රසායනික පොහොර පිළිබඳ මිත්‍යාව
ලංකාවේ ගොවි ජනතාව රසායනික වස විස වලින් මුදවා ගැනීමටත් කෘෂිකර්මාන්තය කාබනීකරණය කිරීමටත් වන ප‍්‍රතිපත්තිය රජය පිළිගන්නා ලද්දේ එස් .බී දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසට කටයුතු කරන අවදියේදීය. ශ‍්‍රී තාක්ෂණය හඳුන්වා දුන් ගාමිණී බටුවිටගේ මහතා එවකට එහි අතිරේක ලේකම් වරයා විය. ඒ මහතාගේ සහ තවත් විද්වතුන් කීපපළකගේ උත්සාහය නිසා පළමු වරට කෘෂිකර්ම ප‍්‍රතිපත්තියක් සකස් වූ අතර එහි කොටසක් ලෙසට පරිසර හිතකාමී කෘෂිකර්මය ඇතුලත් කරන ලදී. මේ පිළිබඳ විශේෂ වැඩ සටහනක් වර්තමාන රජය ආරම්භ කර ඇත්තේ 2008 සැප්තැමිබැර් මාසයේ සිටය. යොදන පෙහොර
ප‍්‍රමාණයෙන් සියයට විසි පහක් කාබනික ද්‍රව්‍ය යෙදීම මෙම ප‍්‍රතිපත්තියට අඩංගු වෙයි.
පොහොර සහනාධාරය සඳහා රුපියල් දශ ලක්ෂ 50000 පමණ මුදලක් වසරකට රජයට වියදම් වේ.
1951 දී ආරමිභ කරන ලද පොහාර සහනාධාර වැඩ සටහන යටතේ ආරම්භයක් වශයෙන් ඇමෝනියම් සල්පේට් මියුරියේට් ඔප් පොටෑස් යුරියා සාන්ද්‍ර සුපර් පොස්පේට් පමණක් නොව එප්පාවල රොක් පොස්පේට්
සත්ව කටු පොහාර ආදිය ද ගොවි ජනතාවට සපයන ලදී. 1951 දී ටොන් 2554 කින් ආරම්භ කරන ලද මෙම වැඩ සටහන 1967 වන විට ටොන් 84231 ක් දක්වා වර්ධනය කරන ලදී. ඒ යුගයේ දී ගොවීන් ට ලබා දෙන ලද්දේ සියයට පණහක සහනාධාරයකි. 1968 න් පසුව එවකට කෘෂිකර්ම ඇමති ව සිටි එම්.ඩී . බණ්ඩා මහතා විසින් අත්සන් කරන ලද ගිවිසුමකට අනුව රොක් පොස්පේට් ඇතුළු කාබනික පෙහොර සහනාධාර ඉවත් කොට සහමුලින්ම රසායනික පොහොර සහනාධාරය සැපයීමට පියවර ගෙන ඇත.
මේ තත්වය පරිවර්තනය වීමට හේතු වූයේ සහමුලින්ම රසායනික පෙහොර සමාගමි වල බලපෑමෙනි. 1970-2000 දක්වා කාලවකවානුව තුල ලබා දෙන ලද පොහොර සහනාධාරයත් ලංකාවට ගෙන්වන ලද පොහොර ප‍්‍රමාණයත් පිළිබද සලකා බලන කල්හි විදේශිය පොහොර මත යැපීමට ලංකාවේ ගොවි ජනතාව හුරු කරවීමේ කාර්යයේ දී මේ සහනාධාර ක‍්‍රමය කෙතරම් පිටුබලයක් වී ඇත්දැයි සිතා ගතහැකිය. බිත්තරවී ද පලිබෝධ නාශක කීපයක් ද පොහොර මල්ලක් ද සහිත මිනිකිට් එකක් එදා නොමිලයේම ගොවීන්ට ලබා දීමෙන් ඇරඹි මේ ජාවාරම වර්තමානය වන විට ගෙවත්තට ද ළගා වී ඇත. දිවි නැගුම ව්‍යාපාරය හරහා මෙලෙසම බීජ මල්ලක් පෙහොර මල්ලක් ලබා දීමට රජය පෙලඹී ඇත.
