ත්‍රිකුණාමලයේ
වෙරළාසන්නයේ පිහිටි බෝධිරාජවිහාරයේ බෝධිවර්ධන දහම් පාසල ගොඩනන්වන්නට ගොස් විහාරාධිපති ස්වාමීන්වහන්සේ ඇතුළු සිවුනමක් සහ
දායකයන් කීප පළක් මේ වන විට බන්ධනාගාර ගත කර ඇත.ත්‍රිකුණාමල පොලිසිය එම ස්වාමීන්
වහන්සේලා ප්‍රාණ ඇපයට තබා ගැනීමට උත්සාහ දැරීම නිසා ඇප පිට නිදහස ද අහිමි වී ඇත.
මේ වන විට මෙම ක්‍රියාවලියට එරෙහිව කොළම අභියාචනාධීකරණයේ නඩුකරයක් ක්‍රියාත්මක
වෙමින් ඇත. පුවත් පත් වාර්තා කරන අන්දමට උසාවි නඩු කාර්ය සටහන් අස්ථානගතව ඇත. ප්‍රශ්ණය
දිග් ගැස්සී සියල්ල දේශපාලනීකරණය වී තිබේ.
බෝධිරාජ විහාරයේ දහම් පාසල ආරම්භ කර ඇත්තේ 1952 වර්ෂයේ දීය. එය ත්‍රිකුණාමලයේ
ආරම්භ කළ පළමු දහම් පාසල විය.පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහ නායක ස්වාමීන් වහන්සේ
පවා කුඩා කළ මෙම දහම් පාසලේ ඉගෙනුම ලැබූවෙකි.පූජ්‍ය බලපිටියේ ශාන්ත හිමියන් විසින්
ආරම්භ කරන ලද මෙම දහම් පාසල පිහිටුවන ලද්දේ වර්ෂ 1753 දී සියම් දේශයෙන් උපසම්පදාව
රැගෙන පැමිණි සියම් භික්ෂූන් වහන්සේලා ගොඩබට ගෝකණ්න තිත්ථ වරාය වෙරළාසන්නයේය.එම
ගමන සිහිපත් කරනු වස් වෙරළාසන්නයේ බෝධීයක් ද උපාලි තෙරුන් ඇතළු සියම්
සංඝයාවහන්සේලා විවේක සුවයෙන් වැඩ සිටි තැන බෝධීන් වහන්සේලා සතර නමක් ද එකළ රෝපණය
වී ඇත. මේ දහම් පාසල පිහිටුවන්නේ බෝමලුවට යාබදවයි. බලපිටියේ ශාන්ත හිමියන්ගේ ශිෂ්‍ය
පූජ්‍ය මිහිඳුපුර මහින්ද වංශ සහ වෙල්ගම් විහාර වර්තමාන විහාරාධීපති අම්පිටියේ
ශීලවංශ තිස්ස යන දෙනමගේ උපසම්පදා පින්කම පවා සිදු වන්නේ මෙම බෝධි සමීපයෙහි තිබෙන
ගල්පරය ආශ්‍රිතවය. ඒ අතින් බලන විට මෙම ස්ථානයත් ඒ අවට ප්‍රදේශයත්
ශාසනික ඉතිහාසයේ වැදගත් ස්මාරකයන් ලෙසට හඳුනවා දිය හැකිය.
