භික්ෂූන් වහන්සේලා ගේ ඇසුර ලබමින් පෝෂණය වූ
පිරිවෙන් ආශ්‍රිත අධ්‍යාපන රටාව මගින් බිහි කරන ලද උගතුන් වියතුන් මෙන්ම මහා
පිරිවෙන් රැසකි.ගමේ පන්සලේ වැලි පිලේ අකුරු කරමින් ගමට පළාතට අවශ්‍ය සංවර්ධනයට
දායක වූ ගැමියන් ගේ නැණ නුවණ පොත පතින් මෙන්ම සොබාදහමේ අභාෂය ලබමින් හැඩ
ගැස්වුණි.මෙරට විහාරස්ථාන සතුව තිබූ පුස්කොළ ග්‍රන්ථ රාශියක් ලන්දේසින් මෙන්ම ඉංග්‍රීසීන්
ද සිට රටවලට ගෙන ගොස් ඇත. ඉතිරිව තිබූ ග්‍රන්ථයන් පරිශීලනය කරන විටද පැහැදිලි
වනුයේ විහාරස්ථාන ආශ්‍රිතව තිබූ අධ්‍යාපනයේ වටිනාකමයි.මෙරටට ආවේණික වූ මෙම ක්‍රමය
අභාවයට ගොස් ඇත.ඒ වෙනුවට මිෂනාරි අච්චුවට සකස් වුණු අධ්‍යාපන ක්‍රමයක් අද දක්වාම
පැවතෙමින් පැමිණ ඇත.
මෙරටට
එල්ල වූ සතුරු ආක්‍රමණ රැසක් තිබුණද යුරෝපීය ආක්‍රමණ තරම් සූක්ෂමව ඒවා ක්‍රියාක්මක
වූයේ නැත.පෘතුගීසීන් ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් නොයෙකුත් වෙළඳ අරමුණු වලින් මෙරටට
පැමිණ ලංකාවේ මුහුදු තීරයේ තොටුපළවල් අල්වා ගෙන බලකොටු තනා ආර්ථිකය පාලනය කරන
අතරවාරයේ පූර්ණ දේශපාලන යටත් කිරීමකට සූදානම් විය. එය සාර්ථක වූයේ වර්ෂ 1815 දීය.
එයද යටක් වීමකට වඩා ගිවිසුමකින් පවරා දීමක් විය.මේ පවරා ගැනීම සාර්ථක කර ගැනීමට
භාවිතා කළ පළමු උපක්‍රමය නම් මිෂනාරි අධ්‍යාපනයයි.ලන්දේසි සමයේ ඇති කළ මීසම්
(පැරිෂ්) පාසල් ක්‍රමයේ මූලික අරමුණ වූයේම ජනතාව ප්‍රොතස්තන්ත ලබ්ධියට හරවා
ගැනීමයි.එය ලන්දේසි කොම්පඤ්ඤයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක විය. වර්ෂ 1798 දී මුහුදු බඩ පළාත් වල පාලකයා බවට පත් වූ නෝර්ත්
මේ පැරිෂ් පාසල් වලට අනුග්‍රහ දක්වමින් පෝෂණය කරන ලදී. අනතුරව පැමිණි බ්‍රිතාන්‍ය
ආණුඩකාරවරුන් අතරින් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා නොයෙකුත් ආගමික නිකායන් වල
නියෝජිතයන්ට ලංකාවට පැමිණීමට අනුග්‍රහය දැක්වීය. ඉන්පසු එම රටවල ආගමික නිකායන් විසින් ආගම ප්‍රචාරය
කිරීමට අමතරව අධ්‍යාපනය හැසිරවීමට ද පටන් ගත්හ. ලන්දේසි පල්ලි කුඩම් නැතිනම් පල්ලි
පාසල් බ්‍රිතාන්‍ය සමයේ දී ක්‍රමානුකළ බ්‍රිතාන්‍ය රජයේ පාසල් බවට පත් විය.මේ සමයේ
දී එනම් 1820 දී පමණ ආණ්ඩුවේ පාසල් 97 ක්
ද මිෂනාරි පාසල් 236 ක්ද රෝමානු කතෝලික
පසල් 60 ක ද පෞද්ගලික පාසල් 600ක් ද පන්සල් පාසල් 1000 ක් ද ක්‍රියාත්මක වී ඇත.