වී හෙක්ටයාරයකට රසායනික පෙහොර යෙදුවහොත් රුපියල් 18494 ක් ගොවියා වැය කළ යුතුය. රජය එයින් 16087 ක මුදලක් දරමින් ගොවි තැනට දිරි දී ඇත. ගොවියා දරන්නේ රුපියල් දෙදහස් එකසීයක් පමණි. මේ චක‍්‍රය අනුව විශාල මුදල් ප‍්‍රමාණයක් අනිවාර්යයෙන්ම පොහොර සමාගම් වෙත රජය වාර්ෂිකව නිදහස් කළ යුතුය. එසේම රසායනික පොහොර භාවිතයෙන් කාබනික පෙහොර භාවිතයට මාරු වූවාට පුල්ලි මැරු වන්නේ නැතැයි යන සැකයක් ද මතුව ඇත. එයට හේතුව ඉහතකී වෙළද මාෆියාව කාබනික ගොවිතැනට ද අත ගසා තිබීමයි. රසායනික පොහොර සමාගම් සමග සිටින විද්වතුන් ගේ නිර්දේශ මත රජයේ කාබනික පොහොර වැඩ සටහන ක‍්‍රියාත්මක වන අතර ගොවිපළ වලට යෙදිය යුතු පොහොර ටොන් ප‍්‍රමාණය ද ඔවුහු නිර්දේශ කරති.. මාකඳුරේ රජයේ පර්යේෂණායතනයේ කොමිපෝස්ට් ආදර්ශ ඇති කර ලීමට රජය විශාල මුදල් ප‍්‍රමාණයක් මේ වන විට ද වැය කර ඇති අතර එම ආදර්ශ අනුව විවිධ තැන්වල කාබනික වැඩ සටහන්
ක‍්‍රියාත්මක වේ.මෙම කාබනික වැඩ සටහන් වලට ගැලපෙන ප‍්‍රමිති කරණයක් ද අයිෆෝම් ආයතනයේ නිර්දේශ මත ක‍්‍රියාත්මක වේ. අවසානයේ මේ සියළු අංශ නියෝජනය කරලීම සඳහා සැදී පහැදී සිටින්නේ රසායනික පොහොර නැතිව ගොවිතැන කළ නොහැකිය යන මතය දරන විද්වතුන් පිරිසකි.. ඔවුහු වස විස ගෙන්වා බෙදා හරින සමාගම් වල අධ්‍යක්ෂ මණ්ඩල වල තනතුරු ද හොබවන බව දැන ගන්නට ඇත.
සිය ඉතිහාසයේ පටන්ම ලංකාවේ ගොවීහු සොබා දහමට ඇළුම් කළහ. එය රැක ගනිමින් ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ඔවුනට කිසිම බාධාවක් නෙවීය. පැරණි සිංහලයින් විසින් සාදන ලද වැව පරිසර පද්ධතියකට ඇති හොඳම උදාහරණයයි. මෙම පරිසර පද්ධතීන් ද රැක ගනිමින් වස විස රහිතව ආහාර නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය දැනුම ඔවුන් තුල නැත්තේ නොවේ. එහෙත් එයට පිළි ගැන්මක් නැත. උදාහරණයක් වශයෙන් විද්‍යාඥයින් පොහොර නම් සංයෝගය විස්තර කරන්නේ නයිට‍්‍රජන් පොස්පරස් පොටෑසියම් හා අංශු මාත‍්‍ර මූල ද්‍රව්‍ය රැගත් අනුපාතික මිශ‍්‍රණයක් වශයෙනි. එහෙත් පැරණි ගම්බද ගොවියා එය පංච මහා භූත කොටස් වල සංකලනයක් ලෙසට හැඳින්වූහ. එම භූත කොටස් වලින් ප‍්‍ර‍්‍රයෝජනය ගැනීම පිණිස ඔවුහු වගා බිම් මැනවින් සූදානම් කළහ. කන්නයට කයියට කතාවට වැඩ කිරීම මගින් එම සම්ප‍්‍ර‍්‍රදාය ආරක්ෂා කර ගත්හ.
