වෙසක් පෝය නිම වීමත් සමගම ඇද හැලුණු
ධාරානිපාත වර්ෂාව මගින් ඒකතු වූ පිටාර වතුරාව සහ ගං වතුරාව නිසා මේ වන විට
දිස්ත්‍රික්ක කීපයකම විශාල විනාශයක් සිදුව අවසන්ය. විශේෂයෙන්ම ගම්පහ නගරය ,කඩුවෙල ,කොලොන්නාව
,අවිස්සාවේල්ල ,පුවක් පිටය ආදී ප්‍රදේශ යට කරමින් ගැලූ සැඩ පහර අති භයංකර
විය.අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා ගම්පහ නගරය යටවීම දේශගුණික විපර්යාසයන්ට ලඝු
කරමින් සිටින අයුරු පෙනී යයි.සුපුරුදු පරිදි මේ වතුරාව නිසා පීඩාවට පත් වූ ජනතාව
සොයා යමින් සහනාධාර බෙදමින් රූපවාහිනී ප්‍රදර්ශන
තබන දේශපාලකයන් රැසක් දක්නට හැකි විය. නියන් කාලයට ඇති වන දැඩි උණුසුම ද ගං වතුර
කාලයට සිදු වන වර්ෂා විපත් වලටද එකම හේතුව වර්තමාන එල් නීනෝ තත්වය යයි තහවුරු කරන
මතයට විද්‍යුත් මාධ්‍ය වල වැඩි ඉඩ කඩක් වෙන් වී පවතී.
අක්වැසි ,නාකපන වැසි, ධාරානිපාත වැසි,
මොර සූරන වැසි ආදී වශයෙන් වර්ෂාව පිළිබඳ සිංහල ජන වහරේ දිග හැරෙන වදන් සුලභය. එයට
හේතුව වර්ෂාව විචිත්‍රත්වයට නන්වා එය තේරුම් ගැනීමටත් වර්ෂාව නිසා ඇති වන නොයෙකුත්
විපත් වලට මුහුණ දීමටත් අපගේ පැරණි ජනතාව පුරුදු පුහුණු වී තිබීම ය. උතුරේ පමණක් ඉන්දීය දේශය තිබියදී ඉන්දියන් සාගරයේ මහා ජල කඳකට මැදිව දකුණේ ගොඩබිමක් නොදැක පවතින කල්හි රට වටා හමන
සුළං ප්‍රවාහය සහ රට හරහා දෙපැත්තටම යනෙන සුළං ප්‍රවාහයන් නිසා ලංකා අහසේ එක් රැස්
වන වළකුළු ගැබ්බරව වැහි බිත්තර බවට පත් වී නියමිත කාල වකවානුවකදී වර්ෂාව ලෙසින්
පොළවට පතිත වේ.මේ කාලය පැරණියන් සැළකුවේ යල සහ මාස් කන්නය යන නාමයෙනි.සිංහල අවුරුද්දට
ප්‍රථම උදාවන බක් මාසයෙන් ඇරඹි යල් කන්නය මුල් කාලයේ ත් ඇසළ මාසය ගෙවී ඇරඹෙන
නිකිණි මාසපෝයත් සමග ඇරඹි මාස් කන්නය ආරම්භයේ ත් රටේ ගොවිතැනට යොදා ගන්නේ පසුව මහ
වැසි බලාපොරොතුවෙනි.අලුත් සහල් මංගල්ලය, ගම්මඩු ,මුට්ටි මංගල්ලය ආදී පුද පූජා මධ්‍යයේ
සොබා දහම සතුටු කිරීම තුළින් කලට වැසි ඇති වීම රටට සුගතියක් විය.රජු ධාර්මක වූයේ
නම් වැසි කලට සිදු විය.රටේ මැද කඳුකරයෙන් පටන් ගැනෙන මහා ගංගා වියරු වී වැහි ජලය
පුරාවා ගෙන ගම් බිම් යට කරගෙන යන දවසද මේ පැරණියන් දැන සිටියහ. ඒ සඳහා ඔවුන්ට හොඳ සූදානමක්ද
විය. ජල පහරවල් වියරු වි යන දවසක පුරවා ගත් වැව් කොටු ද කඩාගෙන යන බවද ඔවුහු දැන
සිටිහය. ඒ නිසා ඒවා නිසි කලට අලුත් වැඩියා කරමින් බැමි ශක්තිමත් කරමින් සොබාදහමට
අනුකුලව ජීවත් වීම පෙර සිරිතක් විය.
