පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, November 5, 2019

දඹුලු විහාරයේ ඉඩම් ඇමරිකාවට තෙවනි මුඩුබිම් පනත සූදානම්


                       

          විසිවෙනි සහශ්‍රය තුළ  තමන්ට අවශ්‍ය ආකාරයට ලෝකය හසුරුවීම ඇමරිකාවට ප්‍රශ්ණයකි.චීනයේ නැගී සිටීම. නව මුහුදු ගමන් විවෘත වීම.වෙළෙඳ පළ තරඟය ආදී කරුණු මත චීනයෙන් එන බලපෑම දේශපාලනික වශයෙන් තුලනය කිරීමට ආසියාවේ බල කේන්ද්‍රස්ථායක් ඔවුනට අවශ්‍ය වේ. ඒ සඳහා සුදුසුම තැන ලංකාවයි. මෙතෙක් කාලයක් තිස්සේ විවිධ උපක්‍රම යොදමින් ඔවුහු ලංකාව පාලනය කරගත්හ.ඇමරිකන් ආධාර තිරිඟු පිටි ආදිය සැපයීමෙන් නොනැවතී උතුරේ වෙනම පාලනයක් සඳහා සටන් වැදි ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්තයන්ට අවි ආයුධ සැපයීම දක්වා මේ උපක්‍රම තීව්‍ර වීය. ප්‍රභාකරන් අනේපේකෂිත ආකාරයට පරාජයට පත් වන අවස්ථාවේ දී ඇමරිකන් නැවක් එවා ඔහු බේරා ගන්නට තරම් කරුණාවක්ද ඔවුන්ට පහළ විය. නමුත් රට තුළ යුද්ධ වාතාවරණය පහවී සාමය උදා වූ කල්හි යුධ අපරාධ චෝදනාවක් එල්ල කොට වෙනත් ආකාරයකින් ලංකාව පාලනය කර ගැනීමට උත්සාහ දැරීම නිසා අද ලක් රජයට මේ බූවල්ලා ගෙන් ගැලවීම විශාල අභීයෝගයක් බවට පත්ව තිබේ.
        ජනපතිවරණයක් අස්සේ මිලේනියම් චැලේන්ජ් වැඩ සටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි කර දීමට රනිල් වික්‍රමසිංහ පාලනය උත්සාහ දරා තිබේ. 2015  වසරේ මහින්ද රජපක්ෂ රජය පරාජය කලීමට ගත් උදව් නිසා වූ පොරොන්දු සමුච්චයෙන් තදබලම පොරොන්දුවට මෙලෙස අනුමැතිය දීම ඇමරිකාවේ ජයග්‍රහණයකි. ඔවුහු එහි සිට ප්‍රීතිය පළ කලේ එහෙයිනි.පාස්කු ප්‍රහාරය පිටිපස ඇමරිකාව සිටි ආකාරය ගැන තොරතුරු තහවුරු වෙමින් තිබෙන අතර එම ප්‍රහාරයෙන් පසු ඇතිවන ඝට්ටනයන් තුළ මෙම ගිවිසුම සහ සෝෆා ගිවිසුම් අත්සන් කර ගැනීමට සැලසුම් කර තිබූ බවද හෙළි වෙයි. නැගෙනහිර පළාතේ සිට බස්නාහිර පළාතට යා වෙන ප්‍රධන මාර්ග නවීකරණය කොළඹ නගරයේ  වාහන තදබදය විසදීම ආදී කරුණු සදහා ඩොලර් මිලියන 350 ක් ද ඉඩම් රෙජිස්ටර් කිරීම රජයේ හා පුද්ගලික ඉඩම් ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉඩම් ප්‍රතිපත්ති සංශෝධනයට මිලියන 130 ක් වශයෙන් ඇමරිකාවෙන් ලබා දෙන මුදල් ප්‍රදානයන් ලබා ගැනීමට  මෙලෙස අනුමැතිය ලබාදෙන අතර එම ගිවිසුමට අනුව සැකසූ  ලංකාවේ භෞතික සැලසුම් ලියවිල්ල ආර්ථික සභාව මගින් අනුමැති කර ගැනීම සිදුව තිබේ..මෙම ලියවිල්ල සම්පාදනයට මැදිහත් වන්නේ රජයේ ආයතනයක් වන භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවයි.ඔවුන් විසින් 2017 වසරේ නිකුත් තරන ලද මේ නව සැලසුම සහමුලින්ම මිලෙනියම් චැලෙන්ජ් සැලසුමට සමපාත වන්නේ කෙලෙසකදැයි කල්පනා කොට බැලිය යුතුය.
