පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, September 30, 2012

රජ රට වැවි ෙකාමළිය මිෙයමිවා රැෙකමිවා

                                                                                                                                                                                                                                                                                මේ වන විට  වන විට පරාක්‍රම සමුද්‍රය ගිරිතලේ මින්නේරිය කවුඩුල්ල හා කලාවැව යන විශාල වැව්  සහ මධ්‍ය ප්‍රමාණයේ ග්‍රාමීය වැව් වල ධාරිතාව වැඩි කර ගැනීමේ වුවමනාවෙන් ඒවායේ තිබෙන පස් හා රොන් මඩ ඉවත් කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකව පවතී. ඒ අතර වැව් බැම්ම හා රළපනාව ශක්තිමත් කිරීමේ වේලි ආරක්ෂණ වැඩ සටහනක් ද ලෝක බැංකුවේ ප්‍රතිපාදන යටතේ වාරි මාර්ග අමාත්‍යංශය  ක්‍රියාත්මක කර  ඇත. වැව් හෑරීමේ  ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන තුන්දහසක මුදලක් යොදවා තිබෙන  බව  ද දැන ගන්නට තිබේ.                                                                    වැව් ගැඹුරු කිරීමට හේතු වූ කරුණු -------                                                                                    2012 වර්ෂයේ යල කන්නයේ ලංකාවේ  ඇති වූ නියඟය නිසා මධ්‍ය කඳුකරයේ වැසි ප්‍රමාණය බෙහෙවින්ම අඩු විය. මේ නිසා රජරට ප්‍රධාන වැව් වලට ජලය සපයන මහවැලි හැරවුම් පදධතියට අයත් අඹන් ගඟ ඇතුලු ජල මූලාශ්‍රයන් රාශියක් වියළි ගියේය. මහවැලි ජල හැරවුම් පද්ධතිය මගින් නිකුත් වන ජලයෙන් දැනට කියුබික් මීටර් දශලක්ෂ 683 ක් ඇළහැරටද අංග මැඩිල්ලට කියුබික් මීටර් දශලක්ෂ 333 ක්ද නිකුත් කෙරේ. වැසි වැටුණු විට ඇළ හැර ප්‍රදේශයට තවත් කියුබික් මීටර් දශලක්ෂ 1145 ක් ලබා ගත හැකිය. මේ ප්‍රමාණය පසුගිය නියන් සමයේ නොලැබී ගියේය. යෝජිත මොරගහ කන්ද ජලාශය ඉඳි කළ  විට ඇළ හැරට නිකුත් කරන ජලය කියුබික් මීටර් දශ ලක්ෂ 603 දක්වා ද එකතු වන වැහි ජලය කියුබික් මීටර් දශ ලක්ෂ 661 දක්වා ද අඩු වේ. මේ තත්වය තුල ඇළ හැර ප්‍රදේශයෙන් උතුරා යන ජලය කියුබික් මීටර් දශලක්ෂ 462 සිට 59 දක්වා අඩු වේ.                                                                                         පොල්ගොල්ල වේල්ලෙන් අඹන් ගඟට හැරවෙන ජලය පාලනය කිරිමට ද ගිරිතලේ මින්නනේරිය වැව් පිරවීමට  ඇළක් නිර්මානය කිරීමට ද අඹන් ගඟේ මොරගහ කන්ද ප්‍රදේශයේ ජලාශයක් තැනීමට යෝජනා තරන ලද්දේ 1948 -1968 දක්වා කරන ලද වර්ෂපතන දත්තයන් පදනම් කර ගෙනයි. මහවැලි ගඟ ඉහත්තාවේ තිබෙන්නේ කොත්මලේ ජලාශයයි. ඉන්පසු පොල්ගොල්ලෙන් හැරවෙන ජලය උමගකින් උකුවෙලට ගොස් ජල විදුලිය ලබා දී අඹන්ගඟේ  අත්තක් වන සුදු ගඟට එක්වෙයි.ඉන්පසු බෝවතැන්න බෙදුම් ජලාශයෙන්වැටෙන් ජලය කලාඔය යාන් ඔය සහ අඹන් ගඟ යන නිම්න  තුන පෝෂණය කිරීම සඳහා  මුදා හැරේ. ලෙන දොර සිට සීගිරි වැව හරහා ගෙන යන ජලය හබරණ අසළ හිරි වඩුන්න වැවට වැටී හබරණ ඔය හරහා උතුරට ඇදී ගොස් යාන් ඔයේ තිබෙන හුරුලු වැවට වැටේ. බෝවතැන්නෙන් නැගෙනහිරට ගලන ජලය අඹන් ගඟ හරහා ගොස් ඇළහැර පැරණි අමුණෙන් හැරවී යෝධ ඇල දිගේ ගොස් එම ප්‍රදේශ පෝෂණය කොට ඉන්පසු ගිරිතලේ වැවටත් මින්නේරි වැවටත් දිය බෙදුමෙන් බෙදී යයි. මින්නේරියට එන ජලයෙන් කොටසක් මින්නේරි කන්තලේ යෝධ ඇළ ඔස්සේ කන්තලේ වැව යටතේ කුඹුරු පෝෂණය කරයි. තවත් කොටසක් කවුඩුල්ලට ගමන් ගනී. ඇළ හැර දී එක්වන ජලය ට අමතරව  අඹන් ගඟ දිගේ ගොස් අංගමැඩිල්ලලේ දී පරණ අමුනෙන් පරාක්‍රම සමුද්‍රයටද එකතු වේ.                                                                                                                       මහවැලි ව්‍යාපාරයේ එක් යෝජනාවක් වූ මොරගහකන්ද ව්‍යාපතිය ආරම්භ කිරීමට ප්‍රථම මේ ප්‍රදේශයට වර්තමානයේ දී වැටෙන වැසි ගැන නිවරදි වාර්තාවක් විද්‍යාඥයින් විසින් රජයට ඉදිරිපත් කර තිබුණි. එම නිසා එම ව්‍යාපෘතිය එකල පටන් ගැනුණේ ද නැත. නමුත් පොළොන්නරු ප්‍රදේශයේ දේශපාලනඥයින් ගේ බලවත් වුවමනාව පිට වර්තමාන රජය විසින් එය නැවත ආරම්භ කරන ලද්දේ ප්‍රචාරයට පමණක් කොටි ගණනක් මුදලක් වියදම් කරමිනි. මොරගහකන්ද ව්‍යාපෘතිය තවමත් අවසන් කර නොමැති වුවත් මහවැලි මුල් සැලැස්මේ තිබෙන ජලය උතුරට හැරවීමේ ක්‍රියාවලිය පණ ගැන්වීමට ද  මහවැලි අමාත්‍යංශය සැලසුම් කර ඇත. ඒ තත්වය තුල පොළොන්නරු දිශාවේ වැව් මහවැලි ජලයෙන් නිරන්තර ව පිරවීමේ  අභියෝගයකටද මහුණ පා තිබේ.වැව් හෑරීමට පදනම් කර ගත් එක හේතුවක් වශයෙන් මෙය දැක්විය හැකිය.නමුත් වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාසයන් නිසා මහවැලි සැලසුම් සියල්ල නන්නත්තාර වී තිබෙන බවද කිව යුතුය.                                                                                 වැව් හෑරීමට පදනම් වූ අනෙක් කාරණය නම් පරාක්‍රම සමුද්‍රය කලා වැව තිස්ස මහාරාම වැව ගිරිතලේ වැව මින්නේරිය කන්තලේ  ග්‍රෙගරි වැව නුවර වැව කන්දලම වැව වැනි මහා වැව් වලට සංචාරක ව්‍යාපාරයේ අවශ්‍ය තාවය සඳහා අහස් යාත්‍රා බැස්වීමේ වුවමනාවයි .මේ සඳහා දැනටමත් වැව්වල පැරණි රළපනා ගලවා වැව් බැමි ශක්තිමත් කරලීමට ගල් ඇතිරිම සිදු කරන අතර අහස් යාත්‍රා වලින් ගොඩ බට කල්හි බැම්මට ප්‍රවිශ්ඨ වීමට පඩි බැඳීම සිදු කර ඇත.නෑමට නුසුදුසු ස්ථාන වල පවා මේ පඩි බැඳ තිබෙන ආකාරය දක්නට හැකි බැවින් මේ කාරණය තවත් තහවුරු වේ.. මේ ක්‍රියාවලිය වැව් වල අනාගතය බරපතල විනාශකාරි ඉරණමකට ගොදුරු කරන බව කිව යුතුය.එය මෙසේය.       
1/ අහස් යාත්‍රා වල ධාවන සීමාව තුල තිබෙන ගස් වැල් ඉවත් කිරිමට සිදු වීම. දැනටමත් එය ගිරිතලේ වැව ආසන්නයේ සිදු වේ. වැව් තාවල්ලේ ළඳු කැලෑ පවා මෙයින් ඉවත් කිරීමට යෝජිත විය හැකිය.මේ නිසා වැවේ පරිසර පද්ධතියට හානි ඇති වේ.
2/ අහස් යාත්‍රා බැස්සවීමේ දී ඇති වන දිය රළ පකුල නිසා ඉවුරු වලට හානි සිදු වේ. එය දීර්ඝ කාලීනව ඉවුරු ඛාදනය ඇති කරලීමට හේතු වනවා ඇත. වැව් බැම්මේ ගල් ඇතිරීමෙන් එය වළක්වා ගත නොහැකිය.
3/ අහස් යාත්‍රා වලින් නිකුත් වන අපද්‍රව්‍ය වැව් වලට එකතු වීම වළක්වා ගත නොහැකි කාරණයකි. එම දුව්‍ය මගින් අවට වායු ගෝලයද දූෂණය කරනු ඇත. මේ නිසා වැව අසල ජීවත් වන ජලජ ජීවීන් විනාශ වී යාමද වැවේ ජල දූෂණයට ද පදනම සකස් කරනු ඇත.
4/ විදේශීය රටවල ජලාශ සාමාන්‍යයෙන් පිටස්තර අයට විවෘත නොකෙරේ. එයට හේතුව ආරක්ෂක තත්වයයි. කොටි යුධ සමයේ දී වන්නියේ වැව් පුපුරුවා හැරීමට උත්සාහ කළ බව කවුරුත් දන්නා කරුණකි. මෙහිදී අපේ රටේ ප්‍රධාන වැව් විදේශකයින්ට විවෘත කිරීම ආරක්ෂක තත්වය පිළිබඳ බරපතල නොසලකා හැරිමකි. ඒ මගින් විදේශ වල සිට වුවද අහස් යාත්‍රා පැමිණ මේ වැව් පුපුරුවා හැරිමට ඉඩ පහසු කම් සැලසෙනවා ඇත.
        වැව් හෑරිමට සහ ඒ අවට දියුණ කරලීමේ අනෙක් අරමුණ නම් වැව් තාවල්ලේ සහ බැම්මේ සංචාරක හොටල් නඩත්තු කරලීමයි. දැනටමත් ගිරිතලේ පරක්‍රම සමුද්‍රය වැනි වැව් වල මෙලෙස හෝටල් ඉඳි කර තිබේ. පරක්‍රම සමුද්‍රයේ එරමුදු වැව ආසන්නයේ එහි කලිඟු බැම්මේ ඉහත්තාවේ සකස් කර තිබූ පැරණි අරලිය හෝටලය වැවේ ගිල්ම දක්වා තවත් පුලුල් කර තිබේ. මේ නිසා වැව පිරුණු කල්හි හොටලයේ තණ තලාව ජලයෙන් යටවෙයි. මෙහිදී අදාළ හෝටලය හිමි කර ගෙන තිබෙන පුද්ගලයා විසින් ප්‍රදේශයේ වාරිමාර්ග බලධාරීන්ට  දේශපාලන බලපෑම් ඇති කර ජලය අක්කර අඩි විසිදහසක් පමණ අඩුකර ලීමට ක්‍රියා කර තිබේ. පරාක්‍රම සමුද්‍රයේ වැව් ගිල්ම යටතේ තවත් හෝටලයක් ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් දැනට ඉඳිකර ගෙන යමින් පවතී. ඒ අතර කලාවැවේ වැව් රක්ෂිතයේ ද තට්ටු හතරක හෝටලයක් අනුරාධපුර දේශපාලන ප්‍රබලයෙකුගේ මැදිහත් වීමෙන් ඉඳි කර තිබේ. එසේම එහි සාදා තිබෙන ධීවර ගම්මානය මගින්ද වැව රක්ෂිතයට හානි පමුණවා ඇත. මෙම හොටල් වල අපද්‍රව්‍යයන් සෘජුවම වැවට මුදා හැර තිබෙන අතර ඒ මගින් වැවේ ඇල්ගී ගහනය අනාගතයේ දී වැඩි විය හැකිය. ඒ නිසා පානීය ජලය ගැනීමට තිබෙන් බොහෝ වැව් විනාශ වී යා හැකිය. නෑමට පවා නොහැකි තත්වයක් අනාගතයේ දී උදාවිය හැකිය. ( කොළඹ බේරේ වැවේ තත්වය සැලකිල්ලට ගන්න )
