව ගාල්ලේ වෙලින්ටන් බස් සමාගමේ ප්‍රවාහන රථ මගින් ඒ පහසුව සැලසීය. මේ නිසා වෙළ හෙළදාම සීඝ්‍රයෙන් දියුණු විය.      ඒ අවදියේදී සෙන්කල් අඩියේ ලුණු කඩේ ඊනා අහමදු ලෙබ්බේ කොට්ටමුනේ කානා සින්නතම්බි තැඹිලිවිල කුමාරපෙරුමාල් සින්නතම්බි වැනි මහම්මත් වෙළෙඳුන් ද ව්‍යාපාර වල නියැලී සිටියද ඔවුන් ඉතා සුහදව සිංහල වානිජයන් සමග කටයුතු කරන ලද්දේය. එසේම හේරා ඔරුවේ(එරාඌර්) පොක්කර උරුම කණ්ඩ වැනි දෙමල ව්‍යපාරිකයන්ද මේ සුහදත්වය ආරක්ෂා කෙට ගත්තේ සංස්කෘතික වශයෙන් සමාන කම් දැක්වූ බැවිනි. මේ තත්ත්වය 1956 වර්ෂයෙන් පසුව වෙනස් වූයේ යටකී ලෙස එස්.ජේ.වී.චෙල්වනායගම් විසින් ගෙන ගිය ජාතිවාදී ඇවිස්සීම් වලින් දෙමළ ජනතාව කුපිත වූ බැවිනි. මේ නිසා සිංහල දෙමළ ප්‍රජාව අතර සෙමින් විරසකයක් ගොඩ නැගුණි. මෙහි සඳහන් කළ චාර්ලිස් සිල්වා මහතා ගේ සහෝදරයා ගේ පුත්‍රයා වූ අල්විස් වල්ගම එරාවුර් හන්දියට පැමිණුනේ 1948 වසරේදීය. ඔහු සිය බාප්පා කර ගෙන ගිය වෙළෙඳ ව්‍යාපාරය දියුණු කරමින් කෝපාවෙල සහ එරාවුර් වල කඩ දෙකක්ම පවත්වාගෙන ගියේය. ඒකාලයේ සිටි හෝටලය නමින් ජනප්‍රිය සිංහල භෝජන ශාලාවක්ද තිබූ බව පැවසෙයි. ඒ ආකාරයට සිංහල කඩ දහයකට අධික සංඛ්‍යවක් නවසිය පණහ දශකය වන විට එරාවුර් හන්දියේ ශක්තිමත්ව තිබුණි. 1956 දී මනිමෙල් සිල්වාට වෙඩි තබා ඝාතනය කළ පසු සුපුරුදු පරිදි නැවතත් මේ වෙළෙන්දෝ සිය ව්‍යපාර ආරම්භ කළද අසූව දශකය වන විට චෙල්වනායගම් ගේ දෙවන පරපුරෙන් බිහිවූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වර්ධනය විය. නැගෙනහිර පළාත තුළ කරුණා අම්මාන් ගේ ප්‍රධානත්වයෙන් මේ කොටි බල මුළු ගැන්විණ.

