2024 ජූනි මස 19 දා ලංකාවට විශේෂ දවසකි. 1948
වර්ෂයේ ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ද ඉන්පසු 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මිගින්
දේශයට අනන්‍ය ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත් කර දේශිය අධිකරණ පද්ධතියක් ස්ථාපිත
කිරීමෙන් පසුව ද අනතුරුව 1978 දී විධායක බලය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත
කිරීමෙන් පසුව එනම් වසර හැත්තෑ හයක් ගත වී නැවතත් විදේශිය නීතිරීති ලංකාව තුළ බලාත්මක කිරීමේ පනතක් ඉදිරිපත් කිරීම
මෙම විශේෂත්වයට හේතුවයි. මෙම පනත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කලේ නම් ඔහු
ව්‍යවස්ථාවට එකඟව එය කෙටුම්පත් කිරීමට උත්සුක වනවා ඇත. එහෙත් ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට
පටහැනිව වගන්ති ගණනානවක්ම උල්ලංඝනය කොට මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බව නීතිඥ
අරුණ උණවටුන මහතා 2024 ජූලි මස 01 වනදා ශ්‍රේෂ්ඨාධීකරණයට
පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිට ඇත.
1815 දී අත්සන් කරනු ලැබූ උඩරට ගිවිසුම ප්‍රකාරව බ්‍රිතාන්‍යත් ලංකාවත්
අතර ජගත් ගිවිසුමක් අත්සන් කරන ලදී. ඒ
අනුව ලංකාවේ මෙතෙක් අනුගමනය කරන ලද චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීමටත් පෙර
සිරිත පවත්වාගෙන යෑමටත් බ්‍රිතාන්‍යයන් එකඟ විය. නමුත් පාලනය භාර ගෙන මද කලක් ගත
වද්දී ඔවුහු ඒ ගිවිසුම ඒකපාර්ශවිකව කඩ කළහ. මෙම තත්වය මත රදළ ප්‍රධානීන් කැරැල්ලකට
මුල පිරූ අතර එම විමුක්ති අරගලය නිහීන ලෙසට මර්දනය කළහ. ඉංග්‍රීසින් ගේ බිම්පාලු
ප්‍රතිපත්තිය මුස්ලිම් ඔත්තු කරුවන් ගේ පාවා දීම් ආදී කරුණු නිසා මේ විමුක්ති අරගලය පරාජයට පත්
විය. ඉන් අනතුරුව ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ඒක පාර්ශවිකව ඉදිරිපත් කළ රාජාඥාව මගින්
බ්‍රිතාන්‍ය නීතිය මෙරටට ආදේශ
කිරීම ආරම්භ කරන ලදී.වර්ෂ1806 සිට මුහුදු බඩ පළාත් වලට එවැනි නීති ආදේශ කළ අතර එම
නීතිය ලංකාව පුරාම බලවත්වන ලෙසට නීතිගත කිරීමට ඔවුන් සමත් විය. සුප්‍රසිද්ධ මුඩුබිම්
පනත විහාර සහ දේවාලගම් පනත ආදී පනත් රැසක් ඉංග්‍රීසි නීතිය යටතේ මෙරට ස්ථාපිත කර ඇත.වර්තමාන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වගනිතිය අනුව ඒ ආඥාවන් නැවත බලාත්මක කිරීමට වර්තමාන පාර්ලිමේන්තුවට
බලය ඇති නමුත් විදෙස් නීති බලාත්මක කිරීමට බලයක් හිමිව නැත..
1948 දී අප නිදහස ලැබූයේ වසර
ගණනාවක් තිස්සේ කල ජීවිත පූජවන් සහ අරගල නිසාවෙනි. මොනරවිල කැප්පෙටිපෙල පුරන්
අප්පු හඟුරන්කෙත ඩිංගිරාළ වැනි ජාතික නායකයන් දිවි පිදූ වේ මේ නිදහස ලැබ ගන්නටයි.