         වැව් හැරීමට වෙන් කර ඇති මුදල මැනීමක් කළ නොහැකිය. වැව් වල තැනින් තැන වල්වල් හාරා යට මැටි තට්ටුවටද හානි කර ඇත. මේ නිසා වැවේ ජලය රඳා සිටීමේ ශක්‍යතාය අඩු විය හැකිය. මේ පස් ගැනීම හා ගොඩ ඉඩම් පිරවීම සඳහා ප්‍රාදේශිය දේශපාලනඥයින් අතර තරඟයක් ඇති වී තිබෙනු දක්නට හැකිය.වැව් හෑරීමට පෙර නිවරදි ශක්‍යතා අධ්‍යනයක් කරලීමට නිළධාරීන්ට මෙහිදී ඉඩ දී නොමැති බව සඳහන් කළ යුතුය. වැව් හෑරිමට තිබෙන අනෙක් ඕනෑකම ගොඩ නැගී තිබෙන්නේ ජලය විකිණීමේ අවශ්‍යතාවයට පසුබිම සකස් කර ගැනීමටයි. ජගත් සංවිධාන වලට සම්බන්ධව සිටින නිළධාරීන් 1985 අංක 06 දරණ පණත යටතේ ජලය විකිණීමට    උත්සාහ කළහ.මේ අය ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් මුදල් ලබා ගෙන අවශ්‍ය නීතිරිති සකස් කර ලීමට කැපවී සිටියහ.වර්තමාන වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය පැමිණෙන්නේ ද මේ සැලසුම් හරහාය. වාරිමාර්ග ජලයට මිළක් නියම කිරීම පානීය ජලය සඳහා මිළක් අය කිරිම මෙන්ම ජල පරිහරණයේ දී නීතිරීති සකස් කිරිම ද මෙයින් සිදු වේ. මේනිසා අනවසරයෙන් වැවකට බැසීම පවා දඩ ගැසුමකට ලක් වීමේ කාරණයක් විය හැකිය. එම දඩය රුපියල් විසිපන්දහසක් ලෙසට ද තක්සේරු කර ඇත. මෙහිදී වැවේ ධීවර ප්‍රජාව අවතැන් කරන අතර වැව සංචාරක හෝ සමාගම් වලට බදුදීම සිදු වනු ඇත. එහිදි ගොවීන් ධීවරයන් සමග මෙම ආයතන නිරන්තර ගැටුම්වලට යනු ඇත. මේ ගැටුම් නිරාකරණය කිරීමට ගැටුම් සමථ ආයතන පිහිටවීමට ද යෝජිතය.                                             
වැව සහ එහි නිර්මිතය
        ලංකාවේ වැව් නිර්මාණයව තිබෙන්නේ යුග ගණනාවක ඉතිහාසයේ මනුෂ්‍ය අවශ්‍යතාවයන් උදෙසාය. ලංකාවේ  භූ විෂමතාවයන් මැනවින් සැලකිල්ලට ගෙන මෙම නිර්මාණයන් කර ඇති බව පෙනේ. අහස් වැවේ සිට මූකලාන් වැව දක්වාද එහි සිට කුලු වැව් දක්වාද පසුව ගම් වැව් හා නිවුන්වැව් දක්වාද විහිදී තිබෙන වැව් පද්ධතියක අවසාන ඉලක්කය මහා වැවයි. මෙලෙස විවිධ පරිසර පද්ධතීන් සමග සම්බන්ධ වන සේ වැව් සෑදීමේ අරමුණු රාශියක් තිබී ඇත. නිදසුනක් වශයෙන් අහස් වැව නොහොත් කඳු වැව නිර්මිත කර තිබෙන්නේ වර්ෂා ජලය ක්ෂණිකව මහ පොළවට බා ගැනීමටයි. වැහි කාලයට පොළවට ඉතා පහළින් ගමන් කරන වැහි වළාකුළු අහස් වැවේ තිබෙන ජලයට ආකර්ෂණය වේ. මේ සිද්ධාන්තය ක්‍රියාත්මකව තිබෙන වැව් කීපයක්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කඳු පන්ති වල තිබී පුරාවිද්‍යාඥයින් විසින් හඳුනා ගෙන ඇත.
අහස් වැවේ සිට මහ වැව දක්වා ජලය සංරක්ෂණය කරන වැව් පද්ධති ක්‍රමය එල්ලංගාව යනුවෙන් හඳුන්වා දී ඇත. මේ පද්ධති ක්‍රමයේ ප්‍රයෝජනයන් අති මහත් වේ. මහ වැව පිරවීමටද එහි තිබෙන ජලය දිගු කාලයක් භාවිතා කිරීමට ද මේ එල්ලංගාව අත්‍යාවශ්‍ය වේ. නමුත් පසු ගිය යටත් විජිත සමයේ දී මේ වැව් රාශියක් විනාශ වී තිබේ. නැතහොත් විනාශ කර තිබේ. හෑරීමට ලක් කෙරෙන පහත සඳහන් වැව් වල නිර්මිතයන් පරීක්ෂා කර බැලූ කල්හි මේ වැව් පද්ධති ක්‍රමය හා එහි වටිනාකම් අවබෝධකර ගත හැකිය.
මින්නේරිය වැව.----
          ලංකාවේ මධ්‍ය කඳුකරයේ සිට රජරට ප්‍රදේශයේ ඊශාන දිග නිම්නය දක්වා විහිදෙන භූ විෂමතාවක් සහිත  විශේෂිත කඳු පන්තියක් ඇත. ඒවා සුදු කඳු යනුවෙන් පැරණියන් හඳුන්වති.  පරාක්‍රම සමුද්‍රය මින්නෙරිය ගිරිතලේ මෙන්ම කවුඩුල්ල යන වැව් නිර්මිතව තිබෙන්නේ මෙම සුදු කඳු පන්තිය පදනම් කර ගෙනයි. මින්නේරිය නිර්මිතයේ දී එය මැනවින් භාවිතා කර ඇත. මේ නිසා වැවේ බැම්ම ඉතා ශක්තිමත් වන අතර ඒ මගින් විශාල ජල ධාරිතාවක් රඳා ගැන්මට අවකාශ ලැබී තිබේ. මින්නේරිය වැහිකාලයට පෝෂණය කරන්නේ බටු ඔයෙන් හා ඊරිගේ ඔයෙනි. නමුත් දීර්ඝ නියන් කාලයට මෙහි ජලය නොසිඳෙන ලෙසට ඇළහැර අමුණෙන් ජලය හරවා මෙයට ගෙන එන්නටද පැරණියන් සමත්ව ඇත. නමුත් ඇතැම් නියන් කාලවලදී කඳුකරයේ සිට ගලන මහා ජල ධාරාවන් පවා සිඳි යයි. මෙයට පිළියමක් වශයෙන් මින්නේරිය රක්ෂිතය ඉහළින් කුලු වැව් රාශියක් ඉඳි කර තිබේ. නිදසුනක් වශයෙන් ඕකුලුවැව  රළපනා වැව      අඹගස් වැව ඉහ කුලු වැව සහ කට කුලු වැව සඳහන් කළ හැකිය.මේ වායේ සොරොව් නැති අතර වැහි කාලයට ජලය රඳා පවතිමින් සෙමින් සෙමින් නිදහස් කිරීමේ ප්‍රවණතාවයක් පවතී. එසේම වර්ෂා කාලයේ දී ඇද හැලෙන ගං වතුරාව පාලනය කරමින් වැව වෙත ඇදෙන රොන් මඩ ද පාලනය කර ගැනීමේ හැකියාවක් ද මේ කුලු වැව් වලට පවතී. 
         පරාක්‍රම සමුද්‍රය ගිරිතලේ යන වැව්ද ජලයෙන් පිරී රඳා පවත්නේ මෙලෙසමයි. බාහිර ප්‍රභවයකින් ජලය රැගෙන ආවද අනෙක් කාලයට වැව පෝෂණය කිරිමට අවශ්‍ය පරිසර පද්ධතීන් මේ වැව වල පවතී. එසේම නුවර ගල් කන්ද මින්නේරිය කන්ද වැනි වන ගහනයන් තුලින් ද ඇළ හැර යෝධ ඇළ ද පොෂණය වේ. සෑම වැවකම කුලු වැව් දක්නට නැති අතර ඒ වෙනුවට රොන් මඩ පාලනය කර ගැනීමට යෝධ ඇලේ නැමි සකස් කර තිබේ. මේ නිසා වැහි කාලයට ඇලේ නැමි අතර රොන් මඩ තැන්පත් වන අතර නියන් කාලවලදී ඒවා පහසුවෙන් ඉවත් කළ හැකිය.( මේ පිළිබඳ වැඩි විස්තර උදුල බණ්ඩාර ඖෂධහාමි මහතාගේ වැව ග්‍රන්ථයෙන් ලබා ගත හැකිය. )
නවීන සංවර්ධනය නිසා වූ විනාශය -------
       ලංකාවේ  වැව කුමක්දැයි හරිහැටි හඳුනාගැනීමක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදු කර නැත. වාරිමාර්ග අංශයන් වැවේ නිර්මිතයන් දෙස බලා ඇත්තේ තවත් ඉඳි කිරීමක් දෙස බලන ආකාරයටයි. ඔවුන් විසින් පසු කාලයේ දී සකස් කරන ලද රාජංගන වැව වැනි වැව් නිර්මිත දෙස බලන කල්හි එය පැහැදිලි වේ. පැරණි සෙරොව් පවා ඉවත් කර ඇති අතර වැවේ මඩ ඉවත්කරන මඩ සොරොව් අතහැර දමා ඇත. එවැනි සොරොව් දෙකක් දැනට පරාක්‍රම සමුද්‍රයේ තෝපාවැව හා බූ වැව ආසන්නයේ ඇත.මහවැලි ව්‍යාපාරයේ දීද සිදු වූයේ කුඩා වැව් කපා දමමින් මධ්‍යම ප්‍රමාණයේ වැව් ගබඩා ජලාශ ලෙසට සකස් කරලීමේ ක්‍රියාදාමයයි. මේ නිසා නියන් කාලයේ දී වන සතුන්ට ගවයින්ට පවා බීමට ජලය පොදක් පවා ලබා ගැනීමේ අසීරු තත්වයක් ඇති වී තිබේ.මෙයින් අප තේරුම් ගත යුව තිබෙන්නේ විදේශ වල ක්‍රියාත්මක කළ සංවර්ධන ආකෘතීන් අන්ධානුකරණයෙන් ලංකාවේ සිදු කරලීමට ගොස් ඇති වී තිබෙන අන්ත අසරණ බාවයයි. එම වැරදි නිවරදි කර ගැනීමට නම් මහවැලි ව්‍යාපාරය හා වාරමාර්ග  කේෂ්ත්‍රය පිළිබඳව නැවත සමාලෝචනයක් කොට රටට ගැලපෙන වාරිමාර්ග පිළිවෙතක් පැරණි සම්ප්‍රදාය අනුව සකස් කර යුතුයයි සිතමි. එහිදි තිබෙන එකම බාධකය වන්නේ මුදල් තණ්හාවෙන් විදේශ ආයතන මත යැපෙන නිළධාරීන් සහ කොමිස් කුට්ටි වලට වහවැටී සිටින දේශපාලනඥයින්ය. මේ බාධකය ජය ගැනීමට නොහැකි වුවහොත් වාරිමාර්ග බලධාරීන්ගේ ද විරෝධතා මත ක්‍රියාත්මක වන වැව් හෑරීමේ වැඩ පිළිවෙල නිසා මියෙම්වා රැකෙම්වා යයි සිතමින් සිත හදා ගැනීමට සිදු වනු ඇත.
                                                                                                                                                                                                                                                                                                                                              