       1985 වසරේ දී කොටි ත්‍රස්වාදීන් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස කළ මනුෂ්‍යඝාතනය මුළු ලංකාවම සසල කරවන්නක් විය. එයට සමගාමීව එරාවුර් සහ මඩකලපු ප්‍රදේශ වලද ත්‍රස්ත ක්‍රියා වර්ධනය විය. චාර්ලිස් සිල්වා ගේ බෑනා වූ අල්විස් වල්ගම මහතාගේ කෝපාවෙල කඩය එහිදී ගිනිබත් කෙරුණු අතර එහි තිබූ ඔප්පු තිරප්පු සහ වෙනත් වටිනා ලියකියවිල රැසක් අතුරුදහන් වූ බව පැවසෙයි.මේ අවදියේ දී අල්විස් වල්ගම මහතා එරාවුර් සිංහල වෙළෙඳ සංගමයේ ප්‍රධානියා විය. වෙළෙඳ පළ කඩ අතරින් පණස් දෙදෙනෙකු සිංහලයන් විය. නමුත් 1987 දී මේ නැගෙනහිර සිංහලයන්ගේ කලදසාව නරක අතට හැරුණි. කරුණා අම්මාන් ගේ මූලිකත්වයෙන් මෙහි සැඟවී සිටි ත්‍රස්තයන් වරින් වර ප්‍රහාර එල්ලකළහ. හිටිහැටියේ දිනක් සිංහලයන් සියළු දෙන එරාවුර් පොලිස් ස්ථානයට කැඳවන ලදහ. ඊට හේතුව පොලසියට පහරදීමේ තැතක් අනාවරණය වීම නිසාය. සමහරු සිය කඩ සාප්පු වසා නොදමාම පොලීසියට ගිය බව පැවසෙයි. කොසේ වෙතත් 1987 ඔක්තෝබර් මස 6 වන දින වන විට සිංහලයන් 1200 පමණ පිරිසක් පොලිසියට රොක් වී සිටියහ.නමුත් කොටි ත්‍රස්තයන් කලේ සියළු වෙලෙඳ ව්‍යාපාර ගිනිබත් කිරීමයි. අනතුරුව එරාවුර් සිංහල විදුහලේ රාත්‍රිය ගතකළ මේ වෙළෙන්දන්ට අනාථයන් ලෙසට ගම් රටවලට පැමිණීමට සිදු විය.මේ වන විට නව වෙළෙඳ පලේ කඩ හැත්තෑ දෙකෙන් පණස් දෙකක් තුළම සිංහලයන් ගේ වෙළෙඳ ව්‍යාපාර විය. එම නව වෙළෙඳ පල තනා වෙලෙඳ මහතුන් තොරා ගන්නා විට එය නිසි පරිදි වූයේ දැයි පාර්ලිමේනතුවේ දී ප්‍රශ්ණ කරනු ලැබිණි. එවකට විපක්ෂයේ සිටි පාරලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් ජයකොඩි මහතා එම ප්‍රශ්ණය නගන ලද්දේ මෙසේය.

1/ එරාවුර් සුළු නගර සභාවට අයත්ව තිබී දැනට කඩ දමා ඇති ගොඩ නැගිල්ලේ වෙළෙඳ ව්‍යාපාර කරන අයගේ නම් සහ ලිපිනයන් එතුමා ඉදිරිපත් කරනවාද

2/ එම අයගෙන් කොපමණ සංඛ්‍යාවකට අලුතින් .තනන ලද වෙළෙඳ සැලේ කඩ කාමර ලබා දී තිබේද

3/ කඩ කාමර ලබා නොදී ඇති අයගේ නම් සහ ලිපිනයන් එතුමා සඳහන් කරනවාද

4/ එම අයට කඩ කාමර ලබා දීමට එතුමා කටයුතු කරනවාද

5/ නොඑසේනම් ඒ මන්ද‍

       මේ ප්‍රශ්ණය යොමු කරන ලද්දේ අගමැති පළාත්පාලන නිවාස ඉදිකිරීම් ඇමති සහ මහජන පරිපාලන අමාත්‍ය වර යන තුන්පළගෙනි. එදා අද වගේ නොව පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් විමසූ කල්හි නිවරදි පිලිතුරු ලැබුණි. පළාත් පාලන ඇමති වින්සන්ට් පෙරේරා මහාතා මේ ප්‍රශ්ණයන්ට දුන් පිළිතුරු අතර සිංහල වෙළෙඳ මහතුන් ගේ නම් පණස් දෙකක් සහ මුස්ලිම් වෙලෙඳ මහතුන් ගේ නම් දහනවයක් සහ එක් දෙමල ව්‍යාපාරකයෙකු ගේ නමක් සටහන්ව තිබුණි . මෙම වාර්තාව 1987 මැයි අට වන දින හැන්සාඩ් වාර්තාවේ පළව තිබේ.