වර්ෂ 1834
දී පමණ ආර්ච් ඩිකන් ජේ.එම්.එස්.ක්ලේනිගේ සභාපතිත්වයෙන් මූල්ම ස්කෝල කොමිසම පත් කර
ඇත.මෙම කොමිසමේ පරමාර්ථය වූයේ මධ්‍යගතව සියලුම පාසල් පාලනය කිරීමට අවශ්‍ය නීති
රීති හඳුන්වා දීම විය. 1841 දී මැකන්සි ආණ්ඩුකාරයා විසින් මෙම් කොමිසම අහෝසි කොට
නැවතත් මධ්‍යගත පාසල් කොමිසමක් පත් කරන ලද අතර ස්වභාෂා පාසල් අහෝසි කරන ලදී. මේ ක්‍රමයට
වසර ගණනාවක් ඉංග්‍රීසි මාධ්‍ය තුළින් මිෂනාරි අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සඳහා ප්‍රයත්න
දරණ ලද අතර මේ ක්‍රමයේ අසාර්ථකත්වය මගින් ස්වභාෂාවෙන් ඉගෙනීම ලබන දරුවන් කොන් වී
ගිය හැටි අනාවරණය වීය. මේ නිසා වර්ෂ 1862 දී ව්‍යවස්ථාදායක සභාව විසින් මුල් වර්ට
අධ්‍යාපන කමිටුවක් පත් කර වාර්තාවක් සකස් කර තිබේ. මෙම වාර්තාව වර්ෂ 1867 දී නිකුත්
විය.ඉන්පසු ව්‍යවස්ථාදායක සභාව විසින් පාසල් සඳහා වන මෝර්ගන් කමිටු වාර්තාව අනුව
1868 දී ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තෙම්න්තුව පිහිටුවා ඇත.මෙම තත්වය මත මධ්‍යගතව
පාලනය වන යන්ත්‍රණයක් මගින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන නිර්දේශ නිකුත් කර ඇත. එසේම
බෞද්ධයන් සහ හින්දූන් විසින් පවත්වාගෙන යනු ලබන පාසල් සඳහා ආධාර ක්‍රමයක් ද අනුමත කර ඇත.
මෙම වාර්තාව
අනුව ආණ්ඩුවේ සෙකරතාරිස් වන ජේ.එෆ්. ඩික්සන් මහතා විසින් ස්වභාෂාව උගන්වන අක්ෂර
ශාලාවල ගුරුවරුන් විසින් දැනගැනීම පිණිසත්, ක්‍රියා කරනු පිණිසත් ඉැගැන්වීම් ක්‍රමයන්හි නිර්ණායක
අඩංගු ආකෘති පත්‍රයක් නිකුත් කර ඇත.එහි මුල්ම විෂය ආගම ඉගැන්වීමයි.මුල් මාස හයේ
ආගම ගැන කිසිත් නැත. ඉන්පසු දොලොස්මාසයක් ශුද්ධවූ ලියැවිලි ගැන ඉගැන්වීම ද තවත්
දොලොස් මාසයක් අළුත් ගිවිසුමේ හතරෙන් එකක් ඉගැන්වීම ද තවත් දොලොස් මාසයක් යෝසුවා
ගේ මරණය දක්වා වන පැරණි තෙස්තමෙන්තුවේ කතාන්තරය ඉගැන්වීම ද සිදු කළ යුතු යැයි
දන්වා ඇත. ස්වභාෂා පාඨ ශාලා වලට ඇතුළත් වූ සිංහල දෙමළ සෑම දෙනෙකුටම මේ මූලික ආගමික
පාඨමාලාව අනිවාර්ය විය. ආගමට අනතුරුව සිංහල කියැවීම වාක්‍ය රචනා ලියැවීම කතාන්තර
නොහොත් ඉතිහාසය තුළ ප්‍රතිකාල්, ලන්දෙසි සහ ලංකාවේ
කතාන්තරය නොහොත් ඉතිහාසය ඉගැන්වීමට ද යොමු කර ඇත.ඊළඟට වැදගත්ම ඉගැන්වීම වූයේ භූමි
ශාස්ත්‍රයත් ගණිත ශාස්ත්‍රයත්ය.මේ විෂයයන් සියල්ල වසර තුනහමාරක් තිස්සේ මාසයක්, දෙමාසායක් ,තුන්මාසයක් සහ දොලොස්මාස තුනක්
වශයෙන් ඉගැන්වීම ස්වභාෂා පාඨශාලාවල පිළිවෙල විය යුතු බව සෙකරතාරිස් තැන දැනුම් දී
ඇත.
