රජය පසුගිය කාලයේ ගත් යහපත් තීරණයක් වූයේ
විදේශ වලින් කහ ගෙන්වීම තහනම් කිරීමයි.විදේශ විනිමය හිඟයකට මුහුණ දුන් පසු එවැනි තීරණයන් ට යෑමට සිදු වන බව සැබෑය.
එහෙත් මේ තීරණය නිසා ලංකාවේ කහ වගාවට හොඳ කලක් උදාවිය. බොහෝ දෙනෙකු ගෙවත්තේ කහ
වැවීමට උනන්දු වූ අතර ඇතැම් ගොවීන් විශාල වශයෙන් කහ වැවීමට උනන්දු වූහ. කුලුබඩු
අලෙවියේ ප්‍රධාන ව්‍යාපාරික සමාගම් කීපයක්ම විශාල වශයෙන් කහ වැවීමට ආයෝජනය කළ ආකාරය
දැක ගත හැකි විය.සැබවින්ම ඉන්දියාවේ භාවිතා වන කහ විශේෂයට වඩා දෙගුණයක කර්කියුමීන්
දේශීය කහ ප්‍රභේදවල තිබෙන බව කෘෂි විද්‍යාඥයන් දැන සිටියහ. නමුත් ඔවුහු මේ වගාව
සඳහා ගොවීන් උනන්දු නොකළහ. තමන්ගේ රැකියා වපසිරිය තුළ යම් උපදෙසක් දීමෙන් නැවතුණු
අතර දිරි ගැන්වීමක් නොවුණි.විශේෂයෙන්ම දේශීය කහ වියළීම සඳහා තාක්ෂණය දියුණු කර
දීමට සැබෑ සහයක් අපනයන කෘෂීකර්ම
දෙපාර්තමේන්තුවෙන් නොලැබුණු බවද කිව යුතුය.කහ ගෙන්වීම සපුරා තහනම් කළ පසු මෙරට කහ
අස්වැන්න සැලකිය යුතු මට්ටමින් දියුණු වූ අතර විදේශීය කහ ප්‍ර භේද යන්ද ලංකාවේ
වගාවට එකතු වී තිබේ. විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කය තුළ එම ප්‍රභේද කාලයක් සිටම ජනප්‍රිය වී තිබුණි.
මෙරට ජනතාවගේ ගෙවතු වල වැවෙන ප්‍රධාන භේගයක් වන
කහ මගින් ඉටු කරන සෞඛය ආරක්ෂාව පිළිබඳ පැරණියන් හොඳ හැටි දැන සිටියහ.එම නිසා
වර්ෂයක් පුරා භාවිතයට අවශ්‍ය කහ වියළා ගැනීමට ඔවුහු සමත් වූහ. කහ බීජ පැළ වන වේලාව
ගැන ඔවුහු හොඳින් හැටි දැන සිටිහය.එසේම කහ වියළා ගැනීමටද වියළා ගත් කහ වලින් වියමනට
අවශ්‍ය කහ අඹරා ගැනීමටද අවශ්‍ය දැනුම පාරම්පරිකව පැවත පැමිණියහ. නමුත් විවෘත ආර්ථික
සංකල්ප රටට පැමිණි පසු වෙළෙඳ පළ කහ සකසන්නන් බහුල වූහ. ඉන්දීය කහ වෙළෙඳ පළ සිසාරා
කහ සොයාගත් මේ වෙළෙන්දන් කර්මාන්ත කරුවන් කහ කුඩු කර වෙළෙඳ පළට නිකුත් කළහ.ක්‍රමයෙන්
නාගරිකයන් බවට පත් වූ පිරිසක් මෙයට ආකර්ශනය වූ අතර ගැමියන්ද කල් යන විට වෙළෙද පලෙන් කහ ලබා ගැනීමට උත්සුක වූහ. පසුගිය
කාලයේ කහ තහනම් කරන විටත් තත්වය එසේ විය. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කහ
වගාව ප්‍රවර්ධනය කිරීම මන්දගාමීව සිදු කරන ලද්දේ මේ පසුබිම මතය. ඒ නිසා ගෙවතු වල
කෙරෙන කහ වගාව පිළිබඳ සංඛ්‍යාලේඛන පවා කෘෂිකාර්මික සංගණනය තුළ දක්නට නොහැකි විය.
2020 වර්ෂයේ සිට ඇරඹෙන නව කහ පුබුදුව මත දිවයින
පුරාවටම විශාල ප්‍රමාණයක් කහ වගාව සිදු කර තිබේ.ගෙවතු වලද සැලකිය යුතු මට්ටමේ කහ
වගාව ප්‍රචලිත වී තිබෙන නමුත් මේ පිළිබඳ ගණනය කිරීම් අවම මට්ටමක පවතී.