        කෙසේ වෙතත් 1987 ඔක්තෝබර මාසයෙන් පසුව මේ සිංහලයන්ට උන්හිටි තැන් නැති විය. ඊට එක් හේතුවක් වූවේ 1987 ජූලි මාසයේ අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමයි. එහිදී දෙමළ ජනතාවගේ පාරම්පරික නිජබිම් ලෙසින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පිළිගනු ලැබ අතර කිසිවෙකුත් නැවත සිංහලයන්ට පදිංචි වීමට ඉඩ ප්‍රස්ථා  ඇති නොකළහ. නමුත් 2005 දී කොටි පරාජය කිරීමෙන් පසුව නැවත ආපිට ගිය සිංහලයන් මේ ස්ථානයන් නැවත අත්පත් කරගෙන පදිංචි වීමට උත්සාහ කළහ . එසේම පුනරුත්ථාපන අධිකාරියෙන් වන්දි ලබා ගෙන සිය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් ද විය. එහෙත් එවක වන විට එහි බලවත් ව සිටි මුස්ලිම් භක්තික ප්‍රාදේශීය සභාපතිවරයා ගෙන් ඊට ඉඩ නොලැබුණි. අල්විස් වල්ගම මහතා සහ අනෙක් පිරිස එහි ගොස් නව වෙළෙඳ පළ කඩ කාමර අස්පස් කරමින් සිටින විට ඔවුන් එරෙහි තහනමක් පැනවූ සභාපති වරයා ඔවුන්ට විරුද්ධව නඩුද පැවරුවේය. ඒ ප්‍රාදේශීය සභාවේ දේපළ වලට බලහත්කාරයෙන් ඇතුළු වී අලාභ හානි කරන ලද බව දක්වමිනි. දැන් මේ නඩුව කාලයක් තිස්සේ මඩකලපු උසාවියේ දී දෙමල භාෂාවෙන් විභාග වන අතර රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය හෝ ඊට මැදිහත් වී සමථයකට පත් කර නොමැත. 1881 වර්ෂයේ දී මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 5012 කි. එය 1891 වන විට 6403 දක්වා වර්ධනය ව තිබුණි. 1946 ජන සංගණනයේ දී හෙළිදරව් වූයේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය එකොලොස් දහස ඉක්මවා තිබූ බවයි.ඒ දෙමල ජනගහනය ලක්ෂයක් ඉක්මවා යන අවස්ථාවකය. එහෙත් ඒ දෙමල ජනගහනයෙන් අඩක් පමණ වැදි ජනතාව විය.ජාතිවාදී කලබල නිසා මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 1981 වන විට 2289 කට පහත වැටී තිබුණි.

             කලක් මහා සමුදුරු බලයක්ද ව්‍යාපාරික බලයක්ද හිමිව සිටි නිර්භීත අධිෂ්ඨානශීලී මිනිසුන් පිරිසගේ ඉරණම අද මෙලෙස තීන්දු වී තිබේ. තම මුතුන් මිත්තන් විසින් වසර හාරසියයක පමණ තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන පැමිණි නිදහස අද ඔවුනට අහිමිව ඇත. කොටි ත්‍රස්තවාදය පරදාවා ජාතිය බේරා ගැනීම පිණිස දිවි කැප කළ අභීත රණවිරුවන් ගේ අභිප්‍රායට වඩා චෙල්වනායගම් පරපුරේ ඊලාම් අභලාසයද නව මුහුණුවරකින් කළ එළිදකින ඉස්ලාම් මූලධර්මවාදී අභිලාෂයද නැගෙනහිර පළාතේ ජයග්‍රහණය කර තිබේ. එයටහොඳම නිදර්ශනය  පෙන්වන්නේ අල්විස් වල්ගම මහතා ඉගෙනුම ලැබූ බණ්ඩාරමුල්ල විදුහල අද මුස්ලිම් සිසුන්ගේ අරාබි විශ්වවිද්‍යාලයක් බවට පත් වීමයි. මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම් සහා හසන් අලි යන මහත්වරුන් අද නැගෙනහිරට වෙනමම මුස්ලිම් පරිපාලන කොටසක් ඉල්වන්නේ මෙම ලිපියේ සඳහන් ජනවාර්ගික පවිත්‍රකරණය සිදු කර අවසන් වූ පසුවයි. එහෙත් ඔවුන් සඟවන එක් කාරණයක් නම් 1990 වසර වන විට සිංහලයන් මෙන්ම ඔවුන්ද කොටි ත්‍රස්තයන්ගෙන් බැටකා අනාථව සිටි බවයි.