ස්වභාෂා අධ්‍යාපනය දියුණු වත්ම ඉග්‍රීසි බසින් අධ්‍යාපනය දෙන මිෂනාරි පාසල්
වල තත්වය වඩා උසස් කොට පවත්වාගෙන ගොස් ඇත. ඔවුන්ගේ විෂය මාලාව පුළුල් විය.ගමේ අයට
අකුරු ශාස්ත්‍ර දැනුම සිංහල කියැවීම ලිවීම එකතු කිරීම අඩු කිරීම ආදී සරළ පරාසයක
අධ්‍යාපනයක් ලබා දෙන ගමන් පාලකයන් පුහුණු කරන මිෂනාරි පාසල් වල එංගලන්ත අධ්‍යාපනයට
සමාන විෂය මාලා පිහිටුවා ලමින් එම ශිෂ්‍යයන් ශක්තිමත් කරන්නට විය.ස්වභාෂා
පාඨමාලාවල සිදු වූ එකම වෙනස නම් කුසජාතක කාව්‍යය ,රාජාවලිය , දම්පියාව සහ
අත්තනගලු වංශය වැනි කෘති පරිශීලනයට
අවස්ථාව ලබා දීමයි. රජය විසින් පවත්වාගෙන ගිය ස්වභාෂා අධ්‍යාපනය එසේ වූ අතර
භික්ෂූන් වහන්සේලා තමන්ට සහ ජාතියට පැමිණි අභියෝගයට වෙනස්ම ආකාරයෙන් සූදානම් වුණි.
මෙහි ප්‍රතිඵලයක් ලෙසට 1839 දී රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන බිහිවීය.
පසුව එයට සමගාමීව කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනද පිහිටුවන ලදී. මේ අභාෂයෙන්
පණ කැවී දොඩන්දූව ශෛල බිම්බාරාමය ආශ්‍රිතව 1856 දී පමණ පිරිවෙනක් ආරම්භ විය . එහි
නායකත්වය ගන්නා ලද්දේ පූජ්‍ය උඩුගල්පිටියේ සිරි සුමනතිස්ස නායක ස්වාමීන් වහන්සේ
විසිනි. මෙම පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ධූරය දැරූ දොඩන්දූවේ පියරත්න තිස්ස
නායක ස්වාමීන් වහන්සේ මේ පිරිවෙන් අධ්‍යාපනයෙන් ඇති වූ ප්‍රබෝධයත් දොඩන්දූවේ වෙළෙඳ
ප්‍රජාවෙන් ලැබුණු සහයෝගයත් හේතු කොට ගෙන බෞද්ධ දරුවන් විෂයෙහි පාඨශාලාවක්
පිහිටුවීම කෙරෙහි උනන්දු විය. පෙර දක්වා ඇති පරිදි ආධාර ලබා දීමට රජය ගත් තීරණය
එයට බලපා ඇත. පියරත්න තිස්ස නායක හිමියන්
ගේ ද බලාපොරොත්තුව වූයේ මෙලෙස රජයේ ආධාර ලබන බෞද්ධ පාසල් ආරම්භ කිරීම විය හැකිය.
මේ
අවදියේ දී දෙඩන්දූව කුමාර කන්ද විහාරයේ පුස්කොල ලිවිම පිණිස පැමිණි සිට දාවිත් නම්
තරුණයෙක් එහිම පැවැදි වී මිගෙට්ටුවත්තේ ගුණානන්ද නමින් ප්‍රකටව ක්‍රිස්තියානි
මිෂනාරි වැඩ කටයුතු වලට එරෙහිව සටනට බැස සිටියේය. 1865 දී ක්‍රිස්තියානීන් සමග
බද්දෙගම හා වරාගොඩ හා පාණදුරේ දී ඇති වූ
ප්‍රසිද්ධ වාදයකින් පසුව භික්ෂූන් වහන්සේලා අතර විශාල පිබිදීමක් ඇති විය.මේ ප්‍රබෝධයෙන්
ප්‍රයෝජනය ගත් ශෛලබිම්බාරාම විහාරාධිපති පියරත්න තිස්ස නායක ස්වාමීන්වහන්සේ 1869
දී ජින ලබ්ධි විශෝදක නමින් ප්‍රථම බෞද්ධ
පාඨශාලාව දොඩන්දූව සිය විහාරස්ථානය ආශ්‍රිතව
ආරම්භ කරන ලදී. ඉන්පසු 1869 දෙසැම්බර් මාසයේ දී පාණදුර උපාධ්‍යා නමින් තවත් පාසලක්
ආරම්භ කල නමුදු ආණ්ඩුව මගින් ඒවා ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. මින් පසු
නොබැස උපක්‍රමශීළීව කටයුතු කල පියරත්න තිස්ස නායක හිමියන් රොබින්සන් ආණ්ඩුකාර තැන දොඩන්දූවට කැඳවා පාසල පෙන්වා
අනුග්‍රහය ලැබ ගෙන ලියාපදිංචිය නිම කිරීමට කටයුතු කලේය.ඉන්පසු අම්බලන්ගොඩ
පටබැඳිමුල්ලේ කතළුවේ හා අහංගම දී තවත් පාසල් තුනක් විවෘතත කළේය. එහෙත් ආණ්ඩුවේ
වාර්තා අනුව 1880 වන විටත් ආධාර ලබන පාසල් වශයෙන් ක්‍රියාත්මකව තිබුණේ කොරතොට
හෝමාගම හඳපාන්ගොඩ වලහේපිටිය නම් පාසල් හතර පමණකි.ඒ අනුව බලන කල්හි පෙනෙන්නේ ප්‍රථම
බෞද්ධ පාසල බෞද්ධ වීම නිසාවෙන්ම ලියාපදිංචිය ප්‍රමාදව තිබූ බවයි.