නමුත් නව නිදහස් ලංකාව භාර ගනු ලැබූයේ
ඉංග්‍රීසින් අනුකරණය කරන පැලැන්තියකි.කෙසේ
වෙතත් අපට පූර්ණ නිදහස ලැබ ගැනීමට යම් උත්සාහයක් දරන ලද්දේ 1972 දී නව ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමෙනි. ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය වශයෙන් වෙන්ව
සංවරන හා තුලනය පදනම් කරගත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලංකාවට සරිලන නීති
සම්පාදනය කිරීම සිදු කළ අතර ඒ කෙටුම්පත් කිරීම ව්‍යවස්ථාවට අනුකූල වන බවට නීතිපති
අංශ වලින් සහතික කරන ලදී. ඒවැනි පනතකට ඒරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට සෑම
පුරවැසියකුටම අයිතියක් ද හිමි වී ඇත. එය ජනතා පරමාධිපත්‍ය මගින් ලබාදුන් බලයකි.
මෙසේ තිබියදී 2020 කොරෝනා වසංගතසයේ දී එවකට සිටි අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා ගෙනා
නිරෝධායන පනතේ එක් සංශෝධනයක් වූයේ විදෙස් නීති බල ගැන්වීමට ඉඩ
කඩ සැලසීමයි.ඒවැනි ප්‍රතිපාදනයක් ඇතුළත් කිරීමට එවක බරපතල හේතුවක් විය. එනම් ලෝක සෞඛ්‍ය
සංවීධානය විසින් සම්මත කළ නීති එනම් එන්නත් පිළිබඳ නීති ඖෂධ පළිබඳ නීති මෙහි
බලාත්මක කර ගැනීමට තිබූ අවශ්‍යතාවයයි.ඒ අවස්ථාවේ දී ද නීතිඥ අරුණ උණවටුන මහතා ඉදිරිපත්ව
එය පරාජයට පත් කළ බව අපට මතකය.දැන් 2024 ජූනි මස 19 වන දින ඉදිරිපත් කළ පනතින් සිදු වන්නේ විදෙස් නීති පිළීගැනීම නොව
විදෙස් නඩු තීන්දු පිළීගැනීමයි. 1972 සහ 1978 ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව
වෙනත් රටවල ව්‍යවස්ථාවන්ට අනුව සකස් කළ ඒ රටවල ජනතාවගේ පරමාධිපත්‍ය බලය සහ චාරිත්‍ර
වාරිත්‍ර අනුව සකස් කළ පනත් කෙටුම්පත් අනුව සම්මත කළ නීති මගින් දුන්
තීන්දු පිළිගැනීමට සහ බලාත්මක කිරීමට උත්සාහ කිරීම යන දෙකම එක සමානය.
විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද
පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්මය, ස්වාධීනත්වය, ජනතාවගේ පරමාධිපත්‍යය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සහ බුද්ධ
ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ රජයේ වගකීම, තමන් අභිමත ආගමක් ඇදහීමේ නිදහස, විශ්වාසයක් දැරීමේ නිදහස, ආගමික නිදහස, අවමන් සහහගත සැළකිල්ලකට නැතහොත් දඩුවමකට
යටත් නොවීමේ නිදහස,
නීතිය
පසිදලීම සහ නීතියේ රැකවරණය,
වෙනස්කමකට
ලක් නොවීම,
නිර්දෝෂී
බවේ පූර්ව නිගමනය,
රාජ්‍ය
භාෂාව,
පරිපාලන
භාෂාව,
අධිකරණ
භාෂාව,
රාජ්‍ය
ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණය සතු අනන්‍ය අධිකරණ
බලය,
රාජ්‍ය
මූල්‍ය,
අන්තර්ජාතික
සම්මුති සහ ගිවිසුම් වලට අදාල අනුරූපී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවලට
අනනුකූල වන අතර තැනැත්තන් දේශීයව හෝ විදේශීයව අනෝන්‍යව පිළිගැනීම මත ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාමය
විධිවිධාන වලින් බැහැර විය නොහැකි බවත්, තැනැත්තන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන වලින් බැහැර
වීමට නීති පැනවිය නොහැකි බව යටකී පෙත්සමින් අධිකරණයට සැළ කර ඇත්තේය.
ලංකාවේ රාජ්‍ය භාෂා ද්විත්වයක් ඇත. ඉනුත් දෙමල භාෂා ලංකාව පුරා ක්‍රියාත්මක
ව පවතින අතර සිංහල බස ක්‍රියාත්මකව පවතින්නේ උතුර සහ නැගෙනහිර හැර අනෙක් පළාත්වලය.