Wednesday, September 19, 2012

මුස්ලිම් වර්ග වාදය ඉදිරියේ කුජීත වීම

                                                                                                                                                                                                                                                                    පළාත් සභා චන්දයක් හදිස්සියේ ඉල්ලීමට මේ රටේ ජනතාව අදහස් කලේ නැත. පළාත් සභා විසුරුවා හැරීමට කාලය තවත් තිබියදීත් ඒවායින් තුනක් විසුරුවා හැර චන්දය පැවැත්වීම මගින් රජය බලාපොරොත්තු වූයේ ජනතාව උගසට තබා බලය දීර්ඝ කාලීනව රැක ගැනිමට පසුබිම සකස් කර ගැනීමයයි සිතමි.වර්තමාන  රජයේ මැති ඇමති වරුන් ගැන රටේ යහපත් ප්‍රතිචාරයක් නැත. ඒ මදිවාට ආර්ථික ඝාතක නිළධාරීන් ගැනද රටේ බුද්ධිමත් ජනතාව තුල ප්‍රසාදයක් නැත. පළාත් සභාවල මහ ඇමතිවරුන් ගේ ක්‍රියා කලාපයන් ඉතාමත් ජුගුප්සාජනක තත්වයට ඇද වැටී ඇති බව කිවමනා නොවේ. එවැනි තත්වයක් හමුවේ රජය මෙවර පළාත් සභා තුනෙන් දෙකක ජයග්‍රහණය ඇති කර ගෙන තිබේ. එහිදී එම ජයග්‍රහණයේ තනිකරම හිමිකරුවා ජනාධිපතිවරයා බව පැහැදිළිවම පෙනේ. ඔහු පළාතෙන් පළාතට යමින් ජනතාවගේ අදහස් පුබුදුවා ලමින් ඇති කළ මානසිකත්වය මේ ජයග්‍රහණයට හේතු විය. එයින් ගම්‍ය  වන අනෙක් කාරණය නම් පළාත් සභා නොතිබුණද මේ රටේ පරිපාලනය හා සංවර්ධනය කර ගෙන යා හැකි බවයි.                                                                                                                                       