පියරත්න
තිස්ස නායක හිමියන් ගේ පාසල් ක්‍රමය සහමුලින් ම බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් විය.
අකුරු ශස්ත්‍රය ඇරණු කොට උන්වහන්සේගේ විෂය මාලාවට බෞද්ධ අධ්‍යපන ක්‍රමවේදයක්
ඇතුළත් විය. එහි පළමුවරට තිබුණේ පළමුවන පාඩම් පොතයි. දෙවනුව බුද්ධ වන්දනාවත්
තෙවනුව සරණත්තය දීපනී නම් ග්‍රන්ථයත් සිවුවනුව ජිනධර්ම විකාශිනී නම් ග්‍රන්ථයත්
පස්වෙනුව සෙය්‍යාර්ථ දීපනී නම් ග්‍රන්ථයත් ඇතුළත් වූහ. මෙයින් සරණත්තය දීපනී නම්
ග්‍රන්ථයෙන් සරණාගමන ආනිශංස ප්‍රකාශ කිරිමත් ජින ධර්ම විකාශිනීය සරණාගමනේ පටන් ප්‍රාණඝාතාදී
අකුශල කර්මයන්හි යෙදීමෙන් ලැබෙන කර්ම විපාකය දැක්වීමටද සිගාලෝවාද සූත්‍රයෙන්
දැක්වෙන සතර කර්ම ක්ලේශයන් සතර අගති ආදියද මව්පිය ගුරුවර ආදීන් කෙරෙහි දරුවන්
දැක්විය යුතු ගෞරවාදරය ආදියද සරලව විස්තර තර තිබුණි. ස්‍යොර්ථ දීපනියෙහි බුද්ධ
චරිතය සවිස්තරව ද චතුරාර්ය සත්‍යය ආදී ධර්ම විභාගය ද බෞද්ධ ගුණ ධර්ම වගා කිරීමෙන්
මෙලොව පරලොව වැඩ සාදන අයුරුද තුන් සූත්‍රය හා එහි සරල අදහස් අන්තර්ගතව තිබුණි.මේ
තත්ත්වය එකල හැටියට බෞද්ධ දරුවෙකු බිහි කිරීමට ප්‍රමාණවත් පරිදිම විය.මිථ්‍යා
දෘෂ්ටිකයන්ට සිංහල කියවීමට හා ලිවීමට බෞද්ධ පූජකයන් විසින් වඩාත් හොඳින් උගන්වනු
ලැබේ යයි 1833 දී ලංකාවට පැමිණි කොල්බෘක් කැමරන් කමිටුව ඉදිරියේ ආච්ඩිකන් වරයා කළ
ප්‍රකාශය මෙහිදී සිහිපත් වේ.බෞද්ධ දරුවන්ට සුදුසු අධ්‍යාපනය කුමක්දැයි දන්නේ උගත්
නැණවත් භික්ෂූන් වහන්සේලා පමණකි.දශක කීපයකට පසුව පියරත්න තිස්ස නායක හිමියන් අතින්
එය නැවත ප්‍රතිෂ්ඨාපනය විය.එය එසේ වුවද කර්නල් ඔල්කට් තුමා පැමිණීමත් සමග මෙකී
බෞද්ධ පාසල් ක්‍රමය වෙනස් වී පරමවිඥාණාර්ථ පාසල් ක්‍රමයක් ස්ථාපිත විය. ඒ ක්‍රමය
රජයේ අධ්‍යාපන ක්‍රමය අනුගමනය කළ අතර ස්වභාෂා අධ්‍යාපනය තුළ පැවති විෂයමාලා ක්‍රමානුකූලව
රටේ පාලන පැලැන්තියට අවශ්‍ය ලිපිකරුවන් සහ වෙනත් වෘතිකයන් තනන ව්‍යුහයක් බවට පත්
විය.කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනය තුළ ඇති කළ පරිවර්තනය වනාහි ඉන් මිදීමට
ගත් උත්සාහයකි. නමුත් එය අසාර්ථක විය.වර්තමානයේ දී සහමුලින්ම කණපිට හරවන්නට
සූදානම්ව සිටින්නේ මෙම ක්‍රමය වුවද ඉන් ජනිත වන්නේ ද විදේශීය අච්චුවක ඉගැන්වීම් ක්‍රමයක් බව පැහැදිලිය.
මතුගම සෙනෙවිරුවන්

No comments:
Post a Comment