පංච සාරය නොහොත් භූත කොටස් වල ක‍්‍රියාකාරිත්වය සිදු වන්නේ සොබා දහමේ පෙරළිය අනුවයි. හිරු නැගීම බැසීම මගින් තේජෝ ශක්තිය ජනිත වන අතර වර්ෂාව කලට ඇති විමෙන් ආපෝ ශක්තිය ක‍්‍රියා කාරී වේ. පඨවි ධාතුව විශාල විවිධත්වයකින් යුක්ත වේ. එහි රසය ක‍්‍රියා කරන්නේ ආපෝ ශක්තියේ එක් වීමෙනි.. විවිධ රූප කලාප ඇති වීම විවිධ ශක්තීන්ට පරිවර්තනය වීම මෙහි ක‍්‍රියා වලියයි. ඒ මගින් ප‍්‍රභාසංස්ලේෂණය නමැති ආහාර නිෂ්පාදනයට අවශ්‍ය රූප කලාප නිර්මාණය වේ. වායෝ භූතය මෙහිදි ක‍්‍රියා කරන්නේ ශක්තීන් සංසරණය සඳහාය. සඳේ ගමන ද මෙයට ඉවහල් වේ. පුර පක්ෂයේ දී ඉහළටත් අව පක්ෂයේ දී පහළටත් සංසරණය වීම ස්වභාවයයි. වෙසෙසින්ම ආපෝ ශක්තිය පුර පක්ෂයේ දී වේගවත් ගමන් ඉහළට ඇත්තේ වෙයි. එම නිසා යම් විදියකින් ගොයම් ශාඛයේ බන්ඩි පුපුරා යන අවස්ථාව පුර පස සඳ කාලයට සිදු වුවහොත් කිරි වදින වී කරලට අතිරේකව ජලය ද අනවශ්‍ය පරිදි එකතු වේ. මේ නිසා අව පස මුල් කළුවර සමය ගොයම් පීදීමට ප‍්‍රශස්ථ බව පැරණියන් තේරුම් කර ගෙන සිටියහ.
නවීන විද්‍යාඥයින් බොහෝ විට තාක්ෂණය භාවිතා කරමින් ශාකයක් උදෙසා වඩු වැඩ කරති. ගසක් කපා දැව යොදා වඩු වැඩ කිරීම නොව පණ ඇති ගසක ව්‍යුහය වෙනස් කිරිමට ඔවුහු නෙයෙකුත් තාක්ෂණීක
උපක‍්‍රම භාවිතා කරති. ඒවා නවීන විද්‍යාව ලෙස හැඳින්වුව ද එහි පවතින විද්‍යාවක් නැත. ශාකය එහිදී ස්වභාවිකත්වයෙන් ඉවත් වී පිටස්තරයෙකු ලෙසට ක‍්‍රියා කරන අතර සිය මුල් පද්ධතිය පවා හකුලා ගනිමින් බැහැරින් දෙන පෝෂක කොටස් කෙරෙහි විශ්වාශය තබමින් ජීවත් වේ. එසේම සිය සියුමැලි බාවය නිසා බෙහෙවින්ම පලිබෝධ හානියට ලක් වේ. ලංකාවේ අභිජනනය කරන ලද බොහෝ වී වර්ග වලට මේ ඉරණම අත් වී ඇත. එයට හේතුව විද්‍යාඥයින්ගේ මනසේ පිළිසිඳෙන තාක්ෂණය ආගන්තුක පැලෑටි දෙකක් දෙමුහුන් කිරීමට යෙදවීමෙන් පසු ඉපදෙන නව පැලෑටි සැකැස්ම සොබා දහම විසින් ප‍්‍රතිකෂේප කිරීමයි. එම නිසා නව පැලෑටි සැකැස්මේ ශාකයන්ට කාබනික පෙහොර යොද අස්වැන්න වැඩිකර ගැනිමේ කාර්යය ලේසි පහසු කටයුත්තක් නොවේ.
මනුෂ්‍යයන්ට මෙන්ම ශාකයන්ට ද සෞඛ්‍යමත් පරිසරයක් අවශ්‍ය වේ. බීජ උප්පත්තියේ සිට පැලෑටිය සෑදී
නැවත එම පැලෑටිය විසින් බීජ නිෂ්පාදනයට එළඹිම දක්වා සෞඛ්‍ය පැවැත්මක් නිර්මාණය කලහොත් ශාකය නිරෝගීව වැඩෙනවා ඇත. රෝගය බෝවීමෙන් පසු ප‍්‍රතිකාර යෙදීම හෝ සැත්කම් කිරීමට යොමු වීම පෙරදිග දර්ශණයට අයත් නැත. ආරම්භයේ සිටම නිරෝගීතාවයත් පෝෂණයත් පවත්වාගෙන යාම ආයුර්වේදයේ සිද්ධාන්තයයි. පෙර දිග ජීවත් වූ ඉසි වරු වසර දහස් ගණනක් තිස්සේ මනුෂ්‍ය ශරීර ගති ලක්ෂණ මෙන්ම ශාකවල ගති ලක්ෂණ ද අත්හදා බලා තිබේ. පැරණි භාරතයේ මෙන්ම ලංකාවේ ද තිබූ ඒ දැනුම ඊටත් පෙර සිට විවිධ සංස්කෘතීන් ගෙන් උකහා ගෙන වර්ධනය වූවක්ය. .එය මනුෂ්‍ය ඉතිහාසය තරමිම මනරම් කතාවකි.