මෙම පනතේ 17 වන වගන්තිය අනුව ඉංග්‍රීසි
භාෂාවෙන් පමණක් විදෙස් නඩු තීන්දු ඉදිරිපත් කිරීමට විධිවිධාන සලස්වා ඇත්තේය. එය
අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැත.මෙහි බරපතලම කාරණයක් වන්නේ මුස්ලිම් විවාහ
නීතිය සහ උඩරට විවාහ නීතිය යටතේ විවාහ නොවූ විවාහ ආඥා පනත යටතේ විවාහයන්ට පත් වූ
තැනැත්තන් ස්වකීය විවාහ පොරොන්දු වෙනස් කිරීමට විදෙස් වලදී ලබා ගන්නා නඩු තීන්දු
පිළිගැනීමට ප්‍රතිපාදන සැලැස්වීමයි.එවිට උප්පත්තියෙන් බෞද්ධයන වන පිරිස විදෙස්
රටකදී ඇති කර ගන්නා විවාහ විශේෂයෙන්ම අන්‍යාගමිකයන් සමග වූ විවාහ හෝ දික්කසාදයන්
බලාත්මක කිරීමට මෙරට ආයතන වලට සිදු වීමයි.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 76 වගන්තියට
අනුකූල නැත.
එසේම විදෙස් නඩු තීන්දු ලබාගෙන මූල්‍ය වරදකට, දේපල/ ප්‍රතිලාභයක් ,අයිතියක් අහිමි කිරීමක්
කර ඇති අවස්ථාවක එයට හසුවන වින්දිතයන්ට නීතියේ පිළිසරණ, රැකවරණය ලබා ගැනීම, අපරාධ නඩු මෙරටදී පවරනු ලැබූ විට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය විදෙස් නඩු තීන්දු පිළිගැනීම මගින් අහිමි කරවන බවත්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අනුමත නොකළ විදෙස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, විදෙස් නීති, විදෙස් චාරිත්‍ර වලින් සහ විදෙස් විනිසුරුවරුන්ගේ නඩු තීන්දු අදාල කිරීමට යෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13.5 අනු ව්‍යවස්ථාවටද අනනුකූල බවත් පෙත්සමේ දක්වා ඇත.රණවිරුවන්ට එරෙහි යුධ
අපරාධ චෝදනා සඳහා දෙන නඩු තීන්දු මෙරට ප්‍රමුඛ ආගම වන බුද්ධාගමට එරෙහිව විදෙස්
රටකදී දිය හැකි නඩු තීන්දු සංක්‍රාන්ති ලිංගිකයන් සහ සමලිංගිකයන් සම්බන්ධව විදෙස්
රටවල අනුගමනය කරන නීති මගින් දුන් තීන්දු පමණක් නොව යුනෙස්කෝ ප්‍රඥප්තිය මගින් ඒ ඒ
රටවල අදාළව දක්වා තිබෙන ප්‍රතිපාදන එක් මූලයකින් ක්‍රියාත්මක කරවිය හැකි තීන්දු
පවා මේ පනත බලාත්මක වුවහොත් මෙරට ආයතනයන්ට පිළිගැනීමට සිදු වනවා නිසැකය.
සැබවින්ම මෙවැනි පනත් කෙටුම්පත් සකස් කරන්නේ නීති කෙටුම්පත් සම්පාදක විසින්
ද යන්න පිළිබඳව බරපතල සැකයක් මතුවෙයි. ඔහු එසේ කළා නම් රාජ්‍ය සේවකයෙකු වශයෙන්
වගකීම ඉටු කර නැත. වෙනත් අයතනයක් එනම් විදෙස් තානාපති කාර්යාලයක් හෝ රාජ්‍ය නොවන
සංවීධානයක් හෝ දෘෂ්‍යමාන නොවන වෙනත් හස්තයක් මගින් මෙවැනි පනත් නිර්මාණය වන්නේ නම්
එය රටේ ස්වෛරී භාවයට තර්ජනයකි.දිගින් දිගටම ව්‍යවස්ථාවට අනනුකූලව වූ මෙවැනි පනත්
කෙටුම්පත් පාර්ලිමෙන්තුව කරා පැමිණීම මෙහයවන්නේ කවුරුන්ද යන්න මෙරට අධිකරණ
ඇමතිවරයා සහ විදෙස් ඇමතිවරයා පිළිතුරු බැඳිය යුතුය.
මතුගම සෙනෙවිරුවන්
වටින ලිපියක්!
ReplyDelete