1987 දී
ත්‍රිකුණාමලයට භීෂණය උදාවූ සමයක් විය. චීන වරායේ නායක හිමියන් ඉන්දියන් හමුදාව
අතින් ඝාතනය විය. එසේම නගරයේ ජීවත් වූ සිංහලයන් එළවා දමන ලදහ.මෙම බෝධි රාජ විහාර
දහම් පාසල් ගොඩනැගිල්ල අත්පත් කරගත් ඔවුහු එය ජරාවාස කළහ. අනතුරුව ඒ ස්ථානය ආපසු
විහාරය වෙතම ලැබුණද යළි දහම් පාසල ඇරඹීම දුෂ්කර විය.මේ අතර 1981 වර්ෂයේ දී වෙරළ
සංරක්ෂණ පනත ක්‍රියාත්මක වීම නිසා වර්තමාන ලන්දේසි බොක්ක මුහුදු තීරය ඒ පනතට යටත්
විය.2004 වසරේ දී මුහුදු ගොඩ ගැලීම නිසා දහම් පාසල සම්පූර්ණයෙන්ම බිමට සමතලා
විය.එය නැවත ගොඩ නැගීම වෙනුවෙන් ඉල්ලීම් කළද එවක සිටි ත්‍රිකුණාමල දේශපාලන
අධීකාරිය වන ආර්.සම්බන්ධන් ඇතුළු දෙශපාලකයන්ගේ දැඩි විරුද්ධත්වය මත ඉදිරි කටයුතු
කරලීම දුෂ්කර විය.බෝමලුව පමණක් සංරක්ෂණය කිරීමට පිළිවන් විය. අනතුරුව පූජ්‍ය
මිහිඳු පුර මහින්ද වංශ හිමියන්ගේ දැඩි උත්සාහ නිසා බෝමලුවත් දහම් පාසලත් පිහිටි
භූමිය සඟ සතු දේපළක් ලෙසට පිළීගත් අතර මෙම භූමිය 2008/03/28 ගැසට්ටුව මගින් බෝධී වර්ධන දහම් පාසලේ භෘරකාර මණ්ඩලය වෙත බදු
දීමනාවක් වශයෙන් රජය විසින් ප්‍රදානය කරන ලදී. මේ අතර මෙම ඉඩමට පූජා ඔප්පුවක්
ලබාදීම පිණිස අදාළ ගැසට් නිවේදනයෙහි සඳහන් ප්‍රතිපාදන අනුව ඒ සඳහා
නගර හා කඩවත ප්‍රාදේශීය ලේකම්
විසින් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් වෙත යවන ලද ලිපියට 2012/08/08 දාතම
සහිත ලිපියෙන් ඔවුන්ගේ පිළීතුර වූයේ වෙරළ කලාපයේ ඉඩම් වල අයිතිය පැවරීම
සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ පනත අනුව අවසරයක් අවශ්‍ය නොවන බවයි.ඒ අනුව මෙම ඉඩම වෙරළ
කලාපයෙන් බැහැර කරන ලද ඉඩමක් බව පැහැදිලි වේ.මේ තත්වය තුළ හිටපු ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා විසින් 2014 වර්ෂයේ දී බදු දීමනාව අවලංගු කර මෙම සඟ සතු දේපළට පූජා
ඔප්පුවක් ලබා දී තිබේ. එසේම 2016 වර්ෂයේ දී වෙන්කරන ලද භූමියෙහි ආරක්ෂිත වැටක්
ඉඳි කරලීම පිණිසා රජයේ ප්‍රතිපාදන වෙන් වූ අතර එයට ද වෙරළ සංරක්ෂණ බලපත්‍රයක්
ලබාගෙන ඇත.එය නිම වීම නිසා විහාරස්ථාන භූමිය නිශ්චිතවම වෙරළ කලාපයෙන් බැහැර විය.
මේ තත්වය
මෙසේ වන අතර නගර සභාවේ මැදිහත් වීම මත පන්සල් භූමිය ඇතුළු ප්‍රදේශයේ පයිනස් වගාවක්
සිදු කරලීමට කටයුතු කර ඇත. එහි දී වූ එකඟතාවය වනුයේ දහම් පාසල් ගොඩ නැගිල්ල යළි
ඉඳි කරන කල්හි එම ශාක ඉවත් කිරීමේ පොරොන්දුවයි. නමුත් මෙම පොරොන්දුව කඩමින් නගර
සභාවද වරින් වර විහාරස්ථානයේ දියුණුවට බාධා පමුණුවා ඇත. නඩුවක් ද පවරා තිබුණි.මේ
කාලවකවානුවේ දී විහාරාධිපති හිමියන්ගේ අපවත්වීම නිසා දහම්පාසලේ ඉදි කිරීම තවදුරටත්
පමා විය.මිහිඳුපුර හිමියන්ගේ ශිෂ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන්
විහාරාධිපති බවට පත් වීමෙන් අනතුරුව පන්සලට වෙන් කරන ලද ඉඩමේ කෙළවරක අවන්හලක් පවත්වගෙන
යෑමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමෙන්තුවෙන් සහ අදාළ රාජ්‍ය ආයතන වලින් අවසර තබා ගෙන ඇත.
මෙම අවන්හල බිහිකිරිමට හේතුව දහම් පාසල ඉඳි කර ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන
සපයා ගැනීමයි. මේ අවස්ථාවේ දී ද ආර්.සම්බන්ධන් මහතා දැඩි ලෙසට විරුද්ධත්වය පළ කර
තිබේ. ඒ පෙළඹවීඹ මත නගර සභාව විසින් වෙළෙඳ සල පවත්වාගෙන යන අයට විරුද්ධව නඩුවක් පවරා
තිබුණි.කෙසේ වෙතත් මෙම වෙළඳ සලේ ඉදිරිපස කණු කීපයක් සිටුවා අතිරේක ඉඳි කිරීමක් කළ
විට වහා මැදිහත් වූ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අනවසර ඉඳි කිරීම කඩා ඉවත්
කරලීමට 2025 ජූලි දී නිවේදනයක් නිකුත් කර
ඇත.එයට ප්‍රතිචාර වශයෙන් විහාරාධිපති හිමියන් විසින් කොළඹ ඇපැල් උසාවියේ දී නඩුවක්
පවරන ලද අතර එහිදී වෙරළ සංරක්ෂණය සහ විහාරාධිපති හිමියන් අතර සමථයක් ඇති වී තිබේ.
