ජාත්‍යන්තර
මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සහ ඔවුන් විසින් නිර්දේශ කරන ලද ආර්ථික මග අනුගමනය
කරනු වස් වර්තමාන ආණ්ඩුව ආර්ථික පරිවර්තන පනතක් ගෙනවුත් තිබේ.මෙම පනත ව්‍යවස්ථාවට එකඟද
නැතිද යන්න මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සළකා බලා ඇති අතර එය ඉදිරියේ දී ප්‍රකාශයට
පත් කරනු ඇත. විශේෂයෙන්ම එම පනතේ සඳහන් විදේශ ආයෝජකයා සහ දේශීය ආයෝජකයා ට ලැබෙන සමාන ඉඩ ප්‍රස්ථා පිළිබඳ තත්වය
අභියෝගයට ලක්ව ඇත.
ලංකාවේ ආර්ථිකය ඉතා
බෙලහීන තත්වයක තිබෙන බව කවුරුත් දන්නා කරුණකි.කාලයක් තිස්සේ අනුගමනය කරන ලද වැරදි
ආර්ථික ප්‍රතිපත්ති අයවැය සමතුලිත කිරීමට සහ යටිතලපහසුකම් සංවර්ධනයට ලබා ගත් ණය
මෙන්ම නාස්තිය දූෂණය වැනි කාරණා නිසා මෙලෙස මෙරට ආර්ථිකයේ විශාල පසුබෑමක් වාර්තා
වී ඇත.මේ සඳහා වන එකම විකල්ප මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදෙන ණය මත නිර්දේශිත
මාර්ගය බව ආණ්ඩුවේ මතයයි. ණය ගෙවීම පිණිස ණය ලබා ගැනීම යනු බැංකු කටයුත්තකදී නම්
මහත් අවදානම් කාරණයකි.පුද්ගලයෙකුට ඉන් ගොඩ යෑමට හැකි වන්නේ ඔහුගේ ව්‍යාපාරික
වටිනාකම් එක පැහැර ඉහළ ගියහොත් පමණකි.ලංකාවේ ආර්ථිකය තුළ උදාව තිබෙන තත්වය අනුව
එවැනි විශ්වකර්ම නැග්මක් දකින්නට බලාපොරොත්තු විය නොහැකිය.
1833 දී ලංකාවට
පැමිණි කෝල්බෘක් සහ කැමරන් සාමි වරුන් විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ
මාලාව අනුව මෙරට ස්වයංපෝෂිත ආර්ථිකය උඩුයටි කුරු කරන ලද්දේය.ජනතාව භූමියෙන් බැහැර
කොට මුදලක් ගෙවන සේවකයෙක් බවට පත් කිරීමේ අභිප්‍රායෙන් රාජකාරිය අහෝසි කොට ආර්ථික
වික්ෂිප්ත තත්වයකට ඇද දැම්මේය. එහි ප්‍රතිඵලය වූයේ ගැමි කෘෂි ආර්ථිකය කඩා වැටීමයි.
වාර්මාර්ග බිඳ වැටීම සහ ඒ මතින් පැණ නැගුණු වසංගතතත්වයන් මත ඇතිවූ සෞඛ්‍ය පිරිහීම
නිසා ඉංග්‍රීසීන්ට විශාල අභියෝගයක් ඇති
විය.ඊට වහා ප්‍රතිකර්ම යෙදිය යුතු බව
ඔවුන්ට වැටහී ගියේය.අනතුරුව විවිධ අණ පනත් මගින් ලංකා භූමිය අත්පත් කර ගැනීමට ඉංග්‍රීසීන්
දක්ෂ විය.1840 අනවසර ඉඩම් ආඥා පනත 1889 බෞද්ධ විහාර ඉඩම් ආඥා පනත 1897 මුඩුබිම්
ආඥා පනත ආදිය මේ අතර විය.ඒ ඉඩම් වැවිලි ආර්ථිකය සඳහා විකුණා දැමින. ඉඩම් අහිමි
ගොවීන් ගේ දුක් අදෝනා අසන්නට කිසිවෙකු සිටියේ නැත. උඩරට හදබිම වනසා කෝපි තේ සහ
පසුව පහතරට රබර් ආදේශ කිරීම නිසා මෙරට ජාතික ආර්ථිකය සහමුලින්ම බිඳ වැටුණි.එදා සිට
