අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී මෙරටේ
ආර්ථික දේශපාලනික ව්‍යුහයට ඉන්දීය මැදිහත්
වීම තහවුරු කළ රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණි විගසම සිදු කරන ලද්දේ
අනුරාධපුරයට ගොස් අටමස්ථාන නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසී සංස්කෘතික සාකච්ඡාවකට
මුල පිරීමයි.ඉන්දීය බලහත්කාරය ඔස්සේ බලය බෙදීම හරහා රට දෙකඩ වන තත්වයකට තල්ලු විය
හැකි බව හොඳින්ම දැන දැන ගිවිසුම් කීපයක් අත්සන් කළ ජනපතිවරයාට වහාම මහා විහාරය
මතක් වූ යේ ඇයි. මීට කලින් කුරුන්දි විහාර ප්‍රශ්ණය සහ ඉඩම් ප්‍රශ්ණය ඇද ගත්
අවස්ථාවේ දීද මහා විහාරයට වඩා කුරුන්දි වෙහෙර ඉඩම් ලොකුද යන්න ගැන විවාදයක් ඇති කල බව කවුරුත්
දනී.එම කතාව මගින් කියැවෙන්නේ මහා විහාර
සීමාවේ පවතින ස්ථාන කැණීම් කොට සංරක්ෂණය කරනවා විනා රටේ විවිධ ස්ථාන වල පවතින ෙඑතිහාසික නටබුන්
කැණීම් කොට සංරක්ෂණය කිරීම ට හදිසි නොවිය යුතු බවයි.
මිහිඳු මහ රහතන් වහන්සේ මිස්සක පව්වට
වැඩම කොට ලක් බුදු සසුන ස්ථාපිත කළ පසු දේවානම්පියතිස්ස රජතුමා අලි ඇතුන් ඈදා රන්
නගුලින් අනුරාධපුර මහා සීමාව ලකුණු
කළ හැටි මහා වංශ ගත ඉතිහාසයෙන් දැන ගත
හැකිය.මහා වංශයේ දැක්වෙන පරිදි පණ්ඩුකාභය රජතුමා පැරණි අනුරාධ ගමෙහි වෙසෙමින් නව
අනුරාධ නාගරය නිර්මාණය කර තිබේ. මේ නගරයට අදාල වැදගත් ස්ථාන විසි අටක් ගැන සඳහන්
වේ. ඒ අතරින් අභය වැව ජය වැව කාලවේල දෙවොල චිත්‍රරාජ දෙවොල වාලමුඛී නිවස්නය නීච
සූසානය සැඩොල් ගම් ආදිය ගැන වෙසෙසින් සඳහන් කරයි.පූර්ව අනුරාධපුර සමයේ පැරණි
අනුරාධ ගම දැනට තිබෙන පස් තට්ටු වලින් යට අඩි ගණනාවක් ගැඹුරින් පිහිටා තිබූ බව ඇතුලු
නුවර කැණීමෙන් සනාථ වී ඇත. අබි අනුරදිය යනුවෙන් සඳහන් වළන් කැබැල්ලක් හමු වීමෙන්
පසු ස්ඵුට වූයේ බ්‍රාහ්මී අක්ෂර වල පරිණාමය මහින්දාගමනයට ප්‍රථම සිදු වූ බවයි.
දෙවන පෑතිස් රජු මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි මහා
සීමාව පිහිටුවාලූයේ පැරණි අනුරාධපුර නගරයේ පැරණි ස්ථානයන් අසු වන පරිද්දෙනි.මහා
සීමාව කොලොම්හොයේ පහණ තොටින් ඇරඹී දක්ෂීණා වෘත්තව ගමන් ගෙන දක්ෂිණ ස්ථූපයට දකුණෙන්
ගමන් කර විජයාරාමඋයන පසු කර අභය වැවේ බටහිර පැත්තේ වූ කොක්ගල අසළින් උතුරට හැරී
මහා සූසානයට ඇතුළු වී තිබේ.ඉන්පසු මහා
සූසානය මැදින් ගමන් කර නැගෙනහිරට බරව ගොස්
පුර දොවොල් පසු කරමින් පසු බැස නැවත දකුණු දිශාමුඛව ගමන් කර ඇත. එහිදී හමු
වන්නේ දිගු ගල් විල නොහොත් දීඝ පාෂාණයයි. මෙය වත්මන් බුලන් කුලම යයි මහාචාර්ය ඒ
.ඇස් හොට්ටි ආරච්චි මහතා පවසයි. අනතුරුව කම්මාර දේවතාවගේ දොවොල් හමු වෙයි.ඉන්පසු
නීච සූසානයයි. එයද පසු කළ කල්හි මස්තොටු පිරිවෙනයි.පසුව පරිභ්‍රාජකයන් සිටි තැන
පියමන් කරමින් ගොස් කොලොම් නදියේ දී මහා සීමාව සම්පූර්ණ කර තිබේ.අනුරාධපුර මහා
සීමාවේ එක් පර්ශවයක් තනිකරම කොළොම් නදියෙන් ආවරණය වන්නේය.
