හැඳින්වීම
-
පරම්පරාගතව පැවත එන රහස් සටන් ක්‍රමයක් වන
අංගම්පොර සටන් කලාව වසර 5000ක් පමණ ඉහත රාවන යුගයේ සිට පැවතෙන්නක් ලෙසට හඳුනාගෙන ඇත.
දුටුගැමුණු රජ සමයේ සිට විදේශීය පාලන සමය දක්වා පැවති යුධ ජයග්‍රහණ උදෙසා අංගම්පොර
සටන් ක්‍රමය භාවිතයට ගෙන ඇත. 1450 දී යාපනය ආර්ය චක්‍රවර්තී
පාලනයට විරුද්ධව සටන් කල සපුමල් කුමරුගේ
හමුදාව විදේශිය සේනා පරදවන ලද්දේ ද මෙම සටන් ක්‍රමය ආශ්‍රයෙන් බව පැවසේ.
15
වන සියවසට අයත් ‘‘ මඟුල් සළකුණ ” නැමති කාව්‍යයේ සෙංකඩගල නුවර ‘
ඇඟේ මැඩිල්ල ’ නම් ආයතනයක සටන් පුරුදු
වු මිනිසුන් දැකිය හැකි බව සඳහන් වේ. 17 වන සියවසේ
රාජාවලියේ දැක්වෙන පරිදි රාජකීය සිරිතක් වු ‘ ඇඟේ පොර ’
සංදර්ශනයක් කැරළිකාර නායකයෙක් වු ඝෝජණ සිටුවරයා විසින් පැවැත්වූ
බව සදහන් වේ. මෙම අංගම්පොරය පුරාතන ලංකාවේ පංච කලංග ලෙස හදුන්වන ලද ‘‘ හේවා කම, අංගම් හරඹ, දූ
කෙළිය, අංගම් කෙළිය, යුධ හරඹ ” ආදියෙන් එකකි. ‘
ඇඟේ ’ යනු ශරීරයයි. පොර යනු සටනයි. මේ අනුව ඇඟේ පොර,අංගන් පොර, අංගම්පොර වී ඇති අයුරු පැහැදිලිය. මෙම සටන් කලාව
පුහුණු කරන ලදදේ රාජසේවය සදහා තෝරාගත් උසස් කුලිකයන් හටය. නමුත් පසුව රාජ්‍ය සේවයේ යෙදී සිටි රණවිරුවන්ට
මෙය පුහුණු කරනු ලැබිණ. ආගමට දහමට
මුල්තැනක් ලබාදෙමින් විනය නීති මාලාවක් තුළ හික්මීම, නිර්භීතකම
මඟින් මෙම සටන් පුහුණුව ලබාදුන් අතර,
ප්‍රධාන වශයෙන් පරම්පරාගතව ගොඩනැගුන මෙම සටන් කලාව
උඩරටින් සුදලිය පරම්පරාව සහ මරුවල්ලිය පරම්පරාවටද පහත රටින් සියනෑ කෝරළේ පළිහක්කාර
සහ හේවාංග කෝරළේ වේලක්කාර යන
පරම්පරා මතින් ව්‍යාප්ත වී ඇත. එසේම ඔවුන් සටන් කලාව පුරුදු පුහුණු කරන ලද ස්ථානය ‘‘
ඉලංගම් මඩුව ” ලෙස හඳුන්වයි.
ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ කෝටටෙන් සපරගමුවට
වඩම්මවූ පසු දළදා පෙරහැර පැවැත්වීමටත් එහි ආරක්ෂාවටත් අංගම් ශිල්පීන් යොදවන ලදී.
ඔවුහු අංගම් මිශ්‍ර සටන් සම්ප්‍රදායයක් බිහි කළහ.බටුගෙදර අංගම් සටන් සම්ප්‍රදාය
පැවතෙන්නේ මෙවැනි උසස් කුලීන සටන් කරුවන්ගෙන්ය.