එනම් අතිරේක ඉඳි කිරීම ඉවත් කර ගැනීමයි.මෙම උණුසුම් තත්වය මත බෝධිවර්ධන දහම් පාසල
ට එල්ල වූ තර්ජනය පිළීබඳ දැනගත් බෞද්ධ ජනතාව දහම් පාසල යළි ගොඩ නැන්වීමට ස්වාමීන්
වහ්නසේ වෙත ආධාර උපකාර ලබාදෙන්නට ඉදිරිපත් විය. ඒ අනුව 2025/12/16 දින ප්‍රදේශයේ
මහා සංඝරත්නය වැඩමවා පිරිත් දේශනා කොට පැවති දහම් පාසල් ගොඩනැගිල්ලේ පාදම මත කණු කීපයක්
සිටුවා තාවකාලික වහළයක් සවි කර බුදු පිළිමයක් තැන්පත් කරන ලදී. 2006 වසරේ දී මෙම
දහම් පාසල ගොඩ නැගීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගත් අවසරය මත මෙම කටයුතු
සිදු කර තිබේ.
මේ දිනයේ ඒ ස්ථානයට
සිවිල් ඇඳුමෙන් පැමිණි ත්‍රිකුණාමල ජ්‍යේෂඨ
පොලිස් අධීකාරි තුමා සහ වරාය පොලිසියේ පොලිස් පරීක්ෂ තුමා ඇතුළු පිරිස ස්වාමීන්
වහන්සේට තර්ජනය කොට වහාම ඉඳි කිරීම ඉවත් කර ගත යුතු බව දන්වා ඇත.අනතුරුව රාත්‍රී
කාලයේ විශාල පොලිස් පිරිසක් කැටුව පැමිණි පොලිස් අධිකාරි තුමා ආරක්ෂිත වැටත් කපා
අනීතිකව ඇතුළු වී බුදු පිළීම වහන්සේ රැගෙන යෑමට තැත් කිරීමේ දී ඇති වූ කලබලයේ දී
විහාරාධිපති හිමියන්ට බොරලු කන්ද විහාරාධිපති හිමියන්ට සහ මෙම ස්ථානයේ පින්කමට
සාභාගි වූ බළන්ගොඩ කස්සප හිමියන්ට පහර දී මුතුකුඩය කඩා එයින් ද පහර දී බුදු පිළීමය
පොලිසියට ගෙනගොස් ඇත.මෙයින් අවිස්සුණූ දිවයිනේ බෞද්ධ ජනතාව සහ භික්ෂූන් වහන්සේලා
ත්‍රිකුණාමලයට පැමිණීම නිසා කලබල වූ පොලිසිය පසු දින නැවත බුදු පිළිම වහන්සේ
ස්ථානයටම වැඩම කර වූ බව රටම දනී.
භික්ෂූන්
වහන්සේලාට පහර දීමෙන් නොනැවතුණු පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තමනට ලබා දී
ඇති දණ්ඩනීති සංග්‍රහය ද අව භාවිතා කර තිබේ.ඔවුන් නිකුත් කළ පළමුවැනි බී වාර්තාවට
අනුව බෝධි රාජ විහාර පරිශ්‍රය තුළ රැස්වී පිරිත් කීම බුදු පිළීමය තැන්පත් කිරීම ආවරණ
වහළයක් සවි කිරීම ආදී පින්කම් කටයුතු නීති විරෝධී රැස්වීමකි. එයටම වෙරළ සංරක්ෂණ
පනතේ වගන්ති ඒකාබද්ධ කරලීමෙන් කර තිබෙන්නේ අපරාධමය වරදක් බවට පත් කිරීමයි. මේ
තත්වය නිසා විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ
කල්‍යාණවංශ තිස්ස හිමියන් පමණක් නොව පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමි පූජ්‍ය සුඛිතවංශ
තිස්ස හිමි සහ තිරියායේ නන්ද යන හිම වරුන්ද එනම් එම පින්කමට සාභාගි වූ භික්ෂූන්
වහ්නසේලා කීප නමක්ද දායකයන් සහ කොළඹින් පැමිණි පිරිසද විත්තිකරුවන් බවට පත් කර ඇත.