දේවානම් පියතිස්ස රජු ගෙන් පසුව අනුරාධපුර නගරය බෞද්ධ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ක්‍රමානුකූලව ගොඩ නැන්වෙයි.රුවන් මැලි සෑය ජය ශ්‍රී මහා බෝධිය ථූපාරාමය ජේතවනය මිරිසවැටිය ඉසුරු මුණිය ආදී වශයෙන් සංඝාරාම උපෝසථ ශාලා දන් ගෙවල් පිරිවෙන් භෛෂජ්ජ ශාලා රජ මාළීගා වැව් අමුණු තැනවේ.නමුත් මෙරට වාසීන් තුළ බෞද්ධ සංකල්ප බිහිවන්නේ මහින්දාගමනයටත් පෙර සිටය.
මහා වංශයෙන් ඊට ලැබෙන ආලෝකය මද වුවද බුදුන්
වහන්සේගේ ඥාති පරම්පරාව සමග තිබූ අඛණ්ඩ සම්බන්ධතාවය මත අනුරාධපුරයත් දිවයිනේ
නැගෙනහිර පළාතත් සංවර්ධනය වූ බව පැහැදිලි කරගත හැකිය.අනුරාධපුර ශිෂ්ටාචාරය සතුරු
ආක්‍රමණ හමුවේ බිඳ වැටීමෙන් පසුව සිංහල රාජධානිය ක්‍රමයෙන් පොලොන්නරුවටත් අනතුරුව
දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පළ කොට්ටේ සීතාවක සහ මහනුවර වශයෙන් විතැන් වීම සිදු
වෙයි. මෙහිදී මහා විහාර වාසී භික්ෂුන් වහන්සේලා සිය රැකවරණය උදෙසා රජුන් සමිපයේ ද
දිඹුලාගල වැනි වනපත්‍ය ආරණ්‍ය වලද අච්ඡගිරි නොහොත් වලස්ගලද පැවැතුණු බව ශාසන
ඉතිහාසය දක්වයි. අවසාන වශයෙන් සෙංකඩගල මහනුවර අස්ගිරියටත් පුෂ්පාරමයටත් වර්ධනය වී වත්මන් මහා විහාරය
නිර්මාණය වෙයි.
රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා මහා විහාරය
පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරියටත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ
වරයාටත් පාඩම් කියාදෙන තත්වයට වැටී තිබෙන බව පෙනේ. ජනපතිවරයාගේ ඉතිහාස කීයවීම තුළ
ඔහු දෙමළ නිජබිම පිළිගනී. ඒ අනුව නොර්වේ ඇමරිකා මෙන්ම ඉන්දියාව සමගද අවබෝධතා
ගිවිසුම් අත්සන් කරයි. උතුර සහ නැගෙනහිරට ස්වයං පාලනයක් දීමටද ඉඩම් බලතල
දේශපාලඥයන්ටද දීමට උත්සුක වන්නේ මේ මිථ්‍යා අදහස් වලින් ඔහු තරව බැඳී ඇති බැවිනි.
මෙලෙසම ඔහු මහා විහාරය ගැන හිතලු මවාගෙන සිටින්නේ යැයි මට සිතේ.මහාවංශය, මහා සම්මත
මනු වංශය, මහා විහාර ආදී වදන් වල මහා යන්නෙන් නැගෙන අදහස විවිධය.මහා වංශය යනු උභයකුල
පාරිශුද්ධ සූර්යවංශ රාජ පරම්පරාවයි.
බුදුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් ගෙන් පැවතෙන භික්ෂුන් වහන්සේලාගෙන් මහා විහාර පරම්පරාව
සමන්විත වේ. .අනුරාධපුර යුගයේ සිට අඛණ්ඩව මෙම පරම්පරාවන් සීතාවක යුගය දක්වා පැවත
පැමිණ ඇත. නමුත් සතුරු ආක්‍රමණ හමුවේ ශාසනික පැවැත්ම අභියෝගයට ලක් වීමෙන් පසු
උපසම්පදාවට භික්ෂූන් නොමැති විය. කීප වරක්ම උත්සාහ කොට සියම් දේශයට හසුන් පත් සමග
දූතයන් පිටත් කර සියම් උපාලි හිමියන් මෙහි වඩම්මවා නැවත මහා විහාර පරම්පරාව
ස්ථාපිත කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ වැඩ සිටින මහා විහාර වංශික භික්ෂූන් වහන්සේලා අභීමුවේහිදී මහා විහාරය ලෝක පූජිත තැනක් කිරීමට අවශ්‍ය කැණීම් සංරක්ෂණ කටයුතු යෝජනා කරයි.ඒ සඳහා පුරාවිද්‍යාඥයන් කොපමණ සිටින්නේ දැයි ප්‍රශ්න කරයි.මෙම ප්‍රශ්ණයට පිළිතුර කල්තියා බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වරයාගෙන් ලැබ ගත හැකිව තිබුණි. නමුත් මාධ්‍ය ඉදිරියේ ඔහු එය ප්‍රකාශ කරනු ලබන්නේ වෙනත් අදහසක් ඇතිව යැයි සිතේ. ඒ අතර ලුම්බිණයේ කැණීම් වලින් මතු කරගත් දේ ගැනද දක්වයි. ඒ කැණීම් කරන ලද්දේ රොබින් කණින්හැම් නම් පුරාවිද්‍යාඥයෙකි.ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිළධාරීන් පැත්තකට දමා විදෙස් රටකින් පුරාවිද්‍යාඥයෙකු ගෙන්වා පර්යේෂණ කිරීම රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට නම්බුවකි.මහාචාර්ය ශිරාන් දැරණියගල ද එසේ කර ඇත.ඒ නිසා සමනල වැව යකඩ උදුන්ද අපට අහිමි විය.මෙවැනි විදෙස් විද්වතුන් පර්යේෂණයන් කරන විට ජාත්‍යන්තර න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වේ. මහාවිහාර සීමාවේ පවතින පැරණි පිරිවෙන් යටින් මේ විදේශීය විද්වතාට කෝවිල් වල නටබුන්ද සොයා ගන්නට වුවමනාවක් ඇති වේ නම් එයද සිදු විය හැකිය.පොලොන්නරුවේ ශිව දේවාල පරිශ්‍රයේ පර්යේෂණ අගල් කීපයක් ඇති කලේ ඒ සඳහාය. නමුත් එහිදී බෞද්ධ පිළිමගෙයක නටබුන් මතු වූ බැවින් ඒ පර්යේෂණය නවතා දමා ඇතැයි කියති.මෙරට වර්තමාන ඉතිහාසය දෙමළ ඊලාම් ඉතිහාසයක් බවට පත් කිරීමට වලි කන පිරිසකට උඩගෙඩි දෙන ජනපතිවරයා මහා විහාරය ගැන කතා කරමින් උතුර සහ නැගෙනහිර පෙදෙස් වල බෞද්ධ නටබුන් සුන්නත්දූලි කිරීමට විදේශීය සමාගම් වලට අවසර දේ.
මේ
වන විට ත්‍රිකුණාමලයේ සාම්පූර් පෙදෙසේ අක්කර පන්සීයක භූමි කඩක සුළං බල ව්‍යාපෘතියක්
ඇති කිරීමට අදානි සමාගමට අවසර දී ඇත. මොවුන් සුළං ජනන යන්ත්‍ර සවි කිරීමට යන තැන්
අතර ගල්ලෙන් ආරාම සංකීර්ණ සහිත කඳු මුදුන්ද හමුවේ.පුරාවිද්‍යා හානි අගැයුම්
වාර්තාවක්ද නොමැතිව මෙම ව්‍යාපෘතීන්ට අවසර දීමට උත්සාහ කරන අතර ඉන්දියාවට ගොස් මෙවැනි ව්‍යාපෘති කීපයකට අවශ්‍ය
ගිවිසුම් වලට අත්සන් තබා තිබේ.මහා විහාර භික්ෂූන් වහන්සේලා ගේ අවධානය අනුරාධපුරයේ
තබා රට වටා තිබෙන ජාතික උරුමය ඩෝසර කිරීමට සහ ඉඩම් මංකොල්ලයට පසුබිම සකසන නූතන නිදහස් ආර්ථික පිළිවෙත මගින්
කියැවෙන්නේ බෞද්ධයනි නුඹලා වැඩි වශයෙන් දඹදිව වන්දනාවට පැමිණෙත්වා. නුඹලාගේ බෞද්ධ
ස්මාරක කෝවිල් බවට පත් කර ඉන්දීය සංචාරකයන් ලංකාවට පැමිණෙන්නට මග සලසමි යන්නයි. ත්‍රිකුණාමලයේ
වැදගත්ම බෞද්ධ ස්මාරකය වන ගෝකණ්නය අද හින්දු කෝවිලකි. එම භූමිය තුළ ඉන්දීය
සංචාරකයන්ට විශ්‍රාම ශාලාවක් සෑදීමට නැගෙනහිර ආණ්ඩුකාරවර සෙන්දිල් තොන්ඩමන්
වලිකයි.ලංකාව ඉන්දියාවේ ආර්ථික දේශපාලනික ප්‍රාන්තයක් බවට පත් කිරීමට මෙම මෙහෙයුම
ප්‍රමාණවත්ය.
මතුගම
සෙනෙවිරුවන්
No comments:
Post a Comment