 මේ තත්වය මෙසේ වුවද නැගෙනහිර පළාතේ පළාත් සභා චන්දයෙන් රජයට සිතූ පරිදි ජයග්‍රහණයක් ලැබුණේ නැත. එය ආසන 14 දක්වා පසුබැස ඇත. රජයක් පිහිටුවනවා නම් දෙමළ සන්ධානය ද මුස්ලිම් කොන්ග්‍රසය ද එකතුකර ගත යුතුය. මෙවැනි තීරණයකට රජය එළඹිය හොත් පැහැදිලිවම මුස්ලිම් වර්ගවාදයට හා දෙමළ ජා‍තිවාදයට නැගෙනහිර පළාත යට කරන්නට ආණ්ඩුවට සිදු වනවා නිසැකය. එ.ජා.ප ය ද යටකී පක්ෂ දෙක හා සන්ධාන ගත වී බලය පිහිටුවීමට ප්‍රයත්න දැරුවහොත් එම පළාත් තුල මතු වන්නේ එම තත්වයමයි.                                                                                                       මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාශය තබා මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් සිය සෘජු චන්දය භාවිතා කිරීමට මෙ රටේ සිංහල ජනතාව පෙරමුණ ගත් බව නොරහසකි. එසේ දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතා වෙත සිංහල ජනතාව සහයෝගය පළ කර ඇත. රටේ කුමන ප්‍රශ්ණ තිබුණද මැති ඇමතිවරුන්ගේ නොපණත් කම් තිබුණද  ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ යන ජාතික බල වේග  රජය සමග එකතුව සිය ප්‍රධාන අරමුණ වෙනුවෙන් කැපවී සිටියහ. නමුත් ජාතික බලවේග වලට කෘතගුණ සැලකීම පසෙකින් තබා මුස්ලිම් වර්ග වාදය හා දෙමළ ජාතිවාදය වර්ධනය කරලීමට ඉතා නග්නව කටයුතු කිරිමට රජය උත්සාහ දරා ඇත. ත්‍රිකුණාමල දිශාවේ සන්ධාන ලැයිස්තුවෙන් තරඟ කිරීමට ජාතික නිදහස් පෙරමුණට අවස්ථාව ලබා නොදීමට තීරණය කිරිමෙන් ඒ බැව් තහවුරු කර ඇත. නමුත් මේ රටේ ජාතික බලවේග පිළිබඳව තව දුරටත් ජනතාව විශ්වාශය තබා ඇති බව මෙම චන්දයෙන් පැහැදිළි වේ. ජයන්ත විජේසේකර මහතාද ජාතික හෙළ උරුමයේ නියෝජිතයින් දෙදෙනාද මෙවර පළාත් සභාවට ඉහළින්ම පත් වී ඇත්තේ මේනිසාය.                                                                                                                   උතුර හා නැගෙනහිර පළාත් ඓතිහාසිකව ගත් කළ සිංහල  බෞද්ධ ජනතාවගේ උරුමයකි. ඒ බැව් එහි ඇති පුරාවස්තුවලින් සනාථ වේ. මෑතකදී යුධ හමුදාව විසින් සොයා දැන ගෙන ඇති සිද්ධස්ථාන ගැන සලකා බැලූ කල්හි මේ බව සැකයකින් තොරව තහවුරු වේ. එසේම ඒ පළාත් වල කිසිම ආකාරයකින් ද්‍රවිඩ නිජභූමියක් නොපැවති බවටද හොඳින්ම සනාථ වේ. නමුත් වාර්ගික පවිත්‍රකරණය නිසා කාලයක පටන්ම උතුර හා නැගෙනහිර පළාත් වලින් සිංහල ජනතාව ජීවත් වන්නේ ඇත. කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම වෙනුවෙන් සිය ලේ කඳුලු දහදිය හෙලූ සිංහල ජනතාව බලාපොරොත්තු වූයේ තමන්ට සිදු වූ ඓතිහාසික අසාධාරණයන් වෙනුවෙන් රජය ඉදිරිපත්වනු ඇතැයි කියාය. ඒ සඳහා සිය වාස භූමි වල නැවත පදිංචිකිරීම සිදුවනු ඇතැයි උදක්ම ප්‍රාර්ථනා කළහ.  එසේම මූදු මහා විහාරය වැනි සිද්ධස්ථාන වලට අයත් සඟ සතු ඉඩ කඩම් නිරවුල් කර දේ යයිද බලාපොරොත්තු විය.නමුත් සිදු ඇත්තේ  වෙනත් දෙයකි.  ඉන්දීය රජයේ අවශ්‍ය තාවය මත කටයුතු කළ රජය  සිංහලයින් පදිංචි කිරිමට මැළි කමක් දැක්වීය. හමුදා කඳවුරු මේ ප්‍රදේශ වල තිබීම පවා ජාත්‍යන්තරව විවේචනයට ලක් වී ඇති අතර සිංහල ජනතාව වෙනුවෙන් රජය කිසිම ආකාරයකින් හඬක් මේ වනතුරු නගා නොමැත. සිංහලයින් නැවත පදංචි කරලීමේ දී නොයෙකුත් නීති රීති වලට යටත් කොට ඔවුන් අධෛර්ය කිරීම දිගින් දිගටම සිදු වේ. පදවිය වාහල්කඩ වැනි ප්‍රදේශ  වල හා මැද රට කඳුකරයේ ද ඉඩම් නැති විශාල පිරිසක් සිටින බව පැහැදිළිය. රජය කළ යුත්තේ ජන අනුපාතය අනුව උතුර හා නැගෙනහිර ප්‍රදේශ වල මේ ජනතාව පදිංචි කරවීමයි. නමුත් එවැනි සාධනීය පියවරකට රජය නොඑළඹුණ බව කවුරුත් දන්නා කරුණකි. පසුගිය වසර සියය තුල යාපනයේ ජීවත්ව සිටි සිංහල ජනතාවට පවා එවැනි අවස්ථාවක් නොලැබුණ බවද සත්‍යයකි. එවැනි කෙනෙහිලිකම් මධ්‍යයේ වුවද උතුරුමැද ජනතාව රජය වෙත සිය චන්දය ප්‍රකාශ කර තිබේ.                                                                                                                                                           නැගෙනහිර පළාතේ චන්දයේ දී රජය ගත් පිවරයන් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. රාජ්‍ය දේපළ මැතිවරණ ව්‍යාපාරය සඳහා භාවිතා කිරීම ඇරුණු කොට මුස්ලිම් වර්ග වාදය ඉදිරියේ ඉතාමත් නිවට ලෙසට යටහත් පහත්ව කටයුතු කරන්නට සන්ධානයට සිදු විය. මේ රටේ මහ ජාතියක් නැතැයි කියමින් සිංහල ජනතාවට අවමන් කළ රජය මුස්ලිම් වර්ග වාදයට උඩගෙඩි දුන්නේ ඔවුන් ගේ චන්දය බලාපොරොත්තුවෙනි. එහෙත් එය ඉටු වූයේ නැත.මුස්ලිම් වරුද සිය ආගමික අන්තවාදයෙන් හොඳ හැටි පෝෂණය වී තිබේ. අප කුඩා කාලයේ සිටි සිංහල මුස්ලිම්වරු අද දක්නට නැත. ඔවුහු සිංහල පාසල් වලට යමින් සිංහල ජනතාව නිසා සිය ව්‍යාපාරික කටයුතු කරමින් සමගියෙන් ජීවත් වූහ. එහෙත් අශරොෆ් ගේ වර්ගවාදි හැඟීම් වලට යටවුණු චන්ද්‍රිකා මැතිණිය මේ සුලු පිරිසට අවශ්‍ය පරිදි දේශපාලනය හැසිරවීමට ඉඩ දුන්හ. වර්තමාන රජයද එම තත්වය තව දුරටත් ඉදිරියට ගෙනයයි. දෙමළ සන්ධානයද දෙමළ රාජ්‍ය පක්ෂය නැමැති බෝඩ් ලෑල්ල පෙරටු කර ගෙන ඊළාම් මතවාදය වෙනුවෙන් පෙනී සිටී.. මෙයින් කියවෙන්නේ ජාතිය එකලස් කරලීමේ රජයේ ව්‍යපෘතිය තව දුරටත් අසාර්ථක වී ඇති බවයි. ඒ වෙනුවට වර්ගවාදය හා ජාතිවාදය තවත් වටයකින් ඉදිරියට ගෙනවිත් ඇත. මුස්ලිම් දෙමළ අය අන්තවාදයට නැඹුරු ව‍න විට සිංහල ජනතාවද ඒ මග ගන්නා බැව් රහසක් නොවේ. නැගෙනහිර පළාතෙන් එක්සත් ජාතික පක්ෂයට බහුතර සිංහලයින් ගේ කැමැත්ත ලැබී ඇත්තේ ද ජාතික බලවේග ඉදිරියට පැමිණ ඇත්තේ ද ඒ නිසාය.                                                                                                                                                     එක්සත් ජාතික පක්ෂය හා එකතුව නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමට රජයට අදහසක් පැමිණීම ද සිහිනයකි. ඒ වෙනුවට මුස්ලිම් දේශපාලකයින්ට හා සම්බන්දන් වැනි ජාතිවාදීනට කප්පම් ගෙවමින් රජයක් පිහිටවීමට සන්ධානය තල්ලු වන ආකාරයක් දැන් පෙනේ. මේ ඊනියා දේශප්‍රේමිත්වය කුමක්දැයි ප්‍රශ්ණ කිරීමට කිසිවෙකුත් නැත. නැගෙනහිර පළා‍ත තුලින් අවසාන සිංහලයා එළවා දමන තෙක්ම මේ පාවාදීම් සිදුවනු ඇතැයි යන්න ඉරහඳ මෙන් පැහැදිළි කාරණයක් වී තිබේ. එයට හේතුව වර්ගවාදය හා ජාතිවාදය පවතින්නේ  බලයත් සමග බැවිනි. නමුත් සිංහල ජනතාවගේ  බලය තහවුරු කළහොත් මේ ගෝත්‍රික බෙදීම් වෙනුවට සැබෑ ජාතික සමගිය ඇතිවනු නිසැකය. එය තේරුම් ගන්නට සමතෙක් අද අප අතර සිටී දැයි ප්‍රශ්ණයකි. එසේ වූයේ නම් එය සමස්ත ජාතියේම වාසනාවක් බවද කිව යුතුය.                                                                                                                   