පොල් වගාව සම්බන්ධව නම් සංඛ්‍යා ලේඛන විශාල වශයෙන් දක්නට හැකිය. දිවයින
පුරා පොල් වගාව වතු ආශ්‍රිතවද ගෙවතු මට්ටමින් විසිරි ආකාරයෙන්ද සිදු වෙයි. වාර්ෂික
පොල් අස්වැන්න ගෙඩි මිලියන 2800 ක් පමණ වේ. ඒ තත්වයට පැමිණෙනන්ට අවශ්‍ය පොල් ගස්
සංඛයාව 40361.023 කි. තැඹිලි ගස් 941.165 ක් දක්නට ඇති බව සංගණන වාර්තා දක්වයි.වතු
වැවිලි ක්ෂේත්‍රයේ ගස් 711585ක් දක්නට ඇත. රජයේ නව වැඩ පිළිවෙල යටතේ පොල් පැළ ලක්ෂ
40 ක් සිටු වීමට යෝජනා කෙරී තිබේ. එම ඉලක්කය සාර්ථක වුවහොත් රටට අවශ්‍ය මාලු පොල්ද
කොප්පරාද වෙනත් පොල් නිෂ්පාදනද යහමින් ලබා ගත හැකිය.ලංකාවේ පොල් විවිධත්වයක් පවතින
අතර කුන්දිරා කමන්දලා නවසි බෝදිරි පොල්ලෙපොල් සියම් පොල් ආදී විවිධ වර්ගයන් දක්නට
හැකිය. තැඹිලි වර්ග කීපයක්ද දක්නට ඇත.
පොල්
සහ කහ වගා කිරීම අහාර සුරක්ෂිතතාවයෙන් ඔබ්බට ගෙන යා යුත්තේ එබැවිනි. අප දන්නා
පරිදි පොල් නිෂ්පාදන රාශියක් වෙති. අපනයන තත්වයේ විශිෂ්ට දිසිඳි පොල් අප සතුය.
දැනටමත් ඉතාමත් පිරිසඳු පොල් තෙල් අපනයනය සිදු
කෙරයි.පොල් ගසෙන් නිපදවන විවිධ නිෂ්පාදනයන්ට විශාල ඉල්ලුමක් ඇත. පොල් ගස් තුනක් පමණ තිබෙන
නිවසකට මාලු පොල් වශයෙන් යොදා ගනු ලබන ප්‍රමාණය නිවැරදිව ගණනය කළහොත් අතිරික්තය
අලෛවි කල හැකිය.පොල්කටු සහ පොල් ලෙලි ද එලෙස අලෙවි කළ හැකිය.අවශ්‍ය නම් රැකියාවකට
නොයන පුද්ගලයෙකුට පොල්කටු නිෂ්පාදන රාශියක් නිවසේදීම සිදු කළ හැකිය.දැනට වාර්ෂික
පොල් තෙල් පරිභෝජනය මෙට්රික් ටොන් 180000 ක්පමණ වේ. මේ තත්වයට ළඟා වීමට කොප්පරා
මෙට්රික් ටොන් 13000 ක් පමණ මසකට අවශ්‍ය වේ.ගෙවතු වලින් ලබා ගන්නා අතිරික්ත පොල්
අස්වැන්නෙන් ගුණාත්මක කොප්පරා නිෂ්පාදනය කළ හැකි අතර පිරිසිඳු පොල් තෙල් නිකුත් කළ
හැකි වනවා නිසැකය.කහ වල තත්වයද එසේමය නිවසකට කහ පඳුරු විස්සක් හොඳටම ප්‍රමාණවත්ය.ඊට
අමතරව කහපැළ තවත් විස්සක් ගෙවත්තේ පැළ කරනු ලැබවහොත් වෙළෙඳ පළට දැමීමට තරම් කහ
නිෂ්පාදනය වේ.ආහාර ගුණවත් කිරීමට සහ ඖෂධ පිණිස කහ භාවිතා කිරිමට අමරතව වෙනත්
නිෂ්පාදන දැනට නොමැති නමුත් ඉදිරියේදී එවැනි කාර්මික නිෂ්පාදන ඇති කරමින් වෙළෙඳ පළ
පුළුල්කළ හැකිය.
සැබවින්ම ගාහස්ථව නිෂ්පාදනය කරන බොහෝ දේ ආහාර වලට ලබා ගැනීමෙන් පමණක් රටේ
දළ ජාතික නිෂ්පාදනයට එකතු නොවේ. වෙළෙඳ පල ආර්ථිකයක් තිබෙන බැවින් ඒ නිෂ්පාදන මිළ
කිරීමකට පත් විය යුතුය. එසේ කිරීමට නම් රජය මැදිහත්ව කර්මාන්ත කරුවන් පෙළ ගස්වා
ගෘහස්ථ නිෂ්පාදන මිළදී ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කළ යුතුය.කහ පොල් පමණක් නොව
කෙසෙල් තැඹිලි කුන්දිරා පුවක් ගම්මිරිස් කරාබු කෝපි කොකෝවා සාදික්කා මෙන්ම බෙහෙත්
පැලෑටිද ඒ ගණයට අයත් වේ.ගෘහස්ථ නිෂ්පාදන මිළ කිරීමෙන් ග්‍රමීය ආර්ථිකය ශක්තිමත් වන
අතර ජාතික ආර්ථිකයට අවශ්‍ය විදේශ විනිම ඉලක්ක වලටද ළඟා විය හැකිය.එසේ නොවුණහොත් කහ
පැළ බෙදා දීම පොල් පැළ බෙදා දීම වැනි ක්‍රියාවලින් පළක් ගැනීමට නොහැකිව වනු ඇත.
මතුගම සෙනෙවිරුවන්
No comments:
Post a Comment