මෙම සටන් ශිල්පයට අදාලව ප්‍රධානම ලිඛිත
සාධක වන්නේ පුස්කොළ පොත්ය. ඒ අතර ප්‍රධාන
ග්‍රන්ථ 2 වනුයේ ලෙව්කේ දිසාවේ ගේ මරුනිල ශාස්ත්‍රය හා මීගස්තැන්න දිසාවේගේ මරුනිල
ශාස්ත්‍රයයි. එමෙන්ම වෙනත් ග්‍රන්ථ අතර රිබෙයිරෝගේ වාර්තා,
රොබට් නොක්ස්ගේ වාර්තා, ජෝන් ඩොයිලිගේ
සටහන, ප්ලිනිගේ වාර්තා හා එච්. සී. පී. බෙල්ගේ කෑගලු
වාර්තාව ද වැදගත් වේ. 1815 ගිවිසුමෙන් ලක්දිව ඉංග්‍රීසීන්ට අයිතිවුවත් 1818 උඩරට
මහ කැරැල්ලේදී සිංහලයන් ඉතා අපූරුවට සටන් කිරීම හේතුවෙන් 1821 ඉංග්‍රීසීන් විසින්
අංගම් සටන් ශිල්පය තහනම් කරනු ලැබු අතර, ඒ ශිල්පය ප්‍රගුණ
කරවූවන්ට දණ හිසෙන් පහළට වෙඩි තැබීමට අණලබා දී ඇත.
ජොන් ඩේව් මහතාගේ,
‘‘ලංකාවේ අභ්‍යන්තර පෙදෙස් පිළිබඳ විස්තරයක් ” නම් ග්‍රන්ථයට අනුව මිනිසුන් අතර වෛරය හා කලහය පැතිරීමට එය හේතු
බැවින් පසුකාලයේ ලේ වැගිරෙන අවි ගැටුමක් වූ මෙම සටන් අතහැර දැමූ බව සඳහන් වේ. එසේම මෙය තහනම් කිරීම නිසා පැරණි මුතුන්
මිත්තන් මෙය වනවැදී නැටුම් ශාස්ත්‍රය හා මුසුකොට සටන් කලාව ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාකර
ඇත. වීරපුරන්අප්පු ගොන්ගාලේගොඩ බණ්ඩා වැනි රණශූරයන් ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට
ගැනීමත් සමඟ රට තුළ වු අංගම් මඩු ගිනිතබා විනාශ කරදැමීම මඟින් මෙහි අභාවයට පත්
කරවනු ලැබීය.
අංගම්
සටන් ප්‍රධාන කොටස් පහකට වෙන් කළ හැකිය -
01.
අංගම් ( නිරායුධව ) - ගැට, පැනුම්,
පිණුම් ක්‍රම, පා පහර, අත්පහර, යොදාගනී.
02
.ඉළන්ගම් (ආයුධ අතැතිව ) -කඩු සරඹ පිණුම්
03.ගුස්ති
-අත් සෙල්ලම් පාසෙල්ලම්
04.
මායා අංගම් - වෙදකම සහ මන්ත්‍ර ශාස්ත්‍ර
භාවිතා කරනු ලබයි.
05
. ජ්‍යෙතිෂය - මරු නිල ශාස්ත්‍රය හා නැකැත්
අංගම්
පහර -
n දිග්
ගුටිය - උරේ සිට අත දිගහැර ගසන පහර.
n හරස්
ගුටිය - ප්‍රතිවාදියා පහර දෙද්දී ඔහුගේ අත වටා කතිර කොකු බැඳුමක් ඇති කරවන පහර.
n ඉස්ගුටිය
- පන්දුව වීසි කරන්නාක් මෙන් ප්‍රහාරකයාගේ හිසට උඩින් අත වේගයෙන් පද්දවා
විරුද්ධවාදියාගේ හකු පිට කන් ඇටය හෝ බෙල්ල පිට ගැසීම.
n කැපුම
- මෙලවූ මිටෙහි සුලැඟිලි අග හෝ මිට මුල
යොදා මුහුණ කන් ඇටය කුලල් ඇටය හෝ නාභි මණ්ඩලය මත වැදෙන සේ යටි අතට ගසන පහර.
n චොල්ලේ හෙවත් චොක්කේ - පහර දෙන අත ඇති පැත්තේම
ගණහිස අවුළුවා ප්‍රතිවාදියාගේ දණ හිස පසුපසින් ගෙන පිටිපසට පයින් ගසන ගමන්ම
අනිකාගේ නාභි මණ්ඩලයට වැලමිටින් ගසමින් ඔහු පසුපසට ඇද වැටීමට සැලැස්වීම.