අද දක්වා ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිපත්තීන් අතර මේ යටත් විජිත ආර්ථික ප්‍රභවයන්
අඩු වැඩි වශයෙන් දක්නට හැකිය. 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්ති පවා බ්‍රිතාන්‍ය
කොලණි ආර්ථිකයේ දිගුවක් විලස හැඳින්විය හැකිය. වර්තමාන ආර්ථික පසුබෑමට හේතු සාධක ඇති
වන්නේ මෙකී යටත් විජිත ආර්ථිකය බරවා කකුළක් ලෙසට පවත්වා ගෙන යෑම මිසක එය පදනම් ව
නිර්මාණය වූ වංචාව දූෂණය ආදී මානව ක්‍රියාකාරකම් නිසා නොවේ.ඒ නිසා සැබෑ ආර්ථික පරිවර්තනය යනු මෙකී
යටත් විජිත ආර්ථිකයෙන් බැහැර ව කල්පනා කරන ඒ පිළිබඳ සැලසුම් සකස් කරන ප්‍රතිපත්ති
සම්පාදකයන්ට අවස්ථාව දීමක් විය යුතුය.ඒ පර්වර්තනයට පදනම් විය යුත්තේ මූලිකවම
ලංකාවේ දළ ජාතික නිස්පාදනය යන යටත් විජිත මෙවලමයි. ඒ වාක්‍ය නැවත නිර්වචනය කිරීම
තුළ අපට ගැලපෙන ජාතික ආර්ථික සැලැස්මක් සකස් කර ගැනීමට මාවත සැකසෙනවා නියතය. වසරක
කාලයක රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වල මූල්‍යමය වටිනාකම දළ
ජාතික නිෂ්පාදිතය ලෙසට සැළකේ. එනම් කිසියම් කාල සිමාවකදි යම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක්
තුළ නිශ්පාදනය කෙරෙන අවසාන භාණ්ඩ හා සේවා වල වටිනාකමයි . රට වැසියන්ගේ පරිභෝජන වියදම, ව්‍යාපාර වල ආයෝජන සහ රජයේ
වියදම් වලට අපනයන වලින් ලැබෙන ආදායම යන සියළු අංශ එකතු කිරීමෙන් පසු ලැබෙන අගයට
විදේශ වෙළඳාමේ වාසිය හෝ අවාසිය එකතු කෙරේ. විදේශ වෙළඳාමේ වාසිය හෝ අවාසිය සේ
සලකන්නේ අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කරන ලද විට ලැබෙන උත්තරයයි. ගණනය කිරීමෙන්
පසු ලැබෙන අගය සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතය සේ සලකයි.
1936 දී එළි දුටු කේනිසියානු
ආර්ථික මූල ධර්ම සහ නව කේනිසියානු නිගමනයන් අනුව 1960 දශකයේ සිට ක්‍රියාත්මක මෙම
ආර්ථික මූල ධර්මයන් සකස්ව පවතින්නේ වෙළෙඳ පළ ක්‍රමය ප්‍රවර්ධනය කිරීමට පමණි.ඒ මත
යම් කිසි බලවත් රටක මූල්‍ය ඒකකය පදනම්ව ආර්ථිකය හැසිරවීම සිදු වේ. අතීතයේ දී
ලංකාවේ ආර්ථිය හසුරුවන ලද්දේ පිරිවැය මූලික කරගත් නෛසර්ගික මූල්‍ය ඒකකයක් මගිනි.
තඹ කාසි හෝ රන් කාසි ඒ සඳහා අච්චු ගසන ලදහ. රටින් බැහැරට යන අමුද්‍රව්‍ය මෙන්ම රටට
පැමිණෙන අමු ද්‍රව්‍ය මිළ දී ගනු ලැබූයේ ඒ පිරිවැය මූලික කරගත් මුදල් ඒකක මගිනි.