Saturday, July 21, 2012

පාලකයින් යහමග හැරවිය හැකි රාජෝවාද කතා

                                       
                        රජ වරු වේවා ඇමති වරු වේවා වර්තමාන අර්ථයෙන් ගත් කළ ජනාධිපති අගමැති වරු වේවා ඒ තනතුරු ලබන්නේ පෙර පිනින් හා ප්‍රාර්ථනයෙන් යයි සමාජයේ මතයක් පවතී. ජනතාව පාලනය කිරීම හා සේවා සැලසීම ටත් සංසාර පළපුරුද්දක් තිබිය යුතුය. එම පළ පුරුද්ද ඔප වැටී ඔවුහු පරිණත දේශපාලඥයින් බවට පත් වෙයි. මේ සම්ප්‍රදායේ යම් කිසි විකෘතියක් වර්තමානයේ දකින්නට හැකිය.පාලකයින් අහසින් කඩාපාත් වනවා මෙන් වෙයි. බලයට පත් වූ දා සිටම තමන්ගේ සුඛ විහරණය ගැනීම  පමණක් සිතන පාලක පක්ෂය  පසුව බෙහෙවින්ම දූෂිත තත්වයකට පරිවර්තනය වෙති. අතීතයේ දීද යම් යම් කාලවලදී මෙය සිදු වී ඇත. ලෝක සම්පත්ති හා ලෝක විපත්ති දෙක රජ දරුවන්ගේ ධර්මාධර්ම දෙකින් වන්නේ යයි ද පාලකයින් ධර්මයේ පිහිටා සිටි කල්හි දෙවියන් පවා ධර්මිෂ්ඨ වන්නේ යයිද බුත්සරණයේ කියා තිබේ.මේ නිසා තපස් වරුන් සහ භික්ෂූන් වහණ්සේලා රජවරුන්ට අනුශාසනා කරමින් රජය ධර්මයේ පිහිටුවීමට උත්සාහ කළහ.
              රජවරුන්ට කරන ලද අවවාද ඇතුලත් දේශනා කීපයක් ජාතක කතා පොතේ දක්නට ඇත.ඒවා හඳුන්වා දී ඇත්තේ රාජෝවාද කතා යනුවෙනි. රජවරු ද තමන්ගේ පාලනය කෙරෙහි ජනතාව සතුටු දැයි බැලීමට නොයෙකුත් නිරික්ෂණයන් කළහ. ඇතැම් විට වෙස්වලා ගෙන වීථි සැරි සැරූහ. ජාතකට්ඨකථාවෙහි චතුක්ක නිපාතයෙහි දක්වා ඇති රාජෝවාද ජාතකයෙහි මේ පිළිබඳව අපූරු පුවතක් ඇත. එහිදී බරණැස් නුවර  බ්‍රහ්ම දත්ත රජු තමන්ගේ නුගුණ කියන්නන් සොයා වීථි සංචාරය කල හැටි දැක්වෙයි. එසේ නුගුණ කියන්නන් ඇතුලු නුවර නොදැක පිටි නුවර ද සොයා නොදැක මහා හිමයට ගොස් තාපසයෙකුගේ අසපුවක් දැක එයට පිවිසියේය. මේ තාපස තෙම රජුට අසල ගසකින් නුග පත් කඩා පිළිගන්වා  බීමට පැන් ද ලබා දුන්නේය. මේ නුග පත්‍ර මිහිරි රසයෙන් යුක්තය. මෙයට හේතුව කුමක්දැයි රජු තාපසයාගෙන් විමසා සිටියේය. රජවරුන් ධර්මිෂ්ඨව රාජ්‍යපාලනයේ යෙදෙන බැවින්  එලෙස නුගපත් මිහිරි රසින් යුක්ත වන බව පිළිතුර විය. එසේ නම් අධර්මිෂ්ඨ වූ විට තිත්ත රස වන්නේ දැයි රජුගේ පැණයක් විය. එය එසේ වන්නේ යයි තාපසයාගේ පිළීතුර විය.
          ආපසු තම රාජ්‍යය වෙත ගිය රජු මද කලක් ජනතාව පෙළමින් රට පාලනය කොට ආපසු මහ හිමයට ගොස් පෙර පරිදිම තාපසයා සපයා දුන් නුග පත් අනුභව කොට බැලීය. එහිදී නුග පත් තිත්ත රස බැව් පෙනී ගියේය. රජ දරුවන් අධර්මිෂ්ඨ වූ කල්හි පොළව රසයද සරියනක් පාත බැස පොළව ඕජාව නැති වෙන්නේ යයි තාපසයා එහිදී පැවසීය. මේ රාජෝවාද කතා අතර තිබෙන මහා බෝධි ජාතකයෙහි තවත් විස්තර අන්තර්ගතව ඇත. එහිදී උදාහරණ දක්වමින්ම රජුට දෙන අවවාද රාශියක් අන්තර්ගත වී තිබේ.   කසී රට අසූ කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක බෝධි නම් කුමරෙකු ලෙසින් ඉපදුනු බෝසතුන් වහණ්සේ පස් කම් සැපත අතහැර පරිබ්‍රාජක පැවිද්දෙක් විලස රජ උයනේ සිටින අතර රජු මේ තාපසයාගේ ශිලය දැක පැහැදී සත්කාර කරන විට රජුගේ ඇමතියන් පස් දෙන මෙයට කිපී රජු තාපසයාගෙන් බිඳුවන්ට උපායන් යෙදීය. එයින් පසු බෝධි තාපසයා නගරයෙන් ඉවත් ව වනයට ගොස් වාසය කරන අතර තුර ඇමතියන්ගේ දුෂ්ඨ ක්‍රියා දුෂ්ඨ උපදෙස්  නිසා රජය අනතුරට පත් වනු දැක ආපිට නුවරට පැමිණ රජුට අවවාද වශයෙන් නිදර්ශණ සහිතව කරුණු දක්වයි. මේ එයින් වර්තමානයට ඉතා වැදගත් වන අවවාද කීපයෙකි.
          රජතෙම වක්ව නොව සෘජුවම යායුත්තේය. ගඟින් එතෙර වන්නට සැරසෙන ගව රැළක් මේ කරුණ පහදා දීමට උපමා කර ඇත.යම් සේ ගඟට බැස යන්නා වූ ගවයින් අතරින් ප්‍රධාන ගවයා ඇදව යේ ද ඔහු ඇදව යන කල්හි ඔහු පස්සේ තොලු තබා පීනන සියල්ලෝද ඇදව යෙයි.එපරිද්දෙන්ම මිනිසුන් අතරින් යමෙක් ශ්‍රේෂ්ඨව සම්මත වේද සතර අගතියෙන් යුතුව අධර්මයෙහි හැසිරේද අවශේෂ සත්වයෝද අධර්මයෙහි හැසිරෙන්නාහ. දූෂණයෙන් හා අපරාධ වලින් වෙලී ඇති පාලක පන්තියක් සහිත වත්මන් ශ්‍රී ලංකාවට මේ නිදර්ශණය තෙරම් අගේට ගැලපෙන්නේද. ඉහළ පාලක ස්ථරය වරදි මග යන්නට යන්නට පාලිතයින්ද ලැජ්ජා බිය අතහැර දුෂ්චරිතයේ යෙදෙන ආකාරය දඬුවම් මගින් පවා වළක්වා ගත නොහැකිය.
        පාලකයා රට වැසියා පෙළා අය බදු නොගත යුතුය. එය මිහිරි ඵලබර අඹ ගසකින් නොපැසුණූ ගෙඩි කඩන්නා සේය. එසේ යම් පාලකයෙක් අමු ගෙඩි කැඩූවේද ඔහු කිසිදාක ඉදුණු අඹ ගෙඩියේ රස නොහඳුන්නේය. එසේම නොමේරූ අඹ ඇටයද නොමැස්පෙන හෙයින් පැල නොවී විනාශ වීයයි. මේ හා සමානව සමෘද්ධිමත් රටකට යමෙක් අධර්මයෙන් අනුශාසනා කරන්නේද ඒ අධර්මානුශාසනා කරන රජ තෙම රටෙහි රස සංඛ්‍යාත ඕජස හෙවත් රසයයි දන්නා ලද දැහැමින් උපදනා අය පඬුරු සම්පත්ති නොදන්නේය.එසේ නොදැන ක්‍රියා කළ කල්හි මිනිස්සු ගම් නියම් ගම් අතහැර ප්‍රත්‍යන්ත රටවලට යන්නාහ. පර්වත විෂම ස්ථාන හෝ භජනය කරන්නාහ. එසේ වූ කල්හි රටේ සියුලු අය මුඛ සිඳී යන්නේය. මේ එහිම තවත් උපදේශයකි.පහර දීමට සුදුසු තැන් දන්නා වූ දුනුවායන්ද යෝධයින්ද විදග්ධ වූ ප්‍රසිද්ධ මහ ඇමතියන් ද යම් රජෙක් තෙමේ හෝ නසයිද අනුන් ලවා නස්වා ද හෙතෙම සේනා බලය හා විරුද්ධ වූයේ නම් වෙයි. තමාට බොහෝ උපකාර කළ  රාජයදායක වූ යෝධයින්ට හා ඇමතියන්ට රජු සලකන්නේ එසෙයින් නම් අප හැමට කුමක් නොකරාදැයි කියා අවශේෂ යෝධාදීහු ද රජු හැර යන්නාහ.                         පාලනය විකෘති වන්නේ ද දූෂිත වන්නා වූ රාජ්‍යයන් චෞර රාජ්‍යයන් වෙති.මෙවැනි රාජ්‍යයන් තුල චෞර දේශපාලනයක් ක්‍රියාත්මක වීම ස්වභාවිකය. මෙයින් ඉවත් වීමට නම් යහ පාලනයක් සමාජය තුල ඇතිවිය යුතුය. මේ සඳහා මානව හිමි කම් සමානාත්මතාවය ආදී යහ ගුණ ධර්මයන් ස්ථාපිත විය යුතු යයි කියති. ලංකාව තුල වර්තමානයේ සිදුවන අයහපත් ක්‍රියාන්විතයෙන් වියුක්ත වීම පිණිස ජාත්‍යන්තරව සම්මත යටකී ගුණ ධර්ම ස්ථාපිත කර ගත යුතු යයි ඇතැමෙක් පවසති. ඒ මගින් මෙරට දේශපාලනය හීලෑ කර ගන්නට හැකි යයි සිතන්නන් ද වෙති.  එහෙත් විශිෂ්ඨ සාරධර්ම සම්ප්‍රදායක් හිමි රටක යහ ගුණ ඉස්මතු කර ගැනීමට ජාත්‍යන්තර සංකල්ප ණයට ගැනීම කළ යුතු දැයි ප්‍රශ්ණයක් මතු වෙයි. රාජෝවාද කථා මගින් කරන මග පෙන්වීම මේ සංකල්ප වලට වඩා පරිපූර්ණ නොවන්නේ දැයි කල්පනා නොකිරීම අභාග්‍යයක් වෙයි.
           වර්තමානයෙහි දෙවියන් පවා මේ රට දෙස නොබලාම විවිධ වූ අපරාධ ක්‍රියාවන්ට ඉඩ දී තිබෙන්නේ දෙවියන් පවා අධර්මිෂ්ඨ වී සිටීම නිසාවෙන් දැයි කල්පනා කළ යුතුය.රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ යුත්තේ මේ රටේ මුර දේවතාවුන් ලෙසට සලකන මහා සංඝරත්නයයි. වෙසෙසින්ම මහා විහාරිය භික්ෂූන් වහණ්සේලාය .රජවරුන් සුමගට ගෙන යාම උදෙසා කළ යුතු රාජෝවාද දේශනාවන් උන්වහණ්සේලා හොඳ හැටි දනිති. උන් වහණ්සේලාද  දේශපාලකයින්ට ආවඩමින්  නිහඬවම සිටීම සමාජයට ඉවසුම් දෙන්නක් නොවේ. එසේ වූ කල්හි නියඟය දුර්භික්ෂය ඇති කරවන දේශගුණික විපර්යාසයන් සිදු වීම පුදුමයට කරුණක් නොවේ. නිම කර ගත නොහැකි ඩෙංගු වැනි වසංගත රෝග පැතිර යන්නේ පාලකයින්ගේ අධර්මයෙන් විනා           සෞඛය අංශ වල අකාරයක්ෂකම බවින් නොවේ. යම් පාලකයෙක් අධර්මයෙන් රට පාලනය කෙරේ ද හෙතෙම සියුලු ඖෂධයෙන් විරුද්ධ වූයේ නම් වෙයි. ඔහුගේ රටේ පොළවේ ඕජස රහිත වන්නේයයි රාජෝවාද දේශනාවේ සඳහන් වන්නේ මේ හෙයිනි.                                                                                                                                                                                                      

Tuesday, July 10, 2012

දළදා වැඩි ගමන් මග කුමක්ද

                                                                                                                                                                                                                                                                                             