සියලුම් කාල වකවානුවල වූ යටත් විජිත
පාලනය මේ සියල්ල වෙනස් කරන ලද්දේය.චෝලයන් පමණක් නොව කාලිංග මාඝයන්ද මේ පෙරසිරිත
අවුල් කළහ. පරංගි ,ලන්දේසි ,ඉංග්‍රීසි නිල දරුවන් මේ පෙරසිරිත වෙනස් කොට රාජකාරිය
අහෝසි කලහ. වැව් ඇළ දෙල නඩත්තුව තහනම් කළහ. ඒ හිතුවක් කාරී ක්‍රියා වල අවසන් ප්‍රතිඵලය
වූයේ මහා ගං වතුර විනාශයයි.වාසනාවකට ඒ වූ සැණින් ඔවුහු ඒ නියාම ධර්මය තේරුම් ගෙන
පිළියම් යෙදීමට උත්සුක වූහ.වාර්මාර්ග අංශ හක්තිමත් වූයේ ඒ නිසාය.නමුත් ලංකාට නිදහස
ලැබීම සහ පාලනය ස්වදේශිකයන් අතට පත් විමේ වාසිය පසුගිය වසර හැත්තෑ හය පුරාවටම අප
භුක්ති නොවින්ද බව සහිපත් කළ මනාය. නිරිත දිග කලාපය ජනාකීර්ණ වීම නිසා විශාල නගර බිහි වීමත් සියලුම ආර්ථික මර්මස්ථාන
ඒ වටා ගොනු වීමත් කරන කොට ගෙන සියල්ල උඩු යටි කුරු විය. බස්නාහිර තෙත් කලාපය සමස්තයක්
වශයෙන් ජල දුර්ග සහ වගුරු වලින් සමන්විතය
ඒවා ගොඩ කර විසල් නගර බිහි වීම සුලභ සිදු වීමක් විය. එය හඳුන්වන ලද්දේ නවීන සංවර්ධනය
යනුවෙනි. ඒ නාගරික ප්‍රදේශයන්ට යටිතල පහසුකම් බිහි කිරීම අනිවාර්ය කොන්දේසියක්
විය. ඒ නිසා මාර්ග පුලුල් වීම සහ අධි වේග මාර්ග ජල අලුතින් බිහි වීම පිළිබඳ
ඉතිහාසයක් මෑත කාලයේදී දකින්නට ලැබේ.දක්ෂිණ අධිවේගය තනන මුල් කාලයේ නිරන්තර ජලගැලුම් වලට යටවෙන පහත් බිම් පිළිබඳ
පරිසරවේදීන් කල අනතුරු හැඟවීම් බලධාරීන් තුට්ටුවකට මායිම් නොකළහ. වර්තමාන
වැලිපැන්න පිවිසුම ඊට උදාහරණ වශයෙන් දැක්විය හැකිය. විවිධ වංගු ගනිමින් ගමන් කරන
ස්වභාවික ජල ධාරා සරළ රේඛාවක් දිගේ තරමක්
විශාල බෝක්කු කටවල් වලින් සහ පාලම් මගින් බැස්ස වීමට සැලැස්වීම ඔවුන් ගේ ක්‍රියාමාර්ගය
විය. මහා පස් කඳු පුරවා සමතලා කොට සෑදූ පාරට යටවුණු ප්‍රදේශයේ දෙපස ගං වතුරාවට යට වීම වසර දහයකට
පමණ සැරයක් දැකීම අනිවාර්ය දර්ශනයක් විය. මේ අත්දැකීම් මත කඩවත දක්වා මාර්ගයේ දී
කොන්ක්‍රීට් කණු යොදා ගැනීමට ඔවුනට සිදු විය. කෙසේ වෙතත් පහත් බිම් වලින් ජලය ගලා
යෑමට ඉඩ නොදීම නාගරික මෙගා පලිස් ප්‍රතිපත්තිය විය. ඒ වෙනුවට විද්‍යාත්මක ක්‍රම
අනුගමනය කරමින් වැඩි වතුර පොම්ප මගින් භූගත උමං පද්ධතියක් හරහා මුහුදට පිට කිරීම
වැනි දේ අත්හදා බැලීම සිදු විය. ඒවා සියල්ල අසාර්ථක බව වර්තමාන ගං වතුරාවේ දී අප දුටු සත්‍යයයි. නමුත් නවසිය
විස්සේ දශකයේ දී දිවංගත පියදාස සිරිසේන මහතා විසින් සංකල්පීයව ඉදිරිපත් කරන ලද කොළඹ
කුඩා ජලාශ නිරිමාණය කරමින් ගං වතුර ක්‍රමානුකූලව බැස්ස වීමේ සංකල්පය පසුගිය කාලයේ
සිටි ආරක්ෂක ලේකම් වරයා අත්හදා බැලීමේ දී සාර්ථක වූ බව කිව යුතුය.