            විසිවන සියවස ආරම්භය සහ එහි ආර්ථික අභියෝග ජය ගැනීම ඇමරිකාවට ප්‍රශ්ණයක් වන්නේ ඔවුන් ගේ අධි පරිභෝජන වාදි ආකල්පයන් නිසාය.මේ අවශ්‍යතවයන් ඉටු කර ගැනීමට නම් ලෝකයේ බොහෝ රටවල් සතු සම්පත් වල සාරය මුදල් කොට ලබා ගැනීම අනිවාර්ය වේ. දහනව වන සියවසේ දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදීන් ක්‍රියාකල ආකාරයට යටත් විජිත ඇති කර ගැනීම එක් පියවරකි. එහෙත් එදා මෙන් අද එලෙස රටවල් යටත් කර ගැනීමට යම් යම් බාධා පවතී. එසේනම් ඊළඟ පියවර වන්නේ නොයෙකුත් රටවල පාලකයන් තමන් ගේ සේවකයන් බවට පත් කර ගෙන ඇමරිකන් සැලසුම් ඔවුන් ලවා කර ගැනීමයි. ඒ සඳහා හොඳම පාලකයා තේරීම සඳහා මුදල් පොම්ප කිරීම සිදු වේ.ලංකාවට නිදහස ලබා දීමෙන් පසු පැවැත් වූ මැතිවරණ සියල්ලේදීම මෙලෙස විදේශ මැදිහත් වීම් රාශියක් සිදු බව වාර්තා ඇත.2015 දී සිදූ වූයේ 2002 වසරේ දී අතර මත නැවතුණු ඇමරිකන් ව්‍යාපෘති ආරම්භ කරලීමට රනිල් වික්‍රමසිංහ මහතාට බලයක් ලබා දීමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ විගස බහුතර බලයක් නොමැති එක්සත්ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලැබෙන්නේ මේ සැලසුමේ ප්‍රධාන නියමුවා ඔහු බැවිනි.එදා 2002 වසරේ දී රීගේනින් ශ්‍රී ලංකා නමින් සකස් කළ ගිවිසුම අනුව මේ රටේ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින්  සකස් කරන ලද ලියවිල්ලේ  මහ නගර රාශියක් ගැන දක්වා තිබිණ. එසේම ඒවා යා වෙන අධිවේග මාර්ග ගුවන් තොටුපළවල් ආදිය මත මේ රටේ ඉඩම් ප්‍රතිපත්තීන් වෙනස් කිරීම ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම් ආදිය සිදු විය යුතු ආකාරය දක්වා තිබිණ. දැන් එහි දෙවනි අදියර වශයෙන් ඉදිරියට පැමිණ තිබෙන මිලේනියම් චැලෙන්ජ් ආයතනයේ ප්‍රධාන කාර්යාලය අරලිය ගහ මන්දිරයේ තබා ගනිමින් එහි නිළධාරීන්ට සහ එම නිළධාරීන් දේශපාලනඥයන් වෙනුවෙන් සේවය කරන කල්හි ඔවුන්ට පඩි නඩි ගෙවීමද සිදු කර ඇත.එවැනි තත්ත්වයක් යටතේ විද්වතුන් 2000 ක් යොදවා ගෙන 2017 භෞතික සැලසුම සකස් කරන ලද්දේ යැයි චම්පික රණවක අමාත්‍යවරාය විසින කරන ලද ප්‍රකාශය කිසිසේතම් පිළිගත නොහැකිය.
     මේ රටේ ඉහළ නිළධාරි පන්තිය සවකීය ආත්ම ලාභය සඳහා ඕනෑම පාවා දීමක් කළ හැකි පිරිසක් ලෙසට සැලකිය හැකිය. ශිෂ්‍යත්ව පිටරට සවාරි සහ සිය දූ දරුවන් ගේ ඉගෙනීම සඳහා දක්වන සහයෝගිත්වය ආදිය හේතු කොට ගෙන විදේශිකයන්ට අවශ්‍ය සැලසුම් මෙහි සකස් කර දීමට ඔවුහු දායකත්වය සපයති . මෙරට අධ්‍යාපනය වෙනස් කර ඇමරිකාවට අවශ්‍ය ශිෂ්‍යයන් බිහි කරලීමට  දැන් වර්ෂ ගණනාවක සිට මේ නිළධාරීන් දරන වෙහෙස අපමණය.කෙසේ වෙතත් වෙමවැනි තත්වයක් යටතේ වුවත් මේ සැලසුම් වල අවිද්‍යාත්මක පැතිකඩ පෙනවා දෙමින් රට වෙනුවෙන් අදහස් පළ කරන විද්වතුන්ද නැත්තේ නොවේ. නමුත් එම විද්වතුන් ගේ විරෝධයන් නොතකා හැරීමට මේ දේශපාලඥයන් පෙළඹී සිටිති. හොඳම උදාහරණය මෙම භෞතික සැලසුමයි. භොතික සැලසුම සකස්කිරීමෙන් පසු විවිධ දෙපාර්තමේන්තු සභාගි වන තාක්ෂණික අගැයීම කමිටුවකට ඉදිරිපත් කරවීම ආනිවාර්ය වෙයි. එහෙත් මෙම සැලසුම සමාලෝචනය කරලීමට එම කමිටුව රැස්වී නොමැත. එසේම සැලසුමේ අවසන් අදියරේදී ජනාධිපතිවරාය ගේ මූලිකත්වයෙන් රැස්වෙන භෞතික සැලසුම් උපදේශක සභාවට එය ඉදිරිපත් කළ යුතුය. වර්තමාන භෞතික සැලසුම්  අධ්‍යක්ෂ ජනරාල් වරයා හෝ  අමතාත්‍ය චම්පික රණවක එම පියවර ගෙන නොමැත. ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහ මූලිකත්වය ගන්නා ආර්ථික උපදේශක සභාවට එය ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන තිබෙන්නේ අදාල මුදල් ප්‍රදානය ලබා ගැනීමට බව පැහැදිලි වෙයි. එසේම මේ වන තුරුම මේ සැලසුම් සහ ගිවිසුම් පිළිබඳ විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර භෞතික සැලසුම පමණක් ගැසට් කිරීමට පියවර ගෙන ඇත.
      වර්ෂ 1840 දී ඉංග්‍රීසීන් විසින් ගෙනා අනවසර ඉඩම් ආඥාව මගින් මේ රටේ ඉඩම් ලක්ෂ ගණනාවක් කොල්ල කන ලදී. එසේම 1897 දී ගෙනා මුඩුබිම් පණත මගින් විහාරගම් දේවාලගම් සතුව තිබූ ඉඩ කඩම් ද රාශියක් කොල්ල කෑමට පසුබිම සකස් කරන ලදී.1931 සිට ඉඩම් නිරවුල් කිරීමට යැයි දක්වමින් ගෙනා අණ පනත් මගින්  ජනයාගේ සහ විහාරස්ථාන වල ඉඩම් කොල්ල කෑම මේ වන තෙක් නවත්වා නැත. එවැනි සංකීර්ණ ඉඩම් ප්‍රතිපත්තියක් රට තුළ පවතින අවස්ථාවක මෙම මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම යටතේ රටේ සංවේදී හදබිම් රාශියක ඉඩම් ගැන තනි තීරණ ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ඇති අයිතිය කුමක් දැයි ජනතාව විසින් ප්‍රශ්ණ කළ යුතුය.මෙම ගිවිසුමෙන් යෝජිත ඉඩම් ප්‍රතිසංසකරණය යටතේ ඉඩමක අයිතිය වෙනුවෙන් දෙදෙනෙකුට එකවර අයිතිය පැවරීමට යෝජනා කෙරේ.ඒ තුළින් ඉඩම් භුක්තිය තුළ විශාල ආරවුලක් නිර්මාණය කරලීම අරමුණයි. එම නිසා මෙම ගිවිසුම ලංකාවේ ස්වාධිපත්‍ය නැති කිරීමට ගෙනා බරපතලම යෝජනාවක් ලෙසට සැලකිය හැකිය.විශේෂයෙන්ම මහා විහාරය ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් මෙම ගිවිසුම ප්‍රශ්ණ කරමින් විරෝධය පළ කළ යුත්තේ එයින් සංඝයා බුද්ධා දී ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළ ඉඩම් රාශියක් අර්බුදයට ලක්වන බැවිනි.  බලයේ රැඳී සිටීම වෙනුවෙන් ඕනෑම පාවා දීමක් කිරීමට සැරසෙන මොවුන් ජනපාතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් මෙරට ඇමරිකන් කොළණියක් වීම වළක්වනු බැරි වන අතර සිංහල ජාතියේ මෙන්ම සම්බුද්ධ ශාසනයේ ඉරණමද ඉන් තීරණය වෙන බව පැහැදිලිය.

        

3 comments:

  1. ඇමරිකන් ජාතිකයෙක් රටේ ජනපති උනොත් මෙරට ඇමරිකන් කොළණියක් වීම වළක්වන හැටිත් ඔබ ලියන්නේ නම් ඉතා අගෙයි.

    ReplyDelete
  2. අනේ මූ වගේ කාලකන්නි හරකෙක් .ඇමරිකන් කාරයෙක් ජනාධිපති කරන්න පුක දෙන ගමන් නැති බිල්ලෝ මවලා ලංකාවට මෑත කාලයේ ලැබෙන වාසිදායකම මුදල් ප්‍රධානය වලක්වලා රට හැමදාම අදුරේ තියන්න හදන මේ වගේ පහත් කාලකන්නි ඉක්මනට මැරිලා යන්න ඕන

    ReplyDelete
  3. https://economatta.blogspot.com/2019/11/blog-post_6.html

    ReplyDelete