උදේනි රජ පුත් දන්ත කුමරු සහ  ගුහසීහ රජ දුවණි ඛේමා (හේමා) කුමරිය යන දෙදෙන ලක්දිව ට පැමිණීමත් ඔවුන්ගේ අනුග්‍රහයෙන් දළදා වහණ්සේ වැඩමවීමත් ලංකා ඉතිහාසයේ අසිරිමත් සිදු වීමක් වෙයි. ඉන්දියාවේ රජවරු මේ මහාර්ඝ වස්තුව අත්පත් කර ගැනීමට යුධ වදින අවස්ථාවකදී එය ලක්දිවට එවන්නට තරම් එකළ දෙරට අතර ගොඩනැගී තිබූ සම්බන්ධය  ද වැදගත් කොට සැලකිය හැකිය. ලංකාවේ දී දන්ත හේමමාලා යුවලට සහ දළදා වහණ්සේ ට ආරක්ෂාව නිසැකයෙන්ම හිමිවේ යයි යන විශ්වාශයද තිබීම එලෙසම වැදගත් විය.  ‘ලක්දිව  තවත් බෙහෝ සර්වඥ ධාතූන් වහණ්සේලා ද බොහෝ භික්ෂූන්  ද වෙසෙන රටකි’. යනුවෙන් ගුහසීව රජුගේ මුවින් පිටවූ වදන් මගින් කියැවෙන්නේ එකළ ලක්දිව කෙරෙහි පැවති ආකල්පයයි.                                                                                                     
                දන්ත හේමා රැගත් යාත්‍රාව ඉන්දීය භූමියෙන් පිටත් වූයේ ත්‍රාමලිප්ත තොටුපළෙනි. එසේ පිටත් වීමට ප්‍රථම නාගයින් විසින් දළදා වහණ්සේ පැහැර ගෙන නාග ලෝකයට රැගෙන යාමත් මහුදු මැදදී සිදු වූ අතුරු අන්තරාවනුත් සලකා බලන කල්හි ලක්දිවට පැමිණිම පිළිබඳව තිබූ අවිනිෂ්චිත ස්වභාවය ද හෙළි වේ.දන්ත හේමමාල යුවළ රැගත් යාත්‍රාව පාවී අවුත් නැංගුරම් ලූයේ ලංකා පට්ටන නම් වරායටයයි සැලකෙයි. දැනට මේ වරාය ලෙසට හඳුනා ගෙන ඇත්තේ ත්‍රිකුණාමලයට පහළින් ඇති ලංකා පටුන කපොල්ලයි. සිට දළදා වහණ්සේ අනුරාධපුරය නගරය දක්වා ගෙන ගිය මාර්ගය කුමක්දැයි පිළිබඳව විද්වතුන් අතර මත භේදයක් ඇත. එයට හේතුව වවුනියා දිශාවේ මඩුකන්ද නම් ස්ථානයේ දළදා විහාරයක් පිහිටා තිබීමයි. මේ ගමනේ අතර මගදී මේ ස්ථානයේ දළදා වහන්සේ වඩා හිඳුවා සත්කාර කළ බවට සැලකෙන පුරා වෘත්තය බැහැර කළ නොහැකිය.කොටි ත්‍රස්තයින් ගේ ආධිපත්‍ය නිසා පසුගිය කාලයේ දී උතුරේ බොහෝ ප්‍රදේශයන්හි පුරාවිද්‍යා ස්ථානයන් ගැන නිවරදි ගවේශණයන් නොවීය. නමුත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ රණ විරුවන් ගේ අධීක්ෂණය යටතේ මේ ඇතැම් තැන් පිළිබඳව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් කළ ගවේශණයන් රැසක් වෙයි. එහිදී හෙළි වී ඇත්තේ වවුනියාවට ඊශාන දිණාවෙන් දළදා වහන්සේ වැඩ සිටි තැන් රාශියක්ම දක්නට ලැබෙන බවයි.                                                                          රාජ්‍ය ලේඛණාගාරයේ 5/63/159/53 අංක දරන රඹුක්වැල්ලේ විත්ති පොත තුල මේ වැඩවීම සම්බන්ධව වෙසෙසි විස්තරයක් අඩංගු වෙයි.ඒ මෙසේය. සුගත තථාගත වර ධර්ම චක්‍රවර්තී වූ ජිනේද්‍රඋත්තමයානන් වහණ්සේ ගේ වර්ෂයෙන් සත්සිය තිස්හතට පැමිණි විට දන්ත කුමාරයාත් ඛේමා නම් කුමාරිකාවත් දළදා සාමීන් වැඩමවාගෙන මාවටු පටුනට ගොඩ බැස නාග කෝවිලට ධාතූන් වහණ්සේ වැඩමවා උතුම් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ්ජුරුවන්ට පයිඬ යවා සැලකල තැනේදී අනුරාධපුරයට ධාතු වඩම්මාගෙන පැමිණියේය. දළදා සිරිතේ ද සඳහන් වන්නේ මෙසේමය. නමුත් දාඨාවංශය ඇතුලු අනෙකුත් මූලාශ්‍රයන්හි ලංකා පටුන යනුවෙන් දැක්වේ.                                                                                   
        මාවටු පටුන නොහොත් මාතොට වරාය එකළ ජනාකීර්ණ නැවු තොටුපළකි. විදේශිය වෙළෙඳුන් නිති ගැවුසුන ප්‍රසිද්ධ වරායකි. මෙකල මහා විහාරය හා අභය ගිරිය අතර ද ශාසනික මත බේදයක් ද විය. ඒ තත්වය තුල ප්‍රසිද්ධ වරායකින් දළදා වහණ්සේ ලංකාවට වැඩවීම විශ්වාශයට ගත නොහැකි වන බව ඇතැම් විද්වතුන් ගේ මතය වෙයි. මේ නිසා ලංකා පටුන වරාය වශයෙන් වර්තමානයේ හඳුන්වන ස්ථානය පිළිබඳව අවධානය යොමු කිරිමට ද සිදු වේ.නමුත් මේ වරයා පිහිටා තිබෙන්නේ එකළ ව්‍යවහාර වූ ගෝකන්ණ වරායට ද පහළිනි. ඒම ස්ථානයේ සිට නැවත වවුනියා ප්‍රදේශයට ගොඩබිම් මාර්ගයකින් දළදා වහන්සේ වැඩමවා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් ඇතැයි සිතිය නොහැකිය. නැවත උතුරට ගොස් පුහුල් මොටේ ප්‍රදේශයෙන් රට ඇතුලට ගමන් ගැනීම වඩාත් දුෂ්කර කටයුත්තකි. එයට වඩා ලෙහෙසියෙන් සේරුවිල හරහා අනුරාධපුරයට පිවිසිය හැකිය.                                                                                                  
         කොටි ත්‍රස්තයින් සමග අවසාන සටන සිදුවූ වෙලේ මුල්ල මූලදීප කලාපය ද එකළ ප්‍රසිද්ධ තොටමුණකි. වත්මන් කොකිලායි කලපුව ( කොකලෙ ) ආසන්නය තුල මධ්‍යම තරමේ යාත්‍රා නවත්වා සිටිය හැකිය. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගොඩ බැස්සේ ද මෙයට වඩා මදක් පහළ වරයායකිනි. මේ නිසා මූලදීප පෙදෙස අපගේ අවධානයට ලක් විය යුතුය. ශ්‍රාස්තපති මුවඇට ගම ආනන්ද හිමියන් ගේ ගවේශණය කෙරෙහිද අවධානය යොමු කළ කල්හි මේ ගමන් මග ගැන ඉඟියක් අපට ලබා ගත හැකිය. එය වැටී තිබෙන්නේ කෝකිලායි කලපුව නෙදුන් කර්නි කොච්චයි සමලන් කුලම් කැලෑ බෝගස් වැව අරිය මඩු  රුවන් මඩු පිරපපන් මඩු ඒරුපොතාන තපස් එළිය විමන් ගල මාමඩුව මඩු කන්ද හරහාය. දළදා වහණ්සේ රැගත් දන්ත හේමමාලා යුවළ පිලිගෙන සත්කාර කල පිළන්ද නම් වැද්දෙකු ගැනත් ජන ප්‍රවාදයේ සඳහන් වේ. ලංකා පටුන වරාය අසල මූදුකර වැද්දන්ට අදත් වාසස්ථාන වී ඇත.        එසේම මූලදීප කලාපයේ ද වැද්දන් සිටි බවට සාක්ෂි හමු වේ. ඔවුන් ද වාකරේ වැද්දන් මෙන්ම දෙමළ භාෂා ව්‍යවහාරයන් නිසා ද්‍රවිඩී කරණය වී තිබේ.                                                                                                             