n ඉලංගම්
(ආයුධ සහිතව) -
n කඩුව, හෙල්ල,
මුගුර, රාගබෝලය, කෙටේරිය, තෝමරය, සුරුට්ටුවාල,
අංකිරිඤ්ඤය, බස්තම ඇතුළු ආයුධ 21ක්
යොදාගනී.
n සටන්
පුහුණු කරනු ලබන ස්ථානය ‘‘ ඉලංගම්මඩුව ”
ලෙස හඳුන්වයි. මුගුරු හරඹ, ළිං මල්ලව
පොර, ගුස්ති ශිල්ප, දුනු ශිල්ප,
මිනිස් හා සත්ව පොර ද මෙහිදී පුහුණු කරනු ලබයි. කඩු ශිල්ප පුහුණුවේදී ඇත් දළින් කරන ලද බොරුකඩු
යොදා ගනිමින් ‘‘ පහළට කැපීම - ඔම්මත්තය ලෙසත්, ඉහළට කැපීම - උම්මත්තය ලෙසත්, ඇනීම - වෙම්මත්තය ලෙසත් ” මෙම ත්‍රිවිධාකාර පහරදීමම ‘‘ විම්මත්තය”
ලෙසත් හැඳින්වේ. කඩුව දුන්න මුගුර සිරිය හා හෙල්ල වැදගත් අායුධ
පස් වර්ගයයි. ආයුධ තව දෙතිස් වර්ගයක් ඇතැයිද දක්වා ඇත.ආයුධයක උපරිම දිග සරියනකට
වැඩි නොවිය යුතුය. ඉතා අඩු දිග සාඟුලකක් විය යුතුය.
n සිංහල
ඉළන්ගම් කරුවන් කඩුවේ නව කොටස දැන සිටියහ. (1) ගෙඩිය (2) මිට හෙවත් සිංහ මූණු මිට
(3) අත්වැස්ම හෙවත් අත්හැඩේ (4) වරිසාක්කුව හෙවත් ශැරපේනදියා මුහුණ (5) අල්ලුව (6)
කඩුපත හෙවත් ඉස (7) පීලිත(8) අග්ගිස්ස (9) තුඩ
n ප්‍රතිමල්ලවයාගේ
දකුණු පය සිය වම් පයෙන් අවුළුවාගත් මල්ලවයා තම දකුණු පසට ඔහු ඇදීමෙන් සමබර නසා බිම
ඇද හෙලීමට තැත් කිරීම.මෙය පොරගැට හා ගැට පොර යනුවෙන් හැඳින්වෙයි.
n එසේම
තම තමන් දෙකකුල් අතර රුවාගෙන එකිනෙකාගේ හිස් මඩින මල්ල පොර ක්‍රමයක්ද වේ.
n එසේම
කාලකිරිඤ්ඤයකින් ඉලයට ඇනීමද සටන් ක්‍රමයකි.
n මුගුර
- උත්තම මුගුර දිගින් දොළොස් වියත් තුනුඟුලකි. ඹධ්‍යම මුගුර පළමුවැන්නට වියතක් කෙටිය. අධම මුගුර පළමුවැන්නේ දිගින්
තුන් කාලකි.
n මෙම
සටන් ක්‍රමය මගින් සිදුවන ආබාධ සුවකිරීමට( ඇනුම් කෙටුම් වෙදකම ),
ගැටලිහා දැමීමට, ඕනෑම පහරක් වලක්වා
ගැනීමට, ඕනෑම ආයුධයකින් බේරීමට, නිල
107න් මරු නිල 9 හැරුණු විට ඕනෑම නිලයක් යලි යථාතත්වයට ගැනීමේ හැකියාව දක්වනු
ලැබෙන ලොව එකම සටන් ක්‍රමය මෙයයි. අංගම් සටනේදී නිල ශාස්ත්‍රය හෙවත් මරණයට පත්වන
ස්ථාන වලට පහරදීමේ ක්‍රම ඇත.