වර්තමානයේ දී මහ බැංකුව විසින් අච්චු
ගස්සවන කාසි වලට හෝ නෝට්ටු වලට එවැනි නෛසර්ගික මූල්‍යමය වටිනාකමක් නැත. ඒවා කඩදාසි
වශයෙන් සහ ලෝහ කැබලි වශයෙන්ද ගණන් ගත හැකිය. නමුත් මහ බැංකුව විසින් සම්මතයක් නියම
කර ඇති හෙයින් ඒවාට මූල්‍ය වටිනාකමක් ලැබේ. එහෙත් ඩොලර්යට සාපේක්ෂව මේ වටිනාකම්
වෙනස් වන ආකාරය කවුරුත් දනී. වෙළෙඳපළ ක්‍රමය ට සාපේක්ෂව ක්‍රියාත්මක දළ ජාතික
නිෂ්පාදනයට නොවැටෙන නොසලකා හැර තිබෙන ආර්ථික මූලයන් රාශියක් ලංකාවේ තිබේ. ධාන්‍ය
එක් රැස් කිරීම එකකි. ස්වභාවිකව ලැබෙන ආහාර තවත් එකකි. අතීතයේ දී ධාන්‍ය රැස්
කිරීමට සහ ඒ මගින් ආර්ථිකයට සවියක් වීම සඳහා ධාන්‍ය බැංකු ක්‍රමයක් ක්‍රියාත්මක
විය. තෝනිගල ශිලා ලේඛනය ඊට උදාහරණ සපයයි.තැන්පත් කරන ලද ධාන්‍ය ප්‍රමාණය හුවමාරු
කිරීමෙන් හෝ අලෙවි කිරීමෙන් ලැබෙන පොළිය අරියවංශ දේශනාව පැවැත්වීමට යෙදවීය යුතු
යැයි එදා රජ අණ විය.තිඹිරිවැව ලිපිය සහ මිහින්තලා මහා සෑය ට පහළින් ඇති ලිපියක
ලැබෙන ආදායම කොටස් හතරකට වෙන් කර බෙදා දෙන ආකාරය දක්වා තිබේ.මේ ක්‍රම එක්තරා
ආකාරයක වෙළෙඳ පළ ක්‍රමයකි. පිරිවැය මත පදනම්ව ආර්ථිකය තීරණය කරන ක්‍රමයකි. මේ ක්‍රමයම
වර්තමානයට ගැලපෙන සේ පරිවර්තනය කර ජනතාව සතු වත්කම් රටේ ආර්ථිකයට ප්‍රයෝජනවත්
පරිදි යෙදවිය හැකිය. එවිට දළ ජාතික නිෂ්පාදිතයට කාෂිකර්මයේ දැනට තිබෙන දායකත්වය වන
සියයට හයේ ප්‍රතිශතය සීඝ්‍රයෙන් වර්ධනය කර ශක්තිමත් මට්ටමකට පැමිණවිය හැකිය.දැනට
තිබෙන සේවා ආර්ථිකයට ඒ සඳහා යටිතල පහසුකම් සැපයීමට මේවායින් පළක් නැතැයි යමෙකුට
කියන්නට හැකිය.එහෙත් ඒ කොයිවත් කළමනාකරණය කර ගත හැක්කේ අලුත් ආකාරයකට සිතීමෙනි.
ණය ගැනීම සහ පරිභොජ්නය පිළිබඳ මෙරට බෞද්ධ ආර්ථික
ක්‍රමවේදයක් අවුරුදු දහස් ගණනක සිට අත්හදා බලා තිබේ. සිඟාලෝවාද සූත්‍රයේ එන පරිදි
තමන් උපයන ආදායමින් එක්කොටසක් පරිභෝජනයටද කොටස් දෙකක් ව්‍යාපාර සහ ගොවිතැන් කටයුතු
සඳහා යෙදවීමටද අනෙක් කොටස අපදාවකදී ගැනීමට ඉතිරි කර තබා ගත යුත්තේය යන උපදේශය දී
ඇත. ගිහියෙකු ගේ මෙලොව දියුණුවට අවශ්‍ය උපදෙස් ද ව්‍යග්ඝ පජ්ජ සූත්‍ර දේශනාවේ ඇත.
විශේෂයෙන්ම ආරක්ඛක සම්පදා සහ සම ජීවිකතා යන කාරණා දෙක සළක බැලුවහොත් ලබාගන්නා
ආදායම ආරක්ෂා කර ගන්නේ කෙලෙසද ආදායම ඉක්මවා වියදම් නොකරන්නේ කෙසේද ණයක් නැතිව වැය කර ගන්නේ කෙසේද යන්න උගන්වයි. මේ
උපදේෂයන් අද නොසලකා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය රැගෙන රටේ එදිනෙදා වියදම්
වලට වැය කර ආර්ථික දියුණුවක් ලබන්නේ යයි ප්‍රකාශ කරති.එය වැල් පාළමේ ගමනක් යයි
උදම් අනති.අවසානයේ මුදල් නැති නිසා රට පුරා සුරාසැල් විවාත කර සුරාබදු ආදායමෙන් රට
කරවන්නට සිතා ගනිති. මේවා මහා අපරාධයන්ය. සැබෑ ආර්ථික පරිවර්තනයකට යෑමට නම් අප
අපගේ මූලය සොයා යා යුතුය. යටත් විජිත ආර්ථිකයෙන් ගැලවී ජාතික ආර්ථිකයක් නිර්මාණය
කර ගැනීමට උත්සුක විය යුතුය.උට්ඨාන සම්පදාව ඇත්තේ ඒ සඳහාය.
මතුගම සෙනෙවිරුවන්
No comments:
Post a Comment