භාරතීය පුස්තකාල සතුව ඇති අභිලාෂභිනාර්ථ චින්තාමණි නම් ග‍්‍රන්ථය වෘක්ෂාර්යුවේදය පිළිබඳ කරුණු අඩංගුව තිබූ පුරාණ කාලයට අයත් නමුත් ජීවමාන ව තිබූ එකම ග‍්‍රන්ථය බව වෛද්‍ය විශාරද හරිස්චන්ද්‍ර කවිරත්න මහතා සිය උපවන විනෝදය නම් කෘතියේ පෙන්වා දී ඇත. නිවාස අසල වැවිය යුතු නෙවැවිය යුතු වෘක්ෂ මොනවාද භූමියේ ශුභා ශුභ බීජ උප්පත්තිය රෝපණය පෝෂණය පැන් ඇති තැන් බලා ගැනීම නෙහොත් කූප ශාස්ත‍්‍රය ආදී කොට ඇති වෘක්ෂායුර්වේද සිද්ධාන්ත වසර දහස් ගණනක් පැරණිය. වත්මන් පරිසර වේදීන් ගස්වල කොළ ගොම මුත‍්‍ර සමග පල් වෙන්නට තබා දියර මිශ‍්‍රණ සාදා ගනිති. ගැඩවිලි පණුවන් ඇතිකර උන්ගේ ශ‍්‍රාවයන් වන අපද්‍රවයයන් එකතු කර ගෙන ශාකයන්ට ඉසිති. මේ ආකාරයට පැරණි ඉසි වරු කුණප ජලය යයි කියැවෙන පොහොර සාරයක් සාදා ගෙන ශාකයනට වත් කළහ.
මිදි වැල් සශ‍්‍රීකව වැඩෙන්නටත් මහත් වූ ඵල ඇති කර ගැනීමටත් අදත් ගොවීහු භාවිතා කරන්නේ දිරාගිය කුණු රොඩු සහිත පොහොරයි. පැරණියන් එයට පිදුරු දහයියා කුකුළු වසුරු ආදී කොට ඇති සංයෝග යෙදූහ.. ගොවිපළක ගොවිබිමක පෙහොර නිධියේ මූලය ගවයා වෙයි.. ගවයා ගව ගාලේ දී මෙන්ම තණ පිටිටනියේ දී ද කුඹූරේ ද ගොම හා මුත‍්‍රා පසට එකතු කරයි. මේ ගොම මතට එකතු වන ආකාශ ශක්තිය නොහොත් විශ්ව ශක්තිය එසේම හිරුගේ ශක්තිය සංයෝගව විශේෂ රූප කලාප සාදා පඨවි ධාතුව සරු කරයි. මෙය චක‍්‍රයක් විලස ක‍්‍රියා කරයි. එසේම ගවයාගෙන් ගන්නා ගිතෙල් එළකිරි මනුෂ්‍ය ශරීරය පෝෂණය කිරීමට අතිශයින් වැදගත් වන්නා සේම ශාක පෝෂණයට ද වැදගත් වේ. එබැවින් පැරණියන් මත්ස්‍ය මංස අනුභවයට වඩා පස්ගෝ රස භාවිතය අගේ කොට සැලකූහ. ගිතෙල මීතෙල ගොකටු තෙල දෙල් ඇට තෙල ආදී කොට ඇති ආහාර මය තෙල් වර්ග සියල්ල රසායන බෙහෙත් වෙයි. ගිතෙල විසින් බඳවා ගන්නා ඔෂධය රසායනයක්ම වෙයි.