අවශ්‍ය තන්හිදී අප වර්ෂාවට ඉඩ දිය යුතුය. ග්‍රහ තුරු චලිතයේ දී,
සංක්‍රාන්තියේ දී රජු අධාර්මික වීමේ දී පොළව කම්පා වෙයි. වළාකුලු රැස් වෙයි. සුළං
ධාරා වේගයෙන් හමා යයි. ධාරානිපාත වර්ෂාව ඇති වන්නට හේතු කාරණා යෙදේ. ඒවා දේශගුණික
විපර්යාසයන්ට පමණක් ලඝු කළ නොහැතිය. එක්
අතකින් පොළවේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයේ යම් වෙනසක් ඇති වෙමින් ඇත. පොලෝ තැටි
එකිනෙක ගැටෙමින් කම්පා වෙයි. ඒ නිසා ඒවා ගැන කම්පා නොවී අප මේ විපර්යාසයන්ට
අනුහුරු විය යුතුය. 2017 වර්ෂයේ දී බස්නාහිර පළාත සඳහා පහත්බිම් රෙගුලාසියක් සකස්
කරන්නට යෙදුණේ ඒ නිසාය. එහි හඳුනාගත් කලාප එනම් තෙත්බිම් ආරක්ෂණ කලාපය, තෙත්බිම්
සංරක්ෂණ කලාපය, තෙත් බිමි කෘෂිකාර්මික කලාපය සහ විශේෂ කුඹූරු වගා කලාපය වශයෙන් වෙන්ව
හඳුනාගෙන තිබුණි.මෙයින් තෙත් බිම් කෘෂිකාර්මික කලාපය සහ විශේෂ කුඹුරු වගා බිම් කලාපය මේ වන විට
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් (ABC ) යනුවෙන්
වෙන් කර ඇත.නමුත් ලංකාවේ පරිසර පද්ධතිය හසුරුවන විශේෂ ක්‍රියාවිලිය අනුව මේ වෙන්
කිරීම විද්‍යාත්මක නොවේ. ඒ තත්වය තුළ මෑත දශක කිපය තුළ විශාල වශයෙන් පහත් බිම් ගොඩ
කර ගොඩනැගිලි තැනවී නාගරික ප්‍රදේශ පුලුල් වී තිබේ. ගම්පහ නගරය අවටින් ගලා බසින
කුඩා ඇළ මාර්ත හයක් ගොඩ කර හෝ කුඩා කර ඉඳි කිරීම් කර ඇත්තේ යැයි මොරටුව විශ්ව
විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු පවසා තිබේ. ඉතින් අත්තනගලු කොමළියට රිසි සේ හැඩි
වෙමින් සාගර හිමියන් සොයා යන්නට ඉඩ හසර නැතිය. එවිට ඈ වියරු වැටෙයි. ගම්පහ නගරය
පමණක් නොව හාත් පස ගම්බිම් ද යට කරමින් මේ මහා විනාශය ඇති කිරීම දෛවයේ ශාපයක්
බඳුය.ඉතින් දැන්වත් පහත් බිම් වලින් ජලය ගලා යෑමට ඉඩ හරින්න.සියලු දෑ හිතකාමීන් එකතු
වී අවශ්‍ය නිසි ප්‍රඥප්තියක් සකස් කිරීමට දැයක වන්න.
මතුගම
සෙනෙවිරුවන්
No comments:
Post a Comment