        පසුගිය දා මේ ප්‍ර දේශවල සංචාරය කිරීමට අපට අවස්ථාවක් ලැබුණි. වෙසෙසින්ම  නෙදුන්කර්නි හරහා වව්නියා මර්ගයේ පැමිණ කොච්චයි සමලන් කුලම නමැති ස්ථානයට සපැමිණීමට හැකිවීමු. එය වර්තමානයේ හඳුන්වන්නේ සපුමල් ගස්කඩ යනුවෙනි. කඩාඬු සහිත විශාල බිඳි ගිය වැවක් එහි ඇත. දෙමලෙන් කොච්චයි යනු රාජකීය යන්නයි. මෙම ප්‍රදේශය රාජකීයන්ට වාස භවනය වී තිබූ පෙදෙසක් වශයෙන් එයින් හඳුනා ගත හැකිය. දන්ත හේමමාලා යුවල කළක් මෙහි නැවතී සිටි බවට ද මේ අවශේෂයන් සාධක දක්වති. එයට අමතරව මෙහි ඇත්තේ  නටබුන් සහිත  විශාල  විහාර සංකීරණයකි. එය පවුරකින් වට කර තිබේ. නිදන් හොරුන් විසින් හාරන ලද  මධ්‍යම තරමේ ස්ථූපයක් බුදු මැදුරක් සහ දෙමහල් ගොඩනැගිල්ක අවශේෂ මෙහි ඇත. මෙම ගොඩනැගිල්ල මෙලෙස තනා ඇත්තේ ඇයිදැයි කල්පනා කර බලන කල්හි එහි යම් කිසි අර්ථාන්විත ක්‍රියාවලියක් සිදුවී ඇතැයි සිතේ . දළදා වහන්සේ වැඩ සිටි බොහෝ තැන් වල ගොඩනැගිලි මෙසේය. දෙමහල්ව තනා ඇත. කෝට්ටේ යුගය වනතෙක් ම මෙම සම්ප්‍රදාය අනුගමනය කර ඇතැයි කල්පනා කළ හැකිය. ෙමම කළිගු දා විහාරය විහාරය පසු කරන කල්හි තවත් වැව් දෙකක් හමු වේ. එය එකම වැව් පද්ධතියේ කොටසකි. ඉන් අනතුරුව හමුවන්නේ කැලෑ බෝගස් වැවයි. එය මෑතක් වනතුරුම සිංහල පවුල් කීපයකට වාස භූමි වූ දැනට හමුදා කඳවුරක් ද පිහිට තිබෙන විශේෂ ස්ථානයකි. මෙහිද  දෙමහල් ගොඩනැගිල්ක අවශේෂ දක්නට තිබේ. දළදා වහණ්සේ මෙහි වැඩ සිටින්නට ඇතිවාට නිසැකය.                        
       දළදා වහන්සේ රැගත් දන්ත හේමාවන් දළදා වහන්සේ ගේ පලමු දළදාරක්ෂක තනතුර දැරූහ.දිනපතාම පුද පූජා පවත්වමින් ඇති කර ගත් ශ්‍රද්දාව දුටු ගුහසීව රජු තම දියණිය ද සරණ පාවා දී මේ තනතුර හිමිකර දුන බව සඳහන්ය. මේ දෙදන නගරයෙන් පිටමංව දකුණු දෙසට ගමන් කර මහා ගංගාවක් සමීපයට පැමිණ එහි වැලි දාගැබක් තනවා දළදා වහන්සේ එහි සඟවා තැබූ බව කියැවේ. නා රජු පැමිණ දළදාව පැහැර ලෙන ගියේ මෙම ස්ථානයේ දළදාව තැන්පත් කර තිබෙන විටයි. ලක්දිව සැපත් වූ මේ යුවල රජු විසින් නැවත දළදා රක්ෂක ධූරයට පත්කර බෙලි ගල් කෝරළයේ පදංචි කරවා තිබේ.  වැලි ගොඩක් දාගැබක් තනවා දළදා වහණ්සේ එහි තැන්පත් කර වන්දනා මාන කළ බැවින් ඔවුන් ගේ පරපුර කීරවැලි පරපුර විය. පසුව ඔවුන් ස්ථිරව පදිංචි ස්ථානයද කීරවැලි පත්තුව වී ඇත.මෙම කීරවැල්ලේ පරපුරේ අන්තරාගාමීහු ක්‍රි.ව.1620 වන්තෙක්ම අඛණ්ඩවම දළදා භාරකාරත්වය දැරූහ. රජුට අගබිසෝ වරුන් සපයන ලද්දේ මේ සුලු වංශයෙනි. ඒ හෙයින් දළදා වහණ්සේත් රාජ්‍ය නායකත්වයත් අතර අවියෝජනීය සබඳතාවයක් පැවතිණ.                                                                                                                                 
          1620 න් පසුව ප්‍රධාන රාජකීය පරපුරු සියල්ල ආරක්ෂාව පිණිස වන වැදීම නිසා දළදා භාරකාරත්වය කීරවැල්ලේ මව් පාර්ශවයට හිමිවිය. ඒ විස්තරය මෙසේය.සකල කලා වල්ලභ හා ඔහුගේ කීරවැලි බිසවගේ දුවක් චන්ද්‍ර වංශික ඌවේ  රාළ හා විවාහ වූවාය. ඌවේ මහ රාළ නමින් ඒ දෙපළට මුණුපුරෙකු සිටියේය. වීර වික්‍රම සවුලු රජු ගේ මුණුපුරෙකු වූ දුම්බර දනව්වේ කුමාර බණ්ඩාර ට පත්මහාමි නමින් දුවක් සිටියාය. පත්මහාමි ඌවේ මහ රාළ හා විවාහ විය. ඔවුන් ගේ පුත් මහරාළට රඹුක්වැල්ල ගම ලැබුණි. ඔහුට යාපා රාළ නමින් පුතෙක් සිටියේය. යාපා රාළට ඒකනායක අප්පුහාමි නමින් පුතෙක් සිටියේය. දුම්බර රට ඌවේ දිශාව තනතුර දැරූ ඒකනායක අප්පුහාමි 1627 දී කීරවැලි මිත්තණිය ගේ උරුමය මත දියවඩන නිළයට පත් කෙරින. ඒකනායක අප්පුහාමි ගේ පුත් හාන්තු නායක අප්පහාමි (1642 දී සලු වඩන නිලමේ) ගේ පුත්‍රයා 1697 දී දියවඩන නිලමේ තනතුර දැරූ බව සඳහන්ය. හේ දුනුවිල කුමරියක් හා විවාහ විය. ඔහුගේ දරුවන් 1739 නායක්කර පාලනය නිසා මහවාසල උදහසින් තල්ලුවුනා යයි රඹුක් වැල්ලේ විත්ති පොතේ සඳහන්ය. නායක්කර් යුගයෙන් පසුව ඉංර්‍ගීසි යුගයේ දී විවිධ රදළයින්ට මේ තනතුර හිමි විය. බුද්ධාගමේ භාරකාරත්වය අත්හල ඉංග්‍රීසි පාලකයින් 1853 දී දළදා වහණසේ ගේ භාරකාරත්වය දියවඩන නිලමේට හා මහානායක ස්වාමීන් වහණ්සේලාට දෙනමට පවරා දෙන තෙක්ම දළදා භාරකාරත්වයට හිමිකම් කීවේ මහා සම්මත උරුමක්කාරයෙක් පමණකි.                                                      
          දහනව වන සියවසේ දී මුල් භාගයේ දී මහා නායක පදවිය හෙබවූ අති පූජ්‍ය කොබ්බෑකඩුව සිරිනිවාස නාහිමියෝ තමන් වහණ්සේ ගේ ගුරු පරපුරෙහි ගිහි පරපුර දළදා වහණ්සේ භාරගෙන සුරක්ෂිත කළ සූර්ය වංශික රාජකීයන් බව පෙත්සමක් මාර්ගයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවට දන්වා සිටියහ. කොබ්බෑකඩුව සන්නසේ ඒ පරපුර ගැන මෙසේ සඳහන් වේ. ‘ ශ්‍රී සේනා සම්මත වික්‍රමබාහු රජ දවස .....ශ්‍රීමත් මේණවර රත්න වල්ලිතෙර ස්වාමීන්ට .....වටනා පස දාන කේෂ්ත්‍ර කොට දෙවා වදාල හෙයින් ’සූර්ය වංශික මේණවර පෙලපත මෙරට අගරජ පදවිය හිමි වංශයයි.මේණවර රජුගේ මව හා බිසව දළදාව වැඩමවාගෙන පැමිණි කීරවැලි පරපුරට අයත්ය.ඒ සාධක මත කොබ්බෑකඩුව නාහිමියන් දළදා උරුමය ඉදිරිපත් කළ බව පැහැදිලිය .                                                                                                              