මේ සිද්ධාන්තය මත ශාක පෝෂණයේ දී පස් ගෝරස යොදා ගැන්ම පැරණියන් පුරුදු කළහ.. එළගිතෙල් උක්හකුරු මීපැණි යන මෙකී දේ දිවුල් ගස මුලට හෝ බෙලි ගස මුලට වත්කළ විට එම ගසේ ගෙඩි අමාව මෙන් මිහිරි වන බව දක්වා ඇත. එසේම රුක් අත්තන මුල් කෂායට ගිතෙල් මීපැණි මිශ‍්‍ර කොට යෙදීමෙන් ගස් ඉතා සශී‍්‍රකව වැඩෙන බව දක්වා ඇත. එසේම රෝගයන්ගෙන් ද මිදේ. මේවා අතර කොස් ගසට කරන
ප‍්‍රතිකාරය ද අතිශයින් වැදගත් වේ. මදුවැල් සහමුලයෙන් ගෙන කොටා යුෂයට වදකහ කෂායද එක්කොට කොස් ගස මුල තෙමීමෙන් එහි අග සිට ඉහළට ගෙඩි හට ගන්නා බව කියා තිබේ. බීජ පැල කිරිමේ දී පැරණියන් දක්වා තිබෙන පිළිවෙල උපවන විනෝදයෙහි තිබෙන්නේ මෙසේය. මනාව පැසුනූ බීජ තෝරා ගෙන ඒවා අවුවෙන් වියලා ගෙන එළකිරෙන් තෙමා ගිතෙල් හා පස් දිනක් අවුවෙන් වියළා ගිතෙල් මිශ‍්‍ර දුමින් දුම් දීමෙන් පැළවීමට මනා සේ සූදානම් වේ. එසේම පැළය ද නිරෝගීව වැඩේ. අපේ සාම්ප‍්‍රදායික ගොවීන් ඇටිකෙහෙල් අල යුෂය සහ මී මුරුවට එක් කොට වී කණු මුල් කැපෙන විට බිත්තර වියේ බහා අස්වැන්න වැඩි කර ගත් ආකාරය මෙහිදී මට මතක් වේ.
ශාක පෝෂණය පිළිබඳ අපරදිගුවන් උනන්දු වූයේ දාසය වන ශත වර්ෂයේ දීය .ඒ අතරින් වෑන් පොල්මොන්ට්( 1577-1639) රොබටි බෙංසිල් (1661) ඩී සෝසර් හමිප‍්‍රි ඩේවි (1813) ආදීන් පෝෂණ විද්‍යාවත් පැලෑටි සැකැස්මත් ගැන දරන ලද අදහස් පසු කාලයේදී දේව භාෂිත බවට පත් විය. එන් පී කේ අවශ්‍යතාවය පෝෂණයේ මූලධර්මය ලෙසට ඔවුහු උගැන්වූහ. තෙල් සම්පත ගොඩ ගැනීමත් රසායනික පෙහොර කර්මාන්තයත් නිසා මේ අදහස් වඩාත් තිව්ර වූහ. එම රසායන විද්‍යාව ව්‍යාපාරික සමාගම් සිය ග‍්‍රහණයට ගැනීම නිසා ඉන් බහැර විද්‍යාවක් පිළිබඳ ව සිතීමට නවීනයන් කිසිවෙකුත් අද උත්සාහ දරන්නේ නැත. මේ නිසා සොබා දහම පිළිබද විද්‍යාවන් සහමුලින්ම යටපත්ව පවතී.. තෙල් සම්පත හීන වී යාමත් සමගම රසායනික පොහොර සාදා ගැනීමේ ප‍්‍රවණතාවයද අනාගතයේ දී අඩු වනවා ඇත. නමුත් සොබා දහමේ
ක‍්‍රියාකාරීත්වය හිරුගේ ශකතිය පවතින තාක් වෙනස් වෙමින් පැවත එයි.. ඝර්ම කලාපීය රටක් වශයෙන් අප කළ යුත්තේ මේ ශක්තියෙන් වැඩ ගැනීමයි. රජයේ පරිසර හිතකාමී කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය මේ පදනම මත සංශෝධනය වීමට දැන් කාලය පැමිණ ඇතැයි සිතමි . නමුත් පොහොර සමාගම් වලට හිතකාමී විදවත් ආචාර්ය වරුන් සිය බමුණූ කුලය අතහැර දමා පොදු ජනයා ගේ හිත සුව පිණිස ජාතික අභිමානයෙන් එකතු වීම සිද්ද නොවන්නේ නම් එම ප‍්‍රතිපත්තිය ස්ථාපිත කරලීම එතරම් පහසු නොවනවා ඇත.
No comments:
Post a Comment