ජ්‍යෙතිෂය
හා නැකැත් -
මරු
නිල හඳුනා ගැනීම නැකැත් ක්‍රම
උගෙනීම.මගින් ප්‍රතිවාදියාගේ බලය බිඳිය යුතු ස්ථාන හඳුනා ගනී.එකවර මරණයට පත් කිරීම
අවශ්‍ය නම් දින කීපයකින් මරණයට පත් කිරීමට සැලැස්වීම ආදිය හදාරනු ලබන්නේ ගුරු ආශ්‍ර
යෙන් පමණකි. වෙසෙසින් සත් පුරුෂයකුට පමණක් මෙම ශාස්ත්‍රය දීම සිරිතකි.
ආයුධ
ගණ වශයෙන් ගැනීම - දේව ගණ රාක්ෂ ගණ සහ මනුෂ්‍ය ගණ යන මේ එක් ගණයට අයත් මිනිසුන්
ජයග්‍රහණය සඳහා භාවිත කළ යුත්තේ සමාන ගණ සහිත ආයුධයි.දේව ගණ ආයුධයන්ගෙන් ජය
ලැබේ.රාක්ෂස ගණ ආයුධ විශිෂ්ටය. මනුස්ස ගණ ආයුධයන්ගෙකන් ජය නියත ලෙස ලැබේ. ආයුධයක්
එහි ගණය අනුව රියන් වියත් හෝ අඟල් වලට බෙදා මේ ගණන නවයෙන් බෙදූ විට ඉතිරිවන ශේෂයට
යෝනි ඵලය යයි කියනු ලැබේ.
විමර්ශණය
-
ලොව
අනෙකුත් සටන් ම්ප්‍රදායයන් ගැන සලකා බලන කල්හි දේශීය අංගම් සටන් කලාව ට වෙසෙසි ප්‍රාගුණ්‍යක්
හිමි බව පැවසිය යුතුය.වූෂූ කරාතේ චීන අඩි වැනි පෙරදිග සටන් ශිල්ප මෙන්ම ඉන්දියාවේ
කලරි වැනි සටන් ක්‍රම වලින් මෙය වෙනස් වන්නේ ඇඟේ සටන් ක්‍රමයක් ලෙසට දක්නට ඇති
බැවිනි. සෑම පහරකටම සම්පූර්ණ අත සහ උරහිස්ස ඉදිරියට පැමිණෙයි.නමුත් පහර වදින්නේ
උරහිසෙන් විය හැකිය.එසේම නොසිතූ මෙහොතක විහිදා ගත් අත කන් අඩිය හරහා බෙල්ලට එල්ල
විය හැකිය. අනෙකුත් පෙරදිග සටන් සම්ප්‍රදායයන් තුළ නොතිබෙන ප්‍රහාර මෙන්ම මායා
අංගම් නිසා දේශීය සටන් ශිල්පියා ලෙහෙසියන් පැරදිවිය නොහැකි රණ ශූරයෙකු ලෙසට සලකා
තිබේ.
එළාර දුටු
ගැමුණු යුද්ධයේදී බඹර හා දෙබර රෑන් ප්‍රතිවාදීන්ට එරෙහිව යොදා ගැනීම සිදුව තිබේ.එම
මායා අංගම් පුරුදු පුහුණු කරනු ලබන්නේ කුණ්ඩලීනී යෝග ආදී ධ්‍යාන වැඩවීමෙනි.එසේම
අංගම් ශිල්පීන් ගේ මියගිය මුතුන් මිත්තන් ගේ සහය ගැනීමද මේ මායා අංගම් ශාස්ත්‍ර යේ
සිරිතකි.
දේශීය
දැනුමක් ලෙසට අංගම් -
මෙම
සටන් සම්ප්‍රදාය තුළ පවතින උපක්‍රම සහ ගුප්ත විධික්‍රම වෙනත් සටන් කලාවන්හි දක්නට
නොමැතිය.දැනට රත්නපුර බටුගෙදර අංගම් ශිල්පය රිටිගල අංගම් ශිල්පය කොරතොට අංගම්
ශිල්පය සහ බෝපාගොඩ අංගම් ශිල්පය යනුවෙන් පරම්පරා කීපයක් දක්නට හැකිය.නමුත් මින්
බහුතරයක සටන් කරුවන් තුළ මෑත කාලීන කරාතේ වූෂූ කුන්ෆූ වැනි සටන් ක්‍රම මිශ්‍රව
පවතින බව හැඟේ.නමුත් පෙර සඳහන් කළ පරිදි ඔවුන්ගේ ප්‍රාගුණ්‍ය තුළ සිය මුතුන්
මිත්තන් ගේ දැනුම නැවත ආරෝපණය කර ගැනීමට බාධාවක් නොමැත. කෙසේ වුවද අත් සෙල්ලම් පා
සෙල්ලම් වැනි හුරු පුරුදු කම් මූලික කර ගත් අයෝමය පුද්ගලයෙකු සමාජයට එහිදී
නායකත්වය දෙන බව පෙනේ. මෙම පෞරුෂය පරිපූර්ණ මිනිසෙකු ගේ ස්වරූපයයි. නිවුණු දැමුණු
සටන් කරුවකු ඒ මගින් බිහි කරනු ලබයි.අංගම් හා ඉළන්ගම් සටන් සම්ප්‍රදාය තුළ තිබෙන
විවිධ මාන ක්‍රමයන් තුළද විද්‍යාත්මක දර්ශනයක් ගැබ්ව පවතින බව පෙන්වා දිය හැකිය.