Thursday, June 21, 2012

නූතන මග නැගුමේ පුරෝගාමීයා

                                                        


       එක් දහස් නවසිය පණස් හය වර්ෂය සැලකෙන්නේ ජනතාවාදී බලවේගයන් ජයග්‍රහණය කළ අවස්ථාවක් ලෙසිනි. ප්‍රභූවරුන් නොහොත්  රදළවරුන් සතුව පැවති  නායකත්වය ගැමියන් සමග කරට කර සිටි පාම්පරික ගැමියන්ට ලැබීම මෙහි පෙරළිය විය. මෙහිදී කම්කරුවන් පවා පාර්ලිමේන්තුවට ගියහ. නමුත් යටත්විජිතකරණය නිසා ග්‍රාමීය නායකත්වය අහිමිව සිටි පාරම්පරික සිංහලයින් බොහෝ පිරිසකට මෙහිදී මහජන නියෝජනය හිමි වීමෙන් සුද්දන් පුදන ඔවුන්ගේ සංස්කෘතිය පස්සේ යන කලු සුද්දන් යයි හඳුන්වන මහා බල වේගය දුර්මුඛ විය. මේ සටනේ දී කලුතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික පස්යොදුන් කෝරළයෙන් මහා පුරුෂයෙකු ජයග්‍රහණය කරනු ලැබිණ. ශරීරයෙන් කුඩා වුවද ඔහු ක්‍රියාකාරිත්වයෙන් මහා පුරුෂයෙකු විය. දයාසේන ටරනෝලිස් පස්කුවල් නමින් උප්පැන්න සහතිකයේ සඳහන් වුවද හුදී මහ ජනතාව අතර මොහු ජනප්‍රියත්වයට පත් වූයේ දයා ටී පස්කුවල් නමිනි. 1912 වර්ෂයේ උපත ලද දයා  ටී පස්කුවල් මහතා සිය දිවි ගමනේ සියවස සම්පූර්ණ කරන්නේ එළඹෙන ජූනි මාසයේදීය.
        1943 සිට මෙතුමාගේ දේශපාලන ජීවිතය දිග හැරෙයි. ගම් සභිකයෙකු විලසින් ඔහු ජනතාව අතරට පැමිණෙන්නේ එම වර්ෂයේ දීය.ඒ මතුගම ඉද්දගොඩ හොරවල ගම් සභාවේ සාමාජිකයෙකු විලසිනි. එවකට මේ ප්‍රදේශය හැඳින්වීමට භාවිතා කළ නාමය බටහිර පස්යොදුන් කෝරලයයි. ප්‍රාදේශිය ආදායම් පාලක නොහොත් ඩී.ආර්.ඕ. බල ප්‍රදේශයද එයම විය. මේ පාලන බෙදීම් පසුව වෙනස් වී 1972 දී මතුගම උප දිසාපති කොට්ඨාශයක් බිහි විය. නමුත් මතුගම ආසනය එකල කලුතර තොටමුණ දක්වා ද දෙඩන්ගොඩ ප්‍රදේශය දක්වා ද ව්‍යාප්තව පැවතුණි.
      දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ජනප්‍රිය දේශපාලනඥයෙකු බවට පත් වූයේ සමස්ත ලංකා ගම් සභා සමිමේලනය ඔස්සේය. 1925 දෙසැම්බර් 16දින ආතර් වී දියෙස් ඩී.එච්.එස් නානායක්කාර යන දෙපලගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කරන ලද එම සම්මේලනයේ සභාපතිත්වයට බණ්ඩාරනායක  මහතා පත් වූයේ 1929 වර්ෂයේ දීය. ඒ තුලින් සුවිශාල ග්‍රාමීය නායකයින් පිරිසක් හඳුනාගන්නට එතුමාට හැකිවූයේ පළාත් පාලන ඇමතිවරයාව සිටි අවදියේ දීය. දයා ටී පස්කුවල් මහතා එවැනි පුද්ගලයෙකු විය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට ගොස් පසුව මහජන එක්සත් පෙරමුණ යටතේ 1956 මැතිවරණයට ඉදිරිපත් වන විට නොපැකිළව දයා ටී පස්කුවල් මහතාට නාම යෝජනා භාරදීමට බණ්ඩාරනායක් මහතා තීරණය කරනු ලබන්නේ එවකට පස්යොදුන් කෝරළය තුල මහජන නියොජිතයෙකු ලෙසින් පස්කුවල් මහතා ලා තිබූ ජනප්‍රියත්වය හේතු කොට ගෙනයි.
        වර්තමානයේ සංවර්ධනය උදෙසා ගම නැගුම යන වචනය බෙහෙවින්ම භාවිතා වෙයි. වෙසෙසින්ම ග්‍රාමීය පාරවල් වැඩිදියුණු කරලීමට මේ වචනය භාවිතා වෙයි. නිදහස ලබන කාලයේ ග්‍රාමීය මංමාවත් වශයෙන් සැලකුණේ වතුපිටි උඩින් ගෙවතු උඩින් අමුණු උඩින් පැන යන අඩි පාරවල් පමණක් විය. මේවා දියුණ කරලීමට ගම් සභිකයින් බෙහෙවින් උනන්දු විය. සුදු පාලකයින්ගෙන් වෙසෙසින්ම රබර් සහ තේ වතු අයිතිකාර සුද්දන්ගේ රැවුම් ගෙරවුම් මධ්‍ය යේ මේ අඩි පාරවල් කපන ලද්දේ ශ්‍රමදානයෙනි. 1932 සිට1952 දක්වා මතුගම ගම්සබාපති වශයෙන් කටයුතු කළ ඩී.එච්. මුණසිංහ මහතා එවැනි නායකත්වයක් දැරූ පුද්ගලයෙකු විය.
        පස්කුවල් මහතා මේ මග ගත්ගේ නව ආරකිනි. එවකට ඔහු මතුගම ගම් සභාවේ සභාපති වරයා විය. මෙම සභාවට එකතු වන බදු මුදල් අතර ඇඟබද්ද කරත්ත බද්ද ආදී සීමිත බදු සංඛ්‍යාවක් විය. ඒවා සියල්ල විශාල වපසරියකින් යුක්ත පස්යොදුන් කොරළය ම සංවර්ධනය සඳහා යෙදවිය යුතු විය. පස්කුවල් මහතාට අවශ්‍ය වූයේ බදු ප්‍රමාණය වැඩිකර ගනිමින් ඒ මාර්ගයෙන් ප්‍රදේශය වැඩි දියුණු කර ගැනීමයි.
        මේ අවදියේ ඇතැම් පළාත් ආයතන නගර සභා බවට උසස් කර තිබුනි. පළාත් පාලන ඇමතිව සිටි බණ්ඩාරනායක මහතා හමු වූ පස්කුවල් මහතා තමන්ගේ සිත තුල පැවති අදහස කියා පෑවේය. ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව විශාල කැක්කුමකින් සිටි එතුමා එකපයින්ම එම යොජනාවට කැමැත්ත පළ කොට අවශ්‍ය පහසු කම් ද සලසා දුන්නේය. ඒ අනුව 1948 අංක 29 දරණ පණතේ බලතල ප්‍රකාරව 1950 ජූනි පළමු වනදින මතුගම සුලු නගර සභාව ගැසට්කොට ප්‍රකාශයට පත් කරන ලදී . ඒ අවස්ථාවේ දී ජාවාකච්චේරිය හා පිළියන්දල ද පිළිවෙලින් සුලු නගර සභා බවට පත්කර ඇත. දැන් මේ නගර සභාවේ නගරාධිපති වරයා බවට පත් වන්නේ දයා ටී. පස්කුවල් මහතාය. ඔහු සිය බලතල ප්‍රකාරව අතුරු ව්‍යවස්ථා තනමින් බදු මුදල් වැඩිකර ගන්නට වෑයම් කළේය. භූමිතෙල් කරවල ආදිය වෙළෙඳාම් කරන්නවුන් මේ බදු ක්‍රමයට අයත් විය. එසේම එවකට තිබූ වල කක්කුස්සි වල කසල බැහැර කරලීම සඳහා කසල බද්දක් ද ප්‍රකාශයට පත් කරන ලදී. පස්කුවල් මහතා සිය මග නැගුම ව්‍යපෘතිය ද ආරම්භ කරන ලද්දේ ද මතුගමිනි. ඒ සඳහා මතුගම බාලිකා පාරත් මද්දෙගෙදර පාරත් සම්බන්ධ කරන ලදී. එය ශ්‍රමදානයෙන් කැප්පවීමට සහාය දක්වන ලද්දේ ගම්සභිකයෙකු වශයෙන් සිටි ජාලිස් විතාන මහතාය. එය ඔහුගේ පළමුවැනි ව්‍යාපෘතිය වූවා සේම මාවතද ෆස්ට් ලෙන් විය. මේ ලෙසින් ඔහු විසින් කප්පවන ලද පාරවල් නිමක් නැතිය. ඒ සියල්ලම වර්තමානයේ තාර දමා සංවර්ධනය වූ පාරවල්ය. ඒ මගින් නගරය සීඝ්‍රයෙන් දියුණට පත් වූ අතර නගර සභාවේ ආදායමද දියුණු විය.
        1960 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගත්තේය. දයා ටී පස්කුවල් මහතා පළාත් පාලන උප ඇමති විය.  ඔහුට එදිරිව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සිටියද ඔවනොවුන් ගේ සුහදත්වය මත බොහෝ ගැටුම් නිරාකරණය විය. නමුත් නිරන්තරයෙන්ම එවැනි ගැටුම් නිර්මාණය කර ගැනීමට නූගත් ජනතාව උත්සාහ කළහ. ලැබී තිබුණ මහජන වරම ගැන අවබොධයක් නොතිබුණූ ඇතැම් නූගත් පිරිස් අතරට බලය පැතිරීම නිසා පක්ෂ විපක්ෂ ලාබාලයන් අතර ඉඳහිට ගැටුම් ඇතිවිය. සයිමන් පස්කුල් වෛද්‍යාචාරයවරයා එකල ජනප්‍රිය දේශීය වෙදමහත්මයෙකු විය. එලෙසම මතුගම සුලුනගර සභාවේ සභපති ද විය. එක් දිනක් අලුත්ගම පාරේ එතුමාගේ නිවස අසල කුඩා ගැටුමක් ඇති විය. මේ අවස්ථාවේ දී දයා ටී පස්කුවල් මන්ත්‍රීවරයා ද සිටියේ ඒ අසන්න ස්ථානයකයි. වැලිපැන්න ප්‍රදේශයේ විවාහ මංගල්ලයකට යන අතරවාරයේ කඩයකට ගොඩ වැදී තේ බොමින් සිටි මන්ත්‍රීවරයා සමග එවකට මතුගම ආන්නද ශාස්ත්‍රාලයේ උපගුරුවරයෙකු වශයෙන් සිටි රොබින් පස්කුවල් මහතා ද සුගුනදාස අතුකෝරල මහතා ද විය. යට කී ගැටුම ආරංචියට පත් මේ තිදෙන වහ වහා ස්ථානයට පැමිණුනි. එතැන  මතුගම පොලිස් වාහනය නවතා තිබුණි. එයින් බට ස්ථානාධිපති තිසේරා මහතා සයිමන් පසකුවල් මහතාව බඩ තුරෙන් ගෙන ජීප්රථයට එබීමට සූදානම්ව සිටියේය. පස්කුවල් මන්ත්‍රීවරයා වහා ඉදිරියට දිව විත් ස්ථානාධිපතිවරයා සමග අදාළ කාරණය ගැන කතා කරන්නට උත්සාහ කලේය. ආපිට හැරුණුඕ.අයි.සී. තිසේරා. උඹ තමයි මට අවශ්‍ය මිනිහා( you’re the rascal we want ) යයි කියමින් එකවරම පසකුවල් මන්ත්‍රීවරයාට පහර දීමට පැන්නේය.අත මිට මොලවා ගත් මන්ත්‍රීවරයා පහසුවෙන්ම පහර වළක්වා ගත් නමුත් පහරේ වේගයට ස්ථානාධිපතිවරයා පසෙකට වීසිවී ශරීරයේ සමබරතාවය ගිලිහී පාර මැද ඇද වැටුණි.
          පොලිස් නිළධාරියෙකුට පහර දුන්නේ යයි සලකා වහා මන්ත්‍රීවරයා ඇතුලු පිරිස අත් අඩංගුවට ගැනුණි. නමුත් ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරිවරයාගේ නියේගය මත ඔවුන් ඇප පිට නිදහස් කරන ලදී .  මේ සිද්දිය අළලා සියලු දෙනාටම විරුද්ධව නඩු පැවරුණි. මේ නඩුවට පෙනී සිටින ලෙසට එවකට ජනප්‍රිය නීතිඥවරයෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගෙන් ඉල්වා සිටින ලදී. නමුත් ඔහුගේ නිගමනය වූයේ සැකකරුවන්ට වසර තුනක්වත් සිර දඬුවම් හිමි වන බවයි. මෙහිදී එවකට මතුගම ආනන්ද සාස්ත්‍රාලයේ ගුරුවරයෙකුව සිටි. පසුව කොළඹ නාලන්දේ විදුහල්පතිව පැමිණි සුගුණදාස අතුකෝරළමහාගේ මග පෙන්වීම මත ලංකාවේ ප්‍රසිද්ධ අද්වකාත්වරයෙකුව සිටි ජී.ජී.පොන්නම්බලම් මහතා වෙත මේ නඩුව ඉදිරිපත් කරන ලදී. ඔහු මේ කාරණය පිරික්සා සිටීමට මතුගමට පැමිණියේය.
      මේ නඩුවේ පැමිණිලි පක්ෂයේ ප්‍රධාන සාක්ෂිකරුවා වශයෙන් සිටියේ පසකුවල් මහතාගේම ඥාතිවරයෙකි. මීට පෙර අවස්ථාවක පසකුවල් මහතාගේ පියාණන් හට කරන ලද නිග්‍රයක් නිසා මේ ඥාතිවරයා මන්ත්‍රීවරයාගෙන් ගුටි කා තිබුණි. මේ සිද්දිය පොන්නම්බලම් මහතා හොඳින් අධ්‍යනය කලේය. එසේම එම සාක්ෂිකරුවා සූදු අන්තුවකු වූ අතර ගම්සබා උසාවියකදී දඬුවම් විඳ ඇති වබද සොයා ගන්නා ලදී. මේ කරුණු දෙකම පදනම් කොට මේ ඥාතිවරයාගේ ප්‍රධාන සාක්ෂිය බිඳ වැට්ටවීමට හැකි විය. සාක්ෂි විභාගයේ දී තමා වැදගත් අප්පුහාමි කෙනෙකු බව පුන පුනා පැවසුවද ඔහුගේ වැදගත් කම කුමක්ද යයි  පෙන්වා සිටීමට පොන්නම්බලම් මහතා සමත් විය. මේ නිසා සාක්ෂියේ වලංගු බාවය නැතිවී පස්කුවල් මන්ත්‍රීවරයා ඇතුලු පිරිස නිදොස් කොට නිදහස කර ලදී. එවකට තිබූ විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ උසිගැන්වීමෙන් මේ කලබගෑනිය ඇතිවුවද තිසේරා ස්තානාධිපතිවරයා ප්‍රදේශයෙන් මාරු කර යැවීමට පස්කුවල් මන්ත්‍රීවරය කටයුතු නොකළ බව සඳහන් කළ යුතුය. ප්‍රසිද්ධ උත්සවයක් සඳහා මතුගමට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ කාරණය ඔහුගෙන් විමසා සිටියේය. ස්ථානාධීපතිවරයා වෙනත් ස්ථානයකට පිටත් කර හැරියහොත් නැවතත් මෙලෙසම ක්‍රියාකිරීමට උත්සාහ දරනු ඇති බව ද තමන් ගේ බල ප්‍ර දේශය තුල තවත් එවැනි කලබල නොකර සිටීමට මොහු පුරුදු වනු ඇති බවද මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය විය. වර්තමානයේ ජීවත්වන දේශපාලනඥයින්ට වඩා දයා ටී පස්කුවල් මන්ත්‍රීවරයා තෙතරම් වෙනස් පුද්ගලයෙකු දැයි තේරුම් ගැනීමට මේ සිද්දියම ප්‍රමාණවත්ය.