මෙලෙස වීකෘති කරන ලද කරුණු නිසා මහේස්ත්‍රාත්
තුමාට ඇප දීමට නොහැකි විය. ඇප ප්‍රදානය කිරීම පිණිස මහේස්ත්‍රාත්තුමා විකල්ප දෙකක්
ඉදිරිපත් කළ අතර පළමු වැනි විකල්පය ලෙස බී වාර්තාව නැවත සකස් කර ඉදිරිපත් කරන ලෙසට
පොලිසියෙන් ඉල්ලා සිටියේය. ඊට හේතුව 2006 වසරේ දී මෙම ස්ථානය නැවත ගොඩ නගා ගැනීමට
වෙරළ සංරක්ෂණයෙන් දී තිබූ අවසර ලිපිය ඉදිරිපත් වීමයි.එසේම තාවකාලික වහළය ඉවත් කර
ගැනීමට විත්ති පක්ෂය එකඟ වීමයි. නමුත් පොලිසිය එකඟ නොවීය. ඒ වෙනුවට ඉතිහාසයේ ප්‍රථම
වතාවට පොලිසිය විත්තිකරුවන් ප්‍රාණ ඇපයට ගැනීමට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලද්දේය.
එනම් පහර දීමට විරුද්ධව ස්වාමීන් වහන්සේ සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින්
ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස් කර ගත යුතු යැයි යන ඉල්ලීමයි.
මෙම නඩු දිනයේ උදය වරුවේ දී නීති පති දෙපාර්තමේන්තුවෙන් පැමිණි රජයේ නීතඥයාද ඉඳි කිරීම
ඉවත් කර සමථයකට යෑම අනුමත කළ නමුත් හවස්
වරුවේ දී ඉහළින් පැමිණි නියෝග අනුව එම මතය
වෙනස් කර ඇත. කෙසේ වෙතත් පොලිසිය මෙහිදී ස්වභාවිත යුක්ති මූලධර්මයන්ද කඩ කරමින්
උසාවියට ද අපහාස කරමින් තමන්ගේ බේරීම සඳහා කළ මෙහෙයුම බෙහෙවින්ම පිළිකුල් සහගතය. ප්‍රදේශය
නියෝජනය කරන ජාතික ජනබලවේග මන්ත්‍රීවරයාගේ මැදිහත් වීමද මෙයට බලපා ඇත. නීතිය රකින්නට සිටින නිළධාරීන් මෙලෙස මහජනයා
පීඩාවට පත් කරමින් හැසිරෙන්නේ නම් යුක්තිය පතා වෙනත් මාර්ග විවෘත කර ගැනීමට මහජනයා
පෙළඹෙණු නිසැක බව කිව හැකිය.
ත්‍රිකුණාමල
බෝධි රාජ විහාරය සම්බුද්ධ ශාසනය සතු දේපළකි. වර්තමාන නීතිය අනුව එයට පූජා ඔප්පුවක්
ලබා දී ඇත්තේය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග කියවිය යුතු නවවන වගන්තිය ප්‍රකාරව
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වන්නේ නම් එය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම
නම් ශාසනාධාරී භික්ෂූන් වහන්සේලාට මෙලෙස අඩන්තේට්ටම් නොකළ යුතුය. වෙරළ සංරක්ෂණ පනත
අනුව වරින් වර අවසර ලබා ගෙන තිබියදී මෙලෙස ක්‍රියාකිරීම අයුක්ති සහගතය. මේ තත්වය
තුළ රජයේ ඇමති වරුන් පමණක් නොව පොලිස් පති ද ක්‍රියා කර තිබෙන්නේ පක්ෂපාතීවයි.
මෑතකදී කතෝලික පාදිලිවරුයෙකුට පහර දුන් පොලිස් නිළධාරීන් වහා අත් අඩංගුවට පත් වූ
අතර මෙම භික්ෂූන් වහන්සේලාට කළ පහර දීම පීලිබඳ පරීක්ෂණයක් පවා මේ වනතෙක් සිදු කර
නොමැත.නීතියේ ආධිපත්‍ය සුරකින්නට පැමිණි අය අතින්ම මෙවැනි පරිසරයක් නිර්මාණය වීම
බෙහෙවින්ම වේදනාකාරී වෙයි.කෙසේ වෙතත් මෙම සිදු වීම පිටිපස තිබෙන්නේ රජයත් ඉන්දීය
රජයත් අතර මෑතකදී අත්සන් කරන ලද රහසිගත ගිවිසුම් වල කොන්දේසී යැයි දක්වන අදහස්
කිසිසේත්ම බැහැර කළ නොහැකිය.
මතුගම සෙනෙවිරුවන්
.jpeg)

No comments:
Post a Comment