අංගම්
පොර සහ වත්මන් උපයෝගීතාවය -
අංගම්
සහ ඉළංගම් බ්‍රිතාන්‍ය රජයෙන් තහනම් කළ පසුව ඒම සටන් පැවතියේ රහසිගත පාරම්පරික ක්‍රමයක්
වශයෙනි. ඉළන්ගම් සටන් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් විය. දහඅට වන සියවසේ මුල් භාගයේදී
මිෂනාරීන් විසින් වාර්තා කරන ලද්දේ පන්සල් ආශ්‍ර යෙන් මෙවැනි සරඹ මධ්‍යස්ථාන 2500
කට වඩා තිබූ බවයි. මෙයින් අදහස් වන්නේ කුඩා දරුවන් ගේ පෞරුෂය වර්ධනය කිරීමට මෙයින්
ලබා දුන් පිටිවහලයි. වෙසෙසින්ම අත් සෙල්ලම් සහා පාසෙල්ලම් වලින් හැඩ ගැසුණු පිරිමි
පක්ෂය ට ඕනෑම බර වැඩක නිරත විය හැකි පෞරුෂයක් හිමි විය.පොල් ගෙඩියක් අතින් මිරිකා
වතුර ගැනීම මෙයට උදාහරණ ලෙසට දැක්විය හැකිය.මෙම කරුණු සැලකිල්ලට ගෙන වත්මන්
උපයෝගීතාවය සඳහා මෙලෙස නිර්දේශ කීපයක් ඉදිරපත් කරමි.
1-අංගම්
පොර පිළිබඳ දැනුම සරඹ ක්‍රීඩාවක් ලෙසින් සංවර්ධනය කිරීම.
2-
ඉළන්ගම් සටන් ක්‍රමයේ පිණුම් සහ පැනුම්
පුහුණු කිරීම තරඟ ඉසවු වලට යොදා ගත හැකිය.සටන් කලාවක් ලෙසටද එය දියුණු කළ
හැකිය.
3
-අංගම් පොර ශිල්පයට අයත් වෙදකම සුවිශේෂය . එයට අදාල දැනුමේ බොහෝ කොටසක් භාවිතයෙන්
ඉවත්ව තිබේ. දැනට බෝපාගොඩ හා බටුගෙදර පරම්පරා සතුව මෙම දැනුම සංගෘහිතව ඇත.
4
-මරු නිල ශාස්ත්‍රය පිළිබඳ දැනුම ගුරු ඇසුරෙන් පුරුදු පුහුණු කිරීමෙන් නොයෙකුත්
ලෙඩ රෝග සමනයට එය යොදා ගත හැකිය. සමාජ ප්‍රගමනය එහි පරමාර්ථයයි.
5
- අංගම් පොර සටන් සම්ප්‍රදාය ආරක්ෂා කරලීමට මෙම පාරම්පරික ශිල්පීන් විෂයෙහි ප්‍රජා
ප්‍රඥප්තියක් ගොඩ නැන්විය හැකිය. එවිට බ්‍රිතාන්‍ය රජය සමයේ සිට පැවති තහනම් නීති
ඉවත් කර ගත හැකිවා මෙන්ම වර්තමානයට ගැලපෙන පරිදි උසස් නීතිමය වටිනාකමක් ලබා දිය
හැකිය..
